Friday, February 8, 2013

බෝසත් ලේ

ඉන්දියන් සාගරයේ සමකයට ආසන්නයේ පිහිටා ඇති අසිරිමත් වූ දීපයකි. ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණයකට හිමිකම් කියන මේ දීපය දසදහසක් සක්වලක් වටා ප්‍රසිද්ධියට පත්වූයේ එම සක්වලේ තම අණසක පතුරුවාලිය හැකි,සසර ගමන නැවැත්වීමේ රහස දන්නා සම්මා සම්බුදුවරයාණන් වහන්සේලා පහල වන මධ්‍ය මණ්ඩලය හෙවත් නාභි මණ්ඩලය පිහිටි නිසාය. ඒ දීපය නමින් හෙලදීපය විය. මේ කියන්නට යන්නේ ඒ හෙලදීපයේ ජීවත් වන්නාවූ පැරණිම මෙන්ම අද්විතීය වූත් දුර්ලභ වූත් ජාතියක් පිලිබදවය.

හින්දූන්ට ඉන්දියාව මෙන්,සුද්ධාට එංගලන්තය මෙන්,මුසල්මානුවාට අරාබිය මෙන් සමස්ත පෘතුවිතලයෙන්ම හෙලයාට උරුමවූයේ හෙලදීපයයි. වසර ලක්ෂගණනක උරුමයක් හෙලයාට තිබුනද කිනම් හෝ හේතුවක් නිසා හෙලදී
යට අද උරුම වී ඇත්තේ ඉතාමත් ඛේදනීය තත්වයකි. ඒ තත්වයට මූලික හේතුවක් සේ දකින්නේ අද ජීවත් වන සිංහලයා තමන්ගේ ජාතිය පිලිබද හෝ තමන්ගේ රට පිලිබද හෝ තමන්ගේ මුතුන් මිත්තන් පිලිබද නිවැරදි දැනීමක් නොතිබීම නිසාය. කුඩා කල සිට දරුවෙකුගේ මනස හැඩ ගැස්සීමට සමාජය නොගන්නා උත්සහයක් නොමැත. ඒ අන් කිසිවක් නිසා නොව අත්තිවාරම දුර්වල වූ විට ඒ මත ගොඩනැගෙන සියල්ල බිදවැටෙන බව ඔවුන් දන්නා නිසාය. කුඩා කාලයේ සිට තම දරුවා වීරයෙකු කිරීමට උත්සහ කරන සමාජය වීර චරිත ඇසුරුන් කුඩා මනසට ඒ වීර ගති ,නිවහල් ගති එකතු කිරීමට වගබලා ගනිති. ඒ සදහා තම රටේ අතීතයේ සිටි විරුවන් යොදාගැනීම බොහෝ දෙනෙකු කරනා දෙයකි. එනමුදු කිසිදු සංස්කෘතියකට හෝ දියුණු ශිෂ්ඨාචාරයකට උරුමකම් නොකියනා ඉතාමත් අඩු දියුණු මානසික මට්ටම් වලින් හෙබි ඇමරිකාව වැනි රටවල් ඒ සදහා සුපර් මෑන්,ස්පයිඩර් මෑන් වැනි කෘතිම වීර චරිත නිර්මාණය කරයි. ඒ අන් කිසිවක් නිසා නොව තමන්ගේ අඩුව වසා ගැනීමටය. එහෙත් සැබෑ වීරයන් සිටියා,දියුණු ශිෂ්ඨාචාරයකට හිමිකම් කියනා අප රටේ ඇත්තන්ද ඇමරිකාව මෙන් නොදියුණු තත්වයකට අප ජාතිය ඇද දැමීමට කටයුතු කරයි. ඒ අපේ උරුමය පිලිබද තිබෙනා නොදන්නා කම නිසාය.  ඒ සදහා දැනගැනීමට බොහෝ දේ තිබුනත් පලමුව දැනගත යුතු දෙයනම් අප ජාතියේ ආරම්භකයා කවුද, කෙසේ අප ජාතිය පැවත එන්නේද යන්නයි.

