Saturday, July 21, 2012

ඇලොයිස් ගේ ''ලුම්බිණි '' නරී නාටකය

Alois Anton Fuhrer යනු ලෝක පුජිත සිනමා නළුවෙකු නම් නොවේ. එහෙත් ඔහුගේ රංගනය  කොතරම්ද යත් අද වෙනතුරුත්  ඔහු කල  රංගනය ලොවපුරා විසිරී ඇති බෞද්ධයන් මුලාවට හෙලා තිබේ. ලුම්බිණි සෙල්ලිපිය ඇතුළු එම  පුද බිම සොයාගත්තේ ඔහුය. ඔහු යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට සේවය කල ජර්මන් ජාතික නිලධාරියෙකි. ඔහු 1885 දී ලක්නව් පළාත් කෞතුකාගාරයේ අධිකාරිවරයා ලෙස පත්වූ අතර  ඉන්පසු ඉන්දියාවේ වයඹ පළාත සහ Oudh ප්‍රදේශය භාර  පුරාවිද්‍යා පරීක්ෂකවරයා ලෙස රාජකාරි කළේය.. ඔහු නම් දරාපු තක්කඩියෙකි. මෙලෙස ඔහු තක්කඩියෙකු යයි කීවේ ගමේ ගොඩේ ඕපාදුප පතුරවන ගැණු නඩයක් නම් නොවේ. එය රාජකාරී මට්ටමින්ම කියන ලද්දකි. 1998 Alois ගේ  අස්වීමෙන් පසු වයඹ පළාත්භාර ආණ්ඩුකාරවරයාගේ ලේකම් විසින් මධ්‍යම ආණ්ඩුවට ලිපියක් යවමින් දන්වා ඇත්තේ Alois  Fuhrer විසින් පුරාවිද්‍යා ගවේෂණ  සම්බන්ධ යෙන් නිකුත් කරන කිසිම ප්‍රකාශයක් ස්වාධීන පරීක්ෂණයක් කෙරෙනතුරු පිළිනොගත යුතු බවය, Alois බලගතු ලෙස අනුන්ගේ පොත් පත්හි අඩංගු කරුණු මංකොල්ලා කන්නෙක් සහ ව්‍යාජ ලිපිලේඛන සාදන්නෙක් බව සුපතල  කෙනෙකි .  ඒ එසේ උවද  අවාසනාවට මෙම පරීක්ෂා කර බැලීම යමෙකු  සිතන පරිදි  එතරම්  ඕනෑකමකින් සාධාරණව සිදු කල බවක් නොමැත.
Alois මුල්ම වංචාකාරී  සිදුකිරීම් කරනු ලබන්නේ 1892 දීය. ඔහු Buhler ගේ සාංචි සහ මතුරා ගැන ලියවුන ලිපිවල ඇති සෙල්ලිපි කොපිකර ඒවා නැවත සකසා ඔහුගේ රමන්ගර් ගවේෂණ   වාර්තා වලට එක්කර ලිවීය. එම මුල් කාල වකවානුව තුල මෙම මහා පරිමානයේ වංචාව කිසිවෙකුගේ අවධානයකට යොමුනොවීය. ඉන්පසු ඔහු ලක්නව් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබුණු මැණික් ගලකට බ්‍රාහ්මීය අකුරු කොටා තිබුණි. මෙම  වංචාකාර හොර ලිපිය මැණික් ගල ආලෝකයට ඇල්ලුවිට පැහැදිලිව දැක ගැනීමට හැකිවිය.

1893 දී   Balrampur හි  පොහොසත්  ඉඩම්  හිමිකරුවෙකු  වන  Jaskaran Singh  විසින්  තමන්ට  අකුරු  සහිත  අසෝක  කුළුණක්  ඉන්දු  නේපාල්  මායිමේ  පිහිටි  Bairat පෙදෙසේ  තිබී   සොයාගත්  බව  දන්වා  සිටිබව  Alois  වාර්තා  කරන  ලදී.  ඉන්  වසර  2 කට  පසු  Alois   Balrampur බලා  පිටත්විය .  එහෙත්  Singh විසින්  කුලුන  තිබු   ස්ථානය  සම්බන්දයෙන්  දී  ඇති  තොරතුර  වැරදි  බවත්   ඒ  වෙනු  වට  නේපාලයේ  Nigliva ගමේ  තිබී   අසෝක  කුළුණක්  සොයාගත්  බවත්  එහි   කඩා  වැටුණු  කුළුනක  අසෝක  ලිපියක්  හමුවූ  බවත් Alois පවසා සිටියේය. මෙම  ලිපියේ  තිබී  ඇත්තේ  අසෝක  රජු  විසින්  කෝනාගමන  බුදුන්වහන්සේගේ  ස්තුපය  ලොකුකර  සැදුබවය . Aloisට  අනුව  මෙම  අසෝක   ලිපිය   සහිත  කුළුණු  කොටස සොයාගෙන  ඇත්තේ   කපිලවස්තුවේ   දකුණු  පැත්තේ  පිහිටි   ගඩොල්  නටබුන්  පිහිටි  ස්ථානයකට  ආසන්නයේ  බවය .  මෙම  අයිතිහාසික  සහ  විශේෂිත   අනුරුව  ඉන්දියාවේ  ඉපැරිණි  බෞද්ධ   නටබුමක්  බවට  කිසිම  සැකයක්  නැති  බවත්    මෙම  නටබුම   වටේට  ගරාවැටුණු  පන්සල් , කඩාවැටුණු   කුළුණු  කැඩුණු  අඹන  ලද  රුප  තිබු  බවත් .Alois පවසා  තිබේ .
මෙම  විස්තර Alois විසින්  ගොතන  ලද  බොරුවක්  බව  පසුව  අනාවරණය  වී  තිබේ.  මෙවනි  ස්ථුපයක්  එහි  තිබී  නොමැත. Alois විසින්  මෙම  විස්තර  කොපි  කරගෙන  ඇත්තේ  Alexander Cunningham ගේ  Bhilsa Thope නැමති පොතෙන්  බව  පසුව  අනාවරණය  වී  තිබේ .  මෙම  පෙදෙසේ  අසෝක  ලිපියක්  සහිත   කුළුණ   කැබැල්ලක්  පොළවෙන්  උඩ  තිබීම  ලොකු  සැකයක්  බව  ආචාර්ය  Hoey සහ   Waddell පවසා  තිබේ. මක්නිසාද  යත්  1893 එනම්  Alois මෙම  බිමට  පය  තබන්නට  වසර  2 කට  පෙර  මෙම  ප්‍රදේශය  භාර  ආණ්ඩුකාරවරයා  වන  Khadga Shamsher ගේ  අනුග්‍රහය  ඇතිව ආචාර්ය Hoey  මෙම  පෙදෙසේ  තිබී  කුලුනේ  ලියා  ඇති  දෙයහි   පිටපත්  ලබාගත් අතර   එහි   අසෝක  අකුරු  තිබී නොමැත. එමෙන්ම  මෙම  කුළුණු  කොටස මෙම  පෙදෙසේ  තිබුනා  යයි  කීම  තවත්  මුසාවකි . ආචාර්ය  Hoey පවසා  ඇත්තේ Alois අතොරක්  නැති  බොරු  කියා  ඇති  බවත්  මෙය  ඔහු  විසින්ම  නිර්මාණය  කරන  ලද්දක්  බවය . එමෙන්ම  අසෝක  රජ  මෙම  පෙදෙසට  පැමිණ  ඇත්තේ  අසෝක  රජු  රජවීමෙන්  වසර  20 කට  පසුවය . එහෙත්  මෙම  ලිපියේ  සඳහන්  වන්නේ  අසෝක  රජු  රජවී  වසර  14 දී  රජ  විසින්  කොනාගමන  ස්තුපය  2 වැනි  වරට  ලොකු  කල  බවය. මෙම  පෙදෙසට  අසෝක  රජ  පයතබන්නත්  වසර  6 කට  පෙර  දෙවරක්  කෝනාගමන  බුදුන්ගේ  ස්තුපය අසෝක රජ  ලොකු  කිරීම  විහිළුවකි.

ඊට පසු වසරේ Alois නැවත නේපාලයට පැමිණ Bhagavanpur දක්වා ඇති Taulihawa අසල්වැසි පෙදෙස කැනීම් කිරීමට පටන් ගත්තේය , එසේ පැමිණ ඔහු 1895 දී නේපාලයේ බුදුන් උපන්නයයි ලියා තබා ඇති ලුම්බිණි කුලුන සොයාගන්නා ලදී.  මෙම පෙදෙස භාරව ඊට පෙර සිටි V . A .Smith මහතා පවසන්නේ එම කැඩුණු කුලුනේ පොලෙවෙන් උඩ තිබුණු කුළුණු කොටසේ  ලියා තිබු දෙයහි පිටපත් ඔහු විසින් ලබාගත් බවත් එහි අසෝක ලිපියක් නොතිබුණු බවත් එහි මධ්‍යම යුගයේ කුරුටු ගෑම් පමණක් තිබු බවය. alois පවසා ඇත්තේ මෙම පෙදෙසට rummindei කියා පවසන බවය. එහෙත් E . J Thomas මහතා පවසා ඇත්තේ මෙහි කඳුකරයේ මිනිසුන් හෝ නේපාල නිලධාරින් හෝ මෙම  පෙදෙසට rummindei කියා නැති බවත් ඔවුන් මෙම  පෙදෙසට rupadei කියා භාවිත කරන බවත්ය. අද ලුම්බිණිය ඇත්තේ නේපාලයේ Rupandehi දිස්ත්‍රික්කයේය.

1896 දී Alois  මෙම පෙදෙස (Ruphadei )  භාර ආණ්ඩුකාරවරයා වන Khadga Shamsherය.මුණ ගැසෙන ලදී. (මෙම නේපාල  ජාතිකයා පසු කාලයේදී නේපාලයේ එක අගමැතිවරයකු ඝාතනය කොට තව 2 නකු ඝාතනය කරන්නට තැත් කර පසුව ඉන්දියාවට පැනගිය අයෙකි.) එසේ මුණගැසී Alois ඔහුට පවසා ඇත්තේ කැඩුණු කුලුන අසල කැනීම් කළහොත් අසෝක සෙල්ලිපි සහිත කුළුණු කැබැල්ලක් හමුවන බවය. එහෙත් අසෝක අකුරු සහිත සෙල්ලිපියක් මෙහි තිබෙන  බවට  කිසිම පූර්ව සාක්ෂියන්  නොවිය. (චීන ජාතික හිමිවරුන් වන පාහියන් හෝ යුආන්ග් චුන්ග් හෝ එවැනි සෙල්ලිපියක් ගැන ඔවුන්ගේ  දින පොත් වල සඳහන් කර නැත). කැනීම් වලදී එම කැඩුණු කුලුනට මීටරයක් පමණ යටින් අසෝක අකුරු සහිත කුළුණු කැබැල්ලක් (බුදුන් එහි උපන් බවට කියන නේපාල සෙල්ලිපිය) සොයා ගත් බවට ප්‍රකාශ කරන ලදී. 1900 දී Rhys David මහතා මෙම සෙල්ලිපිය පරීක්ෂා කර පවසා ඇත්තේ එම සෙල්ලිපිය ඉතා මෑත යුගයේදී කොටා ඇති බවය. ඉන් වසර 50 කට පමණ පසු මහාචාර්ය N . Dutt සහ K . D Bajpai පවසා ඇත්තේද එය ඉතා මෑත කාලයේ කොටන ලද්දක් බවය. W . C . Peppe පවසා ඇත්තේ එම සෙල්ලිපිය කිසිම කාලගුණ විපර්යාසයකට පත්ව නැති බවය. සාරානාත් සහ කෝසම්බි යන පෙදෙස් වලින්ද අසෝක කුළුණු හමුවී ඇතත් ඒ කිසිවක හෝ කුළුණු පිහිටවන්නට හේතුවූ දෙයක් ලියා තබා නැත
සාරානාත් සහ සාංචි වල හමු වුනු කුළුණු. කුළුණු පාමුලෙන්ම කැඩී තිබුණු අතර අනෙක් හමුවුණු  අසෝක කුළුණු වල තිබී ඇත්තේ ඉතා දිගු ලිපිය. එහෙත් මෙම ලුම්බිණි කුලුනේ ඇත්තේ වාක්‍ය 5 ක් පමණ වන වචන වෙන්කර ලියා ඇති ලිපියකි. වචන වෙන් කර ලිවීම එම යුගයේ සිදු කරන ලද්දක් නොවේ. J. F. Fleet මහතා පවසන්නේ මේවා කිසි විටකත් අසෝක ලිපි නොවන බවය.

මෙම සෙල්ලිපියේ බුදු උපතක් ගැන සදහන් නැත්තා සේම, එහි අර්ථ ශුන්‍ය වචන තිබේ, මෙහි විගඩබි යන්න එවැන්නකි. විගඩබි යන්නේ තේරුම නම් බුරුවකු සේ අශෝභන නැති බවට යයි Dr.Buhler මහතා පවසා තිබේ. මෙහි සාක්යමුනි කියා වචනයක්ද නැත.
පසුව Alois පවසා ඇත්තේ ධාතුවහන්සේලා  20 සහිත අසෝක  අකුරු ඇති  මන්ජුසාවක් ලුම්බිණි පුද බිම අසල තිබී
සොයා ගත බවය. ඔහු පවසා ඇත්තේ මින් එක ධාතුවක් බුදුන්ගේ දන්ත ධාතුවක්  බවය. එම දන්ත ධාතුව බුරුම ජාතික හිමි නමක් වන U Ma හිමිගේ තෑගී සමග Alois  හුවමාරු කරගෙන තිබේ. පසුව මේ සම්බන්දයෙන් රාජකාරි මට්ටමින්  කරන ලද  පරීක්ෂනයකදී හෙළිවී ඇත්තේ එය අශ්ව දතක් බවය. මෙම දතේ විශාලත්වය සම්බන්දයෙන් පරීක්ෂණයේදී කරන ලද ප්‍රශ්නයට Alois අවක්ඥා සහගත ලෙස පිලිතුරදී ඇත්තේ U Ma හිමිගේ ලියකිලිවල  බුදුන්වහන්සේ අඩි 30 ක් පමණ උස ලෙස දක්වා ඇති බවය.

අද නේපාලයේ ඇති මායාදේවි පන්සලද සිදුහත් කුමාර උප්පත්තිය සනිටුහන් කිරීම සඳහා පිහිටුවන ලද්දක් යයි Alois  කීවද එයද පිලි ගත හැකි තත්වයක් නොවේ. එම පන්සලේ නටබුම් අතර තිබී හමුවී ඇත්තේ වරාහී, දුර්ගා,පාර්වතී, ගනේෂ් යන හින්දු දෙවිවරුන්ගේ රුපය. මෙම ගරා වැටුණු මායාදේවි පන්සල අසල ඇති sivatie , sagarawa , kodan හි හින්දු කෝවිල් වලට සමාන වන අතර එම කෝවිල් කි.ව.8 දී පමන ඉදිකර ඇති යයි Debala Mitra මහතා තහවුරු කර තිබේ. මෙම මායාදේවි පන්සලේ මහමාය දේවිය විසින් ගසක අත්තක් අල්ලාගෙන සිටින රුපයක් දැක්වේ. Dr Hoey පවසා ඇත්තේ 1897 ඔහු මෙය දකින විට මෙහි හිස කොටස එහි නොතිබුන බවය. එය පසු කාලීනව සවිකර ගෙන ඇති බවය. මෙම  මායාදේවි රුපය භාර්හට් ස්තූපයේ ඇති චුලකොකා දෙවගනට සහ භාර්හට් ස්තූපයේ චණ්ඩ යක්ෂනී රූපයන්ට සමානය.

1989 දී ඊසානදිග Basti දිස්ත්රික්කයේ Birdpur  හි කළමනාකරු වන W . C .  Peppe   මහතා  Piprahawa අසල ඇති  ස්තුපයක තිබී   ආභරණ සහිත මන්ජුසාවන්  සොයාගත් බව දන්වන ලදී  මෙහි එක  මංජුසාවක ලියා ඇති ලිපිය මගින් එහි ඇති ධාතු බුදුන්වහන්සේගේ ලෙස සඳහන් කර ඇති යයි පවසා තිබේ. මෙම ලිපියේ බුදුන්වහන්සේගේ  ඥාතීන් වන  ශාක්‍යවංශිකයින් ගැන සඳහන් ව තිබු බැවින් මෙම ධාතු බුදුන්වහන්සේ ආදාහනය කල පසු තැන්පත් කරන ලද ඒවා බව සුද්දන් විසින් සලකන ලදී.  ඉන් අනතුරුව ඊළඟ අවුරුද්දේදී ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් උත්සවාකාරයෙන් මෙම ධාතු සියම් රජුට භාර ගෙන  ලදී. මෙයින් ධාතු කොටස් ලංකාවේ සහ බුරුමයේ සංඝයාවහන්සේලාට භාර දෙන ලදී. ප්‍රවීණ  පුරාවිද්‍යාඥයකු වනTheodor Bloch  පවසා ඇත්තේ සියම් රජුට ප්‍රධානය කරන ලද ධාතු ඔහු විසින් කල්කටාවෙදී දුටු බවත් ඔහුගේ දැනුම අනුව නම් ඒවා මනුෂ්‍ය ඇට කැබලි  නොවන බවය. Theodor Bloch එම කාලයේ ඉන්දියානු කෞතුකාගාරයේ පුරාවිද්‍යා අංශය මෙන්ම බෙන්ගාල ප්‍රදේශ භාර සිටි නිලධාරියා වීය. මෙම මතය එම කෞතුකාගාරයේ සත්වවිද්‍යාඥයවරයාද තහවුරු කරන ලදී. මෙම කෞතුකුගාරය එම කාලයේ ආසියාවේ තිබු ශ්‍රේෂ්ටම කෞතුකාගාරයක් විය. මෙම මංජුසාවේ තිබු දන්තධාතු  යයි කියා ගත් කොටස් අතර පසුව උරු දතක්ද තිබී සොයා ගන්න ලදී. 
Piprahawa හිදී   මෙම මංජුසා ලැබුණු අවස්ථාවේදී Peppe විසින් එය Alois වෙත ඉදිරිපත් කරන ලදී . මෙම අවස්ථාවේදී මෙම මංජුසා වල alois  විසින් අසෝක ලිපි ලියන්නට ඇති යයි දැනට සැක කෙරේ. එම කාලයේ   Alois ඉන්දියාවේ ශිලාලේඛන සම්බන්ධ  උප ප්‍රධානියා ලෙස ක්‍රියාකළේය.

සිදුවූ සියලු වංචාකාරී සිදුවීම් සන්බන්ධයෙන් ලන්ඩන් බෞද්ධ සංගමයට සාක්කි දෙන්නට සිටි ප්‍රධාන සාක්කිකරු හදිසියේ රෝගාතුරුවී කතාකර ගන්නටවත් බැරිව පසුව මියයාම නිසා Alois විසින් කරන ලද වංචාකාරී ක්‍රියා කිසිවක් හෙළි දරව් කර ගත නොහැකිව අද දක්වා වැළලී ගොස් තිබේ. අදටත් ඉන්දියාවට ආවඩන මිනිසුන් රැවටී සිටින්නේ මේ තක්කඩි සුද්දන් ගේ සට කපටි කම් වලටය. 

(සැකසුම සුභාෂිනී කුමාරි )

4 comments:

  1. හිරාන් , ඔබගේ මේ වෙබ් අඩවිය අතිශයින්ම ප්‍රසස්තනීයයි . ඔබ සිටින්නේ මුම්බායි වල බව දැක්කා. අජන්තා ලෙන් ඔය අසල තියෙන්නේ , ඒ පිලිබදව විස්තර ටිකක් දාන්න පුළුවන් ද ?
    ස්තුතියි .........!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  2. අජන්තා ලෙන පිහිටා ඇත්තේ Aurangabad දිස්ත්රික්ක මුලස්ථානයේ සිට කි.මී.107 උතුරිනි . (75°40’ N; 20°30’ E) එසේ නොමැතිව ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ නොවේ. මෙම ලෙනට එම නම ලැබී ඇත්තේ ඊට කි.මී 12 ක් පමණ ඇතින් පිහිටි ගමේ නම වන අජන්තා නාමයෙන්ය.1819 දී බ්‍රිතාන්‍ය හමුදාවේ madras රෙජිමේන්තුවේ හමුදා නිලධාරියකු වන John Smith විසින් කොටි දඩයමේ යන විටමෙම ලෙන සොයා ගන්න ලදී. මෙහි බෞද්ධ ස්වාමින්වහන්සේලා ජීවත් වූ බව සැලකේ. මෙහි බුද්ධ රුප මෙන්ම ථෙරවාදී සහ මහායාන බුදු දහමට අයත් රුප තිබේ. මෙහි ඇම්බීම් කර ඇත්තේ කි/පු.2 වන සියවසේ සිට කි.ව.6 වන සිය වස දක්වා බව දැක්වේ. බුදුන්වහන්සේ ජීවත්වුයේ කි.පු. 6 වන සත වර්ෂයේය, එහෙත් ඉන්දියාවෙන් කි.පු 2 වන සත වර්ෂයට වඩා පැරණි සිද්ධස්ථාන සොයා ගෙන නැත. අජන්තා ලෙනේ වැඩි විස්තර සඳහා මෙම website බලන්න.
    http://www.art-and-archaeology.com/india/ajanta/aja02.html
    http://ajantacaves.com/
    http://www.wondermondo.com/Countries/As/India/Maharashtra/Ajanta.htm

    ReplyDelete
  3. මේ පිලිබද ඉතා සිත් ගන්නා සුලු විස්තරයක් පහත පොත මගින් ලබා ගත හැක.
    මේ පොතේ ඉන්දියාව පිලිබනඳ කරන සියලුම විස්තර සඳහා විමර්ෂනය කරන්නේ හෙල බිමේ මහවංශය සහ දීපවංසය ආදී ඓඉතිහාසික පොත් මිසක ඉන්දියාවේ ඉතිහාසික පොත් නොවීම සුවිෂීස කරුනක්.
    ISBN 978 1 905791 93 4
    TITLE: the buddha and Dr Furere -an archaelogical scandal
    BY: Charlse Allen

    ReplyDelete