Saturday, October 20, 2012

මහරජ පනිත

ගෝතම බුදුන්වහන්සේ හා සමකාලීන දඹදිව ගත් කල එකල්හිදී මේ රටේ මනා වූ රාජ්‍ය පාලනයක් තිබූ බවට සාධක එමටය. සමස්ත දීපය කොටස් 5කට බෙදා ඉන් සතරක් රජදරුවන් සතර දෙනෙකු විසින් පාලනය කල අතර දේව හෙලය නම් වූ කොටස නැවත ජනපද 16කට බෙදා වෙන් කරමින් වෙන වෙනම රජදරුවන් විසින් එම ප්‍රදේශ පාලනය කලහ. එසේම සමස්ථ දීපයම භාර මහ රජ කෙනෙකුද එකල්හීදී මෙහි විසූහ. එතුමා නමින් පනිත මහරජු නම් විය. හෙලදිව ඉතිහාසයේදී බොහෝ කෙනෙහිලිකම් වලට මුහුන දීමට සිදු වූ මෙතුමාගේ නම් හෝ සදහන් කිරීමට වංශකතා කරු අපොහොසත් වී ඇත. එපමනක් නොව මහා පුරාවිද්‍යාදරයන් විසින් ශිලා ලේඛන අර්ථ ගැන්වීමේදී එතුමාගේ නාමයද විකුර්ති කර ඇත. මෙසේ වූ අපහාසයන්ට ලක්වූ එමෙන්ම දීපයම භාරව සිටි මේ මහ රජතුමා පිලිබද කෙටි හෝ හැදින්වීමක් කිරීමට සිත්විය.

සැබවින්ම පනිත මහරජතුමාගේ පරපුරක් හෝ එතුමාගේ නාමයක් මහාවංශ ගත ඉතිහාසයේ සදහන් කර නැත. එසේම මහාවංශ මූලාශ්‍ර කර ගනිමින් ලියූ එකදු ග්‍රන්ථයකද මෙතුමාගේ නම සදහන් කර නැත.මෙය වංශකතාකරු විසින් පනිත රජතුමාට කරන ලද බලවත්ම අසාධාරණයයි. බුදුන්වහන්සේට මේ දීපය තහනම් කලාපයක් කිරීමට මහාවංශකරු උත්සහ දැරූ නිසා සැබවින්ම ඔහු පනිත රජු පිලිබද නොසලකා ඇත්තේ හිතාමතාම බව අපට සිතා ගැනීමට සිදුවේ.

වංශකතාකරුට මේ පනිත මහරජු පිලිබද අමතක වී තිබුනද මෙරට වැඩ සිටි ශ්‍රේෂ්ඨ යතිවරයන්වහන්සේ නමක් වූ හික්කඩුවේ සිරි සුමංගල හිමියන් මේ පනිත රජු පිලිබද දැන සිට ඇත. උන්වහන්සේ විසින් 1882 රචනා කරන ලද පාලිභවතරණ කෘතියේ මේ රජු පිලිබද දක්වා ඇත. ඒ මෙසේය.

''බුදුන් ජීවමාන දවස ශෝන තෙරණිය අහසින් රුහුනුරටට සිරිමහ බෝධි ශාකාවක් රැගෙන ගිය අතර  එය ශාක්යවංශික පනිත රජ මහත් හරසරින් පිළිගෙන ශාක්ය වංශික විහාරයේ  රෝපණය කළේය"

