Saturday, October 20, 2012

සෙල්ලිපි කියා පෑ බුදුන් දුටු රජ පෙළපත


මේ මහ පොලවේ විසිරී ඇති විසිදහසකට අධික සෙල්ලිපි කියාපාන අපේ ඉතිහාසය මහාවංශයේ ඉතිහාසය නම් නොවේ. මහාවංශය ලියූ ඉන්දියානු මහානාම පුජක විසින් වල දමා ඇති, කුරුටු ගා වනසා ඇති ජීවමාන බුදුන් කල වූ අපේ සැබෑ ඉතිහාසය අපේම මුතුන් මිත්තන් ලියු සෙල්ලිපි අධාරයෙන් අපට යලි ලියා ගැනීමට හැකිවී තිබේ. අපේ ඉතිහාසය ලියා තිබුනේ සිහල අට්ටකතා මහාවංශයේය. එහි දෝෂ තිබෙන බවත් එබැවින් ඒවා නිවැරදී කොට ලිවීම  සදහා  මහාවංශය ලියන්නට යෙදුන බවත් ඉන්දියානු  මහානාම පුජකයාම  මහාවංශය 1 පරිච්චේදය 2,හි  3 ,4 යන ගාථා මගින් පෙන්නා දෙයි. මෙලෙස සිහලට්ඨකතා මහාවංශය විවේචනය කරමින් පාලි ගීත ප්‍රබන්ධයකට (පාලිමහාවංශයකට )  අපේ ඉතිහාසය පෙරලීමකට පාශානදීපවාසී උපතිස්ස හිමියෝ විරුද්ධ වූ බව මහාවංශ ටීකාවේ 32 පිටෙන් පෙන්වාදේ.මෙම විරෝධතාවය හේතුවෙන් පාලිමහාවංශය රචනාකරගෙන යාමේදී අවසානයක් නොදැක ඇන හිටි අයුරු පෙනේ. අපේ රටේ මුතුන් මිත්තන් අපේ පොත්  වල ලියා ඇති අපේ ඉතිහාසය වැරදියි කියන්නට මේ ඉන්දියානු තක්කඩි පුජකයා දන්නේ කොහොමද? අපේ ඉතිහාසය ඉන්දියාවේ භාෂාවකින් ලියන්නට අපේ ඉතිහාසයේ ලොකු වටිනාකමක් මෙන්ම මහානාම පුජකයා තුල කුට උපායක් ද තිබියයුතුය.  අතරමග ඇන හිටින ලද මහාවංශය සම්පුර්ණ කිරීම වස් ඉන්පසුව ලියවුනු මහාවංශ ටිකාවද මහාවංශයේ ගමන් මගම ගෙන තිබේ. හෙළ අටුවා කියවා ඒවා පාලි භාෂාවන් පරිවර්තනය  කල බුද්ධගෝෂ හිමියෝද ඔහුගේ අදහස්ද එකතු කරමින් නම් ගම් වෙනස් කරමින් ලිවීම  නිසා ද අපට අපේ උරුමය, ඉතිහාසය නැතිවිය. එමෙන්ම මහා වංශයේ ඇති රජවරු නාමාවලියක් ලෙස එකට පෙළ ගස්වා ඒ අයගේ කාල නිර්ණය කරදී ලියා ඇත්තේ යටත් විජිත යුගයේ විල්හෙල්ම් ගයිගර් නම් ඉංග්‍රීසි ජාතිකයා විසිනි.

මහාවංශයේ නොමැතිවුවද  බුදුන් කල අපේ මහ රජ පනිතය. පනිත රජගේ අගබිසව අබි උපුලිය. පනිත රජුට මහබිය නමින් දියණියක් සිටි. පනිත රජගේ භාණ්ඩාගාරික සුමනය. සුමන සමන් දෙවියන් ලෙස හදුන්වන්නේ මොහුය. බුදුන් වහන්සේට සමනල කන්දේ සිරි පතුල් පිහිටු වන්නට ආරාධනා කලේ  මේ සුමනය. සුමන සිය පියාගේ වියෝගයෙන් පසු පනිත රජුගේ පුත් තනතුරේ හැදී වැඩේ. මෙම සුමනට පුතුන් දසදෙනෙකු විය.දසභාතික පුතුන් ලෙස නම් කලේ මේ පුතුන්ය. මෙම දසභාතික පුතුන් පිළිබද විස්තර බෝවත්තේගල සෙල්ලිපියෙන් කියවා ගත හැකිය. සුමනගේ මේ පුතුන් ගෝඨාභය රජ විසින් මරා දමා තිබේ. මෙම ඝාතනය ගැන  ධාතු වංශය සාක්ෂි දරනු ලැබේ.  සුමනගේ වැඩිමහල්  පුතා දමය. මෙම දම ගේ පුතා මහතිශ හෙවත් කැළණි තිස්සය. කැළණි තිස්ස ගේ දියණිය  අභිශවෙර හෙවත් විහාරමහා දේවියයි. විහාර මහ දේවිය පසු කාලයේදී මහන වී ඇත. විහාර මහ දේවිය කාවන්තිස්සගේ බිසවය, කාවන්තිස්ස ගොටාභයගේ පුතාය. පනිත මහ රජට මෙන් ගෝඨාභය රජටද නැව් සමාගම් තිබී ඇත, කාවන්තිස්ස සහ විහාර මහ දේවිය ගේ පුතා ගමණි අභය (දුටු ගැමුණු) වේ. දුටුගැමුණු  රජට කතී නමින් ලස්සන බිරිදක් සිට තිබෙනවා. කතී නාග ගෝත්‍රික කාන්තාවකි. දුටුගැමුණු රජ නාග කන්‍යාවක් (නැයින්නක්) හා විවාහ වූවායයි මහාවංශ කතුවරයා ලීවේ මෙයටය. ඇය මිලක පුෂ පරුමකවරයා ගේ  දියණියයි. පරුමකවරුන් ලෙස හැදින්වුයේ වන්සවත් පවුල් වල අයයි. මිලක පුෂ පරුමක වරයා පසුව මිලක තිස්ස නමින් චුල පිණ්ඩපාත තිස්ස හිමියන් යටතේ මහනවිය, මේ මිලක තිස්ස හිමි ගැන  බුද්ධගෝෂ හිමි අටුවාවල  ලීවේ වැදී කුලයක කෙනෙකු ලෙසය. එහෙත් ඔහු නාග ගෝත්‍රික වංශකාර පෙළපතකින් එන අයෙක් බව සෙල්ලිපි වලින් දැක්වේ. චුල පිණ්ඩපාත තිස්ස හිමිද  විහාරමහා දේවියගේ බැණා කෙනෙකි. ගාමිණි අබය රජට අබිතිස්සා නමින් දියනියක් සිටි අතර ඇය විවාහ වී සිට ඇත්තේ පරුමකවරයෙක් වූ දුත සුමන සමගය. දුත සුමන ගාමිණි අබය රජුගේ මිත්ත නම් සෙන්පතියාගේ පුතාය.  මිත්ත සෙන්පතියා විවාහ වී ඇත්තතේ වෙසමුණි රජගේ (උතුරු ප්‍රදේශය භාර රජ )පුතාවූ ශතන හෙවත් අස්වින් ගේ දුවනිය සමගය. මේ අනුව වෙස්සවන රජත් දුටුගැමුණු රජත් නෑදෑයන් වේ.

