Wednesday, June 27, 2012

විහාර අස්න Vihara Asna




නම් පොත හෙවත් විහාර අස්න යනු හෙලදිව තිබූ පැරණිවිහාර ආරාමයන්ගේ නාමයන් ඇතුලත් විස්තරයකි.මෙය මුලදී රචිතව ඇත්තේ සති පිරිත් අවසනැ ආටානාටිය දේශනාවට මුලින් කියන විහාර අස්න වශයෙනි. මෙය හයවන පැරකුම්බා රජ දවස රචිත වූවෙකැයි සලකති. ඒ අතර ම ලක්දිව එවකට පැවැති ප්‍රධාන විහාරස්‍ථාන නාම මාලාව බෞද්‍ධයකු විසින් දතයුතු බැවින් ද මෙහි එන පරිදි යොදා ඇති වචන කියැවීම පහසු බැවින් ද හෝඩිය ළඟට ම මෙය කියවන ‍දෙවෙනි පොත වශයෙන් භාවිත වූ බව පෙනේ. උපුටා දැක්වීම යම් කෙනෙකුට විකුර්ති කිරීමක් යැයි කිව හැකි නිසා සම්පූර්න විහාර අස්න හෙවත් නම් පොත මෙසේ උපුටා දක්වා ඇත.

 මෙහි සදහන් වන විශේශ විහාර කීපයක් මතුකර පෙන්වා දී ඇත.මේ නම් දු‍ටු පමනින් කුමක් දැයි හදුනාගත හැකි නාම කීපයකි. මේ ස්ථාන තිබී ඇත්තේ හෙලදිවය. ඒ නිසා මේ නම් විහාර අස්නට ඇතුලත් වී ඇති බව පැහැදිලිය.මේ විහාර අස්න ඇත්තේ පිරිවානා පොත්වහන්සේ තුලය. කුමක් විශ්වාසකලේ නැතත් පිරිවානා පොත්වහන්සේ විශ්වාසය. අතීතයේ රජ දරුවන් වැදපුදාගත් විහාරයන් මෙසේ එක්කොට දක්වා ඇත්තේ හෙලදිව තුල පිහිටි ඒවා මිස වෙනින් රටක පිහිටි ඒවා නොවේ. මෙහි තිබෙන අනිකුත් විහාරයන්ද පිහිටා ඇත්තේ මේ හෙලදිවතුලය. ලංකා විහාර අස්නේ වෙනින් රටවල විහාර ඇතුලත් කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? මේ ජන්බුද්වීපය හා බුද්ධෝත්පත්තිය ලගදී උඩින් පාත් වූ දෙයක් නොවේ. එය මේ හෙලදිව තුල කාලය එනතුරු සැගවී තිබූ සත්‍යකි. අතීත රජ දරුවන් හා ජනතාව එම ස්ථාන වැද පුදාගෙන තිබෙන බවට හොදම සාක්සිය විහාර අස්නයි.

මෙහි මක්කම ලෙස දක්වා ඇත්තේ මැකා නගරය නොව කල්පිටියේ පිහිටි සිරිපතුලයි.එනම් කල්පිටිය ප්‍රදේශයේ පිහිටි මක්කමයි.

පූර්වාරාමය යනු විශාකා මහෝපාසිකාව විසින් නිර්මානය කල ආරාමය බව පැහැදිලිය.

කපිල විහාරය යනු රජ ගල පිහිටි වේලුවනාරාමය අසල පිහිටි පැරණි බෞද්ධ මුලස්ථානයයි.

ඉසිපතනාරාමය යනු දම්සක්පැවතුම් සුතුර දේශනා කල ස්ථනයයි. අද එය ඉසින්බැස්සගල වී ඇත.
 

 කුසිනාරාමය යනු පරිනිර්වානය වූ ස්ථානයයි. එය අද බුදුගල වෙයි.
 

උත්තරාරාමය ලෙස හදුන්වන්නේ හිරිවඩුන්න බව පැහැදිලිය. එනම් සිදුහත් කුමාරයා බුද්ධත්වය අවබෝධකල ස්ථානයයි.
 

දිව්‍යලෝකේ යැයි කියූ සිලුමිනි සෑය හා සලුමිනි සෑය අද සොයාගෙන තිබේ. එමෙන්ම ඒ ස්ථාන විහාර අස්නටද ඇතුලත් කර තිබේ.

අනිකුත් විහාර පිලිබද තව දුරටත් සොයා බැලිය යුතුය මේ දක්වා ඇත්තේ පැහැදිලිව හදුනාගත හැකි ස්ථාන කීපයකි.

සුද්ධෝ විසින් ඉන්දියාවේ අශෝක රජුගේ ආකෘති හොයාගන්න ඉස්සෙල්ලා. අපේ මුතුන් මිත්තො වන්දනා කලේ මේ ජන්බුද්වීපයේ පූජනීය ස්ථානයන්ට බව විහාර අස්න මගින් මනාව පැහැදිලි වේ.

1 comment:

  1. sagama pansala thiyenne ape game...

    https://www.facebook.com/pages/Sagama-Rajamaha-Viharaya/1380688325496567?fref=ts

    ReplyDelete