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ආඩි මහානාම නම් පූජකයානෝ රචනා කරන මහාවංශය නැමැති ඉන්දියානු සම්භව සහිත හෙල ඉතිහාස අට්ට කතාවට අනුව සිංහලයා පැවතගෙන ඇතැයි පවසන්නේ තිරිසන් සතෙකු වූ සිංහයෙකුගෙනි.භාරතයේ විසූ සුප්පාදේවිය තිරිසන් සතෙකු වූ සිංහයෙකු සමග එක්වීමෙන් බිහිවන අයියා නගෝ දෙදෙනාට දාව ඉපදී ඇත්තේ විජය නම් වූ මංකොල්ලකාරයාය. ඉන්දියාවේ ස්ත්‍රීන්ගේ ගති සිරිත් සුප්පාදේවියගෙන්ද සංස්කෘතිය සිංහබාහු,සිංහසීවලියගෙන්ද පෙන්වා දුන් මේ මහානාම පූජකයානෝ සිංහල ජාතියට හිමිවන්නේ පහත් සම්බවයක් යැයි ඇස් වසා ටොක්කක් ඇන්නේ එලෙසය. එසේ උපදින විජය නම් පරදෙස්සාගේ නොමන හැසිරීම් නිසා ඉන්දියාවෙන් ඔහුව තවත් පිරිසක් සමග පන්නා දමන බවත් එසේ පන්නා දමන පිරිස මෙහි අවුත් මෙහි ජීවත් වූ යකුන්ගෙන් රට බේරාගෙන මෙහි ජනාවාස ඇති කලා යැයිද, සිංහල ජාතිය පන්නාදැමූවෙකුගෙන් ආරම්භ වූවායැයිද තවදුරටත් විස්තර කර සිටී. අප ජාතියට මෙසේ පන්න පන්නා පහර දීමට තරම් ආඩි ඉන්දියානුවන් පෙලබුනේ ඇයිද යනවග මුලින්ම සොයා බැලිය යුතුය. එදා මහානාමයෝ මනුස්සයන්ට තිරිසනුන්දාවී දරු උපත් සිදුවන බව පැවසුවද මේ 21වන සියවස නිසා ඒවා එසේ සිදුවිය නොහැකි බව වෛද්‍ය විද්‍යාව අනුව පැහැදිලි වේ. එනමුදු අපේ ඇතැම් පුරාවිද්‍යා ජනරාල්වරුන් හෝ වෙනයම් පුරාවිද්‍යාව සම්බන්ද පාර්ශවයන් පාසලේදී විද්‍යා විෂය කාලපරිච්චේදය මග හැරි නිසාදෝ තවමත් විජයගේ සම්බවය අල්ලාගෙන සිටිති. කෙසේ වෙතත් මේ ඉන්දියානුවන්ගේ ගල්,පොලු ගැසීම් වලින් අපට එලඹිය හැකි නිගමනය නම් අප ජාතිය එකල ඵල ඇති රුකක්ම වී තිබී ඇත යන්නයි. අප ජාතිය කිනම් හෝ වැදගැම්මක් නොමැති ජාතියක් වී නම් අපට මෙතරම් බලපෑම් එල්ල වීමට හේතුවක් නොමැත. සත්‍ය වශයෙන්ම ඉන්දියානුවන් මෙසේ ගල් ගැසීමට හේතුවනම් අප ජාතිය වනාහි ලෝකයේ පැවති ශ්‍රේෂ්ඨතම මෙන්ම උසස්ම ජාතිය වූ නිසාය.

ඩාවින්ගේ පරිනාමවාදය අනුව මිනිසා වදුරෙකුගෙන් පැවතගෙන එනු ඇතැයි පැවසුවද බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ මිනිසා පැවතගෙනු ඇත්තේ ආබස්සර බ්‍රහ්මලෝකයේ ජීවීන්ගෙන් යන්නයි. එනම් පෘථිවියේ ජීවය ආරම්භවන්නේ පිටසක්වල බලපෑමක් නිසා බවයි. එසේ ආරම්භවන ජීවියා කල් යාමත් සමග නූතන මනුශ්‍ය ස්වරූපයට පත්වන අතර ජන කණ්ඩායම පාලනය සදහා ඔවුන් විසින් ඇතිකරගන්නා පලවෙනි රජතුමා ලෙස මහාසම්මත මනු රජු හැදින්වේ. මේ කථාපුවත ත්‍රිපිටකයේ අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිව සදහන් වේ. හෙලදිව නියම ඉතිහාසයට අනුව මහාසම්මත මනු රජතුමා ජීවත් වී ඇත්තේ හෙලදිවය. එසේනම් ලෝකයේ මුල්ම ජනාවාස ආරම්භවන්නේ මේ හෙලදිවින් බව අමුතුවෙන් කිව යුතු නැත. එය අද බටහිර විද්වතුන්ගේ අවධානයට යොමු වී ඇති බව නොරහසකි. සුද්ධා ඇඩම්ස් පීක් මෙරට ඇති බව කියන්නේද නොදන්නා කමක් නිසානම් විය නොහැක.

කෙසේ වෙතත් එතැන් පටන් ආරම්භවන හෙල ජාතිය විවිධ අවස්ථාවලදී නොයෙක් ආකාරයේ ව්‍යසනයන්ට මුහුණ දී තිබේ. බලි රාජ සමය, හිරන්‍ය කසුබ් රාජ සමය, රාවණා රාජ සමය එයට නිදසුන් ලෙස පෙන්වා දිය හැකි අතර අප දන්නා මෑත කාලීන ඉතිහාසයේ ප්‍රබලම ආක්‍රමණිකයන් ලෙස විජය, මිහිදු නොහොත් මහේන්ද්‍ර ආගමනය, චෝල, පාණ්ඩ්‍ය, සොලී ආක්‍රමණ හා බටහිර ආක්‍රමණයන් හැදින්විය හැක. මේ අතරින් සමහර අවස්ථා කෙලින්ම ආක්‍රමණ මුහුණුවරක් ගත් අතර තවත් අවස්ථා සංක්‍රමණ ස්වරූපයේ ආක්‍රමණ විය. අතීතයේ බොහෝ විට ආක්‍රමණ හරහා සිදු වූයේ සිදුවූයේ භෞතික විනාශයන් පමණක් වුවද සංක්‍රමණ ස්වරූපයේ ආක්‍රමණ නිසාවෙන් කාටත් නොදැන්නෙන පරිදි එකල ජනයාගේ මනසට වහල් මානසිකත්වය රිංගවූයේ ඇස් වසාය. හෙලදිව තාක්ශණය අභාවයට පත් කිරීමේ එබදු ආක්‍රමණයක් ලෙස මිහිදු හිමිගේ මිහින්තලා ගමනය හැදින්විය හැක. බුදුන්වහන්සේගේ කාලයේ පවා තිබූ නැව් සමාගම්,ගුවන් යානා සමාගම් අබාවයට යාමටත්, හෙල භික්ශු පරපුර තුල භේදයක් ඇති කිරීමටත් එක් භික්ශු පරපුරක් ඉන්දියාවට වැඩමවීමටත්, බුද්ධ ධර්මය වැදීම්,පිදීම්,යැදීම් වලින් ගහන කරවීමටත් මූලික හේතුව වූයේ මහින්දාගමනය බව විමසා බැලීමේදී පෙනී යයි. මහින්දාගමනය ආක්‍රමණයක් ලෙස සැලකූවේ එබැවිනි.


