Thursday, November 1, 2012

ඉන්දියාවේ පහල වූ මහා ශ්‍රාස්තෘවරයා

මේ දසදහසක් සක්වලට බලය පතුරවාලිය හැකි,සියලු සත්වයාගේ දුක නැමැති රෝගය නිට්ඨාවටම සුව කල හැකි අසම වූ, අසමසම වූ ,අප්පටිම වූ ,අප්පටි සමෝ වූ ,අප්පටි පුග්ගලෝ වූ සමස්ත ලෝකධාතුවටම නායකයා වූ දෙවියන්ට දෙවි වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මේ ලෝකයේ පහ වේ. ඒ නිදුකානන් නමින් සම්මා සම්බුද්ධ වේ. මේ භද්‍ර කල්පයේ පහල වූ සතරවැනි බුදුන්වහන්සේ අපි ගෝතම හෙවත ගෞතම බුදුරදුන් යැයි හදුන්වමු. මේ පැහැදිලි කරන්නට යන්නේ ගෝතම බුදුරදුන් පිලිබද නොව ඒ සමගාමීව පහල වූ, මේ ලෝකයා විසින් ගෝතම බුදුන් යැයි පටලවාගත් චරිතාපදානයක් පිලිබදවය.

පොලව අභ්‍යන්තරයේ වටිනා පාෂාණයක් ලෙස මැණික් හැදින්විය හැක. මැණික් දුර්ලභ වූ නිසාම එහි වටිනාකම වැඩිය. එහෙත් එම පොලවේම තිබෙන තිරිවානා දුලභ නොවේ. එමෙන්ම වටිනාකමකුද නැති තරම්ය.එය ලෝකයේ ධර්මතාවයකි. වටිනා දේ ඇත්තේ ස්වල්පයකි. එය ලබාගත හැක්කේද ස්වල්ප දෙනෙකුට පමණි. එහෙත් නොවටිනා දේ බොහෝය. එය ඕනම කෙනෙකුට ලබාගත හැක. එමෙන්ම මේ දෙරණේ පාරිශුද්ධ වූත්,පිවිතුරු වූත්,පූජනීය වූත් ස්ථාන ඇත. එහෙත් ඒ හා සමානවම එම ස්ථානයට ආකෘතියකුත් ඇත. එසේ ආකෘතීන් නිර්මානය වන්නේ සත්‍ය ස්ථානයෙන්ගේ ආරක්ශාවටය. සංචාරකයන්, විනෝදකාමීන් සදහා එම ආකෘති පවතී. කිසිවිටක කිසිවෙකුට වැරදි චේතනාවෙන් සත්‍ය ස්ථානයන්ට ප්‍රවේශ වීම එනිසා වැලකේ. එම සත්‍ය ස්ථාන හා ආකෘතීන්ට නිදසුන් කීපයක් ඉදිරිපත් කල හැක. විශ්වයේ පූජනීයම ස්ථානය වන්නේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය අවබෝදකරගන්නා ස්ථානයයි. එය අද හිරිවඩුන්න ලෙස හදුන්වන අතර එම ස්ථානයේ ආරක්ශාව සදහා නිර්මාණය වූ ආකෘතිය නිල්ලග්ගල බෝධිඝරය ලෙස හැදින්විය හැක. එනමුදු බුදුන්වහන්සේ භාරත දේශයට පිටමන් කල නිසා ආකෘතිය වී ඇත්තේ ඉන්දියාවේ බුද්ධගයාව ලෙස හදුන්වන ස්ථානයයි. තවත් ස්ථානයක් ලෙස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කල ස්ථානය හැදින්විය හැක. අද බොහෝ දෙනා විශ්වාස කරන්නේ මාතලේ අලුවිහාරයේදී (පළාපත්වල ප්‍රදේශයේ) ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කල බවයි. මහානාම පූජකතුමා මහාවංශයේදී එම ස්ථානය පිලිබද කිසිවක් හෙලි කර නැත. එහෙත් පූජාවලියේ එම ස්ථානය මාතුල අලුලෙන ලෙස හදුනා තිබේ.එම නිවැරදි ස්ථානය මාතලේ අලුවිහාරය නොව කැගල්ල අසල පිහිටි අත්තනගොඩ අලුලෙන බව කිවයුතුය. එමෙන්ම විහාරමහාදේවිය නැවත ලක්දෙරනට ගොඩබට ස්ථානය කිරින්දය (කතරගම ආශ්‍රිත) යැයි කීවත් එහි නිවැරදි ස්ථානය පොතුවිල් මුහුදු මහවිහාර භූමියයි. මේ දෙරණේ පිහිටි බොහෝ පුන්‍යභූමි සදහා ආකෘති ගොඩනැගී ඇත. එනම් බොහෝ පුන්‍යභූමි සදහා ආකෘතියක් හා නිවැරදි ස්ථානයක් ඇත. දිවාගුහාවද එවැනි ස්ථානයකි. සිදුහත් කුමරුගේ මගුල් කඩුව තැන්පත්කර ඇත්තේ වර්ථමානයේ වැදුම් පිදුම් කරන කිරිවෙහෙරේමද යන්න,කැළණි විහාරය,නාග දීපය වැනි ස්ථානයන් පිලිබදවද තව දුරටත් සොයාබැලීමට දැන් කාලය එලඹී ඇත. ඒ කෙසේ වෙතත් මෙසේ ආකෘති නිර්මානයවනුයේ ආක්‍රමණික සතුරු කණ්ඩායම් වලින් හා සංචාරකයන් නිසා සිදුවන අශුද්ධවීම් වලක්වා ගැනීම සදහාය. නිවැරදි ස්ථානයන් කාලානුරූපිව ධර්මතාවයෙන් මතු වන අතර එම ස්ථානයන්ට යා හැක්කේද කිසියම් වූ සීමිත පිරිසකටමය. මාර බලවේගයට හසුවී ක්‍රියාත්මක වන්නන්ට මේවාට විරුද්ධවනවා මිස මේ මතුවීම් වැලැක්වීමට හෝ එම ස්ථානවලට ප්‍රවේශ වීමට කිසිදා නොහැක.

මේ ආකෘති ඇති වීමේ හෝ ඇති කිරීමට යොමු වීමේ ධර්මතාවය ස්ථාන වලට පමණක් සීමාවූවක් නොවේ. එය මේ විශ්වයේ පහල වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ටද සිදු වී තිබේ. මේ භද්‍ර කල්පයේ පහල වූ ගෝතම බුදුන්වහන්සේටද එවැනි ව්‍යාජ වූ තීර්තකයෙක්  පහල විය. ඔහු නමින් ජෛන මහාවීර වේ.

ජෛන මහාවීර කිසි විටක බුදුන්වහන්සේ හා සම නොවූනත් ඔහුගේ චරිතය සැකසුනේද බුදුන්වහන්සේගේ චරිතාපදානයට සමානකම් දක්වමිනි. මා සිතන අන්දමට එසේ සිදුවන්නට ඇත්තේ සංසාරය නැමැති ඕගය තරණය කිරීමට මග පෙන්වූ බුදුන්වහන්සේගේ ධර්මය අවශ්‍ය පුද්ගලයන් අතරේ පමනක් ව්‍යාප්තවන්නට හෝ එම ධර්මය මිසදු‍ටුවන්ගෙන් ඈත් කිරීමට විය හැක. දැන් ජෛන මහාවිර හා ඔහු බුදුන්වහන්සේගේ චරිතයට සිදුකලේ කුමන ආකාරයේ බලපෑමක්දැයි විමසා බැලිය යුතුය.

ජෛන මහාවීර හෙවත් වර්ධමාන උපත ලැබුවේ ඉන්දියාවේ බේසධ පට්ටියට සමීප වූ කුන්ඩලග්‍රාමයේදීය. වර්ථමානයේ හජිපූර් වෛසාලී දිස්ත්‍රික්කයේය(බිහාර්). ඔහු උපතින්ම රාජකීය පවුලක උරුමක් කරුවෙකු වූ අතර පියා නමින් සිද්ධාර්ථ රජු විය. මව්තුමෝ නමින් ත්‍රිශාලා විය.වර්ධමානයන්ගේ මව් තුමිය වූ ත්‍රිශාලා දේවිය වර්ධමාන කුමරු උපත ලැබීමට පෙර මංගල වූ සිහින කීපයක් දැක ඇත. ස්වෙතම්බරස් අනුව 14 සහ දිගම්බරස් අනුව 16 විය. එම සිහින වල අනාවැකිය එසේ නැතිනම් පලාඵලය වී ඇත්තේ උදාර වූ ආත්මයක් ලගාවන බවයි. මේ සිදුවීම සිදුහත් චරිතයේ එන මහමායා දේවිය දු‍ටු සිහිනයන්ට හා අනාවැකියන්ට සමීප වූ සිද්ධියක් බව අලුතින් කිවයුතු නොවේ. සිදුහත් බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකයට පැමිණීමට පෙර වැඩ සිට ඇත්ත්තේ තුසිත දෙව්ලොවේ මෙන් වර්ධමානයන්ද මනුලොවට පැමිණීමට පෙර සිට ඇත්තේ ප්‍රනතකදේවලෝක නම් ජෛනයන් හදුන්වන දෙව් ලොවකය.

සිදුහත් බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය අවබෝදකර ගැනීමට පාරමී දම් සම්පූර්ණය සදහා විවිධ භව වල උපත ලැබූ බව ත්‍රිපිටකයේ දැක්වෙන අතර ඒ භවයන්හි කතාවස්තු ඇතුලත් කර ජාතක කතා පොත නිර්මාණය වී තිබේ. එසේම වර්ධමානයන්ගේද පෙර ආත්මයන් 26ක් පිලිබද තොරතුරු "ත්‍රිසස්තිසලකපුර්ශ චරිත" හා "උත්තරපුරන" වැනි මූල ග්‍රන්ථ පෙන්වා දෙයි.  
ඔවුන් දක්වන ආත්ම නම්,
(1)නයනසර
(2) දෙමි දෙවි
(3)මරිචි කුමරා (පලවෙනි තීර්තන්කරගේ මුණුබුරා)
(4)දෙමි දෙවි
(5)කෞෂික(බ්‍රාහ්මණයෙක්)
(6)පුශ්‍යමිත්‍ර (බ්‍රාහ්මනයෙක්)
(7)දෙමි දෙවි
(8)අග්නිද්‍යෝත(බ්‍රාහ්මණයෙක්)
(9)දෙමි දෙවි
(10)අග්නිභුති (බ්‍රාහ්මණයෙක්)
(11)දෙමි දෙවි
(12)භාරද්වාජ(බ්‍රාහ්මණයෙක්)
(13)දෙමි දෙවි
(14)ස්ථවිර(බ්‍රාහ්මණයෙක්)
(15)දෙමි දෙවි
(16)විශ්වභුති කුමරු
(17)දෙමි දෙවි
(18)ත්‍රිපිෂ්ත වාසුදේව
(19)නරක (සත්වෙනි අපායේ)
(20) සිංහයෙක්
(21)නරක (සතරවෙනි අපායේ)
(22)මනුස්ස උපතක් විමල් කුමරු
(23)ප්‍රියමිත්‍ර
(24)දෙමි දෙවි
(25)නන්දන කුමරු
(26)දෙමි දෙවි (දසවන ප්‍රනත දෙව් ලොව)

වර්ධමානගේ අවසාන උපත ලෙස සැලකෙන්නේ ජෛන මහාවීරයන්ගේ ආත්මය බව ඔවුන් විශ්වාස කරයි. වර්ධමානගේ උපත ලොවපුරා ජනයා "මහාවීර ජයන්තිය" යන නමින් සමරති.
ජෛන මහාවීරයන් කුමාරයකු ලෙස ජීවත් වූ අතර සීලාචාර පරිසරයට බොහෝ සේ ඇලුම් කල කෙනෙකු විය. එමෙන්ම ඔහු භාවනාවටද යොමු වූ පුද්ගලයෙකු විය.එමෙන්ම වර්ධමානයන් සොළොස් වියේදී යශෝධා නම් කුමරියක් සරණපාවාගෙන ඇත.  මෙසේ කාලය ගෙවී යද්දී සිදුහත් කුමරු වයස 29දී ගිහි ගෙය හැර ගියා සේ වර්ධමානද වයස 30දී රජ මාලිගය ප්‍රතික්ශේප කර ඇත.තවත් වැදගත් දෙයක් වන්නේ වර්ධමානයන් ගිහි ගෙය හැර ගොස් ඇත්තේ තම දරුවා උපත ලැබූ දිනයේදීමය.ඉන් පසුව වසර 12ක කාලයක් ගතකර ඇත්තේ ශ්‍රමනයෙකු එසේ නැතිනම් යෝගාවචරයෙකු ලෙස බව ජෛන ඉතිහාසය පවසයි. මේ කාලය ඔහු විමුක්තිය සොයන්නට යොදවන්නට ඇත. සත්වයන්ට ගසකොලට හානි කිරීම විරුද්ධවූ ඔහු තමාගේ ශරීරයේ ඇදුම් ඇදීම පවා ප්‍රතික්ශේප කර ඉතා ක‍ටුක ජීවිතයක් ගත කර ඇත.ඇදුම් නො ඇද සිට ඇත්තේ ඇදුම් ඇන්ද විට ගැට දැමීමට සිදුවන නිසා හා ඒ හේතුවෙන් ශරීරයට හිංසාවක් වන බව ඔහු විශ්වාස කල නිසාය.ඔහු තුල තිබූ ධෛර්‍ය නිසාම ඔහුව "මහාවීර" යනුවෙන් හදුන්වා ඇත.

ජෛන ඉතිහාසයේ දැක්වෙන අන්දමට වසර 12 හෝ 12.5 වැනි කාලයක් ගැඹුරු භාවනා ක්‍රමවලට යොමුවූ වර්ධමානයන් දවසකට තම නින්ද පැය 3කට සීමා කර ඇත.වරස 12යි මාස 5යි දවස් 15ක් ගෙවුනු දිනයේදී මහාවීරයන් රිජුවලුක නම් ගග(Barakar in modern times) අසබඩ(පසුපස) ශාල නම් ගස් මුලදී ගැඹුරු භාවනාවකට පත්වී ඇත. එය ශුක්ල ධ්‍යානය යනුවෙන් ඔවුන් හදුන්වන අතර එහිදී මහාවීර තුමාට සියල්ලදත් නුවණ(සර්වඤ්ඤතා ඤාණය-Omniscience) පහල වූ බව ජෛන ඉතිහාසයේ ඇත.ඒවන විට ඔහුට වයස අවුරුදු 42ක් විය. මේ කතාව පිලිබද වැඩි විස්තර අචරංග සූත්‍රය (ජෛන ආගමේ සූත්‍රයකි) වැන්නෙහි දැක්වේ.

මේ සිදුවීම් සමුදාය සිදුහත් කුමරු බුද්ධත්වය අවබෝද කිරීමේ සිදුවීමට අතිශය සමානය. ජෛන මහාවීරටද තමන්ගේ ආධ්‍යාත්මික තත්වයට පත්වීමට ගසක් උපකාරී වී තිබේ. එසේම ඒ ගස අසල ගගක්ද පිහිටා තිබී ඇත. මේ සිදුවීම් සියල්ල බැලූ විට සිදුහත් චරිතය අල්ලා කෙරෙනු සිනමා නිර්මානයක් වැනිය.     
                                   
An old Jain temple in Pakistan's Tharpakar
 බුද්ධාගම තුල පෙර බුදුවරයන් වහන්සේලාට වන්දනා කිරීම සිදුකරයි. ප්‍රධාන වශයෙන් මෑතකාලීන පහල වූ බුදුවරයන්වහන්සේලා 28නමක් මේ සදහා බහුලව යොදාගනී. ජෛන ආගමේද ඒ අනුකරනය තිබේ. ඔවුන්ට ඇත්තේ තිර්තන්කරන්ය. ජෛන මහාවීර යනු 24වන තිර්තන්කරයාය.ජෛන දහමේ තිර්තන්කරයන් 24 දෙනෙකි.

