Sunday, June 9, 2013

සංගායනා



සම්බුද්ධ පරිනිර්වානයෙන් පසු සාසනයේ පැවැත්ම ස්ථිර කිරීම සදහා සංගායනා පවත්වන ලදී. ඉන් පලවෙනි සංගානයාව පැවැත්වූයේ සම්බුද්ධ පරිනිර්වානයෙන් මාස තුනක් ගිය තැනදීය. එම සංගායනාව පැවැත්වීමට මූලික වී ක්‍රියා කර ඇත්තේ මහ කාශ්‍යප අරහතුන්වහන්සේය. ඒ සදහා අජාසත් රජතුමා අනුග්‍රහය දක්වා ඇති අතර සප්තපණ්ණී ගුහාව ඒ සදහා පිලියෙල කර දී ඇත්තේද අජාසත් රජතුමාය. මෙම සංගායනාව පැවැත්වූ ස්ථානය අද රජගල පිහිටා ඇත. හත්තක හැඩය ගත් සප්තපණ්නී ගුහාවද එහි පිහිටා ඇත. එම ලෙනේ අරහතුන්වහන්සේලා 500 නමට කිසිදු අපහසුවකින් තොරව වැඩ සිටීමට හැකියාව තිබූ බව අදද දැකගත හැකි වන අතර සප්තපණ්නී ගුහාව අජාසත් රජුගේ විශ්ව කර්ම නිර්මාණයක් බව එය නිර්මාණය කරන ලද තාක්ෂණයෙන්ම පෙනීයයි. මෙහිදී ධර්මය නිකාය ලෙස බෙදීමකට ලක්කර ඇත. එනම් ධර්මය නිකාය පරපුරෙන් පරපුරට ගෙන ඒමට එක් එක් භික්ශූන්වහන්සේලාට පවරා ඇත. එම ක්‍රමයට සමාන වූ සෙල්ලිපි දෙකක් පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමි විසින් රචිත නවතම ශිලාලිපි ගවේෂණය ග්‍රන්ථයෙන් මෙසේ උපුටා දැක්විය හැක.

එක උතර බණක බත සොණහ ලෙණෙ මනපදශන නමෙ- අංගුත්තර නිකාය භාණක ස්වාමි සෝණගේ මනාපදස්සන නම් ලෙණයි.(101)

දිගමඣිම බණක බත තිශහ ලෙණෙ- දීඝනිකාය,මජ්ඣිම නිකාය භාණක ස්වාමි තිස්සගේ ලෙණයි.(18)

මේ සෙල්ලිපි පලවෙනි සංගායනාවට සම්බන්ධයක් නොවූනද, නිකායවල් භාරව පුද්ගලයන් මෙරට සිටි බව මින් තහවුරු වේ.
දෙවන සංගායනාව පවත්වා ඇත්තේ විශාලා මහනුවර වාලුකාරාමයේදී  කාලාශෝක රජුගේ සහයෙනි. කාලාශෝක රජ කෙනෙකු පිලිබද සාධකයක් අපට ඉන්දියාවෙන් සොයාගත නොහැකිවන අතර එය ඉන්දියාවේ පැවැත්වූ එකක් ලෙස කිව නොහැක. එදා වාලුකාරාමය පිහිටා තිබී ඇත්තේ අද යාල ප්‍රදේශයට වන්නය.

වැදගත්ම සංගායනාව වන්නේ තෙවන සංගයනාවයි. මක්නිසාද යත් බුදු දහම මෙරටට ලැබුනේ තෙවන සංගායනාවේදී බව සම්මතයේ පිලිගැනීම නිසාය. මේ සංගායනාව සිදු කිරීමට මූලික වී ක්‍රියා කලේ මොග්ගලී පුත්ත තිස්ස මහඅරහතන් වහන්සේය. උන්වහන්සේ මේ සංගායනාව සිදුකලේ භික්ශූන්වහන්සේලා මූලික කරගෙනය. සම්මත ඉතිහාසයේදී අශෝක රජු මේ සදහා දායක වූවායැයි කීවත් ඔහු ලිවූවායැයි සම්මත ලිපිවල භික්ශූන්වහන්සේලා යොදාගෙන සිදුකල සංගායනාවක් පිලිබද සදහන් නොවේ.එමෙන්ම භික්ශූන්වහන්සේලා යොදාගෙන කල තෙවන සංගායනාවක් පිලිබද ඉන්දියාවේ කිසිම සාධකයක් නැති අතර එම සංගායනාව පිලිබද හෙලදිව ලියූ ග්‍රන්ථවල සදහන් වේ. එම සංගායනාවෙන් ප්‍රදේශ නමයකට භික්ශූන්වහන්සේලා පිටත් කළහ. සැබවින්ම මෙහිදී සිදු වී ඇත්තේ අලුතින් බුදු දහමක් ව්‍යප්ත කිරීමක් නොව යම් නිවැරදි කිරීමක් එසේත් නැතිනම් සංගානයාවේදී සිදුවූ එකගතාවයක් පිලිබද එම ප්‍රදේශ වලට දැනුම් දීමක්ය. මේ ප්‍රදේශ සදහා වැඩම කල භික්ශූන්වහන්සේලා පිලිබද හෙලදිව රචිත ග්‍රන්ථවල සදහන් වන්නේ මෙසේය.

ථේරෝ මොග්ගලිපුත්තෝ සෝ ජිනසාසන ජෝතකෝ නිට්ඨාපෙන්වාන සංගීතිං පෙක්ඛමානෝ අනාගතං                     සාසනස්ස පතිට්ඨානං පච්චින්තේසු අවෙක්ඛිය                           පේසේසි කත්තිකේ මාසේ තේ තේ ථේරේ තහිං තහිං                     ථේරං කස්මීර ගන්ධාරං මජ්ඣන්තික මජේසයි                          අපේසයි මහාදේවත්ථේරං මහිසමණ්ඩලං
වනවාසිං අපේසයි ථේරං රක්ඛිත නාමකං                        තථාපරන්තකං යෝනධම්මරක්ඛිත නාමකං                            මහාරට්ඨං මහාධම්මරක්ඛිතත්ථේර නාමකං                          මහාරක්ඛිත ථේරං තු යෝන ලෝකමපේසයි                              පේසේයි මජ්ඣිමං ථේරං ඉට්ඨියමුත්තියං                                    සම්බලං භද්දසාලංච සකේ සද්ධිවිහාරිකේ                              ලංකාදීපේ මනුජ්ජම්හි මනුජ්ජ්ං ජිනසාසනං                           පතිට්ඨාපේථ  තුම්හේ'ති පජ්ච  ථේරේ  අපේසයි.

එනමුදු 13වන ගිරි ලිපියේදී අශෝක රජු අමාත්‍යවරු පිටත් කර ඇත්තේ අතෙෂු, අතියොගේ, තුලමය, අන්තෙකිනේ, මකා. අලික්‍යසුදලේ, චොඩ,  පඬිය,  තාම්රපන්නි (දකුණු ඉන්දියාවේ), යොන, කම්බොජ, අධ, පාලද, නාහක, නාහපති,  භෝජ, පිති   යන ප්‍රදේශ වලට බව අශෝක ශිලා ලේඛණ පි‍ටු අංක 7න් දැක්වේ. මේ අනුව බලන විට මිහිදු මහ අරහතන් වහන්සේ වැඩම කරන්නේ අශෝක රජුගේ මැදිහත්වීමක් නොමැතිව බව පැහැදිලිය.වැදගත්ම කරුණ නම් මෙහි දැක්වෙන්නේ ධර්ම දූත සේවයක් පිලිබදව සදහන් කලද සත්‍යවශයෙන්ම මෙහි දැක්වෙන්නේ වෛද්‍ය ආධාරක කණ්ඩායමක් පිලිබද තොරතුරුය.

එමෙන්ම මිහිදු කුමරු අශෝක රජුගේ පුතෙකු නොවන බවද බෂාම් මහතා විසින් අසිරිමත් ඉන්දියාව ග්‍රන්ථයේදී පෙන්වා දී තිබේ. සත්‍ය වශයෙන්ම වී ඇත්තේ ඉන්දියාවේ යුධ සමයේදී මිහිදු කුමරු, සංඝමිත්තා කුමරිය ඇතුලු පිරිස මරණයෙන් බේරීම සදහා හෙලදිවට පැන ඒමය. (ආක්‍රමණිකයෙකු ලෙස පැමිණි බවටද මතයක් තිබේ. මිහිදු කුමරුගේ පැමිණීම ඉතාමත් ගැටලු සහගත වන අතර සභ්‍යත්වය සලකා මෙහි වැඩි දුර විස්තර සදහන් නොකරන්නෙමු.) ඉන් පසු හෙලදිවදී පැවිදිවී, හෙලමාගධී ඉගෙන ගෙන තිබේ. සමන්තපාසාදිකාවේ මිහිදු හිමි විසින් සීහල අට්ඨකතා රචනා කල බව දැක්වීමෙන් ඒ බව පැහැදිලි වේ.සැබවින්ම මිහිදු හිමි අපවත් වන තුරුම වැඩ සිට ඇත්තේ මේ දීපයේය. රජගල ඇති මිහිදු හිමිගේ භෂ්මාවශේස අඩංගු ස්ථූපයෙන් හා එහි ඇති සෙල්ලිපියෙන් ඒ බව සනාථවේ. (I.C. 468)


මිහිදු මහඅරහතන්වහන්සේ ඇතුලු පිරිස දඹදිවින් එනම් දේව හෙලයේ සිට ලංකාපුර රාජධානියට අයත් මිහින්තලයට වැඩම කර ඇත. ඒ බව මිහිදු හිමි විසින් කල ප්‍රකාශයෙන්ම සනාථ වේ.

"සමණාමයං මහාරාජ- ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය- ජම්බුද්වීපා ඉදාගතා"

උන්වහන්සේ පවසන්නේ ජම්බුද්වීපයේ සිට වැඩම කල බවක් මිස ඉන්දියාවේ හෝ භාරතයේ සිට නොවේ. ජම්බුද්වීපය පිහිටියේ කොහේදැයි  මීට පෙර සදහන් කර ඇත. ඒ අනුව සිදුවීම පැහැදිලිවන්නට ඇතැයි සිතමි.

මේ පිරිස මිහින්තලයට වැඩම් කරන්නේ පොසොන් පොහෝ දිනකය. එදා දේවානම්පියතිස්ස රජු සිටියේ මුව දඩයමේ යමින්ය. අතීතයේ අනුරාධපුරය දියුණුව පැවතියද මිහිදු හිමිගේ වැඩමවීම වන විට යම් පරිහානියකට පත්වී තිබූ බව එමගින් පැහැදිලි වේ. එනිසා මිහිදු  මහඅරහතන්වහන්සේ නැවත අනුරාධපුරය පූජනීය නගරයක් ලෙස ගොඩ නැගීම සිදු කරන්නට ඇත. සංඝමිත්තා තෙරණිය මගින් හිරිවඩුන්නේ ජය සිරි මහ බෝධීන්වහන්සේගේ ශාඛාවක් වැඩමවන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසය.

එනමුදු පසුකාලීනව(බ්‍රිතාන්‍ය පාලන සමයේ) බුදුන්වහන්සේ ඉන්දියාවට වැඩම කරවීමත් සමග දේවහෙලයේ තිබූ සියලු පූජනීයනීයත්වය යට දමා බුදු දහම අනුරාධපුරය හරහා ව්‍යාප්ත වූවායැයි මිත්‍යාවක් ගොඩ නැගීය. එමෙන්ම එය සම්මත කරගෙන පොත පත පවා ලිවූහ. එනමුදු හික්කඩුවේ සුමංගල හිමියන් වැනි යතිවරයන් එම මිත්‍යාවට අසු නොවූවන් බව උන්වහන්සේලාගේ පොත පත කියවීමෙන් පැහැදිලිවේ.
තුන්වෙනි ධර්ම සංගායනාවට මුලිකව කටයුතු කල මොග්ගලී පුත්ත තිස්ස හිමිගේ ධාතු සාංචියේ 2 වන ස්තුපයේ තිබී සොයාගත් බව කනින්හැම් මහතා The  Bhilsa Topes” ග්‍රන්ථයේ ලියා තිබේ. බිල්සා වල ස්තුප වලින් සොයා ගත සෙල්ලිපි වලට අනුව මොග්ගලී පුත්ත තිස්ස හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්ගේ නම ගොටි පුත්‍ර නම් හාමුදුරුවන් බවත් උන් වහන්සේ ගේ පියා ගේ නම ගොටි බවත් ලියා තිබේ. ගොටි ද හිමිනමක් බව දක්වා තිබේ. එනමුදු මොග්ගලී පුත්ත තිස්ස හිමියන් ගිහි කලදී තම නිවසේදී සිග්ගව හිමිගෙන් බණ අසා පැවිදි වී ඇති අතර ඉන් පසු අභිධර්මය ඉගෙන ගෙන ඇත්තේ චන්ඩ වජ්ජි නම් හිමිගෙනි. සත්‍ය වශයෙන් මොග්ගලීපුත්ත තිස්ස හිමිගේ ගුරුවරුන් වී ඇත්තේ මේ ස්වාමීන්වහන්සේලා දෙනමයි. එසේම සිග්ගව හා චන්ඩ වජ්ජි හිමිවරුගේ පියවරුන් පැවිද්දන් නොවූ අතර ඔවුන් රාජ්‍ය අමාත්‍යවරුන්ද වේ.

තුන්වන සංගායනාවෙන් පසු  ගොටි පුත්‍ර  හාමුදුරුවෝ එනම් මොග්ගලී පුත්ත තිස්ස හාමුදුරුවන් ගේ ගුරු හාමුදුරුවෝ දර්ඩාබිසාර  පෙදෙසට ධර්ම දුත කණ්ඩායමක් රැගෙන ගිය බව සෙල්ලිපි වලින් සනාත වන බව කනින්හැම් මහතා ලියා තිබුනද මොග්ගලීපුත්ත තිස්ස හිමියන්ගේ ගුරුවරුන් එම යුගය වන විට ජීවතුන් අතර සිට නැත. දෙවන සංගායනාව කාලයේදී මේ දෙනමගේ වයස අවුරුදු 18ක්ද(මහාවංශය) වන අතර තෙවන සංගායනාව දක්වා සිටියානම් ඒ දෙනමට වයස අවුරුදු 136ක් පමණ වේ.  ඒ අනුව සාන්චියේ  හමුවූ ධාතු  3 වන සංඝායනාවට මුල් වූ මොග්ගලී පුත්ත තිස්ස හාමුදුරුවන්ගේ ධාතු නොවන බව පැහැදිලි වේ. ඒ අනුව මොග්ගලී පුත්ත තිස්ස හිමි ඉන්දියාවේ වැඩ සිටි බවට මූලාශ්‍ර නොමැත.

එමෙන්ම ධාතු සමග වූ මංජුසාවේ ලියා ඇත්තේ සපුරිස මොග්ගලී පුත්ත ලෙසය. සත් පුරුෂ මොග්ගලී පුත්හ යැයි එහි අර්ථය වේ. මෙහි තෙරශ/තෙරහ වැනි හිමිනමක් යනවග ලියානැති නිසා මේවා ස්වාමීන් වහන්සේකෙනෙකුගේ බව ස්ථිරව ප්‍රකාශකල නොහැක. තවද Bhojpur වල 4 වෙනි ස්තුපයේ එක ධාතු මංජුසාවක මුන් කියා ලියා තිබේ.(බ්‍රාහ්මීය අක්ෂර මු සහ ළඟ උඩීන් තිතක් තියා ලියා තිබේ.මේක කනින්හම් විසින් මුන් යැයි හදුන්වයි.) "මුන්" ලෙස දැක්වෙන්නේ විශේෂ වචනයක් බවත් එය යොදන්නේ බුදුන්වහන්සේට පමණක් බවත් එහි දැක්වේ. එනමුදු බුදුන්වහන්සේව හදුන්වන්නේ "මුණි" යන නාමයෙන් මිස"මුන්" යන නාමයෙන් නොවේ. කිනම් වාසනාවකට හෝ මේ මංජුසාවේ කිසිවක් තිබී නැත. එසේ නොවුනිනම් තවත් ධාතු මගඩියක් සදහා බෞද්ධයන් මුලාකරනවා නො අනුමානයි.
කෙසේ වෙතත් තෙවනි සංගායනාව පිලිබද තොරතුරු සදහන් වන්නේ හෙලදිව මූලාශ්‍රයන්හීදීය. ඒ අන් කිසිවක් නිසා නොව තුන්වෙනි සංගායනාවද පැවැත්වූයේ මේ හෙලදිව නිසාය.රටක නැති ඉතිහාසයක් වෙනත් රටක මූලාශ්‍ර භාවිතා කර ගොඩනැගීම නිසා සිදුවී ඇත්තේ රටවල් දෙකේම ඉතිහාසය අවුලෙන් අවුලට පත්වීමය. එම අවුල් වියවුල්  පැහැදිලිව විසදාගැනිමට මේ කාලය එලඹී ඇත. පැටලිලි සහගත ඉන්දියා ඉතිහාසය අලුතින් ලියන ඉදිරි දවසක මහින්දාගමන පරිච්ඡේදය ඔවුන් ක‍ටුගා දමනු ඇත. එවිට අපේ උගතුන් කුමක් කරයිදෝ සිතා ගත නොහැක. එබැවින් කල් නොයවාම මේ ඉතිහාස ගැටලු විසදා ගත යුතුමය.

කෙසේ වෙතත් බුදුන්වහන්සේගේ උරුමය පමණක් නොව පරිනිර්වානයෙන් පසු පැවැත්වූ සංගායනාවන්හි උරුමයද, ත්‍රිපිටක ග්‍රන්ථාරූඪයේ උරුමයද මේ හෙලදිවට හිමිවන බව පෙන්වා දී අවසානය. 

(උපුටා ගැනීම "බුදුන්ගේ දේශය" ග්‍රන්ථයෙනි)- පි‍ටු 244-249-

4 comments:

  1. Definitely believe that which you stated. Your favorite justification seemed to be on
    the internet the easiest thing to be aware of. I say to you,
    I definitely get irked while people think about worries that they just do not
    know about. You managed to hit the nail upon the top and defined out
    the whole thing without having side-effects ,
    people could take a signal. Will likely be back to get more.
    Thanks

    Stop by my web blog ... raspberry ketone diet

    ReplyDelete
  2. Hi I am so excited I found your site, I really found you by mistake, while I was
    browsing on Askjeeve for something else, Anyways I am here now and would just like to say cheers for a remarkable post and a all round entertaining blog (I also love the theme/design), I don't have time to go through it all at the minute but I have bookmarked it and also added in your RSS feeds, so when I have time I will be back to read more, Please do keep up the awesome job.

    my web-site: polvere

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=IH9qleSJOiw&feature=c4-overview&list=UUDs7Jy0Qybxu7-pqM-Rm8Lg

      Delete
  3. yet another excellent post....

    ReplyDelete