Sunday, May 5, 2013

අශෝක අධිරාජයාට විදේශාධාර යවා ඉන්‍දියාවේ සකේතාත්මකව රජ වූ ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා

දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු හිමි අප රටට බුද්ධ ධර්මය ගෙන ආ බව පැවසේ. මිහිඳු හිමි ලක්ඛිමට පා තබද්දී දේවානම්පියතිස්ස රජු ජීවත් ව සිටියේද? දේවානම්පියතිස්ස රජු රජ වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 කට පසුවය.( කි‍්‍ර.පූ.307 දී* දුටුගැමුණු රජ සිටියේ කි‍්‍ර.පූ.161-137 බව පිළිගත් මතයයි. එනිසා දුටුගැමුණුගේ රාජ්‍ය කාලය ඉතිහාසයේ ප‍්‍රබල කඩඉමකි. දේවානම්පියතිස්ස රජුගේ සිට දුටුගැමුණු රජුු දක්වා කාලය අවු.146 කි.

දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය තහවුරු වන සෙල්ලිපියක් ගල් විහාරයේ ඇත. එය වළගම්බා රජුගේය. කොටා ඇති වර්ෂය ලෙස ස`දහන් වන්නේ බු.ව.454ය. බු.ව.543 න් 454 ක් අඩු කළ විට එන්නේ කි‍්‍ර.පූ.89යි. ඉතිහාසඥයන්ගේ මතයට අනුව මේ දෙවෙනි වර වළගම්බා රජු රජ වූ වර්ෂයයි. අශෝක රජ, රජ වූ කාලය ඉන්‍දියානු සාධක වලින් හරිහැටි ගණනය කිරීම දුෂ්කරය. අශෝක රජු ගැන ඉන්‍දියානුවන් දැනගත්තේ ද මහාවංසයෙනි. වංසකතා පවා බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 218 කට පසු එනම් කි‍්‍ර පූ 323 දී පියදස්සන කෙනකු අභික්‍ෂේක ලැබූ බව කියන මුත් අපට මෙතරම් හුරුපුරුදු අශෝක කෙනකු ගැන නොකියයි.
මහා ඇලෙක්සැන්ඩර් රජු කි‍්‍ර.පූ.326 දී දිග් විජය කරමින් ඉන්‍දියාවට පැමිණ කි‍්‍ර.පූ.323 දී පිට වී යයි. එම පිට වී යාමත් සමගම වාගේ චන්‍ද්‍රගුප්ත ධනනන්ද මරා මගධයේ රජ වේ. ඒ පරිනිර්වාණයෙන් අවු.218 කට පසුවයි. ඔහු අශෝකගේ අත්තා ය. (පියාගේ පියා* අශෝක, රජ වූයේ කි‍්‍ර.පූ.323 දී රජ වූ චන්‍ද්‍රගුප්තට වඩා වර්ෂ 49 කට පසු ය.
ඉතිහාසඥයන්ගේ මතය කි‍්‍ර.පූ. 274 දී අශෝක රජ වූ බවයි. මේ පිළිබඳ ඔවුන් අතරේ හෝ පුරා විද්‍යාඥයන් අතරේවත් ගැට`ඵවක් නැත. ඒ අනුව මා දකින පැහැදිලි ම කරුණ නම් අපේ දේවානම්පියතිස්ස රජ වී අවුරුදු 33 කට පසු අශෝක රජ වූ බවයි.

අශෝකගේ වැදගත් ම සෙල්ලිපිය වනුයේ 13 වෙනි ගුහා ලිපියයි. එහි අශෝකගේ ධර්ම යාත‍්‍රාව ගැන සඳහන් වන අතර සමකාලීන විදේශ රජවරුන් පස් දෙනකුගේ නම් සඳහන් වේ. ඇන්ටිචෝස් (සිරියාවේ දෙවන ඇන්ටිචස් තියෝස්, කි‍්‍ර.පූ.261-246*, ටොලනි(ඊජිප්තුවේ දෙවන ටොලමි ෆිලඩෝෆස් කි‍්‍ර.පූ.285-247*, ඇන්ටිගෝනස්(මැසිඩෝනියාවේ දෙවන ඇන්ටිගෝනස් ගොන්ටාස්, කි‍්‍ර.පූ.278-239*, මාඝාස්(සිරියාවේ මාඝාස්, කි‍්‍ර.පූ.300-258*, ඇලෙක්සැන්ඩර්(එපිරස්හි දෙවන ඇලෙක්සැන්ඩර්, කි‍්‍ර.පූ.272-256*. අනිවාර්යෙන් ම මේ සෙල්ලිපිය කි‍්‍ර.පූ.258 පෙර කොටන ලද්දක් විය යුත්තේ මේ රජවරුන් පස් දෙනාම එකම කාලයේ රජ කරමින් සිට මාඝ කි‍්‍ර.පූ.258 දී මිය ගිය නිසා ය.(විකිපීඩියා විශ්වකෝෂය*රජවරුන් පස් දෙනා ගැන කීමට උනන්දු වන අශෝක කිසිම අවස්ථාවක ලංකාවේ රජ ගැන වචනයක්්වත් කියා නොමැත්තේ ඇයි? ඔහු තම විරුදාවලියත් අපේ රජුට දුන්නේලූ. තම පුතුත් දුවත් හා අනිකුත් ඤාතීන් ද වෙනත් කිසිම ස්ථානයකට නොයවා ලංකාවට ම එව් බවත් මතක තබා ගන්න.

 අපේ වංසකතාවලට අනුව මිහිඳු හිමි මුටසිව රජ මැරෙන තෙක් බලා සිට ලංකාවට වැඩම කළ බව පැවසෙන මුත් ඇත්තට ම මිහිඳු හිමි සිටියේ දේවානම්පියතිස්ස රජු මැරෙන තෙක් ය. වංසකතාවලට අනුව තිස්ස රජ, වර්ෂ 40 ක් රාජ්‍ය කළේය. ඔහු රජ වූ අවුරුද්දේම ලූ මිහිඳු හිමි වඩින්නේ. එහෙත් අද වනතුරු දේවානම්පියතිස්සගේ එකම සෙල්ලිපියක් හෝ සොයා ගැනීමට නොහැකි වී ඇත. එයින් ඔප්පු වන්නේ මිහිඳු හිමි වඩින විට දේවානම්පියතිස්ස රජ මෙලොවින් සමුගෙන බව නොවේද? අවුරුදු 40 ක් ගොසිනුත් දේවානම්පියතිස්සට සෙල්ලිපියක් කොටවා ගැනීමට බැරිවීම විමතියට කරුණකි. මිහිඳු හිමි ලේඛන කලාව ගෙන ආවා යැයි කීමට අපේ උගතුන් කැමතිය.

 

තම පියාගේ මරණයෙන් පසු බල තණ්හාවෙන් වියරු වැටුණු අශෝක තම සහෝදරයන් ඝාතනය කෙරුවේය. එහෙයින් ම ඔහු චන්ඩාශෝක විය. ඔහු කාලිංගයත් යටත් කර ගත්තේය. එහෙත් ඉන් මෙහාට නොඑන්නට ඔහුට කාරණා දෙකක් බලපාන්නට ඇත. පලමුවැන්න ඔහු යුද්ධයකට සූදානම් වී නොසිටියේය. ඒ නිසා කාලිංගයෙන් මෙහාට ගමන් කිරීමට තරම් ඔහුට ආර්ථික ශක්තියක් නොතිබෙන්නට ඇත. (දුටු ගැමුණු රජ එළාර සමග යුද්ධයට ගියේ තම මල්ලී ලවා මු`ඵ රුහුණු රාජ්‍යයම සශී‍්‍රක කරවාය* දෙවැන්න ලංකාවේ සිටියේ ප‍්‍රබල රජෙකි. ඔහු ජාත්‍යන්තර වෙළ\මේ ද නියුක්ත වූවෙකි. ඒ අද ඊයෙක නොවේ. දේවානම්පියතිස්සගේ අත්තා, පණ්ඩුකාභය රජතුමා අනුරපුරයේ ඇතුල්නුවර බටහිර දොරටුව අසල යෝනකයන් සඳහා ශාලා පිහිටවූයේය(ගයිගර්ගේ මහාවංසය 2003, පි.74* මේ යෝනකයන් යනු වෙළ\මේ යෙදී සිටි ගී‍්‍රකයන් හෝ අරාබිවරුන් විය හැකි යැයි ගයිගර් පවසයි. ගණන් බැලීමේදී මේ පණ්ඩුකාභය රජතුමා සිටියේ කි‍්‍ර.පූ.437-367 දක්වා ය.

