Monday, June 11, 2012

ලුම්බිනිය Lumbiniya


මහනුවර සිට මහියංගනයට යන පාරේ කි.මී. 10ක් පමන ගිය පසු දිගන හන්දිය හමුවේ. පරන තෙල්දෙනියට යන පාරේ වික්ටෝරියා බැම්ම දෙසට කි.මී 2ක් පමන ගමන් ගන්නා විට වැවගම බබරගල රජමහා විහාරයට යන පාර හමුවේ. කපිලවස්තු පුරයේ සිට දෙව්දහ නුවරට යන මාවත රජ මාවත ලෙසින් හැදින්වීය. අද බබරගල රජමහාවිහාරය පිහිටියේ මෙම රජමාවත ආසන්නේය. බබරගල රජමහාවිහාර භූමියේ අදටත් දැකගත හැකි පරිදි වන වසර දහස් ගනනක් පැරනි සල්ගසකි. ඒ සල්ගස පිහිටි ස්ථානයේ එක් වෙසක් පසලොස්වක දිනක අසිරිමත් සිදු වීමක් සිදුවිය. පොලව කම්පාවිය. පරිසරය ආශ්චර්යමත් සිදුවීමකට මුලපිරිවේය.දෙවියන් ප්‍රීතී ඝෝශා කලහ. එවේලෙහි අසිරිමත් කුමරෙක්මෙලොව එලිය දු‍ටුවේය. ඒ අන්කවරෙකු නොව ගෝතම නමින් මෙකල්පයට බුදුබවට පත්වන සිදුහත් බෝදිසත්වයන් වහන්සේය.
 


එදා මහාමායාදේවිය හෙලයේ ආවේනික චාරිත්‍රක්වන ගැබ් පෙරහර පෑමට කපිලවස්තු පුර සිට දෙව්දහ නුවරට ගමන් කල අතරමගදී මෙම සල් උයන හමුවිය. මහාමායාදේවියට සිත් ගත් එම සල් උයනේ අසිරිය බලමින් සිටි මහාමායාදේවීන්වහන්සේ එක් සල්ගසක් ලගට පැමිනියේය. කාලය එලබිනි. ඒ පින්වත් මොහොත උදාවිය. ඒ ලොව අසිරිමත් පින්වත් කුමාරයෙකුගේ උප්පතියයි. එදා සල් උනය පසුව සල්වත්ත වී අද තල්වත්ත නමින් වෙනස් වී ඇත.අවුරුදු 3000ක් පමන පැරණි සල්ගසක් එහි තවමත් ඇති අතර එය බැලූ බැල්මට එහි පැරණි බව දැකගත හැක.විශාල ප්‍රදේශයක් පුරා විහිදී ඇති මූල පද්ධතියකටද එම සල් ගස හිමිකම් කියයි.
හාත්පස ඉතාමත් අසිරිමත් භූමි ප්‍රදේශයකට හිමිකම් කියන මෙම ප්‍රදේශය දේශගුනය අතින් ද ඉතාමත් යහපත් වේ. අතීතයේ සිට තෙල්දෙනිය බබරගල රජමහා විහාරයට රජ දරුවන්ගේ හා ජනයාගේ නොමද ගෞරවයට පාත්‍ර වූ බවට සාක්සි එමටය. එපමනක් නොව බුදුන්වහන්සේ සක්කපඤ්ඤ සුත්‍රය දේශනා කල ඉන්ද්‍රසාල ගුහාවද පිහිටා ඇත්තේ ඒ පුන්‍ය භූමියේමය.


මෙතෙක් කලක් සිදුහත් කුමාරන් උපතලද නිවැරදි ලුම්බිනිය සොයා ගැනීමට නොහැකි උවත් සිරි සද්ධර්මයේ මතුවීමත් සමග ඒ අසිරිමත් ස්ථානයන් මතු විය. ඒ සද්දස්ස කුල පුත්‍රයන් සදහාය.


ලුම්බිනිය පිලිබද වීඩියෝ පටය නැරබීම සදහා

10 comments:

  1. පෙර බුදුවරුන් ඉපදුනේ භාරතයේ නම් කකුසඳ, කෝනාගමන කස්සප බුදුන් දවස භාරතයට කියන ලද නම් මොනවද? එසේනම් එංගලන්තයේ කෞතු කාගාර වල ඇති අපි යටත් විජිත කාලයේ ගෙනයනලද අපේපුස්කොල පොත් වල ලංකාව ජම්බුද්වීපය ලෙස හඳුන්වාදී ඇත්තේ අයි? ඉපැරිණි පොතපත දීප/ ද්විප ලෙස හඳුන්වා දී ඇත්තේ දුපතටය. භාරතය දුපතක්ද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. , "History is what we know. If what we know is wrong, history is wrong." This statement is probably true for the case of the history of Buddhism. !"Two hundred years ago, India was seen as a place with little history and less culture. The news of the discovery that Buddha was born in India stormed across the earth like tidal waves because of the British influence in their colonies spreading all over the world. Around 1890s, the reactions and protests to the high ranking monks, ignited and begun by groups of Buddhist monks, and peacefully demonstrated Who were responsible for informing and misleading people in the whole world to believe that Buddhism originated in India? During 1812-1867, five British archaeologists, namely James Prinsep, Brian H. Hodgson, Francis Buchanan, a Mr. George Turnour (Ceylon), and Alexander Cunningham (a son of famous poet- Allan Cunningham, revealed the series of information misleading themselves to the conclusion that Buddhism originated in Hindustan (present India). By Dr. Chaiyong Brahmawong, PhD, (former Venerable Apinyano Bhikkhu), Senior Professor of Sukhothai Thammathirat Open University, Thailand ( from the research papers of Histry what we know)

    ReplyDelete
  5. ඉහත ලිපියෙන් පෙන්වන්නේ තායිලන්තයේ මහාචාර්යවරුන් පවා බුදු දහම ඉන්දියාවෙන් උපන් ධර්මයක් බව පිලි නොගන්න බවය, එක්දහස් අටසිය ගණන් වල සුද්දන් විසින් බුදුන් ඉන්දියාවේ උරුමයක් ලෙස පතුරුවා හරින විට බෞද්ධ ජනයා ඊට එරෙහිව සාමකාමී උද්ගෝෂණ කල බවය. බුදුවහන්සේ ඉන්දියාවේ උපන්න නම් ඒකාලයේ බෞද්ධයෝ ඊට එරෙහිව උද්ගෝෂණය කලේ කුමටද?ඉන්දියවේ උගතුන්ගේ ASIATIC සන්ගමය පවා 18 සියවස කාලය වන විටත් සිතා සිටියේ බුදුන්වහන්සේ විජාතිකයකු හෝ දෙවියකු ලෙසය.

    ReplyDelete
    Replies
    1. කුමාරි ඔබගෙන් පෞද්ගලික තොරතුරු කීපයක්(ජන්බුද්වීපය පිලිබදව) දැන ගැනීමට අවශ්‍යයි. කරුනාකර හැකි මාර්ගයක් දක්වන්න.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete