Tuesday, July 31, 2012

මාගධී නිරුක්ති (හෙල මාගධී 2 කොටස)

මාර්ගාධීගමනය සදහා සැකසුනු හෙල මාගධී පිලිබද සුලු හෝ අවබෝදයක් මීට පෙර ලිපිය මගින් ලබන්නට  ඇතැයි සිතමි. මේ ලිපිය සම්පූර්ණයෙන්ම වෙන්වන්නේ හෙල මාගධී අක්ශර හදුනා ගැනීම සදහාය. ඇතමුන්ට මහත් ගැටලුවක් වී ඇත්තේ තනි අකුරකට දීර්ඝ විග්‍රහයක් කරන්නේ කෙසේද යන්නයි. හෙල මාගධී විශේෂ වන්නේ එම නිසාමය. ඔබ පාරේ වාහනයක් පදවන් යනවිට මාර්ග සඤ්ඤා දැක ඇත. ඒ එක් පුවරුවක් දු‍ටු විගස එහි අර්තය ඔබට නිසැකයෙන්ම වැටහෙනු ඇත. නමුත් එහි ඇත්තේ යම් රූපයක් හෝ සංකේතයක් පමනි. කිසිදු විස්තරයක් නොමැත. එම සංකේතය දු‍ටු විට එහි අර්තය මෙයයැයි පෙර ඇසූ විස්තරය හා සසදාබලා තේරුම් ගැනීම ඇති හැකියාව හා එක අකුරකට පැහැදිලි කිරීමක් එන ආකාරය පිලිබදව ඔබ මොහොතක් හෝ සිතා බැලුවාද? තවමත් එසේ සිතන්නට කාලයක් නොතිබුනි නම් දැන් ඒ සදහා කාලයයි.
කකුසද බුද්ධකාලීන අභය රජුගේ ලෙන් -රංකිරිමඩ-


ලංකාවේ අක්ශර කලාව පිලිබදව සලකා බැලිමේදී ඇතමුන් පවසන්නේ මිහිදු හිමියන් ලක්දිවට අක්ශර කලාව ඉන්දියාවේ සිට ගෙන ආ බවයි. නමුත් එය වර්තමානයේ ඉස් මුදුනින්ම බැහැර වූ කරුනකි. හෙලදිව අක්ශර කලාව කකුසද බුදුන්වහන්සේගේ කාලයේ සිට පැවත ආ බවට නූතනයේ සාධක හමුවී තිබේ. එවැනි ඉතිහාසයකට නෑකම් කියන හෙලදිවට අක්ශර ලැබුනේ ඉන්දියාවෙන් යැයි කීම කිනම් හාස්‍යයක්ද. හෙල මාගධී අක්ශර පිලිබද සලකා බැලීමේදී එහි නිර්මානකරුවන් පිලිබද ගැටලුවක් පැන නගී.හෙල මාගධී අක්ශරවල නිර්මාණකරුවා පිලිබදව නිශ්චිත පුද්ගලයෙකු සොයා ගැනීමට මා අපොහොසත් වූ අතර හෙල මාගධී සඤ්ඤාවන්හි නිර්මාතෘන් ලෙස හෙලදිව අතීතයේ ජීවත්වූ සෘෂිවරුන් වහන්සේලාව නම් කර තිබෙනු ස්ථාන කීපයකම දැකගැනීම හැකිවිය. එහෙත් නිශ්චිත නමක් සදහන් කර නොතිබුනු අතර පුලස්ති සෘෂිවරයාද මේ සදහා දායකත්වයක් ලබාදී (ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කල අක්ශරවල මෑතකාලීන නිර්මාතෘ) ඇති බව ඇතැම් මත ඉදිරිපත් කර තිබුනි. මාගධී භාෂාව ගත්කල එය සියලු බුදුවරයන් වහන්සේලා භාවිතාකරන භාෂාව ලෙස හදුන්වනු ලැබේ. ජන්බුද්වීපයේ පහල වූ ගෝතම බුදුන්වහන්සේ පමනක් නොව අතීතයේ වැඩසිටි සියලු බුදුවරයන්වහන්සේලා තමන්වහන්සේලාගේ දේශනා පැවැත්වීමට යොදාගන්නා ලද්දේ මාගධී භාෂාවයි. එසේම විශ්වය පුරා විසිරී පවතින සියලුම චක්‍රාවාට ඇසුරු කරගෙන පහල වන බුදුරජාණන් වහන්සේලා තමන්වහන්සේලාගේ දේශනා පැවැත්වීම සදහා යොදාගන්නේ මාගධී භාෂාව බව ඉතා ප්‍රසිද්ධ කරුනකි. මාගධී යනු එතරම් පූජනීය වූ භාෂාවකි.මේ අතර අපට වැදගත් ඉගියක් නාසා අයතනය විසින් සපයා තිබුනි. නාසා ආයතනය විසින් පසු ගිය කාලෙය පෘතිවි වාසීන්ගේ භාෂා ඇතුලත් කරමින් අභ්‍යවකාශයට සාම පණිවිඩයක් යවන ලදී. එහිදී එම පටිගත කිරීමේදී දෙවනියට ඇතුලත් කර තිබුනේ සිංහල භාෂාවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ සිංහල භාෂාව පිටසක්වලින් පැමිනි භාෂාවක් ලෙස ඔවුන් විශ්වාස කරන බවයි. විශ්වය පුරා විසිරී පවතින මාගධී දේශනා හා සමීපතම භාෂාව සිංහල භාෂාවයි. සිංහල භාෂාව වැනි අඩු පිරිසක් භාවිතාකරන භාශාවකට දෙවෙනි තැන දීමට හේතු වූ කරුනු දන්නේ නාසා ආයතනයම පමණි. ඇතැම් විට මෙය පිලිබදව ඔවුන් දන්නවා විය හැක.අන්තර්ජාලයේ විශ්ව සියපත නමින් කල විග්‍රයයකදී ඇමරිකා එක්සත්ජනපදයේ එක් විශේෂිත ප්‍රදේශයක් (AREA 51) පිලිබදව වැඩි අවධානයකට යොමු කරමින් පැහැදිලි කිරීමක් කල අතර එහි සියලු විස්තර පිලිබද සහතික වීම් දිය නොහැකි වුවත් නිදෝක් හා තත්තාගත වැනි ශ්‍රාස්තෘවහන්සේ කෙනෙකු හැදින්වීමට යෙදූ නාමයන් පිලිබද  නැවතත් සිතා බැලිය යුතුය.

