Thursday, March 14, 2013

හෙලදිවට උරුම වූ මගධය

"වර්ථමානය හා අනාගතය අනිවාර්යයෙන්ම අතීතයෙන් ගොඩනැගෙන අතර, එම මුද්‍රාව එහි දක්නට ලැබෙනු ඇත. එය අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව කරන ඉදි කිරීමක් වැනිය" යැයි ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් පවසා ඇත. මෙතුමා මෙසේ පෙන්වා දෙන්නේ කෙනෙකු තමන්ගේ ඉතිහාසය දැනගැනීමේ වැදගත් කම පිලිබදවය. තමන්ගේ වර්ගයා කෙසේ ආවේද,තමන්ගේ රට කුමක්ද තමන්ගේ මුතුන් මිත්තන් කවුද,තමන්ගේ රටේ සිටියේ කෙබන්දෝද යන්න නොදන්නා පුද්ගලයා අසම්පූර්ණයෙකි. එසේ අසම්පූර්ණයන් බිහිවූ විට සිදුවන්නේ ඒ රට තවත් පහලට ඇදවැටීමකි. "මේ ලංකාවනේ බං" කියා සමච්චලයට ලක්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. කෙසේ වෙතත් වර්ථමානය වන විට කුමක් හෝ ව්‍යපර්යාසයක පෙරනිමිති පහල වී අපේ හෙල නිවැරදි ඉතිහාසය මතුවන්නට/මතුකරන්නට පටන් ගෙන තිබේ. ඒ ව්‍යපර්යාසය කෙතරම් බලපෑමක් කරන්නේද කියතොත් මීට වසරකට පමණ පෙර බුදුවරු පහල වන්නේ ඉන්දියාවේ යැයි කියමින් විවෘත අභියෝගයන්ට සැලසුම් කල පුද්ගලයන් අභිරහස් ලෙස ආගිඅතක් නොමැති වීමට පටන් ගෙන තිබේ. නෙත් එෆ්.එම්, බෞද්ධයා නාලිකා වැනි ලෝටස්,ශාන්ති,යාත්‍රා ආදී ඉන්දියානු නඩ පටවන සමාගම් මත යැපෙන බුදුන්වහන්සේ විකුණාගෙන කන ව්‍යාපාරිකයන් මත්තේ එල්ලී සිටි ෆේස්බුක් වීරයන්ට අද කරකියාගත දෙයක් නොමැතිව අසරණ වී තිබෙන්නේ ඔවුන්ට එල්ලීමට තිබූ පිදුරු ගස් පිටතට නැමෙන බව පෙනෙන නිසාය. බුදුන්වහන්සේ පහල වූයේ හෙලදිවයැයි කියූ විට සිනාසුනු,පිස්සෝ යැයි කියූ ඇත්තන්ට ඒවා පටිසන් දීමට පටන් ගෙන ඇත්තේ ඇස් පනාපිටදීමය. මාධ්‍යවේදීන් යනු සියල්ල දත්තවුන් නොවේ. නමුත් අපේ ඇතැම් පිරිස්වලට යම් මාධ්‍යකින් ඉදිරිපත් කරන වීඩියෝ පටය හෝ හඩ පටය මහ ලොකු දෙයකි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගේ පූර්ව නිගමනවලට ගැලපෙන සම්ප්‍රදායේ ඇතිවෙනකම් කරක් ගසා තමන්ගේ මඩිය තරකර ගැනීමට උපකාරය වන්නේ ඒවා නිසාය. අද රූපවාහිනී ගුවන් විදුලියට ගොඩවන අපේ ව්‍යාපාරික පැවිදි පිරිස ජන්බුද්වීපය පිලිබද වචන ස්වල්පයක් කතා කිරීමට අමතක නොකරයි. කොහේදෝ යන පිස්සෝ කට්ටියක් එකතු වී බුදුන්වහන්සේ ලංකාවේ පහල වූ බව කියමින් මිත්‍යාදෘශ්ඨිය වපුරනවා කියමින් දේශනා පවත්වන ඔවුන්  ඒ අතර තුරදී "සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා සදහා විමසීම්" යනුවෙන් රු.1500 ක තීරු දැන්වීමක් දැමීමටද අමතක නොකරයි. සියල්ලටම සාදු කාර දෙන අපේ උපාසක ඇත්තන් සාදු කාර දුන්නද සිතීමේ ශක්තියක් ඇති හෙලදිව ඉතිහාසය ගැන දන්නා පුද්ගලයන් මේවාට සිනාසෙන්නේ කෙසේදැයි දේශකයන් නොදන්නේ ඔවුන්ගේම වාසනාවටය. මෙසේ වල්පල් ටිකක් දෙඩවූයේ කාටවත් රිදවීමටනම් නොව ජන්බුද්වීපය සෙවීමට ආරම්භ කල මීට වසරකට පමණ පෙර පැවති තත්වය හා දැන් තත්වය පිලිබද මදකට සසදා බැලීමටය.(ජන්බුද්වීපය පිලිබද කරුණු සෙවීමට පටන් ගෙන වසරකට ආසන්නය. ලිපි සැකසෙන්නේ ඊට මාස 3කට පමණ පසු සිටය.) අනුන්ගේ ගල් මුල් පසෙකින් තබා අපේ මාතෘකාව වෙත යොමු වෙමු.
 

