Sunday, June 30, 2013

ෆා හියන් හිමි වැඩි බුදුන්ගේ දේශය



ෆා හියන් හිමි ඉන්දියාවේ සංචාරය කල  බවත් ඒ වනවිට බුදු දහම ඉන්දියාවේ පිරිහී තිබුණු බවත් බොහෝ පොතපත වලින් කියවා ඇත්තෙමි. එහෙත් උන්වහන්සේගේ චාරිකා සටහන දෙස බලනවිට උන්වහන්සේ කිසිම දිනක ඉන්දියාවේ ගිය බවට හෝ එවකට බුදුන්ගේ දේශයේ බුදු දහම පිරිහී තුබුණු බවක් නොදක්වයි. උන්වහන්සේ ගියේ බෞද්ධ  රටවල් වැඳ පුදාගෙන බුදුන්ගේ දේශයට ගොස් ත්‍රිපිටක පිටපත් රැගෙන එම සඳහාය. බුදුන්ගේ දේශය  උන්වහන්සේ  හඳුන්වා ඇත්තේ Teen- chuh ලෙසය. එම රටේ රට නම් වූ  පාලන ක්‍රමයක් තිබෙන අතර එහි  සියලුම රජවරුන් බෞද්ධ බවත්, ගනනින් කිය නොහැකි දස දහස් ගණනින් සංඝයාවහන්සේලා එහි වැඩ වෙසෙන් බවත් දක්වා තිබේ. රටේ ජනතාව බෞද්ධ වන අතර බුදුන්වහන්සේ පිරිනිවන්පෑ දාසිට බුදුසසුන රැක ගත්, ශාසනයට නින්දගම් පුජාකළ, අස්වැන්න  ගෙට ගත්විට පළමු කොටස ශාසනයට පුදමින් උත්සවයක් පවත් වන (අලුත් සහල් මංගල්‍යය), බුද්ධරුප, බෝධිසත්ව රුප,  දේව රුප පෙරටු කොට පෙරහැර වල්  පවත් වන අසිරිමත් බෞද්ධ රටක් ලෙස දක්වා තිබේ  . ඉන්දියාවට චීන ජාතිකයන් අතීතයේ හඳුන්වා ඇත්තේ Shin - thu (Scinde) (සින්ධු). මෙය shin- tuk හෝ  duk  ලෙස වී පසුව Thein - tuk වී පසුව  Teen - chuk  ලෙස ඉන්දියාව හඳුන්වන්නට  ඇතියයි James Legge මහතා පවසයි. එහෙත් නම  එසේ ආදේශ වීම විස්තර කිරීම එතරම් පහසු දෙයක් නොවන බවද කියයි. ( මේ ගැටළු  සියල්ලම Alexander Cunningham විසින් ඉන්දියාව බුදුන් ගේ දේශය ලෙස ආදේශ කර තිබීම නිසාය). කෙසේ වෙතත් බුදුන්වහන්සේලා ඉපදින්නේ නැති ප්‍රත්‍යන්ත දේශ වලට පුජාවලියේ 7 වන පරිච්චේදයේ සින්ධු නම ද ඇතුල් කර තිබේ. ෆා හියන් හිමිගේ වාර්තාව  පුරා බුදුන්ගේ දේශය නම් කර ඇත්තේ Teen- chuh ලෙසය. එම නම් තිබු තැන් වලට පරිවර්තනයේදී එය ඉන්දියාව බව සලකා ඉන්දියාව ලෙස ආදේශ කල බව දැක්වේ

ෆා හියන් හිමි බුදුන්ගේ දේශයට වැඩියේ කුමන කාලයේද?
 
ෆා හියන් හිමි ජීවත් වුයේ Ch'ang-gan වලය. ෆා හියන් හිමි ජීවත් වුයේ නැගෙනහිර Tsin රාජධානිය කාලයේ (කි.ව.317 -419) හෝ Sung රාජධානි කාලයේ (කි.ව. 317-419)  හෝ බව දක්වයි. ඔහු Hwang-che, යුගයේ 2 වන වසරේ, (Ke-hae වසර ) ගමන ආරම්භ කල බව දැක්වේ. කෙසේ උවද උන්වහන්සේ සිංහල රටේ සිටි කාලයේ අභයගිරි විහාරයේ දන්ත ධාතු ප්‍රදර්ශනයට පෙර අඬබෙර ගැසූ බෙර කරු විසින් පවසා ඇත්තේ එය බුදුන් පිරි නිවී වසර 1497ක් වන බවය. (චීන සිතියම විකාශනය වන අයුරු;http://www.chinahighlights.com/map/ancient-china-map/)

ෆා හියන් හිමි ඉන්දියාවට ආවේ  චන්ද්‍ර ගුප්ත - 2 (කි ව 376 -415)ක රජුගේ  කාලයේ බව  ගනනය  කරගෙන තිබේ.  චන්ද්‍ර ගුප්ත රජගේ ආගම් දර්ශනය හින්දුය.  ඔහු ඉන්දියාව තනි බලයක් යටතට ගත්  රජෙකි. එහෙත් ෆා හියන් හිමි පවසන්නේ  උන්වහන්සේ  ගිය බුදුන්ගේ දේශයේ  රට නම් වූ පාලනයක් ඇති බවත් එහි සියලුම රජවරු බෞද්ධ බව සහ බුදුන් පිරිනිවන් පෑදා සිට බුදු දහම රැකි රටක් බවය. නමුත් ඉන්දියාව කි පු 3 වන ශත වර්ෂයට පෙර (එනම් 2වන සහ 3 වන  සන්ඝයනාව අතර කාලයේ ) ග්‍රීසියේ ආක්‍රමණයට  ලක් වූ  සහ ගුප්ත වංශිකයන්ට පෙර වසර 500 කට පෙර සිට නිරන්තරයෙන් ආක්‍රමණ වලට ලක්වූ රටකි. එම නිසා මෙය කිසිසේත්ම කි.ව 5 යුගයේ ඉන්දීයාවට ගැලපෙන්නේ  නැති  කතාවකි.

ෆා හියන් හිමි බුදුන්ගේ දේශයට වැඩි ගමන් මාර්ගය
Kwuy-king, Tao-ching, Hwuy-ying,
සහ  Hwuy-wei සමග බෞද්ධ රටවල් නරඹා Teen chuh (බුදුන්ගේ දේශයට)  ගොස්  ත්‍රිපිටක පිටපත් ගෙන ඒම සඳහා එකඟතාවයක් ඇති කර ගති.
ඔවුන් Ch'ang-gan වලින් පටන් ගෙන Lung හරහා K'een-kwei රාජධානියට පැමිණියේය. මෙහි නතරව සිට Now-t'an රාජධානිය දෙසට ගොස් Yang-low,  හරහා Chang-yih වෙළඳ මධයස්තානයට පැමිණීයහ. මෙහි නතරව සිට ඔවුන් T'un- hwang ප්‍රධාන නගරයට පැමිණේ.  (මෙය දේශ සීමාවේ  ප්‍රධාන ආරක්ෂක භුමි ප්‍රදේශයකි). මෙය නැගෙනහිර සිට බටහිරට ලි 80 කි. උතුරේ සිට දකුණට ලි 40 කි. මසකට වැඩි කලක් මෙහි නතරව සිට ඔවුන්  කාන්තාරයක් හරහා පැමිණෙන බව පරිවර්තකයා සඳහන් කලත් මහා වැල්ලක් සහිත  ගන්ගාවක්  ඔස්සේ යන අර්ථයද  මෙහි දැක්වෙන බව කියයි. මෙහි ගංගාවක් ලෙස දක්වා තිබීම කියවන්නා නොමග යැවීමක් බව දක්වයි. දින  17 ක ගමනින් පසු Shen -shen රාජධානියට පැමිණේ. මෙය කඳු සහිත පෙදෙසකි. සාමාන්‍ය ජනතාව  Han දේශයේ මෙන් අඳුම් අඳි. මෙහි රජ බෞද්ධය. නගරයේ 4000ක පමණ හිමිවරු වේ. හීනයාන දහම අදහයි.   මෙහි මෙන්ම අනෙක් රාජධානි වල සාමාන්‍ය ජනතාව මෙන්ම ශ්‍රමනයන්ද බුදු දහම  අදහයි. ඔවුන් මෙහි මාසයක් නවතී.  දින 15 කින් ඔවුන් Woo -e රටට පැමිනේ. මෙහිද 4000කට වඩා හිමිවරු සිටී. මෙහි හිම්වරුන්ගේ නීති තදය. මෙහි පන්සලක ෆා හියන් හිමි  ඇතුළු පිරිස මාස 2කට වඩා  නවාතැන් ගනී. ඉන්පසු ඔවුන් නිරිත  බලා ගමන් ගනී.

(A)
අතරමග ජනා ශුන්‍යය. ඔවුන්  දියපහරවල් හරහා මිනිසෙකු විසින් නොදැරිය හැකි  පමණේ අපහසුතා මැදින් මාසයක් සහ දින 5 කින් පසු Yu-teen වලට පැමිණේ.
නමුත් Alexander Cunningham විසින් බුදුන් ගේ දේශය ලෙස ඉන්දියාව ආදේශ කරගැනීම තුල ඔවුන් kobe කාන්තාරය ඔස්සේ සේද  මාර්ගයේ ගොස් පකිස්තානය පැත්තෙන් ඉන්දුනිම්නය ඔස්සේ ඉන්දියාවට ඇතුළු වන ලෙස ආදේශ කරයි. ෆා හියන් හිමි බුදුන්ගේ දේශයේ සැරිසරන්නේ මධ්‍ය දේශය හා අවට පෙදෙස්ය. Alexander Cunningham මධ්‍ය දේශය (middle country) ලෙස ඉන්දියාවේ ආදේශ කර ඇත්තේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ නැගෙනහිර  පැත්තයි. එසේනම් උන්වහන්සේලා බොහෝ දුරක් වැඩිපුර ගොස් ඉන්දු නිම්නයෙන් ඇතුළුවන්නේ කුමටද  යන්න තේරුම් කර ගත නොහැක. ඉන්දුනිම්නය ඔස්සේ ඉන්දියාවට ඇතුළු වන ලෙස ආදේශ කරන්නේ උච්චාරණයේදී ඉන්දුස් නමට සමාන නමක් ඇති ගඟක් ඇති නිසාය. ඒ අනුව ඔවුන් ෆා හියන් හිමි ඇතුළු පිරිස ඉන්දුස් ගඟ ඔස්සේ ඇතුල් වන ලෙසට ආදේශ කර ගත්  බව දක්වයි.  රටේ නැගෙනහිර  පැත්තෙන් ඇතළු වුවා ලෙස ගත හොත් පරිවර්තකයාට  ෆා හියන් හිමි ගියමග Alexander Cunninghamගේ බුදුන් ගේ දේශ විස්තරයට ගලපා ගත නොහැක. චීනයේ සිට ගමන් අරඹන ප්‍රධාන සේද මාර්ගය සහ සේද මාර්ගයේ  අතුරු මාර්ග දෙස බලන්න.
පලවෙනි අතුරුමාර්ගයෙන් දකුණු දෙසට (පහලට) පහසුවෙන්ම Alexander Cunningham ගේ ඉන්දියාවේ මධ්‍ය දේශය ලඟා විය හැක.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/74/Silk_route.jpg/300px-Silk_route.jpg
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/74/Silk_route.jpg/300px-Silk_route.jpg
T'sin
යුගයේ චීනය අද චීනය මෙන් විශාල රටක් නොවේ. පහත  සිතියමෙන් එය බලා ගන්න. එය චීනයේ සිට ගමන් මග වටහා ගැනීමට උපකාරී වේ.
 
http://www.amazon.com/CHINA-Western-Dynasty-265-316-Lou-Ian/dp/B00CEYFO6K
චීන පිටපත් වල ඇත්තේ ෆා හියන් හිමිගේ බෞද්ධ රට වල චාරිකා යන්නය. උන්වහන්සේගේ මුල් පරමාර්ථය  ත්‍රිපිටක පිටපත් කරගෙන ඒමටය. ඒ අනුව ඔහු බුරුමය, තායිලන්තය වැනි දේශ හරහා නිරිත දිග දිශාව (Woo -e රට සිට ඔවුන් නිරිත දිගට ගමන් කල බව දක්වයි)  ඔස්සේ  දුපත් ඔස්සේ  දිය පහරින් අපේ රටේ නැගෙනහිර පැත්තෙන් ගංගා මාර්ගයෙන් රටට ඇතුළු වූ  වාද  යයි විමසා බැලිය යුතුය.
(17
සියවසේ බුරුම අවට සිතියමක් http://www.niu.edu/burma/collections/maps/images/map_India1630Big.jpg) .

(
ඉන්දියාවට නැගෙනහිරින් දුපත් රාශියක් වූ බව පැරණි ඉන්දියානු සිතියමෙන්  දැක්වේ.
 
http://www.niu.edu/burma/collections/maps/images/map_IndiaTercera1561Big.jpg)
සුමාත්‍රාවට යාබදව ඇති ඉන්දියානු පෘථිවි තලයත් ඔස්ට්‍රේලියානු තලයත් සිරස් අතට ගැටීම නිසා ප්‍රබල භුමි කම්පන  නිසා ප්‍රබල සුනාමි තත්වය හමුවේ අපේ රටේ මෙන්ම මෙම කලාපයේ බොහෝ රටවල කොටස් මුහුදට ගොස් තිබෙනවා. තායිලන්තයට  යාබදව  පිහිටි ජම්බුදීපය  නම් දුපත  මුහුදේ ගිලුනු  බව තායිලන්ත  වාර්තාවල තියෙනවා, අපේ රටට  නැගෙනහිරින් ඇති අන්දමන්ද දුපත්ද එසේ මුහුදට යටවී ඉතුරු වූ කොටස්ය . ඒඅනුව දුපත් සහිත ප්‍රදේශයක් ඔස්සේ  තායිලන්ත බුරුම රටවල් සිට ලංකාවේ නැගෙනහිර  ඒමට පාරක් නොතිබුනා යයි කිය නොහැක. මෙයට වසර 2200 සහා 1600  ප්‍රබල සුනාමි තත්වයන් හමුවේ  ලංකාවේ නැගෙනහිර දකුණු කොටස් මුහුදට ගිලා ගොස් ඇති බව භූ විද්‍යාත්මක දත්ත වලින් සනාත කර තිබෙනවා. මේවා ගවේෂණය කර බලන්න. 19 සියවසේ අද වැනි තාක්ෂනය දියුණු නැත.  දිය පහරවල් තරණය  කරමින් දුෂ්කර ගමනින් පසු  හිමි නතර වන්නේ Yu- teen හි ගොමති ආරාමයේය. (ඉන්දියාවේ ගෝමති ආරාමයක් සොයා ගත නොහැකි වූ බව පරිවර්තකයා පවසයි. එහෙත් එහෙත් මහවැලි (ගැන්ගිස් ) ගඟේ ගොමති ඇල ඔස්සේ බුදුන්වහන්සේ වඩම්මා ආ පුවත් අපේ  ඉතිහාසයෙන් මුණගැසේ. මෙම ඇල පහල ආරම තිබෙන්නට ඇත.)  

දිය පහරවල් තරණයකර මින් පැමිණි මේ රාජධානියේ පටන් සිදුවන මේ චාරිත්‍ර කුමන රටක ඒවා දැයි විමසිලිමත් වීම වටී 

Yu- teen ප්‍රසන්න සෞභාග්‍යමත් ජනාකීර්ණ  රටකි. මෙහි ජනයා සියල්ලම බෞද්ධයන්ය. මෙහි සත සහශ්‍ර  වූ හිමිවරු සංක්‍යාවක් වේ. මහායාන ශිෂ්‍යයන්ය. හිමිවරු පොදු ගබඩාවකින් ආහාර ලබාගනී .මිනිසුන්ගේ ගෙවල් පිහිටා ඇත්තේ තනි තනිවය. සෑම නිවාසයකම ඉදිරිපස දොර ඉදිරියෙන්   ස්ථුපයක් තිබේ. ඔවුන් සෑම දිසාවෙන්ම පැමිණෙන හිමිවරුන් සඳහා කාමර  තිබේ. මේවා සන්චාරක හිමි වරුන් සඳහා ලබාදේ. උන්වහාන්සේලාට අවශ්‍ය සියලු දේ ලබා දේ. 
මෙම රටේ පාලකයා ගොමති නම්  ආරාමයේ ෆා හියන් හිමි ඇතුළු පිරිස නවතා සියලු අවශ්‍යතාවයන්  සලසන ලදී. මෙම ආරාමයේ මහායාන බුදු දහම  අනුගමනය කරයි. මෙහි 300ක් පමණ හිමිවරු සිටි. උන්වහන්සේලා දානයට වඩින්නේ සීනුවක හඬටය.  උන්වහන්සේලා අසුන් ගන්නේ නියමිත පිලිවෙලකටය. සියලු හිමිවරු නිශ්ශබ්දතාවය රැක ගනී.  පාත්‍රයෙන් හෝ අනෙක් භාජන වලින් කිසිම හඬක් නොනගී.  උන්වහන්සේලාට අවැසි දේ අතෙන් කරන  සංඥා මගීන් ඉල්ලගනී. කුඩා ආරාම හැරුනු විට විශාල ආරාම 4ක් තිබේ. 4 වන මාසයේ පලවෙනි දා සිට  වීථි සෝදා පිරිසිදු කොට සරසා නගරයේ  දොරටුවේ කුඩාරමක් සදයි. එය හැකි පමණ අලංකාරව සරසයි. රජ , රැජින සහ කාන්තාවන් ලස්සනට ඇඳ මෙහි පදින්චිවේ. නගරයේ සිට ලී 3-4  දුරසිට රෝද 4 රථයක් සදයි. මෙය ලොකු  කාමරයක් ලෙස දිස්වේ. අඩි 30 කට වඩා උසය. සිල්ක් කොඩි උඩුවියන් වලින් සහ මැණික් වර්ග 7 කින් සරසයි. බුදුන්වහන්සේ ගේ රුපය,  බෝධිසත්වයන් 2 නකු සමග මැද වේ. රන් සහ රිදියෙන් කල දේව රුප අහසේ එල්ලේ. වාහනය දොරටුවේ සිට  අඩි 100ක් පමණ වන විට රජු ඔටුන්න ගලවා අලුත් ඇඳුම් ඇඳ පාවහන් නොමැතිව මල්, හඳුන්, කූරු, මල් වැල් 2ක් ගෙන සහිත  දෙසට පැමිනේ. හිස  පහත්  කොට වැඳ නමස්  කාර කොට මල් අතුරා හඳුන්කූරු පත්තුකරයි. රැජින සහ කාන්තාවන් ගැලරියේ  සිට  මල් ඉසිනු ලැබේ. සෑම ආරාමයකටම පෙරහැර සඳහා වෙනම දවස බැගින් වේ. වාහනය ආරාමය   අනුව වෙනස් වේ. පෙරහැර  4  මාසයේ පලවෙනි දවසේ සිට 14 වන දින දක්වා පැවැත්වේ. ඉන්පසු රජ, රැජින, කාන්තාවන් ආපසු මාලිගයට  යයි.
ලි 7ක් හෝ 8ක් නගරයේ බටහිරට වෙන්නට ආරාමයක් වේ. මෙය මෙය ''රජගේ අලුත් ආරාමය'' ලෙස හඳුන්වයි. මෙය සෑදීමට අවුරුදු 80ක් ගොස් තිබේ. රාජ්‍ය පාලන 3ක් ගොස් තිබේ.එහි උස අඩි 250ක් වේ. එය කැටයම් කපා රන් රිදියෙන් මැණික් වලින් හැඩ  දමා තිබේ.ස්තුපයට පිටුපස විශාල ශාලාවක් වේ. එය අතිශයින්ම අලංකාරය. මෙහි බාල්ක, කුළුණු, පලැලි සහිත දොරවල්, ජනෙල් රන්පත්‍ර වලින් වසා තිබේ. මෙය අසල ඇති  භික්ෂු නිවාස වචනයෙන් විස්තර කල නොහැකි ලෙස ඉතා ලස්සනට අලංකාර කර තිබේ. (Ts'ung) කඳුවැටියට නැගෙනහිරෙන් පිහිටි රටවල් 6 රජවරු තමන් වෙනුවෙන් සියලු වටිනා දේවලින් සුළු කොටස තබා ගෙන අන් සියල්ල තමන්ගේ ආරාම වලට පුජා කරනු ලැබේ.
 
පෙරහැරවල් ඉවර වූ පසු  ෆා හියන් හිමි Tsze - hoh  බලා පිටත් විය. මෙහි රජ බෞද්ධය. හිමිවරු 100ක් පමණ වේ. මහායානය. මෙහි දින 15ක් නතර වී දකුණ බලා දින 4ක් දකුණ බලා ගමන් කරයි. කඳු අතරින් Yu - hwuy රටට පැමිණේ. මෙහි නතරවී සිට කඳු අතරින් K'eeh -cha වලට පැමිණේ.මෙම රටේ රජ පංච වාර්ෂික උත්සවයක් පවත්වයි. මේ සඳහා එම  රටේ සිටින සියලුම හිමිවරුන්ට ආරාධනා කරයි. මෙම උත්සව ශාලාව අලංකාර ලෙස සිල්ක් කොඩි, රිදියෙන් සහ රනින් කරන ලද නෙලුම් මලින් සරසයි. හිමිවරු අසුන් ගත් පසු රජ සහ ඇමති වරු පිරිකර පිලි ගන්වයි. මෙය 1, 2, 3 වන මාසයේ පවත් වයි. මෙම රට පිහිටා තියෙන්නේ කඳු අතරය. එබැවින් තිරුඟු නිපදවයි.  මෙහි තුහීන සෑදෙයි. මෙහි බුදුන්වහන්සේ ගේ  ගලින් නිව්මවන ලද පඩික්කමක් තිබේ . මෙය බුදුන්ගේ පාත්‍රයේ පාටය. මෙහි බුදුන්ගේ  ධාතුවක් තිබේ. මෙහි ස්ථුපයක් සාදා ඇත. මෙහි හිමිවරු 1000ක් සහ උන්වහන්සේලාගේ ගෝලයෝ සිටිති. හිමිවරු මැනවින් දහම විනය රකිති. හීනයාන දහමය. මෙතනින් එහා ශාක වර්ග පලතුරු වර්ග han (චීනය) ට වඩා වෙනස්ය. එහෙත් උක්. දෙළුම්. බම්බු වර්ග තිබේ. (Ts'ung) කඳුවැටිය ''onion'' range කඳුවැටි ලෙස ගෙන  තිබේ. එහෙත් එම  කලාපය, උක්, දෙළුම් වැවෙන කලාපයයක් නොවේ.

මෙහි සිට කඳු වලල්ලක් පසු කරමින් (මෙම කඳු මුදුන් වල සැමදාම තුහීන තිබේ)  බටහිර පැත්තට මාසයක් පමණ ගමන් කරයි. මෙම කඳු වළල්ලේ  භයානක සර්පයන් සිටි. ඔවුන් කෝපකල විට දුම් පිඹිනු ලැබේ. (මෙයට සර්පයා හිම වරුසා පිඹින බව පරිවර්තනය කර තිබේ) මිනිසුන් මේ කඳුවලල්ලට හිම/හිමය යන අර්ථය දේ. (ඉංග්‍රීසින් විසින් පරිවර්තන වලදී හිමය, දුම, මීදුම යන වචන වලට හිම කියා ලියාගත් අවස්ථා බොහෝ සේ තිබේ. එමෙන්ම රොබට් නොක්ස් විසින් ලංකාවේ හිමෙන්/හිමයෙන්  වැසුනු  කඳු වලල්ලකට හිමල්ලාව  කියන බව ලියා තිබේ.), මෙම කඳු  තරනය  කල පසු උතුර දෙස සීමාවට පැමිණේ. මෙම මායිමේ T'o-leih නම් රාජධානියකට පැමිණේ.  මෙහි බොහෝ හිමිවරුන් සිටී.  හීනයානිකයන්ය. මෙහි රහතන් වහන්සේ නමක් ඉර්ධියෙන් පුද්ගලයකු  තුසිත දෙව් ලොවට මෛත්‍රීබෝධිසත්වයන් බැලීමට රැගෙන ගිය බවත් ඉන්පසු ලීයෙන් මෛත්‍රීබෝධිසත්වයන් ගේ රුවක් සාදා වන්දනාමාන කල බවත් දැක්වේ. අවට රාජධානි වල රජවරුන්  පවා මෙයට පුද සත් කාර කල බව දැක්වේ. (මෙය අපේ රටේ  මලිය දේව මහා රහතන්වහන්සේ  හා බැඳුනු පුවතකි). මෙවැනි රහතන්වහන්සේ කෙනෙකු ගැන බැඳුනු පුවතක් ඉන්දියාවෙන්  පරිවර්තකයා සොයා ගෙන නැත.

 
මෙතැන් සිට ඔවුන් නිරිතදෙසට කන්දක් පාමුලෙන් කඳුවලල්ල අනුගමනය කරමින්  ගමන් කරයි.  මාර්ගය අපහසු කර්කශය. ඉවුර  අධික ලෙස පල්ලම් සහිතය. මෙය ගල් සහිත බැම්මක් සේ ඉස්සේ. මෙයට  පහලින් ගඟක වතුර ගලයි. (මෙම ගඟට ඉන්දුස් වැනි උච්චාරණයක් ඇති නමක් ඇති බැවින් මෙය ඉන්දුස් ගඟලෙස ආදේශ කර ගත බව දක්වයි.) අතීතයේ මෙහි ගල අතරින් කපන ලද පාරක් විය. මෙහි අතුරන ලද ඉනි මගවල් වේ. ගඟ තරණය සඳහා ලණුවලින් කරන ලද ඉනිමගක් වේ. ඉවුරු 2ක අතර දුර පියවර 80ක් පමණ වේ. (මහවැලි (ගැන්ගිස්)   තරණයට දමා ඇති පාලම)

ගඟ තරන ය කිරීමෙන් පසු Woo-chang නම් රාජධානියට පැමිණේ. මෙහි සෙනග මාගධී භාෂාව කතා කරයි. මෙහි සාමාන්‍ය මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් ආහාර මධ්‍යම දේශයේ වාගේය. මෙහි බුදු දහම වැජඹේ. හිමිවරුන් වැඩ සිටින ස්ථාන වලට සන්ඝාරාම යයි කියනු ලැබේ. මෙහි හිමිවරු 500ක් පමණ සිටී. හීනයානය. ආගන්තුක හිමි වරු පැමිණිවිට දවස් 3 කට වැඩ සිටීමට පහසුකම් සපයාදී ඉන්පසු දින 3න පසු වැඩසිටින්නට ස්ථානය සොයා ගතයුතුවේ. බුදුන්වහන්සේ මෙහි පැමිණි විට උන්වහන්සේගේ සිරිපතුල් මෙහි පිහිටවූ බව කියනු ලැබේ. එය අදටත් දැකිය හැක. උන්වහන්සේ අඳින සිවුරු ආදිය වේලු ගල තිබේ. මෙහි දරුණු තැනැත්තකු දමනය කර තිබේ. මෙම පර්වතය  අඩි 14ක්  උසය අඩි 20ක් පමණ පළලය. මෙහි  පැත්තක් සුමටය. ෆා හියන් හිමි මෙහි නතරවිය.

ඉන්පසු ඔවුන් දකුණ බලා ගමන් කර Soo-ho-to වලට පැමිණේ. 
මෙහිද බුදුදහම බැබලේ .මෙහි බුදුන්වහන්සේ බෝධිසත්ව කාලයේ සිය සිරුරෙන් කොටසක් දී පරවියෙකු නිදහස් කල කතාවක් හා සම්බන්ද බව දක්වයි. බුදුන්වහන්සේගෙන් මේ පුවත දැනගෙන වැසියන් එම ස්ථානයේ ස්ථුපයක් ඉදිකල බව දක්වයි. ඉන්පසු ඔවුන් නැගෙනහිර පැත්තට පහලට ගමන් කරයි. දින 5 කින් ගන්ධාර වලට පැමිණේ දක්වයිඅසෝකගේ පුතා වන ධර්ම විවර්ධන මෙම රට පාලනය කළේය. බෝධිසත්වයන් මෙහි ඇස් දන්දුන් බව දක්වයි. මෙම ස්ථානයේ ස්ථුපයක් සදා තිබේ. මෙහි වැඩිපුරම ඉන්නේ හීනයනිකයන්ය. (මහ පැරකුම්  රජ රට එකසේසත් කිරීමේදී සිංහල ගන්ධාරයන් ගැන විස්තර  හමුවේ.)
මෙහි සිට දින 7ක් නැගෙනහිර පැත්තට වන්නට ගියවිට  Thakshasila  හමුවූ බව කියවේ. (Alexander Cunningham මෙය Taxila ලෙස ආදේශ කර ගත්තත් ෆා හියන් හිමි දක්වන පිහිටීමට එය කිසි ලෙසකත් ආදේශ කරගත නොහැකි බව පරිවර්තකයා දක්වයි).  මෙහි බෝධිසත්වයන් වහන්සේ හිස දන් දුන්  බව දක්වයිමෙහි සිට නැගෙනහිර පැත්තට දින 2ක් ගිය විට බෝධිසත්වයන් කොටිදෙනකට ආහාර පිණිස සිය සිරුර පුජා කල ස්ථානය වේ. මෙම ස්ථාන වල ස්තුප කර තිබේ. රජවරු , ඇමතිවරු මිනිසුන් පැමිණ මෙහි පුද පුජා පවත්වයි. මෙහි නිරන්තරයෙන් මල් අතුරා පහන් පත්තු කරයිප්රධාන ස්තුප 4න් එකක් මෙහි තිබේ.

