Wednesday, August 14, 2013

කාලම්ඹ තිත්ථ තොටින් නැව් නැගි මහා සාරිපුත්‍ර හිමි විත්ති


1868 දෙසැම්බර් 7 වන දින උතුරු පළාත භාර ආණ්ඩුකාර H.S. O. Russel මහතා ඉන්දියාවේ පැරණි සංස්කෘත පොත පත සොයාගැනීම සහ ඒවා සංරක්ෂණය ගැන එම රටේ ගෙන ඇති ක්‍රියා මාර්ගයන් සඳහන් කර, ලංකාවේ පන්සල් වල පොත්ගුල් වල ඇති සංස්කෘත භාෂාවෙන් ලියන ලද පොත පත සෝදිසි කළහොත් ඉන්දියාවේ සංස්කෘත භාෂා නාමාවලිය නිර්මාණය සඳහා වැදගත් දායකත්යයක් ලබා දිය හැකි බවට  එවකට සිටි ලංකා ආණ්ඩුකාරවරයාට ලිපියකින් දන්වා යැවීය.  මේ සම්බන්ධයෙන් එකල ආණ්ඩුවේ ප්‍රධාන පරිවර්තක සහ ප්‍රාචීන භාෂා විශේසඥ L. De. Zoysa වෙත ආණ්ඩුකාරවරයා විසින් කරුණු යොමු කිරීමෙන් පසු එම මහතා විසින් පහත සඳහන් අදහස් ඉදිරිපත් කරනු ලැබීය.
 
ඉන්දියාවේ සංස්කෘත භාෂා නාමාවලිය නිර්මාණය සම්බන්ධයෙන් ලංකාවේ ඇති පුස්කොලපොත් වලින් එතරම් දායකත්වයක්  ලබාගත හැකි යයි විශ්වාස කල නොහැකි බවත්  ඉන්දියානු ආණ්ඩුව විසි අනුගමනය කරනු ලබන එවැනි ක්‍රියා මාර්ගයක් ලංකාවේ පාලි, සංස්කෘත, සිංහල පුස්කොලපත් සම්බන්ධයෙන් ද අනුගමනය කරන්නේ නම් බොහෝ පිරිසක් නොදන්නා ඉතිහාසමය කරුණු එළිදරව් කර ගත හැකි බවය.
 
මේ අනුව 1869 ජුලි 17 වන දින ආණ්ඩුකාරවරයාගේ  ලේකම් Henry I Irwin මහතා අධ්‍යාපන සහ පර්යේෂණ කටයුතු උදෙසා ලංකාවේ පන්සල්වල පාලි, සංස්කෘත සහ සිංහල පුස්කොලපොත් විමර්ශනය සඳහා  ගැසට් නිවේදනයක් ( Ceylon Government Gazette) නිකුත් කළේය.ඉන් අනතුරුව මෙසේ පුකොලපොත් විමර්ශනය කර නාමාවලියක් සැකසීම සඳහා එවකට මෙරට සිටි  කීර්තිමත් ප්‍රාචීන භාෂා විශේසඥයකු වන James Alwis (J.A.S. Alwis) මහතාට පැවරිණ.

සිය පලවෙනි ග්‍රන්ථය එවකට සිලෝනයේ ආණ්ඩුකාරවරයා වන Hercules George Robert මහතාට පිරිනමමින් සිය කෘතියේ James Alwis මහතාමෙසේ සඳහන් කර ඇත්තේය.
''මෙම පොත කියවන පොදුජනයාට දුලබ සහ වටිනා තොරතුරු ලබාගැනීමට උපකාර වෙතැයි සිතමි. පුරාතනයේ සිලෝනය අගනා මුතු ඇට නිසා ප්‍රසිද්ධියක් ලැබූ අතර අදද ඒවා ඉහල මුදලකට ලෝකයේ තක්සේරුවේ. ආණ්ඩුකාරවරයා විසින් සොයාගනු ලැබූ බුද්ධිමය මුතු ඇටය නම් වූ ලංකාවේ ශාස්ත්‍රීය ග්‍රන්ථ ගබඩාවෙන්  ප්‍රාචීන භාෂාව දත් ලෝකයේ විද්වතුන්ට බොහෝ දැනුම සපයා ගත හැකිය.
වර්තමාන සහ අනාගත ලාංකීයන් වෙනුවෙන් ඔබතුමා විසින් පිහිටුවන ලද සිලෝනයේ සංස්කෘත, පාලි, සහ සිංහල පුස්තකාලය වෙනුවෙන් ඔබතුමාගේ සේවය කාලය තුල එක ග්‍රන්ථයක් හෝ සම්පුර්න කිරීමට ලැබීම සතුටට කරුණකි. ''

