Saturday, February 9, 2013

රාවණා ගැන මානයක්

කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා. ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා මහ පොළවට නොපෙනෙන බොහෝ දේ උඩු ගුවනට පෙනෙයි.
 
අසිරිමත් ගුවන් පථ, දෙකඩ වූ දෙස් විදෙස්, ගිළී ගිය ගම් දනව් සක්වළේ සක්මනට හොඳීන් දිස්වේ. මේ සියලු අභිරහස් සොයා සක්මන කරන තවත් එක් (18) පියවරක් තබන්නෙමු මෙලෙස.
මහනායක හාමුදුරුවනේ,
ඇත්තටම ‘රාවණා’ කියන්නේ කාටද?

හිරු පිරිවරට, රණ සූරයා (රණබා) ට ‘රාවණා’ නම යෙදී තිබෙනවා. රස වෙදකමට හා සංගීතයටත් ‘රාවණ’ නාමය නෑකම් කියනවා. ඓතිහාසික සීගිරිය, කුරගල, ලකේගල හා මහකුටිම්බිගල රාවණගේ වාසභවන් ලෙස සැලකෙනවා. ඇතමෙකුට (හෙළයන්ට) රාවණා වීරයෙක්, ඍෂිවරයෙක්, රජකෙනෙක්, ගාණ්ධර්වයෙක්, සාහිත්‍යධරයෙක්, තව පිරිසකට (ඉන්දියානුවන්ට) සතුරෙක්, දෘෂ්ටයෙක්, තවත් කණ්ඩායමකට, ‘රාවණා’ කියන්නේ සංකල්පයක්, මිථ්‍යා අදහසක් වෙනවා.
ඒ කොහොම වුණත් ‘රාවණා’ යනු භෞතික බලයේ හා දියුණුවේ කූටප්‍රාප්තිය බව අප පිළිගත යුතුව තිබෙනවා. නමුත් සම්බුද්ධ රාජ්‍යය වැනි සදහම් බලයක් හැරුණු කොට,කොයි තරම් ප්‍රබල අධිරාජ්‍යයක්වත් වසර 300 කට වැඩි කාලයක් මෙතෙක් ලොව පැවතිලා නැහැ. රාවණා කියන සක්විති රජුට හා අධිරාජ්‍යයාටත් මේ කරුණ වලංගුයි.
’රාවණා’ නාමය සමග බැදුණු විවිධ ජනශ්‍රැති එහෙම නැද්ද?
රාවණා හා නොබැදුණු ජනශ්‍රැති , පුරාවෘත්ත මේ සිංහල ජන සාමජයේ තවත් නොමැති තරම්. ඒ තරමටම එම නම බැදී පවතිනවා. හෙළවෙදකමට, සටන්වලට, දුනු ආයුධ වලට, සංගීත භාණ්ඩවලට (රාවණාශ්‍රම්, රවන්හතෝ වීණාව) සංගීත (රාවණා) රාග වලට, ග්‍රාම නාම, දිය ඇලි වලට ( රාවණා ඇල්ල ,රාවණා කොටුව) ප්‍රදීපාගාර වලට (කුඩා රාවණා, මහා රාවණා) යනුවෙන් ව්‍යවහාර වන නාමකරණ මගින් වුණත් ඒ බව තහවුරු වෙනවා.
 
එතකොට , රාවණාගේ විනාශය (මරණය හෝ සිහිමුර්ජා වීම) සහ ලංකාපුරය මුහුදට ගිලා බැසීම අතරත් කිසියම් සාම්‍යයක් පවතිනවාද?
ඔව්. මීට පූර්ව කල්පයේදී භූගෝලීය වශයෙන් ඇමරිකා යුරෝපා, මහාද්වීප දෙකම එකට සම්බන්ධ වෙලායි පැවතියේ. චන්ද්‍රිකා ඡායාරූප මගින් වුවත් එම දෙදරායාම ගම්‍යමාන වෙනවා.අත්ලාන්තික් සාගරය නිර්මාණය වුණෙත් ඉන් පසුවයි.මේ බව සුප්‍රකට ප්ලේටෝගේ අත්ලාන්තික් පුරය (City of Atlantics) නිගමනය ආදි වාර්තාවලිනුත් සනාථ කෙරෙනවා.අත්ලාන්තික් සාගරයේ සිදු කළ සාගර කැනීම් මගිනුත් එහි නෂ්ටාවශේෂ හමුවී තිබෙනවා.
 
මධ්‍යධරණී මුහුදත්, ශාන්තිකර සාගරයේ කුඩා කුඩා දූපත් නිර්මාණය වීමටත් මෙම භූගෝලීය පැලීම හා කැළඹීම හේතු වුණා. එලෙස කැඩී ගිය සලකුණු සහ දියවැල් අදටත් සක්‍රියව පවතිනවා. ඉන්දියාව හා ලංකාවත් මීට වඩා බොහෝ සෙයින් භූගෝලීයව බද්ධ වී තිබූ බව පැහැදිලියි.රාම, රාවණා තාරකා මිසයිල මහා යුද්ධයක් සමග දෙරට ඈත් වී ගියා පමණක් නොවෙයි. නගර ගම් දනව් පවා මුහුදට ගිලී ගියා.
 
එහෙමනම්, වාල්මිකීගේ රාමායනය සහ මුහුදුබත් වූ ලංකාපුරයේ , පුරාණ නටබුන් අතර කාල නිර්ණයෙන් කිසියම් සමාපාත බවක් තියෙනවාද?
දැනට වාල්මිකීගේ රාමායනය ග්‍රන්ථය මීට වසර 9,600 කට පෙර (ක්‍රි.පූ. 7600 ) ලියන ලද්දක් යැයි සැලකෙනවා. ඊඟාවට ඔය ඉන්දියාවේ කාම්බේ බොක්කේ ගිලී ඇති නගර නටබුන් වසර 10,000 ක් පමණ පැරණි වූවක් බව කාබන් පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ අනුව, මේ දෙක අතර ඇති කාල පරාසය ඉතාම ආසන්න බව පැහැදිලියි.
ඒ වගේම, භාරතයේ විසූ රාම කුමරු ලංකාපුරයේ විභීෂණ (රාවණගේ බාල සොයුරා) ට ආශිර්වාද කර ඇත්තේ ත්‍රෙට (Treta) යුගය දක්වා ජීවත් වීමටයි. ඒ කියන්නේ, මේ මහා භද්‍ර කල්පයේ ද්වාපර (Dwapara) හා කලි (Kali) යුගයට පෙර යුගය දක්වායි. රාවණ රජු පිළිබඳව කිසිදු විස්තරයක් අපේ මහාවංශයට ඇතුළත් වී නැත්තේ මේ නිසා විය හැකියි. එනම්, රාවණා යනු මේ කල්පයට පෙර කල්පයක විසූ කෙනෙකු නිසායි.
සාමාන්‍යයෙන් සෑම යුගයකම (කෘත, ද්වාපර, ත්‍රෙට හා කලි යුග) අවසානයේදි යුග විනාශයක් සිදු වෙනවා. මේ අනුව, රාවණා යුගයත් එම ත්‍රෙට (Treta) යුගය, අවසානයේදි ලොව සිදු වුණ මහා යුග විනාශයේදී නිමා වෙන්නට ඇති. අපි මේ පැමිණ ඇති යුගයත් ගල්, වැදි ,එ‍ෙඩ්ර,ගොවි, කාර්මික හා නූතන ඉලෙක්ට්‍රොනික යුගයෙන් පසු අවසන් වී ගොස්, ආයෙමත් අලුත් යුගයක් ඇති වී යළිත් මූලාරම්භක අවධියටම ගමන් කරාවි.
 
රාමායනයේ එන අහසින් ගිනි ගුලි හෙලීම, අහසින් යාම හා ලංකාපුරය මුහුදට බිලිවීම ආදි දේවල් අත්භූ®ත අභව්‍ය ප්‍රබන්ධ කතා විය නොහැකිද?
1945 දී ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට ගිනිගුලි වගේ් ගිනිගෙන දැවෙන පරමානු බෝම්බ දැමීමත් එලෙස ගිනිගුලි හෙලීමත් වගෙයි. මේ කල්පයේදීම කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා.
ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා. මීට අමතරව, අද සොයා ගෙන තිබෙනවා. ඉන්දියාවටත් නේපාලයටත් මැදිව පිහිටි මහා හිමාල කන්දෙන් සිප්පිකටු, මුහුදු ජීවින්ගේ පොෂිල, ඇටකටු, ආදිය , මුහුදු සීමාවෙන් බොහෝ ගොඩබිමට, වන්නට සිප්පිකටු, කරදිය ලවන වගේම මුතු මැණික් මතු වීමටත් එම භූගෝලීය වෙනස්වීම හේතුවන්නට ඇතැයි භූවිද්‍යාඥයින් අනුමාන කරනවා.
 
ඒ වුණාට ,රයිට් සහෝදරයින් නූතන ගුවන්යානය සොයා ගත්තට පස්සේ ඉදිවුණ ගුවන්පථ හරුණාම ඊට පෙර යුගවල පැවති එබදු ස්ථාන හමු වී නැහැ නේද?
දැන් රුසියාවේ පේරු රාජ්‍යයේ නැස්කා කාන්තාරයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති අශ්ව ආදි විවිධ රූප රටා ලොව ප්‍රකට වි තිබෙනවා. 1927 වසරේදි සොයා ගනු ලැබූ මෙම රූප රටාවලින් යුතු දැවැන්ත ගුවන්පථ ක්‍රි.පූ. 4 වන සියවසට අයත් විය හැකි බවයි ඉතිහාසඥයන් පවසන්නේ. මීට වසර 4,000 ටත් වඩා පැරණි මේවා අදටත් ගුවනට හොඳීන් දර්ශනය වීම පුදුම සහගතයි.
 
මේ ආකාරයෙන්ම අශ්වයකුගේ හැඩයෙන් යුත් ගලින් නිර්මාණය කළ ගල් වැටි සමූහයක් පසුගියදා කසකස්ථානයේ උරල් කදුවැටියේ තිබී ‘ගුගල් අර්ත් (Google Earth) මගින් සොයා ගනු ලැබුවා.
තියුණු ආයුධ 40 කට අධික ප්‍රමාණයක් යොදා ගෙන ගල් හා මැටියෙන් අඩි 1000 ක් පමණ දිගින් යුතු මෙම පථය පාපන්දු ක්‍රීඩා පිටි දෙකකටත් වඩා විශාල වූවක්. මේවා පෙර කල්පයේදී භාවිත කළ ගුවන්පථ (ගුවන් මධ්‍යස්ථාන) හෝ පිටසක්වළ ජීවින් සමග සම්බන්ධ වූ ‘ තරු දොරටු ‘ (Star Gate) විය හැකියි. මෙබඳු පිහිටීම් රටා ඓතිහාසික කූරගල, කුටුම්බිගල හා සීගිරිය ආදි ස්ථානවලත් පැවති බවට විශ්වාස කරනවා.

අග්ග මහා පණ්ඩිත,
ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි 
සාකච්ඡා සටහන
චාමික මුණසිංහ

Friday, February 8, 2013

හෙළ සසුන නැංවීමට කැපවුන බුරුම වැසියෝ


19 වන සියවස කාලයේ රුවන්වැලි සෑය දිස්වූයේ අද අපි දකින ආකාරයට නම් නොවේ. නගරය පමණක් නොව මුළු පලාතම ජනයාගෙන් හිස්වී වල්  වැවී වන සතුන්ගේ වාසස්ථානයක් විය. මෙම කාලයේදී මිනිසුන්ගේ නොපැමිණීම නිසා සෑය මත ගස් වැවී වන මැද පිහිටි පර්වතයක් ලෙස දිස් වීය.
                          

මෙසේ  පවතින කල නාරන්විට සුමනසාර තෙරුන් වහන්සේ එහි පැමිණ වනය මැද පිහිටි සෑය හෙළිකරන්නට පටන් ගත්හ. කි .ව. 1884 දී පමණ චෛත්‍ය බඳ වන්නට පටන් ගත්තේය. පටන්ගත් නමුත් උන්වහන්සේට එය අවසන් කරන්නට නුපුළුවන් වීය. උන් වහන්සේ විසින් වර්ෂ බොහෝ ගණනක් මුළුල්ලේ මහත් උත්සාහයෙන් බැඳ වූ ඒ බැම්ම දුර්වල වී 1912 දී බිඳ වැටුනේය. ඉන්පසු එම වසරේ ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරි නෙල් පෙරේරා වෙද රාල හාමිගේ මුලිකත්වයෙන් රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය නමින් සමාගමක් පිහිටුවා චෛත්‍ය බඳවන්නට පටන් ගන්න ලදී. දක්ෂ ඉංජිනේරු මහතුන්ගේ උපදේශ පරිදි ශක්තිමත් ලෙස චෛත්‍ය රාජයා බඳවන්නට පටන් ගත්  සමිතිය, බැඳීම අවසන් වන්නට ලංවූ කල එය මත පැළද වීමට ටොන් 6ක් පමණ බරැති ආදී සුවිස්සක් පමණ උස්වූ ලෝහමය කොතක්ද කරවීය. එහෙත් චෛත්‍ය මස්තකයෙහි පැළඳ විය යුතු චුඩා මානික්‍ය සම්බන්ධයෙන් දුෂ්කර තත්වයකට පත් විය. පුවත් පත් වල දැන්වීම් පල කිරීම් ආදියෙන් චුඩාමානික්යක් වර්ෂ ගණනක් මුළුල්ලේ සෙවූ නමුත් කොතනකින් වත් එයට සෑහෙන පළිඟුවක් නොලැබිණි. අවසානයේදී කොළඹ දෙමටගොඩ මහා මකුටාරාමාධිපති ගරු යු. විනයාලංකාර බුරුම නායක ස්වාමින්වහන්සේ ගේ උපකාරය සෙවුහ.බුරුම නායක මාහිමියන්වහන්සේ මේ කාලයේ අභිනව දළඳා මාලිගය කරවමින් මහනුවර වැඩ සිටියහ. රුවන්වැලි චෛත‍යවර්ධන සමිතියේ නිලධාරී පිරිසක් උන් වහන්සේ වෙත ගොස් මුහුණ පාන්නට සිදුවී දුෂ්කර තාවය උන් වහන්සේට දන්වා බුරුමයෙන් වත් චුඩා මානික්යක් සොයන්නට උත්සාහ කරන ලෙස ආරආධනා කළහ. චුඩා මානික්‍ය පිලිබඳ දුෂ්කරත්වය පහකර ලීමේ වටිනාකම දත් බුරුම ජාතික මාහිමිපාණන් තමන්වහන්සේ විසින් කරවමින් සිටින දළඳා මාලිගා කර්මාන්තයද රුවන් මැලි සෑය බැඳවීමට දෙවැනි නොවන තරමේ බරපතල දෙයක් වුවද එය වෙනත් බුරුම තෙරුන්වහන්සේ නමකට භාර කොට 1933 මයි මස 17 දින කොළඹ වරායෙන් නැව්  නැග චුඩා මානික්යක් සොයනු  සඳහා රැන්ගුන් නුවරට වැඩි සේක.

