Thursday, June 21, 2012

රාමායනය තත්කාලයෙන් විමසීම



සර්ව සාධාරණ දැහැමි රජෙකැයි දශරථව රාමායනයේ හැඳින්වුවද නිකම් සිටින වෙලාවට දශරථ රජු කරන ලද්දේ දඩයමේ යාමය. ඒ දරුවන් නැති දුක නැති කරගන්නටය. (අසිංහළ වංශ කතා කාරයා කියන පරිදි දෙවනපෑතිස් රජ මුව දඩයමේ ගියේය. ඒ දරුවෝ වැඩි වූ නිසා ඇතිවූ දුක නැති කරගන්නටදැයි මෙවිට සිතේ.) දරුවන් නැති දුකෙන් හුන් දශරථ දඩයමේ යාමේදී ඊතල භාවිතා කරන ලදි.

හේ ‘‘ශබ්ද භේදී වාණ’’ නම් දුණු විෂයෙහි අති දක්ෂයෙකු බව රාමායනය පහදයි. එනම් සතෙකුගේ හඬ ඇසුණු පැත්තට නිවැරදි එල්ලය බලා විදීමේ අති දක්ෂයෙකු බවය. මේ අති දක්ෂයා ඉඳල ඉඳලා විද්දේ ඇස් අන්ධ දෙමාපියන් පෝෂණය කරන තරුණයෙකුටය. ඒ ඔහු දෙමාපියන්ට බොන්නට වතුර ගෙනෙන්නට වනයේ දියකඩිත්තක් අසළට ගිය විටය. ඉන්පසු මේ ධාර්මික රජු තරුණයාගේ මළ සිරුරත් තමන්ට ශාප කල ඒ අන්ධ දෙමාපියනුත් වනයේ දමා රජවාසලට ඒමය.

අශ්ව මේධ යාගය පටන්ගත්තේ දරුවන් ලබන්නට අළුත් මගක් ලෙසිනි. වසරක් පුරා දිනපතා අශ්වයන් බිලිදෙමින් කල මේ අශ්වමේධයාගය කෙතරම් ධාර්මිකද? මේ වගේ ගොන් මොට්ටයෝ ලංකාවේත් සිටිති. හලාවත මුන්නේශ්වරම් දෙවොලේ එළුවන්ගේ බෙලි කඩා ලේ බොන්නේ මුන්ගෙන් පැවත අවුත් ලංකාවේ පදිංචිවූ හැතිකරේය.

කූරගල බුදුන්වහන්සේ දිවාවිහරණය කළ තැන හරක් මරා ලේ උලන්නේ අද බෞද්ධයන් නැති නිසාය. මේවා ගැන කතා කරන්නට බැරි ගණ පන්තිය ගෑනුන්ගේ ඇඳුම් පලා පස්ස පෙන්නීම ගැන බණ කියති. තවත් අයෙක් දානෙ ගැනම කට ඇරියොත් බණ කියති. තවත් අයෙකු මස් කෑම බුදුන්වහන්සේ අනුමත කිරීම ගැන පොත් ලියා ඇත.

ගැටළුවක් නැත. අද බෞද්ධයන් නැති නිසා කිසිදු ගැටළුවක් නැත. ලංකාවේ  ඕනෑම ආගමකට නිදහස ඇතැයි කියා නීතියක් හදා ඇත්තේ මේ රට අබෞද්ධ නිසාය. හෙට දවසේදී ශරියා සහ ජිස්යා නීති ක‍්‍රියාත්මක වෙද්දී පාරමිතා පෙරහැර ලබ්බක් ඇතුලට ගොස් සැඟවී බෙර ගසනු ඇත. හැකි විගස මේ කුණුවුණු ලබුගෙඩියට පයින් ගසා මහවැලියට තල්ලූ කල යුතුය.
කූරගල පාවාදී චක‍්‍රවර්තීවරු බිහිකල රටක ශරියා නීතියෙන් තමන්ගේ කාලක් නැති කරගන්නට බලා සිටි පිරිසට ජීවත්ව සිටියහොත් සිදුවන්නේ සම්පූර්ණ එකම නැති කරගන්නටය.

