Thursday, December 6, 2012

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සැඟවුණු බුදුන් උපන් දේශය



1848 උපන් හුහ් නෙවිල් (Hugh Nevill ) වයස 17 දී ලංකාවට පැමිණෙන්නේ අග්‍ර විනිසුරු ගේ පෞද්ගලික ලේකම් ලෙසය. එසේ පැමිණීමෙන් පසු ඔහු ලංකාවේ සිටිය කාලයේ පරිපාලන සේවයේ ලේඛකයකු බවටද පත්වන අතර දිස්ත්‍රික්ක විනිශ්ය කාරවරයකු ලෙසත්, දිසාපතිගේ සාහයක ලෙසත් නොයෙක් තනතුරු ඉසිලීය. 1885 සිට 1897 දක්වා කාලයේ ඔහු ලංකාවේ පුස්කොලපොත් රාශියක් එකතු කරගත් අතර සමහර පුස්කොලපොත්  ඔහු පිටපත් කරගන්නා ලදී. මෙම එකතුවට  පුස්කොල පොත් 2227 ක් අඩංගුවේ. මෙම පුස්කොල පොත් වල ලංකාවේ මධ්‍යතන යුගයේ සිට 19 වන සියවස දක්වා විස්තර ඇතුලත් වේ. මේවායේ සාහිත්‍ය, ඉතිහාසය, බෞද්ධ සන්නයන්, කවි, සම්ප්‍රදායික කතා වස්තුන් අඩංගු වේ. 1897 අප්‍රේල් මාසයේ නෙවිල් ප්‍රංශයේදී මියයනු ලබන අතර ඔහු සතුව තිබු මෙම පුස්කොල පොත් 1904 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් මිලදී ගෙන තිබේ. මේවා සිංහලයන්ගේ පුස්කොලපොත් එකතුව එසේ නැත්නම් Hugh  Nevill Collection කියා හදුන්වනු ලැබේ. මෙම සිංහලයන්ගේ පුස්කොල පොත් එකතුව සහ ඒ ආශ්‍රිත මුද්‍රිත පොත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් ස්ථාපිත කර ඇති අතර එම කටයුත්තේ  සංවර්ධනය සදහා බ්‍රිතාන්‍ය පුස්තකාලයද දායක වී තිබේ.     



                             

මෙම සිංහලයන්ගේ පුස්කොලපොත් හි අඩංගු කරුණු මගීන් දඹදිව යනු ඉන්දියාව නොවන බවට අපට සොයාගන්නට  හැකියාව ලැබී  තිබේ. අපේ ඉපැරිණි මුතුන් මිත්තෝ අපේ රටේ ඉතිහාසය ගැන දැන ගෙන සිටියත් අද අපේ බොහෝ මිනිසුන් දන්නේ (විශේෂයෙන්ම යටත් විජිත යුගයේ සහ ඒ  ආසන්නයේ උපන් )  සුදු ජාතික  කොඩ්රින්ටන් ලා සාදාදුන් මංමුලා කල ඉතිහාසයයි.

මෙම පුස්කොල පොත් ගොන්නේ 254
වෙනි අංකය දරන පුස්කොල පොතෙහි බුදුන්වහන්සේ  පිටදුන් සිරි මහ බෝධිය ලංකාවේ පිහිටි බවට තහවුරු කර දෙනු ලැබේ. 
 