උන්වහන්සේ රැන්ගුන් නුවර දින කීපයක් නැවතී සම්මුඛ වන මහා තෙරුන්වහන්සේලාගෙන් හා රටතොට ගැන දන්නා මහතුන්ගෙන්ද චුඩාමානික්‍යට සරිලන පළිඟුවක් ගැන විමසු නමුත් එයින් පලක් නොවීය. ඉන්පසු උන්වහන්සේ අමරපුරය නම්වූ උඩබුරුමයෙහි මැනික් ගැන සුපතල මෝගොක් නගරයට වැඩියහ. ඒ නගරය වනාහි මැණික් ආකර හිමියන්ගෙද . මැණික් වෙළඳුන්ගෙද , මැණික් කර්මාන්තය කරන කරන ශිල්පීන්ගේද වාසස්ථානයකි. නායක හිමියන්වහන්සේ එහි වෙසෙන් මැණික් වෙළඳුන්ට හා මැණික් ආකාර හිමියන්ට තමන්වහන්සේ පැමිණි කාරණය දැන්වීය. ඔව්හු මේගැන මහත් සැලකිල්ලක් දක්වා උවමනා කරන පලිඟුවේ ගණන් මිනුම් ගෙන එතෙක් ලැබී තිබුණු පලිඟු ඉතා ඔනෑ කමින් පරීක්ෂා කළහ. චුඩා මානික්‍ය සඳහා සරිලන පළිඟුවක්  වෙළෙන්දෝ උන්වහන්සේට පරිත්‍යාග කළහ. එහි වටිනාකම එකල මුදලින් රුපියල් 6000කි. මෝගොක් ආකාර වලින් ලැබුණු පලිඟුව ලංකා පලිඟුවට වඩා බෙහෙවින් ආලෝකවත්ය. එබැවින් ඒවායේ වටිනා කමින් අධිකය. බුරුම නායක හිමිපාණන් 1938 අගෝස්තු මාසයේදී ඒ පලිඟුව ලංකාවට රැගෙන ආවේය. රුවන්මැලි චෛත්‍ය වර්ධන සමිතියේ මහතුන් එම දුර්ලභ වස්තුව දැක බොහෝ සෙයින් සතුටු වී බුරුම හිමි පානන්ට අනේක ආකාරයෙන් ස්තුති කරමින් සතුටු වුහ.

ඉක්බිති රුවන්මැලි චෛතය සමිතියේ මහත්වරු ආකාරයෙන් ගොඩගත් පරිදිම ගෙන ආවාවූ එම පලිඟුව කැප්පවීමට ශිල්පයකු සෙවීය. කුඩා මැණික් ගල්මිස විශාල ගල් කැපිය හැකි යන්ත්‍රෝපකරණ සහිත කර්මාන්ත ශාලා ලංකාවේ නොමැති බැවින් එය කැපීය හැකි කෙනෙකු සොයා ගත නොහැකි විය.  එබැවින් දෙවන දුෂ්කර පැනයට සමිතියේ මහතුන්ට මුහු දෙන්නට වීය.  එය විසඳා ගැනීමට ඔව්හු පලිඟුව සැපයු බුරුම නායක මාහිමිපානන්ගේම උපකාරය සෙවුහ. බුරුම බෞද්ධයන් වෙනුවෙන් එය කපවා පරිත්‍යාග කරතහොත් පිළිගැනීමට සමිතිය සතුටු  බව බුරුම නායක හිමිපාණන්ට දන්වා චුඩා මානික්‍ය සැපයීමේ සම්පුර්ණ භාරය උන්වහන්සේටම පැවරූහ.  උන්වහන්සේ ඒ ආරාධනාව සතුටින් පිලිගෙන සමිතිය මගින් පිළියෙළ කරන ලද චුඩාමානික්යේ  සැලැස්ම සහ පලිඟුව රැගෙන නැවත බුරුමයට පැමිණ මෝගොක් නුවරටම ගොස් චුඩාමානිකය කැපීම සඳහා පලිඟුව ශිල්පීන් අතට පැමිණ වුහ.

චුඩාමානික්යයේ සැලැස්ම පරිදි පලිඟුව කපා ගෙනගිය නමුත් එක පසකින් පාඩුවක් සිටිය බැවින් එය නොගත හැකි විය. එයින් බලාපොරොත්තු සුන් විය. මාස ගණනක් මුළුල්ලේ රටින් රට ඇවිදිමින් කරන ලද ව්‍යාපාරය නිෂ්පල විය. කොතෙක් දුෂ්කරතා පැමිණියත් කරන්නට පටන්ගත් දෙය මුදුන් පත් වන තෙක් නොනවත්වන ස්වභාවය වූ වීර භාවය උත්පත්තියෙන්ම පිහිටි මහාපුරුෂයකු වූ බුරුම නායක මාහිමියන්වහන්සේ එපමණකින් නොපසු බැස නැවතත් පළිඟුවක් සොයන්නට වන්හ. විනයාලංකාර බුරුමනායක හිමිපාණන්ගේ පුණ්‍ය මහිමය නිසාදෝ පළමු පලිඟුවට ද වඩා ලොකු පළිඟුවක් පළමු පලිඟුව පරිත්‍යාග කල මහතුන්ටම ලැබී තිබුණි. ඔව්හු එයද නොමසුරුව ඒ නායක හිමිපාණන්ට පරිත්‍යාග කළහ. ඒ පලිඟුව රුපියල් අටදහසක් අගනේ විය. මොගාක් නුවර ආකාරවලින් ඉන් පෙර කිසිවකු විසින් එපමණ මහත් පළිඟුවක් ලබා නැත. මේ අවස්තාවේදී ම මෙබඳු චුඩාමානික්යට ප්‍රමාණවත්  පළිඟුවක් ලැබීම ආශ්චර්යකි. මේ ගැන තත් දන්නා සියලු දෙනාම පුදුමවුහ. දෙවනුව ලද ඒ පලිඟුවෙන් ඉන්ජිනේරුමහතුන් විසින් තැනු සැලැස්ම පරිදි චුඩාමානික්ය කපන ලදී. එහි උස අඟල් 18කි. වට පමාණය අඟල් 26කි. බර රාත්තල් 66කි.

පලිඟුව කපා අවසාන වූ කල්හි බුරුම නායක හිමිපානන් එය ස්වර්ණමය ආධාරකයක පිහිටුවා මුදුනෙහි ධාතු කරඬුවක් ද පිහිටුවා තවත් මානික්‍යන්ගෙන් සරසන්නට සිතා ඒ බව බුරුම බෞද්ධයන්ට දැන්වීය. උන් වහන්සේගේ වචනය ඇසු බොහෝදෙනා ඒ සඳහා රන් රිදී මැණික් පරිත්‍යාග කරන්නටත් මුදල් වියදම් කිරීමටත් කැමැත්ත දැක්වුහ. එයින්  සතුටට පත් නායක හිමිපාණෝ එය කරවීමට මොගොක් නුවර ධනවත් බෞද්ධ මහතකුට පැවරූහ. ඒ මහතා කිසිවෙකුගෙන් උපකාරයක් නොලැබුනත් තමාගේම වියදමින් නායක මාහිමියන්වහන්සේගෙන් අවසර ලැබෙන සැටියට කරවා දෙමි'යි  ප්‍රතිඥා කොට කට යුත්ත භාර ගත්තේය. එම කටයුත්ත සිය ඇස් ඉදිරියේම පිරිසිදුව කරවන්නට කල්පනා කළාවූ ඒ මහතා ඒ සඳහා උවමනා සියලුම උපකරණ අලුතින්ම තම නිවසට රැස්‌ කරවා රන් කරුවන් හා මැණික් කපන්නන්ද සිය නිවසට ගෙන්වා ආරක්ෂා සහිතව එම කාර්ය කරවන්නට පටන් ගත්තේය. මේ බුරුමනායක මාහිමියන් වහන්සේ වනාහී සිතුවහොත් කොතරම් වියදම් වන දෙයක් උවත් ලෙහෙසියෙන් සිදු කල හැකි මහා පින් ඇත්තෙකි. එබැවින් කාර්ය ආරම්භ කරනු සමගම රන් රිදී සහ මැණික් උන්වහන්සේ වෙත ගලා එන්නට විය. රිදියෙන් වාත්තුකොට රත්රනින් සියල්ල වසා මැණික් ඇල්ලු අඩියක චුඩා මානික්‍ය සවිකොට මුදුනේ ස්වර්ණමය ධාතු කරඬුවක් පිහිටුවා මැණික් සැරසු ස්වර්ණමය කෝෂයකින් මුදුන වසා  සතර දිශාවට මැණික් වැල් සතරක් එල්ලා  නව මසකින් චුඩා මානික්‍ය කර්මාන්තය නිමවන ලදී.

