Tuesday, July 3, 2012

බුද්ධෝත්පත්තිය වූයේ දූපතකයි

සිදුහත් කුමාරයා මෙලොව උපත ලබන්න පෙර පස් මහ බැලුම් බලන බව අප දන්නා කාරනයකි. ඒ කාලය, දීපය,දේශය,කුලය,මව.යන්නයි. අනිත් කරුනුවලට වඩා දීපය ගැන අවධානය යොමු කිරීමට කැමතිය. දීප හෙවත් දීපය යනු කුමක්ද? දීපය යනු අර්ධද්වීපයක්ද? මහද්වීපයක්ද? දූපතක්ද?


දීපය ඉංග්‍රීසින් බසින් ගත් කල එය Island ලෙස වේ. එමෙන්ම පාලි අර්ථය ගත් විට එහිද කියවෙනුයේ දූපතක් ගැනය. ශ්‍රී ලංකා විද්‍යෝද්‍ය විශ්ව විද්‍යාලයේ සහකාර පුස්තකාලයාධිපති හා විදයෝද්‍යය පිරිවෙනේ ආචාර්ය පන්ඩිත මඩිතිවෙල සිරි සුමංගල හිමියන් රචිත පාලි සිංහල ශබ්ධකෝශයේ දක්වා ඇත්තේද එලෙසය. (පි‍ටුව 304) එහි අර්ධද්වීපයක්(peninsula) හෝ මහද්වීපයක් ගැන සදහන් නොවේ. එසේනම් දීපය ලෙස පස්මහ බැලුම් වලදී බලා ඇත්තේ දූපතක් පිලිබදවද? බුද්ධෝත්පත්තිය දූපතකද?


The pali term dipa is Sanskritized as dvipa (Island). Its Tibetan equivalent is also island (glih). The term dvipa denotes a land (pradsesa) either in the river or in the ocean which is limited by water (udakaparicchinna). Haribadra commentator on the Astasahasrika also find it as a place limited by water (udaka – pariksipta- sthala). (AAV. P. 600). With the Chinese literature the term dipa has been translated as both lamp light and island. In Diganikaya (atta dipaviharatha) and also in the Pali Dhammapada, where dipa meant island. Atta –dipa in the Buddha’s last words mean an island in the great ocean (mahasamugatam dipam). Atta is a snnoym of dipa, tana, lena, gati, parayana, patitittha allof which mean ‘a resting place’ modifying island, (Linguistic Approach to Buddhist Thoughts p 60, 61, 62)


මේ සදහා තව දුරටත් තහවුරු කිරීම් අවශ්‍ය වේ. ඒ සදහා ඉන්දියාවේ හෝ ලංකාවේ නොවන වෙනත් විදේශීය මූලාශ්‍රයක් සලකා බැලිය හැක. පාහින් භික්ශුවගේ ගවේශන වාර්ථා සහ හියුං සාන්ගේ වාර්ථාවන් ගැන පමනක් සැම දෙනාම කථාකරයි.නමුත් ඊට පෙර යිං චෙ කේ මුහුද පිලිබද සාමාන්‍ය විස්තරය නැමැති චීනයේ ලියවි ඇති පොතෙන් මෙසේ උපුටා ගැනීමක් කල හැක.


 ‘‘Seih- lan is situated in southern india and is a large island in the sea on the south east coast. Its circumesference being about 1000le (300 miles). The people are all buddhistic religion. It is said that Buddha was born here.’’ The General Knowledge of Sea by Yin huwan - che – ke. (Chinese Geographical book written (4th century C.E.) by lieutenant of Fuh- kien reigon). Translated by Dr.Lokhart, Shanhai


 "සීලාන් දක්ෂිණ ඉන්දීය ගිනිකොන දිග මුහුදේ පිහිටා ඇති විශාල දිවයිනකි. එහි මුළුමහත් ජනතාවම බෞද්ධයෝ වන අතර බුදුරජාණන්වහන්සේ එහි උපන්නේ යයි කියති."


මෙහි සීලාන් ලෙස හදුන්වන්නේ අන් රටකට නොව ලංකාවට බව දන්නා කරුනකි. එසේම එම කරුන සීලාන් නම් දූපතේ පිහිටීම දක්වා ඇති නිසාද පහසුවෙන් හදුනා ගත හැක. මේ දුපත කුඩා එකක් යැයි ප්‍රකාශ නොකර විශාල දූපතක් යැයිද සදහන්ව ඇත.චීන ජාතිකයන් බුදුන්වහන්සේ ලංකාවේ පහල වූ බව කියා ඇත්තේ අද ඊයේ නොවේ. ක්‍රි.ව. 405-456 අතර කාලයේදී චීනුන් විසින් එවැන්නක් පවසා ඇත.


අනිත් කරුන නම් මේ දූපතේ සියලුම දෙනා බෞද්ධයන් වන අතර බුදුන්වහන්සේ එහි උපන්නා යැයි කියා ඇත. ඉන්දියාව දූපතක් නොවන නිසාත් සීලාන් ලෙස ඉන්දියාව නොහදුන්වන නිසාත් මේ ප්‍රකාශ කරන්නේ ඉන්දියාව ගැන නොවන වග 100% විශ්වාසය. එසේම දකුනු ඉන්දීය මුහුදේ මෙවන් ආකාරයේ බෞද්ධයන් සිටින දූපතක් නොවන නිසා මේ හදුන්වන්නේ හෙලදිව බව පැහැදිලිය. මේ ඉන්දියාවේ හෝ ලංකාවේ ප්‍රකාශයක් නොවන නිසා අසත්‍ය කියා වාසි ලබාගැනීමකුද මෙහි නැත. එසේනම් මේ තෙවන පාර්ශවීය තහවුරු කිරීම කරන්නේ හෙලදිව බුද්ධෝත්පත්තිය වූ බව නොවේද?


 එසේම මෙරට සිටි ප්‍රසිද්ද යතිවරයන්වහන්සේ නමක්වන බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමිපානන් රචිත පොතකද මේ ගැටලුව මතුකර තිබේ.
"බාහිර රටවල බුද්ධාදී උතුමන්ගේ ජන්ම භූමි නොවූ හෙයින් සුලු කොට සැලකීමෙන්දෝ ජම්බුද්වීපයේ පිරවර වූ කොදේවිවයයි කියන ලදහ"
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය (පි‍ටුව 111)


බොහෝ දෙනෙකු ධ්‍යාන බලයක් තිබූ ආනන්ද මෛත්‍රී හිමියන් මේ පිලිබද ප්‍රකාශ නොකලේ ඇයි දැයි ගැටලු යොමු කරයි. නමුත් උන්වහන්සේට හැකිවී තිබුනේ උන්වහන්සේගේ අතීතය සිහිකිරීමේ හැකියාවක් බව උන්වහන්සේම ප්‍රකාශ කර ඇත. ඒ කෙසේ වෙතත් ආනන්ද මෛත්‍රී හිමියන් සිද්ධාර්ථ ගෞතම බුද්ධචරිතය පොත ලිවීමේදී කල කරුනු සොයා බැලීම් වලදී උන්වහන්සේට මතු වූ ගැටලුවක් මෙසේ දක්වා තිබුනි. උන්වහන්සේ මෙසේ ලියා ඇත්තේ අන් රටවල් සමග සම්ප්‍රදායේ පවතින බුද්ධෝත්පත්තිය ඉන්දියාවේ යන්න ගැටෙන නිසා නොවේද? මෙසේ උන්වහන්සේ මතුකරන්න ඇත්තේ මේ පිලිබදව ඇති අන් රටවල සාධක ප්‍රබල නිසා විය හැක. එසේ නොමැතිව එක රටක් හෝ දෙකක මේ පිලිබදව තිබූ පමනින් එය වැරදිමකින් සදහන් වූවක් ලෙස සලකා නොසලකා හැරීමට උන්වහන්සේට හැකියාවක් තිබුනි.


මේ අනුව පැහැදිලි කරුනනම් බුද්ධෝත්පත්තිය දූපතක හෙවත් දීපයක සිදු වූ බවටද සාධක සදහන්ව ඇති බවය. එසේම පෙර බුදු සමයන්ගේදී ලංකාව හැදින්වීමට යොදාගෙන තිබෙන්නේද දීප යන පදයයි.
ඔජදිප = කකුසද බුදුන් සමයෙ
වරදිප = කොණාගම බුදුසමයෙ
මන්ඩදිප = කෂ්‍යප බුදුන් සමයෙ

එමෙන්ම ජන්බුද්වීපය, දඹදිව යනුවෙන් සෑම වචනයකම සදහන් කර ඇත්තේ දිව,දීපයක් පිලිබදවය. එසේනම් අප දන්නා පරිදි ඉන්දියාව දූපතක් නොවේ. දූපතක් හෙවත් දීපයක් වන්නේ ලංකාවයි. අනිත් කරුනනම් පෙර බුදුවරුන්ගේ සමයන්හීදී ඉන්දියාව හැදින්වූ කිසිදු නමක් සදහන් නොවේ. 