මෙවැනි දේ විසදිමට අදාල පුද්ගයන්ට සිත් පහල වේවා පතමින් නැවතත් මාගධී අක්ශර දෙසට යොමු වෙමු. පුරාණයේ පටන් හෙලදිව අක්ශර කලාවන් කීපයක් පැවති බව භාවිතා වූ බවට සාධක ඇත. එයින් දැනට අක්ශර ත්‍රිත්වයක සාධක හමුවේ. ඒවා පිලිබදව එකින් එක විස්තර කර පෙන්වීම අපට අදාල කරුනක් නොවේ. එම අක්ශර වලින් එක් කලාවක් ගල්වල ලේඛන ගත කිරීම් සදහාත්. අනික පොත්පත්වල ලිවීම සදහාත්. තවත් අක්ශර කලාවක් යක්ක භාෂාවේත් තිබී ඇත. මේවායේ සාධ තිබුනත් වැඩි ප්‍රසිද්ධියකට පත්වී නොතිබෙන්නේ ඉන්දියාවෙන් අක්ශර ආවායි කියන මතය උඩුදුවා තිබූ නිසා විය හැක. මෙම ලිපියේ අරමුණ මාගධී පිලිබද විස්තර කිරීම නිසා ඒ සදහා අවධානය යොමු කිරීමට කැමතිය. බොහෝ දෙනෙකු වචනයක් නිරුක්ති කල විට එම අක්ශර වලට වෙනත් තේරුම් දෙමින් අමුතුම ආකාරයේ නිරුක්ති ඉදිරිපත් කරමින් මෙම නිරුක්ති කිරීම විනෝදයක් කර ගනී. නමුත් හෙල මාගධී ශබ්ද සඤ්ඤා සදහා ආවේනික නිරුක්ති කිරීමේ ක්‍රමවේදයක් ඇත.එය එක්තරා ක්‍රමවේදයක් යටතේ සිදුවන්නකි. එයට නිදසුනක් ලෙස මෙය දැක්විය හැක. මහා මාර්ගයේදී එක් මාර්ග සලකුනකට හිමිවන්නේ එක් අදහසක් පමනකි. විනෝදය තකා එම මාර්ග සලකුනු සදහා තමාට කැමති අදහස් දීමට ගිය විට සිදුවන්නේ මාරක රිය අනතුරකට මුහුන දීමට හෝ දඩ මුදලකට යටත් වීමටය. මහාමාර්ග ගමනාගමනයේ එසේ උවද සංසාර ගමනේ එසේ වුවහොත් ප්‍රථිපල ඊට වඩා බොහෝ භයානකය. නොදැනීම නිසා මෙතෙක් කල් නිරුක්ති කිරීම විනෝදය සදහා යොදා ගත්තද නිරුක්ති පිලිබද අවබෝදය ඇත්තෙකු එම අමුතු ආකාරයේ නිරුක්ති දු‍ටු විට පෙනෙන්නේ ඒවා කියන පුද්ගලයන්ගේ සැබෑ ස්බාවය මිස වෙන කරුනක්නම් නොවේ. හෙල මාගධී පිලිබද මෙසේ විස්තර කිරීම් සිදු කිරීමට සිත් වූයේ කෙනෙකු අපහසුතාවයට හෝ විනාශයට පත්වනවා දැක සතු‍ටුවන පහත් ගති පුරුදු නැති නිසාමය.

හෙල අක්ශර ශබ්ද සඤ්ඤා කොටස් දෙකකින් යුක්ත කොට නිර්මානය කර ඇත. ඒවා පණකුරු හා ගතකුරු යනුවෙන් හදුන්වා දී තිබේ. මෙයින් පෙන්වා දෙනු ලබන්නේ බාහිර හා අභ්‍යන්තර ලෝකයයි.ගතකුරු බාහිර ලෝකය වශයෙන් ද පණකුරු අභ්‍යන්තර ලෝකය වශයෙන්ද පෙන්වා දිය හැකිය. මෙයින් පෙන්නුම් කලේ ධර්මයට අයත් ප්‍රධාන සිද්ධාන්තයයි.

හෙල සඤ්ඤාවල පණකුරු වශයෙන් පෙන්වාදෙන අක්ශර මෙසේය.

  • අ 
  • යනුවෙනි.


අනෙක් ඉතිරි අක්ශර සියල්ල ගතකුරු වෙයි. ඒවා තනිකර උච්චාරණය කිරීමට අපහසුය. එම අක්ශර ශබ්ද සඤ්ඤා උච්චාරණය කිරීම සදහා පණකුරු එකතු වීම සිදුවිය යුතුය. මේ සියලු අක්ශර නිර්මාණය කොට ඇත්තේ මුඛය හා නාසය හා එයට සම්බන්ධ කොටස්වලින් ශබ්ද වන ආකාරයෙනි. එය ද නිර්මාණය කල බවට මනා වූ සාධකයකි. එපමනක් නොව මේ අක්ශර සියල්ලම චිත්‍රයක ස්වරූපයෙන් ගොඩනගා ඇත. මේ සියලු අක්ශරවලින් ධ්නිත වන යථාර්ථය ධර්මානුකූලව සකසා ඇත. එම නිර්මාණාත්මක අගය වටහාගත් විට මෙය විශ්වදායාදයක් බවට දැන දැක ගැනීමට පුලුවන.

මුලින්ම පණකුරු හදුනාගැනීම අවශ්‍යය. පණකුරු එකින් එක මෙසේ හැදින්වීමට හැක.


මගධී ශබ්ද සඤ්ඤා රූපයන්හි පලමු රූපය වන්නේ අ යන්නයි. අයන්න අනන්තය. අයන්න ප්‍රමාණය .අයන්න අනේකාකාරය. මෙම කොටසට අයත් අයන්නේ විග්‍රහය බුද්ධ විෂයට අයත් වෙයි. ඒ පිලිබද විග්‍රහයක් සාමාන්‍ය පුද්ගලයෙකුට කල නොහැකිය. එතරම් ගැබුරු විෂය පථයක් ඉහත සදහන් අ යන්නට සම්බන්ධව පවතී. අ යන්න නිවැරදිව හදුනා නොගත් නිසා ම බුද්ධ උරුමය ඉන්දියාවට සම්බන්ධකර පෙනවා දෙයි. එබදු වැරදි අදහස් දක්වන උදවිය අ යන්නේ පටන් නැවත ඉගෙන ගත යුතුය. එවිට යමක් තේරුම් ගැනීමට පුලුවන් වෙයි. එසේත් නොතේරෙන්නේ නම් දිසාපාමොක් ඇදුරුතුමාගේ උපදේශනය ආදර්ශයට ගෙන විමසා බැලිය යුතුය.
   අ යන්න අත්තිවාරමය.
   අ අන්න අම්මාය
   අ යන්න අප්පාය

   අයන්නෙන් අවුත්
   අයන්න අත්විදිමින්
   අයන්නේ අනෙක් අත්බැව් සදහා යන ගමන අයන්නේ තිපරිවට්ටයයි.

