Tuesday, May 16, 2017

ධර්මපාලගේ බැරිකම -චින්තන ධර්මදාස





dharmapala
අශ්වයා සහ බූරුවා එකතුවීමෙන් හැදෙන්නේ කොටළුවායි. කොටළුවාගෙන් පසු එම පරපුරට යන්නට තැනක් නැත. සිංහල බෞද්ධයා කියන වර්ගය ගැනිය හැක්කේ මෙම කොටළු වංශයටයි. ඔවුන් ලංකාවේ ස්වභාවික ජන වර්ගයක් නොවේ. ඔවුන් උපන්නේ අනගාරික ධර්මපාලගෙනි. ප‍්‍රභූ යුරෝපීයානු සමාජයටත් සැබෑ ගැමි සිංහල පංතියටත් අයිති නැති ජීවිතයක් අහිමි මැද පංතියක් වෙනුවෙන් ධර්මපාල නිර්මාණය කළ ජීවිතය සිංහල බෞද්ධකමයි. ධර්මපාලගේ සිංහල බෞද්ධයා හා බුදුන් අතර සම්බන්ධයට වඩා සිංහල බෞද්ධකම සහ ක‍්‍රිස්තියානිය අතර සම්බන්ධය ළඟය.

එකළ දේශපාලන ආර්ථික බලය හිමිවී තිබුණේ ප්‍රොතෙස්තන්ත ක‍්‍රිස්තියානියටයි. මිෂනරි පාසැල් වලින් දෙන නූතන අධ්‍යාපනයට ළං වෙන්නවත් භික්ෂුන් අතේ තිබුණු බෞද්ධ අධ්‍යාපනයට පුළුවන් වුණේ නැහැ. හාමුදුරුවරුන්ට ගණන්, විද්‍යාව වගේ විෂයන් උගන්නන්න පුළුවන් කමක්වත් මිෂනාරීන්ට වගේ සංවිධාන ශක්තියක්වත් නොතිබ්බ නිසාම බෞද්ධ අධ්‍යාපනයට යන එන මගක් නැතුවයි තිබුණෙ. මේ අතර ධර්මපාලගෙ මගපෙන්වන්නා වුණු ඇමරිකානු හමුදාවෙ හිටපු කර්නල් හෙන්රි ඕල්කට් ලංකාවට එනවා. එයා හිටපු ප්‍රොතෙස්තන්ත ආගමිකයෙක්. බැඳලා හිටියෙත් ප්‍රොතෙස්තන්ත පාදිලියෙකුගේ දුවක්. එයා පරම විඥානාර්තෙ අරගෙන මෙහෙට එනවා. පරම විඥානාර්තෙ කළේ බුද්ධ දර්ශනය ප්‍රොතෙස්තන්තකරණය කරන එකයි. ඒක ඇමරිකානු එන්.ජී.ඕ එකක් විදිහටයි වැඩකෙරුනෙ. අද සිංහල බෞද්ධ කිය කියා එන්ජීඕ වලට විරුද්ධ වෙන ගොඩක් අය නොකියන කතාව සිංහල බෞද්ධකම ලංකාවට එන්නෙත් එන්ජීඕ එකක් විදිහට කියන එකයි. ධර්මපාල පරම විඥානාර්තෙ මැනේජර් කෙනෙක් විදිහට වැඩට යනවා.