ගෝතම බුද්ධ කාලයට පසු මෙවැනි ව්‍යපර්යාස වූව සේම ඊට පෙරත් නොයෙක් ආකාරයේ ව්‍යපර්යාස /ආක්‍රමණ/යුග වෙනස් වීම් සිදු වී තිබේ.බුද්ධ සාසනයක් අවසානයේදී ජන සමාජය කිසියම් වෙනස් වීමකට භාජනය වේ. කාශ්‍යප බුද්ධ සාසනය අවසන් වීමත් සමග කිසියම් වූ ස්බාවික ව්‍යපර්යාසයක් සිදුවීම ධර්මතාවයකි. එසේ වූ ව්‍යපර්යාසයකින් අනතුරුව ජනයා සම්පූර්ණයෙන්ම නැති වී නොයන නමුත් ජන ශූන්‍යතාව අඩු වීමේ සම්භවයක් පවතින බව අපට සූත්‍ර දේශනා ඇසුරින් පෙනී යයි.  එසේනම් ඉන් පසු නැවත ජනාවාස පිහි‍ටුවීමක් අවශ්‍ය වේ. මහාසම්මත මනු පෙලපතින් ඉතිරි වූ කීපදෙනා නැවත සිංහල ද්වීපය ජනාවාස කිරීම කල යුතුය. එය එසේ සිදු වී ඇති බවට සාධක තිබේ. (පෞද්ගලික නිගමනය අනුව මේ ජනාවාස කිරීමේ කාර්‍ය සිදුවීයේ කාශ්‍යප හා ගෝතම බුදුන්වහන්සේලා අතර තුර කාලයේ යෙයි සදහන් කරමි). එසේනම් නූතන සිංහලයාගේ ඇගේ දුවන රුධිරය කාගෙන් ආරම්භවූවාක්දැයි මොහොතකටවත් සිතුවාද? සිතන්න! ජාතක නොවූ පිරිසිදු ලේ ඇති සිංහලයාගේ දැන් දුවන ලේවල මුල් අයිතිකරුවා අන් කිසිවෙකුත් නොව අප මහා ගෝතම බෝසතානන් වහන්සේගේමය. ඒ බව ගෝතම බුදුන්වහන්සේ තමන්වහන්සේගේ සිරි මුඛයෙන්ම දේශනා කර ඇත්තේ මෙලසය.
 

"සිංහලේන රාඤා ආවාසිතමිති සිංහල ද්වීප: සිංහල ද්වීප ඉති සංඥාසංවෘත්තා.......
කිං මන්‍යධ්වේ,භික්ෂව: යෝ. සෞ සිංහල: අහමේව තේන කාලේන තේන සමයේන"

"සිංහල රජු විසින් ජනාවාස කරන ලද්දේ නුයි සිංහල ද්වීපය යන නම හටගත්තේය. මහණෙනි ඒ සිංහලයා නම් කවරෙක් දැයි තොප සිතව්ද? මහණෙනි ඒ බෝධිසත්ව කාලයෙහි මම් මැ වෙමි"
(දිව්‍යාවදානය 446-464 පි‍ටු- පී.එල් වෛද්‍ය සංස්කරණය)
 

එසේනම් මේ ඇගේ දුවන්නේ කාගේ උරුමයදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. එදා බෝසතානන් වහන්සේ විසින් ජාතියේ නව පි‍ටුව පෙරලුවද, පසුව සිදුවූ විවිධ ආක්‍රමණිකයන් නිසා ඒ ලේ අපිරිසිදු විය. විජයගේ පැමිණීමත් සමග විජයට දාව දරුවන් ඇති වූවායැයි මහාවස්කරු කීවද සත්‍ය වශයෙන් විජය යනු දරුවන් නැති පුද්ගලයෙකු සේ සැලකේ. එහෙත් ඔහු සමග සිටි අනික් පිරිස නිකම් නොසිටි නිසා හෙල ජාතියට ඉන්දියානු ආඩි ලේ මිශ්‍ර විය. තවද ඉන් පසු පැමිණි චෝල, පාණ්ඩ්‍ය, සොලීන්ගේ ලේ මිශ්‍ර වීම නිසාද අපිරිසිදු වූ ජාතියේ බෝසත්කම ටිකෙන් ටික අතුරුදහන් වී ගොස් ඒ වෙනුවට සංකර ගති සිරිත් ඉස්මතු වීමට පටන් ගත්හ. එදා වර්ධනය වීමට පටන් ගත් ඒ ඉස්මතු වීම අද උඩු දුවා ඇත. අතීතයේදී තමන්ගේ රට වෙන්වෙන් දිවි පිදුවෝ ඒ බෝසත් ලේ ඇත්තෝ විය. ඉන්දීය ආක්‍රමනවලදී ඉන්දියාවටද, බටහිර ආක්‍රමණවලදී සුද්ධන්ටද රට ජාතිය පාවාදුන්නෝ සංකර ලේ ඇත්තන් විය. තම රට වෙනුවෙන් එකා පිට එක මැරී වැටෙද්දී තමන්ගේ මඩිය තරකරගත් ආඩියෝ තමන්ගේ පරපුරවල් ඉදිරියටම ව්‍යාප්ත කිරීමට බලාගත්හ. එනමුදු බෝසත් ලේ සහිත හෙල සිංහල ජාතිය කිසිවිටක වද නොවූනය. අදද ඒ පරපුර එලෙසම ඇත්තා සේම ජාතිස්මරණයන්ද මේ කාලයේ පහල වී තිබේ.



