Sunday, March 24, 2013

නාගයන්ගේ කතාව

නයි එසේත් නැතිනම් නාගයෝ යන නම කණවැ‍ටුණු විට මතකයට නැගෙන්නේ පෙනයක් සහිත බඩගාගෙන යන උග්‍ර විෂ සහිත උරග විශේෂයක් පිලිබදවය.

විවිධ ආගම්, දර්ශන  "නාග" සංකේතය භාවිත කර තිබේ. "අනන්ත" නම් නාගයා ගැන අප අසා ඇත. මහා කෙළ නම් "නාගරාජයා" භද්‍ර කල්පය අවසානයේ මහමේරු පර්වතයේ සිට වායු දිව්‍ය පුත්‍රයා සමඟ පොර බැදූ හැටි බහිරව හා කාලියෝ උපත්වල කියෑවෙයි.

එදින එමහ කෙළ නා රජ මහ මෙර මුදුනේ වැඩ උනි
හමන සුළඟ සත් දවසට නා රජ පෙනයට අසු උනි
උරන වෙලා ආවේගෙට දකුණු පාද පෙනේ බිඳුනි
අකුණු හඬින් බිඳුනු පෙනේ කිරි මුහුදේ ගොසින් වැටුනි

වැටුන එපෙන පත්‍ර කඩින් පත්‍ර කාලි දෙවි මැවුනී
වටට ඉසුනු විෂ විදුමෙන් කාලියො අට දෙන මැවුනී
අවට ඉසුනු උරිරු වලින් බහිරව අට දෙන මැවුනී
එදින මෙපිවර සමඟින් කාවේරිය පුරයට වුනී

හින්දුවරුන්ට අනුව "අනන්ත නම් නාග" කාලය හඟවන සංකේතයකි. ලෝකයේ පැවැත්මත් කාලයත් සස¹ තේරුම් කිරීමේදී අනන්ත නම් නා රජුගේ දරණ වැළමත්තේ ශ්‍රී විෂ්ණු නම් ලෝකනාථයාණන් වැතිර සිටී යයි සාහිත පොත පතේ දැක්‌වෙන්නේ එම කාල මතය තහවුරු කිරීමක්‌ වශයෙනි.

විෂ සහිත, පුප්පා ගත හැකි පෙනයක්‌ ඇති, සිරුරේ අඩකට වැඩි ප්‍රමාණයක්‌ කෙළින් තබා තදින් හුස්‌ම පිඹ පිටකරන්නා වූ නාගයින් වැඩිපුරම දක්‌නට ඇත්තේ ඉන්දියාව, මැලේසියාව. ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලය. මෙම රටවල වුන්ගෙන් වන හානි වළකාගන්ට උපක්‍රම හා දෂ්ඨ කළ විට ප්‍රතිකාර කිරීමට වෙන් වූ විෂ වෛද්‍ය ක්‍රම ද බිහිව ඇත. නාගයාගේ විෂ පිට කරන්නේ මුඛයේ ඇති අකරි, මකරි, යමදූති (විෂකට්‌ටී) කාල රාක්‍ෂී යන දළ හතරකින් යෑයි දේශීය විෂ වෙදකමේ ද සඳහන් වේ. එසේම නයි කුල (වංශ) හතරකට බෙදා දැක්‌වේ. ඒ දේව, රාජ, ගැරඬි, රාක්‍ෂ වශයෙනි. තව ඇලි (සුදු). හා කලු නයි ලෙස ද වර්ග කරති. නාගයාගේ ගමන් විලාශය හා හැසිරීම නිසා උඩරට නාට්‍ය සම්ප්‍රදායේ වන්නම් දහඅටට "නයිඅඩි" වන්නම ද ඇතුළත් ය. සුදු නයි යහපතද, කලු නයි අයහපත ද නපුරද පෙන්වන බව කියති.

නාගයන් පිළිබඳ ජනශ්‍රැති කථා අපමණය. ස්‌ත්‍රීන් ගැබ් ගැනීමේදී සිහිනෙන් නාගයන් දකින බව කියෑවේ. ග්‍රීසියේ වඳ ස්‌ත්‍රීන් එක්‌ දේවාලයක රාත්‍රි කාලේ නිදාගත් විට දෙවියන් සිහිනෙන් නාග වෙස්‌ ගෙන පැමිණ ගැබ් ගන්වන බව ද කියවේ. ඔවුන් නාග රූප පියයුරුවල පැළඳවීමට ද පුරුදු වී ඇත. ස්‌ත්‍රීන්ගේ මාසික ඔසප්වීම පවා සර්ප දෂ්ඨනයෙන් සිදු වේ යයි සිතන ගෝත්‍රික පිරිසක්‌ ද ඇත. මේ කතාවම නූතන මනෝ විද්‍යාවේදී රාගය හා නාගයින් අතර සම්බන්ධතාවක්‌ ඇතැයි වෙනත් අයුරකින් කියෑවේ. ලාංකිකයන් අතර මේ රාග අදහස නැත. බෞද්ධ ධර්මයේ සර්ප උපමාව ධනයට යොදා ඇත. වැරදි තැනින් සර්පයා ඇල්ලූ විට දෂ්ඨ කරන සේ ධර්මය ද අනවබෝධයෙන් පරිශීලනය කළහොත් විපතක්‌ වන බව දැක්‌වේ.

ඇතැම් ආගම්වල සර්පයා (සාතන්) විපත් කරන්නකු සේ දක්‌වයි. ඔවුන් නාගයාටම සීමා නොවේ. බුද්ධාගමේ නාග සංකල්පය පළමුවෙන් ම මතුවන්නේ මුදලින්ද නාගරාජ යා සත් දින වරුෂාව වැළකූ අවස්‌ථාවේදී ය. වරුෂාව රාගය යෑයිද, ඉන් වළකා ගැනීම නා රජුගෙන් සංකේත වී යෑයි ද මතයක්‌ ඇත. එසේ වුවද, උරුවෙල කාශ්‍යප ශ්‍රමණ වහන්සේගේ කුටියේ විසූ නාග කතා වස්‌තුවෙන් ද නන්දෝපනන්ද නා රජුගෙන් ද ශන්ඛපාල භූරිදත්ත, චම්පෙය්‍ය නා රජුන් ගැන කියවෙන කථා වස්‌තු වලින් ද, "නාග" රාගයට ගැලපුම් කර බුදු දහමෙහි නොසිතන බව විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණ ග්‍රන්ථය පරිශීලනයේදී වැටහෙයි. නමුත් "නාගයා" කෙළෙස්‌ සංකේතයක්‌ ව බුද්ධ කථා වස්‌තූන්වල භාවිතව ඇත. මණිකණ්‌ඨ ජාතකයේ මිතුරු වූ නාගයා නොදැකීමෙන් තවුසා කෘෂ වූයේ ඒ හේතුවෙනි. අපේ ජන ඇදහිලි හා ජනශ්‍රැති සාහිත්‍ය අනුව "නාගයා" බොදු පූජනීය වස්‌තූන්ගේ ආරක්‍ෂකයායි. පෙති පිළිම, වෙහෙර විහාර හා නිධන් වස්‌තූන් නාගයන් ආරක්‍ෂා කරන අයුරු මේ කථාවල බොහෝ කියෑවේ. පූජනීය ස්‌ථානයන්හි දොරටුපාල රූපවල "නයිපෙන", "නාගරූප" දක්‌වා තිබෙන්නේ ද නාගයින් ආරක්‍ෂණයේ සංකේතයක්‌ වන බැවින් ය. විහාර භූමි අගතියෙන් කිළිටු වීම වැළැක්‌වීමට ජීවමානව නාගයින් හැසිරෙන අයුරු කොතෙක්‌වත් ඇත. මේ අය වෙස්‌ගත් දේව, යක්‌, භූතාත්ම ලෙස ද කියවෙත්. සතර දොරටු වාහල්කඩ, ස්‌ථානව නාග ලාංඡන ශිලා ස්‌ථම්භ පිහිටුවීම ආරක්‍ෂාවට සංකේත කොට ඇති බව නම් පැහැදිලිය. අපේ පැරැණි වෙහෙර විහාර නම් කිරීමේදී "නාග" පෙර පදය යොදා ආරක්‍ෂකයන් පිරිවරා සිටින බව දැක්‌වූහ. එතැනදී නාග ගෝත්‍රිකයන් විසින් එම ස්‌ථානය නිර්මාණය කළ බවට මේ සංකේතය යෙදුවා යයි මතයක්‌ ද පවතී. විෂ උරගයන් අතර නාගයන් හා බැඳුන කථා රාශියක්‌ ඇත. දුටුගැමුණු මහ රජුන් නාග කන්‍යාවක හා පෙමින් බැඳී කරගත් අරෝවක්‌ නිසා නාග වෙස්‌ගත් සර්ප දෂ්ඨනයෙන් ගිලන් වූ තැනේදී කපුරුනාද වෙදදුරාටවත් සුව කළ නොහැකි වූ බව කියති. නාග කන්‍යාවියන් රූප සුබාවයෙන් අග්‍රගන්‍ය බව ද ඉන් කියවේ. "නාග බහිරව" හා බැඳුන නිධන් ආරක්‍ෂා කරන කථාද ඇත. නාගයන් නිකරුණේ දෂ්ඨ නොකරන බවත්, "නයි හාමිලා" හොඳින් අමතා පිටමං කළ හැකි බවටත් විශ්වාසයක්‌ ඇත. නාගයින් මැරීම ශාප වදින ක්‍රියාවක්‌ව සලකත්, ගෙදරට එන කුලවත් (සුදු) නාගයා ශුභ ලකුණක්‌ව සලකන අතර, උන් මැරූ කල එම පවුලම විනාශ වූ ජන කතා ඇත. නයාට ගහන විට ඌ පෙනය පුප්පා පොළවට ගැසුවහොත් එය "සාපයේ පෙර නිමිත්තකි". නයා නියං සමයක දිය නාමින් සිටි කුඩා දරුවකුගේ කොරහෙන් දිය බිව්වේය. පොළඟාටද දරුවාට අහිතක්‌ නොකරන පොරොන්දුව පිට නයා මේ පහසුව කියා දුන්නේය. දිය භාජනයේ සිටි දරුවා නාගයාට අතින් පහර දී සුරතල් වී ඇත. පොළඟාටද ඒ සුරතලය පෑ විට දුර්ජන පොළඟා දරුවාට දෂ්ඨ කර මරා දැමීය. මින් කෝපයට පත් නාගයා පොළඟා සොයා ගොස්‌ මරා ගිල දැමීය. අදත් මේ නයි පොළොන් වෛරය දැක ගත හැකිය. නාගයාට ගෞරව සම්ප්‍රයුක්‌ත හැඟීමක්‌ සමාජයේ අදටත් නොනැසී පවතින්නේ මෙබඳු කතා නිසාවෙනි.

නවග්‍රහ රූප දැක්‌වීමේදී රාහුගේ හිස නාග පෙනයක්‌ව දක්‌වයි. අපේ පැරැණි පුරාවස්‌තුවල නාග සංකේතය විවිධාකාරව භාවිත වී තිබේ. පෙර සඳහන් කළ මුර ගල් වලද ජලය ඇති පොකුණුවල ද රජවරුන්ගේ පිළිරූ හිස මත්තේ ද කප්රුක්‌ ස්‌ථම්භ මුදුනේ ද යෝධ ජලාශ වැව්, අමුණු, සොරොව්, ඇළ මාර්ගවලද නාග සංකේත ඇත. පරිහරණයට ගන්නා ගල් ඇඳන්. අසුන්වල මෙන්ම වස්‌තූන් නිධන් කර ඒ මත්තේද නාග ලාංඡන පිහිටුවා ඇති සැටි කවුරුත් දැක ඇත. නයිපෙන එක, තුන, පහ, හත ලෙස යෙදීමේ තේරුම නිශ්චිතවම තවමත් පුරාවිදුවරුන් තහවුරු කර නැත. ජනශ්‍රැතියේ නයි පෙන තුන අතීත, වර්තමාන, අනාගත තුන් කල් ආරක්‍ෂාව දැක්‌වූ බව එක මතයක ඇත. දෙව්, මිනිස්‌, බඹ තුන් ලොවම යා හැකි ආරක්‍ෂකයකු බව තවත් මතයකි.

හස්‌ත මුද්‍රා ශාස්‌ත්‍රයේ "නාග හස්‌තය" යෑයි අත හකුලා දැක්‌වීමේ මුද්‍රාවක්‌ ඇත. පැඟිරි කොල යෑයි ශාස්‌ත්‍රීයව හඳුන්වන බුලතේ උපත කියෑවෙන තැන නාග ලොවින් බුලත ගෙන ආ බව කියෑවේ. බුලතේ නැට්‌ට හා පාදය කඩා කෑමට ගන්නේ කටින් ඩැහැගෙන එන විට විෂ දලෙන් වූ හානිය වැළකීමටය. බුලත් වර්ගයක්‌ "නාගවල්ලී" යෑයි ඇත. බුද්ධ පූජාවේ "නාග වල්ලී දළු පේතං" සඳහන ද ඊට සාක්‍ෂියකි. මාණිඛ්‍ය අතරින් වටිනාම මැණික "නාග මාණික්‍ය" යයි. ඉහළ වංශයේ නාගයන් තුළ ඇත් දළෙහි බෙල්ලන්ගේ මුතු හැදෙන ලෙස මේ මැණික ද සෑදේ යෑයි විශ්වාස කරති. නමුත් මේ මැණික වමාරා ඒ එළි ආලෝකයෙන් ගොදුරු ගන්නා විටක ගොම කැටියකින් මැණික වසා ලබා ගත යුතු යෑයි කියවේ. නාගයා මරා කිසිදාක උගේ සිරුරින් මෙය ලබාගත නොහැක. එබඳු අවස්‌ථාවක්‌ කිසි විටක දී මෙතෙක්‌ හමු වී නැත. අපේ පැරැණි විහාරස්‌ථාන කීපයක මේ නාග මාණික්‍ය ඇති නාග හැසිරීම් ගැන කතාන්දර ගෙතී තිබේ.
නාග මාණික්‍ය

මේ සියල්ල ජනශ්‍රිතය හා සම්බන්ද කතාය.එනමුදු මෙහි ප්‍රධාන කතාව ගොඩනැගෙන්නේ ඒ උරග විශේෂය ගැන නොව අපේ සිව් හෙලයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් කණ්ඩායමක් පිලිබදවය.
එදා මේ හෙලදීපයේ හෙල හතරක් තිබුනු බව අපට වංශකතා හා ශිලා ලිපි සාධක පෙන්වා දෙයි. ඒ නිසාම මේ හෙලය සිව් හෙලය යන නමින් එදා හදුන්වනු ලැබුවා. ඒ සිව් හෙලයේ ජීවත් වූ එක හෙලයක් ලෙස නාග හෙලය හැදින්විය හැකියි. නාග යනුවෙන් හදුනා ඇත්තේ ඔවුන්ගේ නාම ගෝත්‍රය වන අතර ඔවුන් දෑහින් දකිනා සත්‍ය මිනිසුන් වූවා මිස අදෘශ්‍යමාන පිටසක්වල හෝ සමාන්තර ලෝකයකය හෝ වෙනත් නොපෙනෙන ලෝකයකට අයත් නොවූවෝය.කෙසේවෙතත් මහානාම හා බුද්ධ ඝෝශ පූජකයන් ඇතුලු ඉන්දියා අ‍ටුවාකරුවන් මේ නාග ගෝත්‍රිකයන් සමච්චලයකට ලක් කරගෙන ඔවුන්ගේ ග්‍රන්ථ රචනා කර ඇති බව පැහදිලි වේ. අරිසෙන් අහුබුදු සූරීන්ගේ මතය වන්නේ ද සිව් හෙළය පසුව සිංහලය බවට පෙරළුණු බවකි. කෙසේ වූවත් වෙනත් සමාජ සංස්කෘතීන් ගේ මෙන් ම පුරාණ ලක්දිවෙහි ද මෙසේ කණ්ඩායම් වශයෙන් ජනතාව බෙදී ඇත්තේ ඔවුන් කරන ලද කාර්යයන් මුල් කර ගැනීමෙන් බැව් පෙනේ. එනම් එදා රටපාලනය කළ පිරිස දේව ලෙස හඳුන්වා ඇත. යකඩ කර්මාන්තයේ නියැලුණු පිරිස යක්‍ෂ නම් විය. රට ආරක්‍ෂා කළ ආරක්‍ෂක සේවයට අයත් පිරිස එදා රාක්‍ෂ ලෙස හඳුන්වා ඇත. 

නාගයෝ වර්ග දෙකකි. පර්වතවාසී නොහොත් ගොඩවැසී නාගයන් හා සමුද්‍රවාසී නොහොත් දියවැසි නාගයන් යන නමින් මේ වර්ග දෙක හඳුන්වා ඇත. පර්වතවාසී නොහොත් ගොඩවැසී නාගයින්ගේ රැකියාව වූයේ ගොවිතැන හා සත්ත්ව පාලනයත්, පේෂ කර්මාන්තයත් වැනි කර්මාන්ත වේ. දියවැසි නොහොත් සමුද්‍රවාසී නාගයෝ මහාජලාශ, ගංගා හා සමුද්‍ර අසල ජීවත් වූහ. මොවුන්ගේ ප්‍රධාන රැකියාව වූයේ ධීවර කර්මාන්තයයි.පහාරාද සූත්‍රය වැනි සූත්‍රයන්හි විස්තර වන්නේ ඔවුන් පිලිබදවය. තොටියන් ලෙස ද ගංඟා ඔස්සේ නාවික යාත්‍රා මගින් වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ද ඔවුන්ගේ රැකියාවන් විය.අතීතයේදී හෙලදිව නැව් සමාගම් (පුගියන,මඩුකශලිය) තිබූ බවට සෙල්ලිපි මගින් තහවුරුවන අතර එදා නාවිකයෝ දියුණු විදේශ වෙලදාමකට හිමිකම් පා ඇති බව තහවුරු වේ.

ශිලා ලේඛන වලදී නාග ගෝත්‍රිකයන් ගේ නම් සදහන් වන්නේ "නග" වැනි යෙදුම් හරහාය. ආටානාටිය සූත්‍රයේ වැනි සූත්‍ර වල සදහන්වන නාග දියණියන්,නාග රජවරුන්,නාග පුත්‍රයන් බුදුන්වහන්සේට හා සංඝයාට පිදූ ලෙන් මේ හෙලදීපයේ පවතී.
බත නගහක බත සුමනහ ක බත සුමන ගුතහ ක පරුමක දත ඣිය උපසික රම ලෙන ශගශ අගත අනගතශ සමනි පලයක අස දම ගුතහ ක .... රහ ක.

ගමික නග පුත සුමනහ ලෙනෙ පතක සයෙ

මේ අනුව මනාවට පැහැදිලි වන වගනම් නාග ලෙස හදුන්වා ඇත්තේ අමනුශ්‍ය නොවන හෙලදිව විසූ දෑහින් දැකිය හැකි මනුශ්‍ය ගෝත්‍රයක් බවමය.එමෙන්ම ඔවුන් නොදියුණු වැදි ගෝත්‍රයක් නොවන බවත් ඔවුන්ගේ පාලන ප්‍රදේශ තුල මනා පාලන ක්‍රමයක් පැවති බවත් පැහැදිලිය.

නා ලොව සතියක් පුද ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

බොදු බැතිමතුන් අතර ඉතා ප්‍රසිද්ධ මෙම කාව්‍ය අප බෝධි පූජා කරන අවස්ථාවන්හිදී බොහෝ විට භාවිතා කරන්නකි. එහෙත් වංශකථා වලට අනුව මේ කවිය තුළ විශාල අර්ථයක් ගැබ්ව ඇති බවත් ගම්‍ය වේ. මහාවංශය, දීපවංශය, වංසත්ථප්පකාසීනිය (මහාවංශ ටීකාව), බෝධිවංශය මෙන්ම සුළු බෝධිවංශය තුළ ද ජය ශ්‍රී මහා බෝධි ශාඛාව නා ලොව සතියක් පුද සත්කාර ලැබූ බැව් විස්තර සහිතවම විග්‍රහ කොට ඇත.

මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක යෙදී මෙහි සඳහන් නාග ලෝකය කුමක් ද යන්නත්, එහි විසූ නාගයින් කවුරුන් ද යන්නත්, ඔවුන් හා බුදු දහම අතර පැවැති සබඳතාවය කුමන ආකාරයේ වූවක් ද යන්න විමසා බැලිය යුතුය.

මහාවංශයේ දහනව වැනි පරිච්ඡේදයේ එම පුවත මෙසේ දක්වා ඇත.  "නාගයෝ මහා බෝධිය ගන්නා පිණිස සෘද්ධි විකුර්වණය කළහ. අභිඥා බල පරප්‍රාප්ත වූ සංඝමිත්තා නම් මහ තෙරණි තොමෝ ගුරුළු වෙස් ඇතිව ඒ මහා නාගයන් බියගැන් විය. බිය ගන්වන ලද්දා වූ ඒ මහා නාගයෝ මහ තෙරණින් යාච්ඥා කොට මහා බෝධිය එතැනින් නාග භවනයට වඩා ගෙන ගොස් සත් දවසක් මුළුල්ලෙහි නාග රාජ්‍යයෙන් හා නානාවිධ පූජායෙන් පුදා වඩා ගෙනවුත් නැවෙහි පිහිට වූහ”

මහාවංසයට ලියන ලද ටීකාව වන වංසත්‍ථප්ථකාසිනීයේ දහ නවවන පරිච්ඡේදයේ 17 සිට 22 ගාථා තුළ එම පුවත  විග්‍රහ වී ඇත.

දක්‍ෂිණ බෝධි ශාඛාව නාග භවනයට ගෙන යාම පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් සිංහල බෝධි වංශයේ දුමින්දාගමන කථා නම් පරිච්ඡේදයේ ඇතුළත්ව ඇත.

“ එකල්හි සමුද්‍රයෙහි වසන්නා වූ නාගයෝ මහා බෝධීන් වහන්සේ ගෙතු මහ පවන් හා වර්ෂා අන්ධකාරය ද දක්වා ක්‍ෂෝභ කෙරෙමින් සෘද්ධි විකුර්වණය කළහු යැ. ඒ දැක සංඝමිත්‍රා නම් ස්ථවිරා තොමෝ ගුරුල් වෙසක් මවා ගෙනැ කල්පාන්ත වහ්නි ස්කන්ධයක් සේ භයානක වූ ගරුඩ වේශයෙන් අහස්කුස් පුරා, ඉන්ද්‍රනීල මාණික්‍යමය වූ මස්තකයෙහි රශ්මි ජ්වාලයෙන් ආකාශය ඒකාන්ධකාර කොටැ, පක්‍ෂ මාරුත වේගයෙන් සමුද්‍ර ජලය අළලා ප්‍රලය කාලයෙහි සූර්ය මණ්ඩලයක් බඳු වූ භයානක වූ නේත්‍ර යුගලයෙන් නයින්ගේ ළය උපුල්වා, ප්‍රලය සාගරයෙහි ගර්ජනාවක් හා සදෘශ වූ ඝෝෂාවෙන් නයින් නැති ගන්නා.

නාග සමූහයා ප්‍රලය කළා යැ ඒ ස්ථවිරාවන්ගේ ආනුභාවයෙන් තැති ගත්තා වූ නාගයෝ අවුත් ඒ විභූතිය දැක සංඝමිත් තෙරණියනට යාච්ඥා කළෝ යැ. ‘ආර්යාවන් වහන්ස, බුදුරජාණන් වහන්සේ මුචලින්ද නා රජුගේ දරණ වැල තමන් වහන්සේට ගඳකිළියක් කොටැ සතියක් මුළුල්ලෙහි ඕහට සංග්‍රහ කළ සේකැ. බුදු වන දවස් නිල්දලා හෝ තෙරු දී තමන් වහන්සේ වැලැඳු තලිය මහ කෙළ නා රජ හට හළ සේකැ. උරුවේලායෙහි නාග රාජයා විසින් මවන ලද විෂධුම හා ගිනි කඳු ද නොසලකා මැ ශරණශීල නමැති ආභරණ දුන් සේකැ, මුගලන් මහ තෙරුන් වහන්සේ යවා නන්දෝපනන්ද නම් නාග රාජයාගේ විෂ, සාගරය කල්පාන්ත වහ්නියෙහි සූර්යයා මෙන් වියළාපු සේකැ. මෙසේ ලෝකස්වාමි වූ සර්වඥයන් වහන්සේ අපට උපකාරී සේක. නුඹ වහන්සේත් අප ගේ දෝෂය නො සලකා, ඇසිල්ලක් මහා බෝධීන් වහන්සේ අපට හªරු නාග සමූහයාට ස්වර්ග මෝක්‍ෂ සැප සිද්ධ කළ මැනැවයි යාච්ඥා කළාහු යැ. ඒ සංඝමිත්‍රා නම් ස්ථවිරාව නයින් හට මහාබෝධීන් වහන්සේ හැරැ මෙසේ කිවූ යැ. “එම්බා නාගයෙනි! නාග ලෝකයෙහි පටන් භවාග්‍රය දක්වා සියලු දසදහස් සක්වළ විෂය නො වන්නා වූ කෙනෙක් නම් නැත. කොතැනට ගියාවුත් බෝධීන් වහන්සේ ගෙනැ ඊට මට භාර වන්නේ යැ. එසේ හෙයින් තෙපි සතියක් මුළුල්ලෙහි මහත් වූ බෝධි පූජා කොටැ ගෙනෙවු” යි කිවු යැ. ඉක්බිත්තෙන් නාගයෝ සත්රුවනින් පුදමින් නාග භවනයට ගෙනැ....’ (බෝධිවංශය, දුමින්දාගමන කථා, ලංකාව තරණ කථාව,)

ඉහත වංශ කථාවල සඳහන් වන ආකාරයට නාගයින් දක්‍ෂිණ බෝධි ශාඛාව ගැනීමට යම් උත්සාහයක් දරා ඇති බැව් ගම්‍ය වේ. නමුත් එහිදී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ තම අභිඥා බලය පෙන්වා ඔවුන් බියට පත් කොට පලවා හැර ඇත. නැවත පැමිණි මේ පිරිස සංඝමිත්තා තෙරණින් වහන්සේගෙන් සමාව ගෙන එය එක්වරක් තම නාග භවනයට වඩමවා ගෙන දෙන ලෙස ඉල්ලා ඇවිටිලි කළ බැව් මේ තුළින් කියැවේ. මෙම වංශකථා තුළ නාගයින්, නයින් ලෙස කරන මේ විස්තරය තුළ එහි සත්‍ය කතාව වටා ප්‍රබන්දයක් ගොඩ නගා සාහිත්‍යාත්මක රසය වැඩි කිරීමට උත්සහ දරා ඇති බව පෙනේ.

දක්‍ෂිණ බෝධි ශාඛාව නාග ගෝත්‍රිකයිනට, ලැබුණු පසු ඔවුන් තම නාග භවන හෙවත් නාග රාජධානියට ගෙන ගොස් පුදසත්කාර කළ බැව් දීපවංශය තුළින් ද කියවේ. එහිදී ඔවුන් කළ සැරසිලි යනාදිය පවා එහි විස්තර වී ඇත.

“එසේම නාගරජවරු නාග කණ්‍යාවන් හා ඔවුන්ගේ දරුවන් ද සමඟ නිවෙස් වලින් පැමිණ උතුම් වූ බෝධීන් වහන්සේලාට පූජා පවත්වති. නොයෙක් වර්ණවත් ඇඳුම් ආයිත්තම් වලින් සැරසී අලංකාර වූ නාගයෝද මෙසේ සාගරයේ වැඩම වන්නා වූ බෝධීන් වහන්සේට වඳිති. නිලුපුල්; උපුල්; කුමුදු; කහ්ළාර; මනාසේ සුවඳ ඇති අවිමුක්තාදී; මල් ද තාක්කාරී; කොබෝලීල; පලොල්; බිඹුදැල්; අශෝක; සල්, මිස්සක, පුවඟු, මල් වර්ගද ගත් නාරජවරු හා නාග කන්‍යාවෝද මහත් සතුටින් යුක්ත වූවාහු බෝධීන් වහන්සේ වඳිති. එය ඉතා අලංකාර බවින් යුක්ත විය. බෝධීන් වහන්සේ සිත්සේ වැඳපුදා ගැනීමට කැමතිව නාග භවනයට ද වැඩමවා ගෙන යන ලදී.

එය වැඩමවන ලද්දේ මෙසේ ය. සමීප දිවයිනට වැඩම වන්නා වූ බුදුරජාණන් වහන්සේගේ බෝධි ශාඛාව පිරිවරා ගන්නා ලද නාගයෝ සතුටින් ප්‍රමුදිත වූයේ නොයෙක් ක්‍රීඩා පවත්වති. එම නාග භවනයෙහි බිම මැණික් අතුරා ඇති අතර එහි මුතු ලෑලි ද අතුරා ඇත. විවිධ ආරාමවලින් ගැවසීගත් එහි නොයෙක් මල්වලින් අලංකාර වූ පොකුණු ද වූයේ ය. දෙවියන් සහිත මනුෂ්‍යයෝ එහි සත්දිනක් විසූහ. එසේම දෙවිවරු ද නාගයෝ ද, නාග භවනින් නික්ම විවිධ මල්දම්වලින් බෝධීන් වහන්සේ පූජා කෙරෙති” (සිංහල දීපවංශය, 16 වැනි පරිච්ඡේදය)

සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙන් දක්‍ෂිණ බෝධි ශාඛාව ලබාගත් පසු හා එය නාග භවනට වැඩම කරන විට නාග ගෝත්‍රිකයෝ ගී ගයා, නටා, වයා සතුටු වූ බවද දීපවංශය තුළින් අනාවරණය වේ. “ නාගයෝ ද, සයුරෙහි වැඩමවන්නා වූ බෝධීන් වහන්සේ පිරිවැරුවාහු ය.

ඔවුහු වයමින්, ගයමින්, නටමින්, සිනාසෙමින්, මහත් සේ දෙගුණ තෙගුණ කොට ගුණ ගායනා කරමින් අත්පොලසන් දෙති” (දීපවංශය, 16 වැනි පරිච්ඡේදය) මෙම නාග ගෝත්‍රිකයින් ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව බලහත්කාරයෙන් ගෙන යෑමට උත්සාහ කළ බැව් වංශකථා තුළින් කියවෙතත් එය එසේම වූවාද යන්න පිළිබඳව තවදුරටත් සිතා බැලිය යුතු ය. ඔවුන් ඇතැම් විට එය සතියක් තම නාග භවනයෙහි තබා පුද සත්කාර කිරීමට ඉල්ලුවා විය හැකි ය.


මහාවංශයට පෙර රචනා කරන ලද දීපවංශය තුල මේ නා ලොව සතියක් පුද පූජා පැවැත්වීමේ සිද්ධියට සාධාරණයක් කර ඇති බව පෙනේ. තවද මහාවංශය පවසන අන්දමේ ප්‍රබන්ද ලෝකයක් පිලිබද තොරතුරු දීපවංශය ඇසුරින් ගෙන හැර නොදක්වයි. එහි දැක්වෙන අන්දමට බෝධිශාඛාව ගෙන ගොස් ඇත්තේ නිවස් වල ජීවත් වන,අත් පා ඇති,නටන ගයන සිනාසෙන සාමාන්‍ය මනුශ්‍යයන් පිරිසකි. ඔවුන් වෙනත් ලෝකයක ජීවත් නොවූවන් බවට තවත් සහතික කිරීමක් ලෙස පෙන්වා දිය හැක්කේ ඔවුන් බෝධිශාඛාවට පුජාකරන ලද මල්වර්ගයන්ය. ඔවුන් ඒ පූජාවන් සදහා යොදාගෙන ඇත්තේ මනුශ්‍ය ලෝකයේ හටගන්නාවූ සත්‍ය මල්වර්ගයන්ය. තවත් පැහැදිලි කිරීමක් ලෙස මෙහි දක්වා ඇති "දේව" ලෙස හදුන්වා ඇත්තේ නාග රජවරුන් එනම් සම්මත දේව කොටස බව කියනු කැමතිය.බෝධිශාඛාව ගෙනයාමේ සිදුවීමේදී සමුද්‍රය ගැන සදහනක් ඇතුලත් වේ. ඇතැම් විට මෙසේ සිංහලට පරිවර්ථනය කර ඇත්තේ විශාල ගංගාවක් ඔස්සේ බෝධිශාඛාව වැඩමවීම විය හැක. පරාක්‍රම සමුද්‍රය ලෙස වැවකට නමක් යෙදූ පමණින් එය සමුද්‍රයක් නොවේ. මෙහි සිදුවීමත් එවැන්නක් විය හැක. බුදුන්වහන්සේ පිට දුන් ජය සිරි මහ බෝධීන්වහන්සේගෙන් අංකුරය ‍රැගත් සංඝමිත්තා තෙරණිය අනුරාදපුරයට වැඩම කර ඇත්තේ නේරංජනා ගංගාව ඔස්සේ බව ගමන් මාර්ග ලෙස හදුනාගත හැක.මෙසේ නාගයන් සතියක් පුද පූජා පවත්වා ඇත්තේ අදෘශ්‍යමාන ලෝකයකදී නොව හෙලදිව පිහිටි නාග හෙලයේදී බව දැනගත යුතුය.

මුචලින්දගේ හෙලිදරව්ව

නාග ගෝත්‍රික කථාවේ පටලවා ගැනීම නිසා ඝාතනය වූ චරිතාපදානයක් ලෙස මුචලින්ද නා රජු හැදින්විය හැක. මුචලින්ද රජු යනු බුදුන්වහන්සේට බෝමැඩදී හමුවූ චරිතයකි. මේ සිද්ධිය ඛුද්දක නිකායේ උදාන පාලියේ මුචලින්ද වග්ගයේ දැක්වෙන පාඨයේ අදහස මෙසේ ය. 

"මෙය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක බුද්ධත්වයට පත් බුදුන් වහන්සේ උරුවෙල් දනව්වේ නේරංජරා නදී තීරයේ මිදෙල්ල ගසක් මුල විමුක්ති සුවයෙන් විසූ සේක. එකළ සත්දිනක අකල් වැස්සක් ඇති විය. එවිට මුචලින්ද නා රජ තම වාස භවනයෙන් පිටව “භාග්‍යවතුන් වහන්සේට සීතලක් නොවේවා. භාග්‍යවතුන් වහන්සේට උෂ්ණයක් නොවේවා!, භාග්‍යවතුන් වහන්සේට මැසි මදුරුවන්ගෙන්, සුළඟින්, අව්වෙන්, සර්පයන්ගෙන් කරදරයක් නොවේවා යි සිතමින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය සන්දරණ පටකින් වෙලාගෙන මහත් වූ පෙණයක් කොට ගෙන සිටියේ ය. සතිය අවසන බුදුන් වහන්සේ සමාධියෙන් නැගී සිටි සේක. වැස්ස නැවතුණු පසු නා රජ, තමන්ගේ දරණ වැල ඉවත් කොටැ, තරුණයෙකුගේ වෙසක් මවාගෙන බුදුරදුන්ට ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ නිවන් සුවය, නොකිපෙන බව, අවිහිංසාව, කාමයන්ගෙන් ඉවත් වීම හා අස්මිමානයෙන් දුරුවීම සැපයක් බව පිළිබඳ ගාථාවන් දේශනා කළ සේක.”

බොහෝ සාහිත්‍යකරුවන් දක්වන අන්දමට මුචලින්ද ඒ ධාරාණිපාත වැස්සේදී පැමිණෙන්නේ මුචලින්ද විලෙන්ය. එනමුදු සැබවින්ම මුචලින්ද පැමිණෙන්නේ තමන්ගේ වාස භවනේ සිටය. එසේම මෙම සිංහල පරිවර්ථනයේ දැක්වෙන කතාවද විමසිය යුතුය. මෙහි මුචලින්ද නා රජු උරගයෙකු කර ඇති අතර දරණ වට ගණන හා ඉන්පසු මිනිස් වෙසක් මවාගන්නා වගද දක්වයි. එනමුදු මෙහි දැක්වෙන සාහිත්‍යාත්මක හා පදපරම අර්ථයන් ඉවත් කර බැලුව හොත් එහි සත්‍යතාව වටහා ගත හැක. මුචලින්ද නා රජු යනු අමනුශ්‍යයෙකු නොවේ. ඔහු එම ප්‍රදේශයේ සිටි ප්‍රාදේශීය පාලකයෙකි. බුදුන්වහන්සේ බෝමැඩ ගතකරද්දී ඇදහැලුනු මහ වරුසාවෙන් ආරක්ශාවීම සදහා ඔහු ගන්ධකු‍ටියක් සාදවා තිබේ. එහි නටඹුන් තවමත් හිරිවඩුන්නෙන් දැකගත හැකි අතර වට හතක් ලෙස දක්වා ඇත්තේ ගන්ධ කුටිය සදහා ඉදිකල ආවරණයන් පිලිබද වීමට පිලිවන. එපමණක් නොව ඒ ආශ්‍රිත සක්මන් මලුවද මුචලින්ද නා රජුගේ නිර්මාණයක් යැයි සැලකේ. බෝසතානණ්වහන්සේට බෝමැඩ මූලයේ වජ්‍රාසනය නිමවාදුන් පුද්ගලයාගේ නම සාහිත්‍ය පොතෙන් පිටමං කර තිබුනද එම නිර්මාණයද මුචලින්ද නා රජුගේ කාර්යයක් යැයි සැලකේ.
                 

                            

 මුචලින්ද රජු සෑදූ කුටියේ නටඹුන්


වැදගත්ම දෙයනම් මේ කිසිවක් ඉන්දියාවේ නොවීමය. ඉන්දියාවේ මුචලින්ද නා රජු නොමැවති නිසාදෝ සාහිත්‍යකරුවා ඔහුව අමනුශ්‍යලෝකයකට පිටමං කර ඇත. බුදුන්වහන්සේ වදාල 31 ඵ්ලයන්හින් එකකටවත් ඇතුලත් නොවන මේ නාග ලෝකය පිලිබද මිත්‍යාවන් ගෙතූ හොර බුදුවරු පසුපස යන වස්තු ලෝබී චීවරධාරීන් ඉන්දියාවට කත් අදින්නේ සම්මා සම්බුදුන්වහන්සේගේ දේශනාවන් හෑල්ලුවට ගනිමිනි. තවත් වැදගත් කරුණනම් මුචලින්ද නා රජු ‍රැකවරණය සැලසුවේ වැස්ස නිසා වුවද මැයි,ජුනි මාසවලදී ඉන්දියාවේ බුද්ධගයාවලට වැසි බිදකුදු වැටෙන්නේ නැත. එනම් ඒ කාලයේදී එම ප්‍රදේශයට ලැබෙන්නේ උපරිම උශණත්වයකි. එසේනම් මුචලින්ද ‍රැකවරණය සලසන්නේ කුමකින්ද?
                               

                     


මේ මුචලිද නා රජු ගේ සමස්ත රජ පරපුරම හෙලදිවට උරුම වූ දෙයකි. මේ දැක්වෙන්නේ ඒ බව සනාථ කරන එනම් මුචලින්ද රජු හෙලදිව මුතුන් මිත්තෙකු බවට තහවුරු කල හැකි ශිලා ලිපියකි.
මචුදික රඣශ පුත රඣහ අබය ශඣහ අබයශ පුත රඣහ නග රඣහ නගශ පුත රඣහ අබය රඣහ අනයශ පුත ගමණි තිශෙන කරපිතෙ මහශුදශනෙ අගත අනගත කුට දිශ ශගශ පදිතිතෙ

අමනුශ්‍ය ලෝකවල නාගයන් මෙරට සෙල්ලිපි නොකොටන නිසාත් අමනුශ්‍යයන් මනුශ්‍ය පුත්‍රයන් ජාතක නොකරන නිසාත් බුදුන්ගේ උරුමය හෙලදිව නිසාත් මුචලින්ද නා රජු යනු අමනුශ්‍ය ලොවක අමනුශ්‍යයෙකු නොව හෙලදිව ජීවත් වූ නාග ගෝත්‍රික රජ කෙනෙකු බව මේ අනුව මනාවට සනාථ වේ.

රත්නද්වීපයේ නාගයෝ ගන්ධකුටි පෙන්වයි.

නාග ගෝත්‍රිකයින් ත්‍රිවිධ රත්නය සරණ ගිය ජන කොට්ඨාසයකි. ඔවුන් බුදුන් දවස ද මේ ආකාරයට නැවකින් ගමන් කරමින් සිටි සංඝරක්‍ෂිත හිමියන් තම නාග භවනට ගෙන ගොස් එම භික්‍ෂුවගෙන් දහම් කැරණු අසා දැනගත් බැව් සංස්කෘත ග්‍රන්ථයක් වන දිව්‍යාවදානයේ එන සංඝරක්‍ෂිතාවදානයේ අන්තර්ගතව ඇත.
 

 “ රත්නද්වීපය ආසන්නයේ දී ඔවුන්ගේ නැව නාග (ගෝත්‍රික) යන් විසින් වට කරන ලදී. තැතිගත් නැවියෝ යදින්නට වූහ. මේ අතර නැව වටලා ගෙන සිටි නාගයෝ මහා ඝෝෂාවක් කරමින් ‘සංඝරක්ෂිත අපට දියව් සංඝරක්‍ෂිත අපට දියව් යනුවෙන් කෑ ගසන්ට පටන් ගත්හ. නාගයෝ සංඝරක්‍ෂිත හිමියන් නාග භවනට කැඳවා ගෙන ගියහ. “ ස්වාමීනි, සංඝරක්‍ෂිතයනි, මේ තියෙන්නේ විපස්සී බුදුහාමුදුරුවන්ගේ විහාරයයි. මේ සිචී බුදුහාමුදුරුවන්ගේ විහාරයයි. අර තියෙන්නේ කකුසඳ බුදු කුටියයි. කාශ්‍යප බුදුරදුන්ගේ ගඳකිළිය මෙයයි. ස්වාමීනී, අපේ (ගෞතම) භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍ර ධර්මය මාතෘකා (අභි) ධර්මය දෙවි මිනිසුන් අතර දේශනා කර තිබෙනවා.

තවම අපට ඒ දහම උගෙනීමට බැරි වුනා. ඔබවහන්සේ අනුකම්පා කර (දීඝ, මජ්ඣිම, සංයුත්ත, අංගුත්තර) ආගම් සතර අපට උගන්වන්නැයි එහිදී සංඝරක්‍ෂිත තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. එය පිළිගත් සංඝරක්‍ෂිත හිමියෝ නාග භවනයේ ළමයින් සතර දෙනෙකුට ‘ආගම සතර’ උගැන්වූහ” (සිංහල දිව්‍යාවදානය)


මෙහි දැක්වෙන අන්දමට රත්නද්වීපය ආසන්නයේ එනම් නූතන ලංකාව ආසන්න සමුද්‍රයේදී සංඝරක්ෂිත හිමිනම වඩම්වාගෙන ගොඩබිම වෙත එලඹෙන නාවිකයෝ උන්වහන්සේට  පෙර බුදුවරුන්ගේ මෙන්ම ගෝතම බුදුන්වහන්සේගේද පූජනීය ස්ථානයන් එනම් උන්වහන්සේලා වැඩ සිටි ස්ථානයන් පෙන්වයි. එසේනම් ඔවුන් ඒ හිමියන්ව කැදවාගෙන ගෙනගොස් ඇත්තේ බුදුවරු උපත ලබන දීපය වෙතටයි. හෙලදිව නාවිකයන්ට ඉන්දියාව වැනි වෙනත් රටකට ඇතුලු වී මේ ක්‍රියාවලිය සිදුකර නොහැක. තවද ඉන්දියාවේ නාග වාසභවන් නොමැති නිසා මේ වැඩමවීම සිදුවූයේ ඉන්දියාවට යැයි කිසිසේත්ම කිව නොහැක. රත්නද්වීපය ආසන්නයේ සිටි නාවිකයන් එසේනම් මේ වැඩමවීම සිදුකර පෙන්වා දෙන්නේ තමන්ගේ දීපයේ උරුමයන් පිලිබදවයි. එසේනම් මේ නාගයන් පෙන්වා දෙන්නේ බුදුන්වහන්සේගේ උරුමය හෙලදිවට වූ එකක් බව නොවේද,

නාග බල ප්‍රදේශ

නාග ගෝත්‍රිකයන්ගේ පාලන ප්‍රදේශ මූලික වශයෙන් කැළණිය,ගම්පහ වැනි ප්‍රදේශ දක්වා විහිදී තිබූ බවට සාධක හමුවේ. චූලෝදර,මහෝදර නාග රජුවරුන්ගේ සිද්ධිය එයට නිදසුනකි.
 

සද්ධර්මාලංකාරයේදී බුදුන්වහන්සේ  මණිනාග දිවයින හෙවත් සමුද්‍රනාග භවන නමින් හැඳින් වූ දූපතකට වැඩි බව සදහන්ය.මහා වංසයේ එය පන්සියයක් යොදුන් නාග භවන නමින් හඳුන්වා ඇති අතර එය වර්තමාන යාපන අර්ධද්වීපය අසළ පිහිටා ඇති දූපත් වලින් එකක් වන නයිනා තිවි දූපත ලෙස සැලකේ. යාපන අර්ධද්වීපයේ වඩුන්නාගල පිහිටි නාග රාජධානියේ රජුත් මණි නාග දිවයිනේ වාසය කළ නාග රජුත් අතර ඇතිවන්නට ගිය බිහිසුණු සටනක් මෙහිදී තථාගතයන් වහන්සේ විසින් සමථයකට පත් කරන ලදී.  මේ අනුව යාපන අර්ධද්වීප ආශ්‍රිත ප්‍රදේශයක්ද නාග පාලනය යටතේ පැවති බව පෙනී යයි.(මීට පෙර ඵල වූ සිතියම බලන්න)

මේ නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ සිදුවීම් බෞද්ධ ඉතිහාසයේ අනන්තවත් හමුවේ. නමුත් පසුකාලීන ග්‍රන්ථ රචකයන් හා පරිවර්ථකයන් ඔවුන්ට දේව සංකල්ප ආරූඪ කර ප්‍රබන්ද ගොඩ නගා තිබේ. මෙවැනි තවත් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ පළමුවන වර්ෂා සෘතුව බරණැස ඉසිපතනයේ ගත කළ කාලයේ දී අපට දක්නට ලැබේ. ඒ ඒරක පත්‍ර නාගරාජ සමාගමය සිදු වූ අවස්ථාවේදී යි. බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ වග මිනිසුන්ගෙන් අසා දැන ගැනීම සඳහා ඒරකපත්‍ර නා රජ උපක්‍රමයක් යෙදී ය. හේ අභිරූපී සිය දියණියට ගාථාවක් උගන්වා බරණැස ගංගා නදිය අසළ ඇය සිටුවා, ඇය ලවා ඒ ගාථාව ගයන්නට සැලැස් විය. ඇය ගයන ගීයට ප්‍රතිගීතයක් ගයන කෙනකුට මහත් වස්තුව සමග ඇය පාවාදෙන බවද ප්‍රසිද්ධ කරවීය. සෑම අඩමසක් පාසාම පොහෝ දිනයන්හී ඇය මේ ගීය ගැයූ අතර බොහෝ කලක් ඉක්ම ගියේ ය.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය ගෙවද්දී එක් පොහෝ දිනක නා රජ දියණිය ගීය ගයන දින උදා විය. තමාගේ ගමනින් යහපතක් සිදුවන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එදින බරණැස ගංගා ඉවුරෙහි රිටිගස්හත පිහිටි තැනට වැඩි සේක. එදා ගීයක් ගයන්නට යන උත්තර නමැති මානවකයා දුටු බුදුන් වහන්සේ ඔහු කැඳවා ඔහුගේ ගීය අසා, එය වැරැදි බැවින් ඔහුට නිවැරැදි ගීයක් හා තවත් ප්‍රතිගීයකුත් ඉගැන් වූ සේක. ගීයෙහි අරුත මෙහි නොදැක් වේ. (එය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ ගෞතම බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ 52 – 54 පිටු) එම ගීතය හා ප්‍රතිගීතය ඇසූ උත්තර මානවකයා සෝවාන් විය.


අනතුරුව උත්තර මානවකයා නාග කුමරිය වෙත ගොස් ඇය ඇසූ ප්‍රශ්නවලට අදාළ ගීත ගායනා කෙළේ ය. ඒරකපත්‍ර නාග රාජයා ඒ ගාථාව බුදුවරයකුගේ විසර්ජනයක් බව දැන, උත්තර මානවකයා සමඟම බුදුන් දක්නට ගොස් දහම් ඇසූහ. ඒරකපත්‍ර රජුත් ඔහුගේ දියණියත් නාග ගෝත්‍රිකයෝය. එනමුදු මොවුන් නාගයන් ලෙස දැක්වීමට ඉන්දියානු අට්ඨකතාකරු උත්සහ දරා ඇත. එසේ වූ විට සෝවාන් වීම කෙසේ වෙතත් උත්තර මානවකයාට පූශ් පූශ් ශබ්දනයම් ඇසීමට හැකිවනු ඇත.

මිසදිටු ගත් නන්දෝපනන්ද නම් නාග රාජයකු බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළ බවක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. ඔහු දමනය කරන ලද්දේ මුගලන් මහරහතන් වහන්සේ විසින් බව කියනු ලැබේ. (අමාවතුරේ නාග දමනය), බුදුන්වහන්සේගේ සාසනයේ නාග ගෝත්‍රිකයන් බොහෝ දෙනා පැවිදිව මාර්ග ඵලද සාක්ශාත් කර ගත් බව ත්‍රිපිටකයේදී අපට හමුවේ. එනමුදු ඇතැම් තැන්හීදී (විනය පිටකය ආදී) පරිවර්ථකයන් දී ඇති අර්ථ සලකා බැලූ විට ඒව බුදු දහමට ඉදුරාම පටහැනි ඒවාය. පද පරම අරුතින් ඒවා බැලූ කල අවබෝද වන්නේ උරගයන් සාසනයේ පැවිදි වී සිට ඇති බැව්ය. එනමුදු සෑම තැනදීම විස්තර වී ඇත්තේ නාග ගෝත්‍රිකයන් හෙවත් නාවිකයන් පිලිබදවමය.


එදා නාග ගෝත්‍රිකයන් සමච්චලයට ලක්කල මේ ඉන්දියානු සාහිත්‍ය සම්ප්‍රදාය නිසා අපේ රටේ මුතුන් මිත්තන් පිරිසකට හිමි වූයේ ඛේදනීය ඉරණමකි. නාග රජවරු බඩගාගෙන යන උරගයන් කිරීමට සමත් වූ ඒ සාහිත්‍යකරුවන් සරණ ගිය ඇත්තන් අද අනන්තවත් සිටී. ගුටි කකා යැදෙමින් ඉන්දියාවේ බඩගාන මුචලින්දලා සොයන ඔවුන් සැමවිටම අහක යන නයි තමා සතුකර ගැනීමට ගොස් කෑවෝ යැයි මොර ගාති. කිසිදු සාධකයක් නොමැති මහා භාරතයේ ගුටි කකා සිගමන් යදින්නේ කුමන පූරුවේ කරුමයක් ගෙවීමටදැයි අපනම් නොදනී.

ඒ අතර මුචලින්දලා බඩ ගෑ යුතුමය යන නිගමනයේ සිටින රත්මලානේ ධර්ම පරේශකලා කොලඹ සිට පත්තර පි‍ටු පුරෝමින් හෙලදිවට කෙලසති. මහානාමගේ පුනරාගමනය බදු වූ එතුමන්ලා නයාට ගසා පොල්ල වරද්දාගෙන අවසානය. කවුරුන් කෙසේ කොපමණ දේ ලිව්වත් අන්තිමේදී ඒ පත්තර පි‍ටු ගත හැක්කේ  පාන් ඔතන්නට පමණි. මන්ද ඔවුන් සිතන පරිදි අද බොලද වහලුන් අද එමට නැති නිසාය.  නයාගේ නැට්ටෙන් අල්ලගෙන සෙල්ලම්  පෙන්නුවද තව සුලු මොහොතකින් නයාගේ හිස තමා දෙසට හැරෙනු ඇත. එවිට කියන්න ඉතිරි වන්නේ "නයි කයිද රෝස් පාන්" කියාය.

Thursday, March 14, 2013

හෙලදිවට උරුම වූ මගධය

"වර්ථමානය හා අනාගතය අනිවාර්යයෙන්ම අතීතයෙන් ගොඩනැගෙන අතර, එම මුද්‍රාව එහි දක්නට ලැබෙනු ඇත. එය අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව කරන ඉදි කිරීමක් වැනිය" යැයි ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් පවසා ඇත. මෙතුමා මෙසේ පෙන්වා දෙන්නේ කෙනෙකු තමන්ගේ ඉතිහාසය දැනගැනීමේ වැදගත් කම පිලිබදවය. තමන්ගේ වර්ගයා කෙසේ ආවේද,තමන්ගේ රට කුමක්ද තමන්ගේ මුතුන් මිත්තන් කවුද,තමන්ගේ රටේ සිටියේ කෙබන්දෝද යන්න නොදන්නා පුද්ගලයා අසම්පූර්ණයෙකි. එසේ අසම්පූර්ණයන් බිහිවූ විට සිදුවන්නේ ඒ රට තවත් පහලට ඇදවැටීමකි. "මේ ලංකාවනේ බං" කියා සමච්චලයට ලක්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. කෙසේ වෙතත් වර්ථමානය වන විට කුමක් හෝ ව්‍යපර්යාසයක පෙරනිමිති පහල වී අපේ හෙල නිවැරදි ඉතිහාසය මතුවන්නට/මතුකරන්නට පටන් ගෙන තිබේ. ඒ ව්‍යපර්යාසය කෙතරම් බලපෑමක් කරන්නේද කියතොත් මීට වසරකට පමණ පෙර බුදුවරු පහල වන්නේ ඉන්දියාවේ යැයි කියමින් විවෘත අභියෝගයන්ට සැලසුම් කල පුද්ගලයන් අභිරහස් ලෙස ආගිඅතක් නොමැති වීමට පටන් ගෙන තිබේ. නෙත් එෆ්.එම්, බෞද්ධයා නාලිකා වැනි ලෝටස්,ශාන්ති,යාත්‍රා ආදී ඉන්දියානු නඩ පටවන සමාගම් මත යැපෙන බුදුන්වහන්සේ විකුණාගෙන කන ව්‍යාපාරිකයන් මත්තේ එල්ලී සිටි ෆේස්බුක් වීරයන්ට අද කරකියාගත දෙයක් නොමැතිව අසරණ වී තිබෙන්නේ ඔවුන්ට එල්ලීමට තිබූ පිදුරු ගස් පිටතට නැමෙන බව පෙනෙන නිසාය. බුදුන්වහන්සේ පහල වූයේ හෙලදිවයැයි කියූ විට සිනාසුනු,පිස්සෝ යැයි කියූ ඇත්තන්ට ඒවා පටිසන් දීමට පටන් ගෙන ඇත්තේ ඇස් පනාපිටදීමය. මාධ්‍යවේදීන් යනු සියල්ල දත්තවුන් නොවේ. නමුත් අපේ ඇතැම් පිරිස්වලට යම් මාධ්‍යකින් ඉදිරිපත් කරන වීඩියෝ පටය හෝ හඩ පටය මහ ලොකු දෙයකි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගේ පූර්ව නිගමනවලට ගැලපෙන සම්ප්‍රදායේ ඇතිවෙනකම් කරක් ගසා තමන්ගේ මඩිය තරකර ගැනීමට උපකාරය වන්නේ ඒවා නිසාය. අද රූපවාහිනී ගුවන් විදුලියට ගොඩවන අපේ ව්‍යාපාරික පැවිදි පිරිස ජන්බුද්වීපය පිලිබද වචන ස්වල්පයක් කතා කිරීමට අමතක නොකරයි. කොහේදෝ යන පිස්සෝ කට්ටියක් එකතු වී බුදුන්වහන්සේ ලංකාවේ පහල වූ බව කියමින් මිත්‍යාදෘශ්ඨිය වපුරනවා කියමින් දේශනා පවත්වන ඔවුන්  ඒ අතර තුරදී "සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා සදහා විමසීම්" යනුවෙන් රු.1500 ක තීරු දැන්වීමක් දැමීමටද අමතක නොකරයි. සියල්ලටම සාදු කාර දෙන අපේ උපාසක ඇත්තන් සාදු කාර දුන්නද සිතීමේ ශක්තියක් ඇති හෙලදිව ඉතිහාසය ගැන දන්නා පුද්ගලයන් මේවාට සිනාසෙන්නේ කෙසේදැයි දේශකයන් නොදන්නේ ඔවුන්ගේම වාසනාවටය. මෙසේ වල්පල් ටිකක් දෙඩවූයේ කාටවත් රිදවීමටනම් නොව ජන්බුද්වීපය සෙවීමට ආරම්භ කල මීට වසරකට පමණ පෙර පැවති තත්වය හා දැන් තත්වය පිලිබද මදකට සසදා බැලීමටය.(ජන්බුද්වීපය පිලිබද කරුණු සෙවීමට පටන් ගෙන වසරකට ආසන්නය. ලිපි සැකසෙන්නේ ඊට මාස 3කට පමණ පසු සිටය.) අනුන්ගේ ගල් මුල් පසෙකින් තබා අපේ මාතෘකාව වෙත යොමු වෙමු.
 

බුදුන් උපන් දේශයේ ක්‍රි.පූ. හයවන සියවස වන විට දේවහෙලයේ තිබී ඇත්තේ ජනපද පාලනයකි. යක්ක,නාග,ගාන්ධර්ව,කුම්භාණ්ඩ යන ප්‍රදේශ හතර ජනපද පාලනයට යටත් නොවූ අතර දේව ගෝත්‍රික පාලයන තුල ජනපද 16කට බෙදා පාලය ගෙන ගියහ. චාතුර්මහාරාජිකය හා දේව හෙලයේ එකතුවෙන් සමස්ත දීපයම නිර්මාණය පැවති අතර සමස්ත දීපයම සක්කස්ස දේවානමින්ද තනතුර පාලනයේ පැවතුනි. මේ ලිපියෙන් වැඩි අවධානයට යොමුවන්නේ මගධ ජනපදය පිලිබදවය. ඒ මන්ද යත් ජනපද අතුරින් වැඩිම ප්‍රසිද්ධියක් උසුලන ලද ජනපදය මගධ ජනපදය වූ නිසාය. විදේශිකයන් විසින් අප රටේ ඉතිහාස ග්‍රන්ථවල ලියා තැබූ මගධයේ ඉතිහාස කතාව බලහත්කාරයෙන් ඉන්දියාවට පවරා දී තිබුනද සත්‍ය වශයෙන්ම මගධයේ උරුමය හිමිවන්නේ හෙලදීපයටය. එක රටක ඉතිහාසයක් වෙනත් රටකට ආදේශ කර දුන් වෙනත් රටවල පිරිස්වලට ‍රැව‍ටුනු අපේ රටේ මෝඩ උගතුන් ඒ විලභීත ඉතිහාසය නඩත්තුකරගෙන පැමිණියාට නූතන පරපුර ඒ සදහා සූදානම් නැත. මන්ද මගධයේ සත්‍ය කතාව ඔවුන් සොයාගෙන අවසන් නිසාය.

මගධය යන ජනපදයේ ආරම්භකයෙක් සිටිය යුතුය. මගධ ජනපදයක් ලෙස ගොඩනැගීමට මූලික වී ක්‍රියා කරන්නේ ගෝවින්ද නම් වූ ආචාර්ය වරයාය එසේත් නැතිනම් පඩිවරයාය. මේ ගෝවින්ද පඩිවරයාගේ අතීත කතාපුවතක් අපට ත්‍රිපිටකයේ මහා ගෝවින්ද සූත්‍රය ඇසුරුන්ද සොයාගත හැක. මේ පඩිවරයා හෙලදිව සිටි මුතුන් මිත්තෙකු බව අපට පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් සනාථ කර ගත හැක. පහතින් දැක්වෙන්නේ ඒ සදහා වූ ශිලාලේඛනයකි.



"අචරිය විශදෙව ඣිත - ද - දතහ ඣය උපශික තිශය ලෙණෙ"

(256)(විෂ්ණු යාදින්නක් මගින් තවදුරටත් තහවුරු කරගත හැක)

මේ ශිලා ලේඛනය අපට හමුවන්නේ අන් කවර ස්ථානයකිනිදු නොව සියඹලාණ්ඩුවට අයත් "ගෝවින්ද හෙලයෙනි". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහලකටවත් කිට්‍ටුනොවන පොලගුන්ගෙන් ගහන වූ මේ ප්‍රදේශය නටඹුන්වලින් අනූන ප්‍රදේශයකි. මේ ප්‍රදේශයේ නාමය ගෝවින්ද පඩිවරායගේ නමින් නම් කර ඇත්තේ ඒ අතීත කතාපුවත තව දුරටත් තහවුරු කරන රිසියෙන් යැයි කිව හැක. මගධ ජනපදයේ නිර්මාතෘ වූ ගෝවින්ද පඩිවරයාගේ නම් සහිත සෙල්ලිපි හෙලදිව පිහිටා තිබියදී ඉන්දියාවේ මගධ ජනපදයක් ගැන නන් දොඩවන්නේ කුමන පුරාවිද්‍යාත්මක පදනමක් මතදැයි අපි විමසන්නෙමු. පොතකින් බලා අපේ රටේ ඉතිහාසය ඉන්දියාවට පැටවූ දීනයන්ට හා ඔවුන්ගේ ලණු ගිලූ දීනයන් කවමදාවත් ගෝවින්ද පඩිවරයා ඉන්දියාවේ සිටිබවට පෙන්වා දිය නොහැක. එසෙනම් ඔවුන්ගේ හිස් පදනම් ගැන තවත් කතා කුමටද මගධයේ නිර්මාතෘගේ පටන් සම්පූර්ණ උරුමට හිමිවන්නේ හෙලයාටම පමණකිය.



ගෝවින්ද පඩිවරයාවිසින් ගොඩ නැගූ මගධ ජනපදය අදාල භූමිප්‍රදේශයේම පිහිටි එකක් බවට සනාථ කල හැකි ප්‍රසිද්ධ වූ සාධකයක් වන්නේ ඉන්ද්‍රසාල ගුහාවේ පිහිටීමයි. දීඝනිකායට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටා තිබිය යුත්තේ මගධ ජනපදයට අයත්වයි. 
  
“එවං මෙ සුතං එකං සමයං භගවා මගධෙසු විහරති පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො තස්සුත්තරතො වෙදිකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං.........

Ida – sala, cd.st.cave (skt. Indra – sala, p.Inda – sala)name of a cave in which the Buddha once dwelt (See Introduction, p cxix), 457, 458, 817, 817 (4)Idasala – gu (ha) sagasa’ (The cave named ) Indasala – guha (is given ) to the Sangha 

සියලු පුරාවිද්‍යාත්මක සාධක සමග බුදුන්වහන්සේ වැඩ සිටි ඉන්ද්‍රසාල ගුහාව බඹරගල රජමහාවිහාරයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති නිසා. මගධ ජනපදයේ පිහිටීමට නිතරගයෙන්ම තහවුරු වේ. එසේම සාසන ඉතිහාසයට අනුව මගධය පිහිටා තිබිය යුත්ත කදුවලල්ලකින් ආවරණය වූ ප්‍රදේශයකය. එම ස්බාවික පිහිටීමේ උරුමයද හෙලදිවට මනාලෙස පිහිටා ඇති බවද කිව යුතුමය.

මගධ ජනපදයේ අගනුවර වූයේ රජගහනුවරයි. එනම් අද අම්පාර රජගල ප්‍රදේශයයි. මේ මගධ ජනපදය පාලනය කල වැදගත් රජ කෙනෙකු ලෙස බිම්බිසාර රජතුමාව හැදින්විය හැකිය. ඔහුව සාසන ඉතිහාසයේ මෙන්ම හෙලදිව ඉතිසයේදීද හදුන්වන්නේ මගධේෂ්වර බිම්බිසාර යන නමිනි. එනමුදු බුදුන්වහන්සේ ඉන්දියාවට වැඩම්මවූ නිසා ඉන්දියාවේ සිටි ජෛනමහාවීරට නෑකම් කියන ජෛන අනුගාමිකයෙක් බිම්බිසාර රජු ලෙස නම්කිරීමට පිරිසක් කටයුතු කර තිබේ. ජෛන ග්‍රන්ථ වල සදහන් වන අන්දමට ඔහුගේ නම "රාජ්ග්‍රී හි ශ්‍රෙනික්" ය. එසේම ජෛනයන් පවසන අන්දමට ඔහු ජෛන ශ්‍රාවකයෙකි. නමුත් ත්‍රිපිටකය(ජනවසභ සූත්‍රය වැනි) අනුව බිම්බිසාර රජු යනු සෝතාපන්න ආර්‍ය ශ්‍රාවකයෙකි සෝතපන්නයෙකුට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇතිවේ. ඒ නිසා නූතන උගතුන් යැයි පවසන ඇත්තන් කියන පරිදි "ශ්‍රෙනික්" ලෙස හදුන්වන්නේ බිම්බිසාර රජුනම් බුදුන්වහන්සේට වැරදී ඇත. එනමුදු සත්‍ය වශයෙන්ම "ශ්‍රෙනික්" ලෙස හදුන්වන්නේ බිම්බිසාර රජු විය නොහැක. හෙලදිව අට්ඨකතා ඇසුරු කරගෙන ලියූ මහාවංශයේ බිම්බිසාර රජු පිලිබද මෙසේ සදහන්ව ඇත.

"බිම්බිසාර කුමාරයා ද, සිද්ධාර්ථ කුමාරයා ද යහළුවෝ ය. ඒ  දෙදෙනාගේ පියරජවරුන් ද යහළුවෝ ය.

අප බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජු හට වඩා පස් අවුරුද්දකින් වැඩිමහළු වූ සේක. මහබෝසතාණන් වහන්සේ විසින් අභිනිෂ්ක‍්‍රමණය කරන ලද්දේ වයස විසි නවයේ දී ය.

සය වර්ෂයක් පටන් වෙර වඩමින් දුෂ්කර ක‍්‍රියායෙහි යෙදී (එය අත්හැර මැදුම් පිළිවෙත තුළින්) උතුම් සම්බෝධියට පත්ව, තිස් පස් වැනි වියෙහිදී අප බුදුරජාණෝ බිම්බිසාර රජු කරා වැඩි සේක.

බිම්බිසාර රජු තම පියා විසින් අභිෂේක කරන ලද්දේ වයස පහළොවේදී ය. මහා ප‍්‍රාඥ වූ බිම්බිසාර රජ තෙමේ එතැන් සිට රජකරන්නට විය.

බිම්බිසාරයන් රජ පැමිණි දහසය වෙනි වසරේ දී ශාස්තෘන් වහන්සේ දහම් දෙසූ සේක. හෙතෙම පනස් දෙවසරක් රජකම් කළේය.

අපගේ සර්වඥයන් වහන්සේ මුණගැසෙන්නට පෙර ඔහු පසළොස් වසරක් රජ කළේය. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටි කල්හි තිස් හත් වසරක් රජකළේය.

බිම්බිසාර රජහුගේ පුත‍්‍ර වූ කෲර සිත් ඇති මහා මිත‍්‍රද්‍රෝහී වූ අජාතසත්තු කුමාරයා බිම්බිසාර රජහු මරවා අවුරුදු තිස් දෙකක් රාජ්‍ය පාලනය කළේය.

අප මුනිඳාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ අජාසත් රජ වී අටවෙනි වර්ෂයෙහිදී ය. ඉන්පසුව ඔහු විසි හතර වර්ෂයක් රජ කළේ ය."(දෙවෙනි පරිච්ඡෙදය)


මෙවැනි විස්තරයක් ඉන්දියාවේ කිසිම ග්‍රන්ථය සදහන්වන්නේ නැත. බිම්බිසාර රජු පිලිබද මේ ඉතිහාස කතා ඉන්දියාවට ඈදුවේ අපේ ඉතිහාස පොත් බලාගෙන මිස ඉන්දියාවේ පොතපත බලාගෙන නොවේ. වෙනත් රටක ඉතිහාස ග්‍රන්ථවල ඇති දෑ තවත් රටකට ආදේශ කරන්නේ කුමන අනුවනයෝදැයි විමසා බැලීමට මේ කාලයයි.

අනෙක් රාජාණ්ඩුවලට වඩා මගධය  ඉදිරියට ගෙන ඒමට උත්සහකල මේ හෙලදිව විසූ බිම්බිසාර රජතුමා කෝසල රජුගේ සොහොයුරිය විවාහකරගැනීමෙන් කාසි රාජ්‍යය තමන්සතු කරගත්තේය. එසේම සටන්කාමී ප්‍රතිඵත්ති අනුගමනය කරමින් බ්‍රහ්මදත්ත රජු සමග සටන් කර අංග රාජ්‍යයේ බලය අල්ලාගත්තේය. බොහෝ ශ්‍රාස්තෲවරුන්ට සහනශීලී ප්‍රතිපත්තියක් තම රාජ්‍යතුල ඇති කල මෙතුමාගේ ජනපදය ස්බාවික ‍රැකවල් මගින්ම ආරක්ශා වී තිබුනි.

බිම්බිසාර රජුගෙන් පසු මගධ ජනපදයේ බලයට පත්වන අජාසත්ත රජු තම අගනගරය පාටලීපුත්‍රයට වෙනස් කරන ලදී. නූතන භාරතයේ පැට්නා නගරය එදා පාටලීපුත්‍රයයැයි බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වා දී තිබුනද සත්‍යවශයෙන්ම ඉන්දියාවේ පාටලීපුතරයක් තිබී නැත.Pandit Bhagavadatta මහතා Megasthenes ගේ වාර්තා සම්බන්ධයෙන් මැනවින් අධ්‍යයනය කල අයෙකි. එම කරුණු අධ්‍යයනය කර ඔහු ලියා දක්වා ඇත්තේ මෙසේය. යමුනා ගඟ ගලා යන්නේ Palibothra හෙවත් Paribhadra හරහාය. මෙය Prassi රාජධානියේ අගනුවරය. Palibothra පිහිටා  ඇත්තේ Prayanga සිට සැතපුම් 200ක් ඈතින් මතුර ට යන මාර්ගයේය. මෙම රාජධානියේ රාජ පරම්පරාව හදුන්වන්නේ Prabhadrakas හෝ Paribhadrakas  ලෙසය. මෙහි රජුගේ නම චන්ද්‍රකේතුය. අගනුවර වන Paribhadra , Sindu - Pulinda වලට ආසන්නයේ පිහිටා ඇත. Sindu - Pulinda   පිහිටා ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය දේශයේය. අද එය හදුන්වන්නේ Kali Sindha ලෙසය. පාටලීපුත්‍ර යන නම Palimbothra කියා ග්‍රීක භාෂාවෙන් ලියා ගත නොහැක. මෙහිදී පාටලී  යන වචනයේ P අකුර ග්‍රීක භාෂාවෙන්ද ඉංග්‍රීසි P ලෙස ලියා තිබේ. එහෙත් පුත්‍ර යන වචනයේ P අකුර ග්‍රීක භාෂාවේදී නැවත B අකුර ලෙස ගෙන තිබේ. එම නිසා පුත්‍ර යන වචනය බොත්‍ර කියා ලියාගත නොහැක. ඉන්දියාවේ මධ්‍යදේශයේ පාටලීපුත්‍ර කියා කිසිම නගරයක් තිබී නොමැත. මහා පුරාන වල එවන් නගරයක් සදහන් වන්නේ නැත.


එනමුදු හෙලදිව පාටලීපුත්‍රයක්(පටලිගම) තිබූ බවට මේ ශිලාලේඛනය සාක්ශියක් වනු ඇත.

මේ අනුව පැහැදිලිවන්නේ මගධ ජනපදයේ නිර්මාතෘගේ උරුම හිමිවන්නේ හෙලදිවටය. එසේම බිම්බිසාර රජුගේ වංශකතාගත උරුමයද,අජාසත් රජුගේ වංශකතාගත උරුමයද, රජගහනුවර, පාටලීපුත්‍රයේ උරුමයද හිමිවන්නේ මේ හෙලදිවටය. එසේනම් හෙලදිවට උරුම වූ මගධ ජනපදය ඉන්දියාවේ පිහිටි ජනපදයක් යැයි පවසන්නේ කාගේ කුමන වුවමනාවකටද? 

එදා බුදුන්වහන්සේගේ පාද ස්පර්ෂයෙන් පාරිශුද්ධත්වයට පත්වූ "ඒවං මේ සුතං ඒකං සමයං භගවා මගධේසු විහරති........." (එක් සමයක භාග්‍යවතුන්වහන්සේ මගධ ජනපදයෙහි......) ආදී වශයෙන් ත්‍රිපිටකයේ සදහන් සියලු සූත්‍ර දේශනා පවත්වන ලද්දේ මේ මගධ ජනපදයේදීය. වී වගාව පිලිබද සිදුකරන ලද විස්තර ඇතුලත් කසීභාරද්වාජ සූත්‍රය,කූටදන්ත සූත්‍රය,චක්කවත්තී සීහනාද සූත්‍රය වැනි සූත්‍ර ධර්මයෝ ඊට නිදසුන්ය. මෙබදු පූජනීය වූ ප්‍රදේශයේ සියලු වංශකතාගත ඉතිහාසය හෙලදිව ග්‍රන්ථවල ලියවී තිබියදී ඒවා ඉන්දියාවට ඇදන්නේ නොදන්නාකම නිසාමදෝ යන්න සැකයක් මතුවේ. කෙසේ වෙතත් මගධ ජනපදය හෙලදිව පිහිටි ජනපදයක් බව පුරාවිද්‍යාත්මකව සනාථ වේ. මගධයේ ඵිටීම තහවුරු වීමත් සමග අනිකුත් ජනපදයන්ද මෙහි තිබූ බවට නිසැකයෙන්ම තහවුරුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.



ආශ්‍රිත
බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව
මහාවංශය (2 පරිච්චේදය)
නවතම ශිලා ලේඛන සංග්‍රහය - පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමි.
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය- පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි.

Sunday, March 3, 2013

උපන් බිමින් පිටමන් නොකරන් ගෝතම බුදුපියාණෝ

අන් සතු උරුමයන් අපට බලෙන් රඳවා ගත නොහැකිය. එහෙත් අපසතු උරුමයක් රැකගැනුමට අපට අයිතියක් ඇත්තේය. මේ පින්බිමේ පෙර දවස ඉපදී  සිය ජීවය අන් අය වෙනුවෙන් කැපකළ  ශ්‍රේෂ්ඨ  හෙලපුතුන් ගැන මේ රටේ උරුමකරුවන් වූ අප  හැර අන් කවුරුන් හඬක් නගන්නද?
 

පරිවර්තනයක් කල පෙරලිය
ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් ටර්නර් (1799-1843) ලංකාවේ සබරගමු පළාතේ (එදවස Saffragam Province), රත්නපුරේ කච්චේරි ගොඩනැගිල්ලේ සිය රාජකාරී වල නියුතු වෙමින් සිටියේය. මෙම යුගය ඉංග්‍රීසි අධ්රාජ්‍යවාධින් විසින් සිය බලය මැනවින් තහවුරු කරගෙන සිටි වකවානුය. ජෝර්ජ් ටර්නර් පරිපාලන නිලධාරියෙකු වුවද ඉතිහාසය සෙවීම ගැන උනන්දුවක් දැක්වූ අතර ඒ සඳහා සෙස්සන් අතර නමක් දිනා සිටි පුද්ගලයකු විය. එදින උදය වරුවේ (වසර 1826) දිසාපති  ජෝර්ජ් ටර්නර්ගේ මේසය මත ගෙනවිත් තැබූ පොත ඔහුගේ පරිපාලන සේවයට අදාළ ලිය කියවිල්ලක් නොවීය. එය ඉතිහාසය ගැන ලියා තැබූ ලිය කියවිල්ලක් වන මහා වංශ ටිකාවය. මෙම මහාවංශ ටිකාව තිබෙන බවට බෞද්ධ හිමිවරු කුඩා පිරිසක් එකල දැන ගෙන සිටියත් එම පොත ගැන උන්වහන්සේලා වැඩි සැලකිල්ලක් හෝ ගෞරවයක් නොදැක්වීය. මෙම පොත ජෝර්ජ් ටර්නර් අතට එදින උදයේ ගෙනවිත් පත් කරනු ලැබුවේ ගාල්ලේ උපන් හිමි නමක් විසිනි. මෙම මහාවංශ ටිකාව හමුවී තිබුනේ තංගල්ලට ආසන්නයේ පිහිටි මුල්ගිරිගල්ල නම් පෙදෙසේ පිහිටි  පන්සලක තිබීය. මෙම පන්සල ඉදිකර ඇත්තේ  කි.පු 150 පමණය. ජෝර්ජ් ටර්නර් විසින් මේ පොත රැගෙන පැමිණි හිමි නම හඳුන්වා ඇත්තේ ගාල්ලේ නමිනි. ජෝර්ජ් ටර්නර් ලියා ඇත්තේ ගාල්ලේ නොවන්නට ලංකාවේ ඉතිහාසය නැතිවන්නට ඉඩ තිබුණු බවය. ( එහෙත් අපට අද කියන්න සිදුවී ඇත්තේ ගාල්ලේ හිමි නිසා අපේ සැබෑ ඉතිහාසය වැළලුනු බවය.)

මේ සම්බන්දයෙන් ජෝර්ජ් ටර්නර් පවසා තිබුනේ මෙසේය. මෙහි ශත වර්ෂ 23ක පමණ ඉතහාසය ලියා ඇත්තේය. මෙම පොත ලියා ඇත්තේ පාලි භාෂාවෙනි. එම පැරණි  භාෂාව භාවිතය බොහෝ කලකට පෙර සිට නැතිවී ගොසින්ය. ඉතාමත් අපහසුවෙන් වාක්‍යයක් දෙකක් පරිවර්තනය කර ගන්නට සුළු පිරිසකට හැකියාව තිබුණි. එහි ඉතිහාසය ලියා ඇත්තේ කවි ආකාරයට. මෙම කවි වල  අදහස් තේරුම් කරගැනීමට අපහසු ගුප්ත ආකාරයේ විලාසයක් ඇත්තේය. පාලි වලින් ලියන ලද ගුරු අත්පොතක් හෝ ශබ්දකෝෂයක් ද නොවීය. බෞද්ධ ස්වාමීන්වහන්සේලා ඉතා සුළු පිරිසක පමණක් පාලි භාෂාවේ වචන කිහිපයක් පමණ දන්නේය. ඉන් අනතුරුව 1826 - 1836 දක්වා වූ කාලය තුල ටර්නර් මහාවංශයේ කොටස් 10ක් පමණ ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබීය. ටර්නර් සිංහල භාෂාව ගැන නිපුනයෙක් වුවද පාලි භාෂාව ගැන කිසිවක් දැන නොසිටි බව දක්වා තිබේ. මෙම ටිකාව සම්පුර්ණ ලෙස පරිවර්තනය කරන තෙක් ඔහු ජීවත් නොවීය. මෙම පොත පරිවර්තනය ආරම්භයත් සමගම ඉන්දියාවේ ලියා තිබුණු සෙල්ලිපි වල අරුත වටහා ගන්නට පාර කැපු බව දක්වා තිබේ.. (Introduction- “Ceylon” Pearl of the East, by Harry Williams)                     
                                                                                                                                                                                      

අප විසින් අද  දකින සිංහල මහා වංශ පරිවර්තනයේ 24 වන පරිච්චේදයේ ගාමිණි අභය (දුටු ගැමුණු) බු.ව. 383 -407; ක්‍රි. පු. 161 - 137 දක්වා තිබුනත් ජෝර්ජ් ටර්නර් ගේ පරිවර්තනයේ  දුටු ගැමුණු රජුගේ රාජ්‍ය  පාලන කාලය දක්වා නොමැත. මහා වංශ ටිකාවේද එවන්නක් දක්වා නොමැත.                                              

The Mahavamsa               The Great Chronicle of Sri Lanka

Content    Chapter 24 -The War Of The Two Brothers


Skilled in (guiding) elephants and horses, and in (bearing) the sword and versed in archery did the prince Gámani dwell thenceforth in Mahágáma. The prince Tissa, equipped with troops and chariots did the king cause to be stationed in Dighavápi in order to guard the open country. Afterwards prince Gámani, reviewing his host, sent to announce to his father the king: `............

පහතින් ඇත්තේ ජෝර්ජ් ටර්නර් විසින් ලියා ඇති මහාවංශ ඉංග්‍රීසි පරිවර්තනයේ 24 පරිච්චේදයේ ආරම්භය ලියා ඇති ආකාරයයි. පන්ඩුකාභය රජතුමා බු.ව. 107 - 177- ක්‍රි පු. 437 - 367 ලෙස සිංහල මහාවංශ පරිවර්තනයේ  දක්වා ඇතත් ටර්නර් ගේ මහාවංශ පරිවර්තනයේ එවැන්නක් නැත.

Chapter 10 - The Consecrating Of Pandukabhaya

(As) commanded by Ummadacitta the serving-woman took the boy, laid him in a basket and went with him to Dvaramandalaka.
When the princes, who had gone a-hunting in the Tumbara forest saw the serving woman they asked her: `Where art thou going? What is that?’ She answered: `I am going to Dvramandalaka; that is a sweet cake for my daughter.’ The princes said to her. `Take it out.’ .........






මහා වංශ ටිකාවේද, ජෝර්ජ් ටර්නර් ගේ මහා වංශ ඉංග්‍රීසි පරිවර්තනයේ ද, කිසිම රජ කෙනෙකු රජකම් කල කාල වකවානු දක්වා නැත.මෙම කාල වකවානු පසු කාලීනව විලියම් ගයිගර් විසින් අටවා දෙනු ලද්දකි. මේ රට බොහෝ අවස්ථාවල රජවරු කොටස් වශයෙන් බෙදා පාලනය කර තිබේ. එසේ බෙදා පාලනය කරන එකම කාලයේ රජවරුද එකිනෙකා පිටුපස එකිනෙකා පෙළගස්වන්නට ගොස් ජීවමාන බුදුන් දුටු ගාමිණි අභය කුමාරයා (දුටු ගැමුණු) ක්‍රි පු 161 - 137, යුගයට ඇඳා  ගෙන තිබේ. 
මෙසේ මහාවංශය පෙරලෙන්නට පෙර ලංකාව ගැන ලෝකයා දැන සිටියේ මොනවාද? ඊට පෙර සහ පසු අපේ වියතුන් කීවේ මොනවාද යයි විමසා බලමු.
Sir. James Emerson Tennent මහතා 1845 නයිට් පදවිය ලබා 1845 - 1850 වකවානුවේ ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජිත ලංකාව භාර ලේකම් ධුරයය (Colonial  Secretary of Ceylon) හෙබවීය. 1859 ඔහු අපේ රට සම්බන්ධයෙන් පොතක් ලිවීය. එහි අඩංගු වී ඇත්තේ මෙසේය 


පොතේ නම  Ceylon; an Account of the Island Physical, Historical, and Topographical with Notices of Its Natural History, Antiquities and Productions
Volume 1 (of 2) Part v chapter 111  (1859)MEDIÆVAL HISTORY CEYLON AS KNOWN TO THE CHINESE    ( චීන ජාතිකයින් ලංකාව ගැන දැන හඳුනා ගෙන සිටි අයුරු)                                                                     
As it may be interesting to learn the opinions of the Chinese at the present day regarding Ceylon, the following account of the island has been translated for me by Dr. Lockhart, of Shanghae, from a popular work on geography, written by the late lieutenant-governor of the province of Fokhien, assisted by some foreigners. The book is called Ying-hwăn-che-ke, or "The General Account of the Encircling Ocean."

( ''මෙකල චීන ජාතිකයින් සිලෝන් (ලංකාව) ගැන දැක්වූ අදහස දැනගැනීම රසවත් එකක් වන්නේය. මෙම දිවයින සම්බන්ධයෙන් පහත සඳහන් වාර්තාව මට පරිවර්තනය කර දෙනු ලැබුවේ ෂැන්හයි වල ආචාර්ය ලොක්හාට් විසින් භූගෝලය සම්බන්ධ ජනප්‍රිය පොතක්  පරිවර්තනය කරය. මෙම පොත ලියා ඇත්තේ Fokhien පළාතේ අභාවප්‍රාප්ත උප ආණ්ඩුකාරවරයා විසින් විදේශිකයන් කිහිප දෙනකුගේද සහයෝගය ඇතිවය. මෙම පොත හදුන්වා ඇත්තේ Ying-hwăn-che-ke නැතහොත් The General Account of the Encircling Ocean ලෙසය'' James Emerson Tennent මහතා

"Seĭh-lan is situated in Southern India, and is a large island in the sea, on the south-east coast, its circumference being about 1000 le (300 miles), having in the centre lofty mountains; on the coast the land is low and marshy. The country is characterised by much rain and constant thunder. The hills and valleys are beautifully ornamented with flowers and trees of great variety and beauty, the cries of the animals rejoicing together fill the air with gladness, and the landscape abounds with splendour. In the forests are many elephants, and the natives use them instead of draught oxen or horses. The people are all of the Buddhistic religion; it is said that Buddha was born here: he was born with an excessive number of teeth. The grain is not sufficient for the inhabitants, and they depend for food on the various districts of India. Gems are found in the hills, and pearls on the sea coast; the cinnamon that is produced in the country is excellent, and much superior to that of Kwang-se. In the middle of the Ming dynasty, the Portuguese seized upon Seĭh-lan and established marts on the sea coast, which by schemes the Hollanders took from them. In the first year of Kia-King (1795), the English drove out the Hollanders and took possession of the sea coast. At this time the people of Seĭh-lan, on account of their various calamities or invasions, lost heart. Their city on the coast, called Colombo, was attacked by the English, and the inhabitants were dispersed or driven away; then the whole island fell into the hands of the English, who eventually subjected it. The harbour for rendezvous on the coast is called Ting-ko-ma-lé."

සී ලාන් පිහිටියේ ඉන්දියාවේ දකුණු දිගිනි . එය ගිනිකොන දිග, මුහුදේ පිහිටි විශාල දුපතකි. මෙහි පරිධිය 1000 le (300 සැතපුම්) පමණ වේ. රට මැද උස්වූ කඳු ඇත්තේය. වෙරල ආසන්නයේ භුමිය පහතය, වගුරු බිම් සහිතය.  රට අධික වර්ෂාව සහ නිරන්තර අකුණු ගැසීම් යන ගුණාංග විදහා දක්වයි. කඳු සහ තැනිතලා විවිධ විශේෂයන් සහ අලංකාරයෙන් යුත් මල් සහ ගසින් සුන්දර ලෙස අලංකාරවත් වී සතුන්ගේ හඬද සමග එක්වී ප්‍රමුදිතව අවකාශය සන්තුෂ්ටියෙන් සංතෘප්ත කරනු ලැබේ. භුමි දර්ශනය අලංකාරයෙන් අනුනය. කැලෑවේ බොහෝ ඇතුන් වේ. ස්වදේශිකයින් බර ඇදීම සඳහා හරකුන් සහ අශ්වයින් වෙනුවට ඇතුන් යොදා ගනු ලැබේ. මෙහි ජනතාව සියල්ලන්ම බෞද්ධයන් වන්නේය. බුදුන්වහන්සේ මෙහි උපන්නේයයි කියති. ඔහුට  වැඩිපුර දත් තිබුණි. මෙහි වැසියන්ට ධාන්‍ය ප්‍රමාණවත් නොවුණු බැවින් ආහාර සඳහා ඉන්දියාවේ විවිද දිස්ත්‍රික්ක මත යැපිනි. කඳු කරයෙන් මැණික්ද වෙරළබඩින් මුතුද හමුවේ. රටේ නිෂ්පාදනය කරන කුරුඳු විශිෂ්ටයටය ඒවා Kwang-se නිෂ්පාදනයන්ට වඩා ඉහල බැවින්  යුක්තය. Ming රාජවන්ශිකයින්ගේ  පාලන සමය  මැදභාගයේ පෘතුගීසීන් සී ලාන් අත්පත් කරගෙන මුහුදු තීරයේ වෙළඳපල තහවුරු කරගන්නා ලදී. ඉන්පසු ඕලන්ද ජාතිකයින් පෘතුගීසීන්ගෙන් ඒවා අත්පත් කරගන්නා ලදී. Kia නම් රජු පාලනය කල මුල්වසරේ (1795) ඉංග්‍රීසින් ඕලන්දකාරයින් පලවා හැර මුහුදු බඩ ප්‍රදේශ අල්ලා ගන්නා ලදී. මෙම කාලයවන විට විවිධ ආක්‍රමණ නිසා සී ලාන්(Ceylon) දුර්මුඛ වී වැටී තිබුණි. මූහුද අසබඩ තිබු කොළඹ නගරයට ඉංග්‍රීසීන් පහර දී වැසියන් එලවා  දැමුණි. ඉන්පසු මුළු දිවයිනම ඉංග්‍රීසින් අතට පත්පත්වී යටත් විජිතයක් විය. ගොඩබසින වරාය තිබුනේ ත්‍රිකුනණාමල මුහුදු තීරයේය.''මුල් යුගයේ සිටම චීනයත් ලංකාවත් අතර බොහෝ සබැඳි කම් පවත්වා ඇති බවට මෙම පොතේ වාර්තා කර ඇති අතර චීන වැසියන් මෙරට
දුක නැති රාජ්‍ය (Woo-yew-kw[(o], "the sorrowless kingdom'')  ලෙස හඳුන්වා තිබේ. චීනයට මෙරටින් දන්ත ධතුන්වහන්සේගේ ආකෘතියන්ද යවා තිබේ. චීන ජාතිකයින් මෙරට වැසියන් ගැන අනුකම්පාව මුසුවූ ආදරයකින් කතා කර ඇති බව දක්වා තිබේ.
ඉංග්‍රීසි ජාතිකයන් විසින් මෙතෝදිස්ත ආගමට මෙරටේ මිනිසුන් හරවා ගන්නට පෙර මෙරටේ සන්ස්කෘතිය, බුදුදහම ගැන මැනවින් අධ්‍යනයක යෙදෙන්නට වීය. ඔවුන් මෙරට  භාෂාවන් ඉගෙනමින්, පන්සල් වල උත්සව වලට සභාගිවෙමින් , අවසානයේ දුප්පත් මිනිසුන් දඩමීමා කර ගනිමින් , බෞද්ධයන් බුදුන්වහන්සේ කෙරෙහි ඇති ගෞරවය බිඳමින් ඉතා සුක්ෂම ලෙස බුදුදහමින් හෙළයා ඈත් කර තිබේ. පහතින් වන්නේ එසේ මෙතෝදිස්ත දහම ලංකාවේ පතුරුවා හැරීම සඳහා මෙතොදිස්ත ධර්ම ප්‍රචාරක වාර්තා වලින් බුදුදහම, බුදුන්වහන්සේ ගැන ඔවුන් දක්වා ඇති කරුණුය.
MISSIONARY NOTICES,
Relating Principally To The Missions Of The Western Methodists.
No xiv, February 1817, Ceylon (109, 110 p)


" The priests of Buddou are in Ceylon accounted superior to all others. They are called Tirinanxes, and are held in high esteem at the Court of Candy, where indeed they have the chief management of affairs. The king has no authority over them.
ලංකාවේ (Ceylon) බෞද්ධ ශ්‍රාවකයන් වහන්සේලා සියල්ලන්ටම වඩා උත්තරීතර ලෙස සලකනු ලැබේ. ඔවුන් තෙරුන්නාන්සේ ලෙස හඳුන් වන අතර   නුවරදී ඉහල ගෞරවණීය  පිළිගැනීමක් ඇත. උන්වහන්සේලා ප්‍රදාන පාලනමය කටයුතු (ශාසනික) වල යෙදේ . මෙම කටයුතු සම්බන්ධයෙන් රජතුමාගේ කිසිම ආධිපත්‍යක් නැත.
පහතින් ඇත්තේ සිද්ධාර්ථ කුමාර චරිතය ගැන ලියු කොටස්ය.

The King, indulged in a transport of joy at the birth of this marvelous child, had him brought to his court, and called him by the name of Ziddatare Cuir.anca, or the Prince who hopes to do whatever he desires." He performed many wonderful feats before his sixteenth year, when the Emperor of Candy resolved to marry him to the 'Princess Jasodera, who had been born on the same day with Boodh. This Princess was the daughter of the King Andusaek Raja and the Queen AmmittanamBisso, whose family was as ancient as that of the Emperor and Empress

රජතුමා සිය ආශ්ර්යවත් පුතුගේ උපත ගැන සතුටුවී පුතු මාලිගාවට  රැගෙන විත්, සිද්ධාර්ථ ලෙස නම තැබුවේය. කුමරා වයස 16 වන්නට පෙර ආශ්ර්යවත් කටයුතු සිදුකළ අතර, නුවර අධිරාජයා (Emperor of Candy) යසෝධරා කුමරියට ඔහු සරණ පාවා දෙන්නට තීරණය කළේය.
මෙම වාර්තා වල තවත් දක්වා ඇති කරුණු මෙසේය. අනාගතයේදී නුවර ඉන්දියානු (කලාපයේ) වැදගත්  රාජධානියක් වනු ඇති බවට කිසිම සැකයක් නැත. දැනට නුවර ගැන දන්නේ සුළු වශයෙනි.  නුවර සම්බන්ධයෙන් නිවැරදි ගවේෂණයක් (ආගම් කටයුතු සම්බන්ධයෙන්) කළහොත් ඉන්දියාවේ (ඉන්දියානු කලාපයේ) ආගමික ඉතිහාසය , භාෂාව, විෂ්ණු ගේ 9 වෙනි අවතාරය, බ්‍රාහ්මණයන් අතර සිදුවූ ගැටුම් සහ බුදු දහම ගැන බොහෝ හෝඩුවාවන් සොයා ගත හැකි බවය.

සිංහලයන් විසින්  බුදුන්වහන්සේ සමනල කන්දට වැඩියේ නැගෙනහිර සිට බවත් බුදුන්වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලයෙදී නිරන්තරයෙන් සමනල කන්ද හරහා වැඩි අතර පිරිනිවන්පෑ අවස්ථාවේදී උන්වහන්සේ සමනල කන්දේ රැඳී  සිට තිබේ  . (he passed most of his time on Adam's Peak, where he resided at his death)


මින් හැඟෙන්නේ උන්වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ සමනල කන්ද අසල වැඩ සිටි බවය. එසේ නැත්නම් පිරිනිවන් පාන්නට වැඩිය අවස්තාවේ මේ සමනල කන්ද අසල අතර මග නතරවී සිටියාද විය හැක. කෙසේ උවද සමනල කන්ද මෙන්ම උන්වහන්සේ පිරිනිවන් පෑ බුදුගල යන ස්ථාන දෙකම අද පිහිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේය. ඉන්දියාවේ අද බුදුන්වහන්සේ පිරිනිවන් පෑවායයි පෙන්වන ස්ථානය තිබෙන්නේ සමනල කන්ද අසලද? එසේ නැත්නම් බුදුන්වහන්සේ පිරිනිවන් පෑවායයි ඉන්දියාවේ තියෙන ස්ථානයට මග වැටී ඇත්තේ සමනල කන්ද හරහාද?  මෙම වාර්තාවල කිසිම තැනක සිංහලයින් තමන්ට බුදුදහම ලැබුනේ මහින්දාගමනයෙන් බව කියා නොතිබිණි.  බුදුන්වහන්සේ මෙරටදී පිරිනිවන්පෑ බව දැන සිටියත් මහිදාගමන්යෙන් ලැබූ දහමක් ගැන නොකියති.  දකුණු ඉන්දියානු පරදෙස්සකු විසින් ලියා යුරෝපීය පරදෙස්සකු මහා වංශය පරිවර්තනය කර පාසැල් සහ විශ්ව විද්‍යාල වල සුද්දෝ මේවා උගන්වන්නට පටන් ගත්දා සිට සියල්ල කනපිට පෙරලී ඇත්තේය. මහා වංශය විසින්  කි.පුර්ව සියවස් වල අඩංගු  අපේ සැබෑ ඉතිහාසය බොහෝ සෙයින් විකුර්ති කර ඇත්තේය. ජීවමාන බුදුන් කල සිටි මේ රටේ රජවරු බහිරවයා ගිලගත්තා සේය. ඒ අයගැන  මහා වංශයේ  විස්තරයක් නැත. එමෙන්ම මෙරටේ සිහල බසින් ලියා තිබු නිර්මල බුදුදහම ඉන්දියාවේ බුද්ධගෝෂ හිමි පාලියෙන් පරිවර්තනය කරන්නට ගොස් බොහෝසෙයින්  වනසා ඇත්තේය. බුද්ධගෝෂ හිමි  මේ සියලු පොත පත එක රැයකින් පරිවර්තනය කල බව දක්වා තිබේ. බුදුන්වහන්සේ වසර 45ක් මුළුල්ලේ දේශනා කල දෑ එක රැයකින් පරිවර්තනය කරන්නට මොහු බුදුන්වහන්සේටත් වඩා දක්ෂයෙක්ද? ඔහුගේ බොහෝ පරිවර්තන වල ඇත්තේ කෑලිය. සමහර සුත්‍ර දේශනා ඇත්තෙම නැත.

Professor Hermann Oldenberg, a German scholar of Indology who has published studies on the Buddha and translated many Pali texts, considered  historical accuracy of Mahinda converting the Sri Lankan king to Buddhism is debated and a "pure invention".
ජර්මන්  ජාතික මහාචාර්ය Hermann Oldenberg මහතා බුදුන්වහන්සේ සම්බන්ධ බොහෝ පාලි පොත පත පරිවර්තනය කල අයෙකි. ඔහු පවසා ඇත්තේ මහින්ද හිමි ලංකාවේ රජ බෞද්ධයකු  බවට පත් කිරීම තර්කයට තුඩු දෙන්නක් බවය. එය හුදු නිර්මාණයක් බව ඔහු පවසයි. ඔහු කොතරම් නිවැරදි ද යයි යක්ෂ ගෝත්‍රික රජදරුවන් ලියු වරිග පුර්නිකා සන්නසෙන්ද, එංගලන්තයේ ඇති Hugh Nevill පුස්කොල එකතුවෙන්ද වටහා ගත හැක.
ශාස්ත්‍රපති  පණ්ඩිත මානැවේ විමල රත්න හිමි විසින් යක්ෂ ගෝත්‍රිකයින්ගේ වරිග පුර්නිකා සන්නස බලා ලියන ලද යක්ෂ ගෝත්‍රිකයින්ගේ අප්‍රකට තොරතුරු පොතේ ජීවමාන බුදුන් දවස සිට පැවතී යක්ෂ ගෝත්‍රිකයින්ගේ සඟ පරපුරක් දක්වා තිබේ.
රවිශෛලාශ  පරපුරේ භික්ෂු පරපුර පිලිබඳ ප්‍රකාශය   (මහින්දාගමනයට පෙර).
 
1.   සුසදිනාහ විභිශභදරාය සෝරගාති ආඩිසර වීමැ.   
2. සුසදිනාහ උලපාතලාය සෝරගාති ආඩිසර වීමැ.    
3.   සුසදිනාහ මකුභානය සෝරගාති ආඩිසර වීමැ.     
4. සුසදිනාහ කිත්බිරාය  සෝරගාති ආඩිසර වීමැ.  
5.   සුසදිනාහ සසදිකාය සෝරගාති ආඩිසර වීමැ.      
6. සුසදිනාහ පුපථයාන සෝරගාති ආඩිසර වීමැ.   
7.   සුසදිනාහ දිස්සියාන සෝරගාති ආඩිසර වීමැ        
8. සුසදිනාහ රක්සිකාය සෝරගාති ආඩිසර වීමැ.
  9.   සුසදිනාහ සුසරිකාන සෝරගාති ආඩිසර වීමැ.   
 
10. සුසදිනාහ කෞශාලාන සෝරගාති ආඩිසර වීමැ. 
11. 
සුසදිනාහ කුගාරකය සෝරගාති ආඩිසර වීමැ.      
 12. සුසදිනාහ අත්චිසලාය සෝරගාති ආඩිසර වීමැ.   (155 p)
යක්ෂ ගෝත්‍රික රවිශෛලාශ වංශික භික්ෂුණි සසුන පිලිබඳ ප්‍රකාශය (මහින්දාගමනයට පෙර)
භික්ෂුණි ශාසනය
අරඹා ඇත්තේ යසෝධරා (රාහුලමාතාමෙහෙණිය බව ලියා ඇත
1.
ආරාධ කවිශාලපාලි සෝරාගී ආඩිසවිමැ.
     
2.ආරාධ සුචිපල්පාලි සෝරාගී ආඩිසවිමැ. 
3. ආරාධ තඔරානුජපාලි  සෝරාගී ආඩිසවිමැ.   
4.ආරාධ සොලිධිපාලි සෝරාගී ආඩිසවිමැ.  
5.
ආරාධ කෞශාධිපාලි සෝරාගී ආඩිසවිමැ.     
6.ආරාධ සෝරාගී සෝරාගී ආඩිසවිමැ.   (161p)

මෙම සන්නස් වලට අනුව විභීෂ භද්‍ර තෙරුන් ගොතම බුදුන්ගෙන් බණ  අසා රහත් පල ලබාගත් හිමි නමකි.උන්වහන්සේ කරන ලද ශාසනික සේවය අගයමින් උන්වහන්සේගේ ශිෂ්‍ය පරපුරේ අත්විසල හිමියන්ට මිහිඳු හිමි විසින්  සන්නස් පතක් ලබා දුන් බවද දැක්වේ. ඒ අනුව යක්ෂ ගෝත්‍රිකයින්ගේ සන්නස්  වලින්ද මිහිඳු හිමියන් මෙරටට බුදුදහම ගෙන ආවාය යන පුවත ප්‍රතික්ෂේප වෙනවා
. එසේම බුදුන්වහන්සේගේ පිරිත් ධර්ම දේශනාවල ගැබ්ව ඇති තාලය දිලිජ සුධ නම් කාණ්ඩය නම් රාගයක් බව සඳහන් කර ඇත්තේය. එයින් සියලු ජීවීන්ගේ මානසික ඒකාග්‍රතාවය සඳහා එම රාගය ඉවහල් වෙතයි දැක්වේ. මෙවැනි  විස්තර ඉන්දියාවේ කුමන පොතක හෝ  වාර්තා කර තිබෙනවාද?

මහාචාර්ය ගනනාථ ඔබේසේකරයන් ලියු  වන්නිරාජාවලිය නම් පොතේ මෙසේ ඇත්තේය.
එකලට මේ දඹදිව සිරිලක රජ කල චොරගන රජ වෙහෙරවල් බිඳ සාසනය නසා රජ කල අධර්මයෙන් දොළොස් අවුරුද්දක් වැසි නැතිව තිබුනේය. එතැන් පටන් බැමිණි මහා සාය නම් විය දැන ගත යුතුය. පසුව ලෝ වැස්සන් විසින් චොරගන රජු මරා මහ මුහුදට දැමු සේක. මේ රජ දොළොස් අවුරුද්දක් රජ කළේය. එකලට අප බුදුන් පිරිනිවන් පෑ බුද්ධ වර්ෂයෙන් හත්සිය විසිතුන් අවුරුද්දක් ගියයි දැන ගත යුතුය. බැමිනිටියා සාය වූ පරිදි මෙසේ දත යුතුය. (48p). මෙම පොතේ 61 වන පිටේ දඹදිවට පැමිණි බැමිනිසාය නම් නියගය ගැන කවියක්ද ලියා ඇත්තේය. බමිනිසාය නම් නියගය ආවේ මේ රටට  බව නොදන්නා කෙනෙකු නැත. එසේනම් මේ ලියා ඇත්තේ දඹදිව තිබුනේද  මේ රටෙම ලෙස නොවේද?
''බෝධීන්වහන්සේට (බුදුන්වහන්සේ බුදුවු)  පුර්ව දික් භාගයෙහි නේරංජනා ගංගාව එකසිය නව බඹයකි.  එනම් අඩි  654 ක් පමණ. එමෙන්ම මෙම ගඟේ වතුර නියන් කාලයට උකුල ප්‍රමාණයටත් වතුර ඇති කාලයේදී කරවට ප්‍රමනයකත් යයි සටහන් වේ. (32p) එම ප්‍රමාණය තාල්ගු නදියට නම් කිසිසේත්ම නොගැලපේ. ඉන්දියාවේ මහා බෝධි විහාරයත් ථාල්ගු ගඟත් (අද නේරංජනා ලෙස පෙන්වන) අතර දුර කි. මී 10ක් පමණ වේ. ''තෙන ඛෝ පාන සමයෙන බුද්ධෝ භගවා උරුවෙලයන්විහරති නජ්ජා  නේරංජරා  තීරේ බුධිරුක්ඛමුලේ පටමභිසම්බු
ද්ධෝ''  මහා වග්ග පාලි.  මෙයින් අදහස් වන්නේ බුදුන්වහන්සේ පිටදුන් බෝධිය පිහිටියේ නේරංජරා ගන්තීරයේ බවය. ගඟක සිට කි.මි. 10 ක දුරට ගන්  තීරය කියනවාද? එමෙන්ම මෙම ථාල්ගු ගඟට කිසිම දවසක ඉන්දියාව නේරංජනා ලෙස කියා නොමැත. ඒ බව ඉන්දියාවේ මහාපුරාන ග්‍රන්ථවලින් මෙන්ම රාමායනයෙන්ද වටහා ගත හැක. මුල සිටම මෙම ගඟට භාවිතා කර ඇත්තේ ථාල්ගු යන නාමයය.

''බෝධි මණ්ඩලයට පුර්ව දිග්  භාගයෙහි, අග්නි දිග භාගයෙහි , දක්ෂිණ දික්භාගයෙහි, බස්නාහිර දික්භාගයෙහි, උතුරු දික් භාගයෙහි, පිහිටි බව පිලිවෙලින්  දක්වා ඇති නගර හා දේශ ගැන සලකන කල බෝධි මණ්ඩලය යන්නෙන් වර්තමාන බුද්ධ ගයාව හෝ ඒවට ප්‍රදේශයන් ගත හොත් ඒ  වාර්තා සදොස් බව පෙනේ''. (44 p රාජාවලිය, මහාචාර්ය ඒ . වී සුරවීර (අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශනයකි ) බුද්ධදේශය ගැන විස්තරයේ මෙම පොතේ මෙසේද දැක්වේ. අනොතත්ව විල තුන් විටක් පැද ගිය තැන ගඟ නං වේ. ඉඳුරාගල පිටින් ගිය ගඟ කළු ගඟ නම් වේ. (257p). අනොතත්ව විල, යමුනා,ගංගා ,අචිරවති, සරබූ,නේරංජනා  මෙරට තිබු බව අපේ පැරණි පොත පතින් දැක්වේ.

''සමන්ගිරට අධිගෘහිත සමන් දෙව්යෝ අන් කවරකු නොව ආටානාටි සුත්‍රයේ සඳහන් අටවිසි යක්ෂ සෙනෙවියන් ගෙන් කෙනෙකු වූ යක්ෂ සේනාධිපති සුමනය'' මහාචාර්ය සෙනරත් පරණවිතාන, (J.R.A.S CB) vol xxxi,  302p). ආටානාටි සුත්‍රය දේශනා කරනු ලැබුවේ ජේතවනාරාම විහාරයේදීය. ජේතවනාරාමය තිබුනේ ඉන්දියාවේ නම් බුදුන්වහන්සේ මේ පිරිත මෙරටේ දේශනා කරන්නට ජේතවනාරාම විහාරයත් මෙහි රැගෙන ආවාද? බඹරගල, තෙල්දෙණිය  රජ මහා විහාරයේ ඇති ඉන්දසාල ගුහාවේ බුදුන්වහන්සේ වසරක් වැඩ සිටි බවත් පරණවිතාන මහතා දක්වා තිබේ. බුදුන්වහන්සේ මෙරට උරුමයක් බව දක්වන්නට කරුණු පරණවිතාන මහතා ඔහුගේ ඇතැම්  පොත් පත් වල දක්වා තිබුනත් එකල සිටි ඇතැම් හිමිවරුන්ගේ ගර්ජන තර්ජන හමුවේ බෞද්ධයකු නොවුණු ඒ මහතා බුදුන්වහන්සේ එක වරක් හෝ ලංකාවට පැමිණියේ නැති යයි පවසා කට පියා ගත්තේය. ඇතැම් සෙල්ලිපි වල පවා පිට පත් දෝෂ ඔහු ඇති කර තිබුණි.
පුරාන අනුරාධපුරය නම් පොත ලියු මාහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් එම පොතේ 102 පිටේ(මු.1994) ලියා ඇත්තේ මේ කපට බුදුවූ බුදුවරයන් වහන්සේලා 4 නම ම සිංහලයන් බවය.

දකුණින්. සාගරයේ ගමන් කරන විට දඹයන්  දැකීමට හැකි දිවයිනක් වන හෙළ + දිව පමණක් දඹ +දිව වන්නේය. දඹය සහ හෙළ යනු එකක්මය. එබැවින් දඹදිවට අදාළ ප්‍රවාදයන් හෙළදිවට ආදේශ කිරීමට සිදුවේ.'' ඉතිහාසඥ, ආචාර්ය  සුරිය ගුණසේකර මහතා ( ලංකා ඉතිහාසයේ හෙළ යුගය 84p) 

අරිසෙන් අහුබුදු ශුරීන් සිංහල  බස පිලිබද වියතෙකි. එතුමා ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, ගුරුවරයෙක් මෙන්ම විවිධ අංශවලින් දස්කම් පෑ කෙනෙකි. එමෙන්ම ''හෙළ හවුලේ'' කැපී පෙනෙන සාමාජිකයෙක් වීය. එතුමා බුදුන්වහන්සේ මෙරට උපන් බව කීවට බොහෝ දෙනා එය සමච්චලයට භාජනය කළේය.
විශ්‍යවිද්යාලවල අධයාපනය ලබා අචාර්ය මහාචාර්ය දක්වා දැනුම වර්ධනය කර ගන්නා උගතුන් මෙසේ ලියන්නේ පොත් පත් කියවා බලා මිස පිස්සුවකට නොවේ. මහින්දාගමනයෙන් මෙරටට බුදුදහම ලැබුණු බව දක්වා ඇත්තේ මහාවංශය සහ එය බලා ලියන ලද පොත පත වල පමණි. අප ඉතිහාසය ලියා ගත යුත්තේ දකුණු ඉන්දියානුවන් ලියන ලද  පොත පත බලාගෙනද? අපි දකුණු ඉන්දියාවේ යටත් විජිතයක්ද?