ධර්මපාල මේ කාලෙදි පරම විඥානාර්තෙ ලීඩ් බීටර් එක්ක බෞද්ධයන් වෙනුවෙන් ප‍්‍රශ්නෝත්තර සංග‍්‍රහයක් කරනවා. ඒක සිංහලට පරිවර්තනය වෙන්නෙ ධර්මපාල අතින්. පස්සෙ ඔප්පු වෙනවා ලීඩ් බීටර් සමලිංගිකයෙක් වගේම ළමා අපචාරිකයෙක් කියලා. මං මේ කතා කරගෙන යන්නෙ සිංහල බෞද්ධකමේ ඇතිවීම ගැන. ඕල්කොට්ගේ ඔලුව හැදිලා තිබුනෙ නැහැ බෞද්ධ බහු කෝටික ක‍්‍රමය ඇතුලෙ අනිත්‍යතාව වගේ ගැඹුරු තැනකින් බුද්ධාගමට ඇතුල් වෙන්න. එයා කළේ බෞද්ධ කියන එක ක‍්‍රිස්තියානි අනෙකා කරපු එකයි. උදාහරණයක් විදිහට බුද්ධාගම (බුද්ධ+ආගම) හැදෙන්නත් එකළ ආගම විදිහට හඳුන්වපු ක‍්‍රිස්තියානියට උත්තරයක් විදිහට. ඕල්කොට් බෞද්ධකම කියලා කරන්නෙ කොඩියක් මහන එක. උත්සව සංවිධානය කරන එක. අදත් කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ ඕල්කොට් හිටගෙන ඉන්නෙ මෙම පරාරෝපිත සංස්කෘතිය නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ වගේම ලීඞ් බීටර් වගේ ළමා අපචාරික චරිත අතින් තමයි අපේ සිංහල බෞද්ධකම සංස්කරණය වෙන්න පටන් ගන්නෙ.
ලීඞ් බීටර් එක්ක ධර්මපාලගේ තියෙන්නෙ හුඟක් ළඟ ආශ‍්‍රයක්. බි‍්‍රතාන්‍යයන් විසින් ප‍්‍රසිද්ධියට පත් නොකරපු රහස් ලියැවිලි අතර සඳහන් වෙලා තියෙනවා අනගාරික ධර්මපාලත් සමලිංගිකයෙක් වග. මේ ගැන වැඩිදුර සනාථ කිරීම් නැති නිසා බි‍්‍රතාන්‍යයෝ එම ලිපි ටික එලියට දාලා නැහැ. දාලා තිබ්බ නම් අන්තර් ජාතික කුමන්ත‍්‍රණ වලට උදාහරණයක් විදිහට ගන්න තිබුණා මේ දවස්වල. ධර්මපාලගේ අනගාරික ජීවිතය එක්ක එයාගෙ පුද්ගලික ඇත්ත ජීවිතේ ගැන සම්බන්ධය හෙලිදරවු කරමින් ගනනාථ ඔබේසේකර ලියවිල්ලක් කරනවා. ඒ අනුව ධර්මපාලගේ පියා ඒ කාලෙ අනෙක් මැද පංතියෙ ගොඩක් අය වගේම ප‍්‍රභූ පංතියට පනින්න දගදාපු කෙනෙක් (පසුව මුහන්දිරම්, මුඩ්ලියර් දක්වා ඉහළ ගිය). ධර්මපාලගේ අයියා කෙනෙක් එඩින්බරෝ වලින් වෛද්‍ය උපාධිය ගත්ත ලංකාවෙ පලමුවැන්නා. මේ අතරෙ ධර්මපාල මවගේ ඔඩොක්කුගත පිරිමියෙක් වෙන්න ගන්නවා. එයා ඉගෙන ගත්ත සෙන්තෝමස් එකත්, ළඟින්ම ඇසුරු කරපු මිගෙට්ටුවත්තෙ ගුණානන්දත් අතරෙ එයා අනන්‍යතා අර්බුදයකට යනවා. ධර්මපාල කුඩා අවධියේ පටන් ඊඩිපස් සංකීර්ණයේ පැටළුණු කෙනෙක් හැටියට ගණනාථ කරුණු විස්තර කරනවා. මේ ලිංගික අර්බුදය නිසාම ධර්මපාලගේ දුර්වල පෞර්ෂය අනගාරික කමට ගිජු වෙනවා. ගුණානන්ද, සරණංකර වැනි බෞද්ධ අලිංගික චරිත වලට ධර්මපාලගේ ආකර්ශනය එන්නෙ මෙම තහංචිමය ලිංගික සංකීර්ණයත් එක්ක.