එම ශාක්‍ය වංශික විහාරය පිහිටා තිබී ඇත්තේ චන්දනගමය. චන්දනගම ලෙස නම් ලැබී ඇත්තේ සුදු සදුන් වතු තිබූ නිසාය.මේ පනිත රජතුමා ශාක්‍ය වංශිකයකු බව උන්වහන්සේ ප්‍රකාශ කරන අතර බුදුන්වහන්සේ හා සමකාලීනයෙකු බව පෙන්වා දෙයි. සැබවින්ම හෙලදිව ශාක්‍ය වංශිකයන්ගේ ව්‍යාප්තිය හෝ බුදුන්වහන්සේ වැඩ සිටි දේශය පිලිබද උන්වහන්සේලාට ගැටලුවක් තිබූ බවනම් නොපෙනේ. එසේම මහාවංශයේ සදහන් නොවන පනිත රජු පිලිබද සදහන් කිරීමෙන් පැහැදිලිවන්නේ උන්වහන්සේලා මහාවංශේ අනුගාමිකයන් නොවී සිට ඇති බවයි. හික්කඩුවේ සිරි සුමංගල හිමියන් දැන සිටි මේ පනිත මහරජු කාගේ කවුද යනවග ශිලා ලේඛන ඇසුරින් විමසා බැලිය යුතුය.

පනිත රජුගේ පියාණන් ගත් කල ශිලා ලේඛන වල ඔහුගේ නම සදහන් කරන්නේ "වියග" නාමයයි. ඒ සෙල්ලිපිය මෙසේය

"පරුමක වියග පුත පරුමක පණිත ඣය උපලිය ලෙණෙ ශගිකෙ"(*)
 ගරු වියගගේ පුත් ගරු පනිතගේ දේවිය උපුලි ගේ ලෙන සඝසතු  කිරීම

පණිත රජතුමාගේ දේවිය වී ඇත්තේ "අබිඋපලිය" නම් ලත් දේවියක් බව ලේඛන කීපයකින්ම හදුනා ගත හැක.
 

"පණිත මහරඣහ ඣ ඣය අබි උපලිය ලෙණෙ"(*)

ගරු වියගගේ පුත් ගරු පනිතගේ දේවිය උපුලි ගේ ලෙන සඝසතු  කිරීම

මෙතුමියගේ අයක පරුමකවරයා වී ඇත්තේ සුමනය.
"අබිඋපලිය අයක පරුමක ශුමන පුත පරුමක තිශහ ලෙණෙ"(*)

මෙම සුමන යනු අද සුමන සමන් ලෙස දේවත්වයට පත්වූ තැනැත්තාය.එතුමා රජගෙදර හැදී වැඩුනු නිසා මෙම තනතුර හිමිවූ අතර මහරජතුමාගේ භාණ්ඩාගාරික තනතුරුද එතුමාට හිමිවී ඇත. පණිත රජතුමාගේ දේවියට මෙන්ම මහරජතුමාටද අයක පරුමක වරයෙකු සිට ඇත.මෙම ලේඛනය සිතුල්පව්වේ අකුරු ගොඩනැගිල්ලේදී දැකගත හැක.
 

"පණිත මහරඣ අයක පරුමක පුශදෙවහ පොකරණි"(*)
පනිත රජුගේ අයකවරයා  වන  ගරු පුෂදේවගේ පොකුණ.

 සුමනට භාණ්ඩාගාරික තනතුර හිමිවී තිබූ බවට ශිලා ලේඛන මෙසේ සදහන් කරයි.
"මහරඣහ පණිත බඩකරික පරුමක ශුමනහ"(1035)

"මහරඣ පනිත බඩකරික පරුමක ශුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ"(*)

පනිත මහ රජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ ලෙන වැඩි නොවැඩි සංඝයා වහන්සේට  පූජා කිරීම



"පරුමක  ශුමන  කුට  ගොතම  ශමනේ  අගත  අනගත  චතුදිශ  ශගශ"(*)
ගරු සුමන (ගොතම  ශමනේ) ගෝතම බුදුන්ට සහ වැඩි නොවැඩි සංඝයා වහන්සේට සමන් කුටය පූජා කිරීම
 

පනිත රජුගේ දියණියකු පිලිබද සදහන් කල ශිලා ලේකනයක් මෙසේ දැක්විය හැක.
"දිප රඣ ඣිත මහබිය ලෙනෙ ශගශ" 
දීපය භාර රජගේ දියනියවන මහබියගේ ලෙන  සඟසතු කිරීම.