ලංකාවේ පුස්කොලපොත් පිලිබඳ
James Alwis මහතා කරනු ලබන අනාවරය
ක්‍රිස්තු පුර්ව සියවස් ගණනාවකට පෙර සිට බෞද්ධ භික්ෂුන්වහන්සේලා උත්තරීතර බෞද්ධ ශාස්ත්‍රීය ග්‍රන්ථ වලට හිමිකම් කියා තිබේ. මෙයට පෙර මෙරට කිසිවකු විසින් නොදත් ඉතාවටිනා පුස්කොල පොත් විශේෂයෙන්ම වයඹ පලාතෙන් දක්නට ලැබුණි. උදාහරණ ලෙස ගතහොත් විනයර්ත සමුච්චය, නිර්මල මගධ බසින් ලියනලද විනය පිටකයේ සාරන්ශයකි. බුදුන්වහන්සේගේ ධාතු ඉතිහාසයද මෙතෙක් ලංකාවේ නොහඳුනා ගෙන තිබු පෙදෙස් පිලිබඳ රසවත් තොරතුරු දැනගැනීමට හැකිවිය. සිංහලයන්ගේ ඉතිහාස වාර්තා ඉන්දියානු කලාපයේ අනෙක් සියලුම රටවල ට වඩා වට්නාකමක් ඇතිබව සහ විශ්වාස කටයුතු බව දැනටමත් විශ්වාස කෙරේ. නුවර පළාත තුල පොද්ගුල් භාර භික්ෂුන්වහන්සේලා නම් තමන්සතුව පැවති පුස්කොලපොත් මොනවාද යන්න වත් නොදැන සිටියහ.
ලංකාවේ සියලුම බෞද්ධ ආරාම වලින් සොයාගත් පුස්කොලපොත් වල දක් නට ලැබුනේ කච්චායනා මාගධී ව්‍යාකරණ ක්‍රමයයි. කච්චායනා මාගධී ව්‍යාකරණ ශාස්ත්‍රය ඉතා පැරණි
මාගධී ව්‍යාකරණ  ක්‍රමයකි. බෞද්ධයන් මෙම ව්‍යාකරණ ක්‍රමයට ඉතා ඉහල තක්සේරුවක් දී තිබේ. මහාවංශය පරිවර්තනය කල තැනැත්තා මෙම ව්‍යාකරණ ක්‍රමය තව දුරටත් භාවිතා නොකරන බව දක්වා තිබුනත් ලංකාවේ සියලු පුස්කොල පොත්වල දක්නට ලැබුනේ මෙම ක්‍රමයයි.
මෙම ව්‍යාකරණ ක්‍රමය කොටස් 8කට වෙන් කර දක්වයි.
 

1. අක්ෂර යෝගය 2. වර නැගීම, 3. වාක්‍ය රචනාව සහ ඒ පිලිබඳ නීති, 4. සංයෝග 5. නාම සම්බන්ධ නිරුක්ති. 6. ක්‍රියාපද. 7. ක්‍රියාපදයන්ගේ නිරුක්ති. 8. Unnaddi (උපසර්ග)
මේවා නැවතත් කොටස්වලට බෙදන අතර වාක්‍ය නීති ප්‍රමාණය 687 ඉක්මවනු නොලැබේ.

 

කච්චායනා ව්‍යාකරණ ශාස්ත්‍රයේ ඝාම්භීර සන්ක්ෂිප්තභාවයක් විදහා දක්වන්නේය. මෙහි නිර්මාණකරු විසින් විස්තර කිරීමේලා තුන් ආකාරවූ ක්‍රමයක් අනුගමනය කරන්නේය.
1. Vuttiya- සුත්‍රයේ අඩු ලුහුඬුකම් අර්ථ දක්වන අතර නිවැරදි කර ඉදිරිමත් කරනු ලැබේ.
2. උදාහරණ දක්වනු ලැබේ.
3. ප්‍රශ්න සහ පිළිතුරු සපයමින් පහදා දීමේ විස්තරයක් කරනු ලැබේ.
උදාහරණයන් දීමේදී ගොතම බුදුන්වහසේ ගේ පුජනීය වූ වැඩ සිටි ස්ථාන සඳහන් කර ඇත්තේය.මෙම නීති එකම පුද්ගලයෙකුගේ සම්ප්‍රදායට අයත් වේ.  එනම් සාරිපුත්ත මහා කච්චයනාවන්ය. මෙහි භාෂා විලාශය අනුව මෙම වාක්‍ය නීතියන් ඉතාම පැරණි කාලයේ ලියන ලද බව පෙනේ.
 

රූපසිද්ධි හි විවරණයෙහි කච්චායනා ගැන පැහැදිලි සහ වැදගත් විස්තරයක් හමුවේ. එහි මෙම ව්‍යාකරණ නිර්මාතෘ මෙසේ දක්වා තිබේ.
කච්චනෝ යනු කච්ච ගේ පුතාය. මෙම කච්චෝ පවුලේ පලවෙනි පුද්ගලයාය. (ඒ අනුව එම නම ගෝත්‍ර නාමය ලෙස ලැබේ.). ඒ අනුව මෙම පරම්පරාවෙන් පැමිණෙන සියල්ලන්මඋපතින් කච්චායනා නම් වේ.
 
කවුරුන් හෝ මා ගෙන් මේ කච්චායනෝ කවුරුද  යයි ඇසුව හොත් ? කුමක් හේතු කොටගෙන නම කච්චායනෝ  වීද යත්? මම මෙසේ පිළිතුරු දෙමි '' බුදුන්වහන්සේ විසින්ම  ප්‍රථම මාගධී ව්‍යාකරණ සකස් කිරීමේ වැදගත් කාර්ය සඳහා පත් කලේ මොහුය. එම අවස්තාවේදී බුදුන්වහන්සේ මෙසේ කීසේක. මාගේ නිර්මල ශ්‍රාවකයින් අතරින් සාරන්ශව (කෙටියෙන් ) කියන ලද යම් දෙයක් සවිස්තර කරදීමේ වඩාත්ම විශාරද වන්නේ මේ මහා කච්චායනෝය.
 භගවා සිව්වනක් පිරිස මැද වාඩිවී සිට හිරුකිරනේ බලපෑමෙන්  පුෂ්පයක් පිපෙන්නක්සේ ව්‍යක්තභාවය නම් ගඟ බ්රාහ්මනයා වෙතට ගලන්නාක්සේ සිය මුවවිවර කොට මෙසේ කීසේක.''මාගේ ශ්‍රාවකයනි,අතිශයින්ම ප්‍රඥාවත් වූ සාරිපුත්තෝ මාගේ ධර්මය අවටරටවලට පැතිරවීමේ සමත් බව මට ප්‍රකාශ කිරීමෙන් පසු සාරිපුත්තයන්ගේ
ප්‍රඥාවෙ මහිමය තක්සේරු කිරීම සඳහා ගැන්ගිස් ගඟේ වැලි කැට ප්‍රමාණය ගණනය කරන්න, මහා සාගරයේ ඇති වතුර ප්‍රමාණය මැන බලන්න, මහා පොළොවේ ඇති ද්‍රව්‍යයන් ප්‍රමාණය ගණනය කර බලන්න''.
''එමෙන්ම තතාගතයන්වහන්සේ හැරුණු කොට සාරිපුත්තයන්ගේ
ප්‍රඥාවට 16/1 පංගුවකට හෝ සම කිරීමට මේ පොලව මත කිසිවකු හෝ නැත්තේය. '' මේ අනුව ආචාර්යන්වහන්සේද සාරිපුත්තයන්ගේ ප්‍රඥාව පැසසුම් කොට ඇත්තේය. චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ඇති ශ්‍රේෂ්ට ශ්‍රාවකයන් සිටිතත් තතාගතයන්වහන්සේ ගේ ධර්මය සවිස්තර කරලීමේ හැකියාවක් ඇති මා මේ වැදගත් කාර්යයය සඳහා තොරාගත්සේක.
කෙසේද යත් චක්‍රවති රජ තම රාජධානියේ බර වගකීම දැරිය හැකි සිය වැඩිමහල් පුතුට පරිනායකොහි  රාජකාරි පවරන්නක්සේය.