බුදුන් උපන් දේශයේ ක්‍රි.පූ. හයවන සියවස වන විට දේවහෙලයේ තිබී ඇත්තේ ජනපද පාලනයකි. යක්ක,නාග,ගාන්ධර්ව,කුම්භාණ්ඩ යන ප්‍රදේශ හතර ජනපද පාලනයට යටත් නොවූ අතර දේව ගෝත්‍රික පාලයන තුල ජනපද 16කට බෙදා පාලය ගෙන ගියහ. චාතුර්මහාරාජිකය හා දේව හෙලයේ එකතුවෙන් සමස්ත දීපයම නිර්මාණය පැවති අතර සමස්ත දීපයම සක්කස්ස දේවානමින්ද තනතුර පාලනයේ පැවතුනි. මේ ලිපියෙන් වැඩි අවධානයට යොමුවන්නේ මගධ ජනපදය පිලිබදවය. ඒ මන්ද යත් ජනපද අතුරින් වැඩිම ප්‍රසිද්ධියක් උසුලන ලද ජනපදය මගධ ජනපදය වූ නිසාය. විදේශිකයන් විසින් අප රටේ ඉතිහාස ග්‍රන්ථවල ලියා තැබූ මගධයේ ඉතිහාස කතාව බලහත්කාරයෙන් ඉන්දියාවට පවරා දී තිබුනද සත්‍ය වශයෙන්ම මගධයේ උරුමය හිමිවන්නේ හෙලදීපයටය. එක රටක ඉතිහාසයක් වෙනත් රටකට ආදේශ කර දුන් වෙනත් රටවල පිරිස්වලට ‍රැව‍ටුනු අපේ රටේ මෝඩ උගතුන් ඒ විලභීත ඉතිහාසය නඩත්තුකරගෙන පැමිණියාට නූතන පරපුර ඒ සදහා සූදානම් නැත. මන්ද මගධයේ සත්‍ය කතාව ඔවුන් සොයාගෙන අවසන් නිසාය.

මගධය යන ජනපදයේ ආරම්භකයෙක් සිටිය යුතුය. මගධ ජනපදයක් ලෙස ගොඩනැගීමට මූලික වී ක්‍රියා කරන්නේ ගෝවින්ද නම් වූ ආචාර්ය වරයාය එසේත් නැතිනම් පඩිවරයාය. මේ ගෝවින්ද පඩිවරයාගේ අතීත කතාපුවතක් අපට ත්‍රිපිටකයේ මහා ගෝවින්ද සූත්‍රය ඇසුරුන්ද සොයාගත හැක. මේ පඩිවරයා හෙලදිව සිටි මුතුන් මිත්තෙකු බව අපට පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් සනාථ කර ගත හැක. පහතින් දැක්වෙන්නේ ඒ සදහා වූ ශිලාලේඛනයකි.