ජෝර්ජ් ටර්නර් ගේ මහාවංශ පරිවර්තනය ඉන්දියානු ඉතිහාසයකට එල්ල කලේද සුවිසල් වූ බලපෑමකි. 
1837 දී  ජේම්ස් ප්රින්සෙප් (James Princep) විසින් ඉන්දියාවෙන් හමුවූ  සෙල්ලිපි පිටපත්කර කියවා ගැනීම ආරම්භ කරන ලදී. මහාවංශයේ සඳහන් දඹදිව සිටි බෞද්ධ අශෝක රජතුමා දේවානම් පිය නමින් ගෞරව නාමයක් භාවිතා කර ඇති බව මහාවංශයේ  සඳහන්ව ඇති බැවින්, ඉන්දියාවේ සෙල්ලිපි වල දේවානම් පියන පියදසින නමින්  සෙල්ලිපි ලියා ඇති තැනැත්තාත් එකම අයකු ලෙස ජෝර්ජ් ටර්නර් සහ ජේම්ස්  ප්‍රින්සේප් විසන් නිගමන කරන ලදී. මෙය ඇලෙක්සැන්ඩර්  කනින්හැම්ද පසුව අනුමත කරන ලදී. ඒ අනුව දඹදිව සිටි අසෝක ඉන්දියාවේ මෞර්ය අසෝක වුන අතර දඹදිව ඉන්දියාව ලෙසට ආදේශ වීය.Alexander Cunningham, James Princep, George Turnour යන නඩය නොදැන සිටියාට ඉන්දියාවට මෞර්ය අසෝක, ගුප්ත අසෝක, ගොනානන්ද අසෝක නමි වූ අසෝක රජවරු කිහිපයකි. බගවත පුරාණයට අනුව මෞර්ය අසෝක ජෛනයෙකි, ඔහු රජ කර ඇත්තේ කි.පු. 3 නොව ඊට වසර 1200 කට පෙරය, එමෙන්ම මේ රටේද අසෝක රජු නමින් ලියවුනු සෙල්ලිපි  තිබේ. .


බෑණ සමනල සහ කලිමඩයේ ලිපි
මහ
රඣ අශොක ලෙණ ශගශ දිනෙ.
පරුමක ශුමන පුත උපරඣහ චෙමශ මහ රඣ අශොක ලෙණ

හංවැල්ල ඇඹුල්ගම කයිලාසකුට  පබ්බත විහාර ලෙන් ලිපිය.
මහ
රඣපණිත බඩගරික සුමන පුත පරුමක චෙමශ පව බතිකින අශෝක ලෙණෙ. (මේවාද විමර්ශනය කර බලන්න)


ඉන්දියාවේ විද්වතුන්ද අද මහානාමගේ මේ වංශ කතා  සම්බන්දයෙන් අපුරු සහතිකයක් දී ඇත්තේය. ඒ මෙසේය. .

''It is interesting to note that these edicts are summoned in the name of one "Devanam Priyadarshi Raja" and the name Maurya Ashoka is nowhere mentioned. This identification of "priyadarshin" with Maurya Ashoka was entirely based upon Ceylonese Buddhist chronicles. However, as admitted by Wheeler and V.A. Smith, undeserved credit is given to ceylonese records which have been nothing but a hinderance of ancient Indian history. Also, the Buddhist histories recorded centuries later create a good deal of confusion in the genealogies and family of Ashoka. It is therefore very difficult to get a confirmed statement from these annals''. (A Peep into the Past History, Seminar Papers", Madras, 1982, V.G. Ramachandran. , )

ලංකාවේ බෞද්ධ වංශ කතා මත පිහිටා  ගිරිලිපිවල (ඉන්දියාවේ) ඇති දේවානම් පියදර්ශි රජ මෞර්ය අසෝකට ආදේශ කරගෙන තිබේ. මෙම ගිරි ලිපිවල කිසිම තැනක මෞර්ය අසෝක නාමයක් සඳහන් නොවේ. කෙසේ උවද Wheeler සහ V.A. Smith විසින් නුසුදුසු පිළිගැනීමක් මේ ලංකාවේ වාර්තාවලට දී ඇත්තේය.මෙමගින් එල්ලවී  ඇත්තේ අන්කිසිවක් නොව පැරණි ඉන්දියානු ඉතිහාසයට බාධකයකි. සියවස් ගණනාවකට පසු වාර්තා කර  ඇති මේ බෞද්ධ ඉතිහාසයන් නිසා වන්ශකතාවලියේ (ඉන්දියානු) සහ අසෝක පවුලේ පැටලවිලි නිර්මාණය කර ඇත්තේය. එබැවින් මේ ලියා ඇති වාර්තා සම්බන්දයෙන් ස්ථීර ප්‍රකාශයක් ලබාදිය නොහැකිය. දකුණු ඉන්දියාවේ සිට පැමිණි මහානාම අපේ රටේ පොත් පත් පරිවර්තනය කිරීමට ගොස් ඉන්දියාවේ මෙන්ම මේ රටේද හතර වරිගයම නසා ඇති ආකාරයකි.
 

ඉන්දියාවේ සෙල්ලිපි කෙටු අසෝක රජ (මස්කි ලිපියෙහි අසෝක ලෙස නම කොටා ඇති බැවින්) දහම වැළඳ ගන්නේ කාලිංග යුද්ධය ගැන කල කිරීය. එහෙත් දඹදිව සිටි අසෝක කාලිංග නම් යුධයක් කල බව කිසිම පැරණි බෞද්ධ පොතක සඳහන් නොවේ. මහා වංශයේද  නැත්තේය. ඉන්දියාවට දඹදිව කියූ බව ඉන්දියාවේ කිසිම පැරණි පොත පතක ඉන්දියාව ලියා තබා නැතත් අපේ රටට දඹදිව කියා ඇති බව නම් පොත පතින්  හමුවේ. මහාවංශය ලියු දකුණු ඉන්දියාවේ සිට පැමිණි මහානාම සිහල භාෂාවෙන් තිබු සිහල අට්ට්ට  කතා පොත් බලා පාලි මහාවංශය ලියද්දී කෙටියෙන් ලියා ඇති තැන් ඔහු විසින් දීර්ඝ විස්තර සහිතව ලියා ඇති යයි දක්වා තිබේ. මේ රටේ ක්‍රිස්තු පුර්ව  යුගයේ රජ කල මෙරට සිටි අසෝක රජ කෙනෙකුගේ චරිතයකට මේ පරදෙස්සා ඉන්දියාවේ බගවත පුරාණයේ ඇති  මෞර්ය අසෝක චරිත පදායේ යම් යම් කොටස් ආදේශ කලාදොයි ලොකු සැකයක් ඇතිවේ. මේරට මෞර්ය අසෝක ගේ යටත් විජිතයක්ව තිබු බවට ලෝකයාට  අඟවන්නට උත්සාහයක් අරන් ඇති බව සැකයක් ඇතිවේ. මේ සැකය වඩාත් තීව්රවන්නේ මෙරටේ පාෂාණ දීපවාසී උපතිස්ස හිමි විසින් මහාවංශ කතුවරයා පන්නා දැමීම නිසාය.

යටත්විජිත යුගයේ බුදුන්වහන්සේ ඉන්දියාවේ උරුමය යයි සිතුවන්ගේ විශේෂ ලක්ෂණයක් වන්නේ බුදුදහමත් ජෛන ආගමත් එකක් ලෙස සිතීමය. Alexander Cunningham එවන්නකි. ඔහු විසින්ම  ලියන ලද පොත පත කියවනවිට එය මැනවින් පැහැදිලිවේ.

'' ඉංග්‍රීසින් ජෛන දහමත් බුදුදහමත් පටලවා ගෙන තිබේ. ආචාර්ය Hamilton සහ මේජර් Delamaine පවසා ඇත්තේ ජෛන ගෞතම සහ ගෞතම බුදුන්වහන්සේ එකම පුද්ගලයකු බවය. ජෛන ආගම මෙන්ම බුදුදහම එකම කඳක ශාකා දෙකක් බව ඉංග්‍රීසින් පවසා ඇත්තේය. එහෙත් ජෛන මහාවීර මෙන්ම ඔහුගේ ශ්‍රාවක Indrabhuti ද ගෞතම සාමී ලෙස හඳුන්වා තිබේ. එබැවින් ඔවුන් ගෞතම සාමී සහ ගෞතම බුද්ධ එකම චරිතයක් ලෙස ගෙන ජෛන දහම අමතක කර  දැමීමට උත්සාහයක් ගෙන තිබේ. '' Papers on Saraswati River and Hindu Civilization, The International Seminar, New Delhi 26-28, October , 2008, by Dr. Ramakrishna Rao.
 

අද ඉන්දියාවේ විද්වතුන් කි.පු 6 වන සියවසේ ගෞතම බුදුන්වහන්සේ කෙනෙකු හෝ කි.පු 3 වන සියවසේ මෞර්ය අසෝක කෙනෙකු එකතුකර   සුද්දන් ලියා දුන් ඉතිහාසය අභියෝගයට ලක් කරති. (මේ සම්බන්ධ දීර්ග ලිපියක් ඉන්දියානු පොත පත , වාර්තා බලා මෙයට පෙර ඉදිරිපත් කර ඇති බැවින් එහි අඩංගු දෑ මෙහි සාකච්චා නොකරමි). සුද්දන් අටවා දුන් ඉතිහාසයට දැවැන්ත අභියෝගයක් එල්ල කල එක් ප්‍රධාන චරිතයක් වන්නේ ඉන්දියාවේ සුබ්‍රමානියන් ස්වාමි මහතාය. ඔහු ඉතිහාසඥයෙකි. අද ඔහු ඉන්දියාවේ ජනතා පක්ෂයේ නායකයා මෙන්ම  මන්ත්‍රීවරයෙකි. ඔහු විසින් ඉන්දියානුවන්ට පවසන ලද දෑ මෙහි ඉදිරිපත් කරනුයේ  අපේ රටේ අයටද ඒවා වැදගත් වන බැවිනි
 

දැනට ඉන්දියාවේ සහ ඇමරිකාවේ විශ්ව විද්‍යාල භාවිතා කරන ඉන්දියානු ඉතිහාස පොත් මුලින්ම ලියන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ,මුදලට ගත්  විදේශීය ඉතිහාසඥයන් සහ ඔවුන්ගේ ඉන්දියානු ගුරුවරුන්ය. මෙම පොත් සම්පුර්ණයෙන්ම දුෂ්ට ලෙස ඉන්දියානු ඉතිහාසය විකුර්ති කර ඇති බැවින් නැවත මෙම පොත පත සැබෑ ඉන්දියානුවකුගේ අනන්‍යතාවය වර්ධනය සඳහා ලිවිය යුතුය. රාම රාවණා සිද්ධිය මිත්‍යාවක් ලෙස බැහැර කිරීම සම්බන්ධයෙන් ඔහු සුප්‍රීම් උසාවියට අභියෝග කළේය. රාමායනයේ සහ පුරාන ග්‍රන්ථවල වැරදි පරිවර්තන ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බව පැවසීය. ඔහු විසින් එම පරිවර්තන සම්බන්ධයෙන් අභියෝග කරද්දී ඉන්දියානු ආණ්ඩුවට උත්තර නැති වීය. සංස්කෘත භාෂාවේ එක වචනයකට තේරුම් බොහෝ වන බැවින් මෙම පොත් පරිවර්තනය කල යුත්තේ ඒ ගැන දන්නා උගතුන් බව බව ඔහු පෙන්නා දෙයි. තව දුරටත් කරුණු ගෙනහැර දක්වන ඔහු පවසන්නේ, ඉන්දියානු ඉතිහාසඥයන් ස්ථීරයෙන්ම  මෙම ව්‍යාකුල වූ අර්ථයන් ගැන සිතීම, අධිරාජ්‍යවාදී උපදේශකයින්ට, විදේශීය උපකාරකයින්ට එරෙහිව යන්නට   ප්‍රතික්ෂේප කළ බවය. අතීත මතක සටහනක් යලි ආවර්ජනය කරන ඔහු 1968 දී ඉන්දියානු ඉතිහාස සම්මේලනයට මේ සම්බන්දයෙන් වාර්තාවක් ඉදිරිපත් කල මුත් එම වාර්තා සම්මේලනයේ සාකච්චා කිරීම සඳහා ගොනු නොකෙරුවා පමණක් නොව සම්මන්ත්‍රණ ශාලාවට ඔහුට ඇතුල්වීම පවා නොදුන් බව පවසා ඇත්තේය. අධිරාජ්‍යවාදීන් විසින් අපගේ ලියා ඇති වැරදි ඉතිහාසය නැවත නිවැරදි  කිරීමේදී මෙවැනි  පැසිස්ට්වාදී ප්‍රවේශයක් නොගත යුතු බව හේ වැඩි දුරටත් අවධාරණය කරන්නේය. ඔහු කොතරම් නිවැරදිද යයි අපටද වැටහේ. මේ රටේ සැබෑ ඉතිහාසය , බුදු උරුමය ගැන සොයන අයටද මේ රටේ පැසිස්ට්වාදීන්ද එලව එලවා පහර දෙන්නේය. මේ පැසිස්ට්වාදීන් පැරණි පුස්කොල පොතක් හෝ කිසිම ජාත්‍යන්තර පොතක් කියවන්නේද නැත. මෙරටේ මැද මහනුවර ඉපදී පන්සාලිස් වසරක් ලක්ෂසංඛයාත ජනයාට දහම් බෙදා ඔවුන් නිවන්මග කරා රැගෙන ගිය ගොතම  බුදුන් වහන්සේ අපේ නොවෙයි කියමින් මෙරටින් පිටමන් කරන්නේ පහත් නුගත්  ගති  නිසාමය.යටත් විජිත යුගයේ හෝ ඊට ආසන්න යුගයේ  ඉපදී මේ රටේ ශ්‍රේෂ්ට හෙලපුතුන් ගැන මුසා ගොතන වැඩිහිටියනේ,
මේ රටේ නව පරම්පරාව විදෙස් භාෂා ඉගෙන නොගෙන ජාත්‍යන්තර පොත පත නොකියාවියයි සිතනවාද? කිසිසේත් එය එසේ නොවන්නේය.
මෙරටේ දරුවෝ හෙළ විරුවන් ලියු ඉපැරිණි පුස්කොල පොත්, සෙල්ලිපි නොකියාවියයි සිතනවාද?
නැත. අද ඇත්තේ පැරණි පොත පත කියවමින් සැබෑ හෙලවිරුවන් ගැන සොයා කියවන පරම්පරාවකි.

එය එසේනම් මහානාමලාට, බුද්ධගෝෂලාට(මොවුන් බමුනන්ය), ජෛන මහාවීරලාට පහන් හඳුන්කුරු පත්තුකරමින් ඔවුන් ඉදිරියේ දනින් වැටි මේ රටේ සැබෑ ශ්‍රේෂ්ට  හෙලපුතුන්ට සමච්චල් කරමින් ඔවුන්  ගැන සිල්ලර කතා කීවාට උත්තර දෙන්නට දවසක් ළඟ ලඟම  එනවා වැඩිහිටියනේ. 

 

සෙල්ලිපි උපුටා ගැනීම (Jayarathna-Pathiraarachchi මහතාගේ facebook නි )
http://www.facebook.com/pages/Jayarathna-Pathiraarachchi/429473470444490
මේ සම්බන්දයෙන් සෙල්ලිපි කියවන හිමිවරුන් දෙනමක් සමගද විමර්ශනය කර බැලීමි.
 සටහන සුභාෂිනී කුමාරි