Thursday, November 8, 2012

රාවණ ඉතිහාසය වළදැමිය නොහැක


"ශ්‍රී ලාංකීය ජන විඥානය සහ රාවණ රජ සංකල්පය" මැයෙන් 2012.05.16 දින විජය පාල වීරවර්ධන මහතා විසින් රාවණ රජු නිර්දය ලෙස විවේචනය කර ඇත. එයට පිළිතුරු ලෙස මෙම ලිපිය සකසා ඇත. 
සොකටස්‌ගේ ගෝලයා වන ප්ලේටෝ විසින් තීමයිස්‌ හා ක්‍රිටස්‌ යහපාලනය පිළිබඳව කරන ලද සංවාදයේදී ඔවුන් අසා තිබූ ඉපැරැණි කථාවක්‌ පිළිබඳව සාකච්ඡාවක්‌ පැවැත්වූ අතර මෙම කථාව ඔවුනගේ පරපුරට ඉදිරිපත් කරන ලද්දේ සෙලාන් නම් පුද්ගලයාය. ඔහු ඇතැන්ස්‌හි නීතිවේදියෙකි. වසර 9000 කට පෙර හර්කියුලීස්‌ කුළුණට පිටුපස (ජිබ්‍රොaල් සමුදායට) මුහුණලා මධ්‍යධරණී මුහුදේ වූ අත්ලාන්තික්‌ දිවයින පිළිබඳව ඔවුන්ගේ සාකච්ඡාවට භාජනය වන ලදී. එමෙන්ම 1887 හෙලේනා පැටෙනා බැලැවට්‌ස්‌කි මැතිනිය මඟින් මුහුදේ ගිලුණු ලෙමූරියා මහද්වීපය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරමින් අපරදිග ජාතීන්ගේ අවධානය මුහුදේ ගිලාබැසි දිවයිනක්‌ පිළිබදව පර්යේෂකයන්ගේ අවධානයට ලංකාද්වීපය පත්කළ අතර මේ මතවාදය තව තවත් ශක්‌තිමත් කිරීමට ලෝකප්‍රකට විද්‍යාඥයකු වූ අර්නස්‌ට්‌ හයින්රිච් හයිකල් 1882 දී ශ්‍රී ලංකාව දක්‌වා පර්යේෂණයක යෙදී මනුෂ්‍යයන්ගේ ආරම්භය මුහුදේ ගිලා බැසි ලංකාව බව පැවසීම ශ්‍රී ලාංකීය පර්යේෂකයන්ට රාවණ ඉතිහාසය ගවේෂණයට ඉමහත් අඩිතාලමක්‌ බව නොතේරීම අභාග්‍යයකි.

එමෙන්ම බෙසන්ට්‌ මැතිනිය හා ස්‌කොට්‌ එලියට්‌ නම් භූගෝල විද්‍යාඥයන් සකස්‌ කළ භූගෝල සිතියමද ඕස්‌ටේ්‍රලියානු ජාතික රුඩ්ලෙනා ස්‌ටයිනර් සකස්‌ කළ ලෝක සිතියම ඉතා වැදගත් දර්ශක වන අතර නමුත් අවාසනාවකට ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂකයන්ගේ අවධානයට ලක්‌වූ ලෝක ඉපැරැණි ශිෂ්ටාචාරයකට නෑකම් කියන රාවණ ඉතිහාසය නැතැයි පැවසීම ශ්‍රී ලාංකිකයන් ලෙස මෙරට ඇතැම් ලේඛකයන්ගේ දැනුම පිළිබඳව කදිම දර්ශනයකි.

ඉන්දියාවේ හා තිබ්බතයේ පර්යේෂණවල යෙදුණු ඩෙක්‌ බැරිංටන් පුරාවිද්‍යාඥයා අංජනම් එළි පිළිබඳව පර්යේෂණ පැවැත්වීමෙන් ලෝක ශිෂ්ටාචාරය තුළ පුරා විද්‍යාඥයන්ගේ කාර්යභාරය හා දැනුම කුමන දිශාවන්ට එල්ල වී ඇද්දැයි අවධානයට ලක්‌විය යුතුය. අප්‍රිකා මහද්වීපයේ සිට ඉන්දියන් සාගරය හරහා මැඩගස්‌කරය, ලංකාව , මලයාව (මැලේසියාව), ඕස්‌ටේලියාව සම්බන්ධ වූ මූ නමැති මුහුදේ ගිලාබැස මහද්වීපය පිළිබඳව පර්යේෂණ දත්ත ගණනාවක්‌ අනාගත පර්යේෂකයන්ගේ අවධානයට යොමුවිය යුතුය. කර්නල් ඡේමිස්‌ගේ පර්යේෂණ අනුව හිමාලය කුවෙන්ලුන්, නියන් සාක්‌, සමනල, පිදුරුතලාගල කඳුවැටි ලොව පැරැණිතම කඳු වළලු බව මෙරට පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌විය යුතුය.

වර්තමාන ගෝබි කාන්තාරය ගංගානම් නදිය දක්‌වා දිවගිය දිය දහරකින් යුක්‌ත වූ බව දැන ගැනීමට රාවණ ඉතිහාසය ගවේෂකයන්ගේ අවධානයට ලක්‌විය යුතුය.

මොහෙන්දජාරෝ හරප්පා මිසර, ඉන්කා යුප්‍රටීස්‌ - ටයිග්‍රීස්‌ ශිෂ්ටාචාරවල ගෞරවාදරයට පාත්‍ර වූ කාලිසි (කාල දේවතාවිය) අප්‍රිකානු මහද්වීපයේ ජීවත් වූ බල සම්පතක්‌ අධිරාජණියක්‌ බව අදවන විට තහවුරු වෙමින් පවතී.

ඡේන් වොලිංගර්ගේ දින 90 පර්යේෂණ අනුව හා 1958 නිකෲමා අයිසන් හවර් ජනපති ඝානාවේ වෝල්ටා නදිය හරහා සෑදු විශාල වේල්ල (කුවාමේ නිකෲමා ආණ්‌ඩුව සෑදූ) කැලිෙµdaනියා කයිසර් සමාගම සෑදූ පර්යේෂණය අනුව හමුවූ දෙවැනි අන්තර් ග්ලිසිස්‌ යුගයේ සොන් සංස්‌කෘතියට අයත් පාෂාණ තිබුණ ගල අද වන විට නූතන පුරාවිද්‍යාඥයන්ගේ පර්යේෂයවල ලිපි නම් රැජින පිළිබඳව පර්යේෂණයන්ගේ කදිම සාධකයෝය. මෙමගින් අප්‍රිකාවේ ජනප්‍රවාදයක්‌ව පැවැති අප්‍රිකානු රන් කිඹුලියගේ ජනප්‍රවාදය පුරාවිද්‍යාත්මකව තහවුරු කර ගැනීමට සමත්වූහ.

