Thursday, August 2, 2012

උද්භිද විද්‍යාවට සරදම් කල හිමාලයේ දඹගස

සැබවින්ම මෙය අවනඩුවකි. සැබෑ උරුමයකට කල සරදමකි.
පුරා සියවස් එකහමාරක් ඉක්මවා එනම් වසර 152 ක්(කි. .1796-1948) රට සුරා කෑ සුදු මිනිස්සු කුඩා දිවයිනක උරුමය හරස්කොට එය තව කෙකුට පවරාදී නැව්නැග යන්නට ගියහ. ඉන් දශක 6 කට පමණ පසු තර්ක කිරීමට, විමසා සොයා  බැලීමට බුද්ධියක් ඇති නැණවත් මිනිස්සු සිය සැබෑ උරමය වෙනුවෙන් සටනට බැස සිටිති. ඔවුන් ගේ සටනේ තේමාව දඹදීව යනු හෙලදිවයි. එහෙත් ඉපැරණි පොත පත නොකියවන, තර්කානුකුලව නොසිතන , ගිරව් මෙන් සුද්දන් ලියා දුන්, කියූ දේ කට පාඩම් කරමින් සැමදේ කියන ලියන උන්ට නම් මෙම සටනේ තහනම් වචනය හෙළදීවයි.

බුදුන් උපන් රට දඹදීව නමින් නම් කල අරුත කීම?

1.“
යම් දඹයක් නිසා මේ දිවයිනට දඹදිව යයි කියද්ද ඒ දඹගස කරා ගොසින් දඹගෙන වුත් අනූ කෙළක් මහණ ගණයා හා සමග සිද්ධාර්ථර බුදුන් වළඳවා ……….. .( සූවිසිවිවරණය, සද්ධර්මරත්නාවලිය, wiki books )


2. පිළිසිඹියා පත් රහත් සත් හැවිරිදි චුන්දල නම් තෙරණ කෙණකුන්ද බුදුන් වැඳලා දෙමවුපියන්ට බාලදරුවන්කරණ ලෙස නම් සුරතලක්සේ වේද, මම පෙළහරකරමීකී සේක. පෙළහරකරන්නේ කවර ලෙසදැයි විචාළකල්හිමම ස්වාමීනී, දඹදිවට සලකුණුවූ මහ දඹගස අල්වා ගෙන සොල්වා මහදිය කළසා දඹ වගුරුවා ගෙන අවුත් ……….. (යමා මහ පෙළහර වත සද්ධර්මරත්නාව ලිය,wiki books )

3.මෙ දඹදිව නම් දඹ රුකින් පැණෙයි. අප දඹදිවට වාදකරන බව් හඟවම්හයි දඹ අත්තක් හිසට කොම ගෙණ සැරිසරමින් ගියො. යම් ගමකට පත්හුද, එගම් දොරැ පස් රැසෙක හෝ දඹ අත්ත ධජයක් කොටහ හිඳුවාලායමෙක් වාදයට නිසිවේද,  හේ මඬිවයි කියා ගම් වදිති. ….. (මාණවකදමනය, අමාවතුර, wiki books)

4.
ඉක්බිති පහන්වු කල්හි උරුවෙල කාශ්‍යප තෙම සර්වඥයන්වහන්සේ කරා ගොස්අපි ඔවුන් හිඳුවූ දඹ අත්ත මැඩැපියන්නට බම්හයි කියා දැන්වූ කල්හි, ... (බුත්සරණ, wiki books)

5."
කා
ශ්‍ය, මම ඔබ පිටත් කොට යම් දඹගසක් නිසා මේ දිවයිනට දඹදිව යි කියත්ද, ඒ දඹ ගසින් පලයක්ද ගෙන මෙහි පැමිණ හිඳ ගතිමි" යි කීහ.. "කාශ්‍යපය, මේ දඹ ඵලය මනා වර්ණයෙන් හා සුවඳින්ද රසයෙන්ද යුක්තය. ඔබ කැමති නම් මෙය වලඳව" යි තථාගතයන්වහන්සේ වදාළහ………  ……… (පුරිසදම්මසාරතිගුණය "සුවිස මහා ගුණය" රේරුකානේ චන්දවිමල හිමි, පිටුව 226, 14 වන මුද්රණය, 2012)

(රේරුකානේ චන්ද විමල හිමි නිවන් අවබෝධකර ගත් අපේ කාලයේ හිමි නමකි. උන්වහන්සේ කිසි දිනකත් ඉන්දියාවේ වන්දනාවේ නොගියහ. බුදුන් උපන් රට දිවයිනක් බව උන්වහන්සේද දැන සිටි බවක් පෙනේ. බොහෝ විට සත් එලිවන්නේ කාලානු රුපවය. එකල මෙය එලිවූවා නම් කොටි ත්රස්ත වාදීන්  මේවා විනාස කරන්නට ඉඩ තිබුණි.)

6. එවේලෙහි සිටාණෝ (අනේපිඬුසිටු) ඉතා සතුටුව රාජ කුමාරයන් කැඳවාගෙන උයනට ගොස් උයනෙහි නිෂ්ප්‍රයෝජන වූ විහාරයට නොකරම් ගස් මුලින සිඳුවා දම්මවා සඳුන් කපුරු සපු නා අඹ දඹ දොඹ ආදීවූ මාහැඟි ගස් රඳවා උයන් බිම බෙර ඇසක්සේ තනා …… (ජේතවනාරාම පූජාකථා, පූජාවලිය, wiki books )

මෙයින් පැහැදිලි වන්නේ  දඹදිවට එනම ලැබී ඇත්තේ එම දේශයට සංකේතයක් වූ  දඹගස  නිසා බවත්, ගොතම බුදුන් උපන් දවස ද, දඹ නම් ශාක විශේෂය බුදුන් උපන් දේශයේ තිබුණු බවත් සහ දඹදිව යනු දිවයිනක් බවත්ය.

එසේ නම් එම දඹ ගස කුමක්ද?  එය කාගේ උරුමයක්ද යයි සොයා බලමු.
දඹගස (වර්ගීකරණය.)   classification
Kingdom                                 plantae
(රාජධානිය)                              (ශාක)
Phylum                                    Tracheophyta
(කාණ්ඩය)                               (සනාල ශාක)
Class                                        Magnoliopsida
(වර්ගය)                                   (පුෂ්ප හට ගන්න ශාක)
Family                                     Myrataceae
(කුලය)
Botanical  Name                     Syzygium assimile ssp
(උද්භිදවිද්යාත්මක නාමය)
Native                                      Sri Lanka
(මව්බිම)                                  
Range                                       Sri Lanka
(වයාප්තිය) 

උපුටා ගැනීම ලෝක සංරක්ෂණ මෙහෙයුම් මධ්යස්ථාන (World Conservation Monitoring Centre http://www.unep-wcmc.org/) දත්ත වලිනි.

අපටම උරුමවූ දඹ ශාකය වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති බව ලෝක සංරක්ෂණ මෙහෙයුම් මධ්යස්ථානය විසින් සටහන් තබා ඇත්තේ මෙලෙසය.
World Conservation Monitoring Centre 1998 Sizygium assimile ssp. acuminata . In: IUCN 2012, IUCN (International Union for Conservation of Nature) Red List of Threatened Species Version 2012.

List of all threatened forest occurring  single country endemics.

Species                                     Country
Sizygium assimile ssp               Sri Lanka

මෙයින් පෙන්වන්නේ ලංකාවට උරුමවූ දඹ ශාකය වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇතය යන්නය එසේ නම් දැන් නිතරඟයෙන් පැන නගින පැන කිහිපයකි. ලංකාවට උරුමවූ ලංකාවේ පමණක් ව්‍යාප්ත වුණු දඹ ගස නිසා ඉන්දියාවට එනම ලැබුනේ කෙලසද යන්නය. දඹ නැති රටක් වන ඉන්දියාවේදී  බුදුන්වහන්සේ දඹ වැළඳුවේ කෙලෙස ද යන්නය.

පෙර එක දවසක හිමාලයේ මහා සුවිසල් දඹගසක් තිබුණු බැවින් ඉන්දියාවට දඹදිව කියූ බව ගිහි පැවිදි ඇත්තෝ ගුවන් විදුලියට රූපවාහිනියට ගොඩවී අපට මෙලෙස බන දෙසති. අනේ මිනිසුනේ මහාසුවිසල් දඹ ගසක් තබා කුඩා දඹ ගසක්වත් වැවෙන්නේ නැති තැනකය හිමාලපව්ව. එම ගස මෙරට උරුමයක් මිස උන්ගේ උරුමයක් නොවේමය. දඹ ගසක් නැති රටකට අතදිගු කොට අන්න දඹදිව යයි කියන, මිනිසුන් මුලාකරන මේ මිනිසුන් නිවන් දකින්නේ කවදා දැයි නොදනිමි. බුදුන් උපන් දේශයේ හිමවත දඹ, දොඹ, කෑල, දිඹුල් යන ශාක තිබුණු බව ජාතක කතා වලින් දැක්වේ. හිමවතට හිමාලය යයි ලියාගත් අමන මිනිසුනේ දඹ දොඹ කෑල දිඹුල් හිමාලයේ වැවෙන ගස්ද? මේවා නිවර්තන කලාපීය රටවල වනාන්තර වල බහුලව වැවෙන ශාක මිස උතුරු ඉන්දියාවේ වැවෙන ගස්ද? මෙසේ මේවා ලියා ගන්නා මිනිසුන් සිතා සිටින්නේ මේ රටේ සියලු මිනිසුන් කොළ කන එළුවන් කියාදසුද්දන්ගේ බුදුන් උපන් දේශය සනාථ කරන්නට සුද්දන් සතුටු කරවනු පිණිස උන්ට දොළ පිදේනිය දෙනු වස්  හිමවතට හිමාලය යයි ලියා ගත් ධීන වහල් මිනිසුනේ හිමවතහි සැබෑ අර්ථය කැලෑවය.

හිමාලයේ ශාක විශේෂ 1900 ක් පමණ වෙතයි සැලකේ. මින් බොහොමයක් හිමාලයට පමණ ආවේනික වූ ශාකය. ශාක වැඩීමට අපහසු දුෂ්කර පාරිසරික තත්වයන් වන අයිස් මිදෙන උෂ්ණත්වයක්ද, ශාක ශ්වසනයට අවශ්‍යවන ඔක්සිජන් අඩු  ප්‍රතිශතයක්ද, සුළගේ වේගවත් භාවයද, නිසා හිමාලයේ ශාක යම් පමණකට හෝ හොඳින් වැවෙන්නේ හිමාල පාමුලට ආසන්න පෙදස්වලය. ඒවා ද කෙටි කාලීන ශාක වේ. හිමාලයේ ශාක වැඩීම අනුව කලාප 4 කට වෙන් කරයි.
  • පලවෙනි කලාපය වන කඳු පාමුල ඇසුරු කරගත් පෙදෙසේ ඇත්තේ කැලැවය. මෙහි පයින් (pine ) දේවදාර (fir), උණ (bamboo), අසෝක (rhododendrons) වැනි ගස් වලින් ගහනය.
  • දෙවැනි කලාපය එනම් කඳු පාමුලට තරමක් ඉහලින් පිහිටි පෙදෙසේ ඇත්තේ ඇල්පයින් (alpine) වර්ගයේ පඳුරුය. මෙය පඳුරු වලින් යුත් පෙදෙසයි.
  • දෙවැනි කලාපයට ඉහලින් පිහිටි තුන්වන කලාපයේ තවදුරටත් ඇල්පයින් වර්ගයට අයත් පඳුරු වැවෙන අතර මෙම කලාපය පාසි විශේෂ (lichen , moss ) වලින් ගහනය.
  • 4 වන කලාපය අඩි 1800 ඉහලින් පිහිටා ඇති අතර මෙම කලාපය හිමෙන් සහ අයිස් වලින් වැසී ඇති බැවින් ශාක වාසස්ථානයට නුසුදුසු තත්වයක්ව පවතී.
දැන් අපි අපෙන් ඇසිය යුතු පැනයකි. තමන්ට ආවේනික වූ දඹ ගස නිසා දඹදිව ලෙසින් නම තැබූ දඹදිව ඉන්දියාවට භාරකොට තමන්ගේ උරුමයක් වූ දඹ ගස මේ මහ පොලවේ වෘක්ෂලතාදියෙන් සමුගෙන වඳවී යන්නට ඉඩහැර අත පිස දමාගත් නරුම ජාතියක්ද අප යන්නය.
ඉහත කී සියලු කරුණු කෙටිකොට ලියන්නේනම් ලිවිය හැක්කේ මෙසේය.

දිවයිනක් වූ දඹදිව දිවයිනක් නොවූ ඉන්දියාව විසින් පැහර ගෙන ගොස් තිබේ.
දිවයිනකට උරුම වූ දඹ නමින් යම් ගසක් වීද එයද ඉන්දියාව විසින් පැහර ගෙන විත් තිබේ.

මෙය නම් අපුරු නාඩගමකි. දඹදිවද කලඹා දඹ ගසද පැහර ගත් ඉන්දියානු සනුහරේ නාඩගමයි මේ

(සැකසුම සුභාෂිනී කුමාරි)

39 comments:

  1. හ්ම්ම්ම්ම්..
    විමසා බැලිය යුත්තකි..

    ReplyDelete
  2. දිව, n . tounge , ජීහ්වා ; divine world , දිවය ලෝකය ; island , දිවයින

    SINHALESE - ENGLISH DICTIONARY by Charles Carter

    ඒ අනුවද දඹදිව දිවයිනකි. ඉන්දියාව දුපතක්ද?

    ReplyDelete
  3. රේරුකානේ චන්දවිමල හිමියන් කිසිදිනක ඉන්දියාවේ වන්දනා වේ නොගිය බවත් ,බුදුන් උපන් රට හෙම බිම බන දන සිටි නිසා එසේ විය හැකි බවත් ". එහෙත් ඔහුට අමතක වූ දෙයක ඇත රේරුකානේ චන්දවිමල හිමියන් ධර්මය ඉගනීමට බුරුම රටට ගිය බවය ...එහිදී උන්වහන්සේ මෙම සිද්ධාර්තන වෙත නොගිය යයි හිරන්ට පැවසිය හැකිද ? මෙය හිතළු නොවද ?

    ReplyDelete
    Replies
    1. වෙන අල්ලගන්න තැනක් තිබ්බේ නැති පාටයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. රේරුකානේ චන්ද විමල හාමුදුරුවෝ කවදාවත් ඉන්දියාවේ ගිහින් නෑ කීවේ දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ. බුරුමයේ ඉන්න කාලයේ ගත කල ජීවිතය ගැන උන්වහන්සේගේ පොත් වල ලියා තියෙනවා. ඒවායේත් ඉන්දියාවේ ගියා කියා ලියා නැත.

      Delete
    5. Renukane Himiyo gaburu dharmaya liya thibunada ewa Abhidharmaya pihitakara gena thibe.. dhanumata hodayi namuth niwanata Hodada?

      Delete
  4. දඹ, ජම්බු සහ පද පෙරලි
    "අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි" - මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි,(පස්වන මුද්‍රනය 2010 වප්) පලමු පරිච්ඡේදයේ(9 පිටුව ) මෙසේ දැක්වේ. උපුටාගැනීම 'ජන්බුද්වීපය යනු ( ජන්+බුද්+ද්වීපය ) "බුදුන් ජන්මය ලබන ද්වීපය" යන අර්තය ඇති මාගධී භාශාවේ පද තුනකි.'උපුටාගැනීම නිමි. මෙම ප්‍රවාදය අභියෝගයට ලක්කරමින් නොයෙකුත් කරුනු ඉදිරිපත්වී තිබේ. ඒවා අතර ත්‍රිපිටකයේ මහාවග්ග පාලියේ මහාක්ඛත්ධකයේ උරුවේල ප්‍රාතිහාර්යය කොටසේ එන පහත දැක්වෙන කොටස ප්‍රමුකවේ.
    පාලි උපුටාගැනීම '"Gaccha, kassapa, àyàmaha"nti. Uruvelakassapaü jañilaü uyyojetvà yàya jambuyà jambudãpo pa¤¤àyati tato phalaü gahetvà pañhamataraü àganatvà agyàgàre nisãdi. 'උපුටාගැනීම නිමි. http://www.metta.lk/tipitaka/1Vinaya-Pitaka/3Mahavagga-Pali/38-mahakkhandhaka-01-p.html
    එහි සිංහල පරිවර්ථනය පහත පරිදි වේ.
    උපුටාගැනීම 'කාශ්‍යපය, යව මම එමියි , උරුවේල කාශ්‍යප නම් ජටිලයා පිටත් කර යවා යම් දඹ රුකකින් දඹදිව ප්‍රකට වේද, ඒ දඹරුකින් ඵලයක් ගෙන ප්‍රථම කොට අවුත් ගගිනිහල් ගෙයි හුන්සේක.'උපුටාගැනීම නිමි. http://www.metta.lk/tipitaka/1Vinaya-Pitaka/3Mahavagga-Pali/38-mahakkhandhaka-01-s.html

    මෙමගින් ( ජන්+බුද්+ද්වීපය ) පද බෙදුම් ප්‍රවාදය අභියෝගයට ලක්වු අතරම නව ප්‍රවාදයකටද මග විවරවුනි.
    එනම්, මෙහි සිංහල පරිවර්ථනයේ එන 'යම් දඹ රුකකින් දඹදිව ප්‍රකට වේද, ඒ දඹරුකින් ඵලයක් ගෙන' යන කොටසෙහි සඳහන්වන "දඹරුක්" ඇත්තේ ලංකවේ පමනක් (ඒක දේශීය ශාකයක්) බවත් එමනිසා දඹදිව ලෙස හැදින්විය යුත්තේ මේ මිහිමත "දඹරුක්" ඇති එකම රටවන ලංකාව බවත් යන්නයි. ( මේ පිලිබඳව සඳහන්වන ලිපියක් : http://hmherath.blogspot.com/2012/08/blog-post.html )
    එහෙත් මෙම ප්‍රවාදය දෝශ සහිතය.
    "Syzygium assimile var. acuminata" නම් බටහිර උද්භිද විද්‍යාත්මක නාමයන්ගෙන් හැදින්වෙන ශාකය දඹ ශාක ප්‍රභේදයේ උප-ප්‍රභේදයක් (ssp or var : Subspecies) වන අතර ලංකාවට අවේනිකවෙයි.
    දඹ නමින් හැදින්වෙන ශාක ප්‍රභේද කිහිපයක් ලංකාවේ ඇති අතර එයින් ප්‍රභේද දෙකක් "Syzygium assimile" සහ "Syzygium gardneri" යන බටහිර උද්භිද විද්‍යාත්මක නාමයන්ගෙන් හැදින්වේ.
    ( සත්ව සහ තුරුලතා සංරක්ෂණ පනත (2009) සහ "IUCN - 1999" වර්තාවට අනුව )
    page 80: http://documents.gov.lk/Acts/2009/Fauna%20&%20Flora%20Protection/Act%20No.%2022E.pdf
    , http://www.environmentlanka.com/biodiv/iucn_plant_list.htm
    මෙම ප්‍රභේද දෙකම ඉන්දියානු උපමහද්වීපයට අවේනිකවෙයි.
    1. http://www.catalogueoflife.org/col/details/species/id/9730221
    2. http://www.catalogueoflife.org/col/details/species/id/9730534

    එසේම මෙම ප්‍රවාද ගොඩනැගීමේදී පාලි ත්‍රිපිටකයේ සඳහන්වන "ජම්බු" නමින්වු පලතුරු ගස් වර්ගයක් ඇතිබව සැලකිල්ලට ගෙන නැත. "ජම්බුල්" ලෙසද හැදින්වෙන මෙය ඉන්දියනු උපමහද්වීපයේ නොයෙකුත් ප්‍රදේශවල නොයෙක්නම්වලින් හැඳින්වෙන අතර බටහිර උද්භිද විද්‍යාත්මක නාමය "Syzygium cumini" වේ. මෙම ශාකය ලංකාවේදී "මාදං" ලෙස හැදින්වේ. තවත් සැලකියයුතු කරුනක්නම් මෙම ශාකයද අයත්වන්නේ දඹ ශාකයද අයත්වන "Syzygium" ශාක කුලයටම බවයි.
    (විකිපීඩියා http://en.wikipedia.org/wiki/Jambul)

    මෙම කරුනු කෙසේවෙතත් "සුර්යොද්ගමන-සුත්‍ර-සන්නයෙහි" සඳහන්වන දඹ හෝ ජම්බු ගස මෙම කිසිදු වෘක්ෂයකට සමකල නොහැක. (http://archive.org/stream/manualofbudhism00hard/manualofbudhism00hard_djvu.txt)
    එසේම ජන්බුද්වීපය පිලිබඳව ත්‍රිපිටකයේ මෙන්ම හින්දු සහ ජයින එගැන්වීම්වලද සඳහන්වන බව සැලකීම වටී. (විකිපීඩියා: http://en.wikipedia.org/wiki/Jambudvipa)

    ඉහත කරුනු සියල්ල සැලකිල්ලට ගැනීමේදී පෙනීයන්නේ මෙම සියලු ප්‍රවාද ගොඩනැගීමේදී මූලික අරමුනවී ඇත්තේ හුදෙක් යම් මතයක් සපත කිරීමවිනා පුළුල් ගවේශනයක් සිදුකිරීම නොවනබවයි. අර්ථවත් ගවේශනයක් සඳහා අවැසි විවෘත මනස ගොඩනගා ගැනීමට උත්සුකවන්න.

    "යෝ ධම්මං පස්සති සො මං පස්සති" - බුදුන්වහන්සේ.

    ReplyDelete
    Replies
    1. එකම විශේෂයකට අයත් වූ පමණට ශාකය එකක් නොවේ. ලිනේයස් ගේ ද්විත්ව නාමකරණ‍ය ගොඩනැඟීමේදී ශාක දෙකකට එක නමක් දී නොමැත. මේ අර්ථ දැක්වුයේ දඹ මිස මාදන් ගැන නොවේය. දඹදිව මිස මාදන්දිව ගැන දක්වා නැත. බුදුන් උපන්දේශයට මාදන්දිව කියා ලියා තැබුවා නම් ඔබ කියන ආකාරයට සොයා බලන්නට තිබුණි. ජම්බු ගසට, මාදන් ගසට දඹ ගසට උද්භිද විද්‍යාවේ වෙනම නම් 3ක් ඇත.දඹදිව යන්න මිනිස්ලොවටද අර්ථ දක්වා ඇති බව දනිමි. නමුත් දඹ ගස නිසා දඹදිව කියූ බව ලියා ඇත්තේ අප නොව සද්ධර්ම රතනාවලියේ සහ බන පොත් වල හාමුදුරුවන් විසින් බව සලකන්න. එබැවින් එසේ පොත් ලියා ඇති හිමිවරුන්ට අදාළ ප්‍රශ්නය යොමු කරන මෙන් ඉල්ලමි. දඹ ගසක් නිසා ඉන්දියාවට දඹදිව කියා නොහැකි බවය සනාත කර ඇත්තේ. දිව යන්න දිවයිනක් වන බැවින් ඉන්දියාව දිවයිනක් දැයි හොඳට බලන්න.අනුන්ට උප දෙස් දෙන්නට පෙර තමා විවුර්තව සිතන්න.

      Delete
    2. Syzygium යනු ශාක කුලයක් නොවේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ජ්ම්බුදීපය විවිද ආකාරයෙන් අර්ථ දැක්වුවද ද්විප හෝ දීප යන්නේ අරුත දිවයින යන්නය. දිවයිනක් නොවන ඉන්දියාව දීපයක් හෝ ද්වීපයක් වෙන්නේ කොහොමදයි පහදා දෙන්න. එංගලන්තයේ සිංහලයන්ගේ පුස්කොලපොත් ඒකතුවේ (Hugh Neville Collection ) හි ලංකාව කීපාරක් ජම්බුදීපය කියා හඳුන්වනවාද කියලා ගණන් කර බලන්න. අනුන්ට හිනාවෙන්නට පෙර පරණ පුස්කොල පොත් කියවා ගන්න. උපන් බිමට පහර ගහන්නේ වහල් උම්මත්තකයන් සහ බුදුන් වහන්සේ වෙළඳ භාණ්ඩයක් කරගෙන බඩ වියත හොයා ගන්න පිරිසකි.

      In ancient days it was never said or written Buddha was born in Maha Bharata or Industhan the but was born in ‘Jambudvipa’. The term Dvipa denotes island (place or land isolated from water).

      The pali term dipa is Sanskritized as dvipa (Island). Its Tibetan equivalent is also island (glih). The term dvipa denotes a land (pradsesa) either in the river or in the ocean which is limited by water (udakaparicchinna). Haribadra commentator on the Astasahasrika also find it as a place limited by water (udaka – pariksipta- sthala). (AAV. P. 600).
      With the Chinese literature the term dipa has been translated as both lamp light and island. In Diganikaya (atta dipaviharatha) and also in the Pali Dhammapada, where dipa meant island.
      Atta –dipa in the Buddha’s last words mean an island in the great ocean (mahasamugatam dipam). Atta is a snnoym of dipa, tana, lena, gati, parayana, patitittha allof which mean ‘a resting place’ modifying island, (Linguistic Approach to Buddhist Thoughts p 60, 61, 62)

      Delete
    5. නැවත කෙරෙන පැහැදිලි කිරීමයි.
      ලංකාවේ "දඹ" නමින් හැදින්වෙන, පෙනුමින්( කඳ, කොල, මල්, ගෙඩි ) ඉතා සමාන, විශේෂ(Species) කිහිපයක් ඇත. ඉන් විශේෂ(Species) තුනක බටහිර උද්භිද විද්‍යාත්මක නාමයන් පහත පරිදි වේ.
      1.Syzygium assimile
      2.Syzygium assimile var. acuminata (Subspecies ලංකාවට ආවේනික)
      3.Syzygium gardneri
      මෙම විශේෂ(Species) තුනම පොදුවේ "දඹ" නමින් හැදින්වේ. නමුත් සියුම් වෙනස්කම්නිසා වෙනස් බටහිර උද්භිද විද්‍යාත්මක නාමයන් ලබාදී ඇත.
      කියවන්න සත්ව සහ තුරුලතා සංරක්ෂණ පනත (2009) PDF පිටුව 80: http://documents.gov.lk/Acts/2009/Fauna%20&%20Flora%20Protection/Act%20No.%2022E.pdf
      මෙයින් විශේෂ(Species)දෙකක්(1 හ 3) ලංකාවට පමනක් ආවේනික ශාකනොවේ.
      කියවන්න
      1. http://www.catalogueoflife.org/col/details/species/id/9730221
      3. http://www.catalogueoflife.org/col/details/species/id/9730534
      එනම් "දඹ" ලංකාවට පමනක් ආවේනික ශාකයක් නොවේ.
      "දඹ" විශේෂ(Species) තුනකින් එකක් පමන්ක් ලංකාවට ආවේනික වු පමනින් "දඹ" ලංකාවට ආවේනික යැයි ප්‍රවාදයක් ගොඩනැගීමනම් පුදුම සහගත ගොනාට ඇඳගැනීමකි.
      මෙහිදි මවිසින් සිදුකර ඇත්තේ ප්‍රවාදය පිලිබඳව විවුර්ත මනසින් සොයාබලා එම ප්‍රවාදය ගොඩනැගූ සන්දර්භයතුලම එය නිශේධ කිරීමයි. එනම් වර්තමානයේ බාවිතාවන ශාකනාම සහ බටහිර උද්භිද විද්‍යාත්මක වර්ගීකරනයන්ම යොදාගෙන ගොඩනැගූ ප්‍රවාදය එමගින්ම නිශේධ කිරීමයි.
      දැන් "දඹදිව" යන පදයේ "දඹ" කොටස අත්හැරදමා "දිව" කොටසින් පමනක් ප්‍රවාදය පවත්වාගෙන යාමට සැරසෙන හැඩයි. එයද පහසුවෙන්ම බිඳීයන ප්‍රවාදයකි. විස්තර මතුවට.

      Delete
    6. මා නිශේද කොට ඇත්තේ "දඹ ලංකාවට පමනක් ආවේනික ශාකයක්" යන ප්‍රවාදයයි. එම බිඳවැටීමත් සමග "දඹදිව ලෙස හැදින්විය යුත්තේ මේ මිහිමත "දඹරුක්" ඇති එකම රටවන ලංකාව" යන ප්‍රවාදය බිඳීයයි. මේහා බැඳුනු සංගත නොවන වෙනත් ප්‍රවාද ඉදිරියෙදී සකච්ඡා කෙරෙනු ඇත.
      ත්‍රිපිටකයේ හෝ සද්ධර්ම රතනාවලියේ සඳහන් කරුනුවලට මවිසින් අභියෝග කොට නැත.
      එංගලන්තයේ සිංහලයන්ගේ පුස්කොලපොත් එකතුව (Hugh Nevill Collection) අන්තර්ජාලය හරහා කියවීමේ හැකියවක් තිබේද?" ළඟදීම ඒවා ලංකවේ ප්‍රකාශයට පත්වීමට නියමිතද?

      Delete
    7. Hugh Nevill හෙවත් සිංහලයන්ගේ පුස් කොළ පොත් එකතුව විස්තර අනිවාර්යයෙන්ම එලියට එනවා. මෙහි සමහර copies ලංකාවේ විශ්‍යවිද්යාලවල පුස්තකාල වලත් තියෙනවා. කොළඹ කෞතුකාගාරයේත් තියෙනවා

      Delete
    8. දඹදිව ලෙස නම් කිරීමට එකම හේතුව දඹ ගස පමණක් නොවේ. සමහර පොත් වල දඹ ගස නිසා දඹ දිව බවත්, දඹ යන්නේ අරුත හෙළ යන්න නිසා බැවින් මහාචාර්ය සුරිය ගුණසේකර මහතා දඹදිව යන්න හෙළදිව යන්න හෙළ යුගය නම් පොතෙන් දක්වා තිබෙනවා, ශාස්ත්‍රපති පණ්ඩිත මානාවේ විමලරතන හිමි විසින් යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් දඹ යනු ජලය යන අර්ථ ගෙන යක්ෂ ගෝත්‍රික ජනයා ජලයෙන් වටවූ දුපත ගෙන දඹදිව ලෙස හෙළදිවට කියූ බව වරිග පුර්නිකා සන්නසෙන් උපුටා දක්වා තිබෙනවා. The Ceylon and The Cingalese නම් පොතේද දඹදිව ඇත්තේ සිහල දීපයේ බව සදහන් කරනවා. පැරණි හෙළ පුස්කොල පොත් වලද දහස් ගණන් සාක්කි තියෙනවා. ඒවා නියම කාලයට එලියට ඒවි. Cunningham , Princep , Turnouur එක්ක එකතුවෙලා යටත්විජිත කාලයේ ලංකාවේ සහ තායිලන්තයේ බෞද්ධ පොත පත බලලා බුදුන්වහන්සේ ඉන්දියාවට අටවා ගත්තට වෙස් මුහුණු ගැලවෙන දවසක් එනවා Sharma

      Delete
    9. ලිපිය හොඳට කියවන්න. කියා ඇත්තේ food ලෙස ගන්න ගසක් ගැන මිසක් timber ගන්න ගසක් ගැන නොවේ. මට Botany උගන්වන්න මහන්සි වෙන්න එපා. මම Campus එකේ මුළු වසරක් Botany ඉගෙන තියෙනවා. බුදුන්වහන්සේ වෙළඳ භාණ්ඩයක් කරගෙන ඉන්දියාවේ මිනිස්සු රැගෙන ගිහින් බඩ වියත හොයාගන්න ඔහෙලාට දඹදිව ලංකාව උනොත් හම්බකරගෙන කන විධිය නැතිවෙන බව දන්නවා.දඹදිව කියන්නේ ගසක් නිසාම නොවේ. එය එක එක මතයක් පමණයි.

      Delete
    10. සුභාෂිනී කුමාරි. මෙම ලිපිය සැකසීමට පෙර "දඹදිව" ලෙස නම්කිරීමට මෙම ලිපිය මගින් දක්වන හේතුවට එරෙහි වෙනත් ප්‍රවාද ඇතිබව දැන නොසිටියේනම්, ඔබ විසින් දැන්වත් මතුකලයුතු වැදගත් ප්‍රශ්නයක් වෙයි. එනම් එම වෙනත් ප්‍රවාද ගොඩනගා ඇති පුද්ගලයින්, ඔබ විසින් මෙම ලිපියෙහි දක්වා ඇති හේතුව කෙසේ නිශේද කොට ඇද්ද යන්නයි. විශේෂයෙන්ම ත්‍රිපිටකයේ මහාවග්ග පාලියේ මහාක්ඛත්ධකයේ උරුවේල ප්‍රාතිහාර්යය කොටසේ එන "කාශ්‍යපය, යව මම එමියි , උරුවේල කාශ්‍යප නම් ජටිලයා පිටත් කර යවා යම් දඹ රුකකින් දඹදිව ප්‍රකට වේද, ඒ දඹරුකින් ඵලයක් ගෙන ප්‍රථම කොට අවුත් ගගිනිහල් ගෙයි හුන්සේක." ලෙස සිංහලට නගා ඇති කොටස කෙසේ අර්ථ විවරනය කරන්නේද යන ප්‍රශ්නය නැගිය යුතුව තිබුනි.

      වෙස් මුහුණු ගැලවෙන දියක් එනබව ඇසීමෙන් මම අපමන සතුටට පත්වීමි. වෙස් මුහුණු ගැලවී සැබෑ මුහුණු මතුවන දිනය ඉක්මනින්ම උදාවේවායි මම පතමි.

      Delete
    11. කිනම් "දඹ" විශේෂයක(Species) ඵල ආහාර(food) ලෙසත්, කිනම් "දඹ" විශේෂයක(Species) කඳ දැව(timber) ලෙසත් බාවිතා වේදැයි
      ඔබ "Campus" එකේ මුළු වසරක් "Botany" ඉගෙන ගැනීමෙන් ලද දැනුමින් හෝ වෙනත් දැනුමකින් හෝ පෙන්වා දෙනමෙන් ඉල්ලාසිටිමි.

      Delete
    12. “යම් දඹයක් නිසා මේ දිවයිනට දඹ දිව” යයි කියද්ද ඒ දඹ ගස කරා ගොසින් දඹ ගෙනවුත් අනූ කෙළක් මහණ ගණයා හා සමග සිද්ධාර්ථර බුදුන් වළඳවා ……….. .( සූවිසි විවරණය, සද්ධර්ම රත්නාවලිය,
      . "කාශ්‍යප, මම ඔබ පිටත් කොට යම් දඹ ගසක් නිසා මේ දිවයින ට දඹදිව යි කියත් ද, ඒ දඹ ගසින් පලයක්ද ගෙන මෙහි පැමිණ හිඳ ගතිමි " යි කීහ. "කාශ්‍යපය, මේ දඹ ඵලය මනා වර්ණයෙන් හා සුවඳින් ද රසයෙන් ද යුක්තය. ඔබ කැමති නම් මෙය වලඳව" යි තථාගතයන් වහන්සේ වදාළහ……… (උරුවෙල කාශ්‍යප දමනය, පුරිස දම්ම සාරති ගුණය "සු විස මහා ගුණය " රේරුකානේ චන්දවිමල හිමි
      මෙහි ලියා ඇත්තේ දඹදිව නම් දිවයිනකට ආවේනික වූ දඹ ගසක් ගැනය. ලිපිය කියවන් න සිංහල තේරෙන්නේ නැතිනම් තර්ක කරන්න එන්න එපා. ඔහේ ලෙව කන මහා ලොකු ඉන්දියාව. දිවයිනක්ද අන්න එක ඉස්සෙල්ල පැහැදිලි කරලා ඊ ලඟට කතා වට එන්න. බුදුන්වහන්සේ වෙළඳ භාන්ඩයක් කරගෙන විකුණන් කන ඔයාලාට ඉන්දියාව ගැන ඇති කැක්කු මට තේරෙනවා. Botany උගන්වනවිට සෑම ශාකයකම ප්‍රයෝජන උගන්වනවා. Saizigum , එකට species 1200ක් පමණ අඩන්ගුවෙනවා. Saizigum , genus එක ගැන ලියවුනු පොතක් අරගෙන කියවන්න.

      Delete
    13. Mama ahala thiyena widiyata uthuru Indiyawa kiyanne aurudde maasa 4 kata wadi pramanayak snow karana ratak. Budu rajanan wahansege deshana thula me sadaha kumana ho igiyak sadahan wedai kiya dana ganimata kamaththemi. Swamin wahansela gathakarana was kalaya lnkawe wasi kalayata nam sama wana bawa danimi. Kese uwada mema karunu gaweshanaya karana obawa prasansa kala yuthuya. samahara witeka budu rajanan wahanse apa rate ipaduna yai yanna obata oppu kara nohaki wewi. Namuth e sadaha ganna uthsaya thula, dharma karunu gaweshanaya kirima nisa itha hoda dharmawabodayak labimata hakiwenu atha. Eya artha rahitha dewalata kalaya kaa damanawata wada delowama setha salasa gatha haki yahapath awabodayaki.
      mema lipi pela mama itha unanduwen kiyawuwemi. Sathya kumak uwada, Apa maha budu piyano apa rate ipida athdai sithana wita danena sathuta wachanayen wisthara kala nohaka. Eya esema wewa!! Siyalu sathwayo shantha suwayata path wethwa...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. sharma ලා දැන් සිංහල භාෂාවත් ඉගෙන ගෙන ඇති බවයි. සිංහල නමක් උත්පැන්නේ තියාගෙන විජාතික නම් වලින් පෙනී සිටීමෙන්ම කොන්දක් නැති බව පෙනෙනවා. පුළුවන් නම් දඹ නමින් හදුන් වන ගසක් ඉන්දියාවේ ඇති බව ඔප්පු කරන්න. ඉන්දියාවට දඹ නමින් හදුන්වන ගසක් නැතිනම් මේ රටේ මිනිස්සු ඉන්දියාවට දඹදිව කියන්නේ මොලය හොඳ නැති නිසාද?

    ReplyDelete
    Replies
    1. ඉන්දියවෙහි ඇත්තේ "ජම්බුල්/ජම්බු/ජම්බුල/ජම්බූල" ලෙස හැඳින් වෙන "දඹ" ශාකයට ඉතා සමානකම් ඇති ශාකයකුයි. පාලි ත්‍රිපිටකයේ සඳහන්වන "ජම්බුයා" යන්නට මෙය ගැලපෙන අතර වෙනත් පුරවෘත වලත් සඳහන් වන පලතුරකි. තොරතුරු: http://en.wikipedia.org/wiki/Jambul
      මෙම ශාක වර්ග දෙක පිලිබඳ වැඩිවිස්තර නුදුරු දිනයකදී ඉදිරිපත් කෙරෙනු ඇත.

      Delete
  8. එක සමාන වූ පලියට ගස එක නොවේ. රාවන රාජාවලිය කියවන්න. මේ ගැන විස්තර මෙහි Blog එකේ කලින් ලිපි වල හිරාන් ලියා තියෙනවා."දඹදෙණි රට වනාහී පෙර දඹදිවට සලකුණු වූ දඹ අතු පල හා සෑදූ හෙයින් ද නන්ද , කකුසඳ , කෝනාගමන , කාශයප , ගෞතම යන සතර බුද්ධානටයෝ මනම්ගෙරළි පැවති හෙයින්ද පළමු රහත් භික්ශූන් එහි ගල් මුදුනේ වැඩහිද දඹ වැලදූ හෙයින්ද ......" මේ අනුව දඹදෙණි රට පෙර දඹදිවට අයිති බව ලියා තියෙනවා. අපි ලියා ඇත්තේ අන්න ඒ දඹදිව තියෙන එම දඹදිවට ආවේනික වූ දඹ ගස මිස ඔයාල කර උඩ තියාගෙන දුවන ඉන්දියාවේ ජම්බුල් ගස ගැන නොවේ. අද ඉන්දියාවේ ඉතිහාසන්ඥයින් පවා කි. පු. 6 වන සියවසේ බුදු කෙනෙකු නොසොටි බව පිළිගෙන තියෙනවා. මේවා කියවා ගන්න. A Peep into the historic past : seminar papers / [editor], V.G . Ramachandran.Madras : International Society for the Investigation of Ancient Civilization 1982, De falsification of Indian History , By Dr. Subramanian Swamy,. Papers of Andra Pradesh History Congress, 19-21, January 2001Papers on Sawaswathie River and Hindu Civilization, The international Seminar, New Delhi 26 - 28 October2008, Some Blunders of Indian Historical Research P. N. Oak. ඉන්දියාවටත් නැති කැක්කුමක් මේ රටේ මුදලාලිට ඇතිවී අයුරු වැටහෙනවා.ඔබ ලංකාවේ පැරණි පොත පත කියවා නැති කොහෙත්ම පොත් පත් කියවා නැති වචන වලින් පමණක් හරඹ කරන්න ට ලැහැස්තිවන කෙනෙකු බැවින් ඔබ සමග වාද කිරීම වැඩකට නැති බව වැටහෙනවා.

    ReplyDelete
  9. S,Kumari obata bohoma pin. me wage modayange moda tharka eka hela bida da aththa heli karanawata. Obata nawathth pin.

    ReplyDelete
  10. Madyasthawa balanavita Kumari hata honda denumak thiyenabawa pehedili wenawa. Sharma - thawa karunu adhyanaya karanna.
    Dambadiva Lankawe thibunu bawata thawa boho saakshi thibenawa. Indiyawe vidwathun Dambadivak Indiyawe thibu bawata thorathuru nethibawa piligena thibenawa.

    Eheth Lankawe samahara minissu, dambadiva balanna Indiyawata enakota eka honda business ekak kiyala denagaththama vidwathun nihadai.

    Magapala labageneemata niveradi stana handuna genneema karanna one.

    Kumari obage uthsahaya apa ethamath agaya karanawa.



