Tuesday, September 25, 2012

ධාතුන්වහන්සේලා වැඩ සිටින පුදබිම

ගෞතම බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා වැඩිම පිරිසක් වැඩ සිටින්නේ මේ හෙලදිව තුලය. සිදුහත් කුමරුගේ කේශ ඡේදනයේ සිට බුදුන්වහන්සේ බිමට තබන සිරිපතුලේ නඛා දාතුන්වහන්සේ(නිය) දක්වා වූ උරුමයකට උරුමකම් කියන එකම රට වන්නේද මේ හෙලදිවයි. බොහෝ දෙනෙකු ඒ පිලිබද නොදැන සිටීම කණගා‍ටුවට කරුනකි. 

බුදුන්වහන්සේගේ ධාතුනවහන්සේලා පිලිබද ගවේශනයේදී ඒ සදහා උපකාර වන ග්‍රන්ථයක් ලෙස ධාතුවංශය හැදින්විය හැක. තවද හෙලදිව පුරා විසිරුනු ශිලා ලිපිද ඒ සදහා අත්වැල සපයයි. බුද්ධ පරිනිර්වානයෙන් පසු මෙන්ම බුදුන්වහන්සේ ජීවමාන කාලයේදීද උන්වහන්සේගේ ධාතුන්වහන්සේලා තැන්පත් කර මෙරට සිටි රජදරුවන් බොහෝ වෙහෙර විහාර ඉදිකර ඇත.

මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන අන්දමට බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා රජදරුවන් අතර බෙදා දීම පැවරුනේ ද්‍රෝණ(ශොණ) බමුණාටය. හේ පරුමක වරයෙකි. මෙම පරුමකවරයා යටතේ විශාල සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබා ඇති අතර ඔහුගේ පුතුන් දෙදෙනෙකුද එම අධ්‍යාපන ඒකකයේ ශිෂ්‍යයන්ව සිට ඇත. මේ පිලිබද තහවුරු කිරීම සදහා අපට කුසිනාරාමය (අද බුදුගල) ආශ්‍රයෙන් ශිලා ලේකනයක් මෙසේ දැක්විය හැක.
"පරුමක ශොණ පුත බත පුනශ ගුතශ ලෙණෙ"
 

 බුදුන්වහන්සේගේ සිරි දේහය ආදාහනයෙන් පසු ඉතිරි වූ ධාතුන්වහන්සේලා පිලිබද ධාතුවංශයේ දැක්වෙන්නේ මෙසේය.
"සතර දළද වහන්සේ,අකු ධාතුව දෙදෙනා වහන්සේ.ඌර්ණහි සධාතුන් වහන්සේ යන මෙකී සත්දාතුන්වහන්සේ නොවිසුරුණු සේක. සෙසු ධාතුන්වහන්සේ විසිර වදාල සේක.ඒ සියලු ධාතුන් වහන්සේට කුඩාව බිදුනු ධාතුන් වහන්සේ මුංපියලි සා සේක"
මේ විස්තරයට අනුව පැන නගින ගැටලුව වන්නේ ඉතිරි විසිරුනු දාතුන්වහන්සේලාගේ ප්‍රමාණයන් හා පසු ගිය දිනක කපිල වස්තු දාතු ලෙස නම් ගසා මෙරටට ගෙනා දෙයත් දිල්හි කෞතුකාගාරෙයේ තබා ඇති අනිකුත් දාතු යැයි කියනා ඒවායේ ප්‍රමාණයන් කෙසේ වෙනස් වීද යන්නයි.


මෙම ද්‍රෝණ බමුණා විසින් බුදුන්වහන්සේගේ සිරි දේහය ආදාහනයෙන් පසු ඉතිරි වූ ධාතුන්වහන්සේලා අට කොටසකට බෙදා දුනි. ඒ අතර තුරේ ද්‍රෝණ බමුණා විසින් රජදරුන්වට නොපෙනෙන ලෙස දකුණු දළදා වහන්සේ තමන්ගේ හිස කෙස් අතර සගවාගෙන ඇත. එය දු‍ටු සක්කස්ස දේවානමින්ද එම දාතුව ගෙන සිලුමිණ සෑහෙයි(හෙලදිව පිහිටි) තැන්පත් කලේය. ධාතුන්වහන්සේ බෙදා අවසානයේදී බමුණා සොරාගත් දළදාව නොදැක රජ දරුවන්ගෙන් ධාතු කොටස් ඉල්වීමට අපොහොසත්ව ධාතු බෙදන ලද රන් තැලිය ඉල්වා ගත්තේය. ධාතුන්වහන්සේ බෙදා අවසානයේදී පැමිණි පිප්පලී රජදරුන්වන් සොහොනෙහ් අගුරු ගෙනගිය බව සදහන්ය. මෙසේ බෙදූ ධාතුන්වහන්සේලා ‍රැගෙන ගිය රජදරුවන් ඔවුනට ලැබුන ධාතු තැන්පත් කර රජගහ නුවර(රජගල),විශාලා මහනුවර(කැඹිලිත්ත ප්‍රදේශයේ), කිඹුල්වත්පුර(දිඹුලාගල), අල්ලතපනුවර, රාමග්‍රාම,වෙඨදීපක,පාවා නුවර,කුසිනාරානුවර යන ස්ථාන මුල් කරගනිමින් දාගැබ් සාදා තැන්පත් කිරීමට කටයුතු කලහ. ඉන්පසු කාශ්‍යප මහරහතන්වහන්සේගේ ඉල්ලීම පරිදි අජාසත්ත රජු විසින් ඒ ඒ රජවරුන්ට වැදපුදාගන්නට දාතුන්වහන්සේලා හා රාමග්‍රාමයේ ධාතුන්වහන්සේලා හැර අනිකුත් සියලුම ධාතුන්වහන්සේලා රජගහනුවරට ගෙන්වාගන්නා ලදී. රාමග්‍රාමයේ ධාතුන්වහන්සේලා අනුරාදපුරයේ රුවන්වැලි මහා සෑයෙහි තැන්පත් කිරීමට අවශ්‍යබව දැන එම ධාතුන්වහන්සේලා නොගෙන ඇත. එතෙක් රාමග්‍රාමයේ ධාතුන්වහන්සේලාගේ ආරක්ශාව නාග ගෝත්‍රිකයින් විසින් දරන ලදී.

අජාසත්ත රජුවිසින් සිදු කල ධාතුනිධානය පිලිබද විස්තරය ථූපවංශයේ දක්වන්නේ මෙසේය.
"ඒ බිම අසූ රියනක් ගැඹුරු බිද යට ලොහොපටක් අතුට අනුරාදපුරයෙහි ථූපාරාම දාගැබ් වහන්සේ සා තඹගෙයක් ඉදිකරවා රන් සදුන් කරඩු අටෙක ඒ ධාතුන් වහන්සේලාට ඒ කරඩු අට වසා දාගැබ් අටක් කරවා ඒ ධාතුන් වහන්සේ දාගැබ් අටක බහා නැවත රත් සදුන් කරඩු අටෙක බහා රත් සදුන් කරඩු අටකින් වසා නැවත මැණික් කරඩු අටකින් වසා නැවත මැණික් දාගැබ් අටකින් වසා නැවත සදුන් අටෙක බහා මෙසේ සදුන් කරඩු අට නැවත සදුන් දාගැබ් අටෙක බහා නැවත ඒ දාගැන් දල කරඩු අටෙක බහා වසා ඇත් දළින්ම ලියන ලද දාගැබ් අටෙක ලා නැවත සත් රුවනින් කරන ලද කරඩු අටෙක බහා එසේම කරන ලද සත් රුවනින් දාගැබ් අටෙකින් වසා නැවත ඒ රුවන් කරඩු අට නැවත රන් දාගැබ් අටක බහා ඒ රන් දාගැබ් නැවත රිදීකරඩු අටෙකින් වසා ඒ රිදී කරඩු අට රිදී දාගැබ් රිදී දාගැබ් අටෙකින් සහා ඒ මැණික් දාගැබ් අට දැවානමය කරඩු අටෙක ලා නැවත දැවාන කරඩු අට දැවාන දාගැබ් අටෙකින් වසා මෙකී සියලු දාගැබ් කරඩු දාගැබ්වලින් වසා නැවත මත්තෙහි දැවාන දාගැබ් ථූපාරාම දාගැබ් වහන්සේ හා ඇතිසේක"
(පිටු 87 - 88)
එසේ වූ ගෞරවයක් බුදුන්වහන්සේගේ දාතුන්වහන්සේලාට හෙලදිව සිටි රජදරුවන් දුන්නද ඉන්දියාවේ කැනීම් වලදී සොයාගත් දාතු යැයි හදුන්වන ඒවා පිප්පේ මහතා ලංකාවට ඒවා ඇත්තේ රෙජිස්ටස් තැපැලෙන් බවද මතක් කල යුතුය.


අතීතයේ සිට නොමද ගෞරවාදරයට පත් බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා වැඩ සිටින තැන් පිලිබද මෙසේ කෙටියෙන් විස්තර කල හැක.
 

