Saturday, November 2, 2013

තෙවරක් වැඩි ගමන





භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටි දීපයේ ඇති වූ ප්‍රධාන ගැ‍ටුම් වැලැක්වීමට වැඩම කල අවස්තාවන් තුනක් පිලිබදව වංශකථාවෝ ඉස්මතු කර අපට පෙන්වා දෙති. බුදුන් වහන්සේ හෙළදිව තෙවරක් පමණක් වැඩි බවට හෝ කිසි දිනක නොවැඩි බවට මත ඵල වන්නට හේතු වූ මේ සිදුවීම් ත්‍රිත්වය සැබවින්ම විමසීමට අත්‍යවශ්‍යය. සැබවින්ම මේ සිදුවීම් මොනවාද, වංශ කථාවන් මේවාට වැඩි තැනක් දුන්නේ ඇයි, බුදුන්වහන්සේ වැඩියේ කොහේ සිට කිනම් ප්‍රදේශාකටද, විසදිය යුතු ගැටළු අතර මේවා ප්‍රධානය.

පෙර සදහන් කල පරිදි හෙළදිව පිහිට් ප්‍රධාන පාලන ප්‍රදේශ දෙක පටලවා ගැනීම මේ සියල්ලටම හේතු වී ඇති බව පෙනේ. මහාවිහාර ආභාෂය සහිතව රචිත  වංශ කථාවන් තමන්ගේ දායකයට වැඩි තැනක් දෙන ගමේ පන්සල මෙන් තමන්ගේ පාලන ප්‍රදේශය අතිශයින් විස්තර කිරීමට භාජනය කර ඇත. දඹදිව නැතිනම් ජන්බුද්වීපය හා ලංකද්වීපය අතර වූ වැඩම වීම් රචනා කල වංශකථා කතුවරයෝ මෙවැනි පටලැවිල්ලකට දායක වූවාදැයි විමසීමට වටී. කෙසේ හෝ  අද වනවිට ඒවා අවබෝධකරගෙන ඇති ආකාරය නම් ඉතාමත් වැරදිය.

දඹදිව පහල වූ බුදුන්වහන්සේ ලංකද්වීප පාලන තන්ත්‍රය තුල හටගත්තා වූ ගැ‍ටුම් දු‍ටු සේක. ඒවා විසදීමට මහාකාරුණිකයන් වහන්සේ මැදිහත් වූ සේක. බුදුන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කලායැයි පවසන්නේ මේ පිලිබද අවබෝධ කර නොගැනීම නිසාය.

බුදුන්වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් නවවන මස දුරුතු පුර පසළොස්වක් පොහෝ දිනදී මයියංගන ප්‍රදේශයේ ඇති වීමට ගිය ගැ‍ටුමක් නැවැත්වීමට වැඩි සේක. එහිදි බුදුන් වහන්සේ සිරි දෙසුම නම් වූ ධර්ම දේශනයක් පවත්වා ගැ‍ටුම සමතයකට පත් කර තිබේ. මේ අවස්ථාවේදී සුමන නම් කුරු රට අධිපති පාලකයා සෝවාන් ඵලයේ පිහිටවූ බවද මහාවංශය සදහන් කරයි. මයියංගනයේදී කල සිරි දෙසුම මෙසේ සදහන් කල හැක.

"ඇප් වෙත් රස් ගත් සියල් පින්වත් දනන්නි, මා මී පත් හෙයි තෙප් වෙත් මෙත් උන්දා මැ යි. එ මෙත් තෙප් හද්හි වත්, ඇප් දම් තෙප් නිවන් මගෙ යා කරා, පින්වත් පුමන්නි,ඉතිරින්නි,සුගුන්නි, මෙ මයෙ බණ, තෙප් මනෙ ලා විනිසා නිනො

උපද් හෙ නොද් සත් දුභො සුභො වෙත්, කමෙ රූ හෙ දුහො සුභො වෙත් නොද් සත් සව් දුවෙත්. තෙප් සව් සුවත් හොදුවත් හො තෙප් කම් ඉසා වෙ...................." එහි සරළ සිංහල තේරුම මෙසේ දැකක්විය හැක.