   අයන්නෙන් අවුත්
   අයන්න අත්විදිමින්
   අයන්න හදුනාගෙන
   අයන්න අත්හැරීම අයන්නේ නිවීමයි

අයන්න ආරම්භවන්නේ අපට දැකිය නොහැකි සූක්ශම අංශුවකිනි. එයතිතක් ලෙස පෙන්නුම් කලහොත් එහි ආරම්බය එතැන පටන් පථයක් දිගේ භ්‍රමණය සිදුවෙයි. ඊලගට පෙන්නුම් කරන ලක්ශනය වන්නේ රමණයයි. ඊලගට වට්ටයකි. එය උ යන්නට සමාන හෙයින් උන්දෑ බවට පත්වෙයි. උන්දෑට කොඩිය දමන්නේ අප්පාය. එහෙයින් ඊලගට අප්පා ඇතිවෙයි. මේ අනුව සාරාසංකේ‍ය කල්ප ලක්ශයක් මුලුල්ලේ ඉගෙන ගත් අයන්නෙන් අරි අටහි මග නිරාවඤානයෙන් පෙන්වා දුන් බුදු දහම මේ 'අ' යන්නේ පටන් සියලු මාගධි ශබ්ද සඤ්ඤා ඉසිවරුන් විසින් නිපදවන ලද දහම් රූපයෝ වෙති. ධර්මය මෙන්ම මෙම රූපයෝද කාලයෙන් කාලයට බිහිවන විශේංඅඤයන්ගේ දැක්මට හසුවන්නකි.

ධර්මයේ දැක්වෙන රූප කොටසට ඇතුලත් ආරම්බක මාගධී ශබ්ද සඤ්ඤාව වන්නේ 'අ' යන්නයි. මෙමගින් කෙරෙන ධර්ම විග්‍රහය බලන විටම රාග, ද්වේශ,මෝහ ඇවෙස්සෙන පිරිසක්ද මේ ලෝකයේ ජීවත් වෙති. ඔවුන් එදා ජීවත් වූ උළාරා,මඣිමා,නීචා යන කොටස්ය. මේ අවුල ඇති කිරීමට පාලි භාෂාව නිර්මාණය කලෝ බමුණෝය. එපමනක් නොව බුද්ධ ධර්මය කැටි කල පෙල විග්‍රහ කල හෙල අ‍ටුවා ගිනි තැබූ බමුණන් ද මේ විග්‍රහයන් දක්න විට රත්වී ඇවිස්සී එනවාට කිසිම සැකයක් නැත. ඒ පිරිස් තෙරුම් ගැනීමට හොදම ලක්ශනය වන්නේද ඔවුන්ගේ ඉහත කී ලක්ශණ ඇවිස්සී ඒමයි. ඒ ගැන උපේක්ඛාවෙන් බලා අනිච්ච, දුක්ඛ, අනත්ථ හෝ මෙත් ගුණය වඩන ලෙස මෙහි දී විශේෂයෙන් මතක් කරමු.


ආ යන්න යනු රූපයේ දෙවෙනි අවස්ථාවයි. එනම් පරිහරණයේ ආරම්බක අවස්ථාවයි. මෙයින් පෙන්නුම් කරනු ලබන්නේ දෙකක් එකට ගෑවීමයි. එනම් ඝට්ඨනයයි. එය වේදනාව යනුවෙන් දැක්වෙයි.
වේදනා යනු වට්ඨවීම නිසා ජරාවෙනුත් ජරාව උරුම කරගන්නා වූ 'ආ' නමය පරිහරණය කිරීමේ ආරම්භයයි. මෙයින් පෙන්නුම් කර ඇත්තේ ශබ්ද සඤ්ඤා තුනකි. දීර්ඝ විවරණයක කැටි කර පෙළ ගැස්සීමකි. හෙල අ‍ටුවාවලින් කර තිබුනේ  මෙයයි. හෙල අ‍ටුවා විනාශ වීමත් සමග මේ විග්‍රහය අතුරුදහන් විය. මේ නිසා ධර්මය අනුගමනය කිරීමේ ආර්ය මාර්ගය වැසුනි.


ඇ යනුවෙන් පෙන්වා දෙන්නේ තෙවන අවස්ථාවයි. එය සඤ්ඤා යනුවෙන් විවරණය වෙයි. මෙය සයාකාරය එකිනෙකට අඤ්ඤ මඤ්ඤ වීමයි. එනම් ඤාති වීමයි. එකිනෙකට ඤාති වීමේ ස්වරූපය "ඤ්ඤා" යන ශබ්ද සඤ්ඤා දෙකේ බන්ධනයෙන් අර්ථ ගන්වයි.


ඈ යන්නෙන් පෙන්නුම් කරන්නේ හතරවන අවස්ථාවයි. එය ඈත්වීමේ අර්ථය පණ ගන්වයි. සංඛාර යනු ඈ යන්නට සම්බන්ධ කර පෙන්වා දෙයි. පැටලීමෙන් කලු කාරම් බවට පත්වී කිලිටිවීමේ අර්ථය මින් පැහැදිලි වෙයි. මෙය පස්ස වේදනාවෙන් රමණයෙන් ඈත් මෑත් වීමයි.


ඉ යන්නැන් පෙන්වා දෙන්නේ විඤ්ඤාණ වී ඉපදීමයි. විඤ්ඤාණ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ විසන්ධි වී විකාශනය සදහා තවත් නමයක හට ගැනීමකි. වෙන් වී ඉපදීමේ ස්බාවය මෙයින් පෙන්නුම් කෙරේ. ඉ යන්නේ පිහිටීමද එයට අනුගත අයුරින් සැකසී ඇත.


මෙය ශබ්ද සඤ්ඤාවෙන් පෙන්නුම් කෙරෙන්නේ නාම රූප බවට පත්වීමයි.නාම රූප යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ නමයෙන් ආ මම රූපයක් ලෙසට පත්වූ බවයි.


උ යන්නෙන් අදහස් කෙරෙන්නේ සයාකාරයෙන් ආයතන පිහිටා අග පසග ඇති වූ බවයි. එයට සලායතන යයි හදුන්වා දෙනු ලැබේ.


ඌ යන්නෙන් පිලිබිඹු වන්නේ බව යන්නයි. බව යනු බර වී වට්ටවීමයි. එනම් උප්පත්තියක් සදහා කර්ම සකසා ගැනීමයි.


එ යන්නෙන් අදහස් වන්නේ ජාති යනයි. ජාති යනු ඒ ඒ ජාතීන් හී තුනක් අත්කරගෙන එළියට ඒමයි.


ඒ යනු ජරාව උරුමකර ගැනීමයි. ජරා යනු ජන්මය නිසා රමණයේ දුක සැප භුක්ති විදීමයි.


ඔ යනු මරණයයි. මරණය යනු මම අත්කරගත් රමණයේ,නමයේ නපුරයි.


ඕ යනු සෝකයයි. සයාකාරයෙන් අත්කරගත් අවසාන ඵලයයි. එනම් ඕගයයි.

පණකුරු මෙසේ කෙටියෙන් විග්‍රහ කල හැකි අතර ගතකුරක්  සදහා පනකුරක් එකතුව වීමෙන් ශබ්ද සඤ්ඤා හට ගනී. එවැනි ශබ්ද සඤ්ඤා කීපයක් නිදසුන් ඇසුරින් හදුනා ගැනීම මාගධී නිරුක්ති පිලිබද පැහැදිලි අවබෝදයක් ලබා ගැනීමට හේතුවනු ඇත.


ප යනු ගතකුරකි. එයට පණකුරු එකතු වීමෙන් ශබ්ද සඤ්ඤාවක් බවට පත්වේ.
ප්+අ = ප යනුයි. මෙය රූපයකි. මෙම රූපයෙන් පෙන්නුම් කර ඇත්තේ මුලු මහත් ලෝකයේ ආරම්භයයි. මෙය අතිසූක්ශම පරමාණු පුපුරායාම අටකට පුපුරා ගිය බවට පඨවි යන්නෙන් විග්‍රහ වෙයි. ඒ අනුව අටකට පුපුරා විසන්ධි වී ඉපදීම මෙම විග්‍රහයෙහි ඇතුලත් ව තිබේ. මෙසේ සිදුවීම නිසා වූ ඝනීභවනීය ස්බාවය ප්‍රාණවත් රූපයක් බවට පත්වීම "ප" යන රූපයෙන් පෙන්වා දෙන්නේ පඨවි ගුණයයි.
ප+අ පුපුරා යෑමේ ඵලය වන්නේ ජ+අ බවට පත්වීමයි. මෙය උපතක ආරම්භයයි. මෙම උපතේ ආරම්බයත් සමග ම එයට මමෙක් ඇතිවෙයි. එම මමත්වයේ නිර්මාණය 'ම' යන්නෙන් මනාව පිලිබිඹු වෙයි. එම 'ම' යන්න 'ප' යන්නත් සමගින් නිර්මාණය වී ඇත්තේ විශ්වය හා මමත්වය පෙන්නුම් කිරීම සදහාය.


මේ අනුව 'ම' යන්නෙ ස්වරූපය ද 'ප' යන්න සේම ගත යුතුය. 'ම' යන්න 'ප' යන්න ආදී ගතකුරු සියල්ලම පණකුරු බවට පත්වන්නේ ඉහත කී අයුරිනි. 'ම' යන්න යනු ලෝකයයි. තිත,බ්‍රමණය,රමනය,වට්ටය මේ මයන්න තුලින් නිර්මාණය කොට ඇත. මේ අනුව ලෝකයේ නිර්මාණය 'ම' යන්න මගින් ඉතා තියුණු සේ පෙන්නුම් කොට ඇති බව ප්‍රත්‍යක්ශ වෙයි.
'ම' යන්නේ රූපාදදි දොලොස් ආකාරය දැක්විය හැක්කේ මෙසේය.
1ම්+අ=ම
  ම යනු රූප සඤ්ඤාවකි.
2ම්+ආ=මා
  මා යනු වේදනා සඤ්ඤාවකි.
3ම්+ ඇ=මැ
  මැ යනු සඤ්ඤා සඤ්ඤාවකි.
4ම්+ඈ=මෑ
  මෑ යනු සංඛයා සඤ්ඤාවකි.
5ම්+ඉ=මි
  මි යනු විඤ්ඤාණ සඤ්ඤාවකි.
6ම්+ඊ=මී
  මී යනු නාම රූප සඤ්ඤාවකි
7ම්+උ=මු
  මු යනු සලායතන සඤ්ඤාවකි.
8ම්+ඌ=මූ
  මූ යනු බව සඤ්ඤාවකි.
9ම්+එ=මෙ
  මෙ යනු ජාති සඤ්ඤාවකි.
10ම්+ඒ=මේ
  මේ යනු ජරා සඤ්ඤාවකි.
11ම්+ඔ=මො
  මො යනු මරණ සඤ්ඤාවකි
12ම්+ඕ=මෝ
  මෝ යනු සෝක සඤ්ඤාවකි.

කුඩා කාලයේ සිට අප විසින් කෙරෙන උච්චාරණය වන්නේ 'ම්' යන්නයි. පසුව 'අම්' බවට පත් වෙයි. ඊලගට 'අම්ම' යන්න අවසානයේදී 'අම්මා' බවට පත්වෙයි. ප් යන්නද එසේ සිදුවී අප්පා බවට පත් වෙයි.
මම යන පුද්ගලයෙකු උපන් මොහොතේ පටන් මම අත්විදිමින්,අනෙක් අත්බැව් මම සදහා අත්තිවාරම දමමින් යන ගමන අත්හැර මිදී නිදහස් වීම නිවනයි. එය 'අම' ලංකර ගැනීමයි. මේ අනුව ස්ංසාර පැවත්ම හා නැවත 'ම' ත්‍රිපිටකයෙන් පෙන්වා දෙන අයුරු තේරුම් ගැනීමට නම් හෙල මාගධී ශබ්ද සඤ්ඤා පිලිබදව ධර්මානුකූල අර්ථ ධර්ම නිරුක්ති නිසිසේ වටහා ගත යුතුය. හෙල අ‍ටුවා මගින් විග්‍රහ වී තිබුනේ පෙලේ සදහන් මෙම මාගධි ශබ්ද සඤ්ඤා විග්‍රහයයි.මෙම විග්‍රහය අවබෝද වනවිට පෙල තනිකරම සිංහල බව තේරුම් යනු ඇත.එවිට බුද්ධ භාෂිතය කෙබදු දැයි වටහා ගත හකි ය.


