Wednesday, December 5, 2012

මහා මායාවක් වූ බෝසත් මාතාව

සිදුහත් බෝසතුන්ගේ මාතාව එනම් බෝසත් මාතාව වන්නේ මහාමායා දේවියයි. අලුත උපන් දරුවෙකුගේ මවක් දින හතකින් මියගිය විට සමාජය විසින් එම දරුවා පිලිබද සිතන සිතුවිලි අමුතුවෙන් කිවයුතු නොවූනද අවාසනාවකට මෙන් සිදුහතුන්වහන්සේගේ චරිතය හා බෝසත් මාතාවගේ චරිතයටද එවැනි මව් මරා උපන් කුමරා සංකල්පය රිංගවා තිබේ. ඒ අවාසනාවන්ත ඉරණම මේ චරිතයන්ට හිමිකර දී ඇත්තේ බෞද්ධ සාහිත්‍යකරුවන් පෙර‍ටු කරගත් ඉන්දියානු ජාතික බමුණන් විසිනි. යම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෝකයේ පහල වී ලෞකික ආශාවන් හා බඩ වඩා ගැනීම් ප්‍රතික්ශේප කර ලෝකෝත්තර වූ නිවීමක් පිලිබද කරන දේශනා සෑම දෙනාටම ගැලපෙන්නේ නැත. තමන්ට ඒව ගැලපුනේ නැතත් ඒවාට විරුද්ධ වීමට තරම් හෝ එම දහම නිසා මිනිසුන් මිත්‍යාවෙන් වෙන්වී නිවැරදි මාර්ගයට පිවිසීම වැලැක්වීමට ඔවුනට නොහැකි විය.. ඒ නිසාම ඔවුන් ඒ දහම තුලට ඇතුලු විය. ඒ පැමිණියේ දහම්මග යන්නට නොව එය විනාශ කිරීමටය. ඔවුන් සම්මතයෙන් බමුණන් ලෙස හදුන්වයි.
 

යම් පුද්ගලයෙක් දේශනා කරන දහමේ හෝ ඔහු විසින් සිදු කරන ක්‍රියා පිලිවෙතේ යම් යම් අඩුපාඩු පෙන්වා දීමට නොහැකි වූ තැනේදී බමුණන්ගේ පුරුද්ද වන්නේ ඒ පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු,චරිත කථා,කුල භේද,ජාතිය,ආගම ආදී කරුණු සොයා ඒවායේ දුර්වල තැන් උපයෝගී කරගෙන ඒ පුද්ගලයාගේ ක්‍රියාපිලිවෙල නැවැත්වීමට උත්සහ කිරීමය. එය වර්ථමානයේද සැම දෙනාටම පොදු වූ කරුණකි. ඒ නිසාම මහ බෝසතාණන් වහන්සේ උපත ලබන්නේ ඉහත කී බමුණන්ගේ දුර්මත බිදෙන අන්දමේ වූ උභයකුල පාරිශුද්ධ වූ ආදී කාලය, දීපය, දේශය,කුලය, මව යනාදී පෙරනිමිති බලාය.එනමුදු පසුකාලීන බුද්ධ චරිතය නිර්මානය කර සාහිත්‍යකරුවන් දහමේ විස්තරවන චරිතයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඝාතනයට පත්කර තිබෙන බව පැහැදිලිය. එලෙස ඇතැම් අ‍ටුවාචාරීන් හා සාහිත්‍යකරුවන් අතින් සිදුහත් කුමරුගේ මව දින 7කින් මියගිය බව දැක්වුවද සැබවින්ම වී ඇත්තේ එබන්දක් නම් නොවන වග සියල්ලෝම දැනගත යුතුව ඇත.
 