දශරතගේ බිරින්දෑවරු තුන්දෙනාම ගැබ් ගන්වනා ලද්දේ මහා බ‍්‍රහ්මයා විසිනි. ඒ පායාසය ගිල්ලවීමෙනි. දශරථ විජය මෙන්ම දරුවන් නැති පුද්ගලයෙකි. දශරථ අශ්වයන් ගින්නට දමද්දී විජයගේ පරපුර සිංහළයා ගින්නට දමා ඇත. දරුවෝ නැති විජය අපේ මුත්තා මෙන්ම රාමගේ පියා බවට පත්ව ඇත්තේ දරුවන් නැති දශරථය. එය එසේනම් පායාසය යනු කිරිබත් නොවිය යුතුය.
මිථිලාවේ කෙළවරක් නැති සත්ත්ව ඝාතනය ගැන කෝපවූ අපේ රාවනයන් කලේ තාඩකා සාමන්තයික පාලිකාවට වහා එය නවත්වන්නට අණ කිරීමය. ඇය තම පුත් මාරිචි සහ සුබාහු යවා රැයේ බැඳ සිටින සතුන් මුදා හැරියහ. රකුසන් ම්ලේච්ඡයැයි අපට මේ ඉන්දියානු ආර්ය ජඩයන් කීවේ අප සතුන්ට අභයදානය දුන් නිසාය.

මහානුභාවසම්පන්න විශ්වාමිත‍්‍ර අංක එකේ කපටියෙකි. ප‍්‍රයෝගකාරයෙකි. හේ මුනිවරයෙක්දැයි පුදුම සිතේ. මේ මහ මුනිවරයා ශාප කිරීමේ අති දක්ෂයෙකි. ශාප කිරීමට දක්ෂ එකා මුනිවරයා යැයි පළමුවරට අපට දැනගන්නට ලැබෙන්නේ රාමායනයෙනි. එය සැබෑ මුනිවරුන්ට අපහාසයකි. මෙය සත්‍යයක් නම් මේ කියන කාලයේදී ඉන්දියාවේ මුනිවරු සිට නැත සිට ඇත්තේ කට්ටඬිය. විශ්වාමිත‍්‍ර ශාපකලවිට ඒ පුද්ගලයාට ඒ ශාපය එවේලේම පල දෙන බව කියයි. මෙහෙව් විශ්වාමිත‍්‍රයා හාස්කම් නැතිවී දාදිය දමමින් හතිදමමින් දශරථ මුණගැසෙන්නට ආවේ රාමව ණයට ඉල්ලා ගන්නටය. ඒ තාඩකා පරපුර නසන්නටය.

දැන් ගැටළුවක් ඇත. එවෙලේම ප‍්‍රතිඵල දැකිය හැකි ශාප කල හැකිවූ විශ්වාමිත‍්‍ර රකුසන්ට ශාප කලවිට එසේ පඩිසන් නොදුන්නේ ඇයි? ඒ රකුසන් මේ මුනිවරයන්යැයි කියාගන්නා කට්ටඬින්ට වඩා ප‍්‍රබල සහ ධාර්මික නිසා නොවේද?
රාමයා විසින් තාඩකාව මරා දමන ලදි.

පරශුරාම දුටුවිට මහා වීර දශරථ බියෙන් වෙව්ලන්නට පටන්ගත් බවද රාමායනයම කියයි. මිථිලාවේ ජනක රජු තමන්ගේ අභිජාත දියණිය දුන්නේ ලක්ෂ්මන්ටය. අරන්හදාගත් දුවව දුන්නේ රාමයාටය.

මේ රාමායනය පුරාවටම කියැවෙන මුනිවරු නම් කාලෙ කා දමන මිනිසුන් මුලාකරන තක්කඩිමය. පෞරෂහීන බෙලහීනයන්ය. මොවුන් රැකි වෘතයක් හෝ යෝගී බවෙක් නැත. මුන් ගැන මහාභාරතයේද මහ ඉහලින් වනනු ලබයි.

දුර්වාසා යනු නිතර කෝපයෙන් පසුවන කිළුටු ඇඳුම් ඇඳි හපුටු මුනිවරයෙකි. ඔහු විවාහවූයේ කන්දලී නම් රණ්ඩු කෙක්කක් සමගය. රණ්ඩු ඉවසා ගත නොහැකිව මේ මුනිවරයා බිරිඳව ගිනිතබා මැරීය. මේ අල්ලපනල්ලේ කන්දලීගේ දැවුණු අළු ගෙන පොහොර හැටියට යොදා විෂ්ණු කෙසෙල් වගාවක් ආරම්භ කලේය. මේවා මාස ගණන් නිවාඩු දමා සිනහවන්නට සුදුසු කතාය.


දිනක් දුශ්‍යන්ත ගැන සිත සිතා හුන් සකුන්තලාට මේ හපුට්ටාට සලකන්නට අමතක විය. ඉන් කිපුණු මුනියා සකුන්තලාගේ මගුල කඩන්නට මහත් වෙහෙසක් ගත්තේය. අම්මපා මුන් මුනිවරුද?

මේ දුර්වාසයා නියම පාඩම ඉගෙනගත්තේ මොනවා කලත් විෂ්ණුගෙනි. නාන්නේ නැතිව හිඳ කාලෙකින් ස්නානය කල මේ දුර්වාසයා නා දියෙන් ගොඩට එත්ම අම්බරිෂ රජු කන්නට යමක් දුන්නේ නැති බැවින් කෝපයෙන් හිසේ බැඳගෙන හුන් ජටාව ගලවා ඉරා පොලවේ ගසත්ම විෂ්ණු මෙතෙක් කල් ඉවසා බැරිම තැන චක‍්‍රයකින් මුනියාට දමා ගැසීය. හේ ඉන් බේරෙන්නට බඩගින්නේම හැතැප්ම ගණනක් දිව ගියේය.

විභාණ්ඩක මුනිවරයාට ඌර්වසී දෙවඟන දුටුවිටම ධාතු පහවිය. එම ධාතු පෙරුණේ අසළ දියපහරකට බව කියැවේ. එය බිව් මුවදෙනක් ගැබ්ගත්තීය. මේවා නම් කුණුහරුපමය.

මෙලෙසින්ම වෛදික මතය වන්නේ ඌර්වසී දැකීමෙන් මිත‍්‍රාවරුණට ධාතු පහවී වශිෂ්ඨ සහ අගස්ති මුනිවරු උපන්බවය. මුන් කියන මේ දකිනවිටම පිරිමින්ට ශුක‍්‍ර පහවන ඌර්වසී කෙබඳුදැයි සිතාගැනීමටවත් නොහැකිය. මන්ද ඒ තහවුරු කරගැනීමට දෙව්ලොව යායුතු බැවිනි.

මෙලෙසින්ම ඍතාවි නම් දිව්‍ය වෛශ්‍යාව දැක භාරද්වාජ නම් නපුංසක මුනියාට ශුක‍්‍ර පහවිය. හේ එය බඳුනකට එකතු කරන ලද්දේ විය. මේ කියැවෙන විදියට මේ වෙසඟනුන් දිව්‍ය විය නොහැකිය. මෙහේ නම් පාරේ මෙවැනි ගැහැණු සිටි විට පොලිසියෙන් අල්ලාගෙන යයි. මේ වගේ මුනිවරුන්ටද මානසික ප‍්‍රතිකර්ම ලබාදේ. අපොයි මේ ඉන්දියාවේ මෝඩයන්ට දෙවිවරු මුනිවරු වී ඇත්තේ මානසික සහ කායික දුබලයන්මය. ඒ මදිවාට මේවා කොපිකර අපේ සිංහළ පඬිවරුද අපේ සිතීමේ නිදහසට වැට කඩොලූ බැන්දාහ.

මේ සියළු දුර්ජනයන්හට නිගා නොකිරීමට හා සිංහළයන් ලවා මුන්ට වැන්දවීම පිණිස දශරථ ජාතකය නමින් ජාතකයක් ජාතක කතාපොතට ඇතුලත් කොට ඇත. එය කියැවූ විට වහා අවබෝධවන්නේ සිංහබාහු කතාව කීවාට අපට කේන්ති නොයාම පිණිස කරන ලද උප්පරවැට්ටියක් බවය. සිංහබාහු කතාව සාධාරණීකරණය කිරීමකි.

දශරථ ජාතකයේ හැටියට සීතා රාමගේ නැගණියයි. එහෙත් පසුව අගමෙහෙසිය බවට පත්විය. එසේ නැගණියව කාර බැඳගත් රාම බෝසත් ආත්මයකි. මේ ගජබින්නයකි. හැමදාම වගේ ඉන්දියාවේ තක්කඩි අපේ බුදුන්වහන්සේට අපහාස කොට ඇත.

රාමායන ආරණ්‍ය කාණ්ඩයේදී අසපුවක හුන් අත‍්‍රී සහ අනසුයා දෙදෙන ගැන කතාවද අපූරුය. සැබවින්ම මේවා ආශ‍්‍රමදැයි විටෙක සිතේ. එම ආශ‍්‍රමයෙන් නික්මෙන විට මුනිවරයාගේ බිරිඳ සීතාව බොහෝ අබරණවලින් සැරසූ බව කියනු ලැබෙයි. සාමාන්‍ය මැදුරක විය යුතු පවුල්කෑම අසපුවක ඇති විට සහ එහි සශ‍්‍රීක බව කියාපාන්නේ නීරස දෙයක් මිස රසයක් නොවේ.

ඉනික්බිති රාම, ලක්ෂ්මණ, සීතා යන මග ඉදිරියට කාල රකුස් පුත් විරාඪ මුණ ගැසුණූ විට රාමයා හඬන්නට පටන් ගත්තේය. ඒ තම බිරිඳ නැතිවේයැයි දුකිනි. රකුසන් මිනීමස් කනබව කියන්නට දමාගත් බොරු බේගලයකි මෙය. එහෙත් සූර වීර රාමයා ඉකිබින්දේ ඇයි?

‘‘අඬනවද බොල මේ වෙලාවට? කොන්ද පණ තියෙන පිරිමියෙක් වගේ හිතපන්කො අදවත්’’ යැයි එවිට ලක්ෂ්මණ පවසා ඇත. රාමගේ බිසව සැබවින්ම පවුල් කෑවේ ලක්ෂ්මණ සමග බවට රාමායනය පුරාවටම සාක්ෂි ගොණු වෙයි.
  

--------------------------------------
රාමායනය සලකා බැලීමේදී රාමා දෙවියෙක් වීමට කලාවූ වීරකම් කීපයක් මෙසේ හදුනා ගත හැක.
(1)රාමා හා ලක්ෂමන සීතා සමග අබුසැමි සබදතා පැවැත්වීම.
(2)රාවනා රජුගේ නැගනිය වූ සුර්පණකා කුමරියට එනම් තනියෙන් සිටින ස්ත්‍රීයකට හිරිහැර කිරීම
(3)සැගවී සිට විද වාලි වානර රජු මරනයට පත්කිරීම
(4)බොරු කොට සහෝදරයන් කෙටවීම
(5)සැගවී සිට පහරදී ඉන්ද්‍රජිත් කුමරුව මැරීම.
(6)මුහුණට මුහුන යුද්ධයකදී සටන් කල නොහැකි වීම
(7)මහජනයා ඉදිරියේ තම බිරිදට ගින්නට පනින්න කීම
(8)ගැබිනි කාන්තාවක්ව සිටි සීතාව වනයට පලවා හැරීම
(9)අවසානයේ සීතා පොලව තුලින් විවර වූ විවරයකට ගිය බව සදහන්ය. ඇතැම් විට මේ සීතාවෝ සිය දිවි නසා ගැනීම සැගවීමට සාහිත්‍යකරු කල දෙයක් විය හැක.කෙසේ වෙතත් එයට හේතුව රාමාය.
(10)තම කල පාපයෙන් මිදීමට සිය දිවි නසා ගැනීම.
 

----------------------------------------------------

රාවණ රජු සල්ලාලයෙක් බවට පත් කලේ අපේ නාඩගම් ඇදුරන්ය.
රාවණ ඝාතනය කර රාම වීරයෙක් කිරීම.

 හෙළ අසුර අධිරාජ්‍යට වැඩිපුරම සතුරු බල පෑම් එල්ල වුණෙ භාරතයෙන්. හැම අවස්ථාවේම හෙළ අධිරාජ්‍යට කෙනෙහිලිකම් කලේ මේ අසල් වැසි භාරතය තමයි. හින්දු සාහිත්‍යට අනුව නම් හෙළ අසුර අධිරාජ්‍යෙය් ප්‍රධානතම සතුරා වෙලා තියෙන්නෙ විශ්ණු.

විශ්ණුගේ සතුරුකම් අපිට පළමුව හෙළඅසුර අධිරාජ්‍යෙය් සතුරෙක් විදියට ඉස්මතු වන්නෙ හිරන්‍ය කාශ්‍යප රජු දවසෙයි. හින්දු සාහිත්‍යට තුන් ලෝකයක් පාලනය කලායැයිද, තම සුර්ය රශ්මිවන් තේජාන්විත දෙනෙතින් බලා යුරෝපිය අයිස් තට්ටුව දිය කලා යැයි චෝදනා ලබන්නේද හෙළ අධිරාජ්‍ය කොකෙස් කදුකරය දක්වා ජනාවාස කරපු හිරණ්‍ය කාශ්‍යප හෙවත් මහාමන්දාතු රජුට එරෙහිව විශ්ණු පළමුව නරසිංහ නැමති අවතාරයෙන් පැමිනෙනවා. එයින් හිරණ්‍ය කාශ්‍යප රජුව මරා දමන විශ්ණු නැතහෝත් භාරතීයානු අධිපත්‍ය නැවතත් හෙළ අසුර අධිරාජ්‍යට අතපොවන්නෙ මහා බලි රජු සමයේ. මෙහිදිත් අසුර අධිරාජ්‍යෙය් සතුරා වන්නෙ විශ්ණුයි. වාමනක නැමති අවතාරයෙන් පැමිණෙන විශ්ණු මෙහිදි කූඨ උපක්‍රමයකින් බලි රජුව පැහැරගෙන අසුර අධිරාජ්‍ය අරාජික කිරීමට උත්සහ කිරීමක් හදුනාගන්න පූළුවන්. විශ්ණු හා අසුර අධිරාජ්‍ය අතර අවසන් ඝඨ්ටනය ඇති වන්නේ රාවණ රජු සමයේදි. හෙළ අසුර අධිරාජ්‍ය හා එහි රජවරු දෙස විමසා බැලීමේ දී


1. මහාමන්දාතු හෙවත් හිරණ්‍ය කාශ්‍යප

2. මහා බලී
3. රාවණ


යන රජවරුන් හෙළ අසුර අධිරාජ්‍යෙය් කැපීපෙනෙන රජවරු විදියට හදුනා ගන්න පුළුවන්. මෙම රජවරු සමයේදී හෙළ අසුර අධිරාජ්‍ය බලසම්පන්න , සමෘධිමත් ඒවා බව හින්දු සාහිත්‍යෙයන්ම පැහැදිලි කරගන්න පුළුවන්. විශ්ණු යනු මේ රජුන් 3 දෙනාටම පොදු සතුරා වූ නමුත් රාවණ රජු සමයේ හැරුණාම මහාමන්දා තු හා මහාබලි රජු සමයන්හිදි විශ්ණු සටනකට නොපැමිණ විවිධ උපක්‍රම බාවිතා කිරීමක් දක්නට පුළුවන්.
මේ කරුණු සියල්ල බැලුවාම පැහැදිලි වන දෙයක් තමයි විශ්ණූ හෙළයන්ගේ ප්‍රධානම හා ප්‍රබලම සතුරෙක් වුණායි කියන එක.බෞද්ධ සාහිත්‍යෙය් එන දශරථ ජාතකයට අනුව නම් රාම කියන්නෙ බොධිසත්වයෙක්. දශරථ ජාතකයට අනුව සීතා කියන්නෙ රාමගේ නැගෙනියයි. බෞද්ධ සාහිත්‍යෙය්දී රාම විසින් රාවණ ඝාතනයක් හෝ සීතා පැහැරගෙන යාමක් ගැන සදහන් වෙන්නෙ නැහැ.

නමුත් ලංකවේ ඉතා දක්ෂ යැයි සැලැකෙන නාඩගම් ඇදුරන් වන දොන් සී බස්තියන් හා ජොන්ද සිල්වා දෙමළ රාමයණය නැතහොත් බාල රාමයණය උපයෝගි කරගෙන රාමායණය නාඩගම නිෂ්පාදනය කිරීම මගින් රාම ඉතා යහපත් සාධූ චරිතයක් කර රාවණ රජු සල්ලාලයෙක් ලෙසත් සුපර්ණිකාව වෛශ්‍යාවක් ලෙස පෙන්වා දීම කිරීමයි. මෙය සැබෑ ඉතිහාසය දරන හෝ නොදැන කලාද යන්න කියන්න අමාරුයි.

දෙමළ රාමායණය හෙව ත් බාල රාමයණයට අනුව රාමගේ පළමු වීර ක්‍රියාව නම් දණ්ඩකාරණ්‍යෙය් දී මිනී මැරීමයි. විශ්වමිත්‍ර මුණිගේ ඉල්ලීමට අනුව දශරථ රජුගේ අණ පරිදි රාම හා ලක්ෂමණ විසින් යාග හෝම කඩාකප්පල් කීරීමට පැමිනෙන රකුසන් (රකු+කුස්) 12000ක් මැරීම සාර්ථකව කිරීම උදෙසා විශ්‍රමිත විසින් රාමව මිථිලා නුවරට රැගෙන ගොස් ජනක රජුගේ දුන්න නම්මවා සීතාව ලබාදීම කරලා තියෙ නවා.


සුපර්ණිකාව දණ්ඩකාරන්‍යෙය් පාලනයට යවා තිබුනේ රාවණ රජු විසින්. නමුත් දුනු හී තල රැගෙන තවුස් වෙසින් වනයට පැමිණි රාම හා ලක්ෂමණට සුපර්ණිකාව මුණ ගැසුණු විට එම බල ප්‍රෙද්ශයේ පාලීකාව වශයෙන් ඇය ඔවුනට කොන්දේසී 2ක් ඉදිරිප ත් කරන ලදි

1. දුණු ඊතල ඉවත දමා ආරණයේ ඉදීම
2. ආරණ්‍ය යෙන් පිටව යාම

මෙවිට රාම ඉගි කිරීමත් සමගම ලක්ෂමණ විසින් සුපර්ණිකාගේ කන හා නාසය කැපූ බව සදහන් වේ. තනි කාන්තාවකට පිරිමින් දෙදෙනෙකු විසින් හිංසා කිරීම වාල්මිකි දක්වා ඇත්තෙ වීර කමක් ලෙසටය. නමුත් සැබෑ ලෙස බලනවා නම් මෙය රාමගේ නිවට කම මිසි වීරත්වය පෙන්වීමක් නොවේ.

සුපර්ණිකාට හිංසා කලේ පිරිමින් දෙදෙනෙකු නිසාම ගැහැණියක් නිසා පිරිමියෙක්ට ඇතිවන්නා වු මානසික පීඩාව ඒත්තු ගැන්වීමට රාවණ විසින් සීතාව බලහත් කාරයෙන් පැහැරගෙන ආ බව කියැවේ. රාම රාවණ යුද්ධය අවසානයේදී අග්නි පුජාව හෙවත් ගින්නට පැන සීතා තමන් පිරිසුදු බව හා රාවණ අතින් කෙලෙසී නැති බව පෙන්වු බව වාල්මිකි සදහන් කලත් මෙරට නාඩගම් ඇදුරන් විසින් රාවණ සල්ලාලයෙක් කිරීම නම් කණගාටුවට කරුණකි. මෙයින් පැහැදිල වන්නේ රාවණ සීතා කෙරේ ඇති වූ ආශාවකින් ඇය රැගෙන ආවා නොව රාමට හා ලක්ෂමණට දඩුවම් දීම අදෙසා ඇය රැගෙන ආ බවයි. මේ වු සිද්ධියට රාම විසින් රාවණ රජුගෙන් සමාව අයැද සිටීයා නම් සීතා නැවත බාරදීමට තරම් රාවණ රජු දැහැමි රජෙකි.

සෑම විටම තනිවම සටන් කල රාමට(මින් පෙර නරසිංහ හා වාමන ලෙසත්) රාවණ රජු සමග සටන් කිරීමට සේනාවක් අවශ්‍ය විය. රාමට මෙම සේනාව සපයන ලද්දෙ සුඛ්‍රීව හා හනුමාන් ප්‍රමුඛ වානර හමුදාවකි. වාලිමිකිගේ රාමයණයේ රාම විසින් වාලී නැමති මහා වානර රජු සැගවී සිට තබූ හී සැරයකින් මරා සුඛ්‍රීවට වානර නායකත්වය ලබා දී ඉන් ඔහුගේ සහය ගත් ආකරයක් දැක්වේ. මෙම කරතව්‍ය මහා වීර ක්‍රියාවක් ලෙසට රාමයණය නාඩගමේ දක්වා ඇත.

පොම්බුලේ මගේ පොම්බුලේ...
තාරා දේවී පොම්බුලේ...
බේරා ගන්නම් පොම්බුලේ මගේ...
වාලි රජාගෙන් පොම්බුලේ...


යන ගීත පවා එක් කර තමාගේ අරමුණ වෙනුවෙන් යාමට තම සොයුරු වාලී රජුගේ බිරිද වූ තාරා දේවියට පෙම් බදින සුඛ්‍රීවට තාරව හා වානර නායකත්වය ගැනීම උදෙසා වාලි රජු මැරීම පවා රාමයණයේ දැක්වෙන්නේ වීර ක්‍රියා ලෙසට වුව මෙම සිද්දීන් රාමගේ අවස්ථා වාදී කම් හා නිවට කම් පෙන්වන ලක්ෂණයි.
රාම විසින් කල සෑම නිවට හා අවස්ථාවාදී ක්‍රියා වාල්මිකි දක්වා ඇත්තේ වීර ක්‍රියා ලෙසටයි. තලෛයි ම්නාරම හා රාමේෂ්වරම් අතර ඇති ආදම්ගේ පාලම වසර ලක්ෂ ගණන් පැරරණි බව නාසා ආයතනය සොයාගෙන තිබේ.

නමුත් වාල්මිකිට අනුව එය තනන ලද්දෙ හනුමාන් විසිනි. නමුත් රාවණ රජුගේ දඩුමොනරය හෙවත් පුෂ්පක රථය මහා බඹු විසින් කුවේරට දුන් තැග්ගක් ලෙස දක්වා ඇත. නමුත් දඩු මොනරය විශ්වකර්ම විසින් සිංහමුඛ කුමරුට ලංකා පුර නගරය සමග දුන් තිලිනයක් බව පැහැදිලිය. මකරි වෝටෙකස් හෙවත් රසදිය බාවිතයෙන් ක්‍රියා කරන්නා වූ එංජිමකින් යුක්ත වන ගුවන් යානා හෙවත් විමාන සෑදීම ගැන වාලිමිකිට සමකාලීනව විසු භ්‍රද්වරාජ් සෘෂි විසින් ග්‍රන්ථයක් ලියා ඇත.

ලංකාවේදී ගින්නට පැන නොපිලිස්සී තම පතිවත තහවුරු කල සීතාව රාම විසින් පසු කලක අත් හරින ලදි. ඉතා බිහිසුණු යුද්ධයකින් පසුව තම බිරිදව රැගෙන එන්නා වූ රාම තමන් හේතුවෙන් ගැබ් ගන්නා වූ සීතා පිළිබදව අයෝධ්‍යා වාසීන් සැක පහල කිරීම නිසා ඇයව අත්හරින ලදි. මෙම සැක පිළිබදව ඇසු විට ඔහුට තම රට වැසියන්ට සීතා තමන් නිසා ගැබ් ගත් බව සහ ලංකාවේදි ඇය අග්නි පුජාජවෙන් පතිවත ඔප්පු කලා බව කීමට හැකියා තිබුණි. නමුත් ඔහු එසේ නොකරන ලදි. ඒ වෙනුවට තමා නිසා ගැබ් ගත් බිරිය වනයේ අතරමං කරන ලදි. මෙය රාමාගේ නිවටත්වය මැනවින් පෙන්වන්නකි. මෙයින් ඔහු සීතාට වඩා රජකමට ඇලුම් කල බවක් පෙනේ.

ලක්ෂමණ විසින් සීතාව විසින් වාල්මිකිගේ අසපුවට ගෙන ඇරලු බවක් දක්නට සදහන් නොවේ. සීතාව වනයට ගෙන රැගෙන ගොස් රාම විසින් එසේ කීරිමට කල බව ලක්ෂමණ විසින් දැනුම් දීමෙන් අනතුරුව සීතා විසන් විලාප දුන් බවත් එම විලාපය ඇසී වාල්මිකි පැමිණ විලාප දුන් අයගේ තතු විමසා ඇයව රැගෙන ගොස් තම අසපුපේ තබා රැක බලාගත් බවද, එහිදී සීතා විසින් පුතුන් දෙදෙනෙක් බිහිකරන අතර ඔවුනට ලව හා කුස යැයි නම් තැබූ අතර ඔවුනට සියළු කෂ්ත්‍රීය විද්‍යා උගන්වන වාල්මිකි විසින් රාමයණය කාව්‍ය කර ඔවුනට පාඩම් කරවු බවද සදහන් වේ.
රාවණ රජු මැරු පාපය ගේවීමට රාම රජු විසින් අශ්ව මේධ යාගයක් පැවැත්වීමට කටයුතු කරන ලදි(සුදු අශ්වයේ මරා යාගයක් පැවැත්වීම) අග මෙහෙසියක් නොමැති නිසා සීතාගේ පිළිමයක් රනින් නෙලන ලදි.

මෙයට ආරාධනා ලැබ පැමිනෙන වාල්මිකා විසින් ලව හා කුසත් කැටුව ඔවුන් ලවා රාමායනය ගායනා කරවූ බවද, එය ඇසීමෙන් සියළු දෙනා සතුටු කදුළු හෙලු බවත්, ළමුන් දෙදෙනා කාගේදැයි අසනා රාමට වාල්මිකි විසින් ඒ ඔහුගේ ළමුන් බව පැවසු බවත් සදහන් වේ. මෙයින් කනගාටුවට පත් රාම වසින් තඑ රථය යවා සීතාව නැවත අයෝධ්‍යාවට ගෙන්වූ අතර ලංකාවේදී කල සති පුජාව රට වැසියන් නොදුටු හෙයින් නැවතත් එය කරන ලෙසට ඉල්ලීම කලේය. මෙයින් කම්පාවට පත් සීතා තම පොළොව මැණියන්ට කතා කර තමා මවු තුරුලට ගන්නා ලෙස ඉල්ලු අතර එයන් පොලොවේ විවිරයක් මතු වී එයට සීතා පැන්න බවත් සදහන් වේ.(කම්පාවට පත් සීතා සියදිවි නසාගත්තා විය හැක.)

මෙයින් දවස් කහිපයකට පසු ලක්ෂමණ දැකීම පවා රාමා වර්ජනය කරන ලදි. තම දෙටු සොයුරු විසින් තමන් අත්හැර දමන ලදැයි සිතූ ලක්ෂමණ සරයු ගගට පැන දිවිනසා ගත් බවත් සීතා හා ලක්ෂමණ දෙදෙනාම අහිමි වූ ශෝකයෙන් රාම වීරයාත් සරයු ගගටම පැණ දිවි නසා ගත් බව සදහන් වෙනවා.
බෞද්ධ සාහිත්‍යෙය් එන බෝධිසත්ව රාම තපසයා පිළිබදව මේ අකාරයට දැක්වෙන්නෙ නම් නැහැ.

සම්පුර්ණ කතා පුවත දෙස විමසිල්ලෙන් බැලුවම නිගමනය කරන්න පුළුවන් දේ තමයි රාමගේ නිවටත්වය නැති කොට වීරයෙක් කිරීමට රාවණ රජු ඇදා ගත් බව. කොපමණ උත්සහ කලත් වාල්මිකිටත් රාමගේ නිවට කම් සැගවිය නොහැකිව තිබියදිත්, රාම රාවණ යුගයෙන් වසර 8000 කට පසුව ලියැවුණ රාමයනය කතා පුවතෙත් රාමගේ නිවට කම් සැගවිය නොහැකිව රාවණගේ ශ්‍රේෂ්ඨත්වය මතුවෙත්දීත්

ජොන්ද සිල්වා වැනි ලාංකීය නාඩගම් කරුවන් විසින් රාවණ සුපර්ණිකා වැනි චරිත පහත් කොට රාම වැනි නිවට චරිත වීරයන් කර තිබීම ලාංකීය ඉතිහාසයටම කරන ලද අගෞරවයකි.
ඒ මොනවා වුනත් සැබෑ ලෙස විමසා බලා සෑබෑ වීරය කවුද යන්න හදුනා ගැනීම පාඨකයන්ගේ වගකීමයි.

කෙසේ වෙතත් ලංකාපුර රාවණා රජු දඩුමොනරෙන් ගියේ ඉන්දියාවේ රාමා වැද්දා කාලේ බව රාමායන මගින් මනාව පැහැදිලි වෙයි. 
 

 මූලාශ්‍ර උපුටා ගැනීම
 - RavanaBrothers.com
 - http//seuslsla.blogspot.com/2011/06/blog-post_28.html



2 comments:

  1. විවෘත මනසකින් කියැවිය යුත්තකි...
    ජයවේවා!!!!!!!!

    ReplyDelete