Friday, November 16, 2012

අන්ධ සර්ධාවෙන් කෙලෙසු ජය සිරි මහ බෝධිය



බුදුන්වහන්සේ  බුදුවූ ස්ථානය මුල්යුගයේ  සිට හැදින්වුයේ  උරුවෙලාව, උරුවෙල දනව්ව යන නාම වලිනි. එහි අර්ථය නම් බොහෝ සෙයින් වැලි ඒක රාශි වූ  ස්ථානය යන්නය.ගොතම බුදුන් පිටදුන් බෝධිය ඇසතු රුකකි.  එම  බෝධිය හැදින්වුයේ ජය මහ බෝධිය කියාය. (WS 105 සිංහලයන්ගේ පුස්කොලපොත් එකතුව, (Hugh Neville Collection , Great Britain).  මතු මෙතේ බුදුන්  පිටදෙන  බෝධිය නාගසක් වන අතර එය අද ලංකාවේ ජාතික වෘක්ෂයයි. පුරාණයේ මිනිසුන් බුදුවූ ස්ථානය නැරබීම සදහා බහුල වශයෙන් ගැනගිස් ගඟ දිගේ පැමිණ මගධය හරහා යන මාර්ගයක් ඔස්සේ   ගමන් කල බව දැක්වේ. ගැන්ගිස් හෝ ගංගා නමින් ගඟක් ඇත්තේ ඉන්දියාවේ පමණක් නොවේ. පුරාතනයේ මහවැලි ගඟට ද ගැන්ගිස් කියා හදුන්වා තිබේ. ටොලමිගේ ලංකා සිතියමේ මෙය ඒ ආකාරයෙන් සලකුණු කර තිබේ. එමෙන්ම තවත් පිරිස් බරණැස සිට පහලට බුදුවූ ස්ථානය කරා ගමන් ගත්  බවක්ද දැක්වේ. ලංකාවේ පිරිස ජම්බුකෝලයෙන්  පටන් ගන්න බව ද සදහන් වේ.  පුරාතනයේ ජම්බුකෝල ලෙස නම් කර ඇත්තේ දඹුල්ලටය. මේ බව පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තර පොතේ සදහන්වේ ,(C .W . Nicolas). 15 වන සියවසේදී  තායිලන්තයේ තිලෝකරාජා නම් රජ කෙනෙකු සිංහලයේ  භික්ෂුන්වහන්සේලා බෝධිශාකයකන්  හා සම්බන්ද   දර්ශනයක් අනුගමනය කරන බව දැන බෝධි පැලයක් සිටවා ගැනීමේ ආශාවක් ඇතිවිය. සිංහලයට වැඩම කල  තායිලන්ත භික්ෂුන්වහන්සේලා ලංකාවේ දේව කන්දේ වැඩ සිටි බෝධියකින් පැලයක්  රැගෙන ගිය බවත්, මෙම පැලය  බෝධියේ දකුණු අත්තේ හට ගත්  ඇටයකින් පැල  වුවක් යයි දැක්වේ. මෙම පැලය Chiang Mai වලට ඊසානදිගෙන් පිහිටි රෝහිනී නදි ගන්තීරය  අසල විහාරයක් තනවා රෝපණය කර තිබේ. මෙම විහාරය මහබෝධරම ලෙස හදුන්වා තිබේ.
  


                  
                                                           1900 බුද්ධගයා ගම
 ගොතම බුදුන් බුදුවූ ස්ථානය ලෙස අද හදුන්වා දී ඇති බොද්ගයා පිහිටා ඇත්තේ ඉන්දියාවේ ගයා දිස්ත්‍රික්කයේය. බුදුවූ ස්ථානය බොද්ගයා ලෙස හැදින්වීම ඇරබෙන්නේ 19 වන සියවසේ  පමණ සිටය. ඉන්දියාවේ  මහාබෝධි විහාරය ක්‍රි.ව. 2 වන - ක්‍රි.ව .10 අතර කාලයක ඉදිකර ඇති බවට සැලකේ.



                    19 වන සියවසේ බුද්ධ ගයාව                      


 
ප්‍රතිසංස්කරනය කරන ලද බුද්ධගයාව

බුදුන්වහන්සේ බුදු වූ ස්ථානය පිහිටියේ ලෝකයේ හරි මැද  (පඨවි නාභි ) බව සදහන්වේ. එමෙන්ම වන්දනා ගමන් යාම සදහා භාවිත කල පැරණි සිතියම් වලද බුදුවූ බෝධිය හෝ මහා මේරු  හරි මැද  සලකුණු කරතිබේ.මෙම සිතියමට අනුව තායිලන්ත වැසියන් වන්දනා කල ජම්බුදීපයේ බුදුන් බුදුවූ බෝධිය තියෙන්නේ එම රට මැද වන්නටය, ඉන්දියාවේ බුද්ධගයාව තියෙන්නේ රට මැදද ?                                           


                               

