Friday, September 6, 2013

සිරිපා මඟුල් ලකුණු

බුදුරජාණන් වහන්සේ සිරි පාදයේ මංගල ලකුණු දෙසිය සොළසක් පිහිටා තිබුණ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. පුරාණ තුන් සරණය කවි පොතෙහි එය මෙසේ දැක්වෙයි.
දෙසියක් සොළසකි සිරි පා ලකුණේ
රසයක් වෙන ඇසුවොත් ගුණ වරුණේ
වසයක් පද පව් සත හට අගුණේ
දසයක් ගුණ වද බණ තුන් සරණේ


පුද්ගලයෙකුගේ හස්ත හා පාද රේඛා දෙස බලා ගතු ලක්ශණ කීමත් එක්තරා විද්‍යාවකි. ලෝකයේ පහල වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ එසේ වූ විශේෂ සලකුණු විය. ඉන් ප්‍රධාන තැනක් බුදුන්වහන්සේ ගන්නේය. සාහිත්‍යකරුවන් විසින් බුදු සිරිපතුල වර්ණනා කිරීමේදී අතිශෝක්ති යොදන්නට ඇති උවද සමුද්‍රිකා, කපාල විද්‍යාවන්ට අනුව සිරිපතුලේ මෙම ලකුණු නැති වූවායැයි කීමට නොහැක.

සිංහල අට්ඨකතාවේද සිරි පා මංගල ලකුණු දෙසිය සොළසක් ගැන කියැ වේ.


1) ස්වස්තිකය
2) ශ්වේතොත්ඵල
3) රක්තොත්පල
4) ශ්වේතපද්ම
5)රක්ත පද්ම
6)පුර්ණ පාත්‍ර
7)පුර්ණ ගටය
8)නීලෝඵල
9)නදවට
10)පුන්කලස
11)වල්විදුනා
12)සොවැති
13)සිරිවස
14)පිල්කලජ
15)අවතංස
16)නළල්පට
17)හිමාලවනය
18)මගුල් තොරණ
19)මිණි තොරණ
20)මගුල් කඩුව
21) ප්‍රාසාදය
22) කෙලාස කූටය
23) ශ්‍රවේතඡත්‍ර
24) සේ‍සත
25) ස්වර්ණ වාල විජිනි
26) තරාදිය
27) භද්‍රපිඨ
28) චාමර
29) ජම්බුද්දීප
30) පුර්ව විදේහ දිවයින
31) පශ්චිම දිවයින
32) උතුරු කුරු දිවයින
33) කිරි මුහුද
34) යුගන්ධර පර්වතය
35) සප්ත මහා සීදන්ත සාගරය-1
36) ඊශ්වර පර්වතය
37) සප්ත මහා සීදන්ත සාගරය-2
38) කුරවික පර්වතය
39) සප්ත මහා සීදන්ත සාගරය-3,
40) සුදර්ශන පර්වතය
41) සප්ත මහාසීදන්ත සාගරය-4
42) නෙමින්දර පර්වතය
43) සප්ත මහා සීදන්ත සාගරය-5
44) විනතක පර්වතය
45) සප්ත මහා සීදන්ත සාගරය-6
46) අශ්ව කර්ණ පර්වතය
47) සප්ත මහා සීදන්ත සාගරය
48) සුර්ය මණ්ඩලය
49) චන්ද්‍ර මණ්ඩලය
50) සුංසුමාර රාජයා
51) ධජ
52) ස්වර්ණ මත්ස්‍ය යුගල
53) පතාක
54)වඩමං
55) චක්‍රා යුධය
56) දක්ෂිණ වෘත ස්වේත සංඛ්‍ය
57) සපිරි වාර සප්ත රත්නයන්
58) ,59),60),61),62),63),64),65) චාතුර් මුඛ ස්වර්ණ නෞකා
66) කිම් පුර්ෂයා
67) කින්නරාංගනාව
68) චක්‍රවර්ති රාජයෝ
69) ස්වර්ණ හංස රාජයෝ
70) කුරවික රාජයා
71) ගරුඪ රාජයා
72) මයුර රාජයා
73) වාසුඛී නාග රාජයා
74) ස්වර්ණ මඛර රාජයා
75) සිංහ රාජයා
76) වෘෂභ රාජයා
77) ව්‍යාඝ්‍ර රාජයා
78) වලාහක අශ්ව රාජයා
79) ඓරාවන නම් හස්ති රාජයා
80) අනවතප්ත විල
81) ජද්දන්ත විල
82) කර්ණ මුණඩ විල
83) රථාකාර විල
84) සිංහ ප්‍රතාප විල
85) මන්දාකිණි විල
86) කුණාල විල
87) චාතුර් මහා රාජික දෙව්ලොව
88) තව්තිසා දෙව්ලොව
89) යාම දෙව්ලොව
90) තුසිත දෙව්ලොව
91) නිර්මානරති දෙව්ලොව
92) පරනිර්මිත වසවර්ති දෙව්ලොව
93) රූපාවචර බ්‍රහ්මෂද්‍ය නම් බඹලොව
94) බ්‍රහ්ම පුරෝහිත නම් බඹලොව
95) මහා බ්‍රහ්ම නම් බඹලොව
96) පරිත්තාභ නම් බඹලොව
97) අප්‍රමාණාභ නම් බඹලොව
98) ආභස්වර නම් බඹලොව
99) පරිත්ත ශුභ නම් බඹ ලොව
100) අප්‍රමාණ ශුභ නම් බඹලොව
101) ශුහකීනි නම් බඹලොව
102) වෙහප්පල නම් බඹලොව
103) අසඤ්ඤ සත්ත බඹලොව
104) අවිහ නම් බඹලොව
105) අතප්ප නම් බඹලොව
106) සුදස්ස නම් බඹලොව
107) සුදස්සී නම් බඹලොව
108) අකනිෂ්ඨක නම් බඹලොව''


