Saturday, April 20, 2013

Fuhrer ගේ කපිලවස්තුවට මහාචාර්ය Waddell ගැසු අතුල් පහර

බෞද්ධයෝ වැඩි පිරිස සිතා සිටින්නේ යටත් විජිත යුගයේ සුද්දෝ කැනීම් කර එතෙක් යටපත්ව තිබු බුදුන්වහන්සේ උපන්, බුදු වුන, දම්සක් පැවතුම් පැවැත්වූ, පිරිනිවන පෑ ස්ථාන අපට නිවැරදි ලෙස සොයා දුන් බවය.  එහෙත් සත්ය වශයෙන්ම ස්ථීර ලෙස ඔවුන් සොයා දුන් දෙයක් නැත. එක එක පිරිස් එක එක ස්ථාන යෝජනා කරමින් සිටි බවක් නම් මැනවින් පෙනේ. එහෙත් තමන් යෝජනා කල ස්ථාන සනාත කරන්නට Fuhrer මෙන් කිසිවෙකු හෝ හොර සෙල්ලිපි හෝ බලලා ගලේ පැහැරුවාක් සේ වන අතටම අසුවන බොරු  හෝ කර නැත්තේය. එහෙත් වඩාත් හාස්‍ය ජනක දේ නම් මේ බොරු කාරයාගේ යෝජනාම අප විසින් පිළිගෙන භාරගැනීමය.

පහත වන්නේ මහාචාර්ය Waddell විසින් ඉන්දියානු ආණ්ඩුවේ ආදායම් සහ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ලේකම් වරයාට යැවූ රාජකාරි ලිපියේ කොටසකි Waddell මහතා මේජර් වරයකු මෙන්ම රසායන විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයකු ද වේ
File No 6 of 99
Serial No 4  3/596
No 41.A , dated Calcutta , 22nd March 1899

ඔබේ ලිපි අංක 3543-13-27 සහිත 1898 දෙසැම්බර් 31 දිනය ඇති සහ අංක 131 - 13.33 සහිත 1899 ජනවාරි 12 අනුව අණ කල පරිදි  කපිලවස්තු කැනීම් පිලිබඳ නේපාලයේ Durbar හි නිලධාරීන්ට උපදෙස් දෙන්නට සති 6ක්  නේපාලයේ Terai වලට පවරා යැවීම  සම්බන්ධ එම සාමාන්‍ය වාර්තාවක් ගරුබුහුමනින් වාර්තා කරමි.  සිතියම් සහිත විස්තර වාර්තාවක් පසුව ඉදිරිපත් කරමි
ජනවාරි 16 වනදා කල්කටාවෙන් පිටත් වී Gorkapur මගේ කඳවුර සමග එක්වී ජනවාරි 21 නේපාලයේ දේශ සීමාවට ළඟා වීමි. විවිද ගොඩලි (mounds ) ගවේෂණය කරමින් ඒවා සිතියම් ගත කරමින් 25 වනදා Nigliva සහ Sagarawa අතර පිහිටි Fuhrer විසින්  සිය රජයේ  වාර්තාවල සඳහන් කර ඇති කපිලවස්තු පිහිටීමට පැමිණියෙමි.  Smith මහතා විසින් ඔහුගේ රාජකාරි වාර්තා වල සඳහන් කර ඇති භුමිය කිසිම සැකයකින් තොරව හඳුනා ගත්තෙමි.
එය නිසැකයෙන්ම කපිලවස්තු නොවන බව දැන ගැනීමට ලැබීම ගැන මම පුදුමයට පත්වීමි. චීනයේ සහ ටිබෙටයේ වන්දනා කරුවන් විසින් කරන ලද භුමි විස්තරයට අනුව එම පෙදෙස කපිලවස්තුව ලෙස හඳුනා ගැනීමට කිසිම ලක්ෂණයක් නොවීය. එහි කිසිම ගොඩල්ලකින්  කැනීම් වලින් බෞද්ධ වස්තුන්ට සමානවූ කිසිවක් සොයාගෙන නැත.
 Fuhrer විසින් ප්‍රකාශ කර තිබුනේ  කපිලවස්තුව සොයාගැනීම සඳහා කෝනාගමන බුදුන් ගැන සඳහන් අසෝක ලිපියක් සහිත ටැම වැදගත් සාකියක් බවය. එහෙත් එහි එවැනි ටැමක්  නැත. V .A Smith මහතා විසින් මෙය සනාත කර ඇත.
කැඩුණු ටැමක කෙලවර කැබැල්ල Nigali ජලාශයේ අඩි  3ක් පමණ එරී තිබුනත් මෙය මුල් අවධියේ තිබුනේ කොතනද යන්න ප්‍රාදේශීය වශයෙන් හෝ ඓතිහාසික වශයෙන් හෝ සොයා ගන්නට නොහැකිය. විශාල ස්ථුපයක ගොඩල්ලක් එයට ආසන්න  අසල්වැසි ස්ථානයක තිබෙන බව fuhrer ගේ  රජයේ වාර්තාවේ ලියන ලදුව Smith  මහතා විසින් එවැන්නක් ඇති බවට භාරගෙන තිබුනත් එවැන්නක් ඇත්තෙම නැත. එය චීන සංචාරකයන් විසින් දෙන ලද විස්තරයට ගැලපෙන ලෙස පෙන්වීමට ගොතන ලද බොරුවකි.මෙම වැදගත් කරුණු සනාත කිරීම සඳහා ප්‍රධාන වයඹ පළාත් අධිකාරී Gorakhpur හි කොමසාරිස් ආචාර්ය Hoey ට රජය වෙනුවෙන් පැමිණ මෙම ස්ථාන නිරීක්ෂණය කරන මෙන් ඉල්ලීමි. ඔහු පැමිණ මගේ කරුණු සනාත කළේය.

ඉන් අනතුරුව මහාචාර්ය Wadell 1899 අප්‍රේල් 25 වන දින ඉන්දියානු ආණ්ඩුවේ පොදු කටයුතු දෙපාර්තුමෙන්තුවේ කොමසාරිස්ට ලිපියක් යවමින් මෙසේ පවසා තිබේ.
Fuhrer ගේ සාවද්‍ය වාර්තා රජය විසින් ලෝකය පුරා විසිරී සිටින ප්‍රධාන පෙලේ ප්‍රාචීන භාෂා විශේසඥයන් අතර සංසරණය වන්නට සලසා තිබෙන බවත් එම වාර්තාව තවමත් ක්‍රියාකාරී ලෙස පුවත් පත් වල සහ රජයේ ගැසට් පත්‍ර වල මුද්‍රණය කරන බවය.
(WP &Oudh Proceedings (Public work Department) 1899; Miscellaneous, (Shelf mark p/5588) India Office)
මහාචාර්ය Waddell විසින් මෙසේ Fuhrer විසින් බොහෝ සාවද්‍ය සහිතව ගොතන ලද  බොරු අචාර්ය Hoey ගේ ද සහය ඇතිව   එකිනෙක බිඳ දමා ඇති ආකාරය පහතින් දැක්වේ
*19.මෙම විශාල පැරණි නගරයේ (Krakachchanda) නටබුන් අදටත් Louki Kudan සහ Gotvila නව ගම්මාන අතර දැකිය හැක. Srinagar පිහිටියේ කපිලවස්තුවේ දකුණු දොරටුව  අසලය (Anton Fuhrer )
නටබුන් වී ඇති කුඩා ගොඩලි මෙම නගරය ගැන දෙන ලද විස්තරයට
කිසිසේත්ම නොගැලපෙන්නය. Srinagar පිහිටියේ කපිලවස්තුව ආසන්නයේ හෝ කපිලවස්තුවේ දකුණු දොරටුව පැත්තේ  නොවේය. (මහාචාර්ය Waddell )
Fuhrer
කියන පරිදි පැරණි නගරයක නටබුන් කිසිවක් මෙහි දක්නට නැත. කපිලවස්තුව පිහිටියේ Srinagar වලට කිසිසේත් ආසන්නයේ නොවේ. එවන්නක පිහිටීමක් එහි ඇත්තෙම නැත.  (ආචාර්ය Hoey)
*Fa Hien සහ Hnein Tsiang සංචාරකයින් සඳහන් කර ඇති පරිදි අදටත් ස්ථුප 3ක් සහ පන්සල් දැකිය හැක. (Anton Fuhrer ).
 Fa Hien සහ Hnein Tsiang සංචාරකයින් සඳහන් කර ආකාරයට ගැලපෙන පරිදි ගොඩැලි එහි දක්නට නැත.(මහාචාර්ය Waddell )
 Fa Hien සහ Hnein Tsiang සඳහන් කර ස්ථූප හෝ පන්සල් මෙහි දක්නට ඇත්තෙම නැත. එවැනි ස්ථූප වලට ගැලපෙන ගොඩැලි මෙහි ඇත්තෙම නැත .(ආචාර්ය Hoey)

*
Krakachchanda හි නිර්වාණ ස්ථුපය Gotvila මැද පිහිටා ඇත.එය අදටද  ඩි 80ක් උසින් යුක්තවන අයුරු දැක ගත හැකිය.(Anton Fuhrer)
 
 Gotvila
හි තියෙන ස්ථුපයේ උස ඩි 7 1/2 කි.එය කිසිවකුගේ මතක ඇති කාලයෙක එවැනි උසක තිබී නැත.(මහාචාර්ය Waddell )
 මෙය Fuhrer ගේ සම්පුර්ණ මුසාවකි. මෙහි ඇති ස්ථුපය  අඩි 8ක් පමණ විය හැක. එහෙත් අඩි 80ක් නම් නැත. Krakachchanda හි නිර්වාන
 ස්ථුපය යයි විශ්වාස නොකරමි.
(ආචාර්ය Hoey)

*
Bharadwa ගමට ආසන්නයේ තවත් ස්ථූපයක් ඇත්තේය.(Anton Fuhrer) .
මෙහි අඩි 2ක් පමණ වන ගොඩැල්ල ස්ථුපය ක් නොවේය. මෙහි ඇත්තේ ශිව දේවාලයක (Shiva  Temple) නටබුන්ය.(මහාචාර්ය Waddell )
Bharadwa හි නටබුන් කිසිසේත්ම ස්ථුපයක නොවේය.(ආචාර්ය Hoey)


*
22.කෝනාගමනගේ (බුදුන්ගේ) නිර්වාණ චෛතියේ සිට කපිලවස්තුව පිහිටියේ නැගෙනහිර පැත්තට යොදුන් (yojan) එකක්වත් අඩු දුරකින් බව Fa hien විසින් කරනලද ප්‍රකාශය සාවද්‍යය. ශාක්‍යවරුන්ගේ අගනුවර පිහිටියේ අශෝක කුලුනේ සිට වයඹ දෙසට සැ 5ක් පමණ වෙන්නට Nigali  Sagar  හි බටහිර ඉවුරේය. (Anton Fuhrer) .
මෙම කපිලවස්තුව යයි (Fuhrer ) නම් කරන ලද නගරය එම නගරයට ආවේනික ලක්ෂණ බොහොමයක් පෙන්වන්නේ නැත. ඔහුගේ එම නගරය පිහිටියේ අසෝක කුලුනේ සිට සැතපුම් 5ක් නොව සැතප්මකටත් වඩා අඩු දුරකින් Nigali Sagar හිය.(මහාචාර්ය Waddell )
Fuhrer විසින් කියන පරිදි මෙම කරුනේදී Fuhrer සම්පුර්ණයෙන්ම වැරදිය. Fa Hien වැරදි බවට දෝශාරෝපනය කරන්නට Fuhrer කිසිවක් තේරුම් ගෙන නැත. (ආචාර්ය Hoey)


*
කොනාගමනගේ (බුදුන්ගේ) විශාල නිර්වාණ ස්ථුපය අතිශයින් පැරණි උවත් තවමත් යම් පමණකට  හොඳින් සංරක්ෂණය වී පවතී.  අසෝක කුලුනට ආසන්නයේ මෙම ආනුභාවසම්පන්න පෙනුමැති ගොඩ (pile )  Nigliva ගමේ සිට සිට සැතප්මක් පමණ දකුණින් පිහිටා ඇත්තේය. (Anton Fuhrer) .

මෙම ගොඩැල්ල මනස්කල්පිත නිර්මාණයකි. කුලුන අසල හෝ අසල්වැසි පෙදෙසක ගොඩල්ලක් නැත .
(මහාචාර්ය Waddell )

Fuhrer ලියා ඇත්තේ සම්පුර්ණ බොරුවකි. මෙහෙ එවැනි ආනුභාවසම්පන්න ගොඩැල්ලක් නැත. Nigali Sagar අසල ස්ථුප ගොඩැල්ලක් දැකීමට කොතනකවත් නැත. (ආචාර්ය Hoey)


*
කැනීම් වලින් සොයා ගන්නා  ලද අභිලිඛිත කුළුණු කොටසේ ගැඹුර අඩි 10 අඟල් 6 කි. පාදීය ප්‍රදේශය අඩි 8කි. බැන්දේ වට ප්‍රමාණය අඩි 8 අඟල් 2කි. එය අඩි 7x 7 සතරැස් බඳින ලද අත්තිවාරමක මෙහි වැතිරී තිබෙනු දැකිය හැක .(Anton Fuhrer) .
මේ වාර්තා කරන ලද කැනීම සහ දී ඇති මිනුම් අසත්‍ය කල්පිත ඒවාය. මෙම අත්තිවාරම පළමුවෙන්ම කැනීම් කලේ මම. මෙහි උස අඩි 7 අඟල් 9.5ය. බඳ වට ප්‍රමාණය අඩි  7 අඟල් 5.5කි. මෙය සම්පුර්ණ (Fuhrer ගේ  ) නිර්මාණයකි.  මෙම කුලුන එතන තිබුනේ නැත. ගඩොලින්, ගලින්, බදාමයකින් බඳින ලද දෙයක ලකුණක් කොහෙත්ම අසල්වැසි තැනක හෝ නැත.(මහාචාර්ය Waddell )
Fuhrer විසින් මෙහි කැනීම් කළා නම් ඔහු දුටුවා යයි කියන දෙය සම්පුර්ණ අසත්‍යයකි. ඔහු කැනීම් නොකලා නම් එය දෙපිට බොරුවකි. මෙම සම්පුර්ණ කුළුණු කඳ අනාවරණය කලේ මේජර් Wadell මා ඉදිරි පිටය. මෙම කුලුන මෙහි නොවීය. මම දුටුවේ පාදයේ අග කෙලවර පොඩි පට්ටම් වී තිබුණු කුලුනකි. . Gotvila වල මෙන් පාදය සුමට කැපුමක් නොවීය. බඳින ලද වේදිකාවක් නම් තිබුනෙම නැත.
(ආචාර්ය Hoey)

*23.
Nigliva පිහිටියේ Uska Bazar දුම්රිය පොලේ සිට සැතපුම් 38ක් වයඹ දෙසට වන්නටය. වන්දනාකරුවන් ගලේ කොටන අක්ෂර වලින් ඉතාම ලස්සනට ටැමේ ස්රී ටපමල්ල නිත්යම් කියා කොටා ඇත්තේය.අසෝක රජගේ ලිපියක් පාමුල සිට අඩි 10 අඟල් 6 ක් උසින් කොටා ඇත්තේය.(Anton Fuhrer) .
Nigliva පිහිටියේ සැතපුම් 29ක් කෙලින්ම උතුරිනි. මෙහි ඇත්තේ රළු ලෙස කොටන ලද අකුරුය. මෙහි පැහැදිලිව ඇත්තේ නිත්යම් නොව වීර යන්නය. කැඩුණු කුලුනේ සම්පුර්ණ උසද අඩි 7 අඟල් 9.5 කි. අකුරු කොටා ඇත්තේ පහත කෙලවර සිට අඩි 5 1/2ක් උසිනි. (මහාචාර්ය Waddell )
මෙහි ඇත්තේ ගොරෝසු ලෙස ලියන ලද අක්ෂරය. මෙම අකුරු මත ඇතිල්ලීමෙන් ගත පිටපතක් මා ළඟ නැත. එහෙත් Fuhrer ගේ කියවා ගැනීම් සාවද්‍ය බව මතකය. Fuhrer ගේ ගණනය කිරීම් වැරදිය. එහි (අසෝක) ලිපියක් කොටා නොමැත (ආචාර්ය Hoey)

*
Nigali Sagar පොකුණේ බටහිර තොට  පිහිටි මෙම ලිපිය සහිත චේදනය වූ ටැම් කොටස පිහිටි  ස්ථානය  ආසන්නයේ සිට ගඩොල් නටබුන් විශාල වශයෙන් කපිලවස්තුවේ දකුණු ගේට්ටුව දිශාවට පැතිර තිබේ. (Anton Fuhrer) .
මෙහි විශාල ලෙස නටබුන් කොහෙත්ම නැත.(මහාචාර්ය Waddell )
මෙම නටබුන් කතාව Fuhrer ගේ වර්ණවත් සංකල්පයකි.(ආචාර්ය Hoey)


*
24. මෙම නටබුන් කන්දරාව අතර කෝනාගමන බුදුන්ගේ නිර්වාන ස්තුපය පැහැදිලිව දැක ගත හැක. මෙහි ගෝලාකාර ශිකරයේ පතුලේ විෂ්කම්භය අඩි 8කි. එහි දැනට  උස අඩි 30ක් පමණ වේ. අඩි  20ක් පමණ උසට සවිමත් ගඩොලින් බැඳ ඇත. මෙහි ඇතුලත පස් පුරවා ඇත. මෙම ගෝලාකාර ශිකරය තියෙන්නේ විෂ්කම්භය අඩි 109 ක් වන වෘතාකාර ස්කන්ධයක් මතය. එය සාදා ඇත්තේ ගඩොලින් කරන ලද බෙරයක ආකාරයටය. මෙහි උස අඩි 6කි. මෙම ගඩොල් 16''x 11''x 3'' ක් තරම් විශාල ඒවාය. අඩි  8ක් පමණ පාරක් බාහිරෙන් පිහිටා ඇත. මෙම වෘතාකාර අත්තිවාරමට අඩි 10ක් ඈතින් ගලින් කරන ලද ද්වාරයන් සහිත වැටක් ඇත්තේය. මෙහි පිහිටීම් අදටත් අඳුනා ගත හැක්කේය.
මේ දිග පළල විස්තර සහිත ස්තුපය සහ අනෙක් විස්තර නිර්මාණ කරන ලද ප්‍රබන්ධයකි.මෙවැනි ස්ථුපයක් හෝ ගොඩැල්ලක් ඇත්තෙම නැත. (මහාචාර්ය Waddell )
මෙම සම්පුර්ණ පාඨයම හුදු නිර්මාණයකි. සම්පුර්ණ අසත්යකි.  (ආචාර්ය Hoey)

*25. මෙම නටබුම වටේට නටබුන් වී ගිය පන්සල්  ඇද වැටුණු කුළුණු කැඩුණු අඹන ලද රුප ඇත්තේය.(Anton Fuhrer) .
මෙම
නටබුන් වී ගිය පන්සල්  ඇද වැටුණු කුළුණු කැඩුණු අඹන ලද රුප ස්තුපය මෙන්ම ප්‍රබන්දයන්ය.(මහාචාර්ය Waddell ) 
මෙවැනි කිසිවක් එහි ඇත්තෙම නැත.මෙසේ පෙන්වා ඇති මෙම සහාසික බොරු නිර්මාණය දැක මම බියට පත් වීමි.
(ආචාර්ය Hoey)

*27. කෝනාගමන බුදුන්ගේ නිර්වාන ස්ථූපය තිබෙන්නේ Nigali Sagar ඉවුර අසබඩය.(Anton Fuhrer) .
මෙවැනි ස්ථුපයක් හෝ ගොඩැල්ලක් ඇත්තෙම නැත.
(මහාචාර්ය Waddell )

