Tuesday, October 23, 2012

බුද්ධ පරිනිර්වානයෙන් පසු හෙලදිවට උල්කාවක්

බුදුන්වහන්සේ පහල වූ දීපය හා සබැදි විස්තරවලදී ඒ දීපයේ විශාලත්වය පිලිබද තොරතුරු ඇතුලත් වේ. පූජාවලිය වැනි ග්‍රන්ථවලදී එහි විශාලත්වය යොදුන් ගනනින් දක්වා ඇති අතර එම ප්‍රමාණයන් නූතන ලංකා සිතියමට අනුව එකග විය හැකි ඒවා නොවේ. කෙසේ වෙතත් මීට වසර 2500කට පමණ පෙර තිබුනේ වර්ථමාන ලංකා භූමිප්‍රමාණයම යනවග කිව නොහැක්කේ මේ භූමි ප්‍රමාණය විනාශ වීමට නැතිනම් ප්‍රමාණය අඩුවීමට හේතු සාධක වූ ස්භාවික විපත් කීපයක් පිලිබදම තොරතුරු අප ඉතිහාසයේ වාර්ථාවන බැවිනි. මේ කියන්නට යන්නේද එබදු වූ විනාශයක් පිලිබදවය. මේ විනාශය පිලිබද තොරතුරු උපුටා දක්වන්නේ පූජ්‍ය පණ්ඩිත මානෑවේ විමලරතන හිමියන් විසින් රචිත යක්ශගෝත්‍රික භාෂාව සහ රවිශෛවිලාශ වංශ කථාව නම් වූ කෘතියෙනි. මෙහිදී අවධාරණයෙන් කිවයුතු දෙයක් ඇත. එනම් මෙම උපුටා ගැනීමේදී එකග විය හැකි කරුණු මෙන්ම එකග විය නොහැකි කරුණුද පවතී. එසේම හෙල ඉතිහාසයට පටහැනි ඇතැම් භාෂා ශෛලයන්ද ඇතැම් තැන්හීදී විස්තර කරන හෙයින් මධ්‍යස්ථව විමසා බලා ගත යුතු දේ පමණක් ලබාගන්නා ලෙස මතක කරනු කැමතිය. හංසයෙකු දියෙන් කිරි වෙන්කරන්නා සේ සෑම දෙයින්ම අවශ්‍ය දේ පමණක් ලබා ගැනීමට හැකියාවක් ඇති කර ගැනීම ඔබේ වගකීමකි. ඒ මහාසංහාරය පිලිබද කතා පුවත මෙසේ උපුටා දක්වමි.

බුද්ධ කාලයට පෙර හෙලය ප්‍රබලම රාජ්‍යයක් ලෙස පිළිගැනුනේ සන්තානා ගිරි(රිටිගල) පාලන තන්ත්‍රයයි. බුද්ධ කාලය වන විටත් මේ අය ප්‍රබලව සිටි බවට සාධක තිබේ. මොවුන් ග්‍රහලෝක තරණය කිරීමක් ගැන සදහන් නොවූනත්, පිටස්තර ජීවීන් සමග දැඩි සබදතාවයක් ද පවත්වාගෙන ගොස් තිබිණි. මිනිසාද බොහෝවිට පිටස්තර ජීවියෙකු ලෙස මෙහි අවුත් පදිංචි වූවෙකුද යන්න අපගේ අවධානය යොමු විය යුතු කරුණකි.සත්වයන් අතර මිනිස් සත්වයා වෙන්කොට හදුනා ගැනීමේ ලක්ශනයක් ලෙස අප පිළිගෙන ඇත්තේ ඔවුන්ගේ බුද්ධිමත් භාවයයි.මිනිසාගේ තවත් සුවිශේෂී ලක්ශනයක් වන්නේ ඔවුන් අනෙකුත් සත්වයන් පරයා ආක්‍රමණ ශීලීව කටයුතු කරන සහ මිහිතලය කෙරෙහි අනාදරයෙන් කටයුතු කරන සත්වයෙකු බවයි. බුද්ධකාලය වන විට මිනිසා බුද්ධිමය හෙවත් ප්‍රඥාමය පැත්ත උපරිමය අවදිකල වකවානුවක් ලෙස සැලකෙන අතර මිහිතලය කෙරෙහි ද හිතකර භාවයකින් කටයුතු කලේය. මෙය ශතවර්ෂ ගණනාවක්ම අප රටවල් වල ක්‍රියාත්මක විය. මිනිසා බුදු දහම තුලින් ලබාගත් ස්වභාව ධර්මය පිලිබද විදර්ශනාත්මක අවබෝදය මෙයට හේතුවක් විය. හෙලයාගේ පරිසර හිතකාමී ක්‍රියාවලියක් වන වාරි වාපි තාක්ශණය සහ ආරාම රෝපණය සියලු සතුන්ට හිතකරව පැවතුනි. මෑත බාගයක මිනිසා මේ මිහිතලයට එතරම් හිතකරව කටයුතු නොකරයි. ස්වභාව ධර්මය පිලිබද අනවබෝධය නිසා ඔහු මේ ලෝකයට ආගන්තුක සත්වයෙකු ලෙස කටයුතු කරයි.

සූර්යවංශිකයන් ලෙස සැලකෙන යක්ශ ගෝත්‍රිකයන් බුද්ධ පරිනිර්වානයට පසු කලෙක පරිහානියට පත්වූ බවට සාධක තිබේ. විශාල වශයෙන් ජනාවාස වී සිටිය ගිරි දේශය ලලාට දේශය(බොහෝ විට විල්පත්තු මන්නාරම් ප්‍රදේශය) මක්කමාව ආදී ප්‍රදේශ වල යක්ශ ගෝත්‍රිකයන් කිසියම් ඛේදනීය තත්වයකට මුහුණ පා තිබේ. මේ ප්‍රදේශවල තිබුණ ඔවුන් අයත් ප්‍රධාන විද්‍යාස්ථාන මුහුදු බත් වීමෙන් හා මිහිකත විසින් ගිල ගැනීම තුලින් විනාශයට පත්ව ඇත. මේ ස්වභාවික විපතින් ඉතිරි වූ ඇතැම් විද්‍යාස්ථාන බෞද්ධ ආයතන බවට පත් වී තිබේ. තාරකා විද්‍යාවරියක් ලෙස කටයුතු කල කවිලාශපාලි රහත් මෙහෙණිය (රත්නාවලී)  වැඩ විසූ මධ්‍යස්ථානය ඇයට ගෞරවයක් වශයෙන් දු‍ටුගැමුණු රජතුමා විසින් (රත්නමාලි) රුවන්වැලි සෑය ඉදිකරන ලදී. මේ මධ්‍යස්ථාන වල බොහෝ විට,වාලම්පිටා සහ ඉයිරි කෝෂර නම් කිරණ විද්‍යාව ද වෙදකම තරංග ශාස්ත්‍රය පිලිබදව ද ඉගැන්වීම් කර තිබේ. බුද්ධකාලයට පෙර මෙහි ඉගැන්වීම කටයුතු බොහෝ සෙයින් දියුණුවට පැවතුනි. මේ විශ්ව දැනුම ලබාදෙන තෙවිය මන්ඨක නම් මහාචාර්ය, ආචාර්යවරු, වෙස්සගිරිය, ඉසුරුමුණිය වාසස්ථාන කරගෙන විසූහ. වෙනත් ග්‍රහලෝකයන් හා සම්බන්ධකම් පැවැත් වූ මොවුන් ඉහල ධ්‍යානයන් වල ඵල නෙලාගත් අය වූහ. ග්‍රහලෝක වලින් පැමිණෙන ජීවීන් මිහිතලයට පා තැබුවේ ද මෙවැනි ස්ථාන හරහාය. අග්ගඤ්ඤ වැනි සුත්‍ර දේශනාවල සදහන් වන්නේ පිටස්තර ජීවීන්ගෙන් මනුශ්‍ය වර්ගයා ලෝකයේ ව්‍යාප්ත වූ බවයි.