එනම් විල් 07 කින් වටවූ යෝධ ගංගාවකින් හා සමුදායකින්ද වටවූ දේශයක කාලිසී නම් රැජිනක්‌ බැහැදැකීමට ගිරි දිවයිනේ රජු අහසින් පැමිණි පුවත ජනතාව අතර ජනප්‍රවාද ජනශ්‍රැති ලෙස පැවැති පුවත් පසුකාලීනව සාධක දත්ත ඇතුව ඔප්පු සිද්ධ කිරීමට නූතන පුරා විද්‍යාඥයන්ට හා ඉතිහාසඥයන්ට හැකියාව ලැබීමට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ගේ මධ්‍යස්‌ථ පර්යේෂණ හා නැත යන අර්ථයෙන් පර්යේෂණ නොපැවැත්වීමේ ප්‍රතිපත්තියයි.

ත්‍රිකෝණ කොටු වක්‍ර හැඩයට මොළොක්‌ ගලින් නෙළන ලද කුඩා පෙට්‌ටි වර්ග මැසපොටේමියාවේ ස්‌ථාන ගණනාවකින් සොයාගෙන ඇති අතර මේවා කුල්ලි සංස්‌කෘතියට අයත් මිනිසුන් විසින් තනන ලද ඒවා බවත් ඊට සමාන කැටයම් සහිත පෙට්‌ටි කිහිපයක්‌ ඝානා රාජ්‍යයේ පිහිටි අකෝසම්බෝ පළාතේ වෝල්ටා නදී නිම්නයෙන් හමුවී ඇත. ශබ්ද නිරූපිත අක්‌ෂරවලින් සමන්විත මෙවැනි අක්‌ෂර විශේෂ ගණනාවක්‌ වර්තමාන ශ්‍රී ලංකාවේ සීගිරි කෞතුකාගාරයේ මැටි උළුවහු වලද දක්‌නට ලැබේ. මෙම අක්‌ෂර රකුන්සැර ජංගම අක්‌ෂර බව අපගේ අදහසයි.

අශෝක අධිරාජ්‍යාගේ බිරිඳ වීදිසා ප්‍රදේශයේ විසූ යක්‌ෂ ගෝත්‍රික කාන්තාවක්‌ වූ අතර වීදිසා පුරය යනු උදයගිරි පර්වතය වේ. වර්තමානයේ එහි අශෝක ස්‌ථම්භය බිඳ දමා ඇති අතර යකුන් ඇදහූ මෙම පිරිස මහින්ද, සංඝමිත්තා මෙහෙණිය විසූ සාංචි මහා විහාරය, සාංචි පර්වතය ඉපැරණි යක්‍ෂ ගෝත්‍රික ජනාවාස වූ අතර පුරාවිද්‍යාව මෙම පෙදෙස කකුනට බොට ලෙස හඳුන්වා ඇත. මේ අනුව නූතන පුරාවිද්‍යාඥයන් යක්‍ෂ නමින් හඳුන්වන ජන කොට්‌ඨාසයක අඛණ්‌ඩ පැවැත්මක්‌ අද වන විට තහවුරු කරගෙන අවසානය.
                                

2011.11.02 දින බදාදා අතිරේකයේ විජයපාල විරවර්ධන මහතාගේ ලිපිය ද ද්වේෂය පදනම් කරගත් ලිපියක්‌ බව ලේඛන ශෛලියෙන්ම අවබෝධ කරගත හැකි අතර විමසුම නොරිසි රාවණ හෙළයො, යන මාතෘකාව තුළම රාවණ ඉතිහාසය පිළිගැනීමට ඇති අකමැත්තත් අන්තවාදී අදහසත් ඉස්‌මතු කර ඇති ලක්‌දිව රාවණ ඉතිහාසය ගවේෂණයට කිසිදු මූලාශ්‍රයක සඳහන් නොමැති බව සඳහන් කළ විඡේපාල වීරවර්ධනයනට මූලාශ්‍ර යම් ප්‍රමාණයක්‌ ඉදිරිපත් කළ විට එම මූලාශ්‍රම නැවත පුවත්පතේ පල කරමින් ම විසින් ඉදිරිපත් කර ඇති ඇතැම් ලේඛනගත කරුණු වල ප්‍රායෝගික නොවන ක්‍ෂුද්‍ර පිටපත් ඉල්ලමින් ඔහු පුහු තර්ක මතු කර ඇත. මාගේ සරලම ප්‍රකාශය නම් රාවණ පිළිගත් ලක්‌වාසීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ඉතිහාසඥයන් සුප්‍රකට විද්වතුන් ගණනාවක්‌ ඉදිරිපත් කිරීම වන අතර මේ අනුව සියවස්‌ ගණනාවක අප දන්නා පිළිගත් උගතුන් ගණනාවක්‌ ඉදිරිපත් කර ඇති සටහන් ඉදිරිපත් කරමි. ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ රාහුල හිමි රාවණ ඉතිහාසය සටහන් කළ ලේඛකයකු වන අතර උන්වහන්සේගේ සැලළිහිණි සංදේශය මඟින් මේ බව තහවුරු කර ඇත. නමුත් රාවණ විරෝධීන්ට අනුව එය සාහිත්‍ය කෘතියකි. සැලළිහිණි සංදේශයේ පමණක්‌ විභීෂණ වැනුම කවි රාහුල හිමි කාව්‍ය 16 කින් ඉදිරිපත් කොට ඇත. ලිපිය දීර්ඝ වන බැවින් මෙහි පළ නොකරමි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව රාවණ මනඃකල්පිත නොවන අතර " ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර සිටින සියලු දක්‍ෂ වෛද්‍යවරුන්ට අනුව රාවණ ආයුර්වේදයට රචිත ග්‍රන්ථ රාශියකි. රාවණ කෘති කුමාර යන්ත්‍රය මුද්‍රණයෙන් එළි දැක්‌වූ (1970) ආයුර්වේද විශාරද පණ්‌ඩිත ඩී.එච්.ඩී. කුමාරදාස මැතිඳුන් රාවණ පිළිබඳව මෙසේ සටහන් කොට ඇත.

"ඉන්දු ලංකා යන දෙරට හිමි දුරාතීතයේ පටන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ජාතික විකිස්‌සා ශාස්‌ත්‍ර යුග යුගාන්තරයෙහි විසූ මහරජහු පවා වෛද්‍ය ශාස්‌ත්‍රයෙහි පරාගත වූහ. ලක්‌දිව විසූ රාවණ මහාධිරාජයාත් බුද්ධදාස මහරජතුමාත් මේ විෂයෙහි ලා වෙසෙසින් සැමරිය යුතු වේ. ප්‍රාග් ඵෙතිහාසික යුගයෙහිද ලංකාධිපතිහු වෛද්‍ය ශාස්‌ත්‍රය අත්‍යවශ්‍ය වූත් අනිවාර්ය වූත් විෂයයක්‌ කොටගෙන උගත්හ. ලංකාධිපති රාවණ මහාධිරාජයාගේ චරිතය මෙහිලා ඉදිරිපත් කළ යුතුය. (උපුටා - රාවණ කෘත - කුමාර තන්ත්‍රය 1970)

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව කිසිම දැනුමක්‌ නොමැති විඡේපාලයන්ට රාවණ මනඃකල්පිත වීම පුදුමයක්‌ නොවේ. මේ අනුව ආයුර්වේදයට අනුව ශ්‍රී ලාංකීය ඉන්දියානු ආයුර්වේද විද්‍යා විශේෂඥයන් ශ්‍රී රාවණයන් ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරයි. ඒ අනුව රාවණ රචිත ග්‍රන්ථ ගණනාවකි.

අශුතෝෂ්දෙව මහතුන්ගේ වංග - ඉංග්ලිෂ් ශබ්ද කෝෂයෙහි රාවණ යන සංඥා නාමය හඳුන්වා ඇත්තේ රාම විසින් මරන ලද ලංකාධිපති මහරජතුමා යනුවෙනි.

වලතනිකා නමැති වංග භාෂාභාධානයෙහි රාවණ යන්ට ලංකාධිපති රාක්‌ෂය සරාජ දශානන යන හැඳින්වීම දී ඇත.

ශ්‍රී නිත්‍ය නාථ විසින් රසරතනාකර යන ග්‍රන්ථයේ රාවණ මහරජු විසින් ලියන ලද අති ප්‍රකාශ ගැන කරුණු පවසන තැන්හිදී ශ්‍රීමත් මහා රාජාධිරාජ ලංකේෂ්වර රාවණාචාර්ය ප්‍රණීත අර්කප්‍රකාශ යන නම සඳහන් වේ.
කුමාර තන්ත්‍රයද රාවණාධිරාජයා ලියන ලද බව ලංඩකශකෘත කුමාර තන්තං යන හැඳින්වීමෙන් පිළිගෙන ඇත.

මේ අනුව ආයුර්වේදයේද සාහිත්‍යයේද පිළිගැනීමට ලක්‌ වූ මහා රාවණයන් ප්‍රතික්‍ෂේප කිරීමට මේ පිළිබඳව කිසිදු දැනුමක්‌ නොමැති විෙ-පාල වීරවර්ධනයන්ට අනුව අපට සිදුවනු ඇත.

දේශීය වෛද්‍ය ශබ්දකෝෂය සැකසූ රාජකීය පණ්‌ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ පෙරවදනේ රාවණ පිළිබඳ සටහන් කර ඇති සටහන කියෑවීමෙන් ම රාවණයන්ට ආයුර්වේදයේ ඇති පිළිගැනීම පාඨකයන්ට අවබෝධ කරගත හැක.

යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු ග්‍රන්ථය රචිත ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත මානෑවේ විමලරතන හිමියන් හා පර්යේෂණයේ යෙදුණු පර්යේෂකයකු ලෙසද යක්‍ෂ භාෂාව පිළිබඳ පහත කරුණු සරලව ඉදිරිපත් කරමි.

වරිගපූර්ණිකාව අනුව යක්‍ෂ නාමය අර්ථ ගන්වා ඇත්තේ මෙලෙසය.

බිල මිර සසදස්‌ මුහුරකා සෙකු
මණ්‌ඨකා පී හි`ග යගු කෞරාණ මණ්‌ඨක

මෙහි තේරුම මෙවන් උතුම් ගුණාංගයෙන් යුක්‌ත වන්නා මෙලොව පරලොව දෙකෙහිදීම සියල්ල සම්පූර්ණ කරගනී.

ගෞරා පාසලම නම් වාග් විද්‍යා ග්‍රන්ථය අනුව යක්‍ෂ භාෂාව කොටස්‌ කීපයකි.
1. රක්‌ඛ රවි ශෛලාශ (දිගජ රක්‌ඛ)
2. රක්‌ඛ භවන්ත භාෂාව
3. රක්‌ක රක්‌නාත භාෂාව
4. රක්‌ඛ මිනි මිහිල භාෂාව
 
යක්‌ෂ භාෂාව පිළිබඳව කිසිදු දැනුමක්‌ නොමැති විඡේපාල වීරවර්ධනයන්ට යක්‌ෂ භාෂාවේ හා හෙළ බසේ සමානකම් දැන ගැනීමට පහත පාඨය ඉදිරිපත් කරමි.

"උහුන්දාරක ප්‍රවේණි කිස මහපති යගු කෞරාණ මණ්‌ඨක රාවණ මිනිම්හි දෙසට තෙදපතිවී"

තේරුම - ඔහුට ජාතක ප්‍රවේණි අධිපති සියල්ල සම්පූර්ණ කළ යක්‌ෂ රාවණ රත්නදීපයට අධිපතිව

සිංහල භාෂා විශාරදයන් වන අරියසෙන් අහුබුදු රාජකීය පණ්‌ඩිත මානෑවේ විමලරතන හිමි සමඟ අප කළ පර්යේෂණ හෙළ බස පිළිබඳව කිසිදු දැනීමක්‌ නොමැති විඡේපාල වීරවර්ධනයන්ට ඉගැන්වීමට හෝ අවබෝධ කරවීමට අපට නොහැක. එබැවින් 2011.11.02 දින ලිපිය මගින් වීරවර්ධනයන් මතු කරන හෙළ බසට අලුත් නමක්‌ පට බැඳීම යන කියමනද නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමකි. මෙම අදහසම 2012.05.17 දින ලිපිය මඟින්ද විඡේපාලයන් ඉදිරිපත් කර ඇත. එනම් හෙළ බසක්‌ හා හෙළ දිවයිනක්‌ ගැනද ප්‍රබන්ධ නිර්මාණය විය. මෙයට පදනම් වූයේ මිහිඳු මාහිමියන් දවස ලියෑවුණු හෙළටුවා යන වචනයයි. (2012.05.16 බදාදා අතිරේකය)

රාවණ රජුගේ ඵෙතිහාසික බවට සාක්‌ෂි වශයෙන් රාවණ රජුගේ කේන්ද්‍ර සටහන බව කියන සංස්‌කෘත ශ්ලෝකයක්‌ අමරසිංහ මහතාගේ ඇතුළත්ය. මෙය හමුවූයේ කවුරුන්ටද කවර ස්‌ථානයකටද, රන් පතක්‌ද, තඹ තහඩුවක්‌ද? විඡේපාල වීරවර්ධනයන් 2011.11.02 - දිවයින)

මේ පැනයට පිළිතුරු දීමට අප සූදානම් අතර ඊට ප්‍රථම පහත ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයීම විෙ-පාල වීරවර්ධනයන්ට සිදුවනු ඇත.