Nigali  Sugar අසල එවැනි ස්ථුපයක් හෝ එවැනි ආකාරයේ කිසිවක් නැත.
(ආචාර්ය Hoey)

*
මෙම ස්ථානය අහඹු ලෙස  වාසනාවට හමුවුවූයේය  (Anton Fuhrer) .
මෙය වාසනාවට අහඹු ලෙස සිදුවූ දෙයක් නොවේය. 1896 මම සේවයේ නැති විට Fuhrer කල්තියා සැලසුම් කරන ලද Padariya හි සාකච්චාවට මා වෙනුවට යවන ලදී. නේපාලයේ ජෙනරාල් Kharga Shamsher  මට කීවේ ඔහු හිතා මතාම අසෝක කුලුන අසලම සංවිධානය කල බවය.ඔහු ආචාර්ය Hoey සඳහා මෙම කුලුනේ ඉහල ඇති ලේඛනයේ වසර කිහිපයකට පෙර ස්පර්ශ කර පිට පතක් අරන් දුන් බව කීය.(මහාචාර්ය Waddell )

1892 අගභාගයේ Gorakhpur දිස්ත්‍රික්කයට මම බැඳුනවිට බෞද්ධ සිද්ධස්ථාන ගැන ගවේෂණ කිරීම ඇරබුවෙමි. Basti සිට ඊසාන දෙසින් කපිඩ් නමින් හැඳින්වූ ගම්මාන විශාල ප්‍රමාණයක් වීය. මේවා කපිලවස්තු රාජධානියයි අදහස් කරන ලදී . නේපාලයේ Tarai , Nigali Sagar ටැමේ ලේඛන සහ අනෙක් නටබුන් (piprahwa සහ Ruminidei ඇතුලත්ව) වල සටහන් රැගෙන ඒම සඳහා මම ඒජන්තවරයකු යොදවා ගතිමි. නමුත් එහි යන්නට මට නොහැකි විය.(ආචාර්ය Hoey)
*කැනීම් කරනවිට ඒක රාශි වී තිබුණු සුන් බුන් අතර ඉතා හොඳින් ආරක්ෂා වුනු සෙල්ලිපියක් හමුවීය. (Anton Fuhrer) .

මෙම කැනීම් කලේ නේපාල් ජනරාල්වරයා Fuhrer නොමැති අවස්ථා වේදී බවත් ඔහු විසින් එම සෙල්ලිපිය ස්පර්ශ කර පිටපත් ගත බවත් පසුව Fuhrer එය ඔහුගේ එකක් ලෙස අරන් ගිය බවත් ජෙනරාල් වරයා මට කීය.
ඒවා ආචාර්ය Hoey ගේ ලිපි වල ඉදිරිපත් කර ඇති බවත් කීය (මහාචාර්ය Waddell )

1893 මම Kharga Shamsher නම් Tausem නම් ජනරාල් වරයා හඳුනා ගත්තේය. ඔහු නේපාලයේ බුදු දහම ගැන මා සමග ලිපි ගනදෙනු කළේය. එස්ම ටැම් ස්පර්ශ කර පිටපත් ද එවීය. නමුත් එහි අසෝක අකුරු නොවීය. මම ඔහුට සෙල්ලිපි වල පිටපත් ගන්න ආකාරය කියා දුනිමි. ඔහු විසින් ටැම් ස්පර්ශ කර පිටපත් ලබා දුන්නේ මා කියා දුන් ආකාරයටය, මම මේජර් Waddell සමග Tarai ගියවිට ඔහු අප මුණ ගැසෙන්නට පැමිණියේය. අපේ සාකච්චාවේදී ඔහු කියා සිටියේ එම ටැම් වල  පිටපත් ගත්තේ ඔහු බවය. එමෙන්ම Padiriya සංචාරය Fuhrer සඳහා ම යොදාගත්තේ Fuhrer ලුම්බිණි උද්‍යානය එහි ඇත බව දන්නා නිසාය. Shamsher ඔහු කුළුණු වලින් ගත් පි පත් මට පෙන්වූ වත් Fuhrer එලෙස ගත්‍  පිටපත් මට පෙන්වුයේ නැත. Shamsher මට එවන ලද පිටපත් මෙන්ම එවන ලද ලිපිද මම මේජර් Waddell ට  දුනි (ආචාර්ය Hoey) .

*
29. Waddell අදහස් කරන්නේ ලුම්බිණි කෝනාගමන ටැමේ සිට ස්වල්පයක් උතුරින් ඇති බවය.(කෝනාගමන ටැමක් නැති බව ආචාරය මහාචාර්ය දෙපල මෙයට පෙර පෙන්වා දෙන ලදී)මෙය වැරදිය සියලුම සාක්ෂිවලට විරුද්ධය .ලුම්බිණි උද්‍යානය තියෙන්නේ සැ13ක් කෝනාගමන ටැමේ සිට  ගිනිකොනට වන්නට සහ කපිලවස්තුවේ සිට සැ 18ක් ගිනිකොනට වන්නටය.(Anton Fuhrer) .
සියලුම සාක්ෂි වලට විරුද්ධ බව Fuhrer පවසයි නම් ඔහුගේ ප්ලේට් අංක 1 ටැම සටහන් කර ඇත්තේ අංක 2 ලෙසය. එහි ලුම්බිණිය ඇත්තේ එම ටැමේ සිට ඊසාන දිගිනි. ඔහු මගේ වාර්තාව යටපත් කරන්නේ ටිබෙට් ජාතික වන්දනා කරුට අනුව නැගෙනහිර දිසාව ලෙසත් දවස් 1/2 කින් යා හැකි ලෙසත් ගෙනය. මෙම වරදට හේතුව Fuhrer කපිලවස්තුව වරදවා හඳුනා ගැනීමය.(මහාචාර්ය Waddell )

ලුම්බිණි උද්‍යානය කපිලවස්තුවේ සිට සැ 18ක් වයඹින් පිහිටීම සත්‍යට දුරස් වීමකි. කපිලවස්තු නගරය Fuhrer සොයා ගෙන නැත. එපමණක් නොව ලුම්බිණි උද්‍යානයෙන් එම දුරින් පිහිටි එම ස්ථානයද Fuhrer සොයාගෙන නැත.
(ආචාර්ය Hoey)
* 36. කපිලවස්තුවේ සැබෑ පිහිටීම ලුම්බිණි උද්‍යානයේ සිට සැ 18 වයඹට ය.(Anton Fuhrer) .

කපිලවස්තුවේ සැබෑ පිහිටීම Fuhrer විසින් පෙන්වා දී නැත . ඒ හැරුණු විට ඔහු වැරදි සහගත ලෙස කපිලවස්තුව ලෙස පෙන්වාදෙන ස්ථානයද සැ 18 නොව සැ 13ක් ලුම්බිණියේ සිට වයඹ දෙසින් පිහිටියේය.
(මහාචාර්ය Waddell )

 Fuhrer කපිලවස්තුව පෙන්වා දී නැත.ඔහු එම පෙදෙස අඳුනා ගෙනම නැත. (ආචාර්ය Hoey)

*
ලුම්බිණි උද්‍යානය Jamuar ගඟ ආසන්නයේ ගිනිකොනින් පිහිටියේය (Anton Fuhrer) .
ලුම්බිණි උද්‍යානය (Fuhrer ගේ ලුම්බිණි ද්යානය) Jamuar ගඟේ සිට සැතපුම් 12ක් නැගෙනහිරටය
(මහාචාර්ය Waddell )

එය (Fuhrer ගේ ලුම්බිණි ද්යානය) Jamuar ගඟේ සිට සැතපුම් 10කට අඩු නැත . සැ 12ක් 13 ක් විය හැක Jamuar ගඟ ලුම්බිණි උද්‍යානයයේ සිට බටහිරෙනි  (ආචාර්ය Hoey)


* 39.
මෙම නිවැරදි කිරීම කපිලවස්තුව පිහිටා ඇති ආකාරය අනුව වැරදිය (Anton Fuhrer)
   මෙය වැරදි ලෙස හඳුනා ගැනීමකි. එය සාවද්‍යය (මහාචාර්ය Waddell )

   මෙය විහිළුවකි, මෙය ප්‍රශ්න කල යුත්තකි .Fuhrer නිවරදි  ලෙස කපිලවස්තුව හඳුනා ගෙන නැත.(ආචාර්ය Hoey)

*
44. කපිලවස්තුව සහ අසල ඇති අභය භුමිය ස්ථීර  ලෙස හඳුනා ගැනීමට හැකිවිය. මම පැතිරී  ඇති නටබුන් සොයා ගතිමි. (Anton Fuhrer)
   මෙම කරුණු සියල්ලම ඉහතින් ප්‍රතික්ෂේප කර ඇත(මහාචාර්ය Waddell )

  Fuhrer කපිලවස්තු හඳුනාගෙන නැත. ඔහු කියන විධියේ පිහිටීම  අවශ්‍ය  පරිදි තහවුරු කිරීමට ඔහු සාධක සොයා නැත. (ආචාර්ය Hoey)
   
*වන්දනා කරුවන් දෙදෙනා සඳහන් කර ඇති සියලුම පුජනීය  ස්ථාන
පහසුවෙන් හඳුනා ගත හැක.(Anton Fuhrer)
එලෙස මෙහි බොහොමයක් හඳුනා ගත නොහැක.  (මහාචාර්ය Waddell )

මට කිසිවක් සොයා ගත නොහැක. ඒවා ඇත්තේ නැත (ආචාර්ය Hoey)