කායිකව දුර්වල මාවැන්නෙකු විවාහ ජීවිතයට ඇතුල්වීම සුදුසු නැත. එසේ වුවහොත් මගෙන් උපදින දරුවන්ද දුර්වල බුද්ධියෙන් අඩු අය වෙන්නට ඉඩ ඇත. යනුවෙන් ධර්මපාල තමන්ගේම දින සටහන් අතර ලියනවා. ධර්මපාලගේ පිරිසිදු සිංහල බෞද්ධකම දක්වා දුරදිග යන්නෙ මෙම නොහැකියාවයි. දුර්වලකමයි. පරම විඥානාර්තෙ මාර වෙන්නෙ පුද්ගලයෙක් හැටියටත් සමාජ-දේශපාලනික හැටියටත් ධර්මපාල විඳවන අනන්‍යතා අර්බුදය ඇතුලෙ. ධර්මපාල අතරමගදි ඕල්කොට් එක්ක තරහා වෙනවා. ඕල්කොට් යුරෝපියානුවෙක් සහ නූතනත්වය හා බැඳුණු චරිතයක් වීම නිසා එයා උත්සාහ කරන්නේ ලෝක මට්ටමේ ආධ්‍යාත්මික ව්‍යාපෘතියකට. ඒත් ධර්මපාලගේ ඊඩිපස් අවුලත්, මිෂනාරි අධ්‍යාපන ක‍්‍රමය යටතේ එයා ගත්ත පුහුණුවත් එක්ක ඕල්කොට්ගේ ව්‍යාපෘතියේ දෙවෙනියා විදිහට ඉන්න එයාට බැරි වෙනවා. එයා ජාතිකත්වය මූලික වෙච්ච තැනකට තල්ලු වෙනවා. ඇත්ත ධර්මපාල එලියට එන්න පටන් ගන්නවා. බුද්ධ ගයාව, දළදාව වගේ ඓතිහාසික තැන් බුද්ධ ධර්මය හැටියෙන් සලකන්න ගැනීම නිසා ඕල්කොට් ධර්මපාලට විරුද්ධ වෙනවා. දන්ත ධාතුව කියන්නෙ සතෙකුගේ ඇටයක් යැයි ඕල්කොට් එකපාරක් කියනවා. ධර්මපාල සිංහල බෞද්ධකම එක්ක පරම විඥානාර්තෙන් වෙන් වෙනවා. මේ ධර්මපාලගේ සීමිතකම. මේ නිසාම එයාට බැරි වෙනවා ඉන්දියාවෙ වගේ හරිහමන් පුනරුද ව්‍යාපාරයක් කරන්න. ජන ජීවිතය, සංස්කෘතිය එක්ක බැඳිච්ච අලුත් අදහස් පද්ධතියක් වෙනුවට ධර්මපාල අරන් එන්නෙ පරාරෝපණයක්. එලොවටත් නැති මොලොවටත් නැති ජීවිතයක්. ඒක තමයි සිංහල බෞද්ධකම.
බුදුන් කවදාවත් ගිහියන් වෙනුවෙන් නොකියපු ගිහි ශික්ෂා වගයක් ධර්මපාල ඉදිරිපත් කරනවා. සිංහල බෞද්ධයන් වෙනුවෙන් හදපු එම ශික්ෂාවල හැඳි ගෑරප්පු වලින් කන්නෙ කොහොමද කියල වගේම වැසිකිලි යාමෙන් පසු පිරිසිදු වන හැටි පවා අඩංගුයි.  ප්‍රොතෙස්තන්ත ක‍්‍රිස්තියානියට දේශපාලන-සමාජ බලය හිමිවෙන්න ගත්තම බෞද්ධයන්ට ඇතිවුණු හීනමානය ඇතුලෙ මිත්‍යාවන් ගොඩනැගුණා. ක‍්‍රිස්තියානින් මරා බුද්ධ ශාසනය නංවන එන දියසේන කුමාරයා එයින් එක් අයෙක්. බෞද්ධයන් අතර ධර්මපාල මේ මිත්‍යා චරිතෙ හැඩය ගන්නවා.එම නිසාම බෙංගාලි පුනරුදයෙදි රවින්ද්‍රනාත් තාගෝර් වගේ පුළුල් පරාසයක පැතිරෙන්න ධර්මපාලගේ සිතීමට බැරි වෙනවා.

ධර්මපාලගේ යටත්විජිත මනසට හා අධිකාරවාදී සංවෘත දැක්මට බෙංගාල පුනරුදයේ අරුත් ගෝචර වු බවක් පෙනෙන්නට නැත. උදාහරණ වශයෙන් තාගෝර්ගේ නවීකාරක චින්තාව ධර්මපාලගේ ද්වේශය ඇවිලවු බවට පැහැදිලි සාක්ෂි තිබේ. යුරෝපීය ශීලාචාරයට ගරු කරන, සියලු ජාතීන්ගේ සම්බන්ධය සුන්දර යැයි කියන මොහු කාමභෝගියෙකි යනුවෙන් තාගෝර් ගැන ඔහු කියු කියමන ධර්මපාලගේ සමාජ චින්තාව හකුලා කියන්නාක් මෙනි. බටහිරින් පැමිණි ජාතිකවාදයට තාගෝර් සපුරා විරුද්ධ විය. ජාතිය ගොඩනැගීම සඳහා මිනිසා බිල්ලටදීමේ මුග්ධ මාවත තාගෝර් ප‍්‍රතික්‍ෂේප කරන්නේ ප‍්‍රධාන වශයෙන් උපනිෂද් දර්ශනය මත සිට ගනිමිනි. පෙරදිග ආධ්‍යාත්මික දර්ශනයන්ගේ පුළුල් උරුමයෙන් පන්නරය ලබමිනි. යුරෝපයේ පුනරුදය හරහා නැවත ගොඩනැගෙන මානවවාදය තාගෝර්ට ප‍්‍රියවන්නේද එම උරුමය නිසාමය. බටහිර ජාතික රාජ්‍ය මොඩලය ඔහු ප‍්‍රතික්‍ෂේප කරන්නේද එම උරුමය නිසාමය. තත්වය එසේ නම් තාගෝර් යුරෝපීය ශීලාචාරයට යටවී යැයි දොස් නැගීම මහත් උත්ප‍්‍රාසයක් දනවන්නේ නොමැතිද. (පුරවැසි මංපෙත්, සුනිල් විජේසිරිවර්ධන)