මේ චරිතාපදානයේ කතා නායිකාව වන්නේ මහබෝසතුන්වහන්සේගේ මව් තුමියයි. ඕ තොමෝ නමින් මහාමායා දේවිය විය. ඇයගේ සොහොයුරිය ප්‍රජාපතී ගෝතමියගේ නම සලකා බලන කල බෝසත් මාතාවටත් ගෝතමී යන ව්‍යවහාරයක් ලැබීමට හිමිකම් ඇති බව පෙනේ. සැබවින්ම බෝසත් මාතාවට වූ මේ මහා මායාව හේතුකරගෙන මහාමායා නම ලැබුනාදැයි දැන් දැන් විමසා බැලීම වටී.
 

බෝසත් කෙනෙකු මව් කුස උපත ලැබූ පසු එම කුස තුල වෙනත් දරුවෙකුට පිලිසිද ගැනීමේ අවස්ථාව නොමැති  බව සැවොම දන්නා කරුණකි. විසදාගත යුතු ගැටලුව එයයි. නැවත පිලිසිද ගැනීමක් සිදු නොවන්නට නම් බෝසත් මාතාව කෙලෙස් වලින් නිදහස් උතුමෙකු විය යුතුය. එනමුදු එබන්දක් වූ බව සදහනක් නොමැත. මක්නිසාදයත් බුද්ධ මාතාව වූ මහාමායවන් ගැන සදහන් වන කාළුදායි ථේරගාථාවේ අ‍ටුවාවේ විස්තර වන අන්දමට බෝසත් මාතාව වූ පසුද එතුමිය පස් කම් සැප විදි බව සදහන්වේ.
"සා මොදති කාම ගුණේහි පඤ්චහි"
එසේනම් බෝසත් මාතාව නැවත පිලිසිද නොගැනීමේ තත්වයට පත්වූයේ සත් දිනකින් මිය ගිය නිසා යැයි සම්මතයෙන් පිලිගත්තද මිය නොගොස් කිසියම් ව්‍යපර්‍යසයක් එසේ නැතිනම් මහා මායාවකට පත්වූ බව විශ්වාස කල නොහැකිද? විශ්වාස නොකලද සිදු වී ඇත්තේ එබන්දකි.
 

බෝසත් මාතාවන්ට සිදුවන ධර්මතාවයන් පිලිබද දීඝ නිකායට යත් මහාපදාන සූත්‍ර දේශනාවේ විස්තරවේ. එහි කීපයක් කෙටියෙන් මෙසේ දැක්විය හැකි අතර ඒ ඔස්සේද බෝසත් මාතාවන්ට සිදුවන ධර්මතා පිලිබද අවබෝධයක් ගත හැක.
 

"ධම්මතා එසා භික්ඛවෙ,යදා බෝධිසතෙතා මාතුකුචජිං ඔකකනෙතා හොති, පකතියා සීලවතී කාමේසු මිච්ඡාචාරා,විරතා මුසාවාදා,විරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා,අයමෙතථ ධම්මතා"
 

 "මහණෙනි,මේ ධර්මතායි,යම් විටෙක බෝසත්හු මව කුසට බ‍ටුවෝ වේද,එකල්හි පියෙවියෙන් ම සිල්වත් වූ බෝසත්මව පණිවායෙන් වැළැකුණි වෙයි. අයිනාදනින් වැළකුණි වෙයි, කාමමිත්‍යාචාරයෙන් වැලකුණි වෙයි. මුසවායෙන් වැළැකුණි වෙයි,මදට පමාවට කරුණු වූ රහමෙරින් වැළකුණි වෙයි. මේ මෙහි ධර්මතායි"

"ධමමතා එසා භික්ඛවේ,යදා බොධිස්තෙතා මාතුකුචජිං ඔක්කනෙතා හොති,න බොධිසතතමාතු පුරිසෙසු මානසං උපපජජති කාමගුණූපසංහිතං අනතිකකමනීයා ච බෝධිසතතමාතා හොති කෙනෙචි පුරුසෙන රතතචිතෙතන. අයමතථ ධම්මතා." 
"මහණෙනි,මේ ධර්මතායි,යම් විටෙක බෝසත්හු මව කුසට බ‍ටුවෝ වේද, එතැන් පටන් කොට බෝසත්මවට පිරිමින් කෙරෙහි කාමගුණනිංශ්‍රිත වූ සිතෙක් නො පහල වේ. රාගයෙන් රත් වූ සිතැති කිසිදු පුරුෂයක්හු විසින් බෝසත් මව ඉක්මියැ හැකි නොවේ. මෙහි මේ ධර්මතායි"

"ධම්මතා එසා භික්ඛ්වෙ,යදා බොධිසතෙතා මාතුච්ඡිං ඔක්කනෙතා හොති,ලාභිනී බොධිසත්තමාතා හොති පඤචනනං කාමගුණානං, සා පඤචහි කාමගුණෙහි සමපපිතා සමඪගීභූතා පරිචාරෙති.අයමෙතථ ධම්මතා." 

"මහණෙනි,මේ ධර්මතායි,යම් විටෙක බෝසත්හු මව කුසට බ‍ටුවෝ වේද,එතැන් පටන් කොට බෝසත්මව පස්කම්සුව ලබන්නී වෙයි. ඕ පස්කම් ගුණයෙන් පමර්පිත ව සංයුක්තව ඉදුරන් හසුරුවයි. මේ මෙහි ධර්මතායි.
 

මේ පිලිබද දීර්ඝ විස්තරය සූත්‍ර දේශනාවේ තිබුනද ඉන් කීපයක් උපුටා දැක්වූයේ බෝසත් මාතාව අන් මාතෘවරුන්ට සාපේක්ෂව සුවිශේෂී චරිතයක් බව පෙන්වීමටය. කෙසේ වෙතත් එම සූත්‍ර දේශනාවේම බෝසත් උපත සිදුවී දින හතක් ගිය තැනේදී සිදුවන සිදුවීමක් පිලිබද දැක්වේ. අපට වැදගත් වන ඒ විස්තරය මෙසේය.
 

"ධම්මතා එසා භික්ඛවේ,සතතාහජාතෙ බොධිසතෙත බොධිසත්තමාතා කාලං කරොති,තුසිතං කායං උපපජ්ජති අයමෙත්ථ ධම්මතා"

මෙසේ දැක්වුවද මෙහි පරිවර්තනයේ දැක්වෙන්නේ බෝසත්මාතාව කලුරිය කර තුසිත කායක් එනම් දේව කායක් හිමිකරගත් බව වැනි අරුතකි. එනමුදු සත්‍ය වශයෙන්ම මියයාමක් සිදුවී නැත.

මාගධී භාෂාවෙන් කාල,කාලං වැනි අරුත් දෙන්නේ කලු හෙවත් කෙලෙස් යන්නය. මෙහි කාලං කරොති ලෙස විස්තර කර ඇත්තේ බෝසත් මාතාව කෙලෙස් පොදිය ‍රැගෙන දේව පුත්‍රයකුගේ කයක් හිමිකරගත් බවයි. එය ථේර ගාතා අ‍ටුවාව විස්තර කර සිටින්නේ මෙසේය.
"දේවූපපත්ති පන පුරිසභාවේනේව ජාතා"
පුරිසභාවේනව ජාතා යන්න අවධානය යොමු විය කරුණකි. මන්ද මහා මාහාදේවිය දින හතකින් පසු හදුන්වා ඇත්තේ මාතෘ දිව්‍යරාජයා නමිනි. එනම් දිව්‍ය රාජිණියක් ලෙස නොහදුන්වා රාජයෙක් නැතිනම් පුරුෂ ලිංග ආමාත්‍රණයක් යොදා තිබේ. අ‍ටුවාවේද සදහන් වන්නේ එයමය. එසේනම් සිදුවී ඇත්තේ මහා මායා දේවිය දේව පුත්‍රයෙකු වීමයි. එනමුදු එය සිදු වී ඇත්තේ මිය යාමකින් තොරවය. මෙවැනි අවස්ථාවක් බෞද්ධ ඉතිහාසයෙන්ම නිදසුනක් ඇසුරින් පෙන්වා දිය හැක. ඒ සෝරෙය්‍ය සි‍ටුවරයාගේ කථාවයි. සි‍ටුවරයා ස්නානය කරන රහතන්වහන්සේ නමක් කෙරෙහි කාම ආශාවක් ඇති කරගැනීම හේතුවෙන් සි‍ටුවරයා ගැහැණියකු බවට පත්වූ බව එම කථාවේ දැක්වේ. එනම් ස්ත්‍රී බව නිසා එවැනිම වූ ජාතියක් හිමි විය. ඉන් පසු එය නැවත යතා තත්වයට පත්කරගෙන ඇත්තේ රහතන්වහන්සේගෙන් සමාව ගැනීමෙන් අනතුරුවය. මේ සිදුවීම වී ඇත්තේ මිය යාමකින් තොරවය. එමෙන්ම මහාමායා දේවියගේ සිදුවීමද වී ඇත්තේ එලෙසය. බෝසත් උපතකින් පසු නැවත පිලිසිද ගැනීමක් සිදු නොවිය යුතු නිසා ධර්මතාවයෙන්ම එතුමිය පුරුසභවයක් ලබන්නට ඇත. දේව පුත්ත ලෙස හදුන්වා ඇත්තේ ඔවුන් දේව හෙලයේ ජීවත් වූ දේව ගෝත්‍රයට අයත් වූ පුද්ගලයන් නිසාය. එනම් සම්මත දේව නිසාය. තුසිත ලෙස හදුන්වා ඇත්තේ ඕපපාතික දෙව් ලොව නොව එදා තිබූ නාම ගෝත්‍රයකි.මෙය චත්තාරෝ මහා රාජා චාතුර්මහාරාජික දිව්‍යලෝකය සමග පටලවා ගැනීමට සමාන සිදුවීමකි.


කථාව සරලව දැන් මෙසේ පැහැදිලි කල හැක. බෝසතුවහන්සේ උපත ලබා දින හතක් යාමෙන් පසු මහ මහා දේවිය දිව්‍යරාජයෙක් බවට පත්වී තිබේ. ඉන්පසු සුද්ධෝදන රජු විසින් එතුමාට සැපසේ ජීවත් වීම සදහා ස්ථානයක් සකස් කර දී තිබේ. ඒ සංකස්සපුරය ආශ්‍රිතයෙනි. ඒන්ම් අද සංඛපාල විහාරය ආශ්‍රිත ප්‍රදේශයේය. කම් සැප විදිමින් දේව පුත්‍ර තෙමේ එහි ජීවිතය ගත කර ඇති අතර සිදුහතුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු අභිධර්ම දේශනාව සදහා එහි වැඩම කර ඇත. මාතෘ දිව්‍යරාජයට අභිධර්ම දේශනය පැවැත්වූ බුදුන්වහන්සේ වස් කාලය ගත කර නැවත වැඩම කර ඇත. ඒ වැඩම කර ඇත්තේ ඉනිමගක ආධාරයෙනි. අනිත් වැදගත් කරුන වන්නේ එතනය. මාතෘ දිව්‍යරාජයා වැඩ සිටියේ ඕපපාතික දිව්‍යලෝකයකනම් බුදුන්වහන්සේ එහි සිට ඉනිමගක ආධාරයෙන් වැඩම කිරීමක් සිදුවිය හැකිද යන්න විමසා බැලිය යුතුය. දෙව් ලොව සිට ඉනිමං ආධාරයෙන් මනු ලොවට වැඩම කරන සිදුවීම් ඇත්තේ ඉන්දියාවේය.  බුදුන්වහන්සේගේ මේ වැඩම වීම දෙව්ලොවකට සම්බන්ධ කර ඇත්තේද එසේ වූ බුද්ධ චරිතය නිර්මානය කර ඉන්දියානුවන් විසින්මය.

බුදුන්වහන්සේ වැඩම කල ඉනිමග තවමත් ඒ ප්‍රදේශයේ දැකගත හැකි බව වාර්ථාවේ. එවැනි ඉනිමගක් අවශ්‍ය වී ඇත්තේ මාතෘ දිව්‍යරාජයාගේ වාසබවන තිබී ඇත්තේ උස් ස්ථානයක නිසාය. එම ස්ථානයේ සිට වස් අවසන් කල වැඩම කරන බුදුන්වහන්සේ පිලිගැනීමට බොහෝ පිරිසක් එන්නට ඇත. ඒ අතර සම්මත දේව නොහොත් පාලක පන්තියද සිටින්නට ඇත. ඒ නිසාම එම වැඩම වීම උත්සව ශ්‍රීයක ලකුණු ගෙන ඇත.එහිදී බුදුහිමි හා සැරියුත් හිමි අතර ධර්ම සංවාදයක් පැවැත්විණ. බුදු හිමියන්ට සවන් දුන් පන්සියයක් භික්ෂූන් වහන්සේලා රහත් වූ අතර තවත් සුවහස් ගණන් ජනතාව සෝවාන් වූ බව කියැවේ.එමෙන්ම බුදුන්වහන්සේ සංකස්සපුරයෙන් වැඩම කරන අවස්ථාවේදී බොහෝ දෙනා බුදු බව ප්‍රාර්ථනා කර ඇති බව සදහන් වන අතර ඒ අතර මෙත් බෝසතුන් සිටි බවද කියැවේ. ඒ සිරිවඩ්ඪන නාමයෙනි.සිරිවඩ්ඪන තරුණයා බුදු හිමි සහ සැරියුත් හිමිගේ සංවාදයට සහ දහම් දෙසුමට සවන් දී , පැහැදී එදින බුදු සසුනේ පැවිදි වී ඇත. ඒ භික්ෂූන් වහන්සේ බුදු දහම මැනැවින් හදාරා සිය ගණන් භික්ෂූන් වහන්සේගේ ගුරුවරයෙක් වී ඇත.මෙම සංකස්සපුරය පූජනීය භූමියද සියලු බුදුවරයන්වහන්සේලා අත්නොහරින ස්ථානයක් ලෙස හැදින්වේ. පසුකාලීනව සංඛපාල විහාර භූමිය (සංකස්සපුරය පහල) අරහතුන් වහන්සේලාගෙන් පාරිශුද්ධත්වයට පත්වූ භූම්යක් වී තිබේ. ඉන් ප්‍රධාන තැනක්  ඵුස්සදේව තෙරුන් වහන්සේටහ හිමිවී ඇත. එසේම සංඛපාල විහාර සීමාවේ වර්ථමාන චෛත්‍ය ඉහලින් ඇති ගල්පර්වතය මත බුදුන්වහන්සේගේ පාද ලාංජනයක්ද සදහන් කර ඇති බවද කිව යුතුය.




සත්‍ය වශයෙන් බෝසත් මාතාවට  සිදු වූයේ මෙම සිදුවීමයි. එනමුදු පසුකාලීනව සාහිත්‍යකරුවන් විසින් සිදුහත් චරිතය තමන්ට ගැලපෙන ආකාරයට හා මිනිසුන්ට රසවත් ලෙස කියා පෑමට විවිධ වෙනස් කම් සිදු කර ඇත. සිදුහත් චරිතය චරිතකථාවක් ලෙස ලියවෙන්නේ පසු කාලීන්ව නිසා සාහිත්‍යකරුවන් තමන්ගේ විෂයෙහි රසය ආරක්ශා කිරීම සදහා ඇතැම් අවස්ථා අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කර ඇත. නමුත් ඒවා රස විදින්නන්ට එහි සත්‍යතාව පෙන්වීමටද ඔවුන් අමතක කර නැත. නමුත් ඒ සදහා සාහිත්‍යාත්මක අතිශෝක්ති වර්ණනා ඉවත් කර බැලිය යුතුය.     

බෝසත් මාතාවගේ චරිතය හා සංකස්සපුරය ආශ්‍රිත සිදුවීමද එවැන්නකි. එනමුදු බමුණන් විසින් මේ සිදුවීම් යොදාගත්තේ සිදුහත් චරිතය පහත් චරිතයක් ලෙස ලෝයා හමුවේ තැබීමටය. ඒවා පරිවර්ථනය කල ඇත්තන්ද ඒ මතයේ සිට පරිවර්ථය කල නිසා අද බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ බෝසත් මාථාව දින 7කින් මිය ගිය බවය. එනමුදු එයින් සිදුවන්නේ බෝසත් වැනි උතුම් චරිතාපදානයකට නින්දාවක් බව මොහොතකටවත් නොසිතන්නට ඇත.තව දුරටත් එය එසේ පවත්වාගත යුතුද යන්න තීරණය ඔබ අතේය.

9 comments:

  1. බෝසතුන් මිනිස් ලෝකයට වැඩියේ තුසිත ලෝකයේ සිටය, එතකොට එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. තුසිත දිවය ලෝකයක් තිබෙනවා .නමුත් මෙහි තිබෙන්නේ තාවන්තිසාව නම් හෙළය තුල ඇති ප්‍රදේශයක් පිළිබදවය

      Delete
  2. බොහෝම නිවැරදි පැහැදිලි කිරීමක්.... මේ ගැන මීට පෙර දැනුවත් වී සිටියේ සීමිත පිරිසකි... මෙවැනි ලිපි තව තවත් පලකරන්න... තෙරුවන් සරණයි

    ReplyDelete
  3. Right way...yes..

    ReplyDelete
  4. " සිදුහත් බෝසතාණන්ගේ චරිතයටද මව් මරා උපන් කුමාර සංකල්පයක් රිංගව ඇති බවත් ,මෙම අවසනවසනාවන්ත ඉරණම හිමිකර දී ඇත්තේ බෞද්ධ සාහිත්‍ය කරුවන් ප්‍රමුක කරගත් ඉන්දියානු ජාතික බමුණන් විසින් "බවත්ය ..මොවුන් පෙරදී හා වෙනත් පිටු මගින් පැවසුවේ සුද්ද (ඉංග්‍රීසින් ) විසින් බුදුරදුන් ඉන්දියාවේ ඉපදුනු ලෙස ඉතිහාසය වෙනස් කල බවක්ය..එහෙත් හදිසියේ" බෞද්ධ සාහිත්‍ය කරුවන් ප්‍රමුක කරගත් ඉන්දියානු ජාතික බමුණන්" ගේ ආදේශයක් පැමිණ ඇත. හෙළබිමේ ඉතිහාසය "බෞද්ධ සාහිත්‍ය කරුවන් ප්‍රමුක කරගත් ඉන්දියානු ජාතික බමුණන්" වෙනස් කලේද සුද්දන් වෙනස් කලේද යන්න දැන් ගැටලුවකි ? සුද්ද වෙනස් කිරීමට පෙර මෙම අවාසනාවන්ත ඉරණම අත්කර දුන්නේ නම් හෙළ බිමේ ඉතිහාසය බෞද්ධ සාහිත්‍ය කරුවන් ප්‍රමුක කරගත් ඉන්දියානු ජාතික බමුණන් විසින් වෙනස් කලේ කෙසේ ද?

    ReplyDelete
    Replies
    1. සුද්ධොයි, බමුණොයි දෙගොල්ලොම තමා මේ සන්තෑසිය සිදුකර තිබෙන්නේ.(මහාවංශේදී ජන්බුද්වීපය වෙනස් කලේ ඉන්දියානුවෝ වගේ)

      චරිත ඝාතනයේ ප්‍රමුඛ වෙලා වැඩ කරන්නේ ඉන්දියානුවෝ.

      Delete
  5. Grate Work Hiran. Go ahead!!

    ReplyDelete