එසේ වූ බෝසත් උරුමයකට හිමිකම් කියන හෙල ජාතිය කිසි විටක තමන්ගේ දේශය,තමන්ගේ මුතුන් මිත්තන් පාවා නොදෙන්නේමය. ඔවුන් තමන්ගේ දේශයේ නම වෙනුවෙන් කැප වූවෝමය. මහාසම්මත මනු රජුගේ සිට මේ දක්වා වූ හෙල ජාතිය වනසන්නට එදා මෙන්ම අදත් ඇතමුන් පෙලගැසී සිටී. එනමුදු කිසිම ජාතියකට හෝ අධිරාජ්‍යවාදියෙකුට මේ රටේ ලේ සෙලවීමක් මගින් රට හෝ සිංහල යැයි පවසනා ජාතිය සම්පූර්ණ වශයෙන් විනාශ කිරීමට නොහැකි විය. මේ භූමිය මෙන්ම ඒ ජාතියද එතරම් පූජනීයය. එනමුදු ඒ ජාතියේ සිටිනා අවජාතිකයන් නිසා ආක්‍රමණිකයන්ට ඒ රටේ රිසි සේ තම කටයුතු කිරීමට හැකි විය. වහල් මානසිකත්වය බෝ කිරීමට හැකි විය. තාක්ශණය සොරාගැනීමට හැකි විය. මේ සිදුවීම් එදා මෙන්ම අදත් සිදුවේ. කරුමයකට වී ඇත්තේ එදා පොඩි පු‍ටුවල සිටි ආඩින් අද ලොකු පු‍ටුවලට යාම පමණි.
 

පාලි මහාවංශය රචනාකිරීමට සියවස් එකහාමාරකට පමණ පෙර ලියූ දිව්‍යාවදානය,කරණ්ඩව්‍යහ වැනි බෞද්ධ ග්‍රන්ථවල දැක්වෙන අන්දමට නූතන සිංහලයා පැවතගෙන එනු ඇත්තේ "සිංහ" නැමැති වෙළෙන්දාගේ පුත් "සිංහල" නැමැති වූ අප මහා බෝධිසතවයන්වහන්සේගෙනි. මහාවංශයට පෙර ලියූ ග්‍රන්ථවල සදහන් වන දේ ඊට පසු ලියූ ග්‍රන්ථවල සදහන් නොවන්නේ හිතාමතා මිස මගහැරීමකින් නම් නොවන බව පැහැදිලිවය. මහානාම සිදුකර ඇති විනාශය නැවත නැවත පුන පුනා කියන්නේ තවමත් අපට හමුවන උගතුන් මහාවංශ භක්තිකයන් වන නිසාමය. මේ බෝසත් කථාපුවතත් දඹදිව නිවැරදිව නොදැනීම නිසා ඇතමුන් ඉන්දියාවට සම්බන්ධ කර ඇති බවද මතක් කල යුතුමය. කෙසේ වෙතත් පිරුවනා පොත්වහන්සේ තුල පන්සිය පනස් ජාතකයන් ගැන කෙරෙන විස්තරක්ද මෙහිදී උපුටා දැක්වීමට කැමත්තක් දක්වමි.
 

