Saturday, May 25, 2013

බ්ලොග් එකෙන් පොතක්



මෙතෙක් කල් මෙම බ්ලොග් අඩවිය හරහා ජන්බුද්වීපයේ උරුමය පිලිබද කරන ලද හෙලිදරව්ව කැටි කොට ග්‍රන්ථයක් රචනා කරන ලදී.

එහි ඇත්තේ මෙම බ්ලොග් අඩවියේම පල වූ ලිපිවල සංස්කරණයන් වන බවද කිව යුතුය.(අඩු මිස වැඩි නැත). එනිසා බ්ලොග්ය කියවන්නන්ට එහි අවශ්‍යතාවයක් ඇතැයි නොසිතමි. මෙහි මූලික අරමුණ වූයේ අන්තර්ජාලය භාවිතා නොකරන්නන්ගේ දැනගැනීම වැඩි කිරීමය.ඒ හේතුව නිසා හා තවත් හේතූන් කීපයක් නිසා අන්තර්ජාලයට එක් නොකරන බව කරුණාවෙන් සලකන්න.

මෙම ග්‍රන්ථය දැනට ලබාගත හැක්කේ ගම්පහදී හෝ නුගේගොඩ විජේරාමයේදී පමණි.

ISBN 978-955-44426-0-3


පුන්‍යානුමෝදනාව
 

ජන්බුද්වීපය පිලිබද වූ සත්‍යතාව විවිධ උගතුන් විසින් ප්‍රකාශකර තිබුනද නිවැරදි ස්ථාන හදුනාගැනීමෙහිලා ගැටලු මතුවීම නිසාම ඒ මතයන් යටපත් විය. එම නිවැරදි ස්ථානයන් නියම නිවැරදි ලෙස පෙන්වාදී වටිනා යුගමෙහෙවරක් කල පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට ගෞරව පූර්වක නමස්කාරය පුදකර සිටිමි.

ගිරි දුර්ග,ජල දුර්ග,වන දුර්ග පසුකරමින් බුදුන්ගේ උරුමය පුරාවිද්‍යා සාධක සමග ලොවට හෙලිකිරීමට වටිනා යුගමෙහෙවරක් කල පූජ්‍ය මූකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමියන්ටද ගෞරවපූර්වක නමස්කාරය පුදකර සිටිමි.

ලංකාවේ සම්මත ඉතිහාසය නිවැරදි නොවන අතර එය නිවැරදි කල යුතුය යන්න නොබියව ප්‍රකාශ කල , ශිලා ලේඛන කියවීමේ ශ්‍රාස්ත්‍රය බොහෝ පිරිසකට උරුම කරදුන් හා හෙලදිව ඉතිහාසය ලොවට හෙලිකිරීමට වටිනා යුගමෙහෙවරක් කල අභිලේඛන විද්‍යා විශාරද පුරාවිද්‍යාගවේශක ජයරත්න පතිර ආරච්චි මහතාටද ගෞරවපූර්වක ස්තූතිය පුදකරමි.

ජන්බුද්වීපය පිලිබද සත්‍යතාව පිලිබද මා දැනුවත් කල හා සහය දුන් ශානික අමරසෝම සොයුරාටද,මෙම ග්‍රන්ථයේ ඇතුලත් දඹගස පිලිබද විස්තරය,බුද්ධගයා විස්තර,කපිලවස්තුපුර කැනීම් විස්තර,අශෝක අධිරාජ්‍යා හා තවත් වැදගත් කරුණු දැක්වීම් සදහා මූලාශ්‍ර සොයා,පරිවර්තනය කර,පෙලගස්වා මා හට ලබාදුන් සුභාෂිනී කුමාරි සොයුරියටද,රුවන් හේවාවිතාරණ සොයුරාටද, මුද්‍රණ කටයුතු සදහා දායකත්වය සැපයූ ප්‍රදීප් අමරවීර සොයුරාටද,කෝලිත මුනිදාස හා උදය ප්‍රියන්ත යන සොයුරන්ටද,
 


මෙම ග්‍රන්ථයට අවශ්‍ය මූලාශ්‍ර ලබාගැනීමට භාවිතාකල ග්‍රන්ථයන්හි කතෘ තුමන්ලාටද,මේ පොත ලියන දෙස හැරුනු,බැලූ,ගුණ දොස් කියා දුන්,නන් අයුරින් සහයවූ එකී මෙකී නොකී අනිකුත් සියලු දෙනාටමද ස්තූතිවන්ත වෙමින් පින් අනුමෝදන් කරමි. 


ප‍ටුන
පවතින ලංකා ඉතිහාසය (විජයගෙන් ආරම්භවූවක්ද යන්න)
හෙලදිව මුතුන් මිත්තන් (මුතුන් මිත්තන්ගේ වගතුක හා තාක්ශනයන්)
දඹදිව නම්ලත් දේශය (දඹදිව ලෙස හැදින්වූයේ කොහේද යන්න)
සියලු බුදුවරු වැඩ සිටි දේශය (කකුසද,කෝණාගම,කාශ්‍යප බුදුවරුන් වැඩ සිටි බවට සාධක)
මහා භාරතයේ බුද්ධ රාජ්ය ය (සම්මත ඉන්දියා ඉතිහාසය,බ්‍රිතාන්‍යයන් අතින් වූ වැරදි,ජෛන මහාවීර පටලවා ගැනීම,අශෝක නිර්මාණය)
හෙලදිව රාජ පරම්පරාව (මහාසම්මත රජ පෙලපත,බ්‍රහ්මදත්ත රජ,ගමිණි අභය)
සිව් මහරජවරු (යක්කු,දෙවියන් මනුස්සයන් කිරීම)
ලෙන් පූජා (බුදුන්වහන්සේට හා ආර්ය සංඝරත්නයටම-සැරියුත්,මුගලන්,ආනන්ද හිමිවරුන් ඇතුලු)
ලුම්බිණිය (නේපාලය බොරුවන ආකාරය හා හෙලදිව නියම පිහිටීම)
බුද්ධගයාව (ඉන්දියාවේ ව්‍යාජවන ආකාරය හා හෙලදිව පිහිටීම)
ඉසිපතනාරාමය (හේමවත,සාතාගිරි,සුප්පිය ශ්‍රාවකයන් සමග)
කුසිනාරාමය (ගල්සෙයින් විශම නගරය)
බුද්ධ කාලීන පුදබිම් (වේලුවනය,සංකස්සය,ජේතවනය,මෙහෙනි ආරාම කන්ද-යශෝදරා තෙරණිය වැඩසිටි බව-,මහාමායා දේවියගේ මියයාම)
බුද්ධ භාෂිතය (ත්‍රිපිටක ගන්තාරූඪය,අ‍ටුවා පරිවර්තනය,නිරුක්ති වැදගත්කම)
ත්රිධපිටකයෙන් හෙලිවන අපේකම (කෑම,බීම,චාරිත්‍ර,සෙල්ලිපි,මුගලන් හිමිගේ මව)
දෙසැටක් මිසදු‍ටු ආගම්(බ්‍රාහ්මණ හා ජෛන ආගම්)
භූගෝලීය පිහිටීම(ගුරුත්වයේ අඩුම පිහිටීම,ගංගා,හිමාලය හා හිමවත, භූමියේ විශාලත්වය)
ධාතුවන්දනය(ධාතු පරිනිර්වානය,කපිලවස්තු ධාතු මගඪිය,හෙලදිව ධාතුන්වහන්සේලා වැඩ සිටින තැන)
සංගායනා(පලවෙනි,දෙවෙනි,තුන්වෙනි සංඝායනා හා මිහිදු හිමිගේ පැමිණීම-කෙටියෙනි)
සාරාංශය





මෙම ග්‍රන්ථය පිලිබද සියලු අදහස්,යෝජනා,චෝදනා හෝ වෙනත් 

දැනගැනීම් යොමුකරන්න.
budhungedheshaya@gmail.com                                  

3 comments:

  1. Where is the PDf file of this book?

    ReplyDelete
  2. Where can I by this book? Please tell me. Thanks....

    ReplyDelete
  3. මේ පොත ගම්පහදී ලබාගත හැක්කේ කවර ලිපිනයෙන්දැයි දක්වන්න

    ReplyDelete