Sunday, June 24, 2012

විශ්ව ශක්තිය

බර්මීඩා ත්‍රිකෝනය අපිට හුරු පුරුදු වචනයකි. බර්මීබා ත්‍රිකෝනය කියූ සැනින් අපට මතක් වන්නේ ඒ හරහා ගොස් අතුරුදහන් වූ නෞකාය එසේ නැතිනම් ගුවන්යානාය. ඒ අතුරුදහන් වන එකදු යානයක හෝ සුන් බුන් අවශේශයක් සොයා ගත නොහැකි විය. ඒ ස්ථානය එතරම් ප්‍රබලය. ඒ ප්‍රබල යහපත් අතින් නොව අයහපත් අතින්ය. මක්නිසාදයත් එතන සිදු වී ඇත්තේ ඉතා භායානක හා විනාශකාරී දේමය. මිනිසුන්ගේ ජීවිත බිලිගෙන තිබේ,වස්තූන් විනාශ වී තිබේ, කිසිම අවශේශයක් නොමැතිව සෑම දෙයක්ම විනාශ කිරීමේ අත්භූත බලයක් එහි ඇති බවට කුඩා කාලයේ සිට දන්නා දෙයකි. එහි ක්‍රියාත්මක වන්නේ එක්තරා ශක්ති ප්‍රබවයකි. ඇතමුන් එහි පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් ඇතැයිද පවසයි. කෙසේ හෝ වේවා කවුරුන් හෝ වේවා බ්‍රර්මීඩා ත්‍රිකෝනය අවට ප්‍රදේශයේ ක්‍රියාත්මක වන්නේ අයපත්වූ ශක්තිවිශේෂයක් බව පැහැදිලිය. එතනින් විනාශ වූ යානාවල විශේෂත්වයක් තිබුනි. එනම් සෑම යානයක්ම හෝ නෞකාවක්ම ඒ ප්‍රදේශයෙන් ගමන් කරන විට ඔවුන් ගොඩ බිම හා කරගෙන ගියාවූ සියලුම ආකාරයේ සන්නිවේදන මාර්ගයන් අඩපන විය,ක්‍රියාවිරහිත විය, එසේ වෙනවාත් සමග සිදු වූ දේ දන්නේ ඒ යානා හා නෞකා තුල සිටි මගීන් පමනි. මේ විනාශකාරී ප්‍රදේශය පිහිටා ඇත්තේ මෙක්සිකෝ මුහුදේය.
 

කෙසේ වෙතත් අදාල කාරනය බර්මීඩා ත්‍රිකෝනය් ගැන පැවසීම නොවේ. මේ විනාශකාරී ත්‍රිකෝනය ගැන මුලු ලොවම දන්නා කරුනකි. ලෝකයේ ධර්මතා දෙකකි එකක් යහපත්නම් අනික අයහපත්ය. අපි මෙතෙක් කථාකලේ අයහපත් ශක්ති එකතු වූ තැනක් ගැනය. එසේනම් මෙහි ප්‍රතිවිරුද්ධය වූ යහපත් වූ දෙයක්ද තිබිය යුතුය. එය එසේය, එසේ යහපත් විශ්ව ශක්ති කැටි වූ තැනක් ඇත. එය දන්නේ ටික දෙනෙක්ය. ඒ යහපත් වූ විශ්ව ශක්ති/කිරණ ශක්තිය ගැබ් වී පවතින්නේ ඔබ අප උපන් මේ හෙලබිමය. ඇමරිකාවේ නාසා ආයතනය විකිරණ පරීක්ශන සදහා ලංකාවට ආවේ ඒ නිසාය.මේ ඒ විශ්ව ශක්තීන් ගැන කරනා පුංචි පැහැදිලි කිරීමකි.
 

