Tuesday, October 9, 2012

පංචතන්ත්‍රය සොරා ගැනීම


දිල්ලි විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිලිබද ප්‍රමුඛාචාර්ය රොමිලා තාපර් විසින් A HISTORY OF INDIA නැමති සිය ග්‍රන්ථයේදී යුරෝපයේ මිනිසුන් සිතන පරිදි ඉන්දියාව වනාහි අති මහත් ධන සම්භාරයක් ඇති,ගුප්ත සිදුවීම් හටගන්නා සාමාන්‍ය ප්‍රමාණයට වඩා ප්‍රඥාවත් මිනිසුන් සිටින රටක් වී තිබුණු බව පෙන්වා දෙයි. තවදුරටත් විස්තර කරන තාපර් පෙන්වා දෙන්නේ රන් කණින කුහුඹුවන්ගේ සිට වනාන්තරවල නිර්වස්ත්‍රව ජීවත්ව සිටින දාර්ශනිකයින් දක්වා මේ සියල්ලද ඉන්දියානුන් පිලිබද ව පැරණි ග්‍රීකයින් ඇති කර ගෙන තිබුණු අදහස බවයි.

සැබවින්ම එය සත්‍යකි. අතීත ඉන්දියානුවන් වනාහි සාමන්‍ය ජනයාට වඩා වූ බුද්ධියකින් හෙබි පුද්ගලයෝ වූහ. ඔවුන් සම්මතයෙන් බමුණන් යැයි හදුන්වන අතර කූට උපක්‍රම යොදමින් අනවසරෙන් බුද්ධිමය දේපල තමන් සතු කර ගැනීමෙහි ලා අති දක්ශයෝ වූහ. අන් රටවල දැනුම් සම්භාරයන් හා පඩිවරුන් තමන්ගේ රටට ඈදාගැනීමෙන් තම රට දැනුම් සම්බාරය අතින් පොහොසත් රටක් යැයි ලෝකයා හමුවේ ව්‍යාජ ප්‍රතිරූපයක් ගොඩ නගා ගත් ඔවුහු සම්පත් සූරාගැනීමට ලක්වූ රටවලටද සාධාරණයක් කිරීමට අමතක නොකල ඔවුන් මහා භාරතයට ගැලපෙන අන්දමේ ඉතිහාසයන් ගොඩ නගා පුද කලහ.

ඉන්දියානු බමුණන් විසින් මේ සදහා ‍තෝරගත්තේ සම්පත් වලින් හා දැනුම් සම්භාරය අතින් අනූන දූපතකි. මුනිවරුන් හා පඩිවරුන් යැයි ඉන්දියානුවන් විසින් හදුන්වන මහාභාරතයේ වාසය කල කට්ටඩියන්, ශාප කරන්නන්, මානසික හා කායික රෝගීන්ගෙන් අභිමානයක් ගොඩ නගාගැනීමට නොහැකි වූ තැනේදී අසල් වැසි දූපත් රාජ්‍යයේ පඩිවරුන් හා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් තමන්ගේ රටට බලෙන් වැඩැම්වීමට කටයුතු කලහ. ඒ අතර විශේෂ පුද්ගලයන් කීපදෙනෙකු ලෙස ගෞතම බුද්ධ,කුවේර හා විෂ්ණු ශර්මන් වැනි උතුමන් වෙයි. ඉන්දියානුවන් හා සුද්ධන් එකතු වී ගෞතම බුදුන්වහන්සේගේ චරිතය ඉන්දියාවට ඈදා ගොඩ නගා ඇති ව්‍යාජයවත් හරි හැටි හදුනා ගැනීමට තරම් නොහැකි වූ මානසික රෝගීන් පිරිසක් අද උගතුන් යැයි සම්මත කරගෙන සිටින නිසාදෝ අනිකුත් චරිත සදහා සාධාරණයක් කිරීමට තවමත් ඒ උගතුන් යැයි ඔවුන් විසින්ම කියාගන්නා ඇත්තනට නොහැකි වී ඇත. මේ කරන්නට යන්නේ එසේ වූ තවත් උතුමෙකුගේ උරුමය පෙන්වා දීමටය.

                                  
කුඩාකාලයේ සීයා,ආච්චීගෙන් කතන්දර අසන්නට දරු මුණුබුරෝ පිරුනු තැනේදී කියවෙන කතන්දර අතර පංචතන්ත්‍රය මූලික තැනක් ගනී. ආදර්ශවත් කතා පෙලකින් යුක්ත මේ ග්‍රන්තය අංග පහක් ඇතුලත් වීම හේතුකරගෙන පංචතන්ත්‍රය නම් විය.(pancha=five, tanthra=devices or treatises) 
(1)मित्रभेद (Rift between friends)
(2)मित्रसम्प्राप्ति  (The winning of friends)
(3)ककोलुकियम (Untrustworthy friendship of a former enemy.)
(4)लाब्धाप्रनाषा (Presence of mind)
(5)अपरिक्षिताकरका (Untested situations)


උපයඥානය(diplomacy), සබැඳියාව(relationship), දේශපාලන උපාය(politics), රාජ්‍ය පාලනයන් පිලිබද මෙන්ම ලොකු කුඩා කාටත් ගත හැකි ආදර්ශයන් එහි ඇතුලත්ව තිබේ.කතාකරන සතුන් වැනි උපක්‍රම යොදමින් දරුවන්ගේ මනස තුල හොද හා නරක මෙන්ම ඒවායේ ප්‍රතිවිපාකයන්ද සියුම් ලෙස කතාවට ගැබ් කර රචනා කර ඇති මෙම පංචතන්ත්‍රය භාෂාවන් 50කට අදික වූ හා 200කට ආසන්න අනුවාදනයන්ට (version) පරිවර්ථනය වී තිබේ.

මෙසේ වූ විශ්ව කර්ම නිර්මාණයක් මිනිසුන්ට දායාද කල පඩිවරයා නමින් "විශ්ණු ශර්මන්"(विष्णु शर्मन) වේ.එතුමා මහිලාරෝප්‍ය නුවර අමරශක්ති රජුගේ පුත්‍රයවූ බහුශක්ති, උග්‍රශක්ති, අනන්ත්ශක්ති යන තිදෙනාගේ ආචාර්‍යවරයාය. මේ කතා පුවත ඉන්දියානුවන් විසින් තමන්ගේ සියලු පොත පතේ සදහන් කර තිබුනද මහිලාරෝප්‍ය නුවර පිහිටියේ කිනම් ප්‍රදේශයේදැයි සදහන් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබේ. (The capital of his kingdom was a city called Mahilaropya (महिलारोप्य), whose location on the current map of India is unknown.)

එසේ වීමේ කිසිදු ගැටලුවක් නැත. මක් නිසාදයත් ඔවුන් හදුන්වන විශ්නු ශර්මන් නම් ලෝ ප්‍රකට පඩිරුවනගේ ජන්ම භූමිය වූයේ මේ පින් බිම නිසාය. මෙතුමාගේ නාමය විශ්නු ලෙස ගොඩනගාගෙන ඇත්තේ "පලිකද" යන නාමය උපයෝගී කරගෙනය. මෙම පලිකද, ස්කන්ධ, විශ්ණු ආදී නම්වලින් දේවත්වයට පත්වී තිබේ. පලිකද ගේ පුතණුවන් පලිකද වන අතර ඔහුගේ පුත්‍රයා හරුමස හෙවත් ශර්මන් යන නමින් හදුන්වනු ලැබේ. මෙය මනාවට ශිලා ලේඛන ඇසුරින් මෙසේ සනාථ කල හැක.
ප රු ම ක ප ලි ක ද පු ත ප රු ම ක ප ලි ක ද පු ත උ ප ස ක හ රු ම ස ලෙ ණෙ ච තු දි ශ ශ ග ශ (78)

එසේම මෙතුමා පිලිබද සදහන් තවත් ශිලා ලේඛනයක් පෙන්වා දිය හැක.
ප රු ම ක ප ලි ක ද පු ත ප රු ම ක ම හ හ රු ම ස ලෙ ණෙ ච තු දි ශ  ශ ග ශ (81)
පලිකද ගේ පුත්‍රයා වූ හරුමස තමන්ට ගැලපෙන ලෙස විශ්ණු ශර්මන් කරගෙන පංචතන්ත්‍රය සොරා ගැනීමට තරම් උපක්‍රම ශීලී වුවද ඉන්දියාවේ බමුණන්ට හෙලදිව පිහිටි ශිලා ලේඛන ‍රැගෙන යාමට අමතක වී තිබේ.  කෙසේ වෙතත් මේ සෙල්ලිපි වලින් පෙන්වා දෙන ආකාරයට මෙතුමා උදාර හා ශ්‍රේෂ්ඨ චරිත ගත කල ඇත්තෙකි. තම ජීවිත බුදු දහමට ගැලපෙන අන්දමට සාර්ථක ජීවිත ගත කර තිබෙන බවට හේ "උපාසක" යන ගෞරාවාන්විත නාමය යොදාගැනීමෙන්ම පසක් වෙයි.