මෙම පරපුර සෙල්ලිපි වලින් අපි හදුනා ගනිමු.
බුදුන්වහන්සේට සමනල කන්දේ සිරිපතුල් පිහිටුවන්නට සුමන නම් දේව ගෝත්‍රික පරුමකවරයා අරාධනා කරනු ලබන්නේය. එම අවස්ථාවේදී සුමන තම කුටය බුදුන්වහන්සේ ට පුජාකරනලදී. බෑණ සමනල සෙල්ලිපිය එය මෙසේ සනාත කර සිටී.

පරුමක  ශුමන  කුට  ගොතම  ශමනේ  අගත  අනගත  චතුදිශ  ශගශ
(බෑණ සමනල සෙල්ලිපිය).
ගරු සුමන (ගෝතම ශ්‍රමණ ) ගෝතම බුදුන්ට සහ වැඩි නොවැඩි සංඝයා වහන්සේට කුටය පූජා කිරීම

සුමනගේ පියා තිස්ස නම් පරුමක වරයකු බව පහත සෙල්ලිපියෙන් වැටහේ.                                                                                                      
පරුමක නකතික තිශ පුත පරුමක ශුමනහ දනෙ මහ ශුදශනෙ නම ලෙණෙ ශගශ  
(I C, P 73)                                                                    
ගරු තිස්ස ගේ පුත් ගරු සුමන මහ සුදස්සන නම් ලෙන සඟ සතු කරන ලදී.                                                       

සුමන යනු පනිත මහ රජ ගේ භාණ්ඩාගාරික බව පහත සෙල්ලිපි වලින් හදුනා ගත හැකිය.
මහ  රඣ  පනිත  බඩකරික  පරුමක  ශුමන ලෙනෙ  අගත  අනගත  චතුදිශ  ශගශ
(මෙ. බෝ. බ . 48 පිට )                      
පනිත මහ රජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

මහ  රඣ  පනිත  බඩකරික  පරුමක  ශුමනහ ලෙණ                   
(සෙ කි. නො ද ප ක්‍ර 26 පිට )                                                                
පනිත මහ රජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ ලෙන                            

පනිත රජුගේ අග බිසව අබි උපුලිය වන අතර පියා වියග නම්  පරුමකවරයය.
පරුමක  වියග  පුත  පරුමක පනිත  ඣය   උපුලිය  ලෙනෙ  ශගිතේ 
ගරු වියගගේ පුත් ගරු පනිතගේ දේවිය උපුලි ගේ ලෙන සඝසතු  කිරීම

 දීප  රඣ ඣිත  මහබිය  ලෙනෙ  ශගශ .
දීපය භාර රජගේ දියනියවන මහබියගේ ලෙන  සඟසතු කිරීම
(පනිත රජුට මහබිය නමින් දියණියක් සිටි බැවින් පනිත රජ  දීපය භාර  රජබව හෙළිවේ)          

පනිත  මහ  රණශ  අයක  පරුමක  පුශදෙවහ පොකරින
(මෙ. බෝ. බ 49 පිට)  
පනිත රජුගේ අයකවරයා  වන  ගරු පුෂදේවගේ පොකුණ.

පනිත මහ රජුගේ භාණ්ඩාගාරික සුමනගේ දස භාතික  පුතුන් ගැන ලියවුනු සෙල්ලිපි

ශුමන පුත දශ බතකන ඣෙට ශව ඣෙටුහ පුත දමරඣ දමරඣ පුත මහ තිශ අයෙ කරිතෙ ඉහ ලෙණෙ මහශුදශණෙ  ශගශ දිනේ                            
(අ. අ. ක. අ.  උ. 3 පිටුව 10)
සුමනගේ දසභාතිය පුතුන්ගේ වැඩිමලා වන දමරජගේ පුතා වන කැලණිතිස්ස මහා සුදශන ලෙන කර සඝ සතු කරන ලදී.