හෙලදිව අතීතය ගත්කල පුදුම සහගත තාක්ශනයක් භාවිතා කල යුග අපිට සොයා ගත හැක. ඇතමුන්ට මේ යුගයන් හුදු මිත්‍යාවක් ලෙස පෙනුනද දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත.ඇමරිකාවට හෝ චීනයට මේවා අරුමයක් නොවේ. මිත්‍යාවක් ලෙස පෙනෙන්නේ ඔවුන්ගේ තොරතුරු යාවත් කාලීන කිරීමේ දෝෂයක් නිසා මිස අන් කවර හේතුවක්වත් නිසා නොවේ.ඇතමුන් රාවණා වැනි රජවරුන්ගේ තාක්ශනය හෑල්ලුවට ගෙන ඉතිහාසගත තොරතුරු විකුර්ති කරමින් හුදු විනෝදාස්වාදය තකා එලොවටත් මෙලොවටත් නැති වෙබ් අඩවි කරගෙන යයි. මොන අවාසනාවකදෝ ඒවාට යොදා ඇත්තේ අසුරයන්ගේ ඉතිහාසය ඇතුලත් ග්‍රන්ථ වල නම්ය. කෙසේ වෙතත් අනුන්ගේ මානසික ගැටලු අපිට වැඩක් නැත.
හෙලදිව තුල ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පිහිටා ඇති බව ඔබ දන්නවා ඇතැයි සිතමු.  මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරේ. රාවනා වැනි සක්විති රජවරුන් මෙලක පාලන කරන සමයේ මේ ශක්තීන් උපයෝගී කරගෙන ඇත.
 

එදා මෙදා පහල වූ සියලු සක්විති රජවරුන් පහල වී ඇත්තේ හෙලදිවය. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව සක්වල යතුර/සක්වල දොර(star gate) නැමැති චක්‍රවර්තී රජවරුන්ට ආවේනික තම බලය පැතිරවීමේ ශක්තිය පවතින්නේ මේ හෙලදිව නිසාය. අනිකුත් චක්‍රාවාට සමග සම්බන්ද වීමට අවශය කිරන ශක්තිය ඇත්තේ හෙලදිවය. මේ බව අපේ ඇත්තන් අද ඊයේ දැන ගත්තාට මේ බව නාසා ආයතනය දැන ගත්තේ 50,60 දශකයේය. නමුත් ඒ ශක්තියෙන් වැඩක් ගත නොහැකි බව දැනගත් ඔවුන් ආපසු අකුලාගෙන ගියේය. ඒ එම කිරන ශක්තිය භාවිතා කිරීමට සුදුසු කාලය නොවන නිසාය. කෙසේ වෙතත් අපි කිව්වට මේවා පිලිනොගන්නවුන්ට නාසා එක කියූ නිසා ඉවත දැමිය නොහැක. එසේ හෝ ඇත්ත දැන ගන්නවානම් අවශ්‍ය එපමනකි.
 

යම් දෙයක්,පනිවිඩයක් , ධර්මය දස දහසක් සක්වලට පැතිර වීමට අවශ්‍ය ශක්තිය ඇත්තේ මේ යහපත්වූ කිරන ශක්තිය ගැබ් වූ හෙලදිව සිටය. චක්‍රවර්තී රජ කෙනෙකුට තම චක්‍රරත්නය අවධි කිරීමේ ශක්තිය ගැබ් වී පවතින්නේ ඒ සක්වල දිර‍ටුව(star gate) නැමැති ස්ථානයේය. අද රන්මසු උයන යන ස්ථානයේ ඇද ලකුනු කර ඇත්තේ එයයි.එය ඇද ඇත්තේ බොහෝ කලකට ඉහතය.එනම් බුද්ධෝත්පත්තියටත් පෙර චක්‍රවර්තී රජවරින්ගේ කාලයේය. අනුරාදපුරයේ රන්මසු උයනේ පිහිටි සක්වල චක්‍රය හරහා රාවනා යුගයේ විශ්වීය සබදතා මෙන්ම ඔවුන්ගේ පිටසක්වල සබදතා පිලිබදවද අවබෝධ කරගත හැකිවෙයි, සක්වල චක්‍රය යනු විශ්ව සිතියමකි. මෙහි විශේෂත්වය වන්නේ මෙම සිතියම දුරස්ථපාලකයක් ලෙසින් ක්‍රියාකිරීමයි.එනම් ඒ හා සම්බන්ද විශේශිත උපකරනයක් හරහා විශ්වයේ ‍තෝරාගනු ලැබන ග්‍රහ ලෝක වෙත ගමන් කිරීමට කාල උමං ක්‍රියාත්මක කිරීමයි.
 

සක්වල සිතියම පැහැදිලි කල ගත හොත් සක්වල චක්‍රය වටා ඇති රවුම තුලින් අපගේ මන්දාකිනිය නිරූපනය වේ. සක්වල සිතියම තුල සටහන් වී ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලවලට අයත් ස්ථානයන්ය. මෙහිදී පෙර පැවති ගුවන් කලාප අනුවද මෙම සිතියම බෙදා දැක්විය හැක.
සක්වල චක්‍රය මධ්‍යයේ ඇති රවුම් සහිත කොටස තුල මිනිස් රුවක් දැක ගත හැකිවෙයි. එයින් අදහස් වන්නේ පෘතුවිය මුල් කරගනිමින් මෙම චක්‍රය නිර්මානය වී ඇති බවයි.මෙහිදී එක් එක් වලලුවලින් දක්වා ඇත්තේ අහසේ උස් මට්ටම් වන අතර, ඒවායින් මිදීමට බලය සැපයිය යුතු මට්ටම් මේ හරහා අවබෝදකරගත හැක. මෙම කෙන්ද්‍ර කලාපයට දෙපසින් රවුම් සතර බැගින් ඇත්තේ "රේඛා පත්ත" නැතහොත් ගුවන් පථ ලෙස අපිට විග්‍රහ කල හැකි කලාපයයි.එනම් ලොව පුරා ප්‍රධාන මර්මස්ථාන නැතහොත් ජනපද හතකට පිහිටි ගුවන් මාර්ගයන් මින් විස්තර වේ. මෙහි 1.1 ලෙස දක්වා ඇත්තේ පෘතුවි කක්ශයෙන් මිදීම සමගම ඇති චන්ද්‍රයායි.
 

දෙවෙනි කලාපය කක්ශය ලෙස හදුන්වන අතර එය පෘතිවි කක්ශයට ආසන්නයේ පිහිටි ග්‍රහලෝක හතරකින් හා දුරින් පිහිටි හතරකින් වෙන වෙනම දැක්වෙයි. 2 කොටස තුලින් අගහරු,සිකුරු,බුධ හා බ්‍රහස්පති පෙන්වාලන අතර 2.1 කලාපය තුලින් දුරින් පිහිටි ග්‍රහයෝ පෙන්වයි.එම කොටස තුලින් සෙනසුරු,යුරේනස්,නෙප්චූන් හා ප්ලූටෝ යන ග්‍රහලෝක හදුනාගත හැකිය. පැරණි ජ්‍යෙතිෂ්‍යය තුලද ඇතුලත ග්‍රහයෝ හා පිටත ග්‍රහයෝ ලෙස මූලික බෙදීමක් ඇති වී ඇත්තේ එබැවිනි. තුන්වැනි කලාපයෙන් අප සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයේ පිහිටි වෙනත් ග්‍රහ මණ්ඩල කීපයක් දැක ගත හැකිවෙයි. මෙය මණ්ඩල කලාපය ලෙස හැදින්වෙන මණ්ඩල වෙත ගමන් කිරීමට නම් ශක්ති කලාපය භාවිතා කල යුතු වෙයි. ශක්ති කලාපය යනු කලු කුහර සහිත කලාපයයි. කලු කුහරයක් යනු එක් ග්‍රහ මණ්ඩලයක සිට තවත් ග්‍රහ මණ්ඩලයකට පිවිසීමට කෙටි මගක් ලෙස භාවිත කල හැකි කාල උමගකි. එහෙත් සියලු කලු කිහර කාල උමං ලෙස ක්‍රියා නොකරයි. මෑතකාලීනව අප තාරකා මන්ඩලය මධ්‍යයේ කලු කුහරයක් ඇති බව සොයා ගනු ලැබීය. එහෙත් එම කලු කුහරය හරහා වෙනත් තාරකා මණ්ඩල වෙත ගමන් කිරීමට හැකි බව රාවණා යුගයේදී සොයා ගෙන තිබුනි. ඒ අදින් වසර 54000කට පමන පෙරදීය.
 

කලු කුහර ගැන සරලව විස්තර කලොත් යම් තාරකා මණ්ඩලයකට සූර්යයකු මියගිය විට සූර්යයා අධික බරකින් විශ්ව දැලෙන් පහලට එල්ලා වැටේයි. මෙම සූර්යයා ටිකෙන් ටික ක්ෂය වනවිට එහි බර තව තවත් වැඩිවන අතර,රබර් නාලයක් මෙන් වෙනත් තාරකා මණ්ඩලයක් වෙත ඇදී යයි. මෙම නාලය නැතහොත් කලු කිහරය අධි ගුරුත්වාකර්ශණ බලයකින්යුතු අතර, එය තුලට තාරකා පවා ඇද ගැනීමේ හැකියාවක් පවතී. මෙසේ දික්වන නාල සූර්යයා සම්පූර්නයෙන්ම ක්ෂය වීමෙන් පසු කාල උමං ලෙස භාවිත කිරීමේ හැකියාව ලැබෙයි. මෙම උමං භාවිතා කිරීම උදෙසා ගුරුත්වාකර්ශනය බලය පාලනය කල හැකි යානා උපයෝගී කර ගත යුතුවෙයි. රාවණා යුගයේදී ම(ර්)කරි වෝටෙක්ස් ගුවන් තාක්ශනය බිහිවන්නේ ඒ උදෙසාය.
මෙම සක්වල චක්‍රය ක්‍රියාත්මක වීම සිදුවූයේ සීගිරියේ දකුනු පසට වන්නට පිහිටි ප්‍රධාන යන්ත්‍රයක් මගිනි. එය තල තුනක් සහිත බ්‍රමණ යන්ත්‍රයයි. විශේෂිත ලෝහ වර්ගයකින් සාදන ලද මෙම චුම්බක තල එක් එක වේග පරාසයන්ට සුසර කිරීම සිදුවෙයි. මෙම තලවල ඉහල සහ පහල තැටි එකම දි
ශාවකට මධය් තැටිය විරුද්ධ දිශාවන්ටත් භ්‍රමණය වෙයි.
මෙහිදී සිදුවනියේ තරු සිතියමේ අවශය ස්ථානයට චුම්භක ක්ෂේත්‍රය හැකිලීමෙන් පසු ක්ෂණිකව විවර වන දොර‍ටුවෙන් හමුදාවකට වුවද ඇතුලුවීමේ හැකියාව පවතී.
මෙහිදී කාල සීමාවන් බල නොපායි. ඇතුලුවන වේගයෙන්ම අදාල ග්‍රහලොවින් පිටවිය හැකිය. අවශ්‍ය ඇතුලුවීම සිදු කිරීමෙන් පසු යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීම සිදුවෙයි. යලි පැමිනීමට අවශ්‍ය විට යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සිදුවෙයි. විශ්ව තරණය කරන ගවේශකයා හා ලංකාපුරය අතර සබදතාව ටෙලිපති ක්‍රමය හරහා නිරන්තරවම පවත්වාගෙන යෑමට හැකිවුනි.මේ හුදු විද්‍යා ප්‍රබන්දයක් නොවේ. මේ ගැන දන්නෝ දනිති. නොදන්නෝ මදක් කාලය එන තුරු ඉවසා සිටිය යුතුය.


මෙසේ සක්වල දොර‍ටු ගැන විස්තර කලේ සක්විති රජවරු ගැන හා ඔවුන්ගේ බලය නොදන්නා ඇත්තන්ට දැන් ගැනීමටය. කෙසේ වෙතත් සක්විති රජ වරු බිහිවන්නේ හෙලදිව බව දැන් පැහැදිලිය. චක්‍රවර්තී රජවරුන්ට වඩා අපිට වැදගත් වන්නේ බුදුවරුය. සක්විති රජවරුන් හා බුදුවරු පහල වන්නේ එකම තැනකය,එකම ප්‍රදේශයක. ඒ මධ්‍යමන්ඩලය ඇසුරු කරගෙනය. එය නොරහසකි. කොහෙන් ගියත් මේ යකා කියන්න හදන්නේ බුද්ධෝත්පත්තිය ලංකාවේ බවයැයි සිතෙයි එය සැබෑය. බලන බලන හැම තැනම ඇත්තේ එයට සාධකය. අපි මේ කියන කථාව පූජාවලියේ මෙසේ දක්වා ඇත.
 

"ෙම් පන්තිස් මහ නුවර මධ්ය මණ්ඩලයට, ඇතුළත් ම ය. ‍ෙම් මහ නුවර නම් චක්ර‍වර්ති රජුන් හා මහ ධන සිටුවරුන් හා මහෙශාඛ්ය් දෙවියන් හා අසූ මහසවුවන් පසේබුදුන් හා ලොවුතුරා බුදුන් හා මෙකී උත්තමයන්ගේ ම උත්පත්තිස්ථානයක.
 

මෙයින් පිටත් බංගාලය, අරමණ ය, වඟුරට ය, කොඬ්කණ ය, කඬ්ගුදෙස ය, සින්ධු ය, ඕහළ ය, නෙපාල ය, ගුර්ජ ය, තිංගුර ය, දොළුවර ය, කර්ණාට ය, ලාටා ය, පර ලාට ය, තිමිරදෙශ ය, කාකා ය, යවන ය, තුරඟ ය, අඳු ය, මඳු ය, කාම්බොජය, පූප්පොලය, කුරුකය, ඡත්තීශය, කර්ණාභාරය, චූඩය, වල්ලූරය මලයූර ය, පංඩූර ය, චීන ය, මහා චීන ය, කාශ්මිර ය, යොනක ය, බර්බර් ය, ශවර ය, වඩිගර ය, වීර ය, කල්යා ණ ය, පූරණ ය, චෝඩ ය, පාණ්ඩ ය, යනාදි මෙ කී දෙශ මධ්යයමණ්ඩලයෙන් පිටත් වූ ප්ර ත්යඩන්ත දෙශ නම. මේ දෙශවල බුද්ධාදීහු නූපදනාහුය.
 

එ‍ෙස් හෙයින් බුදුන් උපදනා වූ මේ මධ්ය මණ්ඩල ය නම් අනන්තාපය්ය්නර්න්දත වූ සක්වළට ද, මෙම සක්වළ නොකියන ලද සෙසු දිවයින්වලට ද, දෙවුලොවට ද, බඹලොවට ද වඩා මෙ ම මධ්යවමණ්ඩලය ම උතුම.
 

එසේ හෙයින් මාගේ ශ්රී මහා බෝධිසත්ත්වයෝ “උතුම් ළුූ මේ මධ්යවදෙශයෙහි ම උපදිමි’ යි දුටුසේක. මේ තුන් වන දෙස විලොකන නම."
මේ පවසන්නේ මධ්‍ය මණ්ඩලය ඇසුනු කරගෙන බිහිවන චක්‍රවර්තී රජවරු හා බුදුවරු පහලවන්නේ එකම ස්ථානයක බවයි. ඒ මේ හෙලදිවයි. චක්‍රවර්තී රජවරු මේ හෙලදිව සිටි බව අප දන්නා කරුනකි.එසේනම් බුදුවරු පහල විය යුත්තේද මේ හෙලදිවය. ඇතමුන් ලුම්බිනිය නේපාලයේ කියා වන්දනාවේ යන්නේ ඔවුන් පූජාවලිය කියවා නැති බව පෙන්වීමටය. මක්නිසාද යත් පූජාවලියට හා පරදේශනාමාවලියට අනුව නේපාලයේ බුදුවරු පහල නොවන බව පැහැදිලිව දක්වා ඇති නිසාය.

එසේම සිදුහත් කුමරු උපන් විට බමුණන්ගේ අනාවැකි පිලිබදවද අවධානය යොමු කල යුත්තකි. කුඩා කල සිට කටපාඩම් කරන මේ දේවත් මොහොතක්වත් සිතන්නට අපේ අයට වෙලාව නැත. නැවත මතක් කරන්නේනම් බමුනන් කීවේ "සිදුහත් කුමාරයා ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වන බවය පැවිදි උනොත් ලොව්තුරා බුදු වන බවය" කිසිම දිනක සක්විති රජවරු පහල වී නැති ඉන්දියාවේදී සිදුහත් කුමාරයා සක්විති රජ වන බව පවසන්නේ කෙසේද? සිදුහත් කුමරු සක්විති රජ වූවානම් එය විය යුත්තේ සක්විති රජවරු පහල වන ප්‍රදේශයක මිස ඉන්දියාවේ නෙමේ. ගිහි හෙයි සිට සක්විති රජ වනවානම් ඒ ගිහි ගෙය පිහිටිය යුත්තේද සක්විති රජවරු බිහිවන මධ්‍ය මණ්ඩලය ආශ්‍රිතවය. එනම් හෙලදිව තුලය.එපමනක් නොව චක්‍රවර්තී රජවරු පහල වන්නේ හෙලදිව නිසා මෛත්‍රී බුදුන්වහන්සේ පහලවන්නේද හෙලදිව බව අනිවාර්යෙන්ම කිව යුතුය. කෙසේ වෙතත් සිදුහත් කුමාරයා බුද්ධත්වය අවබෝද කලේය.


ඒ බුද්ධත්වයට පත්වූයේ යහපත් වූ විශ්ව ශක්ති කේන්ද්‍රගත වූ මධ්‍ය මණ්ඩලය ආශ්‍රිතවය. අර්ධද්වීපයක මධ්‍ය මණ්ඩලයක් කියා මැදක් හෝ ගෙන ලකුනු කලත් එය ඉන්දියාවේ පහලට වන්නට පිහිටිවියැයි සිතුවත් (අර්ධද්වීපයක මධ්‍ය මණ්ඩලය කියා නිශ්චිත තැනක් ලකුනු කල නොහැක) බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වූ යැයි කියන ආකෘතිය පිහිටා ඇත්තේ ඒ අහලකවත් නොව උතුරු ඉන්දියාවේය. ඒ එය ආකෘතියක් නිසාය.
 

ලංකාවේ පිහිටි දේශාංශක හා අක්ෂාංශක ගැන බලා ඒ අනුව හත‍රැස් කො‍ටුවක් ලෙසින් සකස් කර ගෙන එහි මුලු හතර යා කර කතිරයක් ඇන්ද විට ලංකාවේ මධ්‍ය ලක්ශයක් ලකුනුවෙනවා. ඒ තැන පිහිටා ඇත්තේ විශේෂ තැනකට කෙන්ද්‍රගත වීය. එහි ඇත්තේ අන්කවරකදු නොව  හිරිවඩුන්නේ ශ්‍රී මහා බෝධිය. ඒ වෙන කොතනකවත් නෙමේ සිදුහත් කුමාරයා බුද්ධත්වය අවබෝධ කරගන්න පිටදුන් බෝධින්වහන්සේ පිහිටි ස්ථානය. සෑම පොතකම පාහේ මධ්‍ය මණ්ඩලය,නාබි මණ්ඩලය ලෙස දක්වන්නේ මේ ස්ථානය. ඒ ස්ථානය තමා බෝධිසත්වයන් වහසේලාට බුද්ධත්වය අවබෝධ කරගන්න විශ්ව ශක්තිය කැටි වූ ස්ථානය. එනම් අයහපත් වූ විශ්ව ශක්තීනගේ අනිත් අන්තය. "ජය ශ්රී් මහා‍ බොධි ය පිහිටි බොධිමණ්ඩලය නම් දඹදිවට නාභිමණ්ඩලයක් සේ මැද පිහිටියේ ය." කියලා පූජාවලියේ දක්වලා තියෙන්නෙත් ඒ ස්ථානය.
 

තවත් වැදගත් ස්ථානයක් විධියට ඉසින්බැස්ස ගල හදුන්වන්න පුලුවන්. මොකද ඉසින්බැස්සගල කියන්නේ ලෝකේ තවත් අසිරිමත් ස්ථානයක් එනම් සන්නිවේදනය හොදින්ම කරන්න පුලුවන් ස්ථානය ලෙස හදුනාගෙන තියෙන්නේ ඉසින්බැස්සගල. මේ ගැන අපේ අය දන්නැති උනාට නාසා ආයතනය ඇවිල්ලා එතන පරීක්ශන පවා තියලා තියෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ අය ලංකාව ගැන දන්නැති ගොඩක් ඒවා ඇමරිකවේ නාසා එක දන්නවා. කෙසේ නමුත් මේ ඉසින්බැස්ස ගල බුද්ධකාලේ හදුන්වලා තියෙන්නේ ඉසිපතනාරාමය කියලා. ඒ කියන්නේ බුදුන්වහන්සේ දස දහසක් සක්වලට ඇසෙන්න දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කල තැන. දැන් තේරෙනවනේ එතන තත්වය ලොකේ සන්නිවේදන දියුනුම තැන ඉදන් තමා බුදුවරු තමන්වහසේලාගේ ප්‍රථම ධර්ම දේශනය පවත්වන්නේ. යම් පනිවිඩයක් මුලු විශ්වය පුරාම,සක්වලක් පුරාම පැතිරවිය හැකි හැකියාවක් ඒ ඉසින්බැස්සගල කියන ස්ථානයට තියෙනවා. ඒ තමා බුදුවරු තමන්වහන්සේලාගේ දම්සක පෙරලා හරින තැන. එතන දේශනය අහලා දෙවි බබුන් සාදුකාර දුන් බව දම්සක් පැවැතුම් සූත්‍රයේ සදහන් වෙනවා. නාසා ආයතනය හදුනාගෙන එතන සන්නිවේදන හැකියාව තහවුරු කරන්න පෙර බුදුන්වහන්සේ ඒ ස්ථානය ප්‍රයෝජනයට අරන් තියෙනවා.
 

අනිත් කරුන තමා මේ ලුම්බිනිය, බුද්ධගයාව, ඉසිපතනාරාමය, කුසිනාරාමය කියන බුදුන්වහන්සේ පරිනිර්වාන සූත්‍රයේ දේශනා කල, සද්දස්ස කුල පුත්‍රයන්ට උපකාර කරගත හැකි දේශනා කල ස්ථාන හතරේ පිහිටීම. ඒ ස්ථාන 4 පිහිටා තියෙන්නේ එක පේලියට. ඒ කියන්නේ සෘජු මාර්ගයක් ඔස්සේ. විශ්ව ශක්තිය පැහැදිලිව ගලාගෙන යන්නේ සෘජුව. ඒකට නිදසුනක් විදියට ගන්න පුලුවන් ජපානය වගේ රටවල වාස්තු විද්‍යාව. ඔවුන් තමන්ගේ නිවාසවල වහල නිර්මානය කරන්නේ වක්‍ර හැඩකයට. ඔවුන් විශ්වාස කරනවා ඒ මගින් විශ්වයේ ශක්ති ධාරා වලින් අයහපත් විශ්ව ශක්ති ධාරා නිසා තමගේ නිවාස වලට සිදුවන බලපෑම නැති වෙන බව. ඔවුන් පවා මේ විශ්ව ශක්තිය ගමන් කරන මාර්ගයන්ගේ ස්වරූපය දැන සිට තිබෙනවා.තවද මනෝ විද්‍යාවට අනුව මානසික ශක්ති ධාරා ගමන් ගන්නේ සෘජු මාර්ගයක් ඔස්සේය. මනෝ විද්‍යාවේ වචනයෙන් වන බලපෑම හා මනසින් කරන බලපෑම විස්තර කිරීමේදී අදින රූපසටහන්වලින් එය පැහැදිලිය.
පිලිම ඉදිකිරීමේ ශ්‍රාස්ත්‍රයන්ට අනුව නිර්මානය කරන පිලිමවහන්සේලාගේ ඇස්,කන්,නාස හා ඒවා පිහිටවීමට යොදාගන්නා එක්තරා තාක්ශනික ක්‍රමවේදයකි. ඒ අනුවද ඔවුන් භාවිතා කරන්නේ සෘජු හා ලම්භ වන ආකාරයටය. අප දන්නා කුන්ඩලීනී ශක්තිය අවධි කිරීමේදී ඉගෙන ගන්නා මූලික දේ වන්නේ කොන්ද කෙලින් තබා ගැනීමයි. ඒ අදාල චක්‍ර හරහා ශක්තිය අවධිවන්නේ කශේරුකාව දිගේ සෘජුව නිසාය. ඒ නිසාම කොන්ද කුදු වීම කුන්ඩලීනී ශක්තිය අවධි කිරීමට බාධාවක් බව පෙන්වයි.
එසේම මෙය බහුලවම භාවිතා කරන්නේ මන්ත්‍ර වැනි ගුප්ත විද්‍යා ශාන්ති කර්මවලදීය.

මේ සෑම දෙයකින්ම ගත හැකි පොදු වූවකි. එනම් මේ සියලුම ශ්‍රාස්ත්‍රයන් තමන්ගේ ශක්තිය සම්ප්‍රේශනය කිරීමට යොදාගන්නේ සෘජු ගමන් මාර්ගයන්ය.කෙසේ හෝ පරිනිර්වානසූත්‍රයේ සද්දස්ස කුල පුත්‍රයන්ට බලවත් ලෙස උපකාරකරගත හැකි මේ ස්ථාන පිහිටන්නේද එක පෙලටය.


ඒවගේම නාසා ආයතන කල තව දෙයක් තියෙනවා. හෙලජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් විය හැකි යැයි සිතූ ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කලා. ඒකට තව බලපාපු ප්‍රධාන හේතුවක් උනේ ඇතැමුන් පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු 51 වැනි ජනපදය පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.අපි දන්න විදියට කුමන චක්‍රාවාටයක බුදුවරයෙක් පහල උනත් ඒ බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නේ "මාගධී" කියන බුද්ධභාශිතයෙන්. ඒක සියලු බුදුවරයන් වහන්සේලාට පොදු දෙයක්. ඉන්දියාවේ මාගධී භාශාවක් නැති සේම ඊට සමාන භාශාවක්වත් නෑ.(භාශාවේ විකාශය පසුවට ඉදිරිපත් කරමි)  බුදුවරු භාවිතාකරන මාගධී භාශාවට සමාන සිංහල භාශාව දෙවනියට ඇතුලු කරන්න ඔවුන් ‍තෝරාගැනීමට සාධක වූ හේතූන් දන්නේ ඔවුන්ම පමනයි.

කෙසේ හෝ වේවා බුදුවරුන් හා චක්‍රවර්තී රජවරුන් පහල වීමට අවශ්‍ය හේතු සාධක වන යහපත් වූ විශ්ව ශක්තිය කෙන්ද්‍රය පිහිටා ඇත්තේ මේ හෙලදිවය.මිහිතලයේ මධ්‍ය මණ්ඩලය,එනම් පෘතුවියේ මධ්‍ය ලක්ශයේ යහපත් කෙලවර පිහිටා ඇත්තේ මේ හෙලදිවය. ඒ නිසා චක්‍රවර්තී රජ වරුන් හා බුදුවරුන් පහලවන්නේ මේ මධ්‍ය මණ්ඩලය ආශ්‍රිතව මිස අන් තැනක නොවේ.තවද පෘතිවියේ පිහිටි බර්මියුඩා ත්‍රිකෝනය හා ලංකාවේ මධ්‍ය මන්ඩලය එකිනෙකට සමාන්තරව(සමානව නොවේ) පිහිටා ඇති බව මගේ අදහසයි. ආකෘති ගෝලයක් සසදා බැලූ විට එය එක්තරා මට්ටමකට සනාථ වේ. එමෙන්ම පෘතුවියේ පවතින ඇලය ගැනද සසදා බැලිය යුතුය. කෙසේ හෝ ඒ ගැටලුව විසදීමට විද්වතුන්ට භාරකරමි.


කොහෙන් ගියත් බුද්ධෝත්පත්තිය හෙලදිව බව යන්න නැවතත් පසක් කරමින් විශ්ව ශක්තිය ඔස්සේද බුද්ධෝත්පත්තිය සනාථබව කෙටියෙන් මෙසේ දැක්වීමට සිත්විය.

2 comments:

  1. බර්මියුඩා හි ගිලුණු නැවු හා කඩා වැටුණු ගුවන් යානා වල සුන්බුන් කිහිපයක් පමණක් හමුවෙලා තියනවා.

    ReplyDelete
  2. මාගධී භාෂාව ගැන ලොකු විග්‍රහයක් අවශ්‍යයි

    ReplyDelete