"අචරිය විශදෙව ඣිත - ද - දතහ ඣය උපශික තිශය ලෙණෙ"

(256)(විෂ්ණු යාදින්නක් මගින් තවදුරටත් තහවුරු කරගත හැක)

මේ ශිලා ලේඛනය අපට හමුවන්නේ අන් කවර ස්ථානයකිනිදු නොව සියඹලාණ්ඩුවට අයත් "ගෝවින්ද හෙලයෙනි". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහලකටවත් කිට්‍ටුනොවන පොලගුන්ගෙන් ගහන වූ මේ ප්‍රදේශය නටඹුන්වලින් අනූන ප්‍රදේශයකි. මේ ප්‍රදේශයේ නාමය ගෝවින්ද පඩිවරායගේ නමින් නම් කර ඇත්තේ ඒ අතීත කතාපුවත තව දුරටත් තහවුරු කරන රිසියෙන් යැයි කිව හැක. මගධ ජනපදයේ නිර්මාතෘ වූ ගෝවින්ද පඩිවරයාගේ නම් සහිත සෙල්ලිපි හෙලදිව පිහිටා තිබියදී ඉන්දියාවේ මගධ ජනපදයක් ගැන නන් දොඩවන්නේ කුමන පුරාවිද්‍යාත්මක පදනමක් මතදැයි අපි විමසන්නෙමු. පොතකින් බලා අපේ රටේ ඉතිහාසය ඉන්දියාවට පැටවූ දීනයන්ට හා ඔවුන්ගේ ලණු ගිලූ දීනයන් කවමදාවත් ගෝවින්ද පඩිවරයා ඉන්දියාවේ සිටිබවට පෙන්වා දිය නොහැක. එසෙනම් ඔවුන්ගේ හිස් පදනම් ගැන තවත් කතා කුමටද මගධයේ නිර්මාතෘගේ පටන් සම්පූර්ණ උරුමට හිමිවන්නේ හෙලයාටම පමණකිය.



ගෝවින්ද පඩිවරයාවිසින් ගොඩ නැගූ මගධ ජනපදය අදාල භූමිප්‍රදේශයේම පිහිටි එකක් බවට සනාථ කල හැකි ප්‍රසිද්ධ වූ සාධකයක් වන්නේ ඉන්ද්‍රසාල ගුහාවේ පිහිටීමයි. දීඝනිකායට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටා තිබිය යුත්තේ මගධ ජනපදයට අයත්වයි. 
  
“එවං මෙ සුතං එකං සමයං භගවා මගධෙසු විහරති පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො තස්සුත්තරතො වෙදිකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං.........

Ida – sala, cd.st.cave (skt. Indra – sala, p.Inda – sala)name of a cave in which the Buddha once dwelt (See Introduction, p cxix), 457, 458, 817, 817 (4)Idasala – gu (ha) sagasa’ (The cave named ) Indasala – guha (is given ) to the Sangha 

සියලු පුරාවිද්‍යාත්මක සාධක සමග බුදුන්වහන්සේ වැඩ සිටි ඉන්ද්‍රසාල ගුහාව බඹරගල රජමහාවිහාරයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති නිසා. මගධ ජනපදයේ පිහිටීමට නිතරගයෙන්ම තහවුරු වේ. එසේම සාසන ඉතිහාසයට අනුව මගධය පිහිටා තිබිය යුත්ත කදුවලල්ලකින් ආවරණය වූ ප්‍රදේශයකය. එම ස්බාවික පිහිටීමේ උරුමයද හෙලදිවට මනාලෙස පිහිටා ඇති බවද කිව යුතුමය.

