Saturday, January 26, 2013

යකුන් හෙලිකල බුදුන්ගේ උරුමය

යක්කු එසෙත් නැතිනම් යක්ක ගෝත්‍රය වනාහි මෙරට තිබූ හා පවතින ප්‍රධානාතම මෙන්ම වැදගත්ම ගෝත්‍රය විය.ක්‍රි.පූ. 6වන සියවස වන විට ඔවුන් තමන්ගේ පාලන ප්‍රදේශය හෙල දීපයේ උතුරු ප්‍රදේශයේ ව්‍යාප්ත කරගෙන පැවතුනි. දියුණු ධ්‍යාන ක්‍රම, යකඩ තාක්ශණය, අහස් යානා තාක්ශණය, අභ්‍යවකාශ තරණය අතින් කෙල පැමිණි ඔවුන්ගේ ඉතිහාසය සදහන් ග්‍රන්ථයක් ලෙස "වර්ගපූර්ණිකාව" පුස්කොල පොත හැදින්විය හැක.එම ග්‍රන්ථයේ සමස්ත දිවයිනේම ඉතිහාසය ඇතුලත් නොවූනත් යක්ක පාලන ප්‍රදේශය පිලිබදව හා වෙනත් වැදගත් සිදුවීම් වල ඉතිහාසගත සිදුවීම් සදහන් වේ. එම පුස්කොල ග්‍රන්ථය අප සතුව නැති වුවත් එය හිමි ස්වාමීන්වහන්සේ නමක් වන මානෑවේ හිමියන් විසින් එම වර්ගපූර්ණිකාව පරිවර්තනය කර සකස් කල ග්‍රන්ථ අප සතුව ඇත. ඉතා පරිස්සමෙන් හා විමසීමෙන් එම ග්‍රන්ථ පරික්ශාකරමින් මේ හෙලිකරන්නට යන්නේ යක්ක ගෝත්‍රිකයන්ගේ ඉතිහාසයනම් නොව ඔවුන් විසින් බුදුන්වහන්සේගේ උරුමය පිලිබද සදහන් කල තොරතුරු වලින් කිපයකි.

යක්ක ගෝත්‍රික ජනයා එදා සිදුහතුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ ජය සිරි මහ බෝධීන්වහන්සේ පිලිබද දැන සිටි බවට අපට සාධක හමුවේ. එම ප්‍රදේශ ඔවුන් හදුන්වා ඇත්තේ "ජය සිරි මහ බෝ පුරය" යන නමිනි. ජය සිරිමහ බෝධීන්වහන්සේ ලෙස හදුන්වන වෙනත් බෝධීන්වහන්සේලා නැත. එසේ හදුන්වන්නේනම් හදුන්වන්නේ අනුරාධපුරයේ පිහිටි බෝධි ශාඛාවයි. එනමුදු මෙහි සදහන් විස්තරය අනුව පැහැදිලි වන්නේ එසේ හදුන්වන්නේ අනුරාධපුරයේ බෝධීන්වහන්සේ නොවන බවය.


"ජය සිරිමහ බෝපුර රන්ගිරි දඹුලු දේශය,ලලාට දේශය,දෙවනත් කැර දෙමළ රුපුන් ආයේ හිස්නා වැදගත,මහානාම රජු බිසෝවර හා පිරිවර නීලගිරි ග්‍රාමය හැරපී ඊ කල වියෝතයෙන් ඒ පරලෝක ප්‍රාප්ත වැදගත...."(ය.ගො.අ.තො. 52පිට)

 එදා හෙලදිව ජනයා පූජනීය ලෙස සැලකූ ජය සිරි මහ බෝධීන්වහන්සේගේ ආරක්ශාව පතා තවත් ආකෘතිමක් ඒ ආසන්න ප්‍රදේශයක ඉදිකලහ. එය නිල්ලග්ගල බෝධිඝරය නම් විය. මෙරටට පැමිණි ආක්‍රමණිකයන් එම නිල්ලග්ගල බෝධිඝරය විනාශ කල බව අපට ඉතිහාසයෙන් වාර්ථාවේ. ආක්‍රමණිකයන් රටකට ආ පසු විනාශ කරන්නේ වටිනා දේය. ජය සිරි මහ බෝධීන්වහන්සේ වැඩ සිටි ප්‍රදේශ ආක්‍රමණය කිරීමට පැමිණි ද්‍රවිඩ ආක්‍රමණයන් ගැන සදහන් වන්නේ මෙසේය.
"මහානාම රජුගේ මරණයත් සමග ඇති වූ නොසන්සුන් තත්වයත් සමග සතුරන්ගේ පීඩනය ද තදින්ම රට වැසියාට දැනෙන්නට විය.මේ වන විටත් පර සතුරෝ ඉතාමත් බලසම්පන්නව ශ්‍රී මහා බෝ පුරය ආක්‍රමණය කොට දඹුලු දේශය කරා ලගා වෙමින් සිටියහ."

"කුසතුල දරුවෙකු තබාගෙන සතුරන් හා සටන් නොකරන්න. රටේ වටිනාම පූජනීය ස්ථාන බිමට සමතලා වනු නිසැකය."
(36,38 පි‍ටු*)

එදා ජනයාගේ නොමද වන්දනයට මෙම බුදුන්වහන්සේගේ පූජනීය වස්තුව වන ජය සිරි මහ බෝධීන්වහන්සේ පිලිබද ඔවුන් දැන සිටින්නට ඇත. ඒ නිසා එය විනාශ කිරීමට පැමිණි ඇත. එහෙත් කිසියම් හෝ හේතුවක් නිසා ඔවුන් නිල්ලග්ගල බෝධීන්වහන්සේ විනාස කර දමා ගොස් ඇත. පූජනීය වූත් පාරිශුද්ධ වූත් හිරිවඩුන්නේ ජය සිරි මහ බෝධීන්වහන්සේ සතුරන්ගෙන් ආරක්ශා වූයේ එලෙසය.එසේනම් හිරිවඩුන්නේ ජයසිරි මහ බෝධීන්වහන්සේ හෙලදිව ජනයා පමණක් නොව ඉන්දියාවේ ආක්‍රමණිකයන්ද දැන සිට ඇති බව මේ අනුව පෙනි යයි.

වර්ගපූර්ණිකාව හෙලිකරන තවත් පූජනීය පුද බිම් දෙකක් ලෙස මක්කම හා සච්චබද්දගිර හැදින්විය හැක. මේ ස්ථාන දෙකම බුදුන්වහන්සේගේ සිරි පතුල් තැන්පත් කල ස්ථානයන්ය. පලමුව මක්කම පිලිබද අවධානය යොමු කල හොත්, එදා මක්කම පිහිටා තිබී ඇත්තේ හෙලදිව මුහුද ආසන්නයේය. ඒ පිලිබව සදහන් වන්නේ මෙසේය.

