Monday, June 18, 2012

ධාතුවන්දනා කල භූතයන්


ගෞතම බුදුන්වහන්සේ හෙලයෙක් කියූ පමනින් ඇතමුන්ට බොහෝ සේ කේන්ති යන්නේ කුමන හේතුවක් මතදැයි මම නොදන්නේය. එහෙත් ඔවුන්ට එය උපතින්ම උරුම දෙයක් වීදෝ යන හැගීම මා තුල පවතී. කෙසේ වෙතත් බුද්ධෝත්පත්තිය වූයේ ඉන්දියාවේ කියන්නන් විසින් ඉතා අරුම පුදුම ඉතිහාසයක් ලංකාවට උරුම කර දී ඇති බව ඇතැම් විට ඔවුනුත් නොදන්නවා විය හැක. 

මහාවංශ කතුවරයාට අනුව හා බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දියාවේ ආකෘති බුද්ධභූමිය සොයා ගැනීමට භාවිතා කල ෆාහියන් භික්ශුවගේ වාර්ථාවලට අනුව හෙලදිව මනුශ්‍ය වාසයක් තිබී නැත.ජනාවාස කල ඇත්තේ ඔරිසාවෙන් පැමිනි විජය ඇතුලු පිරිස හා වෙනත් සංක්‍රමනිකයන්ය.
   
මේ අමනුශ්‍ය කථාව අපගේ ඉතිහාසයට මොනතරම් සමච්චලයක් එක් කලාද කියතොත් ක්‍රි.ව. 5වන ශතවර්ශයේදී (ක්‍රි.ව.414දී පමණ) ලංකාවට පැමිනි චීන දේශාටන සංචාරක ෆාහියන් භික්ශුව පවා ලංකාව හැදින්වූයේ "පළමු කොට මෙහි මනුශ්‍ය වාසයක් නොවීය (මෙම පලමු හැදින්වීමෙන්ම හෙලදිව තුල බුදුවරයෙකුගේ උපත අහෝසි කලේය. ඉතිහාසය පුරාවටම මෙම යෙදුම තුල සැගවුනු සත්‍ය මෙයයි) යක්ශයොත් නාගයෝත් පමණක් වාසය කළහ. පිටරටවල වෙලෙන්දෝ වෙලදාම සදහා මෙහි පැමිනෙති. ඔවුන් පැමිනි කල භූතයෝ ඔවුන්ට පෙනී නොසිටින නමුත් මිල සලකුනු කරන ලද දුර්ලභ වෙලද බඩු සූදානම් කොට තබති. වෙලෙන්දෝ එසේ දක්වා ඇති මිල ගණන් වලට එකගව මිල ගෙවා බඩු ‍රැගෙන යති. වෙලෙදුන්ගේ මේ ගමනය නිසා අවට පිහිටි සෑම රටකම මිනිස්සු මෙය කොතරම් සුන්දර දිවයිනක් දැයි දැන ගත්තේ වරින් ව මෙහි අවුත් පදිංචි වූහ. මේ ආකාරයෙන් විශාල රාජධානියක් බිහිවිය"(ෆාහියන්ගේ දේශාටන වාර්ථාව/ පරිවර්තක මහාචාර්ය විමල් ජී. බලගල්ලේ/පි‍ටු අංකය 92)
  
ෆාහියන්ගේ මේ හැදින්වීම තුල හෙලදිව එදා කෘෂිකර්මාන්තයේ පවා යෙදී ඇත්තේ භූතයෝය! එපමනක් නොවේ. ඔවුන් මුදල්ද ගනුදෙනු කර තිබේ. එය ප්‍රීති සුඛය සදහාම විය යුතුය. භූතයන් හෝ බුම්මා‍ටු දෙවියන් යනු ගස් ගල් කදු ගෙවල් ආශ්‍රිත විමාන සදාගෙන නොයෙක් සුවද වර්ග ආඝ්‍රණය කරමින් ජීවත්වන භූත කොට්ඨාශයකි. මේක පටලවාගත් ෆාහියන් අපේ හෙල ඉතිහාසයට හොද ටොක්කක් ඇන්නේය. එහෙත් උන්වහන්සේගේ දේශාටන වාර්තා සහ යූආන් චාන්ගේත් දේශාටන වාර්තා උපයෝගී කරගත් බ්‍රිතාන්‍යයේ ජෙනරාල් කනින් හැම් අද ඉන්දියාවේ දකින බෞද්ධ සිද්ධස්ථාන මතුකර ගැනීමට ප්‍රධානම ආධාරකය කර ගත්තේය. මේ නිසාම බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නේ යයි ඇසූ පමනින්ම දෙලොව රත්වී අද යකඩ තලන්නේද පෙර කී ඉතිහාසය අනුමත කරන දකුණු ඉන්දියවේ ඔරිස්සාවේ විජයගේ නෑ පරපුරින් එන සිංහල පිරිස් බවද කණගා‍ටුවෙන් වුවද සදහන් කල යුතුය.