මගධ ජනපදයේ අගනුවර වූයේ රජගහනුවරයි. එනම් අද අම්පාර රජගල ප්‍රදේශයයි. මේ මගධ ජනපදය පාලනය කල වැදගත් රජ කෙනෙකු ලෙස බිම්බිසාර රජතුමාව හැදින්විය හැකිය. ඔහුව සාසන ඉතිහාසයේ මෙන්ම හෙලදිව ඉතිසයේදීද හදුන්වන්නේ මගධේෂ්වර බිම්බිසාර යන නමිනි. එනමුදු බුදුන්වහන්සේ ඉන්දියාවට වැඩම්මවූ නිසා ඉන්දියාවේ සිටි ජෛනමහාවීරට නෑකම් කියන ජෛන අනුගාමිකයෙක් බිම්බිසාර රජු ලෙස නම්කිරීමට පිරිසක් කටයුතු කර තිබේ. ජෛන ග්‍රන්ථ වල සදහන් වන අන්දමට ඔහුගේ නම "රාජ්ග්‍රී හි ශ්‍රෙනික්" ය. එසේම ජෛනයන් පවසන අන්දමට ඔහු ජෛන ශ්‍රාවකයෙකි. නමුත් ත්‍රිපිටකය(ජනවසභ සූත්‍රය වැනි) අනුව බිම්බිසාර රජු යනු සෝතාපන්න ආර්‍ය ශ්‍රාවකයෙකි සෝතපන්නයෙකුට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇතිවේ. ඒ නිසා නූතන උගතුන් යැයි පවසන ඇත්තන් කියන පරිදි "ශ්‍රෙනික්" ලෙස හදුන්වන්නේ බිම්බිසාර රජුනම් බුදුන්වහන්සේට වැරදී ඇත. එනමුදු සත්‍ය වශයෙන්ම "ශ්‍රෙනික්" ලෙස හදුන්වන්නේ බිම්බිසාර රජු විය නොහැක. හෙලදිව අට්ඨකතා ඇසුරු කරගෙන ලියූ මහාවංශයේ බිම්බිසාර රජු පිලිබද මෙසේ සදහන්ව ඇත.

"බිම්බිසාර කුමාරයා ද, සිද්ධාර්ථ කුමාරයා ද යහළුවෝ ය. ඒ  දෙදෙනාගේ පියරජවරුන් ද යහළුවෝ ය.

අප බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජු හට වඩා පස් අවුරුද්දකින් වැඩිමහළු වූ සේක. මහබෝසතාණන් වහන්සේ විසින් අභිනිෂ්ක‍්‍රමණය කරන ලද්දේ වයස විසි නවයේ දී ය.

සය වර්ෂයක් පටන් වෙර වඩමින් දුෂ්කර ක‍්‍රියායෙහි යෙදී (එය අත්හැර මැදුම් පිළිවෙත තුළින්) උතුම් සම්බෝධියට පත්ව, තිස් පස් වැනි වියෙහිදී අප බුදුරජාණෝ බිම්බිසාර රජු කරා වැඩි සේක.

බිම්බිසාර රජු තම පියා විසින් අභිෂේක කරන ලද්දේ වයස පහළොවේදී ය. මහා ප‍්‍රාඥ වූ බිම්බිසාර රජ තෙමේ එතැන් සිට රජකරන්නට විය.

බිම්බිසාරයන් රජ පැමිණි දහසය වෙනි වසරේ දී ශාස්තෘන් වහන්සේ දහම් දෙසූ සේක. හෙතෙම පනස් දෙවසරක් රජකම් කළේය.

අපගේ සර්වඥයන් වහන්සේ මුණගැසෙන්නට පෙර ඔහු පසළොස් වසරක් රජ කළේය. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටි කල්හි තිස් හත් වසරක් රජකළේය.

බිම්බිසාර රජහුගේ පුත‍්‍ර වූ කෲර සිත් ඇති මහා මිත‍්‍රද්‍රෝහී වූ අජාතසත්තු කුමාරයා බිම්බිසාර රජහු මරවා අවුරුදු තිස් දෙකක් රාජ්‍ය පාලනය කළේය.

අප මුනිඳාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ අජාසත් රජ වී අටවෙනි වර්ෂයෙහිදී ය. ඉන්පසුව ඔහු විසි හතර වර්ෂයක් රජ කළේ ය."(දෙවෙනි පරිච්ඡෙදය)


මෙවැනි විස්තරයක් ඉන්දියාවේ කිසිම ග්‍රන්ථය සදහන්වන්නේ නැත. බිම්බිසාර රජු පිලිබද මේ ඉතිහාස කතා ඉන්දියාවට ඈදුවේ අපේ ඉතිහාස පොත් බලාගෙන මිස ඉන්දියාවේ පොතපත බලාගෙන නොවේ. වෙනත් රටක ඉතිහාස ග්‍රන්ථවල ඇති දෑ තවත් රටකට ආදේශ කරන්නේ කුමන අනුවනයෝදැයි විමසා බැලීමට මේ කාලයයි.