ඒ අනුව මා විසින් මට ප්‍රධානය කරන ලද ගෞරවයට සමාන වූ සේවයක් පෙරලා පිරිනමමි. භාගවතානන් විසින් මට වටිනා කටයුක්තක් පවරා ඇත්තේය. භගවා විසින් මට පැහැදිලි කර දෙන්නට පවරන ලද (මතයක්/ප්‍රශ්නයක්) ඕනෑම දෙයකදී මා වෙත පැවරෙන සම්පුර්ණ විශ්වාසය මා කෙරහි  තැබීමට වග බලා ගනිමි..
''මෙම භාෂාව විවිධ ජාතීන් විවිධ භාෂා කතා කරනවුන් ලබාගැනීමෙන් දේශීය භාෂාව ප්‍රතික්ෂේප වී සංස්කෘත සහ අනෙක් භාෂාවලට මුසුවී
පහසුවෙන් අවබෝධ කොට ගතහැකි දහම, බුද්ධ වචනයේ අර්ථය ව්‍යාකුලතාවයට පත්වේ. ''
 
ඒ හේතුවෙන් මහා කච්චායනා හාමුදුරුවෝ, බුදුන්වහන්සේගේ ධර්මයට අනුකුලවනසේ දහම අකුරෙන් නියෝජනය වනසේ නිරුක්ති පිටක නම් ව්‍යාකරණ පිලිබඳ වූ නිර්මාණයක් සම්පාදනය කළේය.

මෙම කාර්යය ඉටු කිරීමේදී  මහා කච්චයනෝ තමා සරල ලෙස කච්චායනා ලෙස හඳුන්වාදී ඇත්තේය.  සිය සුදුසු කම් ඉදිරිපත් කිරීම සඳහා
ඒ අනුව මහා කච්චායනා භාග්‍යවතුන්වහන්සේ ගෙන් අවසරය ගෙන හිමවතට නික්මුනේය. මනෝ සීලයට අනුගත වෙමින් හිස දකුණ පසට තබා , නැගෙනහිරට මුහුණලා කච්චායනා ප්‍රකරණය සම්පාදනය කළේය. කච්චායන තෙරෝ විසින්ම ලක්ඛණ, වුත්ති සහ උදාහරණ වලින් යුක්ත කච්චායනා ගන්ධ පකරණය සම්පාදනය කළේය.

ඒකනිපාතයෙහි අංගුත්තර නිකායෙහි මෙසේ සඳහන් කරනු ලැබේ මහා කච්චායනා තෙරුන්වහන්සේ කලින් කරනලද ප්‍රාර්ථනාව අනුව කච්චායණනා  පකරණ, නිරුක්ති පකරණ, නෙත්ති පකරණ සංඝයා මධ්‍යයේ ප්‍රකාශනය කරන ලදී.
ටිබටයේ බෞද්ධ පොතපතෙහි ගෞතම බුදුන්ගේ එක්  ශ්‍රාවකයෙක් සාමාන්‍ය ජනයාගේ පොදු ව්‍යවහාරික භාෂාවෙන් සුත්ත කියූ බව දැක්වේ. මෙම බස මාගධි  බව දක්වා තිබේ. ගෞතම බුදුන්වහන්සේ විසින්ම මහා කච්චායනා ධර්මය පහදා දීමේ වඩාත්ම සමර්තයා වන්නේ බව දක්වා තිබේ.
 
අංගුත්තර නිකායේ ඒකනිපාතයේ මෙසේ දැක්වේ.
මහණෙනි, මහා කච්චායනා සියලුම භික්ෂුන් අතර අගතැන්වේ. ඉතා ලුහුඩින් ප්‍රකාසහ කර ඇති දෙහි අර්ථය සවිස්තරාත්මකව පහදා දිය හැක්කේය.අංගුත්තර නිකායේ අට්ට කතා හි මෙසේ තථාගතයන් වහන්සේ විස්තර කරදෙන සේක.
''ඇතැමුනට තතාගතයන්වහන්සේ ලුහුඬින් පවසනදෙය අක්ෂර
ව්‍යං භාවිතයෙන් හෝ අර්ථය විස්තර කර දීමෙන් හෝ කලහැකිය. නමුත් මහා කච්චයනාට මේ දෙවිධිහෙන්ම සවිස්තරව පැහැදිලි කරදිය හැක. එබැවින් ඔහු තෙරුන් අතරින් අග්‍ර වන්නේය.''

මුක්ඛමත්ත දීපනි කච්චායනා ව්‍යාකරණ භාවිතා කරන ලද වඩාත්ම පැරණි අටුවා වේ. මේවා රුප සිද්ධි වලටද වඩා පැරණි වේ. මෙහි ව්‍යාකරණ වල කතෘ කච්චායනා තෙරුන් ලෙස හඳුන්වා දීම පමණක් නොව එම තෙරුන්ගේ ප්‍රඥාවේ ඇති ශ්‍රේෂ්ටකම බුදුන්වහන්සේ විසින් ප්‍රශංසා කළබවත් ඒ හේතුවෙන් තෙරුන් ගේ ප්‍රඥාව වන්දනාවෙන් ගෞරව කලබව දැක්වේ.

''කච්චයනාට වැඳ නමස්කාර කරමි.  ඔහුගේ ප්‍රඥාවේ සමර්තභාවයට බුදුන්වහන්සේ ප්‍රශංසා කල සේක. මා විසින් පැහැදිලිකර ප්‍රත්‍යක්ෂ කොට දක්වන ලද සම්ප්‍රධානු ගතව මුඛ පරම්පරාවෙන් රැගෙන එන ලද කච්චායනා රීති විස්තර කර දක්වමි''.

එසේම නිරුක්තිසාර මන්ජුසා වෙහිද පහත සඳහන් වගන්තියන්ද දැක්වේ.
'' කච්චෝ පියාගේ නමයය. ඔහුගේ පුතා කච්චයනාය. රහතුන්වහන්සේලා අතරින් උත්තම තනතුරක් දැරූ හිමි නමකි. පටිසම්භිදා අවබෝධකොට ගත්, නිරුක්තිකා හි මුලාරම්භය උන්වහන්සේය.

කච්චායනා භේද ටිකාහිද මෙසේ දැක්වේ.
කච්චායනා දීපනීහි සුත්තානි බෙදා වෙන්කිරීම මෙසේ දැක්වේ.
සුත්තානි - 51කි. නාම අක්ෂර යෝග - 218කි. වාක්‍ය නීති 45කි. සංයෝග 28කි.
නාම නිරුක්ක්ති -62කි. ක්‍රියාපද - නිරුක්ති 118කි.
පද ගතාර්ථ (කට වචනයෙන් කියන ලද) නිරුක්ති- 50කි. මුළු එකතුව-672කි.
 
මෙහි අඩංගු ව්‍යාකරණ නීති යාසයේ අඩංගු මුළු ව්‍යාකරණ නීති ගන්නට සමාන නොවන්නේය. යොදන ලද වාක්‍ය නීති ප්‍රමාණය 710කි.
මෙහි වාක්‍ය නීති සම්පාදනය මහා කච්චයනාය,
වුත්ති සම්පාදනය මහා කච්චයනාය.
නිර්මාණය බ්‍රහ්මදත්තය
ඤයාය විමල බුද්ධිය
James Alwis  මහතා කච්චායන මාගධී ව්‍යාකරණ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු සංක්ෂිප්ත කොට මෙසේ දක්වන්නේය.
පළමුවෙන්ම මෙම සම්ප්‍රදාය ස්ථීර ලෙස ප්‍රකාශ කොට ඇති කතෘ නම් ගොතම බුදුන්ගේ ශ්‍රාවකයා වන කච්චායනා බවය. මෙය ඉතා පැරණි භාෂා රීතින්ය. මෙම භාෂාවේ භාවිතා කරන ලද රීති 3 වන සංඝායනාවේ දී භාවිතා කරන ලද ව්‍යාකරණ රීති වලට වඩා වඩා පිරිසිදුය. එමෙන්ම මෙම ව්‍යාකරණ වල කතෘ විසින්ම මෙය බුදුන්ගේ භාෂිතය ලෙස දක්වා තිබේ.
 
ඉතා පැරණි බෞද්ධ නිර්මාණයක් වන වසන්ත තිලකහි මුලික ගද්යයන් ඉතා සියුම්ව සහ පරීක්ෂා කාරීව අධ්‍යයනය කල විට මෙම ව්‍යාකරණ රීති සාරිපුත්ත මහා කච්චායනා යුගය තරම් අතීතයට දිව යන බව පැහැදිලි කර ගත හැක. ලිඛිත බෞද්ධ පොත පත සම්පාදනය වුයේ  ස්ථීර ලෙසම අසවල් කලකයයි කිව නොහැක. පිටකයන් හොඳින් අධ්‍යයනය කරන විට ඉතාම පැහැදිලි ලෙස තහවුරුවන්නේ පිටකයන් බිහිවන යුගය වනවිට සංස්කෘත භාෂාව ගැන කිසිවක් සොයා ගත නොහැකි බවය. (සංස්කෘත යනු ඉන්දියාවේ භාෂා මුලයය.)

බුරුමයේ ග්‍රන්ථයක් වන Mulamule හි දක්වා ඇත්තේ මාගධී බසේ ව්‍යාකරණ හඳුන්වා දී ඇත්තේ සාරිපුත්ත මහා කච්චායනා බවය.
එහි මෙසේ දැක්වේ. බුදුන්වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු මාගධී බසින් දෙසන දහම අවබෝධ කර ගැනීමට අනුගාමිකයින්ට අපහසු වූ බැවින් එම  අයට පහසුවෙන් දහම දහම අවබෝධකර  ගැනීමට මහා කච්චායන මාගධී ව්‍යාකරණ පිළයෙල කල බවය. මෙම කච්ච්චයනා සම්ප්‍රදාය ලංකාවේ ඇති පොත පතින් විදහා දක්වන්නේය. මාගධි පොත පත මෙන්ම මෙම බසට අක්ෂර හඳුන්වා දීමේ හොඳම සාක්ෂි හමුවන්නේ ලංකාවෙනි.
 