මාගධී නිරුක්තිය තවදුරටත් පැහැදිලි කර ගැනීම සදහා නිදසුන් කීපයක් අර්ථදක්වා පෙන්වා දීමට කැමතිය.

බුද්ධ
බ්+උ=බු
ද්
ධ්+අ=ධ
මෙහි බ යන්නෙන් පැහැදිලිවන්නේ බරවීමට ඇති හැකියාවයි.එනම් භූමිගත වීමයි. උ යන්නෙන් පැහැදිලි වන්නේ උප්පත්ති වීමයි. මේ අනුව බු යන්නෙන් අර්ථවත් වන්නේ භූමිගත වී උප්පත්තිය වීමයි. ද යන්නෙන් දැක්වෙන්නේ ධර්මතාවයි. ද්ධ යනුවෙන් පෙනෙන්නේ ධර්මතාවයේ ස්ථාවරත්වයෙන් බැදීමයි. ධ යන්නෙන් අදහස් වන්නේ එම පැවැත්මේ දැරීමයි. මෙහි අග අයන්නෙන් කියවෙන්නේ අස්කර දැමීමයි.
මේ අනුව බුද්ධ යන්නෙන් අර්ථවත් වන්නේ භූමිගත වී උප්පත්ති ලැබීමේ ධර්මතා බන්ධන(බව උදුරා විනාශ කර දැමූ) දැරීම කපා අස්කර දැමූ උත්තමයා යන්නයි.

ධම්ම
ධ්+අ=ධ
ම්
ම්+අ=ම
ධ් යන්නෙන් පෙන්නුම් කරන්නේ මමත්වයෙන් දැක්ම හදුනා ගැනීමයි. මෙය ගතකුරක් ලෙස ඉගැන්වෙයි. මෙයට ජීවය  දීමට නම් පණකුරක් එකතු විය යුතුය. ධ්+අ=ධ යන එකතු වීමත් සමග දැරීමට හා දරා ගැනීමට ශක්තිය ලැබේ. අ යන්නේ ශක්තිය අප්‍රමාණ බැවින් අප්‍රමාණ අර්ථයන් ඒ තුලින් ධ් නතිත වෙයි. ඒ අනුව ධ යන්නෙහි දරා සිටීමේ ශක්තිය තහවුරු වෙයි. ම යන්නෙන් පෙන්නුම් කරන්නේ ලෝකයයි. ම යනු දෙකක් එකට සම්බන්ධවීමේ අර්ථය වන්නේ මමත්වයෙන් බැදීමයි. එහි අගට ඇති අයන්නෙන් දැක්වෙන්නේ අල්ලා ගැනීමයි. එයින් ලෝක ධර්මය පෙන්නුම් කරයි. එසේම  ඒ අ යන්නෙන් ම අත්හැරීමද පෙන්නුම් කෙරේ. එයින් පෙන්වා දෙන්නේ බුද්ධ ධර්ම යයි. ධම්ම යනුවෙන් පෙන්නුම් කලේ එබදු වූ අර්ථ පැහැදිලි කිරීමකි.
ඉහත කී ධර්ම විග්‍රහය විනාශ වී යාම නිසා නිවීම ද වැසුණි. මීලගට දැරීම නිසා හටගත් ලෝකයේ පැවැත්මේ ධර්මතාව කුමක් දැයි දැන ගැනීම අවශ්‍ය වෙයි. බාහිර හා අභ්‍යන්තර එකතු කර ගත් කොටස් විඤ්ඤාණ ශක්තියෙන් පණ ගන්වා ගෙන, ලෝකය පරිහරණය කිරීමේ පරණ පුරුද්දට හුරු වෙයි.

ඒ සදහා ඇස ආදී ද්වාර හයෙන් රූපාදී සඤ්ඤාවලට ද අඤ්ඤ මඤ්ඤ වෙයි. මෙහි දී කෙරන රමණය නිසා රාග,ද්වේශ,මෝහ හේතුවෙන් ඇලීම, ගැටීම ඇතිවෙයි. ඇලීම ගැටීම යනු අල්ලාගත් ධර්මතාවයි. මේ සංසාරයේ පැවැත්මයි. මේ සංසාර පැවැත්ම නතරකර දැමීම පෙන්වා දෙන්නේ බුද්ධ ධර්මයෙනි. මේ ඇලීමට ගැටීමට උපේක්ඛාවෙන් යුතුව කටයුතු කිරීම බුද්ධ ධර්මය අනුගමනය කිරීමයි. මේ අනුව පෙන්නා දෙන ධම්ම යන්නෙහි අර්ථය මෙසේ දෙයාකාරයෙන් දැක්වේ.

සංඝ
ස්+අං=සං
ඝ්+අ=ඝ 
ස්+අං යනු සයාකාරයේ පැටලීමයි. මෙහි අර්ථය වන්නේ ඇස,කන ආදී ද්වාර හයෙන් රූප,ශබ්ද,ආදී සඤ්ඤාවල පටලැවීමයි. මෙය මහත් වූ ඝට්ටනයක් බව 'ඝ' යන්න යෙදී තිබීමෙන් පෙනේ. පටලැවිල්ලේ දරුණුකම ඉන් ධ්වනිත වෙයි. මේ අවසාන 'අ' යන්නෙන් පෙන්වා දෙන්නේ එම ඝට්ටනය අවසන් කල බවයි.
මේ අනුව සංඝ යන්නෙන් පැහැදිලි වන්නේ සයාකාර පටලැවීමේ ඝට්ටනය ගසාදමා අවසන් කළ උත්තමයා සංඝ යනුවෙන් පෙන්වා දුන් බවයි. ත්‍රිපිටකය නිවැරදි ලෙස තේරුම්ගැනීමට නම් මෙම ක්‍රමවේදය අනුගමනය කල යුතුය. එසේ නොමැතිව කිසිවෙකුටවත් බුද්ධ ධර්මය නිවැරදි සේ තේරුම් ගත නොහැකිය. එවිට බුදුරජානණ් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හෙල බස් වහර මාගධී ශබ්ද සඤ්ඤා බවට වටහාගනු ඇත.


නමෝ තස්ස භගව‍තෝ අරහ‍තෝ සම්මා සම්බුද්ධස්ස යන්නද මේ ආකාරයෙන් විස්තර කල හැක.