"න පිටකසම්පදානේන, න පරම්පරාය" ආදී වශයෙන් බුදුන්වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කල ඇති අන්දමට පොතෙන් ආ පමනින්, පරම්පරාවෙන් ආ පමනින් දෙයක් පිලිනොගන්නා ආර්‍ය මාර්ගයේ යන්නවුන් විසින් මේ ඉන්දියාවට ගැති ඉතිහාසය විමසා බැලීමේදී විශ්මය ජනක සිදු වීම් සොයා ගැනීමට හැකි විය. ඉන් බුදුන්වහන්සේ හා සම්බන්ධ සිදු වීම් කීපයක් පමනක් හෙලි කිරීමට සිත්විය.
 

ඇතමුන් පවසන අන්දමට බුදුන්වහන්සේ පිරිනිවන් පෑවේ ඉන්දියාවේදීය. ඒ වනතෙක් ලංකාවේ සිටියේ අමනුශ්‍යයෝය. ඒ අනුව බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේ නම්ක් ‍රැගෙන ඉන්දියාවේ සිට ලංකාවට වඩින එක්තරා භික්ශුවක් මේ නොදන්නා රටේ ඉදිකල ඇති දාගැබක් බිද ඒ තුල තමන්වහන්සේ ගෙනා ධාතුන්වහන්සේ තැන්පත් කර නැවත් ඒ දාගැබ විශාල කර එදා ලංකාවේ සිටි අමනුශ්‍යයන් ලවා බන්දවන ලද බවට මහාවංශය තොරතුරු ඉදිරිපත් කර ඇත.
 

මහාවංශයට අනුව සැරියුත් තෙරුන්ගේ සිසුවෙක් වූ සාරභූ නම් අරහතුන්වහන්සේ නමක්  බුදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ චිතකය දැවූ ස්ථානයෙන් ග්‍රීවා ධාතුව ‍රැගෙන මයියංගනයට පැමින එය කේශ ධාතු තැන්පත් කර තිබූ  චෛත්‍ය තුල තැන්පත් කර එම චෛත්‍ය නැවත දොලොස් රියන් කර බන්දවා පෙර ලෙසම වන්දනා මානයට පාත්‍ර කරවූ බව සදහන්ය.
මෙම සිදුවීම සලකා බැලූ විට අපේ ඇතමුන් කියන සම්මත ඉතිහාසයට අනුව ලංකාවට බුදුදහම ලැබෙන්නේ බුද්ධ පරිනිර්වානයෙන් වසර 236කට පමන පසුවයි. ඒ තුන්වෙනි සංගායනාවට පසුවයි. නමුත් මේ සිදුවීමේදී සාරභූ අරහතුන්වහන්සේ මයියංගනයට වඩින්නේ බුද්ධ පරිනිර්වානයත් සමගයි.
බුදු සමයක් නොතිබූ සමයක නාදුනන භික්ශුවක් නාදුනන රටකට පැමින එම නාදුනන රටේ තිබූ දාගැබක් බිද ඒ තුලට තමන්ගේ රටින් ගෙනා ධාතුවක් නිධන් කර නැවත එම දාගැබ විශාල කර බැන්දවීම කෙතරම් හාස්‍යක්ද, බුදු සසුනක් නොතිබූ යුගයක එම ධාතුවහන්සේලාට පූජා පැවැත්වූයේ කවුරුන් විසින්ද? කේශ ධාතු තැන්පත් කර තිබූ චෛතයට පූජාපැවැත්වූයේ භූතයෝද?
මහාවංශයට අනුව සාරභූ අරහතුන්වහන්සේ දොලොස් රියනක් කර බැන්දවූ දාගැබ පසුව චූළාභය හා දු‍ටු ගැමුනු රජවරුන් විසින් නැවත ප්‍රතිසංස්කරනය කර ඇත.
 

මේ සාරභූ අරහතුන්වහන්සේ පැමිනෙන විට ලංකාවේ ජනාවාස නොතිබූ බව මහාවංශ කතුවරයා සහතික කර පවසයි. ඒ නිසාම මේ බොරු අන් අය දැන ගැනීම වැලැක්වීම පිනිස හෝ කූට බුද්ධියක් භාවිතා කර හෝ මහාවංශය ආරම්භයේ පරිදි ඉතිහාසය සංශිප්ත කිරීමේදී හෝ වේවා සාරභූ අරහතුන්වහන්සේ මයියංගනයට වඩින විට එහි රජ කල රජකෙනෙකුගේ නමක් සදහන් කර නොමැත.
ඒ අනුව මහාවංශ කතුවරයා අදහස් කර ඇත්තේ සාරභූ අරහතුන්වහන්සේ භූතයන් සමග එක්වී මේ දාගැබ ගොඩ නැගූ බවයි.

අපේ ඉතිසාහය මහාවංශ කතුවරයා සගවන්නට උත්සහ කර ඇත්තේ ඒ පරිද්දෙන් වුවද අනාගතයේදී විමසා පිලිගන්නවුන් බිහිවන බව මහාවංශ කතුවරයාට අමතක වන්නට ඇත. මෙවැනි හාස්‍යජනක ඉතිහාසයන් අපට අවශ්‍ය නැත. නිවැරදිව මෙහි සිදු වූයේ කුමක්ද?
 

බුදුන්වහන්සේගේ පරිනිර්වානය සිදු වූයේ මේ හෙලදිව කුසිනාරා නුවරයි එනම් අද බුදුගල නමින් හදුන්වන ප්‍රදේශයයි. සාරභූ අරහතුන්වහන්සේ ධාතුන්වහන්සේ ‍රැගෙන වැඩම කරන්නේ ඒ බුදුගල සිට මයියංගනයට මිස ඉන්දියාවේ සිට නාදුනන ලංකාවට නම් නොවේ. නාදුනන භික්ශුවක් නාදුනන රටකදී එවැනි ක්‍රියාවක් කරන්නේ කෙසේද?
පුරාවිද්‍යාවට මයියංගනයේ සාක්ශි නැතිව අදටත් ලතවෙවී සිටී නමුත් වංශකථාවලට අනුව දේවානම්පියතිස්ස රජු අනුරාදපුරයේ මුල්ම චෛත්‍ය ලෙස සැලකෙන ථූපාරාමය සදන්නේ මැටියෙනි. අසල තිබෙන අභය වැවෙන් මැටි ගෙනවුත් ධාන්‍යාකාර හැඩයට කුඩා චෛත්‍යක් නිර්මානය කෙරූ බව පවසයි. ඒ නිසා එකේ නටබුන් සොයා ගැනීමට පුරාවිද්‍යාවට නොහැකිවී ඇත. ඊට ශතවර්ශ 3කට පමන පෙර මයියංගනයේ මුල් චෛත්‍ය නිර්මානය කිරීමට ඇත්තේද මැටියෙන් විය හැක. දැවයෙන් හා මැටියෙන් සෑදූ ගොඩනැගිලි නටබුන් නැති වූ කල මුල් ජනාවාස නොතිබූ බව ප්‍රකාශ කල හැකිද? මේ ලෝක චක්‍රයේ කලින් කලට වූ යුග වෙනස් වීම හා විනාශ වීම නිවැරදිව ප්‍රකාශ කිරීමට අද වනතුරු මොනම විද්‍යාවකටවත් හැකිවී තිබෙනවාද?
 

ඇඹිලිපිටියේ පුරාවිද්‍යා කැණීමක දී වසර 3300 ක ප්‍රභූ නිවසක්‌ හමුවීම
කෙසේ වෙතත් කුමන හේතුවක් නිසාදෝ මෑත කාලයේදී පුරාවිද්‍යාව විසින් මේ සම්මත ජනාවස නොවූයේය යන ඉතිහාසය උඩු යටිකුරු කරමින් නව සොයා ගැනීම කීපයක්ම සොයා ගෙන ඇති නිසා ලංකාවේ පුරාවිද්‍යාව අලුත් මාවතකට පිවිසෙමින් තිබෙන බව අමතක කල නොහැක.

එසේම සම්ම්ත පිලිගත් ඉතිහාසයට අනුව ලංකාවට මුල්ම බෝධිශාඛාවක් ඉන්දියාවේ සිට වැඩම කරවා ඇත. ඒ සංඝමිත්තා තෙරණිය විසිනි. නමුත් නිවැරදි ඉතිහාසය ඊට වෙනස්ය. බුදු හිමි ජීවමාන කාලයේම සෝනරත්න තෙරනිය සිරිමහ බෝ පැලයක් රුහුණු රටට වැඩම්වූ බවත් එය එකල එම ප්‍රදේශයේ මහරජ ශාක්‍ය වංශයේ පනිත මහරජ චන්දනගම ශාක්‍යය වංශ විහාරයේ රෝපනය කල බව බෝවත්තේ ගල සෙල්ලිපියේ පාලි භවතරණයේ දැක්වේ. චන්දනගම ලෙස නම් කරන ලද්දේ සුදු හදුන් වතු තුබූ නිසාය. බොවත්තේගල වූයේ බෝධිය වැඩම්වූ නිසාය. එසේනම් සංඝ මිත්තා තෙරණිය ඉන්දියාවේ සිට අලුතින් බෝධි ශාඛාවක් මෙරටට ගෙන ඒමේ අවශ්‍යතාවක් තිබේද? නැත. සංඝමිත්තා තෙරණිය ඉන්දියාවෙන් බෝධි ශාකා වැඩැම්වීයේ නැත. සංඝමිත්තා තෙරණිය සිදුකලේ හිරිවඩුන්නේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් අනුරාධපුරයට වැඩැම්වීමය. හිරිවඩුන්නේ ශ්‍රී මහා බොධියෙන් ශාඛාවක් ‍රැගත් සංඝමිත්තා තෙරනිය මකනදරාව තෙක් ගග දිගේ ගෙනවුත් දෙවන පෑතිස් රජු භාරදුනි. 

ඉන්දියාවෙන් බෝධි අංකුර ගෙන ඒම කෙසේවෙතත් ලංකාවෙන් ඉන්දියාවට වැඩැම්වූ බෝධි අංකුරය පසුව අශෝක රජුගේ බිසව ක‍ටු ගසා විනාශ කර ඇත. කුමන පව්කාර කමකටදෝ ඇතමුන් පවසන්නේ සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්වීමට පිටදුන් බෝධි වෘක්ශය ක‍ටු ගසා විනාශ වූ බවයි. නමුත් එම පූජනීය වස්තුව තවමත් හිරිවඩුන්නේ විරාජමානව වැඩ සිටී. ලංකාවේ සිට ඉන්දියාව වැඩම්වූ බෝධි ශාඛාව හුවමාරු වන අන්දම සාංචි තොරනේ නිරූපනය කිරීමටද අශෝක රජු අමතක කර නැත. සියලු ඉතිහාස පොත්පත්වල මේ සිදුවීම් පැහැදිලි කර තිබුනද බුද්ධෝත්පත්තිය ඉන්දියාවේ කියමින් පූර්ව නිගමන වලට එලබී එම පොත් කියවන විට ඉතිහාසයට අර්ථකතන දෙන්නේ වැරදියට බව කනගා‍ටුවෙන් වුවද කිව යුතුය.

එසේම  පුණ්ණ රහත් හිමි රුහුනේ ධම්ම ප්‍රචාරය කල බවත් සැරියුත් හිමිගේ ප්‍රධාන ගෝල හිමි සංඝිකා හිමි මයියංගනයේ ධර්ම ප්‍රචාරය කල බව ශිලා ලේඛනවල සදහන්ව ඇත.වැදගත් දෙයක් වන්නේ මීට පෙර ශාක්‍ය වංශයේ ආරම්බය ගැන සදහන් කල කරුනු බෝවත්තේගල සෙල්ලිපියේ පාලිභවතරණය විසින් තහවුරු කිරීමය. එනම් එහි දැක්වෙන අන්දමට පනිත මහරජ ශාක්‍ය වංශිකයෙකි. එසේම එම වැඩැම්වූ බෝධි අංකුරය රෝපනය කරන්නේ ශාක්‍යවංශ විහාරයේය.

නමුත් මහාවංශයට හා ෆාහියන් භික්ශුවට අනුව මේ කාලයේ ලක්දිව තිබ්බේ  භූත ජනාවාස නිසා මේ සියලු බෝධිවැඩම්වීම් හා රෝපනය කිරීම් කල ඇත්තේ භූතයන් සමග බව කියමින් බුද්ධෝත්පත්තිය ඉන්දියාවේ කියනන්වුන්ට මහාභාරතයට කඩේ යෑමට හැක.




ඉන්දීයා ජාතිකයන්ට හා සුද්ධන්ට ‍රැවටී අපේ ඉතිහාසය භූතයන්ට බාරදුන් කාලය දැන් අවසන් කිරීමට කාලයයි.

නාදුනන භික්ශූන් නාදුනන රටවලට කඩා වැදී දාගැබ් බිද අලුත් දාතු තැන්පත් කර භූතයන් සමග දාගැබ් සෑදූ හාස්‍යජනක කථාවලට තිත තැබීමට දැන් කාලයයි.

මේ සත්‍ය මතුවන කාලයයි.

7 comments:

  1. "බුදු හිමි ජීවමාන කාලයේම සෝනරත්න තෙරනිය සිරිමහ බෝ පැලයක් රුහුණු රටට වැඩම්වූ බවත් එය එකල එම ප්‍රදේශයේ මහරජ ශාක්‍ය වංශයේ පනිත මහරජ චන්දනගම ශාක්‍යය වංශ විහාරයේ රෝපනය කල බව බෝවත්තේ ගල සෙල්ලිපියේ පාලි භවතරණයේ දැක්වේ"

    …මේ සෙල්ලිපිය දක්වන්න පුලුවන්ද ??

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  2. මේක තියෙන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ පාලි භවතරණයේ මුද්‍රණය 1882, . බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි මේවා බුදුසරණ පුවත් පත්වලත් දමා තිබුන.පුස්තකාලයකට ගොස් බලගන්න බෝවත්තෙගල සෙල්ලිපය මෙය තහවුරු කරනවා, . එමෙන්ම පනිත මහ රජට අලිපවතිහි මහපුගියන කියාලා නැව් සමාගමක් තිබුන බව මහියංගනයේ හෙබරව දහස්තොට සෙල්ලිපියේ තියෙනවා. මේ සම්බන්ද විස්තර එංගලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයේ අපේ පුස්කොල පොත්වල මම කියවා තියෙනවා. පනිත රජට නැව් සමාගම් සහ දඬුමොනර තිබුන බව එම පුස්කොල පොත්වල තියෙනවා. මේවා කියව ගන්න ඔබට සෙල්ලිපි හෝඩිය සහ කියව ගැනීමේ දැනුම තිබිය යුතුයි. සෙල්ලිපි කියවන්න නොදන්නා අයට පහසු ක්‍රමයක් නම් පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරආරච්චි මහතාගේ පොතෙත් තියෙනවා.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ගෞතම බුදුරජාණන් වහන්සේ දවස අප්රකට කථා
    හිටපු විදුහල්පති, ශාස්ත්රපති ලත්පඳුරේ පියරතන හිමි
    ගෞතම බුදුරජාණන් වහන්සේ සක්කපක්ද්හ සූත්රය දේශනා කළේ පාචීන රජතුමාගේ රාජගෘහයේ පිහිටි ඉන්දසාර ගුහාවේදී ය. බ්රාහ්මණයෙකුගේ දියණියක් සරණ පාවාගත් ලංකාවේ නාග පචින පාචින රජතුමා ත්රිපිටකය ත්රිපිටක අටුවා ඇතුළු බෞද්ධ ග්රන්ථ වල සඳහන් වන තොරතුරකි, බුදුරජාණන් වහන්සේ සක් (ශක්ර) දෙවිදුන්ට සක්කපක්ද්හ සූත්රය දේශනා කිරීම. මෙම සූත්රය දේශනා කිරීමට බුදුරදුන් තෝරා ගත් ස්ථානය ලෙස සඳහන් කර ඇත්තේ පාචීන රජතුමාගේ රාජගෘහයේ පිහිටි ඉන්ද (ඉන්ද්ර) සාල ගුහාවයි. මෙම ඉන්දසාල ගුහාව පිහිටියේ කුමන ස්ථානයකද? යන්න විමසා බැලීම කාලෝචිත ය. බුදුන් දවස තිබුණු බුදුකැලි අටුවා ක්රි.පූ. 237 දී මිහිඳුහිමියන් මෙරටට රැගෙන විත් හෙළ භාෂාවෙන් ලියා තැබූ බවත්, එම හෙළ අටුවා ක්රි.ව. 500 දී ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට නැගූ බව පාලි පොත් වල සහ බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.
    “සීහළට්ඨ කථා සුද්ධා මහින්දේන මතීමතා / සංගීත්තයමාරුළහං සම්මා සම්බුද්ධදේසිතං” (මහාවංශය 37 වන පරි. 228 වන ගාථාව)
    “සිහලට්ඨ කථා සුද්ධා මහින්දේන මතීමතා /සඬගිතිත්තයමා’ රූළහං සම්මාසම්බුද්ධදේසිතං” (සද්ධම්මසඞගහ 7 වන පරි. 15 වන ගාථාව)
    “....... ඉක්බිති මහාවිහාරවාසී භික්‍ෂු මහාසංඝයා වහන්සේ සිංහල අටුවා කථා පොත් සමග පිටකත්‍රය, පාළි පොත් ද උන්වහන්සේ ට භාර කළහ.” එකල්හි ඒ ආයුෂ්මත් බුද්ධඝෝෂ තෙරණුවෝ ඒ සියලු පොත් භාරගෙන මහා විහාරයට දකුණු දෙස වූ “පධානඝර” නම් ප්‍රාසාදයෙහි වැඩවෙසෙමින් සියලු හෙළටුවා පෙරළා මුල භාෂාව වූ මාගධික භාෂාවට නගා ත්‍රිපිටකයට අට්ඨකථා කළහ. මහාඅට්ඨකථා මහාපච්චරියට්ඨ කථා සහ මහාකුරුන්දට්ඨකථා යනුවෙන් හෙළටුවා පොත් තුනක් ගැන සමන්තපාසාදිකාවෙහි දැක්වේ. ප්‍රථම මහාසංගායනාවට නැගුණු මහාකස්සප මහාස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ මහතෙරවරුන් විසින් කරන ලද මහාමහින්ද ස්ථවිරයන් වහන්සේ විසින් ලක්දිවට ගෙන එන ලදුව හෙළ බසින් කරන ලද්දේ “මහාඅට්ඨකථා” නම් පහුරට හෙළ බසින් පච්චරිය යි කියනු ලැබේ. පහුරෙහි ද හිඳ කරන ලද බැවින් එය “මහාපච්චරිය අට්ඨකථා” හෙවත් “පච්චරිය” නමි කුරුන්දිවේළු නමින් විහාරයක් ඇත. (දැනට කුරුත්තන් , ඌර් වවුනියා දිස්ත්‍රික්කය) එ වෙහෙරෙහි හිඳ කළ බැවින් එය ඉමහාකුරුන්දි අට්ඨකථා” හෙවත් “කුරුන්දි” නම් මෙසේ තුන් ප්‍රකාර වූ “හෙළටුවා” කථා අතුරෙන් ආයුෂ්මත් බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ කුරුන්දට්ඨකථායෙහි සිංහල භාෂාව පෙරළා මුල භාෂාව නම් වූ මාගධ භාෂාවට නගා “සමන්තපාසාදිකා” නම් විනය පිටක අට්ඨකථාව කළහ. ..... ඊට අනතුරුව සූත්‍ර පිටකයේ මහඅටුවාව කථා හෙළ බසින් පෙරළා සුමඞලවිලාසිනි නම් වූ දික්සගි අටුවාව ද එසේ ම පපඤ්චසුදනී නම් මැදුම්සගි අටුවා ද එසේ ම සාරත්ථප්පකසිනී නම් සංයුත්තසගි අටුවා ද එ සේම මනෝරථපුරණී නම් අඞගෝත්තරසගි අටුවා ද ලියූහ....(සද්ධම්මසඞගහ 7. පරි.28, සිංහල පොත .99 පිට)

    බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද දික්සගි අටුවාව දීඝනිකායට අයත් ය. එහි සඳහන් පක්කපක්‍ද්හ සූත්‍රය තුළ ඇති තොරතුරු අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ සක් දෙවියන්ට සක්කපක්‍ද්හ සූත්‍රය දේශනා කර ඇත්තේ පාචීන රජතුමාට අයත් රාජගෘහය තුළ පිහිටි ඉන්දසාලගුහාවේදී ය. මෙම ස්ථානය පිහිටියේ කොතනද? බුද්ධඝෝස හිමියන්ගේ පාලි පොතට අනුව මෙම ස්ථානය වෙදිකෙ පබ්බතෙ ලෙස සඳහන් ය. ඒ මෙසේ ය. “එවං මෙ සුතං එකං සමයං භගවා මගධෙසු විහරති පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො තස්සුත්තරතො වෙදිකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං.........

    ReplyDelete
  5. මෙම පාලි පාඨ ලියවී ඇත්තේ මහානාම රජදවස එනම් ක්‍රි.ව. 410 – 432 දී ය. දැනට උගතුන් විසින් පිළිගනු ලබන පැරණි සෙල්ලිපි ලියවී ඇත්තේ ක්‍රි.පූ. 600 – 300 අතර කාලය තුළ ය. සම්මත වී පිළිගනු ලබන පැරණි සෙල්ලිපි ලියවී ඇත්තේ ක්‍රි.පූ. 300 යයි. එදවස ලියවුනු සෙල්ලිපි හත අටක පචින රජතුමා සහ ඉන්දසාල ගුහාව පිහිටියේ ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ වැවේගම බඹරගල රාජමහා විහාරයේ බව පැරැණි ඉංගී‍්‍රසි වාර්තා වල සඳහන් ය. මෙහි විශේෂය වනුයේ ලංකාවේ විසූ පචින රජතුමා සරණ පාවාගෙන ඇත්තේ බ්‍රාහ්මණයෙකුගේ දියණියක් වීමයි. එම පුවත සහ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ ඉන්සාල ගුහාව පිළිබඳ මෙතෙක් සැඟව පැවති එම තොරතුරු මෙම ලිපියෙන් විස්තර කෙරේ. මෙම ලිපිය මාතෘකා තුනක් යටතේ සාකච්ඡා කෙරෙන්නේ එබැවිනි.

    පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් 1970 දී ලියා ඇති INSCRIPTION OF CEYLON. VOLUME Iග්‍රන්ථයේ පිටු අංක 103 දී බුදුරදුන් වරක් වැඩ වාසය කළ ඉන්සාල ගුහාව පිළිබඳව කෙටි සටහනක් දමා ඇත. ඒ ඔස්සේ අපිට ඉන්දසාලගුහාව, පචිනරජතුමා, අම්බසණ්ඩගම ආදිය විමසීමට පුළුවන.

    Ida – sala, cd.st.cave (skt. Indra – sala, p.Inda – sala)name of a cave in which the Buddha once dwelt (See Introduction, p cxix), 457, 458, 817, 817 (4)Idasala – gu (ha) sagasa’ (The cave named ) Indasala – guha (is given ) to the Sangha අංක 817 යන ලිපියෙන් අපිට ඉන්දසාල ගුහාව හමුවේ.

    මෙම ඉන්දසාලගුහාව පිහිටියේ පාචීන රජතුමාගේ රාජගෘහය අයත් ස්ථානයේ බව අටුවාවේ සඳහන් ය. මෙහිම ඇති අංක 814 යන ලිපිය කරවා ඇත්තේ පචින පාචීන (පාචීන) රජතුමාගේ බිරියයි.

    මෙයින් පාචීන රජතුමා ද මෙහි සිටි බවත්, රජතුමා සරණ පාවාගෙන ඇත්තේ බ්‍රාහ්මණ කොඣරගේ දියණියක් බවත් හෙළිවේ. 2 යටතේ අප විමසුමට ලක් කරන්නේ මෙයයි.

    814 (1) pocani – ragha – Nagayaha – jhaya – Bamana – Kojhara – jhitaya upasika – Dataya – lene 814පොචනි –රඣ – නගයහ – ඣය – බමණ-කෙඣර – ඣිතය – උපශික – දතය- ලෙණෙ

    මෙම ලිපියේ පළමු අකුර ගලේ ඇත්තේ

    ප පයන්නයි.

    ReplyDelete
  6. වැරදීමකින් පො පොයන්න ලෙස සටහන් වී ඇති බව පෙනෙයි. අටුවාවේ සඳහන් වන අම්බසණ්ඩ නම් බ්‍රාහ්මණගම නූතන ඇඹුල්අඹේ ලෙස සිතිය හැක.

    එහි ඇති සෙල්ලිපිවල පචිනරජතුමාගේ පුත්‍රයෝ සහ ලේලීවරුන් විසින් කරවූ සෙල්ලිපි හමුවේ.

    මෙම සෙල්ලිපිද ලංකා ශිලාලේඛන සංග්‍රහයේ සඳහන් ය. වැඩි විස්තර සඳහා බලන්න. Archaeological Survey of Ceylon, Annual Report, 1911.12. p 121, No.123 , I C.831, 833, 834 එම සෙල්ලිපි මෙසේ ය.

    831. පචින – රඣ – පුත – තිශයහ - ලෙණෙ – අගත – අනගත – චතුදිශ - ශගශ - දිනෙ 832 පචින – රඣ – පුත – තිශ -අයහ – බරිය – උපශික –රකිය- ලෙණෙ – අගත –අනගත – චතුදිශ - ශගශ

    (සිංහල ශිලාලේඛන සංග්‍රහය නන්දසේන මුදියන්සේ. 142 පිට)

    මේ අනුව බුදුරජාණන් වහන්සේ නූතන බඹරගලදී සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවත් ලක්දිව විසූ පචින රජතුමා බ්‍රාහ්මණයෙකුගේ දියණියක් සරණ පාවා ගත් බවත් හෙළිවේ.

    බුදුන්දවස සක්විති රජවරු සිටිය යුගයකි. එදවස ලක්දිව සක්විති රජතුමා වූයේ ලංකා ඉතිහාසයේ සඳහන් නොවන මහරජු පණිත ය. එනම් පණිත මහරජතුමා ය. මෙතුමාගේ භාණ්ඩාගාරික වූයේ පරුමක සුමනයි. ඒ බව පැරණි සෙල්ලිපියක සඳහන් ය. එ මෙසේ ය.

    මහරඣහ පණීත බඩකරික පරුමක ශුමනහ

    ලජ්ජිතිස්ස රජතුමා පණිත යන නමින් වැවක් කරවා ඇත.

    මෙය නූතන හඳපානාවිල්ලුවේ ඇති නටබුන් වූ වැවයි. දුවේගල පර්වත ලිපියෙහි එය සඳහන් වේ. (I C . VOL.II.P.I. P23.NO. 15 ) “පණිතභොජනානි, ඒවරූපානි පණිතභොජනානි” යන පාලි පාඨ වල අර්ථය වනුයේ ප්‍රණීතයෙන් මුසුවූ සප්තධාන්‍යයන්ගෙන් නිපන් භෝජනය යි. (කඞඛාවිතරණී 157 පිට) මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අංක 1035 සෙල්ලිපිය පරිවර්තනය කිරී මේ දී පණිත රජ තුමාගේ නාමය ඉවත් කර ඇති බව ඉංගී‍්‍රසි පෙළ කියවන විට හමුවේ. 1035 (1) Maharajhaha panita – badakarika - parumaka – sumanaha (The cavel ) of the chief sumana, officer in charge of the store – house of goods in deposit, of the great king. 1 It is possible that the name of the king was given ae the beginning of the record, but has now become illegible. for the office of panita – badagarika, see Introduction, p.xcii.පණිත මහරජතුමාගේ පියා පරුමක වියග යන ප්‍රධානියෙකි. වියග ගේ සෙල් ලිපි 18 ක් බෙරවාගම සන්තානාකන්දේ ඇත. ශුමණ, මහබිය යන දෙදෙනා පණිත මහරජතුමාගේ දුව සහ පුතා ය. (I.C.NO. 1103,1104) රුහුණේ දමරජ පරපුර ඇරඹෙන්නේ මෙම ශුමණගෙන්ය. බෝවත්තේගල (549) සහ කොටාදැවුහෙළ (556) සෙල්ලිපි වලින් හෙළි වන්නේ එම රාජ පරපුරයි. ශුමණ දමරඣ මහතිශ අය අබ්ශවෙර ගාමිණී අබය ; ලජ්ජිතිස්ස රජතුමාගේ මහප්පා (පියාගේ සොහොයුරු) වූ ගමිණි අබය (දුටුගැමුණු) මහරජතුමා විසින් බුදුරදුන් සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ අවස්ථාවේ දී අසුන් ගත් ආසනය රුවන්වැලිසෑයේ තැන්පත් කළ බව චේතියවංශට්ඨ කථාවේ සඳහන් වී තිබිනැයි නිග්‍රෝධ පිට්ඨිවාසි මහාසීව තෙරුන් වසභ රජතුමාට සීහනාද සූත්‍රය දේශනා කළ අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇතැයි මහාවංශයට ටිකාවක් ලියූ ටිකා කරු පවසා තිබේ. අද අපිට මෙම අටුවාව දැකීමට නොමැත.

    පිත මහරඣහ බඩකරික පරුමක ශුමන පුත පරුමක චෙමශ ලෙණෙ රඣතිශහ රඣියශිනියතෙ අගත අනගත බගවත සගස

    චෙම රජතුමාට අයත් මෙම ලෙන බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කළමහා සංඝයා ට පූජා කර ඇත්තේ රඣතිශහ – (කාවන්තිස්ස) මහරජතුමා සහ එම දේවියි. අබිශවෙර ශවෙර වෙහෙර විහාරමහා දේවිය යි. විහාරමාහාදේවිය මතු උපදින මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ මම වන බව මහාවංශයේ සඳහන් වේ. “රඤ්ඤෝ පිතා පිතා තස්ස මාතා මාතා භවිස්සති” (32 පරිච්ඡෙදය 82 ගාථාව පළවන පෙළ)

    © 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
    සියළුම හිමි

    ReplyDelete