Sunday, July 8, 2012

ගෞතම බුදුන් ඉපදුණේ ලංකාවේ මිස වෙනත් රටක නොවේ

බුදුදහම තරම් මිනිසාට සිතීමට උගන්වන වෙනත් ධර්මයක් නැත. තමා විසින් දේශනා කරන ධර්මය පවා විමසීමකින් හෝ විමර්ශනයෙන් තොරව පිළි නොගත යුතු බව කලාම සූත්‍රයේදී උන්වහන්සේ විස්තර කර ඇත.
සෑම බෞද්ධයකු ම බුද්ධ ධර්මය අධ්‍යයනය කිරීම ආරම්භ කරන්නේ පස්මහ බැලුම් ගැන දැනගැනීමෙනි.
පස් වැදෑරුම් කරුණු අතරින් කාලයත්, කුලයත්, මවත්, යන සියල්ල ඉතා නිවැරදිව තෝරා ගැනීමට උන්වහන්සේට හැකිවී ඇතත්, දීපය හා දේශය නිවැරදිව බැලීමට අපොහොසත් වී ඇති බව මා නම් කිසිසේත් පිළිගැනීමට සූදානම් නැත.
එපමණක් නොවෙයි. මේ භද්‍ර කල්පය තුළ බිහිවූ කකුසඳ කෝනාගම සහ කාශ්‍යප යයි බුදුවරුන් මෙලොව පහළ වී ඇත්තේ ද දීපයක මිස අර්ධද්වීපයක හෝ මහද්වීපයක නොවේ.
කකුසඳ බුදුන් ඉපදී ඇත්තේ වජ දීපයේ ය. කෝනාගම බුදුන් ඉපදී ඇත්තේ වරදීපයේ ය. කාශ්‍යප බුදුන් ඉපදී ඇත්තේ මන්ඩද්දීපයේ ය.
වජදීප වරදීප හා මන්ඩදීප යනු වෙනත් තැනක් නොව මේ සිරි ලංකාවම බව මහාවංශයේ පවා හොඳීන් සඳහන් වී ඇත.
ගෞතම බුදුරදුන් ඉපදී ඇත්තේ ද දීපයකමය. ඒ මේ ලංකාදීපයේ ය.
පස් මහා බැලුම් අතර ඇති ‘දේශය’ ගැන දැන් සිතා බලමු. තමා පිරිනිවන් පෑමෙන් පසුව තම ධර්මය පිළිගන්නා, ඒ මගෙහි යන මිනිසුන් සිටින දේශයක් ගැන බලා ඇද්ද යන්නයි.
කවුරුන් විසින් හෝ ඒ දේශය ඉන්දියාව යැයි කියන්නේ නම් එය පස් මහ බැලුම් හෑල්ලුවට ලක් කිරීමකි. තමාගේ ධර්මය නොපිළිගන්නා මිනිසුන් ඇති දේශයක් ගැන බලා ඇති බව ඔවුනට පිළිගැනීමට සිදුවන බැවිනි.
ඉන්දියාවේ මෙවැන්නක් දැකිය හැකි ද අඩුම තරමින් ධර්මාශෝක රජතුමන්වත් බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධයක් තිබූ කෙනෙක් ද? මා මෙසේ කිය වූයේ කිසිම කෙනෙකුට අපහාස කිරීමේ පරමාර්ථයෙන් නම් නොවේ. සත්‍ය නිසියාකාරව අවබෝධ කරගත යුතු බැවිනි.
බුදුන් වහන්සේ සත්සතිය නිමා කිරීමත් සමඟ විළද හා මී පිඬු පූජා කරමින් බුදුන්ට ප්‍රථම දානය පූජා කිරීමේ වරම් ලත් තපස්සු භල්ලුක පෙර අත්භවයකදී ඥාති වූ දේවතාවෙකුගේ දැනුම්දීමෙන් එසේ පූජා කළ බවත්, දානය දීමෙන් අනතුරුව ද්වි වාචික උපාසකවරුන් බවට පත් වූ බවත්, පසු කලෙක රජගහ නුවරදී බුදුන්ගෙන් බණ අසා තපස්සු තෙමේ රහත් වූ බවත් භල්ලුක තෙමේ සොවාන් ඵලයට පත්වූ බවත් ‘සමන්ත කූට වණ්ණනා’ පොතේ විස්තරාත්මකව දක්වා ඇත. තවද මෙම වෙළෙඳ දෙබෑයන් විසින් පිදීම පිණිස කේශ ධාතු මිටක් ලද බව ද සඳහන් වේ.
මේ කේශ ධාතූන් ‘ගිරිහඩුසෑය’ නමින් කරවූ ස්තූපයක අප රටේ දී තැන්පත් කර ඇත. ඊළඟට අපට මතුවන ප්‍රශ්නය ඉන්දියාවේදී ලත් කේශ ධාතුව ලංකාවේ තැන්පත් කළේ ඇයි ද යන්න සොයා බැලීමයි. සමහර වුන්ගේ මතය ඔවුන් වෙළෙඳ දෙබෑයින් නිසා ලංකාවේ වෙළෙඳාමට පැමිණි අවස්ථාවකදී එසේ තැන්පත් කරන්නට ඇති බවයි. නමුත් එය සාර්ථක පිළිතුරක් නොවන්නේ බුදුන් දවස අප රටේ සිටියේ අමනුෂ්‍යයින් පමණක් බව මහාවංශයේ පැහැදිලිව සඳහන් වන නිසා ය.
රහත් බවට පත්වූ තපස්සු වෙළෙඳාමේ එනවාද? රහත්වීමට කලින් මෙහි පැමිණි බව යමෙක් සඳහන් කරතොත් මා ඔහුට යොමු කරන පැනය නම් රහත්වීමට ප්‍රථම ලංකාවේ බුදුදහම පවතී යයි වෙළෙඳ දෙබෑයන් උපකල්පනය කළේ කෙසේද යන්නයි. එසේ නැතහොත් බුදු දහම පැවැති ඉන්දියාවේ සිට බුදු දහම නොපැවතුණු ලංකාවට විත් ඒ අග්‍රගණ්‍ය කේශ ධාතූන් වහන්සේ තැන්පත් කළේ කුමන කාරණයක් නිසා දැයි පහදා දෙන්න.
ඉහත මතු වූ පැනයන් සියල්ලට මාගේ සරල පිළිතුර වන්නේ බුදුරදුන්ට මී පිඬු හා විළඳ පූජා කළේ ශ්‍රී ලංකාවේ දී හිරිවඩුන්න ග්‍රාමයේ ඇති ශ්‍රී මහා බෝධිය අසලදී බවත් එදා රජගහ නුවර නමින් හැඳින්වූ අද රජගල නමින් හැඳින්වෙන අම්පාර ප්‍රදේශයේදී මෙම දෙබෑයන් රහත් හා සෝවාන් ඵල වලට පැමිණ උතුම් වූ කේශ ධාතුන් වහන්සේ මෙරටේදී ම ස්ථූපයක් කරවා තැන්පත් කරන්නට ඇති බවයි.
බුද්ධ කාලයේ දී ශ්‍රී ලංකාවේ යක්ෂ හෙළයටත් නාග හෙළයටත් (ලංකා පුරයට) උන් වහන්සේ වැඩම කොට ඇත්තේ තෙවතාවක් පමණි. අනෙක් කාලය ගත කර ඇත්තේ අම්පාර, හිරුවඩුන්න තෙලදෙණිය මාතලේ දිඹුලාගල සිතුල්පව්ව මැදවච්චිය හා රිටිගල වැනි වූ දිව්‍ය හෙළයේ නගර ගම්වල ධර්ම ප්‍රචාරය සඳහා පමණි. මේ සම්පූර්ණ ප්‍රදේශය වර්ග සැතපුම් 5000 කටත් අඩු ප්‍රමාණයකි.
දුෂ්කර ක්‍රියාවෙන් පසු සිදුහත් තව්සාණෝ බුද්ධ ගයාවේදී බුද්ධත්වයට පත්වී ඉසිපතනයේදී ප්‍රථම ධර්ම දේශනය පවත්වා ඇත. තවද බුදු වූයේ වෙසක් පුරපසළොස්වක් දා ය. ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේ ඇසළ පුන් පොහෝ දිනකදී ය. මේ අතර කාලය සති අටක් පමණි. ඔබත් මමත් දන්නා පරිදි වෙසක් පොහෝ දින බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතමයාණෝ නිරෝධ සමාපත්තියට සම වැදී ශ්‍රී මහා බෝමුල සති හතක් ගත කර ඇත. එවිට උන් වහන්සේට කි.මි. 400 දුර ගෙවා ඉසිපතනාරාමයට ඉතිරිව ඇත්තේ එක් සතියක් පමණි. පැය 24 ම පයින් වැඩියත් දින හතක් තුළ ඉසිපතනයට ළඟා විය නොහැකි ය.
මේ ප්‍රශ්නයෙන් ගැලවීමට ඇති පහසුම ක්‍රමය බුදුන් ඍදි බලයෙන් වැඩිය බව සඳහන් කොට අතපිස දා ගැනීමයි. නමුත් එය එසේ සිදු නොවන බව දැන ගැනීමට සමන්තකූටවණ්ණනා වේ 492 ගාථාව කියවා බලන්න. ලංකාවේ දී නම් මෙම දුර ප්‍රමාණය, එනම්, හිරවඩුන්නේ සිට ඉසින්බැස්සගලට (ඉසිපතනයට) කි.මී. 50 පමණ වන අතර ඕනෑම පුද්ගලයෙකුට දින 07 ක් ඇතුළත ඉතා අඩු වේගයකින් පයින් ම වැඩිය හැකි බව තේරුම් ගත හැකිය.
සුද්ධෝදන නම් රජ කෙනකු ලංකා ඉතිහාසයේ කොතනක හෝ ඇත්දැයි සමහරු නඟන එක් අතුරු ප්‍රශ්නයකි. මම ඊට පිළිතුරු දීමට ප්‍රථම ඔබගෙන් පැනයක් ඇසීමට කැමැත්තෙමි.
එනම් සුදොවුන් රජ ඉන්දියාවේ රජකළ බව පෙන්වීමට ඔබට ඇති ඉන්දියානු ඓතිහාසික හෝ ඉන්දියානු පුරාවිද්‍යාත්මක සාධක කවරේද? කාගේ හෝ මාළිගාවක් පෙන්වා සුදොවුන් රජුගේ යැයි කීම පිළිතුරක් ලෙස භාර ගැනීමට නොහැකි බව ද මෙහිලා සඳහන් කරමි. මොනම සාධකයක් නැතත් පිටරට දේම සත්‍ය යැයි පිළිගන්නා අයට නම් මෙය පිළිතුරක් විය හැකිය.
සුද්ධෝදන නාමය මුල් වරට සඳහන් වන්නේ ත්‍රිපිටක ග්‍රන්ථවලය. ත්‍රිපිටකය යනු ලංකාවේ අලුලෙනේ දී ලංකාවේ භික්ෂුන් විසින් ප්‍රථම වතාවට ග්‍රන්ථාරූඩ කළ පුස්තකය.
ඉතිහාසය ලිවීමේදී කර ඇති මහා මුළාව දැන්වත් විචක්ෂණ බුද්ධියෙන් සිතා බැලිය යුතු ය.
ත්‍රිපිටකය ඉන්දීය ඉතිහාසය ලෙස බාරදීමට මුල පුරා ඇත්තේ හෙළ බසින් ලියා තිබූ අප වංශ කථාව පාලි භාෂාවට පරිවර්තනය කිරීමේ දී සිදුකරන ලද සමහර විකෘති තුළිනි.
අප රටේ රජ කළ රජවරුන්ගේ නම් ඇතුළත් සෙල්ලිපි වල රාවණා රජු, වෙසමුණි රජු, පණිත රජු, හා ප්‍රවර යන රජවරු ගැන අපේ වංශ කථාවල සඳහන්ව නැත. එනිසා සුදොවුන් රජ ගැන වංශ කථාවල සඳහන් නොවූ පමණින් එතුමා මෙරටේ රජ කළ ප්‍රාදේශීය රජ කෙනෙකු නොවන බව එක එල්ලේ සඳහන් කළ හැකිද?
තවත් සමහරුන්ට මතු වී ඇති ප්‍රශ්නයක් නම් ‘දඹදිව‘ යන වචනය ඉන්දියාවට සිංහල භාෂාවෙන් කියන නම විය හැකි බවයි. කරුණාකර ඉන්දියානු ඉතිහාසය හොඳින් කියවා බලන්න.
අතීතයේ ඉන්දියාව භාවිත වූ නම් වන්නේ භාරත වර්ෂ, භාරත දේශ හා බ්‍රහ්මවර්ත යන්නයි. පකිස්තානයේ පිහිටා ඇති (එදා භාරත වර්ෂයේ) සින්ධි ප්‍රදේශයට එම නම ගෙන දුන් සින්ධු නදිය පර්සියානුවන් විසින් සින්ද්‍රෝ නමින් ද ග්‍රීකයින් විසින් ඉන්ද්‍රෝස් නමින් ද පසුව ඉංග්‍රීසින් විසින් ඉන්ඩියා වශයෙන් ද යොදාගෙන ඇති බවයි.
ඉන්දියාව යන නමට දඹදිව වචනය නොගැළපේ.
සිංහල ජනවහර තුළ ඇති විශාල වචන සංඛ්‍යාවක් ‘දඹ’ යන වචනයෙන් ආරම්භ දඹකොලපටුන, දඹදෙණිය, දඹාන උදාහරණයි. දඹදිව යන වචනය අපේ වචනයක් පමණක් නොව මේ රටේ ම ස්ථානික නාමයකි.
‘දඹ’ යන්නෙහි අර්ථය ගිරි බව අපර කෝෂයේ පෙන්වා දෙයි. දඹ - ගිරි ඒ අනුව ගිරි දිවයිනේ හත් දඹදිවයිනක් යනු එකකි. අපේ රට අදටත් ගිරි දිවයිනකි. එනිසා දඹදිව යනුවෙන් සඳහන් කර ඇත්තේ සිරිලංකාව මිස ඉන්දියාව නොවේ.
නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල්ලිපි ගෙන බලමු. මෙහිදී ‘ජ’ ශබ්දය ‘ද’ ශබ්දය ලෙස තැනීමෙන් උච්චාරණයේ වෙනසක් සිදුවී ඇති බවක් පෙනේ.
පොලොන්නරු රන්කොත් දාගැබ් සෙල් ලිපියක ‘දම්බුදිව‘ ලෙස ලියා ඇත.
දඹුල්ල විහාර සෙල්ලිපියේ ‘දඹදිව්’ ලෙස ලියා ඇත.
දකුණේ කිරිවෙහෙර සෙල්ලිපියේ දඹදිව ලෙස ලියා ඇත.
ජම්බුද්වීපය <ට$> දම්බුදිව <ට$> දඹදිව් <ට$> දඹදිව
දඹදිව යනු ඉන්දියාවේ සිංහල නාමය නොව නිශ්ශංකමල්ල රජතුමා විසින් ජම්බුද්දීපයේ විකාශනයක් ලෙස ‘දඹදිව‘ යන වචනය තනා ඇත. එය ඉන්දියාව හැඳින්වීමට කිසිසේත් යොදා නැත. අනෙක් ප්‍රධාන කාරණය, ධර්මාශෝක රජු ඉන්දියාවේ දී සාදා ඇත්තේ ලංකාවේ ඇති චෛත්‍ය පිළිමවල ආකෘති බව පිළිගැනීමට නොහැකි වීමයි.
මහාවංශයේ ම සඳහන් වන පරිදි බුදු රජුන් ගේ රුවක් නෙළීමට ධර්මාශෝක රජතුමාට අවශ්‍ය වූ විට ඒ සඳහා කැඳවා ඇත්තේ ද නාග රජකෙනෙක් (ඉන්දියාවේ නා රජවරුන් නැත) ඉතින් අනෙක් ආකෘති නෙළීමටත් එවැනි ම උපදෙස් ගන්නට ඇතැයි සිතිය නොහැකි ද? බුද්ධගයාවේ ඇති වජ්‍රාසනය එවැන්නකි.
සුජාතාට දුන් කිරිපිඬු වැළදූ සිද්ධාර්ථ තවුසාණෝ ශ්‍රී මහා බෝධි මූලයට පැමිණ, බුදුවීම සඳහා බෝධීන් වහන්සේට පිට දීමට ප්‍රථම කුසතන අට මිටකින් ආවර්නය කළ ගල් පතුරක් ආසනය ලෙස භාවිතා කළ බව සඳහන් ය. මෙය වජ්‍රාසනය කුසතන අට මිට පූජා කළ පුද්ගලයා පවා ඉතිහාසයේ සඳහන් වෙන, වජ්‍රාසනය පිරිනැමූ තැනැත්තා, ඉතිහාසයේ නැත.
කොටින් ම කියනවා නම් බුද්ධගයාවේ ඇති ශ්‍රී මහා බෝධිය යැයි ඔබ වන්දනා කරන බෝධීන් වහන්සේ ද ශ්‍රී මහා බෝධියේ ආකෘතියකි.
අනෙක හිරුවඩුන්න බෝධිය අසල අදටත් කුසතන පඳුරු කීපයක් ඇති බව ද වැඩිමනත් මෙහිලා සඳහන් කරමි.
අදටත් හිරිවඩුන්න පැත්තේ වැසියන් ශ්‍රී මහා බෝධින් වහන්සේට ඔබ්බෙන් ඇති ගල් පොත්තක් මතට කිරිබත් දානයක්, අවුරුදු පතා පිළිගන්වනු ලබයි. එය මහාදානය යනුවෙන් හැඳින්වේ.
පුරාතනයේ සිට පැවත එන මහාදානය පිළිගැන්වීම අපට කියාපාන්නේ සුජාතාවගේ කිරිපිඞු දානය නොවේ ද?
බුදුන් දවස තිබූ ගල්ගුහා හෝ ගල්ලෙන් කිසිවක් දුටුගැමුණු කාලයේදී පරිහානියට පත්වී තිබිය හැකිය යන්න ප්‍රශ්නය වී ඇත.
මහාවංශය (සිංහල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 2003) පොතේ 138 පිටේ 81, 82, 83 යන ගාථා වලින් පෙන්වාදී ඇත්තේ මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ පියා, මව, අගසව් හා පුතා ලෙසට පිළිවෙළින් කාවන්තිස්ස රජුත් විහාරමහා දේවියත්, දුටුගැමුණු රජතුමාත්, සද්ධාතිස්ස කුමාරයාත් හා සාලිය කුමරුනුත් විවරණ ලැබූ බවයි. මෙසේ විවරණ දීමට නම් කාවන්තිස්ස හෝ දුටුගැමුණු රජ දවස ගෞතම බුදුන් අප රටේ ජීවත් විය යුතුය. මහාවංශයේ බුදුරදුන්ගේ පිරිනිවීම සිදුවී ඇත්තේ ක්‍රි.පූ. 543 දී හා දුටුගැමුණු, රජ වී ඇත්තේ ක්‍රි.පූ. 161 දී ය. ඉන්දියන් සම්භවයක් ඇති මහානාම හාමුදුරුවන් විසින් සකසා පරිවර්තනය කරන ලද මහාවංශයේ සඳහන් දින වකවානු නිවැරදි ඒවා නොවන බවයි.
තවත් අපූරු කාරණාවක් මහාවංශය තුළ දී මුණ ගැසේ. එනම් 94 වන පිටේ 68 වන ගාථාවේ සඳහන් වන පරිදි කාවන්තිස්ස රජුගෙන් තම පුතු ඉපදීමේ දිනට ඇරයුම් ලබන ප්‍රධානියා ගෞතම ස්ථවීර වීම ය.
බුදුරදුන් හා කාවන්තිස්ස රජු සමකාලීනයයන් වූ බැවින් ගෞතම ස්ථවීර ලෙස ඇරයුම් ලබන්නේ වෙනත් අයෙකු නොව ගෞතම බුදුරදුන්ම ය.
ලක්දිව විසූ යක්ෂ හා නාග ගෝත්‍රික රජවරුන්ට බුදු දහම දෙසූ බව මහාවංශයේ සඳහන් වන අතර, වෙසමුනි හා කුවේරට බුදුරදුන් ආටානාටිය දෙසූ බව එම සූත්‍රයෙන් දැක්වේ. තවද සාතාගිරගේ දියණිය විවාහ කරගෙන ඇත්තේ චිත්ත නම් කෙනකු බව ද චිත්ත යනු දුටුගැමුණු රජතුමාගේ ඇමැතිවරයකු බව ද සෙල්ලිපිවලින් හෙළි වී ඇත. මේ අනුව දුටුගැමුණු රජතුමා, බුදුන්ගේ සමකාලීනයකු බව පැහැදිලි වේ.
ඒ බව මේ සෙල් ලිපියෙන් ද අවබෝධ කරගත හැකිය.
පරුමක ශතනශත ඣිත පරැමක මිත ඣය පරැමක ප්‍රශය ලෙනෙ අගත අනගත චතුදිශ ශග්ශ දිනෙ”
(IC P 26 No 331, P 113 glossary s paranavitana 1970)
මේ සියලු කාරණා සලකා බැලීමෙන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ වැඩ සිටි අවදියේ දී දුටුගැමුණු හා කාවන්තිස්ස යන රජවරු ද ලංකාවේ ජීවත් වී ඇතැයි ලෙහෙසියෙන් අනුමාන කළ හැක.
ඓතිහාසික පොතපතින් පමණක් කරුණු ගොනුකළ කාලය දැන් නිමා වී ඇත. අද දවසේ පුරාවිද්‍යාව ඉතා විශාල දියුණුවක් ලබා ඇත.
අප රටේ පුරාවිද්‍යාඥයන් සොයාගෙන ඇති පුදුම සහගත දේවල් පිළිබඳ විස්තර ඔබට ඉදිරියේ දී දැකගත හැක. එදිනට ඔබ විසින් දැනට ගෙන ඇති තීන්දු තීරණ බොහෝමයක් වෙනස් කිරීමට සිදුවන බව ස්ථිරවම ප්‍රකාශ කළ හැක.
දිනෙන් දින දියුණු වන ලෝකයට ඉඩ හරින්න පරණ මතවාදවලම එල්ලී නොසිට අලුත් දේ, අලුත් අදහස් කෙරේ විමර්ශනශීලීව බැලීමට පුරුදුවන්න. තම මතයම හරි යැයි කියමින් එහි එල්ලීගෙන අන් අයට පහරදීමට වඩා මතවාදීව ගැටීම වැදගත් බව මගේ අදහසයි.
මේ සඳහා ඔබත් මාත් ප්‍රගුණ කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති කාලාම සූත්‍රයේ අඩංගු කරුණු කාරණාමය.

19 comments:

  1. Yaluwa mulinma oya apage budurajanan wahanse gana sardawa athi kara ganna.

    dewanuwa mema blog eka delete kara damanna

    ReplyDelete
    Replies
    1. හා ස්තූති.

      මම මැරුනට පස්සේ තමා මේක වහන්නේ.

      Delete
  2. දිගටම ලියන්න. ඔබට ජය. මෙහි ඇති කරුණු සියල්ලම මීට පෙර මමත් අසා තිබෙනව. මේව හෙළි කළාම අවසානයේ සමාජයෙන් ලැබෙන්නෙ ගැරහුම් විතරයි. මිනිස්සුන්ගෙ හිත් අර මහානාම කියන චීවරධාරිය හෝදල තියෙන්නෙ.

    ReplyDelete
  3. then elara, dutu gamunu yudde? maliyadewa maharahathan wahanse? un wahanse neda awasana rahathan? dutu gamunuta samakalinai neda? ohoma unoth dewanam piyathissala budunta kalin ipadila , budu dahama pathurawala neh?

    ReplyDelete
    Replies
    1. සෙල්ලිපි ඉතිහාසයයි මහාවංස ඉතිහාසයයි පරස්පර විරෝදියි. සෙල්ලිපි අනුව ගාමිණී අභය (දුටු ගැමුණු) බුදුන් දුටු කුමාරයෙක්. සෙල්ලිපි වල එළාර දුටු ගැමුණු යුද්ධයක් නෑ. මහා වංශයේ තියෙන්නේ එක එක රජවරු ගැන ලියවුනු ගීතමය ග්‍රන්ථයක්. මෙය මුලින්ම පරිවර්තනය කර මෑත යුගය දී එළිදක්වන්නේ ඉංග්‍රීසි ජාතික George Tunour ය. එම පරිවර්තනයේත් රජවරුන් සිටි කාල වකවානු නැත. රාජ නාමාවලිය එකිනෙකට පෙළ ගස්වා රජ කාල නිර්ණය කරන්නෙත් යටත් විජිත යුගයේ විල්හෙල්ම් ගයිගර් විසින්. මහාවංසය ලියා ඇත්තේ ඉන්දියානු ජාතිකයෙක්. ඔහු එය ලියනවිට අපේ පාෂාණ දීපවාසී උපතිස්ස හිමි දැඩි විරෝදය පා එලවා ගත බව දැක්වේ.දේවානම් පියතිස්ස කියල සෙල්ලිපි තාම හමුවෙලා නෑ. ආචාර්ය සුරිය ගුනසේකර මහතා ගේ හෙලයුගයෙන් එහා පොත කියවන්න http://www.helayugaya.tk/

      Delete
  4. ගොතම ශමන ගාමිණි අභය කුමරුගේ නම් තබන දින සදහා ආරාධනා කල දානයට වැඩි බව මහාවංසයේත් දැක්වේ රජවරුන්ගේ කාල වකවානු වරදවා ඇත්තේ ඉංග්‍රීසින්. ඔවුන් ගේ මහාවංස පරිවර්තන කොතරම් සාධාරණද කියල සොයා බලන්නේ සුළු පිරිසක් විතරයි.

    ReplyDelete
  5. කොතනද? බුදුරජාණන් වහන්සේ විසින් කරපු දෙසනා පිලිගන්න එපා කියල තියෙන්නේ කාළාම සුත්‍රය ඉස්සෙල්ල අහල ඉන්න
    http://www.mp3srilanka.com/files/Suthra_Kalama_Suthraya.mp3


    "පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ, යන නාමයට මෙවැනි තේරුමක්ද තිබේ. එනම් තථාගතයන් වහන්සේ යම් රාත්‍රියක (ගුරූපදේශ රහිතව) මේ සද්ධර්මය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගනිමින් සම්‍යක් සම්බුද්ධත්වයට පත් වූවාහුද, යම් රාත්‍රියක අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නාහුද, ඒ අතර කාලය තුළ (එනම් උන්වහන්සේ ජීවමානව වැඩ සිටින මුළු කාලය තුළම) යමක් ප්‍රකාශ කරත්ද, මතුකොට දක්වත්ද, විස්තර වශයෙන් පෙන්වා දෙත්ද, එය එසේම සිදුවේ. අන් ක්‍රමයකින් සිදු නොවේ. ඒ අදහසින්ද උන්වහන්සේ 'තථාගත' නාමය ලබත්."


    (ලෝකාවබෝධ සුත්ත - ඉතිවුත්තක පාළි)
    ළිකෙ · · ෂරෙ

    ReplyDelete
  6. ඔබ පෙන්වන සාක්ෂිවල ඡායාරූප (මහාවංශය (සිංහල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 2003) පොතේ 138 පිටේ 81, 82, 83 යන ගාථා ආදී...) ද ඒ ඒ තැන්හි ඉදිරිපත් කරන්නේ නම් ලිපිය වටී.

    ReplyDelete
  7. අපේ කට්ටිය කොහොමත් දක්ශයි හොන්දට අනාගන්න.... බුද්දිමත්ව හිතන එකයි අනාගෙන හිතන එකයි කියන්නෙ දෙකක්. මේ blog එක ලියපු එක්කෙනාත් කරල තියෙන්නෙ හොන්දට අනපු එක මිසක් බුද්දිමත්ව හිතපු එක නෙමෙ. නිකන් ගොන් කතාවක්.

    ReplyDelete
  8. බුද්ධ ගයාවේ සිට ඉසිපතනය දක්වා දුර සොයා බලන්න.(using google map)

    ReplyDelete
    Replies
    1. me gena mama hoyala balannam

      Delete
  9. 243Km පයින් යන්න පැය 48

    ReplyDelete
  10. බුදුරජාණන් වහන්සේ ඉපැදුණේ ඉංදියාවෙලු..උන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය වන්නේ ලංකාවෙලු.පුදුම කතා නේද..ඇයි අපි පිළිගන්න අකමැති සිද්ධාර්ථ කුමරු ඉපැදුණේ අපේ රටෙි බව පිළිගන්න..ඉංදියාවෙ නේපාලයේ තමයි කියන විදිහට සිද්ධාර්ථ කුමරු ඉපැදුණේ නමුත් ඒ රටෙි එතරමි බුදු දහමට ගරැකරන බවක් පේන්න නැහැ..දැනට මාත් එක්ක වැඩ කරන නේපාලයේ යාලුවන් සමග කතාබහ කිරීමෙිදී ඒබව හොඳට පැහැදිලි වෙනවා..ඒත් බලන්න අපේ රටෙි කොතරම් බෞද්ධ නටඹුන් , සිද්ධස්ථාන තියෙනවා ද කියලා..මෙතරමි වාද විවාද තර්ක විතර්ක අවශ්‍ය නැහැ මෙය පිළිගන්න ට මිත්‍රවරැනි..බුද්ධිමත් ව සිතන්න ඉතිහාසය අලුත් කරන්න ට කාලයයි

    ReplyDelete
  11. බුදුරජාණන් වහන්සේ ඉපැදුණේ ඉංදියාවෙලු..උන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය වන්නේ ලංකාවෙලු.පුදුම කතා නේද..ඇයි අපි පිළිගන්න අකමැති සිද්ධාර්ථ කුමරු ඉපැදුණේ අපේ රටෙි බව පිළිගන්න..ඉංදියාවෙ නේපාලයේ තමයි කියන විදිහට සිද්ධාර්ථ කුමරු ඉපැදුණේ නමුත් ඒ රටෙි එතරමි බුදු දහමට ගරැකරන බවක් පේන්න නැහැ..දැනට මාත් එක්ක වැඩ කරන නේපාලයේ යාලුවන් සමග කතාබහ කිරීමෙිදී ඒබව හොඳට පැහැදිලි වෙනවා..ඒත් බලන්න අපේ රටෙි කොතරම් බෞද්ධ නටඹුන් , සිද්ධස්ථාන තියෙනවා ද කියලා..මෙතරමි වාද විවාද තර්ක විතර්ක අවශ්‍ය නැහැ මෙය පිළිගන්න ට මිත්‍රවරැනි..බුද්ධිමත් ව සිතන්න ඉතිහාසය අලුත් කරන්න ට කාලයයි

    ReplyDelete
  12. සුද්දගෙන් උපාධි අරන්..සුද්දගෙ පොතේ හැටියට අපේ හෙළබිමේ පරම සත්‍යය හොයන්න හදනවනම් ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක්..ඒ නිසා මිත්‍රවරැනි...පළමුවෙන් ඔබ ඉපදුනුභූමියට ආදරය කරන්න. ජාතියට ආදරය කරන්න. එතකොට ඔබට වැටටහ්වි මේ වගේ ලිපිවලින් පුන පුනා කියන්න හදන්නේ මොකක්ද කියලා. ඔබ එක වරක්වත් ඔය කියන ස්ථාන වලට ගිහින් බැලුවද! යන්න ගිහින් බලන්න. අත්දකින්න. බුද්ධ ධර්මය අත්දැකිය යුතුයි. එවිට ඔබට සත්‍යය මනාව වැටහේවි. අවසන තවත් දෙයක්! මේ සියලු කාරණා අවබෝධ වීමට නම් ඥානය ප්‍රමාණවත් මදි. පින් මද පුත්‍රන් සියයක් ලදුවත් නිසරැ.. මා හට මහත් වූ පින් ඇති හෙයින් සියලු කාරණා අවබෝධ වුණෙමි. ඔබට පින් නොමැති හෙයින් වහ වහා පින් රැස්කර ගනු මැනවි...මේ හෙළදිව අප මහා බුදුරදුන් උපන් දීපයයි..දේශයයි.... බුදු සරණයි!!!

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. Poddak therenne na, Vijaya awe Budun apawath wechcha dawase namuth dutu gamunu raja wenne aurudu 400ta passe? poddak pehadili karanawada

    ReplyDelete
  15. බුදු බැතියෙන් නිවන් දැකිය නොහැක.!!(සුගතිග‍ාමී වෙන්න පුලුවන්) අවශ්‍ය සධ්ධාවයි.!! සධ්ධාව යනු බුදු දහමෙ සත්‍ය දැකීමයි .!!සසරට බැද ඇති සිතින් බාහිරව ඇති සියලු සියලුදේට ඇති කැමැත්ත අකමැත්ත සිතින් ඉවත් කිරීමයි.(ගැඹුරක් තිබේ)

    ReplyDelete