මේ ආදී වශයෙන් සිරිපතුලේ ලක්ෂණ දෙක බැගින් ලක්ෂණ 108ක් වේ.




බුදුන්වහන්සේ ජීවමාන කාලයේ සිටම සිරිපතුල් වන්දනාව හෙළදිව පැවති අතර මගුල් ලකුණු වලින් යුත් සිරිපතුල් බුදුන්වහන්සේ වෙනුවෙන් නිර්මාණය විය. බුදුන්වහන්සේ ධර්ම දේශනා අතර තුර පාදයන් තබා ගැනීමට සිරිපතුල් පුවරු නිර්මාණය වී තිබූ අතර ඒවාද අදත් වන්දනාවට පාත්‍ර වෙයි.
                                  
නමුත් නොදැනුවත්කම නිසා ඇතැම් සිරිපතුල් පුවරු අදවන විට විනාශ වෙමින් පවතින බවද මතක් කල යුතුය.

රජ පෙළපත


දඹදිව ගෝතම බුදුන් හා සමකාලීන තොරතුරු පවසන එකම මූලාශ්‍රයෝනම් හෙලදිවදී රචනා කරන ත්‍රිපිටක හා අනිකුත් වංශකතාවෝය. ඇතැම් උගතුන් යැයි සම්මත පිරිස් විසින් මේ වංශකතාවෝ ඉන්දියාවට ඈදීමට ගොස් ඉන්දියාවේ ඉතිහාසයද පටලවා දී තිබේ. සත්‍ය මතුවන්නේ සියලු බාධක සුනු විසුනි කරගෙන බැවින් අද ඒ උගතුන් යැයි සම්මත පිරිසට වග උත්තර නැති වී තිබේ. හෙලදිව රචිත ග්‍රන්ථයන්ගේ ඉතිහාසය වෙනත් රටවලට ඈදූ මෙවැනි පුද්ගලයන් කර ඇති අපරාදය අති මහත්ය. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පවතින නූතන ඉතිහාසයන් සම්බන්ධ ගැටලුවලට වග කිව යුත්තෝ මොවුන්ය. කෙසේ නමුත් සිදුහත් කුමරුට සම්බන්ද රජපෙලපත් ඉන්දියාවේ නොමැති බව පෙන්වා දුන්නා සේම ඒ උරුමය හෙලදිවට හිමි බව මෙහි තවදුරටත් තහවුරු කර ගත යුතුය.

