Monday, June 4, 2012

ධාතූන්වහන්සේලා වැඩ සිටින හෙලබිම

සන්නස්වල හා වෙනත් ග්‍රන්ථවල (මිලින්ද ප්‍රශ්නය) ධාතුපරිනිර්වාණය සිදුවන අන්දම විස්තර කර තිබේ.
"සම්‍යක් සමිබුදුවරයානන්වහන්සේලාගේ පරිනිර්වාණය, කෙලෙස් පරිණිර්වාණය, ස්කන්ධ පරිණිර්වාණය, ධාතු පරිණිර්වාණය වශයෙන් ත්‍රිවිධ වෙයි. එයින් ක්ලෙශ පරිනිර්වාණය බොධිමූලයෙහි වැඩහිඳ මාර බලය බිදහැර අලුයමැ ලොවුතුරා බුදු වූ ක්ෂ්ණයෙහි ම සිද්ධ වි ය. ස්කන්ධ පරිනිර්වායණය වෙසග මස මැදි පොහෝ දවස් විසා නැකතින් කුසිනාරානුවර මල්ලරජුන්ගේ උපවත්තන නම් සල් වනයේ දී විය. ධාතුපරිනිර්වාණය අනාගතයේ බොධිමූලයෙහි දී ම වෙයි.
එය කෙසේද යත්:-
මේ බුද්ධශාසනය පන්දහසක් අවුරුදු පැවැති කල සත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පුජාසත්කාර නොලබන්නා වූ ධාතු වරුන්වහන්සේ බුදුරජානන්වහන්සේ ජිවමාන කල කලාවු අධිෂ්ඨාන ලෙස ම පූජා සත්කාර කරන්නා වූ ස්ථානවලට රැස් ව ගොස් මේ ලංකාවීපයෙහි සිද්ධස්ථානවලට රැස්වෙමින් ඉනුත් අනුරාධපුරනුවර රුවන්මැලි මහසෑයට රැස් ව එතැනින් නික්ම නාග දිවයින රාජායතන නම් චෛත්‍යට රැස් වෙමින් කලක් පැවත,
මෙසේ බුදුරජුන්ගේ අධිෂ්ඨාන වූ ලෙස ම රැස් වූ හැම ධාතුවරුන්වහන්සේලා ම ඒ රාජායතන චෛත්‍යයෙන් නික්ම අපරාජිත ස්ථාන වූ බොධිමණ්ඩයෙහි ශ්‍රී මහා බෝධින්වහන්සේට පිට ලා පූර්වදිශාභිමුඛ ව වජ්රාසනාරූඩ ව බුදු රජුන් බුදු වන්ට වැඩ උන් දවසේ මෙන් දිව්‍ය බ්‍රරහ්ම නාග විමාන ආදී හැම තන්හි වැඩහුන් ධාතුන්වහන්සේලා හැම රැස් ව තමතමන් වහන්සේලා බුද්ධශරීරයෙහි පිහිටියා වූ ස්ථාන නො වරදවා ම ලලාටධාතු අකුධාතු දන්තධාතු ග්‍රීරීහ්වාධාතු ආදි වූ හැම ධාතුවරුන් වහන්සේලා ම ශරීරායව නො වරදවා පිහිටමින් දොළොස්රියන් බුද්ධ ශරීර මවාගෙණ බෝමැඩ බුද්ධලීලායෙන් වැඩඋන් කල්හි ධාතුශරීරයෙන් සවණක් ඝන බුද්ධ රශ්මිමාලාවන් දස දිග විහිදුවා සියලු ලොව වසන්ට වන්කල්හි ඒ දුටුවාවූ දිව්‍ය, බ්‍රර්හ්ම, නාග, යක්ෂ ආදීන් “අප බුදුන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය අද දවස් වන්නේ ය” යි මහත් සංවෙගයට පැමිණ “ධාතු කෙනෙකුන් වහන්සේවත් මෙයින් මතු දර්ශකනයෙක් දුර්ලභ ය. එසේ හෙයින් මේ අන්තිම දර්ශනයෙහි අපගේ ‍ ශක්ති පමණින් පූජා කොට මේ පශ්චිම දර්ශදනය දැක ගමුය” යි උනුන් හට කිය කියා පඤ්ච සුද්ධවාසයන් හැර දහසක් සක්වළ දිව්‍ය බ්‍රරහ්මාදීන් ඇසිල්ලකින් බොධිමණ්ඩලයට රැස් ව පුෂ්ප පහන් සුවද දුමි, නෘත්යය ගීත, වාද්යාදීන් අප්‍රමාණ වූ පුජාවට පටන් ගෙණ බුදුවු දවස් මෙන් බුදුරජුන් පුදන්ට පටන්ගත් කල්හි, ධාතුරූපය ද ඔවුන්ගේ චිත්ත ප්‍රසාද භාවය අධික වන ලෙස ප්‍රාතිහාර්‍යය දක්වා, පලක් බැඳ වැඩසිටිනා සේක. මෙ‍සේ පලක් බැද වැඩහුන් ධාතු ශරීරයෙන් මහා තේජෝ ස්කන්ධයක් හටගෙන එය බ්‍රහ්ම ලොකය දක්වා පැන නැඟී ‍මහත් අද්භූත ප්‍රභා දක්වමින් ධාතු ශරීරය ආදාහනකෘත්‍ය කොට ධාතුස්කන්ධයෙන් මඳකුත් ශේෂ‍ නො කොට කපුරැ දැවිගියාක් මෙන් ශාන්ත වූ කල්හි, ඒ හැම ප්‍රාතිහාර්‍යය දුටු පංච සුද්ධාවාසයන් හැර අවශෙෂ දිව්‍ය, බ්‍රහ්මාදීහු දුකට පැමිණ “අහො ! බු‍ද්ධෝ; අහො! බු‍ද්ධෝ” යනාදී ලෙස අපමණ වැලපිමෙන් යුක්තව “‍කිමෙක් ද? සබඳිනි! බලව, අද දවස් බුද්ධ ආලොකය භවාන්ධකාරයෙන් වැසි යන ලදි. යැයි තෙවරක් පැදකුණුකොට වැද තමතමන්ගේ තැන් වලටම යති. මෙය ධාතු අන්තරධානය නමිවෙ."(උපුටා ගැනීමකි)
 

මෙහි ස්ථාන තුනක් සදහන්ය.රුවන්වැලි මහාසෑය,නාග දිවයින යන ස්ථාන ලංකාවේ බව පැහැදිලිය. රුවන්වැලි මහා සෑයේ එම පූජනීයත්වය පිලිබද නොදන්නා කෙනෙක් නැති තරම්ය සිදුහත් කුමරු උපදින්නේ ,බුදුවන්නේ,බුදුන්වහන්සෙ පිරිනිවන් පාන්නේ ඉන්දියාවෙනම් ධාතුපරිනිර්වානයේදී ධාතුන්වහන්සේලා ලංකාවට එකතුවන්නේ ඇයි? එසේම මුල් ශ්‍රී මහා බෝධීන්වහන්සේ අශෝක රජුගේ බිරිද විනාශ කලේ නම් ධාතුන්වහන්සේලා වඩින්නේ කිනම් බෝ මැඩකටද?

බුදුන්වහන්සේ පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ දාතු තැන්පත්  කර එකල සිටි රජ දරුවන් දාගැබ් වෙහෙර විහාර ඉදිකල බව සදහන්ව ඇත. බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මේ හෙලදිව පමනි. පසු කලෙක ඉන්දියාවට,බුරුමයට වැනි රටවලට දාතුන්වහන්සේලා යැවූ බව සදහන් වේ. කිංහැම් විසින් කැනීම්වලදී සොයාගනු ලැබුවේද එවැනිම අශෝක රජුවිසින් තැන්පත් කර තිබූ මංජුසාවක් හා දාගැබකි.
එසේනම් ඉන්දියාවේ දාතුන්වහන්සේලා නොමැති වුනේ කෙසේදැයි සෙවිය යුතුය. රජදරුවන් නිර්මානය කරන ලද දෑගැබ්වලට කුමක් වීද?

අප ගෞතම බුදුරජුන්ගේ ශ්‍රී පංචස්කන්ධයට අයිති අති පූජනීය වූ ධාතූන් වහන්සේලා අදට ද ඇත්තේ අප රට තුළ මිස ඉන්දියාවේ නොවේ. උදා. වම් හා දකුණු දන්ත ධාතු - මහනුවර දළදා මාලිගාව හා සෝමාවතිය, කේස ධාතු - ගිරිහඬු සෑය ත්‍රිකුණාමලය නිය පොතු හා කේස ධාතු - දීඝවාපිය, ලලාට ධාතුව - සේරුවාවිල ග්‍රිවා ධාතු සහ සර්වඥ ධාතූන් වහන්සේලා යන සියලු දේ මේ හෙළ බිමේ ම අදටත් රැකී ආරක්ෂා වී පවතී.

බුදුන්වහන්සේගේ පමනක් නොව ශ්‍රාවකයන් වහන්සේලා ගේ ධාතුන්වහන්සේලා සොයාගත්තේද මේ හෙලදිවයින තුලිනි.බුද්ධන්ගලින් කැනීම කරන විට සොයාගත් රන් ආලේපිත නෙලුම්මල් හැඩැති මංජුසාවක අකුරු පරීක්ශාකල මහාචාර්ය සෙනරත් පරනවිතාරන මහතා ප්‍රකාශ කලේ ඒවා අගසව් දෙනමගේ ඇතුලු සර්වඤ්නවහන්සෙගෙ ධාතු ලෙසය.එසේම ඒවා ඩී.න්.ඒ පරීක්ශන මගින් තහවුරු කර තිබීමද විශේශයකි. අග්‍රසාවක ධාතූන්වහන්සේලා ලංකාවේ බුද්ධන්ගලට පැමිනියේ කෙසේද යන්න සොයා බැලීම වටී.

පූජ්‍ය එල්ලාවල හිමියන් විසින් අම්පාර රජගල දී මිහිඳු හිමියන් හා ඉට්ඨිය තෙරුන්ගේ සොහොන සොයා ගැනීමත් සමඟ ම සියලු දේ සනාථ වන අතර මිහිඳු හිමි ඉන්දියාවේ සිට පැමිණියා නම් ආපසු යා යුත්තේ ද ඉන්දියාවට මිස අම්පාර රජගලට නොවේ. තවද එල්ලාවල හිමියන්ගේ ශ්‍රේෂ්ඨ ලිපියකින් මිහිඳු හිමි එන්නට පෙර හෙළයන් බුදුරජුන් ගැන දැන සිටි බවත් සියලු බ්‍රාහ්මීය අක්ෂර සහිත කලා ශිල්ප ආදිය අපට තිබූ බවත් බුදු හිමිගේ පූජනීය ධාතුන් වහන්සේලා වැඳුම් පිඳුම් කරගෙන හෙළ ජන කොටස් ජීවත් වූ බව ප්‍රකාශ කර ඇත.

පරිනිර්වානයෙන් පසු රජදරුවන් විසින් ඉදිකල දාගැබ්/ස්ථූප තුල ධාතුන්වහන්සේලා වැඩ සිටින , රුවන්වැලි සෑ වෙහෙරේදී ධාතුපරිනිර්වානය සිදුවන මේ හෙලබිම තුල මිස ගෝතම බුදුන්වහන්සේ වැඩ සිටියේ වෙන කොහේද?

13 comments:

  1. siri samanthabadra himi deshana karanne oya awrudu 5000 kathawa musawak kiyaya. oya ruwanweli sayedi wena deyath prathiksepa karai. owennak sri mukha deshanaaweda natha.
    swamin wahanse apa upan me hela bima janbudveepayai kiyana adahasa gana yamak pawasa athda?

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියට උන්වහන්සේ තවම ජන්බුද්වීපය පිලිගෙන නෑ. අවුරුදු 5000 වැනි කතා සාහිත්‍යමය කතා සන්නස් වල එවැනි දේ තිබෙනවා. ධාතු පරිනිර්වාය ගැනනම් තවත් බොහෝ පොත්වල සදහන් වෙනවා. ඒගැන තවදුරටත් සොයා බැලීම වටිනවා.

      Delete
  2. "සන්නස්වල හා වෙනත් ග්‍රන්ථවල ධාතුපරිනිර්වාණය සිදුවන අන්දම විස්තර කර තිබේ"

    සන්නස්වල තිබෙන ධාතු පරිනිර්වාණයක් පිළිබඳව මම නම් දන්නේ නැහැ. කරුණාකර ඒ සන්නස් ගැන නිසියාකාරව කරුණු කියන්න.

    කෙසේ නමුත් ඔබ පහත දක්වා ඇති උපුටා දැක්වීමට ඉතාමත් සමාන අයුරින් විස්තරයක් තිබෙනවා පූජාවලියේ උද්දේසික පූජා කතා කොටසේ 736 පිටුවේ සිට 737 දක්වා. හැකි නම් කියවලා බලන්න

    "වැදගත්ම කරුන වන්නේ සන්නස්වලට අනුව ධාතුපරිනිර්වානය සිදුවන්නේ රුවන්වැලිමහාසෑයේදීය"
    "ධාතුපරිනිර්වාණය අනාගතයේ බොධිමූලයෙහි දී ම වෙයි"

    මොකක්ද මේ පරස්පර විරෝධී කතා දෙක ??

    "එසේම මෙහි එන නාග දිවයින කොහේද?" කෝ මේ ප්‍රශ්නයට පිළිතුරක් දීලා නැහැනේ. ඔබ හිතන විදිහට වර්තමානයේ නාගදීපය විදිහට පිලිගන්න යාපනය ආසන්නයේ තිබෙන නාගදීපය නියම නාගදීපය නෙමෙයිද ??

    ReplyDelete
    Replies
    1. සන්නස් හා වෙනත් ග්‍රන්ථ අනුව කියලා කිව්වේ ඒ නිස තමා.

      ඇතැම් ග්‍රන්ථවල බෝධි මූලයේ කියලා තිබ්බට රුවන්වැලි සෑය ගැන හදුන්වද්දි ධාතු පරිනිර්වානය එතන වෙනවා කියලා කියනවා. සමහර තැන්වල ධාතුවහන්සේලා එතනට එකතු වෙන බව කියනවා. රුවන්වැලි සෑය පිහිටි ස්ථානය සිව් බුදුවරුන්ට සම්බන්ද කම තියෙනවා. ජනප්‍රවාද ගැන හොයලා බලන්න.

      නාග දිවයින කියන්නේ නාග ගෝත්‍රක පාලන ප්‍රදේශයට. ඒක ඕන කෙනෙක් දන්නවා. ආටානාටිය සූත්‍ර දේශනාවේ හා මීවරපලානේ හිමියන්ගේ පොත්වල ඒ ගැන විස්තර කරලා තියෙනවා.

      Delete
    2. "සන්නස් හා වෙනත් ග්‍රන්ථ අනුව කියලා කිව්වේ ඒ නිස තමා"

      ඒ සන්නස් සහ පොත් මොනවද කියලා කියන්න

      "ඇතැම් ග්‍රන්ථවල බෝධි මූලයේ කියලා තිබ්බට රුවන්වැලි සෑය ගැන හදුන්වද්දි ධාතු පරිනිර්වානය එතන වෙනවා කියලා කියනවා"

      මේ කරුණු කොහෙද තියෙන්නේ කියලත් කියන්න

      ඔබ හිතන විදිහට වර්තමානයේ නාගදීපය විදිහට පිලිගන්න යාපනය ආසන්නයේ තිබෙන නාගදීපය නියම නාගදීපය නෙමෙයිද ??

      Delete
    3. නාගදීප කීපයක් ලංකාවෙ තියෙන්න පුලුවන්, මිරිස්වත්තවල් කීයක් තියෙනවද? :P
      බුදුහාමුදුරුවන්ට සම්බන්ධ නාගදීපය
      මහියංගණයට ආසන්නයේ , තියෙන්න එක.

      http://maps.google.com/maps/place?ftid=0x3ae4947601065933:0xd0cafddfa845fe26&q=7.270354,81.100359&hl=en&ved=0CA0Q-gswAA&sa=X&ei=xHI8UMmKN5CwiQeKiIDYAw

      සමහරු සම්පූර්ණ යාපනයම නාගදීපය ලෙසත් හඳුන්වනවා

      Delete
  3. "එසේනම් ඉන්දියාවේ දාතුන්වහන්සේලා නොමැති වුනේ කෙසේදැයි සෙවිය යුතුය. රජදරුවන් නිර්මානය කරන ලද දෑගැබ්වලට කුමක් වීද"

    ඉන්දියාවේ රජදරුවන් රාජ්‍ය 8 සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරපු ස්ථූපවලට මොකද වුනේ කියලා අහලා නැද්ද ??

    "වම් හා දකුණු දන්ත ධාතු - මහනුවර දළදා මාලිගාව හා සෝමාවතිය, "

    වම් දළදාව ලංකාවට කිත්සිරිමෙවන් රජ දවස ඉන්දියාවෙන් නේද ලැබුනේ ???

    "ලලාට ධාතුව - සේරුවාවිල"

    ධාතුවංශයේ තිබෙන ලලාට ධාතුව සේරුවාවිල ස්ථූපයේ නිධන් කිරීමට ලැබුණු ආකාරය කියවා බලන්න

    "පූජ්‍ය එල්ලාවල හිමියන් විසින් අම්පාර රජගල දී මිහිඳු හිමියන් හා ඉට්ඨිය තෙරුන්ගේ සොහොන සොයා ගැනීමත් සමඟ ම සියලු දේ සනාථ වන අතර මිහිඳු හිමි ඉන්දියාවේ සිට පැමිණියා නම් ආපසු යා යුත්තේ ද ඉන්දියාවට මිස අම්පාර රජගලට නොවේ"

    අම්පාර රජගලින් හමුවුණු මිහිඳු හා ඉට්ඨිය හිමිවරුන්ගේ ධාතු තැන්පත් ස්ථූපය ගැන කරුණු මුලින්ම කිව්වේ මේධානන්ද හාමුදුරුවෝ නෙමේ. මම දන්න විදිහට පරණවිතාන සමයේමයි ඒ රජගල ලිපිය කියෙව්වේ

    ඉන්දියාවේ සිට මිහිඳු හිමි පැමිණියා නම් ආපසු ඉන්දියාවටම යා යුතුයි කියල නියමයක් තිබෙනවාද ?? උන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම ලංකාවේලුන වාසය කළේ............

    ReplyDelete
    Replies
    1. ධාතුවහන්සේලා ඉස්සර ඉන්දියාවේ තිබිලා නෑ. කින්හැම් හොයාගත්ත ධාතුන්වහන්සේලා ශාක්‍යයෝ තැන්පත් කලා කියලා අපේ අය කිව්වට ඒ සෙල්ලිපියේ තියෙන්නේ අශෝක රජතුමාගේ නම. ඉන්දියාවේ ධාතුන්වහන්සේආ විතරක් නෙමේ බුදුන්වහන්සේ ජීවමාන කාලයේ වැඩ සිටි එකම එක ස්ථානයක්වත් හොයාගෙන නෑ. වම් දලදාව අනුරාදපුරයට එන්නේ කොහෙන්ද කියලා මීවරපලානේ හිමියන්ගේ පොතේ තියෙනවා.

      මිහිදු හිමි ජීවිතකාලය පුරාම ලංකාවේ තමා වැඩ සිටියේ. අවුරුදු 15 දී පමන ඉන්දියාවෙන් පැනලා ආව දවසේ පටන් මහන වෙලා අපවත් වෙනකම්ම හිටියේ ලංකාවේ. ඒත් සමහරු කියන්නේ මිහිදු හිමියන් ඉන්දියාවෙන් බුදු දහම ගෙනල්ලා ආයේ ඉන්දියාව ගියා කියලා.

      Delete
    2. "වම් දලදාව අනුරාදපුරයට එන්නේ කොහෙන්ද කියලා මීවරපලානේ හිමියන්ගේ පොතේ තියෙනවා"

      මේ පොත මා ගාව නැහැනේ. මට දැනගන්න ඒ කතාව කියන්න

      "අවුරුදු 15 දී පමන ඉන්දියාවෙන් පැනලා ආව දවසේ පටන් මහන වෙලා අපවත් වෙනකම්ම හිටියේ ලංකාවේ"

      කොහෙද මේ කරුණු තියෙන්නේ ?

      "ඒත් සමහරු කියන්නේ මිහිදු හිමියන් ඉන්දියාවෙන් බුදු දහම ගෙනල්ලා ආයේ ඉන්දියාව ගියා කියලා"

      කවුද මේ අදහස ඉදිරිපත් කරන්නේ ?

      Delete
    3. "එසේනම් ඉන්දියාවේ දාතුන්වහන්සේලා නොමැති වුනේ කෙසේදැයි සෙවිය යුතුය. රජදරුවන් නිර්මානය කරන ලද දෑගැබ්වලට කුමක් වීද"

      ඉන්දියාවේ රජදරුවන් රාජ්‍ය 8 සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරපු ස්ථූපවලට මොකද වුනේ කියලා අහලා නැද්ද ??

      ලලාට ධාතුව සේරුවාවිල තැන්පත් කරන්න ලැබුණු හැටිත් මීවරපලානේ හාමුදුරුවන්ගේ පොතේ තියෙනවා නම් කියන්න

      Delete
    4. මේ වෙබ් අඩවියේම මැයි මාසයේ "ජන්බුද්වීපය පිලිබද අන්තර්ජාලයේ ඇති මූලාශ්‍ර කීපයක්" කියන එකේ පොත් 2 සහ වෙනත් වාර්ථාවැඩ සටහන් තියෙනවා.
      මේ පොත් 2 කියවලා නැත්නම් මේගැන කථාකරලා වැඩක් නෑ. ඉස්සෙල්ලා පොත් 2 කියවලා ඉන්න.

      මිහිදු හිමිගැන සම්පූර්න විස්තරේ ඒකේ තියෙනවා. ඉන්දියාවේ බශාම් තුමා කියන විදියට අශෝක රජුට මිහිදු කියලා පුතෙක් ඉදලත් නෑ.

      Delete
    5. හොඳයි බලමුකෝ ඒ පොත් දෙක කියවලා. ස්තුති තිබෙන තැන කිව්වාට

      Delete
    6. ඉන්දියාවේ රජදරුවන් රාජ්‍ය 8 සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරපු ස්ථූපවලට මොකද වුනේ කියලා අහලා නැද්ද ??
      මේවා ඉන්දියාවේ ඉපැරිණි පොත් වල තියෙන ඒවා නොවේ, ඉංග්‍රීසින් ආසියාව ආක්‍රමණ කළ පසු හා ඊට පසු පරිවර්තනය කළ පොත් වල තියෙන ඒවා. ඉන්දියාවේ ඉතිහාසය සහ හින්දු ධර්මය ගැන ලියවුන මහාපුරාන 18 ක් තියෙනවා. ඒවායේ කොතැනක වත් බුදුන් වහන්සේ කෙනෙකු ඉන්දියාවේ සිටි බට ලියා නැත. ඉන්දියාවේ කැනීම් වලින් බුදුන්ගේ ධාතු කියා සොයා ගත් බොහෝ ඒවා සත්ව විද්‍යාඥන් සත්ව ඇට කැබලි බව ඔප්පු කර තියෙනවා. (Annual Progress Report, Archaeological Survey, N. -W. P. & Oudh Circle. y/e 1898, p. 2.,, Government of India Proceedings (Part B), Department of Revenue & Agriculture (Archaeology & Epigraphy section), Aug. 1898,File no.24 of 1898, Proceedings (National Archives of India,New Delhi). එනිසා ඉන්දියාවෙන් ගෙනත් පෙන්වන ධාතු මා නම් කවදාවත් වදින්නේ නෑ.

      Delete