Tuesday, October 23, 2012

බුද්ධ පරිනිර්වානයෙන් පසු හෙලදිවට උල්කාවක්

බුදුන්වහන්සේ පහල වූ දීපය හා සබැදි විස්තරවලදී ඒ දීපයේ විශාලත්වය පිලිබද තොරතුරු ඇතුලත් වේ. පූජාවලිය වැනි ග්‍රන්ථවලදී එහි විශාලත්වය යොදුන් ගනනින් දක්වා ඇති අතර එම ප්‍රමාණයන් නූතන ලංකා සිතියමට අනුව එකග විය හැකි ඒවා නොවේ. කෙසේ වෙතත් මීට වසර 2500කට පමණ පෙර තිබුනේ වර්ථමාන ලංකා භූමිප්‍රමාණයම යනවග කිව නොහැක්කේ මේ භූමි ප්‍රමාණය විනාශ වීමට නැතිනම් ප්‍රමාණය අඩුවීමට හේතු සාධක වූ ස්භාවික විපත් කීපයක් පිලිබදම තොරතුරු අප ඉතිහාසයේ වාර්ථාවන බැවිනි. මේ කියන්නට යන්නේද එබදු වූ විනාශයක් පිලිබදවය. මේ විනාශය පිලිබද තොරතුරු උපුටා දක්වන්නේ පූජ්‍ය පණ්ඩිත මානෑවේ විමලරතන හිමියන් විසින් රචිත යක්ශගෝත්‍රික භාෂාව සහ රවිශෛවිලාශ වංශ කථාව නම් වූ කෘතියෙනි. මෙහිදී අවධාරණයෙන් කිවයුතු දෙයක් ඇත. එනම් මෙම උපුටා ගැනීමේදී එකග විය හැකි කරුණු මෙන්ම එකග විය නොහැකි කරුණුද පවතී. එසේම හෙල ඉතිහාසයට පටහැනි ඇතැම් භාෂා ශෛලයන්ද ඇතැම් තැන්හීදී විස්තර කරන හෙයින් මධ්‍යස්ථව විමසා බලා ගත යුතු දේ පමණක් ලබාගන්නා ලෙස මතක කරනු කැමතිය. හංසයෙකු දියෙන් කිරි වෙන්කරන්නා සේ සෑම දෙයින්ම අවශ්‍ය දේ පමණක් ලබා ගැනීමට හැකියාවක් ඇති කර ගැනීම ඔබේ වගකීමකි. ඒ මහාසංහාරය පිලිබද කතා පුවත මෙසේ උපුටා දක්වමි.

බුද්ධ කාලයට පෙර හෙලය ප්‍රබලම රාජ්‍යයක් ලෙස පිළිගැනුනේ සන්තානා ගිරි(රිටිගල) පාලන තන්ත්‍රයයි. බුද්ධ කාලය වන විටත් මේ අය ප්‍රබලව සිටි බවට සාධක තිබේ. මොවුන් ග්‍රහලෝක තරණය කිරීමක් ගැන සදහන් නොවූනත්, පිටස්තර ජීවීන් සමග දැඩි සබදතාවයක් ද පවත්වාගෙන ගොස් තිබිණි. මිනිසාද බොහෝවිට පිටස්තර ජීවියෙකු ලෙස මෙහි අවුත් පදිංචි වූවෙකුද යන්න අපගේ අවධානය යොමු විය යුතු කරුණකි.සත්වයන් අතර මිනිස් සත්වයා වෙන්කොට හදුනා ගැනීමේ ලක්ශනයක් ලෙස අප පිළිගෙන ඇත්තේ ඔවුන්ගේ බුද්ධිමත් භාවයයි.මිනිසාගේ තවත් සුවිශේෂී ලක්ශනයක් වන්නේ ඔවුන් අනෙකුත් සත්වයන් පරයා ආක්‍රමණ ශීලීව කටයුතු කරන සහ මිහිතලය කෙරෙහි අනාදරයෙන් කටයුතු කරන සත්වයෙකු බවයි. බුද්ධකාලය වන විට මිනිසා බුද්ධිමය හෙවත් ප්‍රඥාමය පැත්ත උපරිමය අවදිකල වකවානුවක් ලෙස සැලකෙන අතර මිහිතලය කෙරෙහි ද හිතකර භාවයකින් කටයුතු කලේය. මෙය ශතවර්ෂ ගණනාවක්ම අප රටවල් වල ක්‍රියාත්මක විය. මිනිසා බුදු දහම තුලින් ලබාගත් ස්වභාව ධර්මය පිලිබද විදර්ශනාත්මක අවබෝදය මෙයට හේතුවක් විය. හෙලයාගේ පරිසර හිතකාමී ක්‍රියාවලියක් වන වාරි වාපි තාක්ශණය සහ ආරාම රෝපණය සියලු සතුන්ට හිතකරව පැවතුනි. මෑත බාගයක මිනිසා මේ මිහිතලයට එතරම් හිතකරව කටයුතු නොකරයි. ස්වභාව ධර්මය පිලිබද අනවබෝධය නිසා ඔහු මේ ලෝකයට ආගන්තුක සත්වයෙකු ලෙස කටයුතු කරයි.

සූර්යවංශිකයන් ලෙස සැලකෙන යක්ශ ගෝත්‍රිකයන් බුද්ධ පරිනිර්වානයට පසු කලෙක පරිහානියට පත්වූ බවට සාධක තිබේ. විශාල වශයෙන් ජනාවාස වී සිටිය ගිරි දේශය ලලාට දේශය(බොහෝ විට විල්පත්තු මන්නාරම් ප්‍රදේශය) මක්කමාව ආදී ප්‍රදේශ වල යක්ශ ගෝත්‍රිකයන් කිසියම් ඛේදනීය තත්වයකට මුහුණ පා තිබේ. මේ ප්‍රදේශවල තිබුණ ඔවුන් අයත් ප්‍රධාන විද්‍යාස්ථාන මුහුදු බත් වීමෙන් හා මිහිකත විසින් ගිල ගැනීම තුලින් විනාශයට පත්ව ඇත. මේ ස්වභාවික විපතින් ඉතිරි වූ ඇතැම් විද්‍යාස්ථාන බෞද්ධ ආයතන බවට පත් වී තිබේ. තාරකා විද්‍යාවරියක් ලෙස කටයුතු කල කවිලාශපාලි රහත් මෙහෙණිය (රත්නාවලී)  වැඩ විසූ මධ්‍යස්ථානය ඇයට ගෞරවයක් වශයෙන් දු‍ටුගැමුණු රජතුමා විසින් (රත්නමාලි) රුවන්වැලි සෑය ඉදිකරන ලදී. මේ මධ්‍යස්ථාන වල බොහෝ විට,වාලම්පිටා සහ ඉයිරි කෝෂර නම් කිරණ විද්‍යාව ද වෙදකම තරංග ශාස්ත්‍රය පිලිබදව ද ඉගැන්වීම් කර තිබේ. බුද්ධකාලයට පෙර මෙහි ඉගැන්වීම කටයුතු බොහෝ සෙයින් දියුණුවට පැවතුනි. මේ විශ්ව දැනුම ලබාදෙන තෙවිය මන්ඨක නම් මහාචාර්ය, ආචාර්යවරු, වෙස්සගිරිය, ඉසුරුමුණිය වාසස්ථාන කරගෙන විසූහ. වෙනත් ග්‍රහලෝකයන් හා සම්බන්ධකම් පැවැත් වූ මොවුන් ඉහල ධ්‍යානයන් වල ඵල නෙලාගත් අය වූහ. ග්‍රහලෝක වලින් පැමිණෙන ජීවීන් මිහිතලයට පා තැබුවේ ද මෙවැනි ස්ථාන හරහාය. අග්ගඤ්ඤ වැනි සුත්‍ර දේශනාවල සදහන් වන්නේ පිටස්තර ජීවීන්ගෙන් මනුශ්‍ය වර්ගයා ලෝකයේ ව්‍යාප්ත වූ බවයි.

විල්පත්තුව ප්‍රදේශයේ සිට හබරණ දක්වා අඛණ්ඩ ජනාවාසයක සලකුණු අපට හමුවේ. දැනට ශේෂ වී ඇති නටඹුන් වලින් පෙන්නුම් කරන්නේ ප්‍රාග් එතිහාසික යුගයේ සිට මෙරට දියුණු සංස්කෘතියකට නෑකම් කියන බවයි. බුද්ධ කාලයේ ද මේ ජනාවාස එලෙසම තිබුණ බවට වරක් බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කිරීම පිලිබද සනි‍ටුහන් කරන විෂකුම්භණ සූත්‍රයෙන් තහවුරු කරයි. බුද්ධ පරිනිර්වානයෙන් ඉතාමත් සුලු කලකට පසුව ඇති වූ අතිශය භයංකාර ස්වභාවික විපත්තියක් හේතුවෙන් මේ ජනාවාස විනාශයට පත් වී තිබේ. දැනට ශේෂ වී ඇති නටඹුන් වලින් තහවුරු වන්නේ මෙය ලෝකයේ මෙතෙක් සිදුනොවූ ස්වභාවික විපත්තියක් බවයි. කේවේසස්ථාන වංශිකයන්ට අයත් මුහුදු බඩ ජනාවාස ද රවිශෛලාශ වංශිකයන්ට අයත් ජනාවාසද මෙයින් විනාශයට පත්විය. කේවේසස්ථාන නගරයේ තිබුණු (යාපනය, කන්කසන්තුරේ) ගලිස්ස නම් කාන්තාර ප්‍රදේශ කරා සකස් කර ඇති ඉතාමත් වටිනා ජල මාර්ග මෙයින් විනාශ වී ගොස් ඇත.කන්කසන්තුරේ පොලව යටින් සකස් කර තිබුණ මේ ජලමාර්ගවල වැලි තට්‍ටු සිරවීම නිසා ඇතැම් තැන්වලින් කැඩී බිදී ගිය බැවින් පොළව මතුපිටට කාන්දු වෙමින් පවතී. යාපනයේ කදුරුගොඩ පතුල නොපෙනෙන ලිද මෙයට නිදර්ශනයයි. කිසියම් ග්‍රහවස්තුවක් මිහිතලයට කඩා වැටීමෙන් ඇති වූ ගිනිජාලාවෙන් බොහෝ ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස සදහටම මුහුදට බිලිවිය. මුහුදට කඩා වැ‍ටුණු ග්‍රහවස්තු කැබැල්ලෙන් මුහුදේ ඇති වූ කැළඹිලි ස්වභාවය නිසා සුනාමි තත්වයක් නැතිනම් මුහුද ගොඩ ගැලීමක් සිදුවිය. මේ ග්‍රහ වස්තුවෙන් උණුසුම් වූ ජලය නිසා සුනාමියට හසුවූ බොහෝ ප්‍රදේශ වල ජීවීන්ට විශාල වශයෙන් හානි සිදුවිය. මෙය අධික වේගයෙන් පොළවට පතිත වීම නිසා අපගේ ධරණී තලයෙන් හයෙන් පහක් පමණ ප්‍රමාණයක් මුහුද විසින් ගිලගෙන තිබේ. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මේ ස්වභාවික විපත්තිය නිසා එක පැත්තක් මහ පොලව දවා හලු කිරීමට තරම් දරුණු වූ අතර තවත් පැත්තකින් මුහුදු ජලය කැළඹී උණුවතුර සහිතව අවුත් එකද ජීවියෙකුවත් ඉතිරි නොවන සේ විනාශ වූ අතර තවත් ජනාවාස සහිතව විශාල භූමිභාගයක් මුහුදට ගොදෞරු වී තිබේ. ගිරි දේශයේ වත්මන් ගල්ගමුව ගිරිබාව වැනි ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් මතුවෙන වැලි තට්‍ටුවලින් මෙය තවදුරටහ් සනාථ කරයි. විල්පත්තු ප්‍රදේශයේ මුහුදු ජලය වඩාත් කැලඹිල්ලට පත්වීමෙන් ගොඩට ඇදී ආ වැලි තට්‍ටුවලින් සහ දියසුළි නිසා විශාල විල්ලු ඇති වී තිබේ. සමහර විල්ලු විශාල වෙන අතර සමහර ඒවා තරමක් කුඩාය. මුහුද ගොඩට නොගැලූ ඇතැම් ප්‍රදේශ පිලව මතුපිට පිලිස්සී ගොස් තිබේ.මේ නිසා පොලවේ අඩි 2-3 ක් පමණපස රත් පැහැ ගැන්වී ඇත. පොලවේ ඇති රත්පැහැය නිසා මේ ප්‍රදේශය තම්බපණ්ණිය,තම්මැන්නාව වී යැයි සමහරු පවසති. විල්පත්තුව ප්‍රදේශයේ තඹවර්ණ පොලවේ සෑදී ඇති ශාක වර්ග බොහෝ දුරට උසින් අඩුය. තරමක් පැරණි යැයි කිව හැකි උසින් අඩි 3-4ක් පමන වැඩුනු පලි,වීර,මා දං වැනි ගස් වර්ග මෙයට නිදර්ශන වේ. උසින් අඩු මේ ශාක ප්‍රජාව විල්පත්තු වනය තුල ඉතාමත් රමණීය අන්දමින් දර්ශනය වේ. වැලි සහිත පොලොවේ වැඩුන සමහර ගස් විශේෂ නිරෝගී බවින් අඩුය. දැවැන්තව සෑදෙන පලු මාදං වැනි ගස් වර්ග අඩි 10-20 අතර උසින් යුක්තය. වැලි රහිත ප්‍රදේශ වල වනාන්තරය වැඩී තිබේ. කේවේසස්ථ නගරයටද  (යාපනය) සුනාමි නිසා තදබල හානි සිදුවිය. සත්නානාගිරිය (රිටිගල) හබරණ වැනි ප්‍රදේශ වලට සුනාමි තත්වයක් ඇති නොවූනත් කඩා වැ‍ටුනු ග්‍රහ වස්තුවේ තද උණුසුම් ගතිය හේතුවෙන් ජීවීන්ට ගහ කොලට විශාල හානි සිදු වී තිබේ.මක්කමාම(කලාඔය මෝයට ආසන්න ප්‍රදේශයකි) ලලාට දේශය යන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මුහුද විසින් ගිලගෙන තිබේ. බුද්ධ කාලයේ උරුවෙල දනව්ව නමින් හැදින්වූ විපත්තු ප්‍රදේශයේ විශාල කොටසක් මුහුදට යට වී ගොසිනි. රාජාංගනය, නිච්චියාගම ආදී ප්‍රදේශවල කලු පස සහිත ස්ථාන අදටත් දැකිය හැකිය. ග්‍රහවස්තුවේ තදබල උෂ්ණත්වය නිසා මේ ප්‍රදේවලද ලැව්ගිනි තත්වයක් ඇති වෙන්නට ඇත. එය හබරණ දක්වා ව්‍යාප්ත වන්නට ඇතැයි විශ්වාස කරමි.                      
   
යක්ශ ගෝත්‍රිකයෝ විශ්වය පිලිබද දැනීමක් ඇතිව සිටි අයවෙති.ඔවුන් විශ්වයත් සමග ඇති කරගත් ගනුදෙනුව මේ ස්වභාවික විපත්තියක් සමග අවසන් විය. මොවුන් විශ්වයට කල අහිතකර බැලපෑමක් හේතුවෙන් ඇති වූ දේව කෝපයක් නිසා මේ ඛේදනීය තත්වයට මුහුණ දෙන්නට සිදුවුණාදැයි විමසා බැලිය යුතු කරුනක් වන්නේය. භාරතීය කතාවක් වන සුරාසුර යුද්ධය මෙන් ප්‍රබන්දයක් ලෙස මෙය ප්‍රතික්ශේප කල නොහැක.

විජය හෙලදිවයිනට පැමිනෙන විට මේ රට හැදින්වූයේ තම්භපණ්ණිය නමිනි. ඒ තඹවර්ණ පොළොවක් මේ භූමියට හිමිව තිබුනු බැවිනි. විජය ගොඩ බැස්ස තොට උරුවෙල හෙවත් විපත්තුවට අයත් බැවින් ඔහු පැමිණෙන විටත් දැවී හලු වී ගිය මේ ප්‍රදේශය මිනිස් වාසයකින් තොර ප්‍රදේශයක් බවට පත් වී තිබුණි. නීලගිරිය,රිටිගල වැනි ප්‍රදේශ වල යක්ශ ගෝත්‍රිකයන්ගේ කුඩා ජනාවාස කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන්නට ඇත. විජයගේ පැමිණීම සිදුවන්නට ඇත්තේ අඩුම තරමින් බුද්ධ පරිනිර්වානයෙන් ශත වර්ෂයකටත් පසුවයි. තම්බපණ්ණී යන නාමය භාවිතා කලේ ලංකාවට අයත් වූ මේ ඛේදවාචකයට පසුවය. බුද්ධ පරිනිර්වානයෙන් පසුව මේ ඛේදවාචකය සිදුවන්නට ඇතැයි විශ්වාස කරමි. තම්බපණ්ණී යන වචනයට මීට වෙනස් වූ අර්ථයක් දිය හැකිය. තඹ,අඹ,දඹ යන වචන වල අර්ථය වන්නේ ජලය යන්නයි. ජලයෙන් වට වූ දූපත යන අර්ථයෙන් තම්බපණ්ණී යන වචනය යෙදුවාද යන්නත් අවධානයට ගැනීම වැදගත්ය. මේ ප්‍රදේශයේ මීට සමාන ග්‍රාමනාම කීපයක්ම භාවිතාවේ යෙදී ඇත. තඹුත්ත එකල ගිරි දිවයිනට අයත් ප්‍රදේශයකි. තඹ+උත්, යනු ජලය උඩට නැගුනු යන අර්ථය දීමටද උත්සහ කර දරයි.තඹ පහල (උත්පාදනය) වූ ස්ථානය යන අර්ථය දීමට ද උත්සහ දරයි. එයින් මේ ඉතිහාස කතාව එහෙම පිටින්ම වැසී යනු ඇත. තඹ වැනි ලෝහ ද්‍රව්‍යයක් හෝ ඊට සමාන ඛනිජ ද්‍රව්‍යයක් ඇති බවට කිසිදු සාධකයක් මේ ප්‍රදේශයෙන් හමු නොවේ.වත්මන් ගිරිබාවට අයත් තඹුත්ත, තම්මැන්නාව යන ප්‍රදේශ ද එකල සුනාමි ඛේදවාචකයකට හසුවූ ප්‍රදේශයි. තඹුත්ත(වර්තමාන ගිරිභාව) ප්‍රදේශයේ අදටත් වැලි සහිත පොලොවක් දැකගත හැකිය.ඊට ආසන්න ග්‍රාමය වන තම්මැන්නාව ප්‍රදේශයේ අඩි 10-15 අතර කැනීම් කිරීමේදී හමුවන්නේ වැලි සහිත නිධියකි. 

විල්පත්තුව ප්‍රදේශයේ සිට හබරණ දක්වා අඛණ්ඩ ජනාවාසයක සලකුණු අපට හමුවේ. දැනට ශේෂ වී ඇති නටඹුන් වලින් පෙන්නුම් කරන්නේ ප්‍රාග් එතිහාසික යුගයේ සිට මෙරට දියුණු සංස්කෘතියකට නෑකම් කියන බවයි. බුද්ධ කාලයේ ද මේ ජනාවාස එලෙසම තිබුණ බවට වරක් බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කිරීම පිලිබද සනි‍ටුහන් කරන විෂකුම්භණ සූත්‍රයෙන් තහවුරු කරයි. බුද්ධ පරිනිර්වානයෙන් ඉතාමත් සුලු කලකට පසුව ඇති වූ අතිශය භයංකාර ස්වභාවික විපත්තියක් හේතුවෙන් මේ ජනාවාස විනාශයට පත් වී තිබේ. දැනට ශේෂ වී ඇති නටඹුන් වලින් තහවුරු වන්නේ මෙය ලෝකයේ මෙතෙක් සිදුනොවූ ස්වභාවික විපත්තියක් බවයි. කේවේසස්ථාන වංශිකයන්ට අයත් මුහුදු බඩ ජනාවාස ද රවිශෛලාශ වංශිකයන්ට අයත් ජනාවාසද මෙයින් විනාශයට පත්විය. කේවේසස්ථාන නගරයේ තිබුණු (යාපනය, කන්කසන්තුරේ) ගලිස්ස නම් කාන්තාර ප්‍රදේශ කරා සකස් කර ඇති ඉතාමත් වටිනා ජල මාර්ග මෙයින් විනාශ වී ගොස් ඇත.කන්කසන්තුරේ පොලව යටින් සකස් කර තිබුණ මේ ජලමාර්ගවල වැලි තට්‍ටු සිරවීම නිසා ඇතැම් තැන්වලින් කැඩී බිදී ගිය බැවින් පොළව මතුපිටට කාන්දු වෙමින් පවතී. යාපනයේ කදුරුගොඩ පතුල නොපෙනෙන ලිද මෙයට නිදර්ශනයයි. කිසියම් ග්‍රහවස්තුවක් මිහිතලයට කඩා වැටීමෙන් ඇති වූ ගිනිජාලාවෙන් බොහෝ ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස සදහටම මුහුදට බිලිවිය. මුහුදට කඩා වැ‍ටුණු ග්‍රහවස්තු කැබැල්ලෙන් මුහුදේ ඇති වූ කැළඹිලි ස්වභාවය නිසා සුනාමි තත්වයක් නැතිනම් මුහුද ගොඩ ගැලීමක් සිදුවිය. මේ ග්‍රහ වස්තුවෙන් උණුසුම් වූ ජලය නිසා සුනාමියට හසුවූ බොහෝ ප්‍රදේශ වල ජීවීන්ට විශාල වශයෙන් හානි සිදුවිය. මෙය අධික වේගයෙන් පොළවට පතිත වීම නිසා අපගේ ධරණී තලයෙන් හයෙන් පහක් පමණ ප්‍රමාණයක් මුහුද විසින් ගිලගෙන තිබේ. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මේ ස්වභාවික විපත්තිය නිසා එක පැත්තක් මහ පොලව දවා හලු කිරීමට තරම් දරුණු වූ අතර තවත් පැත්තකින් මුහුදු ජලය කැළඹී උණුවතුර සහිතව අවුත් එකද ජීවියෙකුවත් ඉතිරි නොවන සේ විනාශ වූ අතර තවත් ජනාවාස සහිතව විශාල භූමිභාගයක් මුහුදට ගොදෞරු වී තිබේ. ගිරි දේශයේ වත්මන් ගල්ගමුව ගිරිබාව වැනි ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් මතුවෙන වැලි තට්‍ටුවලින් මෙය තවදුරටහ් සනාථ කරයි. විල්පත්තු ප්‍රදේශයේ මුහුදු ජලය වඩාත් කැලඹිල්ලට පත්වීමෙන් ගොඩට ඇදී ආ වැලි තට්‍ටුවලින් සහ දියසුළි නිසා විශාල විල්ලු ඇති වී තිබේ. සමහර විල්ලු විශාල වෙන අතර සමහර ඒවා තරමක් කුඩාය. මුහුද ගොඩට නොගැලූ ඇතැම් ප්‍රදේශ පිලව මතුපිට පිලිස්සී ගොස් තිබේ.මේ නිසා පොලවේ අඩි 2-3 ක් පමණපස රත් පැහැ ගැන්වී ඇත. පොලවේ ඇති රත්පැහැය නිසා මේ ප්‍රදේශය තම්බපණ්ණිය,තම්මැන්නාව වී යැයි සමහරු පවසති. විල්පත්තුව ප්‍රදේශයේ තඹවර්ණ පොලවේ සෑදී ඇති ශාක වර්ග බොහෝ දුරට උසින් අඩුය. තරමක් පැරණි යැයි කිව හැකි උසින් අඩි 3-4ක් පමන වැඩුනු පලි,වීර,මා දං වැනි ගස් වර්ග මෙයට නිදර්ශන වේ. උසින් අඩු මේ ශාක ප්‍රජාව විල්පත්තු වනය තුල ඉතාමත් රමණීය අන්දමින් දර්ශනය වේ. වැලි සහිත පොලොවේ වැඩුන සමහර ගස් විශේෂ නිරෝගී බවින් අඩුය. දැවැන්තව සෑදෙන පලු මාදං වැනි ගස් වර්ග අඩි 10-20 අතර උසින් යුක්තය. වැලි රහිත ප්‍රදේශ වල වනාන්තරය වැඩී තිබේ. කේවේසස්ථ නගරයටද  (යාපනය) සුනාමි නිසා තදබල හානි සිදුවිය. සත්නානාගිරිය (රිටිගල) හබරණ වැනි ප්‍රදේශ වලට සුනාමි තත්වයක් ඇති නොවූනත් කඩා වැ‍ටුනු ග්‍රහ වස්තුවේ තද උණුසුම් ගතිය හේතුවෙන් ජීවීන්ට ගහ කොලට විශාල හානි සිදු වී තිබේ.මක්කමාම(කලාඔය මෝයට ආසන්න ප්‍රදේශයකි) ලලාට දේශය යන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මුහුද විසින් ගිලගෙන තිබේ. බුද්ධ කාලයේ උරුවෙල දනව්ව නමින් හැදින්වූ විපත්තු ප්‍රදේශයේ විශාල කොටසක් මුහුදට යට වී ගොසිනි. රාජාංගනය, නිච්චියාගම ආදී ප්‍රදේශවල කලු පස සහිත ස්ථාන අදටත් දැකිය හැකිය. ග්‍රහවස්තුවේ තදබල උෂ්ණත්වය නිසා මේ ප්‍රදේවලද ලැව්ගිනි තත්වයක් ඇති වෙන්නට ඇත. එය හබරණ දක්වා ව්‍යාප්ත වන්නට ඇතැයි විශ්වාස කරමි.

තම්බපන්නිය යන නාමයෙන් ජම්බුදීපය යන අර්ථයද ලැබේ. ජම්බුදීපය යන වචනය බුද්ධකාලයේ ද භාවිතා වූවකි. භාරත දේශයට වඩා මේ නම අපට සාධාරණ වන්නේ හෙල දිවයින ජලයෙන් වටවූ දීපයක් නිසාය. මේ අදහසින් ගත්විට විජය බුද්ධ පරිනිර්වානයත් සමග(ආර්යාගමනය) මෙරටටපැමිනියේ යැයි යන මතය ද එකග විය හැක. බුද්ධ කාලය වන විට හෙල වැසියා බුද්ධිමත් අතින් ඉහලම තලයක සිටි බැවින් විජයට මෙරට බලය තහවුරු කර ගැනීම එතරම් පහසු වූයේ නැත. බුද්ධ පරිනිර්වානයත් සමම ඔහුගේ ආගමනය සිදු වුණා යැයි යන මතයට එකග විය නොහැක්කේ මේ නිසාය.බුදුන්වහන්සේ වඩාත් සමීප වන්නේ භාරත වැසියාට නොව හෙල වැසියාටය.බුදුන්වහන්සේගේ අගසව් දෙනම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ නම් වල අර්ථය හෙල භාෂාවට වඩාත් සමීප බවක් දක්වයි. සාරි යනු යක්ශ ගෝත්‍රික භාෂාවේ සූර්යාට කියන නමකි. සැරියුත් මහ රහතන් වහන්සේ සූර්ය වංශයට අයත් සෘෂිවරයෙකු නිසා මේ නම පැවිදි වූ පසු භාවිතා කරන්නට ඇත.මුගල හෙවත් මුගලස්ස යනු චන්ද්‍රයාට කියන නමකි.මුගලන් හාමුදුරුවෝ කෙවෙසස්ථාන වංශිකයෙකු නිසා මේ නම භාවිතා කරන්නට ඇත.මගලී හෙවත් මුගල යන වන හෙල බසට වඩාත් සමීපය. මොග්ගලී හෙවත් මගලිය නමින් හැදින්වෙන මෙහෙණින් වහන්සේ නමක් වැඩ සිටි බවට සාධක ගිරිබාව සංඝප්පාලය කන්දෙන් හමුවේ.මේ නම් හෙලවැසියා භාවිතා කල බවට නිදර්ශන්යි. බුදුරජානණ් වහන්සේ වඩාත් සමීප වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුලට බැවින් උන්වහන්සේගේ ජන්මභූමිය මේ රටට අයත් උරුවෙල් දනව්වට (විල්පත්තුවට) සමීප ප්‍රදේශයක විය හැක.එම ස්ථාන සුනාමිය හේතුවෙන් මුහුද විසින් ගිලගෙන ඇත. මුහුදු පත්ල පුරාවට විසිරී ඇති නටබුන් තුලින් එය වඩාත් තහවුරු කරනු ඇත.බුද්ධ කාලයේ ශ්‍රී ලාංකික රජවරු බුදුන්වහන්සේ විසින් හදුන්වා දෙන ලද සක්විති රාජ සංකල්පයට අනුව රට පාලනය කරන්නට ඇත. ගමක් ගමක් පාසා බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදිවෙන්නට ඇත්තේ මේ පාලන සංකල්පය හේතුවෙනි. අශෝක අධිරාජ්‍යා ද මේ සංකල්පය ඔස්සේ භාරත දේශය පුරාවට වෙහෙර විහාරස්ථාන ඉදි කිරීමට කටයුතු කලේය.ග්‍රහ වස්තුව කඩා වැටීමෙන් ඇති වූ පීඩනය නිසා මහ පොලව හැකිලීම හේතුවෙන් මේ මිහිතලයෙන් කොටසක් මුහුදට කඩාගෙන ගිය අතර ගොඩ බිම තිබුනු සමහර ජනාවාස පොලවට ගිලා බැස ඇත. රාජාංගනය යාය 08 ශ්‍රී දක්ෂිණාරාම පුරාණ විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් පමන යටින් ගල්කණු මතු වී තිබේ. මේ කම්පනය කෙතරම් ද කිවහොත් සමහර රටවල් දූපත් බවට පත්වූ අතර විශාල ගොඩ බිම් ද මතුවී තිබේ.මුහුදේ ඇති වූ කැළඹිලි ස්භාවය නිසා ඇති වූ විශාල විල්ලු අදටත් විල්පත්තුව වන උද්‍යානයෙන් දැකගත හැක.සුනාමිය නිසා ඇති වූ සමහර විල්ලු වැව් බවට හරවා තිබේ. විශාල ජලධාරිතාවක් ඇති විටෙක මේ වැව් වල බැමි ස්වබාවයෙන්ම කැඩෙන සුලුය.ඒ වැලි සහිත පිලොවක් මේ ප්‍රදේශයට උරුම වූ බැවිනි.ක්‍රි.පූ.06වන සියවස වන විට මෙරට විශාල වශයෙන් ජනාවාස වී තිබුනේ උතුර,උතුරු මැද,වයඹ වැනි ප්‍රදේශයි.සක්විති රාජ සංකල්පයට අනුව රට පාලනය කල හෙල රජවරු මේ ප්‍රදේශයේ විශාල වශයෙන් බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදි කලහ.අඛණ්ඩ විහාර සංකීර්ණයක නටබුන් අදටත් මේ ප්‍රදේශයෙන් හමුවේ. බුදුන්වහන්සේ හෙලයේ වැඩි කාලයක් වැඩ සිටිය බවට සාධක විල්පත්තුව වනාන්තරයෙන් හමුවේ.මෙහි පාලු ඉලන්දගහ වැව යන ස්ථානයේ ඇති නටඹුන් තුලින්ද එය තහවුරු කරයි.
(උපුටා ගැනීම 2වන පරිච්චෙදය- යක්ශ ගෝත්‍රිකයන්ගේ පාලන බලය බිද වැටීම පි‍ටු45,46,47,48,49,50,51)

මේ දක්වා ඇත්තේ කිසිම අතරමැදි සංස්කරණයකින් තොරවූ උපුටා ගැනීමකි. මේ අනුව බලන කල බුදුන්වහන්සේගේ පරිනිර්වානයෙන් පසු හෙලදිවට අයත් භූමිය හා ඇතැම් ජනාවාස උල්කාවක් හේතුකරගෙන ඇති වූ ව්‍යපර්යාසයක් නිසා විනාශයට පත්වී ඇත. හෙලදිව ඉතිහාසය ගත් කල මෙය පලවෙනි සුනාමිය නොවේ.පූජාවලියේද ජම්බුද්වීපය මුහුදෙන් ගිලී ගිය පුවතක් සදහන් වන බවද මෙහිදී මතක් කල යුතුය. ඉතිහාස තතුවලට අනුව කැලණිතිස්ස රජුගේ දියනිය වූ විහාර මහා දේවියද මුහුදට පාකර හරින්නේ සුනාමියක් හේතු කරගෙනය. ඒ සුනාමිය නිසාද විශාල වශයෙන් ජනාවාස මුහුදට බිලිවූ බව රාජාවලියේ දැක්වේ. විහාර මහා දේවිය, කාවන්තිස්ස රජු වැනි චරිත බුදුන්වහන්සේට සමකාලීනයැයි හදුනා ගෙන ඇති නිසාත් මෙහි දැක්වෙන්නේ බුද්ධ පරිනිර්වානයෙන් පසු සිදුවීමක් නිසාත් ඒ දෙකම එකක් යැයි තර්ක කිරීම මදක් අපහසුය. කෙසේ වෙතත් ඒ සිදුවීම් සලකා බලන විට අද පවතින ලංකා භූමිප්‍රමාණයට වඩා විශාල වූත් වෙනස් වූත් භූමියකට එදා හෙලදිව හිමිකම් කියූ බවනම් ඉතාමත් පැහැදිලිය.

අතීතයේ මුතුන් මිත්තන් භාවිතා කල අද්විතීය වූ තාක්ශණික ක්‍රමවේදයන් පිලිබද ඉතිහාසයේ සදහන් වූවද එය
පරිහානියට පත්වී අතුරුදහන් වීම සැකයට තුඩු දෙන කරුනකි. සම්බුද්ධ පරිනිර්වානයත් සමග මෙරටට කුමක් හෝ විපර්යාසයක් සිදු වී ඇති බවනම් සක්සුදක් සේ පැහැදිලිය. ඒ ව්‍යපර්යාසය මෙසේ සදහන් කරන්නාවූ දෙයක් වීමටද බොහෝ ඉඩ කඩ ඇත. මේ උපුටා ගැනීමේ කරුණු සලකා බැලීමේදී එහි දැක්වෙන භූවිෂමතා ආදි විස්තරයන්ද එයට ගැලපෙන්නකි. කෙසේ නමුත් මෙහි විස්තර වන්නේ යක්ශ බලප්‍රදේශයේ සිදු වූ සිදු වීම් සමුදායක් නිසාත් හෙලදිව නැගෙනහිර ප්‍රදේශයේ විස්තරයන් නොමැති කම නිසාත් තරමක් විමසා බැලිය යුතුව ඇත.

අනිත් කරුනනම් බුදුන්වහන්සේගේ චරිතය යක්ශ බලප්‍රදේයට පමණක් සීමා කිරීමට උත්සහ කර ඇති බවක් උපුටාගැනීමේ දැක්වේ. එසේ සිදු වූයේ කතෘ හිමියන් සතු වූ මූලාශ්‍රයන් සීමා සහිත වීම නිසා විය හැක. ඒ නිසාම සිදුහත් කුමරුගේ ජන්මය විල්පත්තුව ප්‍රදේශයට සීමා කිරීමක් කර ඇති බව පැහැදිලිය.කෙසේ නමුත් ජම්බුදීපය යන අර්ථය හෙලදිවට ගැලපෙන්නක් බවත් බුදු හිමි මෙහි පහල වන්නට ඇති බවත් කතෘ හිමියන් සදහන් කිරීමෙන් සනාථ වන්නේ ඒ සදහා යම් යම් සාධක උන්වහන්සේ දැන සිටින බවයි. දැගසව් දෙනමගේ නාමකරණය ගැන සදහන් කිරීමේදී ඒ සදහා යොදාගත් අර්ථ නිරූපනය කෙසේ වෙතත් බුදුන්වහන්සේ කෝලිත හා උපතිස්ස දෙදෙනාට නම් තැබීමේදී සාරිපුත්ත හා මොග්ගල්ලාන ආදී නාමයන් ‍තෝරාගැනීමේ කතා පුවත හා සමානකමක් තිබේ.

මෙසේ උපුටා ගැනීම සිදු කිරීමට අදහස් කලේ බුද්ධ පරිනිර්වානයෙන් පසු කුමක් නමුදු විශාල සිදුවීම් සමුදායක් සිදු වී ඇති බව ඉතිහාසය අධ්‍යනයේදී හදුනාගැනීමට හැකි නිසාය. එය සමස්ථ ජනවර්ගයාටම බලපෑ එකක් බව පැහැදිලි වන්නේ බුද්ධ කාලයට පෙර හා පසු සමාජයන් සසදා බැලූ විට දක්නට ලැබෙන වෙනස් කම් නිසාවෙනි. එනම් ඒ අතරතුර කාලයෙදී කිසියම් වූ යුග වෙනස් වීමකට ලක් වූවාද යන්න විමසා බැලිය යුතුය.වර්ගපූර්ණිකා නම්  වූ පුස්කොල ග්‍රන්ථ පරිවර්තන මූලාශ්‍ර කරගනිමින් රචනා කරන ලද මානෑවේ හිමිගේ ග්‍රන්ථයෙන් දැක්වූ මෙම උපුටා ගැනීමේ විස්තරය හුදු ප්‍රබන්දයක් යැයි ඉවත් කිරීමේ හැකියාවක්නම් නොමැති බව පැහැදිලිය.

නැවතත් අවධාරණට කරන කරුනනම් මේ කතාවේ මූලික අරමුණ ස්වභාවික ව්‍යසනය පිලිබද දැක්වීමය. ඒ නිසා උපුටා ගැනීමේ දැක්වෙන භාහිර විස්තරයන් තුලින් අදාල දේ පමණක් ‍තෝරා ගැනීම ඔබ සතු වගකීමක් වන්නේමය.

6 comments:

  1. Thanks for the post

    ReplyDelete
  2. ඉතා කරුනු සහිතයි...කරුනාකර් විමර්ශන පොත පත කියන්න පිලිවන්ද..?

    ReplyDelete
  3. යක්ෂ ගෝත්‍රික භාෂාව සහ රවී ශෛලාශ වංශ කතාව, පුජ්‍ය පණ්ඩිත මානැවේ විමලරත්න හිමි

    ReplyDelete
  4. ඔයගොල්ලොන්ට පිස්සුද ?

    ReplyDelete
    Replies
    1. මොකද්ද ප්‍රශ්නේ මැඩම්?

      Delete
    2. ගාෙඩක් කරුණු සහිත වටින ලිපියක් .ප්‍රාථමික මූලාශ්‍ර භාවිත කලානම් ෙහාදයි

      Delete