අනෙක් රාජාණ්ඩුවලට වඩා මගධය  ඉදිරියට ගෙන ඒමට උත්සහකල මේ හෙලදිව විසූ බිම්බිසාර රජතුමා කෝසල රජුගේ සොහොයුරිය විවාහකරගැනීමෙන් කාසි රාජ්‍යය තමන්සතු කරගත්තේය. එසේම සටන්කාමී ප්‍රතිඵත්ති අනුගමනය කරමින් බ්‍රහ්මදත්ත රජු සමග සටන් කර අංග රාජ්‍යයේ බලය අල්ලාගත්තේය. බොහෝ ශ්‍රාස්තෲවරුන්ට සහනශීලී ප්‍රතිපත්තියක් තම රාජ්‍යතුල ඇති කල මෙතුමාගේ ජනපදය ස්බාවික ‍රැකවල් මගින්ම ආරක්ශා වී තිබුනි.

බිම්බිසාර රජුගෙන් පසු මගධ ජනපදයේ බලයට පත්වන අජාසත්ත රජු තම අගනගරය පාටලීපුත්‍රයට වෙනස් කරන ලදී. නූතන භාරතයේ පැට්නා නගරය එදා පාටලීපුත්‍රයයැයි බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වා දී තිබුනද සත්‍යවශයෙන්ම ඉන්දියාවේ පාටලීපුතරයක් තිබී නැත.Pandit Bhagavadatta මහතා Megasthenes ගේ වාර්තා සම්බන්ධයෙන් මැනවින් අධ්‍යයනය කල අයෙකි. එම කරුණු අධ්‍යයනය කර ඔහු ලියා දක්වා ඇත්තේ මෙසේය. යමුනා ගඟ ගලා යන්නේ Palibothra හෙවත් Paribhadra හරහාය. මෙය Prassi රාජධානියේ අගනුවරය. Palibothra පිහිටා  ඇත්තේ Prayanga සිට සැතපුම් 200ක් ඈතින් මතුර ට යන මාර්ගයේය. මෙම රාජධානියේ රාජ පරම්පරාව හදුන්වන්නේ Prabhadrakas හෝ Paribhadrakas  ලෙසය. මෙහි රජුගේ නම චන්ද්‍රකේතුය. අගනුවර වන Paribhadra , Sindu - Pulinda වලට ආසන්නයේ පිහිටා ඇත. Sindu - Pulinda   පිහිටා ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය දේශයේය. අද එය හදුන්වන්නේ Kali Sindha ලෙසය. පාටලීපුත්‍ර යන නම Palimbothra කියා ග්‍රීක භාෂාවෙන් ලියා ගත නොහැක. මෙහිදී පාටලී  යන වචනයේ P අකුර ග්‍රීක භාෂාවෙන්ද ඉංග්‍රීසි P ලෙස ලියා තිබේ. එහෙත් පුත්‍ර යන වචනයේ P අකුර ග්‍රීක භාෂාවේදී නැවත B අකුර ලෙස ගෙන තිබේ. එම නිසා පුත්‍ර යන වචනය බොත්‍ර කියා ලියාගත නොහැක. ඉන්දියාවේ මධ්‍යදේශයේ පාටලීපුත්‍ර කියා කිසිම නගරයක් තිබී නොමැත. මහා පුරාන වල එවන් නගරයක් සදහන් වන්නේ නැත.


එනමුදු හෙලදිව පාටලීපුත්‍රයක්(පටලිගම) තිබූ බවට මේ ශිලාලේඛනය සාක්ශියක් වනු ඇත.

මේ අනුව පැහැදිලිවන්නේ මගධ ජනපදයේ නිර්මාතෘගේ උරුම හිමිවන්නේ හෙලදිවටය. එසේම බිම්බිසාර රජුගේ වංශකතාගත උරුමයද,අජාසත් රජුගේ වංශකතාගත උරුමයද, රජගහනුවර, පාටලීපුත්‍රයේ උරුමයද හිමිවන්නේ මේ හෙලදිවටය. එසේනම් හෙලදිවට උරුම වූ මගධ ජනපදය ඉන්දියාවේ පිහිටි ජනපදයක් යැයි පවසන්නේ කාගේ කුමන වුවමනාවකටද? 

එදා බුදුන්වහන්සේගේ පාද ස්පර්ෂයෙන් පාරිශුද්ධත්වයට පත්වූ "ඒවං මේ සුතං ඒකං සමයං භගවා මගධේසු විහරති........." (එක් සමයක භාග්‍යවතුන්වහන්සේ මගධ ජනපදයෙහි......) ආදී වශයෙන් ත්‍රිපිටකයේ සදහන් සියලු සූත්‍ර දේශනා පවත්වන ලද්දේ මේ මගධ ජනපදයේදීය. වී වගාව පිලිබද සිදුකරන ලද විස්තර ඇතුලත් කසීභාරද්වාජ සූත්‍රය,කූටදන්ත සූත්‍රය,චක්කවත්තී සීහනාද සූත්‍රය වැනි සූත්‍ර ධර්මයෝ ඊට නිදසුන්ය. මෙබදු පූජනීය වූ ප්‍රදේශයේ සියලු වංශකතාගත ඉතිහාසය හෙලදිව ග්‍රන්ථවල ලියවී තිබියදී ඒවා ඉන්දියාවට ඇදන්නේ නොදන්නාකම නිසාමදෝ යන්න සැකයක් මතුවේ. කෙසේ වෙතත් මගධ ජනපදය හෙලදිව පිහිටි ජනපදයක් බව පුරාවිද්‍යාත්මකව සනාථ වේ. මගධයේ ඵිටීම තහවුරු වීමත් සමග අනිකුත් ජනපදයන්ද මෙහි තිබූ බවට නිසැකයෙන්ම තහවුරුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.



ආශ්‍රිත
බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව
මහාවංශය (2 පරිච්චේදය)
නවතම ශිලා ලේඛන සංග්‍රහය - පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමි.
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය- පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි.

19 comments:

  1. this is written well,but need some more facts.
    it is better if you have given the translation of the "sell lipiya".
    any way,keep writing.
    Wating to read about "Solos maha Janapada" in future.

    ReplyDelete
    Replies
    1. read this too.
      http://www.youblisher.com/p/585194-/

      Delete
  2. නෙත් FM එකේ අයිතිකරු සිංහල බෞද්ධයෙක් නොවේ. එම නිසා ඒ අය කොහොමටත් ඇත්ත කියාවි කියලා විශ්වාශ කරන්න එපා .

    ReplyDelete
  3. තිලකා රන්දෙනි- මාත් පොඩ්ඩක් කිව යුතුයි. හෑගොඩ විපස්සී හිමි මට පහර ගහන්න පටන් ගත්තේ මුලින්ම නෙත් එෆ්.එම් එකෙන්. ඊළගට ඉසිරෙන්. මීවනපලානේ හිමිටත් පහර දුන්නා. කවුරුත් ඉදිරිපත් වුණේ නෑ තමන් වෙනුවෙන් කරුණු කියන්න මා ඇරෙන්න. මා මේ ආයතන දෙකටම ලියා විපස්සී හිමිගේ වැඩ සටහන් නැවැත්තුවා.(මට ඉහළින් ඉන්න ආත්මවල අනුග්ගරහය නිතරම මට ලැබෙනවා) අන්තිමට බෙෘද්ධ හා සදාචාර වර්ධන අමාත්‍යාංශයට ලේඛකයන් 9 දෙනෙක් කැදෙව්වා කොමිසමක් ඉදිරියට අපේ පොත් තහනම් කරවන්නමේ හිමි. ඔය වහරක හිමිත්, මීවනපලානේ හිමිත්, ජයරත්න පතිරආරච්චිත් ඒ අතරින් තිදෙනෙක්. කවුරුවත් ආවේ නෑ. මටත් එන්න එපා කිව්වා. එහෙත් මා සිංහලයෙක්. ඒ නිසාම මට කොන්දක් තියෙනවා. මා තනිවම එහි ගියා. (මේ වෙලාවේ කෘතඥ පූර්වකව සදහන් කරන්න ඕන අරිසෙන් අහුබුදු ශූරීන් මෙය දැනගත් වහාම මට කිව්වා ඔයා තමයි අප තෝරාගත් තැනැත්තා මේ නැකතට මේ මන්තරය කියාගෙන කොමිසම ඉදිරියට යන්න කියා) බොදු කොමසාරිස්, අමාත්‍යාංශ ලේකම්ලා යනාදි ගිහි අය 4ක් සහ පැවිදි 5 ක් එහි හිටියා. කොච්චර සවුතතු වුණාද කිව්වොත් දැන් විපස්සි හිමි මා දකින විට බිම බලා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. අද තරුණ පරම්පරාව රවටන්න පොත් පත් නොකියවන හාමුදුරුවන්ට බෑ . එක්දහස් අටසිය ගණන් වල ඉන්දියාවේ සිටිය සුද්දෝ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලා බොරු හැදුවේ. ඒ කාලේ සුද්දෝ ලියපු පොත් කියවනවිට මේක තෙරුන් ගන්න පුළුවන් . එවුනට අපේ හාමුදුරුවෝ ඒවා කියව ගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නෑ , අපිට පාර පෙන්නන වැඩිහිටියන් ගේ අතේ එල්ලිලා තමා අපි මේ සැබෑ ඉතිහාසය විවර කරන්නේ. ඒ අයට අපේ අවංක ස්තුතිය හිමි වෙනවා.