1. මහානාම හිමියන් රචිත යෑයි විශ්වාස කරන මහාවංශයේ එම යුගයට අයත් මහාවංශය පිටපත් ඉදිරිපත් කරන්න. එය තඹද, රන්පතක්‌ද, රිදී තහඩුවක හෝ කුමන වර්ගයේ පත් ඉරුවක සටහන් කර ඇද්ද යන්න මන්ද මා හට මහානාම හිමියන්ගේ අත් අකුරු දැක ගැනීමට අවශ්‍යය.

2. වළගම්බා රජු විසින් ග්‍රන්ථාරූඪ කරන ලද ත්‍රිපිටකයේ ක්‍ෂුද්‍ර පිටපතක්‌ හෝ මුල් පිටපතක්‌ ඉදිරිපත් කරන්න (මෙම ඉල්ලීම් විඡේපාලයන්ට පමණක්‌ එල්ල කරන ඉල්ලීම් වන බව සලකන්න. මා ත්‍රිපිටකය හා මහාවංශය ඉතිහාස ගවේෂණයේ මූල ග්‍රන්ථ ලෙස පිළිගත් පර්යේෂකයකු බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.)

3. බුදුන් වහන්සේගේ යුගයෙහි ලියෑවුණු ග්‍රන්ථයක හෝ අවම වශයෙන් දුටුගැමුණු ලෙස හඳුන්වන ගාමිණි අභය රජුගේ යුගයේ රචිත ලිත ලේඛනයක්‌ ඉදිරිපත් කරන්න. (සෙල්ලිපි හැර) එබැවින් මෙවැනි පිළිගත් ලේඛන වලවත් මුල් පිටපත් හමුවී නොමැත. වර්තමානයේ මේ සියලු යුගයන්ට පෙර ජීවත් වූ රාවණ රජුගේ පමණක්‌ ලේඛන මුල් පිටපත් ඉල්ලීම කොතරම් සාධාරණදැයි පාඨක ඔබ විසින් තීරණය කළ යුතුය.

ඉතිහාසය හා පුරා විද්‍යාව යනු විෂයන් දෙකක්‌ වන අතර ඉතිහාසයේ සඳහන් සියලු කරුණු පුරාවිද්‍යාත්මකව තහවුරු කළ නොහැක. එබැවින් ඉතිහාසය ඉවත් කිරීමට පුරාවිද්‍යාඥයන්ට කිසිදා නොහැකි අතර පුරා විද්‍යාඥයන්ගේ වගකීම වනුයේ හැකිතාක්‌ සාධක හා දත්ත ඉස්‌මතු කිරීම බව අවධාරණය කළ යුතුය. විඡේපාල වීරවර්ධනයන්ට අනුව විෂ්ණු, විභීෂණ සංකල්ප මෙරට මුල් බැසගෙන ඇත්තේ දකුණු ඉන්දියානු විජයනගර් අධිරාජ්‍යයාගේ බලපෑමෙනි. දේව සංකල්පය ගොඩ නගා ඇත්තේ යන්ත්‍ර, මන්ත්‍ර, හූනියම් බලිතොවිල් ඉන්දියානු හින්දු ආඬි ගුරුන් ඇතුළු පූජකයන් මඟිනි. නමුත් දේව සංකල්පය බෞද්ධ ඉතිහාසයේ ප්‍රමුඛස්‌ථානයේ ලා ගැනෙන අතර ඒ පිළිබඳව අග්ග මහා පණ්‌ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ පහත ප්‍රකාශය සලකා බැලිය යුතුය. (උපුටා- ආනන්ද මෛත්‍රී මහා නා හිමි අප්‍රකට ලිපි - පිටුව 178 - 179)

"බෞද්ධයෝ විෂ්ණු නම් දෙවි කෙනකුට ද ගරු බුහුමන් දක්‌වති. බෞද්ධ සාහිත්‍ය අනුව විෂ්ණු නමින් දැක්‌වෙන බෞද්ධෝපාසක දෙවියෙක්‌ ඇත. සංයුත් සඟියෙහි දේවපුත්ත සංයුත්තයේ දෙවෙනි වගහි බුදුරදුන් සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි එක්‌ රැයෙක විෂ්ණු නම් දෙවි පුතෙක්‌හු අවුත් වැද කතා බස්‌ කළ පුවතෙහි දැක්‌වේ. ඒකමන්තංඨි තොඛො වෙණ්‌හු දේව පුත්තෝ භගවතෝ සන්තිකේ ඉමං ගාථං අහාසි පසෙක සිටි විෂ්ණු දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දී ගාථාවෙන් බුදු සස්‌න යෙදුණවුන් ලබන යසස පැවසූ බවද භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ කියුම අනුමත කළ බවද ඒ සූත්‍රයෙහි සඳහන් වේ.

දික්‌ සඟියේ මහා සමය සූත්‍රයෙහි වෙණ්‌හු ද දෙවො සහලීව" යන ආදී ගායෙහ විෂ්ණු නම් ඇති බොහෝ දෙනෙකුන් එදා සභාවට අවුත් සිටි බව දැක්‌වේ. මෙයින් විෂ්ණු නම් දේව නිකායක්‌ ඇති බවද ඔවුන්ගේ ප්‍රධානියා මහා විෂ්ණු නමින් පැරුණියන් සැලකූ නිසාවෙක්‌ද හැඟේ. මේ බෞද්ධ දැකුම් කොණින් බලන විට විෂ්ණු දෙවියන් පෙනෙන සැටියි. අන්‍ය ලබ්ධිකයින් ඒ දෙවියන් වෙන සැටියකින් දැන පුද පූජා කරනු ඇත. එසේ කළ පළියට බෞද්ධයන් බෞද්ධ ඇසින් ඔහු දෙස බලා මේ බුදුරදුන් අනුව ගිය බෞද්ධෝපාසකයෙකැයි සලකා කරන සැලකිලි අත් හරින්නට අවශ්‍ය නැත." (බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි) ජාත්‍යන්තර කීර්තියට පත් අග්ග මහා පණ්‌ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ අදහස පිළිගන්නවාද විඡේපාල වීරවර්ධනයන්ගේ අදහස පිළිගන්නවාදැයි පාඨකයන් විසින් තීරණය කළ යුතුය.
                    