අශෝක රජුගේ අත්තා වන චන්‍ද්‍රගුප්ත රජුගේ රාජ සභාවට පත් වී ආ ගී‍්‍රක තානාපති මෙගස්තීනස්ට අනුව ලංකවෙන් මුතු, රත‍්‍රන් හා අලි ඇතුන් වෙළ\ම පිණිස ඉන්‍දියාවට යවා ඇත.කෑගල්ලේ රඹුක්කන, දැලිවල පිහිටා ඇති කොටවෙහෙරින් 2001 දී කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද ධාතු කර`ඩුව ඔතා තිබූ රෙදි කඩ වර්ෂ 2200 ක් පැරණි, එනම් කි‍්‍ර.පූ. 2 වන සියවසට අයත් සේද රෙදි කඩක් බවට විද්‍යාත්මක කාල නිර්ණයෙන් තහවුරු වී ඇති බවට  ඕස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජුඩින් කැමරන් විසින් අපේ පුරා විද්‍යා අධක්‍ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතාට දන්වා එවා ඇත. මෙහි තේරුම චීනයේ හන් පෙළපත කි‍්‍ර.පූ.3 වන සියවසේදී මුහුදු සේද මාවත ආරම්භ කළ දා පටන් අපේ ලංකාව මේ නැව් මාර්ගයේ ප‍්‍රබල සන්‍ධිස්ථානයක් වූ වගයි.
සංගම් සාහිත්‍යයේ ද දකුණු ඉන්‍දියාවට ලංකාවෙන් ගිය නැව් ගැන පැවසේ. එසේ නම් දකුණු ඉන්‍දියාවත් සමග ලංකාව ඉතා සුහද ව කි‍්‍රයා කරන්නට ඇත. එමනිසාත් බලවත් රටක රජකුගේ මිත‍්‍ර රටවල්වලටත් අශෝක රජ අත පොවන්නට නැත. අපේ වංසකතා කියන්නේ තිස්ස, රජ වූ සැනෙන් නොයෙකුත් වස්තූන් පහළ වූ බවත් ඒවා වඩා සුදුසු වන්නේ අශෝක රජුට බව යැයි පවසමින් තිස්ස රජ ඒවා අරිටඨ ඇමති අත අශෝක රජුට යැවූ බව ය. අපේ රජවරුන් ජාත්‍යයන්තර වෙළ\මේ යෙදී සිටි බවට මෙතරම් පැහැදිලි සාක්‍ෂි තිබෙද්දී මේ පහළ වූ වස්තුව තමන්ට උරුම නැතැයි තිස්ස රජු තීරණය කරයි ද?

අශෝක යුධ මෙහෙයුම්වලින් ද ඉවත් වී අසරණ වී ආර්ථිකය කඩා වැටී සිටි අවස්ථාවේ අපේ තිස්ස රජු විදේශාධාර දීමට ඉදිරිපත් වූයේය. ඒ බව සනාථ වන එක් ආධාර ලැයිස්තුවක් බලමු. චාත කන්දෙන් ලබා ගත් ලතා, ශකුණ, කුසුම යන වර්ගවලට අයත් උණ පඳුරු විශාල ප‍්‍රමාණයක් අශෝක රජුට යැව්වේය(ගයිගර් මහාවංසය 2003, පි.78*. මෙතරම් ප‍්‍රමාණයක් උණ ගස් ඇරියේ කුමටද? විනාශ වූ ගොඩනැගිලි නැවත ඉදිකිරීම් වැනි කටයුතු සඳහා විය හැක. නානාවිධ විශාල මැණික් වර්ග යවා ඇත. ඒවා ඉන්‍දියාවට ආ යෝනක වෙළඳුන්ට විකුණා මුදල් කර ගැනීමට විය යුතුය. මේ ආධාර රැුගෙන ගිය අරිටඨ ඇමතිට අශෝක රජු සේනාපති පදවිය දුන්නේය. පිටස්තරයකුට අශෝක රජු මෙවැනි තනතුරක් දුන්නේ ඇයි? එය බුද්ධියෙන් විමසා බැලිය යුත්තෙකි. ඊළඟට වංසකතා කියන්නේ, තිස්ස රජුට දෙවෙනි අභික්‍ෂේකයකට යන්න යැයි උපදෙස් දෙමින් අරිට්ඨ අත කකුධ භාණ්ඩ එවූ බවය. පාලි මහාවංසයේ අභික්‍ෂේකෝපකරණං යනුවෙන් ද ටීකාවේ එය අභික්‍ෂේකයට අවශ්‍ය පංච කකුධ භාණ්ඩ වශයෙන් ද දැක්වේ. වාලවිජිනය, නලල් පටිය, කඩුව, ඡුත‍්‍රය, පාදුතටු හෙවත් මිරිවැඩි සඟල යන කකුධ භාණ්ඩවලට අමතර ව ක්‍ෂති‍්‍රය කන්‍යාවකත් ගංඟා නම් ගෙඟ් වතුරත් ඉන්‍දියාවේ පොලොවෙන් ලබා ගත් රතු පසත් එව්වේය(ගයිගර්ගේ මහාවංසය පි.79-80*. පස් සහ වතුර ගැන ඉතිහාසයේ ඇති සිද්ධි දෙකක් ඉදිරිපත් කරමි.

