Sunday, May 5, 2013

යක් බෙරය


ගසා වඳින තාලම් තිස්දෙක
 
ගදඹ දෙව් පුත්හු තාලම් තිස් දෙකක් ගසා බුදුන්වහන්සේ පිදූහයි දැක්වෙයි. බුදුන්වහන්සේ බෝසත් අවධියෙහි විත්ති පවසමින් ගසා වඳින තාල, සුගත තාලම, භෙර තාලම, පංච තාලම, ශක‍්‍ර තාලම, බ‍්‍රහ්ම තාලම, ඊශ්වර තාලම, පංච තාලම, ශක‍්‍ර තාලම, කදිර තාලම, සුමණා තාලම, විභීෂණ තාලම, නාථ තාලම, ගණපති තාලම, සූර්ය තාලම, චනද්‍ර තාලම, මේඝ තාලම, භූමි තාලම, සිංහ තාලම, හස්ත තාලම, තුරඟ තාලම, වෘෂභ තාලම, ගුරුළු තාලම, නාග තාලම, ගිරා තාලම, කොවුල් තාලම, උළුක තාලම, දියකා තාලම, මණ්ඩුක තාලම, මාමුනි තාලම යනු තාලම් තිස්දෙකය.

1.සුගත තාලම් කවිය
සතත සත වෙත පතල කුලූණැති - මෙ අප දියනා බුදුව වැඩ හිඳ
අනත වෙස් ගත් දස මරුන් සහ - මරඟනන් ගිය පැරද විළි වැද
සිරිත විලසට එතැන පත් සුර - සෙනග තුරු ගොස් පතුරුවා නද
සුගත තාලම පළමු ගැසුවේ - එදා ගදඹය මුනිදු පා වැඳ
පදය
සුගතාභිධානං ත්‍රෛලොක්‍ය ශ්‍රේෂ්ඨම්
රජ රාජ තත් දිත් දෘඵවිඩ තොන් නන්තත්
ජෙක් කිනං තකට ජෙං තරි මථ· කිනං
දෙවාති දෙවම් වන්දාමි බුද්ධං
2. භෙරි තාලම් කවිය
එදා මරු බිඳ බුදුව වැඩ හිඳ - බෝමුලේ විදුරාසනේ පිට
සදා ගත් බෙර තෙගව් පමණින්- ගදඹ ජය ගොස් පතුරු වන්නට
පුදා මුනිඳුට මිණි පහන් දිව - මල් ද නා නා පසඟ තුරුකොට
එදා එතනදි දෙවනු ගැසුවේ -භේරි තාලම ගදඹ මෙලෙසට
පදය
භෙරි ඝොෂානක් හෘද මධ්‍ය ලංච
තරි තක් කිනන් භෙරි නාදංච පාදං
කි‍්‍රණ කි‍්‍රණ තකුධං තත් දිත් තොන් නන්
ත්‍රෛ ලොක්‍ය නාථං වන්දාමි බුද්ධං
3. පංච තාලම් කවිය
නසා කෙලෙසුන් ගෙවා බව ගිම් - නිවා බුදු වූ ලොව්තුරා
දෙසා දම්සක් නොයෙක් දිවසෙන්පා - අමා මහ නිවනට හැරා
ගසා තෙද ඇති මුනිතුමන්හට - අමර කළ පද පෙළහැරා
ගසා තෙවනුව නමෝ කිව් මේ - පංච තාලම ගදඹ ඇදුරා
පදය
පංච කතා ත‍්‍රි භෙරි සද්දංච
චතුරා කින්කිනෙ පත්මෛ
සුශීලං ජෙං ජෙං ගත තක්
කිට තරි කුන්දා හ්රත කෝන් නාම ව න්දං ජිනෙන්ද්‍රං
4. ශක‍්‍ර තාලම් කවිය
නිතර මෙත් ගුණ සිතේ දරමින් - සතට කරුණාකර තොසේ
විතර නැති දන් දෙමින් යදිහට - බුදු වෙන්ඩ කළ පින් රැසේ
එසුර රද ජයතුරා සක ගෙන - නාද කරමින් දස දෙසේ
සතර වෙනුවට ශක‍්‍ර තාලම - ගැසූවයි ගදඹය මෙසේ
පදය
රාජාභි ශක‍්‍රම් සුර දෙව ආධිප·
සහශ‍්‍ර නෙත‍්‍රම් ගිරි මෙන රූඑක·
හුද දිමි කිනන් තක් ජෙන් ගත් තදිකිනන්
කුධ· දිමි දිමි ක‍්‍රත තරිඟු නමො ජිනෙන්ද්‍රම්
5. බ‍්‍රහ්ම තාලම් කවිය
පස් මරුන් බිඳ බුදු වෙන්ඩ - විදුරාසනේ වැඩ සිටින කලටම
වෙස් අරන් ගිරි මෙවුලි ඇතු නැගි - රුදුරු මරුවිත් යුදට වැදුනම
පස්ස නොබලා දුවපු සැම සුර - තනිව දමලා මෙඅප මුනිතුම
පස් වෙනුව ගැසු බ‍්‍රහ්ම තාලම - මදක් දක්වමි මෙතනදී මම
පදය
චතුරා වත· සුහ්රං දෙහංච බ‍්‍රහ්ම හංසා රූඑං
බුහ්මං ලොකාධිපංචක කූනන් කූනන් නරෙන්ද්‍ර
දිකූ දිකූ දදිරිතක· තත් දිත් තොන් නන්
වන්දෙ ත්‍රෛ ලොක්‍ය නාථං
6. ඊශ්වර තාලම් කවිය
ඇදුරු වදනින් පැවත එන මේ - තාල නෙර්තය පසඟ තුරුකොට
සොඳුරු අපෙ මුනි තුමාහට ජය - මගුල් ගෝසා කළයි සුර සිට
මිතුරු ගුරුවර කියා ඇත පෙර - වාද නොකරව සෑසි තරයට
ඉසුරු තාලම සය වෙනුව ගැසු - මඳක් දක්වමි මෙසැම වැඳ සිට
පදය
නීලංච වක්ත‍්‍රත·ව්රහා සිව·
ත‍්‍රිනෙත‍්‍ර ඊශ්වර වෘෂභාය රූඑ·
තරි තරි කුනං තකට කාදිත් කිනං
තක් දම් දිම් දිනං වන්දාමි ජිනෙන්ද්‍ර රාජං
7. විෂ්ණු තාලම් කවිය
උතුන් අපෙ මුනිතුමා වෙත පෙර - බැඳපු කුරිරලූ එරදු ගුණයෙන
මුලින් රන්තලියක් නිසා විය - බුදුවෙලත් අත් නොහැර පවතින
ඔවුන් සුරනා අසුර දප හළ - තිලොව අගපත් මුනිඳු වඳිමින
අසන් මැතිඳුනි සත්වෙනුව ගැසු - විෂ්ණු තාලම ඇදුරු පෙරදින
පදය
දෙහම් උත්පලම් දර්භෙන හස්තම්
ව්රභාෂං ලොක පාලංච
රාම තත් දින් කිනන් තකති දිරිතරි ගතන්ත·
භ්රජෙක් කිනන් වන්දෙ ශී‍්‍ර ගෞතමංච
8. කදිර තාලම් කවිය
මුනිඳු පෙර කල සාතුනායක - වෙමින් ගැල් පැද දිවි රැකෙන විට
යලිදු දෙව්දත් පළමුකොට මරු - කතර ගොස් දිවි දිනිය යකුහට
පසිඳු බෝසත් පසුව ගොස් එම - යකුගෙ ඔද බිඳ මෙ බුදු භවයට
මැතිඳු අස අට වෙනුව ගැසුවේ - කදිර තාලම සුරත නම කොට
පදය
නෙත‍්‍රං ද්වාදස· ශිඛි වාහනංච
මහාසෙන නාමා කිරද කිරද් තන්හා
රක්කිට කිට මිර කුද කුද කුදකුදන්තා
තිත් තෙයි තොගිනත කටශක‍්‍ර නමාමි
9. සුමණ තාලම් කවිය
පොරණ අපෙ මුනි විදුර පඬිවම - ඉපිද මහ දන් දෙමින් යස ලෙස
නමින පූර්ණක යකෙකු වදකර - නසන්නට සැදුවාය මේ ලෙස
නුගුණ ඔහු දප බිඳුවමින් බණ - දෙසා බුදුවුන දිනේ දෙව් රැස
සුමණ තාලම නම වෙනුව ගැසු - අසනු මැතිඳුනි මෙන්න මේ ලෙස
පදය
ත්‍රෛලොක්‍ය නාථං ශී‍්‍ර පාද පද්මං
සුමනාරදන් සුමන කූට ශිරස්ථම්
තාදික් කිටෙන් තොදිමි තක තහාඟුතත්තා
හ්රතත් දොමිකිට තකුන්ද නමාමි බුද්ධං
10. විභීෂණ තාලම් කවිය
එ දස බල බෙර ගලේ ගුත්තිල - පඬිව වීණා නාදෙ වැඩිවිය
පරුස මූසිල යාද අතවැසි - වෙමින් සිට සත දැන උඩඟුවිය
පසැස වීණා නදින් ඔහු දප - බිඳ එජය ලැබ ලොවට බුදුවිය
මෙලෙස දසවෙනි විභීෂණ නම් - තාලමේ සැටි අසනු මැනවිය
පදය
නීලං දෙහං කල්‍යාණිකං ශ‍්‍ර·
ශ්‍රේෂ්ඨම් විභීෂණ දෘඑ වීර සුර·
තං තං තං දිං දිං තහු ජෙමිකිනං ද·
තොන් තක‍්‍රත වන්ද මාරාජිනං ව·
11. නාථ තාලම් කවිය
එදසඹුල් මහසේන පඬිවී - දෙසති දම් අස්නයේ නිබඳවම
පසිඹිතුල් උරැඟක් රැගෙන ගිය - දිලිඳු අක්සුනු බමුණු දැකලම‍
එම සියල්හට උරඟු පෙන්වා - විකුම් පළකොට බුදුවු දින සෙම
ජය මගුල් ගොස කළෙ එකොළොස් - වෙනිව ගසනෙම් නාත තාලම
පදය
නාථාදි දෙවා දෘඑ වීර·
ක‍්‍රතරි ජෙජෙන්තා රොමි රොමි කිට කුන්දා
තා තා ත තා තත් තක ජෙන් ජෙන්තා
තක්කඩ කරිත·මර රුන් නමාමි
12. ගණපති තාලම
පසැස් අවුසද පඬිකලේ වෙදේහ - කිරිඳුට උනේ අගමැති
උසස් සැම පැන කියා රජහට - පමුණු කේවට්ටයා පරදති
යසස් බිසවක් රජුට ගෙනදි - පසසනා ලෙස බුදුවුනේ රුති
දොළොස් වෙනුවට ගැසූ ගණපති - තාලමේ සැටි අසනු සැම මැති