රාවණ පිළිබඳව අප රටේ පවතින්නේ කෘත්‍රිම ලෙස සමාජ ගත කරනු ලබූ ජන විඥානයක්‌ මිස පාරම්පරික විඥානයක්‌ නොවන බවයි. (විඡේපාල වීරවර්ධන - දිවයින බදාදා අතිරේකය 2012.05.16)

මෙවැනි පුහු තර්ක - විතර්ක මතු කරමින් විහිළු කරුවකු සේ ලේඛන සකස්‌ නොකරන ලෙස ඉල්ලා සිටිමි. රාවණ කේන්ද්‍ර සටහන පිළිබඳව කරුණු මීට පෙර මා විසින් ඉදිරිපත් කළ අතර එම පිටපත මේ සමඟ නැවත ඉදිරපත් නොකළද පාඨක දැන ගැනීමට එහි පෙර ලිපියේ සඳහන් නොවූ කරුණු ගණනාවක්‌ ඉදිරිපත් කරමි.

1818 ඌව - වෙල්ලස්‌ස නිදහස්‌ සටන මෙහෙයවූ කිවුලේ ගෙදර මොහොට්‌ටාලගේ සීයා කෙනකු කිවුලේගෙදර දිසාවේ විසින් රාවණයන්ගේ කේන්දර සටහන පිළිබඳව සටහන් තබා ඇත. ඔහු නමින් කිවුලේ ගෙදර දිසාවේ මහනුවර යුගයේ විමලධර්ම සූරිය රජුගේ ඌවේ ප්‍රධාන අමාත්‍යවරයකුව වාසය කළ බව මන්දාරම් පුවතින් සනාථ කළ හැක.

ක්‍රි.ව. 1647 හඑවඩන බලය ලත් විකුම් ඇදුරු රචිත මන්දාරම් පුවත මුල් පිටපතට අනුව පහත කවිය කිවුලේගෙදර පිළිබඳව සටහන් වේ.
 

කිවුලේ ඇරැව්වාවල සහ රබපතය
අඹතැනී මහන්තේ සහ එල්ලාවලය
දුනුවිල කප්පාගොඩ ඉද්දුම ලය
රත්නායක හේරත් මල්ගම්මනය (කවිය 157)

කිවුලේගෙදර දිසා බණ්‌ඩාර දෙවියෝ ලෙස ඌවේ වැසියන්ගෙන් ගෞරව ලැබූ කිවුලේගෙදර මොහොට්‌ටාලගේ මුත්තණුවකු වූ ඉහත කවියේ සඳහන් දිසාවේ මන්ත්‍ර විද්‍යා ග්‍රන්ථයේ සංස්‌කෘත භාෂාවෙන් රාවණ කේන්ද්‍රය සදහන් වී ඇත.

එමෙන්ම ලක්‌දිව රාවණ පෙළපතක්‌ද වාසය කර ඇති අතර රාවණ ධජය පිළිබඳව හා රාවණ රජුට සමාජයේ තිබූ තත්ත්වය පැහැදිලි කිරීමට මන්දාරම් පුවතේ පහත කවි සාක්‍ෂි ලෙස ඉදිරිපත් කරමි.
 

වීරසුරි දිවාරත්න ද හල්වඩන
රාවණ කොඩිය - තොප්පිය සහ රන්වතිත
හේවාවසම වාසලදුරය සමගින
හඑවඩන නිලයද වෙන වෙනම දුන (142 කවිය)

මෙහි තේරුව වීරසූරිය මැතිඳුන් දිවාරත්න හඑවඩන නිළයද රාජ්‍ය සංකේතයක්‌ ලෙස රාවණ රජුගේ රුව ඇතුළත් ධජයද හේවාවසම වාසල දූරයද විමලධර්මසූරිය රජු විසින් පිරිනමා ඇත.

සිහසුන් රාවණ දජගෙන අසු පිටින
දෙසියක්‌ සෙබලුන් මුරකල සිට තුන් පෙලින
පුවක්‌ ගොල්ල පුසසල මැතිවරු දෙදෙන
මාවත්දෙකේ වාසල මුරගත එමෙන (278 කවිය)

ඉහත කවිය මගින් විමලධර්ම සූරිය රජුගෙන් පසු රජ වූ සෙනරත් රාජ යුගයේද රාවණා රජු පිළිබඳ මහජන හරසර හා ඉස්‌මතු වීම විඡේපාල වීරවර්ධනයනට සංකල්පයක්‌ වූවාට එකල ඇත්තන්ට ගෞරවයක්‌ විය.

මෙසේ පුස්‌සැල බෝගමුවේ ආරාවේ විල්බාවේ කිවුලේගෙදර පරම්පරාව සතුව ඇති රාවණ ඉතිහාසයේ සාධක වළ දැමීම බ්‍රිතාන්‍ය යුගයේදී සිදුවූ බව අපගේ පර්යේෂණ තුළින් තහවුරු වී ඇත.

ලක්‌දිව අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ යුගයේ ලියවූ ඉංග්‍රීසි හටන රාවණ රාම කථාව ජන විධානය තුළ පැල පැදියම් වී ඇත. 1803 - 1810 අතර රචිත සාහිත්‍ය කෘතියක-

වී මෙතුන් ලක රාජධුරන්දර ක්‍ෂිරසාගරමෙන් පිරිසෝ මා
පෑ විකුම් තෙද වීර පරාක්‍රම වෛරී රාවණරාම සංග්‍රාමා
ශ්‍රී දැකුම් කල රූ රජ මන්දිර අංග හෝ තන්ද වූ රති ප්‍රේමා
ශ්‍රී විකුම් රාජසිංහ මහපති ජීවාලෝක පුරන්දර සේමා


1803 ශ්‍රී වික්‍රම රාජසිංහ රජුයේ යුධ ජයග්‍රහණය වර්ණනා කළ කවියා රාම රාවණා පුවත පිළිබඳ ඇති පිළිගැනීම ඉදිරිපත් කර ඇති විට සියලු කරුණු ප්‍රතික්‍ෂේප කරමින් විඡේපාල වීරවර්ධනයන් රාවණ යුගය ප්‍රතික්‍ෂේප කිරීමට සමාජය පොළඹවන සුප්‍රක්‍රට විවේචකයෙකු ලෙස පමණක්‌ අපට හැඟීයයි.

