Wednesday, October 30, 2013

සිංහල බෞද්ධයාගේ මෝඩ ඉන්දියා නමස්‌කාරය



බුද්ධිය යනු සිංහල වචනයකි. බුද්ධියේ උපරිම ඵලය බුද්ධත්වයයි. බුද්ධිය අර්ථවත් ලෙස වඩවාලමින් බුද්ධියේ උපරිම ඵලය ලබාගත් උත්තමයා බුද්ධ වශයෙන් හැඳින්වේ. හෙළ සිංහල රටේ මෙන්ම ඉන්දියාවේ ද සමස්‌ත ලෝකයේ ද බුදු හිමියන් හඳුන්වනු ලබන්නේ සිංහල වචනයෙන් නොවේ යෑයි පවසන්නට කිසිදු විද්‍යාත්මක හැකියාවක්‌ නැත. සිංහල බෞද්ධයන් සත්‍ය දැකීම යුගයේ අවශ්‍යතාවයි.  

ඈත අතීත නේපාලයේ හෝ ඉන්දියාවේ අතීත ජනයින් බෞද්ධයින්ව සිටි බව තහවුරු නොවේ. බුදු හිමි ඉන්දියානුවෙකු බව ඉන්දියානු ඉතිහාසඥයන් පිළිනොගෙන ඇත්තේ සත්‍ය ගවේෂණ තුළින් ලැබුණු ප්‍රතිඵල ඇසුරෙනි. ඉන්දියාවේ බුදු දහම පිහිටුවනු ලබන්නේ චණ්‌ඩාශෝක රජතුමා ධර්මාශෝක වීමෙන් පසුව ය. බොදුනුවන් විසින් වැඳිය පිදිය යුතු බුද්ධස්‌ථාන හතර පිහිටුවනු ලැබුවේ ධර්මාශෝක අධිරාජයා විසිනි. පාවානුවර වනාහි විසිහතරවන ජෛන ශාස්‌තෘවරයා වූ මහවීරනාථතුමාණන් ආදාහනය කරනු ලැබූ ස්‌ථානය බව ඉන්දියානු ඉතිහාසඥයෝ සනාථ කරති. ධර්මාශෝක අධිරාජ්‍යයා ලුම්බිණියක්‌ ගොඩ නැගීම පිණිස මහසෙන් පිරිවරා ගෙන හිමාලය දෙසට පාද යාත්‍රා කළහ. එම ගමනේදී නේපාලයේ ම්ලේච්ඡ ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට ඔවුනට සිදු විය. එවේලේ ධර්මාශෝක අධිරාජ්‍යයා ම්ලේච්ඡ ජනයින් වෙත රාජා ආඥ නිකුත් කරනු ලැබුවේ පහත සඳහන් ලෙස දැඩි බවක්‌ අඟවමිනි. "ධර්මාශෝක අධිරාජ්‍යයා වනාහි වචනයේ පරිසමාර්ථයෙන්ම මෛත්‍රී සහගත ඇත්තෝ වෙති. එහෙත් ම්ලේච්ඡ ජනයා යටත් වී පසුතැවිලි නොවුවහොත් මරණය ලබනු නියත ය". අශෝක අධිරාජ්‍යයා ම්ලේච්ඡයින් වෙත රාජ්‍ය ආඥ නිකුත් කිරීමෙන් පෙනී යන්නේ ම්ලේච්ඡයින් මඩිමින් තම බෞද්ධ කටයුතු නොපිරිහෙළා ඉටු කළ බවයි. වර්තමානයේ ලොව පවතින එකම හින්දු රාජ්‍යය වන්නේ ද නේපාලයයි. 

බුද්ධ ජීවමාන කාලයේම නේපාලයේ ශාක්‍ය ගෝත්‍රය සමූල ඝාතනයට ලක්‌ කර තිබීම ඉන්දියානු ඉතිහාසඥයන්ගේ සැකයට භාජනව පවතී. ඒ සමඟම අචිරවතී ගංගාව ගලමින් කොසොල් රජු ඇතුළු කොසොල් හමුදාව ද විනාශ වීම නිසා ශාක්‍ය මෙන්ම කොසොල්වරුන් ගැන ද ඓතිහාසික තොරතුරු හමු නොවන බව ඉන්දියානු ඉතිහාසඥයෝ පවසති. ක්‍රි.ව. 1890 සිට ඉන්දියානු ඉතිහාසඥයන් පවසා ඇත්තේ බුද්ධ වර්ෂය මහත් වරද සහිත වන නිසා උතුම් වූ ශාස්‌තෘවරයාණන්ට කිසිදු අවමානයක්‌ හෝ අපහාසයක්‌ නොවන පරිදි නොපමාව බුද්ධ වර්ෂය නිරවුල් කර ගත යුතු බවයි. බුදු හිමි ඉන්දියානුවකු නොවූ නිසාම බුද්ධ වර්ෂය නිරවුල් කළ යුත්තේ සිංහල බෞද්ධයා බව ඉන්දියානු ඉතිහාසඥයන්ගේ විද්‍යාත්මක මතක විය. 

බුද්ධ වර්ෂයේ වරද නිසාම කවදා හෝ සිංහල බෞද්ධයා මහත් අසීරුවට පත් වන බව ද ඉන්දියානු ඉතිහාසඥයෝ අවබෝධ කොට ගත්හ. ලංකාවේ පැලපදියම් වූ ද්‍රවිඩ ජනයින් මෙන්ම ද්‍රවිඩ ඉස්‌ලාමික ජනයින් ද ලෝක දමිළ භාෂාව අනුව එකට එකතු වීම ස්‌වභාවිකව සිදුවිය යුතු වුවත් ලෝක ක්‍රිස්‌තියානි ක්‍රියාදාමයට කොටි ක්‍රියාකාරීන් අන්තගාමී ලෙස නතු වීම නිසා එය වැළකී ඇත. ද්‍රවිඩ නිජබිම් ඉතිහාසයක්‌ ඉතා විද්‍යාත්මකව ලියෑවුණේ බුද්ධ වර්ෂයේ වරද නිසා බව සිංහල බෞද්ධයන් දැන්වත් තේරුම් ගත යුතු ය. අශෝක අධිරාජ්‍යයාගේ මුත්තණුවන් වූ චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජ්‍යයා විසිහතර අවුරුදු රාජ්‍ය පාලනයෙන් පසු බිංදුසාර පුත් කුමාරට රාජ්‍ය පවරා ජෛන ශාසනයෙහි පැවිදි වී දහස්‌ ගණන් ජෛන සංඝයා වහන්සේ ද පිරිවරාගෙන දකුණු ඉන්දියාවේ ශ්‍රවන බෝගල්ලා ජෛන විහාරයට පැමිණි ආකාරය ද ඉන්දියානු ඉතිහාසඥයෝ නොවලහා පවසති. නන්දවරුන්ගේ විසිදෙඅවුරුදු පාලනයත් සමඟ ඇරඹි ඉන්දියාවේ රාජ්‍ය ජෛන ව්‍යාප්තිය ධර්මාශෝක අධිරාජ්‍යයා තෙක්‌ වර්ෂ අනූහයක්‌ නොකඩවා පැවැතියේ ය. එතෙක්‌ බුදු දහම ගැන ඉන්දියාවෙන් කිසිදු වාර්තාවක්‌ නොලැබේ. අනගාරික ධර්මපාලතුමා නිසා ඉන්දියාවේ බෞද්ධ ගොඩනැඟිලි යළිත් මතු වූයේ ය. එහෙත් ඉන්දියානුවන් බෞද්ධ වූයේ නම් නැත. සිංහල බෞද්ධයා මංමුළාවට පත්වන්ට වූයේ ක්‍රි.ව. 434 - 463 දක්‌වා හෙළ රටේ පැවැති ද්‍රවිඩ පාලන කාලයේ සිට ය. එකල හෙළ අටුවා අන්ත්‍රස්‌ධානය වූයේය. 

දැන් හෝ සත්‍ය සොයා සිංහල බෞද්ධයා ක්‍රියාකාරී විය යුතු නොවේ ද? අතීතයේ සිටම ඉන්දියානුවන් බුදු හිමියන් දකින්නේ විෂ්ණුගේ නවවැනි අවතාරය වශයෙනි. තම අවසාන කාලයේදී සිරි දේවමිත්ත ධම්මපාල උතුමාණෝ ද මේ බව ප්‍රත්‍යක්‍ෂ කොට ගත්හ. සත්‍ය ලෝක සිදුවීම් සහිත අනගාරික ධම්මපාල චරිතාපදානයේ මෙය ඉතා විද්‍යාත්මකව විග්‍රහ කරනු ලබයි. හෙළ සිංහල ඉතිහාසඥයින් වර්තමානයේ යථාර්ථයට පත්ව ඉතිහාසය පිළිබඳ විද්‍යාත්මක ගවේෂණ කළ යුතුව තිබේ. සත්‍ය සාකච්ඡා කිරීමට අප සූදානම්ව සිටින්නෙමු. බුද්ධ දේශය විද්‍යාත්මකව තහවුරු වන විට බෞද්ධ ලෝකයාගෙන් ඉන්දියාවට ලැබෙන කෝටි ගණන් විදේශ විනිමය අහිමි වීමත් වැළැක්‌විය නොහැකිය.    

----ආචාර්ය පී. එස්‌. ටී. චූලවංස (2013/03/29 දිවයින)------ 

භගවත පුරාණය සහ පැවතුනු ඉන්දියානු ඉතිහාසය

ඉන්දියාවේ වේදය, පුරාණ ග්‍රන්ථ, මහාභාරත, බ්‍රහ්ම සුත්‍ර  නිර්මාණය කලේ ක්‍රිෂ්ණා ව්‍යාසදේව ය. ඔහු ඉන්දියාවේ දාර්ශනිකයන්ගේ ප්‍රධානියාවේ. ව්‍යාස  කුරු රාජධානියේ මුත්තනුවන් ලෙස දැක්වේ. ව්‍යාසට වාසුදේව නම් පුතෙකු වීය. මොහු මෙම භාගවතපුරානයේ දැනුම   පවුලේ තවත් සාම්ජිකයකුවන පරික්චිත් ට දුන් බව දක්වයි. පරික්චිත් මෙම දැනුමට ගරු කිරීමට අපොහොසත් වුනු බව දැක්වේ. මෙම දැනුම සුක විසින් දැනුම බෙදාදෙන ආචාර්ය වරුන්ට දුන් බව දැක්වේ.
 
භගවත පුරාණයේ යුග  4ක් දක්වා තිබේ. ක්‍රිට යුගය, ද්වාපර යුගය, ත්‍රේත යුගය, සහ කලි යුගය වේ. ක්‍රිට යුගයේ සියලුම මිනිස්සු සත්‍යවාදීන්ය, දයාවන්තය, ත්‍යාගිශීලිය, සමාදානය ගරුකරන ඉවසිලිමත්, හික්මීම ඇති, දෙවියන් නමදින  අය බව මෙහි දක්වා තිබේ.  ත්‍රේත යුගයේ දී මෙම ලක්ෂණ පිරිහී මිනිසුන්ගෙන් ¼ක් අධර්ම වාදින් වන බවත් ද්වාපර යුගයේ මෙලෙස පිරිහීම ½ ක් දක්වා වර්ධනය වන අතර, කලියුගය ආරම්භයෙදී ¾ ක් අධර්මවාදීන් වී කලියුගය අවසාන වනවිට සියල්ලන්ම අධර්මවාදීන් වන බව දක්වා තිබේ. 
 
භගවත පුරාණයේ ලියා ඇත්තේ විෂ්ණු ගේ පෘථිවියේ භාග්‍යවත් නියෝජිතයා  ගැනය. රාමා ක්‍රිෂ්ණා යන නාමයන්ගෙන් මේ අය හැඳින්වේ. භාග්‍යවන්තයා යනු විවිධ විෂ්ණුගේ අවතාර වන අතර ඔහු මෙන්ම පිරිසිදු බැතිමතාද  භගවත ලෙස හැඳින්වේ. මේ අය භාග්‍යවන්තයන් වන්නේ, මක් නිසාදයත් මොවුන් රුපයෙන්, ධනයෙන්, බලයෙන්, ප්‍රසිද්ධියෙන් යුතු  නිසාය.
 
වරක් ප්‍රාචීන භාෂා විශේසඥ ජේම්ස් අල්විස් මහතා කීවේ ඉන්දියාවේ පුරාන ග්‍රන්ථවල ඉතිහාසය ලියා ඇත්තේ ශාස්ත්‍රකාරයන් අනාවැකි කියන්නාක් සේ  කියාය. එම ප්‍රකාශයේද  සැබවින්ම සාධාරණයක් ඇත්තේය. මක් නිසාද යත් භගවත පුරාන ඉතිහාසය යනු යාග පැවැත්වූ පුජකයකු විසින් පෙර සිටි සහ අනාගතයේ බිහිවන රජවරුන් ගැන කියන ලද ප්‍රකාශයකි. එය මෙසේය.
 
විෂ්ණුගේ ප්‍රියමනාප වූ නෛමිශාරණය  වනයේ ස්ථානයක සවූනුක නම් ප්‍රධාන මුනිවරයා  පෙරටුකොට මුනිවරයන් විසින් වසර දහසක කාලයක් ස්වර්ගයේ දෙවියන් සහ මහපොළවේ බැතිමතුන් වෙනුවෙන් යාගයන් පවත්වනු ලැබීය. එක් උදෑසනක යාගහෝම පවත්වද්දී මුනිවරයන් විසින් වේදයේ විද්වතුන් අතරින් වැඩිමලා වන, ව්‍යාසසදේව සහ සුත හඳුනන   ස්රිලා සුත ගොස්වාමි ගෙන් ආගම් ධර්මයෙහි කතා  සහ ඓතිහාසික කතා  ගැන විස්තර කරන  ලෙස ඉල්ලීය. මුනිවරයන් මෙසේ කීය. කලියුගයේ මිනිස්සු අලස, නොමගගිය, අවාසනාවන්තයනය. මේ සියල්ලන්ටම වඩා ඔවුන් කැළඹුණු සිත් සහිතය. සියල්ලන්ගේ යහපත වෙනුවෙන් පරම සත්‍යයවූ දහම  රකින්නාවූ  ක්‍රිෂ්ණා සිය වාසස්ථානයට  ගොස් ඇති බැවින් කවුරුන්  සරණ යන්නේදැයි විමසා සිටීය.
 
ස්වභාදහමේ යහපත්දේ, හැඟීම්, මවන්නේ බ්‍රහ්ම බවත් එය පවත් වන්නේ විෂ්ණු බවත් එය වනසන්නේ සිව බවත් දක්වා, දෙවියන් වෙනුවෙන් කැපවීම් කරන්නාගේ මනස නිදහස ලබා ගන්නා බව පවසන්නේය. බ්‍රාහ්මයා   විසින් ලෝකය මවන්නේය. භගවත පුරාණයට අනුව මහා බ්‍රහ්මයාගේ අතේ  කරත්ත රෝදයක් වැනි චක්‍රයක් ඇති බව දැක්වේ, ඒ අනුව ඉන්දියාව පුරා සිද්ධස්ථාන වල නිමවා ඇති ගරාදි විශාල සංඛ්‍යාවක් සහිත වූ මෙම චක්‍රය  සුද්දන් විසින් ධර්ම චක්‍ර යයි කීවාට බ්‍රහ්මයා ගේ චක්‍රය දැයි ලොකු සැකයක් ඇතිවේ. මක් නිසාද යත් ධර්ම චක්‍රයට ඇත්තේ ගරාදි 8කි. ඉන්දියාවේ එම චක්‍රයට ගරාදි විශාල ප්‍රමාණයකි. එමෙන්ම පුරාන ග්‍රන්ථවලට අනුව මුළු ඉන්දියානු ඉතිහාසය පුරාම වෙලා ගෙන ඇත්තේ මහා බ්‍රහ්මගේ මැවීමේ සංකල්පයයි. එමෙන්ම  ඇලක්සන්ඩර් කනින්හම් ඇතුළු ඉංග්‍රීසි පුරාවිද්‍යාඥයන් විසින් ඉන්දියාවේ පුජනීය ස්ථාන වල නිමවා ඇති නෙලුම් මල බුදුන්වහන්සේ සංකේත කිරීමක් ලෙස ඔවුන්ගේ පොත පතෙහි ලියා ඇතත් භගවත පුරාණය පුරාවටම විෂ්ණුගේ පාද යුග්මය නෙලුම් මලට උපමා කොට ඇත්තේය. එබැවින් එම කරුණද විමසා බැලිය යුතු වන්නේය.
 
 
."
 බ්‍රහ්මයා  වේදයේ දැනුම විකාසනය උදෙසා නාරද මුනි ලෙසත්, ධර්ම මරජු ගේ නිඹුල්ලු ලෙස නර-නාරායන ලෙස පෙනී සිටි බවත් අසුර බ්‍රාහ්මණට කපිල ලෙස විවරණය දුන් බවත්,  ඔහුට අධ්‍යාත්මික  විද්‍යාව සහ මැවීමේ මහාභුතයන්  ලබාදුන් බවද  දැක්වේ. අන්සුයා වල අට්‍රිගේ පුතු ලෙසත්, අකුටි හි ප්‍රජාපති රුසි ගේ පුතු යාජ්ඥා ලෙසත් උපත ලබා ඔහු සහ  ඔහුගේ පුතු යම ස්ව්‍යම්භුව මනු පාලනය කරන කාලයේ භක්තිමත්ව උදව් කල බවත් දැක්වේ. නාභි රජුගේ බිසව මෙරුදෙවී ගේ  පුතු ලෙස ඉපදී රිෂබ රජු වූ බවත්, ඉන්පසු ප්‍රිතු ලෙස ඉපද ලොව පාලනය කල ලෙස දක්වයි. ඉන් අනතුරුව සකුෂ මනුගේ කාලයෙන්පසු වයිවස්වත මනු කාලයේ ලෝකය වතුරෙන් යටවනවිට ආරක්ෂා කල බවත්, කුර්ම නම් ඉබ්බෙකු ලෙස ඉපදී සමුද්‍ර කේන්ද්‍රයේ පැවතී මන්දරසාල නම් කන්ද නොනැසී ආරක්ෂා කර ඇති බවත් දැක්වේ. ඉන් අනතුරුව ධන්වන්තරි නම් වෛද්‍ය වරයකු ලෙසත්, නැවත රූමත් කාන්තාවක් ලෙසත් , ඉන් අනතුරුව න්රිසිමා ලෙස ඉපදී අදේවවාදීන්ගේ  රජු ඉරාදමා තිබේ.  අනතුරුව පහළොස්වෙනි අවතාරය ලෙස වාමන නම් අඟුටු බ්‍රාහ්මනයකු ලෙස උප්පත්තිය ලබයි. එසේ උප්පත්තිය ලබා බලි මහ රජ තුන් ලොව අල්ලා ගැනීමට යන කාල වකවානුවේ ඔහුගෙන්  පියවර 3ක් පමණ දිග ඉඩම් කැබැල්ලක් ඉල්ලූ බවත් දැක්වේ. පසුව  පරසුරාම ලෙස ඉපදි පාලක පක්ෂයට එරෙහිව 21 වතාවක් ක්‍රියා කළේය. ඉනනතුරුව පරසර මුනි සහ සත්‍යවතී ගේ පුතු ව්‍යාසදේව ලෙස ඉපදීය. ඉන්පසු ඉන්දියන්සාගර පාලනය කරන අධි මානුෂීය පුද්ගල රාමා ලෙස උප්පත්තිය ලැබීය. 19 සහ 20  වෙනි උප්පත්තිය ලෙස බලරාමා සහ ක්‍රිෂ්ණා ලෙස ව්රිශ්නි පවුලේ උප්පත්තිය ලැබ භගවාන් ලෝකයා දුකින්  නිදහස් කළේය. ඉන්පසු කලියුග කාලයේ බුදුන් ලෙස අන්ජානා කුසින් ගයා හිදී උප්පත්තිය ලබා දේවවාදින්ට ඊර්ශ්‍යා කරන මිනිසුන් රවටනු ඇත.  (ඒ අනුව ඉන්දියාවේ උපන් බුදුන් චතුරාර්ය සත්‍ය දේශනා කල බුදුන්වහන්සේ නම් නොවන්නේය. බුද්ධගයා හා සම්බන්දි කතාව මෙය විය හැක  ). ඉන්පසු කලියුග  කාලයේදී මන්කොල්ලකාරයකු නොවන පාලකයකු සොයා ගත නොහැකි බැවින් දෙවියන් කල්කි  නම් නමින් විෂ්ණුයස ගේ පුතු ලෙස උපදින්නේය. ජීවී අජීවී සියලුම වස්තුවල අධ්‍යාත්මික නායකයා වන, ධර්මයේද  ආරක්ෂකයා වන විෂ්ණු, සම්භල නම් ගමේ කල්කි නමින් පෙනී සිට සිය දේවදට්ට නම් අසු පිට නැගී අසිපත ගෙන දෙවියන්ගෙන් ඈත්වුණු තැනැත්තන් මැඩ පවත්වනු ලැබේ. ඔහු සියලුම හොරුන් මරා දමනු  ලැබේ. කල්කිගේ පෙනී සිටීමත් සමගම සත්‍ය යුගය නැවත ආරම්භ වනු ලබන බව දැක්වේ.
 