මෙසේ වූ පරම්පරාගත ඉතිහාසය ලේඛනතව සනාථ කිරීම් කිරීමේ හැකියාව පවතින හෙලදිවින් පංචතන්ත්‍ර කතුවරයාව ඉන්දියාවට පිටමං කිරීම සම්බන්දයෙන් සිදු කරන ලද බරපතල වරද බාරගත යුත්තෝ වහල් මානසිකත්වය මෙරට පතුරුවන උගතුන් යැයි හදුන්වන නූගතුන්ය. විජය නැමැති පරදෙස්සාගේ සිට මේ දක්වා වූ ඉතිහාසය වටා රවුම් ගසමින් සිටින ඔවුන් ලේඛන කලාවේ උරුමය ඉන්දියාවෙන් මෙරටට ආනයනය කලා යැයි පවසමින් සියලු මූලාශ්‍ර යට යවයි. ඒ පිරිසට උඩ ගෙඩි දෙන්නෝ ඔවුන්ගේ ගෝලබාල පරම්පරාව ලෙස අන්තර්ජාලය පුරා කරක් ගසන්නන්ය.ඉන්දියානුවන් විසින් සොරාගෙන යනු ලැබූ පංචතන්ත්‍රයේ උරුමය කිසි දිනක ඔවුන් මෙරටට ගෙන ඒමට උත්සුක නොවන්නේ ඔවුන්ගේ බඩ වියත ඉන්දියානුවන් හා ජෛන මහාවීර අත ‍රැදී පවතින නිසාය.

කිසිදු හැකියාවක් නොමැති මහා භාරතයේ සුපුරුදු පුරුද්ද වූයේ පුරාණ හෙලදිව ජීවත් වූ ශ්‍රේෂ්ඨ චරිත හා පොත පත තමන්ගේ රටට ඈදා ගැනීමය. හෙලදිව සියලු උරුමයන් එසේ සූරාගෙන ගිය කල්හි වර්ථමානයේදී නැවත සූරාගැනීමට ඉතිරිව ඇත්තේ මහ පොලව පමනි. එසේ හෙයින් වර්ථමානයේදී එදා බමුණන්ගේ ජාන වලින් පැවතගෙන එන්නවුන් ලොව පුරා අන් රටවල උරුමයන් තමන්ගේ ලෙස භාවිතා කිරීමට හා අනුකරනය කිරීම් සිදුකරයි. ඒ බව ගීත හා චිත්‍රපට කර්මාන්තයෙන් අපට මනාවට සනාථ වේ.

කෙසේ හෝ වේවා හෙලදිවින් සූරාගෙන ගිය උරුමයන් නැවත මේ දෙරණට හිමිකර දීමට දැන් කාලය උදා වී තිබේ. පංචතන්ත්‍රය යනු හෙලදිව ජීවත් වූ පලිකදගේ පුතුනුවන් වූ හරුමස එසේ නැතිනම් විශ්ණු ශර්මන් විසින් රචනා කරන ලද උරුමයකි. කුඩා කාලයෙ අපටන් අප අතර ප්‍රසිද්ධ වූයේ මෙම පංචතන්ත්‍රයේ දැක්වෙන ආදර්ශවත් කතාය. අපේ මුතුන් මිත්තෝ තමන්ගේ දරු මුණුබුරන් එකතු කරගෙන ඔවුන්ව ආදර්ශවත් චරිත කිරීමට උපකාරී කරගත්තේ මේ පංචතන්ත්‍රයයි. එපමනක් නොව යුරෝපයේ මෙන්ම ආරාබිකරයේද ජනප්‍රිය වූයේ මෙම පංචතන්ත්‍රයයි. එසේ වූ අභිමානවත් උරුමයකට හිමිකම් කියන මේ පංචතන්ත්‍රය විදේශයකට පවරා දී එහි කතුවරයා ඉන්දියානුවෙක් කර බලා සිටීමට තරම් ඔබ අමන ජාතියෙකුද?




ඇසුරු කලේ,
  • Luis S.R.Vas, Anita Vas, Secrets of Leadership: Insights from the Pancha Tantra, Pustak Mahal, 2004,
  • Shubha Tiwari, Children and Literature, Atlantic Publishers & Distributors, 2006, 
  •  पंचतंत्र  
  • Inscriptions of Ceylon Volume I (Vessagiri)
  •  හෙලදිව විශේෂිත උදාර පුද්ගලයෝ(03 පරි.) මූකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමි

3 comments:

  1. අපේ සමහර මිනිස්සුන්ට තියෙන්නේ වහල් අදහස් තමා. අනුන්ගේ දේ මංකොල්ල කන එක ඉන්දියාවේ පුරුද්ද.

    ReplyDelete
  2. මේ සෙල් ලිපිය හරි නමුත් පලිකඳ විෂ්ණු ෂර්මන් කියා පවසන්නේ මොන පදනමින්ද ?

    ReplyDelete
  3. මෙම තොරතුරු සත්‍යයැයි ප්‍රකාශකල නොහැක. මන්ද යත් පංචතනුත්‍රයේ යෙදෙන බොහෝ නම් ගම් ප්‍රදේශ නාම ආදිය ඉන්දියානු නම් ගම් වීමත් බොහෝ කතාවල හරය බමුණු ඉගැන්විම් වීමත්ය. නමුත් මෙහි එන බොහොමයක් කතා -ජාතක පොතේ- ඇති කතා බව නම් ඉතා පැහැදිලිය . නමුත් ජාතක පොත මුලින් ලියැවුනාද නැතිනම් පංචතන්ත්‍රය මුලින් ලියැවුනාද කියලා තවම නිශ්චිත නිගමනයක් නම් නෑ.

    ReplyDelete