කේශ ධාතු.
බුදුන්වහන්සේ ජීවමාන කාලයේදීම උන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර දාගැබ් ඉදිකර ඇත. සිදුහත් කුමාරයා බුද්ධත්වයෙන් පසුව පලමු දානය පූජා කල තපස්සු භල්ලුක වෙලද දෙබෑයන්ට බුදුන්වහන්සේගෙන් වන්දනාමාන කිරීම සදහා කේශ ධාතු මිටක් ලැබුන බව ථූප වංශය සදහන් කරයි. ඔවුන් ඒ කේශ ධාතු තැන්පත් කර අද ත්‍රිකුණාමලයේ  තිරියාය ප්‍රදේශයේ දාගැබක් කරවා ඇත. එය ගිරිහඩු සෑය ලෙස හදුන්වන අතර එහි ඇති සංස්කෘත ලිපිය මගින් ඒ බව තව දුරටත් සනාථ කරයි. මේ පූජනීය ස්ථානය මයායානික භික්ශූන් සතුව තිබූ නිසා ඒ පිලිබද සදහන් කිරීම මහාවංශ කතුවරයා විසින් සිදු වී නොමැත.
එසේම සුමන සමන් රජුටද(පනිත රජුගේ පුතා) කේශ දාතු ලැබුන බව මහාවංශය සදහන් කරයි.

අනුරාදපුරයේ ජේත්වනාරාමයේද බුදුන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ඇති බව ජේතවන ස්ථූප වන්දනා ගාථාවෙහි සදහන් වේ.
"පතිට්ඨ පෙත්වා ජිනකාය බන්ධනං
සකේශ ධාතුං සහදේහ ධාතුයෝ
මහා මහාසේන නරින්ද කරිතං
සුචේතියං ජේතවන්ති විස්සුතං"
"බුදුරජාණන් වහන්සේගේ කයෙහි බද පටියද,කේශ ධාතුද,ශරීරික ධාතුද තැන්පත් කර මහසෙන් රජතුමා තැනූ දාගැබ ජේතවන නම් වේ"

ග්‍රීවා ධාතුව.
බුදුන්වහන්සේගේ ශරීරය ආදාහනයෙන් ස්වල්ප වේලාවක් ගත වීමටත් ප්‍රථම ශාරිපුත්ත තෙරුන්ගේ සිසුවෙකු වූ සරභූ නම් භික්ශූන්වහන්සේ දර සෑයෙන් ග්‍රීවා දාතුව ‍රැගන් මයියංගනයට වැඩමම කර ඒ දාගැබ විවෘත කර ධාතුන්වහන්සේ තැන්පත් කර නැවත දාගැබ සකස් කර ඇත. මේ පිලිබද විස්තරයක් මහාවංශයේ පවතී.
 

දකුණු අකු දාතුව.
බුදුන්වහන්සේගේ දකුණු අකු දාතුව සිලුමිණ සෑයෙන් ලබාගෙන එම ධාතුන්වහන්සේ ථූපාරමයේ තැන්පත් කර ඇත.
 

පාත්‍ර දාතුව.
බුදුන්වහන්සේට සිව් මහ රජවරුන් විසින් පූජා කල පාත්‍ර සතර එක් කර සෑදුනු ශෛලමය ඉදුනිල්වන් සැහැල්ලු හා අලංකාර එම පාත්‍ර දාතුන්වහන්සේ මිහින්තලයේ අම්බස්ථ චෛතයේ තැන්පත් කර ඇත.
 

ඌර්ණ රෝම දාතුව
බුදුන්වහන්සේගේ ඌර්න රෝම දාතුව මිහින්තලයේ නිදන් කර ඇති බව රාජරත්නාකරයේ දැක්වෙයි. දෙවන අග්බෝ රජතුමා උණුලොම් ගෙයක් තැන වූ මහා වංශයේ 40 පරිච්චේදයේ සදහන් වුවද එය පැහැදිලි නැත.
 

ලලාට ධාතුන්වහන්සේ
ද්‍රෝන බමුණා විසින් දාතුන්වහන්සේලා බෙදීමේදී ලලාට ධාතුව මල්ල රජ දරුවන්ට ලැබී ඇත. එම දාතුව කාශ්‍යප මහරහතන් වහන්සේගේ පරපුරට හිමිවී අවසානයේදී මහා දේව රහතන්වහන්සේ සතුව ඇත. ඉන්පසු කුක්කුට පර්වතයට වැඩම කල උන්වහන්සේ මහා කාලි නම් වූ තැනැත්තෙකුට දාතුන්වහන්සේ ආරක්ශාව පිනිස භාරදී ඇත. අවසානයේදී සේරුවාවිල මංගල මහා සෑය කරවා ලලාට දාතුව එහි තැන්පත් කර ඇති බව ධාතු වංශයේ සදහන්ය.එහි මූලිකව කටයුතුකල බව දක්වන්නේ කාවන්තිස්ස රජු වන අතර ඒ සදහා සෝමනුවර ගිරි අභය,සේරුනුවර සිව සහ ලෝණ නුවර මහානාග යන ප්‍රාදේශීය රජවරුන් සහය වූ බව දක්වයි. එනමුදු රාජ නාම් සම්බන්දයෙන් නොගැලපිමක් ඇත.කෙසේ වෙතත් ලලාට ධාතුන්වහන්සේ සේරුවාවිල වැඩ සිටින බව ඉතාමත් පැහැදිලිය.
 

යට වම් අකු ධාතුව
මෙම ධාතුන්වහන්සේ තිස්සමහාරාමයේ වැඩ සිටින බවට 1960 කිරිදි ඔය ප්‍රදේශයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ශිලා ලේඛනයක දක්වා ඇත.
 

නිය ධාතු.
දීඝවාපි චෛත්‍යයේ නිදන් කර ඇත.
බුදුන්වහන්සේගේ වම් නිය ධාතුව තැන්පත් කර නඛා වෙහෙරේ දාගැබ  නඛාමන්ඨ සෙන්පතියා විසින් කරවා ඇත.


දහදිය බිදු.
බුදුන්වහන්සෙගේ සිරුරෙන් වැටනු දහදිය බුදු මුතුබවට පත්වූ බවත් ඒ නිසා එම භූමිය මුතියංගනය වූ බවත් ඉන්දිය නම් දෙවියා(සම්මත) ඒවා තැන්පත් කර මුතියංගන චෛත්‍ය ඉදිකල බවත් සදහන් කරයි. ඇතැම් තැන් වලදී මෙසේ තැන් පත් කර ඇත්තේ කදුලු බිදු බවත් සදහන් වන නමුත් එය පිලිගැනීම තරමක් අසීරුය.
 

පටි දාතුව(කාය බන්ධනය)
බුදුන්වහන්සේ භාවිතා කල පටි ධාතුව අභයගිරියේ තැන්පත් කර ඇත.ලංකාරාම චෛතයේද තැන්පත් කර ඇත.
 

සිදුහත් කුමරු කේශ ඡේදනය කල මගුල් කඩුව.
සිදුහත් කුමරු ගිහිගෙය හැර පැවිදි වන විට කෙස් කැපීමට භාවිතා කල මගුල් කඩුව සුද්ධෝදන රජුගේ සහෝදයෙක් වන අමි‍තෝදන රජුගේ පුත් මහාඝෝෂ හෙවත් මහතිස කුමරු කිහිරි වෙහෙරේ(කිරි වෙහෙරේ) තැන්පත් කල බව ධාතුවංශයේ හා කතරගම ශිලා ලේඛනයේ සදහන් කර ඇත. ඇතමුන් එහි කෙස්ද තැන්පත් කර ඇති බව සදහන් කරයි.
 

සතර දළදාව.
එකාදාඨා තිදස පුරේ- ඒකා නාග පුරේ අහූ
ඒකා ගන්ධාව විසයේ- එකාසි පුන සිහලෙ.
එක් දලදාවහන්සේ නමක් තිදස පුරයේද,එකක් නාග ගෝතිකයන් සතුවද තවැකක් ගන්ධාර දේශයේද අනික සිංහල ද්වීපයේ(අනුරාදපුර ප්‍රදේශය) බව සදහන් කරයි.
ගන්ධාර දේශයේ වැඩසිටි වම් දලදාව ඛේමා මහරහතන්වහන්සේගේ විසින් බ්‍රහ්මදත්ත රජුටද පසුව ඔහු පුත් කාසිටද ඔහු පුත් සුනන්දටද හිමිවිය. පසුව ගුහසිව රජුට අයත් වූ දලදා වහන්සේ සතුරන්ගෙන් බේරා ගැනීම සදහා දියනිය වූ හේමමාලා කුමරිය හා බෑණා වූ දන්ත කුමරු අත අනුරාදපුරයට යවා ඇත. වර්ථමානයේ එම දලදාවහන්සේ මහනුවර වැඩ සිටී. ඒ වම් දලදාවහන්සේයි.
දකුනු දලදා වහන්සේ පොලොන්නරුව සෝමාවතී පුදබිමේ චෛත්‍යය තුල වැඩ සිටී.
අනිත් දලදා දෙනමවහන්සේලා ගත් කල එක් දලදා වහන්සේ නමක් අනුරාදපුරයේ යම් තැනකද අනිත් දලදාවහන්සේ මොර‍ටුවේ යම් තැනක්ද වැඩ සිටින බව පූජ්‍ය මීවනපලානේ හිමි දේශනයකදී ප්‍රකාශ කල අතර ඒ පිලිබද තව දුරත් ගවේශනයන් සිදු කර නොමැත. එහෙත් මොර‍ටුව ප්‍රදේශයේ වැඩ සිටින්නේ නාග ගෝත්‍රිකයන් පුද සත්කාර කල දලදා වහන්සේ බව අනුමාන කල හැක.
 