පුරාතනයේ මහ මේරු ලෙස සමනල කන්ද හදුන්වා තිබේ.
ඉන්දියාවේ  බුද්ධ ගයාව පිහිටියේ
ලෝකයේ හරි මැද හෝ ආසන්නයේ නොවේ. ඒ අනුව නම්  බුදුවූ ස්ථානය කිසිවිටකත් ඉන්දියාවේ  බුද්ධ ගයා  නම් නොවේ.  බුදුන්වහන්සේ බුදුවූ ස්ථානය පිළිබද අපුරු විස්තරයක් බුදුන්වහන්සේ  තමන් විසින්ම අරිය පර්යේෂණ සුත්‍රයේ විස්තර කර දී තිබේ. එහෙත් එවන්  සුත්‍රයක් කිසි දිනක කියවා නොගත් බ්‍රිතාන්‍ය විශ්‍රාම ගිය  පුවත් පත් (Daily Telegraph) කතෘ වරයකු විසින් එම සුත්‍ර දේශනාවට  පටහැනි වූ අපට සොයාදුන් බුදුන් බුදුවූ ස්ථානය විමසා බැලීම වටී.                
එඩ්වින් අර්නෝල්ඩ්
18 වන සියවසේ අගභාගය වන විට ඉන්දියාවේ මුස්ලිම්පාලකයින් ගෙන් බලය උදුරා ගැනීමට මහා බ්‍රිතාන්‍යය සමත් වීය. ඉන් පසු  ඇතැම් හමුදා නිලධාරින් යුධමය කටයුතු වලින් ඈත්වී ඉන්දියාවේ පුරාවස්තු සෙවීමේ කටයුතු වල නිරත විය.ඒ අනුව 1785 දී අද බොද්ගයා නමින් ඉන්දියාවේ නම් කර ඇති ස්ථානය ගවේෂණය කිරීම සදහා  එවකට අවධානය යොමු විය. එම යුගයේ මෙහි බුදු කෙනෙකු බුදුවූ ස්ථානයක් බව කිසිවෙකු හෝ කතා නොකළහ.  හමුදා  නිළධාරී Francis Wilmont විසින් මෙම භුමියේ තිබී සෙල්ලිපියක් සොයාගත් අතර එහි පරිවර්තනය සර් Charles Wilmont විසින් Asiatick Researches නම් සගරාවේ පල කර තිබුනේ මෙලෙසය.
"set up the divine footprint of Vishnoo, for ever purifier of the sins of mankind, the images of Pandoos and of the descendants of Vishnoo and in a manner of Brahma and the rest of the divinities.මනුෂයවර්ගයාගේ පව් ශුද්ධකරන්නා වූ විශ්ණු දිව්‍යමය පා සටහන් තබන ලදී. මෙය ආර්ය බ්‍රාහ්මණගේ පිරිමි ලිංගයේ සහ විශ්නුගෙන් පැවැත  එන්නන්ගේ සහ බ්‍රාහ්මණ ලෙසින් පෙනී සිටින සහ අන්‍ය දෙවියන්ගේ ප්‍රතිබිම්බයන්ය. මෙම සෙල්ලිපිය අමරදේව නමැත්තකු විසින් බුදුන් වැද, විහාරයක් ඉදිකර පිහිටුවන ලද්දක් ලෙස දැක්වේ. මෙය ක්‍රි. ව . 949 පමණ  ලියන ලද්දක්  ලෙස ගණන් ගැනේ. 1878 වකවානුවේදී මෙය හොර සෙල්ලිපියක් ලෙස සලකා ඉවත දමන ලදී.

ඉන්දියානුවන් විසින් බුදුන් ලෙස  හඳුන්වන්නේ  කව්රුන්ද යන්න තේරුම් ගැනීමද ගැටලුවකි. ක්ෂේමේන්ද්‍ර පඬිතුමා විසින් බුද්ධ ජන්ම නම් පොතේ ලියා ඇති  පහත සදහන් වැකි එය මැනවින් පෙන්වා දෙනු ලැබේ.
වර්ධමාන කුමාරො' ථ
සර්වවිද්‍යාසු පාරගා
ලිපිප්‍රවීණෝ හිනවානo 
ලිපිo බ්‍රාහ්මිo විනීර්මමේ 
(බුද්ධ ජන්ම)

වර්ධමාන කුමාරයා යනු ජෛන මහාවීරට කුමාර කාලයේ කියූ නමය. එහෙත් මෙය වැඩෙනා  වූ සිද්ධාර්ථ කුමාරයා සියලු විද්‍යාවෙන් පරතෙරට පැමිණ ලිවීමේ සමර්ථ වුයේ බ්‍රාහ්මී නම් අභිනව ලිපි විශේෂයක් නිපදවු යයි ගෙන තිබේ. අද මෙන්ම එදවසද ලෝකයේ බොහෝ පිරිස් බුදුන්වහන්සේ  ලෙස ජෛන මහාවීර (ජෛන ගොතම සාමී) පටලවා ගෙන තිබෙන අතර තවත් බොහෝ පිරිසක් මේ දෙදෙනාම එකතු කර දෙමුහුම් චරිතයක් නිර්මාණ කරගෙන තිබේ. මෙය විසදා ගත නොහැකි තරමටම පැටලුනු පඹ ගාලකි.


බුද්ධගයා භූමියට  දත්තගල්ලේ සිට පැමිණි බෝධිසේන නම් භික්ෂුනමක් විසින් කැටයම් සහිත අලංකාර විහාරයක් කරවා මෙහි බුදුන්ගේ  ප්‍රතිමාවක්  පිහිටවූ බවට සෙල්ලිපියක සටහන් කර තිබේ. බුදුන්වහන්සේගේ ශ්‍රාවකන්ට මෙන්ම ජෛන මහාවීරගේ ශ්‍රාවකන්ටද භික්ඛු  නම භාවිතා කර තිබේ. මෙම හේතුව නිසාද බොහෝ පටලවා ගැනීම් සිදුවී තිබේ. එම බුද්ධ රුපය පහත රුපයෙන් දැක්වේ.
                        
බෝධිසේන හිමිගේ බුද්ධ ප්‍රතිමාව
මෙම ප්‍රතිමාව බුදුන්වහන්සේ ගේ එකක්ද? මෙය ජෛන  මහාවීර ගේ ප්‍රතිමාවකි. ක්‍රි.ව 1110 දේ පමණ බුද්ධගයා භූමියේ  ලියන ලද තව සෙල්ලිපියක  මෙහි ඉන්නේ මහදේව බුද්ධ ලෙසද ලිය තිබේ.මෙම භුමිය තාරා දේවිය වැදීම  සදහා යොදාගත් පුදබිමක් ද වී තිබේ

එමෙන්ම
මෙම භූමියෙන් හමුවූ බුද්ධ රුප ලෙස සලකන සමහර ප්‍රතිමා දෙස බලන කල  ඒවා බුදුන්වහන්සේ ගේ දැයි ලොකු සැකයක්ඇතිවේ.

                             


                            
බුදුන්වහන්සේ මුචලින්ද නාදෙරණ යට වාඩිවී සිටින ප්‍රතිමාවක් ලෙස ගෙන තිබේ
පෙර බුදුවරු 7 නමක් සහ මෛත්‍රී බෝධිසත්වයන්  ලෙස ගෙන ඇත(චීන සෙල්ලිපියක්)    
                      



මෙම ශිවලිංගය කුඩා චෛතියක් ලෙස ගෙන තිබේ.

ක්‍රි .ව. 807 පමණ මෙම ස්ථානයේ කරන ලද තව සෙල්ලිපියක සදහන් කර ඇත්තේ කෙසව නම් ගල් වඩුවෙකුගේ පුතකු  ගලින් නිම කරන ලද ලිංගයක් මෙහි තැන්පත් කල බවය.

කෙසව ගේ සෙල්ලිපිය 
                                  
එමෙන්ම  Hsuan Tsang නම් දේශ සංචාරකයාට ඉන්දියානු  වැසියන් විසින් අද බුද්ධ ගයාවේ ඇති ගොඩනැගිල්ල  බ්‍රාහ්මින්  විසින් මහේශ්වරගේ උපදෙස් මත ඉදිකරන ලද්දක් යයි පවසා තිබේ. මේ අනුව ඇතැම් විද්වතුන්ගේ මතය නම්  මෙය මුල්යුගයේ සිටම හින්දුන්ගේ පුදබිමක් බවය. මෙම ස්ථානය හින්දු සංචාරකයන්ගේ වන්දනා භූමියක් වී තිබේ.


පහතින් දැක්වෙන්නේ  ඉන්දියාවේ කාලින්ගයේ  තිබී  දෙවන පියන පියදසින ( James  Princep සහ George Turnour  ට අනුව අසෝක රජ) විසින් ලියා ඇති 8 වෙනි ගිරි ලිපියයි. මෙහි ඇත්තේ මේ ගිරි ලිපිය  ලියු තැනැත්තා රජ වී 10 වෙනි අවුරුද්දේ සම්බෝධියට ගිය බවය. මෙය ඉංග්‍රීසින් විසින් පරිවතනය කර ඇත්තේ බුද්ධගයාව බලන්න ගිය බවය. බුද්ධ ගයාව බලන්න ගියා නම් මෙම ගිරි ලිපිය හමුවිය යුත්තේ කාලින්ගයෙන් නොව බුද්ධගයා භුමියෙන්ය.එමෙන්ම ජෛන මහාවීරද ගිහිගෙය හැර ගොස් වසර 12ක් භාවනා කර ගසක් යට සම්බෝධියට ගිය බව දැක්වේ. එහි අදහස ජෛන මහාවීර බුද්ධගයාව බලන්න ගිය බවද? නැත. එහි අදහස වියයුත්තේ කිසියම් අධ්‍යාත්මික තත්වයකට පත්වීම හෝ ධර්මානුකුල ජීවිතයකට පිවිසි බව විය යුතුය


අසෝකගේ 8 වන ගිරි ලිපිය 
බුද්ධ ගයාවේ උතුරු ගේට්ටුවේ නටබුන් වී ගිය කුඩා චෛතියක් අසල ලංකාවේ මහානාම නම් හිමි නමක්ද සෙල්ලිපි 2ක්   කොටා තිබේ. මෙය 6 වෙනි සියවසේ ලියන ලද්දක් යයි සැලකේ. මෙම හිමි බුදුන් වහන්සේගේ මහා රහතන් වහන්සේ නමක් වන මහා කාශ්‍යප මහා රහතන්වහන්සේගෙ පරම්පරාවෙන් පැවත  එන්නෙක් බව ලියා තිබේ . කස්සප හිමිගේ ශිෂ්‍යයෝ නිර්මල  දේශය පුරා සැරි  සරා  කදුකර පෙදෙසේ කදුපාමුල (ලංකාවේ) දක්වා පැමිණ තිබේ. මෙම ශිෂ්‍යයන්ගෙන්  සියගනන්වූ ශිෂ්‍යයන් බිහි වී තිබේ. එම පරම්පරාව මෙසේ දක්වා තිබේ. භව ----- රාහුල----උපසේන----- මහානාම -------උපසේන -------මහානාම (සෙල්ලිපිය ලියන හිමි). මේ අනුව 6 වන සියවසේදීත් බුද්ධ ශ්‍රාවකයන්ට ඇති නෑකම ලංකාවේ වැසියෝ දැන ගෙන තිබේ.මහානාම හිමි තමාගේ ගුරු හිමි නමගේ මෛත්‍රීය සහ උපදේශන පිළිබද විස්තරයක් ඉන් අනතුරුව ලියා දක්වයි. එමෙන්ම හිමිනම ඔහු ලංකාවේ අමරද්වීපයේ වැසියකු බව දක්වයි  මේ අනුව එදවස මේ රටේ  ඇතැම් පෙදෙස් ද්වීප නාමයෙන් හදුන්වා ඇති බව පෙනේ. ලංකාවේ ප්‍රබල පවූලකින් පවැත  එන තමා අන්‍යන් ගේ යහපත පිණිස, මාර පරාජ කොට  බුදු වූ මනුෂ්‍ය වර්ගයාගේ ගුරුවරයා වෙනුවෙන්  බෝධි මණ්ඩයේ (එදවස විහාරයේ නම) චෛතියක් සහ මන්ඩපයක් ඉදි කරන  ලද බව සහ  මෙය බොහෝ කලක් පැවතේවා කියාද ලියා ඇත.

මහානාම හිමි ලියා ඇති සෙල්ලිපිය 
චීන දේශ සංචාරක Hiuen Tsiang සහ ඔහුගේ ගුරුවරයකු වන ජයසේන බුද්ධ ගයා වට බුදුන්වහන්සේගේ ධාතු ප්‍රදර්ශනයක් සහිත උත්සවයක් නැරබීමට ගිය බව වාර්තා කර තිබේ. මෙසේ පෙන්වූ  ඇතැම් ධාතු අතිවිශාල ඒවා බවත්.ඇතැම් ඒවා කුඩා බවත් ලොකු ධාතු මුතු ඇට මෙන් රවුම් බවත් දිලිසෙන රතු පාට ට හුරු සුදු පාටක් බවත් , සමහර ධාතු බෝංචි කරල් මෙන් දිගවන අතර දිලිසෙන රතු පැහැයෙන් යුත් ලෙසද ලියා තිබේ. ජයසේන හිමි නම පවසා ඇත්තේ මෙතෙක් කල් තමා දැක ඇති ධාතු කුඩා සහ දුර්ලභ බවත් මේවා විශාල වන අතර ගණනින්  විශාල ප්‍රමාණයක් වන බැවින් සැක සහිත බවය.
 

මෙම බුද්ධ ගයාස්ථානය පුජනීය ස්ථානයක් ලෙස වැඳ  පුදා ගත්‍  බවට සටහන් තබා තීබේ, මෙම විහාර  ගොඩනැගිල්ලේ චිත්තාකර්ශනීය බව නිසා ඇතැම් රටවල් එහි ආකෘති තමන්ගේ රටේද ඉදි කර තිබේ.  බුද්ධ ගයා නම් මේ ස්ථානය බෞද්ධ මෙන්ම අන්‍ය ආගමික පුද්ගලයන් වන්දනා කල සිය බුද්ධිය වර්ධනය කිරීම සදහා ඉගනීම් කටයුතු කල ස්ථානයක් බව මෙහි ලියා ඇති ලේඛන වලින් පෙනේ. බෞද්ධ  යන්න සම්බන්දයෙන් නම් විශාල ගැටළුවක් තිබේ, මෙම බෞද්ධයන් ගෞතම බුදුන්වහන්සේගේ අනුගාමිකයනද නැත්නම් ජෛන මහා වීරගේ ද යන්න ගැටලුවකි  මෙහි විහාර සංකීර්ණයක්  තිබී ඇත. 10 වන ශත වර්ෂයේදී  පමණ මෙහි 300 drammas  වියදම්කොට වැවක් ඉදිකර බව දැක්වේ.

බ්‍රිතාන්‍ය විසින් කෙටි යුද්ධයකින් පසු භූතානය අත්පත් කිරීමෙන් පසු ටිබෙටයේ පන්චන් ලාමා එවකට බෙංගාලයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ Warren Hasting ට ලිපියක් යවමින් ගිවිසුමකට එළබෙන ලෙස ආරාධනා කරන ලදී. මේ අනුව ආණ්ඩුකාර 
Hasting විසින් George Bogle ගේ ප්‍රධානත්වයෙන් ටිබෙටයට දුත කණ්ඩායමක් යවන ලදී.එසේ Bogle යවන්නට පෙර බෝද්ගයා වාරනාසි වැනි ස්ථාන බැලීම සදහා ටිබෙටයේ 12 දෙනෙකුගෙන් යුත් ගිහි පැවිදි කණ්ඩායමක් සදහා සංචාරයක්ද සංවිධාන කරන ලදී. එහෙත්  ඉන්දියාවේ ඇති දැඩි උෂ්ණත්වයෙන් පීඩාවට පත් මෙම නඩයේ  වැඩි පිරිස   ආපසු ටිබෙටය බලා යන ලදී.පසුව George Bogle විසින්  ආණ්ඩුකාරවරයාට ලියා ඇති ලිපියේ මෙසේ දැක්වේ.

මෙයට වසර හත් අට සියයකට පෙර ටිබෙටයේ ප්‍රධාන පුජකවරුන්ට බෙංගාලයේ බොහෝ විහාර තිබී ඇත. ඒ අනුව ටිබෙටයේ පුජකවරුන් බ්‍රාහ්මණ ආගම සහ බ්‍රාහ්මණයන්ගේ භාෂාව ඉගෙනීම සදහාත්  පුජනීය
ස්ථාන  බැලීම සදහාත් ඉන්දුස්තාන් (අද ඉන්දියාව) වලට පැමිණ තිබේ. මුස්ලිම්වරුන් බෙංගාලය අත්පත් කරගැනීමෙන් පසු මෙම විහාර විනාශ කර ටිබෙට් පුජකවරුන් පන්න තිබේ. එදා පටන් රටවල් දෙක අතර තිබුනේ සුළු සම්බන්ද තාවයකි. බොහෝ කාලයකට පසු නැවත බෙංගාලයේ ආගම් කටයුතු තහවුරු කර ගෑනීමට හැකිවේනම් තමා භික්ෂුන් ඉන්දුස්තාන් වලට එවන බවත්  ශීත කාලයේ භික්ෂුන්ට කල්කටාවේ නැවතී ඉන්පසු ගයා ඇතුළු අනෙක් පුජනීය ස්ථාන බලන්ට යාහැකි බවත්ය. මෙයින් පෙනීයන්නේද ටිබෙට් පුජකයන් බ්‍රාහ්මණ ආගම හැදැරීම සදහා අතීතයේ  ඉන්දුස්තාන් හා ගනදෙනු කල බවය. ඉන්දියාවේ බෞද්ධ මධ්‍යස්ඨාන පිහිටුවීම සදහා හවුල් වන ලෙස කිහිප අවස්තාවකදී  ආරාධනා කලද එම ආරාධනා  සම්පුර්ණයෙන්ම අහක දැමු පන්චන් ලාමා බ්‍රිතාන්‍ය සමග ගනදෙනු කිරීමද සම්පුර්ණයෙන්ම නවතා දමනු ලැබීය. බුදුන්වහන්සේ උපන් බුදුවු පිරිනිවන් පෑ යැයි කියන ඉන්දියාවේ ටිබෙට් ලාමාවරයෙකු එසේ බෞද්ධ මධ්‍යස්ථාන  පිහිටවීම සදහා උදව් දීමෙන් මගහැරිම ගැටලුවකි.

1847 පමණ බොද්ගයාවේ  මුල්ම පුරාවිද්‍යා ගවේෂණ කටයුතු  හමුදා නිලධාරී කැප්ටන්  Markham Kittoe විසින් අරබන ලද අතර ඒ අවට කැනීම් වලින් නොයෙක් ප්‍රතිමා සහ ගොඩනැගිලි කොටස් සොයා ගන්න ලදී. ඉන් අනතුරුව 1861 දී මේජර් Mead විසින් Alexander Cunningham ගේ පුරෝගාමිත්වයෙන් කැනීම් කරන ලදී. මෙම ගවේෂණ 2න් සොයාගත් කිසිවක් මේ වනතුරු ප්‍රසිද්ධ කර නොමැත.


පසු කලක ගරා වැටී තිබුණු  විහාර ගොඩනැගිල්ල  Alexander Cunningham ගේ මග පෙන්වීම යටතේ J.D. Bcglar විසින් ප්‍රතිනිර්මාණ කටයුතු   අරම්භකරන ලදී. මෙහි සංරක්ෂණ කටයුතු කරනු ලබද්දී මෙම ගොඩනැගිල්ලේ ඉපැරිණි ආකෘතියක් හමුවී තිබේ. මෙම විහාරය අද ඉදිවී ඇත්තේ එම ආකෘතියට සමානවය. මෙම විහාර ගොඩනැගිල්ල ඇතුලත සහ පිටත බුද්ධ රුප,  බෝධි සත්ත්ව රුප සහ බ්‍රාහ්මණ ආගමට  අයත්  ප්‍රතිමා ඇතුළු නොයෙක් ප්‍රතිමා  තිබුණු බව සැලකේ. මෙහි අල්තාරයක ඔබ්බවා තිබු රන්, රිදියෙන්, සහ මුතු වලින් නිම වන ලද කුඩා අභරණ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට යවා තිබේ. මෙහි සංරක්ෂණ කටයුතු වලදී මදින ලද වැලි ගලක් හමුවී ඇතිඅතර මෙම ගල මෞර්යයන්ගේ නිර්මාණයන් සිහි කරන බැවින් Cunningham විසින් මෙය අසෝක රජ කරන ලද විහාරයක් වියයුතු යයි විශ්වාස කරන ලදී . මේ අනුව මෙම විහාරය බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ගොඩ නගා තිබේ. වන්දනා කටයුතු සදහා මෙහි ඇසතු රුකක්ද ඔහු විසන් රෝපණය කරන ලදී.

ඉන්දියාවේ බුද්ධ ගයා විහාරයේ අසෝක යුගයේ පැවතුනු බෝධිය අසෝක රජුගේ බිරිද කටුගසා ගිනි තබා විනාස කල බව සදහන් වේ. එයින් නැවත පැන නැගුනු බෝධිය පුස්යමිත්‍ර සුන්ග නම් රජ විසින් ක්‍රි පු. 2 වන සතවර්ෂයෙදී කපා දමා තිබේ. ඉන්පසු  නැවත ක්‍රි . ව . 600 දී  ශශන්ක රජ විසින් නැවත කපා දමා තිබේ. මේ අවස්ථා 2 දීම නැවත අලුත් බෝධිය බැගින් සිටවා තිබේ. අද වදින්නේ Alexander Cunningham වි
සින් රෝපණය කරන ලද බෝධියටය. බුදුන්වහන්සේ නමක් පිටදුන් බෝධිය මෙවැනි වූ සාපරාධි ක්‍රියාවකන් ගෙන් කෙළසීම  කිසිසේත්ම විශ්වාස කල හැක්කක් නොවේ. පරිනිර්වාණ සුත්‍රයට අනුව නම් බුදුන් පිටදුන් බෝධින්වහන්සේ අදටත් වැද  පුදා ගැනීම සදහා ජීවමානව වැඩ සිටිය යුතුය.එමෙන්ම කාලිංග බෝධී  වංශ ජාතකය අනුව ද මෙය පිළිගත හැක්කක් නොවේ.මෙම ජාතක  කතාවට අනුව චක්‍රවර්තී රජ  ඇතුපිටෙන් බුදුන්වහන්සේලා  පිටදුන් බොමැඩ අසලින් යන්නට ගොස් සිදුවූ විපත්තියක් ගැන සදහන් කරනු ලැබේ. මෙහි දී  සියලු බුදුන්වහන්සේලා පිට දෙන බොමැඩ බලගතු එකකසේ පහදා දෙන්නේය. ඇතුපිටින් යන්නට ගොස් එවන් විපතක් සිදුවුනි නම් බෝගස අසෝක රජුගේ බිරිද කටුගසා ගිනි තියා විනාස කිරීම අනුව පෙනෙන්නේ එම ස්ථානය කිසි ලෙසකින් වත් බුදුන් වහන්සේ පිට දුන් බෝධිය තිබු ස්ථානය නොවන බවය. බුදුන් වහන්සේලා පිටදෙන බෝධිය විශ්ව ශක්තිය කේන්ද්‍ර කරගත්  ස්ථානයක පිහිටන්නේය.  

1886 දී  Daily Telegraph පුවත් පතේ විශ්‍රාමික කතෘ වරයකු වන Sir Edwin Arnold මෙම විහාරය නැරබීමට පැමිණ තිබේ. ඔහු බුදුදහමට ලැදි පුද්ගලයෙකි. මෙහි විහාර ගෙයි සිටගෙන සිටින විට  Edwin Arnold ට මෙම ස්ථානය බුදුන් බුදුවූ ස්ථානය යයි සංකල්පයක් පහල වන ලදී. එමෙන්ම මෙහි  ඇති අප්‍රාණික භාවය ගැන කනගාටුවට පත්වූ ඔහු පසුව ලංකාවට පැමිණ  ලංකාවේ ප්‍රධාන පෙලේ බෞද්ධයන් සමග මෙම පන්සල නැවත සජීවී බෞද්ධ විහාරයක් බවට පත් කර ගැනීමට ඈති හැකියාව  ගැන සාකච්චා කරන ලදී. මෙම සාකච්චා පවත්වා ඇත්තේ පානදුරයේදී ය, එහෙත් මෙම සාකච්චාව එතරම් පල නොදරන ලදී. මෙම යුගය හික්කඩුවේ සිරි සුමංගල හිමි වැනි වියත් ස්වාමින් වහන්සේලා වැඩ සිටියත් උන්වහන්සේලා කිසිවක් සුද්දන්ගේ බොරුවලට හසු නොවීය. උන්වහන්සේලා ලියා ඇති පොත පත කියවා ගත්තා නම් මෙම බොරු පස්සේ කිසිවකු හෝ හැල්මේ දුවන්නේ නැත.

ඉංග්‍රීසින් පවසා ඇත්තේ මෙම කාලය වනවිටත්  බුදු දහම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පොදු  (සර්වභෞමික) ස්වරූපය බොහෝ කලකට පෙර සිට නැතිවී ගොස් තිබුණු අතර  බොහෝ ආසියාතික බෞද්ධයෝ තමන්ගේ රට සහ එහි  බෞද්ධ සංස්කෘතිය ගැන පමණක් උනන්දුවී ඇති අතර ඉන් පිට අන් රටවල කිසිවක් සොයන්නට උනන්දු නොවූ බවය. ඔවුන් උනන්දු වුයේ බොද්ගයාව වන්දනා යන ස්ථානයක්  පිණිස පමණක් බවත් දක්වා තිබේ.


1891 ජනවාරි 22 දින ලංකාවේ තරුණ අනගාරික ධර්මපාල තුමා, ඔහුගේ යහළු ජපන් හිමි නමක් වන Kozen Gunaratana කරත්තයකින් බුද්ධ ගයාවට පැමිණ තිබේ. මෙම භූමියට පැමිණි  ඔව්හු එහි Cunningham විසින් රෝපණය කරන ලද බොධිය වන්දනා කරන ලදී. මෙම බෝධියට  පිටින් පිහිටා ඇති වජ්රාසනය අසල වැදුම් කරන විට ඔහුට එකවරම පහල වූ සංකල්පය නම්, ඔහු එම වජ්රාසනයේ හිස තැබුවිට එම ස්ථානය ශාක්‍ය මුනි බුද්ධත්වය පැමිණි ස්ථානය  බවය. 

Alaxander Cunningham රෝපණය කරන ලද බෝධිය ඉදිරිපිට අනගාරික ධර්මපාල වාඩිවී සිටී 

තානායමට පැමිණි අනාගාරික ධර්මපාලතුමා කොලොනල් ඕල්කට්, භූතානයේ සහ තායිලන්තයේ රජවරුන්ට, ලංකාවේ ආණ්ඩුකාර වරයාට. බුරුමයේ සහ ලංකාවේ නායක සoඝයාවහන්සේලාට ඇතුළු බොහෝ පිරිසකට ඉන්දියාවේ මෙම විහාරය නැවත ගොඩ නැගීම සදහා ආධාර කරන ලෙස ඉල්ලා ලිපි යැවීය. එහෙත් ඒ සදහා සාර්ථක ප්‍රතිචාර නොලැබිණි. ඒ අනුව ඔහු නැවත ලංකාවට පැමිණ මෙම විහාර සංවර්ධනය පිණිස මහා බෝධි සංගමය පිහිටුවා සගරාවක් ආරම්බ කරවීය. ඔහු බුරුමය, ලංකාව, චීනයෙහි මෙම කාර්ය සදහා සංචාරය කලද ඒ සදහා
බෞද්ධයින්  පෙලඹවීම බොහෝ සෙයින් දුෂ්‍කරවීය. ටිබෙටයේ දලෙයිලාමා බොහෝ සම්පත් හිමි තැනැත්තෙක් උවද කිසිම ආදාරයක් නොකරන ලදී.  ජපානයෙන් ලැබුනේද සුළු ආධාරයන්ය. මහා බෝධි සංගමයේ සඟරාව තායිලන්තයේ ඉංග්‍රීසි කතා කරන සියළුම කුමාරවරුන්ට පුරා වසා 20 කට අධික කාලයක් නොමිලේ  යවන ලැබුවත් තායිලන්තයේ රජවන Chulalongkorn ඒ සදහා කිසිම සහයෝගයක් නොදෙන ලදී.

මෙසේ සහයෝගයක්  නොලැබීමට මෙම යුගයේ බෞද්ධයන් විසින් බුදුන් උපන් රට පිළිබද දැන සිටි තොරතුරු මේ  සදහා බොහෝ සෙයින් පාදක වී තිබේ. බුදුන්වහන්සේ ඉන්දියාවේ උරුමයක් බව ඔව්හු පිලිගෙන
නොතිබුණි.  තායිලන්තයේ ජනතාව දැන  සිටියේ බුදුන්වහන්සේ ජන්බුද්දීපය නම් දුපතක උපන් බවත් එය තායිලන්තයට යාබදව පිහිටි බවත් එය මුහුදේ ගිලිනු බවත්ය. ඒ අනුව ඔවුන් බුදුන්වහන්සේ තම රටේ උරුමයක් ලෙස සැලකීය එපමණක් නොව ඔවුන් ඉංග්‍රීසින්  බුදුන්වහන්සේ ඉන්දියාවට උරුම කිරීමට එරෙහිව උද්ගෝෂණ පවා පැවැත්  විය. (History What We Know, Dr. Chaiyong Brahmawong, PhD, (former Venerable Apinyano Bhikkhu), Senior Professor of Sukhothai Thammathirat Open University, Thailand).  Celtic පාරම්පරික කතාවලද පාරාදීසයක් වූ සිංහයන්ගේ දුපත , සින්හල දුපත, ජම්බුදීපය, සෙරෙන්ඩිප්  නමින් හැදින්වු  දුපතක් ජලයෙන් විනාශ වූ බව දැක්වේ. පුජාවලියේද,රාජාවලියේද, මානැවේ විමලරත්න හිමියන් රචිත යක්ෂ ගෝත්‍රික භාෂාව සහ රවිශෛලාශ වංශ කතාව පොතේද අපේ රටේ බොහෝ පෙදෙස්  මුහුදේ ගිලුණු බව දැක්වේ. බ්‍රිතානයේ ඇති සිංහලයන්ගේ පුස්කොල පොත් එකතුවේ (Hugh  Neville Collection ) ලංකාවට ජම්බුද්ද්වීපය කියූ බටට සාක්ෂී  සටහන්ව පවතී. 1924 මුද්‍රිත Charles Carter පියතුමා (The Late Rev .Baptist Missionary, Ceylon) විසින් ලියන ලද සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයේද  ජම්බුදීපයට, ලංකාව ඇතුලත් කර තිබේ.  ජම්බුද්වීපය ඉන්දියාවට පවරා බුදුන් උපන් දේශය ද එයට උරුම කලේ ඇතැම් දේශ සංචාරක භික්ෂුන්වහන්සේලා තම පෞද්ගලික දින සටහන් වල ලියා  ඇති කරූණු තමන් දන්නා ආකාරයට ඉංග්‍රීසින් පරිවර්තනය කරගෙනය.   