 සාර   අසන්කයට   පිටදුන්    බෝ
නෑර  මේ   ලංකාවෙ  වැඩ සිටි  බෝ
මාර   යුදෙන්  දිනවා  ජයගත්   බෝ
සරහ තිබෙන 
කල වැන්ඳු  සිරි මහ බෝ  
සාර අසන්කයක් බුදුන්වහන්සේලාට පිටදීම සදහා එම කාලය මුළුල්ලේම මේ බෝධිය ලංකාවේ වැඩ සිටිය බවත් මාර යුද්ධයෙන් ජය ගන්නට උපකාර කල වන්දනාමාන කල සිරි මහා බෝධිය යන්න දැක්වේ .  සියලු බුදුන් වහන්සේලා පිට දෙන බෝධීන් වහන්සේලා එකම බෝ මැඩ කින් (එකම ස්ථානයකින් ) ජනිත වන බව බුදු දහමේ පවතී. ලෝක විනාසයකින් පසුද යලි ලෝකය නිර්මාණය වී එම ස්ථානයෙන් මෙම බුදුන් පිට දෙන බෝධිය පැන නැගෙන බවත් දැක්වේ. එනම් බුදුන් වහන්සේලා පිටදෙන බෝධිය පඨවී නාභි එනම් ලෝකය මැද (center of world ) හි පිහිටන බව දැක්වේ. ලෝකය මැද නම් එය සමකයේ හෝ සමකය ආසන්නයේ රටක පිහිටිය යුතුය.ඉන්දියාවේ බුද්ධ ගයාව පිහිටියේ පඨවී නාභි වල නොවේ. එමෙන්ම 1891 දී  බුද්ධ ගයාවේ ඇති  බෝධියේ  ගත්  ඡයා රූප මගින් එම බෝධිය වසර 2000 කට වඩා පැරණි නැති ඉතා ලාබාල බෝධියක් බව මැනවින් පෙනේ. එම බෝධිය ඇලෙක්සැන්ඩර් කනින්හම් විසින් 1870 දී පමණ සිටවන ලද බව දැක්වේ. (Relighting the Lamp by S . Dhammika Thero. Australia  ). ඒ අනුව නම් ඉන්දියාවේ බුද්ධගයාවේ බුදුන් පිටදුන් බෝධියක් නම් නැත්තේමය.  
බුදුන්වහන්සේ උපත ලැබුවේ මහා සම්මත වංශයේ බව අපි දනිමු. මෙම පුස්කොල පොත් වල 438 නම් පුස් කොලයෙන් මහාසම්මත වංශය වූයේ  ලංකාවේ බව දැක්වේ.සසිරි බර මේ සිරි ලක, මහා සම්මත රජු නොයෙක,  උපන් බව වසවතු දැක, නසමි යන උපා දැක නැතිය වින මෙලෙසක;මේ අනුව මේ රටේ මහා සම්මත වංශය පැවතී බව පහදා දේ.                                     
                                   
මහා පරාක්‍රම බාහු රජගේ සන්නස්  පතකද සුර්යාවoශිකයන් හා  මහා සම්මත රාජ වංසයට නෑකම් කියන්නේ මේ රටේ මිනිසුන් බව දැක ගතහැක2 වන ගජබා රජු,මහා  පරාක්‍රමබාහු රජ,  කුරුරට රජපුරෙන් පැමිණෙන්නන් වේ. සුද්දන් විසින්  ඉන්දියාවේද කුරු රට පෙදෙසක් පෙන්වා තිබේ. දකුණු ඉන්දියාවේ කොරමන්ඩල් නමින් හදුන්වන පෙදෙස කුරුරට ලෙස සුද්දන් ආදේශ කරගෙන තිබේ. ඒ අනුව අපේ ඇතැම් රජවරුන් දකුණු ඉන්දියානුවන් ගෙන් පැවත  එන්නන් ලෙසද ගෙන තිබේ.  නමුත් බුදුන් උපන්දේශයේ කුරු රට පිහිටියේ උතුරුපැත්තට වෙන්නය. එහෙත් ඉන්දියාවේ එම පෙදෙස ඇත්තේ උතුරින් නොව දකුණෙනි

එමෙන්ම 301 වෙනි පුස්කොලයේ බුදුන්
අතීතයේ කලෙක හෙළ බසින් දහම් දෙසු බවද පහදා දේ.අප මුනි රජ කලෙක, එළු  කර දෙසු දහමෙක  නැණ පමණින් මෙ  දැක, කියන්  පදමානවක ජාතක. වාසනාවට එළු භාෂාව හෙවත් හෙළ භාෂාව ඉන්දියාවට අයිති වුවක් නොව මේ හෙළයේ උරුමයක් පමණි යටත් විජිත යුගයේ  ඉංග්‍රීසින් විසින් අපට කියාදුන් ආකාරයට හෙල භාෂාව ඉන්දියානු භාෂා වෙන්  බිදී ආ එකක් නොවේ. දැනට ඇමෙරිකාවේ නාසා ආයාතනය මගින් කරන ලද පරීක්ෂාන වලට අනුව ලෝකයේ  ඉපරිනිම භාෂාවක් ලෙස හෙළ භාෂාව හදුනා ගෙන තිබේ.  
                              

මේ පැරණි පත් ඉරූ  අතර පරාක්‍රම බාහු රජ දවස සිද්වු පුවතක් මෙසේ විස්තර කරනු ලැබේ.  රාමඤ්ඤ රට (බුරුමයේ කොටසක්) සහ අපේ රට බෞද්ධ රටවල් වන බැවින් දිගු කලක් තිස්සේ මිතුරන් වී සිට තිබේ. ලක්දීවෙන් ගිය කිසියම් පුද්ගලයකු කියන ලද  කේලමක් නිසා දෙරට අතර මිත්‍රත්වය පලුදු විය. එරටට ලක්දීවෙන් ගිය වෙළෙන්දූන්ට ඇතුන් විකිණීම සම්බන්ධයෙන් නොයෙක් සීමා පැනවූ රාමඤ්ඤ රට අපේ රටේ වෙළදුන්ට ඇතුන් සාමාන්‍ය මුදලමෙන් දෙගුණයකින් හෝ තුන්ගුණයකින් විකුණන මෙන් එරට වැසියන්ට අණ දී තිබේ. ලක්දීවෙන් යවන ලද  දුතයන් සතු දේ පැහර ගෙන  දුතයන්ගේ පාදවලට මෝල්ගස් වලින් ගසා ඔවුන් හිරගෙදර බර වැඩට යොදා තිබේ.  එමෙන්ම දඹදිව කාශ්‍යප නම් පරුමකවරයකු එවන ලද රන් සන්නස්  සහ පඬුරු ගෙන ගිය දුතයන්ට ගොඩ බසින්නට නොදී එම සන්නස්  සහ පඬුරු නින්දා අපවාද කොට පසුව ඒවා රජු විසින් ඔහුගේ නුවරට ගෙන්වා ගෙන තිබේ. ඉන් පසු නැවත ලක්දිවෙන් ගිය දුතයන්ට බැණ  වැදී මින් පසු සිහල දේශයෙන් නැව් මෙහි නොපැමිණිය යුතු බවත් එවන ලැබුව හොත් එම එවන දුතයන් අල්ලා  මරා දැමුවාට කමක් නැති යයි කියා ලියුමක් එම දුතයන් ගෙන්  අත්සන් කර ගෙන තිබේ. මේ අනුව සිහල දීපයේ ලක්දිවක් මෙන්ම දඹදිවක්ද තිබු බව පෙනේ. මේ රටේ මිනිසුන් සමග අමනාප වී  ඉන්දියාවේ මිනිසුන්ට හිංසා කරන්නට තරම් රාමඤ්ඤ රට රජුට අවශ්‍ය නැත. එමෙන්ම සිහල දීපය යනු ඉන්දියාව නොවේ. ඒ අනුව අපේ දීපයේ දඹදිව නමින්ද පෙදෙසක් වූ බව වැටහේ.
 

එමෙන්ම ක්‍රි.ව 1250 -1285 දක්වා පාලනය කල දෙවැනි පරාක්‍රම බාහු රජ තුමා දඹදිවින් සියලු බෞද්ධ  පොත පත ගෙන්වා භික්ෂුන්වහන්සේලා දැනුමින් ඔසවා තැබූ බවත්,  තමන්ගේ සහෝදර බුවනක බාහු කුමාරයා ත්‍රිපිටක විශාරදයකු කල බවත් දැක්වේ. දඹදිව යනු ඉන්දියාව නම් 13 වන සියවසේ ඉන්දියාවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ ගෙන්වීම විහිලුවට බඳුන් වන කරුණකි. 
ගාමිණී අභය කුමාරයා  රුවන්වැලි සැයට මුල් ගල පිහිටවන්නට පෙර දින සංඝයා කැඳවා පසු දින මහා සෑයට මුල් ගල තබන බව පවසා සියලු සංඝයා වහන්සේලාට සහ ජනතාවට එතනට රැස්වන ලෙස ආරාධනා කරන ලදී. පසුදින මෙම කටයුත්ත සදහා දහස් සංඛ්‍යාත භික්ෂුන්වහන්සේලා, රජගහ නුවරින්ද, ඉසිපතනාරාමයෙන්ද, ජේතවන විහාරයෙන්ද,  විශාල මහනුවර  මහා වනයෙන්ද, කොසොබෑ නුවරින්ද, පැළලුප් නුවරින්ද, බෝමළු වෙහෙරින්ද, වනවාස දේශයෙන්ද, උදේනි නුවර ගිරි විහාරයෙන්ද , අලසන්දා  නුවරින්ද, පල්ලවභෝග්ග ජනපදයෙන්ද ආදී වශයෙන් පැමිණි බව දැක්වේ. 

මේ සිද්ධීන්  මනාව තේරුම් කර ගන්නට
බ්‍රිතාන්‍ය රාජකීය නීතිවේදියකු වූ  Henry Charles විසින් 1850 දී  ලියන ලද Ceylon and The Cingalese පොතද උපකාරී වේ. මෙහි 301 වන පිටුවේ පිළිමතලාවේ අධිකාරම් විසින් සාකච්චාවක් සදහා ජෙනරාල් මැක්ඩොවල් දඹදිවට කැඳවන අතර දඹදිව පිහිටියේ කොළඹ සිට නැගෙනහිරට සැතපුම් 57 ක් පමණ දුරින් බවත් දඹදිව පෙර රාජ කීයන්ගේ වාස භූමියක් ලෙසත් දැක්වේ. මුල් යුගයේ ලොකු ප්‍රදේශයක් කරා පැතිරී  තිබු දඹදිව පසුව කෙමෙන්  කුඩා පෙදෙසක් දක්වා ශේෂ වී ගොස් ඇති බවක් පෙනේ.
Hugh Nevill පුස් කොලපොත් එකතුවේ 98 වෙනි පුස් කොලයේද මෙසේ දක්වා තිබේ.

 තථා තෙසං වත්ථුනාමුප්පති සො විධා භවන්ති ජම්බුදීපෙ සිහලදිපෙ  චාති.  තථා ජම්බුදිපේ තාලිසා සිහලදිපෙ තෙ සත්ථි. තෙසුචා ජම්බුදිපුපත්ති වත්ථුනි අපි භවිස්සති . 
මෙයින් පෙන්වා දෙනු ලබන්නේද මෙම ද්වීපයේ ජම්බුද්වීප නමි කොටසක් තිබුණු  බව නොවේද? මෙහි ජම්බුද්වීපය සහිත  සිහලදීපයේ ඇති කතා වස්තූන් 103 අයත්වේ. එහි කතාවස්තුන් 40 ක් ජම්බුදීපයට අදාළ කොටසටත්, වන අතර ඉතිරි ඒවා  ඉන් බැහැර සිහල දීපයේ කතා වස්තුන්ය.  එහෙත් අවාසනාවට සුද්දෝ ඉන්දියාවට ජම්බුද්වීප ලෙස ආදේශ කර ගත්  නිසා මෙතනදීද ඉන්දියාව ලෙස ගෙන තිබේ.  නිල්  පාට කන්නාඩි පැළඳ  ගත් අයට මුළු ලොවම නිල්  පාටින්  පෙනේ. කොළ, රතු, දම් ආදි පාටෙන් පැළඳ ගත්  අයට පෙනෙන්නේද එලෙසය.සුද්දෝ කියා දුන් දෙයින් බැහැරව සිතන්නට පුළුවන් කමක් නැත.  එක අතකට මෙය පුදුම විය යුතු දෙයක් නොවේ. හෙලයාට ඉතිරි වූ අන්තිම රාජධානිය වූ කන්ද උඩරට බන්දේසියක තියා සුද්දන්ට තෑගී කල අමනයන් සිටිය රටක, වහල් උන්මාදයෙන් පෙලෙන මිනිසුන් ජන්මයෙන්ම මෙරටට දායාදවීම  පුදුම විය යුත්තක් නොවේ.
Hugh Nevill පුස් කොලපොත් එකතුවේ 98 වෙනි පුස් කොලයේද
මෙවන් විස්තරයක් එකතු කර තිබේ. 

ස්රී ලන්කේස්වරවූ උතුම් දෙවනපතිස්ස දේවස්වාමිදුරුවානන් වහන්සේ සක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් රාජ්‍යස්රියව කර වදාරන ප්‍රස්තාවට, දඹදිවින් වැඩිය, සනරන්ගයෙන්ද, දස අටකුලවාසින්ගෙන්ද, කටුව ආ අය  අතුරින් ඔවිටිපාන හිටි බණ්ඩාරට නින්දගන් හතක්  ලැබී තිබෙන ප්‍රස්තාවට,  ඔවිටිපාන හිටි බණ්ඩාර විසින් , අටුපොල කියන මේ අඩවිය අස්වද්ද ගෙවතු තනා අටුපොල යන නම කියමින් මෙම ගම භුකිති විඳගෙන එන ප්‍රස්තාවට, පරංගි හේවාකන් රටට පැමිනුනාය. 
මෙම පුවත දෙවන රාජසිංහ රජ යුගයට අයත් එකකි මෙහි ලංකාදීපයේ රජව සිටි දේවානම් පියතිස්ස රජගේ යුගයේ දඹදිවින් පැමිණි දස අට කුල වංශයෙන් පැමිණිය අතුරෙන් ඔවිටිපානේ හිටි බණ්ඩාරට නින්දගම් 7 ලැබී තිබුනු බවත් දැක්වේ,  බණ්ඩාරලා පරම්පරාවන්  ඉන්දියාවෙන් ආ අය  නම්  නොව මේ සිහලයේ මිනිසුන්ය. 
මේ මිනිසුන් ගෙනාවේ දේවානම් පියතිස්ස යුගයේදී බෞද්ධ වෙහෙර විහාර ඇතුළු නොයෙක් ඉදිකිරීම් සදහා යයි දැක්වේ. මේ පිරිස් ආවේ ඉන්දියාවෙන් නම් අපේ බෞද්ධ සිද්ධස්ථාන  ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන මෙන් හින්දු කෝවිල් වල ස්වරුපය ගත යුතුය. එමෙන්ම ඔවුන් ඉදිකලාක් මෙන් ගඩොලින් මෙම සිද්ධස්ථාන ඉදිවිය යුතුය. එහෙත් මේ රටේ මුල් යුගයේ සිද්ධස්ථාන ඉදිවී ඇත්තේ කළු ගල් පදම්  කරය.  ගඩොලින් සිද්ධස්ථාන හැදු ජන කොට්ටාශයක් ලංකාවට පැමිණ කළු ගලින් සිද්ධස්ථාන ඉදිකිරීම සදහා උපදෙස් දීම විශ්වාස කල නොහැක්කකි. 
ඉපැරිණි විස්තර වලට අනුව උරුවේලාව, උරුවෙල දනව්ව, උරුවෙල් මඩුල්ල, උරුවෙල් මහා වැව, නාලන්දාව,   බුදුන්වහන්සේ පරිනිර්වාණ සදහා කුසිනාරාවට ගමන් කල මගදී හමුවෙන , කෝටිගම, හස්තිගම, බණ්ඩාගම වැනි ගම්ද ආදී බෞද්ධ ඉතිහාසයේ එන බොහෝ ස්ථාන මෙහි තිබු බවට සොයා ගත හැකි වේ. ජීවමාන  බුදුන් දවස විස්තරවන සමුද්දගිරි, අම්බහට්ට පබ්බත,  මාතුලගිරි, මකුලාරාම, වැනි පෙදෙස් හි බුදුන් දවස පුන්න මහා තෙරණුවෝගමන් කල පෙදෙස්ය.රුහුණු රට බුදු දහමේ උන්නතිය වෙනුවෙන් උන්වහන්සේ බොහෝ සේවයක් කර තිබේ.එමෙන්ම මේ රටේ ප්‍රදේශ රට්ට, හෙවත් රට ලෙස බෙදා වෙන් කර තබා ඇති  අතර උදාහරණ ලෙස දනව්වා රට,ගිරිබා රට,කඳුරු රට, ගෝන  රට, කුරුන්දි රට, පදී රට, මලය රට, කුරුරට, කළුගල්බොල රට ආදී බොහොමයක් වේ.   සාතාගිරි, නගර ගිරි, ජිතගිරි,ලංකාගිරි, මාරාගිරි වැනි නම්ද පුද්ගල නාම අතර වේ. රට හෙවත් රට්ට ලෙස හදුන්වා ඇති පෙදෙස් බොහොමයක් මහා මුකලාන  වලින් වටවී තිබී ඇති අතර මෙම මුකලාන හැදින්වීම සඳහා හිමය, හිමවත. හිමවන්තො, හිමගිර  වැනි වචන යොදා තිබේ. බෞද්ධ ඉතිහාසයේ සදහන් වන මෙම වචන වලට සුද්දන් විසින් යටත් විජිත යුගයේ හිමාලය ලෙස පරිවර්තනය කර ආදේශ කරගෙන තිබේ. එබැවින් සුද්දන් විසින් නිර්මාණය කරන ලද බුදුන් උපන් දේශයට හිමාලයක්ද තිබේ.මෙම පුස්කොල පොත් පුරාවට මේ රටේ මිනිසුන් ශක්‍ර දෙවී කෙනෙකු ගැන සදහන් කරතත්,  පැරණි ඉන්දියානු පොත් පත් වල ශක්‍ර දෙවී කෙනෙකු ඉන්දියානුවන්  ඇදහු බවට සාක්කි නැත්තේය, ඔවුන්ගේ මුළු ඉතිහාසය පුරාවටම ඇත්තේ ලෝකය මවු මහා බ්‍රහ්මයකු, සහ විෂ්ණු අවතාර, ශිව, බගවත් ගීතා වැනි නාමය.
                         
     
දඹදිව පමණක් නොව, දඹ යන නමින් ආරම්භවන දඹ කොළ පටුන, දඹකොළ ගම, දඹකොළ වැව, දඹකොළ ලෙන, දඹකොළ වෙහෙර, දඹදෙණිය, දඹ ගස  ආදී බොහෝ  නාමයන් මෙම පැරණි පුස් කොළ පොත් පුරාවට ලියවී තිබුනත් දඹ නමින් වචනයක් නැති දඹ යන නාමය වත් හඳුනන්නේ නැති  ඉන්දියාවට දඹදිව කියා ලියා ගැනීම වහල් උන්මාදයට ලක්වූ මිනිසුන්ගේ ජන්ම  ගත උරුමයක් මිස අන් කවරකද? 


(සැකසුම සුභාෂිනී කුමාරි)

17 comments:

  1. Parama Sathya Kawadawath vinashakala nohekiya. Me Budun Upan Deshayai.

    ReplyDelete
  2. Atta atta me budun upan desayai

    ReplyDelete
  3. ඉතා අගනා ලිපියකි. (එස්. හේරත්)

    ReplyDelete
  4. අපට අයත් ඉතිහාසය සාක්‍ෂි සහිත ව මනාව ඉදිරිපත් කිරීමට ගන්නා වෙහෙස අගය කරමි,
    මෙසේ සාක්‍ෂි ලබාගත හැකිනම් එයට මැදිහත් විය යුත්තේ රජය ය​. තම රට ට අයත් නිවැරදි ඉතිහාසය රාජ්‍ය මට්තමින් සොයා බලන ලෙස මහජනයා රජය දැනුවත් කල යුතුය​. රජ යේ හොරුන් ට නොව​, හොරෙක් නොවන්නෙකු ඇත්නම් ඔවුන්ට ය​.

    ReplyDelete
  5. http://www.lib.sjp.ac.lk/Documents/Past%20Publications/V.3%20No.1&2%20January%20-%20July%201989/Article%2019.pdf

    ReplyDelete
  6. Burumetat Dambadiwa kiyala tiyenawa.

    ReplyDelete
  7. It appears to be that we are gathering so much historical evidence to prove that Budupiyanan wahanse was born and lived in our Hela Bima. Truth will come out. There is more evidence from the dhamma itself. Magadhi language and sinhala words are very similar. But Magadhi language is not close to Indian languages. Now more and more people are getting interested to correct this and rewrite our real history which was destroyed by Indian and British rulers. we must join together in some way.

    ReplyDelete
  8. "ඉතිහාසය', ගෙඩි පිටින් ගිල දැමීමට නොව විමසන්නට හොඳ අවස්තාවක්..!! බොහොම ස්තුතියි ඔබට !!

    ReplyDelete
  9. ඉතාමත් හොද තොරතුරක් සිංහළ ජාතීයට ආදරය කරන්න.

    ReplyDelete
  10. Dharmashoka rajathumage kalayedi ethumage bisawak wisin budu rajanan wahanse pita dun atheethaye sita wada siti bodhiya winasha karana ladi.. lankawe wada sitinne indiyawe thibu wijaya shri jaya shri maha bodhiye dakunath shakawai..

    ReplyDelete
  11. Dharmashoka rajathumage kalayedi ethumage bisawak wisin budu rajanan wahanse pita dun atheethaye sita wada siti bodhiya winasha karana ladi.. lankawe wada sitinne indiyawe thibu wijaya shri jaya shri maha bodhiye dakunath shakawai..

    ReplyDelete
  12. Me widiyata ithihasaya wikurthi karana eka waradiy...

    ReplyDelete
  13. Me widiyata ithihasaya wikurthi karana eka waradiy...

    ReplyDelete
  14. ape athithaya ape urumaya mese yatapath une ai?me yatharthaya eli dakwana obata chathurraya sathya awaboda wewa!!!!!!!

    ReplyDelete
  15. ලක්දිව ඉතිහාසය අනාගතයේ කවදා හෝ නිශ්චිත වශයෙන්ම හෙළිවේ. සාධු සාධු සාධු!!

    ReplyDelete