පදය
වක් ත්‍රෙම් හස්ති අකුර්ඝනාය
දෙව ගණෙශ‍්‍ර· ශුභ්රව දෙහං
ජෙ ජෙ කු ගුණන්කාගත ත්‍රෛත තරික·
රංජෙ කිනන් තරිකුණං රුති වඳම්
13. සූර්ය තාලම
පොරණ අපෙ මුනි දහම් රජ පඬි - කලෙහි නඩු විසඳුමෙහි කාරිය
නුගුන දෙවිදත් කාලකන්නිය - මැති මරන්නට කරපු වීරිය
එතන දී ජය ලබා අපෙ මුනි - බුදුව මරුටත් ජයක් නෑරිය
එතන පත් සුර සෙනග ගැසු මේ - තෙලෙස් වෙනි තාලමයි සූරිය
පදය
ශත්‍රෙ වකො කුමන්ධිරනාය රූඑ·
ශ‍්‍රීමත් සහස් නෛ ග‍්‍රහ පතිරි සෞර·
සර සර සරත් තත් ගුණ ගුණානු තං තං
තෙ ක‍්‍රත ක‍්‍රත ක‍්‍රඳත් තකුට නමො ත්‍රෛලො·
14. චන්ද්‍ර තාලම
දමස් පෙර අප ලොවිඳු සුප්පා - පඬිව අන්දව දෙනෙත සිඳුකුස
නොලස් වම නැව් ගමන් වේගෙන් - නපුරු සිඳුපත් යතිඳු එහිවස
සතොස් කර පන්සියක් පිරිසත් - සමග ගොඩ ආවේය සිතුලෙස
තුදැසි වෙනි මේ චන්ද්‍රතාලම - ගැසු මුනිඳුට පිති පුදලෙස
පදය
සුභ්රන්ම දෙහං හස්ති රූඑම්
වේ බ‍්‍රහ්මන්ද්‍රා හෙසෙත්ව චන්ද්‍ර·
භ්රැජෙම් කොත් තකට තාදිත් කිට ත·
භ්රයිතෙයි සුඛො සුධෛරාජ ශාක්‍යො නමොතෙ
15. මේඝ තාලම
පසැස පෙර කල සඅවි රජව පෙර - වස්තු දන්දෙති යතින් තුටුකර
සතොසයෙන් තම දෙදරු බැඳ දුන් - බමුණුහට බුදු බවම ලොබකර
මෙලෙස වීරිය කරම බුදුවුන - දිනේ නෙර්තය කළ ගදඹ සුර
එපස ලොස්වන මේඝ තාලම - අසනු පවසවි මෙහැම සබතුර
පදය
මෙඝර්ජ ශබ්දං නෛ නෛව ඝොජන්
ඝට ඝට ඝටන් ඝ· ඝඩු ඝඩු ඝඩං ජ·
දින මුනි දන් තදින් තිති තිති තිනන් ත·
රාජා නිවෙ ගෝටු නවින්ද නරිතක්
16. භූමි තාලම
ගන්න බුදු බව එබෝසත පෙර - සාම කුමරුය වනය නිති විසු
යන්න ජල ගෙනනට ගඟට අද - දෙගුරු මෙහෙයට කුමරු ගිය පසු
දුන්න සැර පිළියක් නිරිඳු විද - සැසූ උතුමට ලැබුනි පණ පසු
කන්න පමණට පවස දෙන් දැන් - භූමි තාලම ලොළොස්වෙනි ගැසු
පදය
පෘථිවි කුර· සර්ව ප‍්‍රා වෛ රක්ෂ·
වත්‍රෛ දරන්ති ති‍්‍ර භූමිත·
තත මුත තත් කි‍්‍රයන් රජෙන්ග රජෙන්ගා
ජෙන් ද්රිමිත· නමො තෙ මුනිරාජ රාජ·
17. සිංහ තලම
බුදු බවට ලොබ කරම අපෙ මුනි - දහම් සොඬ රජවෙමින් පෙරදින
මහ හිමට ගොස් රකුසු මුකයට - පනිනතර බණ අසා සසොබන
ලොවසතට මෙත් කුළුණු කරමින් - කරපු වීරිය මෙ බුදු බව ගැන
දසසතට එන සිංහ තාලම - මෙසේ ගැසුවයි බුදු මගුල් දින
පදය
රුදුන්ම කෙස් තෙං බල වික‍්‍ර මාත·
හස්තීච මඩිතං විවරත‍්‍ර සිහං
නද නද කගුන්තක් ක‍්‍ර තක‍්‍රතක ජෙගුනන්
කකුතරි දිරිසත· මොකැදුරු නමොතෙ
18. හස්ති තලම් කවිය
දියැස පෙර කල පසම් කුමරුට- සතර දැන සිය නුවර එන වර
සලෙස ලවනම් යකෙක් සරිලා - ගනිති ඔහුගේ සිකග යුද කර
විගස ඔහු පන්සිල්හි පිහිටා - බුදු වුනේ ලොව සතට පෙම කර
මෙලෙස ගැසුවයි හස්ති තාලම - දසට අටවෙනි ගදඹ දෙව් පුත්
පදය
නරෙන්ද්‍ර රූඑ· දන්තාය දීඝ·
හස්තී නි තී තීත තී‍්‍ර ති‍්‍රන්ත ති‍්‍රන්ත·
ක‍්‍රත කිතරි කිනන්ත· මෘත කාල තිති තෙයි
ර· ර· රාජො රාජ නරසිංහ වන්දා
19.තුරඟ තාලම් කවිය
නැනග බෝසත් සසව සිල් රැක - සිටිය කල් සක් දෙවිඳු දුටුවෙනි
එවග විමසන ලෙසට අවුදින් - දැනට ඇඟ මස් ඉල්ලූ විලසිනි
කුලග සිට ගිනි ජලට පැනලා - පතා බුදු බව උතුම් අපෙ මුනි
තුරඟ තාලම මෙසබ මැද ගස - නෙමිය අසනුව එදස නමවෙනි
පදය
තං දොම් තතං තා තරිතා තතා ත·
තකා ත· තදිකින·
තුරඟා තො`ගය නගු නගු නගුන්තා
අදිඩි අඩි තොගිනි තොන්තා තෙයිත· නමාමි බුද්ධ·
20.වෘෂභ තාලම
ගන්න බුදු බව මෙඅප බොසත් - පෙරදි වානර කුලෙක එ ඉපිද
කන්න නෙක සත විලෙක උන්දිය - රකුස්සක්හට නොදී පිරිසද
බොන්න එ විලට නොබැස නලකින් - පානකර ජල අපතෙ ගියදිය නද
ඔන්න විසිවෙනි වෘෂභ තාලම - පවසනෙමි අස මෙසබ මැති සඳ
පදය
තක් ජෙ· කිනං තකට ගොටං ගොටං ට·
මම් දල දල මික් කි‍්‍රකිට ක‍්‍රත රිදකු වෘෂභං
මුදු මුදි මුනන් තාලම ජෙන් ක‍්‍රඩතත් ජෙන් තකිතා
වන්දං ත්‍රෛලොක්‍ය ජිනෙන්ද්‍ර රාජං
21.ගුරුළු තාලම
සොඳුරු අපෙ මුනි ධර්ම පාලය - කුමරු වී පිද මෙබුදු බවටම
නපුරු දෙව්දත් පිය නිරිඳු වී - ළදරු කුමරුන් කැප්පුවයි තම
රුදුරු නිරයෙන් ඇවිත් ගිනිකඳ - වෙලාගෙන ගියෙ නිරිඳු විගසම
ඇදුරු ගදඹය මෙලෙස ගැසුවයි - එකුන් විසිවෙනි ගුරුලූ තාලම
පදය
රු දාය මෙඝ· ගමනං සවුද්හෙ
උරඟාය ශස්තෘ ධ‍්‍රැති ගරුඬ රාජ·
ග‍්‍රන ග‍්‍රන ග‍්‍රනන්තෙ තොන් තොන් තතං
ක‍්‍රත තරි කිනන් තකට වන්දෙ මුනීන්ද්‍ර·
22.නාග තාලම
රාග දොස් හැර බුදුවු අපෙ මුනි - පෙරදි වටු ජම්මයක ඉපදුන
වේගයෙන් ලැව්ගින්න එන විට - දුවපු දෙගුරුන් දමා එසවන
වේග රැුල ලෙස පිපිරි එන ගිනි - ඊට නැවතුන එ අනුහසයෙන
නාග තාලම ගැසූ ගදඹය - දෙවිසි වෙනුවට බුදුමගුල් දින
පදය
භො ගෞ දරණ මුනිරාජ වද්දිග·
ධාරාණි පාතෙ ඝ‍්‍රත්තාහ දීනන්
චන්ද්‍ර පන් දූප නාගං
දිරි තරි ගුදං තං තං නමාමි මුනිරාජං
23. හංස තාලම
හංස ජාතියෙ ඉපිද බොසත් - යන්න වැඩියේ දිනිඳු එකවර
මංස අදිපති එ බඹදත් රජ - වෙතට ගොස් දම් දෙසා සුමිහිර
ලංස කඩු සොටි රැුගත් මරු බිඳ - බුදුවු දිනයේ පුදට ගැසු බෙර
හංස තාලම තෙවිසිවන මේ - අසව මැතිදුනි මෙමා සබතුර
පදය
කනකාය ගාත්‍රෙය ජෙම් ජෙම් කි නන්ත·
වෙගාය ද්‍රෘඑ· කිර කිරද හංසා
තත් තකු තකුද කිනන් ජෙන්තන්
ක‍්‍ර· ක‍්‍ර· රාජ සුදවුන් ද ශී පාද වන්දං
24. මයුර තාලම
මයුර ඉපදී පොරණ අපෙ මුනි - පන්සියක් පිරිවරද සමගින
නිතර වසනා ගිරි කුලක් පිට - තැබිය මළ දෙවිදත්ද රළුගුන
පවර පිල් පන්සියක් දමමින් - ඔහුට අසුනොව ගියේ විගසින
මයුර තාලම සුවිසි වෙනුවට - ගදඹ දිවපුත් ගැසුවෙ මෙලෙසින
පදය
මෙඝාය සද්දෙ නෙතං වයුර
ශී‍්‍ර වත්ව නීලං තකිනක් කුනං ත·
දිඝීර්ත චන්දො නෙතං දිකුද් ත·
තක්ක‍්‍ර තකි‍්‍රයන් මුනිරාජ වන්දං
25. කිරලා තාලම
විසුව එක්වර මෙ අප බොසත් - මුවන් ජම්මෙක ඉපිද වනතුර
මුසුව නසනා අදහසින් දෙව්දත් - දිඔුල් ගස සැඟවී සිටිතුර
ඇසුව බෝසත් ගසෙන් රුති බස් - නැවත ගියෙ අසු නොවී එමවර
ගැසුව විසිපස් වෙනිව කිරලා - තාලමක් තුම් මුනිඳු නමකර
පදය
පාදං වර්දඝී සුභ්රං ස්ව දෙහං
දිකිනා දිනා තක තකී නාථං
කිත් තරිනා කිත තකී කිතං
කොද කීනිතං පදාං වන්දාමි බුද්ධං
26. සාරිකා තාලම
ආලවම බුදු බවට එන බෝ - සතුන් මහිසක එ කුමරුවන් වෙති
බාල මලනුන් සමග වනගිය - දෙදෙන දිය රකුසෙකුට අසුවෙති
සීල බලයෙන් උන්ගෙ දප බිඳ - දම් දෙසා සිය නුවර නික්මෙති
තාල මයි විසිහයට එන මේ - සාරිකා නම් අසනු සැම මැති
පදය
කණ්ණං බඹු නෛ ගත්‍රෙ වර්ණල·
මධුර නාදං කී‍්‍රන් සැරි කන්නං
කිං කිං කිනන් රොමි රොමි කූජෙන්
තා දික් තිනන් වන්ද මුනිරාජ තෙජං
27. ගිරා තාලම
පුරා පෙරුමන් බුදුවු අපේ මුනි - පෙරදි පත්මන කුමරු ඉපදුන
සොරා අල්වා දෙන්ට හැකිවත්- දිවම මතූරා මව්ගෙ ඉපදුන
පරාජය විය එ පුර රජකල - සොරකමින් කුමරිඳුව රජවුන
ගිරා තාලම ගැසුව විසිහත් - වෙනුව ගදඹය බුදු මඟුල් දින
පදය
තූංඩෙව රක්තං ගත්‍රෙව පච්චං
කූයිරා රාවනං ක‍්‍රමත‍්‍ර රිකු කිර·
ජෙන් කඩ කද්රියං තාදිකූ තාකු
තකුනා රාජං මුනීන්ද්‍ර වන්දං
28. කොවුල් තාලම
ලොවිඳු පෙර සුත සෝම රජකල - රැගෙන ගිය රුදු යකෙක් පොරිසද
නිරිඳු සියයක් බිලිදෙන්ට රුක් 0 දෙවියෙකුට යකු සැදූ එම සඳ
පසුදු උතුමා ඔහුගෙ දප බිඳ - සියක් රජ සහ මිනිස් දිවිලද
මැතිඳු අස විසි අටට එන මේ - කොවුල් තාලම මෙන්න මෙලෙසද
පදය
තෘෂ්ණාය රූපං මදුරාය සද්වං
රං රං රෞන් රකුද පරපුටු මන්තං
තං කි‍්‍රිං කිං කියං ජෙනුත ජෙනු
තතා ක· පා දං නමො තෙ දෘඑ ධර්ම රාජං
29. උලූක තාලම
වරෙක මුනි රජ එ සත්දන්තය - විලෙහි ඇත් රජ ඉපිද සිටි විට
එ දැක දෙව්දත් ඇතුට විද දළ - කපා ආවයි පොරණ වයිරෙට
අනෙක වීරිය කරම උතුමා - බුදුව විදුරාසනේ සිටි විට
උලූක තාලම ගැසුවෙ විසිනම - වෙනුව ගදඹය සුරත නම කොට
පදය
වක්ත්‍රො මහන්තං දෙහෙන සූහ්රං
දිවාය අන්ධං ශී‍්‍ර මුසස් උලූකා·
මද හාහු හාහු ජෙ ජෙ තරිකිනන්
හ් රතක් ජිනෙන්තෙ මර ගස්තෘ වන්දං
30. දියකා තාලම
සොඳුරු දියනද වරෙක තේමිය - කුමරු වී පිද දෙව්දුවෙකු බස
කුමරු අසමින් සසර ඇති දුක් - බිහිරි අඳ ගොලූ කොරෙකුමෙන් වැස
කුරිරු නෙකවද විඳ එතැනදිත් - එ බුදු වෙම්යයි ගත් නෙදුක් රැස
ඇදුරු ගදඹය ගැසුවෙ දියකා - තාලමක් තිස්වෙනුව මෙම ලෙස
පදය
වර්ණස්ව තාලං දෙහං ජලක·
තත් කඩක තරිකූං ජෙකූති‍්‍රකිටත·
තරි කිරන්ද කිරදා කටු ක‍්‍රැට ක‍්‍රතං
තං ධාරි දුතං ශී‍්‍ර පාද වන්ද සුගතං
31. මණඩුක තාලම
උතුන් බෝසත් වරෙක කුස නම් - රජව පබවත් වෙතට ලොබකර
උවන් විසුලූව නිසා ගිය ලද - ගෙනෙන ලෙස මදු රටට ගිය වර
එතැන් හිද මෙහෙ කරම සක් රජ - බෙලෙන් ලද ආවේය සිය යුර
එකුන් තිස්වෙනි මැඩිය තාලම - මෙලෙස ගැසු මුනිඳුන්ට නමකර
පදය
මෙයන්තී උදකං නද මණ්ඩුකස්‍ය
තා ජෙහා ජෙහා ජෙං ජෙංතා
ජෙහෙට නාත කුබුකුකා කාබූ· ගජීගිජී ග‍්‍රඩංඩා
තානා තානා නා මුනි රාජ වන්දං
32. මා මුනි තාලම
උතුන් අපෙ මුනි කෙළවරට වෙස - තුරුව පිද සත් සතෙක දන්දෙති
දරුන් බිසවුන් රැුගෙන පෙරහැර - වංග ගිරියේ තපස් එ රකිති
මරුන් බිඳ බුදුවෙන්ට කුමරුන් - දෙදෙන ජූතකයාට දන්දෙති
අසන් මැතිඳුනි දෙතිස්වන තාලමයි - මා මුනි නමින් එපැවිති
පදය
නෙර්ධ පූත්මන් මහ මුනිව සෘෂි·
වාතෛ පත්තාල තක් දික් තොන් නන් ච
තා මුන්දි ත‍්‍රත ඝොමුඝ් නාමුන·
වාතික්ෂං තාලං මුනිරාජ වන්දං
ගසන තාලම් පද තිස්දෙකකි
පංච තාලම, නාග මිණි තාලම, එක් පුත් තාලම, නාග තාලම, පංචකාසි තාලම, සිවමද තාලම, හස්ත කුම්භ තාලම, භූමි තාලම් දෙක, භූමි කම්පා තාලම, සක් ගෙඩි තාලම, දේව තාලම, දේව රාජ තාලම් දෙක, තුන් තාලම, ගුරුළු තාලම, හනුමන්තා තාලම, රාග තාලම, සිව තාලම, තාත් තත්ක‍්‍රත තාලම, මහ මුනි තාලම, මැඩියා තාලම, ජෙන ක‍්‍රත් තාලම, බ‍්‍රහ්ම තාලම, දියකා තාලම, විෂ්ණු තාලම, විදුරු තාලම, භෙරි තාලම, අඩිය තාලම, චන්ද්‍ර තාලම, මුගුරු තාලම, සේරා තාලම යනු ගසන තාලම් තිස් දෙකයි.
තානම
තෙනෙන තෙන තෙන, තෙ න තෙ නම් තෙනතෙනෙන තෙනෙ තෙන, තෙනන තෙ තෙනා
සින්දෙ කෙලෙසුන් මෙ අප මුනි රජ - සතුන් මොක් පුර හරින විලසින්
බින්දෙ දස මරු එ මුනි බුදු වී - පාරමිත බල අනුහසින්
වැන්දෙ මුනි රජ දෙවි බඹුන් විත් - දෙසු දම් අසලා තොසින්
කෙන්දෙ මුතුපෙළ ඇමුණුවා සේ - අසව තාලම් දෙතිස දැන්
1. පංච තාලම් කවිය
සදා තුන් ගව් පමණ බෙරයක් - ඉන දරාගෙන ගාන්ධර්වය
විදා සැඩ පලූ නටන ඉසුරුට - එදා දිව පුත් ගැසූ භේරිය
යොදා ගදඹය එදා සිට මේ - ලොවට පවතී පංචතූරිය
එදා ඉසිවර මුලට ගැසුවේ - පංච තාලම අසනු මැනවිය
පදය
කල්ලරු කරුව කරුණා හං
තබ අරයුරු චිල්ල රවනි
අරි විප්පුර තාන රජෙන්
තජෙන් නමෝ හෙත් කඩ පුර
2.නාගමිණි තලම
මෙන්න මහරැුනි තරඟ නොව ඉඳ - දෙයින් අවසර අසා මගෙ බස
දෙන්න සමගිව සුරල් හ පද - ගසා අප දැන් වෙමින් උදහස
දන්න පමණට වැඩිය උඩ පැන - සුරල් සව්දම් ගසනවා මිස
ඔන්න දනිතොත් මෙන්න ගැසුමට - නාගමිණි තාලමත් මේ ලෙස
පදය
තං තදික්කුං තරිකිට
දික්කුන් තරි දිරි කිට ජෙං
ජෙංගත් ජෙහෙකුරු
කුරුලන් කුරුලන්තා
3.එක් පුත් තාලම
සංසාරෙන් ගැල වීමට මුනි රජ - බෝ මුල වැඩ හිඳ සඅත් පිනුවා
මංගෝසෙන් දස බිම්බර ඇවිදින් - යුද කර මුනිඳුට බිය කරවා
ගුණ දැරුමෙන් මුනිඳුන් බිය නොව වස - වත් පරදා ආපසු හරවා
තිරසාරෙන් මම එක්පුත් තාලම - ගැසුවොත් මෙනුඹට බැරි වෙනවා
පදය
තිත් තිත් තෙයි ක‍්‍රතක
දිකුද තකුඳ පෙරුමලං
සංහාර ගෝටි ක‍්‍රතක තත්තා
තෙයියත් තෙයි තක තා
4.නාග තාලම
රාග මෝහය දෝස දුරු කර - බුදු වෙමැයි වජ්රාසනේ හිඳ
වේග සේ වසවර්ති කුමරුන් - ඇවිත් එතනට කරති තද තෙද
රාග වන්නම් දෙසිය සොළසක් - එදා ගැසුවේ මෙසේ පද බැඳ
නාග තාලම නයෙකු මෙන් තෙද - දැනෙයි මෙ නුඹට ඇසුවොත් අද
පදය
කි‍්‍රෂ්ට නං ගාෂ්ට තකුඳ කුඳ
කි‍්‍රකිට ගතත් තිතික් කිට දොමිකිට
තක්කිට තරි දොම් කිට තරි දික්කිට
තරි ක‍්‍රත කිට තරි දොන් දොන් දොන් තක
5.පංච කාසි තාලම
පංච යක් සිත කොහෙත් නැතුවම - එබුදු බව මුනි පතන්නේ
වංච යෙන සිත ඇවිත් වසවතු - පැරද ආපසු දුවන්නේ
සංච ලෙන් සිත මෙනුඹ මෙතනට - කුමට ආවද බොලන්නේ
ලංච කාසී තාලමත් මම - දනිමි අහගෙන සිටින්නේ
පදය
ප‍්‍රකට හිටව ඊට දිමි දිමි
ඉත්ත නිත්තව බහිරවා
මකුට ජනකිට ක‍්‍රතරි තරිකිට
තකත දිත් තිත්තෙයි
6.සිව මද තාලම
පන්නවා මර සෙනග බඳුවා - විදුරසුන් වැඩ උන්න තැනදී
පෙන්නවා දී රැුඟුම් සුරාසන් - ඇවිත් මෙතනට නැති වදන් දී
දුන්න අරගෙන කටන ඉසුරුට - ගඳඹ දෙවි පුත් ගැසූ එතෙන්දී
ඔන්න සිව මද තාලමේ සැටි - මදක් පවසමි මෙතෙන්දී
පදය
ග‍්‍රත කිට ජෙනකිට තක්කට
තාකිට තරිකිට තරිකිට
තාම් ග‍්‍රතක් දිමිකිට
ග‍්‍රතක් තිරිකිට තා
7.හස්ත කුම්භ තාලය
ගසා මුලූ ලොව හෙලිය කරමින් - මුනිඳු වජ්රාසනේ යහපත්
ලසා මුනිඳුන් එ වජ්රාසන - උදුර ගනිමැයි කුමරු වසවත්
රොසා විදස මාර සේනා - ඇවිත් පැරදුනි මුනිඳු බලයත්
ගසා වඳිනා හස්ත කුම්භය - තාලමේ සැටි අහන් සිටියොත්
පදය
ග‍්‍රාන් දොමිටි තක
තත් දිත් තොන් නන්
ග‍්‍රාන් තොමිටි තක
හුර ගින් කිටි තක තෙයි
9. භූමි තාලම් දෙක
වංස සිදුහත් කුමරු වජ්රා - සනේ සිටගෙන දහම් දෙසපී
කංස පාරක් දෙමැයි සිතමින් - වසවතා එහි ඇවිත් දුවපී
වංස මුනිඳුගෙ තෙදැති බලයෙන් - මාර සේනා පැරද දුවතී
හංස තාලම් දෙකට සෑහෙන - බූමි තාලම් දෙකක් ගසපී
පදය
ක‍්‍රත කිට ජෙන කිත්
ජෙන කිට ජෙන කිත්
ජෙහෙ ගුගු ජෙහෙ ගුගු
තක ජෙක් තා ක‍්‍රතකිට
තරිකිට තා
10. හූමි කම්පා තලම
පිරිය වී අපෙ මුනිඳු බොසත් - සූවිසි සංකය පුරනවා
පිරිය වී වජ්රාසනේ හිඳ - දහම් මුලූ ලොව දෙසනවා
තරිය තිරිකිට තාම් දිම දිදි - ගසා මුනිඳුට වඳිනවා
බැරිය මෙනුඹට බූමි කම්පා - තාලමෙන් මං දිනනවා
පදය
තරිය තරිකිට තාම් දිම් දිම්
තාම් කිත් කම් කිටි තක කිතත්
කිතත් දොන් තරි දිරි
තරිකිට කිටි තක තා
11.සක් ගෙඩි තාලම
වරුස ගණනක් පෙරුම් පුරමින් - බුදු වෙලා අපෙ මුනිඳු තිලොවට
එලෙස වසවත් යුද කරන අද - හසක් සිතමින් ඇවිත් උන් විට
කළස අරගෙන මිහිකතුන් දොස් - කියා වසවතු පැරදි යාමට
මෙලස සක් ගෙඩි තාලමේ පද - ගසමි පෙර ඉසි ගැසූ විලසට
පදය
ශී‍්‍ර රාජ ශක‍්‍රා දිවකරානේ
ශී‍්‍ර මුඛ මණ්ඩල ජෙහෙක‍්‍රතාන්
ශී‍්‍ර රාජ ශක‍්‍රා දිව කරානේ
ජෙහෙ ගින් තක තක‍්‍ර හරි හරි රාජං
ජෙහෙගුන් තක් තරි දිත්තරි ගදිත්ත ගුන්දා
12.දේව තාලම
බෝව බුදුරැස් විහිදවා වැඩ- සිටිනවා දෙවි දැකපු විලසට
පෑව තෙද බල දහස් සක්වල - එ බුදු රැුස් විහිදුවා වැඩ සිට
කීව එ බුදුන් දකින්නට යමු - සදෙව් ලොව දෙවි රැුස්ව එතැනට
දේව තාලම එතනදී දිව - පුතුන් ගැසුවේ සක් රජුන් හට
පදය
ග‍්‍රදොන්තා දෙන්ගත ගුඳතා ග‍්‍රදෙන් ගත ගුඳ තං
ග‍්‍රදොන්තං ග‍්‍රදොන්තා දොන්තා දොන් තා තා තා
තොගින් තරිකිට තොගින් තරිකිට දිරිකිට
තරිකිට තොඟින තොඟින්
14. දේව රාජ තාලම් දෙක
පේව සිල් රැුක මෙ අප මුනි රජ - බුදුව වැඩ ඉන්නා තැනේ
දේව සක් රජ දෙව් පිරිස් හා - ඇවිත් එතනට රැුස් වුනේ
භාවනා කළ එ අනුහසයෙන් - මාර සේනා පැරදුනේ
දේව රාජ තාල පද දෙක - ශක‍්‍ර දෙවිඳුට ගසමිනේ
පදය
තාම් බි‍්‍රකේස තරි කිනත් තත් කිනන්
තං කුකුතරි කුකුටං
පටං ටිං පිටං
මුක‍්‍රාස් තකු තකුරාම්
15.කත් තාලම
ගත් තා වරදට හරි නැත මහතුනි - සබයෙන් අවසර මට දෙනවා
ඇත් තේ පෙරසිට දෙතිසත් තාලම් - සුසැටක් සව්දම් පවතිනවා
මත් තාලම් තම් බෝරු රබන් බෙර - සියල්ල මේ රට පවතිනවා
කත් තාලම පද ගැසුවොත් කැට දෙමි - අත් පිට එය නම් බැරි වෙනවා
පදය
කත් තකිරද කිට දිමිකිට තකිතත් තකිජෙන්
තරි කිට දිමිතක දින් දින් තකි තකි තරිකිට
දිකි දිකි දිරිකීට තකිනත් දිකුනත් සුරදිත්
තිත් තොත් කඩ තරිකිට තොඟීන තොඟින්
16.ගුරුලූ තාලම
තෙදට රිවි සේ ඇද්ද මුළු ලොව - බයට ඔහු වේ රාහුටත්
නදට ගිනි සේ මාරයා විය - බය වේය ඔහු මුනිඳුටත්
යුදට වසවතු පැරදුනා සේ - වේය ටිකකින් මෙ නුඹටත්
ගමට යන්නට රිසිවේය දැන් - ගුරුළු තාලම ගැසූවොත්
කි‍්‍රෂ්ඨං කට් ටං රොබි තකුන්දා දිරි කුකුන් දන්
තතරිකිට කුන්දන් ක‍්‍රිතිඩිතෙයි කිඩ කිඩ මරන්
කුද කුද කුකු\ කුකුන් දන් දන් තරි හර ගත්
ක‍්‍රී ක‍්‍රාකුදින් දන් තිරිකිට තොන් කඩ කිට තක තෙයි
17.හනුමන්තා තාලම අලගු කවිය
තිතන් තීකින තදින් තික් තෙයි - තකට තක තක කියන තාලම
තදින් තිත්තෙයි තිතෙයි තොඟුනක - ජෙහෙට ජෙන් ජෙන් කියන තාලම
පදෙන් පදයට ගසන තාලම් - තිස් දෙකක් ඇත ඇසුව මැති පෙම
සපන් ඇදුරනි ඔන්න ගහපන් - මෙන්න මෙ හනුමන්ත තාලම
පදය
කිතන් කිති තක දින් කික්තෙයි
තකට තදින් තිත් තෙයි
ති තෙයි තොඟුන කත
ජෙන කඩ ජෙන්නා
18.රාග තාලම
මටත් මාගේ ගුරුවරුන් පුහු - ණුවට කරකිවු ලෙස සිතු පෙම
රටත් ඈතකි මෙමා වසනා - එ පිවිස මට වේය තනිකම
වෙනත් සහ ලොකු කුඩා මහතුනි - බලනු අපි මේ කරන සෙල්ලම
කැටත් දෙමි බැරිවේය අත්පිට - ගැසූවොත් මේ රාග තාලම
පදය
කා සල් කන්දවරන් ගිරන් හැරතුර සුදිලි ක‍්‍රදිස්
ඉස්ලාම් ප‍්‍රාස්මිර්ව කුකුස්ලාඞ්
ඉරිප්පු කට්ට කජ්ජල දුන්
එන් ඉරනක නේනක ක‍්‍රලාම්
19. සිව තලම
දන්න වද අපෙ සුගත් මුනිඳුන් - මගුල් බණ සතහට දෙසුවා
යන්න වස වතු යුදෙන් පැරදී - පාරමිත බලයෙන් දිනුවා
සන්න කර මම කියමි ඒ වග - ගදඹ දිව පුත් පද දැසුවා
ඔන්න ඒ සිට තාලමේ හැටි - මෙ අප මුනිඳුට පද ගැසුවා
පදය
දොන් තරි දික්කිග ග‍්‍රජෙක
ප‍්‍රදීක් බුන් සස් සබ‍්‍ර
සස්ස වර්ෂ දැන්
තක් කාකු බු·
20. කාත් තත් ක‍්‍රත තාලම
මාත් ආවෙමි මෙ සබෙ මහතුන් - බලන විලසට කරන සෙල්ලම
දෑත් සුරලින් ගසන තාලම් - සවුද මුත් සහ මුනී කවුත් තම
ඒ ත් බුදු මගුලට ගැසුවේ - ගාන්ධර්වය දිව්‍ය පුත් තෙම
කාත් තත් ක‍්‍රත තාලමින් බැරි - වේය සකියනි ඔන්න නුඹටම
පදය
තාක් තත් ක‍්‍රත ජෙංග ජෙගත්
තිකට තක තක තදිමි තොන්
ග‍්‍රත දිමිකිත් තකරිදින්
තරි තාම් දිමි දිමි තෙයි
21. මහ මුනි තාලම
පන්න වා මර සෙනග බුදු වී - විදුරසුන් වැඩ ඉන්න තැනදී
පෙන්නවා ගී රැඟුම් සුරා සන් - ඇවිත් එතනට තුති වදන් දී
දුන්න අරගෙන කටන ඉසුරුට - ගදඹ දිව පුත් ගැසු එතැන්දී
ඔන්න මහ මුනි තාලමේ සැටි - මදක් දක්වමි මෙතැන්දී
පදය
තක තරිකිට සරි වන්නන්
දික දිරිකිට දිරි වන්නන්
තාඩන් කව් දිව් වන්නන්
තදිමි තොදිමි යතිකලග මහ මුනිලේ සෝලී
22. මැඩියා තාලම
ඵන්න පන්නා ගසනවා මිස - පොරණ තාලම් ඇත වෙනත්
මෙන්න එහෙනම් අසනු පිළිවෙල - මෙ සබයේ සිටිනා මහත්
ඔන්න සිරි අපෙ ශක‍්‍ර දෙවිඳුට - නෙර්ත පෑ ඒ ගදඹ දිවපුත්
ඔන්න මැඩියා තාලමේ සැටි - මදක් දක්වමි දන්න එපවත්
පදය
කව්ට කුමට කුමට කුමල
දන් දන් දන් ඞී විරක්ක
විගුදි වීනිසි කිට තක්කිට
ගුද තෙයි
23. ජෙන ක‍්‍රත තාලම
බන දෙසා මුනි එ වජ්රාසන - බුදුව වැඩ ඉන්නා තැනේදී
ගුන නැතුව එන මාර සේනා - මුනිඳු බලයෙන් දුවපු නොරැදී
උන බලෙන් දස මාර සේනා - බිඳුන ලෙස වෙයි නුඹට වැරදී
ජෙන ක‍්‍රත තාලමය බැරිවෙයි - ඔන්න ගහපන් මෙතනදී
පදය
ජෙන ක‍්‍රත තකු දිකු තදීමි තත්තකු
රත්තකු රක්තකු මාජෙන් තකට ගත්
තරිකිට කිටි තක තොන්
නන් කිට කිටි ගුඳ තෙයි
24. බ‍්‍රහ්ම තාලම
ඵ හිටි කිසියම් කෙනෙක් නැත මුනි - පමණ මහ බෝමුලේ වැඩවුන්
ඔවිට මිහිකත පැන නැගී දෙස් - කීය වසවතු පරදමින්
මෙම ට දැනෙනා පමණ ගසනෙමි - එදා වසවතු ගිය ලෙසින්
නුඹට බැරිවෙයි බ‍්‍රහ්ම තාලම - ඔන්න ගහපන් සකිය දැන්
පදය
මෙයින් සෙප්ප මේරනන් වෙන්ද මලක්ක පදලන්
මෙයින් තේයප්ප ගත්තත් දුරුත්කල් වගුමුන්
පේලී වගුරෙන් කන්ද තෝක්කු මුන්නා කනපති
කාන්ජසු බ‍්‍රහ්ම වන්දනේ
25. දියකා තාලම
ජය ගනිමැයි මම සිතමින් අපෙ මුනි - වජ්රාසන පිට ඉඳ සතොසේ
බය කර හර වමි සිතමින් වසවතු - ඇවිදින් යුද යට එම විගසේ
ගිය ඔහු හැරු මුනිඳුගෙ බලයෙන් - යන්නට වසවතු එම විගසේ
දිය කා තාලම ෙඟන හැර දක්වමි - කිය පිට කිසරා ගන්නා සේ
පදය
ඩෝ හෝ ජන් ජන් තුඩි මේ කරජෙන් කීකා තොගි
තොන් තොමි කීකා මොහු කැටගන් මෙහු පට ලඹ
ම්ඩගන් ආරාඩා තකු තකුන් දිකු දිකුන් කොකුමරි
කීට මකුටන් ජල දිය කාරන්
26 විෂ්ණු තාලම
සතුට වී වජ්රාසනේ පිට - මුනිඳු තනියම වැඩිය යහපත්
පිහිට කිසියම් බයක් නැතුවම - මුන් පරදා මුනිඳු ජයගත්
දෑතට ගසනා මෙ කවි තාලම් - අසනු සබයේ සැම මහත්
නුඹට බැරිවී යාය අහකට - විෂ්ණු තාලම ගැසූවොත්
පදය
මල්ල වඩන් තරිදිරි තරි කිට අරමාලේ පෙරුමලේ
තකදොන් ක‍්‍රඩිත කොන්ඩිත් තකු දිකුන්තා
තරිකු දිරිකු කකවන් අක්ත විෂ්ණු හරන්ග පෙරලෙන්
තුරංග තරංග ටකටෙන්
27 විදුරු තාලම්
විදුරු මැණිකක් සේම අපෙ මුනි - එ වජ්රාසන වැඩම සතොසින්
කුරිරු වසවත් නපුරු සිත්ගෙන - ඇවිත් යුද කර පැරද දුවමින්
සොඳුරු මුනිඳුගෙ අනුහසින් මරු - පැරද ආපසු දිව්ව විලසින්
විදුරු තාලම ඔන්න ගැසුවා - නුඹට බැරිවෙයි සත්තකින්
පදය
පම· ගිල්ලිකා දම්හිලි පත් හ්ර්රන්
රැුවයිදු තක දෙම් කරදොන්
තාපු ඩිංගියෙන් තිරිගිලියෙන්
පේරාඩියෙන් කර විදුර තාලම් දොන්
28 භේරි තාලම්
එවර දිවතුරු මුනිඳු සමයේ - කරපු නෙර්තය අසන්නේ
මෙවර මෙතුවක් කලක් සිට මේ - පංච තාලය පැවත එන්නේ
කවර නොදැනෙන කෙනෙක් ඇත්නම් - මොකවදැයි සබයේ සිටින්නේ
ඉවර වේ නුඹ යන්ඩ අහකට - භේරි තාලම පද ගසන්නේ
පදය
තකී‍්‍ර තරිකිට තක්ක තකට දික දිට තකතක් කිටගත්
තක් දික්කිට ගත්තන් දිරිකුන් ජෙඟ දිරිකිට ගත්ත
තක් දික් තක දින් දොන් දොන් තත් දොන් තක්කිට
ගිරි දිරි කිට ගත දොන් තක් දොන්
29 අඩිය තාලම
දැඩිය ආ මුව කන්ඩ ඈගේ - සවිය ඇත එ කන්ඩ මැඩියා
කෙඩිය බැඳ දිලි ලෙස පෙනෙයි මෙ - සබේ සිටිනා අයම වැඩියා
වැඩිය දඟ පඟු නොකර ඇති සැටි - කළොත් නරකද මීට වැඩියා
අඩිය තාලම මඳක් පවසමි - ඔන්න අහගෙන සිටින් පැටියා
පදය
පුන් තේරු මේන් පුරිත් තේරූවන්
නා ජේදවානන් තෙරුමෙන්
බක්කෝ ලේන්තු මලයෙප්පු
අසිර මුන්ඬේන්
30 චන්ද තාලම
ඡන්ද්‍ර ගුණ අපෙ මුනි තුමා බුදු - වෙලා දම්සක් පවත් වන විට
ඡන්ද්‍ර මඩලක් සේම බෙර ඇස - ගාන්ධර්වය ගැසූ විල සට
ගින්ද්‍ර සේ ඒ මාර සේනා - පැරද ආපසු දුවපු විලසට
ඡන්ද්‍ර තාලම ගසනවා දැන් - බැරිවේය මෙ නුඹට ගසන්නට
පදය
තානා තිතෙන්ග තරිකු දිරිකුන්
නතරින් තකට තක තරිකිට ජෙන්තා
තොඟ තොඟ බ‍්‍රපේ කුකුනන්
වන්දනේ චන්ද්‍ර නමෝ
31 මුගුරු තාලම
නිතර අපේ මුනි පිනට ලොබ බැඳ - එ බුදු බව ලැබ විදුරසුන් පිට
විතර නැති මර සෙනඟ බිඳ ජය - රැගත් අපෙ මුනිතුමා වෙත සිට
පවර ගදඹය කරපු නර්තය - පැවත එනවයි සකිය පෙර සිට
මුගුරු තාලම ගැසුවෙන් දැන් - බැරිය පලයන් යන්ඩ අහකට
පදය
තක් කිනන් තක තරිකිට තොන්කට
කිම්තක තාහ්ර පේගන් දෙහොතඩ දොහොතඩ
කුකුමරි තං තලංගු කදිකින
ජෙක්ක ජෙක්ක රණ මයුරා නී
32 සේරා තාලම
මෝරා කළ පින් බලයෙන් මුනි රජ - සත මොක්පුර හරිනා විලසින්
පාර මිතා බල සිිහිකර එවිගස - මරුවන් බිඳුවා ගෙන සතොසින්
වාර නැතව අහපන් සකියනි ඔබ - ගාන්ධර්ව කළ නෙර්තය දැන්
සේරා තාලම මඳක් ගසමි මම - අහගන හිටපන් සන්ත ලෙසින්
පදය
ක‍්‍රතකි ජෙන කිට තාන් තදික්කු
තරිකිට ජෙඟ ජෙඟ ජෙන් ගාරත්
දොමිකිට තක කුන්දත්
තකට තක තා
33 දෙතිස් තාලම
තොස් වෙමින් අපෙ මුනි තුමා යන - මොක් පුරට හැර සිටි කළේ
රැුස් වෙමින් සිටි නොයෙක් දෙව් බඹු - නිවන් පුරයට පත්කළේ
උස්ව නොගොසින් කියමි මම දැන් - සබයෙ මහතුනි ඇති බලේ
තිස් දෙකම තාලම් ද ගදඹය - ගසාලා නෙර්තය කළේ
පදය
තග‍්‍රත දිමිකිට තදිම් තදිම්
තක තොඟ තදිකින පුරජෙන්
දින් තතරි කිට බුර කුන්දන්
තෙරි කින් තකා තලන් තෙයි
මගුල් බෙර වාදනය
බෙර වාදනයෙන් ශබ්ධ ධ්වනියක් උපදවයි.
ශබ්ධ ධ්වනිය යහපතට මෙන්ම අයහපතට ද යොදාගත හැකිය. මංගල කාර්යකදි ශබ්ධ ධ්වනිය යහපත් ලෙස යොදා ගනී. පහත රට නර්තන දෙවොල් මඩු, කෝලම් මඩු, ගිණිමඩු, තොවිල් ආදී අවස්ථාවන්හි දී ද යක් බෙරයෙන් මංගල බෙර වාදනය කරයි. මඟුල් බෙර වාදනයේදී විවිධ ප‍්‍රදේශවල අලංකාර පදයන්ගේ සුළු සුළු වෙනස්කම් ඇතිව මගුල් බෙර වාදනය කරයි.ඒ ඒ වාදකයාගේ ශිල්පි දක්ෂතාව අනුව මූලික පද සමුදායේ වෙනස් වීමක් නොවන ලෙස අලංකාර පද යොදා මංගල බෙර වාදනය කළ යුතුය. මඟුල් බෙර වාදනය පළමු වට්ටම, දෙවන වට්ටම, තෙවන වට්ටම යනුවෙන් කොටස් තුනකින් සමන්විතය.
