Saturday, April 20, 2013

Fuhrer ගේ කපිලවස්තුවට මහාචාර්ය Waddell ගැසු අතුල් පහර

බෞද්ධයෝ වැඩි පිරිස සිතා සිටින්නේ යටත් විජිත යුගයේ සුද්දෝ කැනීම් කර එතෙක් යටපත්ව තිබු බුදුන්වහන්සේ උපන්, බුදු වුන, දම්සක් පැවතුම් පැවැත්වූ, පිරිනිවන පෑ ස්ථාන අපට නිවැරදි ලෙස සොයා දුන් බවය.  එහෙත් සත්ය වශයෙන්ම ස්ථීර ලෙස ඔවුන් සොයා දුන් දෙයක් නැත. එක එක පිරිස් එක එක ස්ථාන යෝජනා කරමින් සිටි බවක් නම් මැනවින් පෙනේ. එහෙත් තමන් යෝජනා කල ස්ථාන සනාත කරන්නට Fuhrer මෙන් කිසිවෙකු හෝ හොර සෙල්ලිපි හෝ බලලා ගලේ පැහැරුවාක් සේ වන අතටම අසුවන බොරු  හෝ කර නැත්තේය. එහෙත් වඩාත් හාස්‍ය ජනක දේ නම් මේ බොරු කාරයාගේ යෝජනාම අප විසින් පිළිගෙන භාරගැනීමය.

පහත වන්නේ මහාචාර්ය Waddell විසින් ඉන්දියානු ආණ්ඩුවේ ආදායම් සහ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ලේකම් වරයාට යැවූ රාජකාරි ලිපියේ කොටසකි Waddell මහතා මේජර් වරයකු මෙන්ම රසායන විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයකු ද වේ
File No 6 of 99
Serial No 4  3/596
No 41.A , dated Calcutta , 22nd March 1899

ඔබේ ලිපි අංක 3543-13-27 සහිත 1898 දෙසැම්බර් 31 දිනය ඇති සහ අංක 131 - 13.33 සහිත 1899 ජනවාරි 12 අනුව අණ කල පරිදි  කපිලවස්තු කැනීම් පිලිබඳ නේපාලයේ Durbar හි නිලධාරීන්ට උපදෙස් දෙන්නට සති 6ක්  නේපාලයේ Terai වලට පවරා යැවීම  සම්බන්ධ එම සාමාන්‍ය වාර්තාවක් ගරුබුහුමනින් වාර්තා කරමි.  සිතියම් සහිත විස්තර වාර්තාවක් පසුව ඉදිරිපත් කරමි
ජනවාරි 16 වනදා කල්කටාවෙන් පිටත් වී Gorkapur මගේ කඳවුර සමග එක්වී ජනවාරි 21 නේපාලයේ දේශ සීමාවට ළඟා වීමි. විවිද ගොඩලි (mounds ) ගවේෂණය කරමින් ඒවා සිතියම් ගත කරමින් 25 වනදා Nigliva සහ Sagarawa අතර පිහිටි Fuhrer විසින්  සිය රජයේ  වාර්තාවල සඳහන් කර ඇති කපිලවස්තු පිහිටීමට පැමිණියෙමි.  Smith මහතා විසින් ඔහුගේ රාජකාරි වාර්තා වල සඳහන් කර ඇති භුමිය කිසිම සැකයකින් තොරව හඳුනා ගත්තෙමි.
එය නිසැකයෙන්ම කපිලවස්තු නොවන බව දැන ගැනීමට ලැබීම ගැන මම පුදුමයට පත්වීමි. චීනයේ සහ ටිබෙටයේ වන්දනා කරුවන් විසින් කරන ලද භුමි විස්තරයට අනුව එම පෙදෙස කපිලවස්තුව ලෙස හඳුනා ගැනීමට කිසිම ලක්ෂණයක් නොවීය. එහි කිසිම ගොඩල්ලකින්  කැනීම් වලින් බෞද්ධ වස්තුන්ට සමානවූ කිසිවක් සොයාගෙන නැත.
 Fuhrer විසින් ප්‍රකාශ කර තිබුනේ  කපිලවස්තුව සොයාගැනීම සඳහා කෝනාගමන බුදුන් ගැන සඳහන් අසෝක ලිපියක් සහිත ටැම වැදගත් සාකියක් බවය. එහෙත් එහි එවැනි ටැමක්  නැත. V .A Smith මහතා විසින් මෙය සනාත කර ඇත.
කැඩුණු ටැමක කෙලවර කැබැල්ල Nigali ජලාශයේ අඩි  3ක් පමණ එරී තිබුනත් මෙය මුල් අවධියේ තිබුනේ කොතනද යන්න ප්‍රාදේශීය වශයෙන් හෝ ඓතිහාසික වශයෙන් හෝ සොයා ගන්නට නොහැකිය. විශාල ස්ථුපයක ගොඩල්ලක් එයට ආසන්න  අසල්වැසි ස්ථානයක තිබෙන බව fuhrer ගේ  රජයේ වාර්තාවේ ලියන ලදුව Smith  මහතා විසින් එවැන්නක් ඇති බවට භාරගෙන තිබුනත් එවැන්නක් ඇත්තෙම නැත. එය චීන සංචාරකයන් විසින් දෙන ලද විස්තරයට ගැලපෙන ලෙස පෙන්වීමට ගොතන ලද බොරුවකි.මෙම වැදගත් කරුණු සනාත කිරීම සඳහා ප්‍රධාන වයඹ පළාත් අධිකාරී Gorakhpur හි කොමසාරිස් ආචාර්ය Hoey ට රජය වෙනුවෙන් පැමිණ මෙම ස්ථාන නිරීක්ෂණය කරන මෙන් ඉල්ලීමි. ඔහු පැමිණ මගේ කරුණු සනාත කළේය.

ඉන් අනතුරුව මහාචාර්ය Wadell 1899 අප්‍රේල් 25 වන දින ඉන්දියානු ආණ්ඩුවේ පොදු කටයුතු දෙපාර්තුමෙන්තුවේ කොමසාරිස්ට ලිපියක් යවමින් මෙසේ පවසා තිබේ.
Fuhrer ගේ සාවද්‍ය වාර්තා රජය විසින් ලෝකය පුරා විසිරී සිටින ප්‍රධාන පෙලේ ප්‍රාචීන භාෂා විශේසඥයන් අතර සංසරණය වන්නට සලසා තිබෙන බවත් එම වාර්තාව තවමත් ක්‍රියාකාරී ලෙස පුවත් පත් වල සහ රජයේ ගැසට් පත්‍ර වල මුද්‍රණය කරන බවය.
(WP &Oudh Proceedings (Public work Department) 1899; Miscellaneous, (Shelf mark p/5588) India Office)
මහාචාර්ය Waddell විසින් මෙසේ Fuhrer විසින් බොහෝ සාවද්‍ය සහිතව ගොතන ලද  බොරු අචාර්ය Hoey ගේ ද සහය ඇතිව   එකිනෙක බිඳ දමා ඇති ආකාරය පහතින් දැක්වේ
*19.මෙම විශාල පැරණි නගරයේ (Krakachchanda) නටබුන් අදටත් Louki Kudan සහ Gotvila නව ගම්මාන අතර දැකිය හැක. Srinagar පිහිටියේ කපිලවස්තුවේ දකුණු දොරටුව  අසලය (Anton Fuhrer )
නටබුන් වී ඇති කුඩා ගොඩලි මෙම නගරය ගැන දෙන ලද විස්තරයට
කිසිසේත්ම නොගැලපෙන්නය. Srinagar පිහිටියේ කපිලවස්තුව ආසන්නයේ හෝ කපිලවස්තුවේ දකුණු දොරටුව පැත්තේ  නොවේය. (මහාචාර්ය Waddell )
Fuhrer
කියන පරිදි පැරණි නගරයක නටබුන් කිසිවක් මෙහි දක්නට නැත. කපිලවස්තුව පිහිටියේ Srinagar වලට කිසිසේත් ආසන්නයේ නොවේ. එවන්නක පිහිටීමක් එහි ඇත්තෙම නැත.  (ආචාර්ය Hoey)
*Fa Hien සහ Hnein Tsiang සංචාරකයින් සඳහන් කර ඇති පරිදි අදටත් ස්ථුප 3ක් සහ පන්සල් දැකිය හැක. (Anton Fuhrer ).
 Fa Hien සහ Hnein Tsiang සංචාරකයින් සඳහන් කර ආකාරයට ගැලපෙන පරිදි ගොඩැලි එහි දක්නට නැත.(මහාචාර්ය Waddell )
 Fa Hien සහ Hnein Tsiang සඳහන් කර ස්ථූප හෝ පන්සල් මෙහි දක්නට ඇත්තෙම නැත. එවැනි ස්ථූප වලට ගැලපෙන ගොඩැලි මෙහි ඇත්තෙම නැත .(ආචාර්ය Hoey)

*
Krakachchanda හි නිර්වාණ ස්ථුපය Gotvila මැද පිහිටා ඇත.එය අදටද  ඩි 80ක් උසින් යුක්තවන අයුරු දැක ගත හැකිය.(Anton Fuhrer)
 
 Gotvila
හි තියෙන ස්ථුපයේ උස ඩි 7 1/2 කි.එය කිසිවකුගේ මතක ඇති කාලයෙක එවැනි උසක තිබී නැත.(මහාචාර්ය Waddell )
 මෙය Fuhrer ගේ සම්පුර්ණ මුසාවකි. මෙහි ඇති ස්ථුපය  අඩි 8ක් පමණ විය හැක. එහෙත් අඩි 80ක් නම් නැත. Krakachchanda හි නිර්වාන
 ස්ථුපය යයි විශ්වාස නොකරමි.
(ආචාර්ය Hoey)

*
Bharadwa ගමට ආසන්නයේ තවත් ස්ථූපයක් ඇත්තේය.(Anton Fuhrer) .
මෙහි අඩි 2ක් පමණ වන ගොඩැල්ල ස්ථුපය ක් නොවේය. මෙහි ඇත්තේ ශිව දේවාලයක (Shiva  Temple) නටබුන්ය.(මහාචාර්ය Waddell )
Bharadwa හි නටබුන් කිසිසේත්ම ස්ථුපයක නොවේය.(ආචාර්ය Hoey)


*
22.කෝනාගමනගේ (බුදුන්ගේ) නිර්වාණ චෛතියේ සිට කපිලවස්තුව පිහිටියේ නැගෙනහිර පැත්තට යොදුන් (yojan) එකක්වත් අඩු දුරකින් බව Fa hien විසින් කරනලද ප්‍රකාශය සාවද්‍යය. ශාක්‍යවරුන්ගේ අගනුවර පිහිටියේ අශෝක කුලුනේ සිට වයඹ දෙසට සැ 5ක් පමණ වෙන්නට Nigali  Sagar  හි බටහිර ඉවුරේය. (Anton Fuhrer) .
මෙම කපිලවස්තුව යයි (Fuhrer ) නම් කරන ලද නගරය එම නගරයට ආවේනික ලක්ෂණ බොහොමයක් පෙන්වන්නේ නැත. ඔහුගේ එම නගරය පිහිටියේ අසෝක කුලුනේ සිට සැතපුම් 5ක් නොව සැතප්මකටත් වඩා අඩු දුරකින් Nigali Sagar හිය.(මහාචාර්ය Waddell )
Fuhrer විසින් කියන පරිදි මෙම කරුනේදී Fuhrer සම්පුර්ණයෙන්ම වැරදිය. Fa Hien වැරදි බවට දෝශාරෝපනය කරන්නට Fuhrer කිසිවක් තේරුම් ගෙන නැත. (ආචාර්ය Hoey)


*
කොනාගමනගේ (බුදුන්ගේ) විශාල නිර්වාණ ස්ථුපය අතිශයින් පැරණි උවත් තවමත් යම් පමණකට  හොඳින් සංරක්ෂණය වී පවතී.  අසෝක කුලුනට ආසන්නයේ මෙම ආනුභාවසම්පන්න පෙනුමැති ගොඩ (pile )  Nigliva ගමේ සිට සිට සැතප්මක් පමණ දකුණින් පිහිටා ඇත්තේය. (Anton Fuhrer) .

මෙම ගොඩැල්ල මනස්කල්පිත නිර්මාණයකි. කුලුන අසල හෝ අසල්වැසි පෙදෙසක ගොඩල්ලක් නැත .
(මහාචාර්ය Waddell )

Fuhrer ලියා ඇත්තේ සම්පුර්ණ බොරුවකි. මෙහෙ එවැනි ආනුභාවසම්පන්න ගොඩැල්ලක් නැත. Nigali Sagar අසල ස්ථුප ගොඩැල්ලක් දැකීමට කොතනකවත් නැත. (ආචාර්ය Hoey)


*
කැනීම් වලින් සොයා ගන්නා  ලද අභිලිඛිත කුළුණු කොටසේ ගැඹුර අඩි 10 අඟල් 6 කි. පාදීය ප්‍රදේශය අඩි 8කි. බැන්දේ වට ප්‍රමාණය අඩි 8 අඟල් 2කි. එය අඩි 7x 7 සතරැස් බඳින ලද අත්තිවාරමක මෙහි වැතිරී තිබෙනු දැකිය හැක .(Anton Fuhrer) .
මේ වාර්තා කරන ලද කැනීම සහ දී ඇති මිනුම් අසත්‍ය කල්පිත ඒවාය. මෙම අත්තිවාරම පළමුවෙන්ම කැනීම් කලේ මම. මෙහි උස අඩි 7 අඟල් 9.5ය. බඳ වට ප්‍රමාණය අඩි  7 අඟල් 5.5කි. මෙය සම්පුර්ණ (Fuhrer ගේ  ) නිර්මාණයකි.  මෙම කුලුන එතන තිබුනේ නැත. ගඩොලින්, ගලින්, බදාමයකින් බඳින ලද දෙයක ලකුණක් කොහෙත්ම අසල්වැසි තැනක හෝ නැත.(මහාචාර්ය Waddell )
Fuhrer විසින් මෙහි කැනීම් කළා නම් ඔහු දුටුවා යයි කියන දෙය සම්පුර්ණ අසත්‍යයකි. ඔහු කැනීම් නොකලා නම් එය දෙපිට බොරුවකි. මෙම සම්පුර්ණ කුළුණු කඳ අනාවරණය කලේ මේජර් Wadell මා ඉදිරි පිටය. මෙම කුලුන මෙහි නොවීය. මම දුටුවේ පාදයේ අග කෙලවර පොඩි පට්ටම් වී තිබුණු කුලුනකි. . Gotvila වල මෙන් පාදය සුමට කැපුමක් නොවීය. බඳින ලද වේදිකාවක් නම් තිබුනෙම නැත.
(ආචාර්ය Hoey)

*23.
Nigliva පිහිටියේ Uska Bazar දුම්රිය පොලේ සිට සැතපුම් 38ක් වයඹ දෙසට වන්නටය. වන්දනාකරුවන් ගලේ කොටන අක්ෂර වලින් ඉතාම ලස්සනට ටැමේ ස්රී ටපමල්ල නිත්යම් කියා කොටා ඇත්තේය.අසෝක රජගේ ලිපියක් පාමුල සිට අඩි 10 අඟල් 6 ක් උසින් කොටා ඇත්තේය.(Anton Fuhrer) .
Nigliva පිහිටියේ සැතපුම් 29ක් කෙලින්ම උතුරිනි. මෙහි ඇත්තේ රළු ලෙස කොටන ලද අකුරුය. මෙහි පැහැදිලිව ඇත්තේ නිත්යම් නොව වීර යන්නය. කැඩුණු කුලුනේ සම්පුර්ණ උසද අඩි 7 අඟල් 9.5 කි. අකුරු කොටා ඇත්තේ පහත කෙලවර සිට අඩි 5 1/2ක් උසිනි. (මහාචාර්ය Waddell )
මෙහි ඇත්තේ ගොරෝසු ලෙස ලියන ලද අක්ෂරය. මෙම අකුරු මත ඇතිල්ලීමෙන් ගත පිටපතක් මා ළඟ නැත. එහෙත් Fuhrer ගේ කියවා ගැනීම් සාවද්‍ය බව මතකය. Fuhrer ගේ ගණනය කිරීම් වැරදිය. එහි (අසෝක) ලිපියක් කොටා නොමැත (ආචාර්ය Hoey)

*
Nigali Sagar පොකුණේ බටහිර තොට  පිහිටි මෙම ලිපිය සහිත චේදනය වූ ටැම් කොටස පිහිටි  ස්ථානය  ආසන්නයේ සිට ගඩොල් නටබුන් විශාල වශයෙන් කපිලවස්තුවේ දකුණු ගේට්ටුව දිශාවට පැතිර තිබේ. (Anton Fuhrer) .
මෙහි විශාල ලෙස නටබුන් කොහෙත්ම නැත.(මහාචාර්ය Waddell )
මෙම නටබුන් කතාව Fuhrer ගේ වර්ණවත් සංකල්පයකි.(ආචාර්ය Hoey)


*
24. මෙම නටබුන් කන්දරාව අතර කෝනාගමන බුදුන්ගේ නිර්වාන ස්තුපය පැහැදිලිව දැක ගත හැක. මෙහි ගෝලාකාර ශිකරයේ පතුලේ විෂ්කම්භය අඩි 8කි. එහි දැනට  උස අඩි 30ක් පමණ වේ. අඩි  20ක් පමණ උසට සවිමත් ගඩොලින් බැඳ ඇත. මෙහි ඇතුලත පස් පුරවා ඇත. මෙම ගෝලාකාර ශිකරය තියෙන්නේ විෂ්කම්භය අඩි 109 ක් වන වෘතාකාර ස්කන්ධයක් මතය. එය සාදා ඇත්තේ ගඩොලින් කරන ලද බෙරයක ආකාරයටය. මෙහි උස අඩි 6කි. මෙම ගඩොල් 16''x 11''x 3'' ක් තරම් විශාල ඒවාය. අඩි  8ක් පමණ පාරක් බාහිරෙන් පිහිටා ඇත. මෙම වෘතාකාර අත්තිවාරමට අඩි 10ක් ඈතින් ගලින් කරන ලද ද්වාරයන් සහිත වැටක් ඇත්තේය. මෙහි පිහිටීම් අදටත් අඳුනා ගත හැක්කේය.
මේ දිග පළල විස්තර සහිත ස්තුපය සහ අනෙක් විස්තර නිර්මාණ කරන ලද ප්‍රබන්ධයකි.මෙවැනි ස්ථුපයක් හෝ ගොඩැල්ලක් ඇත්තෙම නැත. (මහාචාර්ය Waddell )
මෙම සම්පුර්ණ පාඨයම හුදු නිර්මාණයකි. සම්පුර්ණ අසත්යකි.  (ආචාර්ය Hoey)

*25. මෙම නටබුම වටේට නටබුන් වී ගිය පන්සල්  ඇද වැටුණු කුළුණු කැඩුණු අඹන ලද රුප ඇත්තේය.(Anton Fuhrer) .
මෙම
නටබුන් වී ගිය පන්සල්  ඇද වැටුණු කුළුණු කැඩුණු අඹන ලද රුප ස්තුපය මෙන්ම ප්‍රබන්දයන්ය.(මහාචාර්ය Waddell ) 
මෙවැනි කිසිවක් එහි ඇත්තෙම නැත.මෙසේ පෙන්වා ඇති මෙම සහාසික බොරු නිර්මාණය දැක මම බියට පත් වීමි.
(ආචාර්ය Hoey)

*27. කෝනාගමන බුදුන්ගේ නිර්වාන ස්ථූපය තිබෙන්නේ Nigali Sagar ඉවුර අසබඩය.(Anton Fuhrer) .
මෙවැනි ස්ථුපයක් හෝ ගොඩැල්ලක් ඇත්තෙම නැත.
(මහාචාර්ය Waddell )

Nigali  Sugar අසල එවැනි ස්ථුපයක් හෝ එවැනි ආකාරයේ කිසිවක් නැත.
(ආචාර්ය Hoey)

*
මෙම ස්ථානය අහඹු ලෙස  වාසනාවට හමුවුවූයේය  (Anton Fuhrer) .
මෙය වාසනාවට අහඹු ලෙස සිදුවූ දෙයක් නොවේය. 1896 මම සේවයේ නැති විට Fuhrer කල්තියා සැලසුම් කරන ලද Padariya හි සාකච්චාවට මා වෙනුවට යවන ලදී. නේපාලයේ ජෙනරාල් Kharga Shamsher  මට කීවේ ඔහු හිතා මතාම අසෝක කුලුන අසලම සංවිධානය කල බවය.ඔහු ආචාර්ය Hoey සඳහා මෙම කුලුනේ ඉහල ඇති ලේඛනයේ වසර කිහිපයකට පෙර ස්පර්ශ කර පිට පතක් අරන් දුන් බව කීය.(මහාචාර්ය Waddell )

1892 අගභාගයේ Gorakhpur දිස්ත්‍රික්කයට මම බැඳුනවිට බෞද්ධ සිද්ධස්ථාන ගැන ගවේෂණ කිරීම ඇරබුවෙමි. Basti සිට ඊසාන දෙසින් කපිඩ් නමින් හැඳින්වූ ගම්මාන විශාල ප්‍රමාණයක් වීය. මේවා කපිලවස්තු රාජධානියයි අදහස් කරන ලදී . නේපාලයේ Tarai , Nigali Sagar ටැමේ ලේඛන සහ අනෙක් නටබුන් (piprahwa සහ Ruminidei ඇතුලත්ව) වල සටහන් රැගෙන ඒම සඳහා මම ඒජන්තවරයකු යොදවා ගතිමි. නමුත් එහි යන්නට මට නොහැකි විය.(ආචාර්ය Hoey)
*කැනීම් කරනවිට ඒක රාශි වී තිබුණු සුන් බුන් අතර ඉතා හොඳින් ආරක්ෂා වුනු සෙල්ලිපියක් හමුවීය. (Anton Fuhrer) .

මෙම කැනීම් කලේ නේපාල් ජනරාල්වරයා Fuhrer නොමැති අවස්ථා වේදී බවත් ඔහු විසින් එම සෙල්ලිපිය ස්පර්ශ කර පිටපත් ගත බවත් පසුව Fuhrer එය ඔහුගේ එකක් ලෙස අරන් ගිය බවත් ජෙනරාල් වරයා මට කීය.
ඒවා ආචාර්ය Hoey ගේ ලිපි වල ඉදිරිපත් කර ඇති බවත් කීය (මහාචාර්ය Waddell )

1893 මම Kharga Shamsher නම් Tausem නම් ජනරාල් වරයා හඳුනා ගත්තේය. ඔහු නේපාලයේ බුදු දහම ගැන මා සමග ලිපි ගනදෙනු කළේය. එස්ම ටැම් ස්පර්ශ කර පිටපත් ද එවීය. නමුත් එහි අසෝක අකුරු නොවීය. මම ඔහුට සෙල්ලිපි වල පිටපත් ගන්න ආකාරය කියා දුනිමි. ඔහු විසින් ටැම් ස්පර්ශ කර පිටපත් ලබා දුන්නේ මා කියා දුන් ආකාරයටය, මම මේජර් Waddell සමග Tarai ගියවිට ඔහු අප මුණ ගැසෙන්නට පැමිණියේය. අපේ සාකච්චාවේදී ඔහු කියා සිටියේ එම ටැම් වල  පිටපත් ගත්තේ ඔහු බවය. එමෙන්ම Padiriya සංචාරය Fuhrer සඳහා ම යොදාගත්තේ Fuhrer ලුම්බිණි උද්‍යානය එහි ඇත බව දන්නා නිසාය. Shamsher ඔහු කුළුණු වලින් ගත් පි පත් මට පෙන්වූ වත් Fuhrer එලෙස ගත්‍  පිටපත් මට පෙන්වුයේ නැත. Shamsher මට එවන ලද පිටපත් මෙන්ම එවන ලද ලිපිද මම මේජර් Waddell ට  දුනි (ආචාර්ය Hoey) .

*
29. Waddell අදහස් කරන්නේ ලුම්බිණි කෝනාගමන ටැමේ සිට ස්වල්පයක් උතුරින් ඇති බවය.(කෝනාගමන ටැමක් නැති බව ආචාරය මහාචාර්ය දෙපල මෙයට පෙර පෙන්වා දෙන ලදී)මෙය වැරදිය සියලුම සාක්ෂිවලට විරුද්ධය .ලුම්බිණි උද්‍යානය තියෙන්නේ සැ13ක් කෝනාගමන ටැමේ සිට  ගිනිකොනට වන්නට සහ කපිලවස්තුවේ සිට සැ 18ක් ගිනිකොනට වන්නටය.(Anton Fuhrer) .
සියලුම සාක්ෂි වලට විරුද්ධ බව Fuhrer පවසයි නම් ඔහුගේ ප්ලේට් අංක 1 ටැම සටහන් කර ඇත්තේ අංක 2 ලෙසය. එහි ලුම්බිණිය ඇත්තේ එම ටැමේ සිට ඊසාන දිගිනි. ඔහු මගේ වාර්තාව යටපත් කරන්නේ ටිබෙට් ජාතික වන්දනා කරුට අනුව නැගෙනහිර දිසාව ලෙසත් දවස් 1/2 කින් යා හැකි ලෙසත් ගෙනය. මෙම වරදට හේතුව Fuhrer කපිලවස්තුව වරදවා හඳුනා ගැනීමය.(මහාචාර්ය Waddell )

ලුම්බිණි උද්‍යානය කපිලවස්තුවේ සිට සැ 18ක් වයඹින් පිහිටීම සත්‍යට දුරස් වීමකි. කපිලවස්තු නගරය Fuhrer සොයා ගෙන නැත. එපමණක් නොව ලුම්බිණි උද්‍යානයෙන් එම දුරින් පිහිටි එම ස්ථානයද Fuhrer සොයාගෙන නැත.
(ආචාර්ය Hoey)
* 36. කපිලවස්තුවේ සැබෑ පිහිටීම ලුම්බිණි උද්‍යානයේ සිට සැ 18 වයඹට ය.(Anton Fuhrer) .

කපිලවස්තුවේ සැබෑ පිහිටීම Fuhrer විසින් පෙන්වා දී නැත . ඒ හැරුණු විට ඔහු වැරදි සහගත ලෙස කපිලවස්තුව ලෙස පෙන්වාදෙන ස්ථානයද සැ 18 නොව සැ 13ක් ලුම්බිණියේ සිට වයඹ දෙසින් පිහිටියේය.
(මහාචාර්ය Waddell )

 Fuhrer කපිලවස්තුව පෙන්වා දී නැත.ඔහු එම පෙදෙස අඳුනා ගෙනම නැත. (ආචාර්ය Hoey)

*
ලුම්බිණි උද්‍යානය Jamuar ගඟ ආසන්නයේ ගිනිකොනින් පිහිටියේය (Anton Fuhrer) .
ලුම්බිණි උද්‍යානය (Fuhrer ගේ ලුම්බිණි ද්යානය) Jamuar ගඟේ සිට සැතපුම් 12ක් නැගෙනහිරටය
(මහාචාර්ය Waddell )

එය (Fuhrer ගේ ලුම්බිණි ද්යානය) Jamuar ගඟේ සිට සැතපුම් 10කට අඩු නැත . සැ 12ක් 13 ක් විය හැක Jamuar ගඟ ලුම්බිණි උද්‍යානයයේ සිට බටහිරෙනි  (ආචාර්ය Hoey)


* 39.
මෙම නිවැරදි කිරීම කපිලවස්තුව පිහිටා ඇති ආකාරය අනුව වැරදිය (Anton Fuhrer)
   මෙය වැරදි ලෙස හඳුනා ගැනීමකි. එය සාවද්‍යය (මහාචාර්ය Waddell )

   මෙය විහිළුවකි, මෙය ප්‍රශ්න කල යුත්තකි .Fuhrer නිවරදි  ලෙස කපිලවස්තුව හඳුනා ගෙන නැත.(ආචාර්ය Hoey)

*
44. කපිලවස්තුව සහ අසල ඇති අභය භුමිය ස්ථීර  ලෙස හඳුනා ගැනීමට හැකිවිය. මම පැතිරී  ඇති නටබුන් සොයා ගතිමි. (Anton Fuhrer)
   මෙම කරුණු සියල්ලම ඉහතින් ප්‍රතික්ෂේප කර ඇත(මහාචාර්ය Waddell )

  Fuhrer කපිලවස්තු හඳුනාගෙන නැත. ඔහු කියන විධියේ පිහිටීම  අවශ්‍ය  පරිදි තහවුරු කිරීමට ඔහු සාධක සොයා නැත. (ආචාර්ය Hoey)
   
*වන්දනා කරුවන් දෙදෙනා සඳහන් කර ඇති සියලුම පුජනීය  ස්ථාන
පහසුවෙන් හඳුනා ගත හැක.(Anton Fuhrer)
එලෙස මෙහි බොහොමයක් හඳුනා ගත නොහැක.  (මහාචාර්ය Waddell )

මට කිසිවක් සොයා ගත නොහැක. ඒවා ඇත්තේ නැත (ආචාර්ය Hoey)

*47.
 චීනවන්දනා කරුවන් දෙදෙනා සඳහන් කර ඇති සියලුම පුජනීය බෞද්ධ ස්ථාන නේපාලයේ Tarai බටහිර කොටසින් සැහීමකට පත්වන ආකාරයට හඳුනා ගත හැක.(Anton Fuhrer) 
Fuhrer විසින් කියන ආකාරයට මෙහි එකක් හෝ චීන වන්දනා කරුවන් කියන ආකාරයට  හඳුනා ගත නොහැක. ජේනරල් Shamsher ලුම්බිණිය උද්යානය නිවැරදිව සොයා ගෙන ඇත. (මහාචාර්ය Waddell )

ලුම්බිණි උද්යානයද සෑහීමකට පත්වන ආකාරයට තවමත් හඳුනා ගෙන නැත. Fuhrer ලියා ඇත්තේ අසත්යන්ය. ඔහු ජනතාව මෙන්ම ආණ්ඩුව ද නොමග යවා ඇත්තේය. Fuhrer මහා පරිමාණයෙන් බොරු කියා තිබේ. මෙවැනි මහපරිමාණයේ මිත්‍යා ප්‍රබන්ධ ඇති උතුරු ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේෂණ වෙළුම 6 මුද්‍රණය කිරීමට අවසර දීමෙන් වයඹ පළාතේ සහ ඉන්දියානු ආණ්ඩුවේ කීර්තියට හානිවේ. මම මේ ස්ථාන සියල්ල මේජර් Waddell සමග පරීක්ෂා කලෙමි.මෙම (Fuhrer ගේ ) පොත මිත්‍යා ප්‍රබන්ද වලින් පිරුණු එකකි.(B & R Branch Miscellaneous, August 1899, Extracted from Imperial Archeological Survey Report xxvi ( Enclosure I) Archeological Survey of Nothern India, Volume vi)


V .A Smith මහතා විසින් ලියන ලද කොමිෂන් වාර්තා
වේ කරුණු වලට අමතරව ඔහු විසින් 1899 ජුනි මාසය උදෙසා ලියන ලද සිය ප්‍රගති වාර්තාවේද Fuhrer ගේ සාවද්‍ය වාර්තා කිරීම් පෙන්වා දී තිබේ.
Fuhrer විසින් ලියන ලද Monograph on Buddha Sakyamuni's Birth Place in the Nepalese Tarai හි ලියනලද සාවද්‍ය  කරුණු මෙසේ පෙන්වා  ඇත.
Sahgrahwa හි විශාල ස්තුපයක ඇට කැබලි සහිත මංජුසාවක තිබු තඹ පියනක මහානාම ශාකයන් (මහානාම රජවුණේ ශුද්ධෝදන රජු ගෙන් පසුය ) කියා ලියා තබූ බවත් එම අකුරු අසෝක යුගයට පෙර අකුරු වලින් ලියා තිබු බවත් Fuhrer දක්වා තිබේ .  මෙම සෙල්ලිපි දී තිබුනේ ඉංග්‍රීසියෙන් පමණි. මෙය තහවුරු කිරීමට පිටපතක් හෝ චායාරුපයක් ද නැත. අඩුම තරමේ සෙල්ලිපිය තිබු භාෂාව වත් කියා  නැත.  Fuhrer සමග ගිය සටහන් අඳින තැනැත්තාද සෙල්ලිපියක් දැක නැත. 1898 ජනවාරි වල මම කෑම්ප් එකට ගිය විට ඔහු මට එවැනි සෙල්ලිපියක් හමු නොවුණු බව කීය.
එමෙන්ම Fuhrer හතරැස් ස්ථුප 17ක් කැනීම් කර කුන්ඩක කුමාර ඇතුළු ශාක්‍යවරුන් 17 දෙනෙකුගේ නම් ඇති සෙල්ලිපි හමුවූ බව කීය. ඒවායේද කිසිම පිටපතක් නොමැත. එබැවින් ඒවා ඝාතනය කරන ලද ශාක්‍ය වරුන්ගේ ධාතු යයි කීම අසත්යකි.
Fuhrer විසින් Monograph on Buddha Sakyamuni's Birth Place in the Nepalese Tarai හි ලියනලද
බොහෝ කරුණු බෞද්ධ පොත්පත්  වලින් හඳුනා ගත් කරුණුය. පුරා විද්‍යා කරුණු ඉතා සුළු වශයෙන් පොත පුරා අතරින් පතර එකතු කර ඇත්තේය.
Fuhrer විසින් එම පොතේ ඔහු විසින් කකුසඳ , කෝනාගමන බුදුවරුන්ගේ උපන් ස්ථානය සොයා ගැනීම. කෝනාගමන බුදුන් පිරිනිවන් පෑ පබ්බත ආරාමය සොයා ගැනීම, නටබුන් සහිත කපිලවස්තුව සොයා ගැනීම, ලුම්බිණි ටැම, ශාක්‍යවරුන් මරා දමා ආදාහනය කර ඇති ස්තුප සොයාගැනීම ගැන සඳහන් කර තිබුනද ඒවා සනාත කිරීමට සෙල්ලිපියක් හෝ කිසිම සාක්කියක් නැත්තේය.
අඳුරේ මන්මුලාවී අතපත ගාන බොහෝ දනගේ නුවන් දල් වනු පිණිස මෙසේ ලීවත් සම්ප්‍රදායෙන් මිදී තර්කානු කූලව සිතිය හැකි යම් පමනක වූ බුද්ධියක් ඇත්තවුන් පමණක් මෙය තේරුම් කර ගන්නා බව නම් මම මැනවින් දනිමි. බුදුන්වහන්සේට උවද ධර්ම අවබෝධය කර දිය හැක්කේ ප්‍රඥාවන්තයන්ට පමණි, සියල්ලන්ට නොවේ.
බුදුන්වහන්සේ ලංකාවේ යයි කියන පිරිසට  NGO කාරයින්ගේ හවුල් කාරයින් යයි කීම අද අලුත් ප්‍රවනතාවයක් වී ඇත්තේය. එබැවින් එසේ ලියන මෙම පොතපත මුද්‍රණයට පෙර බුද්ධශාසන අමාත්‍යංශයේ අවසර ගතයුතු බවට යෝජනාද අද ඉදිරිපත්වේ. බුදුන්වහන්සේ උපන් තැන සොයා ගත්තේ හොර සෙල්ලිපි ලියු Fuhrer ය. බුදු වුන තැන එඩ්වින් ආනෝල්ඩ්ට බොද්ගයා ගොඩනැගිල්ල බලා සිටින විට ඇතිවූ සංකල්පයකි. ප්‍රථම ධර්මදේශනාව , පිරිනිවන් පෑ ස්ථාන පෙන්වා දුන්නේ Alexander Cunninham ය . පිරිනිවන් පෑ ස්ථානය සනාත කරන්නට නම් හොර සෙල්ල්පියක් තබා හාස්‍යට තුඩු දෙන බොරුවක්වත් නැත. සුද්දෝ මේ ආකාරයට සතර ස්ථාන සොයා දුන්නේ බුද්ධශාසන අමාත්‍යාංශයෙන් අවසර ගෙනද කියා අසන්නට සිතේ.
බුදුන්වහන්සේ ලංකාවේ උවහොත් ඉන්දියාවේ සංචාර රැගෙන ගොස් ලක්ෂ ගනින් ගසාකන්නට බැරි බැවින් NGO කාරයින්ට නෑකම් කියන්නේ කවුරුන්ද යන්න මැනවින් පැහැදිලිය. අද ඉන්දියාවේ අපේ හාමුදුරුවරු වෙසෙන ඇතැම් පන්සල් ලක්ෂ ගනනින් මුදල් උපයන සුපර් මාකට් වී ඇති බව රහසක්ද නොවේ.
තමන්ගේ රටට  උරුමයක් වේ නම්, පරණ පොත පත,සෙල්ලිපි පුස්කොල පොත් කියවා නොගෙන සල්ලි වලට ජාතියක් රටක් පාවාදීම නොකළ යුතුය. ඔබ ලෝකයේ කොතන සිටියත් තමන්ගේ කමට , තමන්ගේ දෙයට ආදර කරන්න ඉගෙනගන්න. මුදල් නිසා උරුමයන්ට රට
නින්දා නොකරන්න . එවන් යහපත් පැවැත්මකට ඔබට අනුගත විය නොහැකි නම් ඔබ වැනි අධමයන්ට කියා හැක්කේ මෙසේය. ''උපන් බිමට කෙල ගසනා හෙළයන් හෙළ බිමට එපා'' 
 
 
 සටහන සුභාෂිනී කුමාරි

12 comments:

  1. ඔබේ අවසානය ඉතාමත් උචිතයි නමුත් උපන් බිමට හෙළයෙක් කිසිම දිනක කෙල නොගසයි. අවජාතක හෙළුවන් එසේ කලත් ඔවුන්ට හෙළයන් ලෙස ආමන්ත්‍රණය කිරීම හෙළයන්ට අගෞරවයකි.

    ReplyDelete
  2. හෑගොඩ පොඩි හාමුදුරුවෝ
    මිනිසුන් මුලාවෙන් ආලෝකයට ගෙනඒම බොහොම පින් වැඩක්

    ReplyDelete
    Replies
    1. හෑගොඩ විපස්සී එලවමු

      Delete
  3. තිලකා රන්දෙනි- දන්නවාද සුද්දා ඇයි එහෙම කළේ ඇයි කියා.සුද්දාගේ සේනාව අන්ත පරාජයට ලක් වූයේ ලංකාවේදී පමණයි. උන්ට ඕන වුණේ ඒක නිසා සිංහලයාගේ මොළ ශෝධනයක් කරන්න. ඕකට සුද්දාගේ නම දාන්න බැරි නිසා උන් අතින් පරාජයට පත් වූ ඉන්දියාව ඉදිරියේ අපව දණ ගැස්සුවා. අප පලවන සියවසේ හදපු බිසෝ කොටුවට ගහන්න තාක්ෂණයක් අදටත් නෑ, සුද්දාට. අපේ බිසෝ කොටුව අප ඉන්දියානුන්ට ඉගැන්නුවේත් 10 වන සියවසේදී. ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ ඉන්න බූරුවන්ට අපේ අභිමානවත් ඉතිහාසය ඉගැන්විය යුතුයි. අපේ ඇතැම් හාමුදුරුවන්ට තියෙන්නේ පැහැදිලි ඉරිසියාවක්. තමන් ලියපු පොත් පත්වලට වඩා අපේ පොත් විකිනෙනවා කියායි.ඒක 2009.09.09 වනදා මෙම පොත් තහනම් කරන්න බොදු ශාසන අමාත්‍යාංශයේ පැවැත්වූ කොමිසම මේ හිමිවරුන් පැහැදිලිව ම කියනවා. මා එය රෙකෝඩ් කර ගෙන තිබෙන බව හෑගොඩ විපස්සී හිමි දන්නවා.

    ReplyDelete
    Replies
    1. අද ඉන්නේ ඉන්දියාවේ වහල්ලු. අපට අද සටන් කරන්න වෙලා තියෙන්නේ ඉරිසියාව කුහකකම , මුදලට ගිජුවී යටවුනු දුදනන් පිරිසක් සමගය. අවසානයේ සත්‍ය මිස අසත්‍ය කිසි දිනක ජය නොගන්න බව මම නිසැකවම දනිමි

      Delete
    2. හෑ ගොඩ විපස්සී හාමුදුරුවන් අනුන්ගේ බණ යි ලියපු පොතු යි විවෙිචනය කර කර ඉන්නව මිසක් කිසිම දිනෙක බණ පදයක් කියනවා මට ඇහිල නැ..කවුද මෙයාලට මෙම තනතුරු දුන්නේ ..ලිපි ලේඛන මගින් මෙචිචර පැහැදිලි කරලත් සත්‍යය පිළි නොගන්න ඓකනෙ පුදුමෙ..හෑගොඩ විපස්සී සාසනයෙන් එලවමු

      Delete
    3. හෑ ගොඩ විපස්සී හාමුදුරුවන් අනුන්ගේ බණ යි ලියපු පොතු යි විවෙිචනය කර කර ඉන්නව මිසක් කිසිම දිනෙක බණ පදයක් කියනවා මට ඇහිල නැ..කවුද මෙයාලට මෙම තනතුරු දුන්නේ ..ලිපි ලේඛන මගින් මෙචිචර පැහැදිලි කරලත් සත්‍යය පිළි නොගන්න ඓකනෙ පුදුමෙ..හෑගොඩ විපස්සී සාසනයෙන් එලවමු

      Delete
  4. How many people in SriLanka know that the origin of Buddhism in India is a fiction created by British archaeological surveys? Excellent research article. Keep it up your good work.

    Lakshman










    c

    ReplyDelete
  5. උපන් බිමට කෙළ ගසනා හෙළයන් හෙළබිමට එපා මෙය උපන් බිමට කෙළ ගසනා වසයන් හෙළබිමට එපා යනුවෙන් විය යුතුය.

    ඔබට ජය

    ReplyDelete
  6. Ape Lankawe warthamana Janadhipathi niyama SINHALAYEK. Ohu meya niveradiwa lokayata penwawi. Mokada? Lankawa budun upan deshaya kiyanna hondama proof eka thiyenne RUHUNE nisa. Eka thamai, Siduhath Kumaraa thama Kesvetiya kapaa demu Kaduwa( asipatha) Kataragama Kirivehere Nidhan kota thibeemai. Mokada oba hithanawada, Indiyanuwo apata budunge dhathu dunnata, KADUWATH (Asipatha)dei kiyala? Keeyatawath ehema karanne ne.

    Anith kaaraya thamai, "Beminithiyaa" durbhikshaya ethi una vidiya balapuwama, ape ratee Bamunan Indala thiyanawa kiyana eka bohoma pehedili wenawa.

    Janadhipathi MAHINDA RAJAPAKSHA thumani, Oba pamanai meya lokayata helikala heki ekama kondak thiyeya Rajya Nayakaya. Oba Ruhunen bihi uneth, Janadhipathi uneth, Obe balaya thibena kalaye meveni sathya mathu uneth, dharmathawayakin misa wena kisi hethuwak nisa nove. Ebawin obathumage parama wagakeemak wana sathya helikereema pramada nokaranna.
    Semata Sathya Avabodha wethwa!

    ReplyDelete
  7. හෑගොඩ විපස්සී යන හාමුදුරුවන් අනුන් ව විවෙිචනය කර කර අපායට යන මග තනා ගන්නවා .දුකයි සත්‍යය තේරැමිගන්නවත් ප්‍රඥාවන්තයකු වීමට බැරි වීම ගැන ..අනුන ලියන පොත් අනුන් කියන බණ පෙන්නන්න බෑ විපස්සී ට..පවු..මෙචිචර පැහැදිලි ව අපේ ඉතිහාසය සහ ඉන්දියාවෙ ඉතිහාසය අතර වෙනස පෙන්වා දී තිබිය දීත් උන්වහන්සේ දෙකොන පටලවා ගෙන ඉන්න අපූරුව ..විපස්සී ඇතුලු මෝඩ රැල සාසනයෙන් එලවමු

    ReplyDelete