"ලලාට දේශය යනු පුත්තලම් හලාවත දක්වා මුහුදු බව ප්‍රදේශයයි. බුදුන්වහන්සේ මිණිමිහි දේශයට ශ්‍රී පාදය තබන විට උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් එය වැල්ලේ එරී ගියේය. එම ස්ථානයේ එදා හැදින්වූයේ මක්කම නමිනි. මේ පූජනීය ස්ථානය එදා බෞද්ධයාගේ ගෞරවයට පාත්‍ර විය.වැල්ලේ නලල තබා නව වැදුම් ක්‍රමයට ශ්‍රී පාදය වන්දනා කරන බැවින් මේ ප්‍රදේශය ලලාව දේශය නමින් හදුන්වන්නට ඇත"(26 පිට*)

මෙම මක්කම හෙවත් මක්කමාම වෙලදුන් පොදි ලෙහන ස්ථානයක් වූ අතර, පූජනීය සිරි පතුල පසුකලෙක නැව් ගමනා ගමනයේ යෙදුනු බොහෝ නාවිකයන්ගේ වන්දනාවට පාත්‍ර වී ඇත. ඒ අතර අරාබි වෙලදුන්ද විය. මුස්ලිම් ජාතිකයන් විසින් නලල බිම තබා වදින වැදුම් ක්‍රමය පුරුදු වූයේ එසේ වෙලදාමේ හෙලදිවට පැමිණි අරාබි වෙලදුන් හරහාය. අද මුස්ලිම් ජාතිකයන් නලල බිම තබා දෙවියන් වදින වන්දනා ක්‍රමයේ මුල් අයිතිකරුවන් වූයේ හෙලදිව සිටි මුතුන් මිත්තන්ය. ඔවුන්ගේ වන්දනා ක්‍රමයේ ආරම්භය එයයි.

අනිත් පූජනීය සිරිපතුල පිහිටා ඇත්තේ සච්ච බද්ද ගිරියේය. ඒ පිලිබද සදහන් වන්නේ මෙසේය.
 

"නීලගිරියට(මානෑ කන්ද) ආසන්නව පිහිටි රකුන්ගිර හෙවත් සත්නානාගිරට බුදුන්වහන්සේ වැඩම කලහ. රකුන් ගිර හෙවත් රිටිගල දී යක්ෂ ගෝත්‍රික නායකයෙකු වන ගිරිභද්‍රයාණන්ගේ මානය බිදීම උදෙසා යමා මහා පෙළහර දැක්වූහ. කවිලාශ අග්නිපාල රහත් මෙහෙණිය විසින් පසු දිනෙක තම දියණිය වන මහාපාලි කුමරියට(කුවේණි) දේශනා කරන ලද දෙවැනි විෂකුම්භණ සූත්‍රයේ බුදුන්වහන්සේ රිටිගලදී යමාමහ පෙළහර පෑ බව සදහන්ය වෙයි.

දිටිමි මහා සිරි මංගල්‍ය අඩයාලම ඇත්තා වූ ශාක්‍ය මුණි සිරිපද පද්ම රකුන් ගිර මේඝතල පුරා වැඩහිද සිරිපාවෙන් අග්නිමේඝ පතිහර පෑයේ මුනි සිරිපා තඹරයෙන් විෂ කුම්භණ මුල දමාරයව් භවදුල් නැසීමේ දසබල ඇත්තා වූ බැව් දිටිමි.

යමා මහ පෙලහර පෑ බුදුන්වහන්සේ යක්ෂ ගෝත්‍රිකයන්ට වැදුම් පිදුම් කිරීම උදෙසා රිටිගල සිරිපාද පද්මය පිහි‍ටුවා වදාලහ. සත්නානාගිර හෙවත් රකුන්ගිර (රිටිගල) සච්චබද්ද ගිරිය ලෙස වරදවාගෙන එක භාරත දේශයේ පිහිටි කන්දක් යැයි සලකා මේ වටිනා ස්ථානයට අඩු සැලකිල්ලක් ලබා දී ඇත" (17 පිට*)

එසේනම් බුදුන්වහන්සේගේ තවත් සිරිපතුලක් පිහිටි තැනක් සොයාගත හැක. මෙහිදී නූතන ප්‍රදේශය ලෙස රිටිගල යන්න දක්වා ඇති නිසා ජේතවනාරාමයේ පිහිටීම හා ගැටලුවක් ඇති වීමට ඉඩ ඇත. එනමුදු එය ගැටලුවක් ඇති කරගැනීමට දෙයක් නොවන්නේ,යක්ක හා දේව  පාලන සීමාව අසල පිහිටි එදා රකුන්ගිර ප්‍රදේශය හා අද රිටිගල ප්‍රදේශය උන්වහන්සේ දක්වා ඇත්තේ උන්වහන්සේගේ සාධක හා පදනම් මත නිසාය. අද සච්චබද්දගිර හා ජේත්වනාරාමය හැදින්වීමට රිටිගල නම භාවිතා කලද එදා එම ප්‍රදේශ වෙන් වෙන්ව පිහිටන්න ඇත.

තවත් වැදගත් දෙයක් ලෙස මෙම සච්චබ්ද්ද ගිරදී සිදුවූ යමා මහ පෙලහර විස්තරය හා ත්‍රිපිටකයේ සදහන් සච්චක දමනය විස්තරය එකිනෙක විමසා බැලිය යුතුය. එනම් මේ ග්‍රන්ථ දෙකෙන්ම විස්තර වන්නේ එකම සිදුවීමක් පිලිබද වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සිතිය හැක. එනමුදු පරස්පර තැන්ද තිබේ.(කූරගල ප්‍රදේශයේදී සච්චක දමනය සිදු වූ බවටද සාධකද හමුවෙමින් පවතී. තවත් විමසිය යුත්තකි.)

කෙසේ වෙතත් "යන්නම්ම දාය නදියා........" ගාථාවේ සදහන් වන බුදුන්වහන්සේ සිරිපතුල් දෙකක් පිහිටි ස්ථාන පිලිබද උරුමය අපට හදුනා ගැනීමට හැක.

වර්ගපූර්ණිකාව හෙලිකරන තවත් ඉතිහාසකතාවක් ලෙස මෙහෙණි සස්න හැදින්විය හැක. හෙලදිව යක්ක ගෝත්‍රික උපාසිකාවන් මහණ කිරීම සදහා මූලික වී ක්‍රියා කර ඇත්තේ මෙහෙණි ආරාම කන්දේ වැඩ සිටි භද්දකච්චායනා අරහත් තෙරණියයි. ඒ බව සදහන් වන්නේ මෙසේය.

"කවිලාශ අග්නිපාලි දේවිය පැවිදි භූමියට පත් වූයේ යශෝදරා මෙහෙණිය අතිනි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයත් සමග නීලගිරියේ දැල්ව තිබුණ සුවක් ජෙත පහන නිවා දමා මහාපාලිය ද(කුවේණි) පැවිදි භූමියට පත්වූවාය. කවිලාශ අග්නිපාලි මෙහෙණිය විසින් ආරම්භ කරන ලද යශෝදරා මෙහෙණවර මහාපාලි මෙහෙණිය විසින් වැඩි දියුණු භාවයට පත් කළාය. පසුව එය මහාපාලි මෙහෙණවර නමින් ප්‍රසිද්ධ විය. කවිලාශ අග්නිපාලි මෙහෙණිය වැඩ විසූ මෙහෙණවර,මුක්තලතා හෙවත් රත්නාවලී මෙහෙණවර නමින් ප්‍රසිද්ධ විය. දු‍ටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ස්ථානපනය කොට ඇත්තේ පළමු මෙහෙණි ආරාමය පිහිටි ස්ථානයේය."  (25 පිට*)
 

යක්ක ගෝත්‍රික උපාසිකාවන් පැවිදි වී ඇත්තේ භද්දකච්චායනා කුමරිය අතින් යැයි අපිට ඉතිහාසය පවසන තතු අනුව ඉතාමත් පැහැදිලිවන කරුණවන්නේ එතුමිය මේ හෙලදිව වැඩ සිටි බවයි. ඒ අනුව බුදුන්ගේ උරුමය මේ දෙරණේ යන්න මනාවට සනාථ වේ.