සිදුහත් කුමාරයාණන් සූර්ය වංශික වූවා සේම මහාසම්මත මනු පෙලපතේ මුණුබුරෙකු වූ බව පැහැදිලිව දැක්වීය. ඒ මනු පෙලපතේ සිට මේ හෙලදිව පහල වූ සුද්ධෝදන රජ දක්වා රජ පෙලපතත් ඉන් පසු පරපුරත් පැහැදිලිව දක්වා තිබෙන එකම රට මේ ඔබ ඉපදුනු රට මිස මහා භාරතය නම් නොවේ. එසේ වූ අඛණ්ඩ උරුමය වෙනත් රටකට ඇද දමා උඩ බලා සිටින්නේ කුමන හේතුවක් නිසාදෝ දැන් විමසීමට කාලය පැමින ඇත.


සිදුහත් කුමාරයාගේ පියතුමෝ වූ කලී හෙලදිව පාලන කල පාලකයෙකි. හේ සීහහනූ නම් රජකුගේ පුරුකක් වූ අතර සූර්‍ය වංශික මනු රජුගෙන් පැවතගෙන ආ ඔක්කාක වංශ පෙරලි වූ ශාක්‍ය වංශිකයෙකි. පස්මහ බැලුමෙන් ‍තෝරාගත් මේ පිය රජතුමාණෝ කිඹුල්වත එනම් අද දිඹුලාගල ප්‍රදේශයට වන්න සිටි රජුය. බුද්ධ කාලයට පසුත් මේ වංශයන්ගෙන් රජවරුන් පැවතගෙන ආහ. සුද්ධෝදන රජුගෙන් පසු පාලනයන්ට ආ රජවරුන් ඒ වංශ සම්බන්ධය ලියා තැබීමට අමතක නොකලහ. මේ  ඒවාය.

A
1 Okǟ-vasīn ba.-
2 ṭ (jiyorā] Siri La-
3 -k-divaṭ talā-ṭik-
4 vŭ siri-bar sīrī-pi-
5 -ḍ tamā yesen
6 Damb-div-tala ek-
7 heli koṭ Mayurā-
8 -dunu Siri Sañg-bo
9 -y maha-rad-hu de-
10 -bisevhu dā A-
11 -bhā Salamevan ma-
12 -purmukā tun-van-................(Mäḍirigiriya Pillar-Inscription.  Plate No.6)


(Raḿbǟva Slab-Inscription)

1 [Śri] sirivat apiriyat (lov ikut guṇa muļin uturat-)
2 (vä muļu) Damb-div(hi) an Kät-ku(la pāmili-kaļa Okāvas raj-parapu-)
3 -ren baţ Kä(t-usa)b Siri-Saňg-bo Abhā [maharaj-haţ emä-kulen]
4 sama-dǟ Dev-Gon biso-räjna kusä upädä (ǟpā mahayā siri)
5 vindä pilivel-se rada-vä (miṇivuţnen pähäyū) siya mu(ndne-)
6 -n lo-uturā bisevnen bisesvä (tumā) sirin (Lakdiv) paha(yā).............( PlateNo.12)






1 Okā-vas-raja-kulen nipan Sodonā-parapuren ā Hiru-got-kulen (abhinnavū rū-sirin siri)
2 dinū lada-voţunu mā .. .. .. ..u) Vikumbā-nirindu-hata aga-mehesun-vū Gaja-Bāhu Devayan (vādū)
3 Sundara-maha-devin-vahanse pansiyak maha-saňgauaṭa ävāsavū apa muni-rajahu siruru
4 dā pihīṭī Duḿbulā-galä Sanda-maha-leṇi(n) Hi(ru)-maha-leṇa de-aturchi maňga (duṇu evu a .. .. .. .. reḿbu)
5 -n (yedū) käbaligal (hasvā) maňga pavat-koṭa Ieṇa pilima dāgab maha-(bo) pihiṭuvā (Kaliňgu-lene-)
6 -ňa yā (dānavat Vi)jaya-Bāhu Vat-himiyan-vahanse sat-visi-vana havurudu Posonä pura po-
7 -hoyā De(malǟ-pähā siri-kusalān) karavā yā-bat pudanu-koṭa (lov)pavatnā- tāk kalaṭa dun bavaṭa Sundara-maha-devī-(mā)