නමෝ

මෙහි 'න' යන්නෙහි අර්ථය වන්නේ නමය යන්නයි. නමය බාහිර හා අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකි. බාහිර නමය ලෙස සැලකෙන්නේ භෞතික ලෝකයයි. එය රූප ලෝකය වශයෙන් හැදින්වේ. සාගර,පර්වත ආදී අවකාශ ලෝකය රූප ලෝකයට අයත් වෙයි. මෙම රූප ලෝකය ගොඩ නැගී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ,රස,ඕජා, යන මූලයන් ගෙනි. මෙහි ඇති පථවි ගුණය නිසා රූපයක් වෙන්ව හදුනා ගත හැකිය.
මෙසේ බාහිර ලෝකයෙන් වෙන් වූ ඝනීභවනීව වූ රූපයට ජීවය ලබාදෙන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සලායතන, බව,ජාති යන ජීව ගුණයෙනි.
'මෝ' යනු ම්+ඕ=මෝ යනුයි. ම් යන ලෝකයට ඕ ඇතුලුවීමෙන් දෘශ්ඨිය මෝහනය වෙයි. ඒ අනුව ඕ යන්නෙන් අදහස් වන්නේ ඕගයක්,මුලාවක් බවයි.
මේ අනුව නමෝ යන මාගධී ශබ්ද සඤ්ඤා දෙකෙන් පෙන්වා දෙන්නේ බාහිර අභ්‍යන්තර ලෝක දෙකෙහි පවතින රූපයන් එනම් තිස් එක් භූමියට අයත් රූප,ඝන වේවා,සියුම් වේවා,දුර වේවා, ලග වේවා, වර්තමානයේ වේවා, අතීතයේ වේවා,අනාගතයේ වේවා,මෝහනය වන මුලාවට පත්වන ඕගයන් බවයි.

තස්ස

මෙහි 'ත' යන ශබ්ද සඤ්ඤාවෙන් කියවෙන්නේ තුන යන්නයි. මේ තුන මොනවාද? ඒවා බාහිර හා අභ්‍යන්තර වශයෙන් දෙයාකාරය. බාහිර තුන යනු ආපෝ,තේජෝ,වායෝ වශයෙනි. අභ්‍යන්තර වශයෙන් රාග,ද්වේශ,මෝහ යනුයි.
'ස්ස' යනු බැදීමකි. මෙම බැදීම පෙන්වා දෙන්නේ ස්වකය සකස් කර ගත් අයුරුයි. එසේ සැකසුනු කයේ පරිහරනය මෙයින් පෙන්නුම් කෙරේ.එයින් ලබන වින්දනය තස්ස නම් වෙයි. එම වින්දනය නැති කර දැමීම ද මෙහි අඩංගු වෙයි. එය නිවීමයි.

භගව‍තෝ

'භ' යන්නෙන් බරවී ඉපදීමද එය භග්නය කිරීමද අර්ථ ගන්වයි. 'ග' යන්නෙන් ඝට්ටනය එකතුවූම පෙන්නුම් කෙරේ. 'ව' යන්නෙන් වට්ටවීම වටකර ගැනීම යන්නට අර්ථ දෙයි. ‍'තෝ' යනු ජරා,මරණ,ශෝක, යන තුන කෙලවර වන ඕගයයි. මෙයින් පෙන්වා දෙන අර්ථය වන්නේ භ නැමැති රූපයේ පටන් ඕ නැමැති සෝක දක්වා ඇතිවන ධර්මතා නැති කරන ලද්දේ වෙයි යනුයි.

අරහ‍තෝ

මෙහි 'අ' යන්නෙහි අල්ලා ගැනීම හා අත්හැරීම යන අර්ථයන්ගෙන් යුක්තය.
'ර' යනු රමණය කිරීමයි.
'හ' යනු ද්වාර හයේ සඤ්ඤා හයයි.
‍'තෝ' යනු තුනෙන් කෙලවර වන ඕගයයි.
මෙයින් පෙන්වා දෙන අර්ථය වන්නේ ද්වාර හයෙන් සඤ්ඤා හය පරිහරනය කිරීම අත්හැර දමා ඕගයෙන් එතර වූ සේක යනුයි.


සම්මා

'ස' යනු සයාකාරයයි
'අ' යනු අයින් කිරීමයි.
'ම්මා' යනු මමත්වයෙන් ගත් වේදනාවයි.
මමත්වයෙන් ගත් වේදනාව අවසන් කල උත්තමයා සම්මා නම් වෙයි.

සම්බුද්ධස්ස

සයාකාරයෙන් ගත් මමත්වය නිසා හටගත් භූමිගත වී උප්පත්තිවීම එනම් රූපයේ පටන් ඇතිවන දැරීමේ ස්වකය පිලිබද සංසාර බන්ධනය සම්පූර්ණයෙන්ම අස්කර දැමූ උත්තමයා සම්බුද්ධස්ස නම් වෙයි.

මාගධී නිරුක්තිය සිදුකරන්නේ කිනම් ආකාරයේ ක්‍රමවේදයකටයැයි ඉහත නිදසුන් මගින් පැහැදිලි වන්නට එතැයි සිතමි. නමුත් සාමන්‍ය පුද්ගලයෙකුට මෙසේ දීර්ඝ ලෙස හා වෙන් වෙන් වශයෙන් නිරුක්ති කිරීමේදී ඇතැම් කොටස් තේරුම් ගැනීමට අපහසුය. ඒ නිසාම නිරුක්ති පෙන්වා දෙන යතිවරයන් වහන්සේලා සියලු දෙනාට අවබෝද වන ආකාරයට සරල ව පැහැදිලි කර සිටී . නමුත් ඇතමුන් ඒ සරල විග්‍රහයන් හෑල්ලුවට ලක්කරනු දැකිය හැකි සුලබ දසුනකි. ඒ අයට මාගධී නිරුක්ති යනු කුමක්දැයි. එහි අදහස් පෙන්නුම් වන්නේ කෙසේද යන්න ඉහත නිදසුන් ඇසුරින් ප්‍රත්‍යක්ශ වන්නට ඇතැයි සිතමි. ධර්මය සරලව හා පැහැදිලිව විස්තර කලේ නැතිනම් එය සාමාන්‍ය ජනයාට අවබෝදකර ගත නොහැක. මාගධී නිරුක්තිය අවබෝද කරගැනීමේ පහසුව පිනිස සරල නිදසුන් කීපයක්ද මෙසේ දැක්විය හැක.