විශේෂම කරුනනම් ඉන්දියාවට දඹදිව කියා අතීතයේදී කිසිම ජාතියක් භාවිතා කර නොමැත. ඉන්දියාවට දඹදිව කියා හැදින්වූයේ බ්‍රිතාන්‍ය ආක්‍රමනයන්ගේන් පසු කාලීනවය. රොබට් නොක්ස් පවා ලංකාව හදුන්වා ඇත්තේ දඹදිව කියාය.මේ "දඹ" යන වචනය හෙලදිවට ආවේනික වූවකි.ඇතැම් අවස්ථාවලදී දඹ යන්න උස් ස්ථාන හැදින්වීමටද යොදා ඇත.(මහගිරිදඹය) 

ඉන්දියාවේ "දම්භ" ලෙස ඇත්තේ මුලු ශබ්ධ කෝශයටම එක වචනයකි. එහි තේරුමද කෛරාටික යන්නය.

"හෙලදිවේ ආදී උරුමකරුවන් කොටසක් වූ යක්ඛ වංශිකයන්ගේ භාෂාවෙන් දඹ යනු ජලයට කියූ නමකි"
එසේ හෙයින් ජලයෙන් වටවූ දිවයින දඹදිව නම් විය.
(රවිශෛලාශ වංශ කතාව- මානෑවේ විමලරතන හිමි)

"දඹදෙණි රට වනාහී පෙර දඹදිවට සලකුණු වූ දඹ අතු පල හා සෑදූ හෙයින් නන්ද,කකුසද,කෝණාගම,කාශ්‍යප,ගෞතම යන සතර බුද්ධානටයෝ මනම්පෙරළි පැවති හෙයින්ද පලමු රහත් භික්ශූන් එහි ගල් මුදුනේ වැඩහිද දඹ වැලදූ හෙයින්ද......"

(රාවණ රාජාවලිය සහ උපත් කථා- මහාචාර්ය ගණනාථ ඔබේසේකර)
මෙයටම සමාන වූ දඹඵල හා සම්බන්ද කථාපුවතක් ත්‍රිපිටකයෙන්ද සොයා ගත හැක.
( ජන්බුද්වීපය අන් ආගමික සංකල්ප සමග විසදා ගැනීමට මීට පෙර ලියා ඇති ජන්බුද්වීපයේ ලිපියේ සදහන් ග්‍රන්ථය පරිශීලනය කරන්න.)

මේ අනුව පැහැදිලිවන්නේ කුමන හෝ පදනමක් මත දඹදිව ලෙස හදුන්වා ඇත්තේ හෙලදිව බවයි.

නැවතත් පස්මහ බැලුම් දෙසට අවධානය යොමු කලොත් සිදුහත් බෝසතානන් වහන්සේ පස් මහ බැලුම් බලා උපත ලබා ඇත්තේ තමන්වහන්සේ බුදුබවට පත්ව දේශනා කරන ධර්මය අවුරුදු 300ක්වත් නොපිහිටන රටකය(ඉන්දියාවේ නම්). එනම් පරම්පරා තුනක් හෝ හතරකි. මන්ද අශෝක රජු ඉන්දියාවේ පහල වන්නේ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 218 කට පසුය. එය දීපවංශයේ සදහන්ව ඇත. නමුත් අශෝක කාලිංග කාවේරි නදිය ආශ්‍රිත ප්‍රදේශයට එන විට එකදු භික්ශුවක්වත් දැක නොමැත. බුදුන්වහන්සේ ඉන්දියාවේ පහා වීනම් රහතන් වහන්සේලා දහස් ගනින් වැඩ සිටිය යුතුය. ඒ භික්ශු පරම් පරාවල් ඉන්දියාවේ තිබිය යුතුය. සාසන ඉතිහාසයේ කියන පරිදි අශෝක රජ වීමට පෙර සංගායනා දෙකක් පවත් වා ඇත. සම්මත පිලිගැනීම ඒවා ඉන්දියාවේ පැවැත්වූ බවයි. ඒ නිසා සාසනය බුද්ධ පරිනිර්වානයෙන් පසු අතුරුදහන් වූවා යැයි කිව නොහැක. එසේනම් එකල සිටි භික්ශූන්වහන්සේලාට කුමක් වීද? ධර්ම පුස්ථකයන්ට කුමක් වීද? ඒවා ඉන්දියාවේ තිබුනේ කුමන විහාර තුලද? ඉන්දියාවේ භිශූන්වහන්සේලා වැඩ සිටියානම් උන්වහන්සේලා වැඩ සිටි එකදු විහාර ආරාමයක් හෝ ඉන්දියාවේ තිබිය යුතුය. බෝසතානන් වහන්සේ පස් මහ බැලුම් බලා උපත ලබන්නේ ගෝතම බුදුන්වහන්සේගේ සාසනය අවුරුදු 300ක්වත් නොපවතින රටකද? දිය පිට ඇදි ඉරක් සේ සාසනය ඉන්දියාවෙන් ඉවත් වූයේ කෙසේද? දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට නොනැවැත්විය හැකි ලෙස බුදුන්වහන්සේ පෙරලා යැවූ දම්සක නැවැත්වීමට ඉන්දියාවට අවශ්‍ය වී ඇත්තේ අවුරුදු 300කටත් අඩු කාලයකි. මෙසේ සානනයක් කිසිදු සාධකය්ක් නොමැතිව එකවරම අතුරුදහන් විය හැකිද? මේවා විසදීමට ඔබටම භාරය.