මින් පනිත රජු දීපයම භාරව කටයුතුකල බව සනාථ වන අතර එකලදී මෙරටට දීපය යන නාමය ව්‍යවහාර වූ බවද සනාථ වේ. පනිත රජුගේ දියණිය මහබිය කුමරියයි.එනම් සුමන කුමරුගේ සහෝදරියයි. සුමන සමන් මෙන්ම මහබිය කුමරියද දේවත්වයෙන් ජනයා වැදුම් පිදුම් කරයි.අද එතුමියට "මහ ලොකු අක්කා,මහ ලොකු මෑණියෝ" වැනි ආමන්ත්‍රන ව්‍යවහාර වෙයි.


සුමන සමන් කුමරු හා ගාමිණී අභය කුමරු(දු‍ටුගැමුනු කුමරු) හා සබැදියාවක් පවතී. ශිලා ලේඛන අනුව සුමන කුමරුට පුතුන් දස දෙනෙකු සිට ඇත.ඉන් වැඩිමල් කුමාරායා "දමරජ" නම් විය. දමරජ ගේ පුත්‍රයා මහතිශාය හෙවත් කැලණිතිස්ස රජු වේ. කැළණිතිස්ස රජු යනු දු‍ටුගැමුණු රජුගේ මව් වූ විහාරමහා දේවියගේ පියාණන්ය. මීට අමතරව සුමනයන්ට "චෙම" යනුවෙන් පුතෙකු සිට ඇති අතර මෙම චෙමගේ ලෙනක් කාවන්තිස්ස රජු හා දේවිය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නයට පූජාකර ඇති බවට මෙසේ ලේඛනයක් ඉදිරිපත් කල හැක.
  
"පිත මහ රඣහ බඩකරික  පරුමක  ශුමන පුත පරුමක චෙමශ ලෙනෙ  රඣ තිශහ  රඣියශී නියතෙ අගත  අනගත  බගවත  ශගශ"(#)
පිත(පනිතමහ රජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ පුතා චෙමශ ගේ ලෙන කාවන්තිස්ස තිස්ස රජුගේ දේවිය විසින් බුදුන් ඇතුළු වැඩි නොවැඩි සංඝයා වහන්සේට  පූජා කිරීම
වංශකතාකරු නොයෙක් ප්‍රබන්ධ ගොඩ නගමින් දු‍ටුගැමුණු රාජ චරිතය බුදුන්වහන්සේ හා සමකාලීන වීමෙන් දුරස් කලද ශිලා ලේඛන අනුව එය එසේ නොවන වග මනාවට සනාථ වෙයි.


තමන්ගේ රාජ්‍ය තුල අභ්‍යන්තර ආරවුල් විසදීම මහරජුගේ වගකීම වී තිබී ඇත. එලෙස මත ගැ‍ටුම් ඇති වූ කැලණිය, මයියංගනය වැනි ස්ථානවලට බුදුහිමියන් වැඩි අවස්ථාවලදී එයට මූලික වී ක්‍රියාකර ඇත්තේ සුමනයන්ය. එනම් මහරජතුමාගේ භාණ්ඩාගාරික තුමාය. ඇතැම් අවස්ථාවලදී ඒ සදහා පණිත රජතුමාද සහභාගී වී ඇති බවට අපට සාධක හමුවේ.පනිත මහරජතුමා බුදුහිමිව මයියංගනයට වඩම්මාගෙන ආ ඇල ගොතම ඇලයැයි නම් කල බවට ශිලා ලේඛනයක් දහස්තොට බෙරවාගම ගමේ ගොමති ඇල පහල පිහිටා ඇති බව කැලණි විශ්ව විද්‍යාලය මගින් ඉදිරිපත් කල වාර්ථාවක දක්වා තිබේ.(මේ පිලිබද තවම අධ්‍යනය කර නැත). කෙසේ වෙතත් රටේ ප්‍රාදේශීය පාලකයන් භේද වූ විට එය රටේ රාජ්‍ය පාලනයට බලපාන කරුනකි. එවැනි අවස්ථාවලදී බුදුන්වහන්සේ පැමිණ ඒවා සමතයකට පත් කර ඇත. එනමුදු සම්මත ඉතිහාසය විසින් බුදු හිමිගේ වැඩමවීම ඒ අවස්ථාවන්ට පමණක් සීමාකර ඇති බවද කණගා‍ටුවෙන් කිව යුතුය.කෙසේ වෙතත් ඒ අවස්ථාවලදී රජු නියෝජනය කරනුවස් සුමන පරුමකවරයා පැමිණි බවට බෞද්ධ ඉතිහාසයද සාක්සි සපයයි. 

මෙම දීපය භාර ශාක්‍ය වංශික පනිත රජු යනු ත්‍රිපිටකයේ දැක්වෙන සක්කස්ස දේවානමින්ද යැයි මාගේ පුද්ගලික අදහසයි. එය සාධාරණය කල හැක්කේ සක්කස්ස දේවානමින්ද යනු දෙවියන්ට(සම්මත) අධිපති වූ තැනැත්තාය. එසේම මෙම පනිත රජු යනු සමස්ත දෙවියන්ට(සම්මත) අධිපති වූ තැනැත්තාය. එසේම මේ පනිත රජු ශාක්‍ය වංශික නිසා සක්කස්ස යන නාමයද මෙතුමාට ගැලපෙන්නකි.ඇතැම් විට සක්කස්ස නමින් හැදින්වූයේ සක්විති රජ පරපුරට සම්බන්ධ වූ නිසා විය හැක. ශාක්‍ය වංශයද සක්විතිරජ පරපුරට සම්බන්ද බවද මෙහිදී කිව යුතුය. නමුත් මෙය පුද්ගලික මතයක් නිසා සංවාදයට විවෘතව පවතී.  

කෙසේ නමුදු අපට පනිත නමින් වූ මහරජවරයෙකු සිට ඇත. එනමුදු ඒ පිලිබද අප මෙතෙක් දැන සිට නැත.මහාවංශකරුට අමතක වුනු එනමුදු සුමංගල වැනි යතිවරයන්වහන්සේලා දැන සිටි ඒ පනිත නම් වූ මහ රජතුමාගේ කතාව නැවතත් අපේ රාජාවලියට ගැනීමට මේ කාලයයි.

 


සෙල්ලිපි උපුටා ගැනීම
(*)මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබූ දු‍ටුගැමුණු මහරජාණෝ
(#)අපට අහිමි කල අපේ උරුමය 3

  මුකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමි

2 comments:

  1. අනිත් අයගෙනම් කියන්න දන්නෙ නැහැ. එහෙත් ජයරත්න පතිර ආරච්චිගෙ පසුකාලීනව (මුල් කාලයේ නෙවෙයි ) කියවූ එල්ලිපි උපුටා ගැනීම භයානකයි. හොඳමදේ තමන්ම සෙල්ලිපි කියවීමයි.
    විශේෂයෙන් ඔය පනීත රජු ගැන කියවෙන සෙල්ලිපි තියෙනවද කියල හොයල බලන්න.

    ReplyDelete
    Replies
    1. පනිත රජුගේ සෙල්ලිපි සෙනරත් පරනවිතාරන මහතාත් සොයාගෙන තිබෙනවා. නමුත් ඔහු ඒ සදහා දී ඇත්තේ ප්‍රානහිත වගේ විකුර්ති අර්ථයන්. මේ සෙල්ලිපි උපුටා ගත්තේ මූකලන්ගමුවේ හිමිගේ ග්‍රන්ථවලින්. ඒ හිමියන්ගේ තොරතුරු විශ්වාසවන්ත බව පුද්ගලිකව දන්නවා.

      ජයරත්නපතිරාච්චි මහතා ගැන එබදු ප්‍රකාශයක් කලේ ඇයිද යන්න දැනගනු කැමති.

      Delete