Friday, November 23, 2012

දඹදිව සුපකට ආරාම ත්‍රිත්වයක්

බුදුන්වහන්සේ ඇතුලු සංඝයවහන්සේලාට වැඩ සිටීම සදහා විවිධ රජදරුවන් විසින් විහාර ආරාම පූජා කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදී වැඩ සිටි විහාර ආරාම අතරින් වැදගත් පූජනීය ස්ථානයන් ලෙස ජේතවනාරාමය සහ වේලුවනාරාමය හැදින්විය හැක.එසේම භද්දකච්චායනා අරහත් මෙහෙණිය වැඩ සිටි ආරාමයද අද අපට හදුනා ගත හැකිව තිබේ.


ජේතවනාරාමය
බුදුන්වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි ස්ථානය ලෙස හදුන්වන්නේ අනේ පිඩුසි‍ටු තුමා විසින් ඉදිකරන ලද ජේත්වනාරාමයයි. ජේත යනුවෙන් හදුන්වන්නේ "නා" ගසයි නා වනයෙන් වටවූ ආරාමය යන්න අරුත් දක්වමින් ජේත්වනාරාමය යන නමින් මේ ආරාමය හදුන්වනු ලැබේ. බුදුන්වහන්සේ වැඩ සිටි ජේත්වනාරාමය අද රිටිගලදී දැකගත හැකි අතර තවමත් ඒ නා වනයේ සුන්දරත්වයද අඩුනොවී විදිය හැකිය.මෙම ජේතවනාරාමය බුදුන්වහන්සේට පූජා කර ඇත්තේ සුදන්ත හෙවත් බත මහදත හෙවත් අනේ පිඩුසි‍ටු තුමාය. පලමුව එතුමා මේ හෙලදීපයේ ජීවත් වූ පුද්ගලයෙකු බව තහවුරු කර ගත යුතුය. එය තහවුරු කරනු වස් මූකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමියන් විසින් හෙල බුදු උරුමය අහිමි තැන් යන ග්‍රන්ථයේ සුදන්ත සි‍ටුවරයාගේ ශිලා ලේඛනයක් දක්වා ඇත. එය මෙසේ දෙක්විය හැක.
 අනේ පිඩුසි‍ටු තුමා බුදුන්වහන්සේ කෙරෙහි පැහැදී උන්වහන්සේ ඇතුලු සංඝයාවහන්සේලාට මෙම ජේත්වනාරාමය ඉදිකිරීමට පෙර ඒ සදහා සුදුසු භූමියක් ‍තෝරාගැනීමට උත්සුක විය. එම භූමිය ශබ්ධවලින් තොර නිහඩ පරිසරයක් විය යුතු අතර භික්ශූන්වහන්සේලාට තමන්වහන්සේලාගේ වැඩ කටයුතු කරගෙන යාමට පහසු විය යුතු ප්‍රදේශයක් විය යුතු විය. එසේම ධර්මය ශ්‍රවණය කිරීමට කැමති මිනිසුන්ට එහි ලගාවීමද පහසු ස්ථානයක් විය යුතු යැයි කල්පනා කල එතුමා, රන්කහවනු අතුරා ඒ සදහා සුදුසුම භූමිය වූ වත්මන් රිටිගල භූමිය මිලදී ගන්නා ලදී.
                             

"එ වේලෙහි සිටාණෝ බුදුන් වදාළ අභිප්රා යෙන් “බුදුහු මා ලවා වෙහෙරක් කරවනු කැමති සේකැ”යි දැන “අදහස් දතිමි, ස්වාමිනි! වෙහෙරක් කරවාලා ගැත්තවූ ආරාධනා කොට එවූ කල වැඩවදාළ මැනැවැ”යි ආරාධනා කොට බුදුන් අතින් සියලු ප්රමතිඥා ලදින් බුදුන් වැඳ සමුගෙන තමන්ගේ නුවරට යන්නාහු මඟ යොදනෙන් යොදනෙහි මනුෂ්ය යන් රැස් කොට “මනුෂ්යුයෙනි! බුදුහු මෙ මග වඩනා සේක, මං සරහව, වෙහෙර කරව, නො පමා වව”යි කිය කියා බුදු ගුණයෙන් බොහෝ දෙනා පහදව පහදවා මඟ පන්සාලිස් යොසනෙහි පන්සාලිස් ලක්ෂයක් වියදම්කොට පන්සාලිස් වෙහෙරක් කරවා සැවැත් නුවරට ගොස් බුදුන්ට වාසයට මා වෙහෙරක් කරවා ගන්නා පරිද්දෙන් කෙසේ වූ ස්ථානයෙක නුදුරු නො ළංව සත්ත්වයන් සිත් සේ ගොස් වැඳ පුදා ගන්නා පරිද්දෙන් යොඝ්යන දෝහෝ රම්යැ දෝහෝයි නුවර සිසාරා බලා ඇවිදිනාහු ජෙත නම් රාජකුමාරයන්ගේ උයන ඉතා රම්යද ය යි උන් කරා ගොස් “ රාජකුමාරයක් වහන්ස! නුඹගේ උයන්බිම බුදුන්ට මා වෙහෙරක් කරවා ගන්නා පරිද්දෙන් මාගෙන් මිලයෙට බිම මට දුනමැනැවැ”යි කීහ. එබසට රාජකුමාරයෝ “මඳ මිලයක් දෙන්නා තබා ඒ බිම ඔටින් සිටුවා රනින් වසා පුරා දුනු නුමත් දෙම් ම ය”යි කීහ.
(පූජාවලිය-ජේතවනාරාම පූජා කථා)
සක්මන් මලුව

එසේ මිලදී ගත් භූමිය මනා සැලසුමකට යටත්ව සුදන්ත සි‍ටුවරයා ආරාමය ගොඩ නැගීමේ කටයුතු සිදු කරන ලදී. භික්ශූන්වහන්සේලාගේ අවශ්‍යතාවලට මූලිකත්වය දෙමින් ඉදිකල මේ ආරාමය ඉදිකිරීම සම්බන්ධ විස්තරයක් විනය පිටකයේ චුල්ලවග්ගපාලියේ දැක්වේ.එම විස්තරයේ දැක්වෙන අන්දමේ ඉදිකිරීමක් දැකගත හැකි එකම ස්ථානය හෙලදිව පිහිටි රිටිගල භූමිය මිස ඉන්දියාවේ ස්ථානයක්නම් නොවේ. මේ ඉදිකිරීම් පිලිබදව පූජාවලියේද සදහන් වේ.
                 
"එ කල රාජකුමාරයන්ගේ සේවකයෝ සියදහස් ගණන් ගොවි පෝරු ලා ලා ඇද මසුරන් උයනින් පිටත රැස්කොට බිම අවසර කළහ. එ කල සිටාණෝ විහාරකර්මාන්ත පටන් ගන්වා අනන්තාපරියන්ත වූ බුදුන්ගේ ශාසනස්ථාන වූ අවිජහිත භූමියෙහි බුදුන්ට විසිතුරුවූ ගඳකිළියක් කරවා, වටා සංඝාරාම කරවා, රාත්රිනස්ථාන - දිවාස්ථාන - චංක්රටමණ - මණ්ඩප - පුෂ්නරණි - විල් පතැස් - පුෂ්පාරාම - ඵලාරාම ආදී වූ නොයෙක් සංඝාරාම දෙවියන්ගේ ද සහායෙන් දිව්යආ කර්මාන්ත සේ විශ්වකර්ම නිර්මිතයක් සේ ඉතා මනොහරකොට නිමවා සිසාරා සාර දහසක් රියන් හා උසින් අටළොස් රියන් මහ පවුරු කරවා නොබෝ දවසෙකින් නිම වූහ. එහි බුදුන්ට ම කැරවූ ගඳකිළිය සියක් ලක්ෂයක් මසුරන් වියදම් කොට කෙළක් අගනා සේ කළහ. සියලු විහාර කර්මාන්තම එක් නිධානයෙක් ම පුරා තුබූ අටළොස් කෙළක් මසුරන් වියදම්කොට කළහ."
නාන ගෘහ