*47.
 චීනවන්දනා කරුවන් දෙදෙනා සඳහන් කර ඇති සියලුම පුජනීය බෞද්ධ ස්ථාන නේපාලයේ Tarai බටහිර කොටසින් සැහීමකට පත්වන ආකාරයට හඳුනා ගත හැක.(Anton Fuhrer) 
Fuhrer විසින් කියන ආකාරයට මෙහි එකක් හෝ චීන වන්දනා කරුවන් කියන ආකාරයට  හඳුනා ගත නොහැක. ජේනරල් Shamsher ලුම්බිණිය උද්යානය නිවැරදිව සොයා ගෙන ඇත. (මහාචාර්ය Waddell )

ලුම්බිණි උද්යානයද සෑහීමකට පත්වන ආකාරයට තවමත් හඳුනා ගෙන නැත. Fuhrer ලියා ඇත්තේ අසත්යන්ය. ඔහු ජනතාව මෙන්ම ආණ්ඩුව ද නොමග යවා ඇත්තේය. Fuhrer මහා පරිමාණයෙන් බොරු කියා තිබේ. මෙවැනි මහපරිමාණයේ මිත්‍යා ප්‍රබන්ධ ඇති උතුරු ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේෂණ වෙළුම 6 මුද්‍රණය කිරීමට අවසර දීමෙන් වයඹ පළාතේ සහ ඉන්දියානු ආණ්ඩුවේ කීර්තියට හානිවේ. මම මේ ස්ථාන සියල්ල මේජර් Waddell සමග පරීක්ෂා කලෙමි.මෙම (Fuhrer ගේ ) පොත මිත්‍යා ප්‍රබන්ද වලින් පිරුණු එකකි.(B & R Branch Miscellaneous, August 1899, Extracted from Imperial Archeological Survey Report xxvi ( Enclosure I) Archeological Survey of Nothern India, Volume vi)


V .A Smith මහතා විසින් ලියන ලද කොමිෂන් වාර්තා
වේ කරුණු වලට අමතරව ඔහු විසින් 1899 ජුනි මාසය උදෙසා ලියන ලද සිය ප්‍රගති වාර්තාවේද Fuhrer ගේ සාවද්‍ය වාර්තා කිරීම් පෙන්වා දී තිබේ.
Fuhrer විසින් ලියන ලද Monograph on Buddha Sakyamuni's Birth Place in the Nepalese Tarai හි ලියනලද සාවද්‍ය  කරුණු මෙසේ පෙන්වා  ඇත.
Sahgrahwa හි විශාල ස්තුපයක ඇට කැබලි සහිත මංජුසාවක තිබු තඹ පියනක මහානාම ශාකයන් (මහානාම රජවුණේ ශුද්ධෝදන රජු ගෙන් පසුය ) කියා ලියා තබූ බවත් එම අකුරු අසෝක යුගයට පෙර අකුරු වලින් ලියා තිබු බවත් Fuhrer දක්වා තිබේ .  මෙම සෙල්ලිපි දී තිබුනේ ඉංග්‍රීසියෙන් පමණි. මෙය තහවුරු කිරීමට පිටපතක් හෝ චායාරුපයක් ද නැත. අඩුම තරමේ සෙල්ලිපිය තිබු භාෂාව වත් කියා  නැත.  Fuhrer සමග ගිය සටහන් අඳින තැනැත්තාද සෙල්ලිපියක් දැක නැත. 1898 ජනවාරි වල මම කෑම්ප් එකට ගිය විට ඔහු මට එවැනි සෙල්ලිපියක් හමු නොවුණු බව කීය.
එමෙන්ම Fuhrer හතරැස් ස්ථුප 17ක් කැනීම් කර කුන්ඩක කුමාර ඇතුළු ශාක්‍යවරුන් 17 දෙනෙකුගේ නම් ඇති සෙල්ලිපි හමුවූ බව කීය. ඒවායේද කිසිම පිටපතක් නොමැත. එබැවින් ඒවා ඝාතනය කරන ලද ශාක්‍ය වරුන්ගේ ධාතු යයි කීම අසත්යකි.
Fuhrer විසින් Monograph on Buddha Sakyamuni's Birth Place in the Nepalese Tarai හි ලියනලද
බොහෝ කරුණු බෞද්ධ පොත්පත්  වලින් හඳුනා ගත් කරුණුය. පුරා විද්‍යා කරුණු ඉතා සුළු වශයෙන් පොත පුරා අතරින් පතර එකතු කර ඇත්තේය.
Fuhrer විසින් එම පොතේ ඔහු විසින් කකුසඳ , කෝනාගමන බුදුවරුන්ගේ උපන් ස්ථානය සොයා ගැනීම. කෝනාගමන බුදුන් පිරිනිවන් පෑ පබ්බත ආරාමය සොයා ගැනීම, නටබුන් සහිත කපිලවස්තුව සොයා ගැනීම, ලුම්බිණි ටැම, ශාක්‍යවරුන් මරා දමා ආදාහනය කර ඇති ස්තුප සොයාගැනීම ගැන සඳහන් කර තිබුනද ඒවා සනාත කිරීමට සෙල්ලිපියක් හෝ කිසිම සාක්කියක් නැත්තේය.
අඳුරේ මන්මුලාවී අතපත ගාන බොහෝ දනගේ නුවන් දල් වනු පිණිස මෙසේ ලීවත් සම්ප්‍රදායෙන් මිදී තර්කානු කූලව සිතිය හැකි යම් පමනක වූ බුද්ධියක් ඇත්තවුන් පමණක් මෙය තේරුම් කර ගන්නා බව නම් මම මැනවින් දනිමි. බුදුන්වහන්සේට උවද ධර්ම අවබෝධය කර දිය හැක්කේ ප්‍රඥාවන්තයන්ට පමණි, සියල්ලන්ට නොවේ.
බුදුන්වහන්සේ ලංකාවේ යයි කියන පිරිසට  NGO කාරයින්ගේ හවුල් කාරයින් යයි කීම අද අලුත් ප්‍රවනතාවයක් වී ඇත්තේය. එබැවින් එසේ ලියන මෙම පොතපත මුද්‍රණයට පෙර බුද්ධශාසන අමාත්‍යංශයේ අවසර ගතයුතු බවට යෝජනාද අද ඉදිරිපත්වේ. බුදුන්වහන්සේ උපන් තැන සොයා ගත්තේ හොර සෙල්ලිපි ලියු Fuhrer ය. බුදු වුන තැන එඩ්වින් ආනෝල්ඩ්ට බොද්ගයා ගොඩනැගිල්ල බලා සිටින විට ඇතිවූ සංකල්පයකි. ප්‍රථම ධර්මදේශනාව , පිරිනිවන් පෑ ස්ථාන පෙන්වා දුන්නේ Alexander Cunninham ය . පිරිනිවන් පෑ ස්ථානය සනාත කරන්නට නම් හොර සෙල්ල්පියක් තබා හාස්‍යට තුඩු දෙන බොරුවක්වත් නැත. සුද්දෝ මේ ආකාරයට සතර ස්ථාන සොයා දුන්නේ බුද්ධශාසන අමාත්‍යාංශයෙන් අවසර ගෙනද කියා අසන්නට සිතේ.
බුදුන්වහන්සේ ලංකාවේ උවහොත් ඉන්දියාවේ සංචාර රැගෙන ගොස් ලක්ෂ ගනින් ගසාකන්නට බැරි බැවින් NGO කාරයින්ට නෑකම් කියන්නේ කවුරුන්ද යන්න මැනවින් පැහැදිලිය. අද ඉන්දියාවේ අපේ හාමුදුරුවරු වෙසෙන ඇතැම් පන්සල් ලක්ෂ ගනනින් මුදල් උපයන සුපර් මාකට් වී ඇති බව රහසක්ද නොවේ.
තමන්ගේ රටට  උරුමයක් වේ නම්, පරණ පොත පත,සෙල්ලිපි පුස්කොල පොත් කියවා නොගෙන සල්ලි වලට ජාතියක් රටක් පාවාදීම නොකළ යුතුය. ඔබ ලෝකයේ කොතන සිටියත් තමන්ගේ කමට , තමන්ගේ දෙයට ආදර කරන්න ඉගෙනගන්න. මුදල් නිසා උරුමයන්ට රට
නින්දා නොකරන්න . එවන් යහපත් පැවැත්මකට ඔබට අනුගත විය නොහැකි නම් ඔබ වැනි අධමයන්ට කියා හැක්කේ මෙසේය. ''උපන් බිමට කෙල ගසනා හෙළයන් හෙළ බිමට එපා'' 
 
 
 සටහන සුභාෂිනී කුමාරි

Tuesday, April 9, 2013

ලුම්බිණිය සොයාගත් Fuhrer රැකියාවෙන් නෙරපූ කොමිෂන් වාර්තාව

යටත් විජිත යුගයේ අපුරු මාදිලියේ කලාවන් දෙකක් තිබුනිදෝයි බොහෝවිට මට සිතේ. ඉන් පළමු වැන්න නම් සුදු ජාතිකයින්ගේ ගොනාට ඇන්දවීමේ කලාවයි. දෙවැන්න නම් ආසියානුවන්ගේ ඇදගෙන නෑමේ කලාවයි. ඇතැම් සුද්දන්ගේ මේ ගොනාට ඇන්දවීමේ ප්‍රයෝගයන් කොතරම් බරපතලද යත් අදටත් අපේ සමහර ඇත්තෝ ඇදගෙනම නාති. නිකන් නොව බාල්දි ගනනින්ම ඇදගෙන නාති. එක්දහස් අටසිය ගණන් වල සුද්දන් විසින්ම ලියන ලද මෙම පොත පත කිය වන විට මුන්ගේ මේ විකට ජවනිකා වලට අපේ ඇත්තෝ  මෙතරම් රැවටිනි දැයි මහත් වූ සන්වෙගයක්ම ඇති වේ.

සුද්දන් විසින් වළලන ලද සැබෑ බෞද්ධ ඉතිහාසය සොයා යෑමේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූයේ මා  සරසවියේ ඉගෙන ගනිද්දී මගේ මව විසින් ඇයගේ ලිපි සමග එවන ලද ලංකාවේ බුදු උරුමය සනිටුහන් කරවන ජයරත්න පතිරාරච්චි මහතාගේ පුවත්පත් ලිපි කියවීමත්  සමගය.එබැවින් එතුමාටද මාගේ ගෞරවය හිමි වේ. කිසිම දෙයක් එකවර භාර නොගැනීමත් කිසිවක් එකවර ප්‍රතිෂේප නොකිරීමේත් ප්‍රතිපත්තියෙහි  පිහිටා මම සත්‍ය සොයා යන්නට වීමි. මේ අතර තුර කාලයේ අන්තර්ජාලය ඔස්සේ 2012 ජනවාරි 5 වන දින සඳහන් අපුරු කතිකාවක්  මට අහම්බෙන් මෙන් අසන්නට ලැබුණි, ඒ ස්වාධීන රුපවාහිනියේ හත්වෙනි පැය වැඩ සටහනයි. එම සාකච්චාවට පැමිණ සිටි එල්ලවාල හාමුදුරුවෝ කීවේ බුදුන්වහන්සේ ලංකාවේ නම් කොච්චර හොඳද? එහෙත් එවැන්නකට සාක්කි නැති බවත් මීවන පලානේ හාමුදුරුවෝ සිවුරුත් දාගෙන අපායේ යන බොරු කියන බවය. නේපාලයේ ඇති ලුම්බිණි සෙල්ලිපියේ ස්ථීර ලෙසම බුදුන්වහන්සේ එහි උපන් බවට සාක්කි  සපයන බවය. තවත් වරක පසු ගිය සැප්තැම්බරයේ දොරමඩලාවට ගොඩවී උන්වහන්සේ ඇතළු පිරිස කීවේ ඉන්දියාවට අසෝක රජු කලටත් පෙර ලිය වුනු ලේඛන ඇති බවත් ඒ සඳහා ශාක්‍යවරුන් ධාතු මන්ජුසාවක ලියු ලේඛනයක් පෙන්වීය.  ඒ අනුව නොරැවටුනේ කවුරුන්ද? අදටත් ඇදගෙන නාමින් අනුනට සමච්චල් කරන්නේ කවුරුන්ද යයි විමසා බැලීම වටී.
පහතින් එලිදක්වන්නේ ලුම්බිණිය සොයාගත් Fuhrer තමන් විසින් කරන ලද බොරුවන් පිළිගත් සහ ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි රැකියාව අහිමි කල කොමිෂන් වාර්තාවයි.
 

පහතින් දැක්වෙන්නේ Fuhrer රැකියාවෙන් අස්කළ බව දැක්වෙන ලිපියයි. ඔහු විසින් නේපාලයේ ටරයි Tarai  (ලුම්බිණිය) වල සාක්‍යමුනි නම් බුදුන්වහන්සේ උපන් බව ලියා ඇති පොත සහ ඔහු විසින්  ඒ සම්බන්ධව ලියා ඇති  ප්‍රගති වාර්තාවද (1897-1898) බොහෝ සාවද්‍ය කරුණු ඇති බැවින් ඒවා සන්සරණයෙන් ඉවත් කල බවද ඉතිරිව පැවති  ඒවාද ඉන්දියානු ආණ්ඩුවේ නියෝගය පරිදි පුළුස්සා දැමු බවද මෙහි දැක්වේ.                                                                     GOVERNMENT, N.W.P AND OUDH
                                                                    PUBLIC WORKS DEPARTMENT
                                                                                    (Archeology)
                                                                                     Memorandum
Dr A,fuhrer, late Archeological Surveyor to the Government of the North Western Province and Oudh having ceased to belong to the Government service from the 28th October 1898, the Annual Progress Report of the Epigraphical Section of the  Archeological Survey Circle, North Western Provinces and Oudh , for the year ending 30th June 1899,  has  has been prepared by Mr V.A.Smith , I.C.S., who points numerous inaccuracies in Dr  Fuhrer's Progress Report for the year 1897-98, and also in his Monograph on Buddha Sakyamuni's birth place in the Nepalese Tarai which was published as Volume XXVI of the list of volumes constituting the New Imperial Series of the Report of the Archeological Survey of India. The latter work has been withdrawn from circulation , and all copies remaining in the store destroyed by order of the Government of India. 

NAINI TAL;                                                                                                       C.W.Odling

The 31st August, 1899                                                                                          Secretary                                                                       
   
(Extracted from Annual Progress Report N.W.P.& Oudh  year ended 30/6/1899 by V.A.Smith) 

                               
Report on the Inspection of the Office of the Assistant Archaeological Surveyor.
North- Western Provinces and Oudh, at Lucknow on the 22nd September 1898, by the Hon’ble Mr. V.A. Smith, I.C.S, Officiating Chief Secretary to the Government of the North- Western Provinces and Oudh.
(වයඹ පළාත් භාර ආණ්ඩුකාරවරයාගේ නියෝගය පරිදි Fuhrerට එරෙහිව මෙම පරීක්ෂණයකර වාර්තාව සපයන්නේ වී .ඒ . ස්මිත් මහතාය. (වසර 22/11/ 1898).

එහි අන්තර්ගතය පහත දැක්වේ.

ඉන්දියානු ආණ්ඩුවේ නියෝගය පරිදි Holdernes මහතාගේ 1898 සැප්තැම්බර් 5  දිනය සහිත උප රාජකාරි ලිපියේ අනුයුක්තවූ, ගරු Olding මහතාගේ ලිපිනය සහිත රාජකාරි ලිපි අංක 2069- 6- 2 දරණ, 1898 ජුලි 28 දිනය සහිත ඉන්දියාවේ ආදායම් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උප ලේකම් විසින් වයඹ පළාත් සහ Oudh ප්‍රදේශයේ පොදු කටයුතු දෙපාර්තුමේන්තුවේ  ලේකම්වරයාට අංක 2174 දරණ ලියවිල්ලෙන්  පවරණ  ලද නියෝග ප්‍රකාරව 1898 සැප්තැම්බර් 6 වන දින ලක්නව් කෞතුකාගාරයට පත්වීම ලබා එහි ගොස් Fuhrer ගේ ලිපි ගොනු ඔහු ඉදිරියේම පරීක්ෂා කර බැලුවෙමි. මට ලබාදුන් නියෝගය වුයේ ලයිස්තුවේ සඳහන් ස්ථාන සම්බන්ධයෙන් ඔහු ගේ වාර්තා සහ මුද්‍රණ වල දැනට කෙරී ඇති අදියරයන් ගැන පැහැදිලි කිරීමක් සහ  එම වාර්තා ඔහු විසින් කෙදින නිම කරන්නේද යන්න විස්තරයක් ලබාගැනීමත්ය  .

සාරාංශ අනුක්‍රමිකය (පුරාවස්තු ලැයිස්තුව)

1.වයඹ පළාත් සහ Oudh පෙදෙස
2.පන්ජාබ්
3.බුරුමය
4.රාජ්පට්නා සහ මධ්‍යම  ඉන්දියාව 

විස්තර සහිත වාර්තාව

1.වයඹ පළාත් සහ Oudh පෙදෙස
2.පන්ජාබ්
3.බුරුමය
4.රාජ්පට්නා සහ මධ්‍යම  ඉන්දියාව(කපිලවස්තු සහ නේපාලයේ ටාරයි (tarai) වාර්තා)

 Fuhrer ගේ  ශෝධ්‍ය පත්‍රයන්, චායා රූප සහ රාජකාරී වශයෙන් ඔහු සතුව පැවතී දේ ඔහු විශ්‍රාම යන්නට පෙර පවරාගැනීම සඳහා කටයුතු කිරීමද මම  අදහස් කලෙමි.


2.මෙම ලයිස්තුවේ ඇති ස්ථාන සම්බන්ධයෙන් ලිවීමට ඔහු පෑනක් හෝ අතින් අල්ලා නැති බව දැනගත් විට ඉන්දියානු ආණ්ඩුව පුදුමවනු ඇත. Fuhrer විසින් ඔහුගේ ලිපිවල මෙම ලයිස්තුවේ සදහන් වාර්තා ඒවා මුද්‍රණ අවස්ථාවේ අවසාන අදියරේ පවතින බව සහතික කර ප්‍රකාශ කර තිබුනත් එම ප්‍රකාශයන් පැහැදිලි ලෙසම බොරුය. මම සෑම කරුණක් ගැනම එකින් එක ඔහුගෙන්  කරුණු විමසා සිටියෙමි. ඔහු විසින් කරන ලද ප්‍රකාශයන්  සම්පුර්ණ බොරු  බවට ඔහු පිළිගත්තේය . මෙම මුද්‍රණය කරන්නට යන වාර්තා සම්බන්දයෙන් Fuhrer වීසින් විවිධ ආණ්ඩු සමග කරන ලද දීර්ඝ කාලීන බොරු ගනදෙනු ගැන සොයා බැලීම වෙහෙසකාරී සහ වැඩකට නැති නිෂ්පල ක්‍රියාවකි. ඔහුගේ මුද්‍රිත රාජකාරී වාර්තාවල එක කොටසක් පමණක් උපුටා දැක්වීමම ඒ සඳහා ප්‍රමාණවත් වේ.

රාජකාරී වාර්තාවේ නම
Annual Progress Report of the Archaeological Survey Circle, North – Western Provinces and Oudh, for the year ending 30th June 1894, paragraph 21


එම 21 චේදයේ අන්තර්ගතය 

''ඉන්දියාවේ වයඹ පළාතේ සහ Oudh , රාජ්පට්නා සහ මධ්‍යම ඉන්දියාවේ ඇති වාස්තු විද්‍යාත්මක පුරාවිද්‍යාත්මක නටබුන් සහ ගොඩනැගිලි සඳහා වන පරිපාලනමය කටයුතු සඳහා කුඩා අනුක්‍රමික වාර්තාවක් පිළියෙළ කර මුද්‍රණය පිණිස යවා තිබේ. පන්ජාබය සහ බුරුමය සඳහා කුඩා ලැයිස්තුවක් අවසන් කිරීම ලඟා වෙමින් පවතී. මෙම ලැයිස්තු පිළියෙළ කර ඇත්තේ ඉන්දියානු රජයේ ආදායම් සහ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ (පුරාවිද්‍යා) නියමයන්ට අනුව ඒකීය සැලස්මකටය. මෙලෙස ඉදිරිපත් කර ඇත්තේ පොදුකටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම නටබුම් තෝරාගැනීම්, ස්ථීර සහ  අනිවාර්ය සංරක්ෂණය සහ යතාවත්කිරීම උදෙසාය. විශාල ග්‍රන්තයක ශෝධ්‍ය පත්‍රය වන 'පුරාවිද්‍යා ස්මාරක සහ රාජ්පට්නා සහ මධ්‍යම ඉන්දියාවේ සෙල්ලිපි ' මා විසින් එලි දැක්වීම සඳහා මුද්‍රණයට යවා ඇති වයඹ සහ Oudh සම්බන්ධයෙන් ලියා ඇති පොතට  සමාන එකකි. එම පොත ළඟදීම බලාපොරොත්තු වියහැක. එවැනිම වූ තවත් පොතක් පන්ජාබ් සහ බුරුමය සම්බන්ධයෙන් යම් මට්ටමකින් ලිය වෙමින් පවතී .''

මම මෙම චේදය Fuhrer ට කියවීමි. මෙසේ ලියා ඇති චේදයේ සියලු ප්‍රකාශයන් සම්පුර්ණ අසත්‍ය බව පිළිගන්නට ඔහුට සිදු විය.
Fuhrer විසින් වයඹ පළාත් සහ Oudh, රාජ්පට්නා සහ මධ්‍යම ඉන්දියාව සම්බන්ධයෙන් ඔහු විසින් පිළියෙළ කර මුද්‍රණයට යවා ඇත යයි කියන කුඩා අනුක්‍රමික වාර්තාවක් පිළයෙල කර මුද්‍රණයට යවා නොමැත. එවැන්නක් ඇත්තෙම නැත. එමෙන්ම එවැනිම වූ පන්ජාබ් සහ බුරුමය සම්බන්ධයෙන් වාර්තාවක් අවසාන කිරීමට ඉතාම ආසන්නයේ පවතිනවා යයි ලියා තිබුනද එවැන්නක්ද  ලියන්නට කිසිම දවසක පටන් ගෙන නැත. වයඹ පළාත් සහ Oudh, ගැන පමණක් දිගු ලැයිස්තුව ලියා තිබුනි. එහෙත් මෙම පලාත්  වලද කෙටි අනුක්‍රමික වාර්තාව ලිවීමට අත තබාවත් නැත. 

රාජ්පට්නා සහ මධ්‍යම ඉන්දියාව සම්බන්ධයෙන් විශාල ග්‍රන්තයක ශෝධ්‍ය පත්‍රය මුද්‍රණයට යවා ඇති බව Fhurer ලියා ඇතත් එය සහාසික බොරුවකි. එවැනිම වූ වෙළුමක් බුරුමය සහ පන්ජාබ් සම්බන්ධයෙන් සකසමින් පවතින බව කීවද එවැන්නක් කිසිදිනක පටන් ගෙන නැත.එහෙත් වරින් වර මෙම පොත පත මුද්‍රණයට යවා ඇති බවට   ප්‍රසිද්ධ දැන්වීම් කලින් කලට පල කර තිබේ. මෙම දැන්වීම් අස්කළ යුතුව තිබේ.

3. Fuhrer ළඟ දල කෙටුම්පත්  හෝ සටහන් නොමැත. Fuhrer ඔහුගේ චාරිකාවලදී එදිනෙදා කෙරෙන නිරීක්ෂණ විස්තර සටහන් කිරීම සඳහා පුරුද්දක් වශයෙන් දින පොතක් හෝ විස්තර ලියා තබන සටහන් හෝ තබා නොගන්නා බව පැවසීය. ඒ අනුව ඔහු පොත් පත් ලීවේ කෙලෙසද විශේෂයෙන්ම ඇතැම් ප්‍රශංසනීය වාර්තා ඔහු ඉදිරිපත් කලේ කෙලෙසද යන්න හිතා ගන්නත් බැරිය. ඔහු කිසිම පිළිවෙලක් නැති වැඩකට නැති පුද්ගලයෙකි
ඒ අනුව මෙවැනි ලෙහෙසියෙන් ඔප්පුවන බොරු ගණනාවක්ම ලීමේ Fuhrer ගේ අරමුණ කුමක් ද යයි මට කිය නොහැකිය. ඔහු සමාව ගැනුම පිණිස කීවේ පමණට වඩා වැඩ ඔහු වෙත පවරන ලබනු බවය. ඔහුට පමණට වඩා වැඩි වැඩ පැවරීම සත්‍ය විය හැකිය. එය මම පිලි ගනිමි. එසේනම් ඔහුට කල යුතුව තිබුනේ මෙය ලෙහෙසියෙන් පෙන්නුම් කරදීමය. ඔහු අවංක ලෙස කටයුතු කළා නම් කිසිවකු හෝ ඔහුට දොස් පවරන්නේ නැත . නමුත් ඔහු ක්‍රමානුකුලව අසාමාන්‍ය බොරු කීමට වඩා කැමැත්තක් දැක්වූ බව පෙනේ.

4. මම අදාළ ලැයිස්තුවට අයත් ඔහු විසින් ඉදිරිපත් කල  සියලු කොල අත්පත් කර ගතිමි.ඒවා මෙසේය ;
බුරුමය i. රැන්ගුන් වලින්  සොයාගත් ධාතු විස්තර ඇති Royal Asiatic Society සඟරාවේ උපුටා ගැනීම
 ii. බුරුමයේ  පුරාවස්තුන් සහ පුරාවිද්යාත්මක් වටිනාකමක් ඇති වස්තුන්ගේ මුද්‍රිත ලැයිස්තුව. (1892, රැන්ගුන්හි රජයේ මුද්‍රණ කටයුතු භාර   අධ්‍යක්ෂක)
iii. බුරුමයේ චාරිකාව (මාර්තු - අප්‍රේල් 1892) සම්බන්ධයෙන් F.O.Oertel ගේ සටහන  (රැන්ගුන් 18930)iv. උතුරු, දකුණු,සහ නැගෙනහිර කොට්ටාශ භාර කොමසාරිස් විසින් එවන ලද මුද්‍රිත ලැයිස්තුව
1893-4 කාලයේ ප්‍රගති වාර්තාවේ අන්තර්ගත දේ හැරුණුවිට Fuhrer ඔහුට මේවා සම්බන්ධයෙන් සටහන් හෝ ද්‍රව්‍යමය සාධක නැති බව පැවසීය .

පන්ජාබ්
Rodger ගේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති සංශෝධිත ලැයිස්තුව හැරුණු විට (දිනය නොමැත ලාහෝර්) Fuhrerට පෙන්වන්නට කිසිවක් නොවීය.
රාජ්පට්නා සහ මධ්‍යම ඉන්දියාව Bundelkhand ඇතුලත්ව
i.   දල පැන්සල් සටහන් පමණි. (Fuhrer ගේ 22, සැප්තැම්බර් 1898, රාජ්පට්නා සහ මධ්‍යම ඉන්දියාව )
ii.  භෝපාල් (Bhopal) සෙල්ලිපි ( ආචාර්ය Burges මහතා ගේ ඇඳීම්)
iii. පුරාවිද්‍යා  වටිනාකමක් ඇති පුරාවිද්‍යා  වස්තුන් සම්බන්ධ  භෝපාල් ඒජන්සියේ ලැයිස්තුව. (සේනාපති W. Kincaid)
iv භෝපවර් (Bhopawr) ඒජන්සියේ පැරණි සෙල්ලිපි ලැයිස්තුව
v  භෝපවර් (Bhopawr) ඒජන්සියේ   පුරාවිද්‍යා  වටිනාකමක් ඇති පුරාවිද්‍යා  වස්තුන් සම්බන්ධ ලැයිස්තුව.
vi Kotah
ජනපදයේ පුරාවිද්‍යා  වටිනාකමක් ඇති පුරාවිද්‍යා  වස්තුන් සම්බන්ධ ලැයිස්තුව.
vii Gwalior
දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා  වටිනාකමක් ඇති පුරාවිද්‍යා  වස්තුන් සම්බන්ධ ලැයිස්තුව. (බටහිර මල්වා (malwa) ඒජන්සියට අයත්)
viii මධ්‍යම ඉන්දියාව සහ Bundelkhand හි සෙල්ලිපි (1887 මැයි 20 දිනය සහිත Indore  නිලනිවාසයෙන් ආචාර්ය Burges මහතාට එවන ලද ලිපිය 
ix. Bundelkhand ඒජන්සියේ   පුරාවිද්‍යා  වටිනාකමක් ඇති පුරාවිද්‍යා  වස්තුන් සම්බන්ධ ලැයිස්තුව.
x. Goons ඒජන්සියේ   පුරාවිද්‍යා  වටිනාකමක් ඇති පුරාවිද්‍යා  වස්තුන් සම්බන්ධ ලැයිස්තුව.
xi. Gwalior දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා  වටිනාකමක් ඇති පුරාවිද්‍යා  වස්තුන් සම්බන්ධ ලැයිස්තුව. 
xii. Gurrah ජනපදයේ සෙල්ලිපි ලැයිස්තුව.
xiii. Raghogarh ජනපදයේ සෙල්ලිපි ලැයිස්තුව.
xiv. Parun ජනපදයේ සෙල්ලිපි ලැයිස්තුව.
xv. Tonk ජනපදයේ සෙල්ලිපි ලැයිස්තුව.
xvi. Bhadowra ජනපදයේ සෙල්ලිපි ලැයිස්තුව.
xvii. Umri ජනපදයේ සෙල්ලිපි ලැයිස්තුව.
xviii. Dharnodha ජනපදයේ සෙල්ලිපි ලැයිස්තුව.
පැන්සලින් යම් යම්  සටහන් තබා තිබුනු බැවින් මෙම පළාත් සම්බන්දයෙන් කටයුතු කරන්නට අදහස් කර ඇති බව පෙනේ. නමුත් එම සටහන්ද එතරම් වටිනාකමක් නැති ඒවාය. මෙම ඉහත සඳහන් ලැයිස්තුන්  සපයා දී ඇත්තේද  දේශීය නිලධාරින්ය.

5. මම Fuhrer පසුගිය සීත ඉර්තුවේ චාරිකාවේ යෙදුනු නේපාලයේ Tarai වල කපිලවස්තුවේ කොටසක නටබුන් කැනීම් ගැන  තබා ගන්නා  ලද වාර්තා ගැන විමසා සිටියෙමි. Fuhrer කපිලවස්තුවේ ගවේෂණය සැබවින්ම කල බව ප්‍රකාශ කලයුතුය. පසුගිය ජනවාරියේ මම විලියම් පෙප් සමග එහි යන විට Fuhrer ධාතු සහිත තඹ පෙට්ටි 5ක් ගොඩගනිමින් සිටියේය. මේවා ගොඩගනු ලැබුවේ නගරයට බස්නාහිර පැත්තෙන් පිහිටි කුඩා සතරැස් ස්තුප වලින් එකක පොලොවෙනි. මේවා ඝාතනය කරන ලද ශාක්‍යන්වරුන් වෙනුවෙන් ඉදිකරන ලද ස්තුප බව විශ්වාස කළේය. Fuhrer කියා සිටියේ ඔහු පුරුද්දක් ලෙස දිනපොතක් හෝ ක්‍රමානුකුල වාර්තාවන් ඔහුගේ සොයා ගැනීම් ගැන නොතබා ගන්නා බවය.මට පෙනෙන ආකාරයට Fuhrerගේ දේශීය සහායකයින් විසින් සොයා ගන්නා  ලද දේ ගැන සටහන් අඳින අතර ඉන්පසු Fuhrer මතකයෙන් ඒවා ගැන විස්තර ලියන බවය.
6. නේපාල ජාතිකයන් විසින්  විවෘත කරන ලද විශාල ස්ථුපයක් Bhairon Bakhs විසින් මහානාම වරුන්ගේ ස්තුපය ලෙස නම් කර තිබුණි. එසේ නාමකරණය සඳහා ඇති සාක්ෂයන් මොනවාද යයි මම Fuhrer ගෙන් විමසු විට එවැනි සාධකයක්  නැති  බව Fhurerට පාපොච්චාරණය කරන්නට සිදු විය. මට සිතෙන විධිහට මහා නමින් මට  කියවාගනීමට හැකිවුණු අකුරු දෙකක් සහිත කැබලිවී ගිය  ගඩොලක් හැර වෙන කිසිවක්  නොවුණු බව Fuhrer කීවේය. එවැනි ගඩොලක් හෝ තිබු බව මම පිලි නොගනිමි. මම මෙම විස්තරය මතක් කරන්නේ මක්නිසාදයත් මෑතකදී රාජකාරී සෙල්ලිපි වාර්තාවක Fuhrer කපිලවස්තුවෙදී මහානාමන් යන නාමය ඇත්ත වශයෙන්ම සොයාගත් බවට කියා තිබුණු බැවිනි. U Ma (බුරුම භික්ෂුවට) ලියන විට ඔහු උපගුප්ත නමින් හොර සෙල්ලිපියක් ලියා තිබුණි. මෙම මහානාම සිද්ධියෙන්ද පෙන්නුම් කරන්නේ රාජකාරි ගවේෂණ සඳහාද Fuhrer හොර සෙල්ලිපි එක් කිරීමේ අභිරුචියක් අරඹා ඇති බවය. නේපාලයේ ටරායි (Tarai) හි ශාක්‍යමුණි බුදුන්ගේ උප්පතිය නමින් පළකර ඇති Fuhrer ගේ ග්‍රන්ථයේ මුල්කාර්තුවේ කපිලවස්තුව ගැන යම් විස්තරය සඳහන් කර ඇතැයි කීවද ඇත්තේ ඉතාම සුළු විස්තරයකි. මාස ගනනාවක් තිස්සේ කරන ලද කාර්යයන් (කැනීම්) සම්බන්ධයෙන් සටහනක් වාර්තාවක් ඇත්තේම නැති තරම්යයි සොයාගැනීමට මට ලැබීම අසතුටුදායක  තත්වයකි. මෙම කැනීම් වලදී සොයාගත් සියලුම භාණ්ඩ අත්පත් කරගත් Fuhrer හා කැටුව ගිය නේපාල ජාතික නිලධාරියා Fuhrer වෙනුවෙන් සැම විටම පෙනීසිටියේය.

7. පුරාවස්තු සහ පුරාවිද්‍යා භාණ්ඩ වල මනා රූපමය ලැයිස්තුවක් රාක්කවල සංරක්ෂණය කර තිබේ .මේවායින් බොහොමයක් ශිල්පීය රූප ග්‍රන්ථ මාලාවේ හෝ අන් ස්ථානයක විටින් විට පල කර තිබේ. මෙම චායා රූප වල අනුචායා නම් කර තබේ. මතුර වලින් එක්  රැස් කරගෙන ඇති වටිනා පුරාවස්තුන් කෞතුකාගාරයේ බිම්ගෙයි  තැන්පත් කර ඇත. ඒවායේ නම් කිරීම සාමාන්යෙන් හොඳ මට්ටමක පවතී. එලෙස හරියට නොපෙනෙන එවැනි අඳුරු කාමරයක මේවා තැන්පත් කිරීම කනගාටුවට කාරණයකි.
 

8. Fuhrer විසින් අවුරුදු කිහිපයක් තිස්සේ සිය චාරිකා වලින් එකතු කර ගන්නා  ලද සෙල්ලිපි වල අනුරුපයන් ඉතාම අවුල් තත්වයක පවතී. ඒවා ඔහුගේ කාමරයේ බිම පුරාම විසිරී පවතී. අඩුම තරමේ ඒවා පළාත් වශයෙන් වත් වෙන්කර නැත. ඒවා තියෙන විධිය අනුව මට ඒවා ගණන් කර ගන්නටද බැරිය. මේ වයෙන් බොහොමයක් නම් කර නැත . ඒවායේ යන්තමින් පැන්සලින් කෙළවරක කුරුටුගා ඇතුවා මිස කිසිම ලේබල් කිරීමක් නැත. මම Fuhrer සහ ඔහුගේ ලිපිකරුට අනුරූප  වල රැලි ඉවත් කර පැතලි  කිරීම සඳහා ලොකු බර වස්තුවක් යටින් තබන ලෙස කීමි. එමෙන්ම මේවා පළාත අනුව පිළියෙළ  කරන ලෙසද කීමි. මැඩ්රාස් ආණ්ඩුවේ ආකෘතිපත්‍ර නාමාවලියට සමාන ලෙස මේවා නම්කරන මෙන් කීමි. ඔක්තෝම්බර් 10 වන දිනට පෙර එලෙස නාමාවලියක් සකස් කරන ලෙස කීමි. ඔහු එලෙස කරන්නට පොරොන්දු වුවද ඔහු ඒවා කවදා ඉටුකරයිද ? හෝ ඒ සම්බන්ධයෙන් කිසිවක් හෝ කරයිද නොකරයිද යන්න මම නොදනිමි. Fuhrer හැරුණු විට එම සෙල්ලිපි ලැබුනේ කොහෙන්ද යන්න කිසිවකු හෝ නොදන්නා බැවින් ඒවා අත්පත් කරගැනීම වැඩකට නැති කාර්යකි. ප්‍රසිද්ධ නොකරන ලද බුරුමයේ සෙල්ලිපි විශාල ප්‍රමාණයක් වේ.

 සැප්තැම්බර් 24, 1898                                                                                     වී. ඒ. ස්මිත්                                                                                                                     ප්‍රධාන ලේකම්  
   
Fuhrer ගවේෂණ වලදී ලැබුණු පුරාවස්තුන් හොර සෙල්ලිපි හදමින් ලෝකයාට විකුනමින් සිටි අයකි. ඔහු පොත් ලීවේ අන් අය විසින් ලියන ලද පොත් වල කොටස් උපුටාගමින් ඒවා වෙනස් කරමින්ය.  මහානම ශාක්‍යවරුන් ගැන හොර සෙල්ලිපි ලීවේද ඔහුය. අවසානයේ ඒක පුද්ගල කොමිෂම ඉදිරියේ තමන් හොර සෙල්ලිපි මෙන්ම ඔහු කල කපටි කම් ගැන පොච්චාරණය කර වැරදි පිලිගත්තේය.   අවසානයේ මේ වාර්තාව එලි වෙද්දී Fhurer ට රැකියාවද අහිමි විය. Fuhrerට එරෙහිව  පරීක්ෂණයක් පවත් වන්නට  එංගලන්තයට  සිදුවුයේ බුරුමයේ U Ma භික්ෂුවට බුදුන්ගේ ධාතුවක් කියා අශ්ව දතක් දීම නිසාය. මෙම කාරනාව සම්බන්ධයෙන් බුරුම රජය ඍජුව මැදිහත්විය. එසේ නොවන්නට මෙවැනි වාර්තාවක් හෝ Fhurer ට විරුද්ධව ඉද්රිපත් නොවන්නට ඉඩ තිබුණි..                              
මෙසේ Fhurer වැරදි පිළිගෙන තිබෙද්දීත්  අපුරු වාර්තාවක් හමුවේ. එය ලියා ඇත්තේ  1902 ජනවාරි මාසයේය. එය මෙසේය. 

