Sunday, November 25, 2012

චත්තාරෝ මහා රාජා

චත්තරෝ මහා රාජා යන වචනය ඇතමෙක්ට නුහුරු වචනයක් වුවද සතරවරම් දෙවියෝ යන්න සැමටම හුරු පුරුදු වචනයකි. බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම ජනප්‍රවාදයේද මේ සතරවරම් දෙවිවරු ගැන සදහන් වී ඇත. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට කිඹුල්වත්පුරය ආරක්ශා කරනු ඇත්තේ සතරවරම් දෙවිවරුන් විසිනි. එසේම ලාංකීය ජනප්‍රවාදයේ අන්දමට හෙල දිව ආරක්ශා කරනුයේද හතරවරම් දෙවිවරුන් විසින්මය. ඒ නිසාම ශාන්ති කර්ම ආරම්භයේදීම සතරවරම් දේවාරදනයක් කර එම ශාන්ති කර්මයට මූලිකවන්නාවූ දායක කාරකාදීන්ද ඔවුන්ගේ වතු පිටි හරකා බාන ආදී වස්තූන් ආරක්ශා කරන ලෙස ආයාචනයක් කරනු ලැබේ.කෙසේ වෙතත් මේ ජනප්‍රවාදයට අනුව ස්ථාන දෙකක් (කිඹුල්වත්පුරය භාරතයේ නම්) එකම දෙවිවරු හතර දෙනෙක් ආරක්ශා කරන්නේ කෙසේද යන්න ගැටලුවක් මතුවේ.දැන් සූදානම් වෙන්නේ එම ගැටලුව විසදීමටය.

සතරවරම් දෙවිවරුන් පිලිබදව වඩා පැහැදිලි හා පිලිගත හැකි මූලාශ්‍රයක් වන්නේ ත්‍රිපිටකයයි. ත්‍රිපිටකයේ නොයෙක් තැන් හිදී මේ සතරවරම් දෙවිවරුන් පිලිබදව සදහන් බව ත්‍රිපිටකය පරිශීලනය කරන සැවොම දන්නා කරුනකි. ඇතැම් බෞද්ධ ග්‍රන්ථවල සතරවරම් දෙවිවරුන් ලෙස අර්ථ දක්වා තිබුනද ත්‍රිපිටකයේ සදහන් වන්නේ "චත්තාරෝ මහා රාජා" ලෙසය. එනම් මහ රජවරු 4 දෙනෙකු යන්නයි. එසේම මොවුන් පාලනය කල බල ප්‍රදේශය ලෙස දක්වන්නේ "චාතුර්මහා රාජිකය"යි. එනම් මහ රාජධානි 4 යන්නයි. එහෙත් පසුකාලයකදී චත්තාරෝ මහාරාජා ලෙස හැදින්වූ නාමය සතර වරම් දෙවියන් ලෙස හදුන්වාගෙන තිබෙන අතර ඔවුන් පාලනය කල මහා රාජධානි හතර දහමේ සදහන් වන ඕපපාතික දෙවියන් උප්පතිය ලබනා "චාතුර්මහාරාජිකය" නම් දෙව් ලොවට ඈදා ගෙන තිබේ. මෙය පටලවා ගැනීමට හේතුව චාතුර්මහාරාජික නම් දිව්‍ය ලෝකයක් පිලිබදව දහමේ විස්තර කර තිබීම හා රාජධානි 4ද දැක්වීමට "චාතුර්මහාරාජිකය" යන නාමය යෙදීම විය හැක. නමුත් මෙය කෙසේ කාගේ වුවමනාවට සිදුවූවාද යන්න කෙලින් ප්‍රකාශ කල නොහැකි වුවත් රජවරු හතර දෙනා සහ ඔවුන්ගේ රාජධානි 4 දෙව් ලෝක බවට පත්කර ඕපපාතික දෙවියන් සමග පැටලීමට අ‍ටුවාව උත්සහ කර ඇති බවනම් පැහැදිලිය. අපේ ඇතැම් දේශකයන් වහන්සේලා යැයි කියාගන්නා ඇත්තන් සුරංගනා කථාවලට බොහෝ කැමති නිසාත් ඔවුන්ගේ අනුගාමිකයන් ඒවාට බොහෝ කැමති නිසාත් මෙ පටලැවිලි නිරාකරනය නොකර එසේම පවත්වාගෙන ආ බවනම් ඉතාම පැහැදිලිය. ඒ නිසාම හෙලදිව ජීවත් වූ රජදරුවන් හතර දෙනෙක්ගේ නම් හා ඔවුන්ගේ රාජධානි සහමුලින්ම ලංකා ඉතිහාසයෙන් අතුගා දමා ඇත.

සිව්මහ රජවරු ගැන කථා කිරීමේදී අමතක කල නොහැකි සූත්‍ර දේශනාවක් ලෙස ආටානාටිය සූත්‍රය හැදින්විය හැක. ආටානාටිය සූත්‍රයේ ධර්මය පිලිබද විග්‍රහයක් නොකරන අතර එහි සම්පූර්ණයෙන්ම ඇත්තේ ඉතිහාසගත සිදුවීමක සත්‍ය තොරතුරු ‍රැසකි. භික්කු, භික්කුනී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට සිදුවන කරදර වලින් මිදීම සදහා ඇතිකරගත් ගිවිසුමක් වශයෙන් කෙටියෙන් හැදින්විය හැක. සූත්‍ර දේශනාවේ අන්දමට සිව්මහරජවරුන් හා ඔවුන්ගේ අනුගාමිකයන් දඹදිව ගිච්චකූට පව්වට ‍රැස්වෙන අතර එහිදී කුවේර හෙවත් වෙස්සන රජතුමා බුදුන්වහන්සේ ඉදිරියේදී මෙම ආටානාටිය දේශනාව ප්‍රකාශ කර සිටී. පසුව එම දේශනයම බුදුන්වහන්සේ තමන්වහන්සේගේ ශ්‍රාවකයන් ඉදිරියේදීද දේශනා කරනු ලබයි. ඒ නිසාම ආටානාටිය සූත්‍ර දේශනාව රාජ අණක් ලෙසත් බුද්ධ අණක් ලෙසත් හැදින්වේ. දීඝ නිකායට අයත් ආටානාටිය සූත්‍රය පිරුවානා පොතේ ද ඇතුලත්වී ඇති අතර මහ පිරිතේදී දෙවරක් සජ්ජායනය කරන එකම සූත්‍ර දේශනාව මෙය වීමට හේතුව වන්නේද ඉහත කී රාජා අණ හා බුද්ධ අණ පසක් කිරීමය.

මෙම ආටානාටිය සූත්‍ර දේශනාව ගත් විට එහි කියවෙන්නේ යක්කයන් හා දෙවියන් යන මනුශ්‍ය නොවන කාණඩ පිලිබද විස්තරයක් බව බොහෝ දෙනා මිත්‍යා අදහසක් ඇතිකරගෙන සිටී. එයට හේතුව වී ඇත්තේ සූත්‍ර දේශනාවේ වරදක් නොව එම සූත්‍ර දේශනාව විස්තර කෙරෙන අ‍ටුවාව එම සූත්‍ර දේශනාට දී ඇති විග්‍රහයයි. දේශකයන් වහන්සේලා විසින් කිසිදු සෙවීමකින් තොරව අ‍ටුවාවේ ඇති විස්තර තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරන නිසා ඒවා අසන සාමාන්‍ය ජනයාද ආටානාටිය සූත්‍රයට අමනුශ්‍ය ස්වරූපයක් දී තිබේ.හෙලදිව ඉතිහාසය පිලිබදව වටිනා කරුනු ‍රැසක් ‍රැගත් ආටානාටිය සූත්‍රයට මෙසේ අඩු තක්සේරුවක් දී තිබූ නිසාම හෙලදිවට තිබූ උරුමයන් දෙව් ලොවකට ඈදා ගෙන තිබුනි.