එසේම දු‍ටුගැමුණු රජතුමාගේ වකවානුත් මේ සමගම අපට පැහැදිලි කරගත හැක. දැනට කරන ලද නිගමන අනුව බුදුන්වහන්සේ පිරිනිවන් පා ඇත්තේ ගැමුණු කුමාරයා තරුණ කාලයේදීය. රුවන්වැලිසෑයේ ඉදිකිරීමේ විස්තරය හා සසදා බලන විට එය තවදුරටත් සනාථ වන බව පෙනී යයි. ජනප්‍රවාදයේ එන රුවන්වැලිසෑයේ විස්තරය හා බලන කල මේ ඉතිහාස කතාවේ ගැලපීමක් පෙනී යයි. කාලයත් සමග ජනප්‍රවාද වෙනස්කම් වලට භාජනය වුවත් සෑබෑ සිදුවීම මෙය බව පෙනීයන්නකි. මේ ග්‍රන්ථය රචිත කතෘ හිමියන් "පලමු මෙහෙණි ආරාමය" ලෙස හදුන්වා ඇත්තේ යක්ක හෙලයේ ඉදිවූ පලමු ආරාමය පිලිබදවය. මන්ද දේව හෙලයේ ඒ වන විට මෙහෙණි සස්න ආරම්භවූයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුලු පිරිසගෙනි.

මෙහෙණි සස්න පිලිබද තවත් විස්තරයකට අනුව මුගලන් හිමියන්ගේ ගිහි කල මව පැවිදි වී සිටි බවට සාධක හමුවේ. එම ඉතිහාස කතාව ශිලා ලේඛන අනුව මනාවට තහවුරු වන අතර වර්ගපූර්ණිකාව දක්වා ඇත්තේ මෙලෙසය.
 

"ශ්‍රී ලාංකික මෙහෙණි සස්න (රාහුල් මාතෘන) යශෝදරා මෙහෙණියන් වහන්සේගේ නමින් හදුන්වා ඇත්තේ ඇයට කරන ගෞරවයක් ලෙසිනි. එදා මහාපාලි මෙහෙණවරට අමතරව දියුණු මෙහෙණි ආරාම කීපයක් පැවතිනි. සංඝිකා පාලි මෙහෙණවර මෙහි විශේෂත්වයක් ගනී. මුගලන් රහතන් වහන්සේගේ මෑණියන්ද(මගලිය) මෙහි පැවිදි වි වැඩ සිටිය බවට මතයක් පවතී"(19පිට*)

කතෘ හිමියන් ශ්‍රී ලාංකික මෙහෙණි සස්න ලෙස හදුන්වා ඇත්තේ යක්ක පාලන ප්‍රදේශය පිලිබදවද යන්න  විමසා බැලිය යුතුය. කෙසේ වෙතත් මුගලන් මහ අරහතුන්වහන්සේ වැඩ සිටියේ ඉන්දියාවේනම් උන්වහන්සේගේ මව් තොමෝ හෙලදිව ජීවත් විය නොහැක. මේ අනුව මුගලන් අරහතුන්වහන්සේගේ චරිතය හෙලදිවට උරුම වූවක් බව මනාවට පෙනී යයි. 

ගෝතම බුදුන්වහන්සේ පහල වීමට ප්‍රථම සිට දඹදිව සතර පොහෝ දිනට සිල් සමාදන් වීමේ චාරිත්‍රය තිබූ බව අපට ත්‍රිපිටක ඇසුරුන් සොයා ගත හැක. බුදුන්වහන්සේ පහල වූ පසු එම චාරිත්‍රය අනුමත කල එකක් විය. සතර පොහොයට සිල් සමාදන් වීමේ චාරිත්‍රය හෙලදිවට පමණක් ආවේණික වූ හෙලදිව සිටි සෘෂිවරුන් විසින් නිර්මාණය කරල ලද්දක් බවට සාධක අපට වර්ගපූර්ණිකාව ඇසුරින් සොයාගත හැක.(56 පිට*)

අතීතයේ හෙලදිව සිටි සෘෂිවරුන්, සදෙහි ඇතුලු ග්‍රහයන්ගේ හැසිරීම් රටා නිසා මිනිසාට බලපෑම් සිදුවන බව සොයාගත්හ. ඒවායින් මිදීම සදහා ඔවුන් නියම කල ප්‍රතිකර්ම සතර අත්‍රින් "කදොල" ලෙස නම් කර ඇත්තේ ග්‍රහයන්ගේ බලපෑම් පදනම් කරගෙන එයින් මිදීම සදහා සිදුකරන ලද සතර පෝයට බ්‍රහ්මචාරීව විසීමේ චාරිත්‍ර විදි ක්‍රමයයි. එම චාරිත්‍රය නොකඩවා තවමත් පවතින්නේ මේ හෙලදිව බව සැවොම දන්නා කරුණකි. ජාතක කථාවල මෙන්ම ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල මෙම සිල් සමාදන් වීම දක්වා ඇති ආකාරයෙන් හැගී යන්නේ තවදුරටත් බුදුන්ගේ උරුමය හෙලදිව බව සනාථ වේය යන්නයි.
 
එදා ජම්බුද්වීපයේ මිනිසුන් ආහාරයට ගත්තේ පරාට, ලඩ්ඩු,‍ තෝසේ, චපාටි නොව බත්ය. එසේම ඔවුන් පොහොය දින පෙහෙවස් සමාදන් වූවෝය. මේ ජාතක කතාවෙන් පෙන්වන්නේ ඒ හෙලදිවට වූ අන්‍යතාවයයි.

සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවල භාෂා විලාසය රවිශෛලාශ භාෂාවට සමාන වීම, හබරණ ප්‍රදේශයේ රත්නපාලි බිසවට උපන් උපන් කුමරෙකුට සුබෝධි නාමය යෙදීම,විෂකුම්භණ සූත්‍ර දේශනාව හා අභිධර්ම දේශනාව, සාරිපුත්‍ර හා මොග්ගල්ලාන යන නම් වල අර්ථ හෙලදිවට මනාවට ගැලපීම (මීට පෙර ලිපියක දක්වා ඇත) ආදී තවත් බොහෝ යකුන් පැවසූ ඉතිහාසකතාවලින් අපට එලඹිය හැකි පැහැදිලි නිගමනය නම් එක්කෙනෙක් දෙන්නෙක් පමණක් නොව මුලු මහත් බුද්ධ චරිතයේ සදහන් සියලු පුද්ගලයන් හා සියලු සිදුවීම් මේ හෙලදිවට වූ උරුමයන් ව තවදුරටත් මනාවට තහවුරු වන බවයි.


(කතෘ හිමිගේ පෞද්ගලික අදහස්ද පරිවර්ථනයේදී මිශ්‍ර වී ඇති බව පෙනේ. විමසා බලන්න.)
*රවි ශෛලාශ වංශ කථාව ග්‍රන්ථය.