(Diḿbulā-gala : Mārā-Vidiye Rock-Inscription. (Plate No.30)

පුද්ගලයෙකු හැදින්වීමේදී දීර්ඝ වාසකම් සහිතව ඔහු හදුන්වන හෙල වැසියන්ගේ රජවරයෝද එසේ කිරීමට අමතක කර නොමැත. තමන් පැවතගෙන එන්නේ උතුම් සූර්‍ය වංශයෙන් බවත් ඔක්කාක හා ශාක්‍ය වංශවලට නෑකමක් ඇත්තා සේම සුදොවුන් රජ තෙමෙ තම පරපුරේ ලේ නෑයෙකු බව දැක්වීමටද ඔවුන් කටයුතු කර ඇත.

සුද්ධෝදන රජු පමණක් නොව ඔහු සහෝදර අමි‍තෝදන ශාක්‍ය වංශික රජුද මෙහි විසූ බවට ශිලා ලිපි සාක්ෂි දරයි.

ශිහහන රඣහ පුත අමිචදනහ පුත චොරිකිය මහ තිශහ මඣිම බරිය ඣිත බත නමලිය ලෙණෙ ශගශ (කලිඕඩිය, ද.බු.සි.පි.ම.ස.රා.ර.සෙ. 83පිට)

මේ ශිලා ලේඛනය අනුව සීහහනු රජුගේ පුත් අමි‍තෝදන  බවත් ඔහුගේ පුත් චොරකිය මහ තිශහ ආදී ලෙස දක්වා නමලියගේ ලෙන සඝසතු කිරීම ලෙස දක්වයි. සීහහනු රජ යනු ශාක්‍ය වංශික ආරම්භක රජු වූ ජයසේන රජගේ පුතණුවෙකි. මෙම සෙල්ලිපියේ සීහහනු රජගේ සිට රජ පැහැදිලිව දක්වා ඇති අතර ඒ රජ පරපුර වංශකථාවෝ පවසන පරපුරම වේ. එසේනම් තවත් සාධක කුමටද, ශාක්‍යවංශික පරපුරේ උරුමය හෙලයා සතු බව පැහැදිලිවම ශිලා ලේඛන ඇසුරින් මෙසේ සනාථ වේ. එනමුදු මහා භාරතයට එසේ වූ උරුමයක් නැති බව පෙන්වා දී අවසානය. මේ රජ පරපුර බුදුන්වහන්සේට සමකාලීනවූ පරපුරකි නමුත් අපට ඉන්දියාවෙන් මෙවැනි රජ පරපුරක් තිබූ බවට කිසිදු පිලිගතහැකි සාධකයක් නොමැත.


පර්සියානු ඉතිහාසයට අනුව භාරතය

පර්සියානු ඉතිහාසයට අනුව උතුරු ඉන්දියාව ක්‍රිස්තු පුර්ව 550 BC – 329 BC දක්වා කාලය පාලනය කර ඇත්තේ පර්සියානු රජවරුන් වූ

Darius I , Xerxes I , Artaxerxes I , Xerxes II , Sogdianus , Darius II , Artaxerxes II , Artaxerxes III , Artaxerxes IV , Darius III , Artaxerxes Vනම් රජවරුන් විසිනි.


518 BC යනු බුදුන්වහන්සේ පිණිවන් පා 26 වෙනි පමණ අවුරුද්දය. ඒ අනුව බලන කල බෞද්ධ ඉතිහාසයේ කිසිදිනක සදහන්වන රජ පරපුරක් දඹදිව පාලනය කලා යැයි කීම කෙතරම් ගැටලුවක්ද? එසේනම් දඹදිව රජ පරපුරවල්වලට සිදුවූයේ කුමක්ද?


ක්‍රි.පූ. 6 වන සියවසේ මහාභාරතයට සුද්ධෝදන, අමි‍තෝදන, බිම්බිසාර, අජාසත්ත, බ්‍රහ්මදත්ත, උදේනි වැනි රජ පරපුරවල් වලට කිසිදු ඉඩක් නොමැති බව සත්‍ය ඉන්දීය ඉතිහාසය අධ්‍යනයේදී පැහැදිලි වේ. පර්සියානු වැනි විදේශ ඉතිහාස මූලාශ්‍රයෝද එයට සාක්ෂි සපයයි. හෙලදිව වංශ කථාවෝ හා බෞද්ධ ග්‍රන්ථයන්හි පමණක් සදහන්වන මේ රජ පරපුරවල් දඹදිව ජීවත් වූ අපේ මුතුන් මිත්තෝය. එනමුදු ඇතැම් සමානකම් සහිත නාමයන් භාරතීය පුරාණ ග්‍රන්ථයෝ පවසති. නිදසුනක් ලෙස සිද්ධාර්ථ නාමය ගත හැක. ඉන්දීය ඉතිහාසයට අනුව සිද්ධාර්ථ නම් රජකෙනෙක් එහි ජීවත්ව ඇත.  වර්ධමාන කුමාරයාගේ පියාණන්ගේ නාමයද සිද්ධාර්ථ වෙයි. අප දන්නා තරමින් බෞද්ධ සාහිත්‍යයට අනුව ගෝතම නම්ගොත් ඇති සිදුහත් කුමරු එසේ රජ වූයේ නැත. එක සමාන රාජ නාමයන් සොයාගෙන හෙලදිව වංශ කථාවෝ සහ ඉන්දියාවේ පුරාණ ග්‍රන්ථයෝ සැසදීමට ගොස් රටවල් දෙකේම ඉතිහාස විනාශ කර ඇත. මේ රාජ නාම ගැටලුව බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමිපාණන්ද මතුකර පෙන්වා දී ඇත්තේ මෙසේය.

"ශුද්ධොදන රජතුමාට පසු සිද්ධාර්ථ රජතුමා රාජ්‍යය කැ‍රැවූ බව මත්ස්‍ය පුරාණයෙන් පෙනේ. ශාක්‍ය රජගේ පුත්‍ර ශෞධොදනී(සිධාර්ථ) රජය, තත්පුත්‍ර රාහුලය, තත්පුත්‍ර ප්‍රසෙනජිත් ය යන රජවරුන් රජ කැ‍රැ වූහ.යි විෂ්ණු පුරාණයෙහි පෙනේ. එහෙත් රාහුල කුමරු රජ වූ බවද ප්‍රසේනජිත් රාහුල පුත්‍ර වූ බව ද බෞද්ධ පොත්වලට හාත්පසින් ම විරුඩයි" (බුද්ධ චරිතය xliii  පිට)


ඉන්දියාවේ පුරාණ ග්‍රන්ථයන්හි ඇති සංස්කෘත නාමයන් ය තාක් ගැලපෙනු පෙනෙන විට බෞද්ධ  ඉතිහාසයේ නාමයක් එතනට ඈදිමට ගොස් අමුතුම ආකාරයේ විකෘති ඉතිහාසයක් ගොඩනැගීමට උත්සහ ගෙන ඇති බව පෙනීයයි. ආනන්ද මෛත්‍රී හිමියන් වැනි නිහතමානී උතුමන් එම ගැටලු සසදා පෙන්වා දී තිබුනද මේ ගැටලු සහගත තැන් නිරාකරණය කිරීමට කිසිවෙකු මැදිහත් නොවීම කණගා‍ටුවට කරුණකි. තමතමන්ගේ රටේ වංශකථාවන් බලා එහි පුරවැසියන්ටම ඉතිහාස කථාවන් ගොඩ නැගුවේනම් මෙවැනි ගැටලුවලට මුහුණ දීමට සිදු නොවේ. එසේ නිවැරදි ඉතිහාසයන් තිබුනිනම් මේ වනවිට ඉන්දියාව පසුකොට ශ්‍රී ලංකාව බොහෝ දුර ගොස් හමාරය.


ලම්භකර්ණයන්

සිදුහත් කුමාරයාණන් ලම්භකරණ වංශිකයෙකු බව වංශකථාවො තතු කියයි. දැනට පවතින සම්මත ඉතිහාසය අනුව හෙළදිව වාසය කළ ලම්භකර්ණයන් පිළිබඳව විමසා බැලීමේදී මොවුන් උතුරු පළාතට විශේෂයෙන් ම යාපනය ප්‍රදේශයට අයත් වූ බව ක්‍රිෂ්ණස්‌වාමි අයියන්ගර් පවසයි. මොහු දක්‌වන අන්දමට ලම්භකර්ණයන් ද්‍රවිඩයන් බව සඳහන්ය. ක්‍රිස්‌ණස්‌වාමි මෙම කරුණ ඉදිරිපත් කිරීමට හේතුව වන්නට ඇත්තේ, ලම්භකර්ණ වසභගේ නිවස උතුරු ප්‍රදේශයේ පිහිටා තිබුණ බවට මහාවංස කතුවරයා දක්‌වන නිසා විය හැකිය. (ම.ව. 35(59) එහෙත් ලම්භකර්ණයන් මෙරට උතුරු ප්‍රදේශයටම සීමා වූ බව පැවසිය නොහැකිය. හේතුව වනුයේ වසභ රජු විසින් ම සබට විරුද්ධව ආක්‍රමණයක්‌ සිදුකිරීමේ දී එය රුහුණු ප්‍රදේශයෙන් ආරම්භ කළ බව වංසකතාව දක්‌වන නිසාවෙනි. (ම. ව. 35(69)


වසභ රජතුමාට පෙර ලම්භකර්ණයන් සිටි බවට තොරතුරු මනෝරථපුරණියෙන් සහ සීහලවත්ථූප්පකරණයෙන් අනාවරණය වේ. මනෝරථපුර අනුව මාලිගාව අසළ දී එක්‌තරා ලම්භකර්ණයෙකු සාමණේර භික්‍ෂුවකගේ ගතිගුණ පිළිබඳව ඔහුගේ සහායකයන් සමග සාකච්ඡා කළ බව සඳහන්ය. ක්‍රි. පූ. පළමුවන  සියවසට පෙර හෝ අඩුම වශයෙන් එම ශතවර්ෂය වනවිට ලම්භකර්ණයන් රෝහණයේ සිටි බව පැහැදිළිය. පසුකාලයේ දී තවත් ලම්භකර්ණයන් තිදෙනෙක්‌ මලය රට සහ රෝහණයේ දේශ සීමාවේ පිහිටි මහියංගනයෙන් පැමිණි බව සඳහන්ය. එසේ නම් ලංකාවේ සෑම ස්‌ථානයකම මොවුන් වාසය කළ බව සිතිය හැකිය.


මෙවැනි මූලාශ්‍ර හරහා ලම්භකරණ වංශයක් ක්‍රි.පූ. පළමු සියවසේ පමණ මෙහි තිබූ බව කෙටියෙන් දැක්වූයේ ඇතමුන් කිසිදින ලම්භකරණ වංශයක් හෙළදිව නොතිබූ බව නන් දොඩන නිසාය.


රුහුණු මාගම්පුර වර්ණනාව,මනෝරථපුරණියෙන්,සීහලවත්ථූප්පකරණ වැනි මූලාශ්‍රයන්ට අනුව ලම්භකරණ පෙළපත් හෙළදිව තිබූ බවට සාධක තිබේ. එසේනම් මේ පරපුරවල් එක්වර අහසින් කඩා පාත් විය නොහැක. සමස්ත රට පුරාම මොවුන් ව්‍යාප්තව සිටියේනම් දීර්ඝකාලයක සිට මෙහි වාසය කරන්නන් විය යුතුමය. විවිධ හේතූන් නිසා කාලයත් සමග ලම්භකරණයන් අඩුවී යන්නට ඇත. නූතනයේ ලම්භකරණ වංශිකයන් නොවූ පමණින් මීට වසර 2600කට පෙර එවැනි පරපුරක් නොතිබූ බව පැවසිය නොහැක. එසේම නේපාල ජාතිකයන් දෙස බලා මොවුන් බුදුන්වහන්සේගේ ස්වරූපයට සාමාන වූ බව සමහරුන් පවසති. මේවා වෙනත් සාධක නැති තැන ඇද හෙලන විකාරය. ඔහු නේපාල ජාතිකයන් දැක ඇති බව සැබෑවය. නමුත් ගැටලුව වන්නේ හැබැහින් බුදුන්වහන්සේව දු‍ටුවේ කොහේදීද යන්නයි. බුද්ධ ප්‍රතිමාවල ස්වරූපයන් මිනිසුන්ගේ රූපයන්ට සසදා බලා ඉතිහාසය ගැන නන් දොඩවන් අපිට ලැබෙන්නේ අපේම වාසනාවකටය.


ශාක්‍යයෝ පිරිහෙති.


සිදුහත් කුමරුගේ නෑ පරපුර බුදුන්වහන්සේ ජීවමාන කාලයේදීම පිරිහීමට පටන් ගත් බව ඉතිහාසය තතු කියයි. එයට හේතු වූයේ විඩූඩභ නම් කුමාරයාගේ ක්‍රියාකලාපයයි. ශාක්‍යයන්  විනාශ වීමට ප්‍රධාන හේතුව බවට පත් වන්නේ විඪුඩභ කුමාරයා විසින් ශාක්‍යයන්ගෙන් පළි ගැනීමයි. ශාක්‍යයයන් විසින් විඪූඩභයන්ට කරන ලද මදි පුංචිකම නිසා ඇති වූ වෛරය දුර දිග යාමෙන් මෙය සිදු විය.  බුදුන්වහන්සේ කීපවරක්ම මෙය නැවැත්වීමට උත්සහ ගත් බව කුක්කුර සූත්‍රයෙන් පෙන්වා දේ.


"භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසද්දී එරට රජ වූ කොසොල් රජු කිඹුල්වත් පුර මහානාම ශාක්ය  රජ පවුලෙන් විවාහයක් කර ගත්තේය. ඕ තොමෝ නමින් වාසභඛත්තියා නම් වූවාය. කොසොල් රජු නිසා ඇය පුතකු ලැබුවාය. හේ විඩූඩභ නම් විය. විඩූඩභ ළමා විය ඉක්මවා තම මවගේ ඤාතීන් වෙත ගිය විටක වාසභඛත්තියා පිළිබඳවත්, විඩූඩභ පිළිබඳවත් ශාක්යවයන් අනුගමනය කළ රාජ්ය් කුමන්ත්රනණයක් හෙළිවිය. කොසොල් රජුගේ මරණින් පසු විඩූඩ ශාක්ය්යන්ගෙන් පිළිගැනීම සඳහා සේනා සහිතව යුද පිණිස ගියහ. තම නෑයන්ගේ විනාශය දුටු බුදුරජු විඩූඩභට පෙර වැඩමවා කිඹුල්වත සමීපයේ විඩූඩභගේ රාජ්යු සීමාවේ සෙවණ නැති නුග ගසක් යට වැඩ උන්හ. ශාක්ය යන් විනාශ කිරීම සඳහා යන විඩූඩභ බුදුරජු දැක ගෞරව සම්පන්නව "ස්වාමීනි, මෙබඳු උණුසුම් වෙලාවේ කවර කරුණක් නිසා මේ නුග ගස මුල වැඩ ඉන්නේදැයි" විමසීය. බුදුරජු "මහරජ, ඤාතීන්ගේ සෙවණ ද සීතල යයි" පිළිතුරු දුන්හ. නැදෑයින්ගේ ආරක්ෂාව පතා බුදුරජු වැඩම වූ බව දත් විඩූඩභ රජු ආපසු හැරී සිය රටට ආහ. මෙසේ තුන්වරක් ම ශාක්යියන්ගේ විනාශය බුදුරජු මැදිහත් වී මැඩ පවත්වා ඤාතීන්ට සේවය කළහ. එහෙත් විඩූඩභ රජු සිව්වෙනි වර ගොස් කුඩා දරුවන්ගෙන් පටන් සියලූ ශාක්යියන් ඝාතනය කොට විනාශ කළහ. මේ පිළිබඳව භික්ෂූන් අතර ඇති වූ කථාව විමසා "මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් නැදෑයින්ට වැඩ පිණිස හැසිරුණේ නොවේ. පෙර ද හැසුරුණේමය" යි කියා කුක්කුර ජාතකය වදාළ සේක."

ශාක්යර සංහාරයෙන් අනතුරුව ඉතිරිව සිටි කුමාරවරු කීප දෙන සිය පිරිවර සමග විවිධ ප්‍රදේශ වලට සැපත්ව එහි රාජධානි ඇති කර ගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වේ. ඉන්පසු පණ්ඩු ශාක්‍ය රජ තමන්ගේ දියණියද ගංගානම් ගග (මහවැලි ගග) දිගේ පාකර හැරි බව රුහුණු මාගම්පුර වර්ණාවෝ පවසති. එම කුමරියව අනුරාදපුර ප්‍රදේශයේ රජ කරන පඩුවස් දෙව් කුමරුට හමුවී සරණපාවා ගත් බව වංශකතාවෝ පවසති. මේ කියන්නාවූ අන්දමට භද්දකච්චායනා කුමරිය ඉන්දියාවෙන් පාකර හැරියේනම් පඩුවස්දෙව් රජුට සරණපාවා ගැනීමට කුමාරිකාවක් නැත.


මෙතැන් සිට ඉතිහාස කථාව සාමතයෙන් පවතී. මෙසේ ශාක්‍ය වංශය විකාශනය වූ අතර පෘතුග්‍රීසි ආක්‍රමණ සමයේ විමලධර්ම සූරිය රජුන්ට සිදුහත් කුමරුගේ නෑයන්(පසුකාලීන පරපුරවල්)ගේ ගෙවල් දොරවල් හා ජීවිත ආක්‍රමණිකයන් විනාශ කර දමා ඇත. ඉන් පසු මේ නෑ පිරිස් නාග ලෝකෙට පැන ගොස් සිය නෑයන් එකතු වී කෝරළයක් සාදා ජීවත්ව ඇත. සිය නෑයන් එකතු වී සෑදූ කෝරළය සියනෑ කෝරළය බව ජනප්‍රවාදයෝ පවසති.

සිදුහත් පරපුර පිළිබද දීර්ඝ විස්තර ලිවිය හැකි වුවත් එසේ කිරීමට අවශ්‍යතාව්ක නොමැත. මන්ද යත් සියලු වංශ කථාවන්හි මේ විස්තරයන් දක්වා ඇති නිසාය. කල යුත්තේ මනස පිරිසිදු කරගෙන ඒ දෙස බැලීම පමණකි.



(මෙහි බොහෝ කරුණු ඉදිරියේදී පලවීමට නියමිත ග්‍රන්ථයකින් උපුටා ගත් අතර  කතෘ අයිතිය සලකා සදාචාරාත්මකව  ගෙඩි පිටින් කොපිකිරීම නොකරන්න)


මූලාශ්‍ර

සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය - බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි

රුහුණු මාහම්පුර වර්ණනාව

මහාවංශය

දකුණු බුදු සිරිපතුල හා රාවන රජුගේ සෙල්ලිපි - පුරාවිද්‍යා ගවේශක ජයරත්න පතිර ආරච්චි මහතා.

අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි - පූජ්‍ය මීවනපලානේ සිරිධම්මාලංකාර හිමි.

http://www.facts-about-india.com/persian-invasion.php