Tuesday, July 24, 2012

දෙයියන්ගේ ලෙඩ

දෙයියන්ගේ ලෙඩ කියූ විගස ඇතමුන්ට එය එතරම් ප්‍රිය මාතෘකාවත් නොවන වගනම් මා දනිමි. එහෙත් මේ කියන්නට යන්නේ දෙයියන්ගේ ලෙඩ හා සබැදි ජනප්‍රවාදයක කාලීන විමසීමකි. බොහෝ දෙනෙකු දෙවියන්ගේ ලෙඩ ලෙස හදුන්වන්නේ පැපොල,සරම්ප,කම්මුල්ගාය වැනි රෝගී තත්වයන්ය. මට කුඩා කල සිට තිබූ ගැටලුවක් වූයේ මෙම ලෙඩවලට දෙයියන්ගේ ලෙඩ කියන්නේ ඇයි කියාය. මෙය විමසූ ඇතැම් වැඩිහිටියන්ගෙන් මට අසන්නට ලැබුනේ දෙවියන් විසින් මනුස්සයන්ට මෙම ලෙඩ ඇති කරවන බවත්ය. නමුත් නොදැනීමෙන් හෝ මා ඒ කථාවට එකග වූයේ නැත. දෙවියන් යනු උසස් ජීවී විශේශයකි. ඔවුන් මනුස්සයන්ට ලෙඩ ඇතිකරවන්නේනම් ඔවුන් දෙවියන් නොව පහත් ජීවී විශේශයක් බව මට සිතුනි. මේ කුතුහලය නිසාම දෙයියන්ගේ ලෙඩ ගැන සෙවීමේදී ජනප්‍රවාදයේ එන කතාව මට අසන්නට් ලැබුනි. ඒ කතාවේ දෙවිවරු හා යකුන් පිලිබද විස්තර දැක්වේ. ඕපපාතික දෙවිවරුන්ට නම් දැමීමට අපට අයිතියක් නැති නිසාත් මෙහි දැක්වෙන්නේ බොහෝ කාලයකට ඉහත සිටි අපේ මුතුන්මිත්තන් නිසාත් මොවුන් සම්මත දේවගනයට වර්ග කල හැක.
 

බොහෝ දෙනෙකු දෙයියන්ගේ ලෙඩ කියා අපේ මුතුන්මිත්තන්ට කරන අපහාසය නැවත්තීමත් කප්ප විනාශයේදී සිදුවන දේව සං+කල්ප බැහැර කිරීමත් මෙහි මූලික අරමුන ලෙස හැදින්විය හැක.
 

පැපොල,සරම්ප,කම්මුලුගාය ආදී වෛරස් ආසාදිත රෝගයන්ට දෙයියන්ගේ ලෙඩ යැයි හැදිවීමට හේතු වූ ජනප්‍රවාදයේ කථාව මෙසේය.
එක් දිනක කතරගම දෙවියන්(සම්මත) හා ගරා යකා(ගෝත්‍ර) මුන ගැසුනි. දෙදෙනා සුවදුක් විචාල අතර කතරගම දෙවියන්ට කිසියම් ගැටලුවක් ඇතිබව ගරා යකාට වැටහුනු අතර ඔහු කතරගම දෙවියන්ගෙන් ඒ පිලිබද විමසා සිටියේය. කතරගම දෙවියන් කියා සිටියේ දේව සබාවේ උත්සවයක් හෙට දින යොදා ඇතිබවත් එම උත්සවයේ සැරසිලි බාර ගත්තේ තමා බවත් එහෙත් තමාට තිබූ රාජකාරි හේතුවෙන් ඔහුට එම සැරසිලි කටයුතු අතපසු වූ බවත්ය. හෙට දිනයේ උත්සවයේදී සැරසිලි නොකල හොත් අනිකුත් දෙවියන්ගෙන්(සම්මත) තමාට දෙස් අසන්නට සිදුවන බවත් එයට කුමක් හෝ උපකාරයක් කරන ලෙසත් කතරගම දෙවියන් කියා සිටියේය. එය ඇසූ ගරා යකා තමා නියම යකෙකු බවත් ඕවගේ කටයුතු තමන්ට ඉතාපහසු කාර්යන් බවත්, කිසි දෙයකට බිය නොවන ලෙසත් තමා එ
සැරසිලි කටයුතු ඉතා හොදින් කරන බවටත් පැවසූ ගරායකා කතරගම දෙවියන්ට දැන් ගොස් හෙට දේව සබාවට එන ලෙස කියා සිටියේය. ලොකු උදව්වක කලේ යැයි ස්තූති කරමින් කතරගම දෙවියන් ආපසු ගියේය. තමා ගැනම ආඩම්බරකමක් ඇති උනු ගරායකා තනිවම සිතමින් සැරසිලි කල යුතු ප්‍රදේශයට ගියේය. ගිය සැරේ යක්ක සබාවේ සැරසිලි කලේ තමා බවත් ඒහිදී තමා සභාව සැරසීමට යොදාගත් මස් වර්ග,ඇට කැබලි ආදී අමුද්‍රව්‍ය සදහා තමාගේ සහෝදර යක්කයන්ගෙන් නොමද පැසසුම් ලැබුනු බව සිහිපත් වූ ගරා යකා කතරගම දෙවියන්ගේ සැරසිලිද මනා ලෙස සිදුකර පැසසුම් ලබාගැනීමට සිහින මවමින් සැරසිලි කටයුතු ආරම්බ කලේය. නමුත් ගරායකා දෙවියන්ගේ සබාව සැරසීමට යොදාගත්තේද සම්,සත්ව ඇටකැබිලි,මස් වැනි ද්‍රව්‍යන්ය. මෙය දෙවියන්ට ගෝචර නොවන වග ගරායකා සිහිනෙන්වත් නොසිතුවේය.
 

පසුවදා සබාවට ‍රැස්වූ දෙයියන්ට තරු පෙනුනි. එමෙන්ම පිලිකුල් බාවයක් දැනුනි. දෙවියන්ගේ චෝදනාව එල්ල වූයේ කතරගම දෙවියන්ටය. ඒ කතරගම දෙවියන් සැරසිලි බාර ගත් නිසාය. කතරගම දෙවියන් ඉන් පසු අල්ලා ගත්තේ ගරා යකාය. ඔහුට තදින් අවවාද කල අතර දේව සබාව පිරිසිදු කරන ලෙස නියෝග කලේය. තමා අත වැ‍රැද්දක් නැතැය,තමා කලේ සුදුසු දේ යැයි පවසමින් දේව සබාව පිරිසිදු කිරීමට පටන් ගත් අතර මස්,සත්ව ඇට කැබිලි ලෙව කන්නට පටන් ගත්තේය.ගරායකා සබාව සුද්ධ කිරීමට පටන් ගත් අතර මුලු සභාව පුරාම දුර්ගන්ධයක් පැතිරුනි.

එය දෙවියන්ට ඉතා අප්‍රසන්න දෙයක් වූ අතර මේ මස් දැකීම හා දැඩි දුගද හමුවේ දෙවියන්ගේ ශරීරයේ අසනීප ලකුනු පහල වන්නට විය. දෙවියන්ගේ ශරීරවලින් බිබිලි දැමීමට පටන් ගත්හ. ශරීර කහ වන්නට පටන් ගත්තහ.එනම් එහිදී දෙවියන්ට සම්මතයෙන් දෙයියන්ගේ ලෙඩ යැයි හදුන්වන සරම්ප,කම්මුල්ගාය,පැපොල රෝග ලක්ශන මතුවිය. සම්මත දෙවියෝ මෙසේ අසනීප වීමට පටන් ගත්හ. දෙවියන්ට සෑදුනු ලෙඩ නිසා මේ වෛරස් මුල් කරගෙන සෑදුනු ලෙඩ වලට දෙයියන්ගේ ලෙඩ යැයි ජන්ප්‍රවාදයට එක්විය.
 

මේ දෙවියන්ට සෑදුනු ලෙඩ සුව කිරීමට පැවරුනේ පත්තිනි දේවියටයි. පත්තිනි දේවිය පැමින සත්වරක් තම සලුවෙන් පවන් සැලූ විට සියලු රෝග සුව විය. වෛරස් ආසාදිත මෙම රෝග අද මනුස්සයන්ට සෑදුනු විටද පත්තිනි දේවියට භාර වන්නේ එබැවිනි.
මේ ජන්ප්‍රවාදයේ කතාවයි.
 

මේ ජන්ප්‍රවාදය සලකා බැලීමේදී දෙවියන් මිනිසුන්ට ලෙඩ ඇති නොකරන බව පැහැදිලිය. මෙහි දෙවියන් ලෙස හදුන්වන්නේ සම්මත දේව නිසා තව දුරටත් අපේ මුතුන් මිත්තන්ට අපහාස කිරීමට අවශ්‍ය නැත.ජනප්‍රවාදයට අනුවනම් පත්තිනි දේවිය,කතරගම දෙවියන් හා යක්කගෝත්‍රික ගරා යකා සමකාලීනයන් බව සිතිය හැක.  ජනප්‍රවාදය දැක්වෙන අන්දමට දෙවියන්ට රෝගය සෑදෙන්නේ දුර්ගන්ධයක් නිසාය. එනම් විසබීජයක් හේතුකොටගෙන බව පැහැදිලිය.ඒසේම සරම්ප,කම්මුල්ගාය,පැපොල වැනි රෝග ඇතිවන්නේ වෛරස් හේතුකරගෙන බව අදවනවිට සොයාගෙන ඇත. දෙවියන්ට සෑදුනු මෙම රෝග සුවකිරීම පත්තිනි දේවිය විසින් සිදුකර ඇති බව ජනප්‍රවාදයේ දැක්වෙන නිසා ඇය හොද සාත්තුවරියක්,වෛද්‍යවරියක් බව පැහැදිලි කර ගත හැක. මෙය ජනප්‍රවාදයේ දක්වා ඇත්තේ සලුවෙන් පවන් සැලූ ලෙසය. කෙසේ හෝ පත්තිනි දේවිය නිසා දෙවියන්ගේ අසනීප සුව විය.

අද මෙම රෝග සෑදීමට පෙර වලක්වාගැනීමට අවශ්‍ය එන්නත් කිරීම් ඇත. එසේ එන්නත් ලබා නොගෙන ඇත්තවුන්ට යම් හේතුවකින් මෙම රෝග ලක්ශන මතුවන විට කල යුත්තේ දින7,14,21 දුක් විදිමින් නොසිට පත්තිනි දේවියටත් අවශ්‍යනම් බාරයක් වී  වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමය. 



කවුරුන් හෝ අපේ මුතුන්මිත්තන්ට දෙයියන්ගේ ලෙඩ ඈදා ගනිමින් අපහාස කිරීමට සැරසුන හොත් ඔබ මේ කතාව ඒ පුද්ගලයාටත් කියා දෙනු ඇතැයි සිතමි.

No comments:

Post a Comment