සම්මා = සං+මා 
සං - රාගයෙන්, ද්වේශයෙන් හා මොහයෙන් එකතු කිරීම, උපාදානය කිරීම, අල්ලා ගැනීම
''මා'' මිදී නිදහස් වීම, 
සම්මා දිට්ඨි - සං වලින් මිදීමේ දෘශ්ටිය 

කාලේන= කාලේ + න
කාල,කාලි ආදීයෙන් අදහස් වන්නේ කෙලෙස්.
"න" නැති කිරීම
කාලේන ධම්ම සවනං = කෙලෙස් නැති කරන ධර්ම ශ්‍රවණය

කාලාමා=කාලා+මා
කෙලෙස් වලින් මිදීම


බෞද්ධ = බ+උද්ද 
බව උදුරා දමමින් සිටින 

බණ = බ+න 
බව නසන

විපස්සනා = වි+පස්සනා 
වෙන් කරලා ප්‍රහාණය කිරීම

අනිච්ච=අනි+ඉච්ච
කැමති සේ නොපැවතීම

පටිච්චසමුප්පාදය=පටි+ඉච්ච+සං+උප්පාදය
කැමැත්තෙන් බැදීම නිසා සං උප්පාදය.
හේතුව "පටිච්ච" ඵලය "සමුප්පාද"(සං උප්පාද)

සරා අසංඛ කල්ප = සාර යැයි ගත් සං අසං කර ඛ්ය කීරීමට ගතවූ කාලය

මාගධී අක්ශර හා නිරුක්ති පිලිබදව තවදුරටත් පැහැදිලි කර ගැනීම සදහා අවශ්‍යනම් පමණක් සිව්පිලිඹියාවෙන් යුතු අරහතුන්වහන්සේලා විසින් පවත්වනු ලබන බන ශ්‍රවනය කිරීම කල හැක. 

හෙල ශබ්ද සඤ්ඤා ගැන අවබෝදය ඇති කෙනෙකු සොයා ගැනීම අති දුෂ්කරය. මෙම හෙල හෝඩිය ගැන නිවැරදි අවබෝදයක් ඇති කර ගැනීම හෙල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය කෙසේදැයි බැලීමට හේතුවක් වනු නො අනුමානය. මෙතෙක් කලක් එහි අගය යටපත් වී තිබුනද සාසනයේ නව පිබිදීමත් සමග ජන්බුද්වීපය මෙන්ම හෙල ශබ්ද සඤ්ඤා පිලිබදව හෙලිදරව් වීම විශ්ව දායාදයකි. සත්වයාගේ නිවී සැනසීමට අවශ්‍ය සියලු ධර්මතා ඒ අයුරින්ම ගැබ්ව ඇත. එබැවින් ඒවා පරිශීලනය කල යුතු කාලය දැන් උදාවී හා උදාවෙමින් පවතින බව පෙනේ.

මාර්ග අධිගනමය සදහා යොදාගෙන තිබූ භාෂාව වූයේ අපේ මේ හෙල බසයි. හෙලබසින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර තිබීමේ හේතුව එයයි.බුද්ධ දේශනය ලියා තිබූ ක්‍රමවේදය නිසි සේ අවබෝද නොවීම නිසා වැරදි අදහස් වලට යොමුවූ බව පෙනේ. මේ අනුව ත්‍රිපිටකය ලියා ඇත්තේද පාලි භාෂාවෙන් යැයි මතයක් ගොඩනගා එයට සුදුසු භාෂාවක් ඇති කෙරිනි. එය මාගධී භාෂාව යැයි ඉන්දියාවට සම්බන්ධ කර පෙන්වා දී තිබුනු.මේ තත්වය මත වැ‍රැදි අවබෝදයකට දීර්ඝ කාලයක් තිස්සේ හෙල ශබ්ද සඤ්ඤා ගොදුරු වී තිබුනි. දැන් මේවා තේරුම් ගෙන විසදාගැනීමට කාලයයි. මාගධී යනු කුමක්ද පාලි යනු කුමක්ද හෙල අක්ශර විකාශය කෙබදුද යන්න පිලිබදව සරල අවබෝදයක් හෝ මේ ලිපි දෙක මගින් ලැබුවා යැයි සිතමි. මෙම පටලැවිල්ලට ප්‍රධාන ලෙස බලපෑවේ අක්ශර ශබ්ද සඤ්ඤා වශයෙන් ගත යුතු අර්ථය පදවලට බෙදා අර්ථ දැක්වීමට යාමෙනි. බුද්ධ ධර්මයේ ගැඹුරු අර්ථවත් භාවය ‍රැදී ඇත්තේ අක්ශර ශබ්ද සඤ්ඤා අනුව තේරුම් ගැනීමෙන් බව ඉතා මැනවින් ප්‍රත්‍යක්ෂ වෙයි. එවිට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ඇත්තේ මළ පාලි භාෂාවකින් නොව හෙල සිංහල ජීව භාෂාවෙන් (වර්තමානයේ භාවිතාවන විකාශනය වූ භාෂාව නොවේ) බව ඕනෑම නැණ'ස ඇති කෙනෙකුට තේරුම් ගැනීමට පුලුවන. ඒ අනුව ත්‍රිපිටකය හෙල ශබ්ද සඤ්ඤා මාලාවෙන් කැටිකර පෙල ගස්සා ඇති අයුරු පැහැදිලි වෙයි. මෙසේ ග්‍රන්ථාරූඪ කල ත්‍රිපිටකය තේරුම් ගැනීමට එම හෙල මාගධී ශබ්ද සඤ්ඤා අක්ශරයන් විග්‍රහ කොට පෙන්වා දී තිබුනේ හෙල අට්ඨකතා මගිනි. එම හෙල අ‍ටුවා පාලිය යැයි හදාගත් භාෂාවකට පරිවර්තනය කලේ දහමට ඇති ආදරය නිසා නොවේ. එය එසේ කල යුතු කාර්යක්ද නොවේ. එහෙම වුවත් ධර්මය මෙන් ම හෙල උරුමයේ අයිතිය ද විනාශ කිරීමේ අටියෙන් ම පාලියට පරිවර්තනය සිදු කොට හෙල අ‍ටුවා ග්‍රන්ථ සියල්ල ගිනි බත් කෙරිනි. මෙසේ සිදු කල විනාශය නිසා අද අපට ධර්මයේ අරුත් සැගවුනි. 