එහෙත් බුදුන්වහන්සේගේ පහල වීම ගැන හෙලදිවට හිමිවන්නේ අහසින් පහල වූවක් නොවේ. අන් රටවල් පවා තමන්ගේ ඉතිහාසයන්හි සදහන් කර ඇත්තේ බුදුන්වහන්සේගේ පහල වීම සිදු වී ඇත්තේ හෙලදිව බවයි. එමෙන්ම එම පූජනීය ස්ථාන එදා සිටි රජදරුවන් හා මහජනයා වැද පුදාගත් බවටද විහාර අස්න සාක්සි දරයි. බුදුන්වහන්සේ හා සම්බන්ධ සිදුවීම් වලදී ජන්ප්‍රවාද හරහා ගම් හා නගර වල නම් නිර්මානය වූ ආකාරයත්. බුදුන්වහන්සේ ඇතුලු භික්ශූන්වහන්සේලාට පූජාකල විහාර ආරාමයන්ද හෙලදිව තුල තවමත් ඉතිරිව පවතී. හෙලදිවට අතීතයේදී කොතරම් ආක්‍රමන ආවත් හෙල බෞද්ධ පොත පත අදහස් ගනනින් විනාශ වූවත් තවමත් බුද්ධෝත්පත්තිය තහවුරු කරන සාධක හෙලදිව තුල පවතී.නමුත්  ඉන්දියාවේ ඉතුරුව පවතින්නේ මොනවාද?



3 comments:

  1. The pali term dipa is Sanskritized as dvipa (Island). Its Tibetan equivalent is also island (glih). The term dvipa denotes a land (pradsesa) either in the river or in the ocean which is limited by water (udakaparicchinna). Haribadra commentator on the Astasahasrika also find it as a place limited by water (udaka – pariksipta- sthala). (AAV. P. 600). With the Chinese literature the term dipa has been translated as both lamp light and island. In Diganikaya (atta dipaviharatha) and also in the Pali Dhammapada, where dipa meant island. Atta –dipa in the Buddha’s last words mean an island in the great ocean (mahasamugatam dipam). Atta is a snnoym of dipa, tana, lena, gati, parayana, patitittha allof which mean ‘a resting place’ modifying island, (Linguistic Approach to Buddhist Thoughts p 60, 61, 62)

    ReplyDelete
  2. ඇතැමුන් කියන පරිදි බලන්ගොඩ ආනන්ද හිමිට ධ්‍යාන බලයක් තිබු බව නොදනිමි. උන් වහන්සේ ඇස් operation කරන්නට පෙර එම operation එක සාර්ථක වෙයි ද කියා ඉන්දියාවේදී සායි බබා ගෙන් අසා තිබුණු බව උන් වහන්සේගේ පොත් වලම සඳහන් වේ, බුදුන් වහන්සේගේ උපන් දිනය සහ කේන්ද්‍රය දැන ගන්නට දකුණු ඉන්දියාවේ නාඩි ශාස්ත්‍ර කරුවන් හමුවන්නට ගොස් තිබුණි මේවා ගැන ලියා තිබුනේ උන් වහන්සේගේ පොත් වල මයි. ඒ අනුව උන් වහන්සේට දිවසින් යමක් පෙනුනා දැයි සැක සිතේ

    ReplyDelete
    Replies
    1. කරුනා කර ඉහත පොත ලබා ගන්නා ක්‍රමයක් දන්වන්න..පිං

      Delete