      Delete
    2. එංගලන්තයේ ලන්ඩන් කෞතුකාගාරයේ පුස්තකාලයේ 66 වෙනි (shelf)රාක්කේ සිංහලයන්ගේ පුස්කොලපොත් දහස් ගණනක් තබාතියෙනවා. ඒවායේ පැහැදිලිවම මේ රට ජම්බුදීපය ලෙස හඳුන්වා දීතියෙන අතර බුදුවහන්සේ මෙහි උරුමයක් බව පැහැදිලිවම මෙහි සඳහන් වෙනවා. මම ඒවා දැක තිබෙනවා. මේ පුස්කොල පොත්වල පිටපත් අරගෙන අපයි හරි විදියනම් නඩු දාන්න ඕනේ. තමන්ගේ උරුමයට ගල්ගසන ලජ්ජා නැති මිනිස්සු මේ රටේ ඉන්නවා. සැබෑ එඩිතර මිනිස්සු උපදින්නේ රවී බලවත්ව සිටියදී උපන් විටයි. ඒ අයව යට කරන්න කාටවත් බෑ . ඔබේ සේවය අගයනවා.

      Delete
    3. මමත් කැලණි සරසවි සිසුවෙක්. පොත් තහනම් කරන්න ගිහින් හෑගොඩ විපස්සි හාමුදුරුවන්ට වෙච්ච දේ දැනුවත් කලාට බොහොම පින්. අපි දැනගෙන හිටියේ නෑ ඇත්ත සිද්ධිය

      Delete
    4. ඔබ තුමිය මට මතකයි අර රත්තරන් වාහිනියේ ජැක්සොන් විසින් කරපු මහා සිංහලේ වනසා කතාවට අදහස් දැක්වුව දුරකතනයෙන්, නුත් ඔබතුමියගේ ප්‍රශ්න වලට ඒ මහා අදුරට නියම උත්තරයක් දෙන්න බැරිවුණා නේද? ම ලග ඒ පොත තියෙනවා. උන් මහා මෝඩයෝ, ඉන්දියාවට පශ්චාත් ගේ දීගෙන් අපිට ගෙම්බර දානවා.

      Delete
    5. ඔවා එච්චර හිතන්න එපා.... නොනලාට නිකම් මහත්තයාගේ වැඩක් බලා ගත්තානම් හොදයි කියලා මට හිතෙන්නේ. මීවනපලානේ හිමි කියන්නෙත් ලගදි මහන වුන රජයේ රැකියාවක් කල කෙනෙක් දන්න විදියට. හතු පිපෙනවා වගේ කට්ටි එක් එක දෙවල් කියනවා කරනවා...සමහර අය බුදු වෙලාලු. එක නිසා අපි කිසිම වෙලාවක කියන්නේ නැ ඔය බැලුම් ගල කරන වැඩසටහන් වැරදි කියලා. පල් හොරු සමාජයේ අය ඇනුවත් වුනාම අපිට අපේ ලමයින්වත් හදා ගන්න උපකාරි වෙනවා. වැරදි අදහස් වලින් ලියන අය ඔහොම හරි අදුරගන්න එක හොදයි. අනිවාර්යෙන්ම පොත් තහනම් කරන්නම ඔනි. ඔයගොල්ලෝ පොත් විකුනලා සල්ලි හොයයි. නමුත් වැරදි අදහස් ඉදිරි පරපරට යවන එක වැරදි. අඩුගානේ හරි දෙයක් බලලා කරන්නකෝ අනේ......අපිට මේවා අහාලා දැන් මාතෘකාව කියනකොට තෙරෙනවා බොරුවක්ද ඇත්තක්ද කියලා...එකනිසා බැලුම් ගල වගේ එවා තියෙන්න ඔනි අපිට අහන්න......නොනා වැඩක් කරගන්න අනේ...

