Saturday, July 28, 2012

ත්‍රිපිටක Vs අ‍ටුවා (හෙල මාගධී 1 කොටස)

එදා මෙදා තුර කාලය තුලදී අපට අසල්වාසී මහා භාරතය අපට කල කෙනෙහෙලිකම් අපමනය. මහා සම්මත රජුගෙන් පටන් ගන්නා අපේ රාජ වංශයේ දීප්තිමත් රජවරුන් බිහිවන විට එය ඉවසාගත නොහැකි මහා භාරතය කූට උපක්‍රම යොදමින් හෙලදිව විනාශ කිරීමට ගත් උත්සහයන් අපමනය. හෙලදිව පහල වූ ශ්‍රේෂ්ඨ චරිතයන් හිමි උතුමන්ගේ චරිතය ඝාතනය කර භාරතයට ගැලපෙන ආකාරයේ චරිතයන් ලෝකයා හමුවේ මවා පැමටද මහා භාරතයට ඉතා හොද හැකියාවක් තිබිනි. පාරමී,උපපාරමී,පරමත්ත පාරමී දම් පුරා මේ මහා භද්‍ර කල්පයේ පහල වූ ගෞතම බුදුන්වහන්සේද විශ්නුගේ නමවෙනි අවතාරය ලෙස හදුන්වා උන්වහන්සේටද අපහාස කිරීමට පෙලඹුනු බමුනෝ උන්වහන්සේ දේශනා කල පෙල දහමද විකුර්තිකරමින් නිවන් මග වැසීමට ගත් උත්සහයන් ඉතිහාසයෙන් අපට වාර්ථාවේ. ඒ ඉතිහාසකථාවේ කථා නායක වන්නේ අපේ භාවනා පන්ති කරගෙන යන ටියුෂන් ගුරුවන්රුන්ට බොහෝ සේ වටිනා විසුද්ධි මාර්ගය ආදී ග්‍රන්ථයන් රචනා කල හා හෙලදිව තිබූ පෙල දහම පාලි භාෂාවට පරිවර්ථය කල බුද්ධ ඝෝෂ හිමියන්ය. බුද්ධ ඝෝෂ හිමියන් හා ඔහුගේ කාර්යන් විමසීමට පෙර පෙලදහම,මාගධී භාෂාව යනු කුමක්දැයි නිවැරදි අවබෝධයක් ලබා සිටීම ඉතාම අවශ්‍ය කරුනකි.මාගධී භාෂාව පිලිබද දීර්ඝ විස්තර පසුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන නිසා මෙහිදී කෙටි හැදින්වීමක් පමනක් කිරීමට කැමතිය.

බුදුන්වහන්සේ තමන්වහන්සේ අවබෝදකරගත් ධර්මය දේශනා කරන ලද්දෙ තමන්වහන්සේ උපන් ජන්බුද්වීපයේ ව්‍යවහාර වූ භාෂාවෙනි. එය මාගධී යනුවෙන් ව්‍යවහාරයේ පවතී. මාගධී යනු සඤ්ඤා ඇසුරු කරත්කි. විශේශත්වය වන්නේ එය හෙලදිවට ආවේනික වූවක් වීමය. හෙල ශබ්ධ සඤ්ඤා මුලුමනින්ම නිර්මානය කෙරුනේ මාර්ගාධිගමනය සදහා බුද්ධ ධර්මය පැහැදිලි ලෙස දැන දැක ගැනීම සදහාය. මෙයට මාගධී භාෂාව ලෙස ව්‍යවහාර වූයේ මෙම ගමන් මග නිසාමය.මාගධී යනු පාලි භාෂාව නොවේ. පාලි යනුවෙන් භාශාවක් බුද්ධ කාලීනව පැවතියේ නැත. එය පසුකාලීනව සාදාගත් කෘතිම භාෂාවකි. එය ජාතියකට අයත් නොවන හෝඩියකුදු නැති භාෂාවකි. එය සිංහල හෝඩිය ට අනුබද්ධ කලේ එබැවිනි. මුල් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කර ඇත්තේ හෙල අක්ශරවලිනි. බුද්ධ ධර්මයේ උරුමය හෙලයා සතු වූ බැවින් එසේ සිදු කෙරිනි. ග්‍රන්ථාරූඪ කල ධර්මය තේරුම් ගැනීම සදහා හෙල අ‍ටුවා ලියවී තිබුනි. බුද්ධ දේශනය කැටිකර හෙල ශබ්ද සඤ්ඤාවලට පෙල ගැස්සීම තේරුම් ගනු ලැබුවේ හෙල අ‍ටුවා මගිනි.  බුද්ධ ධර්මය කැටි කොට හෙල බසින් පෙල ගැස්සීම සිදු වූයේ ග්‍රන්ථාරූඪ කිරීමේ පහසුව සදහාය. මෙම හෙල සංකේත අක්ෂර ශබ්ද සඤ්ඤා පද මාලාවක් ලෙස ග්‍රන්ථාරූඪ කෙරිනි. මාගධී නිරුක්ති කිරීමට හැකියාවක් ඇත්තේ එබැවිනි. නමුත් ඇතමුන්ට වචනයක් නිරුක්තිකල විගස ඇස් උඩ යන්නේ ධර්මය විකුර්තිකරනවා යන කියමන මුවග ‍රැදෙමිනි. ඒ අන් කිසිවක් නිසා නොව මාගධී නිරුක්තිය හා හෙල භාෂාවෙන් ලියූ පෙල දහම ඉවත් කොට ඒවා පාලියට පරිවර්තනය කිරීම හා අනාදිමත් කාලයක සිට එම පාලියට හුරු වී සිටීම නිසාය. හෙල අ‍ටුවා පාලියට පෙරලීම මහා භාරතය විසින් අපට සිදුකරන ලද තවත් සාපරාධී ක්‍රියාවකි.

හෙල අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීම සදහා හෙලදිවට පැමිනෙන්නේ බුද්ධ ඝෝෂනම් භික්ශුවකි. වෙනදාමෙන්ම ඉන්දියානුවන් ඉහලින් වනන මහාවංශයේ කතෘවන ඉන්දියානු ජාතික මහානාම හිමියෝ හෙල අ‍ටුවා පාලියට පරිවර්ථනය කිරීමට පැමිනෙන බුද්ධ ඝෝෂ හිමියන්ව වර්ණනා කරන්නේ මෙසේය.

"මෙකල බෝ මැඩ සමීපයෙහි උපන් බ්‍රාහ්මණ මානවකයෙක් විය. විද්‍යා ශිල්පකලාවන්හි නිපුණ වූ හෙතෙම ත්‍රිවේද පාරප්‍රාප්ත විය. මැනවින් උගත් සමය ධර්මය ඇත්තේ වාදයෙහි විශාරද වූයේ වාදකරනු කැමැත්තෙන් දඹදිව (පරිවර්ථන) පුරා ඇවිද්දේය. දිනක් හෙතෙම එක්තරා ආරාමයකට පැමිණ සම්පූර්ණ පදව්‍යගදජන මනා ඉරියව්වකින් යුක්තව රෑ කාලයෙහි පාත්‍යඤ්ජල මතය පිරිවහයි.එයට ඇහුකන් දුන් එම විහාර වාසී රේවත නම් මහා ස්ථවිර නමක් ඔහු මහා පැණවතකැයි සලකා ඔහු දමනය කල යුතු යයි සිතුවේය."මේ ගද්‍රභාරවයෙන් කෑගසන මොහු කවරෙකුදැයි උන්වහන්සේ ඇසූහ" ඔබ ගද්‍රභාවාරයෙහි අර්ථය දන්නෙහිද යි මාණවකයා ඇසීය. එසේය, දනිමි යනුවෙන් තෙරනුවන් පිලිතුරු දුන් කල්හි සිය මතය ඉදිරිපත් කලේය.

ඇසූ ඇසූ ප්‍රශ්න විසදූ තෙරනුවෝ විරුද්ධ මත ද පෙන්වූහ." එසේ නම් ඔබගේ මතය ඉදිරිපත් කරන්න" යනුවෙන් මානවකයා කී කල්හි තෙරනුවෝ පාලි අභිධර්ම ප්‍රශ්න ඇසූහ. ඔහුට ඒ කිසිවක් තේරුම් ගැනීමට නොහැකි විය. මේ කාගේ මන්ත්‍රයක්දැයි ඔහු විමසූ කල බුද්ධ මන්ත්‍රයෙකැයි තෙරනුවෝ කීහ. එය මට දෙන්න'යි මානවකයා ඉල්ලූ කල එසේ නම් පැවිදි වී ගනුව යනුවෙන් තෙරනුවෝ කීහ.

මන්ත්‍රය උදෙසා පැවිදි වූ හෙතෙම තුන්පිටකය ඉගෙන ගත්තේය. පසුව මෙය එකම මාර්ගය හැටියට තේරුම් ගත් හෙතෙම එය පිලිගත්තේය. ඔහුට බුදුන්ට සමාන ස්වරූපයක්(ඝෝස) තිබූ හෙයින් බුද්ධඝෝස යන වැහැරිනි. එහි වෙසෙද්දී උන්වහන්සේ ඤාණෝදය නමින් ස්විය කෘතියක්ද, ධම්මසංඝණියට අතථසාලිනී නමින් අ‍ටුවාවක්ද කලහ. ඒ බුද්ධිමත් භික්ශූන් වහන්සේ පිරිත් පොතට අ‍ටුවාවක් ලිවීම ඇරඹූහ. ඒ දු‍ටු රේවත ස්ථවිරයන් වහන්සේ ඔහු බණවා මෙසේ කීහ. මෙහි ගෙනවුත් ඇත්තේ පෙළ දහම පමණි. අ‍ටුවා නොමැත. එසේ ම එකිනෙකට වෙනස් වූ ආචාරිය වාදියෝ ද නොමැත්තාහ.

මහාමතුවූ මහින්ද තෙරනුවන් විසින් සපයන ලද සංගීති තුනකින් සම්මත වූ බුද්ධබෂිතයට කරතිබෙන සිංහල අ‍ටුවා පිවිතුරුය. සැරියුත් ආදී මහ තෙරවරුන්ගේ කථා මාර්ගය බලා සිංහල භාෂාවෙන් ලියා තිබෙන ඒ අ‍ටුවා සිංහලයන් අතර ඇත. ඔබ එහි ගොස් ඒවා ලබාගෙන මාගධ භාෂාවට පෙරළන්න. එය සකල ලෝකයාගේ හිතසුව පිණිස පවතී. ඒ වචනයෙන් බෙහෙවින් පැහැදුනු බුද්ධඝෝෂ හිමියෝ දඹදිවින් නික්ම මේ රජතුමාගේ (මහානාම රජු) කාලයෙහි මෙහි පැමිණියහ. හෙතෙම සකල සාධූන්ගේ වාසස්ථානයක් වූ මහාවිහාරයට පැමිණ සංඝපාල හිමියන් බැහැදු‍ටුවේය. එහිදී උන්වහන්සේ හෙල අ‍ටුවා සමග සකල තේරවාදය අසා උන්වහන්සේගේ අදහස මෙය ම යයි නිශ්ච කරගෙන සියලු ම සංගයා ‍රැස්කරවා අ‍ටුවා ලිවීම පිනිස මට සියලුම පොත් දෙනු මැනව යනුවෙන් අයැද සිටියහ.

ඉක්බිති මහා සංඝයා ඔහුගේ කුශලතාව පිරික්සනු පිණිස ගාථා දෙකක් දී මෙය අනුව ඔබගේ සාමර්ථ්‍යය පෙන්වනු මැනව. එවිට අපි පොත් දෙන්නෙමු යයි කීහ. හෙතෙම පිටකත්‍රය සමග අ‍ටුවා පොත් කියවා සකල විද බුද්ධ ධර්මය හකුලවා විසුද්ධිමග්ග නම් වූ ප්‍රකරණය කලේය.
ඉක්බිති බුද්ධ වචනයෙහි නිපුනවූ මහා සංඝයා බෝ මැඩ සමීපයෙහි ‍රැස් කරවා ඒ ග්‍රන්ථය කියවීමට පටන් ගත්හ. දෙවිවරු උන්වහන්සේගේ නිපුණත්වය මහජනයා අතර ප්‍රකට කරනු පිනිස ඒ පොත සැගවූහ. උන්වහන්සේ එය දෙවරක්ම ලියූහ. තෙවන වරට කියවීමට පටන්ගත් කල්හි දෙවිවරු ඉහත ලියූ පොත් දෙක ද ගෙනවුත් තැබූහ.එවිට භික්ශූහු පොත් තුනම සසදමින් කියවූහ. එහි එකක්වත් ග්‍රන්ථවශයෙන් හෝ අර්ථ වශයෙන් හෝ ස්වර වය්ංජන වශයෙන් හෝ ථෙරවාදය හා පෙලදහම වශයෙන් හෝ කිසිදු වෙනසක් නොවීය.

එයින් තු‍ටු පහ‍ටු භික්ශු සංඝයා උන්වහන්සේට ප්‍රශංසා කර නිසැකවම මෙතේ බුදුන් පහලව ඇතැයි ප්‍රීතීඝෝෂා කරමින් අ‍ටුවා සහිත පෙලපොත් සියල්ල බාර දුන්හ. උන්වහන්සේ අනුරාදපුරයෙහි ග්‍රන්ථාකාර විහාරයෙහි වෙසෙමින් සියලු සිංහල අ‍ටුවා සකල ලෝකවාසීන්ගේ මූල භාෂාව වූ පාලි භාෂාවට නැගුහ. මෙය සියලු භාෂා කතාකරන සමස්ත ජනතාවගේ හිතසුව පිණිස විය. මහා තෙරවරු හා ආචාර්යවාදීහු මේ කෘතිය මුල් පොතක් ඇටියට සැලකුහ. පසුව සම්පූර්ණ කාර්යය පරිසමාප්ත වූ කල්හි උන්වහන්සේ ශ්‍රී මහා බෝධිය වදිනු පිණිස දඹදිවට වැඩියහ.
(මහාවංශය 114,115 පි‍ටු) 

හෙලදිවට ධර්මතාවයෙන්ම බුදුන්වරුන්ගේ ධර්මය පවත්වාගෙන යාම සදහා ලැබුනු හෙල බසින් නිරුක්ති සහිතව ලියා තිබූ හෙල අ‍ටුවා පරිවර්තනයට පැමිනෙන බුද්ධඝෝෂ හිමියන් පිලිබදව ඔහුගේ රටේම අයෙකුවන මහානාම හිමියෝ මහත් උජාරුවෙන් මහාවංශයේ ලියන්නේ බුද්ධඝෝෂ හිමියන්ව අනුබුදු තත්වයට උසස් කරමිනි. නමුදු ඒ මහානාම හිමියන්ම බුදුන්වහන්සේව නිකන්ම නිකන් ශ්‍රමනයෙක් කර අනාගතයේ පහල වන මෛත්‍රී බුදුන්වහන්සේ ලෙස විවරන ලැබූ දු‍ටු ගැමුණු රජතුමාව ඉතා අඩු ලංසුවකට තක්සේරුකර ඇති බවද මහාවංශය කියවීමේදී අපට හමුවේ. කෙසේ වෙතත් හෙල අ‍ටුවා ගැන සලකා බැලීමේදී, බුදුන්වහන්සේ දේශනා කල මාගධී නිරුක්ති සහිතව පෙල දහම ඉන්දියාවේ ජීවත්වූ බමුනන්ට පත්තියම් වූයේ නැත. බුදුන්වහන්සේගේ චරිතයට අගෞරව කලා මෙන්ම උන්වහන්සේ දේශනා කල ධර්මය ලියා තිබූ අ‍ටුවා විනාශ කිරීම ඔවුන්ගේ ඊලග ඉලක්කය විය. මේ සදහා ලක්දිවට එවන බුද්ධඝෝෂ හිමියන් යනු බ්‍රාහ්මන ආගම හොදින් ඉගෙන ගත් පඩිවරයෙකි. ඒ රහතුන්වහන්සේ නමක් නොවන වගද ඉතාම පැහැදිලිය. සියලු ලෝක වාසීන්ගේ යහපත උදෙසා හෙල අ‍ටුවා පාලියට පරිවර්තනයට කරන බව මහාවංශයේ සදහන්ය.එහෙත් පාලියට පරිවර්තනය නිසා වූයේ පදපරමයන් පිරිසක් බිහිවීම පමණි.  බුදුදහමේ ඒකායන අරමුන නිබ්බානයයි. ඒ නිබ්බානය පිලිබද ලියා තිබූ ග්‍රන්ථ පරිවර්තනය කරන්නේ හා අලුතින් ග්‍රන්ථ සම්පාදනය කරන්නේ පෘතග්ජනයෙකි. පිට රටක ඇත්තෙක් අපේ රටේ ඉතිහාසය ලියාදීමේ ආස්චර්යමත් සිදුවීමට මෙය දෙවනි වන්නේ නැත.සැබවින්ම ලංකාව ආසියාවේ ආස්චර්ය වී තිබී ඇත්තේ ඒ කාලයේය. කෙසේ වෙතත් අ‍ටුවා පාලියට පරිවර්තනයට පෙර බුද්ධඝෝෂගේ දැනුම විදහා දැක්වීම පිනිස මුලු බුදුදහම හකුලුවා විසුද්ධි මාර්ගය ලියයි. බුදුදහම පදනම් වන්නේ පටිච්චසමුප්පාදය මතයි. බුද්ධඝෝෂ හිමි රචනා කරන විසුද්ධිමාර්ගයේ පටිච්ච සමුප්පාදය හරි හැටි විස්තර නොකරන බව එය කියවූ ඕනම කෙනෙකුට ප්‍රත්‍යක්ශ වන කරුනකි. බුද්ධ ඝෝෂ හිමියන්ද තමා ට පටිච්චසමුප්පාදය විග්‍රහය හරි හැටි කිරීමට නොහැකි වූ බව ඔහු විසින්ම ලියා ඇති නිසා ඒ ගැන තවත් තර්කයක් නොමැත. අනිත් කරුනනම් විපස්සනාවයි. විසුද්ධි මාර්ගය තුල විපස්සනාවට වැඩි තැනක් දී නොමැත. විපස්සනාවේ ගැබුරු තැන් විසුද්ධි මාර්ගයේ විග්‍රහ කර නොමැත. බුද්ධ ඝෝෂ හිමි අනාර්ය ධ්‍යාන හැදෑරූ පුද්ගලයෙකු නිසාදෝ හේ වැඩි අවධානය යොමු කර ඇත්තේ සමතය කෙරෙහිය. බුදුදහම හකුලිවා ලිවීම කෙසේ වෙතත් පටිච්චසමුප්පාදය හා විපස්සනාවෙන් තොර බුදුදහමේ ඇත්තේ මොනවාද යන්න ගැටලුවක් මතුවේ. අපේ රටේ පවත්වාගෙන යන භාවනා පන්ති ගුරුවරු තමන්ගේ ගෝලයන්ට කමටහන් දෙන්නේ මේ ගැබුරු විපස්සනාව විග්‍රහ නොකරන විසුද්ධිමාර්ගය කටපාඩම් කරගෙනය.ඒ නිසාදෝ නූතනයේ තහනම් වචනය "මාර්ගඵල ප්‍රකාශ කිරීම"  වී ඇත. 

මේ අතර මහාවංශ කතුවරයා අමුතුම ප්‍රකාශයක් සිදු කරයි."මෙහි ගෙනවුත් ඇත්තේ පෙළ දහම පමණි. අ‍ටුවා නොමැත. එසේ ම එකිනෙකට වෙනස් වූ ආචාරිය වාදියෝ ද නොමැත්තාහ." බුද්ධෝත්පත්තිය වූයේ ඉන්දියාවෙනම් ධර්මය තිබිය යුත්තේ ඉන්දියාවේය. එසේනම් ලංකාවෙන් පෙලදහම ඉන්දියාවට යැවීමේ අවශ්‍යතාවයක් නොමැත. සිදුවිය යුත්තේ ඉන්දියාවෙන් පෙල දහම ලක්දිවට ගෙන ඒමය. වෙනදා මෙන්ම මහාවංශ කතුවරයා බොරු ගෙතුවද එක ඇත්තක් හෝ ඉතුරු කිරීමට අමතක කර නැත. ඇතැම් විට එය අත්වැරදීමක් විය හැක. කුවේනියව යක්ශනියක් කිරීමට හා විජයව නිර්දෝශී චරිතයක් කිරීමට වලි කෑ මහානාමයෝ මෙතනදීය තම රටේ බුද්ධඝෝෂ හිමිගේ වර්නනාවට දෙවියන්වද සම්බන්ද කර ඇත.මහාවංශ කතුවරයා කියන්නාවූ දෙවියන් හෝ යක්ශයන් ගැන අපටනම් දැන් කිසිදු විශ්වාසයක් නොමැත.

කෙසේ හෝ අ‍ටුවාව අත්පත්කර ගැනීමේ අවශ්‍යතාව මත ලියූ විසුද්ධිමාර්ගයේ මාගධී නිරුක්ති කීපයක් හෝ කෙටියෙන් දැමීමට බුද්ධඝෝෂ හිමි අමතක කර නැත. ඒ අන්යන්ගේ ප්‍රසාදය ලබා ගැනීමට විය හැක.

670 පිට



573 පිට


මාගධී නිරුක්තිය අපෙන් වසන් කිරීමට පැමිනි බුද්ධඝෝෂ හිමියන්ගේ පොත්වලින්ම අපි මාගධී නිරුක්ති පෙන්වා දෙන්නේ මෙසේය. මෙවැනි ක්‍රියාවන්ට සාමාන්‍ය මිනිසුන් පවසන්නේ ඌරගේ මාලු ඌරගේ ඇගේ තියලම කපනවා ලෙසය. ඉන්දීය ජාතිකයන්ට හෙලදිව ඉතිහාසය ලිවිය හැකිනම්, පෘතග්ජනයන්ට අ‍ටුවා පරිවර්තනය කල හැකිනම් මාගධී වසන් කිරීමට පැමිනි ඇත්තන්ගේ පොත්වලින්ම නිරුක්ති සොයා දීමට ට බැරි නැත. විසුද්ධි මාර්ගයට මාගධී නිරුක්ති ඇතුලත් කලේ අපිට තියෙන ආදරයකටනම් නොවේ. විසුද්ධි මාර්ගය කෙරෙහි අනිකුත් හිමිවරුන් පැහැදුනු විට පමනක් තමාට හෙල අ‍ටුවා හිමිවන බව දන්නා නිසාය. "උබලට ඉතිරි වෙන්නේ මේ නිරුක්ති ටික විතරයි,අදින් පස්සේ නිරුක්ති හමාරයි" යැයි සොර සිතක් එවෙලෙහි බුද්ධ ඝෝෂ හිමියන්ට තිබුනාද විය හැක.

අවසානයේ බුදධ ඝෝෂ හිමියන් හෙල අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීමට පටන් ගත්තේය. නමුත් එයට මහානාම රජු විරුද්ධ වූ බවද අපට ඉතිහාසයේ පෙන්වා දෙයි. මාගධී නිරුක්තියෙන් තිබූ අ‍ටුවා නිරුක්ති ඉවත් කොට පාලියට පරිවර්තනය කිරීම නිසා දහම යටපත් විය. බුදුන්වහන්සේ ජීවමාන කාලයේ වැඩ සිටියදී එක්තරා අවස්තාවක මාගධී නිරුක්තිය වෛදික භාෂාවට පරිවර්තනය කිරීමට යෝජනාවක් ආවේය. නමුත් බුදුන්වහන්සේ ඊට විරුද්ධ විය මාගධී නිරුක්තියෙන්ම ධර්මය තිබිය යුතුබව දේශනා කලේය. මේ සිදුවීම ඇත්තේ විනය පිටකයේය.



බුදුන්වහන්සේ විනය පිටකයේදී මාගධී නිරුක්තිය වෙනින් භාෂාවකට පරිවර්ථනය නොකරන ලෙස උපදෙස් දෙන්නේ පරිවර්තනය කල හොත් මාගධී නිරුක්තියෙන් ධර්මය විග්‍රහ කිරීමේ හැකියාව නැති වී යන නිසා විය හැක. යම් හෙයකින් නිරුක්ති නොමැතිව මාගධී භාෂාව තිබුනිනම් එසේ වෙනින් භාෂාවකට පෙරලීමේ ගැටලුවකුදු නොමැත. බයිබලය, කුරානය මෙන්ම ත්‍රිපිටකයත් එක්තරා භාෂාවකට සීමා වී එවිට පවතිනු ඇත. නමුත් හෙල මාගධී එසේ වෙනින් භාෂාවකට පෙරලූ විට එයට නිරුක්ති දීමට නොහැකි වනු ඇත. එවිට දහම් අර්ථය වෙනස් වනු ඇත. අනිච්ච-අනිත්‍ය කරගෙන, බව-භවය කරගෙන, කළන මිතුරන් පුද්ගලයන් කරගෙන, ධර්ම දේශනා කරන්න කාලය (කාලේන) සොය සොය මිනිස්සු අනාථ වන බව බුදු හිමි දැන සිටින්නට ඇත. ඒ නිසාම ගෞතම බුදුන්වහන්සේ දහම මාගධී නිරුක්තියෙන්ම තිබිය යුතු යැයි දේශනා කලේය. වෛදික භාෂාවට පෙරලීම ප්‍රතික්ෂේප කල සේක. මේ මාගධී නිරුක්තිය අලුත් දෙයක් නොවේ. එයට හොදම උදාහරනයනම් බුද්ධඝෝෂ හිමි තමාගේ හැකියාව පෙන්වීම සදහා රචිත විසුද්ධිමාර්ගයේ ද නිරුක්ති සහිතව පෙන්වීම් කර තිබීමයි . බුද්ධ ඝෝෂ සරනම් ගච්චාමි කරන්නවුන් නිරුක්තියක් දු‍ටු විගස කෑගසන්නේ බුද්ධ ඝෝෂ හිමි ලියූ විසුද්ධි මාර්ගයවත් නොකියවා දෝ යැයි සිතේ. 


හෙල අ‍ටුවා පරිවර්තනය කල බුද්ධඝෝෂ හිමි නිකන් සිටියේ නැත. මාගධී නිරුක්ති විස්තර කර තිබූ හෙල අ‍ටුවා ඇත්තුහත් දෙනෙකු උසට ගොඩ ගසා ගිනි ගෙන විනාශ වීමට සලස්වා රටින් පැන ගියේය. එහෙත් ඔහු විසින් රචිත ග්‍රන්ථයන්ට කිසිදු හානියක් නොවන ලෙස ඉතිරි කිරීමටද අමතක නොකලේය. රහතුවහන්සේලාගේ ආභාෂය සහිතව ලියූ අ‍ටුවා විනාශ වීමෙන් පසු ඉතිරි වූයේ පෘතග්ජනයෙකු ලියූ ග්‍රන්ථ කීපය පමනි. අවසානයේ මහාවිහාරයටද හිමි වූයේ අවාසනාවන්ත ඉරනමකි. සියලු වටිනා දේ මහාවිහාරයෙන් ඈත්විය. අවසානයේ මහාවිහාරය සමතලා කර එහි උදු වැපිරු බවද සදහන්ය. බමුනන්ගේ ඒ උපක්‍රමය සාර්ථකවන්නේ එලෙසය. බුද්ධ ඝෝෂ හිමියන්ට අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීමට ඉඩදුන් ස්වාමීන්වහන්සේලා අපේ හෙල අ‍ටුවා වලට මෙවන් ඛේදනීය තත්වයක් උදාවනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

මේ හෙල අ‍ටුවා විනාශ කිරීමේ කාර්යට මහානාම හිමියන්ද උඩගෙඩි දී ඇතිබව මහාවංශයෙන් ඔහු කරන විග්‍රහයේදී පැහැදිලිය. හෙල අ‍ටුවා ගැන හෝ ඒවා ලියූ අ‍ටුවාචරීන්වහන්සේලා පිලිබදව මහාවංශයේ හෙලිකර නැත. නමුත් ඒවා පරිවර්තනයට පැමිනෙන බුද්ධඝෝෂ හිමි පිලිබදවනම් මහා වරුනාවක් ලියා ඇත. හෙල අ‍ටුවා ගැන සදහන් කිරීම කෙසේ වෙතත් භික්ශුවක් වූ මහානාම හිමියන්ට ත්‍රිපිටකයට වඩා වැදගත් වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්වය. අනාදිමත් කාලයක පටන් මුඛපරම්පරාවෙන් ගෙන ආ ත්‍රිපිටක ධර්මය අලුලෙනේදී ග්‍රන්ථාරූඪ කර ඇතිබව අප දනිමු. මහාවංශ කතුවරයා බුද්ධඝෝෂ හිමි පිලිබදව බොහෝ ඉඩ වෙන් කලද ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම වැනි උතුම් කටයුත්ත සදහන් කිරීමට හේ යොදාගෙන ඇත්තේ ගාථා දෙකක් පමනි.

(100)පිටකත්තයපාලිං ච තස්ස අට්ථකථම්පි ච
        මුඛපාඨෙන ආනෙසුං පුබ්බේ භික්ඛුමහාමතී

(101)හානිං දිස්වාන සත්තානං තදා භික්ඛු සමාගතා
        චිරට්ඨිතත්ථං ධම්මස්ස පොත්ථ කේසු ලිඛපයුං

ත්‍රිපිටකය පාලියද එහි අර්ථකථාව ද මහා ප්‍රයා ඇති පූර්වික භික්ශුහු මුඛ පාඨයෙන් ගෙන ආවෝය. එකල් වැසි වූ භික්ශුහු සත්වයන්ගේ පරිහානි දැක ධර්මයාගේ චිරස්ථිතිය ඇතිවනු පිනිස පොත්හි ලියවූහ.
(92 පිට)

මහාවංශයට මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම කෙතරම් නොවැදගත් දෙයක් වූවාද කියතොත් ග්‍රන්ථාරූඪ  කිරීම සි
දුකල ස්ථානයද සදහන් කල නොමැත. එසේම කුමන රාජ සමයකදීද,කාගේ අනුග්‍රහය යටතේද යන්නද සදහන් කල නොහැක.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම අලුලෙනේදී සිදුවූ බව සොයා ගන්නේ පූජාවලිය මගිනි.
"මොවුන් දවස පන්සීයක් රහතන්වහන්සේලා අලුලෙන වැඩහිද පොත් සංගායනා කල සේක"(පූජාවලිය උද්දේසික පූජා කථා 773 පිට)

එසේම මෙය සිදුවූයේ රාජරත්නාකරයේ මේ පිලිබදව සදහන් කර ඇත්තේ මෙසේය.
"වලගම් අභා නම් මහරජාණන් කාලයෙහි එක්තරා ජනපදාධියක්හුගේ ආරක්ශාවෙබ් පන්සීයයක් රහතුන්වහන්සේ මාතුළ නම් දනව්වෙහි අලුලෙන වැඩ හිද පොත් සංගායනා කොට ලියූ සේක"
 

පූජාවලිය හා රාජරත්නාකරය ග්‍රන්ථ රචනා වන්නේ මහාවංශය රචනා වීමට පසු කාලයේය. නමුත් ඒවායේ මහාවංශයට වඩා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම පිලිබදව  කරුනු ඇතුලත් කර ඇතත් ඊට පෙර ලියූ මහාවංශයේ එම ස්ථානය ගැනවත් සදහන් කර නොමැත. මෙය හිතාමතා කල ක්‍රියාවක් බව පැහැදිලිය. මහාවංශයට පසු රචනා වූ පොත්වල ස්ථානය ආදී කරුනු සටහන් කිරීමට හැකි වූවානම් මහාවංශයේ එම කරුනු මග හැරීමට කිසිදු හේතුවක් නොමැත. මහාවංශ කතුවරයාට උවමනා වී ඇත්තේ හෙලදිව ලියූ ත්‍රිපිටකයේ අන්‍යනතාවයද හෙලදිවට අහිමි කිරීමබව මේ නිසා පැහැදිලි වේ.
 

මෙම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සදහා යොදා ගත අක්ශර මොනවාද යනුවෙන් මෙතෙක් කලක් විමසා බලා නැත. එහෙයින් ඒ ගැන විමර්ශනය කර දැක්වීම මෙහි එක්තරා අරමුනකි. ඒ අනුව වලගම්බා රාජ්‍ය කාලයේ ව්‍යවහාරට බාජනය වූ අක්ශර  ගැන විමසිලමත් විය යුතුය. දැනට පවතින අක්ශරයන් වීමට බොහෝ කාලයකට පෙර සිදු වූ සිද්ධියක් නිසා ඒ තත්වය පිලිබද පරික්ශාකාරීවීමට වලගම්බාරාජ්‍ය කාලයේ අක්ශරවල ස්බාවය කෙබදු දැයි සොයා බැලිය යුතුය. අද පවතින මෙම අකුරු එදා පැවති හෙල අක්ශරයන්ගේ විකාශන යයි. වලගම්බා රාජ්‍ය කාලයේ දී විකාශනයට පත්වීමේ මූලික ලක්ශනයක් වත් හට ගෙන තිබුනු යුගයක් නොවේ. එකල භාවිතාව සදහා යොදා ගෙන තිබුනේ හෙල මූල අක්ශරයන් බවට ශිලා ලේඛන සාක්ෂ්‍ය දරයි.

වඩා වැදගත් වන්නේ අ‍ටුවා පාලියට පෙරලන පුද්ගලයා ගැන කීමද නැතිනම් ත්‍රිපිකය ග්‍රන්ථාරූඪ කිරීම ගැන සදහන් කිරීමද යන්න ඕනම කෙනෙකුට තේරෙන දෙයකි. නමුත් එය මහාවංශ කතුවරයාට වැදගත් වී නැතිබව පැහැදිලිය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ සිදුවීම ගතහොත් එම භාරදූර්‍ය කාර්ය සාමාන්‍ය භික්ශුන්ට කල නොහැක්කකි. ඒ සදහා බුද්ධ කාලයේ පටන් පැවතගෙන එන සංඝ පරම්පරාවක් සිටිය යුතුය. නමුත් මහාවංශ කතුවරයා ඒ ගැන කිසිදු සදහනක් ක නොමැත. බුද්ධෝත්පත්තිය  අශෝක රජුගේ පසුකාලීන ප්‍රතිනිර්මානවලට ඈදුවා මෙන්ම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමද අපෙන් සගවන්නට මේ මහාවංශ කතුවරයා උත්සහ කර ඇතත් ඒය අසාර්ථක වී ඇත.

බුද්ධ ඝෝෂ හිමියන්ගේ ඇත්ත හෙලිකරන විට බොහෝ අයට තරමක් රිදෙන බව දනිමි. එහෙත එයට අපට කරන්නට දෙයක් නැත.බුද්ධඝෝෂ හිමියන් අ‍ටුවාවලට කල කෙනෙහෙලිකම කියා නිම කල නොහැක. මාගධී නිරුක්තිය විග්‍රහකර දුන් අ‍ටුවාව නොදැනුවත් කම නිසා හෝ හිතාමතාම මෙය ශබ්ධ සඤ්ඤා  භාෂාවක් වශයෙන් සලකා ඒවාට පද වෙන් කොට තේරුම් දීමට ද ඉදිරිපත් විය. ඒ නිසා සෘෂිවරුන් විසින් ගොඩනගන ලද නිර්මාණාත්මක ගැඹුරු ධර්ම අර්ථ සැග වී එය තනිකරම භාෂාවක් බවට පත් විය. මේ වැරදි ක්‍රියාමාර්ග නිසා හෙලබසේ උරුමය හා බුද්ධ උරුමයද ලංකාවට අහිමි විමට ඉඩකඩ සැලසුණි. මේ නිසා "සං" දේශනාව පාලි උපසර්ගයක් පමනක් විය. බුද්ධ,ධම්ම,සංඝ වචන වලට පමනක් සීමාවිය. නිරුක්ති කර ධර්මය විග්‍රහ කිරීමේ හැකියාව යටපත්විය. මේ සියල්ල සිදුවූයේ බුද්ධඝෝෂ නිසාය.බුද්ධඝෝෂ හිමි හෝ ඔහු ලියූ ග්‍රන්ථ වැදගත් යැයි කියන්නේ, හෙලදිව ඉතිහාසය හෝ හේ අ‍ටුවාවල වැදගත්කම අල්පමාත්‍රයක් හෝ නොදන්නා පුද්ගලයන්ය. ඒවා සෑම එකක්ම එකින් එක ඇන ඇන කියාදීමට අපට නොහැක. කල යුත්තේ මධ්‍යස්ථව හා විමසා බලා තේරුම් ගැනීමය. බුද්ධඝෝෂ හිමිට කුමක් හෝ කියන විට කිපෙන්නේ එම ගිරාපෝතක න්‍යායෙන් නිවන් අවබෝදකර ගැනීමට උත්සහ කරන පිරිසයි. හෙල සිංහල අක්ශර භාෂාවේ අක්ශර මාලාව ධර්මතාවේ අර්ථයෙන් පණ ගැන්වීමට නිර්මානය වූවක් සේ පෙනේ. එය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට මෙම විශ්වය තුල පවත්නා උදාර වූ දායාදයකි. එසේ උදාර වූ මෙම දායාදය බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමත් සමග මාගධී ශබ්දය සඤ්ඤා යනුවෙන් ප්‍රසිද්ධ විය. එහෙත් මේ තත්වය දිගින් දිගටම පැවතීම බමුණන්ගේ නොසතුටට හේතු වූ බව පෙනේ. ඔවුන් මෙම උදාරත්වය වසාලීමට ඔවුන්ගේ සම්පූර්ණ උත්සහය ක්‍රියාත්මක කලේ හෙල අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීමෙනි. අදත් ඉතිරිව පවතින්නේ ඒ පරම්පරාවේ ඇත්තන්දැයි සැකයක් මතුවේ. ඇතමුන්ට පද නිරුක්ති කිරීම ගැලපෙන්නේම නැත. තවත් ඇතමෙක් තමාට කැමති වචන යොදා නිරුක්ති කරමින් හුදු විනෝදාස්වාදයක් ලබයි. මෙම නිරුක්ති කිරීම කරන්නම් වාලේ හෝ කියන්නම් වාලේ කල නොහැක්කකි. නිරුක්ති කිරීම සදහා ක්‍රමවේදයක් පවතී. ඒ නිසාම නිරුක්තිය සිව්පිලිඹියාවලින් එකක් වන්නේය. සැමටම නිරුක්ති කිරීම කල නොහැකි වුවත් එම නිරුක්ති මාර්ගයෙන් ධර්මය පැහැදිලිව අවබෝධ කර අගෙනීමට හැකිය. නිරුක්තිය වැදගත් වන්නේ එම නිසාය. 

තාවකාලිකව දහම යටපත්කිරීමට හැකි වුවත් විනාශ කිරීමට නොහැකි විය. අදටත් එදා කැටිකරන ලද බුද්ධ ධර්මය ඒ අයුරින්ම පවතී. එම පද මාලාවද හෙල අක්ශරය. ඒවා වෙනත් භාශාවක අක්ශර ද නොවේ."අ" යන්නෙන් පටන් සියලු හෙල සංකේත අක්ශර නිර්මානය කොට ඇත්තේ බුද්ධ ධර්මයේ ගැඹුරු අර්තයන් පැහැදිලි කර දීමටය. වර්ථමානයේ ධර්මතාවයෙන්ම නිරුක්තිය නැවත මතුවී තිබේ නිරුක්ති කිරීමෙන් නිවැරදිව ධර්මය දේශනා කරන යතිවරයන් වහන්සේලා පහල වී තිබේ. නමුත් නිරුක්ති නොදිරවන්නන්ගේ දැන ගැනීම පිනිස  මෙසේ කෙටි පැහැදිලි කිරීමක් කල අතර ඉදිරියේදී මාගධී නිරුක්තිය පිලිබදව තවත් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.


මෙම මාගධී ගත්කල එහි පූර්ණ අයිතිය හිමිවන්නේ හෙලදිවට මිස ඉන්දියාවට නොවේ. ඒ නිසාදෝ තවම කවුරුන් හෝ බුදුන්වහන්සේගේ භාෂාව යොදාගනිමින් බුදුන්වහන්සේ භාරතයේ පහල වූ බව තකවුරු කිරීමට තර්ක ගොඩ නගා නොමැත. ධර්මය,සෙල්ලිපි හා නිරුක්ති පිලිබදව යම් ප්‍රමානයක අවබෝධයක් ඇත්තවුන්ට මෙය අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. හෙලදිව අක්ශර විකාශනය පිලිබද අවබෝදය ඇත්තවුන්ට මා මේ සදහන් කල දේ බොහෝ ප්‍රාථමික දේ විය හැක. එහෙත් සියලු දෙනාගේ දැන ගැනීම සදහා මෙසේ හැදින්වීමක් කිරීමට සිත්විය. ඉහත විස්තර මූලාශ්‍ර කරගනිමින් බුද්ධ ඝෝෂ හිමියන්, මහානාම හිමියන් ඇතුලු අනිකුත් ඉන්දියාවේ බමුනන් විසින් අපේ උරුමය විනාශ කිරීමට යෙදූ උපක්‍රම ඔබ විසින්ම විමසා බලා පැහැදිලි කර ගැනීම වටී. මේවා කිසිදා කිසිවෙකුට විනාශ කල හැකි දේ නොවන වගද මතක් කල යුතුය.සෑම අපරාධකාරයෙක්ම කුඩා හෝ සාක්සියක් ඉතිරි කර යයි. අපරාධකරුගේ සුල මුල සොයා ගැනීමට එම කුඩා සාක්සිය දක්ශ අපරාධ පරීක්ශකයෙකුට මහ මෙරටත් වඩා වටී.


විශ්වවිඤ්ඤාණ ශක්තිය විසින් මනුශ්‍යාගේ පරිහරණයට අවශ්‍ය සියලු දෑ ලබා දෙනු ඇත. ඒවා කාලයෙන් කාලයට වෙනස් වෙමින් පවතී. එහෙත් සත්‍යතාව ගොඩනැගීමට හේතුවන මූලික පථය ලෝකය තුල ‍රැදී තිබේ. ඒ ධර්මතාව කිසිවෙකුටත් විනාශ කල නොහැක.
 

සමාජ සම්මත සමාජයේ පැවැත්මට හේතු භූත වෙයි. එහෙත් ඒවා එසේම දිගටම පවත්වා ගත යුතුය. ඒවා වෙනස් කිරීම වැරදිය. ඒවා අප විසින් නිරතුරුවම පැවැත්විය යුතුය යන මතය සත්‍යයට මෙන්ම දහමටද ගැලපෙන සාධාරණ අදහසක් නොවේ.

වරදක් නොදකින තාක් කල් එසේ පවත්වා ගෙන යෑම වරදක්ද  විය නොහැකිය. එහෙත් එය වරදක් බව වැටහුනු පසු එය මෙසේ මැයි යන චේතනාවෙන් පවත්වාගෙන යෑම වරදකි. බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් පෙන්වා දෙන්නේ මෙබදු වරද නිවැරදි කොට පෙන්වා දීමකි. බුදු පසේ බුදු මහරහත් හා බෝසත් යන උරුමයන් ගැන දක්වන අදහස් ද මෙයට ඇතුලත් වෙයි. නොදත්කම නිසා හෝ වැ‍රැද්දක් නිසා හෝ සිදුවී තිබෙන බුද්ධ උරුමයේ ලංකාවට ඇති අයිතිය සත්‍යයකි. ඒ බුද්ධ ශක්තිය ලංකාවේ හැර වෙනත් මොන ම රටක හෝ දක්නට නැත. ඒ සදහා විශ්ව ශක්තියෙන් ලබාදෙන ධර්මතා අපමණය.කාලානුරූපව එම ශක්තිය ලංකාවේ බෞද්ධ පිනැතියන් වෙත ලැබෙන්නේ එම නිවැරදි ශක්තියේ බලමහිමය නිසාය. එයට විරුද්ධ වීම කොහෙත්ම ඤානාන්විත ක්‍රියාවක් නොවේ. තමන්ගේ සිත් තුල පවතින කලු ධර්මතා නිසා නොපෙනෙන යමක් සුදු ධර්මයන්ගෙන් දකින විට එයට ඉඩදී එහි යතාතත්වය වටහා ගැනීමට නුවනැතියන් වෙර දැරිය යුතුය. 




පදපරම අරුතෙන් මිදී මාගධී නිරුක්තියෙන් ධර්මය අවබෝදකර ගනිත්වා!!!


හෙල මාගධී ගැන සදහන් කිරීම්ට බොහෝ කරුනු ඇත්ත පටන් ගැනීමක් හෝ අවසානයක් සොයාගැනීමට තරම් මා සමත් නොවීය. හැදින්වීම සදහා සාධාරනයක් කලේ යැයි සිතමි.
 

(මෙම ලිපිය සෑදීමට මූලාශ්‍ර ලබාගැනීමට උපකාර වූ මුකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමියන්ට හා මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට පුන්‍යානුමෝදනාව)


7 comments:

  1. Excellent start!
    Like to see more extracts next.

    ReplyDelete
  2. you are doing a great service. Keep it up!

    ReplyDelete
  3. waidika basawata peralana eka gana tripitake thiyanawanam e bashawath lankawe thibba ekak wenna one neda. e gana adahas dakwanna

    ReplyDelete
  4. great ya .keep it up

    ReplyDelete
  5. මම මෙම විෂය නොදන්නෙමි. මම හිතාගෙන භිටියෙ බුදුභාමුදුරුවෝ දේශනාවන් කලේ පාලි භාෂාවෙන් කියලයි.ඔබගේ විස්තරයට අනුව එය එසේ නොවේ. ඒ කියන්නෙ අද අපි කියන පිරිත් තියෙන්නේ මූලික භාෂාවෙන් (original language) නොවේ? කරුණාකර පැහැදිලි කිරීමක් කරන්න.

    උදය

    ReplyDelete
    Replies
    1. පිරිත් ශබ්ද උච්චාරනය ගත් කල එය බුදුන්වහන්සේ දේශනා කල උච්චාරනයමය. එහි ගැටලුවන් නැත. ගැටලුව ඇත්තේ උච්චාරනයේ නොව ත්‍රිපිටකයේ වචන සදහා අර්ථ දීමේදීය.

      Delete
  6. සත්‍ය පහදාදුන් ඔබට තෙරැවන් සරණයි

    ReplyDelete