Tuesday, August 7, 2012

ගෞතම බුදුරජාණන් වහන්සේ දවස අප්‍රකට කථා

ගෞතම බුදුරජාණන් වහන්සේ සක්කපක්‍ද්හ සූත්‍රය දේශනා කළේ පාචීන රජතුමාගේ රාජගෘහයේ පිහිටි ඉන්දසාර ගුහාවේදී ය. බ්‍රාහ්මණයෙකුගේ දියණියක් සරණ පාවාගත් ලංකාවේ නාග පචින පාචින රජතුමා ත්‍රිපිටකය ත්‍රිපිටක අටුවා ඇතුළු බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් වන තොරතුරකි, බුදුරජාණන් වහන්සේ සක් (ශක්‍ර) දෙවිදුන්ට සක්කපක්‍ද්හ සූත්‍රය දේශනා කිරීම. මෙම සූත්‍රය දේශනා කිරීමට බුදුරදුන් තෝරා ගත් ස්ථානය ලෙස සඳහන් කර ඇත්තේ පාචීන රජතුමාගේ රාජගෘහයේ පිහිටි ඉන්ද (ඉන්ද්‍ර) සාල ගුහාවයි. මෙම ඉන්දසාල ගුහාව පිහිටියේ කුමන ස්ථානයකද? යන්න විමසා බැලීම කාලෝචිත ය. බුදුන් දවස තිබුණු බුදුකැලි අටුවා ක්‍රි.පූ. 237 දී මිහිඳුහිමියන් මෙරටට රැගෙන විත් හෙළ භාෂාවෙන් ලියා තැබූ බවත්, එම හෙළ අටුවා ක්‍රි.ව. 500 දී ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට නැගූ බව පාලි පොත් වල සහ බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

“සීහළට්ඨ කථා සුද්ධා මහින්දේන මතීමතා / සංගීත්තයමාරුළහං සම්මා සම්බුද්ධදේසිතං” (මහාවංශය 37 වන පරි. 228 වන ගාථාව)

“සිහලට්ඨ කථා සුද්ධා මහින්දේන මතීමතා /සඬගිතිත්තයමා’ රූළහං සම්මාසම්බුද්ධදේසිතං” (සද්ධම්මසඞගහ 7 වන පරි. 15 වන ගාථාව)
“....... ඉක්බිති මහාවිහාරවාසී භික්‍ෂු මහාසංඝයා වහන්සේ සිංහල අටුවා කථා පොත් සමග පිටකත්‍රය, පාළි පොත් ද උන්වහන්සේ ට භාර කළහ.” එකල්හි ඒ ආයුෂ්මත් බුද්ධඝෝෂ තෙරණුවෝ ඒ සියලු පොත් භාරගෙන මහා විහාරයට දකුණු දෙස වූ “පධානඝර” නම් ප්‍රාසාදයෙහි වැඩවෙසෙමින් සියලු හෙළටුවා පෙරළා මුල භාෂාව වූ මාගධික භාෂාවට නගා ත්‍රිපිටකයට අට්ඨකථා කළහ. මහාඅට්ඨකථා මහාපච්චරියට්ඨ කථා සහ මහාකුරුන්දට්ඨකථා යනුවෙන් හෙළටුවා පොත් තුනක් ගැන සමන්තපාසාදිකාවෙහි දැක්වේ. ප්‍රථම මහාසංගායනාවට නැගුණු මහාකස්සප මහාස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ මහතෙරවරුන් විසින් කරන ලද මහාමහින්ද ස්ථවිරයන් වහන්සේ විසින් ලක්දිවට ගෙන එන ලදුව හෙළ බසින් කරන ලද්දේ “මහාඅට්ඨකථා” නම් පහුරට හෙළ බසින් පච්චරිය යි කියනු ලැබේ. පහුරෙහි ද හිඳ කරන ලද බැවින් එය “මහාපච්චරිය අට්ඨකථා” හෙවත් “පච්චරිය” නමි කුරුන්දිවේළු නමින් විහාරයක් ඇත. (දැනට කුරුත්තන් , ඌර් වවුනියා දිස්ත්‍රික්කය) එ වෙහෙරෙහි හිඳ කළ බැවින් එය ඉමහාකුරුන්දි අට්ඨකථා” හෙවත් “කුරුන්දි” නම් මෙසේ තුන් ප්‍රකාර වූ “හෙළටුවා” කථා අතුරෙන් ආයුෂ්මත් බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ කුරුන්දට්ඨකථායෙහි සිංහල භාෂාව පෙරළා මුල භාෂාව නම් වූ මාගධ භාෂාවට නගා “සමන්තපාසාදිකා” නම් විනය පිටක අට්ඨකථාව කළහ. ..... ඊට අනතුරුව සූත්‍ර පිටකයේ මහඅටුවාව කථා හෙළ බසින් පෙරළා සුමඞලවිලාසිනි නම් වූ දික්සගි අටුවාව ද එසේ ම පපඤ්චසුදනී නම් මැදුම්සගි අටුවා ද එසේ ම සාරත්ථප්පකසිනී නම් සංයුත්තසගි අටුවා ද එ සේම මනෝරථපුරණී නම් අඞගෝත්තරසගි අටුවා ද ලියූහ....(සද්ධම්මසඞගහ 7. පරි.28, සිංහල පොත .99 පිට)

බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද දික්සගි අටුවාව දීඝනිකායට අයත් ය. එහි සඳහන් පක්කපක්‍ද්හ සූත්‍රය තුළ ඇති තොරතුරු අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ සක් දෙවියන්ට සක්කපක්‍ද්හ සූත්‍රය දේශනා කර ඇත්තේ පාචීන රජතුමාට අයත් රාජගෘහය තුළ පිහිටි ඉන්දසාලගුහාවේදී ය. මෙම ස්ථානය පිහිටියේ කොතනද? බුද්ධඝෝස හිමියන්ගේ පාලි පොතට අනුව මෙම ස්ථානය වෙදිකෙ පබ්බතෙ ලෙස සඳහන් ය. ඒ මෙසේ ය. “එවං මෙ සුතං එකං සමයං භගවා මගධෙසු විහරති පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො තස්සුත්තරතො වෙදිකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං.........
මෙම පාලි පාඨ ලියවී ඇත්තේ මහානාම රජදවස එනම් ක්‍රි.ව. 410 – 432 දී ය. දැනට උගතුන් විසින් පිළිගනු ලබන පැරණි සෙල්ලිපි ලියවී ඇත්තේ ක්‍රි.පූ. 600 – 300 අතර කාලය තුළ ය. සම්මත වී පිළිගනු ලබන පැරණි සෙල්ලිපි ලියවී ඇත්තේ ක්‍රි.පූ. 300 යයි. එදවස ලියවුනු සෙල්ලිපි හත අටක පචින රජතුමා සහ ඉන්දසාල ගුහාව පිහිටියේ ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ වැවේගම බඹරගල රාජමහා විහාරයේ බව පැරැණි ඉංගී‍්‍රසි වාර්තා වල සඳහන් ය. මෙහි විශේෂය වනුයේ ලංකාවේ විසූ පචින රජතුමා සරණ පාවාගෙන ඇත්තේ බ්‍රාහ්මණයෙකුගේ දියණියක් වීමයි. එම පුවත සහ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ ඉන්සාල ගුහාව පිළිබඳ මෙතෙක් සැඟව පැවති එම තොරතුරු මෙම ලිපියෙන් විස්තර කෙරේ. මෙම ලිපිය මාතෘකා තුනක් යටතේ සාකච්ඡා කෙරෙන්නේ එබැවිනි.

පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් 1970 දී ලියා ඇති INSCRIPTION OF CEYLON. VOLUME Iග්‍රන්ථයේ පිටු අංක 103 දී බුදුරදුන් වරක් වැඩ වාසය කළ ඉන්සාල ගුහාව පිළිබඳව කෙටි සටහනක් දමා ඇත. ඒ ඔස්සේ අපිට ඉන්දසාලගුහාව, පචිනරජතුමා, අම්බසණ්ඩගම ආදිය විමසීමට පුළුවන.
  
Ida – sala, cd.st.cave (skt. Indra – sala, p.Inda – sala)name of a cave in which the Buddha once dwelt (See Introduction, p cxix), 457, 458, 817, 817 (4)Idasala – gu (ha) sagasa’ (The cave named ) Indasala – guha (is given ) to the Sangha  අංක 817 යන ලිපියෙන් අපිට ඉන්දසාල ගුහාව හමුවේ.

මෙම ඉන්දසාලගුහාව පිහිටියේ පාචීන රජතුමාගේ රාජගෘහය අයත් ස්ථානයේ බව අටුවාවේ සඳහන් ය. මෙහිම ඇති අංක 814 යන ලිපිය කරවා ඇත්තේ පචින පාචීන (පාචීන) රජතුමාගේ බිරියයි.
මෙයින් පාචීන රජතුමා ද මෙහි සිටි බවත්, රජතුමා සරණ පාවාගෙන ඇත්තේ බ්‍රාහ්මණ කොඣරගේ දියණියක් බවත් හෙළිවේ. 2 යටතේ අප විමසුමට ලක් කරන්නේ මෙයයි.
 
814 (1) pocani – ragha – Nagayaha – jhaya – Bamana – Kojhara – jhitaya upasika – Dataya – lene 814පොචනි –රඣ – නගයහ – ඣය – බමණ-කෙඣර – ඣිතය – උපශික – දතය- ලෙණෙ
මෙම ලිපියේ පළමු අකුර ගලේ ඇත්තේ
ප පයන්නයි.
වැරදීමකින් පො පොයන්න ලෙස සටහන් වී ඇති බව පෙනෙයි. අටුවාවේ සඳහන් වන අම්බසණ්ඩ නම් බ්‍රාහ්මණගම නූතන ඇඹුල්අඹේ ලෙස සිතිය හැක.

එහි ඇති සෙල්ලිපිවල පචිනරජතුමාගේ පුත්‍රයෝ සහ ලේලීවරුන් විසින් කරවූ සෙල්ලිපි හමුවේ.
මෙම සෙල්ලිපිද ලංකා ශිලාලේඛන සංග්‍රහයේ සඳහන් ය. වැඩි විස්තර සඳහා බලන්න. Archaeological Survey of Ceylon, Annual Report, 1911.12. p 121, No.123 , I C.831, 833, 834 එම සෙල්ලිපි මෙසේ ය.
831. පචින – රඣ – පුත – තිශයහ - ලෙණෙ – අගත – අනගත – චතුදිශ - ශගශ - දිනෙ 832 පචින – රඣ – පුත – තිශ -අයහ – බරිය – උපශික –රකිය- ලෙණෙ – අගත –අනගත – චතුදිශ - ශගශ
(සිංහල ශිලාලේඛන සංග්‍රහය නන්දසේන මුදියන්සේ. 142 පිට)

මේ අනුව බුදුරජාණන් වහන්සේ නූතන බඹරගලදී සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවත් ලක්දිව විසූ පචින රජතුමා බ්‍රාහ්මණයෙකුගේ දියණියක් සරණ පාවා ගත් බවත් හෙළිවේ.

බුදුන්දවස සක්විති රජවරු සිටිය යුගයකි. එදවස ලක්දිව සක්විති රජතුමා වූයේ ලංකා ඉතිහාසයේ සඳහන් නොවන මහරජු පණිත ය. එනම් පණිත මහරජතුමා ය. මෙතුමාගේ භාණ්ඩාගාරික වූයේ පරුමක සුමනයි. ඒ බව පැරණි සෙල්ලිපියක සඳහන් ය. එ මෙසේ ය.
මහරඣහ පණීත බඩකරික පරුමක ශුමනහ

ලජ්ජිතිස්ස රජතුමා පණිත යන නමින් වැවක් කරවා ඇත.

මෙය නූතන හඳපානාවිල්ලුවේ ඇති නටබුන් වූ වැවයි. දුවේගල පර්වත ලිපියෙහි එය සඳහන් වේ.  (I C . VOL.II.P.I. P23.NO. 15 ) “පණිතභොජනානි, ඒවරූපානි පණිතභොජනානි” යන පාලි පාඨ වල අර්ථය වනුයේ ප්‍රණීතයෙන් මුසුවූ සප්තධාන්‍යයන්ගෙන් නිපන් භෝජනය යි. (කඞඛාවිතරණී 157 පිට) මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අංක 1035 සෙල්ලිපිය පරිවර්තනය කිරී මේ දී පණිත රජ තුමාගේ නාමය ඉවත් කර ඇති බව ඉංගී‍්‍රසි පෙළ කියවන විට හමුවේ. 1035 (1) Maharajhaha panita – badakarika - parumaka – sumanaha (The cavel ) of the chief sumana, officer in charge of the store – house of goods in deposit, of the great king. 1 It is possible that the name of the king was given ae the beginning of the record, but has now become illegible. for the office of panita – badagarika, see Introduction, p.xcii.පණිත මහරජතුමාගේ පියා පරුමක වියග යන ප්‍රධානියෙකි. වියග ගේ සෙල් ලිපි 18 ක් බෙරවාගම සන්තානාකන්දේ ඇත. ශුමණ, මහබිය යන දෙදෙනා පණිත මහරජතුමාගේ දුව සහ පුතා ය. (I.C.NO. 1103,1104) රුහුණේ දමරජ පරපුර ඇරඹෙන්නේ මෙම ශුමණගෙන්ය. බෝවත්තේගල (549) සහ කොටාදැවුහෙළ (556) සෙල්ලිපි වලින් හෙළි වන්නේ එම රාජ පරපුරයි. ශුමණ දමරඣ මහතිශ අය අබ්ශවෙර ගාමිණී අබය ; ලජ්ජිතිස්ස රජතුමාගේ මහප්පා (පියාගේ සොහොයුරු) වූ ගමිණි අබය (දුටුගැමුණු) මහරජතුමා විසින් බුදුරදුන් සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ අවස්ථාවේ දී අසුන් ගත් ආසනය රුවන්වැලිසෑයේ තැන්පත් කළ බව චේතියවංශට්ඨ කථාවේ සඳහන් වී තිබිනැයි නිග්‍රෝධ පිට්ඨිවාසි මහාසීව තෙරුන් වසභ රජතුමාට සීහනාද සූත්‍රය දේශනා කළ අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇතැයි මහාවංශයට ටිකාවක් ලියූ ටිකා කරු පවසා තිබේ. අද අපිට මෙම අටුවාව දැකීමට නොමැත.

පිත මහරඣහ බඩකරික පරුමක ශුමන පුත පරුමක චෙමශ ලෙණෙ රඣතිශහ රඣියශිනියතෙ අගත අනගත බගවත සගස

චෙම රජතුමාට අයත් මෙම ලෙන බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කළමහා සංඝයා ට පූජා කර ඇත්තේ රඣතිශහ – (කාවන්තිස්ස) මහරජතුමා සහ එම දේවියි. අබිශවෙර ශවෙර වෙහෙර විහාරමහා දේවිය යි. විහාරමාහාදේවිය මතු උපදින මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ ම වන බව මහාවංශයේ සඳහන් වේ. “රඤ්ඤෝ පිතා පිතා තස්ස මාතා මාතා භවිස්සති” (32 පරිච්ඡෙදය 82 ගාථාව පළවන පෙළ)

(හිටපු විදුහල්පති, ශාස්ත්‍රපති ලත්පඳුරේ පියරතන හිමි)

Thursday, August 2, 2012

උද්භිද විද්‍යාවට සරදම් කල හිමාලයේ දඹගස

සැබවින්ම මෙය අවනඩුවකි. සැබෑ උරුමයකට කල සරදමකි.
පුරා සියවස් එකහමාරක් ඉක්මවා එනම් වසර 152 ක්(කි. .1796-1948) රට සුරා කෑ සුදු මිනිස්සු කුඩා දිවයිනක උරුමය හරස්කොට එය තව කෙකුට පවරාදී නැව්නැග යන්නට ගියහ. ඉන් දශක 6 කට පමණ පසු තර්ක කිරීමට, විමසා සොයා  බැලීමට බුද්ධියක් ඇති නැණවත් මිනිස්සු සිය සැබෑ උරමය වෙනුවෙන් සටනට බැස සිටිති. ඔවුන් ගේ සටනේ තේමාව දඹදීව යනු හෙලදිවයි. එහෙත් ඉපැරණි පොත පත නොකියවන, තර්කානුකුලව නොසිතන , ගිරව් මෙන් සුද්දන් ලියා දුන්, කියූ දේ කට පාඩම් කරමින් සැමදේ කියන ලියන උන්ට නම් මෙම සටනේ තහනම් වචනය හෙළදීවයි.

බුදුන් උපන් රට දඹදීව නමින් නම් කල අරුත කීම?

1.“
යම් දඹයක් නිසා මේ දිවයිනට දඹදිව යයි කියද්ද ඒ දඹගස කරා ගොසින් දඹගෙන වුත් අනූ කෙළක් මහණ ගණයා හා සමග සිද්ධාර්ථර බුදුන් වළඳවා ……….. .( සූවිසිවිවරණය, සද්ධර්මරත්නාවලිය, wiki books )


2. පිළිසිඹියා පත් රහත් සත් හැවිරිදි චුන්දල නම් තෙරණ කෙණකුන්ද බුදුන් වැඳලා දෙමවුපියන්ට බාලදරුවන්කරණ ලෙස නම් සුරතලක්සේ වේද, මම පෙළහරකරමීකී සේක. පෙළහරකරන්නේ කවර ලෙසදැයි විචාළකල්හිමම ස්වාමීනී, දඹදිවට සලකුණුවූ මහ දඹගස අල්වා ගෙන සොල්වා මහදිය කළසා දඹ වගුරුවා ගෙන අවුත් ……….. (යමා මහ පෙළහර වත සද්ධර්මරත්නාව ලිය,wiki books )

3.මෙ දඹදිව නම් දඹ රුකින් පැණෙයි. අප දඹදිවට වාදකරන බව් හඟවම්හයි දඹ අත්තක් හිසට කොම ගෙණ සැරිසරමින් ගියො. යම් ගමකට පත්හුද, එගම් දොරැ පස් රැසෙක හෝ දඹ අත්ත ධජයක් කොටහ හිඳුවාලායමෙක් වාදයට නිසිවේද,  හේ මඬිවයි කියා ගම් වදිති. ….. (මාණවකදමනය, අමාවතුර, wiki books)

4.
ඉක්බිති පහන්වු කල්හි උරුවෙල කාශ්‍යප තෙම සර්වඥයන්වහන්සේ කරා ගොස්අපි ඔවුන් හිඳුවූ දඹ අත්ත මැඩැපියන්නට බම්හයි කියා දැන්වූ කල්හි, ... (බුත්සරණ, wiki books)

5."
කා
ශ්‍ය, මම ඔබ පිටත් කොට යම් දඹගසක් නිසා මේ දිවයිනට දඹදිව යි කියත්ද, ඒ දඹ ගසින් පලයක්ද ගෙන මෙහි පැමිණ හිඳ ගතිමි" යි කීහ.. "කාශ්‍යපය, මේ දඹ ඵලය මනා වර්ණයෙන් හා සුවඳින්ද රසයෙන්ද යුක්තය. ඔබ කැමති නම් මෙය වලඳව" යි තථාගතයන්වහන්සේ වදාළහ………  ……… (පුරිසදම්මසාරතිගුණය "සුවිස මහා ගුණය" රේරුකානේ චන්දවිමල හිමි, පිටුව 226, 14 වන මුද්රණය, 2012)

(රේරුකානේ චන්ද විමල හිමි නිවන් අවබෝධකර ගත් අපේ කාලයේ හිමි නමකි. උන්වහන්සේ කිසි දිනකත් ඉන්දියාවේ වන්දනාවේ නොගියහ. බුදුන් උපන් රට දිවයිනක් බව උන්වහන්සේද දැන සිටි බවක් පෙනේ. බොහෝ විට සත් එලිවන්නේ කාලානු රුපවය. එකල මෙය එලිවූවා නම් කොටි ත්රස්ත වාදීන්  මේවා විනාස කරන්නට ඉඩ තිබුණි.)

6. එවේලෙහි සිටාණෝ (අනේපිඬුසිටු) ඉතා සතුටුව රාජ කුමාරයන් කැඳවාගෙන උයනට ගොස් උයනෙහි නිෂ්ප්‍රයෝජන වූ විහාරයට නොකරම් ගස් මුලින සිඳුවා දම්මවා සඳුන් කපුරු සපු නා අඹ දඹ දොඹ ආදීවූ මාහැඟි ගස් රඳවා උයන් බිම බෙර ඇසක්සේ තනා …… (ජේතවනාරාම පූජාකථා, පූජාවලිය, wiki books )

මෙයින් පැහැදිලි වන්නේ  දඹදිවට එනම ලැබී ඇත්තේ එම දේශයට සංකේතයක් වූ  දඹගස  නිසා බවත්, ගොතම බුදුන් උපන් දවස ද, දඹ නම් ශාක විශේෂය බුදුන් උපන් දේශයේ තිබුණු බවත් සහ දඹදිව යනු දිවයිනක් බවත්ය.

එසේ නම් එම දඹ ගස කුමක්ද?  එය කාගේ උරුමයක්ද යයි සොයා බලමු.
දඹගස (වර්ගීකරණය.)   classification
Kingdom                                 plantae
(රාජධානිය)                              (ශාක)
Phylum                                    Tracheophyta
(කාණ්ඩය)                               (සනාල ශාක)
Class                                        Magnoliopsida
(වර්ගය)                                   (පුෂ්ප හට ගන්න ශාක)
Family                                     Myrataceae
(කුලය)
Botanical  Name                     Syzygium assimile ssp
(උද්භිදවිද්යාත්මක නාමය)
Native                                      Sri Lanka
(මව්බිම)                                  
Range                                       Sri Lanka
(වයාප්තිය) 

උපුටා ගැනීම ලෝක සංරක්ෂණ මෙහෙයුම් මධ්යස්ථාන (World Conservation Monitoring Centre http://www.unep-wcmc.org/) දත්ත වලිනි.

අපටම උරුමවූ දඹ ශාකය වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති බව ලෝක සංරක්ෂණ මෙහෙයුම් මධ්යස්ථානය විසින් සටහන් තබා ඇත්තේ මෙලෙසය.
World Conservation Monitoring Centre 1998 Sizygium assimile ssp. acuminata . In: IUCN 2012, IUCN (International Union for Conservation of Nature) Red List of Threatened Species Version 2012.

List of all threatened forest occurring  single country endemics.

Species                                     Country
Sizygium assimile ssp               Sri Lanka

මෙයින් පෙන්වන්නේ ලංකාවට උරුමවූ දඹ ශාකය වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇතය යන්නය එසේ නම් දැන් නිතරඟයෙන් පැන නගින පැන කිහිපයකි. ලංකාවට උරුමවූ ලංකාවේ පමණක් ව්‍යාප්ත වුණු දඹ ගස නිසා ඉන්දියාවට එනම ලැබුනේ කෙලසද යන්නය. දඹ නැති රටක් වන ඉන්දියාවේදී  බුදුන්වහන්සේ දඹ වැළඳුවේ කෙලෙස ද යන්නය.

පෙර එක දවසක හිමාලයේ මහා සුවිසල් දඹගසක් තිබුණු බැවින් ඉන්දියාවට දඹදිව කියූ බව ගිහි පැවිදි ඇත්තෝ ගුවන් විදුලියට රූපවාහිනියට ගොඩවී අපට මෙලෙස බන දෙසති. අනේ මිනිසුනේ මහාසුවිසල් දඹ ගසක් තබා කුඩා දඹ ගසක්වත් වැවෙන්නේ නැති තැනකය හිමාලපව්ව. එම ගස මෙරට උරුමයක් මිස උන්ගේ උරුමයක් නොවේමය. දඹ ගසක් නැති රටකට අතදිගු කොට අන්න දඹදිව යයි කියන, මිනිසුන් මුලාකරන මේ මිනිසුන් නිවන් දකින්නේ කවදා දැයි නොදනිමි. බුදුන් උපන් දේශයේ හිමවත දඹ, දොඹ, කෑල, දිඹුල් යන ශාක තිබුණු බව ජාතක කතා වලින් දැක්වේ. හිමවතට හිමාලය යයි ලියාගත් අමන මිනිසුනේ දඹ දොඹ කෑල දිඹුල් හිමාලයේ වැවෙන ගස්ද? මේවා නිවර්තන කලාපීය රටවල වනාන්තර වල බහුලව වැවෙන ශාක මිස උතුරු ඉන්දියාවේ වැවෙන ගස්ද? මෙසේ මේවා ලියා ගන්නා මිනිසුන් සිතා සිටින්නේ මේ රටේ සියලු මිනිසුන් කොළ කන එළුවන් කියාදසුද්දන්ගේ බුදුන් උපන් දේශය සනාථ කරන්නට සුද්දන් සතුටු කරවනු පිණිස උන්ට දොළ පිදේනිය දෙනු වස්  හිමවතට හිමාලය යයි ලියා ගත් ධීන වහල් මිනිසුනේ හිමවතහි සැබෑ අර්ථය කැලෑවය.

හිමාලයේ ශාක විශේෂ 1900 ක් පමණ වෙතයි සැලකේ. මින් බොහොමයක් හිමාලයට පමණ ආවේනික වූ ශාකය. ශාක වැඩීමට අපහසු දුෂ්කර පාරිසරික තත්වයන් වන අයිස් මිදෙන උෂ්ණත්වයක්ද, ශාක ශ්වසනයට අවශ්‍යවන ඔක්සිජන් අඩු  ප්‍රතිශතයක්ද, සුළගේ වේගවත් භාවයද, නිසා හිමාලයේ ශාක යම් පමණකට හෝ හොඳින් වැවෙන්නේ හිමාල පාමුලට ආසන්න පෙදස්වලය. ඒවා ද කෙටි කාලීන ශාක වේ. හිමාලයේ ශාක වැඩීම අනුව කලාප 4 කට වෙන් කරයි.
  • පලවෙනි කලාපය වන කඳු පාමුල ඇසුරු කරගත් පෙදෙසේ ඇත්තේ කැලැවය. මෙහි පයින් (pine ) දේවදාර (fir), උණ (bamboo), අසෝක (rhododendrons) වැනි ගස් වලින් ගහනය.
  • දෙවැනි කලාපය එනම් කඳු පාමුලට තරමක් ඉහලින් පිහිටි පෙදෙසේ ඇත්තේ ඇල්පයින් (alpine) වර්ගයේ පඳුරුය. මෙය පඳුරු වලින් යුත් පෙදෙසයි.
  • දෙවැනි කලාපයට ඉහලින් පිහිටි තුන්වන කලාපයේ තවදුරටත් ඇල්පයින් වර්ගයට අයත් පඳුරු වැවෙන අතර මෙම කලාපය පාසි විශේෂ (lichen , moss ) වලින් ගහනය.
  • 4 වන කලාපය අඩි 1800 ඉහලින් පිහිටා ඇති අතර මෙම කලාපය හිමෙන් සහ අයිස් වලින් වැසී ඇති බැවින් ශාක වාසස්ථානයට නුසුදුසු තත්වයක්ව පවතී.
දැන් අපි අපෙන් ඇසිය යුතු පැනයකි. තමන්ට ආවේනික වූ දඹ ගස නිසා දඹදිව ලෙසින් නම තැබූ දඹදිව ඉන්දියාවට භාරකොට තමන්ගේ උරුමයක් වූ දඹ ගස මේ මහ පොලවේ වෘක්ෂලතාදියෙන් සමුගෙන වඳවී යන්නට ඉඩහැර අත පිස දමාගත් නරුම ජාතියක්ද අප යන්නය.
ඉහත කී සියලු කරුණු කෙටිකොට ලියන්නේනම් ලිවිය හැක්කේ මෙසේය.

දිවයිනක් වූ දඹදිව දිවයිනක් නොවූ ඉන්දියාව විසින් පැහර ගෙන ගොස් තිබේ.
දිවයිනකට උරුම වූ දඹ නමින් යම් ගසක් වීද එයද ඉන්දියාව විසින් පැහර ගෙන විත් තිබේ.

මෙය නම් අපුරු නාඩගමකි. දඹදිවද කලඹා දඹ ගසද පැහර ගත් ඉන්දියානු සනුහරේ නාඩගමයි මේ

(සැකසුම සුභාෂිනී කුමාරි)