Tuesday, June 26, 2012

කුවේනිනම් මෙහෙනින් වහන්සේට කල අපහාසය

ඉන්දියාව වැනසූ මහා සල්ලාල පුද්ගලයෙක් ඉන්දියාවෙන් පන්නයි. ඒ පන්නන පුද්ගලයා හොරෙකි,මංකොල්ලාකාරයකි,ස්ත්‍රී දූශකයෙකි, බේදදෙකි. එසේම ඉන්දියාවටම එපා වූ අයෙකි. මේ අන් කවරෙකුදු නොව මහානාමයෝ මහාවංශයේදී ඉහලින්ම වනන  විජය කියන වැද්දාය.ඉන්දියාවට විජයව කොච්චර එපා උනාද කිව්වොත් ජනතාව එකතු වෙලා විජයගේ තාත්තට විජයව මරන ලෙසත් කියාසිටින බව අකමැත්තෙන් හෝ මහාවංශ කතුවරයා සදහන් කර තිබේ. 

"විජයතෙමේ විසම ආචාර ඇතිවිය. ඔහු පිරිස්ද එසේවුහ. ඔව්හු ඉවසිය නොහෙන නොයෙක් බලාත්කාරකම් කළෝය. කිපි මහජනතෙමේ රජහට එබවත් දැන්විය. රජතෙමේ ඔවුන් කටයුත හඟවා පුතුට මනාකොට අවවාද කෙළේය. දෙවෙනි වරද සියල්ල ඒ සේ විය. තුන්වන වර වනාහි කිපි මහජනතෙමේ “ඔබ පුතු මැරුව මැනවැ”යි රජහට කිය"(6 වෙනි පරිචෙජ්දය) 
මහාවංශය ලියූ ඉන්දියාවේ මහානාම යැයි කියනා චීවර ධාරියාට ඔහුගේ රටේ විජය මහ ලොක්කෙක් උනාට අපිට නම් වූ හපුට්ටෙකි. මේ කියන්න යන්නේ ඒ හපුට්ටා මේ රටට ආව හැටි මහානාම ලියූ විදිය ගැන හා අපේ මුතුන් මිත්තන්ට  කල අපහාසයයි.

මේ කථාවේ තවත් චරිතයකි. ඒ කුවේනියයි. විජය ගැන කීමට පෙර අපේ කුවේනි කවුද කියා හදුනාගෙන සිටීම වටී. වර්ගපූර්නිකා සන්නසට අනුව කික්කිධිර රජ කෙනෙකි.කවිලාෂපාලී දේවිය (රුවන්මලී) නමින් ඔහුට දියනියකි.ඇගේ ස්වාමි පුරුෂයා ගිරිභද්ර සෙන්පතිය. ඇගේ නිවුන් සොහොයුරිය කාශිවිධිපාලී කුමරිය සදෙස් දැහැන් භාවනවා සොයාගත් ඉර්ශිවරියකි. කවිලාෂපාලී දේවියට මහාපාලී නමින් දියණියක් වේ. මහාපාලී කුමරිය ලෙස හදුන්වන්නේ කුවේණියයි. වර්ගපූර්නිකාවේදී කුවේනියව හදුන්වන්නේ මහාපාලි ලෙසයි. 
මහාපාලි කුමරියට කුවේණි යන නාමය සැදුනු හැටි කුවේණි නම් වූ යක් ලද කෘතියේ දැක්වේ.
පාලි වේණි ශබ්දයට සිංහල අර්ථ දෙකක් දැක්විය හැක

1. ගෙතූ හිසකෙස් යන්න එක් අර්ථයකි.
2. කොණ්ඩය යන්න තව අර්ථයකි.

පාලි වේණි කත යන ශබ්දයන්ගෙන් කෙස් වේණියක් ලෙස සාදා
මුදුනින් බදින්නී යන අර්ථය ගෙනෙන බව සැලකිය යුතුය.

විජයට කුවේණි මුණගැසුනේ තපස්වරියක ලෙස සිටියදීය.

තපස්වරුන් හෝ වරියන් කොණ්ඩය බදිනු ලබන්නේ හිසමුදුනෙනි.
මේ අනුව කුවේණි විජයට හමුවන විට හිස මුදුනින් කොණ්ඩය බැද සිටින්නට ඇත.
මෙහිදි 'කු ' උපසර්ග පදය වේණි යන ශබ්දය මුලට යෙදිමෙන් එහි අර්ථයට බාදා වී ඇත.

(පාලි භාෂාවේ උපසර්ග පදයකින් කෙරෙන්නේ අගට යෙදුණු පදයේ අර්ථයට
බාධා කිරීම, අර්ථය අනුව පැවැත්ම හා විශේෂාර්ථයක් දැක්විම වේ.)

එබැවින් කුවේණී යන ශබ්දය වැරදි ලෙස හිස මුදුනින් කොණ්ඩය බැද ඇති කාන්තාව යන අර්ථය ගෙනේ.

පැරණි ඉන්දියාවේ විවාහක කාන්තාවන් වේණියක් හෝ එක කරළක් ලෙස කෙස් කළඹ සකස් කර ගත් අතර අවිවාහක කාන්තාවෝ වේණි දෙකක් හෝ කරල් දෙකක් ලෙස හෝ කෙස් කළඹ සකස් කර ගත්හ.
අවිවාහක කාන්තාවක් වු කුවේණී විජයට මුණ ගැසෙන විට ඇගේ කෙස් කළඹ එක වේණියක් ලෙස හිස මුදුණේ කොණ්ඩයක් මෙන් බැද තිබුණි.
ඉන්දියානුවන් වූ විජය සහිත පිරිස මෙය වැරදි චාරිත්‍රයක් යැයි සලකා හිස මුදුනින් වැරදි ලෙස කොණ්ඩයක් බැදි යුවතිය යන අර්ථයෙන් ඇය කු+වේණිය යන නමින් හැදින්වුහ.
 

මහාවංශයට අනුව විජය පැමිනෙන්නේ බුදුන්වහන්සේ පිරිනිවන් පෑ දිනය. වර්ගපූරුනිකාවේ සදහන් අන්දමට කලභාද්ර සෙන්පතියා විජය ඇතළු පිරිස අත්අඩංගුවට ගත්තේ මුහුදු මංකොල්ලයක යෙදී සිටියදිය. ඒ අනුව විජය ලංකාවට ගොඩබසින්නේ සිරකරුවකු ලෙසය. කලභාද්ර සෙන්පතියා විජය මහාපාලි කුමරියට (කුවේණියට ) මුනගස්වන්නේ ඇය නීල ගිරියේ වෙසමුණි ධරනියේ ධ්‍යාන පොකුණ අසල ධ්‍යාන වඩමින් සිටියදීය.


කෙසේ වෙතත් මහවංශ කතුවරයා පවසන්නේ මෙසේය 
"සියලු ලෝවැස්සාට වැඩකොට පරම ශාන්තිකාලයට පැමිණ පිරිනිවන් මඤචකයෙහි හොත්තාවු ලෝහිමිවුවාදින් අතුරෙන් ශ්රෙපෂ්සඨවු මහාමුනිතෙමේ මහත්වු දෙවසමාගමයෙහිදි එහි සමිපව සිටි ශක්රියාහට වදාරණසේක් “සිංහබා රජු පිත් තෙල විජයකුරම අනුගත සත්සියයක් පිරිවර ඇතිව ලාටරටින් (අවුත්) ලක්දිව බැස්සේය. “දෙවෙන්දයය! මාගේ සස්න ලද්දිව්හි පිහින්නේය, එහෙයින් පිරිවර සහිත් උහුද ලඞ්කාවිද මොන වට රකුව්” වදාළසේක. දෙවෙන්ද තෙමේ තථාගතයන් බස ගෞරවයෙන් ඇසුයේම උපුල්වන් දෙව්රජහට ල‍ඞ්කාරක්ෂාවව භාරකෙළේයි. ඒ තෙමේ ශක්රයයි විසින් කිපමණින් එකොණහි ලක්දිව් අවුත් පරිබ්රාවජක වෙශයෙන් රුක්මුලෙක හුන්නේය. විජවකුමාරයා ප්රරධාන කොට ඇති සියල්ලෝ උහුවෙත අවුත් “පින්වත්නි! මෙතෙමේ කවර දිවයිනෙක්දැ”යි විචාළෝය හේතෙමේ ලක්දිවයයි කියා මිනිස්සු මෙහි නැත්තාහුයයිද තොපට භයෙක් නොවන්නේයයිද කිය. මෙසේ කියා කෙණ්ඬ්කායෙන් ඒ මිනිසුන් (පිරිත්) පැන් ඉස, උන් අත්හා (පිරිත්) හුද බැද අහසින් ගියේය."


දැන් මෙහි ඇත්ත නැත්ත විමසා බලමු. වර්ගපූරුනිකාවේ දක්වන අන්දමට විජය ලංකාවට ගොඩබසින විට කුවේණි සිටින්නේ ධ්‍යාන වඩමින්ය.එනම් කුමක් හෝ ආධ්‍යාත්මීය දෙයක් සිදුකරන ස්වරූපයෙනි. ඒ සවරූපයෙන් අප දන්නා වූ කථාවේ ලෙස කපු කටිමින් සිටියාද විය හැක.එනම් භික්ශූන්වහන්සේලාද බුද්ධකාලයේදී තමන්ගේ සිවුරු සාදාගන්නා ලද අවස්ථාවක් මෙන් යැයි සිතිය හැක.ඇතැම් විට පෙහෙවස් සමාදන් වීම දැක්වීමට මෙසේ තාපස ස්වරූපයෙන් සිටියා යැයි දක්වන්නට ඇත. කෙසේ වෙතත් මහානමයෝ දක්වන්නේ කුවේණි යකින්නියක් හෙවත් අමනුශ්‍ය කාන්තාවක් ලෙසයි.

නමුත් මහානාමට තනිකරම බොරු ලිවීමට නොහැකි නිසා මහාවංශයේ කුවේනි සිටි ස්වරූපය මෙසේ හදුන්වයි.

"තසසා ව සාමිනි යත්ථ කුවේණි නාම යක්ණී
නිසීදි රුක්ඛ මූලමහි කතතතතී තාපසවිය"
(මහාවංශය පරි 07. ගාථා 11)

මෙහි තපස් වේශයෙන් කුවේනි නම් යකින්නි ගසක් මුලට වී කපු කටිමින් සිටී. එහෙත් මහාවංශයේ මේ තාපස වේශය කුමක්දැයි හෙලිකිරීමෙන් මහානාම වැලකී සිට ඇත. ඒ තමාගේ බොරුව තව දුරටත් පවත්වාගෙන ආ යුතු නිසා විය හැක. කෙසේ වෙතත් කුමන හෝ හේතුවක් නිසා තාපස වේශය ගැන සදහන් කර ඇත. යකින්නියක් වන කුවේනිය තාපස වෙසක් ගෙන සිටින්නේ ඇයි දැයි ඇසිය යුත්තේ මහානාමයන්ගෙන්මය. මක්නිසාද යත් අමනුශ්‍යයෝ ධ්‍යාන වඩනවා යැයි බොරු ලියා ඇත්තේ ඔහු නිසාය. කෙසේ වෙතත් වර්ගපූර්නිකාවේ දැක්වෙන ධ්‍යාන වඩන සිදුවීමට සමාන සිදුවීමක් මහාවංශයේ සදහන් කර ඇති නිසා එහි සිදුවී ඇති සත්‍ය සිදුවීම පැහැදිලිවෙයි.


මේ විජය එන සිදුවීම බුදුන්වහන්සේ දැන සිටි බවක් මහාවංශ කතුවරයා පවසයි. බුදුන්වහන්සේ තමා අසල සිටි සක්‍රයාට මේ සාසනය පවතින්නේ ලංකාවේ බවත් විජය ඇතුලු පිරිසව රකින ලෙසත් දක්වා ඇත. නමුත් මේවැනි සිදුවීමක් මහාපරිනිබ්බාන සූත්‍රයේ දක්වා නොමැත. අනිත් කරුන අනම් විජය යනු අංක එකේ පාතාල මැරයෙකි,අපරාධකාරයෙකි. ඒ අපරාධකාරයාව රකින්න යැයි උපදෙස් දෙන්නේ බුදුන්වහන්සේ යැයි මහානාමයෝ කියා සිටී. විජය ඇතුලු පිරිස හෙලදිව සිටි යක්ක ගෝත්‍රිකයන්ව මරා දමන බව ඉතිහාසයේ සදහන්ය. මහානාමයෝ පවසන අන්දමට බුදුන්වහන්සේ උපදෙස් දෙන්නේ ඒ මිනීමරුවාව රකින ලෙසය. ඒ භාර දෙන්නේද එසේ මෙසේ පුද්ගලයෙකුට නොව සක්‍රයාටය. මෙහිදී මහානාම බුදුන්වහන්සේව ඈදා ගනිමින්කර ඇත්තේ බුදුන්වහන්සේටද අපහාසයකි. මෙසේ සිදුවන මිනිස් ගාතනය බුදුන්වහන්සේ නොදැකි බව මහානාමයන් වක්‍රව පවසයි. එනම් බුදුන්වහන්සේගේ අඩුවක් මහානමයෝ පෙන්වයි. අනිත් කරුනනම් ත්‍රිපිටකයේ සදහන් වන සක්ක්සස්ස දේවානමින්ද යනු දෙවියෙක් නොවන බව අපි දන්නා කරුනකි. එසේනම් මේ මහානාමයන් පවසන්නේ ඔහුවද  නැතහොත් දිව්‍යලෝකේ ඉන්නවායැයි කියන්නාවූ සක්‍රයාද යන්න ගැටලුවකි.


එසේම මහානාමයන් බුදුන්වහන්සේ පැවසුවායැයි කියන අන්දමට විජයගේ පියා ලෙස සදහන් කරන්නේ සිංහබාහුය. මේ පරම්පරාවේ කථාවත් හරිම අපූරුය. සිංහබාහුගේ බිරිද සිංහ සීවලීය. ඔවුන් දෙදෙනා අයියා හා නංගීය. මේ දෙදෙනාගේ මව සුප්පා දේවියයි. පියා වශයෙන් සදහන් වන්නේ සිංහයෙකි. එනම් තිරිසන් ගත සතෙකි. මේ ලෙස මව පියා උවහොත් දරුවන් ඇතිවන්නේ කෙසේද යන්න අනේ මමනම් දන්නේ නැත. කෙසේ වෙතත් ජීව විද්‍යාවට මෙය සම්පූර්න පටහැනිය.
තවද සිංහලයා පැවත එන්නේ සිංහයෙකුගෙන් යැයි සමහරක් ආඩම්බරෙන් කිව්වත් මට නම් තේරෙන්නේ එයින් වක්‍රව පැවසෙන්නේ සිංහලයා යනු ඉතා අවජාතියක් බවය. එනම් තිරිසනෙක්ගෙන් පැවත එන බවටය. මේ සිදුවීම විද්‍යාවට හා බුදුදහමට ඉදුරාම පටහැනි ක්‍රියාවකි. මේවා කිව්වේ කවුද යැයි සොයා බැලුවොත් වටින්නේ මේවා ලිවීමට පෙර වැඩිහිට්යන්ට පමනයි ලේබලය නොගැසුවේ ඇයිදැයි ඇසිය යුතු නිසාය. කෙසේ හෝ මේ කුනුහරප ලියන්න ඇත්තේ ඉන්දියාවේ මුනිවරුන් යැයි කියනා හපු‍ටු කට්ටඩියන්ගේ කෙරුවාවල් අපිට වසන් කිරීමට විය හැක.

නැවතත් කථාවේ මුලට ගියහොත් මහාවංශයේ පරිදි බුදුන්වහන්සේ සක්‍රයාට බාරදුන් වැඩේ සක්‍රයා නැවත බාර දෙන්නේ උපුල්වන් දෙවියන්ටය. උපුල්වන් දෙවියන් විජය ඇතුලු තක්කඩි පිරිසට පිරිත් නූල් බැද පිරිත් පැන් ඉස ආරක්ශාව සලසා නැවත අහසින් ගොස් ඇත. මිනිස්සුන්ට දෙවියන් විසින් පිරිත් නූල් බදින පලවෙනි කථාව අසන්නට ලැබෙන්නේ මහානාමගේ මහාවංශයෙනි. අනික ඒ දෙවියා ඇවිත් ඇත්තේ අපරාධකාරයෙක් ‍රැකීම සදහාය. "ධම්මෝ හවේ රක්කති ධම්මචාරී" කියන බුදුවදන මහානාමට මෙතනදී අමතක වී ගොස් ඇත. මේ පිරිත් නූලේ බලයෙන් විජය යන අපරාධකාරයා කුවේනි ඇතුලු ලංකාවේ සිටි යකුන්ගෙන් ආරක්ශා වී ඇත.කෙසේ වෙතත් කුවේනි යනු අමනුශ්‍යයෙක් නොවන නිසා විජයට අමුතුවෙන් ආරක්ශාවීමක් අවශ්‍ය නොවිනි. ඒ බව මහානාමයෝ දැනගෙන දෝ විජයසතුව තිබූ පිරිත් නූල නිසා කුවේනිගෙන් හානියක් නොවුනු බව  පවසා ඇත.

ඒ වගෙම මේ පිරිත් නූල් ගෙනා තැනැත්තා කවුද යනුවෙන් සොයා බැලිය යුතුයි. පිරිත් නූල් ගෙන එන්නේ උප්පලවන්න දෙවියන්ය. ඕපපාතික දෙවියන් හට අපට නම් දැමීමට අවසර නැති නිසා උප්පලවන්න ලෙස අදහස් කර ඇත්තේ සම්මත දෙවියෙකි. එය එසේය උප්පලවන්න යනු දෙවිනුවර ප්‍රදේශය පාලනය කල ප්‍රාදේශීය පාලකයාය. සමනල කන්ද ප්‍රදේශය පාලනය කල සුමන රජු සුමන සමන් දෙවියා වූ සේ දෙවිනුවර පාලනය කල උප්පලවන්න රජු උප්පලවන්න දෙවියන් විය. ඒ උත්තමයා සෝවාන් ආර්යශ්‍රාවකයෙකි. එසේනම් මේ සදහන් වන්නේ හෙලදිව සිටි මනුශ්‍යයකි. එසේනම් මේ මනුශ්‍යාට පිරිත් පැන් හා පිරිත් නූල් කොහින්ද? මහාවංශයට අනුව බුදුසසුනක් නොතිබුනු සමයක ලක්දිව පිරිත් පැන් හා පිරිත් නූල් කොහින්ද? එය ගැටලුවකි. කෙසේ වෙතත් මේ උප්පලවන්න දෙවියන් ගොස් ඇත්තේ උඩිනි ඒ ගමන ගැන ඇසිය යුත්තේ මහානාමයන්ගෙන්මය. මහාවංශ කතුවරයා ලියන මේ සුරංගනා කථා රාමායනයට දෙවනි වන්නේ නැත.


එසේම මහාවංශයට අනුව මේ විජය ඇතුලු පිරිසට කුවේනිය සැලකූ අයුරුද සදහන් කර ඇත.එමෙන්ම ඔවුන් ආහාර ගබඩාකර තබා ගැනීම පිළිබඳ මනා වැටහීමකින් යුතු පිරිසක්‌ බව,

"භවවා තෙ සාධත්වාන භතනානි ම්‍යක්ඳ්ජනාතීච
රාජපුත්තං හොජයිතවා සබෙබවපී අභුක්ඳජි සුං"
(මහාවංශය, පරි 07 ගාථා 25)

යන මහාවංශ ප්‍රකාශයෙන් තහවුරු කර ගත හැකිය. මෙම ප්‍රකාශයට අනුව විඩාවට පත්ව ලංකාවට සරණාගතයන් සේ පැමිණි විජය ඇතුළු 700 ක්‌ වූ පිරිසට, කුවේණී කුමරිය විසින් ආහාර සපයා දී ඇති බව පැහැදිලි වේ. ලාංකේය යක්‍ෂ ගෝත්‍රික ජනයා ආගන්තුක සත්කාරය වැනි ශිෂ්ට සම්පන්න චාරිත්‍ර පිළිපැදීම අතින් උසස්‌ ස්‌ථානයක වැජඹුණ බව මෙයින් පෙනී යන්නකි. කෙසේ හෝ මහානාමට මහාවංශය ලිවීමේදී ටිකක් හෝ ඇත්ත ප්‍රකාශ කිරීමට සිදුවී ඇත.නමුත් මේ මහානාමට විජය උසස් කිරීමට හා කුවේනි අමනුශ්‍ය ගනයට දැමීමට මහානාම හැම විටම උත්සහ දරයි. මේ මහාවංශ කතුවරයා පවසන සංග්‍රහය සිදුකිරීමට යොදාගත් සහල් ආදිය කුවේනිට ලැබුනු හැටි විස්තර කරන්නේ,
"ඉමෙ ජාත ති වුතතා සා
කණඩුලාදිං විනිදදසි
හසතානං වාණිජනං
නාවටඨං විවිධං වාණිජානං"
(මහාවංශය පරි 07 ගාථා 24)


ලෙසය. ඒවා කුවේණිය විසින් මරා කෑ වෙළෙඳුන්ගේ නැව්වලින් ගෙන ගබඩාකරගනු ලැබූ ආහාර ද්‍රව්‍ය බව පවසති. මිනීමස්‌ කන යක්‌කු, සහල් ගබඩා තබා ගැනීමේ අවශ්‍යතාවය කුමක්‌ ද යන්න මෙම වාර්තාවෙන් ම නැඟෙන පැනයකි. මේ මහාවංශ කතුවරයාගේ මූලික උත්සහයවනුයේ තම රටින් පැමිනි විජය අපරාධකාරයා සරනාගත බවින් මුදවා සුද්ධ කරන්නට බව මහවංශය අතට ගත් විගස තේරෙන දෙයකි. රාමායනයේදී පරාජිත රාමාව වීරයෙක් කිරීමට එහි කතුවරයා උත්සහ දරන්නා මෙන් මහාවංශ කතුවරයා උත්සහ කරනුයේ තමාගේ රටේ ඇත්තා යහපත්,සුචරිතවත් වීර චරිතයක් කිරීමටය.

නමුත් හෙලයේ යක්ශ ගෝත්‍රික රජදරුවන් විසින් රචිත වර්ගපූර්නිකාවේ සදහන්වන්නේ මෙවැනි කථාවකි.

බුදුන්වහන්සේ නීලගිරියේ අභිධර්මය දේශනා කල තැන එදින කවිලාෂපාලී දේවිය (රුවන්මලී) සුවක් ජේතය නම් පහනක් දල්වුයේ යක්ෂ ගෝතිකයන්ගේ අවිද්යාව බිඳ තම හදවත් තුල විද්යාලෝකය පහලවූ බව සලකා ගෙනය...................මහාපාලි(කුවේනිය) ධෞමක කද්දිර මායිමේ අධිපති වුවාය. සිය මව මෙන්ම බුදුදහම වැළඳ ගත් ඇය බුදුන්වහන්සේ පිරිනිවන්පෑ දින සංවේග පලකොට නීලගිරියේ සුවක් ජේතය නිවා දමා පෙහෙවත් සමාදන් වුවාය මේඅතරතුර කලභාද්ර සෙන්පතියා විජය ඇතළු පිරිස අත්අඩංගුවට ගත්තේ මුහුදු මංකොල්ලයක යෙදී ස්ටියදිය. ඒ අනුව විජය ලංකාවට ගොඩබසින්නේ සිරකරුවකු ලෙසය. කලභාද්ර සෙන්පතියා විජය මහාපාලි කුමරියට (කුවේණියට ) මුනගස්වන්නේ ඇය නීල ගිරියේ වෙසමුණි ධරනියේ ධ්යාන පොකුණ අසල ධ්යාන වඩමින් සිටියදීය. උතුරු මැද පෙදෙසේ එළිමහන් සිර කඳවුරක සිටි විජයට මහාපාලියගෙන් සමාව ලැබුණි. ඇය විජය පුනරුත්ථාපනය සඳහා මන්ථාකෙල නම් කුඹුරක් පරිත්යාග කාලාය. විජයට එලෙස නිදහසේ කටයුතු කරන්නට ලැබුනේ ඔහු රාජවංශික යකු වූ නිසාය. බුදුන්වහන්සේ පිරි නිවන්පෑ හේතුවෙන් ඇතිවූ සංවේගයෙන් ගීරිදේශ පාලන කට යුතු සිය නැගණියවූ පද්මපාලියට භාරදුන් මහපාලි (කුවේණි) බුදු සසුනේ පැවිද්ද ලබා කවිලාශපාලි ආරාමය අසල අසපුවක් සාදා එහි වැඩ විසිය. පසුව මොමකි නම් නාග කාන්තාවක් සමග විවාහ වූ විජය නාග ගෝතික ජනපදයක් වූ නාගදීපයේ රජවිය. නාග ගෝතිකයන් හා එක්ව විජය යක්ෂ ගෝත්කයන්ට එරෙහිව යුධවැදිය.

මේ කතාව ලියන්න ගිය මහානාමයෝ විකාරයක් කලේය. යක්ක ගෝත්‍රිකයෝ අමනුශ්‍යයෝ කලේය.බුදුන්වහන්සේ අපරාධකාරයන්ට ආරක්ශාව සපයන්නයැයි දේශනා කලා කීවාය. සක්කරයා මේ කථාවට ගාවා ගත්තේය. එසේම සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වූ උප්පලවන්න රජුව දෙවියෙකු කර අපරාධකාරයන්ට පිරිත් නූල් බැදීමට උඩින් ආවායැයි කීය. එය කෙසේවෙතත මහාපාලි(කුවේනි) භික්ශුනියන් වහන්සේට මහත් අපහාසයක් කලේය. ඉන්දියාවේ එකා ඇද්දේ තමන්ගේ රටේ එකෙකුටය. කෙසේ වෙතත් ඉන්දියාගැති මහාවංශයේ කරුනු හරිද කියා බැලීමට අපිට හෙලයේ රජදරුවන් ලියූ වර්ගපූර්නිකාව තිබුනි. ඒ නිසා මේ මහානාම යක්ක ගෝත්‍රයට හා අපේ මුතුන්මිත්තන්ගේ මූනේ ගෑ දැලි සෝදා හරින්න හැකිවිය.


කොහොම වෙතත් මහානාමට මෙච්චර අභිමානවත් හෙලදිව ඉතිහාසය සම්පූර්නයෙන් විනාශ කිරීමය නොහැකි විය. ඒ කවුරුන් හෝ ඔහු ලියන මහාවංශය ගැන ඇහැ ගහගෙන සිටි නිසා විය හැක.විජය  "සිරිවත්ථුපුර" පැවැති රාජකීය විවාහ උත්සවයකදී යක්‍ෂ ගෝත්‍රික රජ පරපුර උපක්‍රමශීලීව සමූල ඝාතනය කර රාජ්‍ය පැහැර ගත් බව මහාවංශය සඳහන් කරයි.  මෙහිදී මෙම විවාහ මංගල්‍යය සඳහා සංගීතයන් ද එක්‌කොට ගත් බව සඳහන් කරනු ලැබීමෙන් ලංකාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් සංගීතය ආදී සෞන්දර්යාත්මක විෂයන්ට ප්‍රියකළ නිර්මාණශීලී ගෝත්‍රයක්‌ ලෙස ද හඳුනාගත හැකිය. එමෙන්ම රාජකීය යක්‍ෂ ගෝත්‍රිකයන් සමූල ඝාතනය කරනු ලබන විජය ඇතුළු පිරිස, ඔවුන්ගේ රාජකීය ඇඳුම් සහ ආභරණයන්ගෙන් සැරසුණු බව,


තසසා සුතවා තථාකත්වා සබෙබෙ යකෙඛ අසාතයි
සයම්පි ලදධ විජයො යක්‌ඛරාජ සොධනං
පාසාධතෙහි සෙසෙහි තං තං භඡවං පසාධයි
තතිපාහං විසි තෙව ත්ථා තම්බපණණිමුපාගම්
(මහාවංශය පරි 07 ගාථා 37 - 38)


ලෙසින් මහාවංශය වාර්තා කරයි. ලංකාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් භාවිත කරනු ලැබූ ආභරණ කොළ අතු, සත්ව ඇටකටු සහ වන මල් ආදී නොවටිනා ද්‍රව්‍යයන්ගෙන් සමන්විත වූයේ නම්, එම ඇඳුම් සහ ආභරණයන් විජය ඇතුළු පිරිස භාවිතයට ගැනීම ප්‍රතික්‍ෂේප කරනු ඇත. නමුත් මියගිය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ඇඳුම් තවදුරටත් භාවිත කිරීම මගින් ගම්‍ය වන්නේ එම ඇඳුම් සහ ආභරණයන් ඉතා වටිනා ද්‍රව්‍යයන්ගෙන් නිමවා තිබූ බවයි. ලාංකේය යක්‍ෂ ගෝත්‍රිකයන් ශිෂ්ටාචාර ගතවීමේදී ඉන්දියානුවන් ද අභිබවා සිටි බව මෙම කරුණු මගින් අනාවරණය කරගත හැකිය. මේ විජය අදින්නේ මීනී මස් කනවා යැයි මහානාම මුලින් කිවූ යක්ශයන්ගේ ඇදුම්ය. ඒවා එසේමෙසේ ඒවාද නොවේ. මේ දියුනුව ඉවසාගත නොහැකි ඉරිසියාවක් නම් මහාවංශ කතුවරයාට තිබූබවනම් පැහැදිලිය.
   
"කුමර “අදෘශ්යමමාන ඒ යකුන් මම කෙසේ මරම්දැ” යි කීයේය.මේ මංගල්‍යට පැමිනි යකුන් අදෘශ්‍යමාන බව මහාවංශ කතුවරයා කියා සිටී. මේවානම් කුමන විහිලුදැයි සිතාගත නොහැක.විජය ඇතුලු පිරිස අදින්නේ මේ අදෘශ්‍යමාන යක්කුන්ගේ ඇදුම්ය. එසේ ඇදුම් තිබේද? අදෘශ්‍යමානනම් ඔවුන් අමනුශ්‍යයන් විය යුතුය. එසේවූ අමනුශ්‍යයන් ආයුධවලින් විනාශ කල නොහැක. විජයට මේ අමනුශ්‍යන් මැරීමට අවශ්‍යනම් කිරීමට තිබුනේ යුද්ධයක් නොව හොද තොවිලයකි. නමුත් මහාවංශ කතුවරයා පවසන අන්දමට මේ යක්කු මරන්නේ ආයුධවලිනි. ඉන්පැහැදිලිවන්නේ මේ අමනුශ්‍යයන් නොව යක්ක ගෝත්‍රයක් බව මහානාමද දැන සිටි බවයි. මෙහිදී යක්ක ගෝගෝත්‍රයට අපහාස කරන්නේ හිතාමතාමය. එසේ නොමැතිනම් මහානාමයෝ මානසික රෝගියෙකි.  මානසික රෝගීන්ට අපේ ඉතිහාසය ලිවීමට ඉඩ නොදෙන නිසා මහානාම වනාහි අන්ත කපටියෙක් බව දැන් පැහැදිලිය. ඔහු හැමවිටම කලේ ඉන්දියාවට ඇදීමය. හෙල අ‍ටුවා ගිනිතියා, මහාවංශය ලිවීමට පටන්ගනිද්දිම ‘පොරාණෙහි කතොපෙසො අතිවිත්‍ථාරිතො’ ලෙස දක්වා ඇත. මේක විස්තර කරන ටීකා කතුවරයා කියා සිටින්නේ ‘මේ මහාවංසය පූරාණාචාර්යයන් විසින් ද කරන ලදැයි සම්බන්‍ධ කටයුතුයි. අසා දැනගත් කරුණුත්, එය අති විස්තරාදි දෝෂයන් ද, දේශ භාෂාව ද බැහැර කොට ලියමි’ කියා ය. කෙසේ සංශිප්තකලාද කියා අප දන්නේ නැත. එසේම මේ පුරාන අ‍ටුවා මොනවාද? ඒවා ලියූ කතුවරයෝ කවුරුන්ද යන්නද කිසිම සදහනක් නොවේ. මහාවංශ කතුවරයා තමන්ට ඕන විදියට යක්ක ගෝත්‍රයන්ට අමනුශ්‍යයන් ආදේශ කරමින් ලියා ඇති බවනම් දැන් පැහැදිලිය.
කෙසේ වෙතත් මේ
කුවේනියගේ කථාව ගතහොත් වර්ගපූනිකාවේ හා මහාවංශයේ කුවේනිය තාපස වෙස් ගෙන සිටි බව පැහැදිලිය. වර්ගපූර්නිකාවේදී ඇය ධ්‍යාන වැඩූ බව සදහන් නමුත් මහාවංශය එය මග හැර ඇත. කෙසේ වෙතත් වර්ගපූනිකාවේ දැක්වෙන සහල් හා සංග්‍රහ කිරීම් පිලිබදවද කෙටි හැදින්වීමක් මහාවංශයේ ඇත. නමුත් කුවේනිය පෙහෙවස් සමාදන් වීම හා පැවිදි වීම ආදී කරුනු මහාවංශයේ සදහන් කල නොමැත.නමුත් වර්ගපූනිකාවේ කුවේනිය පෙහෙවස් සමාදන් වීමක් හා අවසානයේ පැවිදි වීමක් දක්වා ඇත. ඉන්දියන් කාරයාගේ මහාවංශයට වඩා අපිට වර්ගපූනිකාව විශ්වාසය. ඇතැම් විට මහාවංශය අමනුශ්‍යන් යැයි දක්වන කුවේනිය පැවිදි වීම හෙලිදරව් කලහොත් ඉන් බුද්ධෝත්පත්තිය හා මෙහෙනි සස්න පිලිබදව හා කුවේනිය මනුශ්‍යය කාන්තාවක් වන බව හෙලිවීම වලක්වීමට මෙසේ උපක්‍රමයක් යෙදුවා විය හැක. වර්ගපූර්නිකාවට අනුව විජය යක්ක ගෝත්‍රිකයන් විනාශ කිරීමට උදව් ලබාගන්නේ වෙනින් කාන්තාවකගෙන්ය(මොමකි නම් නාග කාන්තාවක්). නමුත් මහාවංශ කතුවරයා මේ සදහා භික්ශුනියක් වන කුවේනිය යොදාගෙන තිබේ. ඒ මදිවට අහක සිටි බුදුන්වහන්සේත් යොදාගෙන මේ අපරාධකරුවන්ව ආරාක්ශාකිරිමට උපදෙස් දුන්නා යැයි සදහන් කර ඇත.

මහාවංශය පටන් ගනිද්දිම හෙලදිව  සිටින්නේ අමනුශ්‍යයන් යැයි  කියන නිසාත් පිරිනිවන් මංචකය පිලිබද විස්තර කෙටි කර ඇති නිසාත් බුද්ධෝත්පත්තිය හෙලදිව තුල බව පැහැදිලිව වාර්තා නොකරයි. එසේනම් මේ අමනුශ්‍යයන් පෙහෙවස් සමාදන් වීමක් හෝ පැවිදි වීමක් මහාවංශය තුල සදහන් කරන්නේ කෙසේද්?


මේ ආකාරයට කුවේනි භික්ශුනීන්වහන්සේට කරන්නාවූ අපහාසය සුලු ප‍ටුද?
බුදුහිමිට වෙන්නට ගිය අපරාධය පෙනුනේ නැතිද? බුදුහිමි ළඟ ඇත්තේ සමානාත්මතාවයයි. එක ජන කණ්ඩායමක් මරා දමා තව ජන කණ්ඩායමක් පිහිටවන අයගේ පැත්තක් බුදුවරු ගන්නේ නැත. බුදුන්වහන්සේලා මහා කරුණා ගුණයෙන් යුක්තය. බුදුන්වහන්සේලා පරපණ නැසීමට උපකාර නොවෙති. උපුල්වන් දෙවියෝ පිරිත් නුල් බැන්දේ යක්ෂ ගොතිකයන්ගේ පන නැසීමට උපකාර පිණිසද?
යක්ෂ ගෝතික ජනයා බුදුහිමි ඇතුළු සඟරුවනට ලෙන් පූජා කර ඇති බවට අපේ සෙල්ලිපි වලින් තහවුරුවේ. එසේනම් මේ අමන කතා විශ්වාසකරන්නේ බුදුගුන වත් හරියට නොදන්නා අමනයන්ය.
මහානාම චීවරධාරියා ඉන්දියානුවෙකු නිසා ඔහු කලේ ඉන්දියානු විජය වර්ණනාකර ලිවීමය. අපේ මුතුන් මිත්තන්ට අපහාස කිරීමය. බුදුන්වහන්සේට අපහාස කිරීමය. ඉන්දියාව හැමදාම කරේ ඒකමය. ඒකට උදව් කරන්නේ ලංකාවේ සිටින සල්ලාල විජයගේ සනුහරේය. බුදුන්වහන්සේ ලංකාවේ පහල වූවානම් අපිටත් ආඩම්බරයයි කීවත් ඔවුන්ගේ ඒ සංකර ලේ කවදාවත් එයට එකග වන්නේ නැත. ඔවුනට බමුණන්ගේම පිහිටය.


( වර්ගපූර්නිකාවේ තොරතුරු ලබාදුන්නේ  Priya Kumari සොයුරියයි.)

4 comments:

  1. බොහොම හොඳට විස්තර කර දී තියෙනවා,
    මහාවංශයේ අසෝක පිලිබඳ කොටසද බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන් එකක්. අසෝක රජුගේ කාලය කොතරම් අච්චාර්යද යත් මුව.උරු ලිහිණි යන සත්තු රජුගේ මුළුතැන් ගෙට අවුත් මස් පිණිස තමන්ම මරුනහ. (හැබැයි මලේ එල්ලිලද ,නහය මිරිකගෙනද කියල ලියල නෑ). කොටින් ගවයන් තණ කවා ගාලට දැක්වුහ. මුවෝ වල් උරෝ කෙත්වතු ආරක්ෂා කළහ.නාගයෝ මල් දම් හා විලවුන් ගෙනත් දුන්හ.ගිරව් කරත්ත අහුදහසක ඇල් වී චද්දන්ත විලෙන් දිනපතා ගෙනාහ. මීයෝ ඒ වී වල පොතු ඇරීයහ. අපේ බෞද්ධ පොත පත වලටද සුරංගනා මනස්ගාත එකතු කර ඇත්තේ ඉන්දියන් කාරයන්ය.

    ReplyDelete
    Replies
    1. අසෝක ත් ලංකාවේ.. පරණවිතාන මහත්මයාගෙ සෙල් ලිපි සංග්‍රහයේ තියෙනවා

      Delete
  2. මා අසා තිබෙන විදිහනම් එවක තිබු දේව ,නාග යක්ෂ ගෝත්‍රි 3කි .නාග ගෝත්‍රියේ නායිකාව කුවෙනියයි .එවකට තම්බපන්නිය නැව් යන එන(ජාතියන්තර මට්ටමේ ) වාරයක්වද පැවතියා .මහානාම බුදු කෙසේ වෙතත් (අකුරු වල වැරදි වලට සමාවෙන්න)ගව්ත්ම බුදුන් අවකට වැඩ විසුවා .මේ දෙකේ සත්‍ය මොකද්ද ?

    ReplyDelete