ජපානයේ ආදී පුරුෂයා යමට රාසෝ වන අතර ඔවුන් බෞධයන් ලෙස තම ආදී වංශය පිළිබඳව ගවේෂණයේ යෙදී ඇත. ජපන් ජාතියේ ධජය වනුයේ සූර්යයා ලාංඡනය වන අතර ජපන් ඉතිහාසය තුළ වර්තමානයේ හමුවී ඇති ගලින් කළ ඉදිකිරීම් ඔවුන්ගේ ඉතිහාස ගවේෂණය රාවණ යුගයද දක්‌වා අද වන විට ගෙන ගොස්‌ අවසානය. පුරාණ ඊජිප්තු, බැබ්ලෝනියා, රුසියානු ඉතිහාසය තුළ දක්‌නට ලැබෙන රෝසොන් රහුහාන් රා පාරාවෝ පෙළපත්වල ආදිතමයා රාවණයෝය. අදවන විට පුරා විද්‍යා අවධානයට ලක්‌වී ඇති රාවණයන් හා අහසින් බට ගුවන් යානා විශේෂ පිළිබඳව පාසල් අධ්‍යයනයේ යෙදෙන අටවන ශේ්‍රණියෙන් එහා දරුවන් දැන සිටින තොරතුරු පරිගණකය හැසිරවීමටවත් තොරතුරු ලබා ගැනීමට නොදන්නා ලේඛකයන් මනඃකල්පිතය. මේවා පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට අපට කාලයක්‌ නොමැත. එබැවින් රාවණ යුගය විෙ-පාලයන්ට මනඃකල්පිත වූවාට අද වන විට කුඩා දරුවන්ගේද රාවණ චරිත ජාතික වීරයෙකි. මන්ද ඔහු ප්‍රථම ගුවන් යානය සැදූ ජාතියේ මහා විද්‍යාඥයා හා නියමුවාය.

එමෙන්ම ඉර හ`ද සංකේතය ලොවට දායද කළ රාවණ ධජය මෙරට ලාංඡනයක්‌ ලෙස අද වන විට සේසත් තුළ පමණක්‌ ඉතිරි වී ඇත.

හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ එම්. බී. එච්. බී. සිරිසෝම මහතා රාවණ පිළිගත් විද්වතෙකි. එතුමා 1991.06.16 සි`එමිණ පුවත්පතට මෙසේ සටහන් තබා ඇත. රාවණ ගේ ලංකාපුරය තිබූ ස්‌ථානය හඳුනා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් පෙදෙස්‌ 03 ක්‌ ගැන අවධානයට යොමු කිරීමට සිදුවේ. ඉන් පළමුවැන්න සීගිරි පර්වතය වන අතර කුවේරගේ ආලක මන්දාව වශයෙන් එය හැඳින්වීම සහ රාවණ කුවේරගේ රජකම පැහැර ගැනීමේ කථාව මේ වෘත්තාන්තයට නව එළියක්‌ ගෙන දේ. රාවණ පිළිගත් පුරා විද්‍යාඥයෙකුගේ එක්‌ නමක්‌ ඉදිරිපත් කරන ලෙසට විඡේපාල විරවර්ධනයන් කළ ඉල්ලීමද මෙමගින් ඉටු කරමි. විජයට පෙර මෙරට ජාතික කොඩිය රාවණ ධජය විය.



විජය ආක්‍රමණයට පෙර මෙරට ජාතික කොඩිය රාවණ ධජය විය 


ඉතිහාසයේ ප්‍රතාපවත් නරේන්ද්‍ර වූ වෛද්‍ය ශිරෝමණි ශ්‍රී ලංකාධිපති රාවණ අධිරාජ්‍යයාගේ ධජය වූයේ ඉරහ`ද තාරකා දොළසකින් යුත් ධජයයි. සිව් හෙළයේ රාජ්‍ය ලාංඡනය වූයේ කේසර සිංහයාය. රාවණ අධිරාජ්‍ය බි`ද වැටීමත් සමග රාවණ රජුගේ සොයුරු පුලතිසිවංශ විභීෂභද්‍ර හෙවත් විභීෂණ මෙරට රාජ්‍ය පාලකයා බවට පත්විය. රාවණ යුගයේ තොරතුරු ඇතුළත් වෙසමුණි ධරණිවත නම් පුස්‌කොල ග්‍රන්ථය රාවණ යුගයේ ධජ පිළිබදව හා යක්‌ෂ ගෝත්‍රයේ යුධ ශිල්ප පිළිබද කරුණු ඉදිරිපත් කරයි . තවද රාවණා රජු පහත ස`දහන් සංගීත රාග ලොවට ප්‍රථමයෙන් දායද කර ඇත. වර්ග පූර්ණිකාවේ හෙළ භාෂාවේ මෙම රාග
 

(1) සාමාර්ථ
(2) දිශලි
(3) අපර්ණිශි
(4) කේලාශි
(5) කෞෂාධි
(6) නෙතුශි
(7) සුධාලි
(8) නිශෝශි
(9) යගු කෞරවී
 

රාගයන් උපයෝගී කර රාවණ ධජය අතීතයේ හෙළයන්ගේ ජාතින ගීයෙන් පුදසත්කාර ලබා ඇති බව ඉපැරණි පුස්‌තකයේ ස`දහන්ය. මෙම රාවණ ධජ අභිශේෂකය සඳහා පංචතුර්යය නාද පවත්වා ඇත. රාවණ සොයුරු පුලතිසි වංශ විභීෂණ රජු ස්‌වකීය සොහොයුරාගේ (රාවණ රුව) ලංකා ධජයට එකතු කර ඇති නමුත් රාවණ යුගයේ ධජ අද දක්‌වා ඉතිරිවී නැතත් විජයාගමනය දක්‌වා මෙරට ජාතික කොඩිය ලෙස භාවිත වී ඇත්තේ රාවණ ධජය බව පෙන්වා දිය හැක.