ගාන්ධාර සිට දකුණට දින 4ක් යනවිට පුරුෂපුර රාජධානියට පැමිණේ. මෙහි කනිෂ්ක නම් රජකු බුද්ධ පරිනිර්වාණයෙන් පසු ස්ථුපයක් සාදන බවට බුදුන්වහන්සේ කියූ බව දක්වයි. මෙම රටේ  බුදුන්වහන්සේගේ පාත්‍රය තිබේ. Yueh-she නම් රජෙක් මෙය බලෙන් රැගෙන යාමට විශාල හමුදාවක් සමග ආක්‍රමණය කල  බවත් එහෙත් ඔහුට මෙය රැගෙන යන්නට නොහැකි  වූ  බව දක්වයි. මෙහි හිමිවරු 700ක් පමණ සිටී.
මෙහි සිට  බටහිරට යොදුන් 16 ක් ගිය කල He- lo නම් නගරයකට පැමිණේ. මෙහි නාගර (Nagara) රටේ දේශ සීමාවේ විහාරයේ බුදුන්වහන්සේගේ නළල් ධාතුව තැන්පත් කර තිබේ. මෙම ධාතුන්වහන්සේ සොරකම් කර වියයි බයෙන් වංශවත් පවුල් 8 වලින් දෙනෙකු තෝරා මේ අයට මුද්‍රාවක් දී ධාතුන්වහන්සේ ආරක්ෂා කිරීමට භාර දී තිබේ. මේ අය අලුයම පැමිණ සීල් එක පරික්ෂාකර සුවඳ වතුරෙන් අත දොවා ලලාට  ධාතුව එලියට වැඩමවා විහාරය ඉදිරිපිට උස් වූ වේදිකාවක මැණික් 7වර්ගයකින් යුත් රවුම් පාදස්ථ තලයක  තබයි. ඉන් පසු දිලිසෙන කාක නිල  පැහැති   කහ පැහැති  මුතු ඇට එබ්බවූ සීනුවක් වැනි එකකින් වසයි. විහාරයෙන් ලලාට ධාතුව එලියට වැඩම වූ පසු විහාර භාරකරුවන් විසින් බෙරගසාහක් පිඹ, හේවිසි ගසයි. මෙය ඇසුණු කල රජ විහාරයට පැමිණ මල් පුදා හඳුන්  කූරු පත්තු කරයි. මෙසේ රජු පුජා පැවත් වූ පසු ඔහු සහ අනෙක් අය ලලාට ධාතුන්වහන්සේ හිස මත තබයි. ඉන්පසු ඔවුන් බටහිර දොරටුවෙන් පිටවෙයි. ඇතුල්වන්නේ නැගෙනහිර දොරටුවෙනි. රජතුමා සෑම උදයකම සිරිත් පරිදි පුද පුජා පවත්වා අන් අයට රාජධානියේ වැඩ කට යුතු පවරයි. වෛශ්‍ය නායකවරුන් තමන් ගේ එදිනෙදා වැඩ පටන් ගන්නට පෙර ධාතුන්වහන්සේට පුද පුජා පවත්වයි. පුදපුජා අවසන් වූ පසු ධාතුන්වහන්සේ  විහාරයේ තබයි. මෙහි විමොක්ෂ නම්  ස්තුපයක් තිබේ. අනෙක් රාජධානි වල රජවරු මෙම විහාරයට පුද පඬුරු එවයි, මෙම විහාරය තියෙන්නේ වර්ග අඩි 30ක පමණ භුමි භාගයේය. අහස පොලව සෙලවුනද මෙම ස්ථානය  නො සෙලෙන බව දක්වයි. මෙහි සිට  උතුරට  යොදුනක් ගිය තැන Nagara රටේ අගනුවරට පැමිණේ. මෙය අප බුදුන් දීපංකර බුදුන්ට මල් පුජා කල  ස්ථානය වේ.  මෙහි නුවර මැද ස්තුපයක දන්ත ධාතුන් නමක් තැන්පත් කර තිබේ. මෙහි පුද පුජා පවත් වන්නේ ලලාට ධාතුවට මෙනි. ( එකා (දාඨ) නාග පුරේ අහු). නැගෙනහිර නාග ගෝත්‍රිකයන්ගේ රාජධානි විය.   (බුදුන්වහන්සේගේ ලලාට ධාතුව සේරුවාවිල තැන්පත් කර ඇත. )

මෙතැන් සිට ඉසාන දිගට නිම්නයක ආරම්භයක් හමුවේ. මෙහි සඳුන් දැවෙන් කරන ලද යෂ්ටියක් හා  වීහාරයක්‌ වේ. මෙය ලී වලින්  කරන ලද  ආවරණයක දමා තිබේ.  මෙය කිසිවෙකුට ඉසිලිය නොහැක.

මෙම නිම්නයට ඇතුළු වී බටහිරට පැත්තට ගිය පසු බුදුන්වහන්සේගේ සාටකයක් තැන්පත් කල විහාරයක් වේ. මෙම රටේ නියඟයක් වූ විට මිනිසුන් සියල්ල එකතු වී එම සාටකය වඩමවා  පුද පුජා පවත්වයි. එවිට ඒ සමගම වර්ෂාව පතිත වේ. (බුදුන්වහන්සේගේ දිය සාටකයක්  එගොඩ  කැලණියේ වේ)
නගරයේ සිට යොදුන් භාගයක් දකුණට ගිය කල කන්දක නිරිත දිගට මුහුණලා ලෙනක් වේ. මෙහි බුදුන්වහන්සේ හෙවනැල්ල තබා තිබේ. සියලු  බුදුවරුන් 1000ක් මෙහි හෙවනැල්ල තබන බවට මිනිසුන් අතර මතයක් පවතී. මෙම ස්ථානයේ සිට බටහිරට පියවර 100ක් වන්නට බුදුන්වහන්සේ නිය, කේශ කැපු ස්තානයවේ. මෙහි ස්තුපයක් වේ. මෙම ස්තුපය පසුකාලීනව සියලුම ස්තුප නිර්මාණය සඳහා ආකෘතියක් වූ බව සැලකේ. මෙහි පසේබුදුවරුන් සහ  රහතන්වහන්සේලා වෙනුවෙන් කරන ලද ස්තුප වේ.  මෙහි හිමිවරු 700ක් පමණ වේ.

මෙහි කලක් නතර වී සිට දකුණ බලා  ගමන් කරනු ලැබේ.මෙහි කුඩා (මීදුම/හිම  සහිත )කඳු පසු කර Lo-e රාජධානියට එනු ලැබේ. මෙහි 300ක් පමණ හිමිවරු සිටිති. මහායාන සහ හීනයාන හිමිවරුන් වේ. මෙහි නතර වී සිට දකුණ දෙසට දින 10ක් ගිය පසු Poh-na නම් රාජධානියට පැමිණේ . මෙහිද හිමිවරු 300ක් පමණ වේ.  හීන යාන හිමිවරුන් වේ.  මෙහි සිට දින 3ක් ගිය පසු නැවතතත් ඉන්දුස් හා සමාන නම ඇති ගඟ  තරණය කල පසු පැමිණෙන රට උස නැති තැනිතලා පෙදෙසකි.
ගඟ තරණය කර පැමිණි  රට  Pe-t'oo, වේ. මෙහිද බුදු දහම බැබලේ. හීනයාන මෙන්ම මහායාන හිමිවරුන්ද වේ. මෙතරම් ඈත සිට දහම සොයා එම ගැන කනගාටුව ප්‍රකාශ කල හිමිවරු සියලු අවශ්‍ය තාවයන් සපයා (විනය පිටකයේ සඳහන් ලෙස)දුන් බව දැක්වේ.   

 මෙහි සිට ඔවුන් ගිනිකොන බලා ගමන් කළහ. එසේයන අතරමග ඔවුන්ට හිමිවරුන් විශාල වශයෙන් සිටි බොහෝ පන්සල් මුණගැසුණි. උන්වහන්සේලා ගණනින්  ශතසහශ්‍ර සංඛ්‍යාත (ගණන් නොකළ හැකි ප්‍රමාන) වේ.මෙම පෙදෙස් සියල්ල පසුකරමින් ඔවුන් Ma - t'aou -lo (මාතල) රටට පැමිණියහ.ඔවුන් තව දුරටත් P'oo - na ගඟ අනුව දිගේ ගියහ. මෙම ගඟේ වම සහ දකුණ ඉවුර දෙපස පන්සල් 20ක් තිබුණි. මෙහි 3000 පමණ සඝයාවහන්සේලා විය. බුදුන්ගේ දහම තවමත් මෙහි වැජබේ. වැල්ලේ සිට මෙහි සෑම රටකම රජවරු මෙම දහම දැඩි ලෙස විශ්වාස කළහ. සංඝයාවහන්සේලාට පුජා කරනවිට (දාන දෙනවිට) ඔවුන්ගේ රාජකීය ඔටුන්න ගලවනු  ලැබේ. ඔවුන්ගේ නෑදෑයන් සහ ඇමතිවරුන් සමග සියතින්ම දානය පුජා කරති. රජතුමා බුමුතුරුනක් අතුරා ප්‍රධාන සංඝයාවහන්සේ ඉදිරිපිට වාඩිවේ. සංඝයාවහන්සේ ඉදිරිපිට කවිච්චි පුටු වල වාඩි  නොවේ. බුදුන්වහන්සේ ජීවමාන කාලයේ සිටම අද දක්වාම මෙම නීති රීති ගෙනයනු ලැබේ. මෙහි සිට දකුණු පසට වන්න සියල්ලම මධ්‍ය දේශයය.

මධ්‍ය දේශයයේ සීතල සහ උණුසුම මැනවින් තුලනය වේ. මෙහි මිනිසුන් බොහෝය. සතුටින් ජීවත් වේ. ඔවුන්ට පිළිපදින්නට විශේෂ විධිවිධාන නැත. තමන් ගේ සිතැඟි පරිදි ජීවත්වේ.රජු ගේ ඉඩම් වගාකරන්නන්ට පමණක් ධාන්‍ය අස්වැන්නෙන් කොටසක් ගෙවීමට සිදුවේ. රජු හිසගසා දැමීම සහ ශාරීරික හින්සන වලින් තොරව රට පාලනය කරනු ලැබේ.අපරාධකරුවන්ට වරදේ තරාතිරම අනුව දඩ නියම කරනු ලැබේ. නැවත  නැවත කරනු ලබන දරුණු අපරාධයකදී පවා දකුණු ත පමණක් කපනු ලැබේ, රජගේ ආරක්ෂක භටයන්ට සහ සේවකයන්ට වැටුපක් ගෙවනු ලැබේ. චන්ඩාලයන් හැරෙන්නට මෙම රට පුරාම මිනිසුන් කිසිම පණ ඇති සතකු මරනු නොලැබේ. (මෙම යුගයේ  ඉන්දියාවේ හින්දු දහම පැවතුන  අතර හින්දුන්  සතුන්  බිලි  පුජා කළා), මධ්‍යසාර පානය නොකරයිළුණු හෝ සුදුළුණු අනුභව නොකරයි. ඔවුන් අන් අයගෙන් වෙන්ව ජීවත් වේ. නපුරු මිනිසුන් හඳුන්වන්නේ චන්ඩාලයන් ලෙසය. චන්ඩාලයන් නගරයේ ගේට්ටුවෙන් හෝ වෙළඳපලට ඇතුළුවන විට ලී කැබැල්ලක් සද්ද කර ඔවුන් එන බව අඟවනු ලැබේ. ඒ අනුව අන් ජනයා ඔව්න් මග හැර මුණ නොගැසී යනු  ලැබේ. මෙහි ඌරන් කුකුලන් ඇති දැඩි නොකරයි. ගවයන් විකුනන්නේ නැත. වෙළඳපොලේ කඩවල මස් කඩ හෝ මධ්‍යසාර විකුණන තැන්  නැත. බඩු විකිණීම් ගැනීම් සඳහා cowri භාවිතා කරයි. චණ්ඩාලයන් පමණක් මාලු ඇල්ලීම සහ දඩයමේ යෙදෙනු ලැබේ. ඒවා විකුනන්නේද ඔවුන්ය. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු මෙම රටවල රජවරුන් සහ වෛශ්‍යවරුන්ගේ ප්‍රධානීන් හාමුදුරුවන් සඳහා විහාර සාදා නින්දගම්  පුජාකරනු ලැබීය. මෙය ලෝහ තහඩුවක සනිටුහන් කරනු ලැබේ. මේවා රජුගෙන් රජුට පරම්පරානු ගතව යනු ලැබේ. ඒවා අද දක්වාම තිබේ. හිමිවරුන් කුසලයෙහි යෙදේ. සුත්ර කියයි. භාවනාවේ යෙදෙයි. ආගන්තුක හිමි නමක් පැමිණි විට පිළිගෙන, රැගෙන එන ඇඳුම් පැළඳුම්, පාත්‍රය හිමි නම ගෙන්  ගෙන ඒ හිමි වෙනුවෙන් රැගෙන ගොස් පා දොවන්න පැන් දී, අහාර පාන දී  සියලු  පිළිවෙත් ඉටු  කරයි . ආගන්තුක හිමි සුළු විවේකයක් ගත් ත්   පසු මහණවී වසර කොපමණද යයි අසා කාමරයක් දෙයි. සෑම දෙයක්ම වතා පිළිවෙත් අනුව කරයි    සංඝයාවහන්සේලා වැඩ සිටින ස්ථානයක සාරිපුත්ත, මුගලන්, ආනන්ද  හිමි මෙන්ම අභිධර්මය, විනය සහ සුත්රපිටක ගරු කිරීම වෙනුවෙන්ද ස්තුප ඉදිකර තිබේ. වස්සාන කාලයෙන් පසු ජනතාව හිමිවරුන්ට පුජාකර ආශීර්වාද ලබාගනු ලැබේ. (කථින පින්කම්). හිමිවරුන්ට රාත්‍රී ගිලන් පසට අවශ්‍ය දියරමය ආහාර පුදනු ලැබේ. සියලුම හිමිවරු මේ අවස්ථාවට පැමිණ ධර්ම සජ්ජායනා කර සාරිපුත්ත හිමිගේ ස්තුපයට මල්පුදා සුවඳ දල්වා රාත්‍රියම පහන්ආලෝක කර බැති ගී ගයනු ලැබේ.

භික්ෂුණින් වැඩි වශයෙන්ම ආනන්ද ස්තූපයට පුජා පවත්වනු ලැබේ. උන්වහන්සේ භික්ෂුණි සසුන  පිහිටන්නට බුදුන් ගෙන් ඉල්ලීම් කල බැවිනි. ශ්‍රමනයන් වහන්සේලා රාහුල හිම්ටදඅභිධර්ම ස්තුපයට, විනය ස්තුපයට ආදී වශයෙන් වෙන වෙනම දින අනුව පුජා පවත්වනු ලැබේ. සෑම වසරකම මේ ආකාරයට පුද පුජා පවත්වනු ලැබේ. එමෙන්ම වාර්ෂිකව අලුත් අස්වැන්නෙන් කොටසක් හිමි වරුන්ට පිදීමෙන් පසු (අලුත් සහල් මංගල්‍ය) වෛශ්‍යවරුන්ගේ ප්‍රධානින් සහ බමුණන් හිමිවරුන්ට අවැසි වන සිවුරු සහ අනෙක් ද්‍රව්‍ය පුජා කරනු ලැබේ. ඉන්පසු උන්වහන්සේලා ඒවා අන් හිමිවරු අතර බෙදාගනු ලැබේ. බුදුන්වහන්සේ පිරිනිවන් පෑ දින සිට අද දක්වා  මෙම උත්සව  නීති, රීති  සිරිත් විරිත් සංඝයාවහන්සේලා විසින් කිසිවක් කඩන්නේ නැතිව අනුගමනය කරමින් පරම්  පරාවෙන් පරම්පරාවට අරගෙන යනු  ලැබේ.  (ලංකාවේ මධ්‍ය දේශයේ නුවර මහනා හිමිවරු මෙවැනි අළුත්සහල් මංගල්‍යක් අදටත් පවත්වයි). බුදුන්වහන්සේ උපන්නයයි කියන ඉන්දියාවේ පිරිනිවන් පෑ දින සිට  මෙවැනි අඛන්ඩ කටින පින්කම් අලුත් සහල් මංගල්‍ය හිමිවරුන් ප්‍රභූන්   එකතුවී ඉන්දියාවේ  මධ්‍ය දේශයෙන් කල බවට වාර්තා වී නැත.

මෙසේ මෙතැන් සිට ඔවුන් දකුණු මුහුද ඇති පැත්තට (south) ගමන් කරයි. මෙහි  දිය හැලෙන උස කඳු නැති බවත් ගංගාවල් පමණක් තිබෙන බවත් දක්වයි. ඔවුන් ගිනිකොන පැත්ත බලා (18 yojans) සන්කසය නම් රාජධානියට පැමිණේ. තුසිතයේ සිට බුදුන්වහන්සේ පහලට වැඩි තැන ලෙස මෙය සැලකේ . මෙහි අසෝක රජ බුදුන්ගේ රියන් 16 හිටි පිළිමයක් සහිත විහාරයක් කරවූ බවත් විහාරයට පිටිපසින් ගලින් නෙලන ලද රියන් 50 හතරැස් ස්ථම්බයක් ඇති බවත් එහි උඩ එක සිංහයෙක් ඇති බවත් එම හතරැස් ස්ථම්බයේ 4 පැත්තේම  බුද්ධ රුපය බැගින් ඇති බවත් මෙම බුද්ධ රුප නිල්  මැනිකකින් කළා සේ ඇතුලතින් සහ පිටතින් දිලිසෙන බවත් දැක්වේ. (බුද්ධ රුප උඩ  තිරිසන් සතකුගේ රුපයක් තිබිය නොහැක. මකරා වැනි මනස්කල්පිත සතකු විය හැක. සින්හරුපයත්, මකර හිසත් වැඩි දෙනෙකු පටලවා ගෙන තිබේ)

මෙහි බුදුන්වහන්සේ හිසකෙස් සහ නියපොතු කපන ලද ස්ථානයේ ස්තුප සාදා ඇත. මීට පෙර බුදුවරුන් තිදෙනා සහ ගෞතම බුදුන් වැඩ සිටි ස්ථානයේ ද සිව් බුදුවරුන්ගේ රුප අඹා තිබේ. අදටත් මෙම රුප දැකිය හැක. මෙහි භික්ෂු භික්ෂුණි 1000ක් පමණ සිටී. හීනයානිකයින් සහ මහායානිකයින් වේ.  මෙහි ජනතාව සතුටින් සිටී. සෞභාග්‍යමත් රටකි. ආගන්තුකයින්ට අවැසි දේ සපයමින් ඉතා හොඳින් සලකයි.

ඉන්දියාවේ සන්කස්සය කියා හඳුනා ඇති ස්තානය ඇත්තේ මධ්‍යදේශයට ඉහළින් මිස දකුණින් නොවේය. උත්තර ප්‍රදේශ් වල Farrukhabad දිස්ත්‍රික්කයේ Kannauj සිට සැතපුම් 45ක් උතුරිණි. එහි තිබුනා යයි කියන අසෝක කුලුන අද ඉන්දියාවේ දකින අසෝක කුලුනට වඩා වෙනස්ය

මෙම ආරාමයේ සිට යොදුන් 50 ක් වයඹ පැත්තට වන්නට දරුණු යකකු දමනය කරන ලද ස්ථානයක ආරාමයක් (The Great Heap ) හමුවේ. මෙම නම එම යකුගේ නාමයය .මිනිසුන් මෙහි විහාරයක් සෑදීය . මෙය සාදා  බුදුන්වහන්සේට පුජාකරන අවස්තාවේ උන්වහන්සේ අතට පැන් වත් කල අවස්තාවේ  අතින් වැටුණු ජල බින්දු අදටත් එහි දකින්නට ලැබේ. මේවා අතුගා දැමුවත් සම්පුර්ණයෙන් අතුරුදන් වන්නේ නැත. යලි යලිත් විද්‍යාමාන වන්නේය.මෙහි බුදුන්වහන්සේ වෙනුවෙන් ඉදි කරන ලද  චෛත්‍යයක් ඇත්තේය. මෙම ස්ථානය  යහපත් ආත්මයක් නිරන්තරයෙන් පිරිසිදු කරයි. දුෂ්ට රජ කෙනෙක් මෙය දැක මම විශාල හමුදාවක් සමග මෙතනට පැමිණ මෙය අපවිත්‍ර කරමි. එවිටත් මේ පිරිසිදු කිරීමේ කාර්ය ඔබට කල හැකිදැයි බලමි'' යි කීය. එවිට එම බලවේගය විශාල සුළඟක් මවා සියලු කුණු අයින් කර එම ස්ථානය පිරිසිදු කරනු ලැබීය . මෙහි කුඩා ස්තුප සිය ගණන ක් වේ. නමුත් මෙහි ඇති ස්තුප  ගණන කිසිවෙකුට නිවැරදිව ගණන් කල නොහැක. මෙහි   600- 700ක් හිමිවරුන් ඇති ආරාමයක් වේ. මේ ආරාමයේ  පසේබුදු (Pratyeka බුද්ධ)කෙනෙක් ආදාහනය කල ස්ථානයක් වේ. මෙම භුමි ප්‍රමාණය  කරත්ත රෝදයක්  පමණ විශාල වේ. මෙහි අවට තණකොළ සෑම ස්ථානයකම වැසී ඇතත් මෙම ස්ථානයේ තණකොළ නැත. මෙහි උන්වහන්සේ ඇඳුම් වේලන ස්තානයකද වන අතර එහිද තණකොළ නැත. මිනිසුන්ගේ විශ්වාසය මෙම ඇඳුම් මෙම කාලය දක්වාම මෙහි තිබු බවය.

ෆා හියන් හිමි මෙහි නතරවී සිට වයඹට යොදුන් 7ක් පමණ ගොස් Kanyakubja නගරයට පැමිණේ. මෙය ගංගා නදිය අසබඩ  (අපේ රටේද ගංගා (ගැන්ගිස් ) නමින් ගඟක් තිබු බව ටොලමිගේ සිතියමින් තහවුරු කරගන්න) මෙහි ආරාම 2ක් වේ. මෙහි හීනයාන ශිෂ්‍යයන්වේ. මෙහි සිට   ලී  6 පමණ බටහිර පැත්තට වන්නට ගංගා ගඟේ උතුරු ඉව්රේ බුදුන්වහන්සේ ධර්මය දේශනා කල ස්ථානයක් ඇත්තේය. මෙහිදී බුදුන්වහන්සේ ජීවිතයේ කටුක බව සහ නිෂ්පල බව අවිනිශ්චිත බව පහදාදෙමින් වතුර මත ඇති පෙන බුබුලක් සේ සිරුර සමාන කර තිබේ. මෙහි ස්ථුපයක්  ගොඩ නගා ඇත. අදටත් එය දැකිය හැක. ඉන් පසු ගංගා නදිය තරණය කර යොදුන් 3ක් පමණ ගොස් A- Le නම් ගමකට පැමිණේ. මෙහි බුදුන්වහන්සේ වැඩ සිටි, දහම් දෙසු ස්ථාන වල ස්තුප ගොඩ නගා තිබේ.

මෙහි සිට ගිනිකොනට යොදුන් 3ක් වන්නට Sha - che  රාජධානිය වේ. මෙම නගරයේ දකුණු ගේට්ටුවට වන්නට පාරේ නැගෙනහිර පැත්තට වන්නට බුදුන්වහන්සේගේ දත් පිරිසිදු කල දැහට්ටක් වැටුණු තැනක් හමුවේ. මේ සම්බන්ධයෙන් බ්‍රාහ්මණයෙක් හා බැඳී ප්‍රබන්ධයක් වේ.මෙහිද බුදුන් වැඩ සිටි ස්ථානයේ ස්ථුපයක් වේ. එය අදටත් දැකිය හැක.

මෙහි සිට දකුණට යොදුන් 8ක් ගිය විට කෝසල රාජධානියේ Sravasti පැමිණ ඇත. මෙහි ජනගහනය සුළු ප්‍රමාණයකි. පවුල් 200ක් පමණ වේ. මෙහි සිට දකුණටමෙම නගරයේ දකුණු ගේට්ටුවෙන් පියවර 1200 ගිය විට සුදත්ත විසින් ගොඩනගන ලද ජේතවන විහාරය දකුණට මුහුණලා ඇත්තේය. මෙහි දොරටුව අරිනවිට දෙපැත්තෙහි ගල් කුළුණ බැගින් ඇත්තේය. මෙහි ධර්මචක්‍රයක් සහ දකුණු පැත්තට වෙන්න ගවයෙකු වැනි රුපයක් ඇත. මෙහි ගොඩනැගිල්ලට වමෙන් සහ දකුණෙන් පිරිසිදු වතුර සහිත පොකුණු වේ. මෙම ගසකොලින් වැසී පවතී. විවිද පැහැති  යුතු මල වර්ග වේ. දැකුම් කළු දර්ශනයකි.  බුදුන්වහන්සේ මවට දහම්  දෙසන්නට 3 මසක් වැඩිය අවස්ථාවේ බුදුහිමියන් නොදැක පසෙනජිත් රජ    සඳුන් (Gosirsha Chandana wood) වලින් බුදුරුවක් කර බුදුන්වහන්සේ නිතරම අසුන් ගන්න තැනතැබීය. බුදුන්වහන්සේ නැවත පැමිනි කල එම රූපයට ඔබේ අසුනට යන්න යයි කියන ලදී.   මගේ පරිනිර්වාණයෙන් පසු මාගේ සිව් වනක් පිරිස  වෙනුවෙන් ඔබ පෙනී සිටින බව බුදුන්වහන්සේ කී බව දක්වා තිබේ, මෙය බුදුන්වහසේගේ මුල්ම පිළිරුවයි. පසුව මෙය මිනිසුන් කොපි කර තිබේ.  ඉන් පසු බුදුන්වහන්සේ තමා වැඩ සිටි (බුදු රුව තබා තිබු) එම විහාරයෙන් ඉවත්ව ඊට දකුණින් වූ  කුඩා විහාරයක වැඩ වාස කළේය. එය කලින් වැඩ සිටි ස්ථානයේ සිට අඩි 20ක් පමණ වේ.

භික්ෂුන්වහන්සේලා කණ්ඩායමක් ෆා හියන් හිමිගෙන් ආවේ කුමන දේශයේන්ද යයි විමසු බවත් එවිට Han දේශයෙන් බව ෆා හියන් හිමි කී විට එම භික්ෂුන්   සුසුමක් හෙලමින් මෙතරම් ඈත එපිට රටක සිට ධර්මය සොයා ගෙන මෙම රටට ඒමට හැකවීම පුදුමයට කරුණක් බව කීයා තිබේ. එමෙන්ම බුද්ධ ධර්මය අනුගමනය කරන Han වල සිට මෙම රටට පැමිණි කිසිවකු හෝ මීට පෙර නොදැක්ක බව එම හිමිවරු කියා තිබේ  විහාරයේ සිට  වයඹ දෙසට  ලී ලී 4 දුරකින් වන උයනක් ඇත්තේය. මෙහි අන්ධ මිනිසුන් 500ක් සිටියහ. ඔවුන් එහි ජීවත් වුයේ විහාරයට ආසන්නයේ ජීවත් වීම සඳහාය.  බුදුන්වහන්සේ මේ පුද්ගලයින්ට ධර්මය දේශනා කල අතර ඔවුන්ට පෙනීම ලැබුණු බව දක්වයි.

ජේතවන විහාරයේ බොහොමයක් හිමිවරු දවල් දානයෙන් පසු එම වන උයනට ගොස් භාවනාවේ යෙදුනහ. 
ජේතවන විහාරයේ සිට ඊසාන දිගට වන්නට ලී 6-7 ක් දුරින් විශාකා මාතා විසින් කරන ලද තව විහාරයක් වේ. අදටත් එය දැකිය හැක.
ජේතවන විහාරයේ සංඝාවාසයට දොරටු 2ක් වේ. එකක් නැගෙනහිර බලාය. අනෙක උතුර දෙසටය. විහාරය පිහිටියේ ජේතවන විහාර උද්‍යානයේ හරි මැදය. බුදුන්වහන්සේ වාඩිවී සිටි සක්මන් කල ස්ථාන වල ස්තුප සාදා ඇත්තේය. ඒ සෑම එකකටම විශේෂ වූ  නමක් දමා ඇත්තේය. සුන්දරී මරණ ලද ස්ථානයද මෙහි ඇත්තේය. ජේතවනයේ ඊසාන ගේට්ටුවෙන් පියවර 70 ක් පමණ පිටතට උතුරු පැත්තට වන්නට පාරේ බටහිර පසින් බුදුන්වහන්සේ මිත්‍යා දෘෂ්ටි 96 ක් ගැන සාකච්චා කල ස්ථානය වේ. මෙයට රජ ඔහුගේ නිලධාරින්, එහි පිරිස සහ ජනතාව රැස්විණි. චින්චමානවිකාව සහ දෙව්දත් පණපිටින් අපායේ ගිය ස්ථාන මිනිසුන් සලකුණු කර ඇත්තේය. බුදුන්වහන්සේ සාකච්චා පැවැත්වූ ස්ථානයේ විහාරයක් (අඩි  60ක් පමණ උස)  සාදා එහි වාඩිවී සිටින බුද්ධරුපයක් තබා ඇත. පාරේ නැගෙනහිර පැත්තේ දේවාලයක් ඇත. මෙය පිහිටියේ සාකච්චාව පැවැත්වූ ස්ථානයට ප්‍රතිවිරුද්ධවය. මෙම දේවාලයේ සෙවනැල්ල කිසි විටකත් විහාරයට නොවැටේ . ටේ  ටේ  බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ශක්තිය දැක  මෙම දේවාලයේ බ්‍රාහ්මනයන්ද පසුව  මහන වූ බව දක්වයි. ජේතවන විහාරය අවට ආරාම 98ක් තිබු බව දක්වයි. 

මෙම මධ්‍ය දේශයේ විවිධ දර්ශන  96ක් පමණ වේ. ඔවුන්ද පෙර බව , මතුබව විශ්වාස කරයි. ඔවුන්ගේ අනුගාමිකයින්ද වේ. ඔවුන්ද ආහාර ඉල්ලයි, එහෙත් පාත්‍ර නැත. ඔවුන්ද යහපත් ක්‍රියාවෙන්  ආශිර්වාද පතයි. ඔවුන් පාර දෙපස නිවාස වල පුණ්‍ය ආයතන පවත්වා ගෙන යයි.  බෞද්ධ හිමිවරුන්ටද  , ආගන්තුකයින්ට, සංචාරකයින්ට  ආහාර, බීම , ඇඳන්, පුටු , කාමර සපයයි. දේව දත්තගේ අනුගාමිකයින් තවමත් සිටී. ඔවුන් පෙරබුදුවරුන් 3න් නමට පමණක් පුජා පවත්වයි. මෙම නගරයේ සිට ලී 4ක් ගිනිකොනට විරුධහ  රජ වෙනුවෙන් කරන ලද ස්තුපයක් වේ
 
මෙම නගරයේ සිට බටහිර පැත්තට ලී 50 දුරින් Too - wei   නගරය වේ. මෙහි කාශ්යප බුදුන් උපන් ස්තානය, පියා මුණ ගැසුණු ස්ථානය සහ පිරිනිවන් පෑ ස්ථානයේ ස්තූප සාදා තිබේඋන්වහන්සේ ගේ සම්පුර්ණ ශරීර ධාතුව තැන්පත් කර කාශ්යප තතාගත නමින් විශාල ස්තුපයක් ඉදි කර ඇත. මෙම නගරයේ සිට යොදුන් 12 දුරින් Na - pei - kea නම් නගරයක් වේ. මෙහි කකුසනද බුදුන් උපන් ස්තානය, පියා මුණ ගැසුණු ස්ථානය සහ පිරිනිවන් පෑ ස්ථානයේ ස්තූප සාදා තිබේ.
 
 මෙම නගරයේ මෙහි සිට යොදුනකට අඩු දුරින් උතුරට කෝනාගමන බුදුන් උපන් ස්ථානය  හමුවේ. කෝනාගමන බුදුන්</ span> පියා මුණ ගැසුණු ස්ථානය සහ පිරිනිවන් පෑ ස්ථානයේ ස්තූප සාදා තිබේ.  මෙහි සිට නැගෙනහිරට යොදුනකට අඩු දුරින් කපිලවස්තුවේ . මෙහි රජකෙනෙක් හෝ මිනිසුන් නැත. මෙහි ඇත්තේ ගොඩලි සහ පාලු බවය. මෙහි සිටියේ හිමිවරු පිරිසක් සහ පවුල් 2කක මිනිස්සු පමණි. මෙම ස්ථානයේ සුද්ධෝදන රජුගේ මාලිගය විය. බුද්ධ චරිතයට අදාළ රුප මාලිගාවේ  අඹා තිබේ. මෙහි මෙම නගරයේ සිට ඊසාන දිගට ලී කිහිපයක් ගියවිට රජතුමාගේ කුඹුරු හමුවේ. බිලිඳු සිදුහත් කුමාරයා සීසාන අයුරු ගහක්  යට  වාඩි  වී නැරබුවේ  මෙහිය. කපිලවස්තු නගරය   සිට ලී 50ක් නැගෙනහිරට ලුම්බිණිය වේ. මෙහි රැජින නාපු පොකුණ ඇත එහි සිට පියවර 20 ක් දුරින් සිදුහත් කුමරු බිහි වූ ගස ඇත. එහි නැගෙනහිර පැත්තට මුනලා සිට දරුවා බිහි කර ඇත. (බුදුන්වහන්සේ උපන් ස්ථානයේ අසෝක කුළුණක් ඇති බවට  ෆා හියන්  හිමි දක්වා නැත)    
බුදුන්වහන්සේ  උපන් ස්ථානයේ සිට නැගෙනහිරට යොදුන් 5ක්  දුරින් රාම නම් රාජධානියක් වේ. (නේපාලයේ  ලුම්බ්නියෙන් යොදුන් 5ක් නැගෙනහිරෙන් රාම  නගරයක්  නැත) මෙහි රජ බුදුන්වහන්සේගේ ධාතු තැන්පත් කර  රාම නම් ස්ථුපයක් සාදා ඇත. මෙහි පොකුණක් තිබුණු බවත් නාගයාට එහි මැදුරක් වූ බවත් ඔහු  දිවා රෑ  පුදපුජා  පවත්මින්  ස්තුපය ආරක්ෂා කල බවත් දක්වයි. (නාග ගොත්රිකයකු විය යුතුය). පසුව අසෝක රජ ස්තුප 84000 හදනු  පිණිස මෙහි ධාතු තැන්පත් කර තිබු ස්තුප බිඳ දැමීමට සැරසිණි. ස්තුප 7ක් බින්ද  පසු නග ගොත්රිකයකු ගේ බලපෑම මත එය නැවතීය. ඉන් පසු මෙහි වල්  බිහිවූ පසු ඇතුන් එය ආරක්ෂා කල බව දැක්වේ. ඉන් පසු මෙහි වන්දනාවේ පැමිණි පුද්ගලයකු නිසා මෙය යලි  හිමි වරුන් සහිත ආරාමයක් බවට පත් විය. මේ තැනැත්තා පසුව ආරාමයේ ප්‍රධාන හිමි බවට පත්විය. අදටත් මෙහි හිමිවරු සිටි.

මෙහි සිට යොදුන් 4ක් පමණ  නැගෙනහිර පැත්තට චන්න සිදුහත් කුමරු  අසු ආපසු  යැවූ තැනහමුවේ. එහි ස්ථුපයක් ඇත. මෙහි සිට යොදුන් 4ක් නැගෙනහිර පැත්තට බුදුන්වහන්සේ ගේ දේහය ආදාහනය  තැනින් ලබාගත් අඟුරු තැන්පත්කර සෑදු ස්තුපයවේ.  මෙහි සිට යොදුන් 12ක් පමණ නැගෙනහිර පැත්තට බුදුන්වහන්සේ පිරිනිවන්පෑ කුසිනාරා වේ. රජවරු 8 දෙනෙක් මෙම ධාතු ලබා  ගත් අතර එම ධාතු තැන්පත් කර සාදා ඇති ස්තුප අදටත් දැකිය හැක. ව්ජ්රපානීද (ශක්‍රයා )මේ උත්සවයට යට සහභාගී වූ බව දැක්වේ. බුදුන්වහන්සේගේ දේහය රන් පෙට්ටියක  දමා දින 7ක් වැඳුම්  කල බව දැක්වේ. මෙහි ස්තුපයන් ආරාමයන් සාදා ඇත.  මෙහි ජනගහනය අඩු අතර හිමිවරු පමණක් සිටී. මෙහි සිට ගිනිකොන දෙසට යොදුන් 12ක් පමණ වන්නට ලිච්චවීවරුන් බුදුන්වහන්සේ පරිනිර්වාණයට යන ගමනේ දී උන්වහන්සේ පසුපසින් යාමට උත්සාහ දැරූ  තැන වේ. මෙහිදී බුදුන් වහන්සේ ඔවුනට පාත්‍රය දුන්  බව දැක්වේ. මෙහි ගලින් නෙලන ලද කනුවක  එම සිද්ධිය අඹා ඇති බව  සඳහන් කර තිබේ.

මෙම නගරයේ  සිට නැගෙනහිරට යොදුන්  10 ක් ගියවිට වයිසාලී  රාජධානිය මුණ ගසේ. මෙම නගරයට උතුරු දෙසින් එම නමින් හඳුන්වන විශාල කැලෑවක් වේ. මෙහි බුදුන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ ගැලරි 2ක් සහිත විහාරයකි. මෙහි  ආනන්ද හිමිගේ මුළු ධාතු කොටස් වලින් 1/2 කම  නිදන් කල ස්ථූපයකි.  බුදුන්වහන්සේ සිහි කර අම්බපාලි මේ  නගරයේ විහාරයක් ඉදිකර ඇත. නගරය  තුලම  ලී 3ක් දකුණට පාරේ වම්  පස අම්බපාලි බුදුන්ට පිදු උද්‍යානය වේ. බුදුන්වහන්සේ පරිනිර්වාණය සඳහා වඩින අවස්ථාවේ මෙම නගරයෙන් බටහිර දොරටුවෙන් නික්මෙන විට නගරය දෙස බලා මෙහි  ගමන් කරන්නේ අවසාන වරට බව එහි වැසියන්ට පවසා තිබේ. මෙම ස්ථානයේ වැසියන් ස්ථුපයක් ඉදි කර තිබේ.

මෙහි සිට වයඹට ලී 3ක් ගියවිට ස්ථුපයක් හමුවේ. එම ස්තුපයට දුනු ඊ බිම හෙලු යන්න අර්ථය ගෙනදේ. බෝධි සත්වයන්ගේ ජාතක කතාවකට  මෙය සම්බන්ධය.  බුදුන්වහන්සේ ආයු සංස්කරණය කරන බවට ආනන්ද හිමිට පවසන ස්ථානයද මෙය වේ. මෙහි සිට ලී 3-4 ක් දුරින් නැගෙනහිරට  බුදුන්වහන්සේ ගේ පරිනිර්වානයෙන් වසර 500කට පසු දෙවන සංඝායනාව තිබු ස්ථානය වේ. මෙහි ස්ථුපයක් වේ.
මෙහි සිට යොදුන් 4ක්  නැගෙනහිර පැත්තට ගංගාවල් 5ක්  මුණ ගැසෙන තැනක් හමුවේ. ආනන්ද හිමි පරිනිර්වාණය සඳහා මගධයේ සිට වෛසාලි වඩිනවිට ලිච්චවී වරුන් සහ අජාසත් රජ මුණ ගැසුණු ස්ථානය වේ.

ඉන්පසු ගඟ තරණය කර දකුණට යොදුනක් ගිය තැන මගධයේ පාටලීපුත්ත නගරය මුණ ගැසේ. (මගධය යනු මැද රට එනම් මධ්‍යදේශයේ එක කොටසක් පමණි). මෙය අසෝක රජ පාලනය කල නුවරය. මෙම මාලිගාව දැන් ඉතා පැරණිය. කැටයම් සහිත වර්ණවත් එකකි. අසෝක රජුගේ  බාල සොහොයුරා රහතන්වහන්සේ නමකි. ගිජුලිහිණි කන්දේ වැඩ සිටියේය. මෙම නගරයේ බලවත් බ්‍රාහ්මණයෙක් විය. ඔහුගේ නම රාධසාමිය ඔහු බ්‍රාහ්මණයෙකු වන්නේ කුලයෙනි. ඔහු  මහායාන බුදුදහම පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු සියලු දේ ගැන අවබෝධයක් ඇති විශාරදයකි. රජතුමා ඔහුට ගරු කල අතර ඔහු ගුරුවරයා ලෙස තබා ගති.මොහු නිසා මෙම රාජධානියේ බුදුදහම ජනයා අතර පැතිරිණි.