මනු වංශයක පටලැවිල්ල
 
භගවත පුරානයේද  ආරම්භයේ මනු නම් තැනැත්තකු දක්වා  ඇත්තේය. එහෙත් මෙරට වංශ කතාවල මෙන් එහි වැඩි පිරිසකගේ කැමැත්තෙන් තෝරාගනු ලබන මනු කෙනෙකු ගැන සඳහන් නොවේ. මනුස්ස ලෝකය මනුලොව  ලෙස දක්වා ඇති බැවින් මුලාරම්භ පුද්ගලයා මනු නම් නමකින් පොදුවේ නම් කර ඇතිදැයි සැකයක් ඇතිවේ. අපේ පොත පත්හි එන මහාසම්මත මනු රජ ගොවියෙකි.  දීපවංශයේ  3 වන බණවරයට අනුව ගොතම බුදුන්වහන්සේ උපන් මහා සම්මත වංශයේ මුල්ම රජ ලෙස දක්වන්නේ මහාසම්මතය. මුල් රජවරු 28 දෙනා මෙසේය. මහා සම්මත, රෝජ, වරරෝජ, කල්යාණ, වරකල්යාණ, උපෝසථ, මහා මන්දාතු, වරමන්දාතු, චේතිය, චේතියගේ පලමු පුත්‍රයා, චේතියගේ දෙවන පුත්‍රයා, චේතියගේ තෙවන පුත්‍රයා, චේතියගේ සිව්වන පුත්‍රයා, චේතියගේ පස්වන පුත්‍රයා, මහා මුචලින්ද, මුචලින්ද, පළමුවන සාගර, දෙවන සාගර, භරත, රුචි, සුරුචි, පතාප,මහා පතාප, පහද, සුදස්සි, නෙරුප, මහා නෙරුප, අසිරිමත්. එහෙත් මෙවැනි මුල් රජවරුන් 28 දෙනා පිලිබඳ නාම ලේඛනයක් භගවත පුරාණයේ දක්වන්නේ නැත . මෙම රජවරුන් 28 දෙනා ගේ රාජධානි ලෙස කුසවතී, රජගහ සහ මිර්තිලා සඳහන් කරනු ලැබුවද එවැනි රාජධානි භගවත පුරාණයේ නොදක්වයි.  මෙයට අමතරව, මහාසම්මත පරම්පරාවේ පසුව දැක්වෙන  රජවරුන් සකුලා , අයුජ්ජා,  බාරානසි, කපිල, හත්තිපුර, එකචක්කු, වජිරපුර, අරිට්ටපුර, ඉඳපට්ටපුර, කොසබි, රාජන , චම්පා, තාමලිති, කුසිනාරා, වැනි නාම සඳහන් කරනු ලැබුවද එවැනි පෙදෙස් නාම භගවත පුරාණයේ දක්වන්නේද  නැත. භගවත පුරාණයේ එන මුල්ම රජ මනු මහබ්‍රහ්මයාගේ මැවීමකි. රජ කම ලැබෙන්නේ පියාගෙන් පුතාටය. අපේ පොත පතෙහි එන මහාසම්මත වංශයේ  හිරණ කසුප් රජ දක්වා තෝරා ගනු ලබන්නේ ජනතාවගේ කැමැත්තෙනි. එමෙන්ම මෙහි එන මනු වංසය අපේ පොත් පත්හි එන මනු වංශ නාමාවලියට වඩා වෙනස් එකකි. එහි මහාසම්මත වංශයක් ගැන කොතැනක හෝ සඳහන් නොකරන්නේය. එමෙන්ම භගවත පුරාණයේ  එන ඇතැම් රාජ නාමයන් මුළු පෘතුවියම පාලානය කල රජ වරුන් ලෙසද දක්වා තිබේ.
 
භගවත පුරාණයේ දිගහැරෙන ඉතිහාසය.
 
ලෝකයේ ඉහල සහ පහත්  ජීවීන්ගේ පරමෝත්කෘෂ්ට තැනැත්තා වන බ්‍රහ්මයා   ඔහුගෙන් තොරව විශ්වයේ කිසිවක් නොපවතින හෙයින්  කල්ප අවසානය ලඟා වී ඇති බව දැන ගත්තේය. ඔහුගේ නාභියෙන් රන් නෙළුමක් පැනනැගුනු අතර හිස් 4ක් සහිත රජෙකු ඒ මත පහල විය. මරිසි බ්‍රාහ්මයා ගේ මනසින් උපත ලැබීය. ඔහු අදිති , සහ විවාසවන් මැවීය. විවාස්වන් විසින්  සම්ජනා, මනු ශ්‍රද්ධාදේව සහ ඔහුගේ බිරිඳ ශ්‍රද්ධා මැවීය. මනු ට දරුවන් 10 දෙනකු වීය. ඔවුන් නම් ඉක්ශාව්කු, නරිග, සරයටි, දිශ්ත, ද්රිෂ්ට, කරුෂ්ක, නරිශ්‍යන්ත, ප්රිෂද්‍ර,  නභග,  සහ කවිය. මනුට මුල් යුගයේ පුතෙකු නොවීය.  බලවත් වසිෂ්ඨ විසින් මනුට පුතුන් පතා මිත්‍ර සහ වරුණ යන උපදෙවියන්ට යාගහෝම කළේය. නමුත් මනුගේ බිරිඳ යාගහෝම වලට සහභාගිවූ පුජකයාට තමන්ට දුවකු ලබා දෙන ලෙස ඉල්ලිය. ඒ හේතුවෙන් ඔවුන්ට ඉලා නම් දුවකු ලැබුණි. දුවකු ලැබීම ගැන මනු කම්පාවිය. ඔවූන්ගේ සීයාගේ පියා වන වසිෂ්ඨ වූනු  වරද ගැන කම්පා නොවන ලෙස කියා යාඥා කර ඉලා පිරිමියකු බවට පත් කළේය. ඔහු සුද්යුමන ලෙස නම් කළේය. සුද්යුමන වරක් දඩයමේ ගොස් සිටිත්දී සුකුමාර වනයට ඇතුළු විය. එම වනයේ ශිව සිය බිරිඳ උමා සමග පෙමින් වෙලී සිටි අතර ඔවුන් සිටි ස්ථානයට ඔහු පිවිසි අවස්ථාවේ ඔහු නැවත කාන්තාවක් බවට පත් විය. ඔහුගේ මෙන්ම ඔහු සමග සිටි පිරිසගේද ලිංග මාරු විය.
 
සුද්යුම අතුරුදහන් වූ පසු වයිවස්තු මනු නැවත පුතෙක් ලබා ගැනීම සඳහා ජුම්මා ගඟ අසල අවුරුදු 100 තපස් දම් රැකීය. හරි දෙවියන්ට  වැඳීමෙන් ඔහුට දරුවන් 10 දෙනෙක් ලැබුණි. මින් වැඩිමලා ඉක්ශාව්කු ය. මනුගේ තවත් පුතෙකු ප්රිෂද්‍ර වන අතර ඔහු ගවයන්  බලා ගති. වරක් ගවයන් කෑමට පැමිණි කටියකු මරන්නට ගොස් වැරදී ඔහු අතින් ගවයාගේ හිස කඩු පහරින් වෙන්විය. ඔහු විසින් කරන ලද පාපය දැක ඔහුගේ ගුරු ඔහු ශුද්‍ර යකු ලෙසට ශාප කළේය. වාසුදේව දෙවියන්ට පුදපුජා පවත්වා එම ශාපයෙන් මිදී තාපසයෙක්ව ඔහු වනයට පිවිස එහිදී ලැව්ගින්නට පැන්නේය, මනුගේ බාල පුතු කවි භෞතික වස්තුන්කෙරෙහි ආසාවක් නැති බැවින් තපසට ගියේය.
 
මනුගේ කරුෂ නම් පුතුගෙන් කරුෂ නම් රාජවංශය බිහිවිය.  ඔහු උතුරු රාජ්‍ය පාලනය කළේය. ඔහු අතිශයෙන්ම බ්‍රාහ්මණ ආගමික සංස්කෘතිය  ආරක්ෂා කළේය.
 
මනුගේ ද්රිෂ්ත පුතුගෙන් ධර්ශ්ත නම් රාජ පරපුරක් බිහිවිය. ඔවුන් බ්‍රාහ්මණ තත්වයේ සැලකිණි. එම පරපුර නම් සුමති, භුතජෝති, වාසුද,  ප්‍රතිකය,. ඔග්හවාන්ය, ඔග්හවාන් ගේ පුතුගේ නමද ඒ නමමය. ඔග්හවාන් ගේ පුතුගේ දුවගේ නමත් ඔග්හවාන්ය.
 
මනුගේ නරිශ්‍යන්ත පුතු චිත්‍රසේනය, ඔහුගේ පරම්පරාව රික්ෂ, මිධ්වාන්, පුර්ණය, ඉන්ද්‍රසේන විතොරය, සත්‍යස්රව, උරුස්රව, දේවදත්ත, අග්නිය. (මොහු හු බලගතු මුනිවරයෙකි). ඔහුගෙන් අග්නිවේශයායන  නම් බ්‍රාහ්මණ පරපුරක් පැවතුනි.
 
මනුගේ දිෂත ගේ පුතා නභහවේ.ඔහුගෙන් එන පරම්පරාව භලන්දන, වත්සප්‍රීතති, ප්‍රම්සු, ප්‍රමති, ඛනිට්ර,සක්ෂුෂ, විවිම්සති , රම්භ, ඛනිනෙත්ර, ඛරන්ධම, අවික්ෂිත් , මරුට්ට.(අධිරාජ්‍ය වාදියෙක්), දම, රාජ්‍යවර්ධන, සුධ්රිති,, නාර, කෙවල, ධුන්ධුමන්, බුධ, ත්‍රිනබින්දු (මොහු ශ්‍රේෂ්ට  රජෙකි). මොහුගේ බිසව අලම්බුෂාය. මෙම දෙපලට දුවක් සහ පුතුන්  වීය. දුවගේ නම ඉලවිලා ය. ඉලවිලා වෛශය  හා විවාහ විය. වෛශ්‍රය යෝග පිලිබඳ විශාරදයෙකි.  වෛශ්‍රය  හා ඉලවිලා  ගේ පුතා කුවේරය. ත්‍රිනබින්දු ගේ පුතුන් වන්නේ  විසාලා, සුන්යබන්ධු, ධුම්රකෙතු.  විසාලා වෛසාලි නම් නගරයක් නිර්මාණය කල අතර ඔහුගෙන් රාජ වංශයක් ද බිහි විය. (බෞද්ධ ඉතිහාසයේ එන විශාලා නුවර වෛසාලි ලෙස හඳුන්වා ගෙන ඇත්තේ මේ නිසා විය හැක.) විශාල ගේ පුතා හේමචන්ද්‍ර, ඔහුගේ පුතා ධුම්රක්ෂ, ඔහුගේ පුතු සම්යමය. ඔහුට ක්‍රිසව සහ දේවජ නමින් පුතුන් 20 නකි. ක්‍රිසවගේ පුතු සොමදත්තය. ඔහු විෂ්ණුට අශ්වයන් බිලි පූජා කර සියලුම යෝගීන්ට වඩා විශිෂ්ට තත්වයක් ඔහු උදාකර ගත්තේය. ඔහුගේ පුතු සුමතිය. ඔහුගේ පුතු ජනමෙජය 
මනුරජගේ  සර්යති නම් පුතා උග්‍ර බ්‍රාහ්මනයෙකි. ඔහුගේ දුව  සුක්යානා ස්යාවන නම් මුනි සමග විවාහ විය. සාර්යති  ගේ  පුතුන්වන්නේ උත්තනබර්හි, අනර්ථ, භුරිශෙන ය. අනර්තගේ පුතා රේවතය. ඔහු සාගරයේ කුසස්තලි නම් නුවරක් නිර්මාණය කළේය. ඔහුට පුතුන් 5ක් විය. කකුදුමි ඉන් වැඩිමලාය. ඔහුගේ දියණිය රේවතිය.
මනුගේ පුතු නභගගේ බාලම පුතා නභගය, නභගගෙන් අම්බරිෂ උප්පත්තිය ලැබීය. ඔහු බොහෝ සම්පත් ඇති පුද්ගලයෙක් වීය. මහද්වීප 7 හිම වූ දනය හිමිකරුවෙක් වීය. ඔහු විවිද ආකාර ක්‍රම වලින් දෙවියන්ට සේවය කළේය. ඔහු බ්‍රාහ්මන වරුන් වන වශිෂ්ට, අසිත,  ගෞතම මෙන් අශ්වයන් බිලි පුජා දුන්නේය. සරස්වතී ගඟ වැලි කතරේ ගලා යන සෑම පෙදෙසකම ඔහු වන්දනාමාන කළේය.
අම්බරිෂගේ  පුතුන් 3 දෙනා විරූප, කෙතුමන්, සම්භූය. විරූපගේ පුතා ප්රිශදේවය. ඔහුගෙ පුතා  රතිත්‍ර, රතිත්‍ර ට දරුවන් නොමැති බැවින් ඔහුගේ බිරිඳ අන්ගිර නම් මුනි සමග එක්ව  ක්ෂේස්ත්‍රජත නම් දරුවකු බිහි කළේය.
 
මනුගේ පුතු ඉක්ශාෂු මනු වරක් කිවිසීම් කරන විට මනුගේ නාසයෙන් උපන් බව දැක්වේ. ඉක්සාශුගෙන් උපන් දරුවන් 100යෙන් විකුක්ෂි, නිමි, දණ්ඩක තිදෙනා විශිෂ්ටයන් වීය. මෙම 100න් 25 දෙනෙක් නැගෙනහිර ආර්යවර්තහි රජවිය.  තව 25 දෙනෙක් බටහිරද, තුන් දෙනෙක් මධ්‍ය දේශයේද, අනෙක් දරුවන් අන් පෙදෙස්ද  පාලනය කළේය.
ඉක්ෂාසු  රජුගේ පුත් විකුක්ෂි පියා විසින් රටින් නෙරපනු ලැබීය. පියා විසින් නෙරපීමෙන් පසු පෙරලා  පෘථිවිය  පාලන කිරීම සඳහා ඔහු පැමිණියේය. ඔහුගේ පුතා පුරන්ජයය. ඔහු ඉන්ද්‍රවහ නමින්ද හැඳින්විය. ඔහුට එම නම ලැබුනේ  වරක් දෙවිවරු සහ යකුන් අතර යුද්ධයක් විය. එම යුද්ධයෙන්  ඔහු වීරයකුවූ නිසාය .

පුරන්ජය ගේ පුතා අනෙනාය. ඔහුගෙන් ආ පරපුර විස්වගන්ධි, සන්ද්‍ර, යුවන්සව, ස්රාවස්ට, , බ්‍රිහදාස්ව, කුවලයාස්ව, (මොහුට විශාල බලයක් විය, ඔහුට පුතුන් 21000). උන්ටල නම් මුනි සතුහටු  කිරීම වස් ධුන්දු නම් යකු මරා දැමීය. එමනිසා ඔහු ධුන්ඩුමාර නමින් ද හැඳින් විය. ඔහුගේ දරුවන් දුන්ඩු ගේ මුවින් පිටවූන ගිනිදැල් වලින් පිල්ස්සුනු බව දක්වයි. ඉතුරුවුණු  දරුවන් නම් ධ්‍රිදස්ව, කපිලස්ව, භාද්‍රස්ව ය.
 
ධ්‍රිදස්ව ගේ පරපුර හර්යාස්ව, නිකුම්භ, බහුලස්ව, ක්‍රිසස්ව, සෙනජිට්, යුවනාස්ව, යුවනාස්වට දරුවන් නැත .  ඔහු තමන් ගේ  බිරින්දෑවරු සමග වනගත විය. ඔහු දරුවන් නැතිව දුකින් සිටින විට මුනිවරු දරුවන් ලබාදීම සඳහා ඉන්ද්‍ර යාඥා නම් යාගයක් සංවිධාන කළේය. එක රැයක් පිපාසිතව අවධිවුන යුවනාස්ව බිරින්දෑවරුන්ට දීම සඳහා මතුරමින් තිබු ජලය ඔහු පානය කළේය. ඉන්පසු බිරිඳලා වෙනුවට රජ දරුවකු ප්‍රසුත කළේය. ඉන්ද්‍ර දෙවියන් ඔහුට  ත්‍රසද්දසයු  ලෙස නම් කළේය. රාවණා වැනි අමාරුකාරයින් ඔහුට බය විය.
 
යුවනස් ගේ පුතු මන්ධාත මහපොළවේ මහද්වීප 7 ම පාලනය කළේය. ඔහු ගේ බිසව බින්දුමති. සසබින්දු රජගේ දුවය. සසබින්දුගේ පුතුන් පුරුකුටස්, අම්බරිෂ, මුකුන්ද, ඔවුන් යෝගීන්ය. ඔවුන්ගේ සොහොයුරියන් 50 දෙනා සිය ස්වාමිපුරුෂයා ලෙස සුභාරි මුණි තොරාගති, නමුත් ඔහු රජගෙන් එක දියණියක් පමණක් පැතීය. එහත් දියණියන් සියල්ලන්ටම ඔහු ස්වාමිපුරුෂයා කර ගැනීමට අවශ්‍ය විය
 
මන්ධාතගේ ශ්‍රේස්ටම පුතු අම්බරිශාය. ඔහුට වයුවන්ස නම් පුතෙක් විය. ඔහුගේ පුතා හරිතය.මෙම අම්බරිශ,  වයුවන්ස,  හරිත, මන්ධාත  රාජවංශයේ වඩා විශිෂ්ටයන් විය. මන්ධාතගේ තවත් පුතෙකු වන පුරුකුටස්ව   ඔහුගේ බිරිඳ වන නර්මදා විසින් වාසුකි නම් නාග රජුගේ ඉල්ලීමට  පෘථිවියේ පහල ප්‍රදේශයට රැගෙනගිය අතර විෂ්ණු දෙවියන්ගේ බලය ඇතිව ගාන්ධර්වයන් මරා දැමීය. පුරුකුටසගේ පරම්පරාව මෙසේ වේ. ත්රසද්දසු , අනර්නය, හර්යසව, පැරුණ, ත්‍රිබන්ධ, සත්යවතාරය. මෝහු බ්‍රාහ්මන දුවක් විවාහවන අවස්ථාවේ ඇය පැහැරගත් නිසා ඔහුව වංශයෙන් ඉවත දමනු ලැබු අතර ට්‍රිසන්කු ලෙස නම් කළේය. ඔහු විශ්වමිත්‍ර (කෞශික) මුනිගේ ශුරභාවය හේතුකොට ස්වර්ගයට ගියේය. ට්‍රිසන්කුගේ පුතා හරිස්චන්ද්‍රය.
 
හරිස්චන්ද්‍ර ගේ පුතා රෝහිතය. ඔහුගේ පුතු හරිතය. ඔහුගේ පුතු සම්පා, සම්පපුරි නම් නගරයක් නිර්මාණය කළේය. ඔහුගේ පරපුර සුදේව, විජය, භරුක, ව්රික, බහුක. සාගර (ඔහුට ඒ නම ලැබුනේ ඔහුගේ පුතුන් ගංගා ගඟ සාගරය දක්වා ගලා යෑමට සැලැස්වීමැ නිසාය). සාගර රජ දෙවියන් යදිමින් අශ්වයන් බිල්ලට දෙමින් ජීවත්වූ  වේදය මැනවින් දත් ප්‍රසිද්ධ රජෙකි.
 
වරක් අශ්ව බිලි පුජා සඳහා රැගෙන ආ අශ්වයකු නැති වූ විට සාගර රජුගේ සුමති බිසවගේ පුතුන් රට පුරාම අශ්වයා සෙවීය. ඔවුන් අශ්වයා කපිල මුනිගේ ආශ්රාමය අසල දැක සොරා කපිල මුනි යයි සිතා මුනිවරයා මරන්නට තැත් කළේය. එම අවස්ථාවේ මුනිවරයා ඇස් ඇර බැලු අතර රජු ගේ දරුවන් සියල්ලන්ම අළු වී ගියේය. සාගරගේ තවත් බිරිඳක් වන කෙසිනි ගෙන් ලැබුණු දරුවාගේ නම අසමන්ජසය. ඔහුගේ පුතා අම්සුමාන්ය. ඔහුගේ පුතා දිලිපය. ඔහුගේ පුතා භගිරතය. ඔහුගේ පරපුර නම් ස්රුත, නභ, (සින්ධුදේශය බිහි වූනේ නභ ගෙනි),අයුතායු , රිටුපාර්ණ ,  සර්වකාම, සුදස, සවුදස, අසම්ක, බලික, දසරත, අයිදවිදි, විස්වාශ, ඛත්වංග (අධිරාජ්‍ය වාදියෙකි), දිර්ඝබාහු, රඝු, අජ , දසරත, (රාමාගේ පියා).
 
දසරතගේ දරුවන් වන්නේ රාම, ලක්‍ෂ්මන්, භාරත , සත්රුඝ්න ය. ඉන් අනතුරුව භගවත පුරාණය  රාම රාවන යුද්ධය ගැන විස්තර සඳහන්  වේ. සීතාට කුස සහ ලාවන  නමින් දරුවන් 2ක් ලැබුණි. ලක්‍ෂ්මන් ගේ දරුවන් අංගද, සිත්රකෙතු, වන අතර භාරත ගේ දරුවන් තාක්‍ෂ, පුෂ්කලය . සත්රුන්ඝගේ දරුවන් සුබාහු, සෘතසේනය.  සීතා ස්වර්ගයට ගිය විට දෙවියන් විසින් අග්නිහොත්ර නම් යාගයක් වසර 13000 නොකඩවා කල බව දැක්වේ.
 
රාමා ගේ පුතා අටිති ගෙන් ආ පරම්පරාව, නිෂධ, නභ, පුන්ඩරික, ක්ෂේමධනව, දෙවානික, අනිහ, පරියට්ර, බලස්තල, වජ්රනාභ, සගන, විධ්රිටි, හිරන්යනාභ, ධ්රූවසන්දී, අග්නිවර්ණ, සිඝර, මරු. මරු කලියුගය අවසානය දක්වා ජීවත්වනු ඇත. ඔහු නැතිවුණ හිරු රාජවංශය යලි නැගීසිටීම සඳහා පුතෙකු බිහි කරනු ඇත . එම පරම්පරාව ප්‍රසුස්රුත, සන්ධි, අමර්ශන, මහස්වාන්, විස්වබාහු, ප්‍රසේනජිත්, ටක්ෂක, බ්‍රිහද්බල වනු ඇත.
 
මෙම සියලු ඉක්ෂාකු රාජවංශයේ රජවරු මියගොස් හමාරය. ඉදිරියේ උපදින රාජ නාමාවලිය මෙසේ පුජකවරයා විසින් දක්වනු ලැබේ.  බ්‍රිහද්බලට පසුව,බ්‍රිහද්රන, උරුක්රිය, වට්සව්රිද්ධ, ප්‍රතිව්යෝම, භානු, දියක, සහදේව, බ්‍රිහදස්ව, භනුමන්, ප්‍රකිට්සව, සුප්‍රටික, මරුදේව, සුනක්ෂට්ර, පුෂ්කර, අන්ටරික්ෂ, සුටප, අමිට්රජිත්, බ්‍රිහද්රජ, බර්හි, ක්රිටන්ජය, රණන්ජය, සංජය, සකය, සුද්ධෝද, ලන්ගල, ක්ෂුද්රක, රනක, සුරත, සුමිත්ර, මෙයින් බ්‍රිෂද්බල රාජ වංසය නිමාවේ. මේ අනුව සුමිට්ර අවසාන රජ වී ඉක්ශාෂු පරම්පරාව කලියුගයෙන් ඉවර වන්නේය.
ඉක්ශාව්කු රජුගේ නිමි නම් පුතුගෙන් පැවත එන  පරම්පරාව,  ජනක, (මොහු මිටිල නම්ද වේ, ඔහු මිටිල නම් නගරය  නිර්මාණය කළේය). උදාවසු,  නන්ධිවර්ධන, සුකෙතු , දෙවරත, බ්‍රිහද්රත, මහාවිර්ය, සුධ්‍රිති , ද්රිෂ්තකෙතු, හර්යාස්ය, මරු,  ප්‍රටිපක, ක්‍රිටරත, දෙවමිද්ධ, විස්රුත, මහාධ්රිටි, ක්‍රිටිරත, මහාරෝම, ස්වර්නරෝම, හ්රස්යරෝම, සිරධ්වජ, ඔහුගේ දියණිය සීතාදේවි (රාමාගේ බිරිඳ),  සිරධ්වජ ගේ පුතා කුසධ්වජ, ධර්මද්වජ , ඔහුට පුතුන් 2නෙකි. ක්‍රිටධ්වජ,මිටධ්වජ, ක්‍රිටධ්වජ ගේ පුතා කෙසිධ්වජ, මිටධ්වජ ගේ පුතා ඛන්දඩික්ය. ඛන්දඩික්ය කෙසිධ්වජට බයේ පැන ගියේය. කෙසිධ්වජ ගේ පුතා භානුමාන් ගේ පරපුර, සටද්වුම්න, සුචි, සන්ද්වජ, උර්ජකෙතු, අජා, පුරුජිට්, අරිෂ්ඨනෙමි, ස්රුතායු, සුපාර්ස්වක, චිට්රරත, ක්ෂේමධි, සමරත,  සත්යරත,  උපගුරු, උපගුප්ත, වස්වන්ත, යුයුධ, සුභාෂන , ස්රුට, ජය, විජය,රිට, සුනක, විටහව්‍ය, ධ්‍රිටි, බහුලස්ව, ක්‍රිටි, මහාවසි. මේ මිටිල රජගෙන් පැවත එන්නන්ය.
 
චන්ද්‍ර  වන්ශිකයන්ගේ රාජ පරම්පරාව,
 
මෙම වංශයේ ආරම්භකයා අයිලාය. විෂ්ණුගේ නාභියෙන් නෙලුම් මලක් පහලවූ අතර ඒ මත හිස් දහසක් සහිත ධාතු පහල විය. ධාතුට අට්‍රි නම් පුතෙකු වීය. අට්‍රි ගේ කඳුළු බිඳුවකින් සෝම උපත ලැබීය. ඔහු 3න් ලෝකය විජයග්‍රහහණය කළේය. ඔහු බ්‍රිහස්පතිගේ බිසව, ටාරා බලයෙන් පැහර ගත්තේය. මේ නිසා සුර සහ අසුරයන්  අතර ගැටුමක් හට ගත්තේය.  අසුරයන්ගේ අධ්‍යාත්මික ගුරු වන සක්‍ර සහ අසුරයන් බ්‍රිහස්පති කෙරෙහි තිබු එදිරිය නිසා සඳ දෙවිඳු ගේ පාර්ශවය ගත්හ. මෙම සටනින් සුර සහ අසුර  යන්ට බොහෝ හානි සිදුවිය. ලෝකය මවන ලද බ්‍රහ්ම විසින් සෝමාට දඬුවම් කොට ටාරා බ්‍රිහස්පටි භාරදුනි. එහෙත් වන විටත් ඇය සෝම නිසා ගැබ් ගෙන තිබුණි. ඔහු බුධ නමින් නම් කළේය. බුධට ඉලා ගෙන් පුරූරව ලැබුණි,  පුරූරවව ගේ බිසව උර්වසිය.
ඔවුන්ගේ පුතුන් සයදෙනෙකි. අයු, ස්රුතයු, සට්යායූ, රය, විජය සහ ජය. ස්රුතයු ගේ පුතා  වසුමාන්ය.  සට්යායු ගේ පුතා ස්රුතන්ජය. රයගේ පුතා එක. ජය ගේ පුතා අමිට. විජයගේ පුතා භිම, භිමගේ පුතා කාන්චන , කාන්චනගේ පුතා හොට්රක. ඉන්පසු ජහනු, ජහනු ගංගා නදියේ වතුර එක උගුරට බිවු බව දැක්වේ. ජහනුගේ පුතා පුරුය. ඔහුගෙන් බලක, බලකගෙන් අජක, අජක ගෙන් කුස, කුසගේ පුතුන් 4 දෙනා කුසම්බු, ටනය, වසු සහ කුසනභ උපත ලැබීය. ඉන් පසු රජ වුයේ කුසම්බු ගේ පුතා ගාධිය. ගාධිගේ ගේ දුව සත්යවති. සත්යවති ගේ පුතා ජමද්ගනිය. සත්යවති පසු කලක කසුකි නම්  පුජ්‍යත්වයට පත් ගංගාවක් බවට පත් වී මුළු ලොවම පවිත්‍ර  කල බව දැක්වේ. ජමද්ගනි රෙණුගේ ගේ දුව වන රෙණුකා විවාහ කර ගන්නේය. ඔවුන්ට බොහෝ පුතුන් ලැබිණි. වසුමාන් අතරින් වැඩිමලාවේ. පරසුරාම (රාම) බාලයා විය. ඔහු 21 වරක් බ්‍රාහ්මණයන්ට   ගරුනොකරන  හිහය රාජවංශය අතුගා දැමීය. ඔහු වාසුදේවගේ අවතාරය ලෙසද දක්වයි. හිහය වරුන්ගේ රජ වන කර්ටවිර්යාර්ජුන වරක් රේව නදියේ සුන්දර කාන්තාවන් සමග සිටින විට තමන් ගේ විජයග්‍රහණය ගැන ආඩම්බර වී සිය අතින් එම නදියේ ජලය ගලායාම නැවත වීය. එම අවස්ථාවේ ජලය උඩුගම්බලා ගමන් කල අතර රාවන  රජුගේ කඳවුර යටවිය. ඉන් කෝපයට පත් රාවන රජ කාන්තාවන් ඉදිරියේ ඔහුට නින්දා කළේය. ඔහු රාවන අල්ලා ඔවුන්ගේ අගනුවර මහිස්මති හි රඳවාගෙන පසුව නිදහස් කරන ලදී.
ගාධි ගේ  පුතා විශ්වමිත්‍රය . විශ්වමිත්‍රර පුතුන් එකසියදහයකි, මෙයින් මැද පුතාගේ නම මදඩුචන්දත . ඔහු බ්‍රිගු රාජවංශයේ අජිගර්ටගේ පුතා සුනෂේප සිය පුතා ලෙස භාර ගති.
 
පුරුරයා ගේ එක පුතකු වන්නේ අයු . ඔහුගේ දරුවන් නහුෂ, ක්ෂට්රව්රිද්ධ, රැජි, රාභ, අනෙනා.  ක්ෂට්රව්රිද්ධ ගේ පුතා සුහොර්ත, ඔහුට පුතුන් 3 නෙකි. එනම් කාස්ය, කුස, ග්‍රීට්සමදය. ග්‍රීට්සමද ගෙන් සුනක, ඔහුගෙන් සෞනක, (ඍග් වේදය සම්බන්ධ මුනිවරයෙකි)  උපත ලැබීය. කාස්ය ගේ පුතා කසී, ඔහුගේ පරපුර, රාශ්ත්‍ර, දීර්ඝතම, ධනවන්තරී (ඔහු වාසුදේවගේ අවතාරයකි, ආයුර්වෙදයේ ආරම්භාකයාය ) කෙටුමාන්, භිමරත, දිවොදාස,  ද්යුමාන්, අලර්ක, (මොහු පෘථිවිය වසර 66000ක් පාලනය කල බව දැක්වේ.), සන්ටටි, සුනිත, නිකේතන, ධර්මකෙතු, සත්යකෙතු, ද්රිෂ්තකෙතු, සුකුමාර (මුළු ලෝකයම මොහු පාලනය කල බව දැක්වේ.), විටිහොට්ර, භර්ග, භර්ගභුමි. ක්ෂට්‍රවරිද්ධ් ගේ සොහොයුරා රාභගේ පුතා රභස, ඔහුගේ පරම්පරාව ගම්භිර, අක්‍රිය, බ්‍රහ්මවිට්, අනෙනාගේ පරම්පරාව සුද්ධ, සුචි, චිට්‍රක්රිට්, සාන්තරාජා,
රජි ගේ පරම්පරාව,  රජිට පුතුන් 500කි. ඔහු දෙවිවරුන්ගේ ඉල්ලීම පරිදි යකුන් මරා ඉන්ද්‍රදෙවියන්ගේ  භවනට යලි ගියේය.රජිගේ දරුවන් සත්‍ය මාවතින් බැහැරවීම නිසා ඉන්ද්‍ර  දෙවි ඔවුන් සියල්ල විනාශ කල බව දැක්වේ. කුසගේ පරම්පරාව, ප්‍රති, සංජය, ජය, ක්‍රිට, හර්යබල, සහදේව, හින, ජයසේන, සන්ක්‍රිටි, ජය. නහුශට පුතුන් 6කි, යටි, යයටි, සම්යති, අවතී, විවටි, ක්‍රිටි යන අයය.  මින් යයටි රජ විය. ඔහුගේ දරුවන් දෘහ්යු , යදු, ටුර්යසු, අනු, පුරු.
 
පුරු රාජ වංශය
ජයමේජය, ප්‍රසිනවාන්, ප්‍රවිර, මනුස්වූ , චාරුපද, සුද්යු, බහුගව,සම්යාටි, අහම්යටි, රුද්‍රස්ව, රිතෙයු, කක්ෂෙයු, ස්ටන්ධඩිලෙයු,  ක්‍රිටෙයුක, ජලෙයු, සන්නටෙයු, ධර්මෙයු, සත්යෙයු, ව්රටෙයු, වනෙයු, රන්ටිනාව, සුමටි, ධරුව, අප්‍රටිරත, කන්ව, මෙධාටිති, ප්‍රස්කන්න, රෙභී, දුෂ්මන්ට, (දුෂ්මන්ට සකුන්තලා විවාහ කරගනී). ඔවුන්ගේ පුතා භාරත මොහු ලොවම ජයගත් අධිරාජවාදියෙකි.
භාරත,මනුයුගේ පුතා විතත හදාවඩා ගන්නට දෙනු ලැබීය.  ඔහු භාරද්වාජ ලෙස හැඳින් විය. බ්‍රිහට්ක්ෂට්ර, ජය, මහවිර්ය, නර, ගර්ග, සන්ක්‍රිති, ගුරු, රන්ටිදේව.  රන්ටිදේව, මොහු යෝගියෙකි. රන්ටිදේව ගේ පුතු සිනිය,  සිනිගේ පුතු ගර්යාය,
මහාවිර්ය ගේ පුතා දුරිතක්ෂය, ඔහුගේ පුතුන් ට්‍රය්යරුනි, කවි සහ පුෂ්කරාරුනිය. මේ සියල්ලම බ්‍රාහ්මණ පරම්පරාවට අයත් වේ.
 බ්‍රිහට්ක්ෂට්ර ගේ පුතා හස්ති, හස්තිනාපුර නගරය නිර්මාතෘ ඔහුය. මෙය අද දිල්ලි නගරය ලෙස සැලකේ. හස්තිගේ පුතුන් අජමිධා, ද්විමිධ සහ පුරුමිධා ය. අජමිධා ගේ පරම්පරාවේ මුලිකයා ප්‍රියමේධය. මේ සියල්ලම බ්‍රාහ්මණ වරුන්ය. අජමිධා ගේ තවත් පුතෙකු වන්නේ බ්‍රිහදිෂුය. ඔහුගේ පරම්පරාව. බ්‍රිහද්ධානු, බ්‍රිහත්කය, ජයද්‍රත , විසද,  ස්යෙනජිත්, ඔහුගේ පුතුන් රුචිරාස්ව, ද්රිධාහනු, කාස්ය, සහ වට්සාය. රුචිරාස්ව ගේ දරුවා   පාර, පාරගේ දරුවන්  ප්‍රිතුසේන සහ නිප. නිපට දරුවන් සියයකි.  ක්‍රිට්වි නම් බිසවගෙන් ඔහුට බ්‍රහ්මදට්ට නම් පුතෙකු ලැබුණි, ඔහු යෝගිවරයෙකි. ඔහුගේ බිසව සරස්වතිය. මෙම දෙපලගේ දරුවා විශ්වකේසණය. මෙම පුතා ජෛගිෂව්‍ය නම් ඍශිගේ උපදෙස් මත යෝගී ක්‍රමයක් සොයා ගත්තේය. මොහුගේ පුතා උදක්සේනය.  ඔහුගේ පුතා භල්ලාත, මොවුන් බ්‍රිහදිෂු වරුන් ලෙස දැක්වේ.
ද්විමිධගේ ගේ පුතා ක්‍රිටිමාන්ය. ඔහුගෙන් පැවත එන පරම්පරාව සත්‍යධ්‍රිටි, ද්රිධනෙමි, සුපාර්ස්ව, සුමටි , සන්නටිමාන්,  ක්‍රිටි,  (බ්‍රහ්මයාගෙන් සංගීත ඥානය ලැබූ බව දැක්වේ.), නිප, උග්‍රායුධ, ක්ෂේම්ය, සුවීර, රිපුනාජ, බහුරත,
ද්විමිධ ගේ බාල සොහොයුරා වන පුරුමිධට පුතුන් නැත. අජමිධ සහ ඔහුගේ බිරිඳ නලිනි ගේ පුතා සාන්ටි, ඔහුගේ පරම්පරාව, සුසාන්ටි, පුරුජ, අර්ක, භර්ම්යාස්ව, භාර්මයාස්වට පුතුන් 5කි. මුද්ගල, යවිනර, බ්‍රිහද්විස්ව, කාම්පිල්ල, සංජය. මුද්ගලගෙන් මෞද්ගල්ය මුද්ගල නම් බ්‍රාහ්මණ වංශයක් පැවතුනි. ඔහුට  නිවුන් දරුවන් දෙදෙනකි. පිරිමි දරුවා දිවොදාස වන අතර ගෑනු දරුවා අහල්‍යා ය. අහල්‍යා ගෞතම සමග විවාහ වූ අතර ඔවුන්ගේ දරුවා සටානන්දය. සටානන්දගේ දරුවා  සට්‍යද්‍රිතිය. සරද්වාන් ඔහුගේ පුතාය. ඔහුට ගැහැණු සහ පිරිමි දරුවෙකු විය. දිනක් සාන්ටනු රජ මෙම නිඹුල්ලුන් දඩයමේ ගිය විට දැක ආදරය සිතී ඔවුන් රැගෙන ගොස් පිරිමි දරුවාට ක්‍රිප ලෙසත් ගැහැණු දරුවාට ක්‍රිපි ලෙසත් නම් කළේය. ක්‍රිපි පසුව ද්රෝනාචාර්ය සමග විවාහ විය.
දිවොදොස ගේ දරුවා මිට්‍රායු, ඔහුගේ පුතුන් ච්වාවන. සුදාස, සහදේව, සෝමකය. සොමකගේ පුතා ජන්තුය, ඔහුගේ බාල පුතා ප්රිශ්ටය. ඔහුගේ පුතා දෘපද , දෘපද ගේ දියණිය දෘපදිය. දෘපද ගේ පුතුන් අතරින්  ධ්‍රිෂ්ඨද්යුමනා මුලිකයාය. ඔහුගේ පුතා ධ්‍රිෂ්ටකේතුය. භර්ම්යාස්ව  ගෙන් පැවත එන්නන් පංචාල වරුන් ලෙස හදුන්වයි. ඒ ඔහුගේ පුතුන් පස්දෙනා රාජධානිය 5 ට බෙදා පාලනය කල නිසාය, 
 
අජමිධාගේ  තවත් පුතෙකු වන්නේ රික්ෂ, ඔහුගේ පුතා සම්වාරන , ඔහු සුර්ය දෙවියන්ගේ දුව වන ටපටි සමග එක්ව කුරු නම් පුතකු බිහි කළේය. කුරු යනු කුරු ක්ෂේස්ත්‍රයේ පාලකයාය. කුරුගේ දරුවන් වන්නේ පරික්ෂි, සුධනු, ජහනු, නිෂධ ය.  සුධනු ගේ පරම්පරාව  සුහොත්‍ර,  ච්වවන, ක්‍රිටි, උපරිචාර, වසු, බ්‍රිහද්රත, කුසාම්බ, මත්ස්‍ය, ප්‍රට්‍යගර, චෙදිප යන අය වේ. මේ අය චේදී නම් පෙදෙස පාලනය කළේය.

බ්‍රිහද්රත ගෙන් පැවතී පරම්පරාව , කුසාග්ර, රිෂභ , සට්‍යහිට, පුශ්පවාන්, ජාහු, ජරසන්ධ, සහදේව,සොමාපි, ස්රුටස්රවා, සුරත , විදුරත, සර්වබෞම, ජයසේන, රාධික, දෙවාපි,
මේ ආකාරයට මේ චන්ද්‍ර රාජ නාමාවලිය පාණ්ඩව, කරුවස, යයටි රාජ වංශ ඔස්සේ දිගහැරෙන අතර ක්‍රිෂ්ණා මෙම රාජ පරම්පරාවේ ප්‍රධාන චරිතය වන්නේ. ඔහු විෂ්ණු අවතාරයක් බැවිනි
බොහෝ සුරංගනා කතා වලින් පිරි ඉන්දියානු ඉතිහාසයේ චන්ද්‍ර වන්ශයෙන් පසු කලියුග රාජ නාමාවලියක් සඳහන් කර ඇත්තේය.
 
කලියුගයක ආරම්භය
.
භගවත පුරාණයට අනුව කලියුගය මෙසේ ආරම්භ වන්නේය. යදු රාජවංශයේ ප්‍රමුඛයා වන ක්‍රිෂ්ණාගේ සමුගැනීමෙන් පසු බ්‍රිහද්‍රත රජගෙන් පැවත එන අන්තිමයා පුරන්ජය රජවේ. ඔහුගේ ඇමති වන සුනක එම රජු මරා ඔහුගේ පුතු ප්‍රද්යෝට ට රජ කම ලබා දෙන්නේය. ප්‍රද්යෝටගේ පුතා පාලකය.  ඔහුගේ පුතා විසාඛයුප ය. ඉන්පසු රජ වන්නේ රජකය. ඔහු ගේ පුතා නන්ධිවර්ධනය. මෙම ප්‍රද්‍යොත රජවරු 5 දෙනා වසර 138ක් පෘථිවිය පාලනය කරන බව දැක්වේ.
ඉන්පසු සිසුනාග රජ උප්පත්තිය ලබන බව දැවේ. කාකවර්ණ ඔහුගේ පුතුවේ. ඔහුගේ පුතු ක්ෂේමධර්ම ඉන්පසු රජවේ. ක්ෂේමධර්මගේ පුතු ක්ශේත්‍රජ්නද ඔහු ගේ පුතු විධිසාර විධිසාරගේ පුතා අජාසතෘ. අජාසතෘ ගේ පුතා  ධර්බක, ධර්බක ගේ පුතා අජය රජවේ. අජයගේ පුතා නන්ධිවර්ධනය. ඔහුගේ පුතා මහානධීය. මෙම සිසුන්ග රජවරුන් 10 දෙනා කුරු වංශිකයන් වන අතර කලියුගයේ වසර 360ක් පෘථිවිය  පාලනය කරන්නේය.
 
මහානධිගේ එක පුතෙක්‌ වන නන්ද නම් වන පුතෙකු උප්පත්තිය ලබන්නේ කම්කරු පවුලක කතකට දාවය. මෙම නන්ද නම් පුතා රාජකීය වංශය වනසන්නෙක් වන අතර ආගමට ගරු කරන්නෙක් නොවන්නේය. ඔහු මිලියන සංඛ්යාත ජනතාවක් පාලනය කරන පෘථිවි පාලකයා වන අතර උග්‍රසේන ලෙසද නම් කරනු ලබන්නේය. ඔහුට දරුවන් 8 දෙනෙකු ලැබේ. ඔවුන්ගෙන් මුලිකයා සුමාල්‍යා වන අතර මෙම දරුවන් වසර 100ක් පෘථිවිය පාලනය කරනු ලැබේ.
 
මෙම නන්ද පරම්පරාව විශ්වාස කල චානක්‍ය විසින්ම ඔවුන් පෙරලා දමන්නේය. ඉන්පසු මෞර්යන් පාලනය කරනු ලැබේ. ඒ අනුව බ්‍රාහ්මණයන් විසින් චන්ද්‍රගුප්ත රජ කමට පත් කරනු ලබන්නේය. ඔහුගේ පුතා වාරිසාරය. වාරිසාරගේ පුතා අසොකවර්ධනය. ඔහුගේ පුතා සුයාසය. සුයාසගේ පුතා දසරතය, දසරත ගේ පුතා සංගට, ඉන්පසු රජවන්නේ සංගට ගේ පුතා සාලිසුක, ඉන්පසු සාලිසුකගේ පුතා සොමසර්ම, ඔහුගේ පුතු සාතධානව, ඔහුගේ පුතු  බ්‍රිහද්රත, මේ රජවරුන් 10 දෙනා කුරු දේශ වංශිකයින් වන අතර ඔවුන් කලියුගයේ වසර
137ක් පාලනය කරන්නේය.

ඉන්පසු බ්‍රිහද්රත රජතුමා ඔහුගේ ජෙනරාල්වරයා වන පුෂ්පමිත්‍ර අතින් ඝාතනය වනු ලැබේ. ජෙනරාල්වරයාගේ පුතා වන අන්ගිමිත්‍රගෙන් පසු සුජ්යෙෂ්ථ රජවේ. ඉන්පසු වාසුමිත්‍ර, භද්‍රක, පුලින්ද, ඝෝෂ, වජ්රමිත්‍ර, භගවත, දෙවභුති, පිලිවෙලින් රජවේ. මොවුන්ද කුරු වන්ශිකයන්ය. මෙම සුංග රජවරුන් 10 දෙනා වසර 112ක් පෘථිවිය පාලනය කරනු ලැබේ.
 
ඉන්පසු  කාන්වා රාජවන්ශය ඇරඹෙන  අතර මොවුන් ක්‍රියාවෙන් පහත් වැඩෙහි යෙදෙන්නන් බව දැක්වේ.  වාසුදේව නම් අමාත්‍ය වරයකු විසින් දෙයභුති නම් සුංග රජ මරා තමන් රජ බවට පත්වේ. ඉන්පසු ඔහුගේ පුතා භුමිත්‍ර ද ඉන් අනතුරුව ඔහු ගේ පුතා නාරායනද රජ බවට පත්වේ. මෙම කාන්වා රාජ පරපුර පෘථිවිය වසර 345ක් කලියුගයේ පාලනය කරනු ඇත.

අන්ද්‍රා වංශයේ පහත් පන්තික මිනිසකු වන බලි නම් තැනැත්තකු කාන්වා රාජපරම්පරාවේ අවසාන රජවන සුසර්මා මරනු ලැබේ. ඔහුගේ සොහොයුරා වන ක්‍රිෂ්ණා ඉන් පසු පෘථිවියේ පාලකයා වන්නේය. ඔහුගේ පුතා සාන්තකර්ණ රජවන්නේය. ඉන් පසු පෞර්නමාස, ලම්බෝදර, සිබිලක, මෙඝාස්වති, අතමාන, අනිෂ්ටකර්මා, හාලිය, පුරිෂභිරු, තලක,  චාකොර  සුනදන, පිලිවෙලින් රජ වෙති.  ඉන්පසු බහුස් රජවරු 8 දෙනෙක් පිලිවෙලින් රජ වෙති. මේ රජවරුන් අතරින් සිවස්වති රජ සතුරන් පරාජයේලා බොහෝ සමතෙකු වන්නේය. ඔහුගේ පුතා ගොමටි, ඔහුගෙන් පැවත එන රජ පරම්පරාව පුරිමාන්, මෙදසිර, සිවස්කන්ධ, යජ්නාශ්‍රී, විජය, චන්ද්‍රවිජ්න, ලොමධිය.  මෙම රජවරුන් 34 දෙනා පෘථිවිය අවුරුදු 456 ක් පාලනය කරනු ඇත.
 
ඉන්පසු අවබ්හ්රිටි නගරය මුල් කොටගෙන අභිර රජවරුන් 7 දෙනෙක්ද, ගර්ධබිස් රජවරු 10 දෙනෙක්ද, කනක රජවරුන් 16 දෙනෙක්ද පාලනය කරනු ලැබේ. ඉන්පසු යවන රජවරුන් 8 දෙනෙක්ද , තුරුෂ්ක රජවරු 14 දෙනෙක්ද, ගුරුන්ඩ, රජවරු 10 දෙනෙක්ද , මෞලස් රජවරු 11 දෙනෙක්ද පාලානය කරනු ලැබේ. මෙයින් පලවෙනි රාජවංශ 6 වසර 1099ක් පාලනය කරනු ලැබේ. මෞලස් රජවරු 11 දෙන වසර 300ක් පාලනය කරනු ලැබේ.
 
ඉන්පසු කිලකිලා නගරය මුල් කරගෙන වසර 160ක් භුතනන්ද රජ, වන්ගිරි රජ, සිසුනදී රජ, ඔහුගේ සොහොයුරු යසොනදී, සහ ප්‍රවිරක රජ කරනු ඇත.  මොවුන්ට දරුවන් 13ක් ලැබෙන අතර මොවුන් බාහ්ලික වරුන් ලෙස හඳුන්වනු ලැබේ.  මොවුන්ගෙන් පසු පුෂ්පමිත්‍ර ද ඉන්පසු දුර්මිත්‍ර රජ වෙ.  මෙම කාලය තුල අන්ද්‍රා, රජවරුන් 7 දෙනෙක්, කෞසල  රජවරුන් 7 දෙනෙක්, විධුර සහ නිෂද රජවරුන් පාලනය කරනු ලැබේ. ඉන්පසු මාගධයේ විස්වස්ෆුර්ජි පහලවනු ඇත. ඔහු විසින් සියලුම පන්තිකයන් යදු, පුලින්ද, මද්‍රකයන් වැනි පහත් අශිෂ්ට සම්පන්න පිරිස් බවට පත්කරනු ලැබේ. ඔහු පද්මාවතී නගරයේ සිට ගංගා සිට ප්‍රයන්ගා දක්වා පාලනය කරනු ඇත. භාග්‍යවන්තයන් උප්පත්තිය ලැබූ සෞරාශ්ත්‍ර , අවන්ති, අභිර, සූර, අර්බුධ, මාලය, හි ජීවත්වූවන්ගේ බලය බිඳ වැටෙන අතර සුද්‍ර යන් මෙන් පහත තත්වයට ඇද වැටේ.  සින්ධු ගංගා නිම්න ආශ්‍රිත පෙදෙස්, චන්ද්‍රභාගා, කෞන්ටි, කාස්මිර යන දිස්තික්ක අශිෂටාචාර මිනිසුන් පාලනය කරනු ඇත.
 
කලියූගය ආරාම්භ වන්නේ මෙයට වසර 5113 කට පෙරය. ගොතම බුදුන්වහන්සේ  උපදින්නේ කලි යුග වර්ෂ 2478 දීය. ඒ අනුව සුද්දන් විසින් බන්ධනය කර ඇති මේ මායා බැන්ඳුම පහසුවෙන් තෙරුන් කර ගත හැකිවන්නේය. මේ අනුව බලන කල භගවත පුරාණයට අනුව (138+ 360+ 100+ 137+ 112+ 345+ 456 + 1099)  ගොතම බුදුන් ගේ උප්පතිය වන විට එනම් කලියුග වර්ෂ 2478 වන විට ඉන්දියාවපාලනය කරන්නේ අවභ්හ්රිටි නගර මුල් කරගත් අභිර රජවරුන් හෝ ගර්ධබිස් රජවරුන් හෝ  කනක රජවරුන් හෝ  යවන හෝ රජවරුන්ගේ කාලයේය. මෙම භගවතා පුරාන ඉතිහාසයේ කලියුග නාමාවලියේ කොතනකවත්  බුදුන් කල ජීවත් වූ රජවරුන් දක්නට නොලැබේ. මෙම නාමාවලියේ චන්ද්‍රගුප්ත සහ අසෝක වර්ධන  නම් රජවරුන් 2 නගේ නම් දැක් වෙතත් ඔවුන්ද ජීවත්ව ඇත්තේ බුදුන්වහන්සේගේ  උප්පත්තිය සිදුවන්නට වසර 1500කටත් පෙරය. එමෙන්ම මෙම රජවරුන් දෙදෙනාද  දක්වා ඇත්තේ කුරු රාජ වංශිකයන් ලෙසය. මෙමරාජ  වංශ අතර ශාක්‍ය හෝ ඔක්කාක යන නාමයන් ගෑවීවත් නැත.
අපේ රටේ දීපවංශයේ මෙසේ දැක්වේ. උදය රජතුමා වසර 16ක් රජ කරනු ලබන අතර  රජ වී  6 වෙනි වසර රාජ කාලය තුල උපාලි (විනය පිටකාචාර්ය)  මහ රහතන්වහන්සේ අපවත් වූ බව දැක්වේ. අජාසත්ත රජ රජවී 8 වෙනි වසර වනවිට උපාලි මහා රහතන් වහන්සේට වසර 60ක් වන බව දැක්වේ. දස්සකෝ උන්වහන්සේගේ ගෝලයාය. උන්වහසේ නාගදාස  රජ්ජුරුවන්ගේ 10 වෙනි රාජ්‍යපාලනය කාලය වනවිට වයස 45 කි. එවිට පණ්ඩු රජ රජ වී වසර විස්සකි.  එම හිමි නම වයස  64 දී සුසන්ග රජගේ 8වෙනි රාජ්‍ය පාලන කාලය තුල අපවත් වන්නේය. දස්සක හිමි නමගේ ගෝලයා සෝනක තෙරුන්ය. උන්වහන්සේට  කාලාශෝක රජතුමාගේ 10 වෙනි රාජ්‍ය පාලන කාලය තුල වයස 40 කි. උන්වහන්සේ නන්ද රජතුමාගේ 6 වන රාජ්‍ය කාලය තුල වයස 66 දී අපවත්වන්නේය,  සෝනක හිමිගේ ගෝලයන් වන්නේ සිග්ගව සහ චන්ඩවජ්ජි හිමිවරුන්ය. සිග්ගව හිමියන් චන්දගුත්ත රජුගේ 2 වැනි රාජ්‍ය කාලය තුල වයස 64කි. එවකට පණ්ඩුකාභය රජ රජ වී වසර 58කි.  උන්වහන්සේ වයස 76 දී අපවත් වන්නේය.  සිග්ගව සහ චන්ඩවජ්ජි හිමිවරුන්ගේ  ගෝලයා මොග්ගලීපුත්ත හිමිය. මොග්ගලීපුත්ත හිමි අසෝක රජගේ 6 වෙනි රාජ්‍ය පාලනය තුල වයස 66කි. අසෝක රජාගේ 26 වෙනි රාජ්‍ය පාලනය තුල මොග්ගලීපුත්ත හිමි අපවත්වූ බව දැක්වේ.
කලියුග කාල වකවානු අමතක කර අසොකවර්ධන යනු අසෝක රජ ලෙස ගනු ලැබුවත්  භගවත පුරාණයට අනුව අසොකවර්ධනගේ  පුතා වන්නේ  සුයාසය. සුයාසගේ පුතා දසරතය, දසරත ගේ පුතා සංගට, ඉන්පසු රජවන්නේ සංගට ගේ පුතා සාලිසුක. ඉන්පසු සාලිසුකගේ පුතා සොමසර්ම, ඔහුගේ පුතු සාතධානව, ඔහුගේ පුතු  බ්‍රිහද්රත, මේ රජවරුන් 10 දෙනා කුරු දේශ වංශිකයින් වන අතර ඔවුන් කලියුගයේ වසර 137ක් පාලනය කරන්නේය. එහෙත් මෙවැනි රාජ නාමා වලියක් බෞද්ධ ඉතිහාසයේ කොතනකවත් නැත්තේය. ඔවුන් මගධය අගනගරය කරගත්  පාලකයන් බවද භගවත් පුරාණයේ සඳහන්  නොකරන්නේය.  එමෙන්ම මෙම අසොකවර්ධනගේ පියාගේ නම වාරිසාරය. එයද  බෞද්ධ ඉතිහාසයට කිසිසේත්ම නොගලපෙන්නෙකි. දීපවන්ෂයේ ලියවෙන චන්දගුත්ත රජතුමා චන්ද්‍රගුප්ත රජ ලෙස ආදේශ වෙන්නේද යටත් විජිතයුගයේය.  ඒ අනුව සුදුජාතිකයින් එම යුගයේ දීපවංශයේ ලිය වී ඇති චන්දගුත්ත රජුට පෙර සහ පසුව ලියවී ඇති සියලුම රාජ නාමවාලියන් ඉන්දියානු ඉතිහාසයට ආදේශ කර ඇත්තේය.
එමෙන්ම මෙහි එන අජාශතෘරජ බුදුන් වහන්සේ හා සමගාමිකයා ලෙස ගනු ලැබුවද එම රාජ පරම්පරාව  කාකවර්ණ, ක්ෂේමධර්ම, ක්ශේත්‍රජ්න,විධිසාර , අජාසතෘ, ධර්බක,  අජය, නන්ධිවර්ධනය, මහානධීය. එයද බෞද්ධ ඉතිහාසයට නොගැලපේ. මෙම භාගවතපුරාන රාජ නාමාවලියේ එන නම් දෙස බලනවිට අතරින් පතරින් නම් තුන හතර ක් හැරුණු කොට  අන් සියලු නම් බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ නැති අමුතුම මාදිලියේ නාමයන්ය . ඉතා කලාතුරකින් නම්හි සමානකම් තිබුණද බෞද්ධ ඉතිහාසයේ කතා වස්තුන් වලට කිසිම ආකාරයකට ආදේශ කර ගත නොහැක. 
 
 සටහන සුභාෂිනී කුමාරි