ආටානාටිය සූත්‍ර දේශනාව වටා මිත්‍යා මත පැටවීමට හේතු වී ඇත්තේ කරුනු කීපයක් නිසි පරිදි අවබෝද කර නොගැනීමයි.

(1)රාජධානි 4 සහ චාතුර්මහාරාජිකය පටලවා ගැනීම.
දහමේ සදහන්වන අන්දමට ඕපපාතික දෙවියන් පහලවන සුගති ගාමී දිව්‍යලෝකයන් ගනන 6කි. ඒ අතර "චාතුර්මහාරාජිකය" නමින් දෙව් ලොවක්ද වෙයි. ඒ ඕපපාතික දෙවියන් පහල වන දිව්‍යලෝකයන්ගෙන් එකකි. චත්තාරෝ මහරාජා හෙවත් සිව් මහ රජවරුන් පාලනය කර ඇත්තේ රාජධානි 4කි. දහම ඇතුලත් කරමින් ග්‍රන්ථාරූඪයේ යෙදුන කතුවරයන් වහන්සේලා විසින් චත්තාරෝ මහා රජා පාලනය කල රාජධානි 4 හැදින්වීමටද යොදාගෙන තිබෙන්නේද "චාතුර්මහාරාජිකය" යන නාමයයි. චාතුර් යනු හතර(4) යන්නයි. මහා යනු විශාල යන අර්ථය දෙන්නකි. රාජිකය යනුවෙන් අදහස් වන්නේ රාජධානියන්ය. එනම් මහා රාජධානි හතර යන්නයි. මේවා නිරවුල්ව පැහැදිලි කල යුත්තේ අ‍ටුවාවන් ලියූ අ‍ටුවාචාරීන් විසින් වන නමුදු අ‍ටුවාචාරීන් සිදුකර ඇත්තේ ඉන්දීය ආභාශය යටතේ මේවාට දේව සංකල්ප යොදා තවත් මිත්‍යාවට ඇද දැමීමකි. ආටානාටිය සූත්‍ර ආදී සූත්‍රයන්හීදී සිව්මහරජවරුන් හැදින්වීමේදී චාතුර්මහාරාජිකය ලෙස හදුන්වා තිබෙන්නේ ඕපපාතික දෙවියන්ගේ දිව්‍යලෝක නොව සිව්මහරජවරුන් පාලනය කල රාජධානි 4 ලෙස තමන්ම විමසා අවබෝදකර ගැනීම කල යුතුය.

(2) යක්කෝ "වා" යන්නෙන් යකුන්ට අඩ ගැසීම.
ආටානාටිය සූත්‍රයට අමනුශ්‍යය ස්වරූපයක් දීමට තවත් හේතුවක් වී ඇත්තේ එම සූත්‍ර දේශනාව තුලදී යක්කෝ වා,යක්කිනී වා,යක්ක පෝතිකෝවා,යක්ක පෝතිකාවා ආදී වශයෙන් "වා" ලෙස යෙදීමෙන් අදහස් වන්නේ යකුන්ට,නාගයන්ට,කුම්භාන්ඩයන්ට,ගන්ධබ්බයන්ට අඩගැසීමක් බව මිත්‍යා අදහසක් ඇතිකර ගැනීමයි. ඒ නිසාම අපේ ඇතැම් වැඩිහිටියන් පිරිත් පින්කම් වලදී ආටානාටිය සූත්‍රය දේශනා කරන විට තනිවම එලියට බැසීමටවත් ඉඩ නොදේ. එයට හේතුව වී ඇත්තේ ආටානාටිය සූත්‍රයේදී යකුන් ගෙන්නවා යන්න ඔවුන්ගේ මතය නිසාය. මේ යකුන් ගෙන්වීම කෙතරම් මිත්‍යාවක් කර ගත්තේද කියතොත් ආටානාටිය සූත්‍ර දේශනාව අවසානයේදී බෙර ගසා ශබ්ද නංවා මේ යකුන් බිය කර පැන්වීමද සිදුකරයි. මහාකාරුනික බුදුපියානන් වහන්සේ දේශනා කරන්නේ සතුරන්ටත් මෛත්‍රීකරන ලෙසය. එසේනම් උන්වහන්සේ මෙසේ යකුන් ගෙන්වා බියකර පන්වා හරින ක්‍රියාපිලිවෙත් තමන්වහන්සේගේ ශ්‍රාවකයන්ට දේශනා කරාවීදැයි සැකයක් මතුවේ. සමන්තා චක්ක වාලේසූ අදී ගාථාවන් කියමින් පිරිත් ශ්‍රවනය කිරීමට දේවතාවන්ට ආරාධනා කරන අපේ නාමික බෞද්ධයන් කරන්නාවූ මේ විකාර දකින දෙවියන්ට කිනම් සිතක් පහල වනවාද යන්න සිතාගත හැක. කෙතරම් පිරිත් කීවත් එකම තැන සිටීමටත් ඇතමෙක්ට පිරිත් කියූ පසු තිබුනාට වඩා නරකක් සිදු වුනා යැයි අසන්නට ලැබෙන්නේත් මෙවැනි ආකාරයේ මිතයාවන් හේතුකර ගෙන දැයි විමසා බැලිය යුතුමය.
කෙසේ වෙතත් මේ වා,වා යන්න යොදාගන්නේ තොවිල්පවිල් ආදි ශාන්තිකර්මයන්ගේදීය." ඕඃ ඉන්දුවඩිග නව නීල දිෂ්ටි වාරුං වාවා කන්දස්වාමිදෙවොල් ගිනි පත්තිනි දැඩි මුණ්ඩ රාමේ වාවා දේව රජ්ජුරු බණ්ඩාර, හනුමන්තා දිෂ්ඨි වාවා කල්ලං බේරී - සරස්වතී ජල මේඝ කාලී ශ‍්‍රියා දේවී අංජනම් කුමාරි දිෂ්ටි වාවා" ආදී වශයෙන් දිශ්ඨි ගෙන්වීමේදී "වා, වා" බාවිතාකරන අතර ඇතැම් ගුරු කුලයන්හීදී මෙය "වර වර" ලෙස බාවිතා කෙරේ. ශාන්ති කර්මවලදී භාවිතාකරන මේ "වා වා" යන වචනය ආටානාටිය සූත්‍රයට යෙදීම නිසාද යක්කෝ වා, යක්කිනී වා යනු යක්කුන්ට හා යක්කිනියන් ආදී අමනුශ්‍යයන්ට පැමිනෙන්න කරන ආමන්ත්‍රනයක් ලෙස පටලවාගෙන තිබේ. නමුත් ආටානාටිය සූත්‍රයේදී වා වා යන්නෙන් අදහස් කර ඇත්තේ පැමිනෙන්න,එන්න යන අර්ථය නොවන බව දහම් පිලිබද යමක් හෝ දන්නවුන්ට වැටහේ. මෙම සූත්‍ර දේශනාව ආරම්බයේදීම සිව්මහරජවරුන් ඇතුලු ඔවුන්ගේ සේනාවන් ගිච්චකූට පව්වට පැමින අවසන්ය. එසේම ඔවුන් බුදුන්වහන්සේට නමස්කාර කර එකත්පසකට වී වාදීවීද අවසන්ය. එසේනම් නැවත වරෙව් වරෙව් කියා අඩ ගැසීමට කිසිදු වුවමනාවක් නැත.
මේ වා, වා යන්න තවත් පැහැදිලි කර ගැනීමට ත්‍රිපිටකයෙන්ම නිදසුන් පෙන්ව දිය හැකි අතර ඒ සදහා කවුරුත් හොදින් දන්නා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ගත හැක. 


දම්සක් පැවතුම් සූතයේදී දේවේන වා මාරෙන වා අදී වශයෙන් හදුන්වන්නේ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයකුට හෝ යනාදියයි. එනම් වා යනුවෙන් අදහස් කර ඇත්තේ "හෝ" යන්නයි. එසේනම් ආටානාටිය සූත්‍රයේදී යක්කෝ වා, යක්කිනීවා, යක්ක පෝතිකෝවා ආදී වශයෙන් හදුන්වන්නේ යකෙකු හෝ යක්කිනියෙකි හෝ යක්ක පුතෙකු හෝ යක්ක දුවෙකු හෝ යනාදී වශයෙනි. එසේම භික්කු වා භික්කිනී වා උපාසකාවා උපාසිකාවා වශයෙන් අදහස් කරන්නෙද භික්ශුවක් හෝ භික්ශුනියකට හෝ උපාසකයෙකුට හෝ උපාසිකාවකට හෝ යනාදී වශයෙනි. ඒ නිසාම ආටානාටිය සූත්‍රයේදී යක්කුන්ට(ගෝත්‍රික හෝ අමනුශ්‍ය) අඩ ගැසීමක් සිදු කරන්නේ නැත. එසේනම් නැවත පැන්වීමේ අවශ්‍යතාවකුදු නැත.

(3)අමනුශ්‍යන් හා දෙවියන් ඈදා ගැනීම.
රාජධානි හතර ඕපපාතික දේව ලෝකයක් සමග පටලවා ගැනීම නිසාම රජවරු හතර දෙනාට දේව සංකල්පයක් ගොඩ නැගීය. එසේම යක්ක,නාග,කුම්භාණ්ඩ හා ගන්ධබ්බ යන ගෝත්‍රිකයන් අමනුශ්‍යයන් ලෙස හංවඩු ගසා ලිවීමට පසු කාලීන කතුවරයෝ ක්‍රියා කලහ. මොලේ කලදක් හෝ දහම පිලිබද අබමල් රේනුවක අවබෝදයක් තිබේ නම් මේවා පොත්වලින් කියවන විට පැන නැගිය යුතු ගැටලුව වන්නේ දිව්‍යලෝකයේ සිටින්නේ අමනුශ්‍යයන්ද දෙවියන්ද යන්නයි. ඇතමෙකුට මෙය තවම පැහැදිලි උනේ නැත. මෙසේ පැහැදිලි කලොත්..... ආටානාටිය සූත්‍රය විස්තර කරන අපේ දේශකයන් වහන්සේලා සතරවරම් දෙවියන් ගැන  පවසයි. එසේම ඔවුන්ගේ රාජධානිය දිව්‍යලෝකයක් යැයි පවසයි. එමෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන් ගැනද පවසයි.ඔවුන් අමනුශ්‍ය කොටසක් යැයි පවසයි. රජවරුන් හා රාජධානි දිව්‍යලෝකබවට පත්වී ඒ රජවරුන් යටතේ සිටින වැසියන්,අනුගාමිකයන් අමනුශය්යන් වේවිද? දෙවියන් හා අමනුශ්‍යයන් යන දෙපිරිසම සිටින්නේ චාතුර්මහාරාජිකයේද?  මෙය බුදු දහමට පටහැනි ක්‍රියාවකි. සුගති භූමිවල අමනුශය්යන් උපතලබනවානම් මිනිසුන් දන් පිං කර දෙවිවරු වෙන්න ප්‍රාර්ථනා කල යුතු නැත. කල යුත්තේ පව්කම්ය එවිට යක්ක ආදී අමනුශ්‍යන් වී දිව්‍යලෝකවලට යා හැක. අපේ මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන් බැලූ විට සිතන්නට වන්නේ අපේ දේශකයන් වහන්සේලා උපදෙස් දෙන්නේ මෙවැනි ආකාරයේ ක්‍රමවේදයකටදෝ කියාය. අපිනම් පොත් කටපාඩම් කරනෑ. අවබෝදයෙන් තමයි දහම කියන්නේ කිව්වට ඔවුන් කියන්නේද ආටානාටිය සූත්‍රයේ සදහන් වන්නේ දෙවියන් හා අමනුශය්යන් කියාය. එසේනම් ගිරාපෝතකයන් කවුරුන්දැයි තමාටම විමසා බැලිය හැකිය. පොත් කටපාඩම් කර දේශනා පවත්වන්න රූපවාහිනී ගුවන් විදුලියට ගොඩවන අපේ දේශකයන් වහන්සේලා සියලු ජනයා ඉදිරියේ ප්‍රසිද්ධියේ ධර්මය විකුර්ති කලද, ඉතිහාසය විකුර්ති කලද මහා සේනා සංවිධාන කරන වලි සාදුලාට මේවා පෙනෙන්නේ හෝ ඇසෙන්නේ නැත.අමාමෑනී බුදු පියානන්වහන්සේ විසින් දේශනා කරන ලද 31 ඵලය මෙසේ වූ විකුර්ති කිරීම් වලට ලක් කරන්නේ කිනම් දෙයක් ලබාගැනීමටදැයි අප දන්නේ නැත. එසේ නැති නම් මොවුන් කියන අන්දමට බුදුන්වහන්සේටද වැරදී ඇත. මන්ද අපේ උගතුන් යැයි කියාගන්නා ඇත්තන් පවසන පරිදි ආටානාටිය සූත්‍රයේ කියවෙනුයේ අමනුශ්‍යයන් නම් දෙවියන් හා ප්‍රේත ගනයට අයත් අමනුශ්‍යයන් යන දෙපිරිසම සිටින්නේ සුගතිභූමී වලය. මෙවැනි ආකාරයෙන් දහම විකුර්ති කරන්නන්ට හා බුදුන්වහන්සේගේ අවබෝදය හෑල්ලුවට ලක්කරනන් පිලිබදව තීරණයක් ගැනීමට කාලය එලඹී ඇත. ආටානාටිය සූත්‍රයට අමනුශ්‍යයන් හා දිව්‍යලෝක රිංගවූ ඇත්තන්ගෙන් මේවා විමසීමට ඔබට භාරය.

මහාවංශ කතුවරයා,පාහියන් භික්ශුව මෙන්ම ඉන්දියාවේ බමුනන්ද අපේ මුතුන් මිත්තන්ව අමනුශ්‍යයන් ලෙස හංවඩු ගැසීය. අද ද කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව ආටානාටිය සූත්‍රටද අමනුශ්‍යයන් ඈදා ගන්නේ ඒ පරම්පරාවල ඇත්තන්ම විය හැක. මෙවැනි බුදුදහම නොගැලපෙන මිත්‍යාවන් ප්‍රකාශ කරන්නවුන්ට "බමුණා" කීම හැර හැදින්වීමට වෙනත් ගරුනාම දිය නොහැක. මෙතෙක් කියූ කථාව කෙටියෙන් කියන්නේනම් ආටානාටිය සූත්‍රයේදී යක්ක,නාග,කුම්භාණ්ඩ, හා ගන්ධබ්බ(ගාන්ධර්ව) ලෙස හදුන්වා දී ඇත්තේ ගෝත්‍රයන්ගේ නාමයන් මිස අමනුශ්‍යයන් හෙවත් ප්‍රේත ගනයට අයත් ජීවීන් නොවන බවයි. එසේම ඔවුන්ගේ රජවරුන් ලෙස දක්වන චත්තාරෝ මහාරාජා යනු ඒ යක්ක,නාග,කුම්භාණ්ඩ හා ගන්ධබ්බ(ගාන්ධර්ව) යන ගෝත්‍රික මනුශ්‍යයන්ගේ දෙවියන් නොව මනුශ්‍ය රජවරුන් බවයි.

දැන් කල යුතුවන්නේ සියලුම මිත්‍යා අදහස් බැහැර කර චත්තාරෝ මහාරාජා යනු කවුද යන්න පැහැදිලිව විමසා බැලීමය.
සූත්‍ර දේශනාවට අනුව චත්තාරෝ මහාරාජා ලෙස නම් කර තිබෙන්නේ වෙස්සන, ධතරට්ඨ, විරූල්හ හා විරූපක්ඛ යන රජවරුන් ඔවුන්ගේ රාජධානියන් පිලිබදවද සූත්‍ර දේශනවේ සදහන් කර තිබේ.
එමෙන්ම ත්‍රිවේද ආරක්ශක ක්‍රමවේදයක් සතරවරම් රජවරුන්ට යෙදූ බව සූත්‍රදේශනාවේදී පෙන්වා දී ඇත.

(1)චතුද්සිසං රක්ඛං ඨපෙත්වා
සතර දිසාවේ ආරක්ශාව සැලසීම

(2)චතුද්දිසං ගුම්බං ඨපෙත්වා
සතර දිසාවේ බලසේනා තැබීම

(3)චතුද්දිසං ඕවරණං ඨපෙත්වා
සතර දිසවේ දිසා ආරක්ශකයන් තැබීම

නමුත් ඒ සූත්‍රදේශනාවම විස්තර කරන අ‍ටුවාව සූත්‍ර දේශනාවේ කිසිදු තැනක සදහනක් නොකරන සක්‍රයයෙකු මේ සදහා ගාවාගෙන ඇති අතර මේ ආරක්ශාවන් සක්‍රයාට දුන් බව පැහැදිලි කර සිටී.
චතුද්දිසං රක්ඛං ඨපෙත්වා- අසුර සේනාව වලක්වනු පිණිස ශක්‍රදේවේද්‍රයාව සතර දිසාවෙහි ආරක්ශාව සලසා, ගුම්බං ඨපෙත්වා- බලසේනා තබා, ඕවරණං ඨපෙත්වා- සතර දිසාවෙහි  දිසා ආරක්ශකයින් තබා, මෙසේ ශක්‍ර දෙවියන්ට ආරක්ශාව සංධානය කොට.........."
(දීඝ නිකායට්ඨ කතා ආ.සු.ව.281 පිට)

සූත්‍ර දේශනාවේ කිසිදු තැනක සදහන් නොවන සක්‍රයෙකු මේ සදහා ඈදා තිබීමෙන් ගම්‍ය වන්නේ සූත්‍ර දේශනාවේ නැති අමුතු සිදුවීම් කීපයක් ප්‍රබන්දනය කොට ඇති බවයි. ගෝත්‍රිකයන් අමනුශ්‍යයන් කලේද මේ ඉන්දියානු ආභාශයට රචිත අ‍ටුවාවය. සුරංගනා කථා ගෙතීමට සමත් ඉන්දියානුවන්ගේ හැකියාවන් මෙවායින් මනාවට සනාථ වෙයි. කෙසේ වෙතත් ත්‍රිපිටකයේ දීඝ නිකායේ දැක්වෙන සූත්‍ර දේශනාවේ සක්‍රයෙකු ගැන සදහනක් නොමැති නිසා සක්‍රයන් ගැන සෙවීම අපට අදාල නැත.

චත්තාරෝ මහා රාජා පාලනය කල රාජධානි පිලිබද සලකා බලන විට ඒ පිලිබද විස්තරයක් ආටානාටිය සූත්‍ර දේශනාවේ දක්වා තිබේ.
 

කුම්භාණ්ඩනම් ගෝත්‍රයේ නායකයා වන විරූපය රජුට අයත් ප්‍රදේශය පිලිබදව දක්වා ඇත්තේ මෙසේය.
"යම් දිශාවකින් මළමිනී ගෙන යනු ලැබෙත් ද? පිසුණු (කේළාම්) කියන්නා වූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නා වූ ප්‍රාණාඝාතය කරන ගති ඇති රෞද්‍ර වූ සොර සිත් ඇත්තා වූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත් ද, ඒ දිශාව දකුණු දිශාව වේ.´´
 ´´කුම්භාණ්ඩයන්ට අධිපති වූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූපය යන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි."

එසේම නාග ගෝත්‍රයේ නායකයා වූ විරූපාක්ශ රජුගේ පාලන ප්‍රදේශය දක්වා ඇත්තේ මෙසේය.

"යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයි ද, සූර්ය්‍ය බැස ගිය කල්හි දවල් කාලය නැතිවේ ද? ඒ දිශාව බස්නාහිරයි.´´
 ´´යස පිරිවර ඇත්තා වූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේ ද, නාගයන්ට අධිපති වූ විරූපාක්‍ෂ නම් වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි."

ගාන්ධර්ව ගෝත්‍රයේ පාලනය කල
ධ්‍රතරාෂ්ට රජුගේ ප්‍රදේශය දක්වා ඇත්තේ මෙසේය.
"ගාන්ධර්වයන්ට අධිපති වූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි."

එසේම කුවේර රජතුමා පාලනය කල ප්‍රදේශය සූත්‍ර දේශනාව දක්වන්නේ මෙසේය.

"යම් දිශාවෙක්හි රම්‍ය වූ උතුරුකුරු දිවයින පිහිටියේ ද, දැකුම් කටයුතු වූ මහාමේරු පර්වතය වන්නේ ද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තා වූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ  මනුෂ්‍යයෝ උපදිත් ...............................´´ඒ රජහුගේ පිරිවර වූ ඔව්හු වාහනවල නැඟ සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තා වූ වෙසවුණු මහ රජ හට ඇත් යානා ද, අශ්ව යානා ද, දිව්‍ය යානා ද, ප්‍රාසාදද , සිව් ගෙවල් ද, උඩුමහල් ගෙවල් ද රන්සිවි ගෙවල් ද වන්නාහ."

එසේනම් රාජධානි හතර හෙවත් චාතුර්මරාරාජිකය මෙසේ කෙටියෙන් දැක්විය හැක.
  • දකුණු දිශාව          - කුම්භාණ්ඩයන්ට අධිපති වූ  විරූපය රජු.
  • බස්නාහිර දිශාව    -  නාග ගෝත්‍රයේ නායකයා වූ විරූපාක්ශ රජු.
  • නැගෙනහිර දිශාව - ගාන්ධර්වයන්ට අධිපති වූ  ධ්‍රතරාෂ්ට රජු.
  • උතුරු දිශාව          - යක්ක ගෝත්‍රයට අධිපති වූ වෙස්සන රජු.
මේ රාජධානි හතර ජම්බුද්වීපයේ සිතියමකින් දක්වන්නේ නම් මෙසේ දැක්විය හැක.



මේ ගෝත්‍ර අතරින් නාග ලෙස දක්වා ඇත්තේ විදේශ වෙලදාම,නාවික කටයුතු ආදිය කල නාවික පිරිසයි.
යක්ක ලෙස දක්වා ඇත්තේ යකඩ සංකේතවත් කරන කර්මාන්ත කරැවන්ය...පාලක පන්තිය ලෙස කටයුතු කල පිරිසයි.
අතීතයේ හෙලදිව රකුස් නමින් ගෝත්‍රයක් හැදින්වූ අතර ආටානාටිය සූත්‍රයේදී කුම්භාණ්ඩ ලෙස දක්වා ඇත්තේ ඔවුන් විය හැක.
ගාන්ධර්ව ලෙස හදුන්වන්නේ යක්ක ගෝත්‍රයෙන්ම වෙන් වී ගිය උප ගෝත්‍රයකි.


හෙලදිව එදා ජීවත්වූ මේ ගෝත්‍ර වැසියන් පිලිබදව අමුතුවෙන් අපට තහවුරු කිරීමට අවශයතාවක් නැත. මහාවංශ ටීකාවේ පවා එදා බුදුන්වහන්සේට සමකාලීනව යක්ක,නාග,කුම්භාණ්ඩ,ගාන්ධර්ව ආදී ගෝත්‍රයන් ජීවත් වූ බව පැහැදිලි කර ඇත. කෙසේ වෙතත් මේ රාජධානි පිලිබද අධ්‍යනයදී එක් එක් ගෝත්‍ර සදහා වෙන වෙනම පාලකයන් සිටියත් ඒකීය භාවයකින් සිව් හමුදාවකින් ආරක්ශා කර ගනිමින් රාජ්‍ය කල බව පැහැදිලිය. එසේම එකල රාජය මණ්ඩල පාලන ක්‍රමයක් තිබී ඇත.
නාග ගෝත්‍රික සලකුණ
 මෙසේ වූ ගෝත්‍රයන් අතරින් වැඩිම අවධානයක් මෙන්ම ඉතිහාසයේ වැඩිම කොටසක් වෙන් වී ඇත්තේ නාග ගෝත්‍රිකයන්ට හා යක්ක ගෝත්‍රිකයන්ටය. එයිනුත් වැඩිම සදහනක් ඇත්තේ යක්ක ගෝත්‍රයටයි. පලමුව නාග ගෝත්‍රය සලකා බැලීමේදී බුදුන්වහන්සේ හා සම්බන්ද සිදුවීම් ‍රැසකදීම නාග ජනතාව සම්බන්ද වී සිටී. එයට හොදම නිදසුන නම් මුචලින්ද වැනි නා රජුන්ය. ඉන්දියානු අට්ටකතාවට අනුවනම් මුචලින්ද යනු සර්පයෙක් ලෙස හදුන්වයි එසේම ඒ සර්ප තෙමේ බුදුන්වහන්සේ වටා ගමන් කරන වට ගනනද අපූරුවට විස්තර කර සිටී. එසේ වූ විග්‍රහයක් කර ඇත්තේ අන් කවර හේතුවක් නිසාදවත් නො හෙලදිව මෙන් නාග ගෝත්‍රයක් ඉන්දියාවේ සොයා ගැනීමට නොහැකි නිසාය. කෙසේ වෙතත් විරූපාක්ශ රජු ප්‍රමුඛව සිටි නාග ගෝත්‍රිකයන් වනාහි දැහැමි ජනතාවන් පිරිසකි. එසේ වූ නාග ගෝත්‍රිකයන් බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට කලාවූ ලෙන් පූජාවන් දැක්වෙන සෙල්ලිපිද අපිට පැහැදිලිව හෙලදිවින් සොයා ගත හැක.
 

"රඣ, නග, ඣිත, රඣ, උති, ඣය, අබි, අනුරදි, ච, රඣ, උති ච, කරපිතෙ, ශෙ ඉම, ලෙණෙ, චතුදිශශ, ශගශ, අනග, ගතන, පශු, විහරයෙ, අපරිමිතෙ, ලොකදතුය, ශතන, ශිත, ශුකයෙ”
නාග රජුගේ දියණිය වූ උතිරජතුමාගේ බිරිය වූ අනුරාදි කුමරිය හෙවත් රැජින සහ රජතුමා වූ උති සමග එකට එකතු වී කරවන ලද ගල්ලෙන් විහාරය අපරිමිත වූ ලොකනායකයාට සහ ඒ සමග වැඩම කළා වූ මහාසංඝයාට නැවත පැමිණෙන සංඝයාටද දෙන ලදී. අපරිමිත ලොකු දතු යන්‍ර ගෞතම බුදුරජාණන් වහන්සේට යොදා, ඇති ගෞරවනීය නාමයකි. ආටානාටිය සූත්‍ර දේශනාවේදී "නාග පෝතිකාවා" යනුවෙන් හදුන්වන්නේ මෙවැනි වූ නාග ගෝත්‍රිකයන්ගේ දුවනිවරුන්ය.මෙම නාග දියණිය ගේ නාමය සඳහන් වන්නේ රැජිනක් වූ අනුරාදි යන්නයි. මේ ලෙන් පූජාව සිදු කර ඇත්තේ එසේ මෙසේ නාග ගෝත්‍රිකයන් නොව ගොත්‍රිකයන්ගේ කුමරියක් හා රජකෙනෙකු විසින් බව පැහැදිලිය. එසේනම් නාග ගෝත්‍රයේ රජදරුවන්ගෙන් පවා බුදුන්වහන්සේට අපමන පුද සත්කාර ලැබී ඇත. අවාසනාවකට ඉන්දියානුවන් ලියූ හෙලදිව වංශ කතාවේ මේ නාග ගෝත්‍රික රාජනාමාවලියක් දක්වා නොමැත.

තවද බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට නාග ගෝත්‍රිකයන් පිදූ ලෙනක් මෙසේ දැක්විය හැක.
"පරුමක, වියග, පුත, පරුමක, නගශ, ලෙණෙ, අපරිමිතෙ, ලොකදතුශෙ, අගත, අනගතශ, පශුපරිබොගශ, වශතනශුතශුකයෙ"
අපරිමිත ලොකදතුශෙ යනු බුදුරජාණන් වහන්සේ ගේ සංඝයාට ද ආවා වූ පසුව පැමිණෙන මහා සංඝයාට පසු පරිභෝජනය සඳහා වැඩ වසන්නා වූ ද වස්වන්නා වූවන්ට ද හිතසුව පිණිස දෙනලදී. යන්න නූතන සිංහල භාෂාවට මෙම ලිපිය පරිවර්තනය කළ හැක. ලිපියේ අවසාන වචනය වූ ශුකයෙ යන්න සුවපිණිස යන්න ලියා ඇති ක්‍රමයයි. මෙම ලෙණ ගෞතම බුදුරදුන්ට කෙළින්ම දී ඇත්තේ වියගගේ පුත්‍ර නාගය. මෙම නාග නාගරජු විය යුතු ය.
මෙම ලිපියේ සඳහන් වන නාග රජතුමා පිළිබඳව දීපවංශය ඉතා පැහැදිළිව කරුණු ඉදිරිපත් කර ඇත. “....එදින බුදුරජාණන් වහන්සේ අසූ කෝටියක් පමණ නාග ජනයාට බුද්ධ ශාසනයෙහි පැහැද වූ සේක. එසේ පැහැදුනා වූ නාගයෝ එහිදී ඒ තථාගතයන් වහන්සේට නොයෙකුත් ආහාර පානාදියෙන් සංග්‍රහ කළාහුය. වළඳා අවසන් වූ කල්හි ඒ අසුකෝටියක් නාග සමූහයා බුදුන්වහන්සේ පිරිවරා සිටියහ...” 

(සිංහල දීපවංශය)

 "උපශික - නගශ - ලෙණෙ - ශගිකෙ"
 උපාසක නාගගේ ලෙණ සංඝීකය යන්න ලිපියේ අදහසයි. 

 මේ අනුව පැහැදිලි වන්නේ විරූපාක්ශ රජු ප්‍රමුඛ නාග ජනතාව වනාහි සර්පයන් නොව හෙලදිව ජීවත් වූ පන ඇති දැහැමි තවත් ජන කොටසක් බවයි. ඒ අතර මුචලින්ද,චුල්ලෝදර,මහෝදර ආදී රජ දරුවන්ද වෙයි. 

නාග ජනතාව හැරුනු විට අපට ඊලගට වැදගත් ගෝත්‍රයක් ලෙස ගත හැක්කේ යක්ක ගෝත්‍රයයි. යක්ක ගෝත්‍රයේ රජුවන්නේ වෙසමුණි හෙවත් කුවේර රජ තුමාය. කුවේර රජතුමාට වෙසමුණි යන නාමය ලැබෙන ආකාරය පිලිබදව ආටානාටිය සූත්‍රයේ පැහැදිලිව දක්වා ඇත.



මෙම වෙස්සන රජතුමාට පුතනුවන් 91 සිටි බව සදහන් වන අතර ඒ අතර නිවුන් දරුවන්ද වෙයි. අප හොදින් දන්නා සාථාගිර යනුද වෙස්සන රජතුමාගේ පුතෙකු බව ශිලා ලේඛන තහවුරු කරයි. එසේම මේ වෙස්සන රජතුමා ප්‍රමුඛ ජනයාද බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ලෙන් පූජාවන් සිදු කර ඇත. මෙම වෙස්සර රජතුමා පිලිබද ප්‍රසිද්ධ කතාපුවතක් මෙසේ දැක්විය හැක. ඒ ‘අභිවාදන සීලිස්ස, නිච්චං වුද්ධා පචායිනො චත්තාරො ධම්මා වඩ්ඪන්ති – ආයු වණ්ණො සුඛංබලං”  යන ගාථාවෙ නිධාන කතාවයි.
“දඹදිව දීඝලම්බික නුවර වැසි බමුණෙක් තපස් රැකුමට වන මැද අටසාළිස් වසක් තපස් වතරැඳී පසුවැ කුලය නැසුනොත් පරපුරට වන හානිය සලකා තපස හැර ගොස් බිරිඳක් සරණ කැරැ ගත්තේ ය.

දරුවෙක් ලැබුණු පසු ඒ බමුණු, බැමිණි දෙදෙනපුත් සිඟිත්තා (කුඩා පුතු) සමඟ දීඝලම්බික නුවර ඇසුරු කොට අරණ කිළියෙකැ (වන කුටියෙක් හි) වැඩ වෙසෙන බුදුරදුන් වෙත එළඹ වැඳ සිටියහ. බුදුරදහු “දීඝායු කො හොථ” (බොහෝ ආයු විඳිවමු) වදාළ සේක. දරු සුඟිත්තා (පැටවා) වැන්ද වූ කලැකිසිවක් නොවදාළහ. ඔවුන් එයට කරුණු විමසූ කලැ “මේ ළදරුට උවදුරෙක් ඇත. ආයු සත් දවසකැයි වදාළ පසු දෙමාපියෝ තැතිගෙන කඳුළෙන් පිරුණු නෙත් ඇත්තෝ වූහ. ඔවුහු “බුදුරදුන් වහන්ස! ඒ උවදුර වැළකුමට උවදෙසක් වේ නම් වදාළ සේකැයි අයැදූහ.” “ එසේ නම් සිය ගෙදොරැ මණ්ඩපයක් තනා එහි අසුන් පනවා සඟුන් වහන්දැ අට නමක් හෝ සොළොස් නමක් වඩා හිඳුවා සතියක් මුළුල්ලෙහි නොකඩ වැ පිරිත් දෙසුම් පවත්වා ඒ උවදුරු දුරු කැරැ ගන්නයි වදාළ සේක. බමුණු විගස ගේ දොර පිරිසුදු කරවා මණ්ඩප තනා සියලු කටයුතු නිමවා සඟුන් වැඩමවා පුතු ද පසෙක බිම හොවා සතියක් මුළු දා නොකඩ වැ පිරිත් දෙසුම් කැරැ විය.

සත් වන දවස බුදු හිමියෝ ද වැඩම කළ සේක. එහෙයින් දෙවියන්ගේ පැමිණීම ද ඇතිවිය. බෙහෙවින් සෙත සැලසුණේ ය. ඒ කුමරු උතුරු දිගදි පති වෙසමුණු රජුගේ නියමය පරිදි අවරුද්ධ නම් යකුට බිලි වැ සිටි. පිරිත් දෙසුමේ අනුසසින් සෙත සැලසී ආයු වැඩුණේ ය. තුනුරුවන් ගේ පිහිට ලැබිණ. දෙවියන්ගේ රැකවල් ඇතිවිය. එහෙයින් වෙසමුණු රජුගේ නිලය (නියමය) වැරැදුණේ ය. අවරුද්ධ යකුගේ බිලිය වැළකුණේ ය. අනතුරුවැ ඒ ළදරුවන් ලවා බුදුරදුන් වැන්ද වූහ. බුදුරදහු “දීඝායු කොහොහි” (බොහෝ ආයු විඳුව) යි වදාළ සේක. එක්සිය විසි අවුරුද්දක් ආයු වැඩුණේ ය. ඒ කුමරු ආයු වඩ්ඪන නමින් පසිඳුවිය. ඒ නිමිති කොට ‘නි තොරැසිල්වතුනට වඳින වැඩිහිටියනට පුදන තැනත්තාගේ ආයු හා සිරුරැ පැහැය ද සැපයද කය බල හා නැණ බෙලද වැඩෙන බැව්” වදාළ සේක (ධම්මපද ෂවරණය 225 පිට)

මෙම වෙසමුනි රජතුමාගේ මෙන්ම අවරුද්ධදගේද නම් සදහන් සෙල්ලිපි ලංකාවෙන් සොයාගත හැකිය.ඔවුන් දෙදෙනා හෙලදිව නිසා දඹදිව ලෙස හදුන්වා ඇත්තේ කිනම් රටකටදැයි පැහැදිලිව හදුනාගැනීමට හැකිය. පැහැදිලිව පිලිගත හැකි සාක්සි සහිතව ඇති සෙල්ලිපියක් මෙසේ දැක්විය හැක.


“ Patumaka v (E) Samaha – Puta – Batahiya icne Devaha – Cacatu – disa – Sagasa (The Cave of Batani, Son of the chicf vesamana, and of Deva (isgiven) to the Sangha of the Four Quatters)” (ISSCRIPTIONS OF CEYLON.VOLUME I P.2 NO.9)  “පරුමක වෙශමණ – පුත – බරණිය - ලෙණෙ දෙවහ චචතුදිශ ශගශ (ප්‍රමුඛ වෙසමණගේ පුත්‍ර බරණගේ සහ දේවගේ ලෙණ සතර දිග සංඝයාටය) සිංහල ශිලා ලේඛන සංග්‍රහය 50 පිට අංක 9 ලිපිය.

 මෙම ලිපියෙහි සඳහන් වන වෙශමණ සංස්කෘත වලදී වෛශ්‍රවණ ලෙසද, පාලි වලදී වෙස්සමණ ලෙසද, සිංහලයට වෙශමුණ ලෙසද මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අදහස් කර තිබේ.

 ක්‍රි.පූ. 580 දී පමණ ලිපය ලද මෙම ලිපියට, මෙහිම අකුරු උපයෝගී කර ගනිමින් ක්‍රි.ව. යෙන් පසුව තවත් ලිපියක්, ගම් ප්‍රධාන උදයගේ පුත්‍රයෙක් වූ මළනක නැමැත්තෙකු ලියා ඇත. “ගමික, උදහ, පුතහ, මලනක, ලෙණෙ, චතු දිශ ශගශ” (1107)

ඉහත සඳහන් සෙල් ලිපිය(9) මිහින්තලයේ ඇති ගල් ලෙනක කොටා ඇත. එම ලිපිය ලියා ලෙන කරවා ඇත්තේ වෙශමණයේ පුත්‍ර බරණි සහ දේව, යන අයෙකි. මෙහිදී බරණට ලෙන කරවීමේ දී දේව සහය වී ඇත. මෙම දේව නැමැත්තා අවරුද්ධගේ පුත්‍රයෙකු ලෙස සිතුල්පව්වේ ඇති සෙල් ලිපියකින් හඳුනා ගැනීමට පුළුවන. “ගපති, අවිරද, පුත, පරුමක, දෙවහ, ලෙණෙ” (630 ලිපිය)
“පරුමක, දෙව, පුත, පරුමක, තිශහ, ලෙණෙ, ශගශ” (639 ලිපිය)
දේවගේ පුත්‍රයා තිස්ස යන අයෙකි. මෙම පියපුතු දෙදෙනා සිතුල්පව්ව අසල කොරවක්ගල ගල්ලෙනෙහි ලෙන් කරවා තිබේ.

පරුමක - දෙවශ - ක්‍ධය - උපශික - ශුමනය ලෙණෙ - ශගශ - දිනෙ මෙම ලිපියේ සඳහන් දෙව - දේව අවරුද්ධගේ පුත්‍රයෙකි. අවරුද්ධ වෙශමුනි රජතුමාගේ ඇමැතිවරයෙකි. ධම්ම පදට්ඨකථාවේ මොහු යකෙක් ලෙස හඳුන්වා ඇත. සෙල්ලිපි අනුව අවරුද්ධ ගම් ප්‍රධානියෙකුය.
   
 පරුමක - වෙශමණා - පුත - පරුමක - බරණිය- ලෙණො - ශගිකෙ (මිහින්තලයේ ඇති අංක 09 ලිපිය හා මඳක් බැදේ)

පරුමක - වෙශමන - පුත - පරුමක - බරණිය ච - පරුමක - දෙවශ - ලෙණෙ - ශගිකෙ

වෙසමුනි රජු ප්‍රමුඛ කරගත් යක්ක ගෝත්‍රිකයන්ගේ සෙල්ලිපි විශාල ප්‍රමානයක් හෙලදිව පවතී. එයින් සාතාගිරි හා හේමවත සෙනවියන්ට අදාල සෙල්ලිපි මීට පෙර ඉදිරිපත් කල අතර ඉහත දක්වා ඇත්තේ තවත් කීපයක් පමනි. යක්ක ගෝත්‍රයේ රාජපරම්පරාව පිලිබදව වංශකතා කතුවරයන්ට අමතක වුවද ශිලා ලේඛන අනුව ඔවුන්ගේ පරම්පරාවන් පිලිබද විස්තර සොයා ගත හැක. මෙහි සියලු සෙල්ලිපි දක්වා නොමැති අතර අදාල කීපය පමනක් දක්වා ඇත. 

මෙසේ වූ හෙලදිව ජීවත් යක්ක ගෝත්‍රිකයන්ගෙන්  ඇතමුන් බුදුන්වහන්සේට හා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට ප්‍රිය නොවන බව ආටානාටිය සූත්‍රය අනුව පැහැදිලිය.

 
ඔවුන් උළාරා,මජ්ජිමා හා නීචා යන කොටස වෙයි. එහෙත් බුදුන්වහන්සේ ඉදිරියේදී ආටානාටිය සම්මුතිය ඇතිකරගත් පසු ඔවුන්ද දැහැමින් කල් ගෙවූ බව කිව හැකිය. එසේ දැහැමි වූ ජනයා අනිත් යක්ක ගෝත්‍රික ජනතාව මෙන්ම බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට ලෙන් ආරාම කරවා පූජා කල ඇති බව සෙල්ලිපි ඇසුරුන් පෙන්වා දිය හැක. මෙහි උළාරා ලෙස දක්වා ඇත්තේ යක්ක ගෝත්‍රිකයන්ගේ මහේශාක්‍ය බලවන්ත පිරිසයි. ඔවුන් මුල් අවස්ථාවේ පාලන කටයුතුවල නිරත වූ අතර ඉන් පසු ඔවුහු මුනිවරු හෙවත් සෘෂිවරුන් ලෙස කල් ගෙවූහ.
දැහැමි යක්ක ගෝත්‍රික ජනතාව සාංඝික කල තවත් ලෙන් ක් මෙසේ දැක්විය හැක.


පරුමක - වියග - පුත - පරුමක - පුණ - පුත - වියග -ලෙණෙ - මහශුදශනෙ - ශගශ - දිනෙ 
(ප්‍රකාශයට පත්වී ඇති (I.C. No. 142 හා බැදීමක් ඇත)

 පරුමක - ශතනශත - ඣිත - පරුමක - මිත ඣිය - පරුමකලු - පුශය - ලෙණො - අගත -අනගත - චතුදිශ - ශගනි
 මිත සේනාධිපතිවරයාගේ බිරිය වූ පුස්සා කුමරිය බුදුරදුන් වෙත විශාල ගල්ලෙනක් පූජා කර ඇත. 

මෙසේ වූ ලෙන් පූජා මෙන්ම ආටානාටිය සූත්‍රයේදී කුවේර රජතුමාව වෙස්සවන ලෙස හැදින්වීමට හේතු වී ඇත්තේ විසාණා නම් රාජධානියක් එතුමාගේ පාලනය යටතේ තිබීමයි. මේ විසාණා නගරය ගැන සොයා බැලීමේදී ලංකා ශිලා ලේඛන සංග්‍රහයෙන් අපට වෙස්සන පරපුරේ උළාරා කෙනෙකුගේ සෙල්ලිපියක් හමුවේ.
 

පරුමක විස්‍රව පුත පරුමක සුමනහ ලෙණෙ ශගස යතෙ
(ශ්‍රී.ලං.ශි.ලේ.සං 12 පිට)
විස්ව>විස්සව>වෙස්සව
 

මෙම සෙල්ලිපිය හමුවන්නේ වෙස්සගිරිය ප්‍රදේශයෙනි. එනම් විසාණා රාජධානිය අනුරාදපුර ප්‍රදේශයේ වෙස්සගිරිය ඇසුරු කරගෙන තිබුනා යැයි කිව හැක. එසේම අනුරාදපුරයේ පිහිටි රන්මසු උයනද වෙසමුනි රජුගේ කුවේර යන නාමයට ගැලපෙන්නකි.
එදා යක්ක හෙලයේ පාලන මූලස්ථානය වූයේ ආටානාටා නුවරයි. එය අද අනුරාදපුරයට නුදුරු විලච්චිය ප්‍රදේශයේ පිහිටා ඇත.රජවරුන් සිව් දෙනා විසින් සම්මුතිය ඇතිකරගත්තේ ආටානාටා නුවර නිසා එයට ආටානාටිය නාමය ලැබී ඇත. එපමනක් නොව කුසිනාටා,ආලවකමන්දා වැනි නගරයන්ද එදා හෙලදිව තිබූ නගරයන්ය.ආලකමන්දා නුවර පසු කාලයේදී ලංකාපුරය නම් විය. 
එසේනම් වෙශ්‍රවන රජු ප්‍රමුඛව හෙලදිව සිටියේ අමනුශ්‍යයන් නොව දැහැමි මනුශය්යන් පිරිසක් බව පැහැදිලිය.

සිව්මහ රජදරුවන් පිලිබද ඉතා දිගු ඉතිහාසයක් හෙලදිවට තිබේ. මෙහි දක්වා ඇත්තේ ඉන් කීපයක් ඉතා කෙටියෙනි. එමෙන්ම ආටානාටිය සූත්‍රයේ පරිවර්තනය මගින්ද හෙලදිව නිවැරදි ඉතිහාසයට අවශ්‍ය සාධක කීපයක්ම මග හැර ඇතිබව කනගා‍ටුවෙන් කිව යුතුය. මේ ලිපිය උදව් කරගනිමින් සිව් මහ රජදරුවන් පිලිබදව හා ඔවුන්ගේ රාජධානි පිලිබදව විස්තර තවත් සොයා බැලීමට ඔබට භාරය. මේ හැදින්වීමේ දැක්වෙන්නේ අන් කවර අයවලුන්වත් නොව හෙලදිව ජීවත් වූ අපේ මුතුන් මිත්තන්ය. එසේ වූ අපේ මුතුන් මිත්තන් ඇතැම් ජාතිකයන් විසින් අමනුශය්යන් කර ඔවුන්ගේ ඉතිහාසය සම්පූර්නයෙන්ම අපෙන් අතුගා දමා තිබුනි.
බුදුන්වහන්සේගේ පහල වීම ඉන්දියාවට ඈදීම මීට මූලික හේතුව වී ඇත. බුදුන්වහන්සේ ඉන්දියාවේ පහල වූ බව කියමින් අපිට කුඩා කල සිට සුරංගනා කථාවක් කියා දී තිබුනි. ඒ කථාවේ ඇතැම් චරිත ඉන්දියානු සමාජයෙන් සොයා ගැනීමට නොහැකි විය. ඒ නිසාම එම චරිත අපට නොපෙනෙන ලෝකවලට යවා කතාව ලස්සනට ගලපා තිබුනි. ආටානාටිය සූත්‍රයද එවැනිම වූ එකකි. ඉන්දියාවේ යක්ක,නාග,ගාන්ධර්ව ආදී ගෝත්‍රිකයන් නැති නිසා ඔවුන් සුරංගනාකතාවේදී අමනුශ්‍යයන් කලහ.
නමුත් මේ සුරංගනාකතාවට වැඩි ආයුශ හිමිවූයේ නැත. නාමික බෞද්ධයන් වෙනුවට සැබෑ බුදුන්වහන්සේ සරන ගිය බෞද්ධයන් ඔවුන්ගේ ශ්‍රාස්තෘන් වහන්සේ පැවසූ පරිදි අන්ධ බක්තිකයන් නොවිනි. ඔවුන් ඔවුන්ගේ ශ්‍රාවකයන්වහන්සේගේ "ඇවැත්නි විමසව්" යන්න සැමවිටම සිහි තමා ගත්හ. එසේ වූ විමසීමට තැන දුන්නවුන් අඩු වූ නිසා අපේ මුතුන් මිත්තන්ට අමනුශය්යන් වීමට සිදු විය. එනමුදු දැන් එසේ වීමට අවශ්‍යතාවයක් නොමැත. කිනම් වාසනාවකටදෝ වර්ථමානයේ එකට එකතු වී සිටින්නේ විමසීමට හැකියාවක් තිබෙන පිරිසකි.ඔවුන් සුරංගනාකාරයන්ගේ කතාවලට අසුවන්නේ නැත.
 

එසේනම් දැන් කල යුත්තේ බුදුන්වහන්සේට සමකාලීනව සිටි සිව් මහ රජවරුන් අපේ ඉතිහාස පොතට නැවතත් ගෙන ඒමය.දඹදිව නිවැරදි ඉතිහාසය, තවමත් සුරංගනා කතා පස්සේ යන්නවුන්ට කියා දීමය. සුරංගනා ගොතන්නන්ගෙන් පෙරලා ප්‍රශ්න කර ඔවුන්ගේ මිත්‍යා මත බිද දැමීමය. ඒ සදහා සැමටම හැකියාව ලැබේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

5 comments:

  1. මේකට කමෙන්ට් එකක් නොදැම්මොත් කුහක කමක් වෙනවා. වාචාල නොවී කරුණු එකින් එක පැහැදිලි කරමින් මේ සටහන ලියල තියෙනව.

    ReplyDelete
  2. Excellent post!!

    ReplyDelete
  3. ආටානාටිය ආරක්ෂාව පවසපු සතරවරම් දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ ප්‍රදක්ෂිනා කරල එතනම අන්තර්ධාන වෙන බව ආටානාටිය සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනව. ඔබ ඔය කියන විදියට ඒ දෙවිවරු මිනිස් රජවරු නම් ඒ සිදුවීම පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනව.

    ReplyDelete
    Replies
    1. ආටානාටිය සූත්‍රයේ අන්තිමට රජවරු හතර දෙනා බුදුන්වහන්සේට කියනවා අපිට බොහෝ වැඩ ඇත,අපිට බොහෝ වැඩ ඇත කියලා. ඒ නිසා බුදුන්වහන්සේට වැද නමස්කාර කර ඉක්මනින් පිටවීයෑම අදහස් කිරීම එසේ විස්තර කරන්නට ඇති.

      Delete
  4. මම දන්නා විදිහට මේ මල්ලි පටලවාගෙන වගෙයි.චාතුර්මහා රාජිකය හා එදා හෙළදිව.වෙසමුණි රජ්ජුරුවෝ කියන්නේ,රවණා රජතුමාගේ කලේ හිටපු කෙනෙක්.එයාලා මේ චතුර් මහා රජිකයේ නම් ගොත් එදා ලංකාවේ එයාලගේ රජය වලට දා ගෙන තියෙනවා.එකට ආටානාටිය සුත්‍රය නම පටලවගන්න එපා.සතර වරම් රජවරු කියන එකේ තේරුම වරම් 4 ක් ඇති රජවරු කියන එකටයි මේ වරම් මෙයාලට දීලා තියෙන්නේ මහා පින්වත් සක්‍ර දෙවොත්තමයන් වහන්සේයි.සක්‍ර දෙවෙන්ද්රයාගේ උතුරු දිශාව ආරක්ෂා කරන්නේ මේ කුවේර මහා රජ හෙවත් වෙසවනෝ මහා රජා.එලෙස අනිත් දිශා අනිත් දෙවි වරුන් තුන් දෙනා.සතර දිශාව සක්‍ර දෙවෙන්ද්රයාගේ ආරක්ෂා කරනන නිසා සතර වරම් දෙවි රජවරු කියලත් මෙයලටම කියනවා.චතුර් මහා රාජිකය කියන්නේ ඒ අදාල දිවය ලේකයට එකිනෙකට වෙනස් තල 4ක් තියෙන නිසයි.ඒ දිවය තල 4 ට මහා දෙවු රජ වරු හතර දෙනෙක් අදිපති කම් කරනවා.ඊට උඩින් තියෙන දිවය ලෝකය තව්තිසාව.එකට තවුතිසාව කියන්නේ එකේ එකිනෙකට වෙනස් වුන තල 31 ක් තියෙනවා.ඒ තල 31 කට වෙන්මම් දෙව් රජවරු 31 දෙනෙක් ඉනවා.මේ දිවය තල 31 කෙනා මහා නායකයන් වහන්සේ තමයි මහා පින්වත් සක්‍ර දෙවොත්තමයන් වහන්සේ. ඉතින් මේ කිත් යසස් ඇති රජ්ජුරුවන් වහන්සේට තවු තුසව සහ චතුර් මහා රාජිකය කියන්න දෙවු ලොව වල දේකම අයිති.එකයි දෙදෙවූ ලොවට අදිපති මහා පින්වත් සක්‍ර දෙවොත්තමයන් වහන්සේ කියලා අපි කියන්නේ.චතතාරෝ මහා රජවරු මේ මහා කිත් යසස් ඇති දෙදෙවූ ලොවට අදිපති මහා පින්වත් සක්‍ර දෙවොත්තමයන් වහන්සේගේ සතර දිශාව ආරක්ෂා කරනවා. අනික යක්ෂයින් රැස්වෙන්නේ ගිජු කුළු පවුවට නෙමෙයි චතුර් මහරජිකයේ තියෙන භාගලවති නම් ශාලාවට.කුවේර මහා රජ තුමා මුලික කරගෙන.තවූතිසවේ දෙවිවරු රැස්වෙන්නේ සුධර්මා නම් ශාලාවල එක තියෙන්නේ තවුතිසාවේ.එහි ප්‍රධානියා කිත් යසස් ඇති දෙදෙවූ ලොවට අදිපති මහා පින්වත් සක්‍ර දෙවොත්තමයන් වහන්සේ. මට type කම්මැලි නැත්නම් තව දේවල් ගොඩක් පෙන්වලා දෙන්න තිබුනා.

    බුදු සරණයි !

    ReplyDelete