Wednesday, January 16, 2013

මහා විද්‍යාඥ කනින්හැම්ගේ නිගණ්ඨ කතා

මෙයට මාස කිහිපයකට පෙර  ඇලෙක්සැන්ඩර් කනින්හැම් නම් මාතෘකාව රට පුරා ප්‍රධාන මාතෘකාවක් වීය. ඔහු විසින් සොයා නොගන්නා  ලද දෙයටත් ගරු නම්බු දීමට ඇතැමුන් පෙළඹින.  ඒ ඔවුන්ගේ පොත් පත් නොකියවා ගැනීමේ වරද මිස අන් කවරක හෝ නොවේ. ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය D .S . සේනානායක මහතා වියතෙකි. එතුමා පවසා තිබුනේ අනගාරික ධර්මපාල යනු පිස්සෙකු බවය. එතුමා වැනි නායකයින් අකාලයේ දැයෙන් සමුගත්තේ හෙළ බෞද්ධයාගේ මහා අවාසනාවකට යයි දැනේ.

ඇලෙක්සැන්ඩර් කනින්හැම් සත්‍ය වශයෙන් සිය කැනීම් වලින් සොයා ගත්තේ මොනවාද, බුදු දහම ගැන දැන  සිටියේ මොනවාද  , බුද්ධශාසනය ගැන ගොඩනැගුවේ මොනවාද යන්න විමසා බලමු. මේ සදහා පාදක කරගන්නේ ඔහු විසින්ම ලියනලද The Bhilsa Thopes, The Stupa of Bharhut  සහ ඔහු  විසින් Journal  of Asiatic Society හි පල කරන ලද ලිපි පමණකි. ඔහු විසින්ම ලියන ලද පොත පත පමණක් උපයෝගී කරන ලද්දේ කනින්හැම්  කරන ලද කැනීම් සම්බන්දයෙන් බොහෝ මුසාවාද අන් අය  එකතු කර ඇති බැවිනි

කනින්හැම් යනු කවුරුන්ද?
ඇලෙක්සන්ඩර් කනින්හැම් බෞද්ධයාට වැදගත්  වන්නේ යටත් විජිත යුගයේ බුදුන්වහන්සේ ඉන්දියාවට උරුම කිරීම සඳහා පිඹුරුපත් ලියු නඩයේ නායකයා බැවිනි. එකල බුදුන්වහන්සේ ඉන්දියාවේ උරුමයක් බව කිසිවකු හෝ විශ්වාස නොකළේය. එයට කදිම උදාහරණයක් තබන්නේ මහත්මා ගාන්ධි තුමාය. මහත්මා ගාන්ධි ප්‍රසිද්ධියේ පවසා තිබුනේ ඔහු කිසි දිනක බුදු කෙනෙකු ගැන හෝ බුදු දහමක් ගැන අසා නැති බවත්, බුදුන්ගැන බුදු දහම ගැන අසා දැන ගත්තේ එඩ්වින් අර්නෝල්ඩ් විසින් ලියන ලද The Light of Asia නම් කෘතියෙන් බවය. ලංකාවේ පවතින ආප්තෝපදේශයක් වන කට බොරු කිව්වත් දිව බොරු නොකියයි යන්න සිහි ගැන්වේ. කනින්හැම් උපත ලබන්නේ 1814 ජනවාරි 23 වන අතර ඔහු මිය ගියේ 1893 නොවැම්බර් 28 දාය. ඔහුගේ පියා ලෝක පුජිත කවියකු වන ඇලන් කනින්හැම්ය. ඔහු මුල් යුගයේ ක්‍රිස්ට් රෝහලේ අධ්‍යාපනය ලබා නර්ස් කෙනෙකු ලෙස සේව්‍ය කල අතර ඉන්පසු ඔහු M .E .I . පෞද්ගලික ආයතනයේ විද්‍යාලයෙන් ඉගෙන බෙංගාල ඉංජිනේරු ආයතනයට බැදී වයස 19 සිට අවුරුදු 28 ක් යටත් විජිත යුගයේ ඉන්දියාවේ හමුදා සේවයේ රැකියා  කළේය. 1833 දී James Princep සමග මුණ ගැසීමෙන් පසු ඔහු පුරා විද්‍යා කැනීම් සදහා යොමු විය. කනින්හැ සහ චාර්ල්ස් ජෝන් කැනින් අතර සිදුවූ සාකච්චාවෙන්  අනතුරුව ඉන්දියාවේ පුරාවිද්‍යා කැනීම් ව්‍යාපෘතියක අධයක්ෂ වරයා ලෙස 1861 සිට 1865 දකවා වැඩ කළේය. .1865 ඉන්දියාවේ පුරාවිද්‍යා කැනීම් අතරමග නැවතුන අතර ඔහු 1866 දී ඉන්දියාවෙන් පිටවී ලන්ඩන් හි  දිල්ලි සහ ලන්ඩන්  බැංකුවල සේවය කර නැවත 1870 දී ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ පුරා විද්‍යා අධ්‍යක්ෂක ලෙස පුරා විද්‍යා කටයුතු සදහා යොමු විය.  1867 දී ඉන්දියාවේ කරන ලද පුරා විද්‍යා කටයුතු වෙනුවෙන් ඔහු නයිට් පදවියෙන් පිදුම් ලැබීය. 1885 දී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු නැවත ලන්ඩනයට පැමිණියේය.

කනින්හැම්ගේ  බුදු දහම
බෞද්ධයන් විසින් ප්‍රදර්ශනය කරන ශාක වන්දනාව පුරාතන ඉංග්‍රීසින්ගේ, සහ පුජකවරුන්ගේ ඕක් ගස පුජනීයත්වයෙන් සලකා කටයුතු කිරීමේ ප්‍රතිරුපනයක්  බව සීතමි. බ්‍රාහ්මනවරුන්. බෞද්ධයන්, පුරාතන බ්‍රිතාන්‍ය පුජකවරුන් එක ශරීරයකින් තවත් ශරීරයකට ආත්මය ගමන් කිරීමක් විශ්වාස කරන ලදී. බෞද්ධයන් විසින් බුදුන් වැඳීම බ්‍රිතාන්‍යයේ වේල්සයේ වැසියන් buddravas නම් යහපතේ දෙවියා වැඳීම බොහෝ විට එකම දෙයක් විය යුතුය. මගේ අධ්‍යනයන් ප්‍රධාන ලෙස සීමා කරනු ලබන්නේ ක්‍රි.පු. 545 පිරිනිවන් පෑ අවසාන ලෙස බුදු වූ ශාක්‍ය මුණි විසින් උගන් වනු ලබන ආගම් විශ්වාසයන් කෙරෙහිය. ඒ එසේ වූවද ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම ආර්යයන් ව්‍යාප්තවූ රටවල පැරණි බුදු දහමක් තිබේ. ශාක්‍ය මුනිට පෙර සිටි කකුසඳ, කෝනාගමන,කාශ්‍යප බුදු වරුන්ගේ විශ්වාසයන් සහ ඇදහිලි වේදයේ ඉගැන්වෙන වන්දනා විධි හා  සමකාලයට අයත්ය. වේදය සහ ප්‍රාථමික බුදු දහම අතර වැඩි වෙනසක් නැත. ස්වභාව ධර්මය වන්දනා කිරීම බ්‍රාහ්මණ ආගමේ ප්‍රද්කා (pradka ) ලෙසත් බුදු දහමේ ධර්මය සහ ප්‍රඥා ලෙසත් හදුන් වයි. යුරෝපයේ පැරණි බුදු දහම තිබු බවට සොයා ගත හැක. උදාහරණ ලෙස කනින්හැම් මෙසේ දක්වයි. සතියේ 4 වන දිනය (යුරෝපයේ සතිය ආරම්භ වන්නේ ඉරිදාවෙන්ය.) රෝමානුවන් Dies Mercuri ලෙසත් හින්දුන් buddravar
ලෙසත් දක්වයි. Maja යනු ග්‍රීකයන් ගේ මවය. මායා යනු ඉන්දියාවේ බුදුන්ගේ මවය. (v - v iii , Bhisa Thopes )

(මේ සම්බන්දයෙන්  පැවසිය හැකිවන්නේ මෙසේය. සියලු බුදුවරයන්වහන්සේලා දේශනා කරන්නේ එකම දහමකි.  එම දහම අතීත වර්තමාන, අනාගත යන තුන් කලටම එකම දහමකි. බුදුදහමේ ප්‍රාථමික, නව බුදු දහම කියා දහමක් නොමැත. බුදුන්වහන්සේ නමකගේ උප්පත්තිය සිදුවීමක් ගණනේ එම දහමෙහි  විකාශනය සිදුවන්නක් නොවේ. බුදු දහම යනු ශාක වන්දනාවක් හෝ සොබා දහම වන්දනාවක්  නොවේ. බුදුදහම යනු චතුරාර්ය සත්‍ය අවබෝධ කර නැවත ඉපදීම බිඳ දැමීමය. ඒ සදහා ගමන් කලයුතු  ආර්ය අෂ්ටාංගික මාර්ගයක් සියලු බුදුන්වහන්සේලා දේශනා කරනු ලැබේ. මෙය බුදු දහමේ පමණක් උගන්වන්නකි. එබැවින් වේදය යනු කිසිසේත්ම බුදු දහම නොවේ.  කනින්හැම් කියන පරිදි  බ්‍රාහ්මණ සහ අන්‍ය ආගම් මෙන් එක ශරීරයකින් තවත් ශරීරයකට  ගමන් කරන ආත්ම සංකල්පය බුදු දහමින් ප්‍රතික්ෂේප කරයි. සත්ත්වයකු ගේ අතීත භවයේ මරනාසන්න චිත්තයයන්ට අරමුණු වූ කර්මය, කර්ම නිමිත්ත,ගති නිමිත්ත යන තුන අතරෙන් එක දෙයක්  අරමුණු කොට ඊළඟ භවයේ පලවන සිත උපදී. ඒ පලවන සිත ඉපදීමෙන් සත්වයා  උපන්නේ හෝ නව භවයට පැමිණියේ  යයි කියයි. අතීත භවයත් නව භවයත් සම්බනන්ධ කරන මේ සිත ප්‍රතිසන්ධි චිත්තය වේ. එක සිරුරකින් තව සිරුරකට ගමන් කරන ආත්මයක්  නැත. සතියේ 4 වන දිනය යොදා ඇත්තේ බුධ ග්‍රහයා අනුව මිස බුදුන්  සිහිවීමට නොවේ. Mercuri ලෙස හඳුන්වන්නේ බුධ ග්‍රහයාය. නම් දෙකක අකුරක් සමාන වූ පලියට මාජා හෝ මායා යනු එක කෙනෙකු නොවේ. එමෙන්ම එකම නම ඇති මනුෂ්‍යයෝ මේ ලෝකයේ  කොතෙකුත් සිටී. මේ මහා විද්‍යාඥයා  ගේ බුදු දහමේ දැනුම  ගැන අපට ඇතිවන්නේ මහත් සන්වේගයකි.මක් නිසාද යත් යටත් විජිත යුගයේ  අපට බෞද්ධ ඉතහාසය ලියා දුන්නේ මේ අය  නිසාය. එහෙත් මීටත් වඩා සංවේගයක් ඇතිවන්නේ මේ අය මහා විද්‍යාඥයන් කියා කර පින්නා ගෙනයන අපේම බෞද්ධ ගිහි පැවිදි අය කෙරෙහිය.)

මධ්‍යම ඉන්දියාවේ භිල්සා අවට ඇති ස්තුප 1851 දී Cunningham  සහ ලුතිනන් Maisy විසින් විවුර්ත  කරන ලදී. භිල්සා අවට ඇති ස්තුප කාණ්ඩ 5ක් වේ. ඒවානම් සාංචි, සොනාරි, සත්ධාරා, භෝජ්පුර්, සහ අන්ද්‍ර (Andher ) යන්නය.
 

සාංචියේ ප්‍රධාන ස්තුපයෙන් ධාතු කිසිවක් හමුනොවුන බව පවසන Cunningham, එහි දෙවන ස්තුපයේ තිබී ගලින් නිමවන ලද පෙට්ටියක් හමුවූ බවත් එහි ධාතු අඩංගු මංජුසා 4ක් තිබුණු බව සඳහන් කරයි. එහි එක මංජුසාවක පහත සදහන් සෙල්ලිපි කොටා තිබුණු බව දක්වයි. මේවා ලියා තිබුනේ බ්‍රාහ්මීය අක්ෂර වලිනි.
 

සපුරිසස කොසිකිපුතස
සපුරිසස ගොටිපුතස
සපුරිසස මොගලිපුතස (  288 p, 289 p Bhilsa Topes)
සපුරිසස කසප ගොතාස සව හිමවතචරියස
සපුරිස මජිමස                          (287p Bhilsa Topes)
සපුරිසස මජිමස කොඩිනි පුතස (317p Bhilsa Thopes )

මේ අනුව මෙහි සපුරිසස මොගලිපුතස ලෙස දක්වා ඇත්තේ 3 වන සංගායනාවට මුලිකත්වය දුන් මොග්ගලී පුත්ත තිස්ස හිමියන් බවත් ඒ අනුව උන්වහන්සේගේ ධාතුද මෙම මංජුසාවේ අඩංගු බව Cunningham පවසනවා. එමෙන්ම 3 වන සංගායනාවෙන් පසු හිමවත පෙදෙසට ගිය දුත කන්ඩායමේ සිටි මජිම සහ කසප හිමි වරුන්ගේ දාතුද මෙහි ඇති බව දක්වනවා.
 