සිවිසැට විද්‍යා (64 මායවී) ස්‌ත්‍රීන්ට ආදේශ කොට මෙරට ගුප්ත විද්‍යාව ලෙස හ`දුන්වන රාවණ යුගයේ සෙප්පඩමජ විද්‍යා වර්තමානයේ ජනවහරේ නින්දාවට පත්කළ සුදු පාලකයන් දේශීය වෛද්‍ය විද්‍යාව, ශෛල්‍ය වෛද්‍ය විද්‍යාව, ජ්‍යෙතිෂය පොත පත විනාශ කර දමන ලදී. අවශේෂ පොත පත අදත් එංගලන්තයේ කෞතුකාගාරයක්‌ තුළ පවතී. ලංකාවේ ප්‍රතාපවත් රජෙකු වූ ගාමිණි අභය හෙවත් දෙටු ගැමුණු (වැඩිමහල් ගැමුණු) රජුගේ ධජයේද ඉරහ`ද සංකේතය දක්‌නට ලැබේ. අවාසනාවට මෙරටට බ්‍රිතාන්‍යයන් පිළිගැන්වූ නිදහස දා ලංකා ධජයට ඉරහ`ද ලකුණවත් ඇතුළත් නොවීය. ඉතිහාසයේ හා ඉපැරණි ධජ අධ්‍යයනයට ලක්‌ නොකොට මෙරට ධජය නිර්මාණය වී ඇත. යක්‌ෂ ගෝත්‍රික භාෂාවේ කේෂාරී - යනු සූර්යයාගෙන් නිකුත් වන සුවිශේෂි රශ්මී කධම්භයකි. ඉපැරණි ජ්‍යෙතිෂය ග්‍රන්ථ අධ්‍යයනයෙදී පංචපක්‌ෂි ඉන්දා ගුරුළුව යමකාල සෑම පැය 2 ක විනාඩි 24 කට වරක්‌ පෘථිවිය වෙත පතිත වන සූර්යය චුම්භක ශක්‌තිය වෙනස්‌ වේ. මෙම කේසාරි කිරණය මේ සියල්ල අභිබවා ලැබෙන සුවිශේෂි කිරණයකි. කේසර සිංහ සුවිශේෂි ශක්‌ති ආලෝක අවස්‌ථාවක්‌ පිළිබිඹු කරන අතර භාෂාව ඉතිහාසය පිළිබිඹු කරයි. රාවණ යුගයේ රාජ්‍ය සංකේතය සිංහයා බව වෙසමුණිධරණිය පෙන්වා දේ. සිංහයා ලාංඡනය අපට විජය නම් ආක්‍රමණිකයාගෙන් කිසිදා ලැවී නොමැත. කාලිංග වංශික විජය ඉන්දියානුවෙකි. ඔහුට රාජ්‍යයට කිසිදු උරුමයක්‌ නොමැති අතර විජය නමින් කිසිදු පාලන ප්‍රදේශයක්‌ තබා ඇළක්‌ දොළක්‌වත් ලංකාවේ නොමැත.

නමුත් විජය නගර් විජය පටිනම් වැනි රාමසාමි පරපුරේ අධිරාජ්‍ය ඉන්දියාවේ පැවතී ඇත. හෙළ සංස්‌කෘතිය තුළ ඉරහ`ද සලකුණ අද දක්‌වා දක්‌නට ලැබේ. රාම, විජය ආදීන්ගේ ආක්‍රමණයන්ට මුහුණ දුන් ලංකා රාජ්‍යය විජය ආක්‍රමණයෙන් පසු යක්‌ෂ ගෝත්‍රයේ පසුබෑමක්‌ දක්‌නට ලැබුණද පණ්‌ඩුකාභය, වලගම්බා, මහසෙන්, පැරකුම් වැනි ප්‍රථාපවත් ලංකා පාලකයන් හෙළ සංස්‌කෘතිය පෝෂණයේ ඉමහත් කාර්ය භාරයක යෙදී ඇත. රාවණ ධජය ක්‍රමානුකූව පළාත් ප්‍රාදේශීය ධජයක්‌ ලෙස පිරිහීමට පත්වූ අතර අවසානයේ II රාජසිංහ යුගයේ දොන් කොස්‌මො විෙ-සේකර යුධ මුදලි තුමාගේ ධජය වූයේ ඉරහ`ද තරු දොළොසක්‌ හා රාවණ රුව ඇතුළත් වර්තමානයේ දක්‌නට ලැබෙන ධජයයි. මෙතුමා ලංදේසි සංහාරය කිරීමේ II රාජසිංහ රජුගේ සෙන්පතියා වූ අතර එදා ජගත් කීර්තියට පත් අපේ ලංකේශ්වර ශ්‍රී රාවණ ධජය අද පරපුරු කිහිපයක උරුමයක්‌ ලෙස පමණක්‌ ඉතිරි වී ඇත. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට 1815 දී ලක්‌දිව භාරදුන් උඩරට ගිවිසුම අවස්‌ථාවේදී පවා මෙය හේවාහැට ධජය ලෙස භාවිත විය. ඉතිහාසයේ සත්‍ය කරුණු අධ්‍යයනයට ලක්‌නොවීම ජාතියේ අවාසනාවකි. මහ ඌවේ ජනකවි ශ්‍රී රාවණ ධජය පිළිබ`ද ව ඓතිහාසික බව තහවුරු කරයි.
 

පර සතුරනට විරුද්ව යුධ පවුරු බැ`ද
හේවාහැට වලපනය කොත්මලේ හි`ද
සිංහල සෙනග රාවණ කොඩිය යට හි`ද
රණකෙළි පෑ අයුරු කොතරම් ලස්‌සනද

රාවණ කොඩිය හෙළදිව ජාතික කොඩිය
සිංහල ලෙයින් දස්‌කම් පෙන්වූ කොඩිය
උඩරට රදළවරු පණසේ රැකි කොඩිය
පෙරමුණ රැගෙන යමු අද රාවණ කොඩිය

සක්‌ දෙවිඳුයි හඳ මත හා රුව ඇන්දේ
සමන් දෙවි`දු බැබලේ සමනල කන්දේ
ගැමුණු රජුයි සතුරන්ගේ බල බින්දේ
රාවණ කොඩිය බැබලේ තලගල කන්දේ

 

පරපුරු කිහිපයක්‌ සතුව පැවැති සුවිශේෂ රාවණ ධජය පහත අයුරින් වර්ගීකරණයකට ලක්‌ කළ හැකිය.

නුවරඑළි දිසාවේ රාවණ කොඩිය

ඌව දිසාවේ රාවණ කොඩිය - කිවුලේගෙදර මොහොට්‌ටාල සතුව 1818 දී නිදහස්‌ සටනට භාවිතයට ගන්නා ලදී (මෙතුමා ඌවේ දිසාවේ බවට පවා පත්වූ අතර මයුරා ධජය පමණක්‌ නොව රාවණ යුගයේ මාරගල කන්දේ රාවණ වන්දනාවේ යෙදුණු නිදහස්‌ සටනේ සැබෑ නායකයාය)

බලංගොඩ රාවණ කොඩිය - සබරගමුව

ගිරිබාවේ රාවණ කොඩිය - (විනාශයට පත්වී අවසානය)

ඌවේ රාවණ කොඩියේ දුනු, හී අමෝරාගත් සතුරන් හා සටනට සැරසී ඇති රාවණ ධජය දක්‌නට ලැබෙන අතර එය රාවණ රජුගේ යුධ ශිල්පය දක්‌වන දෙවි රුවකට සමානය.

කොත්මලේ රාවණ ධජයේ ගුරු පැහැති පසුබිම තුළ තද පැහැති රේඛාවෙන් රාවණ රජු සිත්තම් කර ඇත. බලංගොඩ කේවේසස්‌ථාන පරපුර සතු දෙවිවරු ඇතුළත් රාවණ ධජය උරුමයක්‌ ලෙස අද දක්‌වා නොනැසී පවතී.

