Tuesday, June 19, 2012

හෙලදිව බ්‍රාහ්මනයෝ

හෙලදිව බ්‍රාහ්මන පරම්පරාව ගැන කථාකිරීමේදී එය ඉතා ඈත අතීතයකට දිව යයි.කලින් සදහන් කල පරිදි දේව හෙලයට අධ්‍යාපනය දීමට පටන්ගන්නේ සෘෂිවරුය. මන්ත්‍ර,තාරකා විද්‍යාව වැනි ගුප්ත ශ්‍රාස්ත්‍රය පිලිබද කෙල පැමිනි උගතුන්ද හෙලදිව සිට ඇත. මේ සෘෂි පරම්පරා ගැන කථා කිරීමේදී අමතක කල නොහැකි චරිතයක් ලෙස පුලස්ති මහා සෘෂිතුමා ගත හැක.
මේ පුලස්ති සෘෂි ගැන උපුටාගත් ලිපියකි.
""මේ කතාව "පුලතිසි" ගැනය. "පුලතිසි" යනු මහා සෘෂිවරයෙකි අසුරයෙකි, රකුසෙකි. පාලනය කරන අරුතින් "රතු" පදය වේ. පුලත් නම් නුවර එනම් පුලත් නාරුවෙහි විසූ ඔහු රාවණ රජුගේ මුත්තණුවන්ය. අද පොළොන්නරුව බවට පෙරැළී තිබෙන්නේ ඒ පුලත්නාරුවයි. එහි "නාරු" නම් නුවරයි. බින්තැන්න මහියංගනය වූ අයුරු විමසන්න.


පුලස්‌ති මහා සෘෂිහුගේ කාල වකවානුව නිශ්චය කිරීමට පැහැදිලි සාධක නොමැති වුවත් පැවතෙන ශාස්‌ත්‍රීය තොරතුරු අනුව පුලස්‌ති මහා සෘෂීන් විසින් සකස්‌ කරන ලද "රාවණ කේන්ද්‍රය" අප සතුය. ඒ අනුව කලියුග වර්ෂයට වර්ෂ අටදාහකට එපිටින්. රාවණ උපත සිදුව තිබේ. එනම් දැනට වසර දහතුන් දහසකට එපිටිනි රාවණට, කුම්භ කර්ණ, වෛශ්‍රවණ සහෝදරයෝ දෙදෙනෙකි. සහෝදරියකි. මෙසේ පුලස්‌ති මහා සෘෂීහු රාවණාගේ මුත්තණුවන් නම් පුලස්‌ති මහා සෘෂිහුගේ කාලය ඉන් පෙර විය යුතුය. ඒ ද්වාපර යුගයෙහිය. අද අප වෙසෙනුයේ කලි යුගයෙහිය. ද්වාපර යුගයේ ආයුෂය මහත්ය. මේ සියලු තොරතුරු විමර්ශණය පිණිසය. අපට ලැබී තිබෙන ගුප්තමය තොරතුරු අනුව පුලස්‌ති මහා සෘෂිහුගේ කාලය මෙයට වසර පණස්‌ හත් දහසකට එපිටය.


ලොව පැවති ප්‍රථම ජෝතිෂ - ආයුර්වේද සංගායනය එකී පුලස්‌ති මහා සෘෂීහුගේ කාලය තුළ සිදුව ඇති බවත් අප මහ සෘෂීහු ඊට සරිලන මහ මැදුරක්‌ එනම් "සීගිරිය" සකසන ලද බවක්‌ ධන්වන්තරී මහා සෘෂීහුද ඊට ආරාධනය කළ බවක්‌ සම්භාවනීය පත පොතෙහි ඇතුළත්ය.


කාශ්‍යප විසින් කරන ලද්දේ සීගිරිය ප්‍රතිසංස්‌කරණයක්‌ පමණි.


පුලස්‌ති මහා සෘෂින් විසින් සතරවන වේද ග්‍රන්ථය සකස්‌ කරන ලද බව නොදැනදොඅ ජෝතිෂය ඇතුළු ශාස්‌ත්‍ර ක්‍රම අපේ නොවේයෑයි - ඒවා ඉන්දියාවෙන් මෙහි ආවෝයෑයි ප්‍රකාශ කරන්නේ කලු සුද්දන්ය. පර ගැතියන්ය. පුලතිසි මහා සෘෂීන් මේ ලක්‌දිවෙහි වාසය කළ බව විශ්වාස කරන්නේ නම් ජෝතිෂය ඇතුලු සියලු ශිල්ප ශාස්‌ත්‍ර ක්‍රම මේ දිවයිනෙහි ම ජනිත වූ බව පිළිගැනීමට ඔවුනට සිදුවේ. ඒ ඒවා වේදාංග වන බැවිනි. වේදය එනම් සතරවන අථර්වන් වේදය පුලතිසි මහා සෘෂිහුගේ නිපැයුමක්‌ බව මුළු ලොවම පිළිගන්නා බැවිනි.""
---------------- (උපුටා ගැනීම)


පුලතිසි මහා සෘෂීහු හිරණජ කෂිපු මහා සෘෂි පරපුරෙහි වූවෙකි. හිරණප කෂිපු නම් ලොව ප්‍රථම සෘෂිහුය. හේ සිංහලයෙකි. "හිරණප කෂිපු වක්‍ෂසස්‌ථල විධාරණාය" වශයෙන් ලෝ ප්‍රකට මන්ත්‍ර රත්නයම ඊට සාඡ්ෂ්‍ය වෙයි. නොයෙකුත් සම්භාවනීය ඡ්‍යොතිෂය ග්‍රන්ථද ඊට සාඡ්ෂ්‍ය වෙයි. ඒ කෘතයුගාරම්භයෙන් වර්ෂ පන්ලක්‍ෂ හැත්තැහයදාහකට පසුවය. ඡ්‍යොතිෂයයෙහි ආරම්භයක්‌ නැතැයි මුසා දොඩන්නන් හට මෙම තොරතුරු ඵලදායී වනු ඇත. පුලස්‌ති මහා සෘෂීහු කළ මේ දිවයින රාජශ්‍රීයෙන් බැබැළෙන්නට ඇත. ස්‌වයංපෝෂිත, සෞභාග්‍යමත් රටක්‌ වූවාට සැකයක්‌ නැත. කෙසේ වුවත් මේ අසිරිමත් රට මෙන්ම අසිරිමත් දො සතරදá තාරකා ශාස්‌ත්‍රයද රාවණ කළ විනාශ වන බව පුලතිසි මහ ඉසි නොදැන සිටියා නොවේ.
මහ රිසි පුලතිසිගේ මුණුපුරු වූ රාවණයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා ශාස්‌ත්‍රවන්තයෙකි.


සාම වේදය නමින් හඳුන්වන චතුර්වේදයේ එක්‌ කොටසක්‌ ලියා තැබීමෙන් රාවණගේ පාණ්‌ඩිත්වය මැනවින් පැහැදිලි වේ. ශිව තාණ්‌ඩව ස්‌ත්‍රොත ලිවීමෙන් පමණක්‌ නොව එය රඟ දැක්‌වීමෙන් රාවණායෝ මහ කවියෙක්‌ මෙන්ම නර්තන විශාරදයෙක්‌ බැව් මුළු ලොවටම පෙන්වා ඇත. අර්ක ප්‍රකාශ, කුමාර තන්ත්‍ර, මඩ්ඩිසතන්ත්‍ර ආදී ග්‍රන්ථ ලිවීමෙන් හෝ වෛද්‍ය විද්‍යාවේ පරතෙරටම පැමිණියෙක්‌ ලෙස කිව යුතුය. ඔහු විනෝදය සඳහා ගිනි පෑගීම කළේය. ගිනි පෑගීමේ ශාස්‌ත්‍රය උපදෙස්‌ හා මන්ත්‍ර යන්ත්‍ර ඇතුළත් "අග්නි තන්ත්‍ර" ග්‍රන්ථය. රන්පත්වල ලියා තැබූ බැව් "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ සඳහන් වේ.


පරාක්‍රමබාහු රජුගේ යැයි ඇතමුන් සලකන පොතක් අතැතිව ඇති පිලිරුව පුලතිසි සෘෂිවරයාගේ බවට දැන් හදුනාගෙන ඇත.අතේ තියාගෙන සිටින්නේ ඔලා පත් ඉ රු මෙය අර්ක ප්‍රකාශ කියන පොත වේ.එම පිලිමය තිබෙන ස්ථානයේ පිහිටා තිබී ඇත්තේ සෘෂිවරයාගේ ඔසු උයනයි.


එමෙන්ම හෙලදිව තිබූ උමා ඡ්‍යෝතිෂය අමතක කල නොහැක.  උමා ඡ්‍යෝතිෂය යනු සූර්යයා කේන්ද්‍රකරගෙන පෘථිවිය හා සඳ ඇසුරෙන් අහස විමසීමයි. මේ ක්‍රමය රාවණා රජුගේ කාලයේ ලියැවුණු වේද අංග අතරින් අතර්වන්වේදයේ සඳහන් ක්‍රමයක් ලෙස සැලකේ. පුලස්ති  ඍෂිවරයා විසින් සංග්‍රහ කරන ලද අතර්වන්වේදයේ ඇති මේ ශාස්ත්‍රය රාම රාවණ යුද සමයේ විනාශ වී යා නොදී නිදන් කර පසුකාලීනව විජයබාහු රජුගේ කාලයේ යළි සොයාගෙන ඇති බව විශ්වාසයයි. ඉන්පසු දිගින් දිගටම අතිනත පැමිණි උමා ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය අත්තරගම රාජගුරු බණ්ඩාරයන් විසින් හෙළදිව ප්‍රකට කරන ලද බව සඳහන් වේ. 


එදා රාම-රාවණ හටනේදී රාවණ පරදින බවත් හෙළ ශාස්‌ත්‍රය පරයකු වන බවත් දැන, පුලතිසි මහා සෘෂිහු සමස්‌ත ශාස්‌ත්‍රය ගැබ්කොට සිව ගුරුලුව සම්පාදනය කොට එය නිධන් ගත කළේ භෛරවයට බාර දෙමිනි අප සනුහරේ එකකුට මිස පිට එකෙකුට මෙය නොලැබේවා යන අධිටනනි. විජයබාහු රජු ලෝ ජය ගත්තේ මේ ශාස්‌ත්‍රයේ බලයෙනි. රාවණ පුත් මේඝ නාදයන්, ඉන්ද්‍ර ජීතයන් මහා විස්‌කම් කළේද මේ ශාස්‌ත්‍රයෙනි. 


 මෙතරම් ශ්‍රේෂ්ඨ ජෙතිශ්‍ය විද්‍යාවක්,මන්ත්‍ර,ගුප්ත විද්‍යා ශ්‍රාස්ත්‍රයකට හිමිකම් කියන හෙල දිව බමුනන් සිටියේ නැතැයි කියන්නේ කුමන පදනමක් මතදැයි මා දන්නේ නැත.


 එදා මෙදා තුර හෙල දිව බ්‍රාහ්මනයන්,සෘෂිවරුන්ගෙන් අඩු නොවීය.දේව අධ්‍යාපනය ඉගැන්වූ බෘගු මහා ඍෂිවරයා,පුලස්ති සෘෂිවරයා ප්‍රධාන කරගෙන ත්‍රිපිටකයේ නම් සදහන් වන වේද වේදාන්ත දන්නා බමුනෝ මෙහි එමටය. ගෞතම බුදුන්වහන්සේගේ පහල වීමත් සමග බමුණන් යටපත් වුවද ඊට පසුවද ඉගැන්වීම් කටයුතු කර ඇත්තේ බමුණන් බව පණ්ඩුල නම් භ්‍රාමණයා නැතහොත් පණ්ඩුල දේව ආචාරී විසින් පණ්ඩුකාභය කුමරුට ශිල්ප ඉගැන්වූ සිදු වීම් වලින්ද සනාථ වෙයි. බුද්ධපරිනිර්වානයෙන් පසුවත් බමුනන් විසින් ඉගැන්වීම් කටයුතු කල බව සදහන් නිසා බුදුන්වහන්සේ ජීවමාන කාලයේ "අධ්‍යාපනය කරන කුලේ ඉපදුන මන්ත්‍ර කටපාඩම් කරන බමුණෝ වසලයෝ" යන වසල සූත්‍රයේ පාඨය හෙලදිවදීම සනාථ වෙයි. කෙසේ හෝ බමුණන් යටපත් වී ගියද තවමත් බමුනන්ගේ සුභ අසුභ නිමිති ශ්‍රාස්ත්‍ර,හෝරා,කාල,නැකැත්,මන්ත්‍ර හෙලදිව තුල ඉතිරිය. ඇතමුන් තවමත් බමුනු මත අගයමින්දෝ අගහරුවාදා,සිකුරාදා දින නෑම පවා සිදු නොකරයි.
 

කෙසේ වෙතත් පැරනි ගුප්ත විද්‍යාව භාවිතා කලාවූ හා තවමත් භාවිතා කරන විශේශ චරිත කීපයක් දැක්වුවහොත් ඒ අතර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි,ලෙවිකේ මැතිඳු,වැලිවිට සරණංකර නාහිමියන්(දැන සිටි බවට සදහන්ව ඇත භාවිතා කලේද යන්න නොදනී),රාජගුරු බණ්‌ඩාරයන්,කොණ්‌ඩ දෙණියේ හාමුදුරුවන් වැනි උගතුන් ප්‍රධානය තවත් අප්‍රකට චරිත බොහෝය.
මින් මෑතක පහල වූ විශේෂ චරිතයක් ලෙස කොණ්ඩ දෙනියේ හිමියන්ව ගත හැක. මන්ත්‍ර ශ්‍රාස්ත්‍රය භික්ශුවකට ගැලපීම කෙසේ වෙතත් මේ හිමියන් කල දස්කම් අදටත් ජනවරේ පවතී. එක්තරා සිහිනයක් ඔස්සේ යමින් හාමුදුරුවන්ට එක්තරා ස්ථානයකදී යම් වස්තුවක් හමුවේ. ඒ තුල ග්‍රන්ථ කීපයක්ද වෙයි. අදාල වස්තු අරගත් පසු එවා තිබූ ස්ථානයට ඉහලින් තිබූ පර්වතය පහත් වී එම ස්ථනය වැසී යයි. කෙසේ වෙතත් පුදුම සහගත දස්කම් පෙන්වන හිමියන් දුම්රිය නැවැත්වීමට තරම් බලයක් තිබූ බව ජනවහරේ පවතී.එම හාමුදුරුවන් නිතර ඇසුරු කළ මහතෙක්‌ දැනට දන්කොටුව ප්‍රදේශයෙහි වෙයි. කොණ්‌ඩ දෙණියේ හාමුදුරුවන් භාවිත කළ මන්ත්‍රය ඔහුට ද පාඩම්ය. එහෙත් එය පාඩම් කළ ඔහුගේ දිවෙහි ගෙඩි දැම්මේය. ඒ නිසි උපදෙස්‌ නොමැති වීමෙනි. කොණ්‌ඩ දෙණියේ හාමුදුරුවන් මහ විස්‌කම් කළේ දෙවන රාජසිංහ රජු භාවිත කරන ලද "පිච්ච මල් වඩමේ" ගුරුකමෙනි.



මෙසේම කවියෙන් - ස්‌වර ශාස්‌ත්‍රයෙන් ද මහ විස්‌කම් කළවුන් අප අතර වෙයි. වරෙක අත්තරගම රාජගුරු බණ්‌ඩාරයන් කී වස්‌කවියක්‌ නිසා ඊට බඳුන් වූ සත්වයා අළු බවට පත්විණි. එම කරුණ නිසාම නුවර පලාතෙහි එය අදටත් "අළු ගොල්ල" නමින් හඳුන්වනු ලැබේ.

මෑතක මාතර යූ. ඒ. ඥනතිලක හිමියන් ලියූ කවි කරුණු වල ප්‍රතිඵල - විස්‌කම් බෝ දෙනා අසා ඇතුවාට සැකයක්‌ නැත. අත්තරගම රාජගුරු බණ්‌ඩාරයන් ඉහත විස්‌කම කළේ "අටකොන් චක්‍රයේ" උපකාරයෙනි. යූ. ඒ. ඥණතිලක හිමියන් කවියෙන් විස්‌කම් කළේ "අථකහ චක්‍රය" භාවිතයෙනි.



අප්‍රේල් 13-14 දිනවලට අද‍ටත් අපි උත්කර්ෂවත් ලෙස අලුත් අවුරුද්ද කියලා සමරන්නෙ සූර්‍යා මීන රාශියෙන් මේශ රාෂියට සංක්‍රමණය වීමයි. සිව් හෙළයට සූර්යා මුදුන් වන මේ දින සූර්ය වන්දනයට සුදුසු බව තෝරා ගත්තේ පුලස්ථි ඍෂිවරයා බව ‘සූර්‍ය නමස්කාරය’ නම් පැරණි පුස්කොලපොතේ සදහන්ය.

රාම රාවන සටනින් පසු ලංකාව තුල හින්දු බලපෑම් ඇති වූවා සේම හින්දු චාරිත්‍ර වලට සූර්ය නමස්කාරය එක්වුණා මිස එය ඉන්දියාවෙන් අප රටට ආනයනය කල සංස්කෘතික අංගයක් නොවේ. ග්‍රීසිය, රෝමය ආදී රටවලටද සූර්ය වන්දනය පැතිර යාම තුලින් එම රටවල් ලංකාව සමග සබදතා පැවැත්වූ බව තහවුරු වේ.

 යමෙක්‌ අදටත් සිතනුයේ මේ මහා ශාස්‌ත්‍රය ඉන්දියාවේ සිට අපට ලැබුණ බවකි. එහෙත් හෙලදිව තිබූ ශ්‍රාස්ත්‍රය ගැන දැන ගත් විට නැවත එසේ නොකියනු ඇත. හෙලදිවට ආවේනික බෝහෝ ගුප්ත විද්‍යාක්‍රම ඇතත් ඒ පිලිබද දීර්ඝ විස්තර කිරීමට බලාපොරොත්තු නොවෙමි.
 

නරපුර ඉන්දුම, දඬුමරණ ශාස්‌ත්‍රය. ඉන්ද්‍ර ගුරුළුව, සිව ගුරුලුව, පිච්ච මල් වඩමේ ගුරුකම, අටකොන් චක්‍රය, අථකහ චක්‍රය සහ යමකාල දේවතා සිද්ධිය ඒ අතර වේ. මේවා හෙළ උමා ජ්‍යෙතිෂයෙහි එන මා හැඟි ශාස්‌ත්‍ර රත්නයෝය.

එහෙත් අද ජ්‍යෙතිෂය නමින් බොහෝ දෙනෙකු කර පින්නා සිටිනුයේ හෙළ උමා ජ්‍යෙතිෂය නමැති මහ කන්ද පාමුල සිටින මී පැටියෙකි.



 හෙලදිව බ්‍රාහ්මනයන් ගැන කථා කිරීමේදී මේ ශ්‍රාස්ත්‍රයන් අමතක කල නොහැකි නිසා කෙටි හැදින්වීමක් කලේය.එහෙත් පුලස්ති සෘෂිවරයා අදිටන් කල පරිදි ඔරිසාවේ විජයගෙන් පැවත එන්නවුන්ට මේ ශ්‍රාස්ත්‍රය භාවිතා කල හැකිදැයි සැකයකි.තවද ඇතමුන්ට මේවා ඇසෙන්නේ හෝ පෙනෙන්නේ නැත.ඔවුන්ට බමුනන් හෙලදිව සිටිබව කීවද එයද පුදුමයකි.

කෙසේ වෙතත් හෙලදිව බ්‍රාහ්මන පරම්පරාවක් තිබූ බවට සාක්සි ඇත. එසේම වේද ග්‍රන්ථද සමහරක් මෙහිදී රචනා කල ඇත.ත්‍රිපිටකයේ සදහන් වේද බමුණන් මෙහි සිටි බව නොරහසකි. ද්‍රෝන ගුහාවද සොයාගෙන ඇති නිසා ත්‍රිපිටකයේ නම් සදහන් බමුණන් මෙහි නොසිටි බව කිව නොහැක.

ජන්බුද්වීපයේ බමුනන් ගැන හොයන බමුනන් නිසා තවමත් හෙලදිව බමුණු මත ‍රැදී පවතින බවද මතක් කිරීමට කැමතිය.



 (මූලාශ්‍ර  හෙක්‌ටර් පද්මසිරි මහතාගේ, ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකරගේ ලිපි.)




No comments:

Post a Comment