චුඩා මානිකය පිහිටවූ අඩියේ උස අඟල් 13 කි.  බර රාත්තල් 156කි. එය වසා පෙරවීමටරත්තරන් රාත්තල් 12ක් ගන්නා ලදී. එහිඉතිරි රාත්තල් 144 රිදීය. මේ සඳහා ලැබුණු මැණික් ගල් 7684කි. ඒවා අතර රපියල් 15000ක් (එකල මිල) පමණ වටිනා ලෝහිතංක මානික්‍යක්ද වීය.ලැබුණු මැණික් ගල් අතර රුපියල් 5ක් නොවටිනා එකම ගලකදු නොවීය. මැණික් සියල්ලම චුඩා මානික්යට ඇල්ලවිය නොහැකි බැවින් තෝරාගත් වඩා වටිනා මැණික් 4350 කින් චුඩා මානික්‍ය අලංකාර කරන ලදී. ඒ මැණික් වලින් 15000 ක් අගනා ලෝහිතංක මැණික් සහිත අගනා ගල් 1144 කින් චුඩාමානික්යයේ මුදුන සරසා තිබේ. අඩිය සහිත චුඩාමානික්යයේ උස අඟල් 31කි.
 

චුඩා මානිකයයේ මුදුනෙහි පිහිටවන ස්වර්ණමය කරඬුවෙහි වඩා හිඳවනු සඳහා බුරුම නායක මාහිමියන් විසින් ඒ ඒ තැනින් සපයා ගත් ධාතුන්වහන්සේලා 9 නමක් වීදුරු කුප්පියක තැන්පත් කර තිබුනෝය. චුඩා මානික්‍ය මුදුනෙහි ධාතු කරඬුව තැන්පත් කරන්නට බලාපොරොත්තු වූ දිනයෙහි නායක මාහිමිපානන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය වැඩ කරන තැනට ගෙනගිය මුත් කරඬුව සවි කිරීම එදින අවසන් කිරීමට නුපුළුවන් වුයෙන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය එහිම එහිම සුදුසු තැනක තබා වැඩියහ. පසුදින උන්වහන්සේ එහි වැඩ කරඬුවෙහි තැන්පත් කරනු පිණිස ධාතුන් වහන්සේලා ගන්නට බැලු කල්හි කුප්පිය පුරා ධාතුන්වහන්සේලා වැඩ සිටින බව දුටහ. ඒ කාරණයෙන් එහි උන් සැම දෙනම පුදුම වුහ. ඒ ආශ්චර්ය දැක සැම දෙනාම සතුටින් පිනා ගියහ. ඉක්බිති කුප්පියෙහි වැඩහුන් ධාතුන්වහන්සේලා ඉන් පිටතට වැඩමවා ගැන බලු කල්හි ධාතුන්වහන්සේලා 98ක් දක්නා ලදහ.ඉක්බිති බුද්ධා ලම්බන ප්‍රීතියෙන් පින පිනා එහි වුවන් සාධු නාද පවත්වද්දී නායක මාහිමියන් වහන්සේ චුඩා මානික්‍ය මුදුනෙහි වූ කරඬුවෙහි ඒ ධාතුන්වහන්සේලා 98 නම වඩා හිඳවුහ.
 

ඉක්බිති චුඩා මානිකය ලක්දිවට පමුණුවනු සඳහා මෝගොක් නුවර සිට විශේෂ දුම්රියකින් මහත් වූ උත්සව ශ්‍රී යෙන් බුරුමයේ රැන්ගුන් නගරයට පමුනවනු ලැබීය. රැන්ගුන් නගරයට ගෙනයන චුඩා මානිකය දර්ශනය සඳහා දුම්රිය නවත්වන සෑම ස්ථානයකම දහස් ගණන් ජනයා රැස්ව උන්හ. රැන්ගුන් නුවරදී එය ශ්වේද ගොන් චෛත්‍යයේ භාරකාර මහත්මෝ දුම්රිය ස්ථානයට පැමිණ මහත් ආදරයෙන් මහත් වූ උත්සවයෙන් පිලිගත්තෝය. ඒ පිළිගැනීමේ උත්සවයට සහභාගී වනු සඳහා රැන්ගුන් නුවර නායක තෙරුන්වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂුන්වහන්සේලාගෙන්ද,රජයේ ඇමතිවරුන් සහ උසස් නිලධාරීන්ගෙන්ද, නොයෙක් සමිති වෙනුවෙන් පැමිණි සිටි නියෝජිතයන්ගෙන්ද, ජන ප්‍රධානයන්ගෙන් හා මහා ධනවතුන් ගෙන්ද යුක්තවූ ලක්ෂයකට අධික ජනකායෙක් පැමිණියෝය.
දුම්රියපළේ සිට විශේෂයෙන් පිලියල කරන ලද රථයක තබා චුඩා මානිකය ලක්ෂයක් පමණ ජනයාගෙන් යුක්තවූ මහ පෙරහැරකින් රැන්ගුන් නුවර ශ්වේද ගොන් චෛතයස්ථානයට පමුණුවා එහිදී මහා ජනයාට ප්‍රදර්ශනය කරන ලද්දේය. මේ උත්තම වස්තුව ලක්දිවට පැමිණ විය යුතු කාලය පැමිණෙන තුරු ශ්වේද ගොන් චෛත්‍ය රාජයාගේ භාර කාර මහතුන් විසින් චෛත්‍යරාජයා සමීපයෙහි වූ විශේෂ මන්දිරයක තැන්පත්කොට ආරක්ෂාකර සුදුසු කාලය පැමිණි කල්හි ලක්දිවට යැවීම පිණිස බුරුමයේ ආණ්ඩුකාර තුමාට භාර කිරීමටද එතුමා විසින් එය රාජකීය භාණ්ඩයක් වශයෙන් ලංකා ආණ්ඩුකාරතුමා වෙත එවීමටද ලංකා ආණ්ඩුකාරතුමා විසින් මහ ඇමතිතුමාගේ මාර්ගයෙන් රුවන්මැලි චෛතය රාජයා මත පැළඳවීම සඳහා චෛත්‍ය වර්ධන සමිතියට භාර කිරීමට නියම කර ගන්නාලදී. මෙසේ ආශ්චර්ය ලෙස ලැබී සැපයුණ මේ අනර්ග වස්තුව රුවන්මැලි සෑය චෛත්‍ය වර්ධන සමිතියේ ආරාධනාවේන් බුරුම ජාතික විනයා ලංකාර හිමි පානන් විසින්ම රුවන්මැලි සෑයේ පළඳවන ලදී.

මේ බුරුම හිමිපාණන්ගේ බාල කල එකට ඉගෙන ගත් මිතුරෙකු වූ යු. තාඩෙක් නමැති ධනවත් මහතෙක් වන්දනාව පිණිස ලංකාවට පැමිණියේය. දාථා ධාතු වන්දනාව සඳහා මහනුවර දළඳා මාලිගයට ගියාවූ එතුමාට බුද්ධාලම්බන ප්‍රීතිය වෙනුවට ඇතිවුයේ  මහා සංවේගයකි. පුජනීයාති පුජනීය වූ ලොව්තුරා බුදුරජානන් වහන්සේගේ මේ ධාතුන්වහන්සේට වර්ෂ සියගනනකින් පෙර කල දිරූ කුඩා ගොඩනැගිල්ලක අදත් වැඩ සිටින්නට සිදුවී ඇත්තේ මේ දිවයිනෙහි බෞද්ධ රජකෙනකු නැති බැවින්ය.ඉදින් අද මේ දිවයිනෙහි බෞද්ධ රජතුමකු ඇති නම් ඇතිනම් කාලානු රූප නොවූ මේ කුඩා ගොඩනැගිල්ලේ දළඳා ස්වාමින්වහන්සේ නොවඩා හින්දුවන්නේයැයි සිතු එතුමා මහත් සංවේගයෙන් දළඳා හිමියන් වහන්සේ වැඳ විනයාලංකාර බුරුමනායක හිමියන් වෙත පැමිණ තමාට පහලවූ සංවේග ප්‍රකාශ කොට එතුමාට අවකාශ දෙතොත් දළඳා ස්වාමින්වහන්සේ වඩා හිඳවීම පිණිස කාලානුරුප අභිනව මාලිගයක් එතුමාගේ වියදමින්ම කරවන්නට කැමති බව හා දියවඩන නිලමේතුමා විසින් කරවනු ලැබේනම් ඒ සඳහා විශාල පරිත්‍යාගයක් කරනු කැමති බවද සැලකොට අභිනව මාලිගයක් කරවීමට නිලමේ තුමා උත්සාහවත් කරවන ලෙස උන්වහන්සේට ආරාධනා කළේය. එතුමා කිවූ කරුණු අසා උන් වහන්සේද සංවේගයට පැමිණ එවකට දළඳා මාලිගාව භාරව සිටි පී.බී. නුගවෙල දියවඩන නිලමේතුමා වෙත ගොස් කරුණු පහදා දී එතුමා අභිනව දළඳා මාලිගයක් කරවීමේ උත්සාහවත් කරවුහ. ඉන්පසු දියවඩන නිලමේතුමාද ඒ ගැන කල්පනාකොට පුරාන දළඳා මාලිගය මැදි කොට විසිලක්ෂයකින් පමණ නිම කලයුතු අභිනව මහා දළඳා මාලිගයක් කරවන්නට 1927 පමණේදී ආරම්භ කළේය. එයට මුල් ගල තිබීම සඳහා තාඩක්  මහතාද පැමිණ එතුමා එදිනම රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කළේය. පසුවද එතුමා ඒ සඳහා වරින්වර ලක්ෂ එකහමාරක් පමණ පරිත්‍යාග කළේය.බුරුම නායක නාහිමියන්වහන්සේගේ අනුශාසනය  පරිදි තවත් බොහෝ බුරුම බෞද්ධයෝ ඒ සඳහා මුදල් පරිත්‍යාග කළහ. දියවඩනේ නිලමේතුමා 1936 දක්වා එම කාරය කර වුයේය.  ඒ වර්ෂය වන විට ඒ සඳහා ලැබී තිබුණු උපකාර මුදල්ද අවසන් විය.

ඉදිරියටද රුපියල් ලක්ෂ ගණනක් වියදම්කොට අවුරුදු ගණනක් මුළුල්ලේ කරවන්නට තිබෙන මේ කාර්යයෙහි යෙදීමට එතුමාට අවකාශ නැති විය. එබැවින් එතුමා ඒ කාර්ය මුල පටන් උපකාර කලා වූ යු. විනයාලංකාර බුරුම නායක මාහිමියන්ටම ඉදිරියට කරන්නට තිබෙන කොටස සම්පුර්ණ කිරීමේ භාරය පවරන්නට සිතා දළඳා මාලිගාවේ නායක ස්වාමීන්වහන්සේලා සමගද සාකච්චා කොට 1936 දී එසේ කළේය. මේ කටයුත්ත සඳහා තඩක් මහතාද  මසක් පාසා වියදම් එවනු ලැබුවේය. ඔහුට අමතරව අනෙක් බුරුම බෞද්ධයන්ද ඒ සඳාහා බොහෝසෙයින් දායක වී තිබේ. ශ්‍රී දළඳා වහන්සේ තැන්පත්කිරීමට සුදුසු මන්දිරයක්සේ මහනුවර නගරයේ උසම ගොඩනැගිල්ල ලෙස මෙය නිර්මාණය කිරීමට විනයාලංකාර නාහිමියන් සැලසුම් කර තිබුනත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් විරෝධය පලකිරීම නිසා අභිනව මන්දිරය දැන් පවත්නා තත්වයෙන් නිමකර ඇත්තේය.

උපුටා ගැනීම රේරුකානේ චන්දවිමල හිමිපාණන්ගේ සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති නම් පොත ඇසුරිනි.

මතු දිනක රුවන් මැලිසෑය, දළඳා වහන්සේ වැඳුම් පුදන්නට ගිය විටක ඒවා අද ඇති තත්වයට නංවනු පිණිස දායකවූ බුරුම ජාතික විනයාලන්කාර මා හිමිපාණන් ඇතුළු එයට දායක වූ බුරුම වැසියන්ද සිහිපත් කරන්න.
 

මෙම ලිපි කියවා යෑමේදී පැහැදිලිවුන දෙයක් නම් සත්‍ය ධාතුන්වහන්සේලා නම් රෙජිස්ටර් තැපෑලෙන් යවන හෝ කෞතුකාගාරවල තැන්පත් කරන දේවල් නොව සත්‍ය ධාතුන්වහන්සේලා වැඳුම් පිදුම් කරන ස්ථාන වලට වඩින බවය. එමෙන්ම අපට අද මහා ලොකුවට මානව අයිතිවාසකම් උගන්වන්නට ලැහැස්ති වන සුද්දෝ අඩුම තරමේ බෞද්ධ සිද්ධස්ථානයක් වත් උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකරන්නට නොදුන් බවය.


(සටහන සුභාෂිනී කුමාරි)



බෝසත් ලේ

ඉන්දියන් සාගරයේ සමකයට ආසන්නයේ පිහිටා ඇති අසිරිමත් වූ දීපයකි. ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණයකට හිමිකම් කියන මේ දීපය දසදහසක් සක්වලක් වටා ප්‍රසිද්ධියට පත්වූයේ එම සක්වලේ තම අණසක පතුරුවාලිය හැකි,සසර ගමන නැවැත්වීමේ රහස දන්නා සම්මා සම්බුදුවරයාණන් වහන්සේලා පහල වන මධ්‍ය මණ්ඩලය හෙවත් නාභි මණ්ඩලය පිහිටි නිසාය. ඒ දීපය නමින් හෙලදීපය විය. මේ කියන්නට යන්නේ ඒ හෙලදීපයේ ජීවත් වන්නාවූ පැරණිම මෙන්ම අද්විතීය වූත් දුර්ලභ වූත් ජාතියක් පිලිබදවය.