මෙලෙස භිල්සා අසල ස්තුප කැනීම් වලින් රැස් කරගත් සෙල්ලිපි අනුව Cunningham මේ ආකාරයේ විස්තරයක් අපට සපයා දෙනු ලබනවා.  3 වන සංගායනාවට සම්බන්ධ  මොගලී තිස්ස පුත්ත හිමියනේ ගේ ගුරු හාමුදුරුවන්ගේ නම ගොටිපුත්‍ර බවත් ගොටි පුත්‍රගේ පියා ගොටි නම් හිමි නමක් බවත් ගොටිහිමිගේ පියා කොඩිනි ලෙසත් දක්වා පහත දැක්වෙන ආකාරයේ පවුල් ගසක් ඇඳ දක්වා  තිබෙනවා. (පිටුව 293, Bhilsa Thopes )
      

මේ පවුල් ගස අනුව Cunningham විසින් ගොනු කරන ලද කරුණු මෙසේය.
1. මෙම සාංචි 2 වන ස්තුපයේ 3 වන සංගායනාව  මෙහෙය වූ මොග්ගලී තිස්ස පුත්ත තෙරුන්ගේ ධාතු තැන පත් කර ඇත්තේය.
2.මෙම මොග්ගලී තිස්ස පුත්ත තෙරුන්ගේ ගුරු හාමුදුරුවන්ගේ නම ගොටි පුත්‍රය. මේ මොග්ගලී තිස්ස පුත්ත තෙරුන්ගේ ගුරු හාමුදුරුවන් 3 වන සංගායනාවෙන් පසු හිමවත දර්ඩාබිසාර නම් පෙදෙසකට ධර්ම දූත සේවයේ ගොස්  ඇත. (317 p, Bhilsa Thopes)
3. ගොටිපුත්‍ර හිමියන්ගේ පියාගේ නම ගොටි බවත් ඔහුද හිමිනමක් බව පවසනවා.
4. ගොටිපුත්‍ර හිමිගේ පියාගේ සොහොයුරා වන මජ්ජිම හිමි සමග කසප හිමි 3 වන සංගායනාවෙන් පසු හිමවත පෙදෙසට ධර්ම දූත සේවයේ ගොස්  ඇත.
Cunninghamගේ මෙම කරුණු වල සත්‍ය අසත්‍යතාවය සැබෑ බෞද්ධ ඉතිහාසය මගින් විමර්ශනය කර ගත හැක්කේය.
1. ?
2. 3 වන සංගායනාව  මෙහෙය වූ මොග්ගලී තිස්ස පුත්ත තෙරුන්ගේ ගුරු හාමුදුරුවන්ගේ නම ගොටි පුත්‍ර නොවේය. උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් 2 නමක් ඇති අතර ඒ දෙනමගේ නම සිග්ගව සහ චන්ඩවජ්ජිය. ගිහිකල 18 වන වියේදී තම නිවසේදී සිග්ගව තෙරුන් ගෙන් බන අසා පැවිදිවන මොග්ගලී හිමි  නොබෝ දිනයකින් සෝවාන් වන්නේය. ඉන් අනතුරුව අභිධර්මය ඉගෙනීම සදහා සිග්ගව හිමියන් විසින් මොග්ගලී හිමිව චන්ඩ වජ්ජි හිමි වෙත යවන්නේය.මොග්ගලී පුත්ත තිස්ස හිමිගේ ගුරු හාමුදුරුවන් දෙදෙනාම 3 වන සංගායනාව වන විට ජීවත් නොවුණු අතර 2 වන සංඝායනාව සිදුවනවිට මෙම දෙනමගේ වයස අවුරුදු 18 බැවින් උන්වහන්සේලා දෙනම 3 වන සංගායනාව තෙක් ජීවත් වුවා නම් වයස් 136 ක් විය යුතුය.  එමෙන්ම 3 වන සංගායනාවෙන් පසු දර්ඩාබිසාර නම් පෙදෙසකට ධර්ම දුත කණ්ඩායමක් යවනු ලැබූ බව කිසිදා අසා නැත්තෙමි.
3.මොග්ගලී තිස්ස හිමිගේ ගුරු හාමුදුරුවන්ගේ පියාගේ නම ගොටි නොවේ. මෙම හිමිවරුන් දෙදෙනාගේ පියවරුන්ගේ  නම්ද සිග්ගව සහ චන්ඩවජ්ජිය. මේ දෙදෙනා අමාත්‍යවරුන්ය. එසේ නොමැතිව Cunningham කියන පරිදි මොග්ගලී තිස්ස හිමිගේ ගුරු හාමුදුරුවන්ගේ පියා හිමි නමක් නොවේ.
4.  3 වන සංගායනාවෙන් පසු මජිම නම් හිමි නමක් හිමවත රටට ධර්මය රැගෙන ගිය බව සැබෑය. නමුත් Cunningham ගේplate   ලියා ඇත්තේ නම් 'හිමවත චරියස' නොව හෙමවතිචරියස කියාය. කෙසේ වෙතත් මජිමහිමි  මොග්ගලී පුත්ත හිමිගේ ගරු හාමුදුරුවන්ගේ පියාගේ සොහොයුටකු වීම පිළිගත හැක්කක් නොවේ.
මේ අනුව අපට පැහැදිලිවන කරුණ නම් මේ සාංචියේ භෂ්මාවශේෂ තියෙන්නේ 3 වන සංගායනාවට මුලික වූ මොග්ගලී පුත්ත තිස්ස හිමියන්ගේ හෝ හිමත රටට ගිය දුත කණ්ඩායමේ කිසිවකුගේ හෝ නොවන බවය .

එමෙන්ම මෙහි ඇති ගොටිගේ පියාවන කොඩිනි ගේ නම අනුව ඔහු කොන්ඩඤ්ඤ රහතන්වහන්සේගේ පරම්පරාවෙන් එන කෙනෙකු ලෙස Cunningham සිතන බව පවසනවා. මෙහෙමත් ඉතිහාසය ලිවිය හැකිද? මෙහි ඇති සපුරිස යනු සත්පුරුස යන්නය. මෙම සපුරිස වචනය සදහා Cunningham දී ඇති වචනය නම් නිවන් අවබෝධකරගත් යන්නය. සියලු රහතන්වහන්සේලා සත්පුරුෂයන් බව සැබෑය. එහෙත් සියලු සත්පුරුෂයෝ නිවන් අවබෝධ කරගත් අය නොවෙති. වඩාත්ම විහිලුව නම් කොඩිනි හැදින්වීමටද සපුරිස යන නම යොදා තිබෙන අතර කොඩිනි යනු ගිහියකු මිස හිමි නමක් නොවීමයි. ලංකාවේ නම් සෙල්ලිපි වල හිමිවරු හැදින්වීම සදහා තෙරහ තෙරශ යන වචන යොදා තිබෙනවා.
සොනාරියේ 2 වන ස්තූපයේ තිබී ආලබගිර නම් තැනැත්තකුගේ භෂ්මාවශේෂ සොයාගෙන තිබේ. (සපුරිසස ආලබගිර 318p Bhilsa Thopes).
මේ සම්බන්ධයෙන් විස්තරයක් ගෙන එන Cunningham අලවි නගරය බුදුන්ගේ ධාතු තැන්පත් කර ඇති නගර 8න් එකක් බවත් අලවි යන නම ආලබගිරස යන නමින් බින්දී ආ එකක් විය හැකි බවත් සාංචියේ දෙවැනි ස්තුපයේ අපගිර නම් කෙනෙකුගේ භෂ්මාවශේෂ හමුවූ බවත් අපගිර සහ ආලබගිරි යනු එක පුද්ගලයකු විය හැකි බවත් පවසයි. Conningham ඉතිහාසයන් ගොඩනගන්නේ අපුරු පදනමක සිටය.

සංචියේ 3 වන ස්ථුපයේ  සහ සත්ධාරා ස්තුපයක තිබී සරි පුතස සහ මහමොගලංස නමින් නම් කරන ලද භෂ්මාවශේෂ සහිත මංජුසා 2ක බැගින් හමුවී තිබෙනවා. මෙහි ඇත්තේ සැරියුත් මුගලන් දෙනමගේ ධාතු බව Cunningham පවසනවා. මොගලී පුත ලෙස ලියා ඇති මංජුසාවේ තිබුනේ 3 වන සංගායනාවට මුලික වූ මොග්ගලී තිස්ස පුත්ත හිමියන්ගේ ධාතු නොවන බව මැනවින් සනාත වන නිසා නම් වල සමාන කමක්  වූ පමණින් මෙහි ඇත්තේ  සැරියුත් මුගලන් දෙනමගේ ධාතු බව ස්ථීරවම කියා නොහැක. විශේෂයේ මුගලන් තෙරුන් මහා මොගලංස ලෙස හැඳින්වුයේ මන්ද යනු විමසා බැලීම වටී.

භෝජ්පුර් හි 3 වන ස්ථුපය  විවුර්ත කලවිට පියනක් සහිත මැටි බඳුනක් තිබු බව පවසන Cunningham එහි ''මුන්'' කියා ලියා තැබුණු බව පවසයි. එහි බ්‍රාහ්මීය අක්ෂර ''මු '' සහ එයට දකුණු පැත්තේ
උඩින් තිතක් තියා තිබේ. (333p Bhilsa Thopes ). මෙය විශේෂ දෙයක් බවත්  ''මුන්'' යනු බුදුන් හැදින්වීමට පමණක් භාවිතා කර විශේෂ නමක් ලෙස Cunningham දක්වා තිබේ. බුදුන්වහන්සේව ''මුන්'' කියා ආමන්ත්‍රණය කරනවා කිසි දිනක අසා නැත්තෙමි. මුන් කියා ධාන්‍ය වර්ගයක් සහ ඇතැමුන් කෝප වූ විට පුද්ගලයන් හැඳින්වීම සදහා මෙම නම යොදා ගන්න බවක් නම් දනිමි.  මෙම මැටි බඳුනේ වූ මංජුසාවේ දුවිලි පමණක් තිබුණු බව Cunningham පවසයි. එය එසේ වුයේ බෞද්ධයන්ගේ වාසනාවටය, මෙහි භෂ්මාවශේෂ තිබුනේ නම් අදටත් බුදුන්ගේ ධාතු කියා අපට වන්දනවා නොඅනුමානය.

භෝජ්පුර් වල තවත් ස්තුපයක ධාතු තිබු මංජුසාවක පතිතෝ කියා ලියා තිබු බවත් මෙය අතිශයින්ම සුවිශේෂ බවත් දක්වයි. භික්ෂුන් නමක් විසින් විනය විරෝධී දෙයක් කලවිට තත්වයෙන් පහත හෙලනු ලැබේ.මෙසේ ඇවතට පත්වූ හිමි සම්බන්ධයෙන් විනය විභාගයක් තියා එය සමතයකට පත් කරන්නට පෙර මෙම හිමි මියගොස් ඇති බව Cunningham කියයි. එම හිමි නම මිය යන්නට පෙර උන්වහන්සේගේ ඉල්ලීම පරිදි එසේ භෂ්මාවශේෂ සහිත මංජුසාවේ එම වචනය කොටා ඇති බවත් එසේ ඉල්ලීමට තරම් අපවත් වූ හිමි නිහතමානී වී ඇති බවත් ඔහු තව දුරටත් පවසයි. (p 335- 336 Bhilsa Thopes)විනය පිටකයේ වචන අහුලාගෙන පටිච්චිත යන්න භෂ්මාවශේෂ බඳුනේ ඇති පතිතෝ යන්නට Cunningham ගලපා ගත්තේ එලෙසය. Cunningham විසින් කියන ආකාරයට මෙම හිමි නම නිහතමානී වූවානම් උන් වහන්සේගේ නමද එහි කොටා තිබිය යුතුය.මෙම විහිලුව Cunningham ගේ තවත් හුදු නිර්මාණයක්ම පමණි.  එමෙන්ම භෝජ්පුර්වල මහා ස්තුපය වටේට ගොඩනැගිලි 3ක් තිබී ඇති බවත් එහි අත්තිවාරම් පමණක් ඉතුරු වී ඇති බව පවසන Cunningham මේවා සිද්ධ- ක මකාන්  ලෙස නම් කර ඇති බැවින් මේවා ශාන්තුවරයන්ගේ ගෙවල් (saints  houses)ලෙස කියන Cunningham  සිද්ධ යනු බෝධිසත්වයන් ඇමතීම සඳහා භාවිතා වන  නමක් බැවින් මෙම ගෙවල් බෝධිසත්ත්ව වරුන්ගේ වාසස්ථාන බව කියයි. (p 328 Bhilsa Thopes) ගොතම බුදුන්ට කුමාර කාලයේ සිද්ධාර්ථ යන නම තැබූ පමණට සියලු බෝධිසත්ත්වයන් වහන්සේලා සිද්ධ ලෙස හඳුන්වන්නේ නැති බව Cunningham නොදැනීම කනගාටුවට කරුණකි. Cunningham භිල්සා අසල ස්තුප වල තිබී සොයා ගත්  දාතු ලෙස, සත්පුරුෂයන් වන කොඩිනි, කොඩිනිපුත, ගොටි , මජිම, ගොටිපුත, කකනය ප්‍රභාසන්, භණ්ඩුක, සුභාහිත,වච්චි සුවිජියාත, වච්චි පුතා, කසාප ගොතස,  මහා මොගලංස, සරි පුත යන අයගේ වන්නේය

cunningham පවසන්නේ ත්‍රිවිධ රත්නය යනු බෞද්ධයන්ගේ ප්‍රධාන සංකේතයකි. (Tri Rathna / Tripple Gem ) ත්‍රිවිද රත්න සංකේතය බෞද්ධයෝ බොහෝසෙයින් ඇලුම්කරණ ආභරණයක් වන අතර කාන්තාවන් කනේ පළදින කරාබු සඳහා භාවිතා කරන්නකි. මාලයේ මැද  කොටසේ කොටස් තුනක් සහිත කුන්දලාභාරණය (pendent ) පලදින්නේ සහ පොටවල් තුනක මාලයක් pendent 3ක් සහිතව පලදින්නේ ත්‍රිවිද රත්නය පෙන්නුම් කරන්නට බව cunningham තවදුරටත් පහදා දෙයි. ඔරිස්සාවල අතිශයෙන් වන්දනාමානට ලක්වූ ජගනාත් (Jaganath) ඔහුගේ සොහොයුරා සහ සොහොයුරිය පෙන්නුම් කරන නිර්මාණයක්  තිබේ. මෙම රුපය නිසකයින්ම ත්‍රිවිද රත්නය පදනම්  කරගෙන පැවත එනන්නෙකි. මෙම අදහස Cunningham ට පැමිණියේ 1851සාංචි ස්තුපයේ ත්‍රිවිද රත්න සංකේතය සංකේතය (ජගනාත් ඔහුගේ සොහොයුරා සහ සොහොයුරිය) සොයා ගත් දා පටන් බව ඔහු පවසයි. මෙම ඔරිස්සාවල ජගනාත් ගේ රුපයේ ක්‍රිෂ්නාගේ ධාතුවක් තිබෙන බව ලෝකයා පිළිගත් මතය උවද බ්රාහ්මින්වරුන් තමන්ගේ දෙවිවරුන්ගේ භෂ්මාවශේෂ වලට වදින්නේ නැති බැවින් මෙම ඔරිස්සා වල ඇති ජගනාත් ගේ රුපයේ ඇති ධාතුව බුදුන්වහන්සේගේ බව නිගමනය කරන බව Cunningham පවසා තිබේ. ( p 111, The Sthupa of Bharhut )

හින්දුන්ගේ රාමා භාරතයේ පලවා හැරීම සහ යලි භාරතයට පැමිණීම යන කරුණු ඇතුලත් රාමා සිතා කතා වස්තුව ඇතුලත් bharhut හි පිළිබිඹු කර  ඇති දස රථ ජාතකය බෞද්ධ ජාතක කතාවක් නොවන බවවත් යටත් විජිත යුගයේ අපට බෞද්ධ ඉතිහාසය සොයාදුන් මේ මහා විද්‍යාඥයා නොදැනීම විහිළුවට කරුණකි.

Bharhut හි උතුරු ගේට්ටුවේ කුපිර යක්කෝ, අජකාලක යක්කෝ, චන්ඩ  යක්ෂනී යන රූපයන් නිර්මාණය කර තිබේ. දකුණු ගේට්ටුවේ විරුඩකෝ යක්කෝ, ගන්ගිටෝ යක්කෝ, චකවකෝ නාග රාජා අඹා තිබේ.බටහිර ගේට්ටුවේ චිලොමා යක්කෝ, සිරිමා දේවතා, සහ සුපවසො යක්කෝ ඇඳ තිබේ, නැගෙනහිර ගේට්ටුවේ සුදසව යක්කෝ නිර්මාණය කර තිබේ. උතුරු ගේට්ටුවේ ඇති කුපිර යක්කෝ යනු කුවේර බව Cunningham පවසයි. Cunningham  පවසන පරිදි පුරාන වලට අනුව කුවේර යනු වෛශ්රාවණ (Iravira ) ගේ පුතාය. පුලස්තිගේ මුණු පුරෙකි. කුවේර ගැන රිජ් වේදයේ කිසිවක් සඳහන්  කර නොමැත. එහෙත් ඔහු ග්‍රීක කතා වස්තුවලින් සොයා ගත හැක. ඔහු මෙසේ පහදා දෙනු ලැබේ.ප්ලුටෝස් (Ploutos ) යනු සමුර්ධියේ/ධනය අධ්පති ග්‍රීක දෙවියාය. ඔහු Isain (Demeter ) ගේ පුතාය. කුවේර යනු  වෛශ්රාවණ එනම් පොලවේ අධිපති ගේ පුතාය. එබැවින් වෛශ්රාවණ සහ ග්‍රීක  Isain (Demete) යනු එක්කෙනෙකි. කුවේර යනු ග්‍රීක ප්ලුටෝස්ය. (11p. 21p The Sthupa of Bharhut ). එහෙත් කුවේර යනු ලංකාවේ උතුරු පරදේශය භාර රජ කෙනෙකු බවත් ඔහුගේ අගනුවර ආලක මන්දාව බවත් රුසියානු ගත්  කතුවරයකුවන A.V.Koltypin මහතාද Disappeared Iinhabitants of The Earth නම් පොතේ (hyperborea - Svarga -Jambudvipa. The world in which gods and demons lived) හි සදහන් කර තිබේ. එහෙත් මහා විද්‍යාඥයා මේවා නොදැන සිටීම කණගාටුවට කරුණකි. කෙසේ වෙතත් ජම්බුදීපය යනු මුහුදට යටවුනු රටක්  බව ලෝකයා දැන සිටි බවට මෙයින්ද සනාත වෙනවා.


Bharthut වල බෞද්ධ නොවන නිර්මාණද තිබෙන බව පවසන Cunningham ඒ එසේ උවද සාංචි  නම් ස්ථීරවම බෞධයන් සඳහාම වූ ස්ථානයක් බව පවසනවා. මේ සදහා ඔහු ගෙන එන්නේ අපුරු උදාහරණයකි. ලක්ෂ්මී දෙවගන නෙලුම් මලක වාඩිවී සිටින නිර්මාණයක් තිබෙන බවත්, එය ට්‍රිසාලා බිසව පිළිබිඹු කරන එක ආකාරයක් බවත් බවසනවා. ඇය නෙලුම් මලක් අතේ රඳවා ගෙන සිටී. ඇයගේ මුර දේවතා වන අලියකු පසෙකින් සිටින අතර මෙම අලියා සොඩෙන් වතුර ගෙන ඇය නාවන අයුරු පෙන්වයි.  ට්‍රිසාලා බිසව යනු මහාවීරගේ මව බවත්, මහාවීර අවසාන ජෛන පුජකගේ මව බවත් පවසයි. ජෛන ආගම කියන්නේ බුදු දහමද? ජෛන ආගම සහ  බුදු දහම වත් වෙන් කර ගත නොහැකි නඩයක් නේද බෞද්ධ ඉතිහාසය ලියා දී ඇත්තේ ? Cunningham,  Bharhut ස්තුප වලින් සමුවූ ධාතු ගැන කිසිවක් සඳහන් නොකරයි

ඉන්දියාවේ  බෞද්ධ ඉතිහාසය දැන සිටි පිරිසක් නොවීය. වික්ටෝරියා රැජින බෞද්ධ ඉතිහාසය දන්නාවූ කෙනෙකු ද  නොවේ. ඒ අනුව ජෛන ආගමත් බුදු දහමත් අතර වෙනස වත් නොදන්නා Alexander Cunningham ට ඉන්දියාවේ සහ බෞද්ධ ඉතිහාසය ලියා දීම සම්බන්දයෙන්  නයිට් පදවි ලැබීම ගැන  පුදුම විය යුතුද නැත. ඉන්දියාවේ නව විද්වතුන්, ඉතිහාසඥයින්  අද Alexander Cunningham ලියාදුන් ඉතිහාසය ප්‍රසිද්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලදීම ප්‍රතික්ෂේප කරනු ලබනුයේ පිට රැටියන් විසින් අටවා දී ඇති  ඉතිහාසය සාවද්‍ය බව දන්නා   නිසා සහ එසේ පවසන්නට  ඔවුන්ට කොන්දක් ඇති නිසාය. වාසනාවට ඉන්දියාවට මෙන්ම ලංකාවේද අද බුද්ධිමත් පිරිසක් බිහි වෙමින් පවතී.

Alexander Cunningham මහා විද්‍යාඥයකු බවත්, ඔහුට කිසිවක් වරදින්නේ නැති බවත් පසුගිය කාලයේ රූපවාහිනියට ගොඩවී මහා උජාරුවට ඇතැමුන් පවසනු ලැබුවා. මහා විද්යාඥයකු ලෙස පවසමින් තමන්ගේ කර පිටින් රැගෙන යන මේ සුදු මිනිසා මොහොතකට බිම තබා ඔහු විසින් පොත් පත් වල ලියා ඇත්තේ මොනවා දැයි කියවා ගත්තා නම් කොතරම් වටනේදැයි සිතේ.



(සටහන සුභාෂිනී කුමාරි)