බලංගොඩ පරපුර සතු රාවණ ධජයට දුම්දි ශිවාලිතයේ ස`දහන් රාවණ මුහුර්තියෙන් රාවණ අෂ්ඨක සඡ්ජායනා කොට යුධ බිමට යන ඉතා රහසිගත පූජා ක්‍රමවේදයක්‌ පවතී. ලක්‌දිව අවසාන නායක්‌කාර රජ පෙළපත හින්දු මත හා ඉන්දියානු රාම දේවවාදීන් රාවණ පරපුර වැනසීමට උත්සාහ දරා ඇත. ඔවුන් සිංහල දිසාවේලාගේ බලය මර්දනය කිරීමට දැඩි උත්සාහයක යෙදී ඇත. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ රාවණ පරපුරේ උරුමය ඉතා වේගයෙන් විනාශ කරමින් පවතී. නුවරඑළියේ වැව කවරෙකු සැදුවාදැයි ඉතිහාසයේ ස`දහන් නොවේ. නමුත් එකල නුවරඑළි වැව රාවණ වැව ලෙස හ`දුන්වා ඇති අතර එහි නිර්මාතෘ ලංකේශ්වර රාවණ අධිරාජයාය. අතීතයේ නුවරඑළිය වැව ග්‍රෙගරි ආණ්‌ඩුකාරයා දෙකට බෙදා සම්පූර්ණයෙන් විනාශ කළ අතර එහි එක්‌ කොටසක්‌ වර්තමානයේ Race Course එක ලෙස භාවිත වේ. නමුත් නිදහස ලැබී අඩ සියවසක්‌ ගතවී ඇතත් මෙම වැව විනාශ කළ දාමරිකයෙකුගේ නමක්‌ වැවට දමා රාවණ නාමය ඉවත් කිරීමට විරුද්ධව කටයුතු නොකිරීම ජාතියේ අවාසනාවකි.
                      

ලංකා ඉතිහාසයේ අසහාය විශ්ව කිර්තියට පත් ඉරහ`ද ජයගත් ග්‍රහ තාරකා තරණය කළ උඩු ගුවන පවා ජයගත් වීර පුරුෂයෙකුගේ රාජ්‍ය ධජය අතීත මුතුන් මිත්තන් ඉතා ගෞරවයෙන් භාවිත කර ඇති බව මෙරට ජාතියට වැටහෙන්නේ නම් අවම වශයෙන් ලංකා සිතියමෙන් කුඩා රාවණ, මහ රාවණ කොටු දෙකට (Light house) අද දක්‌වා භාවිත කළ නම් ඉවත් කර ඒ වෙනුවට 1 හේට්‌, ,11 ලෙස නම් කිරීමට විරුද්ධව නැඟී සිටිය යුතුය. අවම වශයෙන් මෙරට ඉපැරණි රාවණ ධජය පළාත් ධජයක්‌ ලෙස නොහැකි නම් ප්‍රාදේශීය සභාවකට හෝ යුධ හමුදා නිල ධජයක්‌ ලෙසවත් භාවිතයට ගැනීම යුක්‌ති සහගත නොවන්නේද? ව්වේචනයට නොව විමසුම් බුද්ධියට.





ආශ්‍රිත ග්‍රන්ථ

  • රාවණ සංස්‌කෘතිය -ආචාර්යය මිරැන්ඩෝ ඔබේසේකර
  • රාවණ කුමාර තන්ත්‍රය ආචාර්ය ජී. බී. එච්. බී. ඩී. බී. කුමාරදාස
  • යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු පූජ්‍ය මානෑවේ විමලරතන හිමි
  • රාවණ රාජාවලිය සහ උපත් කථා මහාචාර්ය ගණනාථ ඔබේසේකර
  • ඉංගී්‍රසි හටන විමර්ශනය ලයනල් සරත්
  • කොහොඹා යක්‌ කංකාරිය සහ සාමාජය මුදියන්සේ දිසානායක
  • ලංකාවතාර සූත්‍රය සුසුකි
  • The Tibetan Bookotte Dead
  • W. Y. Eves Wantz
  • L o s t Cities of Asia
  • Wim Swaam - 1966
  • Buddha
  • William Macquitty 1969
  • Exploring the Ancient World
  • Dr. Paul Bahn
  • The L o s t Eviction Technology
  • සැළලිහිණි සංදේශය
  • පිරුවානා පොත්වහන්සේ - මහපිරිත් පොත (තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය)
  • ලේකම් විධි විමර්ශනය - ආචාර්ය එච්. බී. ඒ. බී. පී. බී. අභයවර්ධන
  • ශ්‍රි ලංකා රාවණ රාජධානිය - රාජකීය පණ්‌ඩිත ආරියදාස සෙනෙවිරත්ත
  • ලංකා පංචාංග ගෘහස්‌ත ලිත - ආචාර්ය ආර්. බී. කේ. බී. රෝහණ සිසිර කුමාර
  • මන්දාරම් පුර පුවත - ලබුගම ලංකානන්ද ස්‌ථවිර 1956

ජලිත අමරසිංහ
(2012/08/08 දින හා 2012/07/18 දිවයින පුවත්පතේ බදාදා අතිරේකයෙන් උපුටා ගන්නා ලදී. මෙහි කරුණු විමසා බැලීම ඔබ සතු වගකීමකි.)

3 comments:

  1. හ්ම්ම්ම්...
    කාලිගේ සිද්ධිය ගැන කියවුනු පොතක් මාත් කියෙවුවා...
    මා නැති දවස කියලා..
    ඒකට අනුවනං රාවන කියන්නේ කාලිගේ හොදම යාළුවෙක්..

    ReplyDelete
  2. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මොනරා ලාංචනය හැටියට භාවිතා කරන්නෙ රාවණගෙ දඬුමොනරය සිහිගන්වන්න. එය අගය කළ යුතුයි.

    ReplyDelete
  3. ඔබගේ ලිපිය අගේ කරමි සුබ පතමි ..විජයපාල විරවර්ධනයන් පමණක් නොව බොහෝ ඊනියා විද්වතුන් රාවන නම ඇසු පමණින්ම කිපේ ,,,එක් දෙයක් පමණක් පවසමි ,,යගු කොරාන මණ්ටක යනාදී වශයෙන් රාවන රජතුමා හැඳින්වුවා ,,යක්ෂ ගෝත්‍රිකයන්ගේ බාශාව කියමින් රාවන යුගය ගැන බොරු දෙසා බාන චීවර දාරියෙකු සහ නඩයක් ඇත ,,,මේවා අමුලික බොරුය
    පැහැදිලි කිරීමට නොයමි මොකද ඔබට බාශා විකාශනය ගැන දැනුමක් ඇතැයි සිතන බැවිනි යක්ෂ ගොත්රිකයනට පමණක් වෙන් වූ බාශාවක් තිබුනේ නැත ,,,

    ReplyDelete