මයියංගනයට වැඩම කල බුදුන්වහන්සේ මෙසේ දේශනාව පවත්වා ඇති වීමට ගිය ගැ‍ටුම මැඩලූහ. එනමුදු සම්මත ඉන්දියානු හා ඔවුන් පසු පස යන්නවුන් කියනා ආකාරයට බුදුන්වහන්සේ මයියංගනයට වැඩම කර ඇත්තේ යකුන් දමනය කිරීමකි. සැබවින්ම එය සත්‍යයකි. නමුත් මෙහිදී සිදු වී ඇත්තේ ඔවුන් චිත්‍ර රූප මවා සිටින අන්දමේ ත්‍රාස්තජනක අමනුෂ්‍ය දමනයක්නම් නොවේ. එහි සිටියේ අමනුශ්‍යයන්නම් සිදු කල යුත්තේ දේශනාවක් නොව හොද තොවිලයකි. කෙසේ වෙතත් බුදුන් වහන්සේ සිදු කර ඇත්තේ එහි වැඩම කර යක්ඛ ගෝත්‍රික මනුෂ්‍යය ජනයා වෙත දේශනා ප්‍රාතිහාරය පා දමනය කිරීමකි.

බුදුන්වහන්සේගේ දෙවෙනි වරටද ලංකද්වීප පාලන තන්ත්‍රයේ ඇති වූ අභ්‍යන්තරික ගැ‍ටුමක් සමතයකට පත් කරලීමට වැඩි සේක. ඒ  බුද්ධත්වයෙන් පස්වෙනි වස ජේතවනාරාමයේ වැඩ වසන කාලයේදීය. දීප වංශයේ දැක්වෙන අන්දමට බුදුන්වහන්සේ වැඩම කරන්නේ චුලෝදර හා මහෝදර නම් නාග ගෝත්‍රික නායකයන් අතර වූ ගැ‍ටුම සමතයකට පත් කරලීමටය. (අභිමානී හෙළන්කා ග්‍රන්ථයේ සදහන්වන අන්දමට චූලෝදර යනු බලතල අඩුවෙන් දරන්නත්,මහෝදර යනු බලතල වැඩියෙන් දරන්නාත් යන අර්ථයන්ය.). මෙම සිදුවීම මහාවංශ කතුවරයා මේ ආකරයෙන් විස්තර කරයි.


 "මහත් ඍද්ධි ඇති මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයම් නාග භවනයෙහි රජ වී. උහුගේ නැගණි තොමෝ කන්වඩමන් නම් පව්වෙහි නා රජහට දෙන ලද්දීය. උහුගේ පුත්‍ර තෙමේ චූලෝදර නමි. උහුගේ මෑණියන් පිය වූ නා රජතෙම උතුම් වූ මිණිපළඟ මෑණියන්ට දී කාලක්‍රියා කළේය. එසේ හෙයින් මයිල් නාරජු හා බෑණනුවන් යුධය තෙම එළඹ සිටියේය. පර්වතවාසි වූ ඩ ඒ නාගයෝ මහත් ඍද්ධිමත් වූහ.................." යනාදී වශයෙන් මහාවංශය මේ සිද්ධිය විස්තර කරයි. මෙහි දැක්වෙන අන්දමටද නාග ගෝත්‍රිකයන් වනාහි එසේ මෙසේ පිරිසක් නොව සෘද්ධිමත් වූ වෝ බව පවසති.
මේ විස්තරය තව දුරටත් කියා පාන දීපවංශ කතුවරයා පවසා සිටින්නේ මෙහිදී බුදුන්වහන්සේ සමග අනිකුත් රජ දරුවන්ද ඒමට කැමති වූ බවත් එහෙත් බුදුන් වහන්සේ වදාලා සිටියේ සුමන පමණක් මා සමග ආ යුතු බවත්ය.(මෙය ඉන්දියාවේ සිදුවීමක් නොවන බව දීපවංශය ඇසුරින් පැහැදිලි වන්නේ හෙළදිව පාලකයන් ඉන්දියාවේ කුමක් කරන්නේද යන්න විමසීමේදීය). එනමුදු මේ විස්තරය රචනා කරන මහාවංශ කතුවරයා අමුතුම ආකාරයේ දේව සංකල්පයක් මිශ්‍ර කර ඇත. ඒ කෙසේ වෙතත් මහාවංශයේහිද මෙහි සිදු වූවක් විස්තර කරයි.