දිය සාටක දාතුන්වහන්සේ
බුදුන්වහන්සේගේ දිය සාටක දාතුන්වහන්සේ එගොඩ කැලණිය චෛත්‍යයේ තැන්පත් කර ඇත.


ද්‍රෝණයක් දාතු
බුදුන්වහන්සේගේ ද්‍රෝනයක් දාතු එක තැනක තැන්පත් කර ඇත්තේ රුවන්වැලි මහා සෑයේය. රාමග්‍රාමයට ලැබුන දාතුන්වහන්සේලා සෝණුත්තර නම් භික්ශූන්වහන්සේ විසින් වඩම්මවාගෙන විත් මෙහි තැන්පත් කර ඇත. එසේම බුදුන්වහන්සේ ඉන්ද්‍රසාල ලෙනේ වැඩසිටි ආසනයද තැන්පත් කර ඇත්තේ රුවන්වැලි දාගැබ් වහන්සේ තුලය.


නොවිසිරී පැවතුනු සතර දළදාවහන්සේ අකුදාතුන්වහන්සේ දෙනම සහ ඌර්ණහි සධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මේ හෙලදිව තුලය. ඊට අමතරව ධාතුන්වහන්සේලාගෙන් රාමග්‍රාමයට අයත් වූ ද්‍රෝණයක් දාතුන්වහන්සේලා රුවන්වැලිමහා සෑයේ වැඩ සිටියි. එසේම විසිරුනු ධාතුන්වහන්සේලාගෙන් වැඩි පිරිසක් වැඩ සිටින්නේද මේ හෙලදිව තුල බව නොරහසකි. මෙහි දක්වා ඇත්තේ ප්‍රධාන වූ කීපයක් ස්ථාන පමනි. 

මෙසේවූ උරුමයකට හිමිකම් කියන මේ පිංවන්ත භූමිය සමකල හැකි තවත් තැනක් කොයින්ද.

මූලාශ්‍ර
මහාපරිනිබ්බාන සූත්‍රය(දි.නි)
ධාතුවංශය
ථූපවංශය
මහාවංශය
පූජාවලිය.

4 comments:

  1. අමුසොහොන් දේවතාවාSeptember 26, 2012 at 11:50 AM

    ද්‍රෝණ බමුණා ඉන්දියාවේදී බෙදල දුන්න ධාතුන් වහන්සේලා ටික ඒ ඒ රජවරු තැන්පත් කරලා තිබෙන්නේ හෙළ බිමේ නේ? :D :D

    ඇයි වදේ ඉන්දියාවේ තැන්පත් කලේ නැත්තේ? -_-

    ReplyDelete
  2. තුපවන්සය ලබා ගත හැකි ක්‍රමයක් තියේද? අජසත්ට රජ ගැන එහි සඳහන්ව ඇත්තේ කොහෙද? කුමන පිටුවේද?

    ReplyDelete
  3. කාවන්තිස්ස රජු ජීවමාන බුදුන් දුටු රජ කෙනෙකු බව ලංකාවේ සෙල්ලිපිව වලින් ඔප්පුවේ

    ReplyDelete
  4. පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිට ධාතු වංශය පොත් වහන්සේ ගෙන කියවන්න ධාතුන් වහන්සේලා ගැන පරිපුර්ණ දැනුමක් ලබා ගැනීම පිණිස . තවද ඔබ පිටරක වෙසේ නම් කාර්යාලයෙන් පොත් ගෙදරටම ගේනවා ගත හැක. තවද බුදුසරණ පත්තරයේ http://www.lakehouse.lk/budusarana/2015/10/27/tmp.asp?ID=fea05 අසිරිමත් ධාතු පුරණය කියවිය හැක . අනාගත දිනයක් select කර පෙර කලාප tab එක click කර සියලුම කොටස් කියවිය හැක .

    ReplyDelete