බුදුන්වහන්සේගේ දේශනාව පෙලගස්වා ඇත්තේ අ යන්නෙන් පටන් ගන්නා හෙල අක්ශර වලින්ම බව පැහැදිලිය. එසේම බුදුන්වහන්සේ තමන්වහන්සේගේ දේශනා පැවැත්වීමට භාවිතාකල මාගධීයටද නෑකම් කියන්නේ හෙලදිවයි. ඉන්දියාවට මාගධී සඤ්ඤවලට නෑකම් කියන භාෂාවක් හෝ ලගින් යන භාෂාවක්වත් නොමැත. මෙම කරුන පැහැදිලි ලෙස දන්නේ මාගධී සඤ්ඤ පිලිබද අවබෝදය ඇත්තන්ය. තවත් විශේෂ සිදුවීම වන්නේ ධර්ම දේශනා සදහා මාගධී නිරුක්ති විග්‍රහයන් කරන එකදු හිමිනමක්වත් බුද්ධෝත්පත්තිය ඉන්දියාවට කිසිදා ඈදා නැත. එයට හේතුව සියලු බුදුවරයන් වහන්සේලා තමන්වහන්සේලාගේ දේශනා පැවැත්වීමට යොදාගන්නා හෙල මාගධී හා එහි විකාශනය පිලිබදව උන්වහන්සේලා දැන සිටින නිසාමය.

මෙතෙක් කල් නිරුක්තිය මතු නොවීම නිසා දහමට විවිධ අර්ථ කතන ලැබුනු අතර ඒ නිසාම නිවන් මග වැසී තිබුනි. මුලු බුද්ධ දේශනාවේම තිබූ සං දේශනාව පාලි උපසර්ගයකට පමනක් සීමා වීමය. අනිච්ච වැනි පදයන්ට අනිත්‍ය වැනි තේරුම් දීම නිසා බුදුන්වහන්සේගේ ධර්මය සෘණාත්මක ආකල්ප සහිත දහමක් ලෙස හංවඩු ගැසුනි. කෙලෙස් නැති කරන අර්ථය ‍රැගත් "කාලේන" සදහා වේලාවක් ඈදා ගැනීම නිසා සුදුසු කාලයක් පැමිනෙන තෙක් ධර්ම දේශනා හා ධර්ම සාකච්චා කිරීමට බලා සිටියහ. බව යන්න භවය ලෙස අර්ථ දැක්වීම නිසා නිවන් අවබෝදයට තවත් බාධා විය.මේ සියල්ල සිදුවූයේ පාලි හා මාගධී සඤ්ඤ පටලවා ගැනීම නිසාය. දැන් ඒ සියලු ප්‍රශ්න නිරාකරනය වී ඇත. මාගධී නිරුක්තිය පැහැදිලි වීමත් සමග අපිට අහිමිවී තිබූ දහම නැවතත් අපිට හිමිවිය. සසර පැවැත්ම සදහා දේශනා වෙමින් තිබූ "බහ" පරදවා සසර නැවැත්වීම සදහාවන "බන" දේශනා කරන්නාවූ යතිවරයන් වහන්සේලාගේ සීහනාද ඇසෙන්නට පටන් ගත්හ. එය තවමත් අවබෝදකර ගැනීමට නොහැකි වූ ඇතමුන්ට නිරුක්ති විග්‍රහයන් පිලිබද යම් හෝ අවබෝදයක් ලබාගැනීමට උපකාරයක් පිනිස මෙසේ කෙටියෙන් හෝ අපේ හෙල අ‍ටුවා හා හෙල ශබ්ද සඤ්ඤ පිලිබද විස්තරයක් කරන ලදී.

මේවා නැවත මතුකර පෙන්වන විට නැවතත් රත් වී පුපුරන්නේ අපේ හෙල  අ‍ටුවා විනාශ කිරීමට දායක වූ පරම්පරාවල පුනරාගනමයන් විය හැක. මේවා කියවන විට තමන්ගේ සිතට දැනුනේ මොනවාද යන්න තමතමන්ගේ හෘද සාක්සියෙන් විමසා බැලීම වටී. තාවකාලිකව යටපත් කර තිබූ ධර්මය නැවත ඉස්මතුවන මේ යුගයේ බොරුවෙන් හා වංචාවෙන් මිනිසුන් ‍රැවටූ ඇත්තන් නැවත කිනම් දේ කලද මෙම ක්‍රියාදාමය නැවැත්විය නොහැක. මෙතෙක් කල් අමාමෑනි බුදුරජානන් වහන්සේගේ ජන්ම භූමිය අහිමි කල හා උන්වහන්සේගේ දේශනාව විකුර්ති කිරීමට දායක වූවන් ඇතුලු ධර්මයට එරෙහි වූ සියලු වැරදිකරුවන්ට දඩුවම් විශ්වවිඤ්ඤාණය විසින් යථා කාලයේදී ලබා දෙනු ඇත. ඉතිරිවනු ඇත්තේ පුබ්බේ කථපුඤ්ඤතා හා ධම්මෝ හවේ රක්කති ධම්මචාරීන් පමනි. දැන් කල යුත්තේ අතීතය මතක කර නොපමාව ධර්මයේ හැසිරීමය.



වචනයන්හි අරුත්.
කොඩිය දැමීම
කොඩිය දැමීම ලෙස අදහස් කරනුයේ අහංකාරකම හා උඩගු භාවයයි. හෙල අපේ අක්ශර වලින් මේ බව පෙන්නුම් කොට තිබේ. මෙම හෙල අක්ශර නිර්මානය කලේ පුරාණ සෘෂිවරු සියලු අක්ශර හල් කිරීම යෙදීමෙන් පෙන්නුම් කලේ එයයි. නිදසුන් වශයෙන් න්,ල්,ද් ආදී......

සිව්පිළිසිඹියා ඥණය.
රහතන් වහන්සේ කෙනෙක්ට ලබා ගත හැකි බුද්ධ ඥාණ වලින් එකක්.
1. අර්ථ - දහම් වල අර්ථය
2. ධර්ම - ධර්මය මොකක්ද අධර්මය මොකක්ද
3. නිරුක්ති - පදවල වෙන් වෙන් වශයෙන් කියූ අර්ථය
4. පටිභාන - ධර්මානුකූලව තෙරුම් ගැනීමේ හැකියාව



(මෙහි දැක්වූ නිරුක්ති පිලිබද විස්තරවලින් බොහෝ කොටස් දීර්ඝ පර්යේශනයකින් අනතුරුව මූකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමියන් රචිත "සැගවුන බසක් ලොවට හෙලිකළ දම් පෙළ හෙලය" ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද අතර එහි අදහස් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ දේශනයන්ට එකග වූ නිසාත් පටිච්චසමුප්පාදයට එකග වූ නිසාත් ධර්මයට හා විනයට ගැලපූ නිසාත්  එසේ උපුටා දක්වන ලදී)




No comments:

Post a Comment