විල්පත්තුව ප්‍රදේශයේ සිට හබරණ දක්වා අඛණ්ඩ ජනාවාසයක සලකුණු අපට හමුවේ. දැනට ශේෂ වී ඇති නටඹුන් වලින් පෙන්නුම් කරන්නේ ප්‍රාග් එතිහාසික යුගයේ සිට මෙරට දියුණු සංස්කෘතියකට නෑකම් කියන බවයි. බුද්ධ කාලයේ ද මේ ජනාවාස එලෙසම තිබුණ බවට වරක් බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කිරීම පිලිබද සනි‍ටුහන් කරන විෂකුම්භණ සූත්‍රයෙන් තහවුරු කරයි. බුද්ධ පරිනිර්වානයෙන් ඉතාමත් සුලු කලකට පසුව ඇති වූ අතිශය භයංකාර ස්වභාවික විපත්තියක් හේතුවෙන් මේ ජනාවාස විනාශයට පත් වී තිබේ. දැනට ශේෂ වී ඇති නටඹුන් වලින් තහවුරු වන්නේ මෙය ලෝකයේ මෙතෙක් සිදුනොවූ ස්වභාවික විපත්තියක් බවයි. කේවේසස්ථාන වංශිකයන්ට අයත් මුහුදු බඩ ජනාවාස ද රවිශෛලාශ වංශිකයන්ට අයත් ජනාවාසද මෙයින් විනාශයට පත්විය. කේවේසස්ථාන නගරයේ තිබුණු (යාපනය, කන්කසන්තුරේ) ගලිස්ස නම් කාන්තාර ප්‍රදේශ කරා සකස් කර ඇති ඉතාමත් වටිනා ජල මාර්ග මෙයින් විනාශ වී ගොස් ඇත.කන්කසන්තුරේ පොලව යටින් සකස් කර තිබුණ මේ ජලමාර්ගවල වැලි තට්‍ටු සිරවීම නිසා ඇතැම් තැන්වලින් කැඩී බිදී ගිය බැවින් පොළව මතුපිටට කාන්දු වෙමින් පවතී. යාපනයේ කදුරුගොඩ පතුල නොපෙනෙන ලිද මෙයට නිදර්ශනයයි. කිසියම් ග්‍රහවස්තුවක් මිහිතලයට කඩා වැටීමෙන් ඇති වූ ගිනිජාලාවෙන් බොහෝ ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස සදහටම මුහුදට බිලිවිය. මුහුදට කඩා වැ‍ටුණු ග්‍රහවස්තු කැබැල්ලෙන් මුහුදේ ඇති වූ කැළඹිලි ස්වභාවය නිසා සුනාමි තත්වයක් නැතිනම් මුහුද ගොඩ ගැලීමක් සිදුවිය. මේ ග්‍රහ වස්තුවෙන් උණුසුම් වූ ජලය නිසා සුනාමියට හසුවූ බොහෝ ප්‍රදේශ වල ජීවීන්ට විශාල වශයෙන් හානි සිදුවිය. මෙය අධික වේගයෙන් පොළවට පතිත වීම නිසා අපගේ ධරණී තලයෙන් හයෙන් පහක් පමණ ප්‍රමාණයක් මුහුද විසින් ගිලගෙන තිබේ. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මේ ස්වභාවික විපත්තිය නිසා එක පැත්තක් මහ පොලව දවා හලු කිරීමට තරම් දරුණු වූ අතර තවත් පැත්තකින් මුහුදු ජලය කැළඹී උණුවතුර සහිතව අවුත් එකද ජීවියෙකුවත් ඉතිරි නොවන සේ විනාශ වූ අතර තවත් ජනාවාස සහිතව විශාල භූමිභාගයක් මුහුදට ගොදෞරු වී තිබේ. ගිරි දේශයේ වත්මන් ගල්ගමුව ගිරිබාව වැනි ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් මතුවෙන වැලි තට්‍ටුවලින් මෙය තවදුරටහ් සනාථ කරයි. විල්පත්තු ප්‍රදේශයේ මුහුදු ජලය වඩාත් කැලඹිල්ලට පත්වීමෙන් ගොඩට ඇදී ආ වැලි තට්‍ටුවලින් සහ දියසුළි නිසා විශාල විල්ලු ඇති වී තිබේ. සමහර විල්ලු විශාල වෙන අතර සමහර ඒවා තරමක් කුඩාය. මුහුද ගොඩට නොගැලූ ඇතැම් ප්‍රදේශ පිලව මතුපිට පිලිස්සී ගොස් තිබේ.මේ නිසා පොලවේ අඩි 2-3 ක් පමණපස රත් පැහැ ගැන්වී ඇත. පොලවේ ඇති රත්පැහැය නිසා මේ ප්‍රදේශය තම්බපණ්ණිය,තම්මැන්නාව වී යැයි සමහරු පවසති. විල්පත්තුව ප්‍රදේශයේ තඹවර්ණ පොලවේ සෑදී ඇති ශාක වර්ග බොහෝ දුරට උසින් අඩුය. තරමක් පැරණි යැයි කිව හැකි උසින් අඩි 3-4ක් පමන වැඩුනු පලි,වීර,මා දං වැනි ගස් වර්ග මෙයට නිදර්ශන වේ. උසින් අඩු මේ ශාක ප්‍රජාව විල්පත්තු වනය තුල ඉතාමත් රමණීය අන්දමින් දර්ශනය වේ. වැලි සහිත පොලොවේ වැඩුන සමහර ගස් විශේෂ නිරෝගී බවින් අඩුය. දැවැන්තව සෑදෙන පලු මාදං වැනි ගස් වර්ග අඩි 10-20 අතර උසින් යුක්තය. වැලි රහිත ප්‍රදේශ වල වනාන්තරය වැඩී තිබේ. කේවේසස්ථ නගරයටද  (යාපනය) සුනාමි නිසා තදබල හානි සිදුවිය. සත්නානාගිරිය (රිටිගල) හබරණ වැනි ප්‍රදේශ වලට සුනාමි තත්වයක් ඇති නොවූනත් කඩා වැ‍ටුනු ග්‍රහ වස්තුවේ තද උණුසුම් ගතිය හේතුවෙන් ජීවීන්ට ගහ කොලට විශාල හානි සිදු වී තිබේ.මක්කමාම(කලාඔය මෝයට ආසන්න ප්‍රදේශයකි) ලලාට දේශය යන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මුහුද විසින් ගිලගෙන තිබේ. බුද්ධ කාලයේ උරුවෙල දනව්ව නමින් හැදින්වූ විපත්තු ප්‍රදේශයේ විශාල කොටසක් මුහුදට යට වී ගොසිනි. රාජාංගනය, නිච්චියාගම ආදී ප්‍රදේශවල කලු පස සහිත ස්ථාන අදටත් දැකිය හැකිය. ග්‍රහවස්තුවේ තදබල උෂ්ණත්වය නිසා මේ ප්‍රදේවලද ලැව්ගිනි තත්වයක් ඇති වෙන්නට ඇත. එය හබරණ දක්වා ව්‍යාප්ත වන්නට ඇතැයි විශ්වාස කරමි.                      
   
යක්ශ ගෝත්‍රිකයෝ විශ්වය පිලිබද දැනීමක් ඇතිව සිටි අයවෙති.ඔවුන් විශ්වයත් සමග ඇති කරගත් ගනුදෙනුව මේ ස්වභාවික විපත්තියක් සමග අවසන් විය. මොවුන් විශ්වයට කල අහිතකර බැලපෑමක් හේතුවෙන් ඇති වූ දේව කෝපයක් නිසා මේ ඛේදනීය තත්වයට මුහුණ දෙන්නට සිදුවුණාදැයි විමසා බැලිය යුතු කරුනක් වන්නේය. භාරතීය කතාවක් වන සුරාසුර යුද්ධය මෙන් ප්‍රබන්දයක් ලෙස මෙය ප්‍රතික්ශේප කල නොහැක.

විජය හෙලදිවයිනට පැමිනෙන විට මේ රට හැදින්වූයේ තම්භපණ්ණිය නමිනි. ඒ තඹවර්ණ පොළොවක් මේ භූමියට හිමිව තිබුනු බැවිනි. විජය ගොඩ බැස්ස තොට උරුවෙල හෙවත් විපත්තුවට අයත් බැවින් ඔහු පැමිණෙන විටත් දැවී හලු වී ගිය මේ ප්‍රදේශය මිනිස් වාසයකින් තොර ප්‍රදේශයක් බවට පත් වී තිබුණි. නීලගිරිය,රිටිගල වැනි ප්‍රදේශ වල යක්ශ ගෝත්‍රිකයන්ගේ කුඩා ජනාවාස කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන්නට ඇත. විජයගේ පැමිණීම සිදුවන්නට ඇත්තේ අඩුම තරමින් බුද්ධ පරිනිර්වානයෙන් ශත වර්ෂයකටත් පසුවයි. තම්බපණ්ණී යන නාමය භාවිතා කලේ ලංකාවට අයත් වූ මේ ඛේදවාචකයට පසුවය. බුද්ධ පරිනිර්වානයෙන් පසුව මේ ඛේදවාචකය සිදුවන්නට ඇතැයි විශ්වාස කරමි. තම්බපණ්ණී යන වචනයට මීට වෙනස් වූ අර්ථයක් දිය හැකිය. තඹ,අඹ,දඹ යන වචන වල අර්ථය වන්නේ ජලය යන්නයි. ජලයෙන් වට වූ දූපත යන අර්ථයෙන් තම්බපණ්ණී යන වචනය යෙදුවාද යන්නත් අවධානයට ගැනීම වැදගත්ය. මේ ප්‍රදේශයේ මීට සමාන ග්‍රාමනාම කීපයක්ම භාවිතාවේ යෙදී ඇත. තඹුත්ත එකල ගිරි දිවයිනට අයත් ප්‍රදේශයකි. තඹ+උත්, යනු ජලය උඩට නැගුනු යන අර්ථය දීමටද උත්සහ කර දරයි.තඹ පහල (උත්පාදනය) වූ ස්ථානය යන අර්ථය දීමට ද උත්සහ දරයි. එයින් මේ ඉතිහාස කතාව එහෙම පිටින්ම වැසී යනු ඇත. තඹ වැනි ලෝහ ද්‍රව්‍යයක් හෝ ඊට සමාන ඛනිජ ද්‍රව්‍යයක් ඇති බවට කිසිදු සාධකයක් මේ ප්‍රදේශයෙන් හමු නොවේ.වත්මන් ගිරිබාවට අයත් තඹුත්ත, තම්මැන්නාව යන ප්‍රදේශ ද එකල සුනාමි ඛේදවාචකයකට හසුවූ ප්‍රදේශයි. තඹුත්ත(වර්තමාන ගිරිභාව) ප්‍රදේශයේ අදටත් වැලි සහිත පොලොවක් දැකගත හැකිය.ඊට ආසන්න ග්‍රාමය වන තම්මැන්නාව ප්‍රදේශයේ අඩි 10-15 අතර කැනීම් කිරීමේදී හමුවන්නේ වැලි සහිත නිධියකි. 