සිංහල බෞද්ධයා ජාතක වෙන්නෙ මේ හැකිලී වියලුණු ගර්භාෂයෙන්. එහෙම උපන් ධර්මපාලගේ සිංහල බෞද්ධ චින්තාව හිට්ලර්ගේ නාසිවාදයටත් හුඟක් ළඟින් නෑකම් කියනවා. සිංහලයන් ම්ලේච්ඡ ලේ බිඳක් නැති පිරිසිදු සිංහල ජාතියකි. රටේ සුළුතර ජනවර්ග සමඟ සිංහල ලේ මිශ‍්‍ර නොකිරීමට සිංහල ගැහැණුන් වග බලා ගත යුතුය කියන විට මතවාදී වශයෙන් අනුගමනය කළේ ෆැසිස්ට් ජර්මනියේ හිට්ලර්ගේ ආර්යවාදයයි. (පුරවැසි මංපෙත්, සුනිල් විජේසිරිවර්ධන) මේ අන්තවාදයට යාම පිටුපස තිබෙන්නේ ධර්මපාලගේ පෞර්ෂයේ දුර්වලකමත් ඊටම සරිලන ලෙස සකස් වී තිබුණු සමාජ දේශපාලන පරිසරයත්. මේ දෙක ගැලපී එකතු වුණු තැන අන්තවාදී ජාතිවාදී හිංසනයන් කරා දුර දිග යන්න පුළුවන්. අද සිංහල බෞද්ධ කියන අනන්‍යතාව මෙම හිංසනය එක්ක ළඟින්ම ගැටගැහෙන්නෙත්ඓම විභවයත් එක්ක. සුනිල් ඒක පොතේ පැහැදිලිව ලියනවා. අනගාරික ධර්මපාල හා ඕල්කොට් විසින් උරදී ඉදිරියට ගෙන එනු ලැබූ බෞද්ධ පුනරුද ව්‍යාපාරය මුලදී අධිරාජ්‍යවාදී පාලනයට සම්බන්ධ වු ක‍්‍රිස්තියානි පල්ලියට එරෙහි වන බව පෙනුනත් ඔහුගේ වැඩවසම් යටත්වජිත මනසේ අපූර්ව රසායනය කෙලෙස කි‍්‍රයා කළේද යත් නොබෝ කලකින්ම එය යටත්විජිත පාලනයෙන් බැට කෑ සුළු ජාතීන්ට මෙන්ම අවශේෂ පෙරදිග ආගමික දර්ශනයන්ට පවා ගර්හා කළ රෝගී ප‍්‍රචණ්ඩ මතවාදයක් වපුරන තැනට පිරිහින.

ධර්මපාලගේ ඇත්ත ජීවිතයේ මධ්‍යම පාංතික බොරුව හොඳටම කැපිලා පෙණුනා. එයා කවදාවත් පහළ පාංතික පිරිස් ගණුදෙනුවට ගියේ නැහැ. ඒ වගේම පළවෙනි පංතියේ ටිකට් නැතුව ගුවන් ගමන් ගියේ නැහැ (ගාන්ධිට වඩා හුඟක් වෙනස්). වැඩවසම් මානසිකත්වයත් එක්ක ධර්මපාල හැමදාම නිලධාරිවාදය විශ්වාස කළා. මෙතැන ඉඳන් ප්‍රොතෙස්තන්ත ප‍්‍රභූකරණයට විරුද්ධ වෙනවා වෙනුවට එයා කොටළු වර්ගයක් නිර්මාණය කරනවා. මේ පොලොවෙ සංස්කෘතික මූලයන් සහ බටහිර නූතනත්වය එක්ක මුහුවුණු දියුණු සංස්කෘතියක් වෙනුවට ධර්මපාල ගේන්නෙ ජීවිතයක් අහිමි පරාරෝපිත බොරුවක්. හිස්තැනක්. අද දක්වා දේශපාලනීකරණය වෙමින් රටම ආර්ථික, සමාජීය අවපාතයකට ඇදගෙන යන්නෙ එදා ධර්මපාල මුහුණ දීපු අනන්‍යතා අර්බුදයයි. හීනමානයෙන් ජාතක වුණු සිංහල බෞද්ධ ප්‍රොතෙස්තන්ත උරුමයයි.

මොනවා වුණත් එක තැනක ධර්මපාල අතින් ඇත්තක් කියවෙනවා. යුරෝපය ප‍්‍රගතිශීලීයි. ඒකෙ ආගමට තියෙන්නෙ එක දවසයි. දවස් හයක්ම ඔවුන් පාලනය වෙන්නෙ විද්‍යාවෙන්. සනීපාරක්‍ෂාවෙන්, සෞන්දර්ය කලා, විදුලිය ආදියෙන්. යුරෝපියානු සහ ඇමෙරිකානු මිනිසුන් දියුණු ඒ නිසායි. -අනගාරික ධර්මපාල
ධර්මපාලගේ රෝගී චින්තාව නිසා අපට මගහැරුණු ලංකාවට අවශ්‍යව තිබුණු සමාජ ව්‍යාපාරයක් එකළ වැඩකළේ නැද්ද. සුනිල් විජේසිරිවර්ධනගේ පුරවැසි මංපෙත් පොතෙන්ම මං කතාව ඉවර කරන්නම්: කළු සුද්දාගේ අනුකාරක මාර්ගය සහ ධර්මපාලගේ වික්ටෝරියානු දේශපේ‍්‍රමයට මැදින් කිසියම් තරමක හෝ නවීකාරක ප‍්‍රබුද්ධ හඬක් සිංහල සමාජය තුලින් මතු නොවීද. නිසැකින්ම එබඳු හඬක් මතු විය. එහෙත් අභාග්‍යය එය සමාජයේ ආධිපත්‍යධාරී චින්තා ධාරාවක් බවට පත්වී සමාජ සංස්කෘතික ව්‍යාපාරයක් ජනනය නොකිරීමයි. කෙසේ හෝ වේවා එබඳු ප‍්‍රබුද්ධ නවීකාරක හඬක් නැංවු චින්තකයන් සහ ලේඛකයන් අතර ප‍්‍රමුඛයා කුමාරතුංග මුනිදාස විය යුතුය.

මූලාශ්‍රය කල්ට්


(මෙය උපුටා ගැනීමක් වන අතර හයවන පරිච්චේදයේ නම් කිහිපයක් ඉවත් කරන ලදී.)

Friday, April 28, 2017

නිර්මාංශවීමේ වාසි මෙන්න



බොහෝ අය නිර්මාංශවාදය ඉතා ඉක්මණින්ම සම්බන්ධ කරනුයේ භික්ෂූන් හෝ භික්ෂූණීන් සමගය. නමුත ඇත්ත වශයෙන්ම අද බොහෝ පුද්ගලයින් විද්යාත්මක හේතුන් නිසා නිර්මාංශ වීම තෝරාගනී. නිසා මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ නිර්මාංශ ආහාර ගන්නවුන් විය යුතු වීමට අදාළ විද්යාත්මක හේතු සම්බන්ධවය.

අපේ මුතුන්මිත්තන් ස්වභාවයෙන්ම නිර්මාංශ ආහාර ගත්තවුන්ය. මනුෂ් පරිණාමය හැදෑරීමේදී මේ බව ඔප්පු කිරීමට සාධක ඇත. එසේම ජීව විද්යාව පිළිබද පාඩම් පොත්වලින්ද මේ බව උගන්වනු ලැබේ. එම නිසා නිරවද්යතාව සදහා විශේෂ පැහැදිලි කිරීමක් අනවශ්යය. මිනිස් සිරුර මස් අනුභව කිරීම සදහා සුදුසු නැත.

ඇමරිකා එක්සත් ජනපදයේ කොලෙම්බිය් සරසවියේ ආචාර්ය ජී. එස්. හන්ට්න්ගන් විසින් කාය ව්යවච්ඡේද විද්යාව පිළිබද ලියා ඇති ලිපියකින් මනුෂ්යයන් නිර්මාංශ විය යුත්තේ ඇයි යන්න ඔප්පු කර පෙන්වා ඇත. එමනේම එම ලිපිය අනුව මාංශ අනුභවය මනුෂ්යයින් සදහා සුදුසු වන්නේද නැත. ඔහු පෙන්නා දෙන පරිදි, මස් අනුභව කරන සත්තවයින්ට (ව්යාඝ්රයින් වැනි) කුඩා බඩවැල් මහ බඩවැල් යන දෙවර්ගය පිහිටා ඇත. ඔවුන්ගේ මහ බඩවැල් සෘජුවම පිහිටා ඇති අතර ඒවා මෘදු ගතියෙන් යුක්තය. ඊට පටහැනිව, ශාකවලින් යැපෙන සතුන්ට මෙම දෙවර්යටම එනම් කුඩා බඩවැල් සහ මහ බඩවැල් ඇති නමුත් ඒවා දියගය. මස්වල ඇති කෙදි පුමාණය අඩු නිසාත් ප්රෝටීන් බහුල නිසාත් පෝෂණ ගුණය උරා ගැනීමට දිගු කාලයක් අවශ් වන්නේ නැත. නිසා මස් අනුභව කරන සතුන්ගේ බඩවැල් ශාක අනුභව කරන සතුන්ගේ බඩවැල් වලට වඩා කෙටිය.



මනුෂ්යයින්ගේ කුඩා සහ මහ බඩවැල් යන දෙකම ඉතා සමීප වශයෙන් ගතහොත් මීටර් එකහමාරක් පමණ දිගය. එය කිහිප වාරයක්ම එකට එතී ඇති නිසා ඒවායේ මෘදු නොවු බිත්ති එකට යාවී ඇත. මාංශ භක්ෂකයින්ගේ බඩවැල්වලට වඩා ඒවා දිගින් වැඩි නිසා අප ආහාරයට ගන්නා මස් දිගු වේලාවක් බඩවැල්වල රැදී පවතී. හේතුව නිසා මස් නරක් වී විෂබීජ උපදවන්නේය. මෙය අක්මාවට කරදර වැඩි කිරීමකි. එනම් අක්මාව විසින් කරනු ලබන්නේ විෂබීජ ඉවත් කිරීම නිසා, ඊට කිරීමට ඇති කාර්යය මේ නිසා වැඩි වන්නේය. එමෙන්ම මංශවල යුරෝකිනේස් (Urokinase) ප්රෝටීන් සහ යූරියා බහුලව ඇති නිසා වකුගඩුවල කාර්යයද දුෂ්කර වේ. සෑම මස් රාත්තලකම මූත්රාකරන (Urokinase) ප්රෝටීන් ග්රෑම් 14ක් අඩංගුය. යුරෝකිනේස් ප්රෝටීන් දියරය ජීව ශෛල තුළ බහාලූ විට එම ශෛලවල ක්රමවත්ව ක්රියාකාරීත්වය අඩුවේ. එපමණක් නොව, මස්වල කෙදි ගතිය හා සිලියලෝස් අඩු නිසා, මළබද්ධය පහසුවෙන් ඇතිවේ. ගුද මාර්ගයේ පිළිකා සහ අර්ශස් වැනි රෝගවලට හේතුව මළබද්ධය බව අපි දනිමු. වකුගඩුවල ක්රියාකාරීත්වය දුෂ්කර වීම නිසා වකුගඩු විනාශ විමට පුළුවන අක්මාවේ ක්රියාකාරීත්වය දුර්වල වීමෙන් සිරෝසිස් (අක්මා රෝගයකි) රෝගය පමණක් නොව අක්මාවේ පිළිකාද ඇති කරයි.

ඌරන් පිළිබද වැඩිදුරටත් කරන ලද පර්යේෂණයට අනුව පෙනී යනුයේ මේද අධික ආහාර ගැනීම නිසා අක්මාව පිලාව යන ඉන්ද්රියන් විශාල වන බව සහ සම අභ්යන්තරයේ ඇති ශෛල මහත්වීම සිදුවන බවයි. මස්වල ඇති කොලෙස්ටරෝල් සහ සන්තෘප්ත මේද හෘද ස්පන්ධනය අක්රමවත් කරයි. තායිවානයේ ෆෝමෝසාවල මරණයවලට මුල් වී ඇති හේතු දහයෙන් එකක් වේ.

පිළිස්සීමෙන් හා බැදීමෙන් මස්වල රාසයන ද්රව්යයක් (Methylcholanthrenel) සෑදෙන අතර එය බලවත් පිළිකා රෝග කාරකයක් බව පර්යේෂණවලදී සොයාගෙන ඇත. මෙම රසායන ද්රව්යය මීයන්ට එන්නත් කළ විට උන් නොයෙකුත් පිළිකා වර්ගවලට එනම් ඇට තඩිස්සි වීම, ලේ පිළිකා, ආමාශ පිළිකා ආදියට ගොදුරු වී ඇත.