එසේ ඉදිකල විහාරාය රජගහනුවර(අද රජගල) වැඩ සිටි බුදුන්වහන්සේට ආරාධනා කර බුද්ධ ප්‍රමුඛ මහාසංඝරත්නයට පූජාකරන ලදී. එදා ජේත්වනාරාමය පිහිටි අද රිටිගල භූමියේ පූජනීයත්වය තවත් ඉහල නංවන්නේ එම භූමිය අතීත බුදුවරුන්හා සම්බන්ධ සිදුවීම්ද වාර්ථාවන බැවිනි.
"මේ විහාරභූමිය නම් අනන්තාපරියන්ත වූ සර්වඥයන්ට ම අනන්තාපරිමෙය වූ ධනසිටුවරුන් විසින් ම මිලදී ගෙන කරවා පිළීගන්වා එන වෙහෙරෙක් ම ය. සෙසු සර්වඥයන් හැර විපස්සී නම් බුදුන්ට සවස්තිසෙන නම් සිටාණකෙනෙක් මෙ ම බිම සතර ගවුවක් පමණ තෙන රන් අතුළුවෙන් වසා බිම ගෙන විහාරය කරවා ඒ විපස්සී නම් බුදුනට පිළිගන්වා මහාපූජා කළහ. තව ද සිබී නම් බුදුන්ට සිරිවඩ්ඪක නම් සිටාණකෙනෙක් මෙම බිම තුන් ගවුවක් පමණ තෙන ඝනරන් සීවැලින් වසා මිල දී බිමගෙන විහාරය කරවා පිළිගන්වා මහා පූජා කළහ. වෙස්සභු නම් බුදුන්ට ස්වස්තික නම් සිටාණ කෙනෙක් මෙම බිම දෙගවුවක් පමණ තෙන ඝනරනින් ගැසූ ඇතු පයින් වසා මිල දී බිම ගෙන වෙහෙර කරවා පිළිගන්වා මහාපුජා කළහ. කකුසඳ නම් බුදුන් සමයෙහි අච්චුත නම් සිටාණකෙනෙක් මෙම බිම ගවුවක් පමණ තෙන ඝනරන්උලින් වසා මිල දී බිම ගෙන වෙහෙරක් කරවා පිළිගන්වා මහා පූජා කළහ. තව ද කොණාගමන නම් බුදුන් සමයෙහි උග්ගත නම් සිටාණ කෙනෙක් මෙම බිම අඩගවුවක් පමණ තෙන රනිබ්බන් පුරා මිලදී බිම ගෙන වෙහෙර කරවා පිලිගන්වා මහා පූජා කළහ. තවද කාශ්යහප නම් බුදුන් සමයෙහි මඬ්ගල නම් සිටාණ කෛනෙක් මෙම බිම සොළොස් කිරියක් පමණ තෙන ඝනරන් උළින් වසා මිල දී ගෙන වෙහෙර කරවා පිළීගන්වා මහාාපූජා කළහ. දැන් අප මහා ගෞතම බුදුන් සමයෙහි මේ අනේපිඬු මහසිටාණෝ බිජු අටකිරියක් පමණ බිම ඔටින්සිටුවා මසුරනින් වසා මිල දී බිම ‍ගෙන ජෙතවනාරාමය කරවා මෙසේ පිළිගන්වා නව මසක් මුළුල්ලෙහි මහාපූජා කළහ."

සැතපෙන ආසන

ගෘහ නිර්මාණය අතින් අග්‍රගණ්‍ය වූත් පූජනීය අතින් කෙල පැමිණි වූත් මේ පූජනීය ස්ථානය අද රිටිගලදී දැකගත හැක. ගල් පදම් කිරීමේ තාකශනය ඔස්සේ නිර්මානය කල එම ආරාමය හා තරග කල හැකි වෙනත් විහාරයක් නොමැති තරම්ය.


වේලුවනාරාමය

අකිලනෙ වේළුවනෙ විහාරෙ
තථාගතො තත්ථ මනොහිරාමෙ
නානා විහාරෙහි විහාසි ධීරො
වෙනෙය්යහ කාලං සමුදික්ඛමානො-යි

ගොතම බුදුන්වහන්සේට පුජාකරන ප්‍රථම ආරාමය ලෙස හදුන්වන්නේ වෙලුවනාරාමයයි. එය බිම්බිසාර රජු විසින් පූජාකරන ලද බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. එය අද රජගල ප්‍රදේශයේදී දැකිය හැක. එම විහාරයේ නටඹුන් එහිදී දැකගත හැකි අතර තවමත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මෙහි කැනීම් සිදුකර නැත.රජගල ප්‍රදේශයේ පිහිටි ඇතැම් ගෘහනිර්මාන ශිල්පයන් වෙනත් කිසිදු ප්‍රදේශයකින් දැකගත හැකි නොවන බව උගතුන් පවසන අන්දමට ඔවුන් ඒවා ක්‍රි.පූ.3වන සියවසට සීමාකරනුයේ එතනින් එහා බෞද්ධ ඉතිහාසයක් හෙලදිව නොතිබූ බව සම්මත ඉතිහාසයේ පවතින නිසා විය හැක. එයට හොදම නිදසුනක් ලෙස රජගල තැන්නෙන් හමුවන මුරගල් ශිල්පය පෙන්වා දිය හැක.

තවද සර්වඥයන් වහන්සේ මුගලන් තෙරුන්ගේ ධාතු පිහිටුවා වේළුවනාරාම දොරටුව සමීපයෙහි දාගැබක් බැන්දවූ බව බෞද්ධ ඉතිහාසයේ සදහන් වන අතර මුගලන් තෙරුන්ගේ ධාතුන්වහන්සේලා රජගල ප්‍රදේශයෙන් සොයා අගෙනීමත් සමග වේලුවනාරාමයද එම ප්‍රදේශයේ පිහිටි බව තවදුරටත් තහවුරු වේ.


මෙහෙණි ආරාම කන්ද

සිදුහත් කුමරු විවාහ වී සිටි යශොදරා කුමරිය සිදුහතුන් බුද්ධත්වය ලැබූ පසුව කාලයක් ගත්වීමෙන් පසු පැවිදි වී රහත් විය. එතුමිය වැඩ සිටි ආරාමය පිහිටා තිබුනේ ජේතවනාරාමය ආසන්නයේ බව ඉතිහාසයේ දැක්වේ. එම පිහිටීම අද එලෙසම දැකගත හැක. එදා භද්දකච්චායනා  අරහත් මෙහෙණිය වැඩ සිටි පුද බිම අද මානා කන්ද හෙවත් මෙහෙණි ආරාම කන්ද ලෙස හදුන්වයි එක රිටිගල සිට කි.මි.1 පමණ දුරින් පිහිටා ඇති අතර එමගින් ඉහත කී පිහිටීමද තහවුරු වේ.හෙලදිව සිටි ඇතැම් කුමරියන් පැවිදි වූයේ භද්දකච්චායනා අරහත් තෙරණියගේ මූලිකත්වයෙන් යැයි යක්ශ ගෝත්‍රයේ අප්‍රකට තොරතුරු යන ග්‍රන්ථවල සදහන්වන නිසාත් තවත් සාධකත් මත එතුමිය මෙහි ජීවත් වූ බවද සනාථ කර ගත හැක. බුදුන්වහන්සේ මෙන් එතුමිය හෙලදිවට වැඩම කල බවට කිසිවෙකු ප්‍රකාශ කල නොමැකි නිසාත් ඒ සදහා සාධක නොමැති නිසාත් එහි තර්කයට ඉඩක් නොමැත.

2 comments:

  1. මහ නිලමේNovember 23, 2012 at 2:35 PM

    රිටිගල බිමේ රන්කහවනු අතුරන්නා........

    මුගලන් මහරහතන් වහන්සේගේ ධාතු හම්බවුනේ ලංකාවේදී :D :D , ඇයි ඉන්දියාවේ හම්බවුනේ නැත්තේ?????

    ReplyDelete
  2. ඉන්දියාවෙ ජේතවනාරාම යයි කියන භුමියේ නාගස් නැත

    ReplyDelete