කි‍්‍ර.පූ. 522 දී පර්ෂියාවේ සිටි මහා ඬේරියස් රජු ඊජිප්තුව අල්ලා ගත් පසු ගී‍්‍රසිය අල්ලා ගැනීමට යුධ වැදුණි. යුද්ධයෙන් පීඩාවට පත් වී සිටි ඇතන්ස් පාලක පෙරික්ලීස් රජුට ¥තයන් අත මහා ඬේරියස් රජු දන්වා යැව්වේ, යුද්ධය නැවැත්වීමට නම්, පරාජයේ සංකේතය ලෙසට වතුර සහ පස් තමා වෙතට එවන මෙන් ය. ජාතික අභිමානයෙන් නැගී සිටි ගී‍්‍රකයෝ ඒ ¥තයන් ව අල්ලා ළිඳකට දැමූ බව කියැවේ.
එසේ ම සංගම් සාහිත්‍යයේ ද එන පලවන රාජේන්‍ද්‍ර (1012/14 - 1044* නමැති ප‍්‍රබල චෝළ රජ උතුරු ඉන්‍දියාව පවා ආක‍්‍රමණය කළ එකම දකුණු ඉන්‍දීය රජුයි. ඔහු හිමාලයේ ව්‍යාඝ‍්‍ර රූපය පවා කෙටවූ බව කියැවේ. මේ රජ උතුරු ඉන්‍දියාව ආක‍්‍රමණය කළ බව සංකේතවත් කිරීමට ඔහුගේ සෙනෙවියකු ගං`ගා නම් ගෙ`ග් ජලය රැුගෙන විත් දකුණු ඉන්‍දියාවේ වැවකට දැමූ බව කියැවේ. ඒ නිසා 1 වන රාජේන්‍ද්‍ර රජුට ගංෙ`ගයි කොණ්ඩෙයි යන විරුදාවලිය ලැබුවේය. මේ රජුට මණ්ඩලම් 9 ක් තිබුණි. ඉතින් පස් හා වතුර පරාජයේ සංකේතයක් නම් අපේ දේවානම්පියතිස්ස රජුගේ ¥තයා අත රජකු විසින් රැුකිය යුතු කන්‍යාවකද එවීමෙන් රටේ ආරක්‍ෂාවත්, රාජ්‍යයත් යන දෙකම භාර දුන් බව ඇඟවේ. එසේ ම කකුධ භාණ්ඩවලින් තහවුරු වන වැදගත් දෙයක් ද ඇත. තිස්ස රජු මේ දෙවැනි අභික්‍ෂේකයෙන් රජ වන්නේ ඉන්‍දියාවේ බවයි. අශෝක රජු අරිට්ඨට සේනාධිපති තනතුර දුන්නේ ද තමන් ලංකාවේ රජුට යටත් බව ඇඟවීමටයි. මේ අවස්ථාව වන විට තිස්ස රජු බොහෝ වයස්ගත නිසා ඉන්‍දියාවට ගොස් කිරුළ පළඳින්නට අපහසු බැවින් ඉන්‍දියන් පොළොව නියෝජනය කරමින් පස් සහ වතුර අරිට්ඨ ඇමති අත ම අශෝක රජු එවන ලදී. කිසි දවසක වෙනත් රටක කකුධ භාණ්ඩවලින් තවත් රටක අභික්‍ෂේක ලැබිය නොහැක. කි‍්‍ර.ව.924-935 දක්වා ලංකාවේ රජ කළ හතර වන දප්පුල රජුගේ කාලයේදී චෝළ රාජ්‍යයේ 1 වන පරන්තක රජු පඬි රට ආක‍්‍රමණය කරන ලදී. එවිට තම කකුධ භාණ්ඩත් රැුගෙන පඬි රජු අප රටට උදව් පතා ආවේය. අපේ රටේ තිබූ වාතාවරණය යටතේ උදව් ලබා ගත නොහැකි වූ පඬි රජු කකුධ භාණ්ඩ අප රජු වෙත පරිස්සමට තබා කේරළයට ගියේය. එහෙත් චෝළ රජ පාණ්ඩ්‍ය දේශයේ රජ නොවුණි. ඔහු අවුරුදු 13 ක් පමණ බලා සිටියේය. දප්පුල රජුගේ ඇවෑමෙන් තව රජවරු දෙදෙනක්ද ඉන් අනතුරු ව දුර්වල පාලකයකු වූ හතර වන උදයද රජ විය. මේ අවස්ථාවේදී චෝළ රජ පඬි රටේ කකුධ භාණ්ඩ ඉල්ලා පණිවිඩ එවීය. අපේ රජු ඒවා නුදුන්නෙන් ලංකාව ආක‍්‍රමණය කොට ඒවා රැුගෙන ගියේය. අරාජික රටක වුවද රජ වීමට එම රටේ ම කකුධ භාණ්ඩ තිබිය යුතුය.

ඇත්තෙන්ම අශෝක රජු බිය වූයේ ජාත්‍යයන්තර වෙළ\මෙන් වඩාත් ධනවත් වී, බලවත් වී සිටි අපේ රජුට පමණයි. අපේ රජුගෙන් එල්ලවිය හැකි ආක‍්‍රමණයකින් රට ගලවා ගැනීමට උපක‍්‍රමයක් ලෙස, දේවානම්පියතිස්ස රජුට ඉන්‍දියාවේ සංකේතාත්මක ව රජ වෙන්නට යැයි අශෝක රජු ආරාධනා කළේය. අශෝක අධිරාජයා එවු, ඉන්‍දියා භූමිය නියෝජනය වන රතු පස් උඩට නැගී, මගධයේ අභික්‍ෂේක ක‍්‍රමයට අනුව, මගධයේ රාජ්‍ය කකුධ භාණ්ඩ උපයෝගී කර ගෙන, ගං`ගා නම් ගෙ`ග් වතුර මගධයේ රාජ කන්‍යාවකගේ අතින් ඉස්සවා ගනිමින් අපේ දේවානම්පියතිස්ස රජු ඉන්‍දියාවේ මගධය නමැති රාජ්‍යයේ සංකේතාත්මක ව අභික්‍ෂේකය ලැබූ බව ඉමහත් අභිමානයෙන් කියමි.

දැන් ‘දේවානම්පිය’ විරුදාවලිය ගෙන බලමු. පරණවිතානයන්ගේ ‘ඉන්ස්කි‍්‍රප්ෂන් ඔෆ් සිලෝන්’’ වලට අනුව මේ විරුදාවලිය තිස්ස රජුම ගත් එකකි. ඒ ඔහුට මෞර්ය අධිරාජයා අනුකරණය කරන්නට උවමනා නිසාලූ. එසේය, විරුදාවලිය තිස්ස රජුම ගත් එකකි. ඒ ඔහු ඉන්‍දියාවේ රජ වන්නට යන නිසාය. අපේ රජතුමා අනුව යමින් දේවානම්පිය විරුදාවලිය අශෝක ගත්තේතම යටහත්භාවය පෙන්වීමටයි. මිහිඳු හිමි ප‍්‍රධාන පිරිස ලංකාවට වැඩියේ රහස් රාජ්‍ය තාන්ති‍්‍රක කි‍්‍රයාවකටය. වංසකතා පවසන්නේ මහ`ඵ මුටසිව රජ මැරෙන තෙක් බලා සිට මිහිඳු හිමි වැඩිය බවකි. මහ`ඵ රජ සම්‍යක්දෘෂ්ටිකයකු කිරීමට ධර්ම ප‍්‍රචාරයේ යෙදුණා යැයි කියනා මිහිඳු හිමිට උවමනා නොවුණිද?


මේ ධර්ම ප‍්‍රචාරයේ පැමිණි සිය`ඵ දෙනාම පාහේ අශෝක රජුගේ ළඟම ඤාතීන් ය. දෙවැනි අදියර සඳහා ද පැමිණියේ දියණිය, සංඝමිත්තා මෙහෙණිය ප‍්‍රධාන අශෝක රජුගේ මස්සිනාලා ය. කාන්තාවන් උපසම්පදා කිරීම භික්‍ෂූන් වහන්සේලාට අකැප නැතැයි විනය පිටකයේ චුල්ල වග්ග පාලියේ භික්‍ඛුණී ඛණ්ඩකයේ ඇතැයි මහාචාර්ය චන්‍ද්‍ර වික‍්‍රමගමගේ පවසයි. එසේ නම් මහණ කිරීමත් අකැප විය නොහැක. 3වෙනි සංඝ සමු`ඵවෙන් පසු අපරන්ත දේශයට වැඩි ධම්මරක්‍ඛිත තෙරණුවෝ අග්ගිකන්දෝපම සූත‍්‍රය දෙසා අනතුරුව පුරුෂයන් හා කාන්තාවන් මහණ කළ සේක. ස්වණ්ණභූමියට වැඩි සෝණ හා උත්තර තෙරහු 3500 ක් කුල පුත‍්‍රයන් ද 1500 ක් කුල කාන්තාවන් ද මහණ කළහ. මිහිඳු හිමිගේ උපදේශකත්‍වයෙන් රජුගේ ආශිර්වාදයෙන් සංඝමිත්තා තෙරණිය සමග මෙහි ආ ඇගේ මාමලා අට දෙනාගෙන් දෙදෙනකුට (බෝධිගුත්තට හා සුමිත්තට* තම පිරිසිදු කුලය රැුක ගැනීමට සංඝමිත්තා තෙරණිය සමගම වැඩිය මෞර්ය වංසික සුනන්දා තෙරණිය සිවුරු හරවා දෙයි. මහණ වීමට සිටි මෞර්ය වංසික සුමනා උපාසිකාව ද නෑකමට සුමනාට ම මාමා වන සුමිත්තට සරණ පාවා දෙයි.


උත්තිය රජුගේ රාජ වර්ෂයෙන් 8 වෙනි වර්ෂයේදී මිහිඳු හිමි පිරිනිවන් පෑවා නම් උන්වහන්සේ මෙහි වඩින්නට ඇත්තේ වයස 52 දීය. උන්වහන්සේගේ ඉල්ලීමට එක`ග වී උත්තිය රජු දුන් ශිෂ්‍යත්‍වයකට :ීජයදක්රියසච* සංඝමිත්තා තෙරණිය සමග අටලොස් කුලයක් මෙහි ආහ. එය සනාථ කරන ප‍්‍රබලම සාධකය නම් අවිහිංසා ධර්මයක් අපේ රටට හඳුන්වා දුන් මිහිඳු හිමිගේ නැ`ගණිය සමග හතර රියන් බෝ පැළය රැුකීමට දුනුවා කුලයකුත් පැමිණීමයි. මහා බෝධිවංසයට අනුව ඔවුනගේ කාරිය වූයේ බෝධියට කපුටන්ට බැස්ස හිය නොහැකි වන සේ දුන්නෙන් විදීමටය. ඇත්තට ම සංඝමිත්තා තෙරණිය සමග ආ අටලොස් කුලයට අපට දෙන්නට දෙයක් තිබුණාද? කිසිවක් නැත. සිංහලයාගේ අනන්‍යතාවය ලොවට පෙන්වන ඉහළම දේ අපේ වාරි තාක්‍ෂණයයි. කි‍්‍ර.පූ. 1 වන සියවසේදී දකුණු ඉන්‍දීය චෝළ රජකු වන කරිකාලන් කාවේරි පටුනේ වේල්ල ඉදි කිරීමට අපේ රටින් තරුණයන් 12000 ක් පැහැරගෙන ගිය බව අපි දනිමු. (මෙම තරුණයන් වැව් ඉදිකිරීමේ තාක්‍ෂණය දත්තවුන් බව කියැවේ* ඒ වංකනාසිකතිස්ස රජුගේ කාලයේය.

අපේ වැවේ ඇති බිසෝ කොටුව කි‍්‍ර.ව. 1 වන සියවස වන විටත් අප සාදා ඉවරය. අදටත් වාරි ඉංජිනේරුවන්ට ඊට ඉහළින් යා හැකි තාක්‍ෂණයක් සොයා ගැනීමට නොහැකි වී ඇත. ඉන්‍දියාවටත් ඒ තාක්‍ෂණය අප දුන්නේ 10 වන සියවසේදී පමණය. මාදුරු ඔයේ වැව් බැම්මේ ඇති ගඩොලක ඝන අ`ගලකට දැරිය හැකි බර රා.2077ක් බව පේරාදෙනි විශ්ව විμාලයෙන් කරන ලද පරීක්‍ෂණයකින් ඔප්පු වී ඇත. බුදු හිමියන්ගේ කාලයේ පටන් රෝහණ නදියේ වතුරටත් ඇන කොටා ගත් ජාතියක් අපේ සංවර්ධනයට මොනවා දෙන්නද? සං`ගමිත්තා තෙරණිය සමග කුල 200 ක් පමණ මෙහි ආවේ අපේ රජුගෙන් ලැබූ ශිෂ්‍යත්‍වයකටය. ඔවුන් අපෙන් ඉගෙන ගන්නට ආ ප‍්‍රාථමික තලයේ අයයි.

අශෝක රජුට ඔය තරම් ඉහළ ශිල්ප ශ්‍රේණින් සිටියා යැයි කියනා නමුදු ඔහු පවා අභික්‍ෂේකය ලැබුවේ ස්වයංජාත විලකින් ලබා ගත් ජලයෙනි. පසු කාලයක මෙම විල ප‍්‍රතිශංස්කරණය කොට ශක පාලකයකු වන රුද්‍රදාමන් රජ ඒ අසල ජුනාඝාට් සෙල්ලිපිය පිහිටුවේය. මේ කි‍්‍ර.ව.171 න් පසු කාලයේය.
තමන්ට ලැබුණු ශිෂ්‍යත්‍වයට කෘතඥතාවය පළ කිරීමට ගුරු පඬුරු ලෙසට සං`ගමිත්තා තෙරණිය ශී‍්‍ර මහා බෝධිය රැුගෙන ආ සේක. ඒ ධන ධාන්‍යයෙන් හා ශිල්ප ඥාණයෙන් ඉහළින් සිටි අපේ රජතුමාට දෙන්නට වටිනා වෙන කිසිවක් අශෝක අධිරාජයාට නොතිබූ නිසාය.



තිලකා රන්දෙණිය
අභිමානී හෙලන්කා

2 comments:

  1. සම්ප්‍රදායට කොටුවෙනවට වඩා තර්ක කර ගවේෂණ කිරීම හොඳය . සත්‍ය එලි කර ගත හැක්කේ එවිටය. ඉන්දියාවේ මස්කි ලිපිය හොයා ගන්නට පෙර මුල්යුගයේ සුද්දෝ සිතා සිට ඇත්තේ ද එම ගිරි ලිපි ලියා ඇත්තේ ලංකාවේ දේවානම් පියතිස්ස රජ කියාය. මසකි ලිපියේ අසෝක නම ලියා ඇති බව දැක්වේ . සුද්දෝ ගිරිලිපි සොයාගන්නා තෙක් එකල ඉන්දියානුවන් බෞද්ධ අසෝක රජ කෙනෙඋකු සිටි බව දන සිට නැත
    http://en.wikipedia.org/wiki/Maski

    ReplyDelete
  2. සඳරුවන්July 2, 2013 at 12:08 AM

    හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙට කියනවනේ. අපි ඇත්ත හොයමු.

    ReplyDelete