Saturday, September 29, 2012

මිහිදු හිමිගේ භෂ්මාවශේෂ

මිහිදු හිමිගේ හා ඉත්තිය තෙරුන්ගේ භෂ්මාව ශේෂ තැන්පත් කර ඉදිකර ඇති ස්ථූපය. අද රජගලදී.

නිධන් සොරුන්ගේ කටයුතු හේතුවෙන් විනාශ වුවද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නැවත පිලිසකර කර ඇත.



මේ බව තහවුරු කරන සෙල්ලිපිය
Transcription
Ye ima dipa paṭamaya idiya agatana Iḍika-[tera-Ma] hida-teraha tube  




මිහිදු හිමියන් විසින් රජගල(දේව හෙලයේ) සිට අනුරාදපුරයට වැඩම කර තෙවන සංගායනාවේදී තමන්වහන්සේට පැවරුන කාර්‍ය ඉ‍ටුකොට නැවත රජගලටම පැමිනි බව මින් මනාවට සනාථ වේ.

Wednesday, September 26, 2012

සප්තපර්ණී ගුහාව

බුද්ධපර්නිර්වානයෙන් තුන් මසක් ගිය කල කාශ්‍යප මහරහතන්වහන්සේ ඇතුලු 500 රහතන් වහන්සේලා විසින් ධර්මය හා විනය සංගායනා කල බව සාසන ඉතිහාසයේ සදහන් වේ.

එලෙස සංගායනාව සිදුකරන ලද්දේ අජාසත් රජු විසින් සකස් කර දුන් සප්තපර්ණී නම් වූ ගුහාවේදීය.(අජාසත් රජුගේ අභිෂේකයෙන් අටවන අවුරුද්දෙහි)


මුලින්ම සංග්‍රහ කළේ විනය නීතියයි. එය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් උපාලි මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නෝත්තර ලෙස විමසමින් ද ධර්මය පිළිබඳව ආනන්ද මහරහතන් වහන්සේගෙන් විමසමින් ද සංග්‍රහ කරගත්හ. මෙසේ සංග්‍රහ කළ ධර්ම විනය මුඛ පරම්පරාවෙන් පවත්වා ගෙන යාමට ඒ ඒ රහතන් වහන්සේ වෙත සංගායනාවේදීම පැවරිණි. විනය ශාසනයාගේ ආයුෂය බැවින් මුලින් එය සංගායනා කැරිණි. එය පාරාජිකා පාලිය පාචිත්තිය පාලි, චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි, පරිවාර පාලි ලෙස පොත් පසෙකි. විනය පොත් පස සංගායනා කොට මේ විනය පිටකය යැයි නම් තබා උපාලි තෙරුන් හා උන්වහන්සේගේ සිසු පිරිසට පැවරිණි. සූත්‍ර පිටකය දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය, ලෙස නිකාය පසෙකි. ප්‍රථමයෙන් දීඝ නිකාය සංගායනා කොට ඒ නම් තබා ආනන්ද තෙරුන්ගේ සිසු පිරිසට ද, දෙවනුව මජ්ඣිම නිකාය සංගායනා කොට නම් තබා සැරියුත් තෙරුන්ගේ සිසු පිරිසටද, තෙවනුව සංයුක්ත නිකාය සංගායනා කොට නම් තබා මහා කාශ්‍යප තෙරුන්ගේ සිසු පිරිසට ද, සිව්වනුව අංගුත්තර නිකාය සංගායනා කොට නම් තබා අනුරුද්ධ ;තරුන්ගේ සිසු පිරිසට ද පැවරිණි.

"අප බුදුන් බුදු වූ පන්සාලිස් හවුරුද්දක් මුළුල්ලෙහි බුද්ධ කෘත්යනය සාධා කුසිනාරා නවර උපවර්තන නම් මලල රජදරුවන්ගේ ශාලවනෝද්යා නුයෙහි නිරුපධ්ශේෂනිර්වාණ ධාතුයෙන් පිරිනිව් සත්වන දවස් ආදාහන පූජාවට රැස් වූ සත් ලක්ෂයක් පමණ ගණනායක ක්ෂිණශ්රරවයන් වහන්සේ හා අගණිත මහ සඟ මැද ගුණයෙන් අභද්රෙ වු නමින් සුභද්රා වූ අභද්රූ වූ මහණක්හුගේ බස් අසා කලකිරුණු සිත් ඇති මහ සඟ මතු මේ ශාසනය කෙසේ පවත්වමෝදැයි මන්ත්රමණය කොට රාජ බලයෙන් මුත් නො පිළි වනැයි සිතා රජගහ නුවරට වැඳ අජාසත් රජු හට දැන් වූ කල්හි ඒ රජ තෙම මාගේ ආඥාබලයෙන් පවත්වමි. රජගහ නුවර සප්තපර්ණි නම් ගුහාදවාරයෙහි අනේකප්රටකාර විචිත්රද විත්රමකර්මාන්ත විශේෂයෙන් යුක්ත වූ දිව්යප සභාවක් හා සදෘශ වූ මණ්ඩපයක් කරවා එහි දොළොස් රියන් ඝන රන් පිළිමයක් වඩා සිව්පිළිසිඹිලියාපත් පන්සියයක් රහතන් වහන්සේ වඩා හිඳුවා බුදුන්ගේ දෙලක්ෂපන් සැත්තෑ දහස් දෙසීය පණස් ග්රින්ථ සංඛ්යායවක් ඇති සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් යුක්ත වූ සූත්රවවිනයාභිධර්මසංඛ්යාපත පිටකත්රව පාලිධර්ම සංග්ර හ කිරීමෙන් සහ පොළොව ගුගුරුවමින් සත්කුළ පවු බමවමින් දිවිමල් දිව සුවඳ වැසි වස්වමින් සත්මසකින් ධම්මසංගායනාවසාන කරවා බුද්ධ ශාසන බැබළවූ හ."
 (රාජාරත්නාකරය-i)
"ඉක්බිත්තෙන් පන්සියයක් රහතන් වහන්සේ ඇසළ මස පුණු පොහෝ දිනයෙහි පොහොය කොටැ පෑළවිය දවස් වස් වසා, “ ඇවැත්නි! බුදු රජාණන් වහන්සේ විසින් සුන් බුන් තැන් සකස් කිරීම් වසයෙන් විහාර පිරිමැස්වීම් වර්ණනා කරන ලද. එබැවින් අපි ඇවැත්නි! පළමුවන මසැ සුන්බුන් තැන් සකස් කරවා විහාර පිරිමස්වම්හ.දෙවන මසැ රැස් වැ ධර්මවිනය සඞගායනා කරම්හ” යි කියා, දෙවන දවසැ අජාසත් රජ්ජුරුවනට දන්වා, උන් ගෙන් මිනිසුන් ගෙනැ සර්වඥ වචනයට පූජා කරන පිණිසැ ද, ශ්රවමණ භවත් ගෞතමයන් ගේ ශ්රානවකයෝ උන් විද්යාැමාන කල්හි මැ ප්රවතිපත්ති පුරා විහාර පිරිමැසීම් කළහ. දැන් උන් පිරිනිවී හෙයාන් විහාර හැරපියා ඒ ඒ තැන්හි පලා ගියාහ’යි යන තීත්ර්ථක වාදයෙන් ගැලවීම පිනිසැ ද, හරනා ලදින් වැටී කසළ වැ ගියා වූ අටළොස් මහා විහාරයෙහි සුන් බුන් තැන් සකස් කරවා, ‘ මහ රජ්ජුරු වෙනි! විහාර පිරිමැස්ම නිමි යේ යැ දැන් ධර්ම විනය සඞගායනා කරම්හ” යි කී සේකැ.

ඒ අසා රජ්ජුරුවන් විසින් “ යහපත ස්වාමීනි! නිශ්ශඞකිත වැ කළ මැනැව. මා ගේ ආඥා චක්රහය පවතී වයි. ස්වාමීනි! මට වදාළ මැනැව. කුමක් කෙරෙම් දැ” යි කි කල්හි “ ධර්මසඞගායනා කරන්නා වු භික්ෂුන් වහන්සේට රැස් වැ ඉඳිනා වු ස්ථානයක් වුව මැනැවැ යි “ කී සේකැ. ඉක්බිත්තෙන් රජ්ජුරුවන් විසින් “ස්වාමීනි! කොතැන්හි කෙරෙම් දැ”යි කී කල්හි “ වේහාර පර්වත සමීපයෙහි සප්තපර්ණි ගුහාද්වාරයෙහි කරන්නට වටනේ යැ”යි නී සේකැ. “යහපත ස්වාමීනි” යි කියා, අජාසත් රජ්ජුරුවෝ විශ්වකර්ම දිව්යද පුත්ර යා විසින් මවන ලද්දක් හා සමාන කොටැ මනා කොටැ විභාග කරනලද භිත්ති ස්ථම්භ සෝපාන ඇති; අනේක ප්රටකාර වූ මාලාකර්ම ලතාකර්මයෙන් විසිතුරු වූ, ලෝකයෙහි සිත්කලු වස්තු තාක් රැස් කොටැලු තැනක් වැනි වූ, දර්ශනීය වූ සාර භූෂණයන් ඇති මණ්ඩපයක් කරවා, අනේක ප්රලකාර වූ ඕලම්බ කුසුම දාමයන් වමාරන්නාක් වැනි වූ මනෝඥ වූ වියන් ඇති, සත් රුවනින් විසිතුරු වු මැණික් පිල් කඩක් වැනි වූ අනේක ප්ර්කාර වූ පුෂ්ප පූජායෙන් විසිතුරු වූ මනා කොටැ නිමවනලද භූමි කර්මාන්ත ඇති ඒ මණ්ඩපයෙහි පන්සියයක් භික්ෂුන් වහන්සේට පන්සියයක් කැප පසතුරුණු පනවා, දකුණු දිගට පිට ලා උතුරු දිගට අභිමුඛ කොටැ භාග්යපවත් වූ බුදු රජාණන් වහන්සේට වැඩැ ඉන්නට සුදුසු වූ අස්නක් හා සමාන කොටැ ධර්මාසනයක් පනවා, ධර්මාසනය මස්තකයෙහි දළකඩමය වූ විජිනි පත්රපයක් තබා “ස්වාමීනි මා විසින් කළමනා කටයුතු කොටැ නිමවන ලදැ” යි භික්ෂු සඞඝයා වහන්සේට දැන්වූහ."

( සිංහල බෝධි වංසය-x දශබල පරිනිර්වාණ කථා)

එදා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇසළ පුන් පොහෝ දා රජගහනුවරදී(අද රජගලදී) පලවෙනි සංගායනාව සිදුකල හත්තක හැඩය ගත් ඒ සප්තපර්ණී ගුහාව අද දිස්වන අයුරු.

පිටතට දිස් වෙන අයුරු

වැසි දිය ඇතුලට නො ඒම සදහා කෙටූ කටාරම්

විශ්ව කර්ම නෙලීමක්

ඇතුලත සිට



හෙලදිව පිහිටි මේ පූජනීය හා විශ්වකර්ම උරුමයට සමකල හැකි තවත් ආදේශකයක් තිබේද?

Tuesday, September 25, 2012

ධාතුන්වහන්සේලා වැඩ සිටින පුදබිම

ගෞතම බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා වැඩිම පිරිසක් වැඩ සිටින්නේ මේ හෙලදිව තුලය. සිදුහත් කුමරුගේ කේශ ඡේදනයේ සිට බුදුන්වහන්සේ බිමට තබන සිරිපතුලේ නඛා දාතුන්වහන්සේ(නිය) දක්වා වූ උරුමයකට උරුමකම් කියන එකම රට වන්නේද මේ හෙලදිවයි. බොහෝ දෙනෙකු ඒ පිලිබද නොදැන සිටීම කණගා‍ටුවට කරුනකි. 

බුදුන්වහන්සේගේ ධාතුනවහන්සේලා පිලිබද ගවේශනයේදී ඒ සදහා උපකාර වන ග්‍රන්ථයක් ලෙස ධාතුවංශය හැදින්විය හැක. තවද හෙලදිව පුරා විසිරුනු ශිලා ලිපිද ඒ සදහා අත්වැල සපයයි. බුද්ධ පරිනිර්වානයෙන් පසු මෙන්ම බුදුන්වහන්සේ ජීවමාන කාලයේදීද උන්වහන්සේගේ ධාතුන්වහන්සේලා තැන්පත් කර මෙරට සිටි රජදරුවන් බොහෝ වෙහෙර විහාර ඉදිකර ඇත.

මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන අන්දමට බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා රජදරුවන් අතර බෙදා දීම පැවරුනේ ද්‍රෝණ(ශොණ) බමුණාටය. හේ පරුමක වරයෙකි. මෙම පරුමකවරයා යටතේ විශාල සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබා ඇති අතර ඔහුගේ පුතුන් දෙදෙනෙකුද එම අධ්‍යාපන ඒකකයේ ශිෂ්‍යයන්ව සිට ඇත. මේ පිලිබද තහවුරු කිරීම සදහා අපට කුසිනාරාමය (අද බුදුගල) ආශ්‍රයෙන් ශිලා ලේකනයක් මෙසේ දැක්විය හැක.
"පරුමක ශොණ පුත බත පුනශ ගුතශ ලෙණෙ"
 

 බුදුන්වහන්සේගේ සිරි දේහය ආදාහනයෙන් පසු ඉතිරි වූ ධාතුන්වහන්සේලා පිලිබද ධාතුවංශයේ දැක්වෙන්නේ මෙසේය.
"සතර දළද වහන්සේ,අකු ධාතුව දෙදෙනා වහන්සේ.ඌර්ණහි සධාතුන් වහන්සේ යන මෙකී සත්දාතුන්වහන්සේ නොවිසුරුණු සේක. සෙසු ධාතුන්වහන්සේ විසිර වදාල සේක.ඒ සියලු ධාතුන් වහන්සේට කුඩාව බිදුනු ධාතුන් වහන්සේ මුංපියලි සා සේක"
මේ විස්තරයට අනුව පැන නගින ගැටලුව වන්නේ ඉතිරි විසිරුනු දාතුන්වහන්සේලාගේ ප්‍රමාණයන් හා පසු ගිය දිනක කපිල වස්තු දාතු ලෙස නම් ගසා මෙරටට ගෙනා දෙයත් දිල්හි කෞතුකාගාරෙයේ තබා ඇති අනිකුත් දාතු යැයි කියනා ඒවායේ ප්‍රමාණයන් කෙසේ වෙනස් වීද යන්නයි.


මෙම ද්‍රෝණ බමුණා විසින් බුදුන්වහන්සේගේ සිරි දේහය ආදාහනයෙන් පසු ඉතිරි වූ ධාතුන්වහන්සේලා අට කොටසකට බෙදා දුනි. ඒ අතර තුරේ ද්‍රෝණ බමුණා විසින් රජදරුන්වට නොපෙනෙන ලෙස දකුණු දළදා වහන්සේ තමන්ගේ හිස කෙස් අතර සගවාගෙන ඇත. එය දු‍ටු සක්කස්ස දේවානමින්ද එම දාතුව ගෙන සිලුමිණ සෑහෙයි(හෙලදිව පිහිටි) තැන්පත් කලේය. ධාතුන්වහන්සේ බෙදා අවසානයේදී බමුණා සොරාගත් දළදාව නොදැක රජ දරුවන්ගෙන් ධාතු කොටස් ඉල්වීමට අපොහොසත්ව ධාතු බෙදන ලද රන් තැලිය ඉල්වා ගත්තේය. ධාතුන්වහන්සේ බෙදා අවසානයේදී පැමිණි පිප්පලී රජදරුන්වන් සොහොනෙහ් අගුරු ගෙනගිය බව සදහන්ය. මෙසේ බෙදූ ධාතුන්වහන්සේලා ‍රැගෙන ගිය රජදරුවන් ඔවුනට ලැබුන ධාතු තැන්පත් කර රජගහ නුවර(රජගල),විශාලා මහනුවර(කැඹිලිත්ත ප්‍රදේශයේ), කිඹුල්වත්පුර(දිඹුලාගල), අල්ලතපනුවර, රාමග්‍රාම,වෙඨදීපක,පාවා නුවර,කුසිනාරානුවර යන ස්ථාන මුල් කරගනිමින් දාගැබ් සාදා තැන්පත් කිරීමට කටයුතු කලහ. ඉන්පසු කාශ්‍යප මහරහතන්වහන්සේගේ ඉල්ලීම පරිදි අජාසත්ත රජු විසින් ඒ ඒ රජවරුන්ට වැදපුදාගන්නට දාතුන්වහන්සේලා හා රාමග්‍රාමයේ ධාතුන්වහන්සේලා හැර අනිකුත් සියලුම ධාතුන්වහන්සේලා රජගහනුවරට ගෙන්වාගන්නා ලදී. රාමග්‍රාමයේ ධාතුන්වහන්සේලා අනුරාදපුරයේ රුවන්වැලි මහා සෑයෙහි තැන්පත් කිරීමට අවශ්‍යබව දැන එම ධාතුන්වහන්සේලා නොගෙන ඇත. එතෙක් රාමග්‍රාමයේ ධාතුන්වහන්සේලාගේ ආරක්ශාව නාග ගෝත්‍රිකයින් විසින් දරන ලදී.

අජාසත්ත රජුවිසින් සිදු කල ධාතුනිධානය පිලිබද විස්තරය ථූපවංශයේ දක්වන්නේ මෙසේය.
"ඒ බිම අසූ රියනක් ගැඹුරු බිද යට ලොහොපටක් අතුට අනුරාදපුරයෙහි ථූපාරාම දාගැබ් වහන්සේ සා තඹගෙයක් ඉදිකරවා රන් සදුන් කරඩු අටෙක ඒ ධාතුන් වහන්සේලාට ඒ කරඩු අට වසා දාගැබ් අටක් කරවා ඒ ධාතුන් වහන්සේ දාගැබ් අටක බහා නැවත රත් සදුන් කරඩු අටෙක බහා රත් සදුන් කරඩු අටකින් වසා නැවත මැණික් කරඩු අටකින් වසා නැවත මැණික් දාගැබ් අටකින් වසා නැවත සදුන් අටෙක බහා මෙසේ සදුන් කරඩු අට නැවත සදුන් දාගැබ් අටෙක බහා නැවත ඒ දාගැන් දල කරඩු අටෙක බහා වසා ඇත් දළින්ම ලියන ලද දාගැබ් අටෙක ලා නැවත සත් රුවනින් කරන ලද කරඩු අටෙක බහා එසේම කරන ලද සත් රුවනින් දාගැබ් අටෙකින් වසා නැවත ඒ රුවන් කරඩු අට නැවත රන් දාගැබ් අටක බහා ඒ රන් දාගැබ් නැවත රිදීකරඩු අටෙකින් වසා ඒ රිදී කරඩු අට රිදී දාගැබ් රිදී දාගැබ් අටෙකින් සහා ඒ මැණික් දාගැබ් අට දැවානමය කරඩු අටෙක ලා නැවත දැවාන කරඩු අට දැවාන දාගැබ් අටෙකින් වසා මෙකී සියලු දාගැබ් කරඩු දාගැබ්වලින් වසා නැවත මත්තෙහි දැවාන දාගැබ් ථූපාරාම දාගැබ් වහන්සේ හා ඇතිසේක"
(පිටු 87 - 88)
එසේ වූ ගෞරවයක් බුදුන්වහන්සේගේ දාතුන්වහන්සේලාට හෙලදිව සිටි රජදරුවන් දුන්නද ඉන්දියාවේ කැනීම් වලදී සොයාගත් දාතු යැයි හදුන්වන ඒවා පිප්පේ මහතා ලංකාවට ඒවා ඇත්තේ රෙජිස්ටස් තැපැලෙන් බවද මතක් කල යුතුය.


අතීතයේ සිට නොමද ගෞරවාදරයට පත් බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා වැඩ සිටින තැන් පිලිබද මෙසේ කෙටියෙන් විස්තර කල හැක.
 

කේශ ධාතු.
බුදුන්වහන්සේ ජීවමාන කාලයේදීම උන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර දාගැබ් ඉදිකර ඇත. සිදුහත් කුමාරයා බුද්ධත්වයෙන් පසුව පලමු දානය පූජා කල තපස්සු භල්ලුක වෙලද දෙබෑයන්ට බුදුන්වහන්සේගෙන් වන්දනාමාන කිරීම සදහා කේශ ධාතු මිටක් ලැබුන බව ථූප වංශය සදහන් කරයි. ඔවුන් ඒ කේශ ධාතු තැන්පත් කර අද ත්‍රිකුණාමලයේ  තිරියාය ප්‍රදේශයේ දාගැබක් කරවා ඇත. එය ගිරිහඩු සෑය ලෙස හදුන්වන අතර එහි ඇති සංස්කෘත ලිපිය මගින් ඒ බව තව දුරටත් සනාථ කරයි. මේ පූජනීය ස්ථානය මයායානික භික්ශූන් සතුව තිබූ නිසා ඒ පිලිබද සදහන් කිරීම මහාවංශ කතුවරයා විසින් සිදු වී නොමැත.
එසේම සුමන සමන් රජුටද(පනිත රජුගේ පුතා) කේශ දාතු ලැබුන බව මහාවංශය සදහන් කරයි.

අනුරාදපුරයේ ජේත්වනාරාමයේද බුදුන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ඇති බව ජේතවන ස්ථූප වන්දනා ගාථාවෙහි සදහන් වේ.
"පතිට්ඨ පෙත්වා ජිනකාය බන්ධනං
සකේශ ධාතුං සහදේහ ධාතුයෝ
මහා මහාසේන නරින්ද කරිතං
සුචේතියං ජේතවන්ති විස්සුතං"
"බුදුරජාණන් වහන්සේගේ කයෙහි බද පටියද,කේශ ධාතුද,ශරීරික ධාතුද තැන්පත් කර මහසෙන් රජතුමා තැනූ දාගැබ ජේතවන නම් වේ"

ග්‍රීවා ධාතුව.
බුදුන්වහන්සේගේ ශරීරය ආදාහනයෙන් ස්වල්ප වේලාවක් ගත වීමටත් ප්‍රථම ශාරිපුත්ත තෙරුන්ගේ සිසුවෙකු වූ සරභූ නම් භික්ශූන්වහන්සේ දර සෑයෙන් ග්‍රීවා දාතුව ‍රැගන් මයියංගනයට වැඩමම කර ඒ දාගැබ විවෘත කර ධාතුන්වහන්සේ තැන්පත් කර නැවත දාගැබ සකස් කර ඇත. මේ පිලිබද විස්තරයක් මහාවංශයේ පවතී.
 

දකුණු අකු දාතුව.
බුදුන්වහන්සේගේ දකුණු අකු දාතුව සිලුමිණ සෑයෙන් ලබාගෙන එම ධාතුන්වහන්සේ ථූපාරමයේ තැන්පත් කර ඇත.
 

පාත්‍ර දාතුව.
බුදුන්වහන්සේට සිව් මහ රජවරුන් විසින් පූජා කල පාත්‍ර සතර එක් කර සෑදුනු ශෛලමය ඉදුනිල්වන් සැහැල්ලු හා අලංකාර එම පාත්‍ර දාතුන්වහන්සේ මිහින්තලයේ අම්බස්ථ චෛතයේ තැන්පත් කර ඇත.
 

ඌර්ණ රෝම දාතුව
බුදුන්වහන්සේගේ ඌර්න රෝම දාතුව මිහින්තලයේ නිදන් කර ඇති බව රාජරත්නාකරයේ දැක්වෙයි. දෙවන අග්බෝ රජතුමා උණුලොම් ගෙයක් තැන වූ මහා වංශයේ 40 පරිච්චේදයේ සදහන් වුවද එය පැහැදිලි නැත.
 

ලලාට ධාතුන්වහන්සේ
ද්‍රෝන බමුණා විසින් දාතුන්වහන්සේලා බෙදීමේදී ලලාට ධාතුව මල්ල රජ දරුවන්ට ලැබී ඇත. එම දාතුව කාශ්‍යප මහරහතන් වහන්සේගේ පරපුරට හිමිවී අවසානයේදී මහා දේව රහතන්වහන්සේ සතුව ඇත. ඉන්පසු කුක්කුට පර්වතයට වැඩම කල උන්වහන්සේ මහා කාලි නම් වූ තැනැත්තෙකුට දාතුන්වහන්සේ ආරක්ශාව පිනිස භාරදී ඇත. අවසානයේදී සේරුවාවිල මංගල මහා සෑය කරවා ලලාට දාතුව එහි තැන්පත් කර ඇති බව ධාතු වංශයේ සදහන්ය.එහි මූලිකව කටයුතුකල බව දක්වන්නේ කාවන්තිස්ස රජු වන අතර ඒ සදහා සෝමනුවර ගිරි අභය,සේරුනුවර සිව සහ ලෝණ නුවර මහානාග යන ප්‍රාදේශීය රජවරුන් සහය වූ බව දක්වයි. එනමුදු රාජ නාම් සම්බන්දයෙන් නොගැලපිමක් ඇත.කෙසේ වෙතත් ලලාට ධාතුන්වහන්සේ සේරුවාවිල වැඩ සිටින බව ඉතාමත් පැහැදිලිය.
 

යට වම් අකු ධාතුව
මෙම ධාතුන්වහන්සේ තිස්සමහාරාමයේ වැඩ සිටින බවට 1960 කිරිදි ඔය ප්‍රදේශයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ශිලා ලේඛනයක දක්වා ඇත.
 

නිය ධාතු.
දීඝවාපි චෛත්‍යයේ නිදන් කර ඇත.
බුදුන්වහන්සේගේ වම් නිය ධාතුව තැන්පත් කර නඛා වෙහෙරේ දාගැබ  නඛාමන්ඨ සෙන්පතියා විසින් කරවා ඇත.


දහදිය බිදු.
බුදුන්වහන්සෙගේ සිරුරෙන් වැටනු දහදිය බුදු මුතුබවට පත්වූ බවත් ඒ නිසා එම භූමිය මුතියංගනය වූ බවත් ඉන්දිය නම් දෙවියා(සම්මත) ඒවා තැන්පත් කර මුතියංගන චෛත්‍ය ඉදිකල බවත් සදහන් කරයි. ඇතැම් තැන් වලදී මෙසේ තැන් පත් කර ඇත්තේ කදුලු බිදු බවත් සදහන් වන නමුත් එය පිලිගැනීම තරමක් අසීරුය.
 

පටි දාතුව(කාය බන්ධනය)
බුදුන්වහන්සේ භාවිතා කල පටි ධාතුව අභයගිරියේ තැන්පත් කර ඇත.ලංකාරාම චෛතයේද තැන්පත් කර ඇත.
 

සිදුහත් කුමරු කේශ ඡේදනය කල මගුල් කඩුව.
සිදුහත් කුමරු ගිහිගෙය හැර පැවිදි වන විට කෙස් කැපීමට භාවිතා කල මගුල් කඩුව සුද්ධෝදන රජුගේ සහෝදයෙක් වන අමි‍තෝදන රජුගේ පුත් මහාඝෝෂ හෙවත් මහතිස කුමරු කිහිරි වෙහෙරේ(කිරි වෙහෙරේ) තැන්පත් කල බව ධාතුවංශයේ හා කතරගම ශිලා ලේඛනයේ සදහන් කර ඇත. ඇතමුන් එහි කෙස්ද තැන්පත් කර ඇති බව සදහන් කරයි.
 

සතර දළදාව.
එකාදාඨා තිදස පුරේ- ඒකා නාග පුරේ අහූ
ඒකා ගන්ධාව විසයේ- එකාසි පුන සිහලෙ.
එක් දලදාවහන්සේ නමක් තිදස පුරයේද,එකක් නාග ගෝතිකයන් සතුවද තවැකක් ගන්ධාර දේශයේද අනික සිංහල ද්වීපයේ(අනුරාදපුර ප්‍රදේශය) බව සදහන් කරයි.
ගන්ධාර දේශයේ වැඩසිටි වම් දලදාව ඛේමා මහරහතන්වහන්සේගේ විසින් බ්‍රහ්මදත්ත රජුටද පසුව ඔහු පුත් කාසිටද ඔහු පුත් සුනන්දටද හිමිවිය. පසුව ගුහසිව රජුට අයත් වූ දලදා වහන්සේ සතුරන්ගෙන් බේරා ගැනීම සදහා දියනිය වූ හේමමාලා කුමරිය හා බෑණා වූ දන්ත කුමරු අත අනුරාදපුරයට යවා ඇත. වර්ථමානයේ එම දලදාවහන්සේ මහනුවර වැඩ සිටී. ඒ වම් දලදාවහන්සේයි.
දකුනු දලදා වහන්සේ පොලොන්නරුව සෝමාවතී පුදබිමේ චෛත්‍යය තුල වැඩ සිටී.
අනිත් දලදා දෙනමවහන්සේලා ගත් කල එක් දලදා වහන්සේ නමක් අනුරාදපුරයේ යම් තැනකද අනිත් දලදාවහන්සේ මොර‍ටුවේ යම් තැනක්ද වැඩ සිටින බව පූජ්‍ය මීවනපලානේ හිමි දේශනයකදී ප්‍රකාශ කල අතර ඒ පිලිබද තව දුරත් ගවේශනයන් සිදු කර නොමැත. එහෙත් මොර‍ටුව ප්‍රදේශයේ වැඩ සිටින්නේ නාග ගෝත්‍රිකයන් පුද සත්කාර කල දලදා වහන්සේ බව අනුමාන කල හැක.
 

දිය සාටක දාතුන්වහන්සේ
බුදුන්වහන්සේගේ දිය සාටක දාතුන්වහන්සේ එගොඩ කැලණිය චෛත්‍යයේ තැන්පත් කර ඇත.


ද්‍රෝණයක් දාතු
බුදුන්වහන්සේගේ ද්‍රෝනයක් දාතු එක තැනක තැන්පත් කර ඇත්තේ රුවන්වැලි මහා සෑයේය. රාමග්‍රාමයට ලැබුන දාතුන්වහන්සේලා සෝණුත්තර නම් භික්ශූන්වහන්සේ විසින් වඩම්මවාගෙන විත් මෙහි තැන්පත් කර ඇත. එසේම බුදුන්වහන්සේ ඉන්ද්‍රසාල ලෙනේ වැඩසිටි ආසනයද තැන්පත් කර ඇත්තේ රුවන්වැලි දාගැබ් වහන්සේ තුලය.


නොවිසිරී පැවතුනු සතර දළදාවහන්සේ අකුදාතුන්වහන්සේ දෙනම සහ ඌර්ණහි සධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මේ හෙලදිව තුලය. ඊට අමතරව ධාතුන්වහන්සේලාගෙන් රාමග්‍රාමයට අයත් වූ ද්‍රෝණයක් දාතුන්වහන්සේලා රුවන්වැලිමහා සෑයේ වැඩ සිටියි. එසේම විසිරුනු ධාතුන්වහන්සේලාගෙන් වැඩි පිරිසක් වැඩ සිටින්නේද මේ හෙලදිව තුල බව නොරහසකි. මෙහි දක්වා ඇත්තේ ප්‍රධාන වූ කීපයක් ස්ථාන පමනි. 

මෙසේවූ උරුමයකට හිමිකම් කියන මේ පිංවන්ත භූමිය සමකල හැකි තවත් තැනක් කොයින්ද.

මූලාශ්‍ර
මහාපරිනිබ්බාන සූත්‍රය(දි.නි)
ධාතුවංශය
ථූපවංශය
මහාවංශය
පූජාවලිය.

Tuesday, September 4, 2012

මහා බ්‍රිතාන්‍ය හෙලි කල කපිලවස්තු ධාතු මගඩිය

මේ දිනවල  1898 Alexander Cunningham විසින් සොයාගත් පිප්‍රහ්වා  කපිලවස්තු  සර්වඥ  ධාතු බවට ලංකාවේ මාධ්‍යඔස්සේ පතුරුවා හරිමින් සර්වඥ ධාතු පෙන්වනු  ලැබේ. Alexander Cunningham කිසිම  දිනක  සර්වඥ  ධාතු සොයා ගත් බවට මහා බ්‍රිතාන්‍යයේ කිසිම පුරාවිද්‍යා පොතක හෝ Cunningham ගේ  ජීවිත කතාව ගැන ලියවුනු කිසිම පොතක සදහන් කරන්නේ නැත. Cunningham බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.  Cunningham සර්වඥ ධාතු සොයාගත් බව මහා බ්‍රිතාන්‍ය වත් දන්නේ නැත. ඔහු සොයා ගත් දෙය ගැන නොදන්නා අභිරසක් බ්‍රිතාන්‍යට නැත.  ඔහු  සාංචිය කැනීම් බිම  අසල  සරිපුත්තස  සහ  මහමොගලන්ස   නමින්  ලියවුනු  ඇට  කැබලි  සහිත  මංජුසා  2 ක් සොයා  ගත්  අතර  ඒවා  සැරියුත්  මුගලන්  රහතන්  වහන්සේලාගේ  බව  විස්වාස  කළේය.  මීට අමතරව ඔහු සාංචි වල සිට කි.මී 10ක් ඈතින්  තිබී මෙම රහතන්වහන්සේලාගේ තවත් ධාතු සොයා ගත් බව දැක්වේ. සාරිපුත්තස ලියා තිබුණු මංජුසාවේ අගලකට වඩා කෙටි වූ එක්‌ අස්ථි කැබැල්ලක්ද, මහමොගලන්ස   ලිවූ මංජුසාවේ අගල් භාගයකට වඩා කුඩාවූ අස්ථි කැබලි 2 කක් ද වීය.මේ පිළිබද විස්තරයක්  ඔහු ගේ Bhilsa Topes පොතේ ඇත්තේය. Alexander Cunningham මියයන්නේ  1893 නොවැම්බර්  මාසයේය.  1893 මියගිය කෙනෙකු 1898  දී  ධාතු  සොයාගන්නේ  කෙලෙසද? එසේ නම් Cunningham ගේ අවතාරය  විය  යුතුය. එහෙත් මේ  දිනවල ලංකාවට ඒවා ඇත්තේ 1970 ගණන් වල K. M. Srivastava නම් ඉන්දියානු ජාතිකයකු සොයා ගත් දැනට ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ තබා ඇති ධාතු බව ඉන්දියාවේ 20/08/2012 දින පළවූ The Hindu පුවත් පත සනාත කර තිබේ.   ඉන්දියාවේ 1898 දී  සොයාගත් සර්වඥ ධාතු  තිබු පෙට්ටිය කල්කටා කෞතුකාගාරයේ අද පවතී. මෙහි වූ ධාතු බෞද්ධ රටවල් වෙත එම යුගයේ බෙදා දෙන ලදී.          

කපිලවස්තුවෙන්  සර්වඥ ධාතු සොයාගත් බවට අවස්ථා 3 කදී නිවේදනයවේ. 1898 දී සගරවා වලින් Alois Fuhrer ද.   පිප්‍රහ්වා  වලින්  එම  අවුරුද්දේ  එම  මාසයේම   W.CPeppe  විසින්ද  1972  දී Sirinivasta   විසින්  නැවත පිප්‍රහ්වා   වලින්ද   යන    අවස්ථා තුනය,  මේ අවස්ථා සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය විසින් හෙළිදරව් කරන ලද දෑ මෙසේ දක්වමි.

පහත සදහන්  ලිපිය සැකසෙන්නේ මහත් ආන්දෝලනයට ලක්වුණු පිප්‍රහ්වා කපිලවස්තු සර්වඥ ධාතු ගැන 2006 වසරේ දී  එංගලන්තයේ Harewood House හි ''clear the air'' නමැති සම්මන්ත්‍රණයේදී  ඉදිරිපත් වුණු වාර්තා සහ www.piprahwa.org.uk ඇසුරිනි. 
 

1898 ජනවාරියේදී ඊසානදිග Basti දිස්ත්‍රික්කයේ   Birdpur Estate හි පාලකවරයා  වන W . C, Peppe මහතා නිවේදනයක් නිකුත් කරන්නේ ආභරණ සහ ධාතු  සහිත මංජුසා  පිප්‍රහ්වා අසල ස්තුපයක තිබී සොයාගත් බවකි. මෙහි දී සොයාගත් එක් මංජුසාවක ලිපියක් කොටා ඇති අතර එම ලිපියේ දැක්වෙන්නේ සර්වඥ ධාතු බවය. එමෙන්ම මෙම ලිපියේ බුදුන්වහන්සේගේ ශාක්‍ය වංශික  නෑයන් ගැන සඳහන් වන බැවින් කපිලවස්තුවේ බුදු හිමිගේ නෑයන් විසින් බුද්ධ පරිනිර්වාණයෙන් පසු කරවන්නට ඇති බවට විශ්වාස කරන ලදී. ඉන් පසු වසරේ 1899 දී ඉන්දියාව පාලනය කල  බ්‍රිතාන්‍ය රජය මගින් මේවා සියම් රජට ලබාදුන් බවත් සියම්  රජ විසින් ඉන් කොටසක් බුරුමයේ සහ ලංකාවේ සන්ඝයාවහසේලාට  ප්‍රධානය කරන ලදී.  


මෙම  සර්වඥ  ධාතුන්  සොයා ගැනීම ගැන  අනාවරණය කරන්නේ 1898  ජනවාරි  20 වන  දින  අතර  එයට  පෙර  සර්වඥ  ධාතු  සොයා  නොතිබුණි.  
  මෙම  කාලයේදී   ලුම්බිණි  සෙල්ලිපිය  සහ  එම  පුද  බිම  සොයා  ගත්  Anton  Alois Fuhrer ඉන්දු  නේපාල්  බෝඩරයේ සිට  සැතපුම්  කිහිපයක්  එහායින්   වූ  සගරවා වල  කැනීම්   කටයුතු  කරමින්  සිටියේය. මෙම  පිප්‍රහ්වා සර්වඥ  ධාතු  සොයාගත්  බවට Peppe  නිවේදනයක්  නිකුත්  කර  සති   2 කකට  පසු  බුරුම  ආණ්ඩුව  මගින්  Fuhrer ගේ  ස්වාමියා වන  ඊසාන  දිග  පළාතේ  ආණ්ඩුකාරවරයාට ලිපියක්  යවමින්   අනාවරණය  කරන්නේ   Fuhrer විසින්   1896  සිට  1898 දක්වා  කාලය  තුල  හොර  බුද්ධ  ධාතු  ගනු   දෙනුවක්  U Ma භික්ෂුව සමග  කර  ඇති  බවය. මෙහි  දී  මතක  තබා  ගත  යුතු  දෙය  නම්  බුද්ධ  ධාතු  හමු  වන්නේ  1898 දීය, එහෙත්  Fuhrer බුරුමයේ  U Ma භික්ෂුවට  1896 බුද්ධ  ධාතු  යැවුයේ  කෙලෙසද  යන්නය. දැන්  U Ma භික්ෂුව  සහ  Alois Fuhrer අතර  බුද්ධ  ධාතු  ගනු  දෙනු   සිදු  වූ   කාලයේ   සිදු  කල  ලිපි  ගන  දෙනු  විස්තර  බලමු .

1896   
 සැප්තැම්බර්  22, -  ශ්‍රාවස්ති  වලින්  හමුවූ  සර්වඥ  ධාතු  U Ma හිමිට  එවීම සඳහා  කටයුතු කරන බව  මෙම  ලිපියෙන්  Alois Fuhrer සඳහන්  කරනු  ලැබේ .  

(ශ්‍රාවස්ති වලින් කැනීම් වලදී සර්වඥ ධාතු හමුවී නැත.)

1896    නොවැම්බර්  19  -   තමා  විසින්  ඊයේ  බුදුන්ගේ  ධාතු  එවූ  බවත්  ඒවා  කපිලවස්තුවේ   ශාක්‍යවංශික   නෑදෑයන්   විසින්  කරන  ලද  ස්තුපයක  තිබී  සොයා  ගත්  බවත්  දැක්වේ . මෙම  ධාතු  සොයා  ගත්තේ  1896 දී   තමන්  විසින්  බව  Fuhrer එම  ලිපියේ  සදහන්  කරයි. මෙම ධාතු සොයාගත්තේ බුදුන්ගේ කපිලවස්තු නෑදෑයන් විසින් බුදුන්ගේ ආදාහනයෙන් පසු එම ධාතු නිදන් කරන ලද ස්තුපයක තිබීය. මෙම  ධාතු  එවන්නේ  එම  ධාතු  හමුවූ  පැණි ගලින් (soap stone) සාදන ලද මංජුසාව  සමග  බව  එහි  දැක්වේ. මෙසමගම  එම  ස්ථානයේ  තිබී  සොයාගත්  පැරණි  ලිපියද  මේ  සමග  එවන  බවත්  එහි  පරිවර්තනයක්ද   U Ma භික්ෂුව සදහා   පිළියෙළ  කරනු  ලබන බව Fuhrer මෙම ලිපියේ සදහන් කරයි. (එහෙත්1898 වන විටත් බුදුන්ගේ  ධාතු සොයා තිබුනේ  නැත. මෙයද Fuhrer ගේ මුසාවකි. මෙම ලිපිය U Ma භික්ෂුවට යවන්නේ පිප්‍රහ්වා හි බුදුන්ගේ ධාතු සොයා ගන්නට වසර 1 සහ මාස 2ක කාලයකට පෙරය. ඉන් වසර 1 සහ මාස 2ක් ගියතැන ඉහත ලියුමේ සදහන් ආකාරයටම Peppe විසින් පිප්‍රහ්වා ස්තුපයේ  තිබී බුදුන්ගේ ධාතු පැණි ගලින් (soap stone) සාදන ලද මංජුසාවතිබී සොයා ගැනීමත් එම මංජුසාවේ කපිලවස්තුවේ නෑදෑයන් ගැන සදහන්ව තිබීමත්
ආශ්චර්ය ජනක සිදුවීමක් නොවේද?

1897, මාර්තු 6,- මෙම ලිපියේ දැක්වෙන්නේ U Ma විසින් ඉන්දියාවට පැමිණීමට අදහස් කර ඇති බැවින් එසේ පැමිණෙන තෙක් බුදුන්ගේ ධාතු තමා සන්තකයේ තබා ගන්න බව Fuhrer විසින් ලියා තැබීමයි

1897 ජුනි 23 - මෙහිදී Fuhrer සදහන් කරන්නේ වටිනා බුද්ධ ධාතුවක් U Ma වෙත එවන බවය.

1897 අගෝස්තු 29 -මෙයින් Fuhrer සදහන් කරන්නේ සැබෑ බුද්ධ දන්ත  ධාතුවක් සමග තවත් බුදුන් ගේ  ධාතු එවන බවය.



1897 සැප්තැම්බර් 21-  Fuhrer විසින්  U Ma භික්ෂුවට බුදුන්වහන්සේ
ගේ හකු ධාතුවක් යවනු ලබන අතර එය කපිල වස්තුවේ ස්තුපයේ තිබී සොයා ගත් බවත් එය සුද්ධෝදන රජු ජීවත් වූ ස්ථානය බවත් Fuhrer කියනු ලැබේ. මෙය සත්‍ය ධාතුවක් බවත් ඒ ගැන සැකයක් තබා ගත යුතු නැති බවත්. අනෙක් ධාතුත් ළඟදීම එවන බවත්ය.
1897 සැප්තැම්බර් 30-  Fuhrer  අසෝක රජගේ ලිපියක් කියා හොර ශිලා ලිපියක්  ලියා යවයි. තව ටික කලකින් ගෞතම ශාක්‍ය මුනිගේ ධාතුද එවන බවද එහි  ලියයි.


1897,  දෙසැම්බර් 13 - Fuhrer මෙහිදී සදහන් කරන්නේ  U Ma විසින් ඔහුට එවන ලද රිදී පෙට්ටිය නැවත එවන බවත් ඒ සමග තවත් ගෞතම බුදුන්ගේ ධාතු එවන බවත්ය. තමා දැන් සිටින්නේ නේපාලයේ කපිලවස්තුහි Tarai වල බවත් තව දුරටත් මෙම ලිපියේ සදහන් කරයි. මේ තාක් ධාතු සහිත මන්ජුසාවන් 3 ක්  සොයා ග
ත් බවත් ඒවායේ බුදුන්ගේ නියපොතු, කෙස් , සහ ඇට තිබුණු බවත් සදහන් කරයි. මෙම සියලු වටිනා ධාතු මාර්තු අග මාසයේ එවන බවත් ලියා ඇත.

Alois Fuhrer විසින්  තමා  රවටන  ලද  බව  U Ma භික්ෂුව  විසින්  අවබෝධ  කරගන්නා   අතර  එම  භික්ෂුව  විසින්  මේ  බව  දන්වා  විදුලී  පණිවිඩයක්  එවනු  ලබයි. මේ  අතර  බුරුම  රජයද  මේ  සදහා  මැදිහත්  වන  අතර  Fuhrer ගේ  මෙම  වංචාව  දන්වා
Fuhrer ගේ  ස්වාමියා වන  ඊසාන  දිග  පළාතේ  ආණ්ඩුකාරවරයාට ලිපියක්  එවනු  ලබයි. මෙම  බුරුම  රජයේ  ලිපිය  සහ  U Ma ගේ  විදුලි  පණිවිඩය  ලැබී  සති  2 ක කට  පසුව  නැවතත්  Fuherer විසින්  U Ma ට  1898  පෙබරවාරි  16 දින  ලිපියක්  යවයි. මේ  වනවිට  W.C. Peppe කපිලවස්තු  පිප්‍රහ්වා  බුදුන්ගේ   ධාතු  සොයා  ගත්  බවට  ප්‍රකාශ  කර  සති  3 කි .


1898 පෙබරවාරි  16  - මේ  ලිපිය  Fuhrer ලියන්නේ  කපිලවස්තු  කෑම්ප්  එකේ  (Sagarwa) සිටය.  මා  විසින්  මෑතකදී  එවන  ලද  බුද්ධ  දන්ත   ධාතුව  ගැන  අබෞද්ධයන්  සැක  පහල  කිරීම  පුදුමයක්  නොවේ . එය  සාමාන්‍ය  මිනිසෙකුගේ  දතකට  වඩා  වෙනස්  බව  ඇත්තකි .  (මෙය  අශ්ව  දතක්  බව  පෙනේ ). එහෙත්  ඔබ  දන්නා  පරිදී  බුදුන්  සාමාන්‍ය  කෙනෙකු  නොවේ.  ඔබේ  ලිය  කියවිලි  වල  සදහන්  වන  පරිදී  බුදුන්  ගේ  උස  අඩි 27 කි . ඒ  නිසා  බුදුන්ගේ  දත්  සාමාන්‍ය  මිනිසුන්ගේ   හැඩයම  නොවිය  හැකිය. මේ  දත  සොයා  ගත්  පෙදෙස  දැන්  කැලයකින්  වැසී  ඇත. මෙම  දත  සමග  තිබී  මා  විසින්  සොයා  ගත්  පැරණි  ශිලා  ලේඛනයේ  කොපියක්ද    එවන්නෙමි.  මෙහි ශිලා  ලේඛනයේ    සදහන්  කර  ඇත්තේ    ඔබට  එවූ  එම  බුදුන්ගේ  දත  උපගුප්තගේ  තෑග්ගක්  බවය. උපගුප්ත  අසෝක  රජගේ ගුරුවරයා  බව  ඔබ  දනී . අසෝක  කි .පු . 250 දී  සිටි  ඉන්දියාවේ  අධිරාජ්‍යයාය. අසෝක  අධිරාජයාගේ  කාලයේ  මෙම  දත  බුදුන්ගේ  ධාතුවක්  ලෙස  විශ්වාස  කරන  ලදී . මගේ  අදහස  නම්  මෙය  බුදුන්ගේ  සත්‍ය  දතක්  බවය .

මෙසේ  Fuhrer ගේ  වංචාවන්  එළිදරව්  වන්නට  පෙර   Fuhrer විසින්  ඔහුගේ  Progress Report එකේ  ලියා  දක්වන්නේ   කපිලවස්තුවේ  සගරවා  හි  තිබී  ධාතු  සහිත  මන්ජුසාවක්  සහ   මහානාම  (එනම්  සුද්දෝධන  රජුගෙන්  පසු  රජකමට  පත්වුණු ) විසින්  කරන  ලද  ස්තුපයක්ද  ඔහු විසින්  සොයා  ගත  බවය.  මෙම  මංජුසාවේ  ශාක්‍ය  වංශිකයන්  17 දෙනෙකු  ගේ  නම්  කොටා  ඇති   බව  දක්වන  ඔහු  එම  17 දෙනාගේ  නම්  ද  ලැයිස්තුගත  කරන  ලදී . මෙම  මංජුසාවේ  ලියා   ඇති  අකුරු  අසෝක  රජුට  පෙර  ලියන ලද අක්ෂර  බවටද  කරුණු  ඉදිරි  පත්  කරන  ලදී.
එහෙත්  Fuhrer විසින්   Ma භික්ෂුවට  කරන  ලද  වංචාව  බුරුම  රජයේ  මැදිහත්  වීමත්  සමග  එළිදරව් වෙද්දී   ඉහත  සදහන්  Progress Report එකේ  වාර්තාවන්ද ,  ගල  උඩ  බළලා  පැහැරුවාක්සේ  සියල්ල  එළිදරව්  වන්නේ  මේ  වංචාව  සම්බන්දයෙන්  පරීක්ෂණ  පැවැත්  වීමත්  සමගය .
 

Fuhrer ගේ  මෙම  වංචාව  සොයා  බැලීම  සදහා  V.A. Smith මහතාව  ලක්නව්  කෞතුකාගාරයේ   Fuhrer ගේ  කාර්යාලයට   පත්  කරනු  ලැබේ . Smith මහතා  පරීක්ෂණ  වාර්තාවේ  සදහන්  කරන්නේ  නේපාලයේ  ශාක්‍ය   වරුන්  ගැන  සදහන්  වන  මංජුසාවේ  කොටා  ඇති  ලේඛනය   ලජ්ජා   නැති  හොර  ලිපියක් බවය .  මේ  එලිදරව්වත්  සමගම  Fuhrer වහාම  රැකියාවෙන්  අස්වනු  ලැබේ . ඊලග  වසරේ  1899 දේ  Dr Hoey  සහ  Wadell, Fuhrer මෙම  ධාතු  සොයා  ගත  නේපාලයේ  Tarai වල  සංචාරය  කරන  අතර මෙම දෙපල පවසා ඇත්තේ Fuhrer මහා  පරිමානයේ  බොරු  කියා  ඇති  බවය . ඔවුන්ගේ අදහස පුද්ගලයකු  (Fuhrer) විසින්  ඉතා  අශෝභන  ලෙස  තක්කඩි  නිර්මාණයක්  මෙහි   කර   ඇති  බවය . ඉහත  සදහන්  Fuhrer   නම්  තක්කඩිකම්  කර  ඇති   තැනැත්තා  අන් කවුරුන්   හෝ  නොව  නේපාලයේ  බුදුන්  උපන්නා  බවට  ලියවුන  සෙල්ලිපිය  ඇතුළු  නේපාල  පුදබිම  සොයා  ගත්   තැනැත්තා  බව  හොදින්  මතක  තබා  ගන්න . බුරුම  රජය  මැදිහත්  නොවුනානම්  අදටත්  කපිලවස්තු  සරගවා සර්වඥ   ධාතු  වලට  වැදුම්  පිදුම්  කරන්නේය.  එහෙත් අදටත් පොත පත නොකියන බොහෝ  දෙනා මේ ශාකයන් ගැන ලියා ඇති ලිපිය බොරුවක් බවත්  Fuhrer විසින්ම ලියන ලද්දක් බවට නඩු විභාගයේදී ඔප්පු වී ඇති බවත් නොදනිති.
මේ  අනුව  1898 දී  පළමු  වරට  සගර්වා  සහ  පිප්‍රහවා  වලින්  සර්වඥ  ධාතු  සොයා  ගන්නේය . මෙම  සොයා  ගැනීම්  2 කම  සිදුවන්නේ  එකම  මාසයක්  ඇතුළතය . මෙම  සොයා  ගැනීම්  කල  දෙදෙනාම 
පවසා ඇත්තේ අසෝක  කාලයට  පෙර  ලියවුනු  අක්ෂර  සහිත  ධාතු  මංජුසා  කපිලවස්තුවෙන්  සොයා  ගත්  බවය . මෙම  ස්ථාන  2 කේම  මංජුසා  වල  තිබී  සොයා  ගන්නා  ලද  දේ   මීට  පෙර  හෝ  ඉන්පසුද  සොයා  ගෙන  නැත්තේය .  බුරුම  රජයට  පින්සිදුවන්නට  සගර්වා  හි   වංචාව  එලිවන්නේය. පිප්‍රහ්වා ධාතු සොයාගත් Peppe සහ සගරවා ධාතු සොයා ගත් Fuhrer  නිරන්තරයෙන් ගන දෙනු කල බව ලිපි ලේඛන වලින් හෙළි වී ඇත්තේය.
දැන්  අපේ  අවධානය  යොමුවන්නේ  කපිලවස්තුවේ 
පිප්‍රහ්වා  සර්වඥ  ධාතු (1898 සොයාගත්)  ගැනය .
මෙම  පිප්‍රහ්වා  ධාතු  සොයාගත්  බවට  නිවේදන  නිකුත්  කරන  කාලයේ සියමයේ  ඔටුන්න  හිමි  කුමරු , ජිනවරවංස  ඉන්දියාවේ  සංචාරය   කරමින්  සිටියේය . මෙම  කාලයේ  ඔහු  මහණවී  සිටියේය . (සැම පිරිමියෙක්ම  ටිකකලකට  හෝ  ම
නවීම  සියමයේ  සිරිතකි ). පිප්‍රහ්වාහි   මෙම  සර්වඥ  ධාතු  සොයා  ගත්  බව  දැනගත්  සියමේ  රජකුමරු  එම  සර්වඥ  ධාතු  සියම්  රටට  ගෙනයාම  සදහා  තම  අදහස  ඉදිරිපත්  කළේය. රජකුමරු  ගේ  ඉල්ලීම  සලකා  බැලූ  අචාර්ය  Hoye මහතා  ඉන්දියානු  රජය  විසින්  තම  හොදහිත  අසල  වැසි  බෞද්ධ  රටවල්  වෙත  පෙන්වා  එම  ඉල්ලීමට  ඉඩදිය  යුතු  බව පැවසීය. එහෙත්  ඊසානදිග  පළාත්  ආණ්ඩුවේ  වැඩ  බලන  ලේකම්  V.A.Smith මහතා  පවසන  ලද්දේ  බෞද්ධ  ලෝකයා  විසින්  මේගැන  බලවත්  උනන්දුවක්  දැක්විය  හැකි  බවත් , සියලු  බෞද්ධ  රටවල්  මෙම  ධාතු  බෙදා  ගැනීම   සදහා  කැමැත්ත  පල  කරනු  ඇති  බවය.

1904 දී  නැගෙනහිර  පුරාවිද්‍යා  කැනීම්  කවයේ  කටයුතු  භාර  පාලකවරයාවන  වන  ආචාර්ය  Theodor Bloch ලියා  දක්වන්නේ පිප්‍රහ්වා  වලින්  සොයාගත්  ශාකයන්  විසින්  තැන්පත්  කල  බවට  කියන  ධාතු  සම්බන්දයෙන්  සැකයක්  පවතින  බවය . එම  පිප්‍රහ්ව  පෙදෙසේ  තිබී  සොයාගත්  සියම්  රජුට  දුන්  ධාතු  තමා   විසින්  කල්කටාවෙදී  දුටු  බවත්  ඒවා  මගේ  දැනුම  අනුව  නම්  මිනිස්  ඇට  කැබලි  නොවන  බවය. ආචාර්ය  Bolch කල්කටා  ඉන්දියන්  කෞතුකාගාරයේ, පුරාවිද්‍යා  අංශය  භාර  අධ්‍යක්ෂක   තනතුරද  මෙම  යුගයේ  හෙබවීය . මෙම  බලවත්  චෝදනා  ආචාර්ය  Hoey ඉදිරිපත්  කරන්නේ  පුරාවිද්‍යා  පිළිබද  ඔහු  ගේ  පෞද්ගලික  අත්දැකීම්  මත  පිහිටා  පමණක්  නොව  එම  කෞතුකාගාරයේ  සත්ව  විද්‍යාඥවරගේ   දැනුමද  අනුවය . මෙම  කල්කටා  කෞතුකාගාරය  එම  යුගයේ  ආසියාවේ  තිබුණු    ශ්‍රේෂ්ටම  කෞතුකාගාරය  ලෙස  සැලකීය .

පිප්‍රහ්වා  සොයා  ගැනීම්  වලින්  Peppe විසින්  දතක්  තමා  සන්තකයේ  රදවා  තබා   ගත්  අතර  මෙම  දත  Charles Allen මහතා  ලන්ඩන්  වල  Natural History කෞතුකාගාරය  වෙත  පරීක්ෂණයක්  සදහා   රැගෙන  ගියේය . මෙම  කෞතුකාගාරයේ  පාෂාණිධාතු විද්‍යාඥයින්  (palaeontologistsසනාත  කර ඇත්තේ  එය 
රකුගේ  ඇබරුම්  දතක්  බවය මෙම පිප්‍රහ්වා ධාතු තායිලන්තයේ Wat Saket  පන්සලේද,  රැන්ගුන් හි Shwe Dagon    දාගැබේද,  ලංකාවේ අනුරාධපුරයේද , ජපානයේ Nittaiji  පන්සලේද ,  තැන්පත් කර ඇති බැවින් බෞද්ධ ජනයා සියවසකට අධික කාලයක් තිස්සේ පැරණි ඌරකු ගේ ඇට කැබලි වලට වදිනවා විය හැකිය.
ධාතු තිබු භාජනය සම්බන්දන්ධයෙන්ද ඉදිරිප
ත් වන්නේ පරස් පර විරෝධී අදහස්ය.  Peppe පවසා  ඇත්තේ කරඩුව    මැටියෙන්  පිරී  තිබුණු  බවත්  එහි  ඔබ්බවා  පබළු , ක්‍රිස්ටල් , රන්  ආභරණ,  තරු  යන්නදිය  තිබුණු  බවය. Pioneer පුවත්  පතට  ධාතු  සොයාගත්  මුල්  දිනවලදී  ප්‍රකාශ  නිකුත්  කරන  Peppe පවසා  තිබුනේ  ආභරණ  සහ  ධාතු  අඩංගු  මංජුසා  ඉතා  හොදින්  ආරක්ෂා වී  තිබු  බවය. පසුව  ඔහු  විසින්ම   පවසා  ඇත්තේ  මෑතකදී  කල  ඒවාද  විය  හැකි  බවය . Smith සහ  Fuhrer, Peppe ගේ  මෙම  සොයාගැනීම්  බලන්ට   ගිය  අතර  ඒවා  කුඩා  පෙට්ටගමක  දිරා  ගිය  ලී  පෙට්ටියක  තිබුණු  බව  මෙම  දෙදනා  පවසන  ලදී . සියමයට  මෙම  ධාතු  භාර  දී  ඇත්තේද  මේ  දිරාගිය   ලී  ද්‍රව්‍යත්  සමගය . 

ලේඛනයක්  සහිත  1898 සොයාගත්  පිප්‍රහ්වා  මංජුසාව  කල්කටා  කෞතුක ගාරයේ  ඇත්තේය . මෙහි ඇති 
අකුරු  ඉතා  නොසැලකිල්ලෙන්  ලියා  ඇති  අතර  සමහර  අක්ෂර  ලිවීමේ   දෝෂ  වලින්  යුක්තය . මෙහි  මෙතෙක්  ඒ  ගැන  ලියවුන  කිසිම   වාර්තාවක  සදහන්  වී  නොමැති   අක්ෂර  කිහිපයක්  එහි  පියනේ   ඇත්තේය . මෙම  ලිපියේ  ඇත්තේ  සකියානම්  වචනය  මිස  සකියා  වචනය  නොවේ . එහෙත්   මේවා  පිටපත්  කිරීමේදී  අවසන්  අකුරු  දෙක  ඉවත්  කර  තිබේ. කියානම් යන වචනය මේ අනුව සාක්ය කියා ගෙන ශාකය වරුන් ලියා ඇති බවට ගෙන තිබේ.

Asoka and the Buddha relics නමින්  එදවස  සිටි   Rhys David නම්  පාලි භාෂා විශේසඥ සහ  පුරාවිද්‍යාගවේෂකවරයා  JRAS (UK) සගරාවේ   Peppe  කපිලවස්තුවේ  පිප්රහ්වා  වලින්  සොයා ගත්  සර්වඥ  dhaathu ගැන  ලියා  ඇත්තේ  මෙලෙසය .

ඉතා  පරිස්සමින්  Peppe විසින්  කැනීම්  කර  ඇති  බැවින්  එයින්  ස්තීරවන්නේ  පිප්‍රහ්වා  ස්තුපය  Peppe  විසින්  විවුර්ත  කර  බලන්නට  පෙර  වෙන  කිසිවකු  හෝ  එය  විවුර්ත  කර  නැති  බවය . මෙහි  ඇති  හොර  ලිපියේ  තර්කය,   සිතා  ගත  නොහැකි  තරම්ය.  මෙම  පිප්‍රහ්වා  ස්තුපය  සහ  එහි  නටබුන්   අදහස්  කරන   දේ මෙය  නොවේනම්  මේවා  මොනවාද ? මේවා  සැකය , සැබවින්ම  සැක  සහිතය .  මේවා  විශ්වාස  කල  නොහැකි ඒවා බවට කිසිම සැකයක්  නැත  

Piprahwaa හි  ධාතු  සමග  හමුවූ  ආභරණ  සියලල්ලම  වගේ  Peppe විසින්  ලබාදුන්  බව   V. A. Smith මහතා  ඉන්දියන්  රජයට   සහතික  කර  තිබේ . මෙම  භාරදුන්  ආභරණ  අතර  ව්‍යාජ  ඒවා  කිහිපයක්  පමණක්  Peppe විසින්  රදවා  තබාගත්   බව  Smith විසින්   ‘The Piprahwa Stupa’ නම් ලිපියේ 
JRAS  සගරාවේ  සදහන්  කර  තිබේ . එහෙත්  Peppe විසින්   ලැබුණු  වටිනා  ආභරණ  වලින්
තමා  සන්තකයේ   තුනෙන්  එකක්  තබා  ගෙන  තිබේ. එනම්  කැබලි  360 පමණය.  Sagarwa වලින්  හමුවූ  ආභරණ  වලට  හෝ සොයාගත් දේවලට සිදුවුයේ  කුමක්ද  යන්න  දැන  ගැනීමට  කිසිම  සාක්ෂියක්  අද  නැත .   (බුදුන්  වහන්සේගේ  ධාතු  සොයා  ගත්තා  යයි  කියමින්  ජනතාවගේ  අවධානය   වෙන  අතකට  යොමු  කර  මේ  අය  කරඇත්තේ   වටිනා  භාණ්ඩ  කොල්ල   කෑමය.   Peppe සමග  එකතුවී   Smith ද  ආභරණ  මංකොල්ල  කෑවා   විය  හැක .).


1962 දී  නේපාල  බලධාරීන්  විසින්  ඉන්දියාවේ  ඊසානදිග  පුරාවිද්‍යා  කවයේ  කටයුතු  භාර   Debala Mitra මහත්මිය  නේපාලයේ  Tarai හි  වන්දනා  ගමන්   කටයුතු  වැඩි  දියුණු  කිරීමේ  අදහසින්  එම  භුමියේ  ගවේෂණ  කටයුතු  සදහා   ආරාධනා  කළේය. නමුත්  Mitra ගේ වාර්තාව  1969 දී  එලිදැක්වෙන්නේ  Tarai ගැන බොහෝ  විවේචන  ඇතිවය. එහෙත්  නේපාලය  එම  සොයාගැනීම් වාර්තාව  ප්‍රසිද්ධ  කිරීම  ප්‍රතික්ෂේප  කළේය.  1971 දී  පලකල  Mitra ගේ   ‘Buddhist Monument’ නම්  පොතේ  කපිලවස්තු  නම්  ශීර්ෂයට  ඇමුණුමක් (appendix ) එකතු කරමින් සදහන් කර   ඇත්තේ  1898   ලේඛනය (Peppe සර්වඥ ධාතු හොයාගත් මංජුසාවේ ලියා ඇති ලේඛනය.) පිප්‍රහ්වා යනු  කපිලවස්තු  බවට  විශ්වාස  කිරීමට  ඉඩ  සලසන  බවය .  පිප්‍රහ්වා  පුදබිමේ  කැනීම්  කටයුතු  වඩාත්  තීව්ර  කළහොත්   කපිලවස්තු  බවට   හෙළිදරව්  කර ගැනීම    සදහා   අවැසි  වන  සීල්  හමුවන  බවය . එසේ හමුවුවහොත්   කපිලවස්තු  යනු  පිප්‍රහ්වා ද  නැත්නම්  වෙන   තැනක්  ද යයි  හෙළි  කර ගත හැකිවන  බවය .

ඉහත   සදහන්  Delba Mitra ගේ  ඊසාන   දිග  පුරාවිද්‍යා  කවයේ   පුරාවිද්‍යාඥයකු  වන  K . M . Srivastava අප්‍රමාදව  ප්‍රකාශ  කර  ඇත්තේ  1898 දී  Peppe විසින්  පිප්‍රහ්වා  කැනීම්  කල  ස්ථානයේ   ඊට   පහලින්  තමා  කැනීම්  කල  බවත්  එහි  දී  ඔහු  මුල්  යුගයේ   මැටි  ස්ථුපයක්  සොයා  ගත්  බවය . ඒ  අනුව  ඔහු  ඇට  කැබලි  සහිත  මන්ජුසාවන් ,  කපිලවස්තු කියා ලියවුනු සීල් ද සොයා  ගත්  බවත් සදහන් කර සිටියේය  . Srivastava ට  අනුව  Peppe කිසිම  වගවිභාගයක්  නැතිව  1898 කැනීම්  කර  ඇත්තේය . එමනිසා  1898 Peppe සොයා  ගෙන  ඇත්තේ  සැබෑ  සර්වඥ  ධාතු  නොවය. 1898 සොයාගත්  මංජුසාවේ  ලියා  ඇති  ලිපියේ  පෙන්නුම්  කර  ඇත්තේ  වඩා  පහලින්  තමා  විසින්  සොයා  ගත් සර්වඥ  ධාතු  ගැන  වියයුතු  බව ඔහු පවසා ඇත්තේය. එහෙත්  මෙම  මංජුසා  මත  කිසිම  දෙයක්  ලියා  නොතිබුණි. මීට පෙර මෙහි කැනීම් කල Peppe ට  හෝ  P. C. Mukherji ට කවදාවත් කපිලවස්තු නම ගැසූ සීල් හමුවී නොමැත. එයද Srivastava ගේ අද වනතුරුත් ස්වාධීන පරීක්ෂණයකින් ඔප්පු කර නැති වංචාවකි . අපි  අද  රටපුරා  රැගෙන  ගොසින්  වදින්නේ   ඉන්දියාවෙන්  ගෙනා  මේ Srivastawa  සොයා ගනු ලැබූ ධාතු  වලටය .

K. M. Srivastava ගේ   මෙම  ප්‍රකාශ  සම්බන්දයෙන්  ඉතා  දැඩි  විවේචනයන්  එල්ල  කරන  විශිෂ්ට  පුරාවිද්‍යාඥයකු  සහ  ඉතිහාඥයකු   වන  Herbert Hartel මහතා  පවසාසිටියේ   Srivastava සොයා  ගත්තේ  බුදුන්ගේ  ධාතු  බව  ස්ථීර  ලෙස  සනාත  කරන්නට  සාධක  නැති  බවය. Srivastava ගේ  මෙම  තර්ක  නොබිදිය  හැකි  තර්කයක්  නොවන  බවය  එනම්  බිදිය  හැකි  තර්කයක්  බවය . එනිසා   Hartel මහතා පවසා  ඇත්තේ  මේ  වැදගත්  කාරනාව  සම්බන්දයෙන්  විද්‍යාත්මකව  සොයා  බලා  පමා  නොවී  විද්‍යාත්මක  නිවැරදි  කිරීමක්  කලයුතු  බවය .
ඉන්දියාවේ කෞතුකාගාරයේ Sirivastava ගේ උපදෙස් මත පිප්‍රහ්වා ස්තුපයේ අනුරුවක් තබා ඇති අතර එය සැබෑ පිප්‍රහ්වා ස්තුපයට වඩා හාත්පසින් වෙනස්ය.
පිප්‍රහ්වා වංචාව සම්බන්ධයෙන් ලන්ඩන්හි සම්මන්ත්‍රනයේදී  වාර්තා ඉදිරිපත් කල Phelps මහතා විසින් 1994 ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරය නැරබීමට ගිය අතර   එහි දී කෞතුකාගාරයේ බෞද්ධ පුරාවස්තු භාර අධිකාරිවරයා වන  E .  Dawson මහතා ගෙන් 1898 දී Peppe විසින් සොයාගෙන  පසුව සියමට භාර දුන් පිප්‍රහ්වා ධාතු ගැන විමසනු ලැබුවත් Dawson හෝ එහි නිලධාරීන් කිසිවකු ඒ සම්බන්දයෙන් කිසිවක්  දැන සිට නොමැත. මෙම සාකච්චාවේදී Phelps විසින් Srivastawa විසින් 1972 සොයා ගත් ධාතු වල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සදහා පසු කලක රජීව් ගාන්ධි මහතා කොමිසමක් පත් කල බව පවසා සිටියේය. එම තොරතුර තමාට කීවේ නේපාලයේ මුල්පෙළේ පුරාවිද්‍යාඥයෙකු  වන Krishna Rijal  බවත් තව දුරටත් Phelps කියා සිටියේය. එම කොමිෂන් වාර්තාවේ දී කුමක් හෙළිදරව් වුයේද යයි Phelps ඇසූ පැනයට කෞතුකාගාරයේ  එක්‌ නිලධාරියෙක් පවසා ඇත්තේ එම කොමිෂන් සභාවේ සාමාජිකයෙක් වූ  මහාචාර්වරයෙක් එම කොම්ෂන් වාර්තාවේ එය බොරුවක් බව සනාත කර ඇති බවත් එය බුදුන්ගේ ධාතු නොවන බවත්ය. මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමග කෞතුකාගාරයේ එහි සිටි සියලුම නිලධාරීන් මවිතයට පත්ව තිබේ . අද අපි මේ දිනවල වදින්නේ මේ ධාතු වලටය. මේ දක්වා ඉන්දියාව මෙම වාර්තාව හෝ මෙම සර්වඥ ධාතු සම්බන්දයෙන් ස්වාධීන පරීක්ෂාවක  වාර්තාවක් ඉදිරිපත් කර නොමැත.  අද ලෝකයේ  බොහෝ විද්වතුන් මේ දක්වාම බොරු කියා මිනිසුන් ලවා මෙම සර්වඥ ධාතුන් වැන්දවීම සම්බන්දයෙන් ඉන්දියාවට දෝෂාරෝපණ එල්ල කරමින් පවතී. බොහෝ දෙනා දන්නේ සොයා ගත දේ ගැන පමණි. එහෙත් මේවායේ සත්‍ය අසත්‍ය බව සෙවීමට ස්වාධීන පරීක්ෂණ පැවැත්වූ බව හෝ එහි වාර්තා ප්‍රතිපල හෝ දන්නේ නැත. සොයා ගනු ලැබූ  දෙය සත්‍ය යයි සිතමින් ජීවත් වෙති.  ඉන්දියාන්නුවන් වැඩිපුරම හින්දු ජාතිකයන්ය. බුදුන්වහන්සේ ගැන හැගීමක් ඔවුන්ට නැත. මෑතකදී අඩි 18 ක් උස මිනිසකු ගේ ඇට සැකිල්ලක් සොයා ගත්තා කියමින් ලොවක් මුලා කරන්නට තැත් කලේද මෙම ඉන්දියාවමය.

සර්වඥ
ධාතු කියා බෞද්ධයන්ට ඌරු ඇට වදින්නට සැලැස්සු Peppe හොයාගන්නට බැරි ලෙඩක් සැදී කතාකර ගන්නටවත් බැරිව වසර 7 පමණ කාලයක් අසීමිත ලෙස විඳවා මිය ගියේය. මිනිසුන්ට වදින්නට සැබෑ සර්වඥ ධාතු සොයා දුන්නානම් එසේ වෙනවාද? කරපු අකුසලය දිට්ටධම්ම වේදනීය කර්මයක් ලෙස පඩිසන් දුන්නේ එසේය.

Peppe ගේ මෙම වංචාවට සහයෝගය දක්වමින් සගරාවලට වාර්තා සැපයූ  J .G. Buhler 1898 ආගිය අතක් නැතිවිය. ඔහු බෝට්ටුව පෙරලී දියේ  ගිලී මලාද නැතිනම් සියදිවි හානිකර ගත්තාද යන්න කිසිවෙක් හෝ අදටත් නොදන්නේය.
Siriniwasta විසින් 1972 සොයා ගත් සර්වඥ ධාතු  බොරුවක් ලෙස විද්වතුන් කියද්දී ඒවා නැසුනාක් සිට ඒවාට වන්දවන්නට ඉඩ සැලසු ගාන්ධි පවුලට වුයේ මොකක්ද? සහාසිකයන් අතින් ඝාතනය වීමය. මොරාජ් දේශායිට අගමැති තනතුරත් නැතිවිය.
අලුත් අලුත් දේ සොයා ගත්තා කියමින් ලෝකයා රැවටීම ඉන්දියාවේ විලාසිතාවකි. පි
රටින් එන ඕනෑම දෙයක් සොයා නොබලා මහා ඉහලින් භාර ගැනීම ලංකාවේ විලාසිතාවකි. එම විලාසිතාවට ගොදුරුවූ ලංකාවේ අයට කිවහැක්කේ ඉන්දියාවෙන් සොයා ගත් ධාතු සම්බන්ධයෙන් බොහෝ ආන්දෝලන පැන නැගී ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තා ගණනාවක් ජාත්‍යන්තරයේ පවතී. එහෙත් ලංකාවේ තිබු ධාතු සම්බන්ධයෙන් එවැන්නක් ලියවුනු  බවට සාක්කි නැති බවය.
 
 
පළවැනි(01) රුපයේ ඇත්තේ 1898 පිප්රහ්වා ස්තුපයේ තිබී සොයා ගනු ලබන මන්ජුසාය . මෙම photos රැගෙන ඇත්තේ 1898 දීය.

දේවැනි(02) රුපයේ ඇත්තේ 1898 පිප්රහ්වා ස්තුපයේ ලිපියක් සහිතව සොයා ගනු ලබන මන්ජුසාවය. මෙම photos රැගෙන ඇත්තේ 1898 දීය.

මෙහි තුන්වන(03) රුපයෙන් පෙන්වන්නේ එම මංජුසාවේ 'කි' සහ 'ති ' යන   අකුරු නොසැලකිල්ලෙන් ලියා ඇති ආකාරයය. 04 වෙනි සටහනේ ඇත්තේ එම අකුරු නිවැරදිව ලියන ආකාරයය.

පස් වැනි(05) රුපයේ ඇත්තේ  Sirinastawa කෞතුකාගාරයේ තබා ඇති  පිප්රහ්වා ස්තුපයේ ආකෘතියයි. හයවැනි රුපයේ ඇත්තේ පිප්රහ්වා ස්තුපයේ සැබෑ රුපයයි.
(01)
(02)
(03)
(04)
(05) (පරිවර්තනය,පෙලගැස්ම,සැකසුම සුභාෂිනි කුමාරි)
ලිපියේ කොටස් උපුටා ගැනීමෙන් වලකින්න. මිතුරන් දැනුවත් කිරීම්(Share) සදහා ලිපියේ link යොදාගන්න