ඒ තිර්තන්කරයන් 24 දෙනා මෙසේය.
(1)රිශභා
(2)අජිඨ්නාත්
(3)සම්භාවනාත්
(4)අභිනන්දනාත්
(5)සුමඨිනාත්
(6)පද්මප්‍රභා
(7)සුපර්ශ්වානාත්
(8)චන්ද්‍රප්‍රභා
(9)පුශ්පදන්ත
(10)ශීතල්නාත්
(11)ශ්‍රේයන්සනත්
(12)වසුපුජ්‍ය
(13)විමල්නාත්
(14)අනන්තනාත්
(15)ධර්මනාත්
(16)ශන්තිනත්
(17)කුන්තුනත්
(18)අරනත්
(19)මල්ලිනත්
(20)මුනිසුවර්නාත්
(21)නමි නාත්
(22)නෙමි නාත්
(23)ප්‍රර්ශව
(24)මහාවීර


බෞද්ධයන්ගේ පෙර බුදු වරුන් මෙන්ම ජෛන ආගමේ තිර්තන්කරයන්ටද නියමිත වූ වෙනම වෘක්ශයක්, මවක්, පියෙක්, දෙව් ලොවක්, වයස් සීමාවක්(එක් එක් බුදුවරුන්ගේ වයස් වෙනස් මෙන්), සලකුනක්, උසක් (ගෝතම බුදුන්වහන්සේගේ දහඅට රියනක්#,මෛත්‍රී බුදුන්වහන්සේගේ ඊට වෙනස් උසක් ආදී) ආදී විවිධ කරුණු රාශියක් ඇත. ජෛන මහා වීරයන් පිලිබද සලකා බැලූ විට ඔහුගේ සලකුණ වනුයේ සිංහයාය.උස අඩි 7 වූ අතර වයස අවුරුදු 72ක් ආයුවලදා ඇත. ඔහුට වෙන්වූ ගස තේක්ක ලෙස හදුන්වා ඇති අතර එය ඉහත කී වෘක්ශයද යන්න විමසා බැලිය යුතුය. එසේම ඔහුගේ නිර්වානයේ ස්ථානය ලෙස දක්වන්නේ "පව පූරියය".වයස 72 මාස 4දහා දින 15කට ආසන්න දිනයක ඔහු මරනයට පත් වී තිබේ. ජෛනයන් ඒ දිනයේදී ඔහු මෝක්ශයට ඇතුලත් වූවා ලෙස සලකණු ලබයි.
Rare photo of Jain Tirthankar, taken in year 1860 from little town of Paranagar near the Sariska Tiger Sanctuary in Rajasthan
ජෛන මහා වීරයන්ගේ චරිතයේ ඇතැම් සිදු වීම් බුදු සිරිතේ දැක්වෙන සිදුවීම් වලට සමානකම් දක්වයි. එසේම ජෛන දහම සිල් මත එනම් පරම අවිහින්සාව මත පදනම් වූ දහමක් නිසා එහි ඇතැම් සීලයන් බුදු දහමේද දැකීමට හැක. ඇතැම් විට ඒවා පසු කාලයේදී එකතු වූ ඒවා විය හැක.තවද බුදු දහමේ භාවිතාකරන ඇතැම් වචන හා සමාන වචනද ජෛන දහමේ ඇත. මාගධී භාෂිතයෙන් නිබ්බාන යන්න සංස්කෘත වලදී නිර්වාන වේ. නිර්වාන යන්න ජෛන දහමේ පවතින්නකි.එය මරණින් පසු ලැබෙන්නකි. එහෙත් බුදුන්වහන්සේ දේශනා කලේ මරණින් පසු නිවණක් ගැන නොවේ. මරණින් පසු නිවන සංකල්පය ලැබී ඇත්තේද ජෛන දහමෙනි. එසේම ඔවුන් අරහන්ත යනුවෙන් ආධ්‍යාත්මික තත්වයක් පිලිබද කතාකරති. පින්, පව්,කර්මය ගැන සදහන් කරති. බුදුන්වහන්සේගේ භික්ශු, භික්ශුනී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට ආදේශයකයක් ලෙස ඔවුන් සතුවද සාදු, සද්වි, ශ්‍රවක, ශ්‍රාවිකා (monk (sādhu), nun (sādhvī), layman (Śrāvaka), and laywoman (Śrāvikā) නමින් සිව්වනක් පිරිසක් වෙයි. ස්වාමීන් වහන්සේ නම්ක් දු‍ටු විට "සාදු"යැයි ආමන්ත්‍රනයද සුදුසුයැයි විමසා බැලිය යුතුය.(සාදුවරයන් නමින් කොටසක් ඉන්දියාවේ ජීවත් වේ. නමුත් දේශනා වලදී සාදු කාර දීම ඊට සම්බන්ධයක් නැත. එහි අදහස "සුහද" වේ) බුදු දහමේ දහම් අඩංගු පෙලගැසීම් සූත්‍ර ලෙස හදුන්වන අතර ජෛන ආගමේද එය පවතී.
(නිද- අචරංග සූත්‍ර,කල්ප සූත්‍ර)