"සිංහලයා පන්සිය පණස් ජාතක පොතෙහි එන බෝධිසත්ව චරිතකතාවන් ශ්‍රවණය කරන්නේත් හදාරන්නේත් ඒවා හුදෙක් තම ආගමින නායකයන් වහන්සේගේ අතීත චරිතකතාය' යන සාමයික විශ්වාසය අනුව පමණක් නොවේ. බෝධිසත්ව චරිත කථා යනු තම සිංහල ජාතියේත් සිංහල රටේත් ආදී පුරුෂයාගේ අතීත චරිත කතාය' යන ජාතිකාභිමානයෙන් ද යුතුවය."
 

කිසිම රටකට වහල් සේවයේ නොයෙදුනු සූර්‍ය වංශික පෙලපත් ඇති අප ජාතියේ අභිමානය තවත් වැඩිවන කතාපුවතක් ලෙස බෝසත් සම්භවය හදුන්වාදිය හැක. එසේ වූ ජාතිය තව දුරටත් හීන වූ නොදියුණු ජන කණ්ඩායමක් හෝ සුලු ජාතියක් ලෙස හදුනාගත යුතු නැත. කෙසේ,කවුරුන්,කොපමණ බාධක ආවද සියලු සත්වයා සදහා මේ අසිරිමත් දීපයත් ඒ දීපයේ සු‍රැකී පවතින ධර්මයත් ආරක්ශා කිරීම හෙල ජාතියේ පරම යුතුකම වන්නේමය. ඒ සදහා සියල්ලෝම කටයුතු කිරීම අනිවාර්යය. එහෙත් "‍රැකීම" යනු බෝඩ් ලෑලි උස්සාගෙන පාරට බැසීම නම් නොවේ. ඊට වඩා කල හැකි දේවල් බොහෝය. තම රටේ ඉතිහාසයේ වග තුග ලොව පුරා පැතිරිය යුතුය. සියලු දෙනාව දැනුවත් කල යුතුය. එදා තාක්ශණික ශිල්ප ක්‍රම නැවත භාවිතාකිරීමට වැඩ කරටයුතු සැකසිය යුතුය. ධර්ම මාර්ගය පුරුදු කර අවබෝද කරගෙන මාර්ග ඵල ලබමින් සාසනය දියුණු කල යුතුය. එකම ජාතිය දෙපිලකට බෙදී කුලල් කා නොගත යුතුය. බෝසත් ලේ ඇති අප ජාතිය සියල්ලෝම එකතුව එකා මෙන් නැගී සිටිය යුතුය. එවිට කිසිවෙකුට අප බිය විය යුතු නැත. එසේ කිරීම අනිවාර්ය වන්නේ අන් කිසිවක් නිසා නොව හෙල ජාතියට ඇත්තේ මේ හෙල දිපය පමණක් වන නිසාමය.

සතන් සෙත් බිම මගේ.....
මවුබිම ලොවේ, පින් බිම තුන් හෙළේ...
වසර දස ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ
ලොවට සෙත සැදු, දුකට පිහිටයි අමා ධර්මය මේ හෙළේ...
ගතේ රුධිරය බලන් කකියයි මෙහෙය නෑ අමතක කළේ...
ලොවේ කොතැනක සිටීනම් නුඹ අසාපන් සිංහල පුතේ,
පුරාණේ සිට දෙරණ රකිනට නුඹේ පරපුර දිවි හලේ
දකින සැමතැන ‍වෙහෙර විය එය අපේකම රකිනා බලේ...
වරෙන් මිසුදටු බලය බිදලා රකින්නට තුන් සිංහලේ...
ලොවේ මනුසත් උයනෙ මහ ගෙය ඉන්දු සයුරේ මුතු ඇටේ...
සිංහ ධජයේ කගැති නර සිහ මාර සටනය බෝ මැඩේ
එහෙව් දීපය මගේ ලංකා මව්නි දිවුරම් අද මෙසේ...
කෙලක් පරයන් මරාගෙන හෝ දැයට පන දෙමි සිංහලේ...

3 comments:

  1. Excellent work. waiting for more reveals of our history.
    I wish you all best.

    ReplyDelete
  2. නියමයි...වදින්න ඕන තැනට වදිනවා , රිදෙන්න ඕන තැනට රිදෙනවා

    ReplyDelete