දමරඣ පුත මහ තිශ අයහ ඣිත අබිශවෙරය අයඅබය  පුත තිශ අයහ  ඣය අබිශවවෙරය දනෙ  ශගශ දිනෙ
(I C 556)
දම රජගේ පුතා කැළණි තිස්සයය.  කැළණි තිස්ස ගේ  දුව විහාරමහා දේවියය.  ගෝථාභය ගේ පුතා කාවන්තිස්සය ය. කාවන්තිස්සය ගේ බිසව විහාරමහා දේවියය. විහාරමහා දේවිය විසින් සඟ සතු  කරන  ලදී  

දමරඣ පුත මහ තිශ අයහ ඣිත අය අබය  පුත අය අබය  පුත තිශ අයහ  ඣය අබිශවවෙරය දනෙ  ශගශ දිනෙ.
(I C 557)
දමරජගේ  පුතා  වන  කැලණිතිස්ස  ගේ  දියණිය  වන, ගොටාභයාගේ  පුතුවන  කාවන්තිස්සගේ  බිසවවන  විහාරමහා  දේවිය විසින්  සඟ   සතු  කරන  ලදී  

පහත ඇති සෙල්ලිපි 2න් සුමනගේ පුතෙක් උත්තර පාලන පව්වේ දණ්ඩනායක වරයා වන නගරවඩ්ඩ  නම් ප්‍රධානියා බව පෙන්වා දෙනු ලැබේ.

පරුමක ශුමන පුත පරුමක භගරහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ
 (බු.හෙ 51 )
ගරු සුමනගේ පුත් ගරු භගර ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

උතුර පොර ගිරිය දැඩි  පරුමක භගර වඩන
(සන්තාන කන්ද) 
උත්තර පාලන පව්වේ දණ්ඩනායක වරයා ගරු භගර

 
සුමන ගේ 3 වන පුතා ගැන පහත විස්තර වේ.
 

පිත මහ රඣහ බඩකරික  පරුමක  ශුමන පුත පරුමක චෙමශ ලෙණෙ රඣතිශහ  රඣයශී නියතෙ අගත අනගත බගවත සගස
(සිතුල්පව්ව සෙල්ලිපිය)I C 621 
පිත (පනිත) මහ රජගේ භාණ්ඩාගාරික වන සුමන ගේ පුතා වන චෙමශ ගේ ලෙන කාවන්තිස්ස රජ සහ ඔහුගේ බිසව බුදුන් සමග වැඩි සංඝයාට දෙන ලදී. 
මෙම සෙල්ලිපියෙන් කාවන්තිස්ස රජ සහ විහාර මහ දේවිය බුදුන් දවස ජීවත් වුනු බව තහවුරු වේ. කාවන්තිස්ස රජ සහ විහාර මහ දේවිය මතු බුදුවන මේතේ බුදුන්ගේ මව සහ පියා ලෙස විවරණ ගෙන තිබේ. එසේ විවරණ ගන්නට නම් මේ අය ගොතම බුදුන්  දවස ජීවත් විය යුතුමය. ඒ අනුව මෙය සතයක් බව සෙල්ලිපි මගින් තහවුරු වේ.
පහත සෙල්ලිපියද කාවන්තිස්ස රජ බුදුන් දුටු බවට තහවුරු කරයි.
 

පරුමක අබය පුත තිශහ නවිකහ ලෙණෙ ගොතම ශමණෙ කරපිතෙ. (අ.අ.අ.උ 3 පිටුව 21)  
ගරු අභයගේ පුත් තිස්ස නාවිකයාගේ ලෙන ගොතම බුදුන්ට කරවන ලදී. 

මෙම සෙල්ලිපියේ කොටා ඇති සලකුණු වලට අනුව ගෝඨාභය රජුගේ නැව් සමාගමට අයත් ලිපියක් බව පෙනේ, කාවන්තිස්ස මුල් යුගයේ සිය පියාගේ නැව් සමාගමේ කටයුතු කර ඇත.
 
 විහාර මහ දේවිය දීඝවාපියෙදී මහන වුන අතර එය මුල්ලුකුළුඩුමලෛ ශිලා ලිපියෙන් තහවුරු කරනු ලැබේ. 

මහතිශ ශවෙර ශමනිය ලෙණෙ ශගශ
(අ.අ.අ.උ 3 පිටුව 21)
කැළණිතිස්සගේ දියනියවන විහාරමහාදේවී තෙරණියගේ ලෙන සඟසතු කරන  ලදී.

මුල්ලුකුළුඩුමලෛ ඇති තව සෙල්ලිපි වලින් බුදුන් කල සිටි ප්‍රසිද්ධ තෙරණියන් වන ශෝන, උත්පලා තෙරණියන්ගේ සෙල්ලිපිද දැක්වේ.

ශෝණ ශමනිය ලෙණෙ ශගශ
ශෝණ තෙරණියගේ ලෙන සඟසතු කරන  ලදී.
(අ.අ.අ.උ 3 පිටුව 21)

උත්පල ශමනිය ලෙණෙ ශගශ  
උත්පලා තෙරණියගේ ලෙන සඟසතු කරන  ලදී.
(අ.අ.අ.උ 3 පිටුව 21)

මුල්ලුකුළුඩුමලෛ ඇති තවත් සෙල්ලිපියක මහ රජ කෙනෙකු බුදුන්ට ලෙනක් පුජා කල තව ලිපියක් මුණ ගසේ.
චොරිකිය මහ රඣහ මහ ලෙණ ගොතම ශමණෙ පතිට පිතෙ.           
(බු හෙ 20)
චොරිකිය මහ රජ ගොතම බුදුන්ට මහ ලෙන කරන ලදී.

ගාමිණී අභය යනු නම් තැබීමේ උත්සවයේදී දුටු ගැමුණු රජට දුන් නාමයයි, දුටුගැමුණු නම මහා වංශ කතුවරයාගේ නිර්මාණයකි.             
ගමිණි  අබයශ ඣය   අබි  කණිය  ලෙණෙ   ශගශ  මනප .  
ගාමිණි අභය (දුටුගැමුණු) ගේ බිසව අබි  කණිය ගේ ලෙන සග සතු කිරීම

මහ රඣහ ගාමණී අබයහ දෙවනපියශ රමණි බරිය මිලක තිශ විහරෙ  කරිතෙ කතිය
(අ.අ.අ.උ 3 පිටුව 18)
ගාමිණි අභය (දුටුගැමුණු) මහ රජගේ ලස්සන බිරිද කතී  විසින් මිලක තිස්ස වෙහෙර කරවන ලදී.  

මෙම වෙහෙර කතී කර ඇත්තේ සිය පියා මිලක පුෂ (මිලක තිස්ස) වෙනු වෙනි. ගාමිණි අභය රජතුමා දෙවන පිය නමින් ගෞරව නාමයක් ගත් බව මෙයින් පෙනේ.

පරුමක නගපුත පරුමක මිලක පුශහ ලෙණෙ ශගශ                  
(අ.අ.අ.උ 3 පිටුව 18)
ගරු නාග ගේ පුත් ගරු මිලක පුස්සගේ ලෙන සග සතු කිරීම                                                                                                          
මෙයින් පෙනෙන්නේ  ඉන්දියානු බුද්ධ ගෝෂ හිමි කියන පරිදි මිලක තිස්ස හාමුදුරුවෝ පැවත එන්නේ වැදිකුලයකින් නොව නාග ගෝත්‍රික වංශකාර පවුලකින් බවය.

උපරඣ පුත රඣතිශ පුත ගමිණී අබය පුත දෙවන පිය මහරඣහ මනප දශන ලෙණෙ
(දුටුගැමුණු රජතුමා 36 පිට)
උපරජුගේ පුත්(ගෝඨාබයගේ) තිස්සගේ පුත් දෙවනපිය ගාමිණි අභය රජ (දුටුගැමුණු)ගේ  මනප දශන නම් ලෙන  

දෙවන පිය මහරඣ ගමිණී අබය පුත ලොනපි අය ශිවශ ලෙණෙ ශගශ
(මිහින්තලය, බිබිලේ, රදලියද්ද ) (අ.අ.අ.උ 3 පිටුව 21)
ගාමිණි අභය රජ (දුටුගැමුණු)ගේ  පුත් ලොනපි අය ශිවශ ලෙන සඟසතු කරන  ලදී

දෙවන පිය මහරඣ ගමිණී අබයශ පුත තිශයශ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ
(මෙ බෝ බ. පිටුව 76)
ගාමිණි අභය රජ (දුටුගැමුණු)ගේ  පුත් තිස්ස ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

දෙවන පිය මහරඣ ගමිණී අබය ඣිත පරුමක දුත ශුමන ඣය අබිතිශය ලඣක ලෙණෙ
 (අම්පාර පියන්ගල ) (අ.අ.අ.උ 3 පිටුව 21)
ගාමිණි අභය රජ (දුටුගැමුණු)ගේ  දියණිය වන, දුත සුමනගේ බිරිදද වන අබිතිස්සා ගේ ලෙන.
 

දුටුගැමුණුගේ බෑනා ගේ පියා මිත්ත බවත් මිත්ත දුටුගැමුණු රජගේ සෙන්පතියකු බවත් පහත සෙල්ලිපි 2න් දැක්වේ.
පරුමක මිත පුත පරුමක දුත ශුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ පිතටපිතෙ
(අ.අ.අ.උ 3 පිටුව 21)
ගරු මිත්ත ගේ පුත ගරු දුත සුමන ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම 

ශෙනපති පරුමක මිතශ මහ ලෙණෙ දෙවනපිය රඣ අබයහශ  
(අ.අ.අ.උ 3 පිටුව 21)
අභය රජ (දුටුගැමුණු) ගේසෙන්පති වන මිත්ත ගේ මහ ලෙණෙ 

පරුමක ශතනශත  ඣිත පරුමක මිත ඣය පරුමකලු පුශය ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ  
(සන්තාන කන්ද, බෙරවගම)                      
ගරු ශතන හෙවත් අස්වින් ගේ දියණිය වන ගරු මිත්තගේ බිරිද වන ගරු පුස්සා විසින් ලෙන වැඩි නොවැඩි සතර දිසා සංඝරත්නයට කරවන ලදී
මේ අනුව මිත්ත (දුටුගැමුණු ගේ බැණා ගේ තාත්තා)  විවාහ වී  ඇත්තේ ශතන හෙවත් අස්වින්  ගේ දියණියක  සමගය .දුටුගැමුණු රජ ගැන ලියවුනු සෙල්ලිපි රට පුරා විසිරී තිබුනත් ඔහු එළාර සමග  යුද්ධයක් කල බව කිසිම සෙල්ලිපියක  සදහන් නොවේ.

ආටානාටි සුත්‍රයේද, මහාසමය සුත්‍රයේද , ධම්මපදපාලියේ ආයුවඩ්ඩන කුමාරයාගේ කතා වස්තුවේද (ධම්මපද විවරණය 225 පිට) වෙස්සවන රජ උතුරට අධිපතියා  ලෙස දැක්වේ. සුමංගල විලාසිනිය හි 231, 701, පිටුවල වෙස්සවන රජ බුදුන්ගේ මිතුරකු මෙන්ම දක්ෂ කථිකයකු බව,බුදුරදුන් හා වැදගත් අවස්තාවලදී ඉතාම කිට්ටුවෙන් සිටි පුද්ගලයෙකු  බවත් දැක්වේ. බුදුන්ට සමීපව සිටිමින් දැනුම වර්ධනය කරමින් මගපල අවබෝධ කරගත් බව සදහන් වේ . මහාචාර්ය පරණවිතාන මහතා  මෙම  වචනය හෙළ බසින් වෙශමණ,  පාලි භාෂාවෙන් වෙස්සවන  ,සංස්කෘත භාෂාවෙන් වෛශ්‍රාවණ ද ලෙස දක්වන බව කියා තිබේ. (I C P 2) හෙළදිව පුරාණයේ උතුරු ප්‍රදේශයේ ප්‍රධාන මධ්‍ය මණ්ඩලය වුයේ අනුරාධපුරයයි.එහි වෙස්සගිරිය, වෙස්සවනය යනුවෙන් ඉපැරිණි නාමයන්ගෙන් යුත් ස්ථාන තිබුණු බවට සාධක හමුවී තිබේ. වෙස්සගිරිය ලෙන් බොහොමයක් වූ පැරණි අයිතිහාසික ස්ථානයක් බව එහි ලෙන් ලිපි වලින් පෙනේ. එම ලෙන් වල වේශමණ රජ ගැන ලියා ඇති සෙල්ලිපි පහතින් දැක්වේ.
 

පරුමක වෙශමණ පුත බරණිය ලෙණෙ දෙවහ ච චතුදිග ශගශ.            
(I C P 2)
ගරු වෙශමණගේ පුත් බරණිය ගේ සහ දේවගේ ලෙන සතර දිග සංඝයාට

පරුමක වෙශමණ පුත පරුමක බරණිය ලෙණෙ  ශගිතෙ          
(සන්තාන කන්ද)      
ගරු වෙශමණගේ පුත් ගරු බරණිය ගේ ලෙණ සඟසතු කරන  ලදී

පරුමක වෙශමණ පුත පරුමක බරණිය ච පරුමක දෙවශ ලෙණෙ  ශගිතෙ
(බරණගල)
ගරු වෙශමණගේ පුත් ගරු බරණිය ගේ සහ දේවගේ ලෙන   සඟසතු කරන  ලදී

පරුමක වෙශමණ පුත පරුමක  බරණි ච පරුමක අරවිද පුත   පරුමක දෙව ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ
(බු හෙ පිටුව 49 )
ගරු වෙශමණගේ පුත් ගරු බරණිය ගේ සහ ගරු අරවිද ගේ පුත් ගරු දේව ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයාට

පරුමක වෙශමණ පුත පරුමක ශතශ ඣිත පරුමකලු පුශය ලෙණෙ ශගිතෙ
(බු හෙ පිටුව 52 )
ගරු වෙශමණගේ පුත් ගරු සාතාගිරි ගේ දියනිය වන පුශයගේ ලෙන සගසතු කිරීම.
මිත්ත (දුටුගැමුණු ගේ බැණා ගේ තාත්තා)  විවාහ වී  ඇත්තේ ශතන හෙවත් අස්වින්  ගේ දියණියක  සමගය නිසාත් සාතාගිරි සහ නශත දෙදෙනාම වෙස්සවන රජගේ පුතුන් බැවිනුත් වෙස්සවන රජ සහ දුටුගැමුණු රජ ඥාතීන් වේ.
 

පරුමක  කුවිරහ ශිව පුත අබයශ  ලෙණො ශගශ නියතෙ                     
( සන්තාන කන්ද, 21/03/2008 බුදු සරණ  පුවත් පත )
ගරු කුවේර ගේ ශිවගේ පුත් අබය ගේ ලෙන සඟසතු කිරීම.
(වෙස්සවන රජතුමාට කුවේර ලෙසද පවසන බව ආටානාටිය සුත්‍රයේ දැක්වේ.)
මෙහි තිබු බොහොමයක් ලෙන් ඉංග්‍රීසින් විසින් කඩා පාරවල් සැදීමට යොදාගත් අතර දැනට ඇති තත්වයට හෝ බේරා ගෙන ඇත්තේ දොන් මර්තිනුද සිල්වා වික්‍රමසිංහ මහතාය.මෙතුමා නොවන්නට අද අපට වෙස්සගිරියක් ඉතුරුනොවනු ඇත. මෙම ප්‍රදේශයේ  සෙල්ලිපි,  ලෙන් ලිපි බොහොමයක් ඉංග්‍රීසින් නිසා අපට අහිමි වී තිබේ. 
ඉදසල ගුහ ශගශ


ගෞතම බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤ සුත්‍රය දේශනා කළේ මගධයේ,  අම්බසන්ඩා ග්‍රාමයේ  පාචීන රජතුමාගේ රාජගෘහයේ පිහිටි බුදුන් උපන් සල්වනයට යාබදව ඇති ඉන්දසාල ගුහාවේදී ය.එම පචින රජ ගැන ලියවුනු සෙල්ලිපි ඉන්දසාල ගුහාව අසල දැකිය හැකිය.පචින රජ තුමා නාග ගෝත්‍රිකයකු බව ත්‍රිපිටිකයේ දැක්වේ. පුරාවිද්‍යා  කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් 1970 දී ලියා ඇති  INSCRIPTION OF CEYLON. 1 ග්‍රන්ථයේ  පිටු අංක 103 දී බුදුරදුන් වරක් වැඩ වාසය කළ ඉන්සාල ගුහාව බඹරගල රජමහ විහාරයේ ඇති බව දැක්වේ 

පචින රඣ පුත තිශය ලෙණෙ අගත අනගත චතුදිග ශගශ දිනෙ            
 ( I C 64 )
පචින  රජ ගේ  පුත් තිස්ස ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

පචින රඣ පුත තිශ අයහ බරිය උපශික රකිය ලෙණෙ අගත අනගත චතුදිග ශගශ 
( I C 64 )
පචින  රජ ගේ  පුත් තිස්ස ගේ  බිරිය වන උපාසිකා රකිය ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

පචින රහ...............

පචින රබමණ කොඣිය උපාසිකා දිතය ලෙනෙ (හෙ. බු උ.අ 8)
 නාග පචින  රජ ගේ  බිරිය වන, කොබමුණාගේ දියණිය වන උපාසිකා දිත්තා ගේ ලෙන
මෙයට අමතරව බුදුන්ට ලෙන් පුජා කල  බමුණු කුලයේ බමුණන්
ගැන සෙල්ලිපි සදහන් වේ. ඉන් කීපයක් මෙසේය.

බමණ කනක තුබෙ ගොතම නම ශමණෙ පතිට පිතෙ                 (බරන්දර සෙල්ලිපිය)
 
(බු.  හෙ. පිට 21) 
කනක බමුණාගේ වෙහෙර ගොතම බුදුන් වෙනුවෙන් කරවන ලදී.
 
බමණ මිශ කුට...............
 
