Friday, June 29, 2012

සාථාගිරි sathagiri

බුදුන්වදින්න පටන් ගන්නා විට පලමුව කියවෙන වචනය "නමෝ" යන්නයි. මේ නමෝ ලෙස බුදුන්වහන්සෙට වන්දනා කර ඇත්තේ සාථාගිරි නම් යක්ක ගෝත්‍රිකයෙකි. එය අ‍ටුවාවේ දක්වන්නේ "සාථගිර නමෝ යක්කෝ" ලෙසය. බුදුන්වහන්සේ දම්පක් පැවතුම් සූත්‍රය දේශනා කිරීමේදිද මේ සාථාගිරි යක්ක සෙන්පතියා ගැන අසන්නට ලැබේ. ඔහු සිටින්නේ හේමවත නම් තවත් යක්ක ගෝත්‍රික සෙන්පතියෙක් සමගය. එසේම මේ සාථාගිරි පිලිබදව අපට තවත් අසන්නට ලැබෙනුයේ ආටානාටිය සූත්‍රයේදීය. බුදුන්වහන්සේගේ චරිතය හා සම්බන්ද මේ සාථාගිරි සෙන්පතියා හා යක්ක ගෝත්‍රිකයන්ගේ සෙල්ලිපි පිලිබදව හිටපු විදුහල්පති ශාස්ත්‍රපති ලත්පඳුරේ පියරතන හිමිගේ ලිපියකි.


ආටානාටියසූත්‍ර තුළ සාතාගිර,හේමවත, පුණ්ණ, කරති, ගුල, සිවික, මුචලින්ද ,වෙස්සමිත්ත, යුගන්දර ආදි යක් සේනාධිපතිවරු පිළිබඳව සඳහන් වේ. පරමත්ත ජොතිකා අට්ඨ කථාව අනුව සාතාගිර හේමවත යන යක් සෙනෙවියන් දෙදෙනා බුදුරදුන් ගේ ප්රථම ධර්ම දේශනාව ඇසීමට ගුවනින් ගොස් ඇත. ඔවුහු උඩු ගුවනේ සිට කළ සාකච්ඡාවක් අසාකාලි කුරරඝරිකානමැති කාන්තාවක් සෝවාන් වූ බව අටුවාවේ සඳහන්ය. (පරමත්ත ජොතිකා 158 පිට ) හේමවත සූත්‍රයට ලියූ අටුවා කථාව විමසා බලන විට පෙනෙනුයේ මොවුන් යක් සේනාධිපති වරුන් බවය.

වෙශමුණි රජතුමාට සේනාධිපති වූ එම ඇමතිවරු 28 දෙනා අතර, සාතාගිර, වෙසමුණි රජුගේ පුත්‍රයෙක්ය, යන්න කිව හැකි සෙල්ලිපි විශාල ප්‍රමාණයක් ලංකාවේ තිබේ. එම සෙල්ලිපි විමසා බැලීමේදී පැහැදිලි වනුයේ මොවුන් ලංකාවේ විසූ පරුමකයින් බවයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හොරව්පොතාන ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් බෙරවා ගම අසල කන්ද , " සන්තානා කන්ද " ලෙස නාමය යෙදී ඇත. මෙම සන්තානා කන්දේ මෙතෙක් ප්‍රකාශයට පත් වී නැති සෙල්ලිපි 48 ක් ඇත.
එම සෙල්ලිපි වල සඳහන් වන තොරතුරු අනුව සාතාගිර බුදුරදුන්ට ගල්ලෙන් පූජාකර ඇත. සාතට අමතරව පුණාද මෙහි ලෙන් කරවා ලිපි ලියා ඇත. ආටානාටියේ ඇති පරිදි “ ...කතමෙසං යක්ඛානං මහා යක්ඛානං සෙනාපති නං මහාසෙනා පතීනං ඉන්ද්‍ර සොමො වරුණොච භාරද්වාජො පජාපති, චන්දනො කාම සෙටෙඨා කින්නුඝණ්ඩු නිඝණ්ඩු , පණාදො, ඕපම ඤෙඤාච දෙව සුතොච මාතලි, චිත්ත සෙනොච ගන්ධබෙබා නලො රාජා ජනෙඝභො, සාතාගිරො හෙමවතො පුණ්ණ කො කරතියො ගුලො, සිවකො මුචලින්දෝච වෙස්සමිතොච යුගන්ධරො, ගොපාලො සුප්පගෙධො හිරිනෙතති මන්දියො, පඤ්චාල චණ්ඩෝ ආලවකො පජ්ජුනෙතා සුමනො සුමුඛො දධිමුඛො, මණිමාණී චරො දිසෝ අථො සෙරිස්ස කො සාහ , ඉමෙසං යක්ඛානං මහා යක්ඛානං සෙනා පතීනං මහා සෙනාපතිනං උප්ක්ධා පෙතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං අයං යකෙඛා ගණහාති, ...”
මෙහි සඳහන් යක්ෂ සේනාධිපතිවරුන්ගේ නාම අතර ඉන්දු, සොම , වරුණ ,භාරද්වාජ, පජාපති, චන්ද, කාමසෙට්ට , කින්නු, ඝණ්ඩු, නිඝණ්ඩු ,පණාද , ඔපමඤ්ඤ , දෙව, සුත, මාතලි, චිත්ත , සේන, ගාන්ධර්ව , නල, රාජ,ජනෙසභ , සාතාගිර, හේමවත, පුණ්ණ, කරති, ගුල, සිවික, මුචලින්ද , වෙස්සමිත්ත , යුගන්දර, ගෝපාල, සුප්පගෙධ හිරිනෙත්ති මන්දිය පඤාල , චන්ඩ , ආලවක පජිජුන , සුමන සුමුක , දධිමුක මණී මාණීචර , දීඝ මෙම නාම සඳහන්ය. මෙම නාම ඇති බොහෝ දෙනෙකුගේ නාම ඇති සෙල්ලිපි සිය ගණනක් ලංකාවේ ඇති අතර වැඩිම ප්‍රමාණයක් ඇත්තේ උතුරු මැද පළාතේය. අතර ප්‍රධාන තැන වනුයේසන්තානා කන්දයි. මෙහි ඇති ලිපි අනු පිළිවෙලින් පහත ඉදිරිපත් කෙරේ.
1. පරුමක - දෙවශ - ක්ධය - උපශික - ශූමනය , ලෙණෙ - ශනශ - දිනෙ “ (සන්තානා කන්ද )

2. පරුමක - ශත රුශ අඩි

3. පරුමක - දෙවශ - ක්ධය

4. මරුමකන - චනුඩි, පුත , පරුමක, දෙවශ , ලෙණෙ , ශගශ , දිනෙ , පරුමක, තඩශඅ ...

5. “ උපශික - නගශ , ලෙණෙ - ශගිතෙ

6. පරුමක - ශත ඣය , ලෙණෙ - ශගිතෙ

7. පරුමක ශත - ඣිත , ප්රශයලෙණෙ - ශගිතෙ

8. පරුමක , වඩකහ , ලෙණෙ - ශගශ

9. පරුමක , වියග, පුත - පුණශ, ක්ධිය- තිශය මනොරමෙ - ලෙණෙ - අගත - අනගත චතුදිශ - ශගශ දිනෙ

10. කඩ ශිවශ - - බත - දමශ - - ලෙණෙ - අරිය - ශගශ

11. පරුමක - විගය - පුත - පරුමක - නගශ - ලෙණෙ අපරිමිත - ලොක දතුශෙ - අගත - අනගත පශුපරි බෙගශ වශතන ශිත ශූකයෙ

12. පරුමක - ශොමශ - ලෙණෙ ශගිතෙ

13. බත - උපතිශහ - ලෙණෙ - ශගශ

14. පරුමක - ශතනශත -ක්ධිත - පරුමක - මිත - ඣය - පරුමකලු - පුශය - ලෙණේ - අගත - අනගත - චතුදිශ - ශගශ - නියතශෙ

15. පරුමක - ශත නශත - ඣිත - පරුමක- මිත ඣය - පරුමකලු - පුශය - ලෙණෙ - අගත - අනගත - චතුදිශ - ශගශ - රත

16. පරුමක - මිත - ¡ - පරුමක- ශත නශත - ඣිත - පරුමකලු , පුශය - ලෙණෙ - අගත - නගත චතු ශගශ

17.පරුමක ශත - පරුමක - හෙම බත කශබශ ලෙණෙ ශගිතෙ

18. පරුමක - වෙශමණ - පුත - පරුමක ශතශක්ධිත පරුමකලු ප්රශය ලෙණෙ - ශිගිතෙ

19. ශතශ අශනෙ - නශත අශනෙ - තිශහ අශනෙ - නවික - කරව අශනෙ

20. පරුමක - ශතහ,බත කශබශ ,ලෙණෙ

මෙම ලිපි තුළ සඳහන් ශත වෙශමනගේ පුත්‍රයෙකු ලෙස හඳුනාගත හැකිය.ශත සාතා සාතාගිර ලෙසට පසුව නාම වෙනස් වී ඇති බව පෙනෙයි. බුදුරදුන් සාත වෙත දෙසූ සූත්‍රසාතාගිරිසූත්‍රයයි. කුමක් හෝ හේතුවන් මත මෙම සූත්‍ර ත්‍රිපිටකයෙන් ඉවත් වී ඇත. නමුත් හේමවත සුත්‍ර තුළ සාතාගිර පිළිබඳව කථා බහ කෙරී ඇත. වෙශමුණි රජතුමාගේ දරුවන් 91 දෙනාගෙන් නිවුන් දරුවන් දෙදෙනාශත නශතයමෙම නිවුන් දරු දෙදෙනාගෙන් දියණිය "ප්‍රශය"ය. මෙම ප්‍රශයව සරණ පාවා ගෙන ඇත්තේ මිතයි. මිත ගමිණි අබය මහ රජතුමාගේ සේනාධිපතිය. බව සඳහන් වන සෙල්ලිපි සන්තානාකන්දේ සහ සිතුල්පව්වේද ඇත.

ශෙනපති - පරුමක මිතශ ලෙණෙ රඣ අබයහතෙ දෙවන පියශ (සන්තානාකන්ද)

දෙවන පිය - රක් - අබයශ - ශෙනපති - පරුමක - මිතශ - ලෙණෙ - අගත - අනගත - චතුදිශ - ශගශ - දිනෙ ( 1 - ඛ් - ව්ධ 620 )
බත /දමුතරහ / දනියශ / චලි / වෙශ / මණිකාර / චතුදන / ශූබගහ / ශදොය / මණල / දිගමිත / ශිගර / අනුසිය / ශොණ / ශබ / ශිව / ශොමලිය / වීශදෙවග /ශමුදන් / නගහ / චනිසත / පටකණ / ශත / වෙලු / තිණි / බටලි / දමතිහ / ශුරජ / නිලශමුද / කණික / කොශිතෙ / කශබ / ශූම / හරති / වෙශලි / ශිගිණික / බරණි / චුඩිනගශ / මලශ නුගුය / ශිගර් / විශක / අහලි /බමදත / ශවිනි / ශුදින / පුණශ / රෙවය / වෙලහ / කණය / කණදශිකය / නොදත / පණි / චලූහ / ගුල / දෙව / සුත / සුමන / සුමුක / ගිවික / ඔපමඣ /යන නාම මෙරට සෙල්ලිපි වලදී දැක්ක හැකිය.

මෙම නාම දීර්ඝාක්ෂර වීමේදී ආටානාටිය තුළ සඳහන් නාම දැක්ක හැකිය. පුණ - පුණ්ණ වේ. දෙව - දේව වේ.
වෙශමණ වෙසමුණි වේ. අවිරද අවරුද්ධ වේ. සුමන යන නාමය එනමින්ම දැක්ක හැකිය. බමදත බ්‍රහ්මදත්ත වේ.

ලංකාවේ ලෙන් ලිපි කරවා ඇති උදවිය පිළිබඳව විමසා බලන විට මොවුන් රාජ් අනුග්‍රහය ලැබූ ඉහලම පුද්ගලයන්ය. පරුමක /ගපති/ ගණක / බඩකරික / අයකැමි/ උපශික / උපශක /යන අය හැර වෙන කිසිවෙකුවත් ලෙන් ලිපි කරවා නැත. යක් ඇමතිවරුන්ගේ නාම සෙල් ලිපි වලින් සොයා ගත හැකිය. සූත්‍ර පිටකයේ සඳහන් යක්ෂයෝ වනාහි යක් කොටසක් නොව මෙරට පාලකයෝ සහ ඔවුන්ගේ ඇමතිවරුන්ය. මොවුන්ගේ නායකයා කුවේර සහ වෙශමුණිය. වෙසමුණිගේ පුත්‍රයා සාතාගිරයි. මොහුට ලෝකය පුරාම යා හැකි විශේෂ ගුවන් යානා තිබිණි. වෛදික ග්‍රන්ථ වලදි මෙම දරු දෙදෙනාම අශ්වින් ලෙස දක්වා ඇත. ශතනශත සත්යා නාසත් අශ්වින් වේ. මිත මිත් ගිවුසුම් කොමසාරිස් ලෙසද දක්වා ඇත.
ඉන්ද්‍ර හිරු දෙවියන් බවට පත් කර ඇත. දූත තරහ ධතරට්ඨ ලෙසට සම්බන්ධ කර ඇත.
උපලි - ගමශි- පටතෙ - කචගමශි- පටතෙ - දෙවනපිය - බතික - රඣ - දුශතරශ - පුත - අය - ශීවශ - පුත - අය - දුශකර - ප්රතශ - ශමණි - ශවෙන - කරිත - මහ ශුදශනෙ - ලෙණෙ - අගත - අනගත - චතුදිශ - ශගශ දිනෙ
දියතිත්ත වැව අසල මදිය කන්ද යන ස්ථානයක් ඇත. ආටානාටිය තුළ Áද්රියො මදිය මන්දිය යන නාමය සඳහන්ය.

පරුමක - මදය - ලෙණෙ - ශගිතෙ

මලිය - - ශොමහ - දො බති කන ලෙණෙ

පරුමක - මහ දත පුතශ - පරුමක - මගලිය -ලෙණෙ එතශ අඩි

පරුමක - දෙවශ -ඣය - උපශික - ශූමනය - ලෙණෙ - ශගශ දිනෙ

මදය ගේ කන්ද මදය කන්ද වීමට බොහෝ ඉඩ තිබේ. මෙම මදය මාගධි වලට මන්දිය විය හැක.

පරුමක - ගොපලය - බරිය - උපශිත - විතය - ලෙණෙ ශගශ

පරුමක - ශමුදහ - බත - ශූමනහ - - දනෙ

පරුමක - නගශ - ලෙණෙ

ශත - කශ බශ -පටලය - කට - ලෙණෙ -

පරුමක - ශමුකශ - ලෙණෙ- ශගිතෙ
යන සෙල්ලිපි උතුරු මැද පලාතේ ඇත.

සාතගේ දියණියකගේ පුත්‍රයෙකු සරණ පාවා ගෙන ඇත්තේ ගාමිනි අබය( දුටුගැමුණු ) මහ රජුගේ දියණියකි.


සෙල්ලිපි පිළිබඳව අප දැනුවත් කළ දිය තිත්ත වැව, නන්දි මිත්‍ර ආරණ් සේනාසනයේ වනවාසී හික්කඩුවේ විසුද්ධානන්ද හිමි, වනවාසී අන්ගන්ගොඩ පඤ්ඤාවංස හිමි සහ ආචාර්ය ජයරත්න පතිරආරච්චි මහතාට අපගේ ප්‍රණාමය මේ සමඟ හිමි වේ.
මේ ලිපිය ලබාදුන්නේ priya kumari සොයුරියයි.

2 comments:

  1. සෙල්ලිපි වචන තේරුම
    පිත - පියා
    මත - මව
    පුත - පුතා
    බත - සොහොයුරා , ගෝලයා
    ඣය - දේවිය, බිසව
    ක්‍ධිත - දියණිය
    බරිය - බිරිද
    උපශික - උපාසිකා
    ශමණි - මෙහෙණිය, භික්ෂුණිය
    තෙරශ - තෙරුන්
    ශගශ සඝසතු කිරීම
    අපරිමිතලොක දතුශෙ - බුදුන්වහන්සේ
    පරුමක - ගරු
    ලෙණේ - ලෙන
    ශෙනපති- සෙන්පති
    අගත අනාගත - වැඩි නොවැඩි
    චතුදිශ - සතරදිශා
    පරිබෙගශ - පරිභෝජනය
    දො බති කන - දෙසොහොයුරෝ

    ReplyDelete
  2. මුචලින්ද කියන්නේ නාග රජ කෙනෙක්.

    ReplyDelete