      Delete
    6. http://deshana.waharaka.com/listen.php?SermonId=CD042-04

      Delete
  4. හා හා. ඔය බෞද්ධ කොමසාරිස්ලා ලේකම් ලා දන්නේ අනුන්ගේ පොත් තහනම් කරන්න විතරයි. ඒ අයගෙන් රටට සත පහක වැඩක් නෑ . ඒ අය දන්නේ මහානාමගේ කටුවයි. බුද්ධඝෝෂගේ තැටියයි විතරයි. එතනින් එහාට මොකුත් දැකලා නෑ

    ReplyDelete
  5. හෑගොඩ විපස්සි හාමුදුරුවෝ ගැන කියලා වැඩක් නෑ.පහුගිය දවස් වල බුදුන්වහන්සේ දකුණු සිරිපතුල තිබු මක්කම තියෙන්නේ සෞදියේ කියලා ලියලා තිබුනා. අඩුමගානේ කෝකිල සංදේශය වත් කියලා තිබුනා නම් මෙහෙම් කියයිද? මේ හිමි වරු ධර්ම ආයතනවල උගන්වන්නේ මොනවාද කියලා අපිට හිතන්න බෑ .

    ReplyDelete
    Replies
    1. ඔයත් හරියට වයසට යනකොට මහනවෙන්න හදන පිස්සු පොරක් වගේ. නැත්නම් අර මීපනපලානේ හිමිගේ ගොලයෙක්ද? හාමුදුරුවන්ටත් බන කියන වර්ගයේ ... ඔයාටත් පිස්සු නැත්නම් හොදයි මහනවෙන්න...

      Delete
  6. හැගොඩ විපස්සි හිමි හැමතිස්සෙම අනුන්ට බැන බැන වෛරය වපුරනවා මිස වෙන මොනවද කරන්න දන්නේ

    ReplyDelete
    Replies
    1. අපිනම් දන්න විදියට ඔයගේත් බොරුවකක් උන්වහන්සේ දැනගෙන ඇති..එකනේ ඇම්බරෙන්නේ..... නැත්තම් ඔයත් තවත් හොරෙකුට කටඩේ යනවා ඇති ....නැත්නම් ඔහොම කතාවක් කියනන් බැහැ.... බැන බැන ගිය කෙනා පවුනේ.... මිනිස්සුන්ට බොරුකරන්න ගියාට වැඩක් නැ. දැන් මිනිස්සු ගල් ගහන කාලේ ඇවිල්ලා තියෙන්නේ බොරුකාරයන්ට..වැඩක් නැතිමනම් නිදාගන්න ඩියර්...

      Delete
    2. එකනම් ඇත්ත.... මෙයත් එහෙම එක්කෙනෙක් තමයි.... මොකද අපි විපස්සි හිමිත් දන්නවා ඔය කියන අයත් දන්නවා....

      Delete
  7. dharmaparyeshana.org
    පිවිස බලන්න

    ReplyDelete
  8. මීවනපලානේ හිමියන් සේම වහරක අභයරත්නාලංකාර හිමියන්ද බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව පවසයි. දැනගත්තේ සමාපත්ති බලයෙන් බවත් දෙදෙනාම පවසයි. නමුත් කරණු පරස්පරයි.

    උදා: බුදු වූ ස්ථානය - මීවනපලානේ හිමි = හිරිවඩුන්න, වහරක හිමි = අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය

    සමාපත්ති බලයෙන් නිවැරදි දේ දැන ගත්තා නම් ස්ථාන වෙනස් උනේ කොහොමද?

    අප විශ්වාස කල යුත්තේ කවුරුද?

    ReplyDelete