හින්දූන්ට ඉන්දියාව මෙන්,සුද්ධාට එංගලන්තය මෙන්,මුසල්මානුවාට අරාබිය මෙන් සමස්ත පෘතුවිතලයෙන්ම හෙලයාට උරුමවූයේ හෙලදීපයයි. වසර ලක්ෂගණනක උරුමයක් හෙලයාට තිබුනද කිනම් හෝ හේතුවක් නිසා හෙලදී
යට අද උරුම වී ඇත්තේ ඉතාමත් ඛේදනීය තත්වයකි. ඒ තත්වයට මූලික හේතුවක් සේ දකින්නේ අද ජීවත් වන සිංහලයා තමන්ගේ ජාතිය පිලිබද හෝ තමන්ගේ රට පිලිබද හෝ තමන්ගේ මුතුන් මිත්තන් පිලිබද නිවැරදි දැනීමක් නොතිබීම නිසාය. කුඩා කල සිට දරුවෙකුගේ මනස හැඩ ගැස්සීමට සමාජය නොගන්නා උත්සහයක් නොමැත. ඒ අන් කිසිවක් නිසා නොව අත්තිවාරම දුර්වල වූ විට ඒ මත ගොඩනැගෙන සියල්ල බිදවැටෙන බව ඔවුන් දන්නා නිසාය. කුඩා කාලයේ සිට තම දරුවා වීරයෙකු කිරීමට උත්සහ කරන සමාජය වීර චරිත ඇසුරුන් කුඩා මනසට ඒ වීර ගති ,නිවහල් ගති එකතු කිරීමට වගබලා ගනිති. ඒ සදහා තම රටේ අතීතයේ සිටි විරුවන් යොදාගැනීම බොහෝ දෙනෙකු කරනා දෙයකි. එනමුදු කිසිදු සංස්කෘතියකට හෝ දියුණු ශිෂ්ඨාචාරයකට උරුමකම් නොකියනා ඉතාමත් අඩු දියුණු මානසික මට්ටම් වලින් හෙබි ඇමරිකාව වැනි රටවල් ඒ සදහා සුපර් මෑන්,ස්පයිඩර් මෑන් වැනි කෘතිම වීර චරිත නිර්මාණය කරයි. ඒ අන් කිසිවක් නිසා නොව තමන්ගේ අඩුව වසා ගැනීමටය. එහෙත් සැබෑ වීරයන් සිටියා,දියුණු ශිෂ්ඨාචාරයකට හිමිකම් කියනා අප රටේ ඇත්තන්ද ඇමරිකාව මෙන් නොදියුණු තත්වයකට අප ජාතිය ඇද දැමීමට කටයුතු කරයි. ඒ අපේ උරුමය පිලිබද තිබෙනා නොදන්නා කම නිසාය.  ඒ සදහා දැනගැනීමට බොහෝ දේ තිබුනත් පලමුව දැනගත යුතු දෙයනම් අප ජාතියේ ආරම්භකයා කවුද, කෙසේ අප ජාතිය පැවත එන්නේද යන්නයි.

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ආඩි මහානාම නම් පූජකයානෝ රචනා කරන මහාවංශය නැමැති ඉන්දියානු සම්භව සහිත හෙල ඉතිහාස අට්ට කතාවට අනුව සිංහලයා පැවතගෙන ඇතැයි පවසන්නේ තිරිසන් සතෙකු වූ සිංහයෙකුගෙනි.භාරතයේ විසූ සුප්පාදේවිය තිරිසන් සතෙකු වූ සිංහයෙකු සමග එක්වීමෙන් බිහිවන අයියා නගෝ දෙදෙනාට දාව ඉපදී ඇත්තේ විජය නම් වූ මංකොල්ලකාරයාය. ඉන්දියාවේ ස්ත්‍රීන්ගේ ගති සිරිත් සුප්පාදේවියගෙන්ද සංස්කෘතිය සිංහබාහු,සිංහසීවලියගෙන්ද පෙන්වා දුන් මේ මහානාම පූජකයානෝ සිංහල ජාතියට හිමිවන්නේ පහත් සම්බවයක් යැයි ඇස් වසා ටොක්කක් ඇන්නේ එලෙසය. එසේ උපදින විජය නම් පරදෙස්සාගේ නොමන හැසිරීම් නිසා ඉන්දියාවෙන් ඔහුව තවත් පිරිසක් සමග පන්නා දමන බවත් එසේ පන්නා දමන පිරිස මෙහි අවුත් මෙහි ජීවත් වූ යකුන්ගෙන් රට බේරාගෙන මෙහි ජනාවාස ඇති කලා යැයිද, සිංහල ජාතිය පන්නාදැමූවෙකුගෙන් ආරම්භ වූවායැයිද තවදුරටත් විස්තර කර සිටී. අප ජාතියට මෙසේ පන්න පන්නා පහර දීමට තරම් ආඩි ඉන්දියානුවන් පෙලබුනේ ඇයිද යනවග මුලින්ම සොයා බැලිය යුතුය. එදා මහානාමයෝ මනුස්සයන්ට තිරිසනුන්දාවී දරු උපත් සිදුවන බව පැවසුවද මේ 21වන සියවස නිසා ඒවා එසේ සිදුවිය නොහැකි බව වෛද්‍ය විද්‍යාව අනුව පැහැදිලි වේ. එනමුදු අපේ ඇතැම් පුරාවිද්‍යා ජනරාල්වරුන් හෝ වෙනයම් පුරාවිද්‍යාව සම්බන්ද පාර්ශවයන් පාසලේදී විද්‍යා විෂය කාලපරිච්චේදය මග හැරි නිසාදෝ තවමත් විජයගේ සම්බවය අල්ලාගෙන සිටිති. කෙසේ වෙතත් මේ ඉන්දියානුවන්ගේ ගල්,පොලු ගැසීම් වලින් අපට එලඹිය හැකි නිගමනය නම් අප ජාතිය එකල ඵල ඇති රුකක්ම වී තිබී ඇත යන්නයි. අප ජාතිය කිනම් හෝ වැදගැම්මක් නොමැති ජාතියක් වී නම් අපට මෙතරම් බලපෑම් එල්ල වීමට හේතුවක් නොමැත. සත්‍ය වශයෙන්ම ඉන්දියානුවන් මෙසේ ගල් ගැසීමට හේතුවනම් අප ජාතිය වනාහි ලෝකයේ පැවති ශ්‍රේෂ්ඨතම මෙන්ම උසස්ම ජාතිය වූ නිසාය.

ඩාවින්ගේ පරිනාමවාදය අනුව මිනිසා වදුරෙකුගෙන් පැවතගෙන එනු ඇතැයි පැවසුවද බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ මිනිසා පැවතගෙනු ඇත්තේ ආබස්සර බ්‍රහ්මලෝකයේ ජීවීන්ගෙන් යන්නයි. එනම් පෘථිවියේ ජීවය ආරම්භවන්නේ පිටසක්වල බලපෑමක් නිසා බවයි. එසේ ආරම්භවන ජීවියා කල් යාමත් සමග නූතන මනුශ්‍ය ස්වරූපයට පත්වන අතර ජන කණ්ඩායම පාලනය සදහා ඔවුන් විසින් ඇතිකරගන්නා පලවෙනි රජතුමා ලෙස මහාසම්මත මනු රජු හැදින්වේ. මේ කථාපුවත ත්‍රිපිටකයේ අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිව සදහන් වේ. හෙලදිව නියම ඉතිහාසයට අනුව මහාසම්මත මනු රජතුමා ජීවත් වී ඇත්තේ හෙලදිවය. එසේනම් ලෝකයේ මුල්ම ජනාවාස ආරම්භවන්නේ මේ හෙලදිවින් බව අමුතුවෙන් කිව යුතු නැත. එය අද බටහිර විද්වතුන්ගේ අවධානයට යොමු වී ඇති බව නොරහසකි. සුද්ධා ඇඩම්ස් පීක් මෙරට ඇති බව කියන්නේද නොදන්නා කමක් නිසානම් විය නොහැක.

කෙසේ වෙතත් එතැන් පටන් ආරම්භවන හෙල ජාතිය විවිධ අවස්ථාවලදී නොයෙක් ආකාරයේ ව්‍යසනයන්ට මුහුණ දී තිබේ. බලි රාජ සමය, හිරන්‍ය කසුබ් රාජ සමය, රාවණා රාජ සමය එයට නිදසුන් ලෙස පෙන්වා දිය හැකි අතර අප දන්නා මෑත කාලීන ඉතිහාසයේ ප්‍රබලම ආක්‍රමණිකයන් ලෙස විජය, මිහිදු නොහොත් මහේන්ද්‍ර ආගමනය, චෝල, පාණ්ඩ්‍ය, සොලී ආක්‍රමණ හා බටහිර ආක්‍රමණයන් හැදින්විය හැක. මේ අතරින් සමහර අවස්ථා කෙලින්ම ආක්‍රමණ මුහුණුවරක් ගත් අතර තවත් අවස්ථා සංක්‍රමණ ස්වරූපයේ ආක්‍රමණ විය. අතීතයේ බොහෝ විට ආක්‍රමණ හරහා සිදු වූයේ සිදුවූයේ භෞතික විනාශයන් පමණක් වුවද සංක්‍රමණ ස්වරූපයේ ආක්‍රමණ නිසාවෙන් කාටත් නොදැන්නෙන පරිදි එකල ජනයාගේ මනසට වහල් මානසිකත්වය රිංගවූයේ ඇස් වසාය. හෙලදිව තාක්ශණය අභාවයට පත් කිරීමේ එබදු ආක්‍රමණයක් ලෙස මිහිදු හිමිගේ මිහින්තලා ගමනය හැදින්විය හැක. බුදුන්වහන්සේගේ කාලයේ පවා තිබූ නැව් සමාගම්,ගුවන් යානා සමාගම් අබාවයට යාමටත්, හෙල භික්ශු පරපුර තුල භේදයක් ඇති කිරීමටත් එක් භික්ශු පරපුරක් ඉන්දියාවට වැඩමවීමටත්, බුද්ධ ධර්මය වැදීම්,පිදීම්,යැදීම් වලින් ගහන කරවීමටත් මූලික හේතුව වූයේ මහින්දාගමනය බව විමසා බැලීමේදී පෙනී යයි. මහින්දාගමනය ආක්‍රමණයක් ලෙස සැලකූවේ එබැවිනි.


ගෝතම බුද්ධ කාලයට පසු මෙවැනි ව්‍යපර්යාස වූව සේම ඊට පෙරත් නොයෙක් ආකාරයේ ව්‍යපර්යාස /ආක්‍රමණ/යුග වෙනස් වීම් සිදු වී තිබේ.බුද්ධ සාසනයක් අවසානයේදී ජන සමාජය කිසියම් වෙනස් වීමකට භාජනය වේ. කාශ්‍යප බුද්ධ සාසනය අවසන් වීමත් සමග කිසියම් වූ ස්බාවික ව්‍යපර්යාසයක් සිදුවීම ධර්මතාවයකි. එසේ වූ ව්‍යපර්යාසයකින් අනතුරුව ජනයා සම්පූර්ණයෙන්ම නැති වී නොයන නමුත් ජන ශූන්‍යතාව අඩු වීමේ සම්භවයක් පවතින බව අපට සූත්‍ර දේශනා ඇසුරින් පෙනී යයි.  එසේනම් ඉන් පසු නැවත ජනාවාස පිහි‍ටුවීමක් අවශ්‍ය වේ. මහාසම්මත මනු පෙලපතින් ඉතිරි වූ කීපදෙනා නැවත සිංහල ද්වීපය ජනාවාස කිරීම කල යුතුය. එය එසේ සිදු වී ඇති බවට සාධක තිබේ. (පෞද්ගලික නිගමනය අනුව මේ ජනාවාස කිරීමේ කාර්‍ය සිදුවීයේ කාශ්‍යප හා ගෝතම බුදුන්වහන්සේලා අතර තුර කාලයේ යෙයි සදහන් කරමි). එසේනම් නූතන සිංහලයාගේ ඇගේ දුවන රුධිරය කාගෙන් ආරම්භවූවාක්දැයි මොහොතකටවත් සිතුවාද? සිතන්න! ජාතක නොවූ පිරිසිදු ලේ ඇති සිංහලයාගේ දැන් දුවන ලේවල මුල් අයිතිකරුවා අන් කිසිවෙකුත් නොව අප මහා ගෝතම බෝසතානන් වහන්සේගේමය. ඒ බව ගෝතම බුදුන්වහන්සේ තමන්වහන්සේගේ සිරි මුඛයෙන්ම දේශනා කර ඇත්තේ මෙලසය.
 

"සිංහලේන රාඤා ආවාසිතමිති සිංහල ද්වීප: සිංහල ද්වීප ඉති සංඥාසංවෘත්තා.......
කිං මන්‍යධ්වේ,භික්ෂව: යෝ. සෞ සිංහල: අහමේව තේන කාලේන තේන සමයේන"

"සිංහල රජු විසින් ජනාවාස කරන ලද්දේ නුයි සිංහල ද්වීපය යන නම හටගත්තේය. මහණෙනි ඒ සිංහලයා නම් කවරෙක් දැයි තොප සිතව්ද? මහණෙනි ඒ බෝධිසත්ව කාලයෙහි මම් මැ වෙමි"
(දිව්‍යාවදානය 446-464 පි‍ටු- පී.එල් වෛද්‍ය සංස්කරණය)
 

එසේනම් මේ ඇගේ දුවන්නේ කාගේ උරුමයදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. එදා බෝසතානන් වහන්සේ විසින් ජාතියේ නව පි‍ටුව පෙරලුවද, පසුව සිදුවූ විවිධ ආක්‍රමණිකයන් නිසා ඒ ලේ අපිරිසිදු විය. විජයගේ පැමිණීමත් සමග විජයට දාව දරුවන් ඇති වූවායැයි මහාවස්කරු කීවද සත්‍ය වශයෙන් විජය යනු දරුවන් නැති පුද්ගලයෙකු සේ සැලකේ. එහෙත් ඔහු සමග සිටි අනික් පිරිස නිකම් නොසිටි නිසා හෙල ජාතියට ඉන්දියානු ආඩි ලේ මිශ්‍ර විය. තවද ඉන් පසු පැමිණි චෝල, පාණ්ඩ්‍ය, සොලීන්ගේ ලේ මිශ්‍ර වීම නිසාද අපිරිසිදු වූ ජාතියේ බෝසත්කම ටිකෙන් ටික අතුරුදහන් වී ගොස් ඒ වෙනුවට සංකර ගති සිරිත් ඉස්මතු වීමට පටන් ගත්හ. එදා වර්ධනය වීමට පටන් ගත් ඒ ඉස්මතු වීම අද උඩු දුවා ඇත. අතීතයේදී තමන්ගේ රට වෙන්වෙන් දිවි පිදුවෝ ඒ බෝසත් ලේ ඇත්තෝ විය. ඉන්දීය ආක්‍රමනවලදී ඉන්දියාවටද, බටහිර ආක්‍රමණවලදී සුද්ධන්ටද රට ජාතිය පාවාදුන්නෝ සංකර ලේ ඇත්තන් විය. තම රට වෙනුවෙන් එකා පිට එක මැරී වැටෙද්දී තමන්ගේ මඩිය තරකරගත් ආඩියෝ තමන්ගේ පරපුරවල් ඉදිරියටම ව්‍යාප්ත කිරීමට බලාගත්හ. එනමුදු බෝසත් ලේ සහිත හෙල සිංහල ජාතිය කිසිවිටක වද නොවූනය. අදද ඒ පරපුර එලෙසම ඇත්තා සේම ජාතිස්මරණයන්ද මේ කාලයේ පහල වී තිබේ.