පසු කාලයේ නේරු මේ සම්බන්දයෙන් සහයෝගය දැක්වීමත්. ඉංග්‍රීසින් විසින් මෙම නව බෞද්ධ ඉතිහාසය පාසල්, විශ්වවිද්‍යාල වල ඉගැන්වීමට පටන් ගැනීමත් සමගම සියල්ලෝම අන්ධ භක්තියෙන් කිසිවක් සොයා නොබලා රැවටී තිබේ. නමින් සුද්දෝ වූ තරමට ක්‍රියාවලියෙනුත් ඔව්හු සුද්ධ වන්තයෝ නොවෙති, සුද්දන්ගේ බොරුව ඉදිරියේ ඇද  වැටෙන මේ සිහලයට ජාතක වූ අවජාතක්යින් නම් නොවිය යුතුය අප.
                     
හිරිවඩුන්න ජය සිරි මහ බෝධීන්වහන්සේ
අරියපර්යේෂණ සුත්‍රයේ විස්තරවලට , බුද්ධ දේශනාවට අනුගත වෙමින්, මහා පරිනිර්වාණ සුත්‍රයේ දැක්  වෙන ආකාරයට ලෝකයාට වැද පුදාගත හැකිවනසේ නිරුපද්‍රිතව ජීවමානව ගොතම බුදුන්වහන්සේ පිටදුන් බෝධිය අදටත් විරාජමානව සියලු අසත්‍යන්  හමුවේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී හිරිවඩුන්නේ  බැබලෙන්නේය. 
හිරිවඩුන්න ජය සිරි මහ බෝධීන්වහන්සේ

ඉන්දියාවේ කැනීම්වලදී හමුවූ අනෙක් ප්‍රතිමා කිහිපයක් 
ක්ෂිටිගර්භ නම් බෝධි සත්ත්ව රුපයක්






ලාෆින් තාරා






















මුලාශ්‍ර
ඔස්ට්‍රේලියානු ජාතික හිමිනමක් වන Venerable Shravasti Dhammika ගේ
Bodh Gaya
1. Relighting the Lamp
2. To The Navel of the Earth
3. A Good Place for Striving
4. Like a Stairway to Heaven
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය (අති පුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි)
 (සැකසුම සුභාෂිනී කුමාරි)

12 comments:

  1. ජාතියකට පාර කියන මේ යුග මෙහෙවරට.... යෝධ බල යෝධ වීර්ය ලැබේවා... හිරාන් ඔබට දීර්ගායු වේවා....

    ReplyDelete

  2. නියමයි! නියාම දර්ම වලට අනුකූලයි!

    ReplyDelete
  3. බුද්ධගයාව නම් නියම හින්දු කෝවිලක්.

    ReplyDelete


  4. Excellent article that based on facts.





    ReplyDelete
  5. අපේ අන්ධ භක්තික ඊණියා බුද්ධිමතුන් සහ අවිචාරවත් බහුතර ලේබල් බෞද්ධයන් මේ සත්‍යය කවදා නම් තේරුම් ගනීද... අවාසනාවක මහත...

    ReplyDelete
  6. හත් දෙවියනේ සමන්ත කූට පර්වතය මහා මේරු පර්වතයන්ම් එහෙනම් මොකටද සමන් ගිරි හිස මුදුනේ සිරි පතුල තැබුවා කියල කිව්වේ මහා මේරු පර්වතය උඩ ශ්‍රී පතුල පිහිටෙව්වා කිව්වනම් හරිනේ..මොනවා බොරුවක්ද මේ..මය බොරු කියල බුදු දහම විකුර්ති කරන්න එපා හලෝ..

    ReplyDelete
    Replies
    1. මහා මේරු කිව්වේ මුල් යුගයේ. එහි විශාල මේරු වර්ගයක් හිටිය නිසා. සමනල කන්ද කිව්වේ ඊට පස්සේ. පරණ පුස්කොල පොත් කියව ගන්න. පොත් කියවා දැනුවත් වෙන්න

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. බුදුදහම විකුර්ති කලේ යටත් විජිත කාලයේ සුද්දෝ. ඔය ප්‍රශ්නය එලිසබෙත් රැජිනට යොමු කල යුතු ප්‍රශ්නයක්

    ReplyDelete
  8. හරිම වටිනා දැනම්ක් ගෙන දෙන සටහන් මෙතනට එන්න ලැබුණේ අහම්බෙන් හර්ෂ එගොඩවත්ත හිතවතා කළ යොමු කිරීමකින්

    ReplyDelete
  9. Budunge dharmaya paliyen deshana karapuwa. Ai lankawa wage baudhda ratak pali makla bashawak kale

    ReplyDelete
  10. බුදු බැතියෙන් නිවන් දැකිය නොහැක.!!(සුගතිග‍ාමී වෙන්න පුලුවන්) අවශ්‍ය සධ්ධාවයි.!! සධ්ධාව යනු බුදු දහමෙ සත්‍ය දැකීමයි .!!සසරට බැද ඇති සිතින් බාහිරව ඇති සියලු සියලුදේට ඇති කැමැත්ත අකමැත්ත සිතින් ඉවත් කිරීමයි.(ගැඹුරක් තිබේ)

    ReplyDelete