"මෙසේ අහසින් නාගදීපයට වැඩම කළ උන් වහන්සේ අහසේ වැඩ සිටිමින් අන්ධකාරයක් මවා නාගයින් කෙරේ බිය ඉපිදවූ සේක. අනතුරුව ඒ බිය පහ කිරීමට ආලෝකයක් උපදවා දී උන්ගේ බිය දුරු කළ සේක. අස්වැසුනු සිත් ඇති ඒ නාගයෝ බුදුරදුන් දෙපා වැඳ නමස්කාර කළෝය. එසේ සතුටු සිත් ඇති නාගයින්ට බුදුරජාණන් වහන්සේ සමගිය ඇති කරන ධර්මයක් දෙසූ සේක. දහම් අසා යුධ පිණිස වන් සිත අතහැර දැමූ ඒ නාගයෝ යුද්ධයට හේතු වූ ඒ මිනීපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ. ඒ පූජාව පිළිගත් සර්වඥයන් වහන්සේ එහි බැස නාගයින් දුන් දානය පිළිගෙන වළඳා අන්තයෙහි දිය වැසි ගොඩ වැසි තුන්කෙළක් පමණ නාගයින් තුන් සරණෙහි හා සීලයෙහි පිහිටවූ සේක. ඒ යුද්ධයට පැමිණ සිටි මනීඅක්ඛිත නම් කැළණියේ නා රජ තෙමේ තථාගතයන් වහන්සේට අමතා "වහන්ස ඔබ වහන්සේ අප නොදුටු සේක්නම් අප සැවොම අද යුධයෙන් නැසෙම්හ. අප සියල්ලන් කෙරේ කළ කරුණාව මා කෙරේ විශේෂ කොට දක්වත්වා.. නැවත මෙහි ආගමනයෙන් මාගේ දේශයට වඩිත්වා"යි ආයාචනය කළේය. තුන් කල් දන්නා බුදුරජාණන් වහන්සේ තුෂ්නිම්භූත භාවයෙන් මේ ආයාචනය ඉවසූ සේක.
 
තවද බුදුරජාණන් වහන්සේ ඒ නාගයන් අමතා තමන් වහන්සේට ඡත්‍රයක් වූ ඒ කිරිපලු රුකද තමන් වහන්සේ වැඩ සිටි ඒ මිණිපලඟද යන මේ පාරිභෝගික වස්තු දෙක පූජා පිණිස පවරා දී තමන් වහන්සේගේ කෘත්‍ය සපිරුණේ නැවත ජේතවනයටම වැඩම කොට වදාළහ."



අප සම්මා සම්බුදුරජාණන් වහන්සේට  කැලණියේ මණිඅක්‌ඛිත නාරජු එහි සැපත්ව කරන ලද විශේෂාරාධනය අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වස කැලණි පුරවරයට වැඩම කළ සේක. සැරියුත් මුගලන් අගසව් දෙනම ද සමඟ පන්සියයක්‌ මහ රහතන් වහන්සේ සපිරිවරාගෙන උන්වහන්සේ වෙසක්‌ පුන් පොහෝ දින කැලණියට වැඩ, කැලණි නදියේ ස්‌නානය කර, මනිඅක්‌ඛිත නාරජුගේ මාලිගාවේදී දානය වළඳා, දහම් දෙසු බව ප්‍රකටය. කැලණියේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද විභිෂණ දෙවොල සෙල්ලිපියේ සඳහන් වන ආකාරයට සම්බුදු පියාණන් වහන්සේ කැලණි නදියේ ස්‌නානය සඳහා පරිහරණය කරන ලද ජලසාටීකාව නිදන් කොට මංගල නමින් එවකට චෛත්‍යයක්‌ ගොඩනන ලද බව ඉතිහාසයේ සඳහන්ය. තවද නා රජවරුන්ගේ අරගලයට තුඩුදුන් මැණික්‌ පුටුව නිදන්කොට කැලණි චෛත්‍යය ගොඩනැගූ බවටද සාක්‌ෂි ලැබී තිබේ.

මේ සිදු වීම පිලිබදව වංශකථා කරුවන් රචිත දේ නුවණින් විමසා බැලිය යුතුය. දීපවංශ කතුවරයා පවසන සුමන නම් පාලකයා සමග  බුදුන්වහන්සේ ජෙතවනාරාමයේ සිට වැඩම කරලීම ඉන් එකකි. දෙවැන්නනම් බුදුන් වහන්සේ යක්ඛ, නාග ගෝත්‍රිකයන් ඇමතූ භාෂාවයි. තෙවැන්න නම් බුදුන් වහන්සේ පෙරළා වැඩම කිරීමේදී සමවත් සුවෙන් වැඩ සිටි තැන්හි පිහිටීම හා රිටිගල ජේතවනාරාමයේ පිහිටීමයි. මේ සියල්ල නුවණින් විමසා බැලීමට විවෘතය.

No comments:

Post a Comment