මෙම දහම ලිඛිත කල මුල්  අවධියේ සිටම මේවා බුරුමයේ පේගු වලට ලංකාවෙන් ගොස් තිබේ. බුරුමයේ දී බුද්ධගෝෂ විසින් ලියන ලද Maharazoen නම් බුරුම ඉතිහාස පොතේ ඒ බව එසේ දක්වා ඇත්තේය. කච්චායනා ව්‍යාකරණ නිර්මාණය, එම සම්ප්‍රදාය, මෙන්ම එහි කතෘත්වයද  බුරුමයට රැගෙන ගොස් ඇත්තේ ලංකාවෙනි. එහෙත් අද ඇති බුරුමයේ නිර්මාණ සම්පුර්ණයෙන්ම කච්චායනා රීති වලට එකඟ වන්නේ නැත. බොහෝ සෙයින් අභාවයට ගොස් ඇති සෙයක් පෙනේ. සංස්කෘත වචනද එකතු කරගෙන තිබේ.

James Alwis මහතා මෙසේ කරුණු  ගෙනහැර දැක් වුවත් කච්චායනා ව්‍යාකරණ සම්ප්‍රදාය සාරිපුත්ත හිමිගේ කාලය දක්වා දිව යනවාද යන්න ඇතැම් විද්වතුන්ට ගැටළුවක් වීය.
ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කල තර්ක මෙසේ වීය.
මෙම රීති සම්පාදනය කලේ බුදුන්වහන්සේගේ ශ්‍රාවකයකු නම්, එම යුගයේ සිට එන සම්ප්‍රදායක් නම්, මෙම සම්ප්‍රධාය ලංකාවට පැමිණිය යුත්තේ  මහින්ද හාමුදුරුවන්ගේ පැමිණීමත් සමගය. මහින්ද හාමුදුරුවෝ මෙම පොත පත ලංකාවට ගෙනවිත් නැත. මහා කච්චායනා හිටියේ ඉන්දියාවේය. එසේනම් මේවා ලංකාවට ආවේ කවුරුන්ද? (මෙවැනි කච්චායනා රීති සහිත මාගධී පොත් ඉන්දියාවෙන්  හමුනොවීණි. )
බුද්ධගෝෂ හිමි ලංකාවට පැමිණි කල මේ සම්ප්‍රධායන් දුටුවානම් බුදුන්වහන්සේ විසින් ප්‍රශංසා මුඛයෙන් කතා කරන ලද සැරියුත් හිමිගේ එම සම්ප්‍රදාය බුද්ධගෝෂ හිමි භාවිතා නොකළේ ඇයි? බුද්ධගෝෂ හිමි එම රීති දැකපු බවක්ද සඳහන් කර නැත.

මේ ප්‍රශ්න සඳහා අල්විස් මහතා මෙසේ පිළිතුරු දෙයි.
බුද්ධගෝෂ හාමුදුරුවෝ මෙසේ සඳහන් කර තිබේ. '' සිංහල භාෂාවෙන් ලියා තිබු පිටකයන් සිංහල භාෂාව පැන නැගුනු මුල් භාෂාවට පරිවර්තනය කලෙමි.''
''කච්චායනා බුද්ධගෝෂ හිමි එන්නට පෙර තිබුනා නම් එම රීති බුද්ධගෝෂ හිමි භාවිතා කල යුතු''ය යන්නට අල්විස් මහතා මෙසේ පිළිතුරු දෙයි.
බුද්ධගෝෂ හිමි කරන ලද ටිකාහි කච්චායනා රීති ඇත්තේය. එපමණක් නොව බුද්ධගෝෂ හිමි මෙම රීති ඇවිත් ඇත්තේ අට්ට කතා සහ ටීකා ලියන කාලයේ බව සඳහන් කර ඇත්තේය.
බුද්ධගෝෂ හිමි සිංහල අට්ට කතාහි භාවිතා වන වචන පහසුවෙන්ම පාලි බසට ආදේශ කර ඇති බව අල්විස් මහතා පෙන්වා දෙයි .කෙසේද යත් පාලි බසේ කරණ. සම්පධාන, ආලපන සිංහල භාෂාවේ ව්‍යාකරණ පදයන්හි  කරණ, සපදන්, අලප් වලට පහසුවෙන් එකඟ වේ. ඒ අනුව පෙනීයන්නේ සිංහල අට්ට  කතා ආරම්භවන්නේ බුදු දහම මෙහි ආරම්භයත් සමගය. ඒ අනුව බුද්ධගෝෂ හිමි සාරි පුත්ත හිමිගේ භාෂා රීති දැක නැති ය''යි කීම නුවනට හුරු නැත. බුද්ධගෝෂ හිමිගේ පරිවර්තන වල සාරිපුත්ත හිමිගේ රීති කොටස්ද ඇතුලත් වන්නේය. නමුත් බුද්ධගෝෂ හිමි සංස්කෘත ව්‍යාකරණ බොහෝ සෙයින්  අනුගමනය කර ඇති බැවින් බුද්ධගෝෂ ගේ පරිවර්තන සාරිපුත්ත හිමි රීති වලින් බොහෝ දුරස්ද වන්නේය. (දැන් අපට පහසුවෙන් අවබෝධ කල හැකිව තිබු දහම අපෙන් දුරස් වුයේ කෙලෙසද යයි අවබෝධ කර ගත හැක )

