Monday, June 18, 2012

බුද්ධිමත්කම

එක් මහාචාර්යවරයෙක් විය. ඔහු ඉතා බුද්ධිමත් යැයිද බොහෝ දේ දන්නා කෙනෙක් ලෙසද ඔහු සම්මත කරගෙන සිටියේය. දිනක් ඔහුට සෙන් ඉගෙන ගැනීමට අවශ්‍යය විය. ඒ සදහා මහාචාර්යවරයා අදාල සෙන් උගන්වන ස්වාමීන්වහන්සේ හමුවීමට ගියේය.
ස්වාමීන්වහන්සේ මුන ගැසුනු මහාචාර්යවරයා උන්වහන්සේ අමතා "ස්වාමීන්වහන්ස මට සෙන් ඉගෙන ගැනීමට අවශ්‍යයි" ලෙස කියා සිටියේය.
මද සිනහවක් පෑ ස්වාමීන්වහන්සේ "මහාචාර්ය තුමා අපි සෙන් ඉගෙන ගන්න ඉස්සෙල්ලා තේ එකක් බීලා ඉම්මු" ලෙස පවසා මහාචාර්යවරයා කැටිව තේ පිලියෙල කරන ස්ථානයට ගියේය.
ස්වාමීන්වහන්සේ විසින් තේ පිලියෙල කල අතර එතෙක් මහාචාර්යවරයා ඒ දෙස බලා සිටියේය.
තේ පිලියෙල කල ස්වාමීන්වහන්සේ තේ පෝච්චියෙන් කෝප්පයට තේ වත් කිරීමට පටන් ගත්තේය. නමුත් තේ කෝප්පය පිරී ඉතිරී යන තුරුම ස්වාමීන්වහන්සේ තේවත් කිරීම නැවැත්වූයේ නැත. 

මෙය දු‍ටු මහාචාර්යවරයා "ස්වාමීන්වහන්ස තේ කෝප්පය උතුරලා යනවා" යැයි කීය.
එවිට ස්වාමීන්වහන්සේ "තමුසෙගේ ඔලුවත් මේවගේ තමා සෙන් ඉගෙන ගන්න ඕවා ඕන්නෑ" යැයි කිය.

1 comment:

  1. ඔකේ අන්තිම ටික වැරදියට ලියවිලා තියෙන්නේ ගුරුවරයා කියලා තියෙන්නේ ටමුන්ගේ මනසත් මේ පිරිණු කෝප්පය වගේ අලුතෙන් වක්කරන ඔක්කොම ඔඉට යනවා ඒකනිසා කෝප්පේ හිස්කර ගන්න කියලා

    ReplyDelete