A German Buddhist Priest - The Ceylon Standard Remarks;'' Much interest has been excited in Buddhist  and other circles at the prospect of Dr. Fuhrer coming to Ceylon to join the Buddhist priesthood. Press notices recently made regarding this gentleman have given rise to grave suspicion. We understand that Dr Fuhrer will have an opportunity given him of refuting the charges made against him before he is accepted by the leading Buddhists here as an   exponent of the religion of Buddha'' (  Vol x, Calcutta, December, 1901 And January 1902, Nos 8&9, The Maha - Bodhi And The Buddhist World Edited by Anagarika Dharmapala )
ජර්මානු ජාතික බෞද්ධ භික්ෂුවක්-  ලංකා සම්මත වාර්තාව;   බෞද්ධ සහ අනෙක් පිරිස අතර අචාර්ය Fuhrer ලංකාවට පැමිණ මහන වීමේ අපේක්ෂාවක් ඇති බවට උනන්දුවක් ඇතිවී තිබේ. පුවත්පත් දැනුම් දීම් මගින් මෑතකදී මේ මහතා සම්බන්ධයෙන් බරපතල සැකයක් ඇති කර තිබේ.  බුදුන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වන්නට පෙර පිළිගත් ප්‍රමුක බෞද්ධයන් විසින්  Fuhrerට විරුද්ධව ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන්නට අවස්තාවක් ලැබෙතැයි අපි විශ්වාස කරමු (මහා බෝධි සහ එක්සත් බෞද්ධ ලෝකය,  සංස්කරණය අනගාරික ධර්මපාල, වෙළුම 10, දෙසැම්බර් 1901 සහ ජනවාරි 1902, කල්කටා)
කොමිසම ඉදිරියේ පාපොච්චාරණය කර තමා වරද කල බව පිළිගත් පසුත් ධර්මපාල තුමා Fuhrer ට චෝදනා ප්‍රතික්ෂේප කරන්නට අවස්තාවක් ලැබෙතැයි සිතා සිටින බවය. එයින් පෙනෙන්නේFuhrerට   එරෙහිව කොමිසමක් පත් කර Fuhrer විසින් පාපොච්චාරණය කර ඒවා පිළිගත් බව ධර්මපාල තුමා නොදැන සිටි බවය.
ඉන්දියාවේ සහ නේපාලයේ වන බුදුන් උපන්, බුදුවු , දම්සක් සුත්‍රය පැවැත්වූ සහ පිරිනිවන් පෑ ස්ථාන සියල්ලම සොයා ගත්තේ සුදු ජාතිකයින්ය. මේ සොයාගැනීම් සම්බන්ධයෙන් මුල සිටම තිබුනේ ආන්දෝලනයන්ය. අවුල් සහගත තත්වයකි. ආන්දෝලනයට අවුලකට පත්ව තිබු මේ ස්ථාන වලට  පිලි ගැනීමක් ඇති කලේ ධර්මපාල තුමාය. ඒ කිසිවක් සොයා නොබලාය.
පහතින් දක්වන්නේ අද ඉන්දියාවේ මහාබෝධියේ ඇති ශාකය පිළබඳ විස්තරයකි

The terrace enlarges behind the temple towards the west, and forms an area, on which is growing the Pipal tree ... The tree is in full vigour, and cannot in all probability exceed 100 years in age. (Francis Buchanan, 1811) (Bodh Gaya, Relightening the Lamp by S.Dhammika Thero)
ෆ්‍රැන්සිස් බුචණන් දක්වන්නේ 1811 අවුරුදු 100 කට වැඩි නැති බෝගසක් සරුවට වැඩී තිබුණු දුටු බවය.An English civil servant on holiday at Bodh Gaya in 1866 wrote in his note book: "The temple apparently fast falling into ruin. It is a great pity that such a fine, old and picturesque looking building could not be preserved". About a decade later, Sir Richard Temple saw the withered Bodhi Tree and commented that it was "in harmony with the fate which has overtaken the structure. (Bodh Gaya, Relightening the Lamp by S.Dhammika Thero)

 

1866 දී ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියකු පවසා ඇත්තේ බොද් ගයා ගරාවැටෙමින් තිබෙන බවය . ඉන් දශකයකට පසු එනම් 1876 පමණ  මෙම ශාකය වෙලී ගොස් ඇති බව බව රිචර්ඩ් මහතා දැක ඇත.
 

for repairing the Mahabodhi Temple. J.D. Bcglar was appointed to do the job under the guidance of Alexander Cunningham, the first Director-General of the Archaeological Survey
During Beglar's restorations, the buttress at the back of the temple on which the Bodhi Tree had been growing was demolished and a new tree planted in the ground.       (Bodh Gaya, Relightening the Lamp by S.Dhammika Thero)
 

මෙයින් දක්වන්නේ ඇලෙක්ස්සන්ඩර් කනින්හම් ගේ උපදෙස් මත බෙග්ලර් මහතා කරනලද සංරක්ෂන යෙදී බෝධියේ ආධාරකය  බිඳ හෙලා එම ස්ථානයේ අලුත් ගසක් සිටවා ඇති බවය  . ලංකාවේ ඇතැම් හිමිවරු සිතා සිටින්නේ 18,19,20 සියවස් ඉන්දියාව උන්වහන්සේලාගේ යටත් විජිතයක්ව පැවති  බවය. එබැවින් යටත් විජ්ත යුගයේ ඉන්දියාවේ සිදුවුණ සෑම දෙයක්ම උන්වහන්සේලා මුල සිට දැන සිටියා සේ අන් අයට පරිභව  කරති. එහෙත් ඉන්දියාව යටත් විජිතයක්ව පැවතියේ එංගලන්තයට බැවින් සත්‍ය සොයා යාමේදී යටත් විජිත යුගයේ ලියවුනු පොත පතපත  කියවීම මෙම ගැටලුව නිරාකරන යෙදී වඩා වැදගත්වේ.  
බුද්ධගයාව බේරාගනිව් කියා ධර්මපාල තුමා හැල්මේ දුවගොස් ඇත්තේ කනින්හම්ලා සිටවූ ගසක් රකින්නටය. අද තාප්ප ඉබි යතුරු දමා රකිමින් අන්න බුදුන්වන්සේ පිටදුන් බෝධිය කියා පෙන්වන්නේ කනින්හම්  ගේ බෝධියය. මෙහෙමත් විලි ලජ්ජා නැති රැවටීමක්. මේ අනුව බලන විට මෙහි මුලින් තිබු ගසද 1811 පමණ වන විට අවුරුදු 100 කට වඩා වැඩි නැත. 1898 ධර්මපාල තුමා මෙහි යනව විට සිටවා ඇති බෝධියට අවරුදු 20ක් පමණ ඇත්තේය. අවුරුදු 20 ක පමණ ගසකුත් අවුරුදු 2000 වැඩි ගසකුත් අතර වෙනස අඳුනාගන්නට බැරි තරමට ධර්මපාල තුමා උපතින්ම අන්ධයෙකුව සිටියාද?අප අසා ඇත්තේ රෑ වැටුණු වලේ මිනිසුන් දවල් නොවැටෙන බවය. මට නම් පෙනෙන්නේ  මහා දවල් ගිනි මධ්යනයේ ධර්මපාල තුමා වලට වැටී ඇති බවය. එයද තනියම නම් නොවේ හෙළ ජාතියම වලට ඇදගෙනය.තව කොතෙක් කලක් ලෝකයා රවටන්නද? සැමදා සැමකල්හි සැවොම නොරැවටෙති. ඇදගෙන නොනාති. මේ 21 වන සියවසද ගෙවී දශකයකුදු ඔබ්බට ගිය කාලයයි.
මෙම කොමිෂන් වාර්තාව මට ලබා දීම සම්බන්ධයෙන් එංගලන්තයේ පුරාවිද්‍යා ගවේෂක ටෙරී පෙල්ප් මහතාට මාගේ ස්තූතිය හිමිවේ. ඒ මහතා මෙහි පිටපත් ලබාගෙන ඇත්තේ ඉන්දියාවෙනි. (Dept. of Rev &Agri., Proc. Nos 22-35; Oct 1898; Pt. B. File No 13of 1898
Serial No18) 
මේ සම්බන්ධයෙන් ටෙරී පෙල්ප් මහතා මට දන්වන ලද  දෙයද වැදගත් බැවින් මෙසේ ලියා දක් වමි.
 මෙම ලිපි ලේඛන ඇමරිකාවේ හෝ යුරෝපයේ (ලන්ඩනයේ ඉන්දියානු පුස්තකාලයේද) නැත. එම නිසා ඔහු  කොපියක් වොෂින්ටනයේ කොන්ග්‍රස් පුස්තකාලයේද,  ලන්ඩනයේ ඉන්දියානු පුස්තකාලයේද තබා තිබේ. මේවා තිබු එකම ස්ථානය වී ඇත්තේ ඉන්දියාවේ India Office Library and the National Archives of India හිය. මෙවැනි ලේඛන විදේශිකයකුට ලබා ගැනීම අතිශයින්ම අපහසු කාර්යයකි. එම නිසා  ඔහුට මේවා ලබාදෙන්නට  පෙර ඉන්දියාවේ VIP කෙනෙකුගේ අවසරයකුත් තානාපති කාර්යාලයේ අවසරයත් ලබාගන්නට සිදුවුණ බව කීය.  මේවා පොදු ජනතාවගෙන් මෙන්ම උගතුන්ගෙන්ද ඈත්  කර රහසිගතව තබා ගැනීම ඉන්දියාවේ උත්සාහයයි. මෙම ලේඛන එලියට ගෙන සත්‍ය එලි කිරීම කල යුතුය. එහෙත් එය එතරම් පහසු කාර්යයක් නොවේ.
එමෙන්ම කවුරුන්හෝ වේවා යටත් විජිත යුගයේ බුද්ධ ශාසනයට වංචාවක් කර ඇත්නම් එය එලි කිරීම අපගේ යුතකමක් බවත් බුදුසසුන මුල් යුගයේ සිටම මහත් වෙහසක් දරා රැක ගත්තේ සිංහල ජාතිය බව පෙල්ප් මහතා විසින් මට කියන ලද ප්‍රකාශයන් අගය කොට මම සලකමි.



සටහන සුභාෂිනී කුමාරි