අප දිනපතා ආහාරයට ගන්නා මස් ලබා ගන්නා සුතුන් වෙත ආරම්භක අවස්ථාවේදී අක්රමිකතා තිබී ඇත්නම් අප ඒවා ආහාරයට ගත් විට ප්රතිඵලය අවබෝධ වේ. සමහර අය සිතන්නේ මස් පිරිසිදු සහ ආරක්ෂාකාරී බවයි. මස් මඩුවලදී ඒවා පරීෂා කරන බව ඔවුන් විශ්වාස කරයි. නමුත් ගවයන්, ඌරන්, කුකුළන් බොහෝ ගණනක් මස් සදහා දිනපතා මරණු ලබන නිසා සැබෑ වශයෙන් එතරම් විශාල සංඛ්යාවක් පරීක්ෂාවට භාජනය කිරීම අපහසුය. එම මස් පරීක්ෂකයින්ගේ වරදක් නොවේ. නමුත් වැඩ අධික වීම නිසා සිදුවන්නකි. එයට අමතරව එම සතුන්ගේ සෑම මස් කෑල්ලක්ම පරීක්ෂා කර එහි පිළිකා රෝගකාරක තිබේදැයි බැලීම ඉතාමත් අපහසු කාර්යයකි. හැම සතෙකුම පරීක්ෂා කළ සෑම මස් කෑල්ලක්ම පරීක්ෂා කරීම අසීරුය. එය කොතරම් ආමරු කාර්යයක් දැයි අපට සිතාගත හැකිය. දියුණු රටවල් වන යුරෝපය සහ ඇමරිකාවට පවා මෙය ගැටළුවක් වී ඇත. එය තවමත් කාර්යක්ෂම පාලනය කළ නොහැකි තත්වයකි. වර්තමානයේදී යම් ගැටලු සහගත තත්වයක් සතෙකුට ඇති වු විට මිනිසුන් කරනුයේ හිස වෙන් කිරීමය. එසේ නැතහොත් පයේ කිසියම් රෝගයක් තිබුණේ නම් පය කපා ඉවත් කිරීමය. නරක කොටස් පමණක් ඉවත් කොට ඉතිරිය විකුණනු ලැබේ. සමහර රටවල සනීපාරක්ෂක බලධාරීන් විසින් විකිණීම පිණිස ඇති කරන ඌරන්, හරකුන්, කුකුලන් හා තාරාවුන් පරීක්ෂා කරන්නේ අවම වශයෙනි.



සත්ත්වයින්ට
දෙනු ලබන ආහාර ගැන කතා කරන විට සතුන්ගේ ආහාරයට පුතිජීවක (Antibiotics) එකතු කරනු බන අතර එම සතුන්ගේ මස් ආහාරයට ගන්නා මිනිසුන් විසින්ද එම ප්‍රතිජීවක උරා ගැනීම නිසා මිනිසුන් තුළ ඇති ප්‍රතිශක්තීකරණය දුර්වල වේ. ඒ අනුව මෙම පුද්ගලයන්ට යමු රෝගයක් වැළදුණු විට තවදුරටත් ප්‍රතිජීවකවලින් ඔවුන්ට පිහිටක් නොලැබෙන නිසා තවත් අගනා ජීවිතයක විනාශය සිදුවේ. මාංශ අනුභව කිරීමේ පුරුද්ද එයට හේතුවයි.

නිර්මාංශ ආහාර ඉතාමත් හොදයැයි සලකන සමහර අය, එහි ප්‍රමාණවත් පෝෂණ ගුණයක් නැතැයි සිතයි. එය වැරදි අවබෝධයකි. වෛද්‍යවරුන් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ මංශ භෝග වැඩි වශයෙන් ආහාරයට ගැනීම සුදුසු බවයි. මුදවන ලද කිරි, කඩල, සෝයා ඉතා පෝෂ්‍යදායී වේ. ධාන්‍ය ආහර සහ එළවළුවලින් අපේ ශරීරය පවත්වා ගැනීම සදහා අවශ්‍ය සියලුම පෝෂක කොටස් ලබා ගත හැකිය.

මස්වල ඇති ප්‍රෝටීන්, ශාකවල ප්‍රෝටීන්වලට වඩා උසස් බවත් පළමු වැන්නෙහි සම්පූර්ණ ප්‍රෝටීන් අඩංගු අතර දෙවැන්නෙහි ඒවා අසම්පූර්ණ බවත් බොහෝ දෙනා අදහස් කරති. එහෙත් සොයා, කඩලවල ඇත්තේ සම්පූර්ණ ප්‍රෝටීන් බව හදුනාගැනීමට ඔවුන් අසමත් වී ඇත. මාංශ අනුභව කරන මිනිසුන් සම්පූර්ණ ප්‍රෝටීන් ලබා ගත හැකි වුවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ මාංශ ප්‍රෝටීන් ආහාරයට දෙනු ලැබූ සත්වයින් ආරම්භයේදී ශක්තිමත් සහ නිරෝගී සම්පන්න වුවත්, ඔවුන් අඩු ආයුෂික ය යන බවත් විශේෂත්වයකින් තොරව ඔවුන් සියල්ලන්ටම රුධිර පීඩන රෝගයන් හා වකුගඩු ආබාධ ඇති බවත්ය. එයට හේතු වී ඇත්තේ ජීවධාතු විටමින් සහ ඛණිජ ලබණවලට වඩා ප්‍රෝටීන් වෙනස් නිසාය. එය අපේ ශරීරය තුළ විශාල වශයෙන් ගබඩා කර ගැනීමට නොහැකිය. එය බහිශ්‍රාවය කළ යුතුවේ. එම නිසා අක්මාවට සහ වකුගඩු වලට අමතර අපහසුතාවයක් දැරීමට සිදුවන්නේය.



ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට මනුෂ්‍ය වර්ගයාගේ ආහාරය වී ඇත්තේ ශාකයන්ය. පාරණි ග්‍රීක හා හීබෘ පුරාවෘත්තයන්වල විස්තර වී ඇති ආකාරය අනුව මුල් අවදියේදී මිනිසුන් ආහාරයට ගෙන ඇත්තේ පලතුරු වර්ගයන්ය. පැරණි ඊජීප්තු පැවිද්දන් කිසිදාක මස් අනුභවකර නැත. ප්ලේටෝ, දිගෝගිනිස්, සොක්‍රටීස් වැනි බොහෝ උසස් ග්‍රීක දාර්ශනිකයන් නිර්මාංශවාදයට පක්ෂ ව නිතරම කථා කර ඇත. ශාක්‍ය මුණි බුදුන් අහිංසාවේ (ජීවීන්ට හිංසා නොකළ යුතුය) වැදගත්කම අවධාරණය කළහ. එසේම මංශ අනුභව නොකරන ලෙස අනුගාමිකයින්ට අවවාද කළ අතර, එසේ කිරීම නිසා අනෙකුත් ජීව සත්වයින් ඔවුන් කෙරෙහි බිය වෙතැයිද පැවුසූහ. දයාව පිළිබදව අපේ ප්‍රාර්ථනය ඉෂ්ඨ කර ගැනීම සදහා මනුෂ්‍යයින් වන අප මාංශ අනුභවය නැවැත්විය යුතුය. ඒ අනුව නිර්මාංශ වූ බෞද්ධයින් බොහෝ දෙදෙනෙකු අදත් සිටී. බොහෝ තාඹ් වාදීන් ද පැරණි ක්‍රිස්තියනි සහ ජුදාස්වරුන්ද නිර්මාංශිකයන් විය.

ඩයනා කුමරිය, චාල්ස් කුමරුන්, පෝල් නිව්මන්, අයින්ස්ටයින්, ප්ලේටෝ, පයිතගරස්, සොක්‍රටීස්, ශේක්ෂ්පියර්, ඩේවිඩ්, පෙට්‍රාව්, ඩාවින්චි, එමර්සන්, සෝලා, රස්ල් ෂෙලී නම් කවියා, නොබෙල් ත්‍යාග ලාභී තාගෝර්, රුසියානු ලේඛක ටොල්ස්ටෝයි, ජයනප්‍රිය අයිරිෂ් නාට්‍යකරු බර්නාඩ් ෂෝ, ඉන්දියානු නායකයකු වන ගාන්ධි සහ අල්සෙශියන්, වෙවද්‍ය දූත මෙහෙයේ සහ අප්‍රිකාවේ දේව ධර්ම වරයකු වන ෂවීට්සර් ආදීන් ඔවුන්ගෙන් කිහිප දෙනෙකි.

අයිස්ටයින් වැඩිදුරටත් මෙසේද පවසා ඇත. ‘‘මනුෂ්‍යාගේ චරිත ස්වභාවය වෙනස් කිරීම සහ පවිත්‍ර භාවයට පත් කිරීම සදහා නිර්මාංශ ආහාරයකින් ලැබෙන ප්‍රයෝජනය මුළු මිනිස් වර්ගයා වෙතම හිතකර වූ ක්‍රියාවක් යැයි මා සිතමි. එබැවින් නිර්මාංශවාදය මිනිසුන් තෝරා ගැනීම ඉතාම සුභ දායක මෙන්ම සාමකාමීද වේ. ‘‘එබැවින් නිර්මාංශ විය යුතුය.‘‘ යන්න අපට පෙනී යයි. ඉතිහාසය පුරාම බොහෝ වැදගත් පුද්ගලයින් සහ මුනිවරයන් ප්‍රඥාවන්තයින් විසින් දෙන ලද සාධාරණ සහ සාමන්‍ය උපදේශය එයයි.



ඉහත අප සාකච්ඡාවට බදුන් කළ කරුණු අනුව නිර්මාංශ වීම යහපත් ජීවිතයකට කය, මනස නිරවුල්ව තබා ගැනීමට ඉවහල් වන බව සනාථ වෙයි. යෝග දර්ශනය ඔස්සේ මෝක්ෂය සොයා ගමන් කරන අයටද නිර්මාංශ වීම අත්‍යවශ්‍ය දෙයකි. එය දෙවියන්ට ප්‍රිය බව වර්ධනය කරයි. සාමකාමී යහපත් ජීවිතයකට ඉවහල් වේ. දීර්ඝායුෂ ඇති කරයි. ශරීරය නිරෝගී කරයි. චාම් සරල දිවි පෙවෙතකට යොමු කරවයි. අප නිර්මාංශ වීමට අධිෂ්ඨාන කර ගනිමු.





අතර්ජාලයෙන් උපුටා ගැනීමකි