පළමු වට්ටම
දැහිං ///
ර් ර් ර් ර් ර් ර් රිං ගධ ගුඳ ගධි තග ධගු
ගුදි තග ධගු ගුදං ගධ ගුදං ගධ ගුඳං දැහිං
ර් ර් රිං දිං දැහිං // දිං දිං දැහිං //
දිං දිං ගධි ගධ ගුඳත් දැහිං //
දිං දිං ගධි ගධ ගුඳත් දැහිං
දිං දිං ගධි ගධ ගුඳත්
ගධි ගධ ගුඳත් /// දැහිං දැහිං ධොං
ර් ර් රිං ගධ ගධ ගධ ගධං
දිං දිං ගධං
ධොං ධොං තත් //
ධොං තත් ධොං තත්
ධොං තග ධංතගු ඳං තග ධිත ගධගු
ගූඳිත ගධගු ගුදං ගධ ගුදං ගුදං දැහිං
ධිං දැහිං ධිං ගුං
දෙවන වට්ටම
ර් ර් ර් ර් ර් ර් රිං ගධ ගධි ගධ තහුර ගධකු ධොං
ගුඳ ගධ ගධි ගධ තහුර ගත් ගධං //
රිං ගධ ගධි ගධ තහුර ගධකු ධොං
ගුඳ ගධ ගධි ගධ තහුර ගධකු ධොං
රිං ගධ තහුරෙං ගුඳ ගධ තහුරෙං
ගධ තහුරෙං ගුඳ තහුරෙං
ගධ්ධ ධිත්ත ගත්ධිත ගධ
තහුරෙං දිහුරෙං තහුරෙං ගධ
ගඳ ගධි ගධ ගුඳත් දැහිං
දෙගධ ගුඳ දැහිං ///
ධෙත් ධෙත් ගධි තගු ධොං ධොං ධොං
රිං ගධ ගුගුඳංත ගුඳිත ගඳ ගුඳත් දැහිං
දිං දැහි දිං ගුං
තුන්වන වට්ටම
ර් ර් ර් ර් ර් ර් රිං ගධ් ධං ගුං ධං ගධ් ධං
ගධ් ධිත ගධ ගධ් ධං ගුං
ධොං තග ධිගු ඳගත් දැහිං
ර් ර් රිං ගධ් ධං ගුඳ ගුඳත් දැහිං
හුර ගධ ගුඳත් ගධි ගධ ගත් ධෙගධ ගධත් ධො ධොං ධොං
හුරගුඳ ගධත් තතත් තත්
හුරගුධ ගුඳත් ගධි ගධි ගධ ගත් ධෙගධ ගධත්
ධො ධොං ධොං
හුරගුඳ ගධත් දිදිත් දිත්
හුරගුඳ ගධත් ගධී ගධ ගධත් ධෙග ගධත් ධො ධොං ධොං
හුරගුඳ ගධත් තො තොං නං
රෙගධ ගුඳිත ගුඳිත ගුඳං
රෙගධ ගධිත ගධිත ගධං ///
රෙගධ ගදිත ගධිත ගධං ගධ
ගග් ගුඳ ගුංද ගුදංත ගධං ගධ ///
ගධි ගධ ගධ්ධග ධංතග ධං ගධ ///
ගධි ගධ ගධි තග දෙගුදගු ධොං
ධොං ත ගධං දෙගධ ගධං
දෙගතත් ගධ ගුඳත්
ගධ්ධ ගුඳ ගුඳ ගධං ගධ්ධ ගධ ගධ ගධං //
දෙගධ ගධ ගුඳ ගධග දෙගධ ගධ ගධ ගධග ////
දැහිං දැහිං දැහිං
ර් ර් රිං ගධ ගධිත ගධ ගුඳත ගධ
ගුංද ගුද ගධං ගධං ධොං
ධොංත ගධ ගධිත ගධ ගුඳ ගුඳත්
දිං ගධත් දිං ගුං

දෙසිය සොළසක් පද
බෙර වාදකයා බෙර අක්ෂර නිවැරදිව හදුනාගෙන බෙරපද නියමාකාරයෙන් වාදනය කළ යුතුය. නැටුමේදිත් වැයුමේදීත් හැදෑරිය යුතු පද රාශියකි. ප‍්‍රධාන වශයෙන් දෙසිය සොලසක් පද ද ඒ සමඟම පූර්ණ තාල, කුම්භ තාල, ලක්ෂ්මි තාල, හස්ති තාල, භූමිතාල යන පංචතාලත් ශාන්තිකර්මවලදී භාවිතාවන නමස්කාර පද, ආවැඩුම් පද, දේව පද, රාක්ෂ පද, යහන් දැකුම් පද ආදී වශයෙන් සිය ගනනක් පද සම්පූර්ණ බෙර වාදකයෙක් ඉගෙනගත යුතුය.
තිස් දෙකක් තාලන්
සූ සැටක් පමණ සවුදන්
විසි එකක් සුරලින්
ගැසූ පසලොස් වන්දමානන්
සොලසක් දැකුම් අත්
සත් විසි පොඩි සුරල් අත්
හතලිස් අඩ පදත්
ගැසූ මෙරැුගුන් දෙසිය සොලසක්
දැකම් අත්
මෙම භද්‍රකල්පයේ පළමුව බුදු වූ කකුසඳ බුදුරජාණන් වහන්සේ දැක ගැනීම පිණිස ගාන්ධර්ව දිව්‍ය පුත‍්‍ර යන් ඇතුළු දේව සමූහය විසින් වාදනය කළ විශේෂ වූ පද දැකුම් අත්ය. දැකුම් අත් දොලසකි.
සතර අත් කවි
කකුසඳ මුනි තුමන්
බුදු වූ සඳෙහි මනරම්
එක් වූ හැම සුරන්
එදා පැවසූ නෙර්ත අසදැන්
සුගත නම් මුනිසුත
නම කළ පද තුනක් ඇත
මුඳුනත බැඳ සුගතගසම් මුනිඳුන් වඳින තුන් අත
නමකළ හැම සුරන්
සිව්පද මිහිඟු සුරලින්
ගසමි දැනෙනාමෙන්
අසව වියතුනි නමා දෙසවන්
තත් හුත ජෙන කුකුඳ
දිත් දිත්ත ජෙන ජෙක්කුඳ
තොන් තක තදික්කුඳ
නන් හුත දිමිති තක්කුඳ
තක්කිට දිමි තතක
දික්කිට දිමිත තොං තක
තක්කිට තඟුන තක
මෙතුන් සුරලින් මුනිඳු වැඳුමෙක
තත් හුතක මුනි දකිමි
දිත් හුතක දෙවි දකිමි
තොං හුතක රජු දකිමි
නං හුතක ගුරු දකිමි
දැකම් අත්
කවිය
සුදු ගුණ සිරි මෙ අප බෝසත් බුදුව වැඩ හිඳ බෝ මුලේ
ගින්ද්‍ර ලෙස පැන ඇවිත් වසවතු පැරදි ගියෙ ඇයි නිකසලේ
චන්ද්‍ර විලසට පළමු සතියේ බුදු ව වැඩ හිඳිනා කළේ
ඉන්දු දිග සිට බ‍්‍රහ්ම දෙවියෝ වැන්ද දකිනත පුදකළේ
පදය
ශී‍්‍ර තේජ භගවතෝ සුගත ගත මුනින්ද්‍ර සතතං
තදිමි දිමි ක‍්‍රතරිකු ජෙං කුංද තරි තකට ගුඳ ගුගුඳ
රුමින ජෙං වන්ද්‍රමි බ‍්‍රහ්ම රජ දකින අත
මුනිඳු වැඳ නම්තිමි.
ර් ර් ර් රිං ගධ්ධ ගධිගධං ගධිත ගත ගධිත්ත ගධිතං
ගධිත ගධි රෙගදකු දැහිං ගුංද තරි තකට ගුඳ ගුගුඳ
රෙගත දැහිං ගත්ධිංත ගධ්ධ ගධ ගධිත ගධ
ගුඳිත ගුඳ ගධිතං
කවිය
දැක්ම තෙද බල පෑපු මහිමය දෙවෙනි සතිනෙත් පුදකළේ
නික්ම සිරිදෙන සදෙවු ලොව දෙවි රැුස්ව උන්නයි හැමළේ
දැක්ම ඇවිදින් ගඳඹ දෙව්රද නොයෙක් ගී නද පෑකළේ
අග්නි දිග සක් සුරිඳු මුනිඳුට වැන්ද දකිනත පුදකළේ
පදය
ශී‍්‍ර සුන්ද්‍ර සුගත ගත වන්දාමි සතතං ගතං
නමිත ගුන සුරදේව දක්ෂිනන් ක‍්‍රත ධීර හුර ජෙහෙකු
තරි තකට රුමිත ජෙං ශක‍්‍ර තෙද දකින අත
මුනිඳු වැඳ නම්තමි.
කවිය
මෙවන් තෙදබල උතුම් මුනි ඳුගෙ රුවන් සක්මන වැඩිය කාලේ
නිවන් සිරිදී සැවත් පුර මුනි තුන් සතිය පිට වැඩිය කාලේ
උතුන් වූ හැම සියලූ දෙවි බඹ නොයෙක් නෙර්තය පැතිර කාලේ
මෙවන් යම දිග විෂ්ණු දෙවියෝ වැන්ද දකිනක පුදකළේ
පදය
ශී‍්‍ර රජ සුන්ද්‍රන් සුගතේනද්‍ර භගවතෝ වන්දේතන් ගදත්
කිට ජෙන්ත කුරුමිත ජෙන් කීර්ති බල උතුම්
ගසන රඟ විෂ්ණු තෙද දකින අත මුනිඳු පුද නම්තම්
කවිය
සරණ තෙද බල මෙ අප මුනිඳුට ශබ්ද පූජා පැවසු කාලේ
දෙරණ පිට වැඩ මවා සිවු වෙනි සතිය වැඩලා මුනිඳු එකලේ
කරන ගී නද දහස් ගණනක් වයන බෙර නද කරන වේලේ
සරණ මුනිඳුට නිරිත මෙහෙසුරු වැන්ද දකිනත පුදකලේ
පදය
ශී‍්‍ර වර්ණ රුද්‍රං මුනි රාජ භගවතෝ වන්දාමි
නමිතං තත් ගුඳං ගුගුඳිත්ත ගුඳ ගුගුඳ
කිට ජෙන කුරුමිත ජෙං පුද වයන
මෙහෙසුරු දකින අත මුනි රාජ නමිතම්.
වන්දමානම්
දැකුම් අත් වැයුමෙන් අනතුරුව වයන්නේ වන්දමානම්ය. බුද්ධ වන්දනාව සඳහා මෙම වන්දමානම් වයයි.
අටකොනේ අධිපතිව දෙවිියෝ පෑපු නෙර්තය තාල ගසාලා
සිටගෙනේ බඹ සුරන් රැුස්වී පෙරහැරේ පස් නාද කරලා
නටමිනේ පෙර වන්දමානම් පසලොසක් දෙවි පුදය කරලාමට අනේ ගුරුවරු ඉගැන්වූ වන්දමානම් ගසමි වැඳලා
ශී‍්‍ර ගතං සුගතං මුනි රාජ වන්දිතම්
තත් තරිඟු දිත් දිරිඟු තොං තකිට නං නං
හස්තාදි කිට දිමිට මුනි වන්දමානං
හුද නමිත හුද නමිත වන්දාමි සතතං
කවිය
යස ගුන බල සිනිඳු ලෙසින් බුදුව ලොවෙ දම් දෙසමින
තොස කර රඟ බඹසුර සෙන් රැුස්ව එතන වැඳ බැතියෙන
යස පිරිවර දිව ගදඹය මුනි පද නම කර නදයෙන
සස ලොස් වනු වන්දමාන ගසනෙමි මුනි රජ නමදින
ශි‍්‍ර දේව භගවතෝ මුනිරාජ සරණම්
ක‍්‍රත කුන්ද ක‍්‍රත කුන්ද ජෙන කුන්ද වර්ණම්
පද කමල මුදු නතින් මුනි වන්දමානං
කිට ජෙහෙඟු ශී‍්‍ර පත්ම පන්දාමි සතතං
අට කට්ටිය
බෝසතාණෝ බුදුවූ දා ගාන්ධර්ව දිව්‍ය පුත‍්‍රයා බුදුරජාණන්වහන්සේ ට පූජා පිනිස අට කොනෙහි සිට ගැසූ පද අට අට කට්ටිය යි. ප‍්‍රාදේශීය වශයෙන් අටකට්ටිය කවි හා පද වෙනස්කම් වෙයි.
කවිය
තුන් කල් දත් සුගතිඳු සඳ දුමිඳුට අනමිස ලොචන
යෙන් පළකර වැඩ හිඳ සතියක් නෙත් පූජා කර ගෙන
සන් තොස වූ දිග ගදඹෙකු එහි සිට දිව බෙරයක් ගෙන
තොන් යන පද ගැසු ගඳඹය යම දිග සිට සොඳ විලසින
පදය
තොන් කුඳ කුකුතරි ජෙක ජෙක දිං දිං
තක දිං තොං නං ජෙඟදිත් තරිකිට
ජෙඟු තත් දිරි කුං දිරිකුං තො දික්කු නං
(යම දිග - ගාල්ල ප‍්‍රදේශය)
කවිය
පෙමකර සව් සත බව සයුරෙන් ගොඩ ගන්න ලෙසට බුදු බව පැතුවේ
නොවිතර නෙක දන යදියන් හට දී මෙත කුළුනෙන් පෙරුමන් පිරුවේ
අතහැර වස්තුව පියඹුන් සහ කරු සිල් රැුක නෙක වර වන විසුවේ
නමකර ගඳඹය යම දිග සිටගෙන මෙ පදය ගසමින නම කෙරුවේ
පදය
කීර්තිතාර තුසර කුන්ද නන්ද කෙරෙවු ලෝ උතුම්
පුත‍්‍රදාර භේත‍්‍රධීර හස්තයෙන්ම දන් දුනෙන්
අග‍්‍රරාජ මාරතිරාර ශක‍්‍රාති ශක‍්‍ර සිරි ගනම්
තඛ‍්‍රත දික‍්‍රත තොංක‍්‍රත කංක‍්‍රත යමදිග කළ මෙම රැගුම්
(මාතර)
වරුණ දිග
පැරණි වාදකයින් භාවිත කළ අට කට්ටිය
කවිය
සන් තොසින් නෙත් අප සමතැස් සතියක් එ රුවන් සක්මන
දන් දොස් නෙත් කුකුස් දුරැුර දෙවියන් සිතු පහදව මින
තුන් සත හට එ නිවන් දුන් අප මුනිඳුන් හට කුළු නෙත
ජෙන් යන පද ගැසු ගදඹය පුත් දිග වරුණෙහි සිට ගෙන
පදය
ජෙං ජෙං තත්, ජෙං කිට තත්, ජෙං තක ජෙං තත්
ජෙං රුමිකිට ජෙඟ කිට තා, ජෙං ජෙං ක‍්‍රත කිට
ජෙන කිට ක‍්‍රතකිට, ක‍්‍රතක තත්කඩ තදික්කූ ජෙන්කඩ,
ජෙං ජෙංතරි තදිමි දිදිමි දිමි ක‍්‍රතක්ක නම් තරි තෙයි
(වරුණ දිග වර්තමානයේ භාවිතාවන අටකට්ටියකි)
කවිය
පෙර දා දම්සොඬ රජව ඉපිද මුනි දහම් අසන්නට සිත් ලොබලා
නොරඳා සිය පුර රජ සිරි හරිමින් වනයෙක වැදි රකුසකු දැකලා
පැහැදා ඔහු මුකයට පැන බණසා ලොව්තුරු බුදු බව පැතු එකලා
මුනි\ හට වරුණය සිට ගඳඹය මෙ පදය ගැසු සිරිපා වැඳලා
පදය
ද්‍රිඩ ජෙනුත් තලඟු තකට කිට දිරිකිට තග්ගුඳම්
තා තොඟ කිට දිතෙයි දිතෙයි හුදමි හුදමි දිග් ගුඳම්
ජෙහෙ ජෙහෙගුත් තක්ක දික්ක දිරි දිරිකුං ජෙංගුඳම්
වරුණ දිගට ධර්මරාජ පාද පත්ම වන්දි තම්
(නිරිත දිග පැරණි අට කට්ටියකි)
කවිය
පතර තෙදැති බ‍්‍රහ්ම රාජ රන් විමනක් මවා සතුට
සතර සතියෙ වැඩ හිඳ මුනි නැණයෙන් සඳහම් සිහිකොට
පැතිර සවන රැුස් හැම තැන සුර කැල දැක සිත් තුටුකොට
සතර පුද ට නන් යන පද ගැසු ගඳඹය නිරිතෙහි සිට
පදය
නං නිති නං තරි තක තරිකිට
තත් දිත් තොං නං ජෙඟ දිත් තරිකිට
ජෙගු තත් දිරිකුං තොදික්කු නං
සවුදම්
සවුදම් ගැසීමටත් වැයීමටත් නැටීමටත් යොදාගනී. සවුදමක ද කවියක් හා වාදිත පදයක් ඇත. වයන පදය විරිතක් අනුව වැයිය යුතුය. ශුව්‍ය දාම, සවන වැල, නොකඩවා, නොබිඳවා දීර්ඝ ලෙස ශ‍්‍රවණය කළ හැකි යන අදහස සවුදම් යන්නෙහි දළ අදහසකි.
ප‍්‍රදේශයෙන් ප‍්‍රදෙශය සවුදම් කවි හා පදවල වෙනස්කම් ඇතත් පොදුවේ පහතරට භාව්තාවන සවුදම් 64 කි.
1. බ‍්‍රහ්ම
2. විෂ්ණු
3. ඊශ්වර
4. කන්දකුමාර
5. ශක‍්‍ර
6.සුමණ
7. ගනපති
8. පත්තිනි
9. විස්කම්
10. සිරිපති
11. සක්සුර
12. දෙව්රද
13. වෙසමුනි
14. ලක්ෂ්මි
15.සූර්ය
16.චන්ද්‍ර
17.සුරගුරු
18. නවගහ‍්‍ර
19. කුජ
20. බුද
21. ශුක‍්‍ර
22. ශනි
23. කේතු
24. රාහු
25. තත්
26. දිත්
27. තොං
28. නං
29. තත්තා
30. සිංහරාජ
31. මයුරා
32. නෙයිඅඩි
33. ගුරුළු
34. උරගා
35. තුරඟා
36. ගෙඹිරිති
37. කිරළා
38. මරගන
39. හස්ති
40. රාම
41. ළොහක
42. වෙසතුරු
43. ධූතරාෂ්ට
44. මේඝ
45. කාලකූට
46. චන්ද්‍රපත්ම
47. සව්සිරි
48. බිම්බා
49. සුලාර්ධ
50. කඩවර
51. මිහිකත
52. මහබෝ
53. දම්රද
54. අග්නි
55. ඉකාර
56. ඔකාර
57. උකාර
58. එකාර
59. වරුණ
60. යාම
61. ඉන්ද්‍ර
62. ඊසාන
63. නිරිත
64.උමඟන
සවුදමක වදන් සංස්කෘත වචන මිශ‍්‍රකොට සැදී ඇති අතර වාදනයේ දී බෙර අක්්ෂරයන්ට හරවාගත යුතුයි.
නවග‍්‍රහ සවුදම
කවිය
සුරට අසුර බඹ දෙවියන් අවසර ?ගෙනා මම නර්තනය පවසමි
වරං රැගෙන රවි කිවි බුද ගුරු ශනි සඳු කුජ නම ග‍්‍රහයන්
කියන් දැනෙන පමණට මෙම කවි පද වරද ඇතත් දෙවි සමාවෙයන්
අසන්න වියතුනි නමග‍්‍රහ සවුදම ගසනා සැටි මම පුදුම ලෙසින්
පදය
සුරං සුරා කර සුර නර පූජිත ටං කිට ටං කිට ටං
වරං කරා කර ඉර බුද ගමනින් චන්දා උදාර අදං
ශුක‍්‍රම සිකුරා ශනි පාතාලෙට රාහුගෙ සැර ගමනින්
උදාර කිංකිණි නාද පවත්වමි නමග‍්‍රහ සුර සවුදම්
සූරිය සවුදම්
වීරියකර කප් කෙළ ගණනාවක් බුදු බව අදිටා ගෙන මුනිඳුන්
කාරිය කිම මට රජ සිරි විඳිනට කියා ගොසින් වනයේ ම රැඳුන්
බාරිය කර කණගාටු සදාමිස පූජක බමුනුට සුතන පිදුන්
සුරිය සවුදම එතනදි ගැසුවයි දං දුනි දරුවන් කියා බුදුන්
පදය
තත් තරි තරි කුං මදයේ ගගනා මධ්‍ය ගනේ පවරේ
ධිත් තරි රීං කුං ධීධති වරුණා තේජ සනා කිරණේ
තොට සරි සරි කුං තොළු වස සරා රංසි ප‍්‍රභා ධරණේ
නං තරි තරි කුං සූරිය සවුදං ඩමරු කතිර දහරේ
රාම සවුදම
සතත සත වෙත පතළ තෙද ඇති රාම පුල්වන් උතුම් සුරිඳුට
තිරතත බඹ නෙත අනත සුරපති දිමුත සඳ මහ ලොවිඳු කිවි හට
දොහොත් මුදුනත තබා වැඳ වැඳ කියමි ගසමින් තාල තරෙඟට
තෙදැති බලවති රාම සවුදම ඔන්න ගැසුවෙමි සබා මැද සිට
පදය
දපද දප දප දොමිත දොමි දොමි කුමුදු මුදු මුදු රාම පුල්
ස්වර්ණ තිං තිං තිතං තිං තිං හුජෙන් කුකුතක් කොඳ උදුල්
වරද හැර හැර පමොද කර කර තිංන තිං කුකු පද සුරල්
තොඳින තොං තොං තෙ තෙං තෙං තෙං රාම සවුදම් සිරි ලකල්
චන්ද්‍ර පත්ම සවුදම
කවිය
මනහර ගුණයෙනුදුල මුනි සස කුලපිද පෙර වන මැද
නිරතුරු වම තුන් සුහඳුන් සමඟින් සිල් රකිනා සඳ
නොවිතර ගුණයෙන් අගපත් මහසත් රුව ඇඳ සඳ මැද
සසඳර සවුදම සක් රජ එතනදි පිදුවයි මන නද
පදය
පූර්ණ ගුනාධි පතීස්ද්‍ර සුසර්ජිත තාර ඝනා භජි තම්
ඕසධි සාහි මරන්සි ප‍්‍රභධර දේව විරාජිත නුම්
දීප චතුර්ත ස්වර්න නිසාකර නෛක දිසා බ‍්‍රම නම්
කී‍්‍රට පතී විධි නාම සුනිර්මල චන්දා පත්ම සවුදම්
සුරල්
සුරල්පද වලදී ද සංස්කෘත බස මිශ‍්‍රවී ඇත. සුරල් පද ද බෙර අක්ෂරයන්ට පරිවර්තනය කර වාදනය කළ යුතුය. උඩරට පහතරට සම්ප‍්‍රදායන් දෙකේදීම ශිල්පීය දස්කම් දැක්වීමට සුරල් පද වැයේ. පහතරට නර්තනයෙහි මෙන්ම වාදනයෙහිත් සුරල් පද යෙදේ. සම්ප‍්‍රධායන් දෙකේදීම සුරල් 21 ක් ඇත.