අසෝකගේ ස්තුපය පැත්තක මහායාන බුදුදහම අනුගමනය කරන ආරාමයක් වේ. එය අතිශයින්ම දැකුම් කලුය. එමෙන්ම හීනයාන ආරාමයක්ද වේ.  මෙම ආරාම 2කේම හිමිවරු 600-700ක් වේ. මෙය බෞද්ධ විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයක්, සාමනේර වරුන් සඳහා අධ්‍යාපනය දෙන ආයතනයක් ලෙස අර්ථ දක්වයි. මෙහි පිළිවෙත් විධිවිධාන සහ ධර්ම අධ්‍යාපනය පිලිබඳ පිලියෙලකිරීම් බලාසිටීමට වටනා දෙයක් බව දක්වයි. සෑම පැත්තකින්ම ඉහල මට්ටමේ හිමිවරු, ශිෂ්‍යයන් දහම් අවබෝධය සඳහා මෙම ස්ථානයට ඒක රාශිවේ. මෙහි මන්ජුශ්‍රී නම් බ්‍රාහ්මණයෙක් ද උගන්වයි. මහායාන හිමිවරු මොහුට ගරුකරයි මුණ ගැසී  උපදෙස් ගනී.

මෙහි (මගධ ) නගර සහ රටවල් මධ්ය දේශයේ අන් සියලුම රටවලට වඩා විශිෂ්ටය.මෙහි  වැසියන් පොසත්ය. සමුර්ධිමත්ය. සෑම සෑම වසරකම 2 මාසයේ 8 වන දින ඔවුන් පිළිරුව රැගෙන පෙරහරක් සංවිධානය කරයි. ඔවුන් රෝද 4 සහිත වාහන සාදා බම්බු වලින් තට්ටු 4 ක් සහිත සැකිල්ලක් සදයි.  මෙය මුදුන් කණුවකින්, කණුවලින් ලංස වලින් ශක්තිමත් කරයි. මෙහි උස අඩි 20ට වැඩිය. මෙය ස්තුපයක හැඩය ගනී. මෙය සිල්ක් රෙද්ද කින් ඔතයි. ඉන් පසු විවිධ පාට වලින් වර්ණගන් වයි. මෙහි දෙවි වරුන්ගේ රුප අඳියි. රන්, රිදී දිලිසෙන කාක නිල් ගලේ පැහැය මුසු කර එම රුප අඳියි. මෙහි සිල්ක් කොඩි එල්ලයි, උඩු වියන සදයි. මෙහි 4 පැත්තෙහි බුදුන්වහන්සේ වාඩි වී සිටීන ඒ අසල  බෝධිසත්වයන් සිටගෙන උපස්ථාන කරන ස්ථාන 4 කි.  මේවා විශිෂ්ටය, ගරුගාම්භීරය. නමුත් සෑම එකක්ම එකිනෙකට වෙනස්ය. එදිනට එහි වෙසෙන හිමිවරුන් සහ ගිහියන් සියල්ලම පැමිණෙතිමල් හඳුන් කුරු වලින් පුජා කරති. ගීත ගයති, දක්ෂ වාදකයින් සංගීතය වාදනය කරති. බමුණන් පැමිණ නගරය තුලට බුදුන්වහන්සේලාට වඩින්නට ආරාධනා කරති. මෙය රාත්රී  2ක්  තියයි. රාත්රිය පුරාම පහන් ආලෝකමත් කරයි. ගීත ගායනා සංගීත  පවත්වති. දන් දෙති. මෙය සෑම රාජධානියකම පවත්වයිවෛශ් පවුල්වල ප්රධානීන් පිනට දීමේ ස්ථාන පවත්වා ගෙන යයි. බෙහෙත් දෙති. දුප්පත්, අසරණ, වැන්දබු, ආබාධිත, රෝගී අයගේ නිවාස වලට ගොස් උදව් උපකාර කරති. දොස්තරවරු බෙහෙත් දෙති. අයට අවශ් ආහාර බෙහෙත් ලෙස සපයයි. අසෝක රජ 84000ක් ස්තුප හදන්නට ස්තුප 7ක් කැඩූ අවස්ථාවේන් පසු මුලින්ම සැදු ස්තුපය මෙම නගරයේ සිට ලී 3ක් දකුනෙන් වේ. මෙහි ඉදිරිපිට සිරිපතුල් 2ක් වේ. මෙහි විහාරයක් වේ.  දකුණු පැත්තේ හතරැස් අඩි 30 ක් පමණ පරිධියඇති  ගල් කුළුණක් වේ. මෙහි ජම්බුදීපය මුළුමනින් සංඝයාවහන්සේට පුජා කල බව දක්වයි. මෙලෙස 3 වරක් අසෝක රජු ජම්බුදීපය  සසුනට පුජා කර ඇත.  මෙම ස්තුපයේ සිට පියවර 300-400 දුරින් Ne -le නගරයක් අසෝක රජ කර ඇත. මෙහි හතරැස් කුළුණක් වේ. සිංහයෙක් කුලුන  උඩවේ.   මෙය හදන්න හේතුව සහ එය සදන්ට ගිය කාලය අවුරුදු මාස දින සඳහන් වේ.   

මෙහි සිට ඔවුන් යොදුන් 9ක් ගිනිකොනට ගියවිට තනි කුඩා ප්‍රමාණයේගල්  සහිත  කන්දක් හමුවේ. මෙහි  කෙලවර ලෙනකි  . මෙය දකුණට මුහුණලා සිටී.මෙහි සක්ක පන්න  සුත්‍රය දේශනා කර තිබේ. සක්ක බුදුන්ගෙන් කරුණු 42ක් ඇඟිල්ලෙන් ගලේ ලකුණු කර කර විමසයි. ඔහු ගේ මේ ලකුණු කිරීම් අදටත් දැකිය හැක මෙහි අදටත්ආරාමයක් තිබේ.

මෙහිසිට වයඹ පැත්තට නාල නම් ගමක් තිබේ. මෙහි සාරිපුත්ත හිමි උපන් තැනය. සාරිපුත්ත හිමි පිරිනිවන් පෑවෙ මෙහිය.  උන්වහන්සේගේ සිරුර ආදාහනය කල (පිලිස්සු) තැන ස්ථුපයක් සාදා තිබේ.  
 
මෙහි සිට බටහිරට යොදුනක් නව රජගහ වේ. මෙම නගරය  අජාසත් රජ සාදා ඇත. මෙහි ආරාම 2ක් වේ.  මෙහි සිට පියවර 300ක් පමණ බටහිර ගේට්ටුවේ සිට අජාසත් රජ බුදුන්ගේ ධාතු කොටස් නිදන් කොට විශාල ලස්සන  ස්ථුපයක් සාදා තිබේ. මෙහි සිට දකුණට යොදුන් 4ක් වන්නට නිම්නයක් හමුවේ. මෙය කඳු 5කින් වටවුනු වුර්තාකාර  පෙදෙසකි. මෙය බිම්බිසාර  රජු ගේ පැරණි රාජධානියය. මෙහි ප්‍රමාණය  නැගෙනහිර  සිට බටහිරට ලී 6 කුත් උතුරේ  සිට දකුණට ලී 7-8 කි. මෙහි දී සාරිපුත්ත , සහ  මුගලන් මුලින් උපසේන දුටු ස්ථානය, අජාසත් ඇතකු රා පොවා බුදුන් ඉදිරියට එවීමඊසානදිග අම්බපාලි ගේ උයනේ ජීවක විසින් සාදන ලද විහාරයද   අදටත් නගරයෙහි දැකිය හැක. නගරයතුල කවුරුත් නැත. පාලුය. තැනිතලාවට ඇතුළුවී  වයඹ පැත්තේ පිහිටි කන්ද ඔස්සේ  ලී 15ක් ඉහලට නැග්ග විට ගිජිකුළු පව්ව මුණ ගැසේ. මෙහි මුදුනට නගින්න ලී 3 කට පෙර මෙහි විශාල බින්ගෙයක් (ලෙනක්) දකුණු  මුහුණලා තිබේ. මෙහි බුදුන්වහන්සේ භාවනා කර තිබේ. මෙම භාවනා කල ස්ථානයේ සිට වයඹට පියවර 30ක් ගිය තැන ආනන්දහිමි භාවනා කල තැන මුණගැසේ. මාරයා විශාල ගිජුලිහිනියෙකුගේ වෙස්වලා ගෙන ලෙනට පැමිණ ආනන්ද හිමි බිය කර තිබේ. බුදුන්වහන්සේ සිය බලය ශක්තිය උපයෝගී කර කපොල්ලක්  සදා ඉන් අත යවා ආනන්ද හිමි  අතගා ආනන්ද හිමිගේ බිය පහ කර තිබේ. මෙහි ගිජුලිහිනියාගේ  පාද ලකුණු තවමත් දැකිය හැක. මෙම කපොල්ලේ බුදුන්ගේ අත සලකුණ තිබේ. මෙම නම එම පර්වතයට ලැබී ඇත්තේ  එනිසාය. (තොප්පිගල ලෙස අද හඳුනා ගෙන තිබේ ).
මෙම ලෙනට ඉදිරියෙන්බුදුන්වහන්සේලා 4 නම වැඩ සිටි ස්ථාන තිබේ. මෙහි  රහතුන්වහන්සේලා  භාවනා කල ලෙන් සිය ගනන් වේ. 

 
බුදුන්වහන්සේ වැඩ සිටි ලෙනට ඉදිරියෙන්  නැගෙනහිර සිට බටහිරට සක්මන් භාවනා කරන විට එම කන්දේ උතුර දෙස පිහිටි  නෙරාගිය බැවුම් කොටසේ සිට දෙව්දත් ගලක් පෙරලීය. මෙම ගල අදටත් දැකිය හැක .

 
බුදුන්වහන්සේ මෙහි සිට ධර්ම දේශනා  කල ස්ථානයේ ගොඩනැගිල්ලේ අත්තිවාරම  ඇත. මෙම කඳු මුදුන කොළ පැහැය. මේ මුදුන කෙලින් උඩටට  නෙරා ඇත. මෙය කඳු 5න්  උසම කන්දයි. නව නගරයේ සිට ෆා හියන් හිමි  හඳුන්කූරු, මල් , තෙල් , පහන් රැගෙන ආ බවත් මෙහි සිටි හිමිවරුන් 2 නමක ගේ ආධාරයෙන් ඒවා මුදුනට රැගෙන ගිය බවත් දක්වයි. මල් හඳුන්කුරු පුජා කර පහන් පත්තු කල විට අඳුර පැමිණ තිබේ. උන්වහන්සේට දුකක් දැනුනු අතර කඳුළු තද කර ගෙන ''බුදුන්වහන්සේ මෙහි සුරන්ගම සුත්‍රය දෙසා ඇතත් මට බුදුන් දකින්නට නොහැකි විය. දැන්උන්වහන්සේ තබා ඇති සිරිපතුල් පමණක් මෙහි ඇත  අන් කිසිවක් නැත'' යි  කියා මෙහි ලෙනේ  සිට සුරංගම  සුත්‍රය කීය . මෙහි රෑ  ගතකොට නව නගරය දෙසට ගමන් කළේය.
පැරණි නගරයේ සිට පියවර 300 ක් පමණ  පාරේ බටහිර පස බිම්බිසාර රජ  බුදුන්ට පුජා කරන ලද උද්යානයාවේ. මෙහි තවමත් පැරණි විහාරය දැකිය හැක. මෙහි අදටත් හිමිවරු සිටී. මෙහිසිට  උතුරට  ලී 3ක් වන්නට සොහොනක් වේ. දකුණු පසින් වූ කන්ද  දිගේ බටහිරට පියවර 300 ක් ගිය විට ගල්පර්වත අතර බුදුන්වහන්සේ නිතර දවල් දානයෙන් පසු භාවනා කල  පිප්පලි ගුහාව හමුවේ. කන්දේ උතුරු පැත්තේ සිට ලී 5-6ක් බටහිරට ගිය කල 1 වෙනි සංගායනා ව  සිදු කල  සප්තපර්ණ ගුහාව හමුවේ. මෙහි ස්ථුපයක්  ඇත. එය අදටත්  දැකිය හැකිය. මෙම කන්ද පසින්  රහතුන්වහන්සේලා වැඩ සිටි ලෙන් වේ.  නගරයේ  උතුරු පස සිට නැගෙනහිරට  ලී 3ක්  ගියවිට දේවදත්ත සිටි ගල්පර්වතය හමුවේ. මෙහි සිට පියවර 50ක්  දුරින් ලොකු චතුරශ්‍ර ආකාර ගලක්  හමුවේ. මෙහි සිටි භික්ෂු නමක් පිහියෙන් සිය ගෙල කපා ගෙන මිය යන්නට පෙර අන්තිම මොහොතේ රහත් වීය

මෙහි සිට යොදුන් 4ක් බටහිරට වන්නට ගයාවට පැමිණේ. මෙම නගරය පාලු  සිරියක් ගනී. මෙහි සිට ලී 20ක් දකුණට වෙන්නට බුදුන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කල ස්ථානයට පැමිණේ. මෙහි වටේට ඇත්තේ කැලැවය. මෙහි සිට ලී 3ක් බුදුන්වහන්සේ නාපු ස්තානයාවේ.  මෙහි සිට ලී 2ක්  උතුරට කිරිබත් පිළිගත්   ස්ථානය වේ. (එනම් ගඟේ සිට මීටර 800ක් පමණ කිරිබත් වැළඳු තැන ) මෙහිසිට ලී 2ක් උතුරට ගසක් යට වාඩිවී ගල් පොත්තක්  උඩ  වාඩිවී කිරිබත් වැළඳු  ස්ථානය වේ. ගසත් ගල්පොත්තත් තවම ඇත. මෙම ගල් පොත්ත අඩි 6ක් පමණ පළලය අඩි 2ක් පමණ උසය. මෙහි සිට යොදුන් බාගයක්  ඊසාන දිගට ලෙනක්වේ. බෝසතාණෝ මෙම ලෙනට ඇතුළු  වී බටහිරට මුහුණලා වාඩිවිය . ඉන් පසු  මෙසේ තමාට කීය.  මම බුද්ධත්වය  ලබන්නේනම් මෙහි ආශ්චර්යමත් සාක්ෂියක් ලැබිය යුතුය. ඒ සමග ලෙන් බිත්තියෙහි බුදුරුවක චායාවක් වැටුණි. මෙය අදටත් ආලෝකමත්ව පෙනේ. එම අවස්ථාවේ අහස මහා පොලව සෙලවෙනි. දෙවිවරුන් මෙහි මීට පෙර කිසි බුදුකෙනෙකු බුදු නොවුණු බව පවසා ඇත. මෙහි සිට නිරිතට  (එනම් ගිය දිසාවේ සිට ආපසු) යොදුන් භාගයක් පැමිණි විට බුදු බවට පත්වීමට වාඩිවන ගස හමුවන බව පවසා දෙවිවරු එදෙසට පාර පෙන්වා තිබේ. (ඒ අනුව කිරිබත් වැළඳු ස්ථානය ආසන්නයේ බුදුන් පිටදුන් බෝධිය තියෙන බව අවබෝධ වේ.), බෝධියේ සිට පියවර 30ක්  කුසතන ලැබුණු ස්ථානය වේ. බෝධිසත්වයන් කුසතන  බිම අතුරා නැගෙනහිරට මුහුණලා වාඩිවිය. මෙම ස්ථානයේ හිමිවරු වැඩ සිටින ආරාම 3ක් දැන් ඇත. මෙහි සිටින  ජනතාව උන්වහන්සේලාට අවැසි සියලු දේ පුජා කරනු ලැබේ.  උන්වහන්සේලා බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි පැවත එන සියලු වත් පිළිවෙත් රකිනු ලැබේ.  සත්සතිය ගත කල ස්ථාන වල ස්තුප සාදා තිබුණි. බුදුන්වහන්සේ පිරිනිවන්පෑ දා සිට උන්වහන්සේ , උපන් , බුදු වූ , පළමු දේශනාව පවත් වූ, පිරිනිවන් පෑ ස්ථාන වල ස්තුප සදා තිබේ. මෙම ස්තුප  අද දක්වාම පරම්  පරාවෙන් පරාවට උරුම කර තිබේ.

අසෝක රජුගේ කතාව
අසෝක රජු වරක් ජම්බුදීපය  පරීක්ෂා කිරීමට යද්දී  කඳු 2ක් අතර යකඩමය වැටක් දැක තිබේ. මෙය නරක මිනිසුන්ට දඩුවම් දීම සඳහා ඉදි කර ඇත්තකි. එම අවස්ථාවේ අසෝක රජු එය දැක එය කුමක් දැයි ඇමතිවරුන්ගෙන් ඇසුවිට ඔවුන් කියා ඇත්තේ එය යම රජු නරක මිනිසුන්ට දඬුවම් දීම සඳහා (නරකය) ඉදිකර ඇති බවය. (වැරදි කරන්නවුන්ට දැඩි දඩුවම් දීම යක්ෂ ගොත්රිකයන්ගේ සිරිතකි). යකුන්ගේ රජුට වැරදිකරන අයට දඩුවම් දීම සඳහා එවන්නක්  සෑදිය  හැකිනම් තමාටද තම රටේ වැරදි කරන අයට දඩුවම් දීම සඳහා එවන්නක්  සෑදිය හැකිය සිතා වැරදි කරන අයට දඩුවම් දීම සඳහා එවන්නක්  සාදා ඒ අයට  දඩුවම් කල හැක්කේ කාටද යන්න ඇමතිවරුන් ගෙන් රජ අසුවේය.  එවැනි  දෙයක් කලහැක්කේ  අතිශය දරුණු දරුණු මිනිසෙකුට බව ඇමතිවරු කීහ.  ඒ අනුව දරුණු මිනිසෙකු සොයා එන්නට රජතුමා නිලධාරියෙකු පිටත් කර යැවීය. අනුව අසෝක රජ ඔහුට මෙසේ උපදෙස් දේ. උස බිත්ති සහිත චතුරශ්‍ර යක් ඉදිකරන්න මෙහි සෑම වර්ගයකම මල් සහ පලතුරු ගස් හිටවන්න. නෑම සඳහා හොඳ පොකුණක්  හදන්න. එය ලොකුවට ලස්සනට කෙනෙකුට දුටු  විට ආසා හිතෙන ලෙස හදන්න. මෙහි ශක්තිමත් ගේට්ටු දමන්න. කවුරුන් හෝ ඇතුළු උවහොත් පව් කාරයකු ලෙස සලකා අල්ලා  එලියට යන්න නොදී දඩුවම් කරන්න. මම ඇතුල් උවද පව් කාරයකු ලෙස සලකා දඩුවම් කරන්න. ඔබ නරකයේ ප්‍රධානියා ලෙස පත් කරමි . පිඬු සිඟා වැඩි හිමි නමක් මෙයට ඇතුළු වීය.
 
නරකයේ වධකයා මෙය දැක  හිමි අල්ලා  දඩුවම් දීමට සැරසෙන විට දවල් දානය වළදනතෙක් සිටින ලෙස හිමි නම ඉල්ලීය.  සමග මිනිසෙකු මෙහි ඇතුල්  වුවිට ලේ එනකම් පහරදිනි. මේ වදදෙන අයුරු බලා උන්වහන්සේ ජීවිතය  මෙනෙහි කොට රහත්විය. ඒ සමගම වාදකයා උන්වහන්සේ අල්ලා නටන  උණුවතුර කල්දෙරමකට විසි කළේය. ඒසමගම ගින්න නිවී වතුර සීතල විය. මැද නෙලුම් මලක් මතුවී හිමි එහි වාඩි  වී  සිටියේය. මෙම  ආශ්චර්ය  පෙන්වීමට  වධකයා රජු කැඳවා ආවිට  භික්ෂුන්වහන්සේ රජට බණ දෙසීය. ඔහු නරකය විනාශ කොට මෙතැන් පටන් ත්‍රිවිධ රත්නයට ගරු කල යුතු යි අවබෝධ කොට සැමදා බෝධියක් වෙත ගොස්  එය යට පසු තැවී, වරද නිවැරදි කොට වැරදි ක්‍රියා අටකින්  මිදෙන බව පොරොන්දු වීය. රජ බිසව කපා දමා ඇත්තේ මෙම බෝධියය. මෙය බුදුන් පිට දුන්  බෝධිය ලෙස කියා  නැත.

(
මෙම අසෝක රජ කාලිංග යුද්ධයක් කල බවට සඳහන් නොවේ. මහාවංශයේද දඹදිව සිටි අසෝක කාලිංග යුද්දයක් කල බව සඳහන් නොවේ. කාලිංග යුද්දයක් කර ඇත්තේ ඉන්දියාවේ දෙවන පියන පිය දසින නමින් ගිරි ලිපි ලියා ඇති රජකි).

මෙහි සිට ලි 3ක් දකුනට වන්නට ගුරුපාද කන්ද වේ. මෙහි සිදුරක් ඇත. මෙහි ඈත කෙලවර ඇතුලත මහා කශ්යප හිමිගේ සිරුර ඇත. මෙතැනට  බොහෝ රට වලින් බොදු  පිරිස් පැමිණ කාශ්‍යප හිමිට පුද පුජා පවත්වයි.
මෙතැන්  සිට ගැන්ගිස් නදිය ඔස්සේ පැමිණ බටහිර පැත්තට යොදුන් 10 ක් ගිය විට  බුදුන්වහන්සේ වැඩ සිටි විහාරයක් හමුවේ. මෙහි අදටත් හිමිවරු වැඩ සිටිති. මෙලෙස තවදුරටත් බටහිර දෙසට වන්නට යොදුන් 12ක් ගිය විට කසී රට වාරනසි නගරය හමුවේ. (වව්නියාවට පෙර වාරානසි කියා තිබේ ) මෙතැන් සිට ලි 10කට වඩා ඊසාන පැත්තට ගියවිට මුවවනේ විහාරය හමුවේ. මෙහි පසේ බුදුවරු වැඩ සිටියහ. මෙය බුදුන්වහන්සේ පළවැනි ධර්ම දේශනාව කල ස්ථානයයි.  මෙහි ආරාම 2ක් ඇත. අදටත් මෙහි හිමිවරු සිටිති.

මෙහි සිට  වයඹට  යොදුන් 13ක් ගිය විට කොසඹ නුවර ගෝශිතාරාමය හමුවේ. මෙහිද හිමිවරු වැඩ සිටී. හීනයාන ශිෂ්‍යයන්ය. මෙහි සිට  නැගෙනහිරට යොදුන් 8ක් ගිය තැන යක්ෂයකු  දමනය කල ස්ථානයක් හමුවේ, බුදුන්වහන්සේ මෙය  නිතර වාසය කල ස්ථානයකි. මෙහි ස්තුප ගොඩ නගා ඇත. හිමිවරු 100කට අධික සංක්‍යාවක් වේ.    

මෙහි  සිට දකුනට යොදුන් 200ක් ගිය විට දක්ෂිණ නම් රටක් වේ. මෙහි කාශ්‍යප බුදුන් වෙනුවෙන් කරන ලද විහාරයක් වේ. මෙය විශාල කන්දක කන්දක කළු ගලකින් නිමවා ඇත.  එහි තට්ටු 5කි. පහලම තට්ටුව අලියකු  හැඩ ගනී. මෙහි කාමර 500ක් වේ. 2වැනි එක සිංහයකුගේ හැඩය ගනී. කාමර 400ක් වේ. 3 වැනි එක අශ්වයකුගේ හැඩය ගනී. 4වැනි එක ගොනෙකුගේ  හැඩය ගනී. කාමර 200කි. 5වෙනි එක පරවියකු ගේ හැඩය ගනී. කාමර 100කි. මෙහි මුදුනේ දිය උල්පතක් වේ. මෙම ජලය කාමරවල  ඉදිරිපසින් වටේට පහල තට්ටුවේ කාමර දක්වා පැමිණ දොරෙන් එලියට ගමන්  කරනු ලැබේ. මෙහි  කාමරවල හිමිවරු සිටී. ගල පසාරු කර ජනෙල්  ආකාරයට සකසා ආලෝකය ලබා දේ. සෑම තට්ටුවකම කාමරයේ 4 කෙලවර පඩිපෙළ කපා ඇත. මෙය පරවී විහාරය නම් වේ. මෙහි රහතන් වහන්සේලා වැඩ සිටි.  ෆා හියන් හිමි මෙහි ගොස්  නැත, මිනිසුන් විසින් කියන ලද කතාවක් බව කියයි.

වාරණසි සිට ෆා හියන් හිමි  නැවත පාටලීපුත්ත නගරය බලා විනය පිටකයක් (ලිඛිත )සොයා පැමිණේ. මෙහි මහායාන  පන්සලකින් විනය පිටකයක් (මහාසංගසිකාහි  අඩංගු ) උන්වහන්සේ  සොයා ගනී. මේවා 1 වන සංගායනා වෙදී සාකච්ඡා කරන ලද බුදුන්වහන්සේ ජීවමානව  සිටයදී ප්‍රකාශ කරන ලද ඒවාය. මෙහි මුල් ලිකිත පිටපත ජේතවන විහාරයට  සහ තවත් පාසල්   18 කට  ලබා  දුන් බව සඳහන් කරයි. ඒ සෑම එකකම එම ධර්ම ආයතනයේ ප්‍රධානියාට ඔහුගේ කියා විවිධ අදහස් සහ තීරණ තිබුනද, මෙහි අඩංගු සාමාන්‍ය  පොදු අදහසට ඔවුන් එකඟවූ බව දක්වා තිබේ . ෆා හියන් හිමිට ලැබුණු විනය පිටකය වඩාත් සම්පුර්ණ හොදින් පැහැදිලි කර තියෙන එකක් බව හිමි දක්වා තිබේ.   ( ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ  කලේ  අපේ රටේ බව අපි දනිමු. ඒ අනුව ෆා හියන් හිමි වැඩියේ කුමන රටකටද  යන්න අපට විවාදයක්  නැත . මේවා ලිඛිත කරන කාලය වනවිට  නිකාය වල මේ  විනය සම්බන්ධයෙන්  යම් යම් වෙනස්  ඇති වී ඇති බව වැටහේ. )
 
එමෙන්ම හය හත් දහසක් ගාථා අඩංගු (විනය) සරවස්තිවාද පිටපතක්. මෙය චීනයේ හිමිවරුන් පිලිපදනින බව පැවසේ, සංයුක්තාභිධර්මය ගාථා6000 - 7000ක්. සුත්‍ර ගාථා 2500ක්, පරිනිර්වාණ සුත්‍රයේ එක පරිච්චේදයක අඩංගු ගාථා 5000ක්, අභිධර්මය (මහාසංගීකා) පිටපත් මෙම විහාරයේදී ලැබුණු බව පවසයි.  ෆා හියන් හිමි මෙහි  වසර 3ක් නතර වී විනය නීති, භාෂාව ඉගෙන ගත බව දැක්වේ. ඔහුගේ මිතුරු Tao-ching මධ් දේශයේ හිමිවරුන් අනුගමනය කරන ප්රතිපත්ති  දැක චීන  සංඝ සමාජයේ හැසිරීම ගැන කලකිරී බුදුන්වහන්සේ උපන් ස්ථානයෙන් පරිබාහිරව යලි උපදින්නේ නැති බව කියා මෙහි නතර වීය. නමුත් ෆා හියන් හිමි පැමිණියේ සම්පුර්ණ ත්‍රිපිටක පිටකයක් හැන් දේශයට (චීනයට) රැගෙන යන්නට බැවින් තනිවම ආපසු ගමනේ යෙදුනි. (මෙම විස්තරය කිසි විටකත් 5 වන සියවසේ ඉන්දියාවට ගැලපෙන්නක් නොවේ. එමෙන්ම මෙම පොත් පත් ඉන්දියාවේ මධ්‍යදේශයේ  තිබුණි නම් බුද්ධගෝෂ හාමුදුරුවෝ කි.ව 412 පමණ කාලයේම බෞද්ධ පොත පත සොයා මෙහි  පැමිනි කාරණය කිසි විටකත් වටහා ගත නොහැක).

ඉන්පසු ගැන්ගිස් නදිය ඔස්සේ නැගෙනහිර පැත්තට යොදුන් 18 ක් ගොස් දකුණු ඉවුරේ වූ චම්පා රාජධානිය වෙත පැමිණියේය. මෙහි බුදුන්වහන්සේ සක්මන් කල ස්ථාන වල ස්තුප ගොඩනගා ඇත. බුදුන් වහන්සේ සහ පෙර බුදුවරුන් වැඩ සිටි ස්ථාන වල ස්තුප සාදා තිබේ. මෙහි සෑම ස්ථානයකම හිමිවරු වැඩ සිටි. මෙහි සිට නැගෙනහිර පැත්තට යොදුන් 50ක් ගියවිට Tan-mo-lih-ti (te) නම් රටට  පැමිණේ. මෙහි අගනුවර මුහුදු වරායකි(Tan-mo-lih-ti (te). මෙම රටේ ආරාම 22ක් තිබේ. මෙහි හිමිවරු වැඩ සිටි. මෙහි බුදු දහම බැබලේ . ෆා හියන් හිමි මෙම රටේ වසර 2ක් සුත්‍ර පිටක සහ ප්‍රතිමා වල රුප ඇඳ ගනුලැබේ. Tan-mo-lih-ti (te) වරාය  චීනය අතීතයේ අපේ රට (අද  ලංකාව) සමග ගනගෙනු කල ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය ලෙස වාර්තා කර තිබේ. ඒ අනුවTan-mo-lih-ti (te).  වරාය පිහිටියේ අප රටේ බව පැහැදිලිවේ.  ජයශ්‍රී මහා බෝධිය ලන්කාපුරට වැඩමවීම සඳහා නැව්  නගින්නේ Tan-mo-lih-ti (te) (තමලිප්ත) තොටුපලිනි . බුදුන්ගේ දේශය Alexander Cunningham විසින් ඉන්දියාවට ආදේශ කිරීම මත තමලිප්ත වරායත්  ඉන්දියාවේ කල්කටාවට සින්න විය. ලංකාවෙත් ඉන්දියාවේත් එකහා සමාන නම් ඇති නම් ඒවා සියල්ලම යටත් විජිත යුගයේ ඉන්දියාවටම සින්න විය. තමලිප්ත තොටුපල තිබුනේ ඉන්දියාවේ කල්කටාවේ නම් චීනය බඩු  රැගෙනවිත්  කල්කටාවෙදී ගොඩ බායි. කල්කටාවේ සිට අපේ රටේ මිනිස්සු මේවා යලි මෙහි රැගෙන එයි. එමෙන්ම ලංකාවෙන් යන බඩුද චීනයට  ඒ අයුරින් කල්කටාව හරහා යනු ලැබේ. අපේ රට පිහිටියේ ප්‍රධාන නැව්  මාර්ගයේය. එසේ තිබියදී මෙරටේ මිනිසුන්ටත්, චීනයේ මිනිසුන්ටත් වෙළඳ ගනදෙනු සඳහා කල්කටාව අස්සේ රින්ගිය යුතුද? විශේෂයෙන්ම පෙර චීන සිතියම (භූගෝල පිහිටීම) ලෙස බලන කල එය හරියට කෙලින්  අල්ලන්න හැකි නහය හිස වටේ අත  දමා ඇල්ලීමක් වැනි විහිලුවකි. එසේමTennent James මහතා විසින් ලියන ලද Ceylon : an account of the island, physical, historical, and topographical with notices of its natural history, antiquities and productions පොතේ  පළමු වෙළුමේ 5 වන කොටසේ දක්වා ඇත්තේ අද ත්‍රිකුණාමලය  වරාය, චීනුන්  පැරණි ලංකාවට ගොඩබසින ලද  ප්‍රධාන වරාය බවය. ඒ අනුව ඈත පුරාණයේ ත්‍රිකුණාමලය  වරායට, Tan-mo-lih-ti (te). ලෙස හැඳින්වී දැයි සොයා බැලීම වටී. මෙය Alexander Cunningham ආරුඩවී ලියපු පොත පතින්  නොව පැරණි චීන දේශ සංචාරක වාර්තාවලින් ගවේෂණය කල යුක්තකි. අද විද්වතුන් තමලිප්ති වරාය බෙන්ගාලයට ආදේශ කලත් එය ගැටළු සහගත තත්වයක් බවටද තර්ක ඉදිරිපත්වී තිබේ. එය එකල දකුණු ආසියාවේ ප්‍රධානම නැව්තොටුපල බව දක්වයි. ප්‍රධාන නව තොටුපලක් තිබිය හැක්කේ ප්‍රධාන නැව්  ගමන් මාර්ගය අසල පිහිටි රටකටද නැති නම් ඉන් ඈතින් වූ රටකටද යන්න නුවනින් විමසා බැලිය යුතුය. (Tan-mo-lih-ti (te). Though there is controversy regarding the identification of this port, scholars have generally agreed that present day Tamluk town, district Medinipur (known as Midhunapura in the ancient period). අපි නම් නිදිය අප ගැන සොයන්නේ අනෙක් රටවල අයය. 

ඉන්පසු ෆා හියන් හිමි වෙළඳ නැවක් ඔස්සේ  සිංහල  රටට  පැමිණේ.  මේ සඳහා දින 14 ක් ගතවුණ බව පවසයි. එය තමලිප්ති වල සිට යොදුන් 700ක් යා යුතු බව පවසයි. මෙම රාජධානිය  වටේට දුපත් 100කට අධික සංක්‍යාවක් වේ. නැගෙනහිර සිට බටහිරට දුර යොදුන් 50කි. උතුරේ සිට දකුණට යොදුන් 30කි.    ඒ අනුව සිංහලය යනු පළලින් වැඩි දිගින් අඩු දුපතක් ලෙස පහදා දේ. මෙහි වටිනා මුතු මැණික් නිෂ්පාදනය කරයි. මෙහි වර්ග ලී 10 ක් වන දුපතක වටිනා මුතු නිපදවන තැනක් වේ.  රජතුමා මෙය ආරක්ෂා කිරීමට මිනිසුන් යොදා තිබේ. බුදුන්වහන්සේ මෙහි නාගයන් දමනය කරන්නට   පැමිණි කල  උතුරේ රාජකීය නගරයේ  එක සිරිපතුලකුත් අනෙක් සිරිපතුල කඳුමුදුනකත් තබා තිබේ.මෙම සිරිපතුල් තබා ඇති ස්ථාන 2ක අතර දුර යොදුන් 15කි. උතුරේ පිහිටි නගරයේ සිරිපතුල් පිහිටි ස්ථානයෙහි වර්ග අඩි 400ක්  උස ස්තුපයක් සාදා ඇත. මෙය උත්කර්ශවත්  ලෙස  රනින් සහ රිදියෙන් නිමවා තිබේ. මෙහි පැත්තක අභයගිරි නම් විහාරය ඉදි කර ඇත. මෙහි දැන් 5000ක් පමණ භික්ෂුන් වේ. මෙහි ශාලාවක්  රනින් සහ රිදියෙන් ඔබ්බවා කරන ලද නිර්මාණ වේ. මෙහි  පච්ච වර්ණ  කොළ පැහැයෙන් කරන ලද  බුද්ධ රුපයක් වේ. මෙය අඩි 20ක් පමණ උසය. මෙය සෑම පසකටම දිලිසේ. මෙහි ගාම්භීර බව  කිවිය නොහැක. මෙහි බුදු හිමිගේ දකුණු අත්ලේ වටිනා කම කිය නොහැකි මුතු ඇටයක් වේ. මෙහි කලින් සිටි රජකෙනෙක් ජම්බුදීපයෙන් බෝධි අංකුරයක්  ගෙන්වා මෙම ශාලාව පැත්තකින් සිටවීය. ඉන්පසු මෙම බෝධිය අසල විහාරයක් ද ඉදිකර වීය. මෙහි වාඩි  වී සිටින ඉරියව්වෙන්   බුද්ධ රුපයක් ඇත. මෙම බුද්ධරුපය කොතෙක් වෙලා බලා  සිටියත්  විඩාවට  පත්වන්නේ නැත. මෙම  නගරයේ බුදුන්ගේ දන්ත  ධාතුවක් තැන්පත් කල විහාරයක් ඇත.නගරයේ වෛශ්‍ය ප්‍රධානින්  සහ වෙළඳ  ප්‍රජාවගේ නිවාස ලස්සනය . මාර්ග වීථි  හොඳින් පවත්වාගෙන යනු ලැබේ. ප්‍රධාන මාර්ග 4හි  ධර්ම ශාලා පවත්වා ගෙන යනු ලැබේ. මාසයේ 8 වන 14 , 15 යන දින වල ජනයා සහ හිමිවරුන් සෑම  පැත්තකින්ම   ධර්මදේශනා ඇසීමට රැස්  වේ. මෙම රාජධානියේ හිමිවරු 60000ක් පමණ සිටිතියි ජනතාව කියනු ලැබේ. හිමිවරු පොදු  ගබඩාවෙන් අහාර ලබා ගනු ලැබේ. රජ පන්  හය දහසකට වැඩි හිමිවරු පිරිසක  නගරයේ තවත් තැනක ආහාර පිළියෙළ කර බෙදා  දෙනු  ලැබේ.
 

3
වන මාසයේ මැද බුදුන්ගේ ධාතු පිටතට වැඩමවනු ලැබේ. දින 10කට පෙර රජ වීසින්  ලොකු අලියකු සරසවා එහි පැහැදිලි ලෙස ඇහෙනසේ කතා කල හැකි කෙනෙකු රාජකීය ඇඳුම් අන්දවා ඇතු පිට නන්වා  බෙරයක්  ගසමින් මෙසේ කියනු ලැබීය ''බෝධිසත්වයන් පාරමී පුරනු  ලැබූ හැටි දක්වා  බුද්ධත්වය ලබා අවු 45ක් ලෝකයාට සරණ වන ආකාරයත්  විස්‌තර කර උන්වහන්සේ  පිරිනිවී අදට වසර 1497 ක් වේ. ලෝකයේ ආලෝකය නිවී ගියා ලෙස සලකා මිනිසුන් දුකට පත් විය. ඉන් දින 10 කට පසු බුදුන්ගේ දන්තධාතුව අභයගිරි විහාරයට වැඩම කරවන ලදී. (අභයගිරි විහාරය ජීවමාන බුදුන්ගේ කාලයේ සිටම පැවත විත් ඇති සෙයක් දැනේ ). අප සියලු දෙනාම හිමිවරුන් වේවා ගිහියන් වේවා පින් රැස් කර ගැනීම සඳහා පාරවල් ප්‍රිය උපදින ලෙස හොඳින් සාදා වීථි  අතුරු පාරවල් අලංකාරව සරසා දන්ත ධාතුන්  පිදීම  සඳහා මල්  හඳුන් කූරුබහුල  ලෙස එක් රැස් කරමු''.මෙම නිවේදනයෙන් පසු රජු දන්ත ධාතුව ප්‍රදර්ශනය කරයි. 500ක් පමණ මිනිසුන් බෝධි සත්වයන් ගේ චරිත අනුව සැරසී පාර දෙපස පෙළ ගැසෙයි.  මෙය අතිශයින්ම දැකුම්කලුයි.  ඉන් පසු දාතුන් වහන්සේ පිටතට වැඩමවයි. පාර දිගේ අභයගිරිවිහාරයේ ශාලාවට   වැඩම වන විට  සෑම කෙනෙක්ම පුද පුජා පවත්වයි. අභය ගිරිවිහාරයේ ශාලාවට හිමිවරුන් ගිහියන් රැස්  වේ. දින 90ක් හඳුන් කූරු, පහන් දිවා රෑ නොකඩවා පත්තු කරයි. දින 90 පසු දන්ත ධාතුන් වහන්සේ නගරයේ විහාරයට නැවත වැඩමවනු  ලැබේ. ඉන් පසු  වීහාරයේ දොර  ඇර  සිරිත් විරිත් ප්‍රකාරව ගරුබුහුමන් පවත් වනු  ලැබේ.

මෙහි සිට ලී 40ක්  නැගෙනහිරට කන්දක් උඩ චේතිය විහාරය වේ. මෙහි හිමිවරු 200ක් පමණ වේමෙහි ධර්ම ගුප්ත නම් අතිශය ගුණ සම්පන්න හිමි නමක් වේ. මෙම රාජධානියේ සියල්ලන්ම මේ හිමිට ගරු කරයි. උන්වහන්සේ අවුරුදු 40ක් ලෙනක ජීවත් විය. මෙම නගරයේ සිට ලී 7 දකුණට වන්නට මහා විහාරය නම් විහාරයක් වේ. මෙහි 300ක් පමණ හිමිවරු වේ. මෙහි රහතන්වහන්සේ  නමක්  වීය.  උන්වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්න අව්ස්තාවේ රජ පැමිණ  සන්ඝයාවහන්සේලා රැස් කරවා උන්වහන්සේ  රහතන්වහන්සේ  නමක් යයි (නීතිය එලෙසය) විමසීය. සන්ඝයාවහන්සේලා එසේ බව අනුමත කල පසු හිමි පිරිනිවන් පෑ පසු රහත් නමක් ආදාහන කරන ලෙස සඳුන් දර යොදා  ආදාහන කර තිබේ.  

මෙම නගරයේ සිට ලී 7 දකුණට වන්නට මහා විහාරය නම් විහාරයක් වේ. මෙහි 300ක් පමණ හිමිවරු වේ. මෙහි රහතන්වහන්සේ  නමක්  වීය.  උන්වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්න අව්ස්තාවේ රජ පැමිණ  සන්ඝයාවහන්සේලා රැස් කරවා උන්වහන්සේ  රහතන්වහන්සේ  නමක් යයි (නීතිය එලෙසය) විමසීය. සන්ඝයාවහන්සේලා එසේ බව අනුමත කල පසු හිමි පිරිනිවන් පෑ පසු රහත් නමක් ආදාහන කරන ලෙස සඳුන් දර යොදා  ආදාහන කර තිබේ.

ෆා ඉයන් හිමි සිංහල රටේ අවු 2ක් නතරව සිට මහේශාක්‍ය පාසලින් විනය පිටකයක්,දීඝ, සංයුක්ත, ඛුද්දක නිකායවල  සුත්‍ර පිටක පිටපත් ලබාගෙන සිංහල රටෙන් පිටවේ. ජම්බුදීපය ඉන්දියාවේ නම් කි. ව 5 සියවසේ මෙතරම් කසාවතින් බැබලුනු බුදු දහම සුරැකි රටක දහම දැන් නැත්තේ ඇයි දැයි විමසා බැලිය යුතුය. බුදුන් උපන්දේශයේ හින්දු දහමින් බුදු සසුනට එල්ලවී තිබුණු තර්ජනයක් වත් ෆා හියන් හිමි දැක නැත. අඩුම වශයෙන් එවනි හින්දු දේවාල දුටු බවක් වත් ක්‍රිෂ්ණා,විෂ්ණුගේ අවතාර අදහන පිරිස් ගැන  ලියා නැත. කෙසේ වෙතත් පසුකාලීනව බෞද්ධ ඉතිහාසය  සමග ඉන්දියාවේ විස්තරද සුද්දන් එකට ගැට ගසා ඇති බවක් පෙනේ.

(සංවාදයට විවෘතයි)
  

(පරිවර්ථනය සුභාෂිනී කුමාරි)