නෙත්ති ප්‍රකරණයද සාරි පුත්ත නමට පුජා කොට ඇත්තේය. මෙය බුදු දහම සම්බන්ධයෙන් අංග සම්පුර්ණ අටුවාවකි. මෙහි අටුවා සමග ශබ්ද කෝෂයක්ද ඇත්තේය. මෙහි බුදුන්වහන්සේ විසින්ම කරන ලද පාඨයන් අඩංගුවේ.මෙහි ගාථා ලියා ඇත්තේ පකීර්ත (Prakrit) භාෂාවෙනි.
මෙය ලියා ඇති ආකාරය දෙස බලන විට මෙය බෞද්ධ සමාජයේ උත්තරීතර සාමාජිකයකු විසින් ලියන ලද්දක් බව පෙනේ. මෙම සවිස්තරාත්මකවූ දැඩිලෙස අර්ථ විවරණය කරන්නාවූ රචනාවක් වන අතර මෙහි ප්‍රශ්න සහ ඒ සඳහා වූ පිළිතුරු දීමක් කර ඇත්තේය. දීර්ඝ ලෙස විස්තර කර ඇත්තාවූ මෙම කර්තව්‍ය මහා කච්චයනාගේ නිර්මාණයක් ලෙස පෙනේ. මේ සම්බන්ධයෙන් මහාචාර්ය Webb පවසන්නේ මෙය සාරිපුත්ත හිමියන්ගේ ම නිර්මාණයක් බවය. අඩුම වශයෙන් මෙහි කොටසක් හෝ සාරිපුත්තහිමියන්ගේ නිර්මාණයක් විය යුතු බව මහාචාර්ය Webb ගේ අදහසය. මෙහි උපතිස්සගේ ප්‍රශ්න එසේ නැත්නම් සරිපුත්තගේ ප්‍රශ්න ලෙස ලියාද ඇත්තේය. මෙහි පුස්කොල පත් (ඕලා)  108ක් වේ. අඩි 2ක් දිගය. සෑම කොලයකම වාක්‍ය 9 බැගින් ලියා ඇත.

දැනට පාලි පොත් ලිවීම සඳහා බහුලව භාවිතා කරන්නේ බාලාවතර ව්‍යාකරණ සම්ප්‍රධාය බව දක්වා තිබේ. එය කච්චායනා සම්ප්‍රදාය පදනම් කරගත් සරල ක්‍රමයකි. එහෙත් මෙහිද සියලුම කච්චායනා රීති ඇතුලත් කොට ඇත්තේය. නමුත් සැකසුම වෙනස්ය.
 
මෙරට පොත් පත් සම්බන්ධයෙන් නාමාවලියක් සැකසු අල්විස් මහතා පහත සඳහන් ප්‍රකාශයන්ද කර ඇත්තේය. අපේ රටේ තමන්ගේ දෙය හෑල්ලුකර ඉන්දියාවට ආවඩන මිනිසුන්ගේ ඇස් ඇරීමකට හේතුපාදක වන්නේය.
බුදුදහම උපන් ස්ථානයයි පවසන පාලි භාෂාව  ආරම්භ වූවා යයි සලකන මහාභාරත කාලය  දක්වා ඉතිහාසය දිව යති  ය''යි පවසන ඉන්දියාවේ මගධයේ  ඉතිහාසය ලියා ගන්නට එහි ඉතිහාසය ලියන ලද කිසිම ලියකියවිල්ලක් නැත. එහි ඇත්තේ ගලේ කොටන ලද ලපි හා ඉඩම් පැවරූ බවට ලියන ලද පත්  පමණි. එකිනෙකට කිසිම සමබන්ධයක් නැති , අඩුම වශයෙන් රජවරුන් රජවූ කාලය වත් ලියා ගත නොහැකි මේවායෙන් ඉතිහාසයක් හෝ වංශකතාවක් හෝ ලියා ගත නොහැක. එමෙන්ම හමුවූ  Bactrian කාසිවලින්ද ලබාදෙන්නේ කුඩා අදහසකි. නොඑසේ නම් අර්ථයක් සපයන්නෙම නැත.
 
ලංකාවේ පොත්වල ඇති මාගධී රාජධානියේ රජවරුන් ගේ සඳහන් නම් හින්දු වංශාවලියේ රජවරුන්ගේ නම් වලට වඩා වෙනස්ය. එවැනි රාජ නාම පිළිවෙලක්ද ඉන්දියාවට නැත්තේය.සංඝායනා 3ක් ඉන්දියාවේ තිබුණු බව දක්වතත් මේවා සම්බන්ධයෙන් විස්තර ඇත්තේ ලංකාවේ දීපවංශයේ ඇතුළු පොත පත වල පමණි. ඉන්දියාවේ නොවේ.
 
සිංහල ජාතිය ඇරැඹෙන්නටත් පෙර ඉතා පැරණි සාහිත්‍යයක් ඇති යයි කියන හින්දු ජාතිකයන්ගේ ඉතිහාස වාර්තාවක්ද නැත්තේය. ඔවුන්ගේ ආගමික වාර්තාවක් වන මහාපුරාන වලද ඇත්තේ ප්‍රමාණවත් නොවන මතකය අනුස්මරණය කරන්නා බඳු වූ ඉතිහාස එකතුවකි. මෙම මහා පුරාන වල  ආගම් සම්බන්ද විස්තර දී ඇත්තේ ශාස්ත්‍ර කාරයන් අනාගත වාක්‍ය කියන ආකාරයටය.
මෙවා මත පිහිටා  විශ්වාස කටයුතු කාලවකවානු සහිත වංශකතාවක් ලියාගත නොහැක .
 