එසේ වූ බෝසත් උරුමයකට හිමිකම් කියන හෙල ජාතිය කිසි විටක තමන්ගේ දේශය,තමන්ගේ මුතුන් මිත්තන් පාවා නොදෙන්නේමය. ඔවුන් තමන්ගේ දේශයේ නම වෙනුවෙන් කැප වූවෝමය. මහාසම්මත මනු රජුගේ සිට මේ දක්වා වූ හෙල ජාතිය වනසන්නට එදා මෙන්ම අදත් ඇතමුන් පෙලගැසී සිටී. එනමුදු කිසිම ජාතියකට හෝ අධිරාජ්‍යවාදියෙකුට මේ රටේ ලේ සෙලවීමක් මගින් රට හෝ සිංහල යැයි පවසනා ජාතිය සම්පූර්ණ වශයෙන් විනාශ කිරීමට නොහැකි විය. මේ භූමිය මෙන්ම ඒ ජාතියද එතරම් පූජනීයය. එනමුදු ඒ ජාතියේ සිටිනා අවජාතිකයන් නිසා ආක්‍රමණිකයන්ට ඒ රටේ රිසි සේ තම කටයුතු කිරීමට හැකි විය. වහල් මානසිකත්වය බෝ කිරීමට හැකි විය. තාක්ශණය සොරාගැනීමට හැකි විය. මේ සිදුවීම් එදා මෙන්ම අදත් සිදුවේ. කරුමයකට වී ඇත්තේ එදා පොඩි පු‍ටුවල සිටි ආඩින් අද ලොකු පු‍ටුවලට යාම පමණි.
 

පාලි මහාවංශය රචනාකිරීමට සියවස් එකහාමාරකට පමණ පෙර ලියූ දිව්‍යාවදානය,කරණ්ඩව්‍යහ වැනි බෞද්ධ ග්‍රන්ථවල දැක්වෙන අන්දමට නූතන සිංහලයා පැවතගෙන එනු ඇත්තේ "සිංහ" නැමැති වෙළෙන්දාගේ පුත් "සිංහල" නැමැති වූ අප මහා බෝධිසතවයන්වහන්සේගෙනි. මහාවංශයට පෙර ලියූ ග්‍රන්ථවල සදහන් වන දේ ඊට පසු ලියූ ග්‍රන්ථවල සදහන් නොවන්නේ හිතාමතා මිස මගහැරීමකින් නම් නොවන බව පැහැදිලිවය. මහානාම සිදුකර ඇති විනාශය නැවත නැවත පුන පුනා කියන්නේ තවමත් අපට හමුවන උගතුන් මහාවංශ භක්තිකයන් වන නිසාමය. මේ බෝසත් කථාපුවතත් දඹදිව නිවැරදිව නොදැනීම නිසා ඇතමුන් ඉන්දියාවට සම්බන්ධ කර ඇති බවද මතක් කල යුතුමය. කෙසේ වෙතත් පිරුවනා පොත්වහන්සේ තුල පන්සිය පනස් ජාතකයන් ගැන කෙරෙන විස්තරක්ද මෙහිදී උපුටා දැක්වීමට කැමත්තක් දක්වමි.
 

"සිංහලයා පන්සිය පණස් ජාතක පොතෙහි එන බෝධිසත්ව චරිතකතාවන් ශ්‍රවණය කරන්නේත් හදාරන්නේත් ඒවා හුදෙක් තම ආගමින නායකයන් වහන්සේගේ අතීත චරිතකතාය' යන සාමයික විශ්වාසය අනුව පමණක් නොවේ. බෝධිසත්ව චරිත කථා යනු තම සිංහල ජාතියේත් සිංහල රටේත් ආදී පුරුෂයාගේ අතීත චරිත කතාය' යන ජාතිකාභිමානයෙන් ද යුතුවය."
 

කිසිම රටකට වහල් සේවයේ නොයෙදුනු සූර්‍ය වංශික පෙලපත් ඇති අප ජාතියේ අභිමානය තවත් වැඩිවන කතාපුවතක් ලෙස බෝසත් සම්භවය හදුන්වාදිය හැක. එසේ වූ ජාතිය තව දුරටත් හීන වූ නොදියුණු ජන කණ්ඩායමක් හෝ සුලු ජාතියක් ලෙස හදුනාගත යුතු නැත. කෙසේ,කවුරුන්,කොපමණ බාධක ආවද සියලු සත්වයා සදහා මේ අසිරිමත් දීපයත් ඒ දීපයේ සු‍රැකී පවතින ධර්මයත් ආරක්ශා කිරීම හෙල ජාතියේ පරම යුතුකම වන්නේමය. ඒ සදහා සියල්ලෝම කටයුතු කිරීම අනිවාර්යය. එහෙත් "‍රැකීම" යනු බෝඩ් ලෑලි උස්සාගෙන පාරට බැසීම නම් නොවේ. ඊට වඩා කල හැකි දේවල් බොහෝය. තම රටේ ඉතිහාසයේ වග තුග ලොව පුරා පැතිරිය යුතුය. සියලු දෙනාව දැනුවත් කල යුතුය. එදා තාක්ශණික ශිල්ප ක්‍රම නැවත භාවිතාකිරීමට වැඩ කරටයුතු සැකසිය යුතුය. ධර්ම මාර්ගය පුරුදු කර අවබෝද කරගෙන මාර්ග ඵල ලබමින් සාසනය දියුණු කල යුතුය. එකම ජාතිය දෙපිලකට බෙදී කුලල් කා නොගත යුතුය. බෝසත් ලේ ඇති අප ජාතිය සියල්ලෝම එකතුව එකා මෙන් නැගී සිටිය යුතුය. එවිට කිසිවෙකුට අප බිය විය යුතු නැත. එසේ කිරීම අනිවාර්ය වන්නේ අන් කිසිවක් නිසා නොව හෙල ජාතියට ඇත්තේ මේ හෙල දිපය පමණක් වන නිසාමය.

සතන් සෙත් බිම මගේ.....
මවුබිම ලොවේ, පින් බිම තුන් හෙළේ...
වසර දස ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ
ලොවට සෙත සැදු, දුකට පිහිටයි අමා ධර්මය මේ හෙළේ...
ගතේ රුධිරය බලන් කකියයි මෙහෙය නෑ අමතක කළේ...
ලොවේ කොතැනක සිටීනම් නුඹ අසාපන් සිංහල පුතේ,
පුරාණේ සිට දෙරණ රකිනට නුඹේ පරපුර දිවි හලේ
දකින සැමතැන ‍වෙහෙර විය එය අපේකම රකිනා බලේ...
වරෙන් මිසුදටු බලය බිදලා රකින්නට තුන් සිංහලේ...
ලොවේ මනුසත් උයනෙ මහ ගෙය ඉන්දු සයුරේ මුතු ඇටේ...
සිංහ ධජයේ කගැති නර සිහ මාර සටනය බෝ මැඩේ
එහෙව් දීපය මගේ ලංකා මව්නි දිවුරම් අද මෙසේ...
කෙලක් පරයන් මරාගෙන හෝ දැයට පන දෙමි සිංහලේ...