විල්පත්තුව ප්‍රදේශයේ සිට හබරණ දක්වා අඛණ්ඩ ජනාවාසයක සලකුණු අපට හමුවේ. දැනට ශේෂ වී ඇති නටඹුන් වලින් පෙන්නුම් කරන්නේ ප්‍රාග් එතිහාසික යුගයේ සිට මෙරට දියුණු සංස්කෘතියකට නෑකම් කියන බවයි. බුද්ධ කාලයේ ද මේ ජනාවාස එලෙසම තිබුණ බවට වරක් බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කිරීම පිලිබද සනි‍ටුහන් කරන විෂකුම්භණ සූත්‍රයෙන් තහවුරු කරයි. බුද්ධ පරිනිර්වානයෙන් ඉතාමත් සුලු කලකට පසුව ඇති වූ අතිශය භයංකාර ස්වභාවික විපත්තියක් හේතුවෙන් මේ ජනාවාස විනාශයට පත් වී තිබේ. දැනට ශේෂ වී ඇති නටඹුන් වලින් තහවුරු වන්නේ මෙය ලෝකයේ මෙතෙක් සිදුනොවූ ස්වභාවික විපත්තියක් බවයි. කේවේසස්ථාන වංශිකයන්ට අයත් මුහුදු බඩ ජනාවාස ද රවිශෛලාශ වංශිකයන්ට අයත් ජනාවාසද මෙයින් විනාශයට පත්විය. කේවේසස්ථාන නගරයේ තිබුණු (යාපනය, කන්කසන්තුරේ) ගලිස්ස නම් කාන්තාර ප්‍රදේශ කරා සකස් කර ඇති ඉතාමත් වටිනා ජල මාර්ග මෙයින් විනාශ වී ගොස් ඇත.කන්කසන්තුරේ පොලව යටින් සකස් කර තිබුණ මේ ජලමාර්ගවල වැලි තට්‍ටු සිරවීම නිසා ඇතැම් තැන්වලින් කැඩී බිදී ගිය බැවින් පොළව මතුපිටට කාන්දු වෙමින් පවතී. යාපනයේ කදුරුගොඩ පතුල නොපෙනෙන ලිද මෙයට නිදර්ශනයයි. කිසියම් ග්‍රහවස්තුවක් මිහිතලයට කඩා වැටීමෙන් ඇති වූ ගිනිජාලාවෙන් බොහෝ ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස සදහටම මුහුදට බිලිවිය. මුහුදට කඩා වැ‍ටුණු ග්‍රහවස්තු කැබැල්ලෙන් මුහුදේ ඇති වූ කැළඹිලි ස්වභාවය නිසා සුනාමි තත්වයක් නැතිනම් මුහුද ගොඩ ගැලීමක් සිදුවිය. මේ ග්‍රහ වස්තුවෙන් උණුසුම් වූ ජලය නිසා සුනාමියට හසුවූ බොහෝ ප්‍රදේශ වල ජීවීන්ට විශාල වශයෙන් හානි සිදුවිය. මෙය අධික වේගයෙන් පොළවට පතිත වීම නිසා අපගේ ධරණී තලයෙන් හයෙන් පහක් පමණ ප්‍රමාණයක් මුහුද විසින් ගිලගෙන තිබේ. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මේ ස්වභාවික විපත්තිය නිසා එක පැත්තක් මහ පොලව දවා හලු කිරීමට තරම් දරුණු වූ අතර තවත් පැත්තකින් මුහුදු ජලය කැළඹී උණුවතුර සහිතව අවුත් එකද ජීවියෙකුවත් ඉතිරි නොවන සේ විනාශ වූ අතර තවත් ජනාවාස සහිතව විශාල භූමිභාගයක් මුහුදට ගොදෞරු වී තිබේ. ගිරි දේශයේ වත්මන් ගල්ගමුව ගිරිබාව වැනි ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් මතුවෙන වැලි තට්‍ටුවලින් මෙය තවදුරටහ් සනාථ කරයි. විල්පත්තු ප්‍රදේශයේ මුහුදු ජලය වඩාත් කැලඹිල්ලට පත්වීමෙන් ගොඩට ඇදී ආ වැලි තට්‍ටුවලින් සහ දියසුළි නිසා විශාල විල්ලු ඇති වී තිබේ. සමහර විල්ලු විශාල වෙන අතර සමහර ඒවා තරමක් කුඩාය. මුහුද ගොඩට නොගැලූ ඇතැම් ප්‍රදේශ පිලව මතුපිට පිලිස්සී ගොස් තිබේ.මේ නිසා පොලවේ අඩි 2-3 ක් පමණපස රත් පැහැ ගැන්වී ඇත. පොලවේ ඇති රත්පැහැය නිසා මේ ප්‍රදේශය තම්බපණ්ණිය,තම්මැන්නාව වී යැයි සමහරු පවසති. විල්පත්තුව ප්‍රදේශයේ තඹවර්ණ පොලවේ සෑදී ඇති ශාක වර්ග බොහෝ දුරට උසින් අඩුය. තරමක් පැරණි යැයි කිව හැකි උසින් අඩි 3-4ක් පමන වැඩුනු පලි,වීර,මා දං වැනි ගස් වර්ග මෙයට නිදර්ශන වේ. උසින් අඩු මේ ශාක ප්‍රජාව විල්පත්තු වනය තුල ඉතාමත් රමණීය අන්දමින් දර්ශනය වේ. වැලි සහිත පොලොවේ වැඩුන සමහර ගස් විශේෂ නිරෝගී බවින් අඩුය. දැවැන්තව සෑදෙන පලු මාදං වැනි ගස් වර්ග අඩි 10-20 අතර උසින් යුක්තය. වැලි රහිත ප්‍රදේශ වල වනාන්තරය වැඩී තිබේ. කේවේසස්ථ නගරයටද  (යාපනය) සුනාමි නිසා තදබල හානි සිදුවිය. සත්නානාගිරිය (රිටිගල) හබරණ වැනි ප්‍රදේශ වලට සුනාමි තත්වයක් ඇති නොවූනත් කඩා වැ‍ටුනු ග්‍රහ වස්තුවේ තද උණුසුම් ගතිය හේතුවෙන් ජීවීන්ට ගහ කොලට විශාල හානි සිදු වී තිබේ.මක්කමාම(කලාඔය මෝයට ආසන්න ප්‍රදේශයකි) ලලාට දේශය යන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මුහුද විසින් ගිලගෙන තිබේ. බුද්ධ කාලයේ උරුවෙල දනව්ව නමින් හැදින්වූ විපත්තු ප්‍රදේශයේ විශාල කොටසක් මුහුදට යට වී ගොසිනි. රාජාංගනය, නිච්චියාගම ආදී ප්‍රදේශවල කලු පස සහිත ස්ථාන අදටත් දැකිය හැකිය. ග්‍රහවස්තුවේ තදබල උෂ්ණත්වය නිසා මේ ප්‍රදේවලද ලැව්ගිනි තත්වයක් ඇති වෙන්නට ඇත. එය හබරණ දක්වා ව්‍යාප්ත වන්නට ඇතැයි විශ්වාස කරමි.

තම්බපන්නිය යන නාමයෙන් ජම්බුදීපය යන අර්ථයද ලැබේ. ජම්බුදීපය යන වචනය බුද්ධකාලයේ ද භාවිතා වූවකි. භාරත දේශයට වඩා මේ නම අපට සාධාරණ වන්නේ හෙල දිවයින ජලයෙන් වටවූ දීපයක් නිසාය. මේ අදහසින් ගත්විට විජය බුද්ධ පරිනිර්වානයත් සමග(ආර්යාගමනය) මෙරටටපැමිනියේ යැයි යන මතය ද එකග විය හැක. බුද්ධ කාලය වන විට හෙල වැසියා බුද්ධිමත් අතින් ඉහලම තලයක සිටි බැවින් විජයට මෙරට බලය තහවුරු කර ගැනීම එතරම් පහසු වූයේ නැත. බුද්ධ පරිනිර්වානයත් සමම ඔහුගේ ආගමනය සිදු වුණා යැයි යන මතයට එකග විය නොහැක්කේ මේ නිසාය.බුදුන්වහන්සේ වඩාත් සමීප වන්නේ භාරත වැසියාට නොව හෙල වැසියාටය.බුදුන්වහන්සේගේ අගසව් දෙනම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ නම් වල අර්ථය හෙල භාෂාවට වඩාත් සමීප බවක් දක්වයි. සාරි යනු යක්ශ ගෝත්‍රික භාෂාවේ සූර්යාට කියන නමකි. සැරියුත් මහ රහතන් වහන්සේ සූර්ය වංශයට අයත් සෘෂිවරයෙකු නිසා මේ නම පැවිදි වූ පසු භාවිතා කරන්නට ඇත.මුගල හෙවත් මුගලස්ස යනු චන්ද්‍රයාට කියන නමකි.මුගලන් හාමුදුරුවෝ කෙවෙසස්ථාන වංශිකයෙකු නිසා මේ නම භාවිතා කරන්නට ඇත.මගලී හෙවත් මුගල යන වන හෙල බසට වඩාත් සමීපය. මොග්ගලී හෙවත් මගලිය නමින් හැදින්වෙන මෙහෙණින් වහන්සේ නමක් වැඩ සිටි බවට සාධක ගිරිබාව සංඝප්පාලය කන්දෙන් හමුවේ.මේ නම් හෙලවැසියා භාවිතා කල බවට නිදර්ශන්යි. බුදුරජානණ් වහන්සේ වඩාත් සමීප වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුලට බැවින් උන්වහන්සේගේ ජන්මභූමිය මේ රටට අයත් උරුවෙල් දනව්වට (විල්පත්තුවට) සමීප ප්‍රදේශයක විය හැක.එම ස්ථාන සුනාමිය හේතුවෙන් මුහුද විසින් ගිලගෙන ඇත. මුහුදු පත්ල පුරාවට විසිරී ඇති නටබුන් තුලින් එය වඩාත් තහවුරු කරනු ඇත.බුද්ධ කාලයේ ශ්‍රී ලාංකික රජවරු බුදුන්වහන්සේ විසින් හදුන්වා දෙන ලද සක්විති රාජ සංකල්පයට අනුව රට පාලනය කරන්නට ඇත. ගමක් ගමක් පාසා බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදිවෙන්නට ඇත්තේ මේ පාලන සංකල්පය හේතුවෙනි. අශෝක අධිරාජ්‍යා ද මේ සංකල්පය ඔස්සේ භාරත දේශය පුරාවට වෙහෙර විහාරස්ථාන ඉදි කිරීමට කටයුතු කලේය.ග්‍රහ වස්තුව කඩා වැටීමෙන් ඇති වූ පීඩනය නිසා මහ පොලව හැකිලීම හේතුවෙන් මේ මිහිතලයෙන් කොටසක් මුහුදට කඩාගෙන ගිය අතර ගොඩ බිම තිබුනු සමහර ජනාවාස පොලවට ගිලා බැස ඇත. රාජාංගනය යාය 08 ශ්‍රී දක්ෂිණාරාම පුරාණ විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් පමන යටින් ගල්කණු මතු වී තිබේ. මේ කම්පනය කෙතරම් ද කිවහොත් සමහර රටවල් දූපත් බවට පත්වූ අතර විශාල ගොඩ බිම් ද මතුවී තිබේ.මුහුදේ ඇති වූ කැළඹිලි ස්භාවය නිසා ඇති වූ විශාල විල්ලු අදටත් විල්පත්තුව වන උද්‍යානයෙන් දැකගත හැක.සුනාමිය නිසා ඇති වූ සමහර විල්ලු වැව් බවට හරවා තිබේ. විශාල ජලධාරිතාවක් ඇති විටෙක මේ වැව් වල බැමි ස්වබාවයෙන්ම කැඩෙන සුලුය.ඒ වැලි සහිත පිලොවක් මේ ප්‍රදේශයට උරුම වූ බැවිනි.ක්‍රි.පූ.06වන සියවස වන විට මෙරට විශාල වශයෙන් ජනාවාස වී තිබුනේ උතුර,උතුරු මැද,වයඹ වැනි ප්‍රදේශයි.සක්විති රාජ සංකල්පයට අනුව රට පාලනය කල හෙල රජවරු මේ ප්‍රදේශයේ විශාල වශයෙන් බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදි කලහ.අඛණ්ඩ විහාර සංකීර්ණයක නටබුන් අදටත් මේ ප්‍රදේශයෙන් හමුවේ. බුදුන්වහන්සේ හෙලයේ වැඩි කාලයක් වැඩ සිටිය බවට සාධක විල්පත්තුව වනාන්තරයෙන් හමුවේ.මෙහි පාලු ඉලන්දගහ වැව යන ස්ථානයේ ඇති නටඹුන් තුලින්ද එය තහවුරු කරයි.
(උපුටා ගැනීම 2වන පරිච්චෙදය- යක්ශ ගෝත්‍රිකයන්ගේ පාලන බලය බිද වැටීම පි‍ටු45,46,47,48,49,50,51)