බමණ මිශ කුට ගොතම  ශමණෙ අගත අනාගත චතුදිග  සගශ               
( බු.  හෙ. පිට 21)
මිස්ස බමුණාගේ කුටය ගොතම බුදුන් සහ  වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

ශගශ  බමණ මෙගලි පුත පරුමක මඣම  පුත දතහ ලෙණෙ                    
(බු.  හෙ. පිට 22)
මොග්ගලී බමුණා ගේ පුත් ගරු මඣම ගේ පුත් දත්ත ගේ ලෙන සඟ සතු කිරීම.

 
මේ අනුව මොග්ගලී එනම් මොග්ගල්ලාන බමුණු කුලයද හෙළදිව තිබුණු බව පෙනේ. 

අපට අපේ සැබෑ ඉතිහාසය අහිමි වී ඇත්තේ ඉන්දියානු බුද්ධගෝෂ හාමුදුරුවෝ හෙළ අටුවා බලා ඒවා පරිවර්තනයේදී ඔහුගේ අදහස් එකතු කරමින් නම් ගම් ඉන්දියානු ක්‍රමයට ලියන්නට යාම නිසාත්, මහානාම පුජකවරයා සිංහල අට්ට කතා පොත් බලා පාලි මහවංශයක් ලියු නිසාත්ය. අද අපට ඉතිරිව ඇත්තේ ඉන්දියානුවන්ගේ පරිවර්තන පොත්ය. අපේ හෙළ බසින් ලියා ඇති පොත පත සියල්ලක්ම ගිනි තබාය. එමෙන්ම මහානාම රජුගේ කාලයේ පැමිණි දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙක් වන උර්දුලාන් නීලවෙලදු විසින්  යක්ෂ ගෝත්‍රිකයින්ගේ සන්නස් ගබඩා කර තිබු මුනමුර පුස්තක ලෙනට ගිනි තියන ලදී. මහානාම රජුගේ යක්ෂ ගෝත්‍රික බිසව වූ රත්නපාලී කුමරිය ද්වංග සටනේදී උර්දුලාන් නීලවෙලදු හෙල්ලෙන් ඇන මරා දමනු ලැබුවත් යක්ෂ ගෝත්‍රිකයින්ට ඉතිරි වුයේ ගිනි දැල් අතරින් නඛා ධම්ම හිමියන් බේරා ගත් ග්‍රන්ථ කීපයක් පමණි.
 
මුලාශ්‍ර ග්‍රන්ථ
මුකලන්ගමුවේ ප
ඤ්ඤනන්ද  හිමිපාණන්ගේ අපට අහිමිකළ  අපේ උරුමය 3 , 
බුද්ධෝත්පත්තිය  හෙලබිමයි, 
හෙළ බුදු උරුමය අහිමි තැන්
 (ලිපිය පෙලගැස්ම සුභාෂිනී කුමාරි)
                                                                                                                

15 comments:

  1. නවොද හේරත්October 22, 2012 at 9:35 PM

    හිරාන්....මෙතැන නොගැලපෙන සහ සැක සහිත නිරුක්ති එමටයි...ඔබගෙ අඩවිය ජනප්‍රිය බවත් සෑහෙන පමණ පුද්ගලයින් බලනබවත් ඇත්ත.එම නිසා යමක් ප්‍රසිද්ධ කිරීමේදී කල්පනාකාරී වන්න. සෙල්ලිපි පලකිරීමේදී පුලුවන් තරම් කල්පනාකාරී වන්න.. මේලිපිය නැවත පෙලගැස්විය හැකිනම් වඩා අගනේය

    ReplyDelete
    Replies
    1. මෙහි සැක ඇති තැනක් වේ නම් පෙන්වන්න, මෙහි සෙල්ලිපි සහ කරුණු මුකලන්ගමුවේ පඤ්ඤනන්ද හිමිගේ පොත් පත් වලින් උපුටා ගත් ඒවා මිස පුද්ගලික අදහස් නොවේ. උන්වහන්සේ පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරාරච්චි සමග ගවේෂණ කල ස්වාමින්වහන්සේ නමකි.

      Delete
    2. ඔබට සැකයක් මතුවූ තැනක් වීනම් පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. එවිට එම සැකය දුරු කිරීමට හෝ වරද නිවැරදි කිරීමට හැකිවේවි.

      Delete
    3. දෙයක් පවසන්න අවසර ... මෙහි සදහන් දේව ගෝත්‍රික සුමන ගේ පුත් දම රජුගේ පුතා කැළණි තිස්ස රජු බව වංශකතාවේ සදහන් පරිදි කැළණි තිස්ස නාග ගෝත්‍රික වේ. මොකද විහාර මහා දේවියද නාග ගෝත්‍රික බැවින්. සුමන රජු දේව ගෝත්‍රික වී ඔහුගේ මුණුබුරා නාග ගෝත්‍රික වූයේ කෙසේද?

      Delete
  2. Anton Alois Fuhrer විසන් ඉන්දියාවේ ලියා ඇති හොර සෙල්ලිපි ගැන ඔබ පර්යේෂණ නොකිරීම කනගාටුවට කරුණකි. හොර සෙල්ලිපි ලියු නිසා රැකියාවෙන් නෙරපා දමන ලද මේ පුද්ගලයා ලියු නේපාලයේ සෙල්ලිපි අදටත් විශ්වාස කරන වා නේද?

    ReplyDelete
  3. නවොද හේරත්October 23, 2012 at 10:45 PM

    පිත මහ රඣහ බඩකරික පරුමක ශුමන පුත පරුමක චෙමශ ලෙණෙ රඣතිශහ රඣයශී නියතෙ අගත අනගත බගවත සගස
    (සිතුල්පව්ව සෙල්ලිපිය)I C 621
    පිත (පනිත) මහ රජගේ භාණ්ඩාගාරික වන සුමන ගේ පුතා වන චෙමශ ගේ ලෙන කාවන්තිස්ස රජ සහ ඔහුගේ බිසව බුදුන් සමග වැඩි සංඝයාට දෙන ලදී.

    ඉහත සෙල්ලිපියෙ පිත මහරජ පනිත මහරජ ලෙසට නිරුක්තිය දුන්නේ කවුද?

    දීප රඣ ඣිත මහබිය ලෙනෙ ශගශ .
    දීපය භාර රජගේ දියනියවන මහබියගේ ලෙන සඟසතු කිරීම
    (පනිත රජුට මහබිය නමින් දියණියක් සිටි බැවින් පනිත රජ දීපය භාර රජබව හෙළිවේ)

    දීපරාජ පනිත ලෙසට නිරුක්ති දුන්නෙ කවුද? පනිතට මහබිය නමින් දියනියක් උන් බව කියන්නෙ කොහෙද?

    පනිත මහ රජුගේ භාණ්ඩාගාරික සුමනගේ දස භාතික පුතුන් ගැන ලියවුනු සෙල්ලිපි

    ශුමන පුත දශ බතකන ඣෙට ශව ඣෙටුහ පුත දමරඣ දමරඣ පුත මහ තිශ අයෙ කරිතෙ ඉහ ලෙණෙ මහශුදශණෙ ශගශ දිනේ
    (අ. අ. ක. අ. උ. 3 පිටුව 10)
    සුමනගේ දසභාතිය පුතුන්ගේ වැඩිමලා වන දමරජගේ පුතා වන කැලණිතිස්ස මහා සුදශන ලෙන කර සඝ සතු කරන ලදී.

    දසබෑයන් පනිත මහ රජුගේ භාණ්ඩාගාරික සුමනගේ බව කියන්නේ කුමන පදනමකින්ද?

    මූකලන්ගමුවෙ හාමුදුරුවන් මෙනම ජයරත්න මහතාද මේ සෙල්ලිපි සියල්ල තමන් විසින් විමසා බලා නොමැත. මා එය වගකීමෙන් ප්‍රකාශ කරමි. සෙල්ලිපි නිරුක්තිය සදහා තමාම ගොස් එය පරීකශාකිරීම තමා වඩා වැදගත්.
    මතක තබාගන්න මා මෙය පවසන්නේ ඔබ ඉදිරිපත් කරන ශාක්ශි වඩා නිවැරදි වියයුතු නිසාවෙනම පමනයි.. එසේ නොමැතිව s.kumari කියන ලෙසට කාගේ හෝ හොර සෙල්ලිපි විශ්වාස කිරීමක් නොවේ

    ReplyDelete
    Replies
    1. (1)ඒ සෙල්ලිපියේ පිත මහ රජගේ භාණ්ගාඩාරික තමා ශුමන. ශුමන භාණ්ඩාගාරික උනේ පනිත රජුගේ කියලා අනිත් සෙල්ලිපි වලින් සනාථ වෙනවා. ඒ කියන්නේ පිත මහ රඣ කියන්නේ පනිත රජුට.

      (2)පනිත රජුගේ දුව මහබිය කුමරිය ගැන ජන්ප්‍රවාදයේ පවා තියෙනවා. මහලොකු අක්කා,මහ ලොකු මෑනියෝ කියලා දේවත්වයෙන් සලකනවා. මතක විදියට මයියංගනය පැත්තට වෙන්න.

      (3)දභරජ ගේ පුතා කැලණිතිස්ස පරපුරට සම්බන්ද වන්නේ වෙන සුමනද කෙනෙක් කියලා දැනගන්න කැමති.

      Delete
  4. විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ ශාස්ත්‍රපති ලත්පඳුරේ පියරතන හිමියන් ද , ගෞතම බුදුන්වහන්සේ දවස අප්‍රකට කතා නමින් පල කරන ලිපියේ ද මෙම සෙල්ලිපිය ගැන සදහන් කර ඇති අතර පිත යනු පනිත බව එහි දක්වා තිබේ. (මෙම ලිපිය මෙම blog එකේ පල කර ඇත,) මුකලන්ගමුවේ හාමුදුරුවෝ පාලි විශ්‍යවිද්යාලයේ ලොකු හාමුදුරුවන්ගෙන් උගත් ගෝලයෙකි. උගතුන් පිරිසකට එකවර වරදින්නේ කොහොමද. මෙහි සත්‍ය තෙරුන් ගන්නට මේ පරපුර ගැන ලියා ඇති සෙල්ලිපි බොහොමයක් කියවා ගත යුතුය. දෙවැනි සෙල්ලිපියේ වරදක් මට නොපෙනේ. මෙහි ලියා ඇත්තේ සුමනගේ දස බෑයන් පුතුන් ගැන මිස පනිතගේ දස බෑයන් ගැන නොවේ. මහබිය යනුවෙන් දුවෙක් පනිත රජට සිටි බවට මුකලන්ගමුවේ හාමුදුරුවන්ගේ මෙත් බෝසත් නමින් විවරණ ගත් දුටුගැමුණු රජානෝ නම් පොතේ සදහන්වේ. මෙම සෙල්ලිපි එම පොතේ ඇත්තේය. පනිත රජ ගැන කියවා ඇති ඕනෑම කෙනෙකු ඔහුට මහබිය නමින් දුවක් ඇති බව දනී. ඔබට පාලි විශ්ව විද්‍යාලයේ සෙල්ලිපි කියවන ඕනෑම හිමි නමකගෙන් මේ ගැන කතාකර දැන ගත හැක.

    ReplyDelete
  5. මධුසංඛ රත්නායකJanuary 9, 2014 at 8:07 PM

    විසිරැණු මූලාශ්‍ර කැටිකරපු හොඳ ලිපියක්. හිරාන් සහ සුභාෂිණී ඔබට බොහොම පින්....

    ReplyDelete
  6. හැකිනම් ලත්පඳුරේ පියරතන නම් හිමනම සිටින පන්සල (ස්ථානය ) සඳහන් කරන්න.මේ නමින් ලිපිලියන්නේද ජරත්න මහතාම වේ.

    ReplyDelete
  7. Although books articles come in different names most of them were written by historian Mr. Jayaratna Patiraarachchi. Most of the inscriptions in this article were also read and translated by him. They are true and accurate. Since he had to face many difficulties in publishing books and articles he gave his all researches to be published by some other people. Whoever the author facts are correct.

    ReplyDelete
  8. මහානාමන් හා බුද්ධඝෝෂ වැනි ඉන්දීය දෙමළ නිඝන්ඨ ආගමික මිෂනාරීන් ලියපු පොත පත මෙන් ම මෑත කාළීණ බටහිර ආක්‍රමණිකයන් ලියපු පොත පත යොදාගෙන සිංහලයන්ගේ අතීතය සෙවීම සිංහලයන්ට කරන අපහාසයකි. අද වන විට "සිංහල" යන නම ද ඉන්දීය දෙමළ නිඝන්ඨ ආගමික මිෂනාරී මහානාමන් දුන් අරුත ලෙස ගැනීමද විහිළුවකි. එම කරුණු තුලින් සනාථ වන්නේ සිංහල ඉතිහාසය අප නොදන්නා බව නේ ද? තමන්ගේ සැබෑ උරුමය එසේ අහිමි නොවේ. ඒ අනුව අද සිංහල කියන අය සැබැවින් ම සිංහලයන් ද යන ප්‍රශ්ණය නැගේ.

    ඉහත කී අයගේ ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීම අගය කල යුතු ය. එහෙත් ගල් ලිපි (සෙල් ලිපි) හරහා සිංහල ඉතිහාසය ගොඩ නැගීම ද එවැනිම මුලාවකි. එයට හේතුව සිංහලයන්ගෙන් පැවතෙන සුළු කොටසක් රටේ සිටින නිසා, ඔවුන්ගේ හැසිරීම තුල මෙවැනි ලිඛිත දේ තුලින් ඉතිහාසය ගැන කිසිදු ආකාරයක ප්‍රකාශ කිරීමක් නැති නිසයි. එසේ නම්, මේ ගල් ලිපි ද අප ප්‍රතික්ෂේප කරන ඉතිහාසයට පෙර බාහිරයෙන් ආ අයගේ විය හැක. ඒ බවට ප්‍රබල සාක්ෂි වෙනත් ජාතීන් අතර අදත් ඇත.

    පොත පත ගල් ලිපි, ඇට කටු, නටබුන් තුලින් ඉතිහාසය සෙවීම ඉංග්‍රීසීන්ට ගැලපෙන බාල උපක්‍රමයකි. ඔවුන් ඉතිහාසය ගෙතුවේ අල්ලාගත් භූමියේ ස්වදේශිකයන්ගෙ හිමිකම මැරීමටයි.

    බොහෝ "සිංහල" අයට අද සිංහල ජාතිකත්වය උරුම වන්නේ ඉංග්‍රීසි නීතියේ පිහිටෙනි. සිංහලයන්ගෙ ඉතිහාසය සෙවිය යුතු වන්නේ සිංහලයන් තුලින් ය. එසේ කල විට ඉතිහාසය අනන්ත කාලයක් ආපස්සටත් ඉදිරියටත් දැකිය හැකි අනන්‍ය වූ විදියක් යොදාගෙන ඇති බව පෙනේ. ඒ ඉතිහාසය කියන විදිය කොතරම් තියුණු ද කියනවා නම්, ලෝකය විනාශ වී නැවත බිහිවීමට පෙර තිබූ ඉතිහාසය ද ඔවුන් දැන සිටිය බව කිව හැක.

    ඔබ සමනළ කන්දේ ඇති සළකුණ සුමන නම් පනිත රජගේ භාණ්ඩාගාරික ගේ යයි කීම ද ගෙතීමකි. මෙහි දී සුමන ලා, සමන් ලා ගොඩක් හිටිය ද, සමනළ කන්දට බැඳෙන්නේ මහ සම්මත මනු හෙවත් විෂ්ණු (විශ්ව මනු) ය. ඔහුගේ සැබෑ සිංහල නම "සුමන" විය. සැබැවින් ම සමනළ කන්දේ ඇති සළකුණ තැබුවේ "අඩා" ය. අඩා යනු මේ හිරු යුගයට පෙර ඉපදුන සිංහල නායකයෙකි. ඔහු ද සුමන ද එකම අයෙකු ගේ උපත් දෙකක් බව සුවිශේෂ හැසිරීමෙන් තහවුරු වේ. අද තෝර් (තෝ) ලෙස හැඳින්වෙන කෙනා ද වෙනත් උපතකි. මේ සියලු උපත් හිරු (බ්‍රහ්ම දෙවියන්)ගේ යයි කල වෙනස්කම් වලින් පැහැදිළි වේ. මේ තොරතුරු ජීවමාන පරිසර දත්ත හරහා පෙන්වන නිසා කිසිදු සැකයකින් තොරව තේරුම් ගත හැක. එවැනි සුවිශේෂ දැනුමකට උරුමකම් කියන සිංහලයන්ගේ ඉතිහාසය බාල්දු නොකරමු. ඒ මුළු ඉතිහාසය ම අප වටා අදත් ජීවමාන ව ඇත. එය අපට තේරුම්ගන්නට බැරිවීම අපේ නොහැකියාව නේ ද?

    ReplyDelete
  9. සිහළ අරුත් දීම එතරම් පැහැදිලි නැහැ , පරුමක යනු ප්‍රමුක ,ප්‍රධාන මුලික ,මහා යන අරුත් දෙයි ගරු යන්න නොගැලපේ

    ReplyDelete
  10. සිහළ අරුත් දීම වැරදි,සිහළ බැරි බව පෙනේ

    ReplyDelete
  11. දුටු ගැමුණු රජතුමා, මෙත් බෝසත් බවට විවරණ ලබා ඇති බවට සාක්ෂි තිබේද?
    තෙරුවන් සරණයි !!!

    ReplyDelete