එමෙන්ම අල්විස් මහතා, ලංකාවේ හිටපු ලේකම් Sir James Tennent මහතා කියන ලද ප්‍රකාශයක්ද මෙසේ දක්වන්නේය.
‘‘ලංකාවේ ඉතිහාස පොත් ආසියාවේ ප්‍රධානම ඉතිහාස පොත් වන අතර ඒවා ඉන්දුස්ථාන වල  වල්බිහිවුණු ඉතිහාසය ලියා ඇති පොත් වලට සමාන කල නොහැකිය.’’ යන්නය.  (බුදුන්වහන්සේ ලංකාවේ උරුමයක් බවට චීන ජාතිකයින් දැන සිටි බවට සිය පොතේ ලීවේ මේ James Tennet මහතාය.).
ඒ අනුව වල බිහිවුන ඉතිහාසයක් ඇති ඉන්දියාවට
බුදුන්වහන්සේගේ  උරුමය ලියා දී හෙලයාට එම උරුමය අහිමිව වන වකවානුව මෙලෙස ගෙන හැර දක් වමි.
William Skeen මහතා විසින් ලියන ලද Adam’s Peak නම් පොතේ මෙසේ සඳහන් කරනු ලැබේ. දේශ සංචාරක මාකෝ පොලෝ සහ Philalethes විසින් ලියන ලද History of Ceylon නම් පොතෙත් බුදුන්වහන්සේ සිංහලයන්ගේ උරුමයක් ලෙස එම රටේ වැසියන් කියන බව දක්වා තිබේ. මෙම දෙදෙනා එසේ දක්වන්නේ සිංහලයන්ගේ සම්ප්‍රදායට අනුව බුදුන්වහන්සේ ඔවුන්ගේ කෙනෙකු යයි කියන නිසාය. නමුත් මහාවංශය සහ අනෙක් මෙරට ඉතිහාස පොත පත පරිවර්තනයෙන් පසු උගත් පරිවර්තකයන් වන George Tunour, Gogerly, Hardy, Max Muller ඇතුළු අනෙක් පිරිස සම්ප්‍රධායය න් නිසා බාධකයක්ව තිබු, මිත්‍යා  ප්‍රබන්ධ සහ සත්‍ය තොරතුරු  වලින් මුසු වූ බුදුන්වහන්සේගේ ජීවිත කතාව සහ බුදු දහම උපන් ස්ථානය නිවැරදි කරනු ලැබීය. ඒ අනුව අපට පැහැදිලි වන්නේ බුදු උරුමය හෙලයාගෙන් උදුරා ඉන්දියාවට භාර කොට ඇත්තේ 19 වන සියවසේ මැද භාගයේ බවය. (Hardy වීසින් බුදුන් උපන්ස්තානය ලෙස දක්වා තිබුනේ නේපාල දේශ සීමාවේ කපිඩ් ගම්මාන පිහිටි ස්ථානය. Cunnigham පවසා තිබුනේ ඉන්දියාවේ Bhuler පෙදෙසයි. දැන් නේපාලයේ Tarai ය.) 

මෙම මහාවංශ පරිවර්තනය බලා බුදු උරුමය ඉන්දියාවට පවරනු ලැබුවද James Alwis මහතා විසින් මහා වංශ පරිවර්තනය සම්බන්ධයෙන් අප්‍රකට තවත් තොරතුරක්ද සපයා දෙන්නේය, එනම්  1833, එම යුගයේ පාලි භාෂාව ගැන විශාරදයකු වන රාජපක්ෂ මහ මුදලි ගේ අධීක්ෂණය යටතේ Upham මහතා විසින් පැරණි මහාවංශය පරිවර්තනය කළබවත් ඉන්පසු George Tunour විසින් ද  එම මහා වංශය යලිත් 1836 පරිවර්තනය කල බවත් දක්වා තිබේ. මෙම පරිවර්තන 2 ක එකිනෙකට පරස් පර විරෝධීය, එහෙත් රාජපක්ෂ මහා මුදලිගේ පාලි භාෂාව පිලි බඳ  දැනුම 
George Tunour තරම් ඉහල මට්ටමේ නොමැති බැවිනුත් ඔහුගේ ඉංග්‍රීසි දැනුම මද නිසාත්  George Tunour ට ජාත්‍යන්තයේ ඉහල පිළිගැනීමක් ඇති නිසාත් රාජපක්ෂ මහා මුදලිගේ සහයෝගයෙන් පරිවර්තනය කරන ලද මහාවංශය ඉවත් කල බව දක්වා තිබේ. (අපේ රටේ මිනිසෙකුගේ මේ රටේ තිබු භාෂාව පිලිබඳ දැනුමට වඩා සුද්දාගේ අපේ රටේ භාෂා දැනුම ඉහල වුයේ කෙලෙසද යන්න විමසා බැලීම වටී. කෙසේ වෙතත් එකල සිටි රජජපක්ෂ මහමුදලිලා නම් සුද්දා ගේ ඉතිහාස පරිවර්තනයට දන නොනැමූ බව පෙනේ.  )

වැඩි පිරිසකගේ  අධ්‍යයන පහසුව පිණිස සහ දකුණු ආසියාතික කලාපවල ඇති කාලගුණ තත්වය මත දිගුකලක් පුස්කොලපොත් ආරක්ෂා කර ගත නොහැකි බැවින් මෙසේ නාමාවලියට ඇතුලත් කර සියලු පුස්කොල පොත්වල පිටපතක් තබා ඒවා එංගලන්තයට රැගෙන ගිය බව දක්වා තිබේ. එමෙන්ම මීට අමතරව ප්‍රංශ ජාතික Hugh Nevill මහතාද ලංකාවෙන් විශාල පුස්කොල පොත් ප්‍රමාණයක් ප්‍රංශයට රැගෙන ගොස් ගිය අතර පසු කාලීනව බ්‍රිතාන්‍ය කෞතු කාගාරය විසින් ඒවාද  මිලට ගෙන තිබේ. අද අපේ රටේ හෙළයන්ට සිදුවී ඇත්තේ වත්ත බද්දට දී ඇස්සට දත නියවා බලා සිටීමය. සැකවින් කියත හොත් 19 වන සියවසේ හෙලයන්ගෙන් පැහර ගත් බුදු උරුමය ඉන්දියාවටම භාර දී අතපිසදා  ගැනීමේ නිවට සම්ප්‍රධායට එකඟ වී සිටීමය

(James Alwis මහතා විසින් 1870 දී ලියන ලද  A Descriptive Catalouge of Sanskrit, Pali and Sinhalese Literary of Ceylon පොත ඇසුරිණි)
 
 
 සටහන සුභාෂිනී කුමාරි

13 comments:

  1. සුභාශිණී ඔබේ ලිපි වල වැදගත්ම ලිපියක්. බොහොම වටිනා කරැණු රාශියක් සහිතයි. සම්මතය වැරදී අැති බව පිළිගන්න සිදුවන දිනය අාසන්නයි. සූදානම් වෙමු.

    ReplyDelete
  2. අපව දැනුවත් කිරීම පිළිබඳව ප්‍රසංශාව පුදමි. වගකිය යුතු පාර්ශවද මේ ගැන දැනුවත් වේ නම් මනා ය​. සත්‍ය හෙලි කිරීමට වෙර දරණ සියල්ලන්ටම තව තවත් ඒ සඳහාකරුණු ගෙන ඒමට ශක්තිය ලැබේවා!. අපට අයිති අපේ පුස්කොල වෙන රටක හෝ සුරක්ශිතව තිබීම සතුටකි. ඒවා ක්‍රමවත් ලෙස පොදු අධ්‍යනය සඳහා මෙරට ට ලබා ගැනීම, රාජ්‍ය වගකීමකි. සන්නිවේදන ක්‍රම පහසු බැවින් මුල් පුස්කොල පොත් වල පිටපත් හෝ ලබාගෙන​, ඒ දැණූම මනාව අපේ පංසල් වල දැණුම බවට යලි පත් වේ නම් කොතරම් අගනේ ද​? හෙළ උරුමය සැක හැර විවර වේවා.. එවිට​, ශාසනය පහන් වලින් හෝ තොරණ් වලින් නොව​, සැබැවටම බැබලීම ඇතිවේවි.

    ReplyDelete
  3. Thanks for giving the sourcebook.
    A descriptive catalogue of Sanskrit, Pali, and Sinhalese, literary works of Ceylon (1870)
    Author: Alwis, James d'
    found the "read online" link for reference,
    http://archive.org/stream/descriptivecatal01alwiuoft#page/n7/mode/2up

    ReplyDelete
    Replies
    1. Author words..

      The entire Mahavansa, together with some other
      historical works, was translated and published by Mr,
      Upham, in 1833 ;f but this work is not to be trusted
      as a translation. Noticing its character at length
      the Hon. George Turnour, who subsequently (1837)
      published the first thirty-seven Chapters with an
      English translation, says; —

      *'This translation, which abounds in errors of the descrip-
      tion above noticed, is stated to have been made 'under the
      superintendence of the late native chief of the Cinnamou
      department, (Rajapaxa, Maha Modliar), who was himself
      the best Pali and Singhalese scholar in the countiy.'

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Yea, The Author says this statement was done by George Turnour.

      Delete
    4. The author has given the statement done by George Turnour (page 101 ,102)
      “ This translation which bounds in errors of description above noticed, is stated to have been made under the superintendence of the late native chief of the Cinnamon Department , (Rajapaksha Maha Modliar) who was the himself the best Pali and Singalese scholar in the country’ I was personally acquainted this in this individual who was universally and deservedly respected both in his official and private character. He possessed extensive information and equally extensive influence among his own cast at least if not among his countrymen generally; and as for late years the intercourse with Buddistical church in the Burmese empire had been chiefly kept up by the missions from the priest hood of his (Chalia) cast in Ceylon, the late Chief Justice could not, perhaps, have applied to any individual more competent to collect the native as well as Burmese Pali annals: or more capable of procuring the best qualified translators of that language into Sinhalese, from among the Pali scholars resident in the maritime districts of the island than Rajapaxa was. this was how ever the full extent to which this Chief could have efficiently assisted Sir A . Johnston , in his praiseworthy undertaking; for Maha Modliar was not himself either a Pali or English scholar. This is to say he had no better acquaintance with the Pali than a modern European would ……………….” .
      George Turnour’s statement continues in other pages.

      At first George Turnour writes what others think about the Pali language knowledge of Rajapaksh Mudliar and at the end Mudliar’s knowledge was condemned by Tunour himself.

      Delete
  4. මේ උත්සාහයට මගෙනුත් මල්මිටක් !

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔබ එංගලන්ත යේ පුස්කොල පොත් පිළිබඳ යම් කරුණු දන්නා බව කියව ඇත්තෙමි. සිරිලක කඩයුරු හා කඩයිම් පොත් මගින් ද තව සාක්‍ෂි ගොණු කිරීමේ හැකියාවක් ඇත්ද​? British Museum. Dept. of Oriental Printed Books and Manuscripts; Wickremasinghe, Martino de Zilva පොතෙහි සඳහන් පරිදි 4664 පුස්කොල පොතේ III.Fol. 7-27 මේ ගැන සටහනක් ඇත​. ඔබේ අදහස කාරුණිකව පහදා දෙන්න.

    ReplyDelete
  8. ඔව් කඩයිම් පොත් වලින් සාක්ෂි ගොනු කල හැකිය. එහිද සමන්ත කුටය සහිත ජම්බුදීපය ගැන සඳහන්ය. එංගලන්තයේ ඇති Hugh Neville පුස්කොල පොත් (අපේ පැරණි පුස්කොල පොත් )එකතුවෙන් ද සාක්ෂි සපයා ගත හැකිය. මේවායේ ඇති පැරණි බනකතාවලින්ද ලංකාවේ දඹදිව තිබු බවට තොරතුරු ඇත්තේය.මෙම පුස්කොල වල පිටපත් ඇනවුම් කල හැක. ඔවුන් ඒ සඳහා දිගු කලක් ගැනීම දැනට ගැටලුවක්ව පවතී

    ReplyDelete