මේ දක්වා ඇත්තේ කිසිම අතරමැදි සංස්කරණයකින් තොරවූ උපුටා ගැනීමකි. මේ අනුව බලන කල බුදුන්වහන්සේගේ පරිනිර්වානයෙන් පසු හෙලදිවට අයත් භූමිය හා ඇතැම් ජනාවාස උල්කාවක් හේතුකරගෙන ඇති වූ ව්‍යපර්යාසයක් නිසා විනාශයට පත්වී ඇත. හෙලදිව ඉතිහාසය ගත් කල මෙය පලවෙනි සුනාමිය නොවේ.පූජාවලියේද ජම්බුද්වීපය මුහුදෙන් ගිලී ගිය පුවතක් සදහන් වන බවද මෙහිදී මතක් කල යුතුය. ඉතිහාස තතුවලට අනුව කැලණිතිස්ස රජුගේ දියනිය වූ විහාර මහා දේවියද මුහුදට පාකර හරින්නේ සුනාමියක් හේතු කරගෙනය. ඒ සුනාමිය නිසාද විශාල වශයෙන් ජනාවාස මුහුදට බිලිවූ බව රාජාවලියේ දැක්වේ. විහාර මහා දේවිය, කාවන්තිස්ස රජු වැනි චරිත බුදුන්වහන්සේට සමකාලීනයැයි හදුනා ගෙන ඇති නිසාත් මෙහි දැක්වෙන්නේ බුද්ධ පරිනිර්වානයෙන් පසු සිදුවීමක් නිසාත් ඒ දෙකම එකක් යැයි තර්ක කිරීම මදක් අපහසුය. කෙසේ වෙතත් ඒ සිදුවීම් සලකා බලන විට අද පවතින ලංකා භූමිප්‍රමාණයට වඩා විශාල වූත් වෙනස් වූත් භූමියකට එදා හෙලදිව හිමිකම් කියූ බවනම් ඉතාමත් පැහැදිලිය.

අතීතයේ මුතුන් මිත්තන් භාවිතා කල අද්විතීය වූ තාක්ශණික ක්‍රමවේදයන් පිලිබද ඉතිහාසයේ සදහන් වූවද එය
පරිහානියට පත්වී අතුරුදහන් වීම සැකයට තුඩු දෙන කරුනකි. සම්බුද්ධ පරිනිර්වානයත් සමග මෙරටට කුමක් හෝ විපර්යාසයක් සිදු වී ඇති බවනම් සක්සුදක් සේ පැහැදිලිය. ඒ ව්‍යපර්යාසය මෙසේ සදහන් කරන්නාවූ දෙයක් වීමටද බොහෝ ඉඩ කඩ ඇත. මේ උපුටා ගැනීමේ කරුණු සලකා බැලීමේදී එහි දැක්වෙන භූවිෂමතා ආදි විස්තරයන්ද එයට ගැලපෙන්නකි. කෙසේ නමුත් මෙහි විස්තර වන්නේ යක්ශ බලප්‍රදේශයේ සිදු වූ සිදු වීම් සමුදායක් නිසාත් හෙලදිව නැගෙනහිර ප්‍රදේශයේ විස්තරයන් නොමැති කම නිසාත් තරමක් විමසා බැලිය යුතුව ඇත.

අනිත් කරුනනම් බුදුන්වහන්සේගේ චරිතය යක්ශ බලප්‍රදේයට පමණක් සීමා කිරීමට උත්සහ කර ඇති බවක් උපුටාගැනීමේ දැක්වේ. එසේ සිදු වූයේ කතෘ හිමියන් සතු වූ මූලාශ්‍රයන් සීමා සහිත වීම නිසා විය හැක. ඒ නිසාම සිදුහත් කුමරුගේ ජන්මය විල්පත්තුව ප්‍රදේශයට සීමා කිරීමක් කර ඇති බව පැහැදිලිය.කෙසේ නමුත් ජම්බුදීපය යන අර්ථය හෙලදිවට ගැලපෙන්නක් බවත් බුදු හිමි මෙහි පහල වන්නට ඇති බවත් කතෘ හිමියන් සදහන් කිරීමෙන් සනාථ වන්නේ ඒ සදහා යම් යම් සාධක උන්වහන්සේ දැන සිටින බවයි. දැගසව් දෙනමගේ නාමකරණය ගැන සදහන් කිරීමේදී ඒ සදහා යොදාගත් අර්ථ නිරූපනය කෙසේ වෙතත් බුදුන්වහන්සේ කෝලිත හා උපතිස්ස දෙදෙනාට නම් තැබීමේදී සාරිපුත්ත හා මොග්ගල්ලාන ආදී නාමයන් ‍තෝරාගැනීමේ කතා පුවත හා සමානකමක් තිබේ.

මෙසේ උපුටා ගැනීම සිදු කිරීමට අදහස් කලේ බුද්ධ පරිනිර්වානයෙන් පසු කුමක් නමුදු විශාල සිදුවීම් සමුදායක් සිදු වී ඇති බව ඉතිහාසය අධ්‍යනයේදී හදුනාගැනීමට හැකි නිසාය. එය සමස්ථ ජනවර්ගයාටම බලපෑ එකක් බව පැහැදිලි වන්නේ බුද්ධ කාලයට පෙර හා පසු සමාජයන් සසදා බැලූ විට දක්නට ලැබෙන වෙනස් කම් නිසාවෙනි. එනම් ඒ අතරතුර කාලයෙදී කිසියම් වූ යුග වෙනස් වීමකට ලක් වූවාද යන්න විමසා බැලිය යුතුය.වර්ගපූර්ණිකා නම්  වූ පුස්කොල ග්‍රන්ථ පරිවර්තන මූලාශ්‍ර කරගනිමින් රචනා කරන ලද මානෑවේ හිමිගේ ග්‍රන්ථයෙන් දැක්වූ මෙම උපුටා ගැනීමේ විස්තරය හුදු ප්‍රබන්දයක් යැයි ඉවත් කිරීමේ හැකියාවක්නම් නොමැති බව පැහැදිලිය.

නැවතත් අවධාරණට කරන කරුනනම් මේ කතාවේ මූලික අරමුණ ස්වභාවික ව්‍යසනය පිලිබද දැක්වීමය. ඒ නිසා උපුටා ගැනීමේ දැක්වෙන භාහිර විස්තරයන් තුලින් අදාල දේ පමණක් ‍තෝරා ගැනීම ඔබ සතු වගකීමක් වන්නේමය.

Saturday, October 20, 2012

සෙල්ලිපි කියා පෑ බුදුන් දුටු රජ පෙළපත


මේ මහ පොලවේ විසිරී ඇති විසිදහසකට අධික සෙල්ලිපි කියාපාන අපේ ඉතිහාසය මහාවංශයේ ඉතිහාසය නම් නොවේ. මහාවංශය ලියූ ඉන්දියානු මහානාම පුජක විසින් වල දමා ඇති, කුරුටු ගා වනසා ඇති ජීවමාන බුදුන් කල වූ අපේ සැබෑ ඉතිහාසය අපේම මුතුන් මිත්තන් ලියු සෙල්ලිපි අධාරයෙන් අපට යලි ලියා ගැනීමට හැකිවී තිබේ. අපේ ඉතිහාසය ලියා තිබුනේ සිහල අට්ටකතා මහාවංශයේය. එහි දෝෂ තිබෙන බවත් එබැවින් ඒවා නිවැරදී කොට ලිවීම  සදහා  මහාවංශය ලියන්නට යෙදුන බවත් ඉන්දියානු  මහානාම පුජකයාම  මහාවංශය 1 පරිච්චේදය 2,හි  3 ,4 යන ගාථා මගින් පෙන්නා දෙයි. මෙලෙස සිහලට්ඨකතා මහාවංශය විවේචනය කරමින් පාලි ගීත ප්‍රබන්ධයකට (පාලිමහාවංශයකට )  අපේ ඉතිහාසය පෙරලීමකට පාශානදීපවාසී උපතිස්ස හිමියෝ විරුද්ධ වූ බව මහාවංශ ටීකාවේ 32 පිටෙන් පෙන්වාදේ.මෙම විරෝධතාවය හේතුවෙන් පාලිමහාවංශය රචනාකරගෙන යාමේදී අවසානයක් නොදැක ඇන හිටි අයුරු පෙනේ. අපේ රටේ මුතුන් මිත්තන් අපේ පොත්  වල ලියා ඇති අපේ ඉතිහාසය වැරදියි කියන්නට මේ ඉන්දියානු තක්කඩි පුජකයා දන්නේ කොහොමද? අපේ ඉතිහාසය ඉන්දියාවේ භාෂාවකින් ලියන්නට අපේ ඉතිහාසයේ ලොකු වටිනාකමක් මෙන්ම මහානාම පුජකයා තුල කුට උපායක් ද තිබියයුතුය.  අතරමග ඇන හිටින ලද මහාවංශය සම්පුර්ණ කිරීම වස් ඉන්පසුව ලියවුනු මහාවංශ ටිකාවද මහාවංශයේ ගමන් මගම ගෙන තිබේ. හෙළ අටුවා කියවා ඒවා පාලි භාෂාවන් පරිවර්තනය  කල බුද්ධගෝෂ හිමියෝද ඔහුගේ අදහස්ද එකතු කරමින් නම් ගම් වෙනස් කරමින් ලිවීම  නිසා ද අපට අපේ උරුමය, ඉතිහාසය නැතිවිය. එමෙන්ම මහා වංශයේ ඇති රජවරු නාමාවලියක් ලෙස එකට පෙළ ගස්වා ඒ අයගේ කාල නිර්ණය කරදී ලියා ඇත්තේ යටත් විජිත යුගයේ විල්හෙල්ම් ගයිගර් නම් ඉංග්‍රීසි ජාතිකයා විසිනි.