කෙසේ වෙතත් නිගන්ඨනාත පුත්ත හරහා ජෛනමහාවීරගේ මෙම දහම හෙලදිවද ව්‍යාප්ත වී ඇත.ඒ හේතුවෙන් පසුකාලීනව බුදු දහම ජෛන වලින් සමරක් එකතු වන්නට ඇත. බුද්ධ පරිනිර්වානයෙන් පසුවද නිගන්ඨයන් මෙහි ජීවත් ඇත. පණ්ඩුකාභය රජතුමාද නිගන්ඨ ආරාමයක් සෑදූ බව එච්.ඩබ්ලිව්.කොඩරිංටන් විසින් සංක්ෂිප්ත ලංකා ඉතිහාස කෘතියේ දක්වා ඇති අතර ඊට පසුව වලගම්භාරජ සමයේදීද ගිරි නමින් වූ නිගන්ඨයෙක් ගැන අසන්නට ලැබේ. එසේනම් බුදුන්වහන්සේගේ සම්බුද්ධත්වය හා ධර්මය ව්‍යාප්තියත් සමහ නිගන්ඨ දහම මෙරටින් තුරන් වී ගොස් නැති බව පැහැදිලිය.
                       

ජෛන මහාවීර හා බුදුන්වහන්සේගේ යැයි සම්මත පිලිම නිර්මාන බැලූ විට එක වෙනසක් හැරුනු කොට අනිත් ඒවා එකිනෙක සමානය. එකම වෙනස නම් ජෛන පිලිමවල ඇදුම් නැති වීම පමණය.ඇතැම් ජෛන පිලිමවල දෙදෙනෙක් දෙපසින් සිටින්නේ, බුදුන්වහන්සේගේ දෑගසව් දෙනම බුදුන්වහන්සේ දෙපසින් සිටින පිලිම වලට ආකෘතියක් ලෙසය. සුදුජාතිකයන් ඉන්දියාවෙන් සොයා දුන්නේ එසේ වූ ඉතිහාසයකි. ඔවුන් එසේ සොයා දුන් බුදුන්වහන්සේගේ සම්මත පිලිම යැයි ජෛන මහාවීරගේ පිලිම වන්දනා කිරීමට අද ඉන්දියාවේ දඹදිව වන්දනාකරුවන් පසු බට නොවේ. ඇතැම් විට නොදන්නා කම නිසා විය හැක. මේ පටලවා ගැනීම කෙතරම් ජනප්‍රිය වූවක්ද කියතොත් විකියට තොරතුරු සපයන මහතුන් පවා ජෛන මහාවීර හා බුදුන්වහන්සේ  පටලවාගෙන තිබේ. මේ එසේ බුදුන්වහන්සේ යැයි දමා තිබූ ජෛන මහාවීරගේ පිලිමයකි. File:Rock-cut Lord --Buddha-- Statue at Bojjanakonda near Anakapalle of Visakhapatnam dist in AP.jpg - Wikipedia, the free encyclopedia (මෙම රූපය ඇතැම් විට විකියෙන් ඉවත්කර තිබිය හැක.)
                               
කෙසේ වෙතත් මේ සදහා සමාව දිය හැක්කේ ඊට වඩා උගතුන් විසින් මේ පටලවා ගැනීම සිදුකර ඇති බවට අපට සාධක ලැබේ. ඇතමුන් ත්‍රිපිටක පරිවර්තනයට පවා සහභාගී වූවෝ වීම කණගා‍ටුවට කරුණකි. ජෛන මහාවීර හා ගෝතම බුදුන්වහන්සේ පටලවා ගැනීම නිසා මුචලින්ද නා රජු බඩගාගෙන යන උරගයෙකු බවට පත් කලාද යන පැනය නැගෙන පිලිම පවා ජෛන මහාවීරයන්ගේ ආගමික ස්ථාන වලින් සොයා ගත හැක.මුචලින්ද නාග දරණය සහිත පිලිම මෙරටට හදුන්වා දුන්නේ ජෛනයන් වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. එසේනම් නාගයෙකු වෙලාගත් පිලිම බුදුන්වහන්සේගේ නොව ජෛනමහාවීරගේ ඒවාය. පසුකාලීනව ඒ පිලිම සදහා සිවුරු සකසන්නට ඇත. මේ පිලිම දෙස බැලූ බැල්මට මේ බුදුන්වහන්සේ යැයි ඔබට ඇතැම් විට හැගීමක් ආ හැක. එනමුදු මේ පිලිම ජෛනමහාවීර තුමාගේය. වල් වැදී තිබූ ඉන්දියාවේ ආගමික ස්ථාන සොයා ගත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ත්‍රිපිටක සූත්‍රයක් ඇසින්වත් දැක නොතිබූ ඔවුන් කෙසේනම් ජෛන මහා වීර හා බුදුන්වහන්සේ වෙන් කර හදුනා ගන්නද? කනින්හැම්, පිප්පේ, ෆර්දර් බෞද්ධ සිද්ධස්ථාන ලෙස නම් කල ඇතැම් ගොඩනැගිලිවල හිමිකරුවා ජෛනමහාවීරය. ඒ ස්ථාන මොනවාද යන්න මෙහිදී සදහන් නොකරමු. ඒවා සොයා බැලීමට ඔබට බාරය. උපතින් බෞද්ධ වූ ඔබත් ඇතැම් විට මේ පිලිම බුදුන්වහන්සේගේ යැයි සිතන්නට ඇත. එසේනම් ඉන්දියාවේ බුදුන්වහන්සේ පහල වූ බව කියූ සුද්ධන් ගැන කවර කතාද?
                              

ඉන්දියාවේ ජෛන මහාවීරගේ පුරාවෘත(ජනප්‍රවාද) ඇත. ඇතමුන් ඒවා බුදුන්වහන්සේට ආදේශ කර ඇත. නිදසුනක් ලෙස ජෛන මහාවීරගේ අවසාන කාලයේදී දනහිස් අමාරුවක් සෑදී ඇති අතර ඒ සදහා ප්‍රතිකාර ලබාගත් ජනප්‍රවාදයක් ඉන්දියාවේ ඇත. එනමුදු ඇතමුන් එය බුදුන්වහන්සේට සම්බන්ධ කිරීමට ගත් උත්සහයක් නිසා බුදුන්වහන්සේට ඵල දුන් කර්ම විපාක ගනන 12 දක්වා වැඩිවී උන්වහන්සේගේ චරිතය විකෘති වී ඇත. මේවා දැන හෝ නොදැන කලේනම් දැන් ඒවා නිවැරදි කිරීමට කාලයයි. බුදුන්වහන්සේ යැයි නිරුවත් වූ ජෛන මහාවීරගේ පිලිම පෙන්වීමේ පටන් මරු වසගෙට ගත් මිනිසුන් බුදුන්වහන්සේව හදුනාගත නොහැකිව උන්වහන්සේගේ චරිතයට අපහාස කරති. මේවා ගැන උගතුන් යැයි ඇත්තන්ට කී විට අසන්නට ලැබෙන්නේ "උඹලගේ ඉතිහාසේ උඹලා තියාගනිල්ලා" යන්නයි. සැබවින්ම මුදල් පසු පස යන්නන්ට වෙනත් කිසිවක් අවශ්‍ය නොවේ. අසරන දායකයන්ගේ මුදල් එකතු කරගෙන ඉන්දියාවේ ගොස් බුදුන්වහන්සේ යැයි නිරුවත් ජෛනමහාවීරව පෙන්වීමට තරම් ඔවුන් පහත් තත්වයකට ඇද වැටී ඇත.

සැබැවින්ම ජෛනමහාවීර යනු ගෝතම බුදුන්වහන්සේගේ දහම හා එම පූජනීය ස්ථාන මිසදු‍ටුවන්ගෙන් ආරක්ශාකර ගැනීමට පහල වූ ව්‍යජ ශ්‍රාස්තෘවරයෙකි.මිසදු‍ටුවන්ට හැකිවන්නේ ව්‍යජය දෙස බලා සැනහෙන්නට විනා සත්‍ය ස්ථාන හෝ සත්‍ය බුදුන්වහන්සේගේ ඉතිහාසය දැනගැනීමට නොවේ. ඉන්දියාවේ බුදුන්වහන්සේ පහල වූවේයැයි කෑ මොරගාන්නෝ ජෛනමහාවීරගේ ශ්‍රාවකයෝ විනා ගෝතම බුදුන්වහන්සේගේ ශ්‍රාවකයෝ නොවේය. 
කෙසේ වෙතත් ඉන්දියාවේ පහල වූ ජෛනමහාවීරගෙන් හෙලදිව පහල වූ ගෝතම බුදුන්වහන්සේ වෙන්කර හදුනාගැනීමට හැකිවේවායැයි අපේ ප්‍රාර්ථනයයි.

.........................................................................
#දහ අට රියන් උස ගෝතම බුද්ධ ශරීරය.
රියන = වඩු රියන කියන්නේ වැලමිට ඉදන් ඇත කෙලවරට
නමුත් රියන යනු මිට මොලවා මාපට ඇඟිල්ල එසවූ විට ඇති දිගයි. එනම් අඟල් 4 කි.
ඒ අනුව බුදුරදුන්ගේ උස දහඅට රියන්

අඟල් 4 * 18ක්= අඟල් 72 යි= අඩි 6 කි.
...........................................................................

(පලමු ඡායාරූපය හැරුණු විට ඉතිරි සියල්ලම ජෛනමහාවීරගේ ඡායාරූපයන්ය. මෙහි දක්වා ඇත්තේ වචන සන්නිවේදය වූ ආකාරයටය, ඇතැම් ජෛන ආගමික වචනයන් උච්චාරනයේදී හා ලිවීමේදී වෙනස්කම් විය හැකි බව කරුණාවෙන් සලකන්න)

5 comments:

  1. ruwan.adhikari@yahoo.comNovember 2, 2012 at 2:58 PM

    obata manga nena pahala vevaa.

    ReplyDelete
  2. enough for understand but this should spread to the other people who not use internet

    ReplyDelete
  3. ayi yo sirisena ! api niwaradi wemu!!!!!!!!!!!!!

    ReplyDelete