1. දක්ෂිණ
2. වඩි
3. මිණි
4. දෑත
5. වෙඩි
6. ඉසිවර
7.මල්
8. අසුර
9. රාම
10. තත්
11. දිත්
12. තොං
13. නං
14. ගගන
15. භූමි
16. හුරු
17. නුහුරු
18. බ‍්‍රහ්ම
19. ගුටි
20. පොඩි
21. බේරිය
පහතරට සම්ප‍්‍රදායට විශේෂ වූ සුරල් 21 කි.
1.රාජ
2. බ‍්‍රහ්ම රාජ
3. ශක‍්‍රදේව
4. විෂ්ණු දේව
5. සුමන දේව
6. සූර්ය දේව
7. චන්ද්‍ර දේව
8. අග්නි දේව
9. කුජ දේව
10. බුද දේව
11. ගුරු දේව
12. ශුක‍්‍ර දේව
13. භූමි දේව
14. ශනි දේව
15. අසුර දේව
16. සිංහ රාජ
17. ගජ
18. ගදඹ දේව
19. ඉසිවර
20. මහේෂ්වර
21. ගන දේව
ශ‍්‍රක‍්‍ර දේව සුරල
කවිය
චික්ම තෙදවය ලොව සැම තැන නිවන් සැපත දුන් මුනි ගුණ
නික්ම ඇවිත් බඹ සුරසෙන් දිව ගඳඹය නදකර මින
සත් දිනයක හිඳ ජය සක මෙර හඬ හැරිලෙස සතුටින
ශක‍්‍ර දෙවිඳු පිංබල සුරල මුනි පුදයට ලොව පවතින
සුරල
ශී‍්‍ර සංක නාද කොංබු ජලිත ඉන්ද්‍ර රාජිතම්
සුන්ද්‍ර නොමළ දේව නන්ද පත්ම තේජ භාසුරම්
ස්වර්ණ රේණ කී‍්‍රට කි‍්‍රෂ්ණ නෙර්ත තාල ලක්ෂණම්
ශක‍්‍ර දේව සුරිඳු රාජ වැන්ද සුරල සොභිතම්
සූර්ය දේව සුරල
කවිය බලවත් තෙද මහිමය කර සිවු දෙස හෙළිකර සතුටින
අටගත් ලෙස යන ගමනට මුළු ලොව එලි විය විගසින
යහපත් අප මුනි පුදයට සැම දෙවියේ වැඳ බැතියෙන
තෙදලත් ඉරු දෙවියෝ සිට ගැසු සුරල ඉඳුරු දිලින
සුරල
ඉන්ද්‍ර ජාල සෝම ප්‍රෙම සූර්ය දේව රාජිතම්
වර්ණ බ‍්‍රංග කී‍්‍රට භර්ණ තාල වර්ණ වර්ණිතම්
තක්කු තරිඟු ජෙනකු ජෙනකු දික්කු දිරිගු රිංගුධම්
ඉන් ද්‍ර දිගෙහි ගැසු ු සුරල මුනිඳු රාජ වන්දිතම්
ගජ සුරල
කවිය
න ලා ගිරිනම් ඇත් රජ මුනිඳුට වැඳලා සිටි මින
කෝලා හල කර එලවමි රහත් තෙරිඳු හට උරණින
දි ලා අන සක ශීලය එන මෙත් බුදු බව පතමින
නා ලා ගිරි රජ සුරලය ගසනෙමි සබ මැද සිටගෙන
සුරල
රුද්‍ර වර්ණ ඝෝර රවර තේජ බරණ ගජ තුරම්
නන්ද හේම කුන්ද භීනු සුන්ද්‍ර භානු තේජ සින්
ගජත නාම තේජ සුරල මුනිඳු රාජ වන්දිතම්
පොඩි සුරල්
කවිය
රන් වන් සළු බරණ පැළඳ විහිඟ බෙරය නද කරමින
සන් තොස් වම සැදි සුරසේන් නොයෙන් තාල රාග පොරණ
වන් නන් පද තාල පැවැසු ගඳඔය දෙව් පුත් වෙන වෙන
මන් දැන් දම කර ගසනෙමි සක් රද පොඩි සුරල යසින
සුරල
ශී‍්‍ර ලෝක තෙද උතුම් වැඳ සරණ සොමි ගුණෙන් සක් නන්ද, ජෙං කුන්ද, ජන නමල, සිරි නුදුල, සක් රදුගෙ පොඩි සුරල ගසන රඟ සබ මැදෙහි නමිතම්
සුමන දේව පොඩි සුරල
කවිය
පුරා පෙරුම් බල මහිමය එදස පාරමිත් බලයෙන
නුරා කුරිරි වසවත් දෙවි බැන්ද වෛර පෙර මහිමෙන
ද රා සිටින බඔ සුරසෙන් වයන නෙර්ත පොරණ ලෙසින
ස රා සුමන දෙවි නමකර පොඩි සුරලය ගැසු මෙලෙසින
සුරල
ශී සුමන වර තේජ සරණ වැඳ ගතෝ යක්
කමල සිරි සිරි නුදුල, තරි කිරඳ ජෙන් ක‍්‍රතක
සුමන දෙවි පොඩි සුරල වයන රඟ
මෙ සබ තුළ නමිතම්
පොඩි සුරල්සුරල් 21ට අමතරව සුරල් පදයට වඩා කෙටි පොඩි සුරල් 27ක් ඇත.
හතලිස් අඩ පද අඩපද 40ක් ඇතැයි සඳහන්ය. අඩපද සවුදම් සුරල් තරම් නොවෙයි. එසේම එහි වාi පදය මිශ‍්‍ර බසකින් නිර්මාණය වී ඇති බවද සඳහන් වෙයි.
හතලිස් අඩ පද
වඳමි මුනි සරණත
හැම දෙවි කමා කර සිත
මා ත වරද නැත
ගසමි අඩපද නමා මුදු නත
වික්ක තුඩංග සේ තීන්දුන් කර්පා කර්ප විග‍්‍ර
තුල්ලක ඉන්දිපේරු ති‍්‍රභුවන තක්ෂි විප‍්‍ර අඩපද සෝලූම්
ඉරු වරල් වරයිං
රකිං ඊශ්වර බ‍්‍රහ්ම දෙවියන්
සුගත ගන නමදින්
ගසමි අඩපද කියා මෙරැගුන්
කල්ති කුම්භ විතක්ක සේරුං
පෝල්දු තොක්ක විලධා සේංගු ලේකිං
නල්ලපේ ඉඩ කදා අඩ පද සෝලූම්
දෙතිස් තාලම
කාලය යම්කිසි පිළිවෙත් අනුව බෙදාගැනීම සඳහා සංඥාවක් තැබීම (ආඝාතය තැබීම* තාල තැබීමයි. කාලය බෙදා වෙන්කර ගැනීම සඳහා අනුයුක්ත කරගන්නා කුඩාම ඒකකය මත‍්‍රාව යි. මාත‍්‍රා සැලසුමක ආඝාත ස්ථාන අවධාරණය කරගනිමින් කරණු ලබන බෙර වාදනය තාලම් වාදනය නම්වෙයි.
මෙහිදී තාල නාම දකුණු ඉන්දීයානු සම්ප‍්‍රධායේ නාම වුවත් දෙතිස් තාලම් වාදනයෙහි ශෛලිය දේශීය සිංහල ශෛලිය යි.
දෙතිස් තාලම වාදනය දුෂ්කර වාදන ක‍්‍රමයක් නිසා දීරඝ අභ්‍යාසවල යෙදීමට අවශයයි.
දෙතිස් තාල
1 ඒගස්
2 සෙම්බඩම්
3 නා ඉම්ම සෙම්බඩම්
4 කාරියසෙයි
5 පන්ච කාරියසෙයි
6 තුවන්
7 මට්ටායම්
8 රූපගම්
9 ජම්මයි
10 ජගත් ජම්මයි
11 තී‍්‍රපුඩම්
12 ඔත්ති මට්ටායම්
13 කුරුවා
14 චරුසේකරම්
15තුරු තුරායම්
16 වස වසන්කාරම්
17 සන්නි මායම්
18 සුද්ධ
19 තාල රායම්
20 ඉඩයෙත්තුම්
21 පදිංචි ඉඩයෙත්තම්
22 වනව 
23 කුම්භ
24 ලක්ෂ්මි
25 හනුමා
26 චන්ද්‍ර
27 මුනිවර
28 පූර්ණ කුම්භ
29 බ‍්‍රහ්ම
30 විෂ්ණු
31 වායු
32 සිංහ ගජ පෙයි
පාරම්පරිකව පැවතෙන බෙර වාදන කලාව රැක ගැනීමට නිවැරදිව සතත අභ්‍යසයෙන් යුත් නව පරපුරක් අවශ්‍ය වෙයි.

 ලංකාදීප (2013/05/05)

No comments:

Post a Comment