    ReplyDelete
  11. කුමාරි, ඔබ පවසන දේ අපට හොදින් වැටහේ, නමුත් තර්ක කරනා විට ප්ර තිවාදී තර්ක ඉදිරියේ ආ‍වේගශීලී වන්නට එපා, බැන වදින්නට යන්නත් එපා. නොසැලී පිලිතුරැ දෙන්න. තර්කයකින් ඔබ පැරදවිය හැකි වුවද ඔබ ලිපියේ අන්තර්ගතය එමගින් විනාශ නොවේ. කියවන දනා බුද්ධිමත්ව කියවනු ඇත. තේරැම් ගනු ඇත. ඔබගේ උත්සාහයට මම පසසමි. අනාගතයේ කියවන දනා ද එසේ කරනු ඇත.

    ReplyDelete
  12. kumari mahatmiya mama obata achara karami. thawa thawath sathya soya yanna ashirwada karami.

    ReplyDelete
  13. Kumari sahodariya,, mama hithanne anik aya wenath matha idiripath karana eka hodai.. obata haki nam ewa parajaya karanna.. me mathaya tawath tahawuru wenawa..
    obata jaya...

    ReplyDelete
  14. දඹ යනුවෙන් ශාකයක් ගැන ත්රිනපිටකයේ හෝ බෞද්ධ සාහිත්යේය් දක්නට නොලැබේ. ඇත්තේ ජම්බු යන වචනය පමණකි..ජම්බු යනුවෙන් සංස්කෘත හා පාලි භාෂාවලින් දැක්වෙන්නේ මාදං ශාකයයි. මේ පිළිබද වැඩි විස්තර ඕනෑම දේශීය වෛද්ය්වරයෙකුගෙන් අසා දැනගත හැක..මාදං ශාකය ඉතාමත් සරුසාරව ඉන්දියාව පුරා වැවෙන අතර මාදං යනු ඉන්දියාවේ ඉතා ජනප්රිගය රසවත් පළතුරකි. ඉන්දියාවේ සාමාන්යා වෙළදපලේද මාදං ඇත.
    ජම්බු යන පාලි වචනය සිංහල ඌරැවට ලිවීමේදී දඹ ලෙස ශබ්ද නැගෙන නමුත් එයින් ලංකාවේ වැවෙන දඹ ශාකය අර්ථවත් නොකෙරේ.
    (ත්රිථඵලා කතකං පාඨා මුස්තා ජම්බු නිශාද්වයං...ආදී ආයුර්වේද ශ්ලෝකවල දැක්වෙන ජම්බු යන්නට ඉන්දියාවේ මෙන්ම ලංකාවේද වෛද්යලවරැ යොදාගන්නේ මාදං ශාකයයි.)
    Botany විෂය මාද විශ්වවිද්යාාලය තුලදී හදාරා ඇති අතර Botany යනු විද්යාැත්මක විෂයන්ගේ ඉතා ළදරු අවස්ථාවේ පවතින විෂයකි. විද්යානත්මක ක්ර මවේදයේ මූලික සිද්ධාන්තයන්ට ලගාවීමටවත් තවම මුහුකුරා ගොස් නැති විෂයකි. එවැනි විෂයක් උපයෝගීකරගනිමින් මෙවැන්නක් පැහැදිලි කිරීමට යාමෙන් මෙහි කතෘ තම මූර්ඛත්වය ප්රනදර්ශනය කර ඇත.
    මෙම ලිපියේ ඇති “ගිරව් මෙන් සුද්දන් ලියා දුන්, කියූ දේ කට පාඩම් කරමින් සැමදේ කියන ලියන උන්ට “ යන ප්ර්කාශය කතෘට ද බෙහෙවින් අදාල වේ. ගිරව් මෙන් සුද්දන් ලියා දුන් Botany විෂය කට පාඩම් කරමින් සැමදේ කියන්න ලියන්න නොගොස් දේශීය වෛද්යගවරයෙන්ගෙන් විමසුවා නම් මෙසේ සමාජයට විහිලු සැපයීමක් සිදු නොවනු ඇත.

    ReplyDelete
  15. ද්වීප යන සංස්කෘත වචයේ අර්ථය දූපත පමණක් නොවන අතර දූපත, අර්ධද්වීපය, ආරක්ෂිත ස්ථානය, ලෝකයේ කොටස, ආවරණය වූ ස්ථානය, ආරක්ෂාව, ආරක්ෂකයා, කොටියාගේ සම, මහාද්වීපය, පොලොවේ කොටස....ආදී අර්ථ රාශියක් ඊට ඇතුලත් වේ..(එම තර්කය පිළිබදව මීට වඩා කරුණු දැක්වීම අනවශ්යි බව හැගෙයි.)
    අවසාන වශයෙන් ඉල්ලීමට ඇත්තේ බුදුදහමට සම්බන්ධ මෙවන් දේ විකෘති කර අපාගත නොවන ලෙස ය.

    ReplyDelete
  16. මෙහි කතවරිය ඉහත ස්ථානයක දිව යන්නට සමාන වචන දක්වා තිබේ..එය නම් අරැම පුදුම අර්ථ නිරූපනයකි..පාලි-සංස්කෘත වචනයක් වන ද්වීප යන්නෙහි අර්ථය සොයාගැනීමට එය සිංහල ඌරැවට ලියා එයට සමාන වචන දක්වා ඇත..එසේ අර්ථ දැක්වීමේදී ද්වීප යන්නට මුඛයේ ඇති දිව ද සමාන අර්ථයක් ලෙස ලැබේ...මෙවන් විසුලු ප්‍රකාශ ගැලපෙනුයේ මල ගෙවල් වල පාලු කැපීමට ය.

    ReplyDelete
  17. ජම්බු යනු මාදං නම් ජම්බුද්වීපය මාදංදිව විය යුතු බවද ඉහත දැක්වී ඇත. රටක ගමක හෝ පුද්ගල නාමයක් වෙනත් භාෂාවකට නැගීමේදී එම භාෂාවට අදාල ස්වරෑපයකට වචනය පත්කරනු විනා එහි වචන පරිවර්තනයක් සිදු නොවේ.. (එය එසේ වෙයි නම් Greenland නම් රට ග්‍රීන්ලන්තය නොවී කොලදේශය විය යුතු ය). කතුවරිය මහා විදග්ධ බවක් දැක්වීමට උත්සාහ කලත් මෙවන් ඉතාම සරල දෙයක් වත් දන්නා බවක් නොපෙනේ...!

    ReplyDelete