මහාවංශයේ නොමැතිවුවද  බුදුන් කල අපේ මහ රජ පනිතය. පනිත රජගේ අගබිසව අබි උපුලිය. පනිත රජුට මහබිය නමින් දියණියක් සිටි. පනිත රජගේ භාණ්ඩාගාරික සුමනය. සුමන සමන් දෙවියන් ලෙස හදුන්වන්නේ මොහුය. බුදුන් වහන්සේට සමනල කන්දේ සිරි පතුල් පිහිටු වන්නට ආරාධනා කලේ  මේ සුමනය. සුමන සිය පියාගේ වියෝගයෙන් පසු පනිත රජුගේ පුත් තනතුරේ හැදී වැඩේ. මෙම සුමනට පුතුන් දසදෙනෙකු විය.දසභාතික පුතුන් ලෙස නම් කලේ මේ පුතුන්ය. මෙම දසභාතික පුතුන් පිළිබද විස්තර බෝවත්තේගල සෙල්ලිපියෙන් කියවා ගත හැකිය. සුමනගේ මේ පුතුන් ගෝඨාභය රජ විසින් මරා දමා තිබේ. මෙම ඝාතනය ගැන  ධාතු වංශය සාක්ෂි දරනු ලැබේ.  සුමනගේ වැඩිමහල්  පුතා දමය. මෙම දම ගේ පුතා මහතිශ හෙවත් කැළණි තිස්සය. කැළණි තිස්ස ගේ දියණිය  අභිශවෙර හෙවත් විහාරමහා දේවියයි. විහාර මහ දේවිය පසු කාලයේදී මහන වී ඇත. විහාර මහ දේවිය කාවන්තිස්සගේ බිසවය, කාවන්තිස්ස ගොටාභයගේ පුතාය. පනිත මහ රජට මෙන් ගෝඨාභය රජටද නැව් සමාගම් තිබී ඇත, කාවන්තිස්ස සහ විහාර මහ දේවිය ගේ පුතා ගමණි අභය (දුටු ගැමුණු) වේ. දුටුගැමුණු  රජට කතී නමින් ලස්සන බිරිදක් සිට තිබෙනවා. කතී නාග ගෝත්‍රික කාන්තාවකි. දුටුගැමුණු රජ නාග කන්‍යාවක් (නැයින්නක්) හා විවාහ වූවායයි මහාවංශ කතුවරයා ලීවේ මෙයටය. ඇය මිලක පුෂ පරුමකවරයා ගේ  දියණියයි. පරුමකවරුන් ලෙස හැදින්වුයේ වන්සවත් පවුල් වල අයයි. මිලක පුෂ පරුමක වරයා පසුව මිලක තිස්ස නමින් චුල පිණ්ඩපාත තිස්ස හිමියන් යටතේ මහනවිය, මේ මිලක තිස්ස හිමි ගැන  බුද්ධගෝෂ හිමි අටුවාවල  ලීවේ වැදී කුලයක කෙනෙකු ලෙසය. එහෙත් ඔහු නාග ගෝත්‍රික වංශකාර පෙළපතකින් එන අයෙක් බව සෙල්ලිපි වලින් දැක්වේ. චුල පිණ්ඩපාත තිස්ස හිමිද  විහාරමහා දේවියගේ බැණා කෙනෙකි. ගාමිණි අබය රජට අබිතිස්සා නමින් දියනියක් සිටි අතර ඇය විවාහ වී සිට ඇත්තේ පරුමකවරයෙක් වූ දුත සුමන සමගය. දුත සුමන ගාමිණි අබය රජුගේ මිත්ත නම් සෙන්පතියාගේ පුතාය.  මිත්ත සෙන්පතියා විවාහ වී ඇත්තතේ වෙසමුණි රජගේ (උතුරු ප්‍රදේශය භාර රජ )පුතාවූ ශතන හෙවත් අස්වින් ගේ දුවනිය සමගය. මේ අනුව වෙස්සවන රජත් දුටුගැමුණු රජත් නෑදෑයන් වේ.

මෙම පරපුර සෙල්ලිපි වලින් අපි හදුනා ගනිමු.
බුදුන්වහන්සේට සමනල කන්දේ සිරිපතුල් පිහිටුවන්නට සුමන නම් දේව ගෝත්‍රික පරුමකවරයා අරාධනා කරනු ලබන්නේය. එම අවස්ථාවේදී සුමන තම කුටය බුදුන්වහන්සේ ට පුජාකරනලදී. බෑණ සමනල සෙල්ලිපිය එය මෙසේ සනාත කර සිටී.

පරුමක  ශුමන  කුට  ගොතම  ශමනේ  අගත  අනගත  චතුදිශ  ශගශ
(බෑණ සමනල සෙල්ලිපිය).
ගරු සුමන (ගෝතම ශ්‍රමණ ) ගෝතම බුදුන්ට සහ වැඩි නොවැඩි සංඝයා වහන්සේට කුටය පූජා කිරීම

සුමනගේ පියා තිස්ස නම් පරුමක වරයකු බව පහත සෙල්ලිපියෙන් වැටහේ.                                                                                                      
පරුමක නකතික තිශ පුත පරුමක ශුමනහ දනෙ මහ ශුදශනෙ නම ලෙණෙ ශගශ  
(I C, P 73)                                                                    
ගරු තිස්ස ගේ පුත් ගරු සුමන මහ සුදස්සන නම් ලෙන සඟ සතු කරන ලදී.                                                       

සුමන යනු පනිත මහ රජ ගේ භාණ්ඩාගාරික බව පහත සෙල්ලිපි වලින් හදුනා ගත හැකිය.
මහ  රඣ  පනිත  බඩකරික  පරුමක  ශුමන ලෙනෙ  අගත  අනගත  චතුදිශ  ශගශ
(මෙ. බෝ. බ . 48 පිට )                      
පනිත මහ රජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

මහ  රඣ  පනිත  බඩකරික  පරුමක  ශුමනහ ලෙණ                   
(සෙ කි. නො ද ප ක්‍ර 26 පිට )                                                                
පනිත මහ රජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ ලෙන                            

පනිත රජුගේ අග බිසව අබි උපුලිය වන අතර පියා වියග නම්  පරුමකවරයය.
පරුමක  වියග  පුත  පරුමක පනිත  ඣය   උපුලිය  ලෙනෙ  ශගිතේ 
ගරු වියගගේ පුත් ගරු පනිතගේ දේවිය උපුලි ගේ ලෙන සඝසතු  කිරීම

 දීප  රඣ ඣිත  මහබිය  ලෙනෙ  ශගශ .
දීපය භාර රජගේ දියනියවන මහබියගේ ලෙන  සඟසතු කිරීම
(පනිත රජුට මහබිය නමින් දියණියක් සිටි බැවින් පනිත රජ  දීපය භාර  රජබව හෙළිවේ)          

පනිත  මහ  රණශ  අයක  පරුමක  පුශදෙවහ පොකරින
(මෙ. බෝ. බ 49 පිට)  
පනිත රජුගේ අයකවරයා  වන  ගරු පුෂදේවගේ පොකුණ.

පනිත මහ රජුගේ භාණ්ඩාගාරික සුමනගේ දස භාතික  පුතුන් ගැන ලියවුනු සෙල්ලිපි

ශුමන පුත දශ බතකන ඣෙට ශව ඣෙටුහ පුත දමරඣ දමරඣ පුත මහ තිශ අයෙ කරිතෙ ඉහ ලෙණෙ මහශුදශණෙ  ශගශ දිනේ                            
(අ. අ. ක. අ.  උ. 3 පිටුව 10)
සුමනගේ දසභාතිය පුතුන්ගේ වැඩිමලා වන දමරජගේ පුතා වන කැලණිතිස්ස මහා සුදශන ලෙන කර සඝ සතු කරන ලදී.

දමරඣ පුත මහ තිශ අයහ ඣිත අබිශවෙරය අයඅබය  පුත තිශ අයහ  ඣය අබිශවවෙරය දනෙ  ශගශ දිනෙ
(I C 556)
දම රජගේ පුතා කැළණි තිස්සයය.  කැළණි තිස්ස ගේ  දුව විහාරමහා දේවියය.  ගෝථාභය ගේ පුතා කාවන්තිස්සය ය. කාවන්තිස්සය ගේ බිසව විහාරමහා දේවියය. විහාරමහා දේවිය විසින් සඟ සතු  කරන  ලදී  

දමරඣ පුත මහ තිශ අයහ ඣිත අය අබය  පුත අය අබය  පුත තිශ අයහ  ඣය අබිශවවෙරය දනෙ  ශගශ දිනෙ.
(I C 557)
දමරජගේ  පුතා  වන  කැලණිතිස්ස  ගේ  දියණිය  වන, ගොටාභයාගේ  පුතුවන  කාවන්තිස්සගේ  බිසවවන  විහාරමහා  දේවිය විසින්  සඟ   සතු  කරන  ලදී  

පහත ඇති සෙල්ලිපි 2න් සුමනගේ පුතෙක් උත්තර පාලන පව්වේ දණ්ඩනායක වරයා වන නගරවඩ්ඩ  නම් ප්‍රධානියා බව පෙන්වා දෙනු ලැබේ.

පරුමක ශුමන පුත පරුමක භගරහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ
 (බු.හෙ 51 )
ගරු සුමනගේ පුත් ගරු භගර ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

උතුර පොර ගිරිය දැඩි  පරුමක භගර වඩන
(සන්තාන කන්ද) 
උත්තර පාලන පව්වේ දණ්ඩනායක වරයා ගරු භගර

 
සුමන ගේ 3 වන පුතා ගැන පහත විස්තර වේ.
 

පිත මහ රඣහ බඩකරික  පරුමක  ශුමන පුත පරුමක චෙමශ ලෙණෙ රඣතිශහ  රඣයශී නියතෙ අගත අනගත බගවත සගස
(සිතුල්පව්ව සෙල්ලිපිය)I C 621 
පිත (පනිත) මහ රජගේ භාණ්ඩාගාරික වන සුමන ගේ පුතා වන චෙමශ ගේ ලෙන කාවන්තිස්ස රජ සහ ඔහුගේ බිසව බුදුන් සමග වැඩි සංඝයාට දෙන ලදී. 
මෙම සෙල්ලිපියෙන් කාවන්තිස්ස රජ සහ විහාර මහ දේවිය බුදුන් දවස ජීවත් වුනු බව තහවුරු වේ. කාවන්තිස්ස රජ සහ විහාර මහ දේවිය මතු බුදුවන මේතේ බුදුන්ගේ මව සහ පියා ලෙස විවරණ ගෙන තිබේ. එසේ විවරණ ගන්නට නම් මේ අය ගොතම බුදුන්  දවස ජීවත් විය යුතුමය. ඒ අනුව මෙය සතයක් බව සෙල්ලිපි මගින් තහවුරු වේ.
පහත සෙල්ලිපියද කාවන්තිස්ස රජ බුදුන් දුටු බවට තහවුරු කරයි.
 

පරුමක අබය පුත තිශහ නවිකහ ලෙණෙ ගොතම ශමණෙ කරපිතෙ. (අ.අ.අ.උ 3 පිටුව 21)  
ගරු අභයගේ පුත් තිස්ස නාවිකයාගේ ලෙන ගොතම බුදුන්ට කරවන ලදී. 

මෙම සෙල්ලිපියේ කොටා ඇති සලකුණු වලට අනුව ගෝඨාභය රජුගේ නැව් සමාගමට අයත් ලිපියක් බව පෙනේ, කාවන්තිස්ස මුල් යුගයේ සිය පියාගේ නැව් සමාගමේ කටයුතු කර ඇත.
 
 විහාර මහ දේවිය දීඝවාපියෙදී මහන වුන අතර එය මුල්ලුකුළුඩුමලෛ ශිලා ලිපියෙන් තහවුරු කරනු ලැබේ. 

මහතිශ ශවෙර ශමනිය ලෙණෙ ශගශ
(අ.අ.අ.උ 3 පිටුව 21)
කැළණිතිස්සගේ දියනියවන විහාරමහාදේවී තෙරණියගේ ලෙන සඟසතු කරන  ලදී.

මුල්ලුකුළුඩුමලෛ ඇති තව සෙල්ලිපි වලින් බුදුන් කල සිටි ප්‍රසිද්ධ තෙරණියන් වන ශෝන, උත්පලා තෙරණියන්ගේ සෙල්ලිපිද දැක්වේ.

ශෝණ ශමනිය ලෙණෙ ශගශ
ශෝණ තෙරණියගේ ලෙන සඟසතු කරන  ලදී.
(අ.අ.අ.උ 3 පිටුව 21)

උත්පල ශමනිය ලෙණෙ ශගශ  
උත්පලා තෙරණියගේ ලෙන සඟසතු කරන  ලදී.
(අ.අ.අ.උ 3 පිටුව 21)

මුල්ලුකුළුඩුමලෛ ඇති තවත් සෙල්ලිපියක මහ රජ කෙනෙකු බුදුන්ට ලෙනක් පුජා කල තව ලිපියක් මුණ ගසේ.
චොරිකිය මහ රඣහ මහ ලෙණ ගොතම ශමණෙ පතිට පිතෙ.           
(බු හෙ 20)
චොරිකිය මහ රජ ගොතම බුදුන්ට මහ ලෙන කරන ලදී.

ගාමිණී අභය යනු නම් තැබීමේ උත්සවයේදී දුටු ගැමුණු රජට දුන් නාමයයි, දුටුගැමුණු නම මහා වංශ කතුවරයාගේ නිර්මාණයකි.             
ගමිණි  අබයශ ඣය   අබි  කණිය  ලෙණෙ   ශගශ  මනප .  
ගාමිණි අභය (දුටුගැමුණු) ගේ බිසව අබි  කණිය ගේ ලෙන සග සතු කිරීම

මහ රඣහ ගාමණී අබයහ දෙවනපියශ රමණි බරිය මිලක තිශ විහරෙ  කරිතෙ කතිය
(අ.අ.අ.උ 3 පිටුව 18)
ගාමිණි අභය (දුටුගැමුණු) මහ රජගේ ලස්සන බිරිද කතී  විසින් මිලක තිස්ස වෙහෙර කරවන ලදී.  

මෙම වෙහෙර කතී කර ඇත්තේ සිය පියා මිලක පුෂ (මිලක තිස්ස) වෙනු වෙනි. ගාමිණි අභය රජතුමා දෙවන පිය නමින් ගෞරව නාමයක් ගත් බව මෙයින් පෙනේ.

පරුමක නගපුත පරුමක මිලක පුශහ ලෙණෙ ශගශ                  
(අ.අ.අ.උ 3 පිටුව 18)
ගරු නාග ගේ පුත් ගරු මිලක පුස්සගේ ලෙන සග සතු කිරීම                                                                                                          
මෙයින් පෙනෙන්නේ  ඉන්දියානු බුද්ධ ගෝෂ හිමි කියන පරිදි මිලක තිස්ස හාමුදුරුවෝ පැවත එන්නේ වැදිකුලයකින් නොව නාග ගෝත්‍රික වංශකාර පවුලකින් බවය.

උපරඣ පුත රඣතිශ පුත ගමිණී අබය පුත දෙවන පිය මහරඣහ මනප දශන ලෙණෙ
(දුටුගැමුණු රජතුමා 36 පිට)
උපරජුගේ පුත්(ගෝඨාබයගේ) තිස්සගේ පුත් දෙවනපිය ගාමිණි අභය රජ (දුටුගැමුණු)ගේ  මනප දශන නම් ලෙන  

දෙවන පිය මහරඣ ගමිණී අබය පුත ලොනපි අය ශිවශ ලෙණෙ ශගශ
(මිහින්තලය, බිබිලේ, රදලියද්ද ) (අ.අ.අ.උ 3 පිටුව 21)
ගාමිණි අභය රජ (දුටුගැමුණු)ගේ  පුත් ලොනපි අය ශිවශ ලෙන සඟසතු කරන  ලදී

දෙවන පිය මහරඣ ගමිණී අබයශ පුත තිශයශ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ
(මෙ බෝ බ. පිටුව 76)
ගාමිණි අභය රජ (දුටුගැමුණු)ගේ  පුත් තිස්ස ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

දෙවන පිය මහරඣ ගමිණී අබය ඣිත පරුමක දුත ශුමන ඣය අබිතිශය ලඣක ලෙණෙ
 (අම්පාර පියන්ගල ) (අ.අ.අ.උ 3 පිටුව 21)
ගාමිණි අභය රජ (දුටුගැමුණු)ගේ  දියණිය වන, දුත සුමනගේ බිරිදද වන අබිතිස්සා ගේ ලෙන.
 

දුටුගැමුණුගේ බෑනා ගේ පියා මිත්ත බවත් මිත්ත දුටුගැමුණු රජගේ සෙන්පතියකු බවත් පහත සෙල්ලිපි 2න් දැක්වේ.
පරුමක මිත පුත පරුමක දුත ශුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ පිතටපිතෙ
(අ.අ.අ.උ 3 පිටුව 21)
ගරු මිත්ත ගේ පුත ගරු දුත සුමන ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම 

ශෙනපති පරුමක මිතශ මහ ලෙණෙ දෙවනපිය රඣ අබයහශ  
(අ.අ.අ.උ 3 පිටුව 21)
අභය රජ (දුටුගැමුණු) ගේසෙන්පති වන මිත්ත ගේ මහ ලෙණෙ 

පරුමක ශතනශත  ඣිත පරුමක මිත ඣය පරුමකලු පුශය ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ  
(සන්තාන කන්ද, බෙරවගම)                      
ගරු ශතන හෙවත් අස්වින් ගේ දියණිය වන ගරු මිත්තගේ බිරිද වන ගරු පුස්සා විසින් ලෙන වැඩි නොවැඩි සතර දිසා සංඝරත්නයට කරවන ලදී
මේ අනුව මිත්ත (දුටුගැමුණු ගේ බැණා ගේ තාත්තා)  විවාහ වී  ඇත්තේ ශතන හෙවත් අස්වින්  ගේ දියණියක  සමගය .දුටුගැමුණු රජ ගැන ලියවුනු සෙල්ලිපි රට පුරා විසිරී තිබුනත් ඔහු එළාර සමග  යුද්ධයක් කල බව කිසිම සෙල්ලිපියක  සදහන් නොවේ.

ආටානාටි සුත්‍රයේද, මහාසමය සුත්‍රයේද , ධම්මපදපාලියේ ආයුවඩ්ඩන කුමාරයාගේ කතා වස්තුවේද (ධම්මපද විවරණය 225 පිට) වෙස්සවන රජ උතුරට අධිපතියා  ලෙස දැක්වේ. සුමංගල විලාසිනිය හි 231, 701, පිටුවල වෙස්සවන රජ බුදුන්ගේ මිතුරකු මෙන්ම දක්ෂ කථිකයකු බව,බුදුරදුන් හා වැදගත් අවස්තාවලදී ඉතාම කිට්ටුවෙන් සිටි පුද්ගලයෙකු  බවත් දැක්වේ. බුදුන්ට සමීපව සිටිමින් දැනුම වර්ධනය කරමින් මගපල අවබෝධ කරගත් බව සදහන් වේ . මහාචාර්ය පරණවිතාන මහතා  මෙම  වචනය හෙළ බසින් වෙශමණ,  පාලි භාෂාවෙන් වෙස්සවන  ,සංස්කෘත භාෂාවෙන් වෛශ්‍රාවණ ද ලෙස දක්වන බව කියා තිබේ. (I C P 2) හෙළදිව පුරාණයේ උතුරු ප්‍රදේශයේ ප්‍රධාන මධ්‍ය මණ්ඩලය වුයේ අනුරාධපුරයයි.එහි වෙස්සගිරිය, වෙස්සවනය යනුවෙන් ඉපැරිණි නාමයන්ගෙන් යුත් ස්ථාන තිබුණු බවට සාධක හමුවී තිබේ. වෙස්සගිරිය ලෙන් බොහොමයක් වූ පැරණි අයිතිහාසික ස්ථානයක් බව එහි ලෙන් ලිපි වලින් පෙනේ. එම ලෙන් වල වේශමණ රජ ගැන ලියා ඇති සෙල්ලිපි පහතින් දැක්වේ.
 

පරුමක වෙශමණ පුත බරණිය ලෙණෙ දෙවහ ච චතුදිග ශගශ.            
(I C P 2)
ගරු වෙශමණගේ පුත් බරණිය ගේ සහ දේවගේ ලෙන සතර දිග සංඝයාට

පරුමක වෙශමණ පුත පරුමක බරණිය ලෙණෙ  ශගිතෙ          
(සන්තාන කන්ද)      
ගරු වෙශමණගේ පුත් ගරු බරණිය ගේ ලෙණ සඟසතු කරන  ලදී

පරුමක වෙශමණ පුත පරුමක බරණිය ච පරුමක දෙවශ ලෙණෙ  ශගිතෙ
(බරණගල)
ගරු වෙශමණගේ පුත් ගරු බරණිය ගේ සහ දේවගේ ලෙන   සඟසතු කරන  ලදී

පරුමක වෙශමණ පුත පරුමක  බරණි ච පරුමක අරවිද පුත   පරුමක දෙව ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ
(බු හෙ පිටුව 49 )
ගරු වෙශමණගේ පුත් ගරු බරණිය ගේ සහ ගරු අරවිද ගේ පුත් ගරු දේව ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයාට

පරුමක වෙශමණ පුත පරුමක ශතශ ඣිත පරුමකලු පුශය ලෙණෙ ශගිතෙ
(බු හෙ පිටුව 52 )
ගරු වෙශමණගේ පුත් ගරු සාතාගිරි ගේ දියනිය වන පුශයගේ ලෙන සගසතු කිරීම.
මිත්ත (දුටුගැමුණු ගේ බැණා ගේ තාත්තා)  විවාහ වී  ඇත්තේ ශතන හෙවත් අස්වින්  ගේ දියණියක  සමගය නිසාත් සාතාගිරි සහ නශත දෙදෙනාම වෙස්සවන රජගේ පුතුන් බැවිනුත් වෙස්සවන රජ සහ දුටුගැමුණු රජ ඥාතීන් වේ.
 

පරුමක  කුවිරහ ශිව පුත අබයශ  ලෙණො ශගශ නියතෙ                     
( සන්තාන කන්ද, 21/03/2008 බුදු සරණ  පුවත් පත )
ගරු කුවේර ගේ ශිවගේ පුත් අබය ගේ ලෙන සඟසතු කිරීම.
(වෙස්සවන රජතුමාට කුවේර ලෙසද පවසන බව ආටානාටිය සුත්‍රයේ දැක්වේ.)
මෙහි තිබු බොහොමයක් ලෙන් ඉංග්‍රීසින් විසින් කඩා පාරවල් සැදීමට යොදාගත් අතර දැනට ඇති තත්වයට හෝ බේරා ගෙන ඇත්තේ දොන් මර්තිනුද සිල්වා වික්‍රමසිංහ මහතාය.මෙතුමා නොවන්නට අද අපට වෙස්සගිරියක් ඉතුරුනොවනු ඇත. මෙම ප්‍රදේශයේ  සෙල්ලිපි,  ලෙන් ලිපි බොහොමයක් ඉංග්‍රීසින් නිසා අපට අහිමි වී තිබේ. 
ඉදසල ගුහ ශගශ


ගෞතම බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤ සුත්‍රය දේශනා කළේ මගධයේ,  අම්බසන්ඩා ග්‍රාමයේ  පාචීන රජතුමාගේ රාජගෘහයේ පිහිටි බුදුන් උපන් සල්වනයට යාබදව ඇති ඉන්දසාල ගුහාවේදී ය.එම පචින රජ ගැන ලියවුනු සෙල්ලිපි ඉන්දසාල ගුහාව අසල දැකිය හැකිය.පචින රජ තුමා නාග ගෝත්‍රිකයකු බව ත්‍රිපිටිකයේ දැක්වේ. පුරාවිද්‍යා  කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් 1970 දී ලියා ඇති  INSCRIPTION OF CEYLON. 1 ග්‍රන්ථයේ  පිටු අංක 103 දී බුදුරදුන් වරක් වැඩ වාසය කළ ඉන්සාල ගුහාව බඹරගල රජමහ විහාරයේ ඇති බව දැක්වේ 

පචින රඣ පුත තිශය ලෙණෙ අගත අනගත චතුදිග ශගශ දිනෙ            
 ( I C 64 )
පචින  රජ ගේ  පුත් තිස්ස ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

පචින රඣ පුත තිශ අයහ බරිය උපශික රකිය ලෙණෙ අගත අනගත චතුදිග ශගශ 
( I C 64 )
පචින  රජ ගේ  පුත් තිස්ස ගේ  බිරිය වන උපාසිකා රකිය ගේ ලෙන වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

පචින රහ...............

පචින රබමණ කොඣිය උපාසිකා දිතය ලෙනෙ (හෙ. බු උ.අ 8)
 නාග පචින  රජ ගේ  බිරිය වන, කොබමුණාගේ දියණිය වන උපාසිකා දිත්තා ගේ ලෙන
මෙයට අමතරව බුදුන්ට ලෙන් පුජා කල  බමුණු කුලයේ බමුණන්
ගැන සෙල්ලිපි සදහන් වේ. ඉන් කීපයක් මෙසේය.

බමණ කනක තුබෙ ගොතම නම ශමණෙ පතිට පිතෙ                 (බරන්දර සෙල්ලිපිය)
 
(බු.  හෙ. පිට 21) 
කනක බමුණාගේ වෙහෙර ගොතම බුදුන් වෙනුවෙන් කරවන ලදී.
 
බමණ මිශ කුට...............
 
බමණ මිශ කුට ගොතම  ශමණෙ අගත අනාගත චතුදිග  සගශ               
( බු.  හෙ. පිට 21)
මිස්ස බමුණාගේ කුටය ගොතම බුදුන් සහ  වැඩි නොවැඩි සතරදිග සංඝයා වහන්සේට  පූජා කිරීම

ශගශ  බමණ මෙගලි පුත පරුමක මඣම  පුත දතහ ලෙණෙ                    
(බු.  හෙ. පිට 22)
මොග්ගලී බමුණා ගේ පුත් ගරු මඣම ගේ පුත් දත්ත ගේ ලෙන සඟ සතු කිරීම.

 
මේ අනුව මොග්ගලී එනම් මොග්ගල්ලාන බමුණු කුලයද හෙළදිව තිබුණු බව පෙනේ. 

අපට අපේ සැබෑ ඉතිහාසය අහිමි වී ඇත්තේ ඉන්දියානු බුද්ධගෝෂ හාමුදුරුවෝ හෙළ අටුවා බලා ඒවා පරිවර්තනයේදී ඔහුගේ අදහස් එකතු කරමින් නම් ගම් ඉන්දියානු ක්‍රමයට ලියන්නට යාම නිසාත්, මහානාම පුජකවරයා සිංහල අට්ට කතා පොත් බලා පාලි මහවංශයක් ලියු නිසාත්ය. අද අපට ඉතිරිව ඇත්තේ ඉන්දියානුවන්ගේ පරිවර්තන පොත්ය. අපේ හෙළ බසින් ලියා ඇති පොත පත සියල්ලක්ම ගිනි තබාය. එමෙන්ම මහානාම රජුගේ කාලයේ පැමිණි දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙක් වන උර්දුලාන් නීලවෙලදු විසින්  යක්ෂ ගෝත්‍රිකයින්ගේ සන්නස් ගබඩා කර තිබු මුනමුර පුස්තක ලෙනට ගිනි තියන ලදී. මහානාම රජුගේ යක්ෂ ගෝත්‍රික බිසව වූ රත්නපාලී කුමරිය ද්වංග සටනේදී උර්දුලාන් නීලවෙලදු හෙල්ලෙන් ඇන මරා දමනු ලැබුවත් යක්ෂ ගෝත්‍රිකයින්ට ඉතිරි වුයේ ගිනි දැල් අතරින් නඛා ධම්ම හිමියන් බේරා ගත් ග්‍රන්ථ කීපයක් පමණි.
 
මුලාශ්‍ර ග්‍රන්ථ
මුකලන්ගමුවේ ප
ඤ්ඤනන්ද  හිමිපාණන්ගේ අපට අහිමිකළ  අපේ උරුමය 3 , 
බුද්ධෝත්පත්තිය  හෙලබිමයි, 
හෙළ බුදු උරුමය අහිමි තැන්
 (ලිපිය පෙලගැස්ම සුභාෂිනී කුමාරි)
                                                                                                                

මහරජ පනිත

ගෝතම බුදුන්වහන්සේ හා සමකාලීන දඹදිව ගත් කල එකල්හිදී මේ රටේ මනා වූ රාජ්‍ය පාලනයක් තිබූ බවට සාධක එමටය. සමස්ත දීපය කොටස් 5කට බෙදා ඉන් සතරක් රජදරුවන් සතර දෙනෙකු විසින් පාලනය කල අතර දේව හෙලය නම් වූ කොටස නැවත ජනපද 16කට බෙදා වෙන් කරමින් වෙන වෙනම රජදරුවන් විසින් එම ප්‍රදේශ පාලනය කලහ. එසේම සමස්ථ දීපයම භාර මහ රජ කෙනෙකුද එකල්හීදී මෙහි විසූහ. එතුමා නමින් පනිත මහරජු නම් විය. හෙලදිව ඉතිහාසයේදී බොහෝ කෙනෙහිලිකම් වලට මුහුන දීමට සිදු වූ මෙතුමාගේ නම් හෝ සදහන් කිරීමට වංශකතා කරු අපොහොසත් වී ඇත. එපමනක් නොව මහා පුරාවිද්‍යාදරයන් විසින් ශිලා ලේඛන අර්ථ ගැන්වීමේදී එතුමාගේ නාමයද විකුර්ති කර ඇත. මෙසේ වූ අපහාසයන්ට ලක්වූ එමෙන්ම දීපයම භාරව සිටි මේ මහ රජතුමා පිලිබද කෙටි හෝ හැදින්වීමක් කිරීමට සිත්විය.

සැබවින්ම පනිත මහරජතුමාගේ පරපුරක් හෝ එතුමාගේ නාමයක් මහාවංශ ගත ඉතිහාසයේ සදහන් කර නැත. එසේම මහාවංශ මූලාශ්‍ර කර ගනිමින් ලියූ එකදු ග්‍රන්ථයකද මෙතුමාගේ නම සදහන් කර නැත.මෙය වංශකතාකරු විසින් පනිත රජතුමාට කරන ලද බලවත්ම අසාධාරණයයි. බුදුන්වහන්සේට මේ දීපය තහනම් කලාපයක් කිරීමට මහාවංශකරු උත්සහ දැරූ නිසා සැබවින්ම ඔහු පනිත රජු පිලිබද නොසලකා ඇත්තේ හිතාමතාම බව අපට සිතා ගැනීමට සිදුවේ.

වංශකතාකරුට මේ පනිත මහරජු පිලිබද අමතක වී තිබුනද මෙරට වැඩ සිටි ශ්‍රේෂ්ඨ යතිවරයන්වහන්සේ නමක් වූ හික්කඩුවේ සිරි සුමංගල හිමියන් මේ පනිත රජු පිලිබද දැන සිට ඇත. උන්වහන්සේ විසින් 1882 රචනා කරන ලද පාලිභවතරණ කෘතියේ මේ රජු පිලිබද දක්වා ඇත. ඒ මෙසේය.

''බුදුන් ජීවමාන දවස ශෝන තෙරණිය අහසින් රුහුනුරටට සිරිමහ බෝධි ශාකාවක් රැගෙන ගිය අතර  එය ශාක්යවංශික පනිත රජ මහත් හරසරින් පිළිගෙන ශාක්ය වංශික විහාරයේ  රෝපණය කළේය"

එම ශාක්‍ය වංශික විහාරය පිහිටා තිබී ඇත්තේ චන්දනගමය. චන්දනගම ලෙස නම් ලැබී ඇත්තේ සුදු සදුන් වතු තිබූ නිසාය.මේ පනිත රජතුමා ශාක්‍ය වංශිකයකු බව උන්වහන්සේ ප්‍රකාශ කරන අතර බුදුන්වහන්සේ හා සමකාලීනයෙකු බව පෙන්වා දෙයි. සැබවින්ම හෙලදිව ශාක්‍ය වංශිකයන්ගේ ව්‍යාප්තිය හෝ බුදුන්වහන්සේ වැඩ සිටි දේශය පිලිබද උන්වහන්සේලාට ගැටලුවක් තිබූ බවනම් නොපෙනේ. එසේම මහාවංශයේ සදහන් නොවන පනිත රජු පිලිබද සදහන් කිරීමෙන් පැහැදිලිවන්නේ උන්වහන්සේලා මහාවංශේ අනුගාමිකයන් නොවී සිට ඇති බවයි. හික්කඩුවේ සිරි සුමංගල හිමියන් දැන සිටි මේ පනිත මහරජු කාගේ කවුද යනවග ශිලා ලේඛන ඇසුරින් විමසා බැලිය යුතුය.

පනිත රජුගේ පියාණන් ගත් කල ශිලා ලේඛන වල ඔහුගේ නම සදහන් කරන්නේ "වියග" නාමයයි. ඒ සෙල්ලිපිය මෙසේය

"පරුමක වියග පුත පරුමක පණිත ඣය උපලිය ලෙණෙ ශගිකෙ"(*)
 ගරු වියගගේ පුත් ගරු පනිතගේ දේවිය උපුලි ගේ ලෙන සඝසතු  කිරීම

පණිත රජතුමාගේ දේවිය වී ඇත්තේ "අබිඋපලිය" නම් ලත් දේවියක් බව ලේඛන කීපයකින්ම හදුනා ගත හැක.
 

"පණිත මහරඣහ ඣ ඣය අබි උපලිය ලෙණෙ"(*)

ගරු වියගගේ පුත් ගරු පනිතගේ දේවිය උපුලි ගේ ලෙන සඝසතු  කිරීම

මෙතුමියගේ අයක පරුමකවරයා වී ඇත්තේ සුමනය.
"අබිඋපලිය අයක පරුමක ශුමන පුත පරුමක තිශහ ලෙණෙ"(*)

මෙම සුමන යනු අද සුමන සමන් ලෙස දේවත්වයට පත්වූ තැනැත්තාය.එතුමා රජගෙදර හැදී වැඩුනු නිසා මෙම තනතුර හිමිවූ අතර මහරජතුමාගේ භාණ්ඩාගාරික තනතුරුද එතුමාට හිමිවී ඇත. පණිත රජතුමාගේ දේවියට මෙන්ම මහරජතුමාටද අයක පරුමක වරයෙකු සිට ඇත.මෙම ලේඛනය සිතුල්පව්වේ අකුරු ගොඩනැගිල්ලේදී දැකගත හැක.
 

"පණිත මහරඣ අයක පරුමක පුශදෙවහ පොකරණි"(*)
පනිත රජුගේ අයකවරයා  වන  ගරු පුෂදේවගේ පොකුණ.

 සුමනට භාණ්ඩාගාරික තනතුර හිමිවී තිබූ බවට ශිලා ලේඛන මෙසේ සදහන් කරයි.
"මහරඣහ පණිත බඩකරික පරුමක ශුමනහ"(1035)

"මහරඣ පනිත බඩකරික පරුමක ශුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ"(*)

පනිත මහ රජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ ලෙන වැඩි නොවැඩි සංඝයා වහන්සේට  පූජා කිරීම



"පරුමක  ශුමන  කුට  ගොතම  ශමනේ  අගත  අනගත  චතුදිශ  ශගශ"(*)
ගරු සුමන (ගොතම  ශමනේ) ගෝතම බුදුන්ට සහ වැඩි නොවැඩි සංඝයා වහන්සේට සමන් කුටය පූජා කිරීම
 

පනිත රජුගේ දියණියකු පිලිබද සදහන් කල ශිලා ලේකනයක් මෙසේ දැක්විය හැක.
"දිප රඣ ඣිත මහබිය ලෙනෙ ශගශ" 
දීපය භාර රජගේ දියනියවන මහබියගේ ලෙන  සඟසතු කිරීම.

මින් පනිත රජු දීපයම භාරව කටයුතුකල බව සනාථ වන අතර එකලදී මෙරටට දීපය යන නාමය ව්‍යවහාර වූ බවද සනාථ වේ. පනිත රජුගේ දියණිය මහබිය කුමරියයි.එනම් සුමන කුමරුගේ සහෝදරියයි. සුමන සමන් මෙන්ම මහබිය කුමරියද දේවත්වයෙන් ජනයා වැදුම් පිදුම් කරයි.අද එතුමියට "මහ ලොකු අක්කා,මහ ලොකු මෑණියෝ" වැනි ආමන්ත්‍රන ව්‍යවහාර වෙයි.


සුමන සමන් කුමරු හා ගාමිණී අභය කුමරු(දු‍ටුගැමුනු කුමරු) හා සබැදියාවක් පවතී. ශිලා ලේඛන අනුව සුමන කුමරුට පුතුන් දස දෙනෙකු සිට ඇත.ඉන් වැඩිමල් කුමාරායා "දමරජ" නම් විය. දමරජ ගේ පුත්‍රයා මහතිශාය හෙවත් කැලණිතිස්ස රජු වේ. කැළණිතිස්ස රජු යනු දු‍ටුගැමුණු රජුගේ මව් වූ විහාරමහා දේවියගේ පියාණන්ය. මීට අමතරව සුමනයන්ට "චෙම" යනුවෙන් පුතෙකු සිට ඇති අතර මෙම චෙමගේ ලෙනක් කාවන්තිස්ස රජු හා දේවිය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නයට පූජාකර ඇති බවට මෙසේ ලේඛනයක් ඉදිරිපත් කල හැක.
  
"පිත මහ රඣහ බඩකරික  පරුමක  ශුමන පුත පරුමක චෙමශ ලෙනෙ  රඣ තිශහ  රඣියශී නියතෙ අගත  අනගත  බගවත  ශගශ"(#)
පිත(පනිතමහ රජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ පුතා චෙමශ ගේ ලෙන කාවන්තිස්ස තිස්ස රජුගේ දේවිය විසින් බුදුන් ඇතුළු වැඩි නොවැඩි සංඝයා වහන්සේට  පූජා කිරීම
වංශකතාකරු නොයෙක් ප්‍රබන්ධ ගොඩ නගමින් දු‍ටුගැමුණු රාජ චරිතය බුදුන්වහන්සේ හා සමකාලීන වීමෙන් දුරස් කලද ශිලා ලේඛන අනුව එය එසේ නොවන වග මනාවට සනාථ වෙයි.


තමන්ගේ රාජ්‍ය තුල අභ්‍යන්තර ආරවුල් විසදීම මහරජුගේ වගකීම වී තිබී ඇත. එලෙස මත ගැ‍ටුම් ඇති වූ කැලණිය, මයියංගනය වැනි ස්ථානවලට බුදුහිමියන් වැඩි අවස්ථාවලදී එයට මූලික වී ක්‍රියාකර ඇත්තේ සුමනයන්ය. එනම් මහරජතුමාගේ භාණ්ඩාගාරික තුමාය. ඇතැම් අවස්ථාවලදී ඒ සදහා පණිත රජතුමාද සහභාගී වී ඇති බවට අපට සාධක හමුවේ.පනිත මහරජතුමා බුදුහිමිව මයියංගනයට වඩම්මාගෙන ආ ඇල ගොතම ඇලයැයි නම් කල බවට ශිලා ලේඛනයක් දහස්තොට බෙරවාගම ගමේ ගොමති ඇල පහල පිහිටා ඇති බව කැලණි විශ්ව විද්‍යාලය මගින් ඉදිරිපත් කල වාර්ථාවක දක්වා තිබේ.(මේ පිලිබද තවම අධ්‍යනය කර නැත). කෙසේ වෙතත් රටේ ප්‍රාදේශීය පාලකයන් භේද වූ විට එය රටේ රාජ්‍ය පාලනයට බලපාන කරුනකි. එවැනි අවස්ථාවලදී බුදුන්වහන්සේ පැමිණ ඒවා සමතයකට පත් කර ඇත. එනමුදු සම්මත ඉතිහාසය විසින් බුදු හිමිගේ වැඩමවීම ඒ අවස්ථාවන්ට පමණක් සීමාකර ඇති බවද කණගා‍ටුවෙන් කිව යුතුය.කෙසේ වෙතත් ඒ අවස්ථාවලදී රජු නියෝජනය කරනුවස් සුමන පරුමකවරයා පැමිණි බවට බෞද්ධ ඉතිහාසයද සාක්සි සපයයි. 

මෙම දීපය භාර ශාක්‍ය වංශික පනිත රජු යනු ත්‍රිපිටකයේ දැක්වෙන සක්කස්ස දේවානමින්ද යැයි මාගේ පුද්ගලික අදහසයි. එය සාධාරණය කල හැක්කේ සක්කස්ස දේවානමින්ද යනු දෙවියන්ට(සම්මත) අධිපති වූ තැනැත්තාය. එසේම මෙම පනිත රජු යනු සමස්ත දෙවියන්ට(සම්මත) අධිපති වූ තැනැත්තාය. එසේම මේ පනිත රජු ශාක්‍ය වංශික නිසා සක්කස්ස යන නාමයද මෙතුමාට ගැලපෙන්නකි.ඇතැම් විට සක්කස්ස නමින් හැදින්වූයේ සක්විති රජ පරපුරට සම්බන්ධ වූ නිසා විය හැක. ශාක්‍ය වංශයද සක්විතිරජ පරපුරට සම්බන්ද බවද මෙහිදී කිව යුතුය. නමුත් මෙය පුද්ගලික මතයක් නිසා සංවාදයට විවෘතව පවතී.  

කෙසේ නමුදු අපට පනිත නමින් වූ මහරජවරයෙකු සිට ඇත. එනමුදු ඒ පිලිබද අප මෙතෙක් දැන සිට නැත.මහාවංශකරුට අමතක වුනු එනමුදු සුමංගල වැනි යතිවරයන්වහන්සේලා දැන සිටි ඒ පනිත නම් වූ මහ රජතුමාගේ කතාව නැවතත් අපේ රාජාවලියට ගැනීමට මේ කාලයයි.

 


සෙල්ලිපි උපුටා ගැනීම
(*)මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබූ දු‍ටුගැමුණු මහරජාණෝ
(#)අපට අහිමි කල අපේ උරුමය 3

  මුකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමි