Tuesday, July 3, 2012

ශ්‍රී මහා බෝධීන්වහන්සේ Sri Maha Bodhinwahanse

සුදු බෝ අංකුරය
දබුල්ල හබරණ මාර්ගයේ 110 කි.මි. කනුව අසලින් වමට හැරී කි.මී. එකක් පමන ගුරු පාර දිගේ ගමන් කරන විට රමණීය ස්ථානයක් දැක ගැනීමට හැකිය. ඒ අන් කවර තැනකදු නොව සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කල ස්ථානයයි. එදා පටන් මේ බෝධින් වහන්සේට "සුදු බෝධිය' යන නම ව්‍යවහාර කර ඇති අතර එහි පවතින පෞරානික බව හා ගාම්භීරත්වය බැලූ බැල්මට පෙනී යයි. මෙම ස්ථානයේ සුවිශේෂීකම වන්නේ මෙම ජයසිරි මහ බෝ සමිදු පිහිටා ඇත්තේ හෙලදිව හරි මැදය. එනම් මධ්‍ය මණ්ඩලයේය. ලංකාව පිහිටි දේශාංශක හා අක්ෂාංශක ගැන බලා ඒ අනුව හත‍රැස් කො‍ටුවක් ලෙසින් සකස් කර ගෙන එහි මුලු හතර යා කර කතිරයක් ගසා බලා ලංකාවේ හරි මැද ලකුනු කල විට එතන පිහිටන්නේ හිරිවඩුන්න බෝ සමිදුන්වහන්සේය.
ඉතිරිව පවතින නේරංජනා නදියේ කොටසක්

 මෙම බෝධීන්වහන්සේගෙන් වෙසක් පොහොය ආසන්න වනවිට සුදු බෝධි අංකුරයක් පැන නැගීම විශේෂ සිදුවීමක්ද වෙයි.එම පැන නගින අංකුරය සති හතක් පමන කාලයක් ලෝකයාට ප්‍රදර්ශනය වී අපවත් වී යයි.


ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ මූලයේ එදා සිදුහත් බෝසතානන්වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට වැඩ හිදින ලද වජ්‍රාසනයත් තවමත් නොනැසී,නොසෙල්වී පවතී.
පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින්ද වනවාසී නිකායට අයත් ආරන්‍ය සේනාසනයක් ලෙසින්ද අදටත් ආරක්ෂාවී පවතින මේ උතුම් පුන්‍යභූමිය එදා හෙලදිව රජදරුවන් විසින් වැදපුදා ගත් විහාර අස්නේද නම සදහන් වන, උත්තරාරාමය ලෙසින් එදා හැදින්වූ ජටිල කාශ්‍යප ඇතුලු භික්ශූන්වහන්සේ දහසක් දෙනාද වැඩ සිටි ස්ථානයයි.
බෝධි මූලය
එදා සංඝමිත්තා තෙරණිය අනුරාදපුරයට වැඩම කරවන්නේද මේ ශ්‍රී මහා බෝධියේ ශාඛාවයි. අනුරාදපුරයේ වැඩ සිටින ශ්‍රී මහා බෝධින්වහන්සේගේ මව් ශාඛාව හිරිවඩුන්නේ ශ්‍රී මහා බෝධීන්වහන්සේ බව විද්‍යාත්මකව උවද ඔප්පු කල හැකි බව කිව යුතුය.
බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීම හා සත්සතියක් ගත කිරීමේදී සිදු වූ විශේෂ සිදුවීම ස්ථාන අදටත් ඒ අවටින් දැක ගැනීමට හැක.
සක්මන් මලුවක්
අසබඩ ඇති නුග වෘක්ශය

එදා නේරංජනා ගග නමින් හැදින්වූ විශාල ගංගාව, පරාක්‍රමබාහු රජතුමාගේ මැදිහත්වීමෙන් සිදුකල වාරි තාක්ශනික වෙනස්වීම් නිසා එහි විශාලත්වය අඩු වී ඇති නමුත් තවමත් නේරංජනාව නිසලව ගලාබසිනු එහි යන ඕනම අයෙකුට දැක ගත හැක.එහෙත් ඇතමුන් පවසන්නේ නේරංජනාව කියා පෙන්වන්නේ ඇලක් කියාල.නේරංජනා ගග කුඩා වූයේ පරාක්‍රමබාහු රජතුමාගේ වාරිතාක්ශනික වෙනස් කම් නිසා බව ඔවුන් නොදන්නවා විය හැක. නමුත් අද ඉන්දියාවේ නේරංජනාවක් නැත. මක්නිසාද යත් නේරංජනාව නමින් හදුන්වන ථුන්ගු නදිය වෙසක් මාසයේ වතුර පොදකුදු ඉතිරි නොවන ලෙස හිදී යාමයි. ඒ මැයි,ජූනි මාසවල බුද්ධගයාව ලෙස හදුන්වහන ස්ථානයේ උශ්නත්වය එපමනටම වැඩිය.

බෝධීන්වහන්සේ
එසේම බුදුන්වහන්සේගේ වජ්‍රාසනයේ අතුරන ලද කුසතණ ශාඛායද ඒ අසල අදටත් දැකිය හැක. එහි විශේශත්වය වන්නේ එම දුර්ලභ කුසතණ ඒක දේශීය ශාකයක් වීමය.
තවද වැස්සෙන් ආරක්ශාවීම සදහා මුචලින්ද නම් නාග ගෝත්‍රික රජු විසින් බුදුන්වහන්සේට පූජා කල කුටියත් ඒ අසලම දැක ගැත හැක.


ඒක දේශීය කුසතණ ශාඛය
අරිය පරියේශණ සූත්‍රයේ දැක්වෙන පරිදි එහි ආකර්ශනීය බව බිදකුදු අඩු නොවන බව එහි යන ඕනම කෙනෙකුට දැක ගත හැකි සත්‍යකි.
මේ ගැන දීර්ඝ විස්තරයක් ජන්බුද්වීපය 1 පොතේ ඇති නිසා මෙහි ඒවා ඵල නොකරමි
  
හිරිවඩුන්න ආශ්‍රිත වීඩියෝ පටය නරබන්න
 http://www.youtube.com/